.

.

Sep 18, 2013

නොවේ මෙවන් "හරක්" ළොවේ...... O Lord My God


හරක් කිව්වේ පින්තූරේ ඉන්නා අයට නෙමේය.. මේ යක්කු දෙන ගුලි, එකසිය ගානට ගිලින උන්ටය. මුන් කරන්නේ රැකියාවක්ය. සංඝා ඇන්ලීන් විකුණන එකෙයි, මේ උන්නැහේලා ටැලිවිසොන් වල කෙලින කෙප්ප වලයි, කිසිම වෙනසක් නැතිය. මේ ඇරෙන්න ජනතාව ගොනාට අන්දන තවත් තුන් දෙනෙක් ඉන්නවාය. ඒ ෆෙන්ෂුයි ආසිරි වනිගරත්න, ඉරහඳ ප්‍රියන්ත රත්නායකය හා ගාල්තැන්නේ රත්තරන් දෙයියාය.. තව සෙට් එකක් උන්නාට උන් තවමත් එච්චර ප්‍රසිද්ධ නැතිය.

ඔයින්, චන්ද්‍රසිරි බන්ඩාර අධ්‍යාත්මවේදියා ඉස්සර ලිව්වේ ඉරුදින පත්තරේටය. ඉරුදිනේ ලිව්වේ, ආන්ඩුව හෙට වැටෙනවා අනිද්දා වැටෙනවා කියාය. මහ රජතුමාගේ, කාලේ හොඳ නැතයි කීවේය. ආන්ඩුවට හෙන ගේමක් ඇද්දේය. ඔය අවු අස්සෙ උන්නැහේව 4 වෙනි තට්ටුවට වැඩ්ඩුවේය. එතනදි මක්කා උනාදැයි කියන්න දන්නේ නැතිය. සමහර විට උනැහේගේ අදයාත්මෙද මොකක්ද එක, ඇඹරුවාදයි කියන්න දන්නේත් නැතිය. කොහොම නමුත් එලියට ආවේ වෙන අද්යාත්මයක්ය. එදා පටන් රජතුමාට රෙදි නැතිව කඩේ යන්නේය.

රජ්ජුරුවෝ දෙන ගුලි කනවා වාගෙම, මේ අධ්‍යාත්මවේදියා දෙන ගුලිත් අඹරගෙනම කන සෙට් එකක් ඉන්නවාය. උන්නැහේ නා ගත්තේ වර්ල්ඩ් කප් එක ගැන අනාවැකි කියන්න ගිහිල්ලාය. දස අතේ දිව් රා කිව්වේ අපේ උන් කප් එක දිනනවා කියාය. හැඟීම් බරවෙලා, කඳුළුත් ආවේය. අපේ උන්ට බෝධී නාවන්න කිව්වේය. එහෙම ෂුවර් එකටම දිනන නිසා අපේ උන් බෝධි නාවන වෙලාවේ වෙන ඒවා නාවගන්න ඇතිය. අන්තීමෙදි කෙල උනාම කිව්වේ මොරාල් එක හදන්න කිව්වා කියාය.

නැතිව ඉතින්, රජතුමා මැච් එක බලන්න ගිය නිසා කෙල උනායැයි කීවානම්, යන්න වෙන්නේ හතර වෙනි තට්ටුවට නෙමෙයිය. මහ උළු ගෙදරය. ලොක්කාට කින්ඩි දාන උන්ට යන්න වෙන්නේ, එතෙනටය. ඒකට ඉතින්, අපිට බයිලා ගහලා නෝන්ඩි නොවී, රජ්ජුරුවන්ට කියා, ටීම් එකේ මොරාල් හදන ජොබ් එක ගත්තානම්, ක්‍රිකට් බෝඩ් එකේ නිකං කන සෙට් එකට එකතු වෙලා, අම්බ පඩියකුත් ගන්න තිබුනාය.

අනිත් පොර, අපේ ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ ඩිරෙක්ටර් මහත්තයාය. පොර නම් ගල් අඳාය. ලොක්කාගේ ඔෆීසියල් ඇස්ට්‍රෝලොජර්ය. ලොක්කා ගාව ඉන්න ගිරවට උනත්, මැති ඇමතිවරු සලකන නිසා. අපේ සුමනෙත් දෙයියන්ගේ මල්ලි වගේ බැබලෙනවාය. පොර ඇමරිකන් බයිලා අනාවැකි කියලා කලිසමේ ගූ ගාගන්නේ නැතිය. පොර කියන්නේ, අපේ රටේ ජනතාව ඕන එකෙකුට කියන්න පුළුවන් අනාවැකිය. ඒවා ඉතින් මාතලනුත් කියනවාය.

ඔය සුමනේ කියනවා වගේ එකක්, ඕනම නම් මාතලනුත් මෙතන ලියනවාය. මේ පලා බබා එකෙන් මධ්‍යමයි, වයඹයි, දෙකම ලොක්කා දිනනවාය. මිනිස්සු ඡන්දෙ දෙන්නේ දයාසිරිටවත් ජොනීටවත් නෙමේය. ලොක්කාටය. ජොනීගේ පුතාගෙන්, "දැන් මොනවද පුතා ජනතාවට කියන්නේ...." කියලා ඇහුවාම. ඌ කිව්වේ "ඔබතුමාගේ වැඩ පිලිවල ඉදිරියට ගෙනියනවා...." කියාය.

පොඩි එකා උනත් ඌ නම් පට්ට දේසපාලුවෙක් වෙන එක නම් ඉස්තිරය. ජනාධිපති තුමාගේ වැඩ පිලිවෙලවල් ඇර වෙන ඒවා කරන්න ගියොත් ඌට වෙන්නේ අඩු වයසෙන්ම ජේෂ්ඨ ඇමති ගොඩට යන්නය. තමන්ගේ වැඩ පිලිවෙලවල් කරන්න යන දයාසිරියා හෙමීට කැපීගෙන යන්නේ ඒ නිසාය.

මේක ලියන්න හෙතු උනේ ඒ කිසිවක් නෙමේය. අපේ නොම්මර එකේ හරක්, ප්‍රාඩෝ, බෙන්ස්, බී ඇම්, වෝල්වෝ වලින් පවා, ඔක්කෝම වැඩ පාඩු කරගෙන, නිවාඩු දාගෙන, මංජුල පීරිස් නොහොත් පිංජුල මාරිසාගේ ගුලිය කා කතරගම දෙවියෝ බලන්න ගිය එකය. මා දන්න ජෝතිෂෙන් නම් එහෙම කෙප්ප කෙලින්න බැරිය. ආපු කතරගම් දෙයියෙක් නැතිය. අනික ඕක බලන්න හින්දු මිනිස්සු ගියා නම් හිතට අවුලක් නැතිය. මේ ඔක්කෝම බුද්ධාගමේ හරක්ය.

ආපු දෙවියෙක් නැතිය. සමහර විට, අර කැළේ මැද්දේ දේවාලේ පෙනි උන්නා කියා කියන්නත් බැරි නැතිය. මෙහෙම උනා කියා මංජුල දෙන ගුලි කන එක නවත්තන්නේත් නැතිය. මාත් හින්නික්කිතර ඔය සාස්තරේ දන්නා නිසා. ඔය නැකත් පවා අම්බ පචය. ඒකෙන් කරන්නේ පොඩි මග පෙන්වීමක් විතරමය. මම ඒක පිලිගත්තේත් අපේ මාමන්ඩියා නිසාය. නැත්නම් ඕක පිලිගන්නේත් නැතිය.

පොඩි කාලේ ඉඳන්, මාතලන් ඔය දෙවියෝ, බූතයෝ තියා, බුද්ධාගමේ තියෙන වැල් බයිලාත් පිලි ගන්නේ නැතිය. අනික ඉතින් දෙවියෝ ඔය කියන තරම් වැඩ කාරයෝ නම් අපි මැරීගෙන කරන පින්කමෙනුත් කොටසක් එයාලා ගන්න එක වැරදියිය. තමන්ගේ ශක්තියෙන් දියුණු වෙන එකා. තම ශක්තිය දෙවියන්ටයි, දෙවියන් වහන්සේටයි. කොහේවත් තියෙන ගහකටයි ට්‍රාන්සර් කරන උන් නම් බෞද්ධයෝ නෙමේය. අන්ධ භක්තිකයෝය.

අනෙක් උන් එහෙම කරාට අවුලක් නැතිය. සෝම හාමුදුරුවෝ කීවේත් දෙවියන්ට කරන්න පුළුවන් මලදානයක් නැතෙයි කියාය. දැන් තියෙන බ්‍රෑන්ඩ් නිව් නිකායන් වන නානසාර නිකාය හා රාවණා නිකාය මේ ගැන දරන්නේ කුමන මතයක්දැයි දැනගන්න හරිම ආසාය. සමහර විට නානසාර නම් විමලේට දුන්නා වගේ කතරගම දෙයියන්ටත්, දෙන්නට බැරි කමකුත් නැතිය.

කතරගම දෙවියෝ කොහොමත් මම හිතන්නේ ආන්ඩුවේ දෙවි කෙනෙක් කියාය. ඒ නිසා එතුමා කරන්නේ අසාධාරන වැඩමය. ආන්ඩුවේ එක්කෙනෙක්ම, භාරකාර කමට දාලා තියෙන්නේත්, ඒ නිසා වෙන්න ඇතිය. සමාන්‍ය උන් පෝලිමේ කට්ට කද්දි, ඉස්පැසොල් සෙට් එකක් ඉස්සරහ දොරෙන්ම ඇතුලට යන්නේ සමහර විට උන් දෙවියෝ වගේ නිසා වෙන්න ඇතිය.

එක්කෝ ඒ වට්ටිවල මොණරු ඉන්න නිසා වෙන්න ඇතිය. මොකෝ මොණරුන්ට කතරගම දෙවියෝ බොහෝම මනාපය. මම ඕවා පිලිගන්නේ නැති උනාට. අපේ නෝනා හාමිනේ එක්ක යන්නේත් ඔය ඉස්සරහ දොරෙන්මය. ඒකට මම වෙනම පොරක් අල්ලාගෙන ඉන්නවාය. එයත් මොණරුන්ට හරිම මනාපය.

කතරගම දෙවියන්ට පුජා කරාට වඩා ආනිසංසයක්, අර පොරට කරන පූජාවෙන් නම්, ඇස් පනා පිටම පල දීලා තියෙනවාය. පොර කව්ද කියා කියන්නේ නැත්තේ, අනික් උනුත් එහෙම යන්න ගියෝතින් දෙවියන්ගේ පෝලිමත් දික් වෙන නිසාය. අනික ඉතින්, ඒ මැතඩ් රෝසිගේ ෆිනිසින් ඉස්කූල් එකේවත්, උගන්නන්නේ නැති ඒවාය. ඒවා දන්නේ මාතලන් වගේ ගල් ආඳෝ විතරමය.

මෙහම එන උන් ඔක්කෝටම කරන්න කතරගම දෙවියන්ට වෙලාවක් තියෙන්නටම් බැරිය. ඒ නිසා සෙල්ල තියෙන ප්‍රියන්ත රත්නායක දෙවියන්ගේ දේවාලෙටත් භාර වෙනවාය. ඒකේ ඉන්න දෙවියෝ කව්ද කියා මට මතක නැති උනත්. ප්‍රියන්ත රත්නායක දෙයියෝ නම් පට්ට ආතල් එකේ ඉන්නවාය. අනාගතේ ඒ දේවාලෙත් බිසනස් එකක් නොව, මාර හිස්ටරියක් තියෙන "ප්‍රියන්ත්" නම් බලගතු දෙවියෙක්ගේ දේවාලයක් වන බව නම් "ඉරහඳ" මෙන් විශ්වාසය. මොකෝ "ඉරහඳ" කිව් දෙයක් කවදාවත් වැරදිලා නැති නිසාය......

ප: ලි:

සමහර උන්ට මොලේ අවුල් වෙන නිසා ප්‍රස්තුත කාරනාව කියන්නම්. ඊයේ, ඒ කියන්නේ 17 වෙනිදා, කතරගම් දෙයි හාන්දුරුවන්ගේ බෝර්ත් ඩේ එකට උන්නාන්සේ පේනී ඉන්නවා කියලා. ජෝතීර්වේදි මංජුල පීරිස් ගුලියක් දීලා. ඉතිහාසේ වැඩිම සෙනගක් කතරගමට ඇවිත් තියෙන්නේ ඊයෙලු. ඒත් දෙවියෝ ඇවිත් නෑ. ඇයි වදේ කී දෙනෙක්ට කියලා කේක් දෙන්නද..?

160 comments:

  1. දෙයියා වෙස්වලගෙන හිටියලු. හවස සන්තෝසෙට හොර ගෑනිත් එක්ක විස්කි එකක් ගැහුවයි කියන්නේ. මේවා නිව්ස් වෙන කොට උඹෙන් අපි මේවා බලාපොරොත්තුව ඉන්නේ හරිය...

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්තර රත්නායක තියං ඉන්නේ ප්‍රියම්බිකාවක් නේ බං.. ලක්ෂ්මි කියලා

      Delete
    2. අංක එකේ උණ කාරයා නැවතත්.
      -කා(Ka)

      Delete
    3. ආන් හරි දේශකයෝ... ඒයා තමයි... ලක්ෂ්මී.. ප්‍රියන්තයට නම් මදි නොකියන්න දෙනවා..

      Delete
  2. මෙහෙමත් කියනව. කතරගම මේ සැරේ පාඩු පිටලු දුවන්නෙ. ඉතිං මිනිස්සු හෙවත් බත්කන හරක් ටිකක් වැඩිපුර ආවොත් කල්ල මරේ කියල දන්න උදවිය ඒකට සෙට් කල ගේම තමයි මේක. කොහොම උනත් වැඩේ සාර්තකයි.

    ReplyDelete
    Replies
    1. ඊයෙ මම වැඩට එන පාරෙ තියන පන්සලේ "කතරෙගෙ බ්‍රාන්ච්" එකක් තියනව. එතනිං බස්එකට නැග්ග ගෑනු ටිකක් කතාවෙනව මම අහගෙන. කතරෙ පේනව කියල, කිලෝමීටර පහක් විතර දුර තියන මේ පන්සලට උදේම ඇවිල්ල තියෙන්නෙ පඬුරු දාන්න. පුකෙනුත් හිනයි ඕයි මේවට!

      Delete
    2. මගේ යාලුවෙක් ඉන්නවා කතරෙගෙන් තොර ජීවිතයක් නෑ.. ඌ කියන්නෙත් කතරෙ කියලා.. පූජාවට යන්නෙත් හොඳට ගහලා.. මක කපුවට පන්දාහේ කොලයක් දෙනවා. තේවා අම්මලගෙ ඉඳන් කපු කිට් එක ගහගෙන ඉන්න හැම එකාටම පන්සීයේ කොල බෙදනවා.. මිනිස්සු කට ඇරගෙන බලාගෙන ඉන්නවා කතරෙත් පැත්තකින් තියලා කපුවෝ මූට වඳින වැඳිල්ල දැකලා.. ඌ කියන්නේ ඒ ඔක්කෝම ඌට දෙන්නේ කතරෙලු. මට කියන්න අමතක උනා පූජා වට්ටිය ගෙනියන්නේ කාවඩි සෙට් එකත් එක්ක.. පට්ට ආතල්..

      Delete
  3. අයියෝ ෂාමි....

    ReplyDelete
  4. තෙද බල ඇති කඳ සුරිඳුනි!
    ඔබගේ නාමය විකුණමින් මුදල් වාසි අරමුණූ කොට බොරු බේගල් ඇඳ බා අහිංසකයන් රවටන අයට පුංචි දඩුවමක් හරි ලැබේවා.උන්ගේ බොරු අසා අද දින ඔබව සියැසින් දැක ගැනීමේ අදහසින් කතරගම යන සියළු අහිංසක මෝඩ ජනතාවට ආරක්ෂාව සලසනු මැනවි

    ReplyDelete
    Replies
    1. මහ බල ඇති ජෝතියාණෙනි.......
      මාගේ නාමය විකුණමින් මුදල් වාසි අරමුණූ කොට බොරු බේගල් ඇඳ බා අහිංසකයන් රවටන අයට පුංචි දඩුවමක් හරි ලබා දුනිමි.උන්ගේ බොරු අසා ඊයේ දින මා සියැසින් දැක ගැනීමේ අදහසින් කතරගම පැමිණි සියළු අහිංසක මෝඩ ජනතාවට ආරක්ෂාව සැලසුවෙමි.

      ඔබගේ මේ අහිංසක උත්සාහය තැන තැන පබ්ලිශ් කරමින් යම් මෝඩයෙක් ආතල් එකක් ගන්නා බව පෙනේ. ඔවුන් සදහාද දඩුවමක් අවශ්‍යනම් කරුණාකර නොපමාව මා ඔබගේ බ්ලොග් සටහන හරහා මා සම්බන්ධ කරගන්න.

      ප.ලි: ලින්ක් දැමීමට ලින්ක් දමන දෙවියන්ගේ අවසරය ලබා දීම ගැනද තුති.

      තෙද බල ඇති කඳ සුරිඳු

      Delete
    2. කතරගම දියියෝ රිප්ලයි කොරලනේ. ඉතින් මට කරන්න දෙයක් තියෙයිය..

      Delete
  5. // අනිත් පොර, අපේ ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ ඩිරෙක්ටර් මහත්තයාය. පොර නම් ගල් අඳාය. //

    සතෙන් සතෙ ඉතුරුකරල ඉතුරුකරල බැන්කුවෙ මාමලාට රට සවාරි යන්නයි , කොමිස් ගන්නයි කියලා ගිහින් දෙනවා...

    ReplyDelete
    Replies
    1. ඌ පැට්‍රල් බොනවලු. පැට්‍රෝල් බිල් වලට හෙන සීන් එකක් ඇදිලා තිබුනා.. ටැංකියේ හිලක්ද දන්නෙ නෑ.. ඒවා ජෝතිසේට අහු වෙන්නේ නෑනේ.. ඒකට ගරාජ් එකකට යන්න ඕනා..

      Delete
  6. ඒකයි එහෙනම් ෂීන් එක.

    ReplyDelete
    Replies
    1. ආවේ නෑනේ මචෝ.. දේවාලේ අපවිත්‍ර කරලා, ලක්ෂ 10 ක් විතර අලාබෙයි කියන්නේ..

      Delete
  7. චන්ද්‍රසිරි ගොයියා 4වෙනි තට්ටුවට ගිහින් ආවහ පස්සෙ රජාට කඩේ ගියාටත් වඩා මට පෙනුනෙ ඔලුව කොහෙ හරි තදට වැදිච්ච ගතියක්...

    දැන් ඉතිං අලුත්ම බුවා තමා මංජුල ගොයියා.. එයැයි කිව්වොත් වරදින්නෙ නෑලු... ඔන්න බලහන් මාතලන් අයියෙ හෙට අනිද්දා කතරගමයා දැක්කයි කියන උන් එකා දෙන්නා මතුවෙන්නෙ නැද්ද කියල..

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුව පෙරලලා තියෙන්නෙත් මංජුල පීරිස්ලුනේ

      Delete
    2. තාම නම් එකෙක්වත් ආවේ.. මම හිතන්නේ මංජුල පීරීස්ට දෙයියන්ගේ හාල් කැවිලද කොහෙද.. එතකොට මෙහෙම පිස්සු විකාර කියවනවා..

      Delete
  8. //"ඉරහඳ" කිව් දෙයක් කවදාවත් වැරදිලා නැතිය//

    2003දී පැරදෙනවා කිව්වට පැරදුනේ නෑනේ

    ReplyDelete
    Replies
    1. කියන තරමක් කියන්නේ කෙප්ප...

      Delete
  9. හපොයි දෙවියනේ.... කියන්න දෙයක් නැත... අසා සිටීම පමණකි...

    ReplyDelete
    Replies
    1. වෙන මක්ක කියලා කොරන්නෙයි ඉතින්.. හරක් මස් කන එකත් අවුල්නේ..

      Delete
  10. අර පලි කෑල්ල නම් හරියට වටිනවා...:)

    එයා ඇවිත් කාටත් නොපෙනී බලා ඉඳලා ගියාද දන්නෙත් නෑ.:D

    ReplyDelete
    Replies
    1. නොරට ඉන්න උන් මෙහේ ආතල් දන්නෙ නැති නිසා තමයි ඕක ලිව්වේ..

      Delete
  11. ඔහොම තමා මේ රටේ මිනිස්සු , තනිකරම කරන්න්නෙ ගොං වෑඩම තම , මම කොහොමත් දෙවියන් විස්වාස නෑ.. දන්න කාලෙක ඉදලා මම පංසල් යන්නෑ,, ඒ එව්වා ඈතුලෙ වෙන පාදඩ වෑඩ දන්න නිසා, මම ඉන්නෙ කන්ද විහාරෙ ළග උන් දෙවියො කොච්චර මාකට් කරනවද කියලා හොදටම තේරෙනවා,,, දෑන් එවුන් පංසල් යන්නෙ විලාසිතාවට,,, එහෙම එවුන්ට මේ වගේ ලනු දෙන්න විතරයි ඕනි..

    ReplyDelete
    Replies
    1. කොයිතරම් බූරුවෝ ඉන්නවද කියලා බලාගන්න පුළුවන් මේ වගේ වැඩ වලින්

      Delete
  12. මමත් මේ පැත්තේ ආවා.......17 වෙනිදා එහෙමත් දෙයක් ලංකාවේ වෙලාද?:) ......
    නොවේ මෙවන් "හරක්" ළොවේ නියම ලිපියක්.....පන්සල්,පල්ලි,කෝවිල් ඔක්කෝම අද මුදලට යට වෙලා ඉවරයි .දෙවියොත් පන්සල්,පල්ලි,කෝවිල් වල දැන් අරග්ගන්නේ නැ මයේ හිතේ....;)

    ReplyDelete
    Replies
    1. දෙයියෝ පල් වෙලා ගොඩාක් කල්.. ජීවමාන දෙයියා ඉන්නේ කොල්ලුපිටියේ... ආන් අදහනවනම් අදහන්න දෙයියා...

      Delete
  13. දෙයියො වැඩල තියෙනව බං පූජාවට්ටි කඩකාරයන්ගේ ගෙවල්වලට,දැක්කද කියල තිබුනෙ ඊයෙ කතරගම පොල් සහ පලතුරු හිඟයක් ඇතිවෙලා තිබුණය කියල

    ReplyDelete
    Replies
    1. එතන විතරක් නෙවෙයි බන් කතරේ ඉන්න හැම තැනම ඉතිරිවලු... පිංජුල මාරීසාට කීයක් තියෙනවද දන්නේ නෑ..

      Delete
  14. //තමන්ගේ ශක්තියෙන් දියුණු වෙන එකා. තම ශක්තිය දෙවියන්ටයි, දෙවියන් වහන්සේටයි. කොහේවත් තියෙන ගහකටයි ට්‍රාන්සර් කරන උන් නම් බෞද්ධයෝ නෙමේය. අන්ධ භක්තිකයෝය.//

    මේ කෑල්ලට හැර අනික් ඔක්කොටම මං කැමතිය. පින කියන එක බෙදද්දි අඩු වෙන එකක් නොවේය. එය බෙදද්දි වැඩි වන මෙවුවා එකක්ය.

    කතරගම දෙයියන්ගෙන් වැඩක් කොරගන්ට ඕන නං බනින්ට ඕන බවක් අහලා මතකය. ඒ නිසා බනිනවාද කියා සැකයක් ආවේ.. මාතලන් ද ඔය ගුබ්බෑයමට රිංගලා තියෙන බව ලිපියේ ම කියැවෙන නිසාය.

    මං නං ඔය දෙයියෝ ඉන්නවාද නැද්ද කියා කියන්නට දන්නේ නැතිය.. මට වැඩකුත් නැතිය.. ඒත් අපේ මිනිස්සු ඔය කියන විදිහේ හැබෑ හරක්ය.. දෙයියෝ හිටියා උනත් ඔහොම හැම එකාටම පේන්ට එන එකකුත් නැතිය.

    මාතලන් සඳහන් කළ ජාතියේ අයගේ රාජ්‍ය අනුග්‍රහය සහිත ලණු ගිලින එක අපේ හරක් රැළ ට මාර සොමි වැඩක් ය. ඒ ගැන මට කොරන්ට දේකුත් නැතිය. මාතලන් කොරන්ට හැකි දේ කොරපු එක ගැන මට සතුටුය.

    ReplyDelete
    Replies
    1. බනින්න/විහිළු තහළු වලට කැමති දෙයිය ඝන දෙයිය කියලයි මම අහල තියෙන්නෙ.
      මම නම් ඒ දවස්වල කතරගමස් ගෙන් ඉල්ලුවෙම පුළුවන් තරම් "කෑලි"සෙට් කරල දෙන්න කියල.
      මෑන් ඒ ටික නම් හරියට කොරල දුන්න.
      ඔබලාට කෙසේ උනි ද................?

      Delete
    2. වතුරද චතුරද බන් උඹේ නම ..?

      Delete
    3. @කෙන්ජි
      කෙන්ජි දන්න Puක තමයි.
      බනින්න/විහිළු තහළු වලට කැමති දෙයිය පුල්ලයාර් දෙයියෝ.
      -කා(Ka)

      Delete
    4. මචං Pu කා,පුලේයාර් කියන්නෙයි,ගණ දෙවියො කියන්නෙ එකාටම නෙමේද බං.
      මම හිතන් උන්නෙම උඹ වගේ බයියො ල පුල්ලෙයාර් කියනව,
      මම වගේ පොෂ් කොල්ලො ල ගණස් කියනව කියනව කියල.

      Delete
    5. හුකැස්, ඝන දෙවියෝයි පුල්ලෙයාර දෙයියෝයි එක උනාට පාලත අනුව වෙනස් බොල. ඒ වගේමයි අදහන විදිහත්.
      -කා(Ka)

      Delete
    6. @Kaවා......ඕකනේ බන් කියන්නේ කෙන්ජියා දේවාල සබ්ජෙක්ට් එක දන්නවා කියලා.

      Delete
    7. තොපි දෙන්නවම මම අද පොලිං කරනවා.
      -(නාම යෝජනා බාරගන්න දෙයියෝ)

      Delete
    8. දෙන්නා කියුවේ කාවයි, කෙන්ජියි.
      -(නාම යෝජනා බාරගන්න දෙයියෝ)

      Delete
    9. මචං Pu කා,මට ඇදහිලි වස්ත්‍රයෙන් වැඩක් නැහැ බං.
      පළමු වැනියට ඔබ මට දාල තිබෙන කොමන්ටුව බලන්න.
      එකම දෙයියට පොෂ් & බයියාස් ල Call කරන වචනෙ වෙනස පමණයි.
      මම කොළඹ A / C මන්දිරේ ඉදල දුෂ්කර ගම්වල පිදුරු සෙවිලි කල,ගොම දියර අතුරපු මැටි බිමේ පන් පැදුරු සුවද විදපු බුවෙක් හරිය.

      Delete
    10. කාවෝ උඹ දැන ගනින් කෙනජි ගල් කැපුවෙම ගොම දියර අතුරපු මැටි බිම්වල කියලා. a/c රූම්වලදි තමයි කෙනජිට කෙලවුනේ.

      Delete
    11. @ 4.24 AM අනෝ.....අනිකුත් සියලූම දේවල් වලදි ඒ සී සහ පැදුර අදාල වුනත් ගල් කැපීම සහ අදාල කර්මාන්ත වලදී ප්‍රතිපලය ශුක්‍ර හෝ සක්‍ර දෙවියාගේ ආසණය රත්වී පැදුරට, අඳ උඩට හෝ මහ පොලවට ගොඩ බැසීම විතරයි බං.

      Delete
    12. ජපානේ අමිතාක් බුදුන් සහ ලංකාවේ ගෞතම බුදුන් කියන්නේ එක බුදු කෙනකුට.
      මුරුකන් සහ කතරගම දෙවියන් එකම උනත් ජාතීන් අතර වෙනස් භාවිතයක් පවතී.
      ගලේ බණ්ඩාර දෙවියන් වැදි ජනතාවට ගලේ යකා වෙයි.
      දැඩිමුන්ඩ දෙවියෝ, සඳුන් කුමාර, මැණික් බණ්ඩාර, අලුත්නුවර දේවතා බණ්ඩාර වාගේ නම්වලින් ද හඳුන්වන අතර, ඇදහීමේ සුළු වෙනසක් ද ඇත.
      සමනල කන්ද සිරිපතුල බෞද්දයින්ට බුදුන්ගේ වන අතර, මුස්ලිම් අයට අල්ලාහක් ගේ වේ. මක්කම තත්වයද එයමයි. දෙගොල්ල දෙවිදිහකට අදහයි.
      ඉලන්දාරි දෙවියෝ සමහරකුට ගොපලු යකා වෙයි.
      ඉන්දීය දෙවිවරු ස්වදේශීකයන් අදහනවිට හෙවත් ජාතීන් අතර දෙවිවරු හුවමාරු වීමේදී එම ජාතීන්ගේ සංස්කෘතික ලක්ෂන දෙවිවරුන්ටත් යම් යම් තරමින් ආදේශ කළ බව වටහාගත යුතු අතර, නම පමණක් නොව ඇදහිලි විලාසිතාවද වෙනස් වූ බව වටහා ගතයුතු වේ.

      (කෙනජි එකෙකුට නැතුවම බැරිය. තවත් එකෙකුට ගල් කාරයෙකි.
      කාව එකෙකුට නැතුව බැරිය. තව එකෙකුට ඇණයකි.......)

      Delete
    13. @අරූ
      ගල් කෙසේ වෙතත් පු* අරිද්දීයි අහවල් එකේ යවද්දීයි ශුක්‍ර පහවුන ගමන් ඩුං ගාලා පැදුරට හරි බිමට හරි වැටෙනවනම් කොහේ හරි ලීක් එකක් ඇති. පොඩ්ක් චැක් කරලා බලහං.

      Delete
    14. /@ 5.13 ඇනෝ බුවෝ.......උඹේ අදහස ගැන විවාදයක් නැත. ඒ වගේම කෙන්ජීද, කාවාද,කොහේ හෝ සිට බ්ලොග් වැසියා දෙස බැල්ම හෙලන බව නම් දෙකේ *යියන්ට පහන් පත්තු නොකරන මටනම් පෙනේ.

      Delete
    15. @5.21 ඇනෝ.....ශුක්‍රාණු ටෝක් එකක් ඩෝ ඒක.

      Delete
    16. මට කව්රු හරි කියපල්ලා මේකගෙ නම වතුරද චතුරද කියලා...

      Delete
    17. තොගෙ ඇස් පොට්ටද යකෝ චයන්න තුයන්න රයන්න ච තු ර බං.
      පෝය දවසෙ දෙකක් එක ලග නමා ගෙන සැනසීමේ පන්සිල් ගන්නවත් නැහැ.

      Delete
    18. කෙනජි මහත්තයා සිල් ගත් දිනක දානය පිළිගන්නා මෙහොත............

      කා(Ka) - කෙන්ජි උපාසක මහත්තයා, මස් සුට්ටක් බෙදන්න ද?
      කෙන්ජි - මොකාද බං සතා ?
      කා(Ka) - මේ එළු මස් උපාසක මහත්තයා.
      කෙන්ජි - අනේ පව් අහිංසක සතා.
      කා(Ka) - ආ එහෙනම් එපාද ?
      කෙන්ජි - පොඩ්ඩක් හිටපංකෝ. හොඳි සූට්ටක් විතරක් බෙදහන්. ආ කමන්නෑ මස් කෑල්ලකුත් දාපංකො!

      -කා(Ka)

      Delete
    19. මම පිලිගන්නේ නෑ කියලා පවුල කඩාගන්න බෑනේ.. අනික දෙයියා වගේද හාමිනේ.. ගෙදර ගෘහ මූලීකයත් එයා වෙච්චි කොට..

      Delete
    20. @මාතලන්..
      ඒකත් ඇත්ත තමයි..
      @කෙන්ජි..
      මං ඔය දෙයියො ගැන වැඩිය දන්නෑ.. මිත්‍රයා.. මට මතකයි ගණ දෙයියන්ට බණිනවා.. ළමයින්ගෙ අකුරු කියැවිල්ලෙදි..
      අඩෝ ගණ දෙයියො.. මේ දරුවට හොඳට සාස්තරේ දෙන්ට ඕන.. කියලා..
      ඒ කියන්නෙ ඔයා හරි.. මං වැරදියි.. අනික හේතුව මාතලන් කියලා තියෙනවනෙ..

      @සහන්
      චතුර... කියන එක පේන්නෙ නැද්ද..? ඒක කියන්න ඕන මාතලන් ට ම තමයි.. මේ තියෙන නං වල හැටියට වතුර කියලා කෙනෙක් ඉන්ටත් බැරි නෑ..

      Delete
  15. ඔය චන්ද්‍රසිරි බන්ඩාර පහුගිය දවස්වල ඕස්ට්‍රේලියාවෙ රවුමක් ගැහැව්වා මිනිහගෙ මොකද්ද ඔය එස් එම් එස් වලින් පලාපල බලන්න පුලුවන් බිනස් එකක් ප්‍රමෝට් කරන්න.සිංහල රේඩියෝ එකක ඉන්ටර්වීව් එකකටත් හිටියා.චන්දෙ දවස් හින්දා මිනිහගෙන් ඇහැව්වහම කවුද දිනන්නෙ කියලා කෙවින් රඩ් දින්නනවමයි කිව්වා.ඒ වුනාට දිනුවෙ ඇබොට් ගොයියා.

    ReplyDelete
    Replies
    1. නොම්මර එකේ පචෝරිසා.. නක්සස්තරේ කනවා... කනවා විතරක් නෙමෙයි, රීලා හැම තැනම ගානවා...

      Delete
  16. මටත් ඒ කාලේ කතරගම උන්නැහැගේ දෙවොලට යන්න පෝලිම් ඕන නැහැ.

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ නම් පෝලිමේ තමයි ගියේ.. ඒත් ඉතින් මේ වගේ සෙනගක් උන්නේ නෑ නේ.. ඕවා නිකන් කැලෑවල්. කතරගම ඉඳලා සෙල්ල කතරගමට ගියේ, ලොරි භාගේ බස් එකේ...

      Delete
  17. මම කොච්චර අන්ධද කියන්නේ මුලින්ම ටියුබ් ලයිට් වටේට පත්තු වෙවී ඉන්නකොට තමා මේ ප.ලි කෑල්ල දැක්කේ. ඔය ආපු උන් අවේ හැබෑම භක්තියෙන් නෙවේ නේද? මොකක් හරි කුපාඩි වැඩකට කලින් දේව අනුග්‍රහය ලබා ගන්න බලාපොරොත්තුවෙන් කිවොත් මම හිතන්නේ හරි.

    ReplyDelete
    Replies
    1. තවත් මේ ගැන මේ ලින්කුවෙන් හොයග්නන පුලුවන් මාතලන් තරහ නෙවේ නම්..
      http://www.hotandfastnews.com/2013/09/17_18.html

      Delete
    2. නෑ මුන් ඔක්කෝම නොම්මර එකේ මෝඩයෝ වගේම . නොම්මර එකේ බක්තිකයෝ..

      Delete
  18. මාතලන් ලොක්ක නියම ලිපියක්....... මටත් ඔය දෙවියෝ බුදුන් ඉස්සරහට දා ගෙන සල්ලි හොයන එවුන්ව පෙන්නන්න බෑ........ ඒබ්‍රහම් ටි කොවුර්ගේ " දෙවියෝ සහ බුතයෝ' "මාකල ගවේෂණ" වගේ පොත් අපේ රටේ ඉස්කෝලවල උගන්වන්න ගන්න කාලේ හරි වගේ

    ReplyDelete
    Replies
    1. ඒවා ඉගැන්නිල්ල කෙසේ වෙතත්, ඕන් අනගාරික ධර්මපාලලා බිහිකරන්නයි යන්නේ අපේ නානසාර උන්නැහේ.. ඔව්... ඔව්.. අර සිවුරක් පොරවගෙන ඉන්න අයියා තමයි...

      Delete
  19. කියන්න කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය.

    ReplyDelete
    Replies
    1. සිද්ද වෙන්නෙ නෑත්තෙත් ඕකමයිනෙ කොරලෙ මහාත්තයො

      Delete
    2. බුද්ධියක් තියෙනවනම් මෙහෙම රටක් තියෙයිද බං...

      Delete
  20. මේ දෙයියන්ටත් පාං කියාගන්න බැරි කාලේ මාතලන් දෙය්යන්ටයි ගුලි අඹරන්නන්ටයි නෙලනනෙ පොල්ගෙඩි හත අටකින්ම. කියල වැඩක් නෑ මුන්ගේ ලණු කන තරමට අපේ මිනිස්සු බංකොලොත් නෙ.

    ReplyDelete
    Replies
    1. ම්.......... බොලාට දැන් තේරෙනවා නේද දෙයියන්ටත් පාන් කියාගන්න බෑ කියලා. ඔහොම යං. ඔහොම යං. පප්පාලන්තේ ලෝක ගැට්ටට දැන් ලඟයි.
      -කා(Ka)

      Delete
    2. ඒ වගේද කොල්ලුපිටියේ දෙයියා... ආන් මචෝ දෙයියා...

      Delete
  21. අපි ගත්ත පිං ටිකත් නිකන් දීලා තව පලතුරුයි සල්ලියි ත් දීපන්කො.

    ReplyDelete
    Replies
    1. ණයත් ගෙවලා, බදුත් ගෙවලා, උන්ගෙ පවුලටම ජොලි කරන්නත් ගෙවලා, අහවල් එවුන්ටත් ගෙවලා තව ඡන්දෙත් දීපංකෝ.
      මොකද එකත් අර සිව් මහ බඹුන්ගේ පෙළහරකින් පහල උනා කියලා ගෑණියක් කෑමොර දෙන්නේ.
      -කා(Ka)

      Delete
    2. පළතුරුත් අඤ්ඤ කොරොස් පළතුරු.. කතරේ පොල් සම්බල් කනවද දන්නෙ නෑ.. අච්චර පොල් ගහන්නේ..

      Delete
  22. කතරගම ගොස් කිරිවෙහෙර වැඳ පුදාගෙන අපිත් සමඟ චාරිකාව යාමට එක්වූ සියල්ලෝම කතරගම දේවාලය තුලට ගියද දේවාලය තුලට නොයා දේවාලයෙන් පිටතට වී සිටි බැව් සිහිපත් වන විට මට මා ගැනම දැනෙන්නේ ඉමහත් සතුටකි.

    ReplyDelete
    Replies
    1. එහෙම එළියේ ඉන්න කොට තමයි නියමම ආතල් ටික බලා ගන්න පුළුවන්..

      Delete
  23. ටී. ඇම්. ගෙ සින්දුව මතක් වෙනවා..

    අඳුරු කුටිය තුළ දොරගුළු ලාගෙන
    ගයන ගීතිකා යදින යාතිකා
    දෙවියන් හට නෑසේ..

    පොළොව කොටන තැන පාර තනන තැන
    ගිනියම් අව්වේ මහ වරුසාවේ
    දෙවියෝ වැඩ ඉන්නේ...
    බලන් කඩතුරාහැර දෑසේ...

    ReplyDelete
    Replies
    1. ඇයි ජයලත් මනෝරත්නලගේ මරු නාට්ටියකුත් තිබුනා.. ජාතික රූපවාහිනියෙත් පෙන්නුවා..

      Delete
    2. “දිවැස හෙලනු මැන“


      Delete
  24. Replies
    1. මට හොඳට මතකයි ඔය පෝස්ට් එක...

      Delete
  25. පිංජුල මාරිසා මේ යකා දෙරණෙ ලොකු බයිලාවක් ද ගිය සතියේ ගැසුවේය .
    එයින් පැවසුනේ ඕස්ට්‍රේලියාවේ ජුලියා ගිලාඩ් චන්දෙන් පරදින බව මුලින් කීවේ මිනිහා කියාය .
    කොහොමත් එකෙක් දිනද්දී එකෙක් පරදිනවාය .
    බැරි වෙලාවත් ජුලියා දින්නා නම් දිනනව කියූ අය ඇවිත් (අපි කිව්වෙ ජුලියා දිනනව අ කියල )කියා කියාවිය අපේ හරක් තාම ඕවා විශ්වාස කරන්නේය .

    ReplyDelete
    Replies
    1. ජූලීයා කෙවින්ට පැරදී, කලින්ම ගෙදර ගියාය. ඡන්දෙ ඉල්ලුවේ කෙනිහා හා ටෝනි ඇබට්ය. එදා මට මැරෙන්න හිනා ගියේය..

      Delete
  26. අනේ මාතලන් මේ ගොබ්බ යක්කු කරන වැඩ වලින් අහක ඉන්න දෙයියොත් පල් වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. මුන් රට විතරක් නෙමෙයි.. මේකේ තිබුන සාරධර්ම, සංස්කෘති. උප සංස්කෘති, ඔක්කෝම කාලා තමයි නවත්තන්නේ..

      Delete
  27. ජොන්ස්ටන්ගේ පුත්, නැතිනම් මෙවර වයඹ අපේක්ෂක ජොහාන් මැල්සිරිපුර පිහිටි දේවාලයක අපූරු තොවිලයක් කළා මීට දින කිහිපයකට පෙර. එහි දේව කටයුතු මෙන්ම, අවසානයේදී සංගීත ප්‍රසංගයක්ද පැවත්වූවා. බොහෝ තරුණයින් බීමත්ව මේ දෙවොල් භූමියේ සංගීතය නැරඹූ නමුත්, මා සිතන්නේ සිදුවූ කිසිම දෙයක් එහි දෙවියන්ට නොපෙනෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මෙවැනි දෑ පළාතේ බොහෝ තැන්වල සිදුවන නමුත්, මේ මා දුටු අවස්තාවක් පමණී.

      Delete
    2. කොහෙද උන්නේ පහු ගිය ටිකේ..

      Delete
    3. මේ අනවශ්‍ය ඉදිරිපත් කිරීමක් නොව.
      මා මීට පෙර වතාවක OMG: Oh My God! හෙවත් දෙවියන්ට එරෙහි නඩුවක් ලෙස හැඳින්විය හැකි කලාත්මක සිනමා පටයක් ගැන සඳහන් කළා. හැකි අයෙක් සිටිනවානම් එය භාගත කර බලන්න.
      http://yadaminbeda.blogspot.com/2013/03/blog-post.html

      @ සහන්
      ටික කාලෙක ඉඳලා බ්ලොග් ලියන්නත්, කියවන්නත් අපහසු වූවා. එහෙත් දැන් තත්ත්වය මගහැරීගෙන යනවා.

      Delete
    4. චිත්‍රපටි ලිංකුවට තැංකියු කීවා.

      Delete
    5. ඕ මයි ගෝඩ් නම් සුපිරිම සුපිරි.......

      Delete
    6. ඉතින් හරි නේ නෝනේ.. සුරා කියන්නේ සුරයන්ගේ පානය. ඒකට කිසි අවුලක් නෑ.. ඒකනේ ජොනීලට දේව බැල්ම නියමෙටම තියෙන්නෙ. වෙන මක්කැයි නෝනේ ඕන බාර් 30 කුයි. ගල් වැඩ පලකුයි තියෙද්දි..

      Delete
  28. කියන්න ඕන ටික නියමෙටම කියල තියෙනවා. මිත්‍යාව හොඳහැටි සමාජගත වෙලා ඔඩු දුවල තියෙන්නේ හතර අතේ.
    එක අතකට මිනිස්සුන්ට කරගන්න දෙයක් නැතිම උනාම අන්තිමට මිත්‍යාව සරණ ගිහින් හරි ගොඩයන්න පුලුවන්ද බලනවා. මේක යටින්ම තියෙන්නේ කොහෙන් හරි පිළිසරණක් හොයන අන්ත අසරණ පීඩිත ජීවිත. මේ ජීවිත හොරුන්ට ඉල්ලම් මල්ලක්...

    ReplyDelete
    Replies
    1. එහෙම අන්දන්න පුළුවන් ජනතාව බුද්ධිමත් නැති නිසා.. මිනිස්සුන්ගේ හිතන ශක්තිය නැති කරලා. ගිරව් වගේ උන් හදන අජ්ජාපන ක්‍රම හදන්නේ සෙල්ලමට නෙවෙයි බොලව්.. බොහෝම දුර දිග බලලා...

      Delete
  29. අනේ අම්මගේ රෙද්දේ කතරගම.. මම නම් ජීවිතේට කතරගම , සීනිගම , හලාවත මගුලට අරවට මේවට ගිහින් නැහැ.. ( ගියපු එකම තැන මීරිගම පොට් එක..මන් කියලා ඇතිනේ කලින් ) ඔය දෙයියෝ කියලා ජාතියක් ඇති... ඒත් අපේ දුක් වලට පිහිට වෙන්න නම් එන්නේ නැහැ කිසි දෙයියෙක්..

    ReplyDelete
    Replies
    1. අන්න හරි, දෙයියෝ පන්නෙත් තියෙන එකාටමයි

      Delete
    2. දෙවියන්ට කිසි බලයක් නෑ කියලා බුද්ධාගමේ හැමදාම කියනවනේ.. සෝමේ අදහන උනුත් මේ අස්සේ රිංගන එකයි දුකට කාරනාව..

      Delete
  30. එකීය පුද්ගලයා තාර්කිකය. අවශ්‍යතාවය සහ උවමනාව අතර වෙනස හඳුනයි. මිත්‍යාව සහ සත්‍ය අතර වෙනස හඳුනයි. ඩාව්කින්ස් ගේ තර්ක නම් වැරදියි. කවුද කියන්නේ දෙවියෝ නෑ කියල??

    ReplyDelete
    Replies
    1. දෙයියෝම තමයි කියන්නේ..

      Delete
  31. ප.ලි කොටස නොතිබ්බ නම් අලි අමාරුවක වැටෙනවා .

    ඉතිරි කිරීමේ බැංකුවේ ඩිරෙක්ටර් සවුත්තු වැඩක් කරල හලෝ.දයාසිරිට කියල එයා තුන්වෙනියා වෙනවා කියලා.දයාසිරිට ඇඬිලා.පව් අප්පා,මානසිකව වැටිල(තුවාලත් වෙලා).අර ජිල්මාට් කතාව කිව්වේ අඬ අඬ ඒ හිතේ අමාරුවෙන් ලු.

    ReplyDelete
    Replies
    1. ඔව්... ඕන්.. කාගෙත් සුන්දරී.. පෝලනි මන්සේකා ගෙදර යවලා රිලාසිරි පාර්ලිමේන්තුවට දාන්න යනවා කියන්නේ. අර කොම්පියුටර් ජිල්මාට කතාවට ලොක්කා දීලා අම්මා මතක් කරලම..

      Delete
  32. දෙයියා පලුම් ගහේ.....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි දෙළුම් හරි කමන්නෑ ගහකට නැංගානම් බහින්නත් ඉගෙන ගනිං. හොඳ වැඩේ බොට
      -කා(Ka)

      Delete
    2. මම හිතුවේ දෙයියා පල් ගහේ කියලා...

      Delete
  33. තවමත් අපේ රටේ බහුතරය (මහයාගේ පටන්) මේ මිත්‍යාවන්හි ගැලී සිටන විහිලු ස්වභාවය රටේ තිබෙන අවාසනාවන්ත තත්වය ලොවට පෙන්නනවා. මහයාගේ අර මැජික් බෝලය දැන් හුලන් බැහැගෙන එන්නේ.

    ReplyDelete
    Replies
    1. ආවා! ආවා!! ඔහු ආවා!!!
      71 සැඟවුනු අමුත්තා, 89 මැජික් බොලේ හුලන් ගහපු පංතියේ එකම ජිල්මාට් පප්පා.
      -කා(Ka)

      Delete
    2. හුකා(HuKa)

      Delete
    3. Thopi thundenama Rata Nari (Vicharakai, Ano dennai).

      Delete
    4. හැබෑවක්ද ඔබ මේ කියන්නේ!

      Delete
    5. මොන පිස්සුද මචෝ... ඕන බලහන්කෝ ඉරිදා උදේට ප්‍රොතිපලේ කිව්වහම...

      Delete
  34. මචං එංගලන්තේ වේල්ස් පලාතේ තියෙනවා කෝවිලක් ස්කන්දවේල් කියල. උඹලත් අහලා ඇති.ලංකාවේ එවුනුයි, ඉන්දියන් කාරයොයි පැල් බැඳගෙන යන්නේ.මාර සල්ලි මචං එතන. අපේ ලංකාවේ සිංහල එකෙක් තමයි මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා ගේමට බැහැලා තියෙන්නේ.ඌ මලා. දැන් සුද්දෝ තමයි අර ස්තෝත්‍ර කියන්නේ. නියම ඇන්දිල්ල.මිලියන් ගනන් හම්බකරන්නේ.මස් මාළු නොකා එන්න ඕන. බොන්න බැහැ දවස් තුනකට කලින් ඉඳන්. වැල් බයිලා. මාවත් එක්කන් ගියා බලන්න. මම ඇතුලට යන්න ඉස්සෙල්ලත් කාලක් ගහලයි ඇතුලට ගියේ. මොන රෙද්දක්වත් නැහැ මම තාමත් හුස්ම ගන්නවා. ප්‍රේමදාස දීපු අලියෙකුත් ඉන්නවා. Skandha Vale කියල ගහපන් ගූගල් එකේ .

    ReplyDelete
    Replies
    1. අදමයි ඇහුවේ මචං... අපේ උන් උපාධි ගත්තට ගොන් කම යන්නේ නෑ..

      Delete
  35. ශේහ් ..මේවා දෙයියෝ පල් කරන වැඩ.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙලා ගොඩා..........................ක් කල් මේයා...

      Delete
  36. මේ කතාව මට කිවුවේ පොළොන්නරුවෙ බුවෙක්. ඇත්ත නැත්ත මම දන් නැහැ.
    මහරජාගේ පවුලෙ නිධන් හොරුටික හෙලිකොප්ටර් එහෙම දාගන මීටර් 500 ක් උඩ ඉඳල ස්කැන් පාර දානවලු. එහෙම කරල සෝමාවතියේ තිබුන වටිනාම, ලොකුම නිධනයක් ගන්ට සෙට්වෙලා ආමි එක එහෙම දාල දුන්නලු ගේම. එදා සෝමාවතියට පලුයන්න වැහැල. කොහොම හරි නිධානෙ අරගන කොළඹ ගෙනෙනකොට කොළඹට පලුයන්න වහිනවලු, නවතින්නෙම නැතුව.
    අන්තිමේ කට්ටඩියො සෙට්එක තිරණය කළාලු නිධානෙ වස්දොස් තමයි මේ පල දෙන්නෙ කියල, සෝමාවතියේ ඒ වෙනුවෙන් ලක්ෂයකට වඩා සෙනග ගෙන්නලා පුජාවක් තියන්න. ඊට පස්සෙ තමයි අර මිස්ටර් කිරිබත්ගොඩ කියන අසපු බත්බැලය, බුදුරුස් විහිදෙනව කියල සෙනග ලක්ෂගාණක් මහ වැස්සෙ ගෙනත් සෝමාවතියේ ප්‍රජාව කරල තියෙන්නෙ.
    ඔන්න අපේ බත් කන හරක් !

    ReplyDelete
    Replies
    1. ඕවා වල තාර බර ඇරලා ගන්න ඕන.. ඔය හාස්කම් කියලා මෙලෝ දෙයක් නෑ ආයිබෝවන්ඩ..

      Delete
  37. මේ පින්තූර ටික දකිද්දි ආශාවෙ බෑ බොලං...දෙකක් දෙන්නම තමයි මට හිතෙන්නෙ...මුන්ගෙ මූණු දකිනකොටත් අප්පිරියයි.

    ReplyDelete
    Replies
    1. පිස්සුද රජ කාලේ උන්නා වගේම රජ ගෙදර නක්සස්තරකාරයෝ.. මුන් ඔක්කෝම පෙන්නන්නේ . කොල්ලුපිටියේ දෙයියගේ රැස්පොට්..

      Delete
    2. පොල්ලු කිටියේ දෙවියන්..!

      Delete
  38. පලි එක තමා මරේ මරු..

    අපෙ අම්මත් ඔන්න පහනක් පත්තු කරන් හිටියා. කතරගම යන්න තෙල් නාස්ති නොකර එහෙම කරපු එකත් ෂේප් නිසා සද්ද නැතුව හිටියා මම :)

    කදිරසුරිදු සරණයි !

    ReplyDelete
    Replies
    1. දෙයියන්ට පාන් තියලා හරියන්නේ නෑ.. අම්මට කියන් කාවඩි බයිලා කැසට් එක දාගෙන කාවඩි නටන්නෙයි කියලා..

      Delete
  39. මාතයෝ බොට වස්වදී

    ReplyDelete
    Replies
    1. තව මක්කා වදින්නද බන්... රටටම වස් වැදිලා තියෙන කොට...

      Delete
  40. මේත කමයි ඇත්ත කතාව. මේ රටේ බහුතරයක් අන්ධ මිතයා දෘෂ්ඨිකයෝ.ඒ මිත්‍යා දෘෂ්ඨිකයන් ට මග පෙන්වන කිසිවෙක් නැ.අනික තමයි මේ මිනිස්සු අන්දවන්නත් කට්ටියක් පෙලට ඉන්නවා. ඒ නැකත් කරුවෝ කියන දේවල් ඉහ මුදුනින් පිළිගන්න මිනිස්සු හරි කැමතියි......

    ReplyDelete
    Replies
    1. උදේට රූපවාකිනි චැනල් සේරම මුන් අරක්ගෙන ඉන්නේ. එකෙක්වත් නොදන්න කාරනේ තමයි. උන් චැනල් වලට ගෙවලා කරන වැඩ සටහනක්ය කියන එක.. ටී වී කාරයෝ මළපහ උනත් ප්‍රමෝට් කරයි, සල්ලි හම්බ වෙනවනම්...

      Delete
  41. ඔය චන්ද්‍රසිරි කියන හාදය මට මතකයි සැරයක් බුදුපිලිම වලින් රැස් විහිදෙන එක ඇත්ත කියලත් කිවුව.
    අපෙ ගම කිට්ටුව රෙදි කඩයක් තියෙනව බොහොම පොඩියට පටන් අරගෙන ලාබෙට දිල ගොඩාක් දියුනු උනා.දැනට මාස 8කට විතර කලිම් මම ඔතෙන්ට ගියාම දැක්ක පෙන්ශුයි මගුලක් තියෙනව.මම ඇහුව ඔයාල දියුනු උනෙ මෙක නිසාද කියල.උන් කියනව " නැ මෙක නිකන් දිල ගියනිසා තිවුව'කියල.

    ReplyDelete
    Replies
    1. ෆෙන් සුයි... ඒ අනිත් කම්බ හොරා...

      Delete
    2. ෆෙන් ශුයි කාරය ඉස්සර කුණුහරප පත්තර ගැහුව.කාටවත් මතක නෑ ඒව දැන්.

      Delete
  42. මේකට නම් සහමුලින්ම එකඟයි මිස්ටර් මාතලන්...

    අර සුනිලාශෝධන පෝස්ට් එකේ මම අහපු ප්‍රශ්නයක් තියෙනවා උත්තරයක්‌ තියේ නම් කියලා දාන්න කරුණු කාරනා පැහැදිලි කර ගන්න.
    http://maathalan.blogspot.com/2013/09/in-respect-of-sunila-abeysekara.html?showComment=1379567607062#c8953467165015034743

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි...

      ඔහේ තාම සුනිලා කරේ තියන් යනවද.. අපි නම් එයාට සමු දීලා ගොඩක් කල්. සුනිලටවත්, මාතලන්ටවත්,

      ගොළුවෝ කතාවරන්නත් බෑ..
      අන්ධයන්ට පෙනීම දෙන්නත් බෑ..
      මෝඩයන්ට බුද්ධිය දෙන්නත් බෑ...

      ඒ වගේම කතරෙටත් බෑ..

      Delete
    2. මම කරේ තියන් යනවා නෙවෙයි බොලේ.

      ඔහේ කිව්වනේ, සුනිලා ආණ්ඩුව විතරක් නෙවෙයි කොටින් වත් මානව හිමි කම් වලට එරෙහිව් විවේචනය කළා කියලා. ඉතින් මම එදා ඇහැව්වා ඔහේගෙන් එහෙම සාධාරණ අපක්ෂපාතී හැසිරීමකට උදාහරණ.

      ඔහේ එදා උත්තර දුන්නෙත් නෑ.

      අද දෙන්නෙත් නෑ.

      පැනලා යනවා තමන් කියපු බේගලේ ඔප්පු කර ගන්න බැරිව.

      ලැජ්ජයි. කුජීතයි.

      Delete
    3. මම කරේ තියන් යනවා නෙවෙයි බොලේ.

      ඔහේ කිව්වනේ, සුනිලා ආණ්ඩුව විතරක් නෙවෙයි කොටින් වත් මානව හිමි කම් වලට එරෙහිව් විවේචනය කළා කියලා. ඉතින් මම එදා ඇහැව්වා ඔහේගෙන් එහෙම සාධාරණ අපක්ෂපාතී හැසිරීමකට උදාහරණ.

      ඔහේ එදා උත්තර දුන්නෙත් නෑ.

      අද දෙන්නෙත් නෑ.

      පැනලා යනවා තමන් කියපු බේගලේ ඔප්පු කර ගන්න බැරිව.

      ලැජ්ජයි. කුජීතයි.

      Delete
    4. මම කරේ තියන් යනවා නෙවෙයි බොලේ.

      ඔහේ කිව්වනේ, සුනිලා ආණ්ඩුව විතරක් නෙවෙයි කොටින් වත් මානව හිමි කම් වලට එරෙහිව් විවේචනය කළා කියලා. ඉතින් මම එදා ඇහැව්වා ඔහේගෙන් එහෙම සාධාරණ අපක්ෂපාතී හැසිරීමකට උදාහරණ.

      ඔහේ එදා උත්තර දුන්නෙත් නෑ.

      අද දෙන්නෙත් නෑ.

      පැනලා යනවා තමන් කියපු බේගලේ ඔප්පු කර ගන්න බැරිව.

      ලැජ්ජයි. කුජීතයි.

      Delete
  43. දවසක් කතරගම දේවාලේ පූජාව වෙලාවේ චූන් වෙච්ච අම්මණ්ඩි කෙනෙක් කරේ තිබුන මාලේ ගලවල කපුවට දුන්න එලියට ඇවිල්ල විළාප දුන්නා එක නැතිව ගෙදර යන්න බැහැ කියලා

    ReplyDelete
    Replies
    1. පූජා භාන්ඩ ආයේ ගත්තොත් හෙම අවීචී මහා නරකාදියේ තමයි තපින්න වෙන්නේ... ආවේස කරලා ගේම දෙන්න ඇති මාලෙට..

      Delete
  44. මිනිසුන්ගෙ අන්ධ විශ්වාශ කවදාවත් නැති වෙන්නෙත් නෑ....පූජකයන්ගෙ බිස්නසුත් කවදාවත් නැති වෙන්නෙ නෑ.((ඕ මයි ගෝඩ්)

    ReplyDelete
    Replies
    1. රජ්ජුරුවෝත් බෝලයක් මිරිකමිරික යන කොට.. ජහමනයා ගැන තව මක්කා කියන්නෙයි බන්...

      Delete
  45. @"අනික ඉතින් දෙවියෝ ඔය කියන තරම් වැඩ කාරයෝ නම් අපි මැරීගෙන කරන පින්කමෙනුත් කොටසක් එයාලා ගන්න එක වැරදියිය"

    "පහනින් පහන සිය ගනණක් ඇවිලුවද
    එපහන් සිලෙහි අලු අඩු නොව දිලෙන ලෙද"

    ReplyDelete
    Replies
    1. මාර කයියක්නේ ඇදලා ඇරලා තියෙන්නේ...

      Delete
  46. /* පොඩි කාලේ ඉඳන්, මාතලන් ඔය දෙවියෝ, බූතයෝ තියා, බුද්ධාගමේ තියෙන වැල් බයිලාත් පිලි ගන්නේ නැතිය. */

    මාතලං,

    බුද්ධ ධර්මයේ නං වැල්-බයිලා තියෙන බවක් මං අසා නෑ.

    ඔහේ කියන්නේ බුඩ්ඩාගං සංස්ථා ලේබල් එක සහිත බණවල තියෙන බයිලා ගැන විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. කතා, බුදු උනා කියන්නේ, සියල්ල අවබෝධ කර ගත්තා කියන එක නේද, එතකොට සුද්ධෝධන කියනකන්, පොඩි උන්, වැඩිහිටි කැමත්ත නැතිව මහණ කර ගන්න එක වැරදියි කියලා තේරුනේ නැද්ද. කෙසේ වෙතත්, මෙතරම් සුඛෝපභෝගී ජීවන රටාවක් නැති කාලයක කියපුවා අදට වලංගු වෙන්නේ නෑ කියන එකයි මගේ මතය..

      Delete
  47. මාතලන් , මොකද කියන්නේ සියලු සංස්ථා සභාපතිකම්, ක්‍රීඩා සංගම් සභාපතිකම්, අහෝසි කරලා මේ තුන්දෙනාට වැඩේ පවරුවානම් ඔක්කොම ගොඩ නේද, මොකද දැන් ඉන්න එවුනුත් මුන් කරනවාට වඩා දෙයක් කරන්නේ නෑනෙ

    ReplyDelete
    Replies
    1. උඹ දන්නවද දන්නේ නෑ.. ඕකුන් අමාත්‍යන්ශවල උපදේශක වරු.. ඉතින්, මෙහෙම රටකට කවදා පායයිදෝ සූර්යයා...

      Delete
  48. මේ පවතින ක්‍රමය තුල තවදුරටත් මානුශික සාරදර්ම වලට පවතින්න ඉඩක් නැහැ.කොටින්ම හැම මිනිහම මුදලට යටවෙනවනේ.බල්ලො මරල හරි මිනිස්සු සල්ලි හොයන්වා.ඉතින් ආගම් සහ විශ්වාසත් මේ විදිහට අලෙවි වෙන එක ඉතාම සාමාන්‍යයි නේද.ඉතින් පූජකයො සහ අනිත් ඉහත කී ජාවාරම්කාරයොත් වැටෙන්නේ "ජීවිතය යනු මුදල්ය" යනුවෙන් සිතන අනිත් මිනිස්සුන්ගේ කුලකයටමයි නේද.ඉතින් එකී පූජක,හොර ජාවාරම් කාරයන් දෙසත් "දයාවෙන් බලලා" යමක් කමක් යන්තමින් හරි තේරෙන කට්ටිය එකතුවෙලා "සමස්ත සමාජයම මුහුනදෙන" මෙම ගැටලු වලට "වඩා බුද්ධ්මත්" විසදුමක් සොයා යන්න කාලය වැ‍ය කරොත් නරකද.........

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් සත්තරනේ මේ පොඩියට හරි කරන්නේ.. ඒ කාලේඅ ආවේ කී දෙනාද.. අද කී දෙනෙක් නම් එනවද... මේ ලියන්නේ බොරු නම්, එහෙම මිනිස්සු එන්නේ නෑ නේ, මේවා කියවන්න...

      Delete
    2. උබ ලියන එව බොරු කියල කිව්වෙ නෑ.මේ වැඩේ පට්ට.අපිට සයිබරයෙන් එහාට යන්න බැරිද බන්.....

      Delete
    3. බලමු... බෑ කියලා දෙයක් නෑ නේ...

      Delete
  49. මමත් බොහොම කාලෙකට කලින් දේව ඇදහිල්ල අත් ඇරියා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දෙවියෝ සුදීක දිහා බලලා තියෙනවා...

      Delete
  50. ඔය දේවාලේ තාම දිග්ගෙයි නැටුම් නටවනවද මාතලන්

    ReplyDelete
    Replies
    1. ඒක නම් කියන්න දන්නේ නෑ.. හැබයි හොඳ නාඩගම් ටිකක් නම් බලගෙන එන්න පුළුවන්...

      Delete
  51. This comment has been removed by the author.

    ReplyDelete
  52. ඔය සතෙන් සතේ ඉතුරැ කරපු සල්ලි ගිලන මාමව මම දන්නේ මීට බොහෝ කලකට පෙර සිට. මෑන්ට ඒ කාලේ අතේ නෑ සතේ. මෑන්ස්ගේ දූලා දෙන්නා අපි එක්ක ඉස්කෝලේ ගියේ. පස්සේ කොහොමින් කොහොම හරි රජතුමාට එකතු වෙලා තමයි ඔය තත්වේ ඉන්නේ. දැන් යන්නේ උඩින්. ඒ කාලේ අපිට අයියේ කියලා කතා කරපු කෙල්ලේ දැන් අපි දැක්කම කාර් එක රේස් කරලා ගැම්මට යන්නේ. අනිත් දේ ඒ කාලේ ඉදලා ඔය මනුස්සයා කලේ සොෆ්ට්වෙයා වලින් හදහන් බලපු එක. මිනිහට කොම්පියුටර් ගැන මෙලෝ දැනුමක් නැති නිසා කොල්ලෙක් අරන් හිටියා ඒ වැඩ ටිකට.. (තව දෙයක් මම දැක්කා සුමනේ ලොක්කා‍ ටැලිවිෂොන් එකේ කතා කරලා දෙමව්පියෝ වැඩිහිටියන්ට සළකන එක ගැනකියනවා. මෙයා ඒ කාලේ හිටියෙත් වයිෆ්ගේ ගෙදර. කොච්චර සල්ලි තිබුණත් වැඩක් නෑ වයිෆ්ගේ තාත්තා හිගා කකා ඉදලා මැරිලා ගියේ දැන් ටික කාලෙකට කලින්)මම කියන්නේ ඒ කාලේ හොදේ.. මේට කියන්නත් බයයි රාජ උදහසට ලක් වුනොත් කියලා. මොනවා උනත් දැන් මේ රට කොමිටල් ලෝකයක් වෙලා. කවුරැත් එළිපිට බොරැ කරනවා. මිනිස්සුත් ගොන්නු වගේ අහන් ඉන්නවා. මම හිතන්නේ අපේ අයට දෙයියන්ගේ හාල් කැවිලද මන්දා.. නැත්නම් දෙවියෝ ටිකත් කෝටි 20 ගාණේ විකිනාලා ගිහිල්ලද කියන එකත් විශ්වාස නෑ. දැන් සිද්ධවෙන දේවල් දිහා බැලුවම එහෙම දෙයක් නොවේවි කියලා කියන්නත් බෑ..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ගොසිප්.........අපිට වැඩක් නැහැ අනුන්ගේ දේවල්. හා..හා..........ඔය එකෙක් මචෝ.....අනිකා ප්‍රියන්ත රත්නායක.ඉරහඳ දඩෝරියා..ඒ කාලේ ඉඳලම මග මරුවා...නුගේගොඩ නෙලූ ස්ටුඩියෝ එකට එහා පැත්තේ ඇඳුම් කඩයක් දාගෙන හිටියා. පස්සේ නන්න උනා..අපි නොදන්න ඉර සහ හඳ.අපහාස නෙමේ....මිනිස්සුන්ව අන්දනවාට අකැමති නිසයි ලියන්නේ.

      Delete
    2. ඇත්තටම arugeadaviya (මට මේ නම සිංහලෙන් ටයිප් කරන්න නිකන් මොකක්ද මොකක්ද වගේ.. හිකිස්...) මේවා අපිට වැඩක් නෑ තමයි. ඒත් මේ විකාර දැක්කම කලකිරෙනවා සිරාවටම. ප්‍රියන්තයා ගැන නම් කතා කරලා වැඩක් නෑ. (මාතලන් අයියා ගැන නෙවෙයි ඕං. ඉරහද ප්‍රියන්ත ගැන) දැකලා ඇති නේ ලක්ෂ්මී දේවාලේ යන ගරානාස් පාර. හැමදාම අපේ මිනිස්සු ගොනාට අදිනවා. අනේ මන්දා අපේ සමහර උන් තවම අර මොකක්ද යුගයේ ඉන්න අය වගේ..

      Delete
  53. The way of thinking has to be changed.. Not the religious customs....... Self confidence , self reliance , self awareness , self image, ....self esteem
    Then courage, determination .....
    planning organization .....

    Instead of those qualities people are naïve enough to go after intangible unseen powers.

    Rawana`s sister Suppannika the psychic woman has finished earning (looting) money by deceiving people.

    Any sacred place houses angles.
    Up to a certain degree angles could help human beings....
    There were cases where the angles had saved lives of people by giving the right signals and messages
    These cases were reported in western countries. Westerners too believe in angles.

    But no angle in Kataragama could change the destiny of people.
    Destiny is based on the junaka karma...
    But you can minimize or overcome many difficulties with wisdom and courage.

    I hope nobody will hate me for writing in English.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න