.

.

Oct 21, 2013

චෝගම් සහ පුංචි පහේ ඇමතිවරු - Chogm & Baby Ministers


මේ මලදානේ ගැන කීප සැරයක් ලියා ඇතත් ආයෙත් ලිවිය යුතුමයි කියා සිතුනේය. ඉස්සර පිට රටකින් කොපි කරලා සිරසේ "පුංචි පහේ මං" කියා වැඩ සටහනක් ගියේය. නම එහෙම උනාට ආවේ පුංචි උන් නෙවේය. මහ උන්ය. ඔය අස්සේ පාර්ලිමේන්තුවේ ඉන්න හරක් සහ බූරුවෝත් ආවේය.

උන් ඇවිත් නාගෙන යන හැටි දැකලා ලොක්කා උන්ට යන එක තහනම් කලේය. එහෙම පහේ උන්ගේ ප්‍රශ්ණ වලටත් උත්තර දෙන්න බැරි හරක් සෙට් එකක් ඇමති මණ්ඩලේ තියාගෙන ලොක්කත් එකසිය ගානට නානවාය.

ඕකට අජ්ජාපනේ කන ඇමතියා ආවාද කියා මට මතක නැත්තේය. ඒත් ඉතින් ආවා නම්, ඩෙෆා නාගෙනම යනවාය. පහේ පන්තියේ ප්‍රශ්ණ තියා, මහ ළොකු ආර්ථික විජ්ජාව බාර දුන්න වෙලේත් ඇදගෙනම නාපු නිසා, එතනින් පුකට පයින් ගසා එලෙව්වේය. ඒ එලවලා, ජාතියේ දරුවන්ගේ තාත්තා කියා ආඩම්බරෙන් කියන කෙනා, දරු පරපුර බාර දුන්නේ මේ වගේ හරකෙකුටය. දැන් ඒ යකා අජ්ජාපනේ උලා කනවාය.

හැම එකාම කියන්නේ මේක ප්‍රජාචන්චලවාදීද මොකක්ද රටක් කියාය. ඒ කියන්නේ වැඩි පිරිසක් කැමති දේ කරනා එකටය. පාළකයෝ ඉන්නේ, එහෙම වැඩි පිරිසක් හොඳයි කියා කියන දේවල් කොරන්නටය. ජනතාවගේ හඬට කන් දෙන්නටය. ඒත් මේ ඉන්න උන් එහෙම ජනතාවගේ හඬට කන් දෙන්නේ නැතිය.

උන් ගේනා මරි මෝඩ තකතීරූ තින්දු, ජනතාව පිලිගන්න ඕනාය. දැන් තීරණය කොරලා තියෙන්නේ පහේ සිස්සත්තේ රිසාල්ට් එක ළෝක ළමා දිනයේ දෙන්න ඕන කියලාය. අනික් උන් කියන්නේ එදාට දෙන්න එපා කියලාය. ඒ ළමා අයිතිවාසිකම් නැති වෙනවා කියලාය.

ඒ යක්කු උන්ගේ තීරණ වෙනස් කරන්නේ නැතිය. ඕන් ලොක්කා කිව්වොත් නම් නැට්ට පුකේ ගහගෙන "අතිගරු ජනාධිපති තුමාගේ තීරණය පරිදි..." කියා වෙනස් කොරනවාය. මාතලන් නම් කියන්නේ පහේ සිස්සත්තේ කියන්නේම ළෝක ළමා අපචාරයක් කියාය.

ඇමතිවරු, නිළධාරි විතරක් නොව, දෙමාපියන් කරන්නේද ළමා අපචාරයක්මය. මේකට දරුවා ලෑස්ති කොරන්නේ තුනේ පන්තියේ ඉඳලාය. හරක් පැටියා වගේ ඉස්කෝලෙට අමතරව පන්ති ගෙනියනවාය. ඒ කියන්නේ අවුරුදු 6-7 ඉඳලාම උන්ගේ සුන්දර ළමා කාළය උදුරා ගන්නවාය.

කරුමේ කියන්නේ, දරුවන්ට මේ අපචාර කරන්නේ අපේ ජැනරේසොන් එකේම කාළකන්නින්ය. ලොක්කා කරන්නේත් ළමා අපචාරමය. ළකුණු දෙන ක්‍රොමේ වෙන්සක් කරන්නෙයි කිව්වාට. ලොක්කා කරන්නේත් පත්තර වලයි, ටැලිවිසොන් වලයි පෙන්නන පැටව් ටික අරලිය ගහ මන්දිරේට ගෙනත් උන් එක්ක පොටෝ වලට ඉඳලා, අනෙක් උන්ගේ මල් වගේ හිත් රිද්දන එකය. ළකුණු 140 ගත්ත එකා හිතන්නේත්, අනේ මම ෆේල් කියලාය. ඒ දරුවාගේ ගොන් තකතීරූ දෙමව්පියෝ හිතන්නේත් දරුවා ෆේල් කියලාය.

140 ගත්තාය කියන්නේ ඩිස්ටින්ෂන් දෙකක්ම නේද යකෝ කියා, ඒ බූරූවන්ට තේරෙන්නේ නැතිය. ඉතින් යකඩ බට වලින් පුච්චනවාය. බලු කූඩූවේ දානවාය. වේවැල් කසාය දෙනවාය. ගුටි පෝරියල් දෙනවාය, අම්බානක බනිනවාය. මුන් නම් දෙමාපියන් නොව මස් වැද්දෝය.

අජ්ජාපනේ දීලා තියෙන්නේත් මස් කඩ කාරයෝ දෙන්නෙකුටය. ඒ කියන්නේ ටියුෂන් කඩ කාරයෝ දෙන්නෙකුටය. ආයෙත් බැලුවාම බිස්නස් කාරයෝ දෙන්නෙකුටය. බිස්නස් කාරයෝ කියන්නේ, සල්ලි විතරක් ළොකු කර ගත්ත උන්ය. උන් ගාව මනුස්සකම් නැතිය. උන් ගාව මනුස්සකම් තියෙන්න  උන්ව පත් කරන් උන්ට හිතක් පපුවක් තියෙන්න ඕනාය. තමන්ගේ දරුවා මරාගෙන කන එකාට. ඇමතිවරු මොන කෙන් ගෙඩියක් කලත් ගානක් නැතිය.

මේ මළදානේ නැති කොරන්නෙයි කියලා, මානව හිමිකම් එකටත් කස්ටියම ගියාය. ඒවා නිකන් සෝඩා බෝතල් වැඩය. විපස්සෙ කරන්න ඕනා, මෙන්න මේ වගේ කාළකන්නි වැඩ වලට විරුද්ධ වෙන එකය. ඒවා තියෙද්දි උන් විරුද්ධ වෙන්නේ, උන්ම ගෙනාපු කැසිනෝ වලටය.

ඇත්තටම මුන්ට වෙඩි තියලා කුරුඳු පොලු වලින් ගහලා වැඩක් නැතිය. හම්බ වෙන තැනකදි පැණි බේරෙන්න ඔළු ගෙඩි වලටම දුන්නත්, මගේ නම් අමනාපයක් නැතිය. මොකෝ මුන් ඒ තරමටම මොළේ අවුල් උන්දලාය.


ඒ අස්සේ චෝගම් තොවිලෙට ඉස්කෝල 2.45 වෙනකන් තියෙනවාය. අපේ පොඩි මෑන් ඉන්නේ අටේ පන්තියේය. ගෙවල් ළඟ නිසා 3.30 වගේ වෙනකොට ගෙදර එනවාය. ඒ ඇවිල්ලාත් ඉන්න හිටින්න නැතිය. පාසලේ පොල් බූරූ ගුරුවරු හෝම් වර්ක් දීලා එවනවාය.

හරියට පී ඇච් ඩී එකක් කොරනවා වාගේ, කන ගමනුත්, හෝම් වර්ක් කොරනවාය. නොකෙරුවොත් පන්තියේ කොන් වෙනවාය. කාටුන් බලන්නත් ඕනාය. පොඩි උන්ට ආතල් එකට තියෙන්නේත් එච්චරය. ඉතින් ඒවා බලලා, හෝර්ම් වර්ක් කරන්නේ රෑටය. උන්ට ළමා කාළයක් නැතිය. මම එපා කිව්වත්, පොඩි මෑන් කොරනවාය. ඒ දැන් තියෙන අජ්ජාපන ක්‍රමේ හැටිය. ගුරුවරු තමන්ට දීපූ පනිෂ්මන්ට් එක දරුවන්ගේ පිටින් යවන්නේ එහෙමය.

මේ වගේ බූරූ පාළකයෝ, මැති ඇමතිවරු, නිළධාරී හා දෙමව්පියන් පිරිසක් නිදහ්ස් අජ්ජාපනෙන් බිහි වෙයි කියා දන්නවානම්, කන්නන්ගර මහත්තයා කවදාවත් නිදහස් අජ්ජාපනයක් ඇති කොරන්නේ නැතිය. 56 බූරූ පුත්තු හැම තැනම රජ කරන්නේය. එදා නිශ්ශ්ංකමල්ල රජතුමා කී දේ, අද සැබෑවක්ම වෙලා තියෙන්නේය. මාතලන්ටත් කියන්න තියෙන්නේ එපමනමය.

ප: ලි:
අපිත් ලොකු ඉස්කෝලෙකට ගියේ සිස්සත්ත විතරක් නොව, ඒ ඉස්කෝලවල තිබුන විභාගත් පාස් වෙලාය. ඒ උනාට ජීවීතෙට ටියුෂන් ගිහිල්ලා නෙමේය. පාඩම් කරලත් නෙමේය. ගුරු දෙවිවරු පන්තියේ උගන්නපු දේවල් වලින් විතරමය. එහෙම ලොකු ඉස්කෝලවලට ගිය උන්, ඒවායෙත් රැකෝඩ්ම තිබ්බේය. පාස් වෙලා කියලා දැනගත්තේ ඉස්කෝලෙන් ගෙදරට පණිවිඩයක් ආපුවාමය.

ළකුණු ක්‍රමයක් තිබුනේ නැතිය. ඉස්කෝලේ ගියේ අපි විතරය. අම්මයි තාත්තයි ඉස්කෝලේ ගියේ නැතිය. තාත්තා වැඩට ගියේය. අම්මා ගෙදර උයන පිහන වැඩ කටයුතු කලේය. වැඩ කාරයෝ උන්නාට, උනුත් ඉස්කෝලේ ගියේ නැතිය. අපි ඉස්කෝලේ ගියේ තනියමය.

අද යන්නේ අම්මලාය. මේ බූරූ ඇමතිවරුන්ට හොඳ වැඩක් කරන්න පුළුවන්ය. කාන්තා ගුරුවරු අයින් කරලා, අම්මලාට උගන්නන්න, පිරිමි ගුරුවරු දැම්මා නම් හරිය. පොඩි උන්ට ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කොරන්න දීලා. අම්මලාට ගුරුවරුත් එක්ක හැමිනිය හැකිය. (අම්මලාට ඒ තරම් අමාරුවක් තියෙන්නේය.)

සිස්සත්තෙත්, අම්මලාටම ලියන්න කියන්න හැකිය. (මේකට කියන්නේ අම්මලාගේ විභාගේ කියාය) පේල් වෙලා තිබුනොත්, තාත්තලාට කැමති "පොල්ලකින්", කැමති වර්ගයේ සෙල්ලමක් කර ගත්තාට අවුලක් නැතිය. පොඩි උන්ට පොඩි උන් ලෙස ජීවත් විය හැකිය.

108 comments:

  1. ඉදල ඉදල ඇවිත් ඔය දීලා තියෙන්නේ යස අගේට ප.ලි. කැල්ල තමයි එලම

    ReplyDelete
    Replies
    1. මන් එකටම ටයිප් කලේ රාලේ ,, දැම්මා නේද මට කලින් කොමෙන්ට් එක හොරා :(

      Delete
    2. කව්ද අනේ මේ බතලි මට හොරා කියන්නේ (නම දැක්කේ නැ ෆොටෝ එක විතරයි දැක්කේ )

      Delete
    3. ඒ ටික තමයි හිතේ තිබුනේ... මතක් උනේ පස්සේ..

      Delete
  2. හ්ම්ම් ,, එක හුස්මට කියවාගෙන ගියේ ,,,අන්තිමට හෝස් ගා ගෙන ගියා පපුව ,, කසාද බැදලා දරුවෙක් හදන්න හිතෙයිද කියලත් හිතෙනවා ,,,,,,,,,,,,,සිශ්සත්වෙට ළමය පන්ති ගෙනියන්න අම්මා ස්කුටියයි ,ෆෝන් එකයි ගන්නෙත් ,, අපේ දන්න කෙනෙක් පෙබරවාරි මැද හම්බවෙන්න දින දීලා තිබ්බ ලමයව ජනවාරි අග බඩ පලලා එලියට ගත්තා අවුරුද්දක් කලින් ඉස්කෝලේ යවන්න ,,,

    ReplyDelete
    Replies
    1. සිරාවට!! පිස්සු පයිත්තියං වුනා ඒක ඇහුවාම. පොඩි එකාව එක කොරන්ට තව මොන මොනවා කොරයිද දන්නෙ නෑ ඒ අම්මා!!

      Delete
    2. බඩේදිවත් සැනසිල්ලේ ඉන්න දෙන්නේ නැහැ ඒ මාස නමයවත් ,, ගොඩක් අය කරනවා බස්සියේ

      Delete
    3. ඇත්තටම දැන් ඉන්න සමාජෙට පිස්සු.. මානසික ලෙඩ්ඩු..

      Delete
  3. මොන.. මම දැක්කේ මාතලං ආපු විත්තිය විතරයි අනිත් ඒවා පස්සේ බැරියැ....

    ReplyDelete
    Replies
    1. ආවට ලියන්න වෙන්නේ.. ගෙදර ඉන්න වෙලාවල විතරයි.. ගොඩක් උන්ගේ පෝස්ට් මිස් වෙනවා.. දුකයි.. කරන්න දෙයක් නෑ..

      Delete
  4. ටික දවසක් නැතිවෙන්නම ඕන අඩුව දැනෙන්න.

    ReplyDelete
    Replies
    1. උබත් කාලයක් අතුරුදහන්වෙලා හිටියා නේද බොල? අපිටනම් අඩුවක් දැනුනෙම නෑ!

      Delete
    2. එක සැරයක් අවුරුද්දක් විතර උන්නේ නෑ.. ඔහොම තමයි ජීවිතේ..

      Delete
  5. මෙන්න ආපහු ඇවිල්ල....

    ReplyDelete
    Replies
    1. //ඇත්තටම මුන්ට වෙඩි තියලා කුරුඳු පොලු වලින් ගහලා වැඩක් නැතිය...//

      ඔන්න ඕක තමා ඉතින් මොරාල් එක...

      මමත් ඔය විභාගේ ගොඩ ගිහින් කොළඹ ආපු එකෙක්. පන්තියක් පැත්ත පළාතේ ගියේ නෑ. සතර පොතක් ගෙනත් දීලා තිබ්බ, ඒක නම් එහෙන් මෙහෙන් කළා. මගේ දරුවත් මම ඒ පාරේම ගෙනියනවා. අද ගොඩක් දෙමව්පියෝ දරුවාගේ කරදරෙන් බේරෙන්න බැරිව අවුරුදු තුනෙන්ම මොන්ටිසෝරි දානවා. තමන්ට ඔරොත්තු නොදෙන විදිහේ අවශ්‍යතා වලින් ජිවිතේ පුරවන් බර අදින හරක් වගේ ඔහෙ දක්කනවා. මගේ දරුවාගේ අම්මා වැඩට යන්නේ නෑ, එයා ගෙදර ඉඳන් අවුරුදු 5 වෙනකම්ම දරුවා බලාගෙන ඊට පස්සේ මොන්ටිසෝරි යවයි. පොඩි උන්ට ළමා කාලයක් විඳින්න දෙන්න බැරි නම් දරුවෝ නොහද ඉන්න ඕනේ.

      Delete
    2. මෙතන වැඩිම වැරද්ද කරන්නේ දෙමව්පියන්..

      Delete
  6. Replies
    1. මාතලන් බොරු කියනවා අඩුයි..

      Delete
  7. ලංකාවෙ මුළු අධ්‍යාපන ක්‍රමයම ලොකු අවුලක්...
    මේකෙන් හැදෙන්නෙ ඔලුවක් නැති දැනුමක් පමණක් බාගෙට ඇති(ඒ දැනුමද විකෘතියකි) හරක් පමණි.
    කාට කියන්නද.... මුංගෙ මොලගෙඩි කවදාවත් හැදෙන් නෑ. එතකං ඉතිං හැමදාම හැමෝටම තමුංගෙ නොවන වෙන මොකක්හරි ලබ්බක් තිබුනා කිය කියා ඉන්න තමයි තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. මම දැක්කා ඊයේ 2014 අජ්ජාපනේටයි උසස් අජ්ජාපනේට්යි වෙන් කරලා තියෙන ගනන. ඇත්තටම මුන්ට අජ්ජාපනේ හදන්න උවමනාවක් නෑ..

      Delete
  8. මොනා නැතත් අන්තිම ටිකනම් කොළ බොක්කටම වදින්න ලියල තියෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙම ලිව්වාම පෝඩ්ඩක් දැනෙනවා..

      Delete
  9. ගොඩක් කාලෙකට පස්සේ ඇවිත් තියෙන්නේ...යන්තම් ඇති. :)

    ReplyDelete
    Replies
    1. නොනේ තරහ වෙන්න එපා බ්ලොගේ පැත්තෙ එන්න බැරි උනා.
      බැන්දයි කියල නෝක්කඩුවට එහෙම නොවෙයි..ඔන්න

      Delete
    2. හැක් හැක්..ඉරිසියාකාරයා..

      Delete
    3. එච්චර කාලයක් නෑ පොකූ.... අර දිගටම ලියන නිසා.... වෙනස දැනෙනවා..

      Delete
    4. පුලුවන් නම් මගේ බ්ලොග් එකට ගිහින් පොඩි කමෙන්ට් පාරක් දාපල්ලාකෝ..........
      http://sincinemacritics.blogspot.com/

      Delete
  10. අහිංසක අම්මලට බැනල වැඩක් නෑ බං. බනින්න ඕන කාරණාත් තියනව, ඒව පවා ඇතිවෙවන්නෙ මේ අධ්‍යාපන ක්‍රමයේ අවුල නිසා. ශිෂ්‍යත්වෙ පාස් උනොත් "හොඳ ඉස්කෝලෙකට" යන්න පුළුවන්. හොඳ ඉස්කොලෙකට ගියොත් හොඳට ඉගනගන්න පු්ළුවන්. කඩ්ඩ පොලිස් වෙනව. ඊට පස්සෙ ලොකු රස්සාවක් කරල හොඳට හමිබකරගන්න පුළුවන් තව කොච්චර තියනවද!......
    ඉස්සෙල්ලම අධ්‍යාපනයේ තියන විශමතාවය ටිකක් වත් අඩුකරල ඉන්න ඕන. එතෙක් මේ කේස් එක නවතින්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අජ්ජාපන ක්‍රමේ, අපේ කාලෙයි මේ කාලෙයි මහ ළොකු වෙනසක් වෙලා නෑ නේ බන්. වෙනස් වෙලා තියෙන්නේ දෙමව්පියන්ගේ ඔළු.. උඹේ කොමෙන්ට් එකේ තියෙන අනික් මතයට මට නම් කියන්න තියෙන්නේ අමු මුලාවක් කියලා විතරයි. ඉන්ගිරිසි වචන දෙකක් කතා කර ගන්න බැරි උන් රෝයල් එකේ ඕන තරම් ඉන්නවා.. අපි ඒවට ගියපු නිසා දන්නවා ඕක අමු මුලාවක් කියලා... අනික සිස්සත්තෙ ප්‍රොතොපලෙන්ම හිතා ගන්න පුළුවන් නේ ඔය් මහ ළොකු ඉස්කෝලවල තත්වේ.. දැන් ඒවත් විනාසයි.. බිස්නස් සෙන්ටර් විතරයි...

      Delete
  11. මාතලන් වෙල්කම් බැක්......
    සතුටුයි.........අප්පා ...........දැක්ක කල්.
    මේ ගැන නම් එකඟයි. මුන් ගොන් හරක් අපේ ළමයිත් ගොන්නු කරන්න මුන් වෙහෙසෙන තරමක්. අපේ එකීව මම සතියට දින තුනක් හෝ හතරක් විතරයි පාසැල් යවන්නේ. මේ පොඩි වුන්ට පුළුවන් ද ඔය පීඩනේ ඉවසන් ඉන්න. ළමයගේ මොළෙන් 20% ඔඅය සිස්සත්තේ නිසා විනාශ වෙනවා. මගේ නම් සිතුවිල්ල ඕඇල් වෙනකම්ම ළමයින්ට ඉගෙනීමට එතරම් බලකරන්න හොද නැහැ. ඉන් පස්සෙ උන් දන්නව කරන්න ඕනෙ දේ.

    ReplyDelete
    Replies
    1. අපිට කොරන්න පුළුවන් දේ තමයි වෙද මහත්තයා ලියලා තියෙන්නේ.. වෙන කරන්න දෙයක් නෑ.. මම නම් පොඩි එකාට සිස්සත්තේ දැනෙන්නවත් දුන්නෙ නෑ.. එහෙම මැරෙන්න හේතුවකුත් නෑ නේ.. මම දන්න ගොඩක් උන් දරුවෝ විභාගෙටවත් තිබ්බෙ නෑ.. එහෙම උන් ටිකක් හරි ඉන්න එක ආඩම්බරයක්..

      Delete
  12. සතු‍ටුයි ආපහු ආවට.. ඔන්න දැන් මානව හිමිකම් එකෙන් පරීක්ශනයක් පටන් ගන්නවලු සිස්සත්තේ ගැන.කමි‍ටුවකුත් පත් කරගෙන පරවීනයො කීප දෙනෙක් එක්ක.ඕක මීට කලින් කොරන්න තිබ්බේ. අපේ කාලෙන් තමා ඔය හුට්ටපර race එක පටන් ගත්තේ.අපේ අම්මලත් ඉස්කොලේ පැත්ත පලාතේ ආවේ නෑ ඔය සමිති වලට. ප්‍රතිඵලය අපි කොන් වෙච්ච එක එත් රජයේ විබාග වලදි නම් වැඩ පෙන්නුවා ඒවට කොක්ක දාන්න සංවදන කමි‍ටුවල උන්දැලාට බැරි නිසා.

    ReplyDelete
    Replies
    1. අපේ මනව හිමිකම් කොමිසම කියන්නේ පට්ට බොරුවක්.. එතන ඉන්නේ ආන්ඩුවේ නොම්මර එකේ හෙන්චයියෙක්.. අනික උන්දැම කියනවා.. එයාට කොරන්න පුළුවන් නිර්දේශ ඉදිරිපත් කොරන එක විතරලු.. අර රතුපස්වල සීන් එකට මොකද කෙරුවේ..??????

      හොඳ බයිලා කාරයෙක් තමයි පොර...

      Delete
  13. මාතලන් ගොඩක් කාලෙකින්! අපේ නඟත් ඔය චෝගම් තොයිලෙන් පීඩා විඳින කෙනෙක් නොවැ....එයාලට නම් 3 වෙනකන් වැඩ.

    ReplyDelete
    Replies
    1. මේ හෙන ගහන කාලේ.... හෙනයක් වත් පාත් වෙන්නේ නෑ නේ ඕකුන්ට..

      Delete
  14. ඇත්තටම අර කියපු විදියට 140ක් ගත්ත එකා ෆේල් කියන වැඩි හිටියන්ට උන්ගේ ළමාකලයේ ගත්ත ලකුනු මතක නෑනේ. අඩුම තරමේ ඌ එක වැඩකට අවම ලකුනු 40ක් අරන් තියනවනේ.

    ReplyDelete
    Replies
    1. මොන 40 ක්ද බන් 70 ක් නේ.....

      Delete
  15. වෙල්කම් බැක්.... සිරාවටම බං ළමයා විතරක් නෙමෙයි.. මුළු පරම්පරාවම ඉස්කෝලෙ යනවනෙ.... ඉස්සර අපේ අම්ම හරි තාත්ත හරි ගියේ ගුරු දෙගුරු දිනයටයි, අපි මොකක් හරි මරි වැඩක් කරලා අහු වුනාම විතරයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. අපේ නම් ගුරු දෙගුරු එකට ගියෙත් නෑ.. එකම එක සැරයක් ආවා.. මරුමූස් කේස් එකකට..

      Delete
  16. කාලෙකට පස්සෙ...

    ලංකාවෙ අධ්‍යාපන ක්‍රමයක් තියෙනවාද කියා සැකය.

    ReplyDelete
    Replies
    1. ක්‍රමයක් නම් නෑ තමයි.. අජ්ජාපන පිස්සුවක් නම් තියෙනවා... ගම් වලට පවා බෝ වෙච්චි..

      Delete
  17. අද ඉන්නෙ එදා දෙමව්පියෝ නොවෙයි තියෙන්නේ ඒදා අධ්‍යාපන ක්‍රමෙත් නොවෙයි ඔක්කොටම වඩා ඉපදිච්ච දවසේ ඉඳන් අර පන්තියටයි මේ පන්තියටයි දක්කලා දක්කලා ඇති දැඩි කොරාපු කිසිම සංජානනයක් සහ කම්පනයක් නැති මී හරක් පොඩිවුන් රැලක්
    මේක හින්දා තමයි රටේ අළුතෙන් බුද්ධිය නැති උගත්තු පරම්පරාවක් බිහිවේගන යන්නේ

    ReplyDelete
    Replies
    1. කොහොමත් ලංකාවේ බුද්ධිමතුන් අඩුයි.. සුද්දා ඉන්න කාලේ බිහි උන ටික විතරයි.. දැන් ඉන්නේ ගිරවු.. තම තම නැන පමණින් ගැටළු නිරාකරනය කර ගන්න බොහෝ දෙනෙකුට බෑ..

      Delete
  18. straight to the business ?
    ආ ගිය තොරතුරු කතා කරල ඉමුකෝ, ..

    ReplyDelete
    Replies
    1. වරදක් නෑ... පෙර සේම සිටිමි..

      නැව ගිලුනත් බෑන්ඩ් චූන්...

      Delete
  19. වෙල්කම් බැක් මාතලන්
    ඔය එක්කම සින්ඩියත් අප්ඩේට් කලානං හොඳයි නේද

    ReplyDelete
    Replies
    1. සින්ඩියේ අප්ඩේට් කොරන්න තරම් දෙයක් හම්බ උනේ නෑ..

      Delete
  20. kiyala vadak na Thalan aiyaa !! (MA kalla haluvata aulak nane?? :D) ahana ahana hama ekama kiyanava mey adyaapana krame venas karanda one kiyala. habai ita passe kiyanava puthava claz danda yanda thiyenava kiyala. unge kolan ithin untama hodai. ara asarana podiun tika aheta meheta visivenava.

    ReplyDelete
    Replies
    1. වැඩිපුරම පිස්සුව තියෙන්නේ, දෙමව්පියන්ට.. දරුවෝ ඇමතිවරුන්ගේ නෙමෙයිනේ.. තමන්ගේ දරුවට ආදරය කරන්නේ නෑ.. ඌ හරකෙක් වගේ හදන්නේ.. ළොකු උනාම උන් පලිය ගන්නවා.. දෙමව්පියන්ට සලකන්නේ නෑ.. වෛරයක් තියෙන්නේ..

      Delete
  21. සිස්සත්තේ හතේ පන්තියට දාන්ඩ යන කතාවකුත් තියෙන්නෙ.එහෙම උනොත් පොඩි එකාගේ ජීවිතේ තවත් අවුරුදු දෙකක් ඉවරයි

    ReplyDelete
    Replies
    1. ඒ තරම් ඔල මොට්ටල වැඩක් තවත් නෑ... අහෝසි කරනවා ඇර..

      Delete
  22. ආ කාලෙකින් අවිල්ල නේ.කතාව ඇත්ත.එත් මෙකෙන් මිදෙන්න බැ ලන්කවෙ ඉන්නවනම් නේද
    හය හතර

    ReplyDelete
    Replies
    1. අපොයි පුළුවන්.. අපි මිදිලා ඉන්නේ.. දරුවන්ට දරුවෝ විදියට ඉන්න දුන්නම ඉවරයි..

      Delete
  23. අම්මලා තාත්තලාටනෙ පිස්සුව තියෙන්නෙ.... වෙන ඉස්කෝලෙකට යවන්ට ඕනෙ නැත්නං සිස්සත්තෙ කරන්ට වද දෙන්නෙ මොන කෙහෙල්මලකටද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව ඕක තමයි... ඉගෙන ගන්න එකා දඹානේ උන්නත් ඉගෙන ගන්නවා..

      Delete
  24. සහතික ඇත්ත තමයි ලියල තියෙන්නෙ. ඒ කාලෙ අපි ශිෂ්‍යත්වෙ කියල නැහුනෙ නෑ. ඉස්කොලෙ ගිහින් ඇවිත් සෙල්ලං කරල කාටුන් බලල ඉඩක් තිබුනොත් පොතක පතක වැඩක් කරල ෆුල් ජොලියෙ හිටිය. අනේ ඒකට දැන් ලමයිග පව් අප්පා. සහතිකයි ෆේල් වුනත් කමක් නෑ මගේ ලමයින්ව නං මං කවදාවත් ඔය මෝඩ විභාගෙට මරවන්නෙ නෑ. අපි ඔය ඉලව්ව පාස් වුනේ පාඩං කොරලයෑ. අපිට තිබුන ලමා කාලෙන් දශමයක් හරි උන්ට විදින්න දෙන්න ඕන. එතකොට තව එක පරම්පරාවක් හරි කියාවිනේ අපිට ලස්සන ලමා කාලයක් තිබුන කියල.

    ReplyDelete
    Replies
    1. ඕකෙන් වෙන්නේ දමව්පියන් නොසලකන දරුවන් පිරිසක් බිහි වෙන එක විතරයි.. ඇයි මුන් දරුවන්ට සලකන්නේ නෑ නේ.. මරවනවා මිසක..

      Delete
  25. ආපු ගමන් බන්ධුල ගුනාව ගොනා කරලම දාලා. අපිත් ඔය විභාගවල් පාස් කරා. මේ වගේ මල ජවුසම් ජීවිතේට දැකලා නැහැ. මම දැක්කා වවුනියා දිස්ත්‍රික්කයේ විභාගේ පාස් දරුවෝ ටිකකට ළමා සාරී අන්දවලා..සරම් අන්දවලා මහ එකාගේ මාලිගාවට ගෙනල්ලා දේශනාවක් දෙනවා. මේවා බලන අනිත් පොඩි එවුන්ට ගෙවල් වල ඉන්න මෝඩ හරක් තව තව ප්‍රෙෂර් එක දානවා. හරිහමන් ළමා කාලයක් නොතිබිච්ච එවුන්ගේ පරම්පරාව තමයි දැන් ටිකින් ටික රට බාරගන්න එන්නේ. ඉදිරිය අති බියකරු විය හැක.

    ReplyDelete
    Replies
    1. ලොක්කත් මොකක් හරි පාජාවක් දාලා ළකුණු දාගන්න නම් රුසියා...

      ඉස්සරහට එන්නේ දෙමාපියන් නොසලකන පරපුරක්.. නමුත් ඒකේ අසාධාරණයක් නෑ..

      Delete
  26. මාත් දන්න පවුලකට ගිය අවුරුද්දෙ ලමයෙක් ඉපදුනා ඒ ක්ලීනික් එකේ ඉදන් ඔක්කොටම ඇඩ්‍රස් දුන්නෙ තාත්තා කාරයගෙ අක්කාගේ කොළඹ ගෙදර. දැන් බර කිරන්නයි බෙහෙත් විදින්නයි ඔක්කොටම උස්සන් දුවනවා. ඔක්කොම ඒ ලමයව කොළඹ පාසලකට දා ගන්න ගහපු මාස්ටර් පෑලෑන.
    නූපන් දරුවව පවා බොරු කාරයෙක් කරන්න තරම් අපේ දෙමාපියො පිරිහෙලා.

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කෝම මලදාන කලත් අන්තීමට ඉන්ටවීව් ෆේල් වෙලා හූල්ල හූල්ල ඉන්න උන්, මම අනන්තවත් දැකලා තියෙනවා... දැන් ඒක තනිකර බිස්නොස් එකක්.. පින්සිපල්ලා නම් ගොඩේ ගොඩ...

      Delete
  27. කාලෙකට පස්සේ වුණත් මේ තියෙන්නේ සුපිරි පහට දීල ඇදලා...

    ReplyDelete
    Replies
    1. ka Kalaya මල්ලියා තෝ කොහෙද හිටියෙ../
      මේ දවස් ටිකේ මාව පරිස්සම් කරපන්...
      බුවෙක් එනව අමුතු ඉට්ටයිල් එහෙකට....
      හරිය....

      Delete
    2. කවුද, කවුද, ?
      විකාරද බුවාත් මේ ටිකේ දකින්න නැති එකේ මටත් හරි පාළුයි පාළුයි........ කෙනජියේ, බොට විතරක් නෙමේ මේ දවස්වල බොග දාන කාට කාටත් හරි හරියට අපල නොවැ. කකාත් ආයේ කොමන්ට් වාරණය කොරනවා.

      Delete
    3. ලියාගන්න විදියක් නැතිව උන්නේ.. කුඩු නැති කුඩුකාරයා වගේ...

      Delete
  28. ඔය මාධ්‍ය කාරයො කියන සංවේදී පියාගෙ පියා තමයි,තමන්ගෙ ගම් පලාතෙ විතරක් නෙමේ සනුහරේ එවුනුත් උගතුන් වෙනවට අකමැති වුනේ.
    එහෙම කෙරුවෙ තමන්ගෙ පුතුන් කවද හරි රජ කරවන්න.
    එයාගේ මද්දුම පුතා අද මුළු රටම ගොන්නු කරනව තමන්ගෙ පුතුන් රජුන් කරන්න.
    උගත් ජනතාව තියන දෙස් වද්දන්න තමයි අද්දීයාපනෙට තුන් කට්ටුවක් දාල තියෙන්නෙ.
    විජේදාස,නිරුපමාල රාජපක්ෂලාට කවදාවත් එදිරියට එන්න දෙන්නෙම නැහැ,අතේ දුරින් තියනව මිසක්.
    උගතුන්ට දැන් පියාගෙ පියා කෙලවපු කතාව මට කිව්වේ 56 ට පෙර උපන් අංකල් කෙනෙක් ඩ්‍රින්ක් එහෙකට සෙට් වුන වෙලාවක.

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නෙත් බොරුවක් නෙමෙයි කියලා හිතෙනවා වෙන දේවල් දැක්කාම.. කොහොමත් මේ ගොන් ඇමතිවරු නම් අජ්ජාපනේ කනවා...

      Delete
  29. ඔන්න අපිත් අලුතෙන් එකතු වුනා... ලිපිය නම් හරිම කාලෝචිතයි..

    ReplyDelete
  30. වෙල්කම් බැක් මචන්,
    අනේ මන්දා ලංකාවේ මේ බිහිවන ළමයි තරම් පවු ගෙවන ළමයි වෙන රටවල නම් නැතිව ඇති. උපන්දා ඉඳන් ළමයින්ගේ නිදහස නැති කරන වෙන රටවල් නැතිව ඇති. ඔය මඟුල්
    අධ්‍යාපන ක්‍රමය ගැලපෙන්නෙ නෑ කියලා ප්‍රොටෙස්ට් කරන්න ඇයි මේ හැමෝටම බැරි? ගුරුවරු බිස්නස්කාරයෝ කරන්නෙත් ඔය අධ්‍යාපන ක්‍රමයෙන්මයිනේ.
    නියමවිදියට ළමා අපරාද වලට නඩු දාන්න ඕනේ මුලින්ම මේ රජයට.

    ReplyDelete
    Replies
    1. රජයට නෙමෙයි මචෝ... උන් ගහන පද වලට නටන දෙමව්පියන්ට..

      Delete
  31. සිරා පෝස්ටුව. මට තේරෙන්නෙ නෑ එක කොටසක්. ඔය පොඩි උන්ව ආෆ්ටර් ස්කූල් තියාගන්න එකෙන් චෝගම් එකට වෙන සෙතේ මොකද්ද හැබෑට?? ඕකෙ පොඩි එකාලට නටන්න සිංදු කියන්නවත් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. මුන්ට පිස්සු... වෙන කියන්න දෙයක් නෑ...

      Delete
  32. පහුගිය දිණ කීපයේ බර අරන් දුර ගමනක් ගොහිංද හිටියෙ..අද තියෙන අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවෙන උන්ගෙන් රටට වැඩක් තියෙනවද කියලයි ඉස්සෙල්ලා බලන්න ඕනෙ...

    ReplyDelete
    Replies
    1. රටට වැඩක් නැති උනාට.. අමාරුවෙන් හරි ගේම ගහන එකා නම්... තූත්තුකුඩියේ උන්නත් දිණුම්...

      Delete
  33. මං දන්න පොඩි එකෙක් සිස්සත්තෙට ලියලා ගෙදර ඇවිත් කියුවලු

    '' හම්මේ මං නං දැන් නිදහස්. මට දුක නංගි ගැන ''

    කියලා

    ReplyDelete
    Replies
    1. අපේ එකෙක් විභාගේ ගැන ඇහුවම් කිව්වලු.... අනේ අම්මේ මට දැන්වත් නිදහසේ ඉන්න දෙනවද කියලා....

      Delete
  34. ශිෂ්‍යත්වෙ නැති කරන එකට නම් එකග නෑ. ඒ අපි වගේ පොඩි මිනිස්සුන්ට හොද පාසලකට යන්න තියන ක්‍රමේ ඒක නිසා. ශිෂ්‍යත්වෙට ඉස්සෙල්ල එහෙන්ම ජනප්‍රිය පාසල් වලට තියන ඉල්ලුම නැති කරන්න ඕනි. මන් හිතන්නෙ 9-10 වසර වෙනකන් වත් ටියුශන් නවත්වන එක කරන්න පුළුවන් නම් ළමයින්ට ඩින්ගක් හුස්ම ගන්න හම්බ වෙයි.

    ReplyDelete
    Replies
    1. හොඳ යෝජනවක්...

      ඉස්සට තිබුනා ඕකට කලින් විභාගයක්.. ඒක පාස් වෙන උන් විතරයි, සිස්සත්තෙට තිබ්බේ...

      Delete
  35. ගොඩක් උන් බනින්නන් වාලෙ "දැන් ළමයින්ට වෙලවක් නෑ සෙල්ලමට, එච්චරට වැඩ, තරඟෙ, මෙව්ව මේ අධ්‍යාපන ලොක්කන්ගෙ බහුබූත නිසා" කිව්වට, ඉස්කෝලෙ යන පොඩි එකෙක් ඉන්න තාත්තෙක් විදියට මම ඕකට එකඟ නෑ. මොකද හිතල බලහන් අපි ඉස්කෝලෙ යනකොට "පරිඝනක" කියල විශයක් තිබ්බද. සමාජ අධ්‍යනයට හරි විද්‍යාවට හරි ඉගැන්නුවෙ ඇනෝපොලිස් ගැන විතර්යි. ඒත් දැන් ඩෙන්ගු අරව මේව කීයක්ද?

    සෑම වසර දහයකටම වරක් වගේ ලෝකෙ දැණුමුඅ දෙගුන වෙනවලු. එතකොට අලුත් ලෝකෙ තීන දේ ගැන දැනගන්න ළමයි ඉගෙන ගන්න වෙනව. අලුත් ඒව ඉගෙන ගන්න නිසා පරන දේ අතාරින්නම බෑනෙ. එතකොට නිතරම අලුත් පරම්පරාවෙ ළමයින්ට ඉගෙන ගන්න තීන දේ වැඩි වෙනව. ඕක සාමාන‍යයි. ලන්කාවෙ උන්ට වගේම ඉන්ටර්නැෂනල් එහෙකට ගිහින් සුද්දගෙ සිලබස් ඉගෙන ගන්න මගෙ එකගෙත් පොත් මල්ල ඌට වඩා බරයි. හෝම් වර්ක් කන්දයි. එකේ ඉඳන් විභාග තියනව. එකම වෙනස ශිශ්‍යත්ව මගුල නැති එක විතරයි.

    ReplyDelete
    Replies
    1. එහෙම එන එන විශය ඇතුලත් කරන්න ගියෝත් හැමිනිලා තියෙයි.. අයි පොඩ් ගැනයි ගේම්ස් ගැනයි ජාත්‍යන්තර ත්‍රස්තවාදය හා නූතන අධිරාජ්‍යවාදය කියන ඒවටත් පීරීයඩ් දාන්න වෙයි.. එහෙම ඒවා උගන්නනවනම් පරණ දේ අත අරින්න ඕන.. එකට ත්මයි පඩි නඩි ගෙවලා ආචාර්යවරු, මහාචාර්යවරු දාලා තියෙන්නේ.. මමත් පිට රටවල ඉඳලා තියෙනවා.. ඒවල නම් මෙහෙම මළ විකාර දකලා නෑ.. ළමයෙක්ගේ වයසට ගැලපෙන දරාගන්න පුළුවන් දෙයක් විතරයි කියලා දෙන්නේ..

      Delete
  36. ගොඩක් කාලෙකින්.
    මමත් මේ කතාව එක්ක එකඟයි. දැන් ඉස්කෝලේ යන්නේ ලමයි නෙමෙයි අම්මලා.. පොඩ්ඩන්ට තියෙන්නේ ගිහින් පෙනී ඉන්න විතරයි..

    ReplyDelete
    Replies
    1. අම්මලාට පුදුම අමාරුවක් තියෙන්නේ.. ඉස්කෝලේ ගේට්ටුව ගාවටම වෙනකන් එනවා. පන්තියට යන්න දෙනවනම් එතනටත් යයි.. උන්ට කරන්න තියෙන්නේ මම කියපු දේ විතරයි...

      Delete
  37. චෝගම් ගැන කොහොම වුනත් අර පලියේ ලියලා තියෙන්නේ කෑල්ලනම් අමූලික ඇත්ත..

    ReplyDelete
  38. //සිස්සත්තෙත්, අම්මලාටම ලියන්න කියන්න හැකිය. (මේකට කියන්නේ අම්මලාගේ විභාගේ කියාය) පේල් වෙලා තිබුනොත්, තාත්තලාට කැමති "පොල්ලකින්", කැමති වර්ගයේ සෙල්ලමක් කර ගත්තාට අවුලක් නැතිය. පොඩි උන්ට පොඩි උන් ලෙස ජීවත් විය හැකිය.//

    මටත් කියන්න තිෙයන්ෙන් ඔන්න ඔය ටිකමය.

    ReplyDelete
    Replies
    1. වෙන මක්කා කියන්නද ආයිබෝවන්ඩ...

      Delete
  39. මතලං මචෝ, ළමයින්ට ළමා කාලයක් විතරක් නොවේ, දෙමාපියන්ට දෙමාපිය කාලෙකුත් නෑ?

    ReplyDelete
    Replies
    1. දෙමව්පියන්ට නැති උනාට මට නම් අවුලක් නෑ.. ඒත් දරුවෝ ගැන නම් මාර දුකක් තියෙන්නේ..

      Delete
  40. අදාල නැහැත් වගේ.ඒත් අදාලත් වගේ.මෙන්න මෙහෙමයි දවසක් අපේ ස්කෝලෙ ටීචර් කෙනෙකුට වේච්චි වැඩේ.ඇය සැබැවින්ම තමාගේ පන්තියේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන උන්නදු ගුරුවරියකි.

    ගුරුවරිය පාසල ඇරී නිවස බලා යාමට බසය ගැනීමට පාරට බැස්සාය.... ඈතින් එන්නේ දළු පාටවා ගත් ලෑන්ඩ් මාස්ටරයකි.

    ලෑන්ඩ් මාස්ටරය ළං වන්න වන්න ඇය එහි සිටි රියදුරා හඳුනා ගනී.ඒ තමාගේ පන්තියේ සඳුන්ගේ පියාය.

    ඇය අත දමා ට්‍රැක්ටරය නවත්වයි.

    ගුරුවරිය:- මේ සඳුන්ගේ තාත්තා නේද?

    ඩ්‍රැයිවර් :- ඔවු මිස්.මිස් අපේ පුතාගේ පන්තියෙ ටීචර් නේද ?

    ගුරුවරිය:- ඔවු ඔවු.මම මේ සඳුන්ලයෙ තාත්තා හමුවෙන්නමයි හිටියේ.?

    ඩ්‍රැයිවර් :-අර මොක ද මිස් ?

    ගුරුවරිය:- මොකද දැන් සඳුන් ස්කෝලෙ නොඑන්නේ. පහු ගිය ටිකේ සති තුනක් දිගටම ඇවිත් නැහැ.දැන් විභාගෙත් ළඟයි..?


    ඩ්‍රැයිවර් :-සඳුන් දැන් මාත් එකේ දළු ලයින් එකේ යනවා.?

    ගුරුවරිය:- අපරාදේ නේ. ඒ ළමය ස්කෝලෙ එවන්න.ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්න දෙන්න.

    සදුන්ගෙ තාත්තා :- අයියෝ මිස්. ඉගෙන ගත්ත කියලත් ඕකා අන්තිමට කරන්නේ මේක නේ.ඉතින් නරකද නිකම් කාලය නාස්ති නොකර දැන්ම ඉදන් බිස්නස් එකට හවුල් වුනාම.අඩු ගානේ ක්‍රෙම්ට මේක කරන් යන්න වත් ඒකා ඉගෙන ගනීවි.දැන් බලන්න මිස්ලා. ලැබෙන පඩිය ලෝන් වලටම කැපිල ඉවරනේ. අතේ ඉතිරි වෙන එකෙන් සාරියක් වත් ගන්න පුලුවන් ද.මිස්ලට වඩා මම කොච්චර නම් හම්බ කරනව ද. මිස්ට උනත් ලොකු ලෝන් එකක් දෙන්න මට පලුවන්. ඕනි නම් මිස්ව එක්කරන ගිහින් ඔය ඉන්නව ටවඩා හොඳට කන්න බොන්න අදින්න දීලා මිස්ව බලා ගන්නත් මට පුලුවන්.එහෙනම් ටීචර් අපි ගියා....

    සැර දමා පනගන්වා ගත් අත් ට්‍රැක්ටරය ඒ මඟ දිගේ ඉදිරියටම ඇදෙද්දී විශාල වුනු ඇසුත් විවර වුනු කටත් සමඟින් ගුරුතුමිය එතැනම නැවතුණි....

    ReplyDelete
    Replies
    1. ගුරුතුමී තවත් එතනමද?

      ලස්සන කතාව ඈ.........

      Delete
    2. ඕක තමයි සොසි තිත්ත ඇත්ත.. ඔක්කෝම යවන්නේ දොස්තරවරු, ඉංජිනේරුවරු කරන්න.. අන්තීමෙද ඕ ලෙවල් වත් නොකරපු එකා ගාව ඩිග්‍රියක් අරගෙන රස්සාව කරනවා...

      Delete
  41. වෙල්කම් බැක් ආචාර්ය මාතලන්. සුපුරුදු පරිදි මගේ බ්ලොග් රෝල අප්ඩේට් වෙන්නේ නෑ. ෆේස්බුක් එකෙන් දැකලා ආවේ. පරිගණයක හදා ගත්තද ? ශිෂ්‍යත්ව කාලේ තමයි මම ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ. අපේ අම්මයි තාත්තයි කොච්චර බැන්නත් මම කලේ ක්‍රිකට් ගහපු එක. මම ට්‍රයි කරලා දෙවෙනි කොටස ඩවුන් කර ගත්ත එකෙක්. එක ලකුණක් අඩු වුණා කියපල්ලකෝ. මොනවා කිව්වත් මම ගියේ මට ඕන පාරේ. දැන් පොඩි එවුන්ට එහෙමත් බෑ නේ.

    ReplyDelete
    Replies
    1. DOS ගේම් හදාපු සුදීකට, බොග රෝල අප්ඩේට් වෙන්නේ නැති එක තවම හදා ගන්න බැරිවුනා කියන එක පුදුමයි. මේ එර එදා සුදීකමද?

      Delete
    2. අපොයි තවම ඒ නිදහස දෙන දෙමව්පියෝ අල්පයක් ඉන්නවා. දුවන්නන් වාලේ දුවන්නේ නැති...

      Delete
  42. ආර්ථිකය මිනිසුන් අධික විඩාවට පත්කරමින් සිටී,
    දෙමාපියන් පෙනී සිටිනා දරුවන්ගේ විභාගයේ හේතු බීජය බවට පත්වන්නේ ආර්ථීකය නොවේද?

    දෙමාපියන් ඉතා හොදින් දනී, තම දරුවා අධ්‍යාපනය උපරිම ස්ථානයට ගෙන යෑමට නොහැකි වුවහොත්, ඔහු ජීවිතයේ අසමත් පුරවැසියෙකු බවට නිතැතින්ම පත්වන බව. මේ සඳහා තරගකාරී අධ්‍යාපන ක්‍රමයේ ඉදිරියට ගෙන යෑමටනම්, දෙමාපියන්ද හරි හරියට වෙහෙසිය යුතුය. මන්ද, දරුවාට ඒ පිළිබඳ අවබෝධයක් නැති බැවිනි. නමුත්, සියලු දෙනා දැනුවත්ව, දරුවන්ගේ ළමා කාලය හැකිළී, පටුවී, වියැකී යයි. තවම අපේ හෝරා ගණන කරුවන් අකරු කියැවීම සඳහා ලබා දෙන වේලාව පමණක් ඉදිරියට ගෙනැවිත් නැත.
    අධ්‍යාපනය මීට වසර කිහිපයකට පෙර සහ අද සංසන්දනය කළවිට ඉතා සංකීර්ණ වෙමින් පවතින බව අපට තේරුම් ගත හැකිය. අප විභාගයට පෙනී සිටින කාල වකවානුවේ ගත යුතු අවම ලකුණු මට්ටම පමණක් නොව විභාගයේ සංකීර්ණ භාවයද අද වෙනස් වී ඇත. තවද වසර කිහිපයකට පෙර ලකුණු ප්‍රමාණය අද ගත් සිසුවෙකුට මා ගිය පාසැල අහිමි වීමට ඉඩකඩ ඉතා වැඩිය. සා/පෙ ලියන ග්‍රාමීය ළමුන්ට ඉන් සමත්ව උසස් අධ්‍යාපනය සඳහා ඉතා හොඳ මට්ටමේ පාසැලක් තෝරා ගැනීමට ඇති අවස්ථාව අඩුය.
    (මිනිසුන් ගිලගත් ආර්ථිකයට අමතරව, ශිෂ්‍යත්වය සඳහා ළමුන් පෙළ ගැස්වීමේ තදබල උන්න්දුවක් සහිත අධිමාන්‍ය දෙමාපියන්ද අඩු නොවේ. දෙමාපියන්ගේ වත්කම දරුවන් තුළින් පෙන්වීමට උත්සාහ ගන්නා අවස්ථා අපට නිතර හමුවේ.)
    දරුවන් ගිල ගන්නා මෙම අධ්‍යාපන ක්‍රමයේ ප්‍රශ්නය කුමක්ද?
    සියලු දෙනාට සම - නිසි අධ්‍යාපනයක් ලැබීමට වරම් නොලැබීමයි.
    දිනේ දින අධ්‍යාපන ප්‍රතිපාදන ද කප්පාදු වේ. අධ්‍යාපනය පෞද්ගලීකරණයට ඉඩ තැබූවිට මෙම ප්‍රශ්නය ඉතා ර්‍තවුර ලෙස සමාජය ගිල ගනීවි.

    අමතර සටහනක්
    01) අයිටීන් වාහිනියේ දිනක් ප්‍රවෘති තුළින් පොළක වෙළදාම් කරන මවක් මෙසේ ප්‍රතිචාර දක්වයි.
    “ඔව්, අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න ඕන“
    මේ ඇයගේ,
    නොදන්නාකමද?
    කුහකකමද?
    ජඩකමද?
    ගැති භාවයද?

    02) කරුණෑගල රෝයල් සහ අංගන්ගල පාසැල බද්ධ කර රෝයල් කිරීමට 2005 දී පමණ තීරණය විය. මෙයට විරුද්ධ වූවෝ අතර, පක්ෂ, රෝයල් හී දෙමාපියන්ද විය. එමෙන්ම මෙම ක්‍රියාවලිය සිදුවනතෙක් ඇස් දල්වා සිටියේ අංගන්ගල පාසැලේ දරුවන් සිටින දෙමාපියන්ය.

    අදාළ පක්ෂ විරෝධය දැක්වූයේ එහි අනාගත බලපෑම දැනගෙනය.
    රෝයල් දෙමාපියෝ මෙම මුසු වීමට විරෝධය දැක්වූයේ මන්ද?
    තම මට්ටමට නොගැලපෙන ආර්ථික මට්ටමේ ළමුන් පිරිසක් ද තම ළමයි හා මුසු වීම දකිනු අකැමැතිවය.
    අංගන්ගල පාසැලේ දෙමාපියන් මෙම මුසු වීමට කැමැතිවූයේ මන්ද?
    තම ළමයිද රෝයල් නාමය යටතේ ලියාපදිංචි වන බව සිතමින් එකී මනෝ භාවයෙනි. එමෙන්ම ඊට එරෙහි වූ පක්ෂ කෙරේද නයි වෛරය ආරෝපණය කරවා ගති.

    දැන් සිදුව ඇත්තේ කුමක්ද?
    අංගන්ගල පාසැල සඳහා ගියේ ප්‍රදේශයේ දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ය. අද වන විට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී දෙමාපියන්ගේ දරුවන් වන නවක සිසුන්ට එම පාසැල අහිමිය. දැන් නවක සිසුන් කි මී කිහිපයක දුර ගෙවා වෙනත් පැසැලකට යයි. සම්පත්, සහ ඉඩ සීමා අහිමී වූ රෝයල් පැසැල දැන් වැඩි සම්පත් ප්‍රමාණයක් සහ ඉඩකඩක් සහිත සුපිරි පංතියේ පාසැලකි. අංගන්ගල අහිමී කරවූ සහ අහිමීවිමට ඉඩ සලසමින් පහළ ආර්ථික මට්ටමේ දිළිඳු දරුවන්ගේ අනාගතේ නොදැකපු දෙමාපියන් එයට පිළිතුරු දෙන්නේ ද නැත. අදටත්, මෙම දෙමාපියන් බලවතුන් පසුපස යයි. ඒ, අධ්‍යාපනය අහිමි වූ තම දරුවන් වෙනුවෙන් රැකියා අවස්ථාවක් ලබා ගැනීම සඳහායි.

    ReplyDelete
    Replies
    1. මෙතන ආර්ථිකයට වඩා... සමාජ ප්‍රශ්ණයක් තියෙන්නේ.. ඇත්තම කියනවනම් මානසික ලෙඩක්.. ගොඩක් උන් දඟලන්නේ තමන් නොලද දේ දරුවගෙන් ලබා ගන්න. ඒත් උන්ට කවදාවත් ඒ දේ ලැබෙන්නේ නෑ.. මොකද මේ සිස්ටම් එකෙන් බිහිවෙන්නේ දෙමව්පියන්ට වෛර කරන දරුවෙක්...

      Delete
  43. මගේ කොල්ලා ඉගෙනගන්නේ අධිරාජ්‍යවාදී යැයි කියන රටක ප්‍රාථමික විදුහලක 3 වන පන්තියේ. පොරටත් home work තියෙනවා. වෙනස තමයි, home work තියෙන්නේ සතියට දවස් 4 යි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පමණයි. ඒකත් කරන්න ඕන දවසට පැය භාගයයි. පැය භාගයකින් ඉවර කරන්න බැරිනම්, එතනින් නැවත්වලා දෙමව්පියන් අත්සන් කලාම ඇති.
    ආශ්චර්යයේ දේශය කවදා civilized වෙයිද මන්ද.

    ReplyDelete
    Replies
    1. මේක සිවිලයිස් වෙන්න නම්.. අයේ යටත් විජිතයක් වෙන්න වෙයි.. මොකෝ එජාපයේ ඉන්නෙත් මීට එහා හරක් සෙට් එකක්..

      Delete
  44. මමත් ශිෂ්‍යත්වය උඩින්ම ෆේල් වුණා. ඒක ෆේල් කියලා ගෙදර අයට ගානක් නෑ. මගේ දුවත් ෆේල්. මටත් ගානක් නෑ. දරුවාගේ නිදහස දරුවට දුන්නා.. මට එගැන සතු‍ටුයි.

    හැබැටම මාතලන් කොහෙද ගිහින් හිටියේ රට වත් ගියාද

    ReplyDelete
    Replies
    1. අනේ නෑ දයෝ.. මෙහෙමයි උන්නේ.. ලැප කැඩුනා.. දැන් ඉතින් ගෙදර ඉන්න වෙලාවට දිගටම දෙන්නම්..

      මෙහම දෙමව්පියන් තාමත් සිටීම දරුවන්ගේ වාසනාවක්..

      Delete
  45. අම්මලත් ඉතිං හදන්නේ කොහොමහරි ළමයා හොඳ ඉස්කෝලෙකට තල්ලු කරන්නනේ. ඉගෙනගැනීම කෙසේ වෙතත් (අන්තිමේදි කොහෙන් ගියත් ටියුෂන් ක්ලාස් එකෙන්නේ නතර වෙන්නෙ, අර කකුළුවා මීගමුවෙන් මුහුදට බහිනවා වගේ) හොඳ ඉස්කෝලෙක තියන අමතර වාසි හින්ද (රැකියාවකට යද්දී එහෙම)
    .
    මේ හෝම් වරක් කෙරිල්ල නම් කිසි කමකට නෑ. මිට වඩා හොඳයි අම්මලට කරගෙන එන්න කියලම දුන්න නම්. මම දන්න හුඟක් ගෙවල් වල දෙමව්පියෝ තමයි ළමයාගේ ගෙදර වැඩ කරන්නේ. සමහර දෙන එව්වා ඇත්තටම ළමයින්ට තනියෙන් කරගන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මම යෝජනා කලේ අම්මලාව පාසල් යවන්න.. දරුවන්ට ගෙදර ඉන්න කියලා..

      Delete
  46. Enter the Dragon.
    Then,
    Enter the Mathalan.
    මාතලන් තුමාගේ දෙවන සම්ප්‍රාප්තියත් වුනා එහෙනම්.
    පළවෙනි පාර නම් උඹ අපිට කියලා හෙමනේ ගියේ.
    මේ පාර ගොම්පීතර් කේස් එක නිසා AWOL කියලා දැනගත්තා.
    සතු‍ටුයි උඹව දකින්න ලැබීමත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචෝ...

      Delete
  47. පුලුවන් නම් මගේ බ්ලොග් එකට ගිහින් පොඩි කමෙන්ට් පාරක් දාපල්ලාකෝ..........
    http://sincinemacritics.blogspot.com/

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න