.

.

Jul 24, 2013

අම්මට සිරි... වයඹට, දයා සිරි..... - An Interview with Mrs. Dayasiri



ගරු, "ජයසෙකර පතිරන්නැහේලාගේ දයාසිරි පද්මකුමාර ජයසේකර" මැතිතුමා, තම ඡන්ද දායකයන්ට ද්‍රෝහී නොවී, තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී, වයඹ පලාත් සභාවට පොදු පෙරමුනෙන් තරඟ කිරීමර තීරණය කර ඇත.


ඔහු හා සම්මුඛ සාඛඡ්චාවක් සඳහා වේලාවක් වෙන් කර ගැනීමට උත්සාහ කල නමුත්, එතුමා කීවේ, මේ දිනවල වේලාවක් ලබා දීමට නොහැකි නිසා, ඕන දෙයක් මැඩම් හා කතා කරගන්නා ලෙසයි. ඒ අනුව "ජයවන්ති ජයසේකර" මැතිනිය සමඟ "මහාචාර්ය මාතලන්" විසින් පවත්වන ලද සාකඡ්චාව පහත පලවේ.

ආයුබෝවන් මැතිනිය !
අයියෝ මොකද මේ.... මට මැතිනිය කියන්න එපා.... අපි නිකං කතාකරමු.... 
ඒක හරියන්නෙ නෑ.... ඔබ තුමියට ඒවට පුරුදු වෙන්න වෙයි. 
ඔය ඉතිං.... ඒ පාර තුමියලු. මට හරි ලැජ්ජයි අයියෝ..
යන්නේ නෑ... යන්නෙ නෑ... කිය කිය ඉඳලා, අන්තීමෙදි ගියා නේද? 
ඒකනේ.., මාත් දැන් හරි බයෙන් ඉන්නේ. 
ඔබ තුමියට කොහොමද මහ ඇමති තුමා මුනගැහෙන්නේ?
පිස්සුද අනේ මොන මහ ඇමතිද? බලමුකෝ.. බලමුකෝ.. මට මෙයා හම්බ උනේ ඩාන්සින් ෂෝ එකකදි තමයි
ඒ කොහොමද? 
දයා නැටුම් වලට බොහොම දස්සයි නේ.. ඉතින්, මාත් මෙයාගේ නැටුම් වලට අහු උනා. 
එතුමා ඒ තරම් දක්ෂද...අපි නම් දැකලා නෑ.? 
අපොයි ඔවු... හොඳ හොඳ නාඩගම් කීපයක්ම නටලා තියෙනවා. දැන් උනත් එයා විනෝදාංශයක් හැටියට කරන්නේ නාඩගම් නටන එක තමයි. 
එතකොට විවාහ උනේ?
අපේ තාත්තා නොම්මර එකේ නැටුම් කාරයා නිසා. මාත් එක්ක නාඩගම් නටලා හෙමිහිට යන්න හදන කොට, එවා යරියන්නේ නෑ බැදගත්තනම් ගහපන් පුතෝ දැන් බෙර කියලා තාත්තා කිව්වා.
කලිනුත් මෙහෙම යන කතාවක් තිබුනා නේද? 
කතාවක් මම දන්නෙ නෑ... කොහොමත් එයා ඉතින් යනවනේ.. 
නෑ නෑ මම මේ අහන්නේ, එතුමා පොදු පෙරමුනට යනවය කියලා කිව්වනේ?
ආ... ඔවුනේ අනේ... ඒ සැරේ වැඩේ කෑවේ අර සුමනසේකරයනේ. වෙලාව හොඳ නැතෙයි, අරකයි මෙකයි කියලා. ඒ කාලේ ගියානම්, අද...., අපිත් මිනිස්සු. 
ඇයි විපක්ෂෙ ඉන්නෙ මිනිස්සු නෙමෙයිද..?
නෑ එහෙම නෙමෙයි, මේ පොලිස් බලතල එහෙම නෑ නේ.
ප්‍රශ්ණයක් නෑ නේ, දැන් ඉතින් ගියානේ?
ඔව් ඒක ඇත්ත. 
අපි දැකලා තියෙනවා එතුමා සින්දුත් කියනවා. 
අපොයි ඔව්.. දැන්නම් මිනිස්සු කියන්නේ දයා බයිලත් කියනවා කියලා. ඒ ඉතින් මිනිස්සු ඉරිසියාවට කියන කතා. 
අර මෙගා ස්ටාර් ගිහින් කළබලයක් උනා නේද.?
ඒක නවත්තලා තියෙන්නේ ජනාධිපති තුමා... මොකෝ, මෙයා සංගීතයට ගියොත්, හදිස්සියට ගන්න ඉන්න එකෙක් නැති වෙනවා කියලා. 
එතුමා පහුගිය දවස්වල එංගලන්තෙත් ගියා නේද?
ඔව් ඉතින් ඒකේ ප්‍රශ්ණයක් නෑනේ. පාර්ලීමෙන්තු ගියා කියලත්, පොඩි ජෝක් එකක් දාලා එන එකනේ කරන්නේ. මම නම් කියන්නේ, අපි පවුල් පිටින් පිටරට හිටියත් රට යනවා. ජනාධිපති තුමා හිටියාම ඇතිනේ. 
පලාත් සභා ගැන ඔබ තුමියගෙ අදහස. 
මොකක් උනහම මොකද අනේ.... කීයක් හරි හම්බ කර ගන්න පුළුවන්නම්, ප්‍රාදේශීය සභාවේ සභාපති කමත් වටිනවා, විපක්ෂේ ඉන්නවට වඩා. මටත් දරුවෝ ඉන්නවනේ. 
ඒ උනාට, පලාත් සභා වල බලය අඩු කරන්න යනවනේ?
එහෙම උනොත් ඉතින් වාසු, බැටි, ඩීව්, රාජිත, රෙජිනෝල්ඩ් අංකල්ලා වගේම, විග්නේෂ්වරන් අංකල් හිටන් ඉන්නවනේ. ඒ කවුරු නැතත් මන මෝහන සීයා ඉන්නවනේ.
දැන් ඉතින් පාක්ෂිකයෝ අතරමං වෙනවනේ?
පිස්සුද මෙයා. දැන් තමයි උනුත් ගොඩ යන්නේ. උන් හොටු පෙර පෙරා අඬපු නිසා තමයි දයාගෙත් හදවත උණු උනේ.
රනිල් ගැන මොකද කියන්න තියෙන්නේ?

