.

.

Jul 4, 2013

ඇඟට ගොඩවීම (18+) - Who's on Top...? (18+)


සාමාන්‍යයෙන්, කසාද බඳින ක්‍රම දෙකක් තියෙනවාය. එකක් යාලූ වෙලාය. අනික යෝජනා කරලාය. ඉරිදා පත්තර සැට් එක බැලුවහම, තාමත් යෝජීත විවාහයන් වලටත් තැනක් තියෙනවාය. හැබයි ඉතින් එහෙම තියෙන ඒවා ගොඩාක්, කචල් කේස්ය. එක්කෝ වරදට සමාව ඉල්ලනවාය. එහෙම නැත්නම් වරදට සමාව දීම සලකා බලනවාය. නැත්නම් වයස 50 ක්වූ ලාබාල පෙනුමැති දියණියක්ය. නැතිනම් අවුරුදු 60 ක් වූ කඩවසම් තරුණයෙක්ය. එක්කෝ සුළු ආබාධයක්ය, නැතිනම් පළමු විවාහයෙන් නීතීයානූකූලව වෙන් වෙලාය.

එක්කෝ රාහු හතේය. නැත්නම් සෙනසුරු නමයේය. එහෙමත් නැත්නම් හතර කේන්දරේ පාලුය. සමහර උන් සුළු ඇසුරකින් පසු විවාහ වෙන්න කැමති උන්ය. උන් නම් ටිකක් ගල් ආඳෝ සැට් එකක් වගේය. ඒ කියන්නේ කාලා බලලා, හොඳනම් විතරක් ගන්නවාය. නැතිනම් ඉතින් පොල් අක්කර 50 ක් දුන්නත් එපාය. උන් නම් ඇන්නා පැන්නා සෙට් එකක් වෙන්න ඇතිය. ඔහොම එක එක ජාතියේ ඒවා සතියක් තිස්සේ උනත් බලා විනෝද වෙන්න ඇහැක්ය.

අනේ ඉතින් ඔහොම ඇඩ් දාලා, රිපලයි එනකන් බලාගෙන ඉන්නේ නැතුව, සමහර උන් මූණූ පොතේ ඔක්කොම විස්තරේ ඔබනවාය. එහෙම ඔබලා කෙලවෙච්චි උන් ගැන, දැන් දැන් පත්තර කාරයෝ පිටු පුරා ආතල ගන්නවාය. එහෙම කසාද බැඳපු මහාචාර්ය කෙනෙක්, (මහාචාර්ය මාතලන් නොවේ.) කෑලි තුනක් එක්ක තරු පහේ හෝටලේක, ගෲප් සැක්ස් කරපු හැටිත් පත්තරේ දාලා තිබුනාය. තව එකක තිබුනේ, ජීවීතේට හැබැහින් දැකපු දැකපු නැති බෝයි ෆ්‍රෙන්ඩ්ගේ අම්මා මැරුණා සල්ලි කීයක් හරි දෙන්නෙයි කිව්වාම, ලස්සයක් යවලා, ඊට පස්සේ බුකියේ එකවුන්ට් එකත් නැති කතාවක්ය.

ඔහොම සෙට් වෙන්න දඟලන උන් හිතන්නේ, අනේ අපිට ලවක් නෑනේ කියලාය. ඒ උනාට ඔය ලව් කියන්නෙත් මහා මළ වනයක්ය. ඒවා දන්නේ ලව් කරපු උන් විතරය. අවුරුදු 10 ක් ලව් කරලා බැන්දත්, ඊට පස්සෙ මරාගන්නවාය. ලුනුයි බතුයි කමු කියලා ආවාට, ආපු දවසේ ඉඳන්ම ඉල්ලන්නේ, ෆ්‍රයිඩ් රයිස්මය. ගෙදර වාහේ දෙන්නේ නැතිනම්, එහා ගෙදර එකාගෙන් කනවාය. ඒකේ දුකට, මිනිහා වෙනින් කොහෙන් හරි බුරියානියක් හොයාගෙන කනවාය. ඔයි කොයි ක්‍රමේට බැන්දත්, කුරුළු ජෝඩු වාගේ ඉන්න උනුත් ඉන්නවාය.

ඔන්න ඉතින්, උඩුරට, බොදු ගොවි, වැදගත් නෑ පරපුරක් හිමි, උගත්, විනීත, රූමත්, දායද සහිත, පවුලේ එකම දියණිය වූ, කුමාරීහාමි කෙනෙක්ට මඟුලක් සැට් උනාය. දෙපැත්තේ වැඩිහිටියෝත් වැඩේට කැමති උනාය. කසාදෙත් රෙජිස්ටර් කොරාය. ඒ උනාට කොල්ලා පෙනුමෙන් හෙන කුකුළෙක් වගේය. මේ නිකං සල්මන් කාන් වගේ එකෙක් කියලා හිතා ගන්නකෝ. නැත්නම් ඉතින් රන්ජන් රමණ යකා වගේ එකෙක් කියලා හිතා ගත්තත් අවුලක් නැතෙයි කියමුකෝ.ඒ මොකුත් බැරිනම්, ටෙලි කෑලී වලට ලව් කරන මිනිස්ටර් කෙනෙක් කියලා හිතා ගන්නකෝ.

