.

.

Nov 21, 2013

චොගම්, නාඩගම්, වන්නම් හා ඉල්ලන් කෑම්.. - CHOGM or CROGM


ලියන්න ඕනා අයවැය ගැනය. ඒත් ඉතින් ඒ ගැන ලියන්න දෙයක් ලොක්කා අපිට දීලා නැතිය. ආන්ඩුවේ උන් හැමදාම ලොක්කාගේ දෑත ශක්තිමත් කොරන නිසා, උන්ගේ දෑත පිරෙන්නම සුපියල් 1200.00 ක්ම දීලා තියෙනවාය.. දවසකට සුපියල්වලින්ම හතලියක්ය. පිච්චු හැදිලා.. බම්ප් වෙලා... ආයෙත් පිච්චුම හැදෙනවාය.. මම හිතන්නේ මේක දීලා තියෙන්නේ, වැඩි කරපු බස් ගාස්තුව පියවා ගන්න වෙන්න ඇතිය.

එහෙම බැලුවාම රට ගැන හිතන මහින්ද මහත්තයා, මේ රට දියුණු කරන්න විශාල කැපවිමක් කොරන රජයේ සේවකයා, දිනපතා නිසි වේලාවට රාජකාරියට පැමිණ ඉටුකරනා මහගු සේවයට කළ උපහාරයක් ලෙස, මේ පඩි වැඩී කිරීම සැලකිය යුතුය. නැතුව ඉතින් උන්ට ජීවත් වෙන්න අමාරුවක් තියෙනවානම්, තියන තියන ඡන්දෙන් පෙරමුණම දිනවන්නේ, උන්ගේ ඇති අරශෂ් අමාරුවක් නිසා නොවේය. අනික බැසිල් මහත්තයා කියන්නැහේ, ඉල්ලනෙත් නැතිව මෙහෙම දීලා තියෙන එකත් ලොකු දෙයක්ය. සමහර විට අපේ පඩි වැඩිකරපියව් කියා ඉල්ලන්නේ නැත්තේ. ඒවා කරන්න ගියොත් ඉල්ලාගෙන කන්න වෙන නිසා වෙන්න ඇතිය.

මේ චොගම් එක මෙහේ තියන්නෙයි කියලා කිව්වේ, ඉන්දියාවේ උන්ය. එහෙම ඉල්ලුවාට මෙහේ තියෙන චොගම් ගියොත් හෙම, තොපිව ඡන්දෙටත් කලින් ගෙදර යවනවා කියා, ලොකු අයියාගේ, "ආයියාර්ලා" ටික හා ජෙය ලලිතා අක්කා ගෙම ඇද්දේය. එහෙම බැලුවාම, ඕන නැති නාඩගමක් නටන්න ගිහිල්ලා මන මෝහන සිංලා ඉල්ලාගෙන කෑවේය.

චොගම් එකට ගිනි විජ්ජුම්බරේට සැරසුනාට, ලොක්කාගේ හොඳම යාලුවා ස්වාසිලන්තේ රජ්ජුරුවෝවත් මේ මගුලට ආවේ නැතිය, වැඩි හරියක් ආවේ රෙප්ලාය. රෙප්ලා කියන්නේ, තංගල්ලේ සභාපති වගේ, සුද්දියෝ රේප් කරනා අයට නෙමේය. රෙප්‍රසන්ටේටිව්ලාටය, ඒ කියන්නේ, එන්න ඕන එකා නියෝජනය කරනා උන්ය.

එහෙම බැලුවාම මේක චොගම් (CHOGM) එක නොව ක්‍රොගම් එකය. ((CROGM) කොමන්වෙල්ත් රෙප්‍රසේසන්ටේටිව් ඔෆ් ගවර්මන්ට් මීටින්). ජී ඇල් පප්පා වගේ හාල්පාරු විදේශ ඇමතියෙක් ඉන්නා එකේ, ඔහොමවත් ආපු එක ළොකු දෙයක්ය. එහෙම බැලුවාම. මහ ළොකුවට තිබ්බාට මේකත් නිකන් ඉල්ලගෙන කාපු සමුළුවක්ය.

ඊළඟට ඉල්ලාගෙන කෑවේ "කැමරන්ය". ඌ හිතාගෙන හිටියේ මේක තවමත් උන්ගේ කිරීටයේ වහල්ලු ඉන්නා දූපතක් කියලාය. මානුසික අයිතිවාසිකම් කතාකරන, මහත්තුරුන් ලෙස පෙනි ඉන්නා කැමරන්ලාට, ගුවන් තොටුපලේ පිලිගැනීමටවත් ඉන්න බැරි තරම් පුකේ අමාරුවක් තිබුනාය. උන්ගේ ආරක්ෂකයෝ, ඌව පිලිගන්න උන්, අපේ නැටුම් කන්ඩායමේ කෙල්ලන්වත් තල්ලු කරගෙන, කෙලින්ම ජීප් එකටම ගියේය. ඌ ඒ ගොන් පාට් දැම්මාට, ඌගේ රජ්ජුරුවෝ නියම මහත්මයෙක් ලෙස පෙනි උන් නිසා, උන්ගේ රටේ ගෞරවය රැක ගත්තේය.

චැනල් ෆෝ එකේ උනුත් අරගෙන ඇවිත් මෙහේ ඩෙඟා නටන්න ගියාට. අපේ මානුෂික අයිතිවාසිකම් ගැන කතා කරන්න ගියාට, අපේ ලොක්කාගෙන ප්‍රශ්ණ කරන්න යනවා කිව්වාට. ප්‍රෙරස් කොන්පරන්ස් එකේදී, අපේ ජඩ මාද්දිය වේදීන්ට, කුස්සෙන් කොරන්නවත් ඉඩ නොදි, පැනලා මාරුවෙලා ගියේය. මෙහේ මුරලිගෙන් කාලා ගියා මදිවාට, එහේ ගිහින් මිලිබෑන්ගෙනුත් කෑවේය. එහෙම බැලුවාම කැමරන් චොගම් ඇවිල්ලා ඉල්ලාගෙනම කෑවේය.


