.

.

Nov 30, 2013

කැම්පස් සින්ඩිය...??? - Campus Cindy...???


ඒ පාර මොකක්ද මේ ...?
මේක මේ බ්ලොග් කළාවේ උන්නතිය වෙනුවෙන්, යහපත් සිතිවිල්ලෙන් පටන් ගත්ත වැඩක්, වැඩේ පටන් ගන්න ඉස්සරත් වැඩේ සාර්ථකයි කියලා හිතෙනවා. නමුත්, ඒක දිගටම ගෙනියන එක තමයි අපි කාගෙත් යුතුකම.

එතකොට මොකාද මේක කරන්නේ..?
මෙහෙම අහලා තිබුනේ මාරයා. ඇත්තටම ඒක ප්‍රශ්නයක් නේන්නම්. මේ අදහස මුලින්ම ඉදිරිපත් කළේ නලියට. මොකෝ මේ වගේ දේකට, බ්ලොග් වලින් විතරක් ප්‍රචාරය දීලා වැඩක් නෑ. ඊට පස්සේ කතා කලේ වෙද මහත්තයට, ඒ... වැඩිදුර උපදේශයක් එහෙම ගන්න ඕන නිසා. තවත් කීප දෙනෙකුටම කතා කලා. ඔවුන් හැමෝම වැඩේට සහයෝගය දක්වන්න එක පයින්. නලියයි මායි ඇඩ්මින්. වෙද මහත්තයා උපසේන. අනිත් අයගෙත් උදව් අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙනවා.

ඇයි එතකොට තියෙන සින්ඩි මදිද...?
හ්ම්... ඒ තිබුනට අපි හිතනවා, මෙහෙම වෙනම එකක් තියෙන එක හොඳයි කියලා. ඇත්තටම ඒක වෙනම සංස්කෘතියක්, වෙනම තැනක්. වෙනම වටපිටාවක්. ඉතින් එයාලට බ්ලොග් අවකාශයෙත් වෙනම තැනක් තිබුනට අවුලක් නෑ නේද.?

එහෙම වෙන් වෙනවට වඩා, එකමුතු වෙන එක නේද වෙන්න ඕන..?
ඒක තමයි ප්‍රධානම පරමාර්ථය. දැන් මේ සින්ඩියේ ඉන්නේ කැම්පස් වල අය විතරක් උනාට. කොමෙන්ට් කරන්න, බලන්න අනික් අයට තහනමක් නෑ නේ. ඒතකොට මේ තියෙන ගැප් එකත් අඩුවේවි. මොකද එතන අදහස් හුවමාරු වෙන තැනක් වෙනවනේ.

එතකොට අපිට කොහොමද උදව් කරන්න පුළුවන්?
ඇත්තටම බ්ලොග් ලියන පරණ අයට (සීනීයර්ස් කියන වචනයට මම කැමති නෑ.) පුළුවන් තමන්ගේ බ්ලොග් එකෙන් මේ ගැන ප්‍රචාරයක් ලබා දෙන්න. ඒ වගේම එයාලගේ හිතවත් අය මේ ගැන දැණුවත් කරන්න. එතකොට දැනට කැම්පස් ඉන්න අයට පුළුවන්, එයාලගෙ ප්‍රජාව මේ ගැන දැණුවත් කරන්න.

වැඩක් වෙයිද..?
හොඳම උදාහරණය කවිතා වැඩ සටහන. මම නම් ලැබෙන හැම අවස්ථාවකම බැලුවා. ඒ අයත් කැමතියි තමන් එක දෙයකට පමණක් දක්ෂ අය නොවෙයි කියලා පෙන්වන්න. නමුත් ඒකට අවස්ථාවක්, මග පෙන්වීමක් තමයි නැත්තේ. අපි හිතනවා මේක ඒ වගේ අයට හොඳ අවස්ථාවක් කියලා. ඔය ලව් ලෙටර් එක උනත්, ටියුට් එක උනත්, බ්ලොග් එකේ දාන්න බැරිය. අපි හිතනවා මූණූ පොතට වඩා යමක්, මේ තුළින් සිඳු වේය කියා.

කැම්පස් සින්ඩිය කා සඳහාද....?
දැනට අධ්‍යාපනයේ යෙදෙන සියලුම සිසුන්ට මෙන්ම, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා, ඉන් පිටත්ව ඉන්නා සියලුම දෙනාට. එහෙත් වසර අවසානයේ ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන, සම්මාන හා ත්‍යග සඳහා තෝරා ගනු ලබන්නේ, දැනට අධ්‍යාපනය ලබන්නන්ගේ බ්ලොග් අඩවි පමණයි.

අප්පට සිරි තෑගිත් දෙනවද....?
ඔව් අනිවාර්යයෙන් දෙනවා. ඒකට දැනටමත් කටයුතු සංවිධානය වෙලා අවසානයි. සම්මානයක්, සහතිකයක් වගේම මූල්‍යමය වටිනා කමක් සහිත ත්‍යාගයකුත් ලබා දෙනවා. හොඳම බ්ලොග් අඩවිය, ජනප්‍රියම බ්ලොග් අඩවිය යන අංශ දෙක දැනට තෝරාගෙන තියෙනවා. ඉදිරියේදි උදව් කරන අය වැඩි උනොත්, ත්‍යග ප්‍රමාණය වගේම තෝරා ගැනීමේ අංගත් වැඩි කරනවා.

එතකොට කව්ද ඔය ජයග්‍රාහකයෝ තෝරන්නේ..?
ජනප්‍රිය එක තෝරන එක ගේමක් නෙමෙයිනේ. හොඳම එක තෝරන්න, බ්ලොග් ලියන කියන එක්ස්පීරියන්ස් සෙට් එකක් තෝරගන්නවා. (උදා: කතන්දර, ඇල්කේමියා, හැලපේ, ඩියුඩ්, සඳරු, මාරයා...) ඒ අය වැඩි පිරිසකගේ තේරීම, අවසාන තීරණය හැටියට පිලිගන්නවා.