ඕන් ඉතින් අරූ එනවලු වලව්වට සෙනසුරාදාට, ඒත් ඉතින් අත්තම්මා නෙමෙයිලු කෙල්ල ලඟින් හෙල්ලේන්නේ. අරූ කොහොම හරි, මරිසිය දාගෙන, ෆෝන් එකෙන් පෝන් කරන වෙලාවක, කෙල්ලව උස්සන්න සැට් කර ගත්තලු. වැඩිහිටියන්ටත් කියලා ෆිල්ම එකක් බලන්න යනවයි කියලා, කෙල්ලත් දැන් එන සෙනසුරාදට, නළු බට්ටත් එක්ක රවුමක් යන්න මග බලාගෙන, පෙරුම් පුරාගෙන, පැණි පෙරාගෙන ඉන්නවලු.

ඒත් ඉතින්, මේක ගෙදරට කියපු දවසෙ ඉඳන් අත්තම්මගෙන් නෙමෙයිලු කෙල්ලට බේරිල්ලක්, අත්තම්මත් ඒ කාළේ කොන්වන්ට් ගියපු කිරි කෑල්ලක්ලු. ඕන් ඉතින් අත්තම්මා කුමාරිහාමී ළඟින් තියාගෙන ඔවදන් දෙනවලු..

ඔන්න පුතේ.. ඔය කොලුවා ඉස්සෙල්ලම ඔයාගේ මූන ඉඹීන්ට බලයි... ඒකට ඔයා කැමති වෙයි.. ඒත් ඒකට ඉඩ දෙන්ට එපා..

ඊළඟට... ඔයාගේ තොල් ඉඹින්ට බලයි... ඒකට ඔයා කැමති වෙයි.. ඒත් එකට ඉඩ දෙන්ට එපා... කොල්ලෝ ඔහොම තමයි..

ඊළඟට... ඔයාගේ පපුව මිරිකන්ට බලයි.. කොල්ලන්ට හරි විසේ නේ.. ඔයත් කැමති වෙයි... ඒත් ඒකට ඉඩ දෙන්ට එපා පුතේ...

ඊට පස්සෙ.... කකුල් දෙක අස්සෙ අත දාන්ට එයි..  ඒ එයාලගේ හැටි.. ඔයත් කැමති වෙයි.. ඒ උනාට ඒකට ඉඩ දෙන්ට එපා...

ඔය ඔක්කෝටම වැඩියේ......, උන්ගේ තියෙන විසේට, ඔයාගේ ඇඟට ගොඩවෙන්ට එයි.... රත්තරන් පුතේ ඒවට නම් ඉඩ දෙන්ට එපා, කීයටවත්.. අපේ පවුලේ නම්බුව ඉවරනේ.... අපේ මූනේ දැළි ගාන්න නම් එපා පුතේ...

ඔන්න ඉතින් හෙනහුරාද උදේම, අපේ නළු බට්ටා එනවලු බී ඇම් එකේ.. රතු රෝස මල් මිටියකුත් අරගෙන. අත්තමටයි, නැන්දම්මටයි, මාමටයි වැඳලා, කෑල්ලත් එක්ක කෙලින්ම ගියාලු රෙස්ටුරන්ට් එකකට. ඊට පස්සෙ ගියාලු ෆිල්ම් එකකට. ඊට පස්සෙ කෑල්ල ඉස්සුවලු, ගෙස්ට් එකකට.

හැන්දවේ ජෝඩුවම ආවලු කුමාරිහාමිගේ ගෙදර, ආපු වෙලේ ඉඳන් අත්තම්මා කෙල්ල එක්ක කතාවට සෙට් වෙන්නලු ට්‍රයි එක. නළු බට්ටා ගියත් එක්කම, දෙමව්පියෝ එහෙට මෙහෙට වෙනකන් ඉඳලා, අපේ අත්තම්මා අහනවලු කුමාරිහාමිගෙන්..

අපේ පුතේ..... ඔයා අපේ පවුලේ නම්බුව නැති කලේ නෑ නේද? අපේ මූණේ දැලි ගෑවේ නෑ නේද..? මොකද උනේ....?

පිස්සුද අත්තම්මා මම මෝඩ කෙල්ලෙක්ද..? අත්තම්මා කියපු ඔක්කෝම හරි..

එයා මගේ ඇඟට ගොඩ උනා.. මම කරපු දේ......  ෆුල් ට්‍රයි දීලා..... මෑන්ව පෙරලලා.... මම, එයාගේ ඇඟට ගොඩවෙලා..... එයාලගේ පවුලේ, නම්බුවත් නැති කරලා..... මුණුවලත්... දැලි ගාලා දැම්මා........

ඩොග්.. යන සබ්දයක් සමග අත්තම්මා ඇද වැටුනි..

ඊට පසු සතියේ බදාදා, නළු බට්ටා ඇතුලු පවුලේ සියළුම ඥාතීන්, අත්තම්මාගේ අවමඟුලට සහභාගී විය.

පරිවර්ථන අයිතිය මහාචාර්ය මාතලන් සතුයි...

ප: ලි:
මීට සැර එකක් තියෙනවා... දානවද නොදානවද කියලා කල්පනා කලේ...