එයා ගැන නම් කියන්න දන්නෙ නෑ.... ජනාධිපති තුමා නම් දැක්කත් බඩ පිරෙනවා. බලන්නකො අනේ පෙම් පාට. 
එයාගේ ගීත වලින් ඔබ තුමිය කැමතිම ගීතය මොකක්ද? 
මම කැමති, "ඔයා හුඟාක් වෙනස් වෙලා...." කියන අලුතෙන්ම කියන ගීතයට. 
විශේෂ හේතුවක් එහෙම තියෙනවද? ඒක කියන්නේ ඔබ තුමියටද දන්නෙ නෑ? 
අපොයි නෑ.... මම හිතන්නේ.... ඒක එයාටම කියා ගන්න ගීතයක්.
මම දැකපු විශේෂ දෙයක් තමයි ඔබ තුමියගෙත්, එතුමාගෙත් නම් වල මේ "ජය" කියන කෑල්ල ගොඩක් තියෙනවා කියන එක?
හානේ ඔයා කිව්වමයි මටත් තේරුනේ. මෙච්චර කල් නම් තිබුනේ නම් "පරාජය". ඒත් ඉතින් අනාගතේ නම් ජයෙන් ජයම තමයි.
අනික පහුගිය දවස්වල එතුමා අපිට දකින්න ලැබුනේ නෑ. ඒ වගේම කළකිරීමකින් උන්නා වගේ ගතියකුත් පෙනුනා?
ඔව් අනේ එයා බොහොම කනගාටුවෙන් හිටියේ, අර විමල් වීරවංශ මැතිතුමයි, වාසුදේවයි ආන්ඩුවෙන් යනවයි කිව්වට ගියේ නෑනේ. එහෙම ගියා නම් ඇමතිකමක් ෂුවර්නේ. 
ඒවා නම් එහෙම තමයි, යනවයි යනවයි කිව්වට කවුරුත් යන්නේ නෑ... 
එහෙම කතාකරන එක වැරදියි නේ. 
ඒ ඇයි මැඩම්...?
යන්නේ නෑ... යන්නෙ නෑ... කියලා, යන අය හරි ඉන්නවනේ. 
දැන් ඔබ තුමියලගේ බල්ලත් යනවද?
නෑ යවන්න බල්ලෙක් නෑ නේ. අපි, අපේ එකා, අර සීනී ඇමතිගේ බල්ලත් එක්ක දැම්මා ක්‍රොස් වෙන්න. මොකෝ එයා ගියාට එයාගේ බල්ලා ගියේ නෑනේ.
දැන් නම් මහ ඇමතිතුමා සතුටින් ඇත්තේ?
අපොයි ඔවු, මහ ඇමතිතුමා වගේම, ජනාධිපති තුමත් සතුටෙන් ඉන්නේ.
එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා?
අපොයි උන්නැහෙත් බොහොම සතුටින් ඇත්තේ, මෙයාලා ගල් ගහලා, ලෙඩ ඇදලා, එතුමට හරියට කරදර කරනවනේ.
ඒ තියා, ඔය ඔක්කෝටම වඩා......... සජිත් අයියත් බොහොම සතුටෙන් ඇත්තේ.
එතකොට අර 15 ක් යනවා කියපු කතාව.
ඒක ඉතින් ඉස්සරහට බලා ගන්න බැරිය. ඔහොම ගිහින් අන්තීමට රනිල් මහත්තයක් යයි.
බොහොම ස්තූතියි ඔබ තුමියට..
ජයවේවා..! අනේ සොරි අනේ.. ඔයාටත් බොහොම ස්තූතියි...සුබ අනාගතයක්..හී හී...

168 comments:

  1. Ela mathalan. Kavadda Ranil yanne kiyala balagana inne.

    ReplyDelete
    Replies
    1. ඇනෝ කමෙන්ට් කරුවනි.

      මින් පසු කකාගේ බ්ලොගය තුලදී ඇනෝ කමෙන්ට් දමන ඔබ ප්‍රවේශම් වන්න. කකා ඔබට එරෙහිව කූට උපක්‍රමයක් දියත් කරන බව අපගේ බුද්ධි අංශ වලට පෙනී ගොස් ඇත. ඔහු ඇනෝ කමෙන්ට් කප්පාදු කිරීම සඳහා www.fraudlog.com නම් වූ මෙවලමක් භාවිතා කරන බව පෙනී යයි.

      ඇනෝ අයිතීන් සුරකිමු ! නිදහස් කමෙන්ට් වාරණයෙන් මුදවා ගනිමු !

      Delete
    2. මම දැන් කකාගේ බොගට යන්නේ නෑ. අපි ඕවට නෑ. අපි ඕවගේ නෑ.

      Delete
    3. අර කෙන්ජි කියනවා වගේ රනිල් ගිහින් ගොඩක් කල්.. දැන් දෙගොල්ලෝ කතාවෙලා යන ගේමක් යන්නේ. ඒ දෙන්නා විතරක් නෙමෙයි සරත් ෆොන්සේකත් ලොක්කගේ සාක්කුවේ. අද ඒ දේ ඔප්පු වෙලා ඉවරයි.

      Delete
  2. යකෝ මු කන්න එපයි.ඊයේ පෙරේදාත් දයාසිරි යන්නේ නැහැමයි කියලා කියපු එකානේ..

    ReplyDelete
    Replies
    1. පෙරේදා මොකක්ද අද උදෙත් කිව්වේ එහෙමනේ.. කලින් කිව්වා නම් නිව්ස් එකක් නෙමෙයිනේ..

      Delete
  3. Replies
    1. හිනාව, සතුටටද, දුකටද, කින්ඩියටද, අපේක්ෂා භංගත්වයටද?

      Delete
  4. බ්‍රෙසියර් එකකින් බෙල්ල මිරිකනකම් ඔහොම යයි,

    ReplyDelete
    Replies
    1. දයා යනකොටම මාතලන් පොස්ටුවක් දාලා හරියට ලියාගෙන හිටියා වගේ, මෙන්න ඒ වගේ තව කෙනෙක්. මරු ඩයල් එකක් හැබැයි මෙච්චර තද වෙන්න දෙයක් නම් නෑ මම හිතන්නේ

      Delete
    2. එරිත්‍රියාව එක්ක තානාපති කම් හදාගනී - ඉන්න තානාපතිකෙනෙක් එහෙට මාරු වෙයි - මෙහෙ ඉන්න ආණ්ඩුකාර කෙනෙකුට අර තානාපති හිටපු තැන පුරප්පාඩුවට අලුතින් තානාපති කමක් ලැබෙයි - අතුල විජේසිංහට ආණ්ඩුකාර කමක් ලැබෙයි.
      යූ.එන්.පී. එකෙන් පැනලා පුත්තලමට මහඇමති කම ඉල්ලපු අශෝක වඩිගමංගාවට පුත්තලම් බූරුවෝ දෙන්නෙක් ලැබෙයි කුඹුර හාගන්න.

      Delete
    3. මම මේක බොහොම කලින් ලිව්වේ. රාජ් තමයි සාක්කියට ඉන්නේ. ඒකනේ ටක් ගාලා දැම්මේ. කාටුන් එක විතරයි අලුතෙන් දැම්මේ.

      Delete
    4. හ්ම් ... දැක්ක ගමන් මටත් හිතුනා. අර කවුරු හරි අසාධ්‍ය තත්ත්වයෙන් ඉද්දි ටීවී චැනල්වලින් පත්තරවලින් කලින්ම ලක ලැහැස්ති වෙනව වගේ. දැන් ඔහේ ඔය කියන්න හැදුවෙ ‘මෙයත් මළා වගේ තමයි‘ කියන එක නෙවියි කියල නම් මට කියන්න එපා.

      Delete
    5. දයා එන ආත්මෙදි මගේම පුතෙක් වෙයන්.

      Delete
    6. ඒ මොකද ඒ.......දයා ගෙ අම්මට වඳින්නද​?

      Delete
    7. ඇයි බං ඒක දන්නේ නැද්ද? ඇයි කියලා කියන්න ගිහින් මාතලං මට බනීවිද?
      අනේ ඌ මගේ පුතාම වෙයන්! දයාසිරි මගේ පුතාම වෙයන්!!

      Delete
    8. ඇයි? දයාසිරිට කෝටි 25 යි කියනකෙට තොට ඉවසන්න බැරිද? ගොන් නාම්බෝ, දයාසිරි මේ රටේවත් ඉපදෙන්න එපා කියපිය. බැරිනම් තෝත් පල වෙන රටකට. මාතලංට හරි කෙන්ජිට හරි කියලා වීසා හදාගනින්.

      Delete
    9. මට උඩින් ඉන්න ඇනෝ ඩබල (AnonymousJuly 24, 2013 at 9:15 / PMAnonymousJuly 24, 2013 at 9:20 PM) තොපිනම් මගේ පුතෙක් වෙන්න එපා.
      මොඩයා, මී හරකා, අහුරු කුක්කා, අඬුලේනා, අඩුම ගානේ තොපිට හාල් මැස්සෙකුගෙවත් මොළේ කලඳක් නැද්ද? මහලොකුවට බ්ලොග්වල කොමන්ට් කොටන්න එනවා.
      දයාසිරි එන ආත්මෙදී මගේම පුතා වෙයන්!
      මාතලං අකමැතිද එන ආත්මෙදි දයා මගේ පුතා වෙනවට.

      Delete
    10. උඹ අකමැතිවෙයි !! එන ආත්මෙ උගෙ අම්මා වෙන්නෙ රෝසි නැත්තං පබී කෙල්ල..

      Delete
  5. රනිල් මහත්තය යයි නෙමේ නෝනෙ,ඉස්සෙල්ලම ගියේ රනිල් ලොක්ක.එයා තමයි නිල නොලත් අගමැති.පස්සෙ තමයි ගෝලයො ටික එයා ගත්තෙ.
    හෙට අනිද්ද පරම්පරාගත ශ්‍රී ලංකා කාරයො ටික UNP එකට ඇවිල්ල විපක්ෂයේ ඉන්නව.