එතකොට මෙහෙම එකක් විශේෂයෙන් ආරම්බ කිරීමට හේතුව ?
බ්ලොග් කියන්නේ අද ලෝකයේ ඉතා ජනප්‍රියම ජනමාධ්‍යවේදය. පුරවැසි මාධ්‍යකරණයේ කැඩපත. ඔබත් දන්නවා ඇති "මලාලා" ප්‍රසිද්ධියට පත් වුණේ කුමක් හේතුවෙන්ද කියා. කැම්පස් කියන්නේ, අනාගත නායකත්වය මෙන්ම, අනාගත නිර්මාණකරුවන් බිහිවන ස්ථානය. නමුත් අද ඒකේ විශාල අඩුවක් පේනවා. අපි හිතන ආකාරයට විශ්ව විද්‍යාල අතර මෙන්ම, ශිෂ්‍ය ප්‍රජාව අතරත් සන්නිවේදනයේ විශාල හිඩැසක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා, එම පරතරය නැති කිරීමේ පාලමක් වෙන්න.

එතකොට මොනවද ලියන්නේ..?
ලියන්න දේවල්ද අනේ නැත්තේ. කවි, කෙටි කතා, නව කතා, කළාව, සමාජීය, සංස්කෘතික, ඉතිහාසය, භාෂාව........ විතරක්ද? තමන් ඉගෙන ගන්නා විෂයයන් පිළිබඳ දැනීම, සමස්ත සමාජය හා බෙදා ගැනීමට, මෙය හොඳ අවස්ථාවක්. ඒ වගේම අද තියෙන විශාල අඩු පාඩුවක් තමයි, නිදහස් සිතුවිලිවලට, චින්තනයන්ට, අළුත් මතයන්ට තැනක් නොමැති කම. ඉතින් ඔබේ රැඩිකල් අදහස් අන් අය හා බෙදා ගැනීමේ හොඳම දෙයක්, තමන්ගෙම බ්ලොග් එකක් කිරීම.

එච්චරද...?
නෑ... ඇයි එතකොට, කළා උත්සව, උපාධි උත්සව, විශේෂ දක්ෂතා, ජයග්‍රහණ, ඔය පොඩි පොඩි ඉවෙන්ට් ගැන දන්වා එව්වාම, ඒ ගැන පෝස්ට් එකක් දාලා පබ්ලිසිටියක් දෙන්නත් පුළුවන්නේ..

එතකොට අනික් උන්ට හුළංද....?
ඒක ඇත්ත. කැම්පස් යන්න හම්බ වෙන්නේ කී දෙනෙකුටද.? එක මාර්ක් එකකින් යන්න බැරි උන අයත් ඉන්නවනේ.. ඉතින් එයාලව අමතක කරන්නේ නෑ.. අපි බලාපොරොත්තු වෙනවා, අනෙකුත් සියළුම සින්ඩි වලින් තෝරාගෙන.., අන් අයගේත් සහයෝගය ඇතිව, එයාලටත්, "හොඳම", "ජනප්‍රිය" මෙන්ම, "හොඳම අළුත් බ්ලොග් අඩවිය" ටත් සම්මාන හා ත්‍යාගයන් ලබා දෙන්න..

එතකොට කොහොමද සෙට් වෙන්නේ...?
campuscyndi@gmail.com ළිපිනයට, ඊ තැපෑලක් දැම්මාම වැඩේ හරි. දාපු ගමන් බඩු..
මෙන්න මූණූ පොතේ ලින්ක් එක https://www.facebook.com/slcc12345

කොන්දේසි එහෙම තියෙනවද...?
ඒවා ඉතින් සිණ්ඩියටම ගිහින් මෙතනින් බලා ගන්නකෝ. (තවමත් මුල් අවදියේ නිසා, මේ කොන්දේසි වෙනස් වෙන්න පුළුවන්.)

දැන් බයිලා ඉවරද...? වෙන මොනවද කියන්න තියෙන්නේ..
කියන්න තියෙන්නේ, ඔබේ යෝජනා, චොදනා, ගැටලු විතරක් නෙමෙයි, ක්‍රිටිසිසම් තියෙනවනම්, ඒවත් කොමෙන්ට්ස් වලට දාන්න. අළුත් දෙයක අඩු පාඩු වැඩියිනේ..

ප: ලි:
දැනට සින්ඩි ලෝගෝ එකට HTML කෝඩ් එකක් හදාගෙන යනවා. එතකන් මේ පහල තියෙන පොටෝ එක එල්ලගෙන, ලින්ක් එකක් දාලා, සහයෝගයක් දුන්න නම්, තෙලේ තෙල්...


77 comments:

  1. මේ තියෙන්නේ නියමෙටම....

    ReplyDelete
    Replies
    1. අපි වැඩක් කලොත් එහෙම තමයි නලියෝ...

      Delete
  2. රියල් unp ඇජන්ඩාවෝ තුන් දෙනෙක් සෙට් වෙලා කැම්පස් වල උන්ගේ මොල හෝදන්න වගේ ලෑස්තිය.
    වෙදනා- පට්ට unp
    මාතලං - රනිල්ගේ බාප්පොච්චි
    නලින් - ලේක්හවුසියේ දිය යටින් ගින්දර ගෙනියන්නා

    ඇඩ්ඩිංලා ගොඩට අඩු තව තුන් දෙනයි.
    හැලපේ-අරූ-කෙන්ජි.
    උන් තුන්දෙනත් අරගත්තනං අජිත් c පෙරේරාගෙන් පඩිත් ගන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. අපි හදන්නේ උන්ට කියලා අපේ මොළ සෝද ගන්න..

      අම්මට උඩු නලියත් යූ ඇන් පීයට දාලා..

      Delete
    2. ත්‍රස්තයන්ගෙන් රට බේරාගත් නිදහසේ රටේ ඕනම තැනක යන්නට මග සලසා දුන් මහින්ද රාජපක්ෂ සිටින තුරු නලියා ඒ පැත්තේය. නලියා පමණක් නොව රටම ඔහුටත් රණ විරුවන්ටත් ණය ගැතිය.

      Delete
    3. සුපිරි මාතලන් ලොක්ක.පරක්කු වෙලා හරි පටන්ගත්ත එක ලොකු දෙයක්.
      කාලීන අවශ්‍යතාවයක්.
      දෙන්න ඕන සප් එක බොක්කෙන්ම මචං හරිය.
      ජය වේවා කිව්ව.
      හැබැයි කැම්පස් ගියේ බයිස්කෝප් කරන්න.කමක් නැද්ද...?