116 comments:

  1. මගේ පවුලේ නම්බුව නැති කරලා මුනේ දැලි ගාන්න කෙනෙක් තාම හම්බුනේ නැහැනේ :/

    ReplyDelete
    Replies
    1. දායිද දන්නෑ නේද මේකත් උස්සල "අතන" . . . කවුරු හරි :D

      Delete
    2. ඤෑ ඤෑ ගගා ඉඳලා හරියන්නේ නෑ.. ට්‍රයි කරන්න ඕනී.. අපිත් කොච්චර අමාරුවෙන්ද කෑල්ලක් සැට් කොර ගත්තේ ඒ කාළේ..

      Delete
  2. අපොයි දාපං පනේ.. හැක් හැක්... මං හිතුවේ මේක මීට වඩා හොද අවසානයක් ඇතෙයි කියල.. හැක් හැක්.. කොහොම උනත් තාම පත්තරේ දැන්වීමටත් තැනක් තියෙනවා. මැරේජ් ප්‍රෙපාසල් සයිට් තියෙන්නේ පස්ටයි ඒවනං.. ඈ

    ReplyDelete
    Replies
    1. මැරේජ් ප්‍රෙපාසල් සයිට් නං පට්ටයි තමයි... මතක් වෙනකොටත් බකස් පනිනවා

      Delete
    2. කියවන්න දෙයක් නැති උනාම. කියාපූ බේත. නොම්මර එකට ලේ පිරිසිඳු වෙනවා...

      Delete
  3. "ඔන්න පුතේ.. ඔය කොලුවා ඉස්සෙල්ලම ඔයාගේ මූන ඉඹීන්ට බලයි... " කියන තැන ඉඳල "අපේ මූනේ දැළි ගාන්න නම් එපා පුතේ..." දක්වා රතු පාටින් උඹ දාල තියන ටික නොදැම්මනං තමයි හොඳ. රහස් එලිකරන්න හොඳ නෑ නේද?:-)

    පට්ට ඉස්ටෝරිය මචෝ! ඊලඟ එකත් දාපං මේ ගැම්මටම!

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එක දැක්ක ගමන් ඉල්ලිම ඉටු කලා.. උඹ කියපු එක ඇත්ත. නැත්නම් මේකේ රහ නැති වෙනවා..

      Delete
  4. අහල තිබුනට මහාචාර්ය මාතලන්ගෙ බාසාවෙන් ලියපුදේ කියවනකොට නිකන් අලුත්ම අලුත් කතාවක් වගේ

    ReplyDelete
    Replies
    1. දේශප්‍රේමියෙක් විසින් දේශීයකරනය කොලාම එහෙම තමයි ඉතින්...

      Delete
  5. පට්ට මචන් පට්ට.... බඩ පැලෙන්න හිතයි... ආත්තම්ම නොමැරුනොත් තමා පුදුමෙ.... අනිත් එකත් අදාපන්...

    ReplyDelete
    Replies
    1. මේ ගැම්මටම දැම්මොත් රහ නෑ. පස්සෙ වෙලාවක දාන්නම්..

      Delete
  6. පත්තර වල නම් ආයිත් රස කතා කෑලි වැඩක් නෑ... ඕවට තමයි පණ යන්න හිනා වෙන්න පුලුවන්... පත්තරේට ඔය ඇඩ් එක දෙන්න ටයිප් සෙටින් කරගන්න එනවානේ.. අන්න එතකොටත් අපි කටවල් තදකරගෙන ඉන්නේ සමහර වෙලාවට... ඒ තරම් හිනායන කෑලි තියෙන්නේ... ඇයි තව ඔය පත්තර වල ඇඩ් වලට යවන උත්තර ලියුම්... ඒවත් අතින් ලියලා යවන්නේ නෑ නේ.. ටයිප් සෙටින් කරලා යවන්නේ.. හප්පා.. ඉළ නෑ හිනාවෙලා සමහර ඒවයේ තියෙන දේවලට...

    ReplyDelete
    Replies
    1. ඔහේ කොහොම ආතල් එකක් ගන්නවා ඇතිද කියලා හිතාගන්න පුළුවන්.. කාන්ඩේ ඇස් දෙකෙන්ම දකිනවනේ....

      Delete
  7. අනිත් එක සමහර වෙලාවට මනමාලයෝ හොයන්නෙ කෙල්ල නෙමෙයි අම්මා. ඔය තියෙන්නේ 'මව සොයයි' කියලා.

    කොල්ලගෙ ගෙදරින් වැඩිහිටි කට්ටිය ඇවිත් මගුල ඉක්මන් කරන්න බල කරලා නැද්ද ඊට පස්සෙ?

    අනිත් එකත් දාල දාපං කල්පනා කර කර ඉන්නෙ නැතුව...

    ReplyDelete
    Replies
    1. මරණේ ගේ වෙලාවෙදී, මනමාළයා අම්මා, කුමාරිහාමිගේ අම්මට සෑහෙන දොස්ස් කිව්වලු. දරුවා හරිය හදලා නෑ.. බලන්න ඉතින් අපේ පවුලේ නම්බුවයි, ගෞරවයයි දෙකම නැති කරලා නේ ඔයාලගේ දුව කියලා...

      මම ඉතින් ඔය කතා ලියන්න ගියේ නෑ ආයොබෝවන්ඩ... මොකෝ මේක කියවන අය හිතයි.. මම මේ වං හුං හොයන එකෙක් කියලා...