    ReplyDelete
    Replies
    1. දයා එන ආත්මෙදි මගේ පුතාම වෙයන්.

      Delete
    2. දැන් යන්නෙ මචෝ හවුල් ව්‍යාපාරයක්. දෙමළ සංධානේ තමයි තාම ඩිරෙක්ටර් බෝඩ් එකට දාගන්න බැරි උනේ.

      Delete
  6. සුබ අනාගතයක්..හී හී...

    ReplyDelete
  7. මොනව කියන්න ද මාතලන්? කියන්න දෙයක් නැහැ. දැන් ඉතින් අපිත් එන එන හැටියට ගහ උළුවස්සා තමයි.

    ReplyDelete
    Replies
    1. සිස්ටම් එකට අනුගත වෙන එකා. මොන සිස්ටම් එක ඇතුලෙත් දිණුම්..

      Delete
  8. අපේ ඇනෝ වෙනුවෙන්,
    කොහොමද කෙන්ජි පෝස්ට් එක එළ නේද?

    ReplyDelete
    Replies
    1. නැතිව..නැතිව..වෙද මහත්තයො,පොලියෙස්ටර් ගෙ බෙල්ල ගැට ගහ ද බ්‍රා (එකෙන්) කිව්වලු.

      Delete
    2. බ්‍රා බ්‍රා කාගෙහරි අඩුවක් දැනෙනවා මෙතන.

      Delete
    3. කෙන්ජියාගේ ?

      Delete
    4. නෑ නෑ මාතලං තවම මෙතන්ට ආවෙ නෑ.

      Delete
    5. ඕන් මාත් ආවා. මට මේ ඇනෝ වටිනවා ඔක්කෝටම වඩා..

      Delete
  9. සංවේගයෙන්
    දන්වා සිටිම්
    වෙන්වීම මා ඔබෙන්..........
    ඔය මිසිස් දයාසිරි කිව්වේ ඉන්න මිසිස් වෙන්න ඇති නේද?වෙන්ඩ මිසිස් හම්බවුනේ නැද්ද තවම.

    ReplyDelete
    Replies
    1. උඹේ කොමෙන්ට්ස් නම් හරිම ක්‍රියේටිව්.. පෝස්ට් වගේම රහයි..

      Delete
  10. යකෝ පනී භාරතිගෙ දුවත් හිරු ගෙ හි..හි...ය පුරුදු වෙලානෙ.

    ReplyDelete
    Replies
    1. එයත් කම්මැලි කමට බ්ලොග් කියවනවලු.

      Delete
    2. දයා වෙනිං එකීලා එක්ක කොටු පනිද්දී,
      එයා පරම්පරාවෙ පනී නම ආරක්ෂා කර ගන්න නම්,
      අපි ලියන දෑ කියවිය යුතු වෙනව.
      මොකද ලැබිච්ච 25න් 24ක්ම වියදම් කරන්නෙ බඩු වලට නිසා.

      Delete
    3. හැදෙන පිරිමින්ට මඩ ගහන්න එපා කෙන්ජි. කේක් වුණත් පුස් කාලනම් කන්න අමාරුයිනේ. පනි පොඩි නංගිටත් නංගිටත් කියන්න තියෙන්නේ අනේ පනි කියලම තමා.
      ලොකු නංගිනං චන්න ඇමතිත් එක්ක ඉන්නවනේ.

      Delete
    4. හිරුගේ හී.. හී.. යට ඔච්චම් කරනවා කියලා ලේ රත්වෙලා ඇනෝට කුණුහරුප කියපු එකත් අද හී.. හී.. කියනවා.

      Delete
    5. ඇත්තටම ඒ කෑල්ල දැම්මේ හිරුට උපහාර පිණිස. ඒ උනාට කෙල්ල ඇවිත් නෑ..

      Delete
    6. පිස්සුද.. මං නෑවිත් ඉන්නවද... ඒත් කමෙන්ට් දාන්න තරම් දෙයක් නෑ මට... දයාසිරි බොරුවට කෑ ගගහා උඩ පැන්නට මෙලෝ වැඩකට නැති එකෙක් කියලා මට මුල ඉඳලම හිතුනේ... තාමත් හිතෙන්නත් එහෙමයි... ඕකා උලේ හිටියත් මට එකයි පිලේ හිටියත් මට එකයි... හි හි...

      Delete
  11. යකෝ මේකට හම්බ වෙන්නේ මැතිණියෝ ඉන්ටැවීව් කොරන කෑල්ලමනේ... ෂික්..මාත් යන්න ඕන අර හිරුණිකා නංගිවවත් ඉන්ටැවීව් කොරන්න...

    ReplyDelete
    Replies
    1. මම කොහොමත් එයාලට මනාපයි නේ.. මාරේ කොලු කාරයෙකුත් ඉන්ටවීව් කරලා. ෆෝන් එකෙන් නිසා බේරුනයි කියලා හිතා ගන්...

      Delete
  12. පැණියාJuly 24, 2013 at 7:02 AM

    උඹ ඉන්ටවිව් කලේ කොයි මිසිස් ද ???

    ReplyDelete
    Replies
    1. වනචරකම විතරක්. ඔය තියෙන්නේ යකෝ නම.. වල් හැත්ත.. වැදගත් මිනිහෙකුට ඉන්න දෙන්නේ නෑ..

      Delete
  13. ආයෙ ඉතිං නුපුරුදු තැනක් යැ. මිනිහ හිටපු තැනනේ. ඉස්සර ජී එල්ගෙ ලේකම් කෙනෙක් නේද.

    ඒ උනාට මේ වෙලාවෙ නම් මිනිහ මහ මෝඩකමක් කරගත්තෙ. දේශපාලනේදි කට්ට කාගෙන ඉන්න එකා තමා කවද හරි හොඳ එකෙන් ගොඩ යන්නෙ. මිනිහට ඕනතරම් වයසත් තියෙනවා තව. ජේ ආර් අවුරුදු තිහක් විතර බලන් හිටියා. ප්‍රේමදාස කිසිම බලයක් නැති දෙවෙනි පුටුවෙ වාඩිවෙලත් රදලයො තුන් දෙනෙක්ගෙ ලොකුකම් බල බලත් තමන්ගෙ තැන හදාගත්තා. මහින්දත් චන්ද්‍රිකා එක්ක බෑ කියල යූඑන්පී එකට ආවනම් අද පරම්පරාවම අඳුරෙ. දැන් ඉන්න එවුන්ට මොන මඟුලක් වෙලාද මන්ද, හැම එකකටම ෂෝට් කට් හොයන්නෙ.

    ReplyDelete
    Replies
    1. සහතික අැත්ත. දේශපාලන ස්ථාවරයක් හදාගන්න අවශ්‍යය මිනිහෙකුට හොදම අාදර්ශය තමයි මහින්ද රාජපක්ෂ. නමුත් ප්‍රශ්ණය මේකයි. ඔය මොන ස්ථාවර හදාගත්තත් මේ ලැබෙන ගාන හොයන්න බැරි නිසා උන් සෝට් කටි ඒකෙන්ම ගොඩ.

      Delete
    2. ඔව් බං දැන් දයාසිරි -දයාසොරිම තමයි...

      Delete
    3. නෑ මචෝ. සජිත් ගුලිය කාපු එකෙක්වත් රියල් පොලිටීශීයන්ස්ලා නෙමෙයි. දයා යන්න ගියේ කලින්. ඒත් ලොක්කා නැවත්තුවා. දයා ගිය එක හරි..

      Delete
  14. බීමතින් ගෙදර එන පියා නරකයි කියා අල්ලපු ගෙදර නිදාගන්නට කිය කොලු ගැටයෙකු සිහිවේ , ප්‍රශ්නය අල්ලපු ගෙදර අන්කලුත් බේබද්දෙක් වීමයි . කොලුවාගේ තාත්තා වෙරි මතින් සිය පවුලට ගෝරනාඬු දමත්දී , අල්ලපු ගෙදර අන්කල් මුලු ගමටම සද්දය දමන්නෙකි //


    කෝටි 25ක් කිව්වාම ඉතින් සෙල්ලන්ද , මහ ඇමටි වෙන්න කලින්ම ගොඩ

    ReplyDelete
    Replies
    1. 2001 ජී.අැල්. ගෙ පස්සෙන් අාපු කොළුගැටය. අවුරුදු 12 ට පසුව ලංසුව කෝටි 25යි.