      Delete
    4. ආදරනීය ඇනෝ......මම නම් කිසිම දවසක යුඇන්පියට ඡන්දේ දීලත් නැහැ...දෙයි කියලා හිතන්නත් බැහැ. මට අමතක කරන්න බැරි සිදුවීම් වැලක් තියෙනවා ඒ යුගයට අදාලව. මම මහින්ද චින්තන වාදියෙක්ද නොවෙමි.සමහරවිට මේ ලියන මම ජීවතුන් අතර නොහිටින්නත් ඉඩ තිබුනා අපේ නංගි කෙනෙක්ගේ ස්ථානෝචිත ප්‍රඥාව නොවන්න. මම කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් නොවේ. බඩ වියත රැකගන්න ජීවිත සටන ගෙනියන සාමාන්‍ය බුවෙක්.

      Delete
  3. FB profile ekan page ekak hadala eka promote karanna ethakota ekata thawa adminla ek karanna puluwan. profile ekak widiyata thibunama friendsla daganna puluwan simawak thiyenawa, page ekata ehema naha


    ReplyDelete
    Replies
    1. ඒකට මචෝ වෙබ් ඇඩ්‍රස් එකක් ඉල්ලනවා. අපි නොදන්න චෙස්...

      Delete
    2. මොකටද මාතලන් වෙබ් ඇඩ්‍රස් ඉල්ලන්නෙ...

      මගෙත් ෆේස්බුක් පේජ් එකක් තියෙනව.. ඒත් වෙබ් ඇඩ්‍රස් ඕනෙ උනේ නෑ ඒකට.... ඒකයි ඇහුවෙ

      Delete
    3. දැන් ආයෙත් ට්‍රයි කොරනවා.. මල පැනලා දමලා ගැහුවා වැඩේ.. බැරිම උනොත් කියන්නම්..

      Delete
  4. නියම වැඩක් කියන්නේ සුපිරිම සුපිරි වැඩක්

    ReplyDelete
    Replies
    1. උඹලට තමයි වගකීම වැඩි..

      Delete
  5. පට්ට පට පට. ඔන්න මාත් ඇප්ලිකේසොං එකක් එවුවෝ.... :D

    ReplyDelete
    Replies
    1. දාපු ගමන් බඩු බනිස්...

      Delete
  6. ඔයාල කරන්නේ හොද වැඩක්. ජය වේවා...

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩක් වෙන්නේ සියල්ලන්ගෙම සහයෝගය ලැබුනොත් පමණයි. සහයෝගය කියන්නේ බ්ලොග් ලියන් ප්‍රමාණය වැඩි උනොත් විතරයි.

      Delete
  7. ඔන්න මමත් ගිහිං එල්ලුවා!!!!!

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට උඹ තමයි පළවෙනියා.. කතන්දර මුලින්ම දැම්මේ මගේ බ්ලොග් ගුරු නිසා.

      Delete
  8. අපොයි,
    මේ ලිපිය දැක්කමයි හරියට වැඩේ තෙරුනේ...
    ඊයේ සින්ඩියෙ තිබුණු විස්තර උඩින් පල්ලෙන් කියවලා "කැම්පස් නොගිය උං ගන්නවනං මාවත් ගන්න" කියලා ඊයෙම ඇප්ලිකේසමකුත් දැම්මා. අපි ගැන ගූගල්ලෙ මහත්තයත් හොඳට දන්නවද කොහෙද... send එබුව ගමං permanently failure කියලා රිප්ලයි එකක් ආව.
    කොහොම'උනත් වැඩේ නියමයි. මගේ බොගෙත් පොටෝ එකක් එල්ලන්නම් පබ්ලිසිටියට...
    ජය...!!!

    ReplyDelete
    Replies
    1. එළස්... විය යුත්තේ ඒකම තමයි.. මම හිතනවා අපිට අමතන්න පුළුවන් වැඩිම කොමියුනිටි එක ඉන්නේ එතන කියලා.

      Delete
  9. හරිම කාලීන අවශ්‍යතාවයක් මාතලන් උඹලා අරඹලා තියෙන්නේ. අපි කැම්පස් යන කාලේ තිබුනේ බිත්ති පුවත් පතක් විතරයි. මගේ ආචාරය!! ජයෙන් ජයම වේවා!!!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ප්‍රමාණය හා ගුණාත්මක බව වැඩු කර ගැනීම තමයි මූලික පරමාර්ථය.

      Delete
  10. ස්ත්‍රී පුරුෂ බව, වයස, ජීවත්වන ප්‍රදේශය අනුව බ්ලොග් වර්ගීකරණයේ එතරම් වැරැද්දක් මම දකින්නේ නෑ, කියවන්නාගේ දැනගැනීම පිණිස සඳහා පමණක් වෙනවා නම්. හැබැයි කැම්පස් එකේ පිරිසක් එකතුවෙලා තමන්ගේ කැම්පස් එකේ බ්ලොග් ලියන අය අතර සම්මාන උළෙලක් පැවැත්වීමෙත් වරදක් නෑ.

    හැබැයි මේ කැම්පස් එක කියන, ලංකාවේ ඉතා සුළු පිරිසක් ලබන වරප්‍රසාදයක් පදනම් කරගෙන, "උඹලා" සම්මාන / තෑගි උත්සව සංවිධානය කරන්නෙ ඇයි කියලා මට තේරෙන්නේ නෑ. බ්ලොග් සමාන උළෙලවල් වැහි වැහැලා තියනවා නම් ඉතිං, ඉලක්ක කරගන්න බ්ලොග් ප්‍රමාණය සීමා කරගන්න මෙහෙම වැඩක් කලාට අවුලක් නෑ. ඒත් එහෙම තත්වයක් තියනවා කියලා මම හිතන්නෙ නෑ.