      Delete
  8. පට්ට කියන්නේ පට්ටම පට්ටයි ඈ....:D
    අනිකත් මෙහෙම්මම දාලා දාමු.

    ReplyDelete
  9. අප්පෝ අවසානය නම් එච්චර කොලිටි නැ මහචාර්‍ය තුමෝ.සල්ලි දිලා ගත්ත පට්ටමක් නොවෙයි නේ.මාතලන් කෙන්දර ගැන ඔහොම ලියන්න ඒපා.ගැත්තන් නැතිවෙයි.

    ReplyDelete
    Replies
    1. කේන්දර වැඩේ කරන්නේ ජීවත් වෙන්න නෙමයි. ඒත් කරන දේකට සල්ලි ගන්නේ, නැත්නම් ඉගෙනගත්ත දේට කරණ අගෞරවයක් නිසා..

      Delete
  10. සැර එක දාහං සැර එක දාහං.. :D

    ReplyDelete
    Replies
    1. අපිට අල්ලල යන්නෙ කට සැර කෑම,නැද්ද මාරය මල්ලියො.

      Delete
    2. නැතුව නැතුව...

      (දැන් අර මොකාද එකා එයිද දන්නේ නැහැ මාත් “නිල කසන්නන්ගේ“ සංගොමේට දාන්න.. :D )

      Delete
    3. එහෙම කොහොම ද හැම එකාම දැන් ඒකට රිංගන්න කල්පනාව.

      Delete
    4. අපොයි ඔව්.. තුන්කට්ටුව කන්න ආපු එකෙක් ඔය.. හැක් හැක්

      Delete
    5. මොකාද එකාල මාරය එක්ක අවුලක් නැහැනෙ?
      එයාල අවුල තියෙන්නෙ සුළුතරයක් සමගයි.

      Delete
    6. වෙද මහත්තයෝ
      අපිට බැරිද ඕකට ජොයින් වෙන්න . . . ??

      Delete
    7. ඕනයට පොඩි චෑන්ස් එකක් නොදී කොහොමද, තුන් සරණේම ඒකට අකමැති වෙන එකක් නැහැ. හතර දෙනාම සූරයෝ නොවැ.

      Delete
    8. පිෂ්ෂු කියන්න එපා සඝ රත්නය තුනට නෙමේ හරියට එන >>ඕනම<<පොරවල් භාර ගන්නව.

      Delete
    9. හනේ ඔය ඕනයව ගන්ටලා සබේට... මට මගේම කියලා ආදරනීය ඇනෝලා බුරුතු පිටින් ඉන්නවා... ඇනෝලා විතරක් නෙවෙයි වෙනම බ්ලොග් පවා තියෙනවා අතුල්ලලා කුනු යවලා නාවල කරලා දෙන.. :D ආයේ මොටද තුන් කට්ටුව අස්සේ රිංගන්නේ.. :D :D :D

      Delete
    10. ත්‍රිවිධ රත්නෙට ගන්නවට අරුන් කැමති වෙන එකක් නෑ. ගන්නත් බෑනේ. මාරයා කිව්වා වගේ ඕනම නම් " නිළ පිට කසන්නන්ගේ සංගමය" වගේ නමකින් එක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි ඇන් ජී ඕ එකක් වගේ...

      Delete
  11. මේ අපේ පොඩි කුමාරිහාමි ගැන නෙමේ නේද?
    ඒ ළමයත් මේ දවස්වල සද්දයක් නැහැ.
    එයත් කොල්ලගෙ මුනේ දැලි ගානවද දන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. දෙන්නා මාරුවෙන් මාරුවට දැලි ගාගන්නවා කියලා තමයි ආරංචි මාර්ග වලින් ආවේ ..

      Delete
    2. හැක් හැක්.. චමියෝ සහතික ඇත්ත කතාව. පවුල් දෙකේ නම්බුවත් කනව මං හිතන්නේ පොඩි කුමාරිහාමි (අහවලාගේ එකත් එක්කම)

      Delete
    3. පිස්සුද බං. මම එයැයිට කොච්චර ආදරේද කියලා එයා දන්නවා. ඒත් මම ලව් කරපු කුමාරිහාමි මතක් උනා මට..

      Delete
    4. කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතය අපිට අදාල නෑ නේද මචෝලා...

      Delete
  12. මමත් පත්තරේ ගත්තම ඔය මංගල දැන්වීම් කෑල්ලත් කියවනවා වෙන කියවන්න දෙයක් නැති උනාම..ඒකෙ තමයි හොදම ජෝක් ටික තියෙන්නේ මේ ලගදි එකක මම දැක්කා කාර් එකක් හිමි දුවට අනිත් සුදුසු කම් එක්කම රියදුරු බලපත්‍රයද සහිත පුතෙක්ව දෙමාපියන් හොයනවා කියලා... කෙලින්ම කියනවානම් උන් හොයන්නේ දුවට ඩැයිවර් කෙනෙක් ,

    කතාවනම් පංකාදු පහයි ..සැර එකත් දාමු ..අපිට සැර හුරුයි ..:D

    ReplyDelete
    Replies
    1. ඇයි කඩේ බලාගන්න කොල්ලෝ, වත්ත බලාගන්න මුරකාරයෝ, දේපල බලාගන්න බහිරවයෝ..

