.

.

Jul 31, 2013

Sex & Tax



රමණය...
කුමකටද....?
සෑමදා...!!!
නොවරදවා,
කෙලිනා කල.....
ආන්ඩුව....!!!

මේ මම බොහොම කලකට කලින්, මගේ "පීන්තූර" බ්ලොග් එකේ ලියපු කවියක්ය. මේක බොහෝම ප්‍රසිද්ධ කියමනක්ය. අපේ රටේද මෙය දැන් තනිකර ඇත්තක්ය. අරින එක ඇතිවෙන්නම අරිනවාය.

මේ ආන්ඩුවට දැන් සල්ලි නැතිය. වෙනත් රටවලින් ණය ආධාර දෙන්නේත් නැතිය. ඇයි ඇම් ඇෆ් එකෙනුත් දෙන්නේ නැතිය. ගිනි පොලියට දෙන්නේ චීනා විතරය. ඌ ඒක දීලා අනෙක් පැත්තෙන් ගන්නවාය. විදෙස් ආයෝජකයෝ එන්නේ නැතිය. නූරීයා වත්තේ වගේ, මහ ඇමතිලාම සෙට් වෙලා මිනී මරණ රටක, ආයෝජනය කරන්න එන්නේ පිස්සෝය. එහෙම නැත්නම් ඉතින් කුඩු කාරයෙක් හරි, බඩු කාරයෙක් හරි වෙන්න ඕනාය.

සංචාරයට එන්නෙත්, හිඟන සුද්දෝය. උන් තෝසේ කාලා ප්ලේන්ටි බොන සුද්දෝය, එහෙම නැත්නම් සෝමේ අයියා කිව්වා වගේ, චූන් පාන් එකෙන් කිඹුලා බනිස් කන සුද්දෝය. ජේමිස් පැකර්ලාට අවුරුදු ගනන් බදු සහන දෙන්නේ ඒ නිසාය. ඌ ඇවිල්ලා කැසිනෝ එකක් හරි දමාවිය.

ගනින්නාන්සේලාත් දෙසන්නේ බයිලාය. ඇයි මීට කලින් කැසිනෝ දැකලා නැද්ද හලෝ, නිකං වඩිනවා අයිසේ වඩින්න කියා කියන්න වෙනවාය. අපේ කැසිනෝ රජා, බැංකු ඔක්කෝගෙම අයිති කාරයා වෙලාය. කැසිනෝ කියන්නේ ඒ වගේ බොහොම වටිනා කියන, බලවත් බිසිනොස් එකක්ය.

මේවා මේ ඉලව් ගෙදර බූරූවා ගහනවා වගේ නෙමේය. තෝන් ගත්තේ නැතත්. මේව්වාට එන්නේ හොඳ සල්ලි කාරයෝය. එහෙම එන්න යන එකත්, හර්ෂලා හදන්නේ නවත්තලා දමන්නය. එයාලටත් ඕන අපේ එකේම අරිනවාටය. මොන මළදානයක් හරි කොරලා අගාදෙන් ගොඩ එන්න ගියාම, එයාලටත් අරෂස් හැදෙනවාය. උන්ගේ කාලේ දැම්මේ කැසිනෝ නැතිනම් ඔළුවේ උකුණෝද කියා අහන්නම හිතෙනවාය.

මට ඕනා, මොන මළදානයක් හරි කොරලා අපේ අරින එක නවත්තා ගන්නය. මේ ආන්ඩුව දුවන්නේ දඩයි බදුයි එක්කය. ඒ දෙක නැතිනම් කබරාලලාගේ සංවර්ධනේ රෝල් කරලා පස්ස පත්තේ ගහගන්න වෙනවාය. උපන්දා ඉඳන් මැරෙණකම්ම බදු ගහනවාය. ඒ අස්සේ ජීවත් වෙන කාලේ දඩ ගහනවාය.

ඩෙංගු නැති කරන්නේ නැතිය. අර, කුඩු දාලා, හිරේ දානවා වගේ. කීටයෙක් ගෙනත් යෝගට් කෝප්පෙට දාලා, කප්පම් ගන්නවාය. එහෙම එකතු කරපු ගාන කෝටි 20 ක්ද කොහෙද කියලා පත්තරේක තියෙනවා දැක්කේය. මුන්ගේ අම්මලාට හැමිනෙන්න, ඒකෙන්වත් මදුරුවෝ ටික නැති කරලා දාන බැරිදෝ කියා ඕන එකෙකුට හිතෙනවනම් අවුලක් නැතිය.

පාරට වාහනයක් දාන්න බැරිය. කාකි ඇඳ ගත්ත, සුදු හෙල්මට් දාපු හිඟන්නෝ, අඟලෙන් අඟල ඉන්නවාය. පොතේ ලිව්වොත් පී බී ජයසුන්දරටය. ලිව්වේ නැත්නම්, කාකි හිඟන්නන්ගේ සාක්කුවටය. එක්කෝ ඉර කැපුවයි කියනවාය. නැත්නම් හයි ඉස්පීඩ් ගියා කියනවාය. හයි ඉස්පීඩ් එකේම ඇඟ උඩින් යන්න හිතුනත් කිසි අවුලක් නැත්තේය.

ඒ ඔක්කෝටම හපන්, දුකට සැපට දෙකටම ඉන්න අරක්කු වලටයි, සිකැරට් වලටයි ආයෙත් කෙලලාය. මිනිස්සුන්ට ඇන්ජෝයි කරන්න තියෙන එකම එකත් ඔච්චරය. අන්තීමෙදි වෙන්නේ හිඟුරානේ බාල බඩු හරි, වෙලේ සුදා ෂොට් එකකට හරි සෙට් වෙන්නය.

ඒ පාර, ඒවා ගත්තාම, වකුගඩුවලට කෙල වෙනවාය. ඊට පස්සේ ලේ මාරු කරන්න ආයෙත් සල්ලි යනවාය. ඊට වඩා, හොඳ කොලිටි බඩු පොඩි ගානකට දෙන එකය. එතකොට සුද්දෝ වයින් බොනවා වගේ ඔක්කෝම පොඩි ෂොට් එකක් ගහන්න පටන් ගන්නවාය.

එහෙම නැත්නම් ලාබෙට වයින් එකක් වත් හදලා දෙන්න ඕනාය. එහෙම එකක් කරන්න හිතේවත් නැතිය. කරන්නේ පිට රටින් එතනෝල් ගෙන්නලා වයඹ ඉස්පැසල් කියා බොකු දිරාස් මළ ජරාව මාකට් එකට දාන එකය. ඔය උතුරේ පලු යන්න මිදි හැදෙන එකේ ඒ පැත්තේ වයින් ෆැක්ටරියක් ඇරියානම් ඒ මිනිස්සුත් ගොඩය. අපිත් ගොඩය.

කොහොම හරි, මේවා නම් චන්ද අඩු වෙන වැඩය. ඕක ඉතින් ඔය වැඩි කරා කියා, අපි වැඩේ නවත්තෙන්නෙත් නැතිය. බලාගෙන ගියාම. මතට තිත කිව්වාට. ආන්ඩුව තිතට යන්නේ බේබද්දෝ නිසාය. ඒක ලොක්කාත් දන්නවාය.

වැඩියෙන්ම බොන්නේ පෝය දවසටය. ඒ වෙන මොකවත් නිසා නෙමේය. පෝය දවසේ උදේ ඉඳන් ටී වී එකේ බුදු හාමුදුරුවෝ දෙසුවා කියා, හාමුදුරුවරුයි, සුදු ඇඳපු ආචාර්යවරුයි, ආන්ඩුකාරවරුයි, කෙලින පච අහලා සසර කළකිරුණ නිසාමය.

ඔය මොන සෙල්ලම් දැම්මත්, සුරයන්ගේ පානය අප අත හරින්නේ නැතිය. ගාන වැඩි වෙන එකත් එක අතකින් හොඳය. මොකෝ, අද පාන් ගෙඩියක් කන එකාත් හොඳ සල්ලි කාරයෙක් නිසාය. එම නිසා මේ පානය අප වෙත එවු සුරයන්ට පින් පිනිස මේ පාඨය කියා, අපේ කතාව මෙතනින් නවත්තනවාය.

ආකා සඨ්ඨාච බුම්මඨ්ඨා
දේවා නාදා මහිද්දිකා
පුඤ්ඤංත්තඃ අනුමෝදිත්තා
චිරං රඛ්ඛං මං පරන්ති.......

ප: ලි:
අරක්කු සිකැරට් වලට විතරක් නොව, පොඩි උන්ගේ කිරි පිටි වලටත් ඇරලාය. සාරුවා සුනිල් හොඳය. ඌ ඇරියේ 300 කට විතරය. ආන්ඩුව, ඔක්කෝම පොඩි උන්ගේ ඇරලාය. මිනිස්සු කිරි නැති නිසා, ගෙවල් වලට පැන ගෑණුන්ගේ තන කිරි බලෙන් බොන කේස් පත්තර වල තිබුනොත්, ඔහේලා පුදුම වෙන්න එපාය. ඒ නැට්ටට කිරි එරුණ කේස් එකක් නොව, කිරි නැති හින්දා තන කිරි බීපූ කේස් එකක්ය.

119 comments:

  1. සිගරට් වැඩිකලාට හිතට අමාරුයි නෙද ? හෙක් හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. ඇයි ජෝන් මල්ලී ඔයාට අවුල්ද

      ලොක්කා මතට තිත තියනවා කියලා කට්ටිය ඇන්දුවා. ගෑණු ටිකත් උඩදාගන කතිරේ ගැහුවා ,

      ලොක්කා දින්නේ අරක්කු සිකරට් හන්දා

      ලොක්කා ගෙදර යන්නෙත් ඒ හන්දම තමා

      බලහං බොරුද කියලා.

      අරක්කු සිකරට් බොන උන් ජාතික වීරයෝ , හරිනං උන්ගේ පීන්තුර හන්දියක් හන්දියක් ගානේ එල්ලලා පුද සත්කාර කරන්න ඕන ,

      මොකද අරාබි රටවල් වලට ගිය අක්කලා නංගිලා දෙන සල්ලි ඇරුනහම , ලොක්කා ගොඩ යන්නේ මිනිස්සුන්ගේ දුක දියකරලා අරින අරක්කු ටිකට ගහන බද්දෙන් සහ , මිනිස්සුන්ගේ ප්‍රශ්න පුච්චලා අරින සිකරට් එකට ගහන බද්දෙන් ,

      එහෙම නෑ කියනවානං බොරු විච්චුරන නැතුව නවත්තලා පෙන්න පල්ලකෝ අරක්කු සිකරට් විකුනන එක,

      Delete
    2. මෙන්න මිනිස්සුන්ගේ වේදනාව හෙක් හෙක්

      Delete
    3. ඔව් ඒකනම් ඇත්ත ඈ

      Delete
    4. අටමෝ දුක් වෙන්න එපා බං,ඕව ඔහොම තමයි , හිත හදා ගන්න බලපන්,ජීවිතේ ඔයිට වඩා දේවල් නැතිවෙනවනේ මචං. ගිය ආත්මෙක කරපු පවක් තමයි ඔය පලදෙන්නේ , ගිය ආත්මේ උඹ අමද්‍යප සංගමේක සභාපතිවෙලා ඉන්න ඇති.

      Delete
    5. නැතිව ඉතින්.... උඹලා භාවිතා කරන දෙයක් වැඩි උනොත් උඹලට සන්තෝසද...? මේක නිකන් අර.. ආචාර්ය වරුන්ගේ වර්ජනේ, ඩොක්ටර්ස්ලට අදාල නෑ වගේ තර්කයක්නේ...

      Delete
    6. මාගේ බ්ලොග් ප්‍රොෆයිලය අඩවිය හැක් වී ඇත!
      කොමෙන්ට් කිරීමේදී විමසිලිමත් වන්න!

      Delete
  2. මොනවා කලත් ඊළඟ චන්දෙත් මුන් දිනනවා සිකුරුය!

    ReplyDelete
    Replies
    1. දිනන්න.. ඉතින් වෙන පක්ෂයක් ඉල්ලන්න එපාය. ඉල්ලන්නෙත් උන් විතරයි. උන් උන්ම මරා ගන්නවා. අපි බලාන ඉන්නවා..

      Delete
  3. අපෙ ගෑනිත් අවුල් ගිහ්නද මන්දා.. අරක්කු සිගරට් වැඩි කලාලු නේද කියල ඇහුව..

    මට මතක් වුනෙ ටයර්, වාහන අමතර කොටස් වැඩි වුන එක. අපෙ ගෑනිට මතක් වුනෙ බොන බීම ගැන..

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගේ දුක තේරෙණ ගැණු දරුවෙක් මචෝ. මගේ ප්‍රණාමය පුද කලා කියහන්... අපේ නෝනා වගේ..