    මම නම් කැමති ඔය සම්මාන ආදිය, ලියන දේවල් වල ස්වභාවය අනුව තීරණය වෙනවා නම්. කවි, කෙටි කතා, අත්දැකීම්, සංචාරක වගේ. තමන්ගෙ අධ්‍යාපන මට්ටම, රැකියාව වගේ සමාජයේ මිනිසුන්ගේ තත්වය මනින මිනුම්දණ්ඩු අතික්‍රමණය කරලා, හැමෝටම තමන්ගේ ලිවීමේ දක්ෂතාවය ඉදිරිපත් කරන්න ඉඩක් ලැබුණු බ්ලොග්, නැවතත් අර මුලින් කී මිනුම්දඬු මත තබා වර්ගීකරණය කිරීම උඹේම වචනයකින් විග්‍රහ කරනවා නම් හරිම "ගෝත්‍රික" වැඩක් කියලා මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එළස්. උඹේ තර්කය මගේ හතර වෙනි ප්‍රශ්ණයේ තියෙනවා. මචෝ සුපර් මාකට් එකක නෙමෙයි, දත් බෙහෙත් ගන්න උන්ටත් තෑගි දෙන්නේ ඇයි, එකක් ප්‍රචාරණය, අනෙක විකිනෙන ප්‍රමානය වැඩි කර ගැනීම. අපේ බ්ලොග් කළාව ඉදිරියට යනවා වෙනුවට. නැති වේගනයි යන්නේ. එදා ලියපු උන් අද කෝ. උන් නැති උනාට කමක් නෑ අළුතෙන් පිරිසක් එනවා නම්. අනෙක, අනෙක් සින්ඩි වල, අළුත් සින්ඩි එල්ල ගන්නේ නෑ කියන ප්‍රශ්ණය මට ගොඩක් දෙනා කියලා තියෙනවා. තෑග්ගක් දීමේ හා ලැබීමේ වරදක් මම දකින්නේ නෑ. ඒත් ඒකෙන් උදම් වෙලා නා ගන්නවා තමයි අවුල. මිනිස්සු නිහතමානි වෙන්න ඕන.

      කොමියුනිටි තිබුනට අවුලක් නෑ. නමුත් අනෙත් එකා පාගන්නේ නැතුව. කොටින්ම දෙමළා එක්ක තියෙන වෛරය වගේ. අනික අපි ගෝත්‍රික නොවුනට. මේක ගෝත්‍රික එකේ හොඳම එක තියෙන රට. ලැම්බෝගිනිවල නැගලා ගල් යුගේට යන රට. අපිට ඕන ඒක වෙනස් කරන්න. ඒකට හොඳම තැන තමයි කැම්පස් එක. එතන ඉන්න පිරිස වැසියි. ඉස්කෝල ගන්න පුළුවන් නම් ත්වත් හොඳයි. ඒත් උන්ගේ ඔළුවේ තියෙන බරට, බ්ලොග් ලියන්න ගියෝත්, ගෙවල් වලින් උන්ව මරලා දායි. එතකොට අපේ රටේ ළමා අපචාර තවත් වැඩි වෙයි. අපිට ඕන මේ දේවල් නවත්ත ගන්න. ගෝත්‍රික ගතිය නැති කරන්න.

      අනෙක දැන් උඹ කියන්නේ ලියන කියන දේ අනුව වර්ගීකරණයක් කරන්නෙයි කියලා පොදුවේ. එතකොට එතනත් වර්ගීකරණයක් තියෙනවා නේද මචෝ.. අනික අනෙක් උන් ලියන දේටත් තෑගී දෙනවා. මම හිතන්නේ උඹලා අපිට බැක් කරයි කියලා.

      උඹේ ක්‍රිටිසිසම් එක මම කලින්ම දැන ගෙන උන්නා.

      Delete
  11. හප්පාටසිලි......මාතලන් අයියේ මරු හොදේ.....ඔන්න මමත් මේල් එකක් එවන්නයි ලෑස්තිය

    ReplyDelete
    Replies
    1. අපේ කොටස හරි.. දැන් තියෙන්නෙ උඹලගේ යුතුකම ඉටු කරන එක..

      Delete
  12. මුකුත් නොකර ඉන්නවට වඩා මොනවා හරි කරන එක හොඳයි. ඒ වගේම වැඩක් කරන මනුස්සයව සහ වැඩ විවේචනය කරන්නත් ලේසියි. හැබැයි මචන් ඒත් එක්කම පොඩි දෙයක් කියන්න ඕන. කැම්පස් පොරවල් වලටනම් මොනව හරි ක්‍රමයකින් තමන්ගේ දක්ෂතා එළියට දාගන්න පුළුවන් [මමත් නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල ලබපු කෙනෙක් බවත් මේත් එක්කම කියන්න ඕන, නැතිනම් කවුරුන් හරි කියාවි මුට කැම්පස් අය එක්ක ඉරිසියාව කියලා]. ඒ නිසා සැබෑ අත දීමක් අවශ්‍ය වන්නේ වරප්‍රසාද අඩු ඇයොන්ට බවයි මගේ නම් පුද්ගලික හැඟීම.

    දැන් බලපන් සඳරු, මාරයා සහ චාර්මි වගේ පොරවල්. උන්ට බ්ලොග් සහ ඉන්ටර්නෙට් නොතිබ්බනම් කොහේ හරි මුල්ලක නිකම්ම පරවෙලා යනවා. ඒ නිසා මචන් උඹලගේ වැඩේට සුබ පතන ගමන් වරප්‍රසාද අඩු ඇයෝන්ට අත දෙන්න වැඩපිළිවලක් හදන්න උඹලට හැකි වෙන්න කියලා මම පතනවා.

    ReplyDelete
    Replies
    1. අනිවා මචෝ.. උන් අමතක කරන්නේ නෑ.. උන්ටත් මේ සම්මානයන්ම දෙනවා. සඳරුලට සම්මාන දෙන්න ඕන නෑ.. ඔය තුන් දෙනාම අපි තොරගෙන තියෙන්නේ විනිශ්චය මණ්ඩලේට.. ඒ වගේම තමයි අනිත් අයත්.. උඹලගේ සහයෝගයත් අත්‍යාවශ්‍යමයි..