      Delete
  13. යකෝ මේ නාකි මම හයියෙන් හිනාවුනොත් මේ මගේ මැන්ටල් ඉල ඇට කූඩුව ගැලවෙන්න පුළුවන් කියලා දන්නේ නැද්ද මේවා මෙහෙම දාන්නේ.

    නියම වැඩක් කරානේ මම. බොහොම අමාරුවෙන් අපේ ලොක්කිව කොම්පියුටරේ ලඟට එක්ක ඇවිත් කන්නාඩියත් දාලා දීලා, 'බලන්නකෝ ආදර්ශවත් කතාවක්' කියලා කියවන්ඩ දුන්න. කතාව කියවලා පුටුව පස්සට තල්ලු කරපු පාරට පුටුව ගිහින් බිත්තියේ වැදුනා. උඹේ රෙදි ගැලවෙන්නම බැන්නා. අහුවෙන්ඩනම් එපා අපේ ලොක්කිට පාරේදී එහෙම.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මෙව්වා මෙහෙම පොරසිද්ධියේ අහන්නත් මොකක්ද වගේ.. එහෙම කියලා ඇනෝ ඇවිත් අහන එක කුපාඩි කොමක් නෙව... :D

      ඒත් ඉතිං මේක දැක්ක ගමන්ම හිතට ආවේ මහ අවලං පුරස්නයක් නෙව...
      මාතලංගෙත් දැළි ගෑවෙන සීන් එකක්වත් වෙයිද පාරකදි අහු උනොත්...

      (විහිළුවක් කොලේ ඕං බයින්ට ඔට්ටු නැහැ.. :D )

      Delete
    2. විචාරක (නාකි)මහත්තයා ඊළග එක නොබලන එක හොදා වගේ.. හැක් හැක්.. විචාරකගේ ප්‍රතිචාරනේ මගේ ඉලඇට කූඩුව ගැලවෙන්නම ගියා. හැක් හැක්..

      අනේ අම්මප මේ වයසටද වැඩ?? අපේ ඇගේ දැලි ගාන්නද විචාරක හද්න්නේ. පස්ට කමෙන්කටුව..

      Delete
    3. අනේ අපි නොදන්න විචාරක තුමාගෙ ශක්තිමත් ඉල ඇට කූඩුව ගැන.
      නෝන මහත්තය පුටුව පස්සට කොරෙ,
      අපෙ කෙල්ලො දෙන්න ගැනත් කඩප්පුලියෝ මොනව කියයි ද කේන්තියෙන්.

      Delete
    4. මං කියඤ්ඤං අප‍ උන්දැට පාරේදී අහුවුනොත් දැලි නොගා මිසක් යවන්න එපා කියලා. ;D :D :D

      Delete
    5. යකෝ කතාව කැලේ මේ කොමෙන්ට් ටිකත් එක්ක.

      Delete
    6. හනේ අපේ මාතලං අයියා පව් දෙයියෝ.. :D

      Delete
    7. මට මැන්ටල් වෙලා උන්නේ, ලොක්කි කිව්වේ කාටදැයි කියාලා. විචාරක උන්නැහේම උත්තරේ දුන්න නිසා හොඳට ගියා.. පාරේ යනකොට හෙල්මට් එකක් දාගෙනම යන්න වෙයි වගේ. මං කීවේ මේ ෆුල් ෆේස් එකක්ම...

      පට්ට කොමෙන්ට් එක. ඉල ඇදුනා හිනාවෙලා....

      Delete
    8. විචාරකගෙ කමෙන්ට් එකට සුපියල් දායක් පූජ කරනව පින්වත!

      Delete
  14. දැන් තියෙන මංගල දැන්වීම් වල දාන්නේ නැත්තේ අහවල් එකේ දිගයි, අනෙක් එකේ ගැඹුරයි විතරද කොහෙද?

    (හොරෙන් සහ හෙමින්------ අර සැරවැඩි එක දාන්න බැරිම නම ඊයකින් එව්වත් කමක් නෑ මහාචාර්යතුමෝ)

    ReplyDelete
    Replies
    1. තව ටික දවසකින් ඒවත් දායි..

      (ෂ්........................ හෙමින්..................... හෙමිහිට දාන්නම්)

      Delete
  15. හොදට හැදිච්ච කෙල්ලෙක්. එහෙම තමයි පරම්පරාවේ නම්බුව ආරක්ෂා කොරන්න ඕනෙ. ආච්චිට සතුට වැඩි වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අම්මපා සතුට උහුලන්න බැරි වෙන්ටැති මයෙ හිතේ....

      Delete
  16. හඃ හඃ හඃ හඃ ආතල් ! අර සැර එක දැම්මනම් ?

    ReplyDelete
    Replies
    1. පස්සෙ වෙලාවක දාමු.. මේකේ රහත් නැති වෙනවා...

      Delete
  17. ආත්තම්ම මලෙ සතුටටද දුකටද පුදුමෙටද දන්නෙ නෑ නෙ

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ සතුටටෙයි කියලා...

      Delete
  18. වෙලාවට අත්තම්මා කලින් උපදෙස් දීල තිබුනෙ කුමාරිහාමිට. මම නම් හිතුවෙ අත්තම්මගෙ දේශනෙන් පස්සෙ කෙල්ල අන්තිමට අහයි කියල ‘ඉතිං අත්තම්මෙ සීයා අන්තිමට අත්තම්මට තව මොනවද කළේ‘ කියල.