      Delete
    2. මෙහෙමයි බුවා. උඹ වැඩ කරන කොම්පැණියේ උඹට ප්‍රොමෝෂන් නෑ. කැපිලි නහුතෙට. දැන් ඉන්න කොම්පැණිය තරම් හොඳ එකක් නොවුනත්. උඹට ලොකු සැලරි එකක් එක්ක, වෙහිකට් ඩ්‍රයිවර්, බන්ග්ලෝ, අරවා මේවා ඔක්කෝම එක්ක ජොබ් එකක් ඔෆර් කරනවා. උඹ මොකෑ කරන්නේ..

      මේකත් සේවයක් නෙමෙයි නේ. රස්සාවක්..

      @ කීර්ති රටේරාල
      ජී ඇලුත් ඉතින් චන්ද්‍රිකාගේ පිහිටෙන් ආපු අය නේ. කවුරුත් එන්නේ එහෙම තමයි. මහින්ද මහත්තයත් එහෙමනේ. පැල තමයි ළොකු ගස් වෙන්නේ.

      Delete
    3. රස්සාවක් උනත් මචන් ආත්ම ගරුත්වයක් තියෙන්න ඕනි , මොන පඩි දෙනවා කීවත් මම අන්තෙටම ප්‍රතික්ශේප කරපු , බැනපු සමාගමකට යන්න පුලුවන්ද ? ,

      රනිල්ගේන් වෙච්ච අසාධාරණයට විකල්පයක් ඕනි නම් දයාට තිබුනේ ෆොන්සේක මහත්තයගේ පක්ෂෙන් මහ ඇමති කමට ඉල්ලන්න , රනිල්ට පාඩමක් උගන්වන්න හොඳම ක්‍රමය ඒක . මෙච්චරකල් පතුරු ඇරපු මනුස්සය්ගේ රෙද්ද අස්සේ රිංගන කොට ඒක රනිල් එක්ක ප්‍රශ්නයක් නෙවෙයි එජාපය බලයට එන්න යන කාලය වැඩි / නොහැකි කියන සිතුවිල්ලෙන් හම්බ කරගැනීමටම ගිය ගමනක් කියල ඔප්පු වෙනවා

      Delete
    4. ෆොන්සේකාගෙ එකට ගිහින් ආප්ප කන්නය. අනික ෆොන්සේකත් ආන්ඩුවේ කොට. එක්කෝ යූ ඇන් පී. නැතිනම් ආන්ඩුව.

      Delete
  15. පන්න් පටන් අරං කොයි තරම් කාලයක් ඉදලද මේ පැන්නේ.. ඉන්ටවීව් එක නම් මරු.

    ReplyDelete
    Replies
    1. මහින්ද තමයි මහින්ද. දැන් තේරෙනවනේ එන්න එපා කිව්වේ ඇයි කියලා. ආන් අළුවිහාරෙත් අදින්න යන්නේ. ගොබ්බ සිරි ලංකා කාරයන්ට බඩුම තමයි. මට පේන්නේ මහින්ද මහත්තයා යූ ඇන් පීය සිරි ලංකා එකේ හදලා නාමල් කුමාරයට දෙන්න වගේ යන්නේ.

      Delete
  16. ෙමකට නම් ෙමානවා කියන්නද මන්දා

    ReplyDelete
    Replies
    1. උබේ අකුරු මොකාද බොල බොන්නේ. අකුරු බීබු එකෙක් ඇනෝ විදිහටත් එනවා. ඒ උඔද මචෝ.

      Delete
    2. මුකුත් කියන්න එපා. ඒක වඩා හොඳයි..

      Delete
  17. ජයසේකර මැඩම්ගෙන් කෝටි 25 ගැන අහන්න අමතක වුනාද?

    ReplyDelete
    Replies
    1. ඊට ගොඩක් කලින් ලියලා තිබ්බේ. නිව්ස් එක දැක්ක ගමන් පබ්ලිෂ් කලා. අනික ඒවා ඇහුවත් කියන එකක් නෑ. ඉන්කම් ටැස් එකට මාට්ටු වෙනවනේ..

      Delete
  18. දයාසිරි අවස්තාවාදියෙක්. මිනිහාගේ ඉතිහාසය දන්නේ නැති අය තමයි මිනිහා වීරයෙක් කරලා කොමෙන්ට් දාන්නේ. එයාගේ පවුලේ උදවිය පාරම්පරික යූ එන් පී කාරයෝ.අම්ම ගුරුවරියක්. තාත්තා කරවල වෙලදාම් කරපු මුදලාලි කෙනෙක්. දයාසිරි කැම්පස් එකේ කිසිම දේශපාලනයක් කලේ නැහැ. උපකුලපති වෙලා හිටපු ජී එල් පීරිස් එක්ක පුද්ගලික සම්බන්ධයක් තිබුන. ජී එල්. 1994 දේ දේශපාලනයට ඇවිත් පොදුපෙරමුණු රජයේ අධිකරණ ඇමති වුනාට පස්සේ අර පුද්ගලික සම්බන්ධය නිසා දයාසිරි එයාගේ ලේකම් කෙනෙක් වුණා. එහනින් තමයි දේශපාලනයට අවේ. පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවට පත්වුණා. ජී එල් එස් බී ඇතුළු කණ්ඩායම පොදුපෙරමුණු ආණ්ඩුව පාවල දීල 2001 දී යූ එන් පිය ට යනකොට දයාසිරිත් පැන්නා. එයා යූ එන් පී කාරයෙක් වුනේ එහෙමයි. යූ එන් පී එකෙන් ඉල්ලපු පළමු වෙනි චන්දෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ අන්තිමය වුනා.එතකොට අයෙත් ජී එල්ගේ ලේකම් කෙනෙක් විධියට ජී එල් එක්ක යූ එන් පියෙ වැඩ කළා. ජී එල්- එස් බී අයෙත් සන්ධානෙට පනිනකොට දයාසිරි ආවේ නැත්තේ යූ එන පී එකේ නායකයා වෙන්නේ දයාසිරිට ආශාවක් ආපු නිසයි. සජිත් එක්ක කැරලි ගැහැව්වේ ඒ නිසයි ඒක හරියන්නේ නැහැ කියල හිතෙන කොට දැන් කරන්න තියෙන්නේ සන්ධානෙට පනින එක විතරයි. මෙයාගේ ඇති සිංහල බවුධ්ධ කමක් නැහැ.මෙයා මෙහෙයවන්නේ එකතරා ක්‍රිස්තියානි ආගමික කණ්ඩායමක්. දයාසිරි ගත්තා කියල මහින්දට ලොකු වාසියක් වෙන්නේ නැහැ. දයාසිරිට පසුගිය චන්දෙදි හම්බවුනේ ජොනීල පැනපු එකට කේන්තියෙන් හිටපු යූ එන පී කාරයන්ගේ චන්ද තමයි. දයාසිරි ගායකයෙක්. මිනිහට වෙන හැකියාවක් නැහැ. නීතිය ඉගෙන ගත්තට කවදාවත් උසාවියක නඩුවක් කතා කරලා නැහැ දේශපාලන දැනුමක්නැහැ. වාචාල කටක් විතරයි තියෙන්නේ. මේ වාචාල කටින් තමයි පහු ගිය කාලේ මහින්දගේ ආණ්ඩුවට පතුරු යනකම් පහර දුන්නේ . මහින්ද ඒක නොදන්නවා නොවෙයි. මහින්දට මේ වගේ වාචාලයන් කිහිප දෙනෙක් හැම චන්දෙදීම ඕනි වෙනවා. මේ චන්දෙදියි ඊළඟට එන ජනාධිපති චන්දෙද්යි රනිල්ට බනින්න අලුත් මිනිහෙක් මහින්දට ඕනි. සිරස රනිල බනින කොට ඒකට ප්‍රචාරය දෙනවා. තමන් අශූචි කන සුනඛයෙකු බව දයාසිරි ඔප්පු කරනවා. ඒ සුනකයන්ටත් අන්ත ජන මාධ්‍ය කාරයෝ මිනිහට ප්‍රචාරය දෙනවා. කුරුනෑගල ඉන්න මෝඩයෝ මිනිහට චන්දෙ දෙනවා. මේ වගේ දයාසිරිලා ගොඩක් දැන් දේශපාලනය ඇවිත් ඉන්න නිසා රටට කෙලවෙනවා. බුදුසරණයි ! පක්ෂ පාවලදීල මහින්ද ලඟට ගිය හැම එකාම කුණුවෙලාගිහින් තියෙන බව වත් තේරුම් ගන්න බැරි තරමට මෙයාගේ ඇස දෙක කෑදර කමින් අන්ධ වෙලයි තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. +++++++++++++

      Delete
    2. දයා එන ආත්මෙදි මගේ පුතෙක් වෙයන්.