ඒ අස්සේ, එජාපය කන, මොන්ගලයාගේ දිරච්ච ලණු කා, අලි පාටියේ උන් තාමත් ඉල්ලගෙන කනවාය. මානුෂික අයිතිවාසිකම් ගැන මාතලනුත් කතා කරනවාය. යුද්ධයේ අවසාන භාගයේ උන් කේස් ගැන, මාතලන්ටත් ගැටලු තියෙනවාය. ඒ උනාට, මේ ඒවා කතා කරන්න ඕනා වේලාව නෙවේය. (හොඳම උදාහරණය ඊශ්‍රායල් ජාතිය හා ඇමරිකාණු ජාතියයි.)

ඒවා නවත්තන්න වෙනත් ක්‍රම තිබුනාට, කහන ගමගේලා දාලා, ආන්ඩුවත් ඉල්ලාගෙනම කෑවේය. ජාත්ත්‍යන්තරේ උන් කියන්නේ ඇත්ත තමා කියා, ඔප්පු කරලාම පෙන්නුවේය. අනික් එක, එන්නෙයි කියා වීසා දීලා.. අනුරාජපුරේදී, බැලයෝ දමා, ගමන වලක්වපු එකය. කරන්න තිබුනේ ඒක නෙමේය. ඕන අහක ගිහින් වරෝ කියා, යවන එකය. මොකෝ මුරලි විතරක් නොව, විග්නේස්වරන් වගේ "කොළඹ දෙමළා", අපිව බේරාගන්නට ඉන්න නිසාය.

ඒ අස්සේ රට ගැන මාර කැක්කුමක් තියෙන, කැසිනෝ ගැන වචනයක් නොකියන, බොදු බලු සේනාවද, එජාපේ උන්ගෙන් ඉල්ලාගෙනම කෑවේය.. සමාවෙන්න... ඉල්ලගෙන වැළඳුවේය.. තව පොඩ්ඩක් එහෙ මෙහේ උනා නම්.. නාන සාර වහන්සේට, එවේලේ රහත් බවත් ලබා ගන්න තිබුනේය. ඒ ආකාරයට බී බී ඇස් ලාට බුදු දහමේ පාඩමක් කියා දෙන්න, එකෙක් හෝ ඉන්නා එකත් ළොකු දෙයක්ය.

එදා නම්, "ෆැසන් බග්" එකේ තම්බිලාට ගහපු එකත්, ඒ වෙලාවේ උන්වහන්සේලාගේ තට්ට ගෙඩි වලට ආවර්ජනය වෙන්නට ඇතිය. දැන් ඇවිල්ලා හූ කියලා බයිලා දෙසලා ගියාට එදා නම් උන් වහන්සේ උන්නේ බිරන් තට්ටු වෙලාය.

වියදම කීය උනත්, කොහොම හරි මේ වැඩෙන්, ලොක්කා නම් ගොඩ ගියේය. යට ගිහිල්ලා තිබු ජාති ආලේ, පිටරටින් ආපු උන් මෙහේ වපුරලා ගියේය. දැන් ඉතින් "හැලපයා" කියන්නැහේ, ලොක්කා මීටින් වලට ඇවිත් පපුවට "දෙයි දෙයි කියා" ගහගෙන, "මාව කරන්ට් පුටුවේ ඉන්දන්න යනෝ..... මාව බේරගනියෝ......" කියා කෑ ගහපු ගමන්,

අපේ උන්, රැවුලටයි සරමටයි ආදරේ නිසා, උදේ පාන්දර, සුදු ඇඳගෙන ගිහින්, බුලත් කොලේ වැරදියි කියා, කතිරයක් ගසා, තව දුරටත් ඉල්ලාගෙනම කනවාය.

ප: ලි:
"BBS" ගැන ලිව්වා වගේම, "B&S" ලාගේ, "චොගම් නාඩගම" ගැනත්, නොලියා උන්නොත් අඩුවක්ම කියලා හිතුනේය. පිර රටින් ආපු චාලීලා, කැමිලලා ඉතරක් නොව කැමරන්ලාද කොර වෙන්න, ඒ නටාපු නාඩගම නම් කියලා වැඩක් නැතිය.

මේ තාක් කලකට, ලංකාවේදී මා දුටු සුන්දරම ඉදිරිපත් කිරීම එය බව නම් නොකියාම බැරිය. ජැකාට මේක දුන්නා නම්, ඉස්ටේජ් එකේ ඉන්නේ ජැකා විතරය (පාහියන්ට ඇඳගෙන නටපු නාඩගම මතක ඇතිය.) ඒත් අපේ අමරදේව මාස්ටර්ගේ සිට, දෙරණේ පොඩි එකා දක්වාද, දේශීය මෙන්ම විදේශීය රංගනයන්ද, ඇඳුම් නිර්මාණද, ආළෝකයද, සංගීතයද, ගායනාද, ඉදිරිපත් කිරීමද, ජත්‍යන්තර තලයටත් එහා තිබුන බව නොකියාම බැරිය..



අපේ රට එතරම් ඉහලට ඔසවා තැබුවාට, අපගේ ප්‍රණාමය...!!!!

88 comments:

  1. ඔක්කෝම එක්ක එකඟයි. විශේෂයෙන්ම කැමරන් ගොයිය. වෙන්ට රජා නං නියම මහත්මයෙක් වගේ හිටිය. බී ඇන් ඇස් නං දැකල නැත.ලