.

.

Jul 18, 2013

මදාවි දේශපාළඥයන්ට වැඩ වරදී...!!! - Tight action against small puppies...!!!


ගරු ආනන්ද සරත් කුමාර මැතිතුමා (නඩු අහන්නට අවශ්‍ය නැත.. පොරගේ තරම, හැසිරීමෙන් හිතා ගත හැක) ඉන්ටවීව් වල කැඳෙව්වේ, ඡන්දයක් තියෙන වෙලාවේ, ගූ බෙට්ටක් උනත් වටිනා නිසා වෙන්න ඇහැකිය. කොහොම හරි එයැයිට නාම යෝජනා දුන්නොත් නෝන්ඩි වෙන්නේ ලොක්කාමය. මොකෝ එයාට ඉල්ලා අස්වෙන්න කියපු නිසාය.

එහෙම අස්වෙන්න කියන්න ඕනා නැතිය. ගෙදරටම ගිහින් ඇරලලා ආවා නම්, කිසි අවුලක් නැතිය. මුන් ආයෙත් ඇවිත්, ජෝගී නටන කොට ලොක්කා ගැන උනත්, බුද්ධිමත් ජනතාවගේ හිතේ නරක සිතුවිලි ඇති වෙන්නට බොහෝ ඉඩ කඩ තියෙනවාය. ඒත් ඉතින් ජහ මනයා ඉල්ලාන්නේම මේ වගේ උන් නම් ඒකටත් කොරන්න දෙයක් නැතිය.

පොරට ඉහලින්ම බකප් එක දෙන්නේ, මහත්මා දේශපාළණය ගැන පොර ටෝක් දුන්න, ඉස්සර සංවෙදි මාධ්‍යවේදියෙක් යයි කියනා එකෙක් කිව්වාම, අපටත් උන්නැහෙලා මහත්ම දේශපාළණේ ගැන හිතා ගන්න ඇහැකිය.

අද මේක තනිකර විසාලා මහනුවර වගේය. ප්‍රාදේශිය දේශපාළඥයෝ පිස්සු බල්ලෝ වගේය. හැමදාම මොකක් හරි ගිනි විජ්ජුම්බරයක් ඇදගන්නවාමය. අළුත්ම එක ප්‍රාදේශීය එකාගේ පුතා වෙඩි තියලා, ඒක පොඩි එකෙක්ගේ කකුලේ වැදුන සීන් එකය.

කකුලේ වැදිලා පොඩි එකා බේරුනාට. කතන්දරේ කියන්නේ අපේ ගම් වල නියම පික්චැර් එකය. අද ඔක්කෝම ඉන්නේ මර්වින් සිල්වලාය. ඒ ගමෙන් අපිට රිපෝට් වෙන විදියටත්. අපිත් ගමේ ගියාම ඇස් දෙකට දකින් සීන් නිසාත්. අද ගමේ ඇත්ත තත්වේ ඕකය.

සාධාරණ මිනිහෙකුට සාමදානෙන් ජීවත් වෙන්න කිසිම ක්‍රමයක් නැත්තේය. විශේෂයෙන්, බිස්නස් එකක් කරන මිනිහෙකුට පාඩුවේ ජීවත් වෙන්න නම් කොහොමත් නොහැකිය. එක්කෝ ඌ පලාතේ දියවන්නාව නියෝජනය කරන එකා අල්ලා ගත යුතුය. නැත්නම් ප්‍රාදේශියේ සභාපති අල්ලා ගත යුතුය.

නැත්නම් ඉතින් බිස්නස් එකක් කරලා හමාරය. උන්ට ඉහලින් යන්න ගියොත් වෙන්නේ නූරියාවත්තේ ලොකු මහත්තයාට වෙච්චි දේය. අනිවාර්යයෙන් කප්පම් දෙන්නේ නැතිනම්, බිස්නස් කරලා හමාරය. එක්කෝ ඉල්ලන ඉල්ලන එකාට කප්පම් දිය යුතුය. නැත්නම් එකෙක් අල්ලගෙන ඌට කප්පම් දිය යුතුය.

කප්පම් විතරක් දෙනවානම් ඒකත් අවුලක් නැතිය. මේ කම්මපම් දෙන්න ඕනේ. රජයේ නීත්‍යානූකූල කප්පම් වලට මතරව වීම කරුමයක්මය. හැම ගමේම බාර් දැම්මේ විෂ්කි මැඩම්ය. ගම්වල තිබෙන බාර් ඔක්කෝම ආන්ඩුවේ උන්ගේය. ඒවා වල, පෝය දාටත් පිටිපස්සෙන් බඩු යනවාය. හැම එකාම ඉන්නේ කන පාත්වෙන්න ගහලාය.

ඊට පස්සේ ගෙවල් වලට පැනලා රේප් කරනවාය. වයසේ ප්‍රශ්ණයක් නැතිය. මාස 6 සිට 106 දක්වා නාඩි වැටෙනවානම් ඒ ඇතිය. එහෙම කරන්නේ උන් නීතීය පයිසෙකටවත් ගනන් ගන්නේ නැති නිසාය. සීන් එක මට මතක විදියටනම් පටන් ගත්තේ, කොටකෙතනින්ය. (මේ සීන් ගැන හොඳ විස්තරයක් මෙතනින් බලාගන්න පුළුවන්ය.)

සීන් එකේ හිටිය එකා, ඇමතියෙක්ගේ ප්‍රයිවට් සෙක්‍රරටිය. ඌ ගේම දුන්නේ මල්ලිත් එක්ක එක්කහු වෙලාය. ඌ කුඩු විකුණන එක ඇමතියා දන්නේ නැතිය. ඇමතියා බබාය. ළඟ ඉන්න එකා කුඩු විකුණන එක දන්නෙ නැති එකා රටේ ගමේ ප්‍රශ්න දැන ගන්නේ කොහොමද කියා අසන්න වෙනවාය.

ඌ කුඩුත් විකුණුවේය. රේප් කලේය, මකොල්ල කෑවේය. ඉඩම් ඇල්ලුවේය. අදටත් එළියේය. ඊළගට මතකෙට එන්නේ තංගල්ලේ චොප්පේය. දැන් නොබැඳි ජාතින්ගේ සමුළුවේ, කේස් එක ඇදේවී යයි බයේ, යට ගහලා තිබුන එක ආයෙත් එළියට ඇවිල්ලාය.

පොලීසි වලට ගහන එකට නම් අවුලක් නැතිය. ඔය ගොන් පොලිස් කාරයන්ට තුවක්කු දීලා තියෙන්නේ, එවා පුකට හේත්තු කරගෙන ඉන්න නෙමේය. වෙඩි තියන්නය. කනට ගැහුවාමත් වෙඩි තියාගන්න බැරි උනාට අපිට නම් දුකක් නැත්තෙය. උන්ගේ ගොන් කම් වලට අපිට කොරන්න දෙයක් නැතිය.



පට්ටම සීන් එක, මේ මදාවියෝ උසාවි එන දවසට, දියවන්නාවේ එකා එන සීන් එකය. ඒ කියන්නේ අරුන් පාට් එක දාන්නේ කාගේ හයියෙන්ද කියා, ගමේ උන්ට මෙන්ම රටේ උන්ට පෙන්නන්නට, දන ගස්සපු එකා එළියට එන දවසේ, ඇවිත් හිටියේ මංජුල වෙඩිවර්ධන දැකපු උත්තමයාය. මේ ළඟදි මීගමුව පොලීසියේ සීන් එකට ආවේ, ඒ පැත්තේ අන් ඔෆීසියල් අයියාය.

මුන් එනකොට පොලීසියත් බය වෙනවාය. පොලීසිය මුන්ට විතරක් නොව, කසිප්පු විකුනන එකාටත් බයය. මිනී මරණ එකාටත් බයය. නූරීයාවත්තේ සීන් එක හොඳම උදාහරණයය. මේවා උඩ පැන පැන කරන්නේ, කරන එකාට රැකවරණය තිබෙන නිසාය. එකෙකුට හෝ දැනෙන පනිෂ්මන්ට් එකක් දුන්නා නම් අනික් උන් වැඩේට බය වෙනවාය.

ඒත් ඉතින් හිරේ දාලා, හිරේ ඇතුලේ ගිහින් රේප් පාටියටත් සම්බන්ධ වෙනවානම් එහෙම පනිෂ්මන්ට් වලින් වැඩක් නැතිය. අලි ගම් වදිනවාට උද්ඝෝෂණයක් කරන්නේ දෙන්නේ නැති පොලිසය, මේ මදාවි සපෝටර්ලා එක්ක පෙලපාලි යන කොට ගාඩ් එක දෙනවාය. නවත්තන්න ඕනා මේවාය.

දැන් නම් ගිනි පත්තු වෙලා වාගේය. ඊයේ ඩෙංගු ඇමති අඬ අඬ කිව්වේ, එයාට මිනිස්සුන්ට මුණ දෙන්න බැහැයි කියලාය. එයා ලොක්කා එක්ක ටැලිපෝන් එකෙන් කත කොරගෙන තීරණයකට ඇවිල්ලාය. එහෙම ටෙලිපෝන් එකෙන් කතා කලේ දෙන්නගෙම පුත්තුත් චොප්පෙ පාට් දාපු නිසා මූණට මූණ බලාගෙන කතා කරන්න බැරි නිසා වෙන්නත් ඇතිය.

තව දවස් කීපෙකින් දරුණු පියවර ගන්න බව නම්, හොටු හූරන ගමන් කිව්වේය. අපි උන්නැහේලාගෙන අහන්නේ. මේ පාතාල කාරයෝ, කසිප්පු කාරයෝ, බොතල් හවිස් කාරයෝ, කුඩුකාරයෝ, බඩුකාරයෝ, ගංජාකාරයෝ නැතුව ඡන්දවලට දාන්න වෙනෙ එකෙක්වත් ඔය පක්ෂෙට නැද්ද කියාය.

කොටින්ම හිර ගෙවල් වල ඉන්න උන්, මහජන ආයතනවලට දාලා හරියන්නේ නැතිය. උන් පාජා කිට් එක ගහගෙන ආවාට, ටික දවසක් යනකොට ආයෙත් යන්නේ හිර ගෙදරය. එ ටික කාලේට. උන් සිරි ලංකා නිදහස් පස්සෙ නමත් කනවාය. ඒකේ ගරු ලේඛම් තුමාගෙත් නමකනවාය. සභාපති තුමාගෙත් නම කනවාය. නායකයාගේ නමත් කනවාය. කොටින්ම ගමත් කා, රටත් කනවාය.

දැන්වත් එයාලාට මේ ගැන මතක් උන එක හොඳය. ඔහේලා ඔතන තියාගෙන ඉන්නේ මිනිස්සුන්ගේ කැමැත්තෙන් නෙමේය. තියාගන්න වෙන උන් නැති නිසාය. අන්න එහෙම සෙට් එකක් ආපු දාට ඔහේලාට උන් හිටි තැන් සොයා ගන්නත් බැරි වෙනවාය. ඒ නිසා ත්‍රස්තවාදි නැති කරපු රටේ. මේ මදාවියෝ නැති කරලා දාලා මිනිස්සුන්ට මිනිස්සු ලෙස ජීවත් වෙන්න හදනවා නම් බොහොම අගේය.

තවත් සුපිරි බ්ලොග් අඩවියක් බලන්න නම්... මෙතන කොටන්න..

97 comments:

  1. මාතලන් දවල් හීනයක් දකිනගමන් ඉබ්බෙකුගෙන් පිහා‍ටු ඉල්ලනවාය.

    ReplyDelete
    Replies
    1. සමහර සිහින එලිවෙනවා කියලා කතාවකුත් තියෙනවනේ.. දැන් මේක එයාලටම කැරකිලා ඇවිත් තියෙන්නේ.. තංගල්ලෙ පැත්තෙ උන් නැතත්. අනිත් පැතිවල උන්ටවත්.... අඩුම ගානේ......

      Delete
    2. හීනේ ටික ටික එළි වේගෙන එන්නේ මාතලන්..තව ටික කාලයයි තියෙන්නේ..බළලා ගලේ පහරන් ඉවරයි..හත් පොලේ ගාගැනීම තමයි අද අපි දකින්නේ..

      හෝදන්න නම් යන්න හොඳ නැහැ "අනේ වරෙන් මල්ලියේ" කිව්වට...උදිත සහ කකා කිව්වා වගේ පුක නැතිවන තුරු නටන්න දිය යුතුයි..

      ( පුක යන්න කුණුහරපයක් නොවේ .)

      Delete
    3. ඒක ඉතින් අර එළුවගේ ඇට දෙක වැටෙනකම් බලාගෙන උන්නා වගේ තමයි. රනිල් ඉන්නෙත් ඔය මතයේ. ඒ දේ වෙයි. හැබයි මහින්ද ඉන්නකන් නෙමෙයි..

      Delete
  2. /* ලොක්කා ගැන උනත්, බුද්ධිමත් ජනතාවගේ හිතේ නරක සිතුවිලි ඇති වෙන්නට බොහෝ ඉඩ කඩ තියෙනවාය. */

    පුදුමයි! වෙන්ඩ බෑ!!

    මොකද එහෙම නරක සිතුවිලි එන්නේ බුද්ධිය අඩු අයට නේද?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ... මාර විදියට හැඟිම් දැණීම් තියෙන්නේ බුද්ධිමත් ජනතාවට විතරයි. ඒකනේ හැමෝම කියන්නේ. ජනතාව මෝඩ නෑ. ජනතාව බුද්ධිමත් කියලා...

      Delete
    2. අපි වගේ දේශද්‍රෝහීන්ට එහෙම සිතුවිලි එනව බං..

      Delete
    3. දේශද්‍රෝහීන්ට පැවත්ම බොහොම අඩුයි.. අපි බලමුකෝ මේ මැතිවරණයේදිවත්..

      Delete
    4. මාතලන් ලියන ලිපි වල බැලූ බැල්මටම පෙනෙන අර්තය පසුපස ගියොත් පස්ස බිම අැනගන්න සිදුවෙනවාය. මටද ෙදතුන් වරක් ඒසේ සිදුවිය.

      Delete
  3. // මේ පාතාල කාරයෝ, කසිප්පු කාරයෝ, බොතල් හවිස් කාරයෝ, කුඩුකාරයෝ, බඩුකාරයෝ, ගංජාකාරයෝ නැතුව ඡන්දවලට දාන්න වෙනෙ එකෙක්වත් ඔය පක්ෂෙට නැද්ද කියාය.//

    අනෙක් පක්ෂ වලට ඉන්නවනෙ සෝක් උත්තමයො ටිකක් :-p

    ReplyDelete
    Replies
    1. පංච මහා බලවේගේ පොරක් වගේ... අනිත් උන් ගැන කතා කරන්නේ. ඔහේලට අර පස් මහ බලවේගේ ඒවුන් ටිකක් වත් දාගන්න බැරිය. ඔහේලයි මහ උනුත් ටී වී එකේ කියන්නෙම ඔය කතාවම තමයි..

      Delete
  4. ආනමඩුවේ දණිස්සා නොමිනේශන් බෝඩ් එක ඉස්සරහ ඉන්නකොට,උගේ ගුරා අරුන්දික හිටියෙ උසාවියෙ සාක්කි දෙන්න ගිහින්ය.එතනත් බොරු වැලක් දමා ආවේය.උප ඇමතියෙක්ගෙ වාහනයක් ප්‍රාදේශීය බුවෙක් උස්සලාලු.ලොක්කගෙ වාහනේ ඇමතියෙක් ඉස්සුවොත් පුදුම වෙන්න දෙයක් නැත.මේවා දැන් නෝමල් වී ඇත.නෝමල් වී නෙමේ නෝමල් කර ඇත.ඕනැම ජඩ වැඩක් නෝමල්කරණය කිරීම පාලක උවමනවාය.ලොක්කා දරුවො අත ගෑවට ලොක්කා ලදරුවෙක් නොවේය.මොනවා වුනත් මේ පාරත් අන්තිමේදි ඇමති පැටව් රැලක්{උතුරේ හැර}සහ චන්ඩි මල්ලිලා ටිකක් පත්වෙයි.අනේ අපි කවදාක හිනහෙමුද මේ රටේ?

    ReplyDelete
    Replies
    1. ගුරුවරියක් දණ ගැස්සූ වයඹ පළාත් සභා මන්ත්‍රී ට, "ආණමඩුවේ දනිස්සා!" ඉතා ගැලපෙන උපහාසාත්මක යෙදීමක්.

      Delete
    2. මම තමයි ඒ නම හැදුවේ.පේටන්ට් එක මගේ.ඕන කෙනෙක් පාවිච්චි කරන්න.ආඩම්බරයි නේද?මර්වින් සිල්වාව උතුරේ චන්දෙට යැව්වා වගේ.උතුරේ දෙමල ජනතාවට හොද ශුද්ධ සිංහල ටිකක් ඉගෙනගන්න පුලුවන්.
      ඉඩ ඇති වේලාවක අරු-ගේ අඩවියට පියාඹන්න මාලුවෙක් වගේ.ගොඩාක් කලකට පසු ලියන්නේ.විකුනගන්න දන්නේ නැහැ.
      PRODUCTION IS NOT BAD,BUT MARKETING IS NIL.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. soory හොඳේ. මට "අරු-ගේ අඩවිය" කුමක්ද කියා එකවර වටහා ගන්න බැරි වූවා. එබැවින් කොමන්ටුව මැකුවා. පැමිණෙන්නම්.

      Delete
    6. "ආනමඩුවේ දනිස්සා" එකට වඩා නැගලා යනවා "පුත්තලමේ දනිස්සා" කිව්වා නම්. කෙසේ හෝ "අරූ" නම් බොහොම උපහාස රසය පිරි නිර්මාණකරුවෙක්...

      Delete
    7. අපි ඒක ආනමඩුවෙන් පුත්තලමට දක්කමු.ගුඩ් අයිඩියා.

      Delete
  5. මේ යන ක්‍රමයටනම් රජ්ජුරුවෝ, මදාවියෝ නැති නොකරන බව පසුගිය සිද්ධීන් දෙස ආපසු හැරී බැලූ විට අවබෝධකර ගත හැකිය. එය කිරීම වඳුරා කොටය මත සිට කූඤ්ඤය ගැලෙවුවා හා සමාන හැඟීමක් ඔහුට දැනෙනවා ඇති.

    මගේ බ්ලොග් අඩවියේ online සංඛ්‍යාව වැඩි වූ බව දැනෙද්දී ම මට සිතුණා එය ඔබේ වැඩක් විය යුතුයි කියා.

    ReplyDelete
    Replies
    1. ඔබේ අනාවැකිය හරි වගෙයි පේන්නේ. අපි අද හවස වෙනකල් බලමු..

      Delete
  6. ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්‍රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.

    ඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.

    අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.

    ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
    මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.

    ( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )

    ReplyDelete
    Replies
    1. මොකක්ද මාතලන් මේ ඉලව්ව. දැන් තුන්වෙනි සැරේ දැක්කේ මේ බ්ලොග් එකේ.

      Delete
    2. මම බස් රේඩියෝව ඇහුවේ පුද්ගලයො නිසා නොවෙයි... හොඳ සිංදු ගිය නිසා... නිවේදකයෝ හිටියා තමයි.. සමහරු හොඳයි සමහරු ගන්න දෙයක් නෑ... ඒක මට ප්‍රශ්නයක් වුනෙත් නෑ... මම ඇහුවෙ නිවේදකයො නෙවෙයි.. බස් රේඩියෝව...
      ලෝකයේ බොහෝ දේවල් පුද්ගලයො මත දිවෙනවිට මේ වගේ ප්‍රශ්න එනවා. ඒ වෙනුවට පද්ධතීන් (හර පද්ධතීන් සහ ක්‍රම විධි) මත දිවෙන සංවිධානයක් බිහි වුනාම, අර පුද්ගලයෝ කවුරු ආවත් - ගියත් පද්ධතිය/සංවිධානය ක්‍රියාත්මක වෙනවා...
      අපි හැමෝම එක එක්කෙනාගෙ වලිග අල්ලගත්තාම (බැඳීම් ඇතිකරගත්තාම) අපට පැත්තක් ගන්න වෙනවා...
      ඒ නිසා මේ ප්‍රශ්නය ගැන මධ්‍යස්ථව බැලුවාම ඉවරයි... බස් එක තිබුණොත් මම අහනවා.. නැත්තං වෙන එකක් අහනවා..
      එච්චරයි..
      මෙතන තියෙන කමෙන්ට් වලින් පේන්නෙ හැමෝම තම තමන්ගෙ වීරයො ආරක්‍ෂා කරගෙන අනිත් අයට මඩ ගහන බවක්..
      දැං ඉතිං මටත් මඩ ගහපල්ලා... මට මොකෝ !

      Delete
    3. පිස්සුද? හැටිද?

      Delete
    4. මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරණ ලද "අඬෝවැඩියාවකි"

      Delete
  7. ඔව්වා කොච්චර කිව්වත් අපේ රටේ ඉන්න බුද්ධිමත් මහජනතා ගොං හරක් රැල ආයෙමත් ඔය ඌරු රැළම පත් කරගන්නවාය.මිනිස්සුන්ට පොඩි චූන් එකක් දුන්නාම ඡන්දේ දාන්ඩ යන්නේ දුවගෙනය.

    ReplyDelete
    Replies
    1. මුන්ට ඇර දෙන්න එකෙක් නෑනේ.. අඩුගානේ ඡන්දය කටු ගාන ව්‍යාපාරයක් වත් ආරම්භ කරන්න වෙනවා..

      Delete
  8. අපේ මිනිස්සු ඡන්දය දෙන්නේ රට හදන්නට නොව තමන් හැදෙන්නටය. දරුවෙකුට රස්සාවක් ගන්නටය. ඒක හරිය. රට හදන්නට කළින් ඉස්සෙල්ලා තමන් හැදිය යුතුය. උපාධිධාරී දරුවාට රස්සාව දෙන්නේ අටපාස් එකෙකු වූවාට ඔවුන්ට කමක් නැත. රස්සාව දෙන එකා හරක් හොරෙක්, තැබෑරුම් කාරයෙක්, පල් හොරෙක්, කුඩුකාරයෙක් වීම ඔවුන්ට කිසිසේත්ම ගැටළුවක් නොවේ.
    එක අතකට මෙය අපේ මිනිස්සුන්ගේ අවංක කමය. ඇත්තටම වෙන කෙනෙකුට ඡන්දය දී මූණ බලාගෙන බොරු කීමට ඔවුන්ට නොහැකිය. ඒක නිසා පෞද්ගලිකව දෙන ඡන්දය වුවද උගත් කමින් හෝ අවංක කමින් වැඩි වෙනත් කෙනෙකුට දෙන්නට බැරිය. එහෙම අය කවදාවත් මන්ත්‍රී වුනත් සභාපති, ඇමති හෝ මහඇමති වෙන්නේ නැති නිසාය. ඒ සඳහා සපුරාලිය යුතු වෙනත් සුදුසුකම් තිබේ. දිය යුත්තේ වැඩක් කරගත හැකි කෙනාටය. ඒ නිසා ඔවුන්ගේ වැරැද්දක් කීමට නොහැකිය.

    ReplyDelete
    Replies
    1. කොහොමත් අපේ උන්ට රට ගැන හැඟිමක් නෑ. එහෙම රටට ආදරය කරන්න, ජනතාවට රටෙන් ලැබෙන දේකුත් නෑ..

      Delete
  9. ඔක්කොටම කලින් මේක බලන්නකෝ , මේක කියවලා හිනාව නවත්තගන්න බැරුව ඉන්නකොට මාතලන් දාපි තව එකක්.
    ඇත්තටම රාජපක්ෂලා පව් අප්පා... මෙයාලව වටේ ඉන්න ගෝල බාලයෝ කඩේ යවන තරම්.

    ReplyDelete
    Replies
    1. කියෙව්වා.නියමයි.හිටපු ගමන් දිවයින පත්තරෙත් හීනෙන් ඇවිදිනවා නේද?

      Delete
    2. දිවයින පත්තරේටත් ටොයිලට් දොරයි, අනිත් දොරයි ටැපලිලා ...

      Delete
    3. නියම කෑල්ල තමයි සරත් කුමාරව විවේචනය කරන ගමන්, මර්වින් සිල්වා ව අගය කරනවා.... පිස්සු හැදෙයි.

      Delete
    4. මර්වින් විවේචනය කරලා කොහෙමෙයි. මට ජෝතිත් එපා උනා දෙරණෙ "ජෝතී උපහාරේ" දැකලා. එහෙම විවේචනය කලා නම් හෙට දිවයින කුඩු..

      Delete
  10. ඉස්සර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිව්වේ සඟ වෙද ගුරු ගොවි කම්කරු බලවේගය කියලයි. දැන් කියන්න වෙන්නේ හොර මැර තග කුඩු තක්කඩි බලුවේගය කියලයි.

    ReplyDelete
  11. රටේ පාලකයො කරන වැඩ දිහා කට ඇරගෙන දත් විලිස්සාගෙන ඉන්නයි අපට වෙලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. උඹල නම් කට වහගෙන ඉන්න එක කෝකටත් හොඳයි...

      Delete
  12. Ethakota Thangalle madavia gana sandahanak naththe marune rape wune wideshikayin nisada, nathnam amathaka weemakinda?

    ReplyDelete
  13. මාතලන්..... මේ කමෙන්ට් එක මෙතනට ඔට්ටු නැති බව මම දන්නවා,ඒත් දානවා.
    මාතලන් හොරෙක්,මංකොල්ලකරුවෙක්,මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක් පමනක් නොව අලුත් බ්ලොග් කරුවන්ට සිනිඳු අත්වැලකි,සුමුදු මංපෙතකි.

    ReplyDelete
    Replies
    1. අරුන ඔබ මු.අරු.නෙමේ නේද?එයා නම් කැලේ ගස් කපන්න ගිහිල්ල අතුරුදහන් වුනා.
      ඔබගේ කෙටි ලිපි වුනාට ඉතාමත් රසවත්.මම මේ දැන් >> ගුවන් විදුලි නාලිකාවකින් ගීතයක් ඉල්ලන අසන්නෙක්<<කියෙව්ව.හිනා වෙලා පන ගීයා.
      කරුනාකර පුලුවන්නම් කාටත් කියවන්න හැකි ලෙස නැවත පල කරන්න.

      Delete
    2. කෙන්ජි... මේ මු.අරු නෙමේ.මම.අරු.මු.අරුවත් මම.අරු ඉස්සර ටිකක් දන්නවා.අවුරුදු තුනකට පෙර උයපුවා ෆ්‍රීසරෙන් අරගෙන මයික්‍රෝවේව් දාලා වලඳින එක වරදක් නැද්ද?

      Delete
    3. සහතික ඇත්ත. ඒ ගැන නම් බොහෝ නිදර්ශන තියනවා අරුණ. එහෙම නේද කෙන්ජි. අපේ මාතලන් ගොයියා අනුන්ට පිහිටවෙන හාදය.

      අද වැඩ කමෙන්ට් එක හෙට දාන්නම්.

      Delete
    4. අනිවා වෙද මහත්තයෝ.
      ඔහු ලකුණු දාගන්න වැඩ කරන කෙනෙක් නොවෙයි.
      ඒ වගේම කියන එක කෙලින් කිව්ව.
      පස්සේ ඒ ගැන හිතෙත් නැහැ බඩෙත් නැහැ.

      Delete
    5. අරුන; රසට උයපු දෙයක් අයිස් ටික යන්න ඇරල,රත් නොකරම කන්න පුළුවන්.

      Delete
    6. ලෑජ්ජාවේ බෑ අයියෝ....
      එහෙම එකක් නෑ. මාරයා, කතා, හිරු, අටමා, සහන් මේ කවුරුත් හොඳ දෙයක් දැක්කොත් සප් එක දෙනවා. ඒ දේ අපෙන් වෙන්න ඕන. බ්ලොග් ජනප්‍රිය කරන්න. මම දැක්කා "අරූට", "චන්දනත්" ෆුල් සපෝට් එකක් දීලා තිබුනා.

      මේක ජනප්‍රිය කරන්න නම් අපි අතරේ අනෝන්‍ය සහයෝගයක් තියෙන්න ඕන. එහෙම නැතුව බ්ලොග් එක කියවන්නේ නැතුව කොමෙන්ට් දානවා වගේ, බයිලා ගගහා බ්ලොග් ලිය ලිය මේකට ගරහන එක නෙමෙයි කළ යුත්තේ. කියවන නොකියවන එක බලන එකාගේ වැඩක්. තේරුම් ගන්න විදියත් බලන එකාගේ වැඩක්.

      Delete
    7. ඇත්ත...චන්දන බැති බර දායකත්වයක් සැපයුවා.

      Delete
  14. මොකෙක්ද ගොනෙක් කියල තිබුනෙ >>නඩු තීන්දුවකදී වුවද,හදිසි කෝපයට සමාව දෙනව <<කියල.

    ReplyDelete
    Replies
    1. ඌත් එහෙම සමාව ලැබිච්ච එකෙක්ද දන්නේ නෑ, හැබැයි හදිසි කෝපයට නෙවෙයි මානසික රෝගවලට.

      Delete
    2. කොහොමත් රෝම ලන්දේසී නීතිය උගෙ මෑනියන්ගේ නීතීයක්. අලුත් ව්‍යවස්ථාවක් වගේම අළුත් නීතී පද්ධතියකුත් රටට අවශ්‍යයි.

      Delete
  15. මට මතක් උනෙ මාතලන් අර මිගමුවෙ ලන්සගෙ ද කගෙද ගෙට පොලිසියෙන් ගිය කියල මුලු රජ පවුලම එතෙන්ට රින්ගපු එක

    ReplyDelete
    Replies
    1. එතන නියම සීන් එකක් නේ උනේ. අද ඒ පැත්තේ ඉන්න අයියා තමයි ඇස් ටී ඇෆ් එකට ඔත්තුව දුන්නේ. කොහොම හරි අද ඔත්තුව දීපූ එකා දිණුම්. අරුන් චොර වෙලා ඉන්නේ. මොකෝ යුව රජ්ජුරුවෝ සපෝට්, කටුනායක අයියට.

      Delete
  16. ආණමඩුවේ දණිස්සාට අනුකම්පා කල යුතුය.
    මන්ද ඔහු ටීචර්ව දණ නොගැස්සුවා නම් පවුල යන්න යනවාය.
    එතකොට වෙන ගෑනු පස්සේ යන්න වෙනවාය.
    රේප් කරන්න වෙනවාය. ඒ නිසා මතු පිටින් බලා මෙවැනි ප්‍රශ්න විශ්ලේශනය සුදුසු නොවේ.
    ගැඹුරට සිතා බලා තමයි ලොකු තැන් කටයුතු කරන්නේ.

    ඒ නිසා ඔහුට නොමිනේශන් දිය යුතුය. ගෙදර සාමය ඔක්කොමට වඩා වටිනවාය.
    ටීචර්ලා ඕන තරන් සොයා ගත හැකිය.
    ඒත් නෝනා කෙනෙක්?


    පෝස්ටරයට මෙවැනි සටන් පාට යෝජනා කරමි

    බිරිඳට දෙවියෙක්
    දියණියට ගුණවත් පියෙක්

    ආනන්ද සරත් කුමාර නැවත ආණමඩුවට.
    -----------
    ගවුම් බලෙන් දික් කිරීමට තිත තැබූ නිර්භීත පියා
    තුන් සරණින් ආනමඩුවට නැවතත් පත් කරමු
    -----
    විනය කන්නද ඕයි!

    ReplyDelete
    Replies
    1. දනහිස්ස මේ සැරේ දිනල ඇවිල්ල ගෙදර විතරක් නෙමෙ,එයාට ගේම දීපු හැමෝගෙම විනය තකයි.

      Delete
    2. සුපිරි. අම්මප නැද්ද ඌට මේල් 1ක් මේක යවන්න?

      Delete
    3. ඔය වගේ "පඩි තකා", "පට්ටම් තකා" වැඩ කරන උන් "විනය තකා" වැඩත් නොකරයි කියල හිතන්න බෑ කෙන්ජි.

      ප. ගෝ.

      Delete
    4. වාටිය රැක ගන්න පෙරට එන්න !!!

      ------------------------

      Delete
    5. වාටිය දනිස්සට උඩින් තබා ගන්න

      දණිස්සා පළාත් සබාවට උඩින් යවන්න

      Delete
    6. ඔබේ වාටිය රැක ගන්න, වැඩිම මනාපයෙන් දණිස්සාට පවරන්න !!!

      Delete
    7. දණ හිසින් පහල පණ නැති උන් වෙනුවෙන් දණිස්සා නැවතත් වයඹට!!!!

      Delete
    8. තරුණ කෙල්ලෝ ටිකගේ මනාපය ගන්න ලෙසියෙන්ම පුළුවන් මූට...

      Delete
    9. පේනවනේ හොඳ කොමෙන්ට් එකක වටිනාකම.. කොහොමත් මේවා ටික මම ඒ ගරු මැතිතුමා වෙත ලැබෙන්න සලස්සන්නම්. නොමිනේෂන් ලැබෙන පාටකුයි තියෙන්නේ.

      Delete
  17. රනිල්ට මේ වෙලාවෙ කරන්න තියෙන්නෙ මාතලන්,කරු සජී ඇතුලු පෙරලි කාරයන් ටික සේරම පළාත් තුනට වගකීම් බාර දීල හොද සැලැස්මක් ඇතිව ජනතාව පිඩා විදින දේවල් ජනතාවගෙ හදවතට දැනෙන ලෙසට ප්‍රචාරාත්මක වැඩ පිළිවෙලකට යාමයි.
    ඔය ව්‍යවස්ථා ගැන සාමාන්‍ය ජනතාවට තේරුමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. කරූ කියන්නේ නම්බර් වන් හරකෙක්. මම ඕක කිව්වේ. ඌ යූ ඇන් පී එකට ආපු කාළේමයි. ගම්පහින් පබාලා දායිද මොළේ තියෙන එකෙක් නම්. උන් තමයි යූ ඇන් පී එක නැති කළේ. ඌ නේ ඔය පනින සෙල්ලම අළුතෙන් පටන් ගත්තේ.

      Delete
  18. ගහේ මුදුන් මුල ලෙඩ උනාම අතුපතර දක්වා ඒක පැතිරෙනව. ඒත් අපිට පේන්නෙ පිටින් තියන රෝගෙ විතරයි. දැන් සිදුවන දේවලුත් ඒ වගේ. මේ මුලු සිස්ටම් එක බිඳවැටෙනකල් මේව නවතින්නෙ නෑ.

    දඟකාර පොඩිඑවුන්ගෙ වැඩ දිහා බලාගෙන ඉන්නෙ ඔය ආඩම්බරකාර තාත්ත.

    ReplyDelete
    Replies
    1. අම්මපා. ඇරපං කට සූකිරි දාන්න.
      ආ දැන් හරි. දැන් කට පහපන් කෙන්ජි එන්න කලින්.

      Delete
    2. ඇත්ත කතාව.

      Delete
    3. එයාටත් කෙළවෙනකන් එයාට නොතේරෙන එකයි අරුමේ. දැක්කනේ ඉන්දියාවත් එක්ක නාපු නෑම. එක වෝනින් එකයි දුන්නේ. කස්ටියම නෝ කතා. නෝ සිනා..

      Delete
  19. ඇයි ලොක්ක කිව්වෙ..මොකක් හරි රූපවාහිනී වැඩසටහනකට ඇවිල්ල..පලාත් පාලන ආයතන විසින්..දැන්ම නීතියක් ගෙන ආයුතුයි කියල..ගෙවල් වල වැහිපීලි දැමීම තහනම් කිරීමට...ඒවයින් ඩෙංගු බෝ වෙනව කියල..!.

    එන හැටියට ගහ උලුවස්සා කියල... තමා කියන්න වෙන්නෙ..! පුදුම වෙන්ට දෙයක් නෑ..දිනුම ලැබේ නම්.. කෝක උනත් ගනීවි ඡන්දෙ ඉල්ලන්න.

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. එදා වේල ටුවර්ස්.. නම්බර් වන්...

      Delete
  20. බුද්ධිමත් ජනතාව කවදා 'බුද්ධිය' පාවිච්චි කරයිද?

    ReplyDelete
    Replies
    1. සෑහෙන කලක් බලා ඉන්ට වෙයි..

      Delete
  21. නිකමට වාගේ ආවොත් කියවල පලයන්
    Ward No 09

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්.... මේ ලෙඩාවත් පොඩ්ඩක් බලලා යන්න..

      Delete
  22. රටක් හැටියට අපි ආඩම්බර විය යුතුය.අපේ සිනමාව ගැන ආරක්ෂක අමාත්‍යංශය පවා අවධානයෙන් පසු වීම තුල සිනමාවට කෙතරම් රාජ්‍ය අනුග්‍රහයක් පවතීද ? ජැකාලා ආණ්ඩුවට කඩේ යන්නේ නිකං නොවන බව දැන ගත්තොත් හොඳයි!
    අනෙක අප සතු සිනමා රසිකත්වය, ස්වයං රැකියා කරුවන් පවා මෙතරම් සිනමාවට සංවේදී නම් තව කවර කතාද ?
    ටොම් හෑන්ක්ස්ලා ජැක නිකල්සන්ලා මාලන් බ්‍රෑන්ඩෝ ලා විතරක් නොව ගාමිණී ජෝලාත් මොන බිජ්ජන්ද ලෝකෙ හොඳම නළුවත් අපේ රටේ ඉන්නේ දැන්ය! උන්දැට ගෙයක් දොරක් දීල සලකපු විදිහට මේ රටේ කලාකාරයට තියෙන තැන කොහොමදැයි කියා ලෝකේ හොඳම නළුවා බිහිවූ රටෙන් කලාකරුවන් බිලී බා ගන්නට හදන බොලිවුඩ් හොලිවුඩ් හිඟන්නන්ට පෙනෙන්නට ඇත.එහෙවු ස්වර්ණමය කලා යුගයක් පුරිපුන් එළකිරි කලයක්ව බබලද්දී ඊට ගොම බින්දුවක් එක් කරන්නට මේ සංජීවයා හිතුවා මදිය.රට රටවල ගොස් සිනමාව උගෙන ඔලුව නරක් කර ගන්නේ මක්කටද අපේ රටේ පහුගිය අවුරුදු දෙක තුන හැදුනු රජ කතා ටික සිනමාව පිලිබඳ ප්‍රයෝගික විශ්ව කෝෂයකි!

    ReplyDelete
    Replies
    1. යකෝ මම හිතාගෙන හිටියේ, මේ සම්බහිය ෆිල්ම් බලන්නේ උගත් බුද්ධිමත් ඉහල පන්තිය හා මැද පන්තිය කියලා. යකෝ රූබී එකේ රියෝ එකේ බ්ලූ ෆිල්ම් බලන උන් නේ ඒවත් බලන්නේ. මහින්ද කහනගමයා ඊ ගාව ඔස්කා සම්මාන උලෙලේ ජූරීයටත් ගන්නවා කියන්නේ. අම්මපා මේ වෙස බල්ලන්ට බැරි උනානේ, තානාපති කාර්යාලේ වීදුරුවක්වත් කුඩු කරන්න. මූසල හැත්ත.

      Delete
  23. එක සැරයක් කාන්තාවකගේ සාරියක් ගැලවූ එකෙක් (සුසන්ත පුංචිනිළමේ හරි මහින්ද රත්නතිලක හරි ) වැඩිම මනාපයෙන් තෝරාගත්ත කස්ටියක් අපට ඉන්නේ...

    මුන්ට නොමිනේශන් නොදුන්නොත් 'මහජනතාව' පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා...

    ReplyDelete
    Replies
    1. මටත් මතක නෑ. ඒත් අපේ උන් හරි ආසයි චොප්පෙලාට...

      Delete
    2. ලංකා ඉතිහාසයේ දූෂිතම මැතිවරණය, වයඹ පලාත්සභාව , චන්ද්‍රිකා මැඩම්ගෙ කාලයේ, මම හිතන්නෙ නාවින්නත් ඉදල තියෙනවා.(රත්නපුරේ ඒහෙම කේස් ඒකක් වුනාද කියලා දන්නේ නැත.)

      Delete
  24. ලංකාවේ ඔහෙම උනත් මලෙසියමේ එහෙම වෙන්නේ නෑ..
    නෑ...නැ.....නෑ....

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං දන්න තරම තමයි !!! මෙහේ ඔයිට හපං..

      Delete
    2. මැලේසියාව හදපු සිස්ටම් එකටම තමයි මෙහෙත් හදන්න යන්නේ.

      Delete
    3. 57වැනි අවුරුද්දටත් මාතිහාර් ලගෙම පක්ෂය මාස දෙහෙකට කලින් පත් වුනා.
      20%ක් ගැහැව්වට රටට 80%ක වැඩ වෙනව මම හිතන්නෙ.

      Delete
    4. අන්වර් ඉබ්‍රාහිම්ට මොකද උනේ?

      Delete
  25. Replies
    1. එහෙම කතාවක් තියෙනවනේ. කව්දෝ කිව්වලු "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය." කියලා කතාවක්....

      Delete
    2. කාගෙදෝ බ්ලොගයක ඕක උඩින්ම එල්ලලත් තියනවනේ...

      Delete
    3. මාත් දැක්කා... මට මතක නෑ අනේ...

      Delete
    4. හැරල්ඩ් ජේ. ලැස්කි (1893-1950)

      මෙන්න මේ කොමන්ටුව පොඩ්ඩක් බලන්න මාතලන්.
      http://lankacnews.com/sinhala/main-news/44318/#comment-202603

      Delete
    5. හැරල්ඩ් ජේ ලෑස්කී දැක්කනම්.. මට නඩු දානවා.. මෙහේ දැම්මොත් නම් අවුලක් නෑ. එංගලන්තෙ දැම්මොත් තමයි කේස් එක.

      Delete
  26. ආශ්චර්යය බොලං ආශ්චර්යය.....

    ReplyDelete
  27. බෝක්කුවක් හදාගන්න පාරේම චන්ද ටික ඒ බෝක්කුව උඩ රස්තියාදු ගහපු එකාට දෙන ජනතාවක් එක්ක ඔව්වා අරුම නෙවෙයි නේද අයියේ?

    ReplyDelete
    Replies
    1. එහෙම උන්ට නොමිනේෂන් දෙන එකනේ බන් කරුමේ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න