      Delete
    2. බොන බීම ගැන නම් මගේ අවුලක් නෑ.
      සිගරට් බොන එකට නම් වැඩි කැමැත්තක් නෑ.ඒත් ඉතින් එපා කියන්නෙත් නෑ...

      Delete
  4. හිඟුරානේ කොයිද ඩෝ බාල බඩු ? එවුවා තමා සුපිරි බඩු දැක්කත් වෙරි ..

    ඒ තී රෝස් කැප්ටන් ඒමත් වැඩි කරලද බං ?

    ReplyDelete
    Replies
    1. එව්වා වැඩිකරලා නැද්ද කොහෙද

      Delete
    2. මොකද නැත්තේ?
      ලංකාවෙ ඒව රු.2/=කින්,
      රට ඒව රු.3/=කින්.
      උරෝලම මැරියල්ල.

      Delete
    3. හපොයි ඒවා බොනවට වඩා හොඳයි. කසියා ටිකක් බීයන්.. කොහොමද බන් ඒවා බොන්නේ.. තනිකර එතනෝල් නේ...

      Delete
    4. අම්මෝ ඒක ඇත්ත බං , අර ඉස්සර තිබ්බ මෙන්ඩිස් ගල් වාගේ

      Delete
    5. ඒව බොනවට වඩා හොඳා, තිනර් වලට ගොම දාලා බොනවා..

      Delete
  5. ඔයාට අවුල්ද මාතලන්.... එන්න මෙයා මම අද ඔයාගෙ පිට කසන්න..... කමිසෙ ගලවලා පොඩ්ඩක් නැවෙන්න.... ජංගියත් පොඩ්ඩක් පාත් කරන්න...

    ReplyDelete
    Replies
    1. චියීයා.....කියන කැත කතා.

      Delete
    2. මේ ඇනෝ කවුද කියලා මම හොයාගත්තා. මේ තමයි අවුල් ඇනෝ. සමහර තැන්වල මරු නමකින් කොමෙන්ට් දානවා. තෑන්ක්ස් මචෝ ආතල් එකට. කිසි අවුලක් නෑ. උඹලා නිසා තමයි මේවා පවතින්නේ. කහපන් රත්තරනේ..

      Delete
    3. ඈ ඇනෝ මාට්ටුද? අපරාදේ නිකන් ලැබුණු ආතල් එක නවතියිද දන්නේ නෑ මීටපස්සේ.

      Delete
    4. අනේ මගේ ඇනෝ පණේ ඔයා නැත්නම් මේවා ලියලත් වැඩක් නැහැ. ඔයා මෙච්චර වෙලා තනියම ඇදන් ගිය ගේමට ඔන්න මමත් ඇන්ටර් වුනා. කසමු පණේ දෙන්නම.

      Delete
    5. බඩු මාට්ටු.. ඒවටත් ඉතින් වැඩ කාරයෝ ඉන්න නිසා හොඳා...

      Delete
    6. මාව මාට්ටු වෙන්නෙ කෝමද බන්..... මම ඇනෝම විතරයි..... විස්වාස කරනවනම් කරපන් .... නැත්තන් කැමති දෙයක් හිතා ගනින්....

      ඒක නෙවෙයි... උඹ මේක අස්සෙ රින්ගුවෙ මොන රෙද්දකටද.... මේක රජ තුන් කට්ටුව.... එනවා මෙතන පොලීසියෙන් කියලා සත විසිපහට තිහට #$%^&....

      Delete
    7. ඉහත කොමෙන්ටුව ඉවාන් පවුලූෂාටය....

      Delete
    8. මගෙත් කහපන් ඇනෝ මචං.

      Delete
    9. හා මචන් හෝදගෙන වරෙන්.... ඊයෙ මිරිස් එහෙම කෑවද?

      Delete
    10. @AnonymousJuly 31, 2013 at 8:32 PM
      සත විසිපහට .....? පිස්සුද ඇනෝ මේ 2013 නේ,දැන් දෙන්නේ කෝටි 25ට දැක්කනේ දයාසිරි.

      Delete
  6. ජන්දේ ඉවර වුනාට පස්සෙ තව මොන මොන එව්වාට ටැක්ස් වැදෙයිද?

    ReplyDelete
    Replies
    1. ඔක්කෝටම කෙලින්නයි යන්නේ. ආන්ඩුවේ රස්සාවල් දීලා. දැන් පඩි දීගන්නත් සල්ලි නෑ. එතකොට කපටි සූට් එක ගහලා ඉන්න හිඟන්නෝ සැට් එක. උන්ගේ පරම්පරාවල්, ආරක්ෂකයෝ, ඒ ඔක්කොමත් කන්නේ අපි හම්බ කරන ඒවලින් නේ..

      Delete
    2. ඊළඟට බැංකුපොත් වල තියන දුප්පත් මිනිස්සු ඉතිරි කල සල්ලි ටිකෙන් කියක් හරි ගන්නවා ගන්නවාමයි....

      Delete
    3. ඒවට වක්‍රාකාරව කෙලලා ගොඩක් කල්. හැබයි කෙලින්ම කෙලින දවසත් වැඩි ඈතක නෑ..

      Delete
  7. මොන ආණ්ඩුව ආවත් දුවන්නේ බදු වලින් තමයි....පොඩ්ඩක් ඉවලා ඉන්න අනේ...ආශ්චර්‍ය දැන් පේන නොපෙනෙන ගානට ඇවිල්ල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ආච්චිගේ රෙද්ද..? ඩුබායි දුවන්නෙත් ටැස් වලින්ද..

      Delete
  8. මේ ළඟදී හාමුදුරු කෙනෙක් කිව්වා බණකට , ලංකාවේ ඉපදෙන්න නම් ප්‍රාර්ථනා කරන්න එපා කියලා . මාතලනුත් එහෙම ප්‍රාර්ථනා කරලා බලමු . :p :p

    ReplyDelete
    Replies
    1. හපොයි... බහ තෝරන කාලේ ඉඳන් ප්‍රාර්ථනා කොරන දෙයක්...

      Delete
  9. අනේ අප්ප මාතලන් අයිය කියන විදිහටනම් ආන්ඩුව අරක්කු මිල වැඩි කරපු එකට වගකියන්න ඔනෙත් බුදුහමුදුරුවොයි, හමුදුරුවරුයිනෙ. මාතලන්ගෙ පෝස්ටුත් නිකන්ර මැක්කගෙ කතාව වගෙනෙ. කොහෙන් ගියත්න්තිමෙට වැරැද්ද බුද්ධාගමෙ තමයි. අනේ අෆොයි

    ReplyDelete
    Replies
    1. කොතනද බන් එහෙම එකක් කියලා තියෙන්නේ.. වපර ඇහෙන් බලන කොට එහෙම තමයි...

      Delete
    2. ‘සුරාමේරය මජ්ඣපමාදට්ඨානා වේ - රමණී‘ කියලයි බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ.

      Delete
  10. මිල වැඩි කලේ පාරිභෝජනය අඩු කරන්නලු. ආණ්ඩුවේ සියල්ල දත්ලා කියන්නේ එහෙමලු, ඇමරිකන් විරෝධීලු ,එත් හැමදාම ගහන්නේ ඇමරිකාවෙන් ගෙනාපු ශිවාස් රීගල්ලු. මතට තිතලු, අලුතින් බාර් ඇරියෙම නැතිලු. මේ තියෙන්නේ ඌ.ඇම්.පී. කාරයෝ ඇරපු බාර්මලු.

    ආඩම්බර තාත්තා කාටවත් බොන්න දෙන්නේ නෑ නැද්ද අපේ හාමුදුරුවනේ..?
    එහෙයි එහෙයි,

    ReplyDelete
    Replies
    1. එතකොට ඔය අළුතින් අරින ඒවට ලයිසොන් දෙන්නේ රනිල් වික්‍රමසිංහ වෙන්ටෑ.. යකෝ බලගෙන ගියාම රනිල් ලොක්කත් මාර පොරක්නේ..

      Delete
  11. @“ඒ පාර, ඒවා ගත්තාම, වකුගඩුවලට කෙල වෙනවාය. ඊට පස්සේ ලේ මාරු කරන්න ආයෙත් සල්ලි යනවාය.“
    හහ් හහ් හහ් හා....... ඔය කොලිටි බඩු කියන ඒවා බිව්වමත් කවද හරි ප්‍රතිපලේ ඕකම තමයි.වකුගඩු,අක්මාව,හදවත,..... සේරටම හොද එකෙන් කෙල වෙනවා.
    අනේ මචං,ඔය ජරාව බොන එක නතර කරපං මචං.(අවංකවම හිතවත් කමටයි කිව්වේ - කතන්දර බ්ලොගේ දැක්ක ඔයා කාටත් කියනනේ මචං කියල)

    ReplyDelete
    Replies
    1. පාන් වැඩි කලාම උඹට දුකයිනේ. ඒ උඹ පාන් කන නිසා. මේවා වැඩි කලාම. ඒවා පාවිච්චි කරන උන්ටත් දුකයි. පාන් කන එකා තමයි දන්නේ පාන් වල රහ...

      Delete
    2. සුරාවෙහි ගුණයත්
      එහි ඇති මිහිරි රසයත්
      බොන සුදනෝ මිසක්
      නොබොන අනුවණ දනෝ නොදනිත්

      Delete
    3. ඔය බොන “නුවණැත්තෝ“ සිරෝසීස් හැදිල කන්න බැරුව අපා දුක්විඳල මැරෙනව මම දැකල තියෙනව ඕනි තරම්.

      Delete
  12. මේ මේ කලබල වෙන්න එපා. ඕවා වැඩි කරනව කියල කිව්වම ඔය කම්පැනි කාරයෝ කරන වැඩ. උන් ටක් ගාලා වැඩි කරනවා. නැත්නං ආණුඩුව ඕක වැඩි කරන්න යෝජනා කරන්නේ නොවැම්බර අයවැයෙන් නෙව. මෙහෙමත් ආණ්ඩුවට බනිනවද අප්පා...

    ReplyDelete
    Replies
    1. අපිමේ අටමට බැන්නට මේකෙන් උඹටත් හෙන පාඩුයි නේ

      Delete
    2. එතකොට රට කරන්නේ කොම්පැනි කාරයොද බං.. මාරයිනේ...

      Delete
  13. මද පමණට ..මාතලන්...මද පමණට....
    එතකොට ටැක්සුත් මද පමණට :-)

    ReplyDelete
    Replies
    1. කොහොමත් එහෙම තමයි ගන්නේ.. එත් ඉතින් මද පමණට උනත් ටැස් එක වදිනවනේ.. බොන්න ඕන ප්‍රශ්නයක්...

      Delete
  14. අනේ හැබෑට අර වාහන කෑලි වලටයි තව මොනාවටදයි කෙලපු එක නොලියා මේකා අරක්කුයි සිගරට් එකයි වැඩි කරපු එකනෙ අල්ලගත්තෙ... අරක්කු සිගරට් වැඩි කරන එක හොඳයි කියන උන් තමා මේ රටේ වැඩි...

    ReplyDelete
    Replies
    1. උන්ට පිස්සු බන්. ඒකට හරියන්න තමයි කිරි පිටි වලටත් ඇරලා තියෙන්නේ. හෙට අනිද්දට් බස් ගාස්තුවටයි, පෙට්‍රල් වලටත් අරියම කාටත් තේරේවී. ඇරීමේ වේදනාව..

      Delete
  15. මාතලන් බදු කියන්නෙ මංකොල්ලයක්. නීතියට එකඟ මංකොල්ලයක්. සුරා පානයට මම නොරිසි වුවත් එයට මෙහෙම දඩ ගහලා මිල වැඩි කරන එකට විරුද්දයි. අනේ මන්ද සසිරි බර මෙසිරිලක කොබකට ද කියලා.

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා. අනික් ඒවටත් ගෙම දෙනවා. ඡන්දෙ වෙනකන් වත් ඇදගෙන යන්න බැරි සයිස් එකක්ලු තියෙන්නේ. ඡන්දෙටත් සල්ලි එපාය.. මම කියන්නේ ඡන්ද වැඩ වලට නෙමෙයි.. හෙංචයියන්ට කන්න බොන්න දෙන්න, කුඩු අරන් දෙන්න, අරකට මේකට, දැන් කෑලිත් දෙනවලුනේ...

      Delete
    2. ආර්ථික තරඟය යනු සමාජ එකමුතුවක් යැයි ෆෙඩරික් බැස්ටියාට් Economic Harmonies පොතෙන් පෙන්වා දුන්නේ 1850 දී ය. එහෙත් ලොව බහුතරයක් බැස්ටියාට් කවුදැයි අසා නැත.

      නිදහස කප්පාදු වෙද්දී ඊට එරෙහිව හඬ නඟන්නා අරාජිකයෙක් හෝ රාජ්‍ය විරෝධියෙක් හෝ දේශද්‍රෝහියෙක් සේ හංවඩු ගැසේ.

      ආහාර මිල ඉහළ යන්නේ මෙතෙක් බදු හා සහනාධාර වරප්‍රසාද ලැබූ පාලක හා පරිපාලන පංතියට පමණක් නොව සාමාන්‍ය ජනතාවටත් තම වේතන වැඩි වූ නිසා ආහාර මිල දී ගත හැකියාව වැඩිවී වෙළඳපොල ඉල්ලුම වැඩිවීමෙනි. එහෙත් දේශපාලන ව්‍යවසායකයන් එවිට පුද්ගලික ව්‍යවසායකත්වය නිසා ආහාර මිල ඉහළ ගියා යැයි ජනතාව රවටන්නට පෙළ ගැසෙති.

      Delete
  16. ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්‍රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.

    ඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.

    අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.

    ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
    මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.

    ( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )

    ReplyDelete
  17. Suuttak bona ekatath kelooonawa appaaaaa !

    ReplyDelete
    Replies
    1. ආයේ ඉතින් බොන ප්‍රමාණේ අදාල නෑ. ටැස් එක එකමයි...

      Delete
  18. //අපිටමයි කෙලවන්නේ... ඔන්න අරක්කු, බියර්, සිගරට් ඔක්කොම ගනං වැඩි වෙලා... මොකෝ ඕවා ගනං වැඩි කළාය කියලා අපේ හරක් නොබී ඉන්නවයැ.. ඒ පාඩුවත් යන්නේ ගෙදර කන්න බොන්න ගේන ටිකෙන් තමයි..... — feeling මේක මහ වාත රටක්....//

    අද මගේ ‌ෆේස්බුක් ස්ටේටස් එක....

    ReplyDelete
    Replies
    1. හි... හී...
      හි... හී...
      හි... හී...
      හි... හී...
      හි... හී...
      හි... හී...
      හි... හී...
      හි... හී...

      Delete
    2. අන්න ඔහේලා වගේ අයටම කෙලවෙන්න. චීස් බටරුත් වැඩි කරලා.. හොඳ සාදූ...

      Delete
  19. "චීස් වෙනුවට කැවුම් කාපල්ලා..!" මරා සංචාරකයින්ට කියයි----

    (ලංකා ඊ නිව්ස් -2013.ජූලි.31, ප.ව.10.30) මැතිවරණයක් අතලඟ තිබියදීත් මරාණ්ඩුව පවත්වාගත නොහැකි තරමේ මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින බැවින් භාණ්ඩ රැසක මිල ඉහල දැමීමට සිදුවී තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි, බටර් ඇතුළු කිරි ආශ්‍රිත නිෂ්පාදන වලද වාහන වල ටයර් ඇතුළු සියළු අමතර කොටස් වලද මිල 30% කින් ඉහල දමා ඇත.

    ඊට අමතරව මත්පැන් මිල ද ඉහළ දැමීමට රජය තීරණය කර ඇති අතර මත්පැන් බෝතලයක මිල රුපියල් 25 කින්ද, බියර් ලීටරයක මිල රුපියල් 10 කින් ද වැඩි කර ඇත.

    ආනයනික කිරි බටර් ආදියේ මිල 30% කින් ඉහල දැමීම නිසා දැනටමත් සාමාන්‍ය ආනයනික චීස් ග්‍රෑම් 250 ක මිල රුපියල් 1000 ක් පමණ වන එකක මිල රුපියල් 1300 ක් පමණ වනු ඇත. මෙය ලන්ඩනයේ චීස් මිල මෙන් තුන් ගුණයකට වඩා වැඩි වනු ඇත. ලන්ඩනයේ චීස් ග්‍රෑම් 300 ක් පවුම් 2 ක් හෙවත් රුපියල් 400 ක් පමණ වේ. ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් ගොඩ යෑමට උත්සාහ කරන රටකි. නමුත් දැන් ලන්ඩනයේ සංචාරකයෙක් ලංකාවට එනවා නම් ඔහු තමන් අනුභව කරන චීස් කෑල්ලත් ලන්ඩනයෙන්ම රැගෙන ඒමට සිදුවේ. මන්ද යත් කිසිදු බූරුවෙක් ලංකාවට පැමිණ තමන් සිටින රටේ මිලට වඩා තුන් හතර ගුණයක් ගෙවා චීස් කෑල්ලක් මිල දී ගැනීමට කැමති නොවන නිසාය. එසේත් නැතිනම් පැමිණෙන සංචාරකයාට සිදුවන්නේ චීස් වෙනුවට මැදමූලන මරාගේ කැවුම් කන්න ය.

    සංචාරකයන්ටත් ලංකාවේ මිල දරා ගන්නට නොහැකි නම් රටේ ජීවත්වන දුප්පත් මහජනයාට දෙයියන්ගෙන්වත් පිහිටක් නැත.
    Photo: "චීස් වෙනුවට කැවුම් කාපල්ලා..!" මරා සංචාරකයින්ට කියයි---- (ලංකා ඊ නිව්ස් -2013.ජූලි.31, ප.ව.10.30) මැතිවරණයක් අතලඟ තිබියදීත් මරාණ්ඩුව පවත්වාගත නොහැකි තරමේ මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින බැවින් භාණ්ඩ රැසක මිල ඉහල දැමීමට සිදුවී තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි, බටර් ඇතුළු කිරි ආශ්‍රිත නිෂ්පාදන වලද වාහන වල ටයර් ඇතුළු සියළු අමතර කොටස් වලද මිල 30% කින් ඉහල දමා ඇත. ඊට අමතරව මත්පැන් මිල ද ඉහළ දැමීමට රජය තීරණය කර ඇති අතර මත්පැන් බෝතලයක මිල රුපියල් 25 කින්ද, බියර් ලීටරයක මිල රුපියල් 10 කින් ද වැඩි කර ඇත. ආනයනික කිරි බටර් ආදියේ මිල 30% කින් ඉහල දැමීම නිසා දැනටමත් සාමාන්‍ය ආනයනික චීස් ග්‍රෑම් 250 ක මිල රුපියල් 1000 ක් පමණ වන එකක මිල රුපියල් 1300 ක් පමණ වනු ඇත. මෙය ලන්ඩනයේ චීස් මිල මෙන් තුන් ගුණයකට වඩා වැඩි වනු ඇත. ලන්ඩනයේ චීස් ග්‍රෑම් 300 ක් පවුම් 2 ක් හෙවත් රුපියල් 400 ක් පමණ වේ. ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් ගොඩ යෑමට උත්සාහ කරන රටකි. නමුත් දැන් ලන්ඩනයේ සංචාරකයෙක් ලංකාවට එනවා නම් ඔහු තමන් අනුභව කරන චීස් කෑල්ලත් ලන්ඩනයෙන්ම රැගෙන ඒමට සිදුවේ. මන්ද යත් කිසිදු බූරුවෙක් ලංකාවට පැමිණ තමන් සිටින රටේ මිලට වඩා තුන් හතර ගුණයක් ගෙවා චීස් කෑල්ලක් මිල දී ගැනීමට කැමති නොවන නිසාය. එසේත් නැතිනම් පැමිණෙන සංචාරකයාට සිදුවන්නේ චීස් වෙනුවට මැදමූලන මරාගේ කැවුම් කන්න ය. සංචාරකයන්ටත් ලංකාවේ මිල දරා ගන්නට නොහැකි නම් රටේ ජීවත්වන දුප්පත් මහජනයාට දෙයියන්ගෙන්වත් පිහිටක් නැත.
    83Like · Comment · Share

    Top Comments
    Manik Indika, Anuradha Sanjaya Senanayake, Vidura Mudalige and 81 others like this.
    Ashen De Silva මෙතනෙ එංගලන්තය ගැන සඳහන් කරල් තියෙන් හන්ඳ මට හිතුන අමෙරිකා එක්සත් ජනපදය ලංකාවත් එක්ක සසඳන්න. මෙහෙ හොඳ චෙඩා චීස් රාත්තලක් (ග්‍රෑම් 454) $ 1.75 (රුපියල් 228.00) විතර වෙනවා. නුපුහුනු කම්කරුවෙකුගේ දෛනික පඩිය $65 (රු.8,450) විතර වෙනවා. දැන් හිතාගන්න පුළුවන නේද ආශ්චර්ය්‍යයේ තරම. තවත් කඹුරපල්ල....ඉදිරි අනාගතේ ළමයින්ට බලගන්න චීස් පෙට්ටිවල පින්තූර එකතු කරපල්ල.මොකද චීස් මිළ මෙච්චර ඉහල ගිහාම ගන්න කෙනෙක් නැති වෙනවනෙ දේශපාලකයොයි ලොකු බිස්නස්කාරයොයි හැරුන කොට.අනේ රටකට වෙච්ච දෙයක්.

    හැබැයි අපිට දැන් අළුත්ම ගුවන්තොටුපොලක් තියෙනවා, රට හාරල හදපු වරායක් තියෙනවා නව අධිවේගී පාරවල් තියෙනවා අපිට චීස් නැතුවට කමක් නැහැ.... මොකද මේවා දැකල අපේ බඩ පිරෙනවානෙ..

    (ලංකාවේ දුප්පත් අසරණ ජනතාවට අපහාස කිරීම මගේ අරමුන නොවූ බව කරුනාවෙන් සලකන්න. මොකද මමත් උඹලගෙන් එකෙක්)

    ReplyDelete
    Replies
    1. මෙය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙන් උපුටා දක්වන ලදී.

      Delete
    2. චීස් කනන්ත් බෑ කෙන්ජි අයියේ එකේ ඩයිසයිනමයිඩ් ද මොකක්ද ...ත්තක් තියනවාලු

      Delete
    3. ..ත්තක් නම් කෙන්ජි වහ දාලා තිබ්බත් කයි...

      Delete
    4. කෙල ගිලින්නෙ නැතිව දිවෙන් ලෙව කෑවොත් විෂ වෙන්නෙ නැහැ මගෙ හිතේ.

      Delete
    5. විදුරුමස දියවෙලා, දත් කුහර හැදිලා නම් විසවේවි.

      Delete
    6. මචං මම ගියපු හැම රටකම කෑම ලාබයි. වැඩි දුර ඕන නෑ ඉන්දියානේ කෑම බීම් අපුදුම ලාබයි. මුන්ට හෙන ගහන්න කන බොන එකටම නේ කෙලින්නේ..

      Delete
    7. කියල වැඩක් නැහැ ලොක්ක.

      Delete
  20. මචං ගොන්නුන්ගේ හැටියට තමා ගොපල්ලා . . .

    ළමයින්ගේ කිරි පිටි, ළමයින්ගේ අප්පලගේ අරක්කු සිගරට් මේ මොනවා වැඩි කලත් ගොපල්ලාට ඔලුව පාත් කරගෙන ඌ කියන හැටියකට ගොන්නු ටික ඉන්නවා,උගේ පස්සෙන්ම ගොන්නු ටික එනවා කියලා කියලා ගොපල්ලා දන්නවා.

    ඒක නිසා බය නැතුව වැඩි කරනවා.

    ReplyDelete
    Replies
    1. කවුද බං දන්නේ බඩ මිරිකනවා විතරක් නෙමෙයි බඩට කෙලිනවත් කියලා..

      Delete
  21. ඔබ සැමට සුබ අනාගතයක් ! හෙහ් හෙහ් හෙහ් හොහ් හොහ් හොහ් හෙහ් ..................................................

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා. මොකෑ උඹ බේරෙනවය...

      Delete
  22. පට්ට මලෙන් ඉන්නෙ මාතලන්. ගහන්න ඔන අඩියක් මෙ ඔක්කොම අමතක වෙන්න

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ දොරේ.. බොන්නම වෙනවා ඉතින්...

      Delete
  23. මගේ චූ, කක්කි, ජී, පඩ ජොක්කු වැනි හිඟන ගොන් ආතල් පෝස්ට් වලටට වඩා ඔබේ පෝස්ට් සුපිරි වීම පිලිබඳව මා තුල ඇත්තේ ගොනා කාණුවට පැන සියදිවි හානිකර ගන්නා තරමේ ඊර්ෂ්‍යාවකි!
    ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. OYA TOPICS GENA MAMA MATHAK KALOTH THAMA OBATA DOON YANNE. SUPIRI POST LIYA GANNA NOHAKIWEEMA GENA LAJJA WENNA OONE.

      Delete
  24. ඉන්න ටිකේ ඉමුකො සුදෝ ජොලිය දමාලා කිව්වට එහෙම ඉන්නත් බැරි තත්තෙයක් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. දැන් නම් ජීවීතේ දුකක්, වියදම බොහොම සැරයි.. 70-77 නැවත පැමිණේවී..

      Delete
  25. ලංකාවේ සමලිංගික විවාහ නීතිගත කිරීමේ යෝජනාවක්!
    -Daily News

    වරේවා!!!!!!!!

    ReplyDelete
  26. තොපිට වෙන වැඩ නැද්ද?

    ReplyDelete
  27. //පාරට වාහනයක් දාන්න බැරිය. කාකි ඇඳ ගත්ත, සුදු හෙල්මට් දාපු හිඟන්නෝ, අඟලෙන් අඟල ඉන්නවාය. පොතේ ලිව්වොත් පී බී ජයසුන්දරටය. ලිව්වේ නැත්නම්, කාකි හිඟන්නන්ගේ සාක්කුවටය. එක්කෝ ඉර කැපුවයි කියනවාය. නැත්නම් හයි ඉස්පීඩ් ගියා කියනවාය. හයි ඉස්පීඩ් එකේම ඇඟ උඩින් යන්න හිතුනත් කිසි අවුලක් නැත්තේය.//

    පට්ට කතාව.

    ReplyDelete
    Replies
    1. බොරුවක් මුසාවක් නෙමෙයි නේ ආයිබෝවන්ඩ. ඒකයි බොක්කටම වදින්නේ..

      Delete
  28. මමනම් කරන්නේ කොහොමහරි මාසෙකට හරි දෙකකට හරි වතාවක් රට යන එකෙක් අල්ලලා ඩියුටි ෆ්‍රී එකෙන් බෝතලයක් දෙකක් ගෙන්න ගන්න එක. ලංකාවේ බඩු අඩු ගානට අරන් දවසෙන් දෙකෙන් ඉවර වෙනවට වඩා අරවගේ එකක් ගත්තහම අවුලක් නැතුව මාසයක් විතර පාවිච්චි කරන්න පුළුවන්.

    අපේ කම්පැනි එකේ වුන් කොහොමත් එකෙක් හැම මාසෙම කොහේ හරි රටකට යන නිසා අවුලක් නැහැ.

    අනිත් එක වයිපරේ වුනත් ගල්, පොල් වගේ ඒවා පාවිච්චි කරනවට වඩා අරවා ගත්තට දාන බර බරේ සැර අඩුයි.

    ReplyDelete
    Replies
    1. මාසෙට බෝතලයක්, උඹ බොනවද ලේවකනවද ?

      Delete
    2. අපේ ළොකු තාත්තත් බිව්වේ ඔහොම තමා. පොරටත් යාළුවෝ ගෙනත් දෙනවා. ඒ කාළේ රට බීම දැක්කේ එහේදි විතරයි.

      Delete
    3. ඔලුව කැක්කුමට ඔලුවට ගාන්ඩත් මදි බං , බෝතලයක් මාසෙකට

      Delete
  29. අපේ බඩු අපිම පෙරාගන්න නිසා යන්තමට පිරිමහ ගත්තහැකි.ඉඳල හිටලා ඇදපු සිගරට් එක වෙනුවට බීඩියක් බොනවා.ඒක හරි සිම්පල් ප්ලෑන් එකක්.

    ReplyDelete
    Replies
    1. මාත් ගෙදර සුළු කර්මාණ්තයක් විදියට පටන් ගන්න ඕන. බීඩී නම් ගහපු වෙලාවල් ඕන තරම්..

      Delete
  30. ලංකාවේ වකුගඩු රෝගය ඉහල යාමට එක හේතුවක් තමයි හොර මත්පැන්( කසිප්පු) භාවිතය ඉහළ යාම. ඒ නිසා ආනයනික මත්පැන් වල මිල අඩුකළ හැකි නම් මිනිසුන්ගේ ජීවිතවලට ඇති එවැනි අවදානම් මගහරවා ගත හැකිය.( ආනයනික මත් පැන් පවා ශරීර සෞඛ්‍යට අහිතකර විය හැකි වුවත් කසිප්පු තරම් අවදානමක් ඇති නොවේ යැයි මගේ හැඟීමයි).එසේ වුවත් දුම්වැටි භාවිතය අනුමත කළ නොහැකි නමුත් පානය කරන කෙනෙකුගේ අයිතියට එරෙහි විය නොහැකිය.

    මේ යන හැටියට කොළඹ නගරය සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් වූ පසුව දැනට සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් කෙරනෙ ගණිකාවකගේ සේවය ලබා ගැනිම වෙනුවෙන් වෙනුවෙන් යම් බද්දක් අයකර ගැනිමට හැකියාවක් ඇත. එහෙම වුනොත් ඒකත් එක බද්ද්ක්.

    මේ යන හැටියට චීනයට එක්කෝ මේරට සින්න වෙනවා. නැත්නම් චීනයේ අතකොලුවක් බවට පත්වෙනවා. ඒ දෙකෙන් එකක් වෙන තුරු අපේ මේ බදු වලින් චීනයට ගෙවන්න වෙනවා.ඉස්සර චීන්නු කොණ්ඩය බැන්දට දැන් උන් කොන්ඩය කපලා. ඒත් අපි උන්ගේ කොණ්ඩය බැඳගෙන ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. මහත්තයා මඟුලක් කතා කරනවා. ඔය කියන තරම් කසිප්පු දැන් නැ ගම්වල.

      Delete
    2. සීල් අරක්කු වල ගම් වල තියෙන බඩු මළ ජරාව. මගේ මතයත් ඔය වකුගඩු රෝගෙට හේතුව බාල මත්පැන් කියන එකමයි.

      දැන් චීනා අපේ කොන්ඩ බැඳලා තියෙන්නේ..

      Delete
  31. මාතලන් සහෝදරය.

    //ඔය මොන සෙල්ලම් දැම්මත්, සුරයන්ගේ පානය අප අත හරින්නේ නැතිය. ගාන වැඩි වෙන එකත් එක අතකින් හොඳය. මොකෝ, අද පාන් ගෙඩියක් කන එකාත් හොඳ සල්ලි කාරයෙක් නිසාය. එම නිසා මේ පානය අප වෙත එවු සුරයන්ට පින් පිනිස මේ පාඨය කියා, අපේ කතාව මෙතනින් නවත්තනවාය.//

    අපිට නැති උනත් අපේ ළමයින්ට හරි ඉගෙනගෙන හොඳින් ජීවත් වෙන්න අවස්තා තිබෙන බව, හා අනාගතයක් තිබෙන බව පෙනෙනවානම් අපි දුක් විඳින එකේ තේරුමක් තිබෙනවා.
    අපිට ඔය ලැබෙන හැටියට අඩියක් ගසා අපේ වෙහෙස මහන්සිය දියකර දැමිය හැකියි.