      Delete
  13. තාමනං මේක ගැන මුකුත් කියන්ට බැහැ. හැබැයි ඉතිං කාටවත් වරදක් නැති නං ඔය කෝක කලත් ඇති අවුලකුත් නැහැ නෙව. කොහොමටත් මුල්ම කාලේ ඇරුණු කොට දැන් සිංඩියකට කියලා යන්නේ ලාංකීය එකට විතරයි.. ඒ යන්නෙත් පෝස්ට් එකක් ලිව්වම ඒක “පටස්“ කරන්න.. (ලාංකීය එකේ තියෙන සුවිශේෂීම පහසුකමක් ඒක) ඒ ඇරුනු කොට රීඩරයක් හරහා බ්ලොග් කියවීම හුගාක් පහසුයි.. අළුත් බ්ලොග් එකක් අහු උනොත් ඒක රීඩරේට දාගත්තා... විශේෂයෙන්ම මාසෙකට 3GB වගේ බොහෝම අඩු අන්තර්ජාල සබඳතාවයක් පාවිච්චි කරන එකෙක් හැටියට මට සින්ඩි පාවිච්චිය වගේම බ්ලොග් එකින් එකට බැලීම කියන්නේ බයිට් නසන වැඩක්... රීඩරෙන් කියවං ගිහින්... යමක් කිව යුතුයි කියලා හිතුනොත් තමා බ්ලොග් එකට දුවන්නේ... ඒ හින්දා සින්ඩි එක්ක ගනු දෙනු බොහෝම අඩුයි.. හැබැයි මුල් කාලෙනං එස් බී යූ එකේ සිංඩියෙන් තමා අපි කාටත් සෑහෙන්න ප්‍රයෝජනයක් තිබුනේ.. දැනට උනත් මං හිතන්නේ ඒක පාවිච්චි කරන පිරිස තමා වැඩි අනිත් ඒවට සාපේක්ෂව... නමුත් කාලෙක හිටන් ඒකට අළුතින් අය ඇතුළු කර ගැනීම සීමා වෙලා තිබීම නිසා ලොකු පාඩුවක් වෙලා තියෙනවා සිංහල බ්ලොග් අවකාශයටම... මේ වගේ අළුත් සින්ඩි කරන ගමන්ම එස්බීයූ එකේ ඇඩ්මින්ලට කතා කරලා ඒක ආයෙමත් බල ගන්වන්න කටයුතු කරනවනං මං හිතන්නේ මේ හැම දේටම වඩා ලොකු සේවයක් ඒ හරහා ගතෑකි. පහුගියා කාලේ එක්තරා පිරිසක් සංවිධානාත්මකවම එස්බීයූ එකට පහර දුන්න එකෙන් පස්සේ ඒක සෑහෙන්න අකර්මණ්‍ය උනා වගේම එස්බියූ එක බ්ලොග් කරුවන්ට කල සේවයේ හැටියට එස්බීයූ එක වෙනුවෙන් බ්ලොග්කරුවන් පෙනී නොසිටීම සෑහෙන වරදක්.. (අපිත් ඒ වරදේම කොටස්කාරයෝ) එහෙම නොවී එස්බීයූ එක රැකගන්න..වැඩි දියුණු කරගන්න අනිත් අයත් උදව් කලානං අද වෙද්දී සිංහල බ්ලොග් අවකාශයට මෙයිට වඩා සෑහෙන සේවයක් වෙන්න තිබුනා කියන එක මගේ පුද්ගලික මතය... මාතලංලට පුළුවන්නං මේ වගේ සින්ඩි ආරම්භ කරනවා වගේම එස්බීයූ එක ආයේ පණ ගස්සවලා ගන්න වැඩපිළිවෙලක් ගැන හිතන්න... දෙකක් නැතිවම මෙයිට වඩා සේවයක් සිංහල බ්ලොග්කරුවන්ට සිදු කරතෑකි...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මාරේ.. මම ඒ ගැන නම් හරියට දන්නේ නෑ. කොහොම හරි.. ගහන කොට වැටෙන්න නරකයි.. ගහන්න ගහන්න නැගී ඉන්න ඕන බය නැතිව.. උඹලගේ සප් එක මේකට අනිවාර්යයෙන් අත්‍යාවශ්‍යයි.. කොහොම හරි බ්ලොග් ලියන උන් වැඩි කර ගන්නයි අපිට අවශ්‍ය.. මේක දියුණු කර ගන්නයි අවශ්‍ය..

      Delete
  14. කාලීන කර්තව්‍යයක්. මොකද සියලුම විකල්ප මාද්‍ය සේදීයන කාලයක් නිදහස් අදහස් ප්‍රචාරයට ඉතිරිව තිබෙන්නේ බ්ලොග් පමණයි. මේ සඳහා අපේ උදව් අවශ්‍යදැයි නොදනිමි. එත් කළහැකි යමක් තිබේනම් කරන්නට සතුටුවෙමි. සැබවින්ම සද්ක්රියාවකි.

    ReplyDelete
    Replies
    1. පළවෙනි උදව්ව, සින්ඩියට ප්‍රචාරයක් ලබා දීම. දෙක අපි උඹව සලකන්නේ ප්‍රවීනයි කියලා ජනවහරේ තියෙන කැටගරි එකෙන්. ඒ නිසා සම්මාන බලාපොරොත්තු වෙන්න එපා. වසර අවසානයේ ජයග්‍රායකයන් තේරීමට අපිට සප් එකක් දියන්..

      Delete
    2. මේල් එකේ කීමට අමතක් වුනා මාතේ ,මාව පේරාදෙණිය එකේ එල්ලන්න

      Delete
    3. දැන් තේරෙනවා නේද අපි කියන්නේ බොරු නෙමෙයි කියලා.. නැත්නම් කොහෙද මෙහෙම හැකියාවක්..

      Delete
    4. එළකිරි ! අම්මට හුඩු ප්‍රවීනයිද?

      කියන්නත් කලින්ම බැනර් එක දාලා තියෙන්නේ ගිහිල්ලා බලන්න හොඳද කියලා

      Delete
  15. මට තාම මේක තේරුනේ නෑ... ඇයි ඔය තියෙන සින්ඩ් වලම කැටගරි කරන්න බැරිද තෑගි සම්මාන දෙනවා වගේ වැඩක් කරන්න ඕනෙ නං...? දැං ඔය කැම්පස් ළමයි අවුට් උනාම ඒ සින්ඩියෙන් අයින් කරගන්න ඕනෙද... ?

    මට නං සින්ඩි කියන්නෙ අච්චාරුව වගේ තියෙන්න ඕනෙ තැනක්... මොකද ලියපු එක මිසක් ලියපු එකාගෙන් මට වැඩක් නෑ නේ...

    හැබැයි ඉතිං මට වැඩිය දන්න කට්ටිය එකතුවෙලා කරපු දෙයක් හින්ද බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. බැට් කරන අයට වගේම අවුට් උන අයටත් මේ ග්‍රවුන්ඩ් එකේ ඉන්න පුළුවන්. ලියන් දේ වැදගත් උනාට. ලියන එකාත් වැදගත්. අලුතෙන් එන එකා අගය කිරීමක් වෙන්න ඕන. ඒ දේ අපි කොමෙන්ට් වලින් කරනවා. මෙතනදි බැලුවේ නිදහස තියෙන ලොකු ක්‍රවුඩ් එකක් ඉන්න තැනක් ටාගට් කිරීමක්. අපි හිතනවා ඒක සාර්ථක වෙයි කියලා.. දැනමත් ලැබෙන ප්‍රතිචාර වලින්. නමුත් පරමාර්තය ඒක නෙමෙයි. අළුතෙන් ලියන අය එකතු කර ගන්න එක.

      Delete
  16. මචන් මේ ජනක රත්නායක කියන නම ගූගල් කළහම එන්නේ හෙණ සැර පොරකගේ විස්තරයක්නේ. උඹේ ඇත්ත ප්‍රොෆයිල් එක නෙමෙයි නේද..?

    ReplyDelete
    Replies
    1. හි හි.. මාතලන්ට හිටපු ගමන් ඔය වැඩේ වෙනව.... සැර කියන්නෙ, ඇඟේ සයිස් එක දැක්කම බයේ බෑ.... හි හි

      Delete
    2. නෑ මචෝ ඒ මම නෙමෙයි. ඉස්සර නම් මගේ යාළුවෙක්.. දැන් කවුද කියලා උඹ දන්නවනේ..

      Delete
    3. හිරු... මගේ උඩ තියෙන මේල් ඇඩ්ඩස් එකට, මේල් එකක් දානවද...?

      Delete
    4. හිරු මාතලන්ගේ සයිස් එක දන්නේ කොහොමැයි....

      Delete
  17. පුලුවන් උපරිමයෙන් සප් එක දෙන්නම් මාතලන් ..

    ReplyDelete
    Replies
    1. වචනේ ඇති කොල්ලෝ.. උඹට මේකට සෑහෙන උදව් කරන්න පුළුවන්.. මොකෝ උඹ තමයි මේකේ ජනප්‍රියම පොර... හීරෝ නම්බර් වන්

      Delete
    2. හොද වැඩක් මාතලන් .......

      ( සඳරු ,හිස් අහස සින්ඩි වල update වෙන්නේ නැ ...........)

      Delete
  18. වැඩේ හොඳයි. නැගලා යයි. !!

    ReplyDelete
    Replies
    1. දැනට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහලයි. ඒ අතරේ ඉතින් හාල්පාරුවොත් නැතිවාම නොවෙයි..

      Delete
  19. සුබ පැතුම් මාතලන්,මෙය යුගයේ අවශ්‍යතාවක්,අද ලියන්න හැකියාවක් තියෙන තරුණ තරුණියො වඩ වඩාත් හඳුන්වා දෙන්නට අවශ්‍ය කාලයක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හැලපේ. උඹලගේ උදව් මේ සඳහා අත්‍යාවශ්‍යයි..

      Delete
  20. මමත් එව්වා මේල් එකක්. :) :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පෝස්ට් එකටත්.. බ්ලොග් ලිවීම සඳහා මිතුරු මිතුරියන් දිරිගන්වන්න..

      Delete
  21. අද විශ්ව විද්‍යාලගතවන සිසුන් ගේ පරිඝනක සාක්ෂරතාවය වැඩි වුනාට ඔවුන් අන්තර්ජාලය තුල මුහුනුපොතට වඩාත් ආකර්ශනයක් දක්වනවා. බොහෝ දෙනා සිය අන්තර්ජාලයේ ගතකරන කාලයෙන් වැඩි කොටසක් ඒ සදහා වැය කරනවා.
    තමුන්ගේ අදහස් වඩාත් ආකර්ශනීය ලෙස ඉදිරිපත් කරන්නට හැකි හැකියාව වැඩිදියුනු කරගන්න එක ඉගනගන්න ළමයින්ට වැදගත් වෙනවා. මොකද ඕනිම දෙයක් අපි හොයාගත්තට අපිට ඒකෙ තියෙන වටිනකම මිනිස්සුන්ට වැටහෙන බසින් දෙන්න බැරිනම් අපි ෆේල් වෙනවා....
    විශ්ව විද්‍යාල ළමයින්ගේ නිර්මාණාත්මක හැකියාව වෙනුවෙන් පෙනී ඉන්න හදන මේ සුලු පියවරෙන් ලොකු වැඩක් වේවි. මේ අවස්ථාව සිසුන ්පොරෝජනයට ගත්තොත් විහ්ව විද්‍යාල වලින් පිට වූ අයත් දැනට සිටින අයත් අතර හොද හිත වර්ධනය වී විශ්ව විද්‍යාල වලින් එලියට එන සිසුවා හොද නිර්මාණශීලි පුද්ගලයෙක් වේවි.

    ReplyDelete
    Replies
    1. අපෙත් එකම මරමාර්තය එයයි. නිකන් ඉන්නවට වඩා දෙයක් කිරීම සතුට ගෙන දෙන්නක්. අපි නම් දැනටමත් තෘප්තිමත්. අපි හිතනවා, දැනට අධ්‍යාපනය ලබන, බ්ලොග් ලියන පිරිස, ඔවුන්ගේ මිතුරන් අතට මේ පණිවිඩය යෙන යාවි කියා.

      Delete
  22. වැඩේ නම් හරිම හොඳයි.. අපෙනුත් සුබ පැතුම් ...

    ReplyDelete
  23. මට මේක පැහැදිලි මදි. ඒ කියන්නෙ කැම්පස් යන අය කරණ බ්ලොග් විතරද මේකට බඳව ගන්නෙ ? කොහොම වුනත් හොඳ වැඩක්. නිකන්ම ඉන්නවට වැඩිය කා වෙනුවෙන් හරි මොනා හරිම කරණ එක ලොකු සේවයක්... උඹලට ජය පතමි !

    මගෙනම් සින්ඩි ගැන වැඩි විශ්වාසයක් නෑ. බ්ලොග් රෝලෙ ලිපියක් අප්ඩේට් නොවුනොත් වෙන සන්තෑසිය මම දෙතුන් පාරක්ම විඳලා තියනවා..

    ReplyDelete
    Replies
    1. අපිට නම් අදත් වැඩියෙන්ම එන්නේ සින්ඩි හරහා. මම හිතන්නේ වැඩි පිරිසකට එහෙම තමයි.

      Delete
  24. පිලිවෙලකට පවත්වාගෙන යන්න ලැබේවා කියා පතමි. අදහස් ප්‍රකාද කිරීම තුලින් ඒ හා සම්බන්ධ වෙන්නෙමි..ජයෙන් ජයම වේවා??

    එල්ලන්න කරන්න තේරුමක් නැතිනිසා දැනට නවතිමි.

    ReplyDelete
    Replies
    1. මේවා එල්ලන්න ගිහින් උඹට මක්කා හරි උනොත් අපි ඉඳලා වැඩක් තියේය. උඹලගේ සහයෝගය අවශ්‍ය වෙලාව මේ. දැන්ම නෙමෙයි ලබන අවුරුද්දේ අවසානයට වගේ.

      Delete
  25. දැන් මේකෙන් කැම්පස් ගිය, නොගිය, ඒ වගේම පිටරටවල ඉගෙනගත්තු, ඉගෙනගන්න අය වගේ බෙදිල්ලක් වෙන එකක් නැද්ද? ලෝකේ වටේ ඉන්න හැම දෙනාම මීට අයිති වෙනවද?

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් වෙන්නේ නෑ. හිත් වල එහෙම දෙයක් තියෙනවනම් ඒක නැති කරන්නයි මේ වෑයම. ඔය කියන විදියට ලංකාවේ තියෙන හැම ඉස්කෝලේම නම රෝයල් වෙන්න ඕන. මාතර තියෙන කැම්පස් එකෙත් නම පෙරාදෙනිය වෙන්න ඕන. එංගලන්තේ ඉන්න සුද්දත් සිංහල බෞද්ධ වෙන්න ඕන. හැම රටේම ජාතික කොඩිය සිංහ කොඩිය වෙන්න ඕන. එහෙම වෙන්නේ නෑ නේ. මේවට විරුද්ධ අය තමයි එහෙම හිතන්නේ. අපි බලන්නේ සිංහල බ්ලොග් කළාවෙන් යහපත් පිරිසක් බිහි කරන්න. නිකන් බයිලා ගහලා වැඩක් නෑ නේ. කරලා බලන්න ඕන. ඔය කබ්බෝ කීප දෙනෙක් කෑ ගැහුවට. දැනටමත් සාර්තකයි. අර හිට් මීටරෙත් උඩින්ම දැම්මේ, ඇඟේ මාළු නටන අයට එහෙම නටන්න.

      පොකුත් පොඩ්ඩක් ගිහින් බලන්න. දැන් ඔක්කෝටම වගේ අවස්ථාව තියෙනවා. ඔයාම ගිහින් බලන්න කවදාවත් නොබලපු බ්ලොග් කීයක් එතන තියෙනවද කියලා. ඔයාලගෙත් සහාය මේවට අවශ්‍ය වෙනවා. ඒක ඒ වෙලාවට දන්වන්නම්.

      Delete
  26. මමත් ගියා ඒ පැත්තෙ. බලමුකෝ.

    ReplyDelete
  27. මේ වගේ දෙයක් පටන් ගන්න තියෙන අයිතියට/උත්සහයට මම අභියෝග කරන්නේ නෑ...

    ඒත් මට හිතෙන දේ කියනවා නම්...මට කියන්න තියෙන්නේ මේක අවශ්‍ය දෙයක්ද කියන ප්‍රශ්ණයයි?

    ගොඩක් කැම්පස් පොරවල් වලට තියෙන වැ‍රැද්දක් තමයි තමුන් සමාජයේ සුවිශේශ කොටසක් කියන එක, අනවශ්‍ය විදිහට, අනිත් අයට අවිඥාණික විදියට පෙන්නුම් කරන්න යන එක. කැම්පස් ඉන්න කාල වලදි මේක ටිකක් දරුණුවට තියෙනවා කියලා මට හිතෙනවා...එක වැරදියි කියන එක නෙවෙයි මම කියන්නේ..ඒවගේ අනවශ්‍ය ගැට්ටක් ගැසීමෙන් ඒගොල්ලන්ගේ පෞරුශය ගොඩක් වෙනස් වෙනවා...ටිකක් වැරදි පැත්තට...

    අන්තර්ජාලය තුලත් මේ ගැට්ට ගෙන්න හදන එකට මං මනාප නෑ..

    කොහොමත් නිර්මානශීලිත්වය නැතනං පොදු ජන සමාජේ පැවැත්මකුත් නෑ.කැම්පස් ගිය පලියට එක එහෙම වෙන්නේත් නෑ...

    අලුත් දේකට බාධා කරනවා කියලා හිතන්න එපා....අදහස්ක් ලෙස බාර ගන්න කියලා යෝජනා කරනවා.

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තූතියි..

      ඒත් බලපන් අපි නොදන්න නොකියවපු කී දෙනෙක් එතන ඉන්නවද කියලා. කැම්පස් වල ඉන්න ඔක්කෝම එහෙම නෑ. ඒත් එහෙම උන් එකෙක් දෙන්නෙක් ඉන්නවා. දැන් ඔය කැම්පස් එකට ගියපු එකාටම ඒක පැම්පස් වගේ පේන්නේ එහෙම කාළකන්නින්ට. ඒත් අපි හිතනවා, මේ පිලිබඳ උනන්දුවක් තියෙන වැඩිම ගැදරින් එක තියෙන්නේ ඒ කොමියුනිටි එකේ කියලා. වැඩේ දැනටමත් සාර්ථකයි උදව් කරන්න අය බොහෝමයි. ඒ කියලා අනිත් අය හලලා නෑ. සියල්ලන්ම සමග ගමනක් යෑමයි අපේ අරමුන.

      Delete
  28. මාතලං අයියා, ප්‍රශ්න 2ක් තියෙනවා. පැහදිලි උත්තරයක් දෙන්න.
    කැම්පස් සින්ඩියේ ,
    1. "ශ්‍රීපාලි" සහ "සෞන්දර්ය" යන කැම්පස් දෙක අයිති "කොළඹ" කොටසටමද ? නැත්තං අමතක වෙලාවත්'ද ??
    2. "පෞද්ගලික හා විදේශීය" කියන කොටසට අයිති වෙන්නෙ 'පෞද්ගලික හා විදේශීය කැම්පස්, වල ඉගෙන ගන්න අයද ? නැත්තම් 'කැම්පස් නොවන සහ විදේශගතව සිටින බ්ලොග් ලියන්නෝ'ද ??