      Delete
    3. මේ කතාව බොහෝ දුරට නිවැරදියි. දයා මගේ විශ්ව විද්‍යාල සඟයෙක්. අපිට ජූනියර්. අපි කැළණියේ ඉන්න කාලේ හේරත් අන්තරේ කැඳවුම් කරු වෙලා ඉන්නැද්දි තමයි දයාසිරි කැම්පස් එන්නෙ. මාධ්‍යවේදී මෝහාන් රාජ්ගේ බැචා මට මතක හැටියට. පරණයා ඊට වැඩිමල්. මෙයා ඒ කාලේ කළ දේශපාලනයක් නැහැ. ලංකාදීපේ ඉන්නවා මේයා ගැන හොදට දන්න මාධ්‍යවේදියෙක් අපේම කාලේ ජපුර හිටපු. හැබැයි මට හිතෙන්නෙ මෙයා දක්ෂ මෝඩයෙක්. මොකද තමන්ට ඉස්සරහට එන්න තිබ්බ මාර්ගේ අහුර ගත්තා. මේ වගේ ගොන්කමක් කළ අනෙකා ඇස් බී.

      Delete
    4. tharaka
      මේක නිකං ඉරිද පත්තරේ "විමසුම", "ඇතුල් පැත්ත", .... වගේ කමෙන්ටුවක්.
      //යූ එන් පී එකෙන් ඉල්ලපු පළමු වෙනි චන්දෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ අන්තිමය වුනා.එතකොට අයෙත් ජී එල්ගේ ලේකම් කෙනෙක් විධියට ජී එල් එක්ක යූ එන් පියෙ වැඩ කළා. ජී එල්- එස් බී අයෙත් සන්ධානෙට පනිනකොට දයාසිරි ආවේ නැත්තේ යූ එන පී එකේ නායකයා වෙන්නේ දයාසිරිට ආශාවක් ආපු නිසයි//

      පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද අන්තිමය වෙලා ජීඑල්ගෙ ලේකම් කමක් තියන කෙනෙකු යූඇන්පී නායකත්වය ගැන හිතීම ගැන, ඒ වගේම එයා හිතපු විදිය ඔයා දැනගත්ත හැටි?

      Delete
    5. රාජ්, මාතලන්,
      මම දන්න විදියට නම් ඇත්තටම යූ ඇන් පියේ නායකත්වය ලැබෙන්න සුදුසුකම් තිබ්බ දෙතුන් දෙනාගෙන් කෙනෙක් වගේම ඉදිරියෙන්ම හිටපු කෙනා තමයි දයා. මොකද කවදාවත් සජිත්ට එතනට එන්න බැහැ. ඒ වයස එක්ක ගත්තම, දක්ෂකම් එක්ක ගත්තම, නායකත්ව ලක්ෂන මුඛරි කම නුවණ ආදිය දයාට තිබ්බ. හැබැයි රනිල් කවදාවත් දයාට ඒක දෙන්නෙ නැහැ. එයාගේ තේරීම බියගම රංජිත් විජේවර්ධනගේ පුතා එහෙමත් නැත්නම් තම මස්සිනා වන රුවන්. ඒක තේරුම් ගැනීමත් මේ පැනීමට හේතුවක් වෙන්න ඇති. මම දන්නෙ නැහැ මේ තාරක කියලා තියන විදියට දයාට එහෙම ඕනෙ කමක් තිබ්බ ද කියලා හැබැයි අපි නම් මුණ ගැහුණු හැම වෙලේම ඒ අදහස එයාට දුන්නා.

      යූඇන්පියක් තව දුරටත් තිබ්බොත් දැන් හරීන්ගේ ෆයිල් එක උඩට එනවා. ඒ කියන්නේ ඊලඟ කැපිලි කෙටිලි එන්නෙ හරීන්ට, සුජීවගේ ෆයිල් එකත් උඩ ඒත් දැන් මෑනුත් කැපිලා ඉන්නෙ. මෙහෙම ගියොත් ඉතුරු වෙන්නෙ අර තිස්ස විතරයි.

      Delete
    6. හරීන් ගෙ කතාවෙන් පස්සෙ කවුරු හරි බැන්න නේද මේවට වග කියන්න ඕන සජිත් කියල.
      ඇත්තටම සජිය තමා කෑවෙ.

      Delete
    7. කෙන්ජි අංකල්, දයා එන ආත්මෙදි මගේම පුතෙක් වෙයන්.

      Delete
    8. උඹ අකමැතිවෙයි !! එන ආත්මෙ උගෙ අම්මා වෙන්නෙ රෝසි නැත්තං පබී කෙල්ල..

      Delete
    9. මට නම් සජිත් ලණු කාපු එකෙක්වත් රියල් පොලිටීෂීයන්ස්ලා නෙමෙයි. අපි බලමු දයා ගැන ඉදිරියට.

      Delete
  19. මේක කියවලා අහවර උනාම මම ලියපු "ස්වප්න මෝචනය"කියවන්න ප්ලීස් මෙයාලා.දයාසිරිටම සම්බන්ද එකක්.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ අරු ඔයා මෙහෙම කමෙන්ට් දමන්න අවශ්‍ය නෑ. ඔයාට හොඳ හැකියාවක් තියෙනවා. කට්ටිය හොයාගෙන ඇවිත් කියවයි.

      Delete
    2. DDT කියන්නේ ඇත්ත අරූ. මේ ටික දවසට අපි ඔබේ හැකියාවන් හදුනගනයි ඉන්නේ. මොන මතවාදේ හිටියත් සුපිරි දේ සුපිරියි. ඔබ ඒ සුපිරි ගොඩේ.

      Delete
    3. අරූ මචෝ, උඹේ ලිපි හොඳයි. ඒ නිසා මේ පැත්තේ එන්න කියන්න ඕන නෑ. අපි එනවා. අපිටත් ඇනෝ Open කරලා දොර ඇරලා තියහං.

      Delete
    4. ඇනො open කරන්නේ කොහොමද?ලියන දෙයක් තව කෙනෙකුට කියවන්න ලැබෙන එක ලොකු දෙයක්නේ.ඒකයි අර විදිහට උඩින් දැම්මේ.පස්සේ ලැජ්ජත් හිතුනා.

      Delete
    5. බය වෙන්න එපා මචෝ. ඔඹේ ලිපි කියවන අපිට ලැජ්ජා හිතෙන්නේ නැති වෙන්න ලියපං.

      Delete
    6. @aruge-adaviya

      ඔබට ගැටළුව වෙලා තියන්නෙ ඔබගෙ බ්ලොග් ප්‍රොෆයිල් එකේ බ්ලොග් ලින්ක් එක නැති එක මං හිතන්නෙ.. අනෙක් අයට බ්ලොග් එක හොයාගන්න අමාරුයි නෙ එතකොට. ඔබ කමෙන්ට් කරන කොට ඊට යටින් මේ කොටසත් කොපි කරල දාන්න.

      <a href="http://arugeadaviya.wordpress.com/">aruge-adawiya</a>

      ඇනෝ කමෙන්ට් එනබල් කරන්නෙ...,

      dashboard > option > general > Discussions වල තියන "Users must be registered and logged in to comment" ඔප්ෂන් එක මාක් කරන්නෙ නැතුව තියන්න. dashboard ගියාම වම් පැත්තෙ තියන අයිකන් වලින් පහල ඉඳල දෙවෙනි එකට මවුස් පොයින්ටර් එක අරන් ගියාම පෙන්නන ලිස්ට් එකේ ඇති discussions...

      Delete
    7. අරූගේ අඩවියට මම ලින්ක් එකක් මගේ බ්ලොග් රෝලේ දාල තියනවා. එතනිනුත් එන්න පුළුවන්.

      Delete
    8. කොහොමද අරූ. වෙද මහත්තයා මේ පැත්තෙත් එන්න කියන්නේ නැතිව කියනවා. ඔය විදිහට කොමන්ට් දාලා ඔයත් චාටර් වෙන්න එපා. අපි ඔයාගේ එකටත් එනවා. බාල බඩු අලෙවි කරන විදිහේ කොමන්ට් එපා. ඔයාගේ ලිපිත් මසුරං.
      එක නොවේ වෙද මහත්තයෝ. අර දරු සෙනෙහස ඉහට ගහපු ඇනෝ එකෙක් සැරිසරණවා වාගේ. මොකද හැබෑටම ඌට වෙලා තියෙන්නේ.කොතන ගියත් දයා මගේ පුතෙක් වෙයන්ලු. දයාසිරි ආයේ මේ රටේවත් ඉපදෙන්න එපා.

      Delete
    9. එහෙම තමයි ඇනෝ පිනුම්.

      ඇනෝ එක්ක එකඟයි. ඔවැනි පාහරයින් එපාවටම එපා.

      Delete
    10. අනේ වෙද මහත්තයෝ, ඔච්චර තෙල් බෙහෙත් කරන ඔයාටවත් තේරෙන්නේ නැතිද? දයාසිරි එන ආත්මෙදි මගේම පුතා වෙයන්. එහෙම කියන්නේ මුං මටම බනිනවා. පොඩ්ඩක් හිතලා බලන්න. කාටවත් තේරෙන්නේ නැතිනම් මම තව ටිකකින් කියන්නම්.

      Delete
    11. ඇනෝගෙ ආසාවනේ ඒ වුනාට දයාගේ අම්මට දැන් වයසයිනෙ ඇනෝ.

      Delete
    12. This comment has been removed by a blog administrator.

      Delete
    13. ඔන්න ඉතින් සංවරව ලියන අපේ කොමන්ටුත් මාතලං ගොයියා මකනවානේ.

      Delete
    14. Ano... Please stop this....
      We got nothing do with there mothers.. I didn't erase your creative comments..
      this is bull shit..

      Please

      Delete
    15. Ok. Mathalan.
      i understand.
      it's my comment farcical only. do not misunderstand.

      Delete
    16. Mathalan your English is poor.I advice you yo improve it
      "not there mothers "

      Delete
    17. අරූ.... උඹ මෙහම ඉල්ලිම් කරන්න ඕන නෑ. දිගටම ලියපන්. කස්ටිය නිකන්ම එයි. කොහොම හරි පින්තූරයක් එල්ලපන්..

      Delete
  20. ඔබමයි ආවේ.. ඔබමයි යන්නේ..

    අපි එතැනම එහෙමයි.. !

    ReplyDelete
  21. මම නම් කියන්නේ මේක අලුත් සීන් එකක් නෙමේ කියල බන් . . මුන්නැහේලා විපක්ශේ නම් හිටියේ විපක්ෂෙකින් කෙරෙන දේවල් කොරන්න තිබ්බනේ පහුගිය ටිකේ . .

    ReplyDelete
    Replies
    1. මූ දෙයක් කලා. රනිල්ගේ ෆේවරිට් එකක් වෙලා උන්නේ. සජිත් තමයි එහෙම උන්න සෙට් එකටම ගේම දුන්නේ. ඒ කියන්නේ මුන්ට පොලිටිකල් ඉව නෑ.

      Delete
  22. අර කාටුන් එකෙ තියනව සියලු විස්තරේ

    ReplyDelete
    Replies
    1. හරියට හරි. දැන් මේක එකම කොම්පැනියක්..

      Delete
  23. අනේ මන්දා බන්..
    මුන් මෙහෙම එහෙට,මෙහෙට පැතිමාරු වෙන්නේ මුන්ටනම් ලැජ්ජා නහරේ නැතිව ඇති අනිවාර්යෙන්ම.
    මුන් ගැන කතා කරපු අපිටයි ලැජ්ජ.

    ReplyDelete
    Replies
    1. දයා එන ආත්මෙදි මගෙ පුතෙක් වෙයන්.

      Delete
    2. කවදාවත් පරමාදර්ශී චරිත තියා ගන්න එපා. තමන්ම වීරයා කරගන්න. එතකොට දුක වේදනාව නෑ.

      Delete
    3. පරමාදර්ශී චරිත තිබුනට කමක් නැ මචන් , මැරිච්ච් ඩයල් එකක් නම් , මොකද අලුතෙන් මොකුත් අලුගුත්තේරු වැඩක් කරන්නේ නැනේ , කලාතුරකින් තමයි එහෙම කෙනෙක්ගේ අඳුරු පැත්තක් එලියට එන්නේ

      Delete
  24. දයාසිරි මෙගා ස්ටාර් කෙනෙකි.ඔහු දේශපාලකයෙකු නොවේ.ඔහු කරන්නේ ගායනයෙන් කතා පවත්වමින් ගැලරිය පිනවීමයි.එක්සත් ජාතික පක්ෂය තුල මේ මොහොතේ ඔහුට වෙළඳ පොලක් නැත .එක්සත් ජාතික පක්ෂයම බන්කොලොත්ය.මහින්ද ඔහු සතු දැවැන්ත වෙළඳ පොළ තුල දයාසිරිට මිලක් නියම කර ඇත.මීට කලකට ඉහත සුපර් ස්ටාර් වූ අජිත් බණ්ඩාර දැන් කොහේදැයි හොයන්න අංජනමක් අරින්න උවමනා සේම තමුන්ගේ පීක් එක අවසන් වූ පසු දයාසිරි නම් මෙගා ස්ටාර්ද දෙන දෙයක් කා කරන කරන එක චාටර් කර ගෙන පීචං වන තවත් එස් බී කෙනෙකු වනු ඇති.

    ReplyDelete
    Replies
    1. 100% එකඟයි. දයාව විමල් වීරවංශ අහලකින් වත් තියන්න බෑ.

      Delete
  25. හෙක් හෙක් හෙක් මේවා දැකලා පන පලයන් ලබන පෙරෙදා කියුවලු

    …ග ල ක දි මොනරු ගලකදි රඟ දෙන වා ලු
    …ම ල ක දී බඹරු මලකදි පොරකන වා ලු
    …රැ ළ ක දි මාලු රැළකදි තනි වෙන වා ලු
    …ක ල ක දී වහලු කලකදි රස වෙන වා ලු

    ReplyDelete
    Replies
    1. එහෙනම් උබ පලයං. දිනේ පැන්නා.

      Delete
    2. ඒ දිනේ පැනලා සෑහෙන කල්

      Delete
    3. උඹට මල පැන්නද මචෝ.

      Delete
    4. මොනවට මල පනින්නද බං

      Delete
    5. දේශපාළණය රස්සාවක් උනහම ඔහොම තමයි. ඒකයි මම කියන්නේ මුලින්ම ඒ සිස්ටම් එක නැති කරන්න ඕන.

      Delete
  26. මොනා උනත් ඉල්ලා අස්වෙලා නැවත ජනතාව ඉදිරියට එන එක කොන්ද පණ ඇති වැඩක්...බොරුවට හරි එහෙම කෙලින් වැඩක් කරපු එක හොදයි...

    ReplyDelete
    Replies
    1. එත් උන්ට හොඳයි කියන වුන්ටයි, චන්දය දෙන නාම්බන්ටයි කොන්ද පණ තියෙන්න එපායෑ.

      Delete
    2. ඒක තනිකර පාජාවක්. පාර්ලිමේන්තුවේදි පැති මාරු කරත්. ඉල්ලලා අස් උනයින් පස්සේ. ඊළඟට එන්නේ යූ ඇන් පී ලිස්ට් එකෙන් මිසක් පොදු පෙරමුණේ එකෙක් නෙමෙයි. ඒකට අඳින උන් ඉන්නවා නම් හරක්.

      Delete
  27. ඔන්න දැන් දයාසිරියත් මහින්ද ලොකු අය්යත් එක්ක එකතුවෙල අපේ ** අරියි. අනේ එතකොටවත් දයාසිරියගෙ නෝනට ටික කලක් නිස්කලංකෙ, කරදරයක් නැතුව නිදාගන්නවත් බැරියෑ.

    ReplyDelete
    Replies
    1. දයාසිරි එන ආත්මෙදි මගේම පුතෙක් වෙයන්.

      Delete
    2. ඇනෝ කැමති නැද්ද මම පුතෙක් වෙලා ඉපදෙනවට?

      Delete
    3. පිස්සුවක් තියෙවැයි. හැක් _ කෙන්ජි මගෙ පුතෙක් උනොත්.?

      Delete
    4. අපිට ඇරිල්ල කෙසේ වෙතත්. රනිල්ට නම් අරියි. වෙන කියන්න දෙයක් නෑනේ ඡන්දෙ ඉල්ලන්න.

      Delete
  28. //එතකොට අර 15 ක් යනවා කියපු කතාව.
    ඒක ඉතින් ඉස්සරහට බලා ගන්න බැරිය. ඔහොම ගිහින් අන්තීමට රනිල් මහත්තයක් යයි.//

    මම හිතන්නේ රනිල් මහත්මයා විතරක් ඉතුරුවෙයි .

    ReplyDelete
    Replies
    1. එයා ගිහින් ගොඩාක් කල්..

      Delete
  29. මම දැක්කා දයාසිරි ඊයේ ටීවී එකේ කියනවා ආයෙමත් උපන්න තිබිරිගෙට ගියාය කියලා , මම එතකොටයි දැන ගත්තේ උන්නැහේ ඉපදිලා තියෙන්නේ එහෙ විත්තිය.. :D

    ReplyDelete
  30. අංක 1.
    දයාසිරි ජයසේකර මහතා ඊයේ(24) පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පත්වීමට නියමිත නලීන් බණ්ඩාර මහතා ද පාර්ලිමේන්තුවේ දිව්රුම් දීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයට එක්කර ගැනීමේ මෙහෙයුමක් ආරම්භ වී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ.

    බිංගිරිය ආසනයේ එජාප සංවිධායකවරයා වන නලීන් බණ්ඩාර මහතා වෘත්තියෙන් කොන්ත්‍රාත්කරුවෙකි. දයාසිරි ජයසේකර මහතාගේ සමීපතම මිතුරෙකු වන නලීන් බණ්ඩාර මහතා 2010 මහ මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා එජාපයෙන් තරඟ කළ අතර එහිදී තේරී පත් වූ අපේක්ෂකයන් අතරින් වැඩිම මනාප ලබා ගෙන තිබෙන්නේ මොහුය.
    නලීන් බණ්ඩාර මහතාට ආණ්ඩුවේ කොන්ත්‍රාත් ලබා දී දයාසිරි ජයසේකර මහතා වයඹට නාම යෝජනා භාර දෙන දිනයේදී ඔහුට සහාය පල කරමින් පාර්ලිමේන්තුවේම සිටිමින් ආණ්ඩු පක්ෂයට එක්කර ගැනීමට මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන බව එකී ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කර සිටී.

    ReplyDelete
    Replies
    1. ගත්තේ ලංකා නිව්ස් වෙබ් එකෙන්.

      Delete
    2. එහෙම කතාවක් තියෙනවාලූලුලුලුලුලුලු.ඌ නැහැ කියනවාලුලුලුලුලුලුලුලු.ඔය ලුලු කියපු හැම ලූලාම පියාඹන්නේ අරලිය වලේලු.

      Delete
    3. තෑන්ක්ස් මචෝ ෂෙයාර් කලාට.

      Delete
  31. අංක 2.
    ඉදිරියේදී පැවැත්වෙන මධ්‍යම පළාත් සභා සන්ධානයේ මහ ඇමතිධූර අපේක්ෂක වශයෙන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලුවිහාරේ මහතාව ගෙන ඒම සඳහා ජනාධිපතිවරයාගේ නියෝගයෙන් බැසිල් රාජපක්ෂ මහතා සාකච්ඡා පවත්වමින් සිටින බව ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

    මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රභල එජාප ආධාරකරුවන් වන අලුවිහාරේ පරම්පරාව සන්ධානයට එක්කර ගත හොත් මාතලේ ප්‍රදේශය එක්සත් ජාතික පක්ෂය අතු ගා දැමිය හැකි යැයි තදබල විශ්වාසයක් ජනාධිපතිවරයා තුල පවතින හෙයින් මෙසේ වසන්ත අලුවිහාරේ මහතා සන්ධානයට එක්කර ගැනීම සඳහා කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත. මේ සඳහා ජනාධිපතිවරයා පොළඹවනු ලැබූ අනෙක් කරුණ නම් එජාපය විසින් අසාද් සාලි මහතා මාතලේ දිස්ත්‍රික්කයට තරඟ කිරීම සඳහා යොදවනු ඇති බවට පවතින රාවයයි.
    අලුවිහාරේ පරම්පරාව කෙතරම් ප්‍රභල පාරම්පරික එජාප ආධාර කරුවන් වුවත් වසන්ත අලුවිහාරේ මහතා ජනාධිපතිවරයා වෙත ඕනෑම උදව්වක් කිරීමට බැඳී සිටී. ඊට හේතුව වන්නේ වසන්ත අලුවිහාරේ මහතාගේ බිරිඳගේ පියා වන ඇන්ටන් සේනානායක ජනාධිපති සමාවක් මගින් හිරෙන් නිදහස් කිරීමයි. සිය අනියම් පෙම්වතිය ඝාතනය කිරීමේ වරදට විසි අවුරුද්දකට සිර දඬුවම් නියම වූ රත්නපුර මහා සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ ඇන්ටන් සේනානායක වසන්ත අලුවිහාරේ මහතාගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව යටතේ නිදහස් කරලීම මෙකී බන්ධනයයි. දේශපාලනයට වඩා පෞද්ගලික බන්ධන බලවත් බැවින් වසන්ත අලුවිහාරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ ඉල්ලීමට කන්දෙනු ඇති බව ශ්‍රීලනිප ජේෂ්ඨයින්ගේ මතයයි. මෙම තත්වය පිළිබඳව හිටපු මහ ඇමති සරත් ඒකනායක මහතා දැඩි කම්පනයෙන් හා කලකිරීමෙන් සිටින බව ශ්‍රීලනිප ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

    ReplyDelete
    Replies
    1. ගත්තේ ලංකා නිව්ස් වෙබ් එකෙන්.

      Delete
    2. ඔය පේනවනෙ ලොක්ක හැමෝටම ගිල්ලෝල තියෙන්නෙ "ජිල්"බෝල නෙමේ "බාස්කට්"බෝල කියල.
      ලොක්ක ඔය වගේ හැමතැනම ආයෝජනය කරල තියෙන්නෙ ඉදිරිය ගැන හිතල.
      අර වේලායුදන් කියල තියෙනව වගේ විමල්/චම්පික විතරක් නෙමේ මුලු ලංකාවම ඉන්නෙ "ඉන්දියාවෙ බොම්බෙ දොදොල්"කාපු එව්වො වගේ කට ඇරගන්න බැරිව.

      Delete
    3. කෙන්ජි.....වේලායුදන්ගේ "බොම්බේ දොදොල්" ටෝක් එක නම් එලකිරි.පලවෙනි වතාවට වෙන්නැති දෙමළ දේශපාලඥයෙක්,ඔය වගේ එලකිරි පද දෙකක්,සිංහල ව්‍යවහාරයට දැම්මේ නේද?ඇත්තමයි...දැක්ක ගමන් හිත බැඳුනා......

      Delete
    4. අළුවිහාරේ ආවත් නැතත්. මහ ඇමතිකම නම් සරත් ඒකනායකට ලැබෙන්නෙ නෑ.

      Delete
  32. කවුරු මොනව කිව්වත් දයාසිරිගේ යාම පිටුපස තියෙන්නෙ රනිල්ගේ නොහැකියාව විතරයි. දැං උන්නැහේටයි තිස්ස ලොක්කටයි කියන්න පුළුවන් පක්ෂය තවත් පිරිසිදු උනා කියල.

    ReplyDelete
    Replies
    1. පක්ෂේ පිරිසිදු වෙන්නනම් තොපිත් අයින් වෙන්න ඕන. නැත්නම් කසල ගොඩක් විතරයි.

      Delete
    2. අයිං වෙන්න එපැයි ඉඳල ආයිබෝවං!

      Delete
    3. රනිල් ව්‍යවස්ථාවක් හදාගෙන එන කොට මිනිස්සු ෆෝම් උනා. මම නම් ඒක පාජාවක් කියලා එදාම ලිව්වා. රනිල්ට එකෙක්වත් ඕන නෑ.

      Delete
  33. දයාසිරි පැන්න එක ගැන කියන්න තියෙන්නේ මිනිහා තමන්ගේ අනාගතය විනාශ කර ගත්තා කියන එකයි. රනිල් නිසා දයාසිරිට එජාපයේ තැනක් නැති බව ඇත්ත. ඒත් මහින්ද රාජපක්ෂ ඉන්නකම් දයාසිරි වගේ අයට පොදු පෙරමුණේ කොහොමවත්ම තැනක් නැහැ. එස් බී ත් මේ මෝඩකම කරා. මහින්ද ඉන්නකම් මේ අයට කවදාවත් තැනක් එන්නේ නැහැ. මහින්ද, බැසිල්, ගොඨාභය, චමල්, ශශින්ද්‍ර, නාමල් කියන අයට ගොඩක් පස්සේ තමයි මේ අයට තැන එන්නේ.

    ඒ වුනත් දයාසිරිගේ ආර්ථිකයට නම් මේක හොඳ ආයෝජනයක් වෙයි.

    ReplyDelete
    Replies
    1. දයාසිරි නෙවේ විනාශ වුනේ. UNP ය. දැන් බලපං තොපේ එවුන් කී දෙනෙක් ආණ්ඩුවේ ද? දැන් ඉතින් දයාසිරිට විනය පරීක්ෂණයක් කරනවා කියලා විනය තකා වැඩ කරපල්ලා. තොපිට මේ කපේදි මහින්ද මහත්තයා පරද්දන්න බෑ. පුළුවන් එකෙක් ඉන්නවනම් ෂේප් එකේ සෙට් වෙයල්ලා. උබලටත් අඟහිගකම් ඇතිනෙ.

      Delete
    2. ඇනෝලා දෙන්නගෙම කොමෙන්ට් එක්ක එකඟයි...

      Delete
  34. ඇනෝ කමෙන්ට් කරුවනි.

    මින් පසු කකාගේ බ්ලොගය තුලදී ඇනෝ කමෙන්ට් දමන ඔබ ප්‍රවේශම් වන්න. කකා ඔබට එරෙහිව කූට උපක්‍රමයක් දියත් කරන බව අපගේ බුද්ධි අංශ වලට පෙනී ගොස් ඇත. ඔහු ඇනෝ කමෙන්ට් කප්පාදු කිරීම සඳහා www.fraudlog.com නම් වූ මෙවලමක් භාවිතා කරන බව පෙනී යයි.

    ඇනෝ අයිතීන් සුරකිමු ! නිදසක් කමෙන්ට් වාරණයෙන් මුදවා ගනිමු !

    ReplyDelete
  35. හොරණෑ පත්තරේක තිබුනෙ 'ලිංගික හිංසනය' නිසා පැන්නා කියලා....අනේ කවුදෑ ඕව දන්නෙ....

    ReplyDelete
    Replies
    1. එවා නම් ඉතින් මඩ. රනිල් බලෙන් යන්නේ නෑ. දුන්නොත් නිකං ඉන්නෙත් නෑ..

      Delete
  36. මොනවා මාතලං වාර්තාකාර තුමා.. අපේ රහස් සාකච්ඡාව පත්තරේ දාලා.. (දයා මැතිනිය සෝකපරකාස වෙමින් යෙහෙළිකට පවසයි)

    ReplyDelete
    Replies
    1. අනේ දේශකයෝ. දයා ඊලග ආත්මෙදි මගේ පුතා වෙයන් කියලා කියපියකෝ.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. බලහං පව්ලූශා. අපේ සංවේගය පල කරන්න මාතලං ගොයියා ඉඩ දෙන්නේ නෑනෙ.

      Delete
    4. Ano Please stop this..
      i ddnt erase ur creative cmnts
      but, dis s bull shit..
      pls..

      Delete
    5. Ok. Mathalan.
      i understand.

      Delete
    6. රහ්ජස් සාඛච්චාවක් නෙවෙයි බන්. දයාසිරිමයි කිව්වේ නොනගෙන් අහගන්න කියලා..

      Delete
  37. මාතලං ගොය්යෝ ඕං ඇහෑ දාල බලහන් තවත් එවුන් ඉන්නවද...කියල පඳුරු තලන..!!!

    ReplyDelete
    Replies
    1. එකෙක් ගැන නම්, හැම තැනම කතා වෙනවා...

      Delete
  38. අන් දයා ලබනාත්මේ අර ඇනෝගේ පුතාම වෙයන්...

    ReplyDelete
    Replies
    1. ඔව් පව් නේ. කී තැනක ඉල්ලලා තියෙනවද....?

      Delete
    2. තැන්ක්‍යු, නලීන්
      තැන්ක්‍යු මාතලන්.

      Delete
  39. මොනව වුනත් මාතලන් මහාචාර්යතුමා දයාසිරිගේ බිරිඳගේ චරිතය සෙක්සි විදියට ලියලා තියනවා. මට නම් ඔය දේශපාලුවෝ කොහේ ගියත් කමක් නෑ. අපිට ඕන ආතල් ටික විතරයි. මෙදා blog එකත් පට්ට. ඔබතුමාට ජය

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකද බ්ලොග් පෝස්ට් එකද...?

      Delete
    2. අනේ බොලේ ලියපු එක වැරදියි නේද, බ්ලොග් පෝස්ට් එක මහාචාර්යතුමනි.

      Delete
  40. මහින්ද ළඟ කලින් කවුරුවත්ම හිටියේ නැද්ද මන්ද ! දැන් බලන බලන හැම එකාම පැනපු උන් නේ. මැතිනියගෙන් දීපු ගානත් අහන්න තිබුනේ.

    ReplyDelete
    Replies
    1. ඒවා ඇහුවනම් හිතයි ඉන් කම් ටැස් එකෙන් කියලා..

      Delete
  41. ඇයි ඔබ පැන්නේ දයා...
    මේ දේ වෙනවා කලින් ඉතින් වයබ අපි කලින්ම දැන ගෙන උන්නා... අනිත් හැම දෙකටම වඩා අකිලට මෙහෙ නායක කම දුන්න එක අවුලක් උන... මොකද එක ජයවික්‍රම මහත්තයටම දුන්නනම් ශේප්.. එත් මනාප වලින් උනත් දයාසිරිට ගොඩක් පස්සෙන් ඉන්න කෙනෙක්ට දුන්න එක ගැන ටිකක් විතර ප්‍රශ්නයක් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. අපි හිතන ඒවා නෙමෙයි ලොක්කා කරන්නේ. දැන් උන් උන් මරාගන්නවා. පරණ සෙට් ඔක්කොම ඉවරයි..

      Delete
  42. ලඟින් හිටිය නැති ටික කාලේදී ඔයා හුඟාක් වෙනස් වෙලා :D


    ඇඃ යකෝ .. මේ රටේ විපස්සයක් ඇත්තෙම නැත්ද එතකොට :(

    ReplyDelete
    Replies
    1. නෑ ඔක්කෝම එකම කොම්පැනියේ

      Delete
  43. වයඹට සිරි..
    දයා සිරි...
    අම්මටසිරි..
    ලොක්කට
    සුබාසිරි.... :P :P

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න