    නමුත් එහෙම ආතල් එකක්වත් රට කරවන කස්ටියගෙන් ලැබෙන බවක් පේන්නෙ නෑ.
    එවැනි අදහසක් නේද ඔය කියවෙන්නේ.

    kas- says //අනිත් එක වයිපරේ වුනත් ගල්, පොල් වගේ ඒවා පාවිච්චි කරනවට වඩා අරවා ගත්තට දාන බර බරේ සැර අඩුයි.// the best???


    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් අම්මේ මේ කියන්නේ.. වෙන මොකක්ද ආයේ...

      Delete
  32. මහ රජ තුමනි..........මට මගේ මාසේ පඩිය හැර අනිත් ඕනම යෝනි මාර්ගයක් වැඩිවුවාට කමක් නැත.පඩි වැඩි කෙරුවොතින් එහෙම නම් මම උඹට කෙලවන එක කෙලවනවාමය.

    ReplyDelete
    Replies
    1. හා..... හා.... කලබල වෙන්න එපා. එතුමා ඒ වගේ ජරා වැඩක් කොරන එකක් නෑ..

      Delete
  33. සිගරට් වැඩි කරපු දුකටය කොටලා තියේ කියා මටද හිතේ...

    මටනම් චන්දෙත් නැහැ. -_- ඕනේම නෑ.
    දෙසපාලුවොත් එපාමයි.. ඔක්කොම එකයි.. පාඩුවේ පොස්ට් එකක් කොටාන ඉන්නෝ...
    බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. තාම පිනට කන උන් නේ. හම්බ කරන් කන කාලෙට තේරේවී..

      Delete
  34. කෙන්ජි..........SEX කරන හැම පාරකටම TAX ගැහුවොත් උඹ ඉක්මනට බංකොලොත්වෙයි නේද බං?

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඌ පන පිටින් දිවිය ළෝකේ ගිහින් ජීවත් වෙන්නේ.. අපි අපායේ...

      Delete
  35. ගාණක් නෑ මාතලන් මමනං පලතුරු ටිකක් පෙරා ගන්ටයි අදහස

    ReplyDelete
    Replies
    1. ඔහේගේ කොටා ඉවරයි කියලා වෝනින් එක හම්බ උන නිසා අවුලක් නෑ.

      Delete
    2. මේසේ යට තියාගන බෝතල් කෙලලා මුණ ඉදිමුවාගන ලංකාවට ඇවිත් , අර රත්තරං හැරියගේ සුමිහිරි පානය පොඩ්ඩක්වත් බොන්නේ නැතුව ගිහිල්ලා දැන් එනවා මෙතන පළතුරු පෙරන්ඩ

      අනේ අම්මාපල්ල මගේ කටට එන කුණුහාරප මේ හැලපකාරයා එක්ක

      Delete
  36. පට්ට මාතෘකාව ඕයි ......

    ReplyDelete
    Replies
    1. ඇයි මේකට මැලේසියාව සම්බන්ධද.......?

      Delete
  37. මම නම් ඉතින් ඕවා පාවිච්චියක් නැ තාම... ඉස්සරහට පාවිච්චි කරන්න වෙයිද දන්නෙත් නැ... එහෙම උනේ නැතත් එක වැඩි උන එකෙන් අනිත් හැම එකටම බලපානවනේ... ලංකාවෙන් යන්න තැනක් ඉක්මනට හොයාගන්න වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. අනේ යන තැනකට මාවත් ඇන්න පලයං

      Delete
    2. අනිවා.. එක්කෝ සිස්ටම් එකට අනුගත වෙන්න වෙනවා. නැත්නම් පලා යන්න වෙනවා. ප්‍රිශාන්ත ජයකොඩි වගේ..

      Delete
  38. මුන් ඉතින් හැමදාම අපේ බොටුව මිරිකන එකනෙ කරන්නෙ.. හනේ මන්දා, ඕව ඉතින් අපේ මිනිස්සුන්ට අමතකයි, චන්දයක් කිට්ටු කරල ඇවිත් ඔය මොකක් හරි කරල හිනාවෙලා ගියාම.

    ReplyDelete
    Replies
    1. හා හා කොල්ලෝ උඹටත් ලෙඩක් වැටෙයි ,

      මෙන්න මේ වාගේ

      චන්ද + දෙනඋන්අංදන = චන්දන

      Delete
    2. දෙන්න වෙන එකෙක් නැතො කොට කාට දෙන්නද. මිනිස්සුන්ටම බනින එකත් වැරදියි..

      Delete
  39. බදු සහා දඩ නම් නිකන්ම දෙනවා අපරාදේ නොකියා තොග පිටින්ම්ම.

    ReplyDelete
    Replies
    1. තව ඉස්සරහට මීටත් වඩා හොඳ ඒවා දෙයි..

      Delete
  40. ඉස්සරහට මොනවා කොහොම ගණන් ගියත්,බෝඩ් එකක් උස්සන් පාරටවත් බහින්නලෙහෙසි වෙන එකක් නැහැ..වතුර ඉල්ලපු මිනිස්සුන්ට සලකපු විදිහෙන් ආන්ඩුව ඉස්සරහට "කර බාගෙන හි‍ටු" කියන පණිවුඩයේ දෙනවා!

    ReplyDelete
    Replies
    1. එහෙම නැතුව සටන් දිනන්න බෑ. අතීතයේ පටන් මිනිසුන් ඉල්ලීම් දිනාගෙන තියෙන්නේ ජීවීත පරිත්‍යාගයෙන්. එතනිදි රතුපස්වල ජනතාවත් නිවැරදියි. ඔවුන්ට අපගේ ප්‍රණාමය හිමි විය යුතුයි. ආන්ඩුව පැත්තෙන් මීට වඩා ඉවසන්න තිබුනා. ජල ප්‍රහාර එල්ල කරන්නෙත් වෙඩි තියලා ඉවර වෙලා. ඒක ඉතින් රණවිරුවගේ ජොබ් එක. වෙඩි තියපන් කිව්වම වෙඩි තියනවා. අම්මට තාත්තට උනත්.

      Delete
    2. මාතලන්, රතුපස්වල සීන් එකට යටින් වෙන මොකක් හරි ගේමක් ගිහින්ද? ලංකාදීපෙ ඊ නිව්ස් එකේ තිබ්බ ඒවා හැටියට වෙඩි සද්ද වෙන දිහාවකින් ඇහුනලු, තව මගුල් ගොඩක් තිබ්බ. එකත් කඩේ යන පත්තරයක් හින්දා ශුවර් නෑ. ආමි එකෙන්මද වෙඩි තියල තියෙන්නෙ? විස්තරයක් හම්බ උනොත් දාන්න.

      ප. ගෝ.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න