    ReplyDelete
    Replies
    1. මාතා.......තිලිනගේ ප්‍රශ්නෙට මේ කොටසත් එකතු කරගනිං.....මෙතන මේ කැම්පස් කියන එක අර්ථ දක්වන්නේ කොහොමද? පිටරටවල යුනිවර්සිටිස් මෙන්ම කොලේජස් කියා වර්ගයක්ද ඇත. ඒ කොලෙජස් වල අයටත් හැකිද? මේ දන්නා කියන ළමයෙක් ඇහුව ප්‍රශ්ණයකි...

      Delete
    2. 1. ඒවා අයිති කොළඹටම නේද? එහෙම වෙනම එකක් නම් එව්වම දාන්න පුළුවන්. මොකෝ කොන්ක්‍රීට් වලින් නෙමෙයි හදලා තියෙන්නේ.
      2. විදේශයන්හි වැඩ කරන අය නෙමෙයි. අධ්‍යාපනය ලබපු අය. විශ්ව විද්‍යාල මට්ටමේ.

      Delete
  29. අපිට බැරිද තෑගි ගන්න ?

    ජය වේවා...

    මම එල්ල ගන්න යන්නෙ අද හෙටම.. ඊට පස්සෙ නිදහසේ එන්නම්..

    ReplyDelete
    Replies
    1. ඕන නම් දෙන්නම්. තෑගි වැඩි උනොත්..

      එල්ලගෙන සප් එකක් දියන්..

      Delete
  30. ‍මාතලං මේ වැඩේ ඉස්තරම්. වෙන කියන්න වචන නෑ. අගනා වැඩක්.

    ඒ වුණත් මට එහෙම වචන දෙකතුනක් කියල ෂේප් වෙලා යන පුරුද්දක් නෑ.

    ඉස්සර අපේ පාසල් කාලෙ අපි ඇඳපු චිත්‍රයක්.එහෙමත් නැත්නම් පුංචි කතාවක් ලියල සති අන්ත පත්තරේක ලමා පිටුවට එහෙමත් නැත්නම් මිහිර පත්තරේට දැම්මාම ඒක පත්තරේ අද යයිද හෙට යයිද කියලා බලා ඉන්නවා. ඔහොම හිටපු කාලෙ ඔන්න ඉඳ හිටල මුද්දර දෙකක විතර ලොකු කොටුවක නමත් එක්කම ඒපත්තරේ වැටුණම දැනෙන හැඟිම අයෙ කියන්න ඔනෙ නැහැනේ.

    ඒවගේ කාලයක් පහුකරල අද ඩිජිටල් සංනිවේදන ක්‍රම කරලියට ඇවිත් තියෙන වෙලාවක සරසවිතුළ විශේෂ හැකියාවන් ඇති සහෘද පිරිසක් මේ තාක්ෂනික ලෝකයට හඳුන්වාදීමත්, ඒයගේ සැඟවුණ කුසලතා එළියට ගැනිමත්, වගේම තරුණ අදහස් පිළිබඳ හොඳ සමාජ මතයක් ගොඩනගන්නත් බිලොග් අවකාශය හොඳ තෝතැන්නක්.

    ඉතින් ඔබලාගේ ඒ කැපවිම වෙනුවෙන් මමත් ප්‍රචාරයක් දෙන්නම්. වෙනත් යම් සහයක් අවශ්‍ය වේ නම් අපි ඒවත් කතාබහ කරමු.

    ReplyDelete
    Replies
    1. ඔබ වන් නිහතමානි මිනිසුන් අපේ රටට ගෞරවයක් ආඩම්බරයක්. සමහර උදවියට කොමෙන්ට් එකකින්වත් සහයක් දෙන්න ශක්තියක් නෑ.

      Delete
  31. මමනම් තාම ඉස්කෝලේ යන සුට්ටි බට්ටෙක් කියලා දන්නෝ නේ.. අපිටත් ලියුවොත් තෑගී දෙනෝ නේ මාතලන් අයියේ...
    එහෙනම් කැම්පස් සිලෙක්ට් වේවා කියලා දෑත දෝත් මුදුන් තියලා, සින්ඩියට එන්නම්.. :)
    මම ඔව්වට add වෙන විදිය තමයි දන්නේ නැත්තේ :/

    ReplyDelete
    Replies
    1. එව්වටත් දෙනවා. මෙව්වටත් දෙනවා..

      Delete
  32. මම කලිනුත් මේ ලිපිය බැලුවා කවුරුවත් කමෙන්ට් කරන්න කලින්. මට පෙනුන විදියට මෙය අනවශ්‍ය දෙයක් විදියට දැකපු නිසා මෙන්ම බොරුවට සුබපතන්න කැමති නැති නිසා කමෙන්ට් කලේ නැහැ. අද අවේ රාජ් ගේ ලිපිය නිසා එතන මගේ අදහසම කියපු අය සිටපු නිසා නැවට සින්ඩිය බලලාම අවා.

    ඔබේ අරමුණ දැන් පැහැදිලියි. අලුත් දෙයක් යමෙක් කරන විට බොහෝ දෙනෙකුට අඩුපාඩු පේනවා හෙලා දකිනවා. නමුත් වැඩේ සාර්ථක වුන දවසක එම අයට පේනවා එය වැරදි බව. මම කැම්පස් ගිහින් ඉවරයි. බ්ලොග් ලියන්නෙක් නොවේ එම නිසා මෙහි වැඩි වටිනා කමක් මුලින් තේරුනේ නැහැ. නමුත් දැන් ඔබගේ අරමුණ පැහැදිලි නිසා මෙය වැදගත් කියා පේනවා. මෙය වැඩි දියුණු කිරීමට අදහස් කිහිපයක්.

    - සින්ඩියක් නිසා කෙටි නමක් වැදගත් domain name එකක් දැම්මා නම් හොඳයි. දියුණු වූ කලක වටිනවා.
    - දැනට එක පිටුවක් ඇති බව පේනවා මෙහෙම තියෙන අතරේම එක කැම්පස් එක්ක ලිපි පමණක් තෝරා පෙන්වන පිටු සහිතව හදන්න පුළුවන් නම් හොඳයි එනම් කොළඹ... කියන ලින්ක් එකකින් ගියහම එයට අදාළ ලිපි පමණක් සින්ඩිකේට් වන පිටු(බ්ලොගර් මගින් කරන්න පුලුවන්ද නොදනමි)
    -blogger මගින් සින්ඩිය අවශ්‍ය පරිදි නම්‍යශීලීව හදන්න අමාරු නම් වෙන ක්‍රමයක් යොදා ගන්න පුළුවන්.

    ඔබට ජය

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සහෝ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න