    ReplyDelete
    Replies
    1. අත්තම්ම කියයි "මාව මරාගෙන කෑවා පුතේ කියල "

      Delete
    2. එහෙම කියයිද.. මම අත්තව මරාගෙන කෑවා කියයිද දන්නෙ නෑ..

      Delete
  19. මාර කෙලියක් නේද ලංකාවෙ ??
    ප්‍රශ්නයක් ආපු ගමන් කොටු පනින එව්වන්ගෙ උගුරු දණ්ඩ එලද බ්‍රා එකෙන් කඩනව කියන එක.
    මම හොද වෙලාවට සති පොලේ විකුණන බොඩි/බ්‍රෙෂියර් අදින එකිල එක්ක දහ අට සෙල්ලම් දැම්මෙ.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයියා .. ඒ සැකකාරිගේ ෆොටෝ එක දැක්කද කොහෙට බ්‍රෙෂියර් අන්දද දන්නේ නෑ

      Delete
    2. කෙන්ජි අයියා...
      ඒ ගෑනිගේ ෆොටෝ එක දැක්කද? කොහෙට බ්‍රෙෂියර් ඇන්දද දන්නේ නෑ....! අයියෝ සල්ලි

      Delete
    3. ඒකත් එහෙමයි අර සද්දන්ත නැඩයව හෙලා ගත්තට ගෑනිට වෙනම ගානක් දෙන්න එපෑ. තිසර පටේත් අතේ තියන් කොහොම හිටිය ද කියලයි මට සැක. පිපාසෙ උන්න වෙන්න ඕනෙ. නැත්නම් ඕවා අතේ තියාගෙන් ගෑනි ඉන්නත්, පොර අර විදියට වැටිලා ඉන්නත් විදියක් නැහැ.

      Delete
    4. @ඉවාන්,වෙද මහත්තය;
      ඒ ගැහැනු කෙනාගෙ ශරීර කූඩුව දැක්ක ගමන් තේරුම් යනව බ්‍රා එක බෑග් එකේ දාගෙන යනව මිසක් ශරීරෙ දාගන්න තැනක් නැති විත්තිය.
      මැරිච්ච එකත් අපි කොමන්ට් කරද්දී ඒවාට මෝඩ කතා ලියන ඇනෝ වගේ අර නෂ්ට එකෙක් ද කොහෙද.
      රට රාජ්ජ වල ගිහිල්ල ආවත්,මෙච්චර ඇට කිරිස් වේස නිලියො ඉන්න රටේ හරි කෑල්ලක් හොයාගන්න බැරි නෂ්ටකාම ඇනොල ඉන්න බව මේකෙන්ම තේරුම් යන්නෙ නැද්ද මිතුරනි.
      කොහොම උනත් තන පටයෙන් උගුර දණ්ඩ කඩා ගෙන මිය ගිය ඔහුට නිවන් සුව පතමි....!!!
      මම අලුතින් කොටු පනින,කොටු පනින්න හදන එව්වන්ට කියන්නෙ ඕව කරන්න යම් ක්‍රම සහ විදි තියෙනව.
      අවශ්‍යය නම් පමණක් මා අමතන්න.

      Delete
    5. සමහර උන් බුදු ටෝක් දෙන්නේ ඔය වගේ කෑලි සෙට් කොරගෙන. ඔය වගේ ඒවා අපි පිහදාන්නවත් පාවිච්චි කොරලා නෑ. නොදකින් මූසලයා. මරපු එකමයි හොඳ...

      Delete
  20. අපොයි කොල්ලගෙ මූනෙ දැලි ගාල කෙල්ලත් තමංගෙ මූනෙ ඉල්‍ලගෙනම උලාගෙන නේද.

    ඔය පත්තරවල දාන මගුල්/අවමගුල් දැන්වීම් ගැනනං කතාකරල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද නියම කෙල්ලෙක්. ආයේ කටක් හොල්ලන්න බැරි වෙන්න ගේම දීලා තියෙන්නේ. මේක අර ස්ත්‍රීවාදියා දැක්කේ නැද්ද දන්නේ නෑ. දැක්ක නම් හෙම මාව මරාගෙන කයි..

      Delete
  21. මිට වඩා සැර මොනවද දාන්න දාන්න

    ReplyDelete
    Replies
    1. මම ජයවේවා කියන්නද???

      Delete
    2. හපියි මීට වඩා සැර ඒවා අනන්තවත් තිබුනා...

      Delete
  22. මොනවා උනත් හොඳ කීකරු කෙල්ල.

    ReplyDelete
    Replies
    1. දහ අට සෙල්ලම් දාපු ආච්චිගෙ මිනිබිරිය ගැන මොන කතාද?

      Delete
    2. වැදගත් විදියට හැදුන ළමයි එහෙම තමයි.

      Delete
  23. ඔන්න මාතලන් ඉස්ටයිල් ආවා.. එලම කිරිස්.. දාහන් දාහන් ඉක්මනට.මේකනම් නියම පොස්ට් එක.

    ReplyDelete
    Replies
    1. උඹලටත් ඉති කුණුහබ්බ නම් ඕන දෙයක්..

      Delete
  24. සැර ජාති කියෝපු කාලයක් මතක නෑ . . ඔන්න ඔහෙ දාමු බලන්න

    ReplyDelete
    Replies
    1. ඇයි උඹලයි මොකක්ද කෙහෙල්මලක් තියෙනවා නේද රෙජිස්ටර් වෙලා බලන්න දාගෙන...

      Delete
  25. \\\මීට සැර එකක් තියෙනවා... දානවද නොදානවද කියලා කල්පනා කලේ...\\\

    යකෝ මේකේ ගිය ඒවගේ හැටියට මූ අහන ඒවා බලපල්ලකො...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.... බලපල්ලකෝ ලැජ්ජාව...

      Delete
    2. ඒක තමයි බං, මාත් මේ කල්පනා කොලේ, දැන් නිකන් මට ලැජ්ජයි ලැජ්ජයි වගේ....

      Delete
  26. ආච්චි කෙල්ල කාලෙ සීයගෙ දැලිගෑවද.. සීය ආච්චිගෙ මූනෙ දැලිගෑවද කියලනෙ අහන්න තිබ්බෙ..!

    ඊට වඩා.....සැර කිව්වෙ..??

    ReplyDelete
    Replies
    1. කුමාරිහාමිලා ගැන දන්නෝ දනිති...

      Delete
  27. විලිලජ්ජාවේ සන්තෝසේ බැරුවා......... දෙන්න දෙන්න අයියා දනිස්ස නවලා දෙන්න සැර එකත්.......

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටහන් එහෙම හදිසියේ ලියන්න බෑ...

      Delete
  28. බලාපන්කෝ ඉතිං මේ විලි සංගයක් නැති කුමාරිහාමි කරලා තියෙන විජ්ජුම්බරයක්!!!

    ReplyDelete
    Replies
    1. විලිසංගේ නැත්තේ කුමාරිහාමිටද, අතවරයට ලක් වෙච්චි එකාටද...?

      Delete
  29. බඩ අල්ලන් හිනා යනව, මෙහෙම කෙල්ලො හැම පව්ලකටම ඉන්ඩ ඕනෙ පව්ලෙ නම්බුව රකින්ඩ :D

    ReplyDelete
    Replies
    1. හදනවනම් දරුවෝ හදන්න ඕන. පවුලේ නම්බුව රකින විදියට..

      Delete
  30. අගමැතිතුමාගේ ලේලිපොඩිත්තගේ පින්තූර කුණුහරුප අස්සේ දාගෙන මේ වංගියේ නම් මාතලන් ඉල්ලගෙන කනවා ය!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි දැනුවත් කොලාට. පේනවනේ ඇනෝලගෙ අගේ...

      Delete
  31. දෙන්නට සමානව මූනේ දැලි ගාගන්න ක්‍රමයක් අත්හදා බැලුවනං හරි

    ReplyDelete
    Replies
    1. හිටගෙන තමයි කරන්න වෙන්නේ...

      Delete
  32. අනුමානයට තුඩුදෙන ලෙස නම් හෝ ප්‍රොෆයිල් පිංතූර පාවිච්චිය ගැන නම් සතු‍ටුවිය නොහැක. සමහර කමෙන්ට් දෙස බැලීමෙන් පෙනීයන්නේ, සයිබරය එකම සමාජීය සම්බන්ධය වුවද, අන්වර්ථ නාමයකින් හැර වෙන කිසිම පෞද්ගලික තොරතුරක් නොදන්නා කෙනකුට වුවද, තමන්ගේ ලිංමැඩි කුහකකම ප්‍රදර්ශණය කිරීමට නොපැකිලෙන රිලවුන්ට, මාතලන් ඉණිමන් බැඳ ඇති සෙයකි.

    එසේ නොවුනා නං අතිශයින්ම නිර්මාණාත්මක කතාවකි

    ReplyDelete
    Replies
    1. Ai awulda :P Kumarihamita kade yanne nethuwa enna hello

      Delete
    2. ඒක මම දෙවනි වර දැම්ම පින්තූරය. ඊට ඉස්සෙල්ලා තිබුන එක වෙනස් කලේත් ඇනෝ කෙනෙක්ගේ ප්‍රතිචාරයකට. දැන් ආයෙත් වෙනස් කලා. ගූගල් එකේ එන පළවෙනි පින්තූර ඉස්සුවා මිසක්. කිසිම හේතුවක් ඇතිව දැම්මේ නෑ. අනික මේක විහිළුවක් විතරයි. එහෙම කෙල්ලොත් ඉන්නවා කියන දේ කියන්න විතරයි ඕන උනේ..

      හැමෝම එකම අදහස් දරන්නේ නෑනේ. කාට උනත් අදහස් දක්වන්න ඉඩ දෙන එක ප්‍රජාතන්ත්‍රවාදය විදියටයි මම නම් දකින්නේ.

      Delete
  33. ඇත්තටම ගෙවුණු සති දෙක තුල පුවත්පත්වල පළවූ වාර්තා දැකපු මට හිතුනෙත් මෙවැනි ගැට වලට අසුවන කාන්තාවන්තේ ඉරණම මොන තරම් සෝචනීයද කියලා.
    ඇත්තට මේ අය රට ගැන, සමාජය ගැන දැනුමක් ඇත්තෙම නැද්ද, එහෙමත් නැත්නම් දැනගෙනත් නොදන්නවා වගේ ඉන්වද කියලා.

    එක අතකින් ලංකාවෙ කාන්තා ජනගහනය පිරිමින්ට වඩා වැඩියි. ඒ අතින් බලන විට ඉතින් එක මාලුවෙක් අල්ලගන්න කෙකින්නියෝකීප දෙනෙක්ම ඉන්නවා. මොන විදියෙන් හරි දැල දාලා අල්ලගන්න කෙනා දිනුම්.
    එක අතකින් මෙහෙම කියන එකත් හරි නෑ . මේවා යම් ප්‍රමාණයක සාමාජීය ගැටලු.

    ReplyDelete
    Replies
    1. මතුපිටින් පෙනෙන හාස්‍යය විනිවිද, මේ සෝචනීය තිත්ත ඇත්ත දකින්නේ කීයෙන්, කී දෙනා ද?

      විවාහ කියන්නෙ වෙලඳ පොලක්. පත්තර වලට යන්නේ, ඒ වෙළඳපොලේ අඩුම ලංසුව ඇති භාණ්ඩ. මේක තුට්‍ටු දෙකේ විහිලුවක් ලෙස නොගෙන, හරබර සංවාදයක් විදිහට දයාල් බතීගෙ ලිපියක දැක්කා:

      නීත්‍යනුකූල විවාහය යනු එක තැනකින් සෙක්ස් ලබාදීමේ නීත්‍යනුකුලව බැඳීමක් පමණක්ද ?

      Delete
    2. දයා සහ ඇනෝ කියන දේ තේරුන තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි වෙද මහත්තයා. මම මෙතන අතුරු කතා ගොඩාක් කියනවා. මේක ලියන්න හේතු උන කරුණුත් උඩින් මම කතාව ඇතුලෙම ලියලා තියෙනවා. මම නම් මරණ ගෙවල් වලත් සිනහව දකින කෙනෙක්.

      Delete
  34. හයියෝ නම්බුව. මට මතක් වුනේ අර 'නැචුව නැචුව' කිව්ව කතාව.

    අර සැර එකත් දාපංකෝ බලන්න.

    ReplyDelete
    Replies
    1. නැචුව... නැචුව... කතාව මම ලිව්වා මයෙ හිතේ...

      Delete
  35. ඊළඟ සැඅ කෑල්ල තවත් රසවත්/....

    ReplyDelete
    Replies
    1. කාගෙන් අහලයි මෙතන ඇඩ්ස් දාන්නේ...

      Delete
  36. දැන් කෙල්ලො ඔහොම්මමයි

    ReplyDelete
    Replies
    1. උඹ කොහෙමෙයි එහෙම කියන්නේ.....

      Delete
  37. ටැබූ එකපාරක් කිව්ව පරිණාමය නොවෙච්චි උන් තමයි තමන්ට සහකරුවෙ/කාරියක් හොයාගන්න බැරුව ඉතුරු වෙන්නෙ කියල. හිතල බැලුවම ඒක හරි.

    ReplyDelete
    Replies
    1. ඇත්තක් නැත්තෙමත් නෑ....

      Delete
  38. කතාවට වඩා කට්ටිය හිතට අරන් තියෙන්නෙ ඊලගට එන සැර කතාව ගැන,...

    ReplyDelete
    Replies
    1. ඒක දැම්මම දුන්නොත් රහක් නෑ...

      Delete
  39. ආච්චිගෙ ස්ටෝරිය අසා තිබුනත් උඹ ලුණු ඇබුල් දාල නොවැ.

    ReplyDelete
    Replies
    1. ඇපි ඉතින් ඇඹුල් තියාල් පැත්තේ කස්ටියනේ...

      Delete
  40. මටත් මගේ යාලුවෙක් කිව්ව විහිලුවක් ලියන්න
    ගොඩක් කොමෙන්ට් දාලා පරක්කු වැඩිද මන්ද?
    යාලුවා මට කිව්වා
    මල්ලි මඟුල් ගෙදරදි මනමාලි මේකප් කරන වැඩේ ගෑනු කෙනෙක්ට කියලා
    කරගන්න රුපියල් 10 000 ක් යනවා
    ඒ මේකප් එකම පිරිමියෙක් ලව්වා කරගන්න
    රුපියල් 20 000 ක් යනවා
    ගෑනුත් නොවන පිරිමිත් නොවන කෙනෙක් ලව්වා ඒකම කරගන්න
    රුපියල් 40 000 ක් යනවා
    කියලා

    ReplyDelete
    Replies
    1. උන් ඒක නියමෙටම හදා ගත්තා.. ඒ අතින් උන් නියම වැඩකාරයෝ...

      Delete
  41. ඇයි මේක තම ප්‍රොෆයි නමින් දාන්න බැරි...

    ReplyDelete
  42. අදකාලේ සමාජෙට වටිනා කියන මොලේ තියෙන කෙල්ලෙක් . හැක හැක හැක ,,,,,,

    ReplyDelete
  43. රට හරකාJuly 11, 2013 at 10:33 AM

    උමිබෑබෑබෑභ්හ්හිහික්

    ReplyDelete
  44. පට්ට ආතල් ස්ටෝරිය යාළු තාම හිනා

    ReplyDelete
  45. හික්ස් මේක පට්ට් යකෝ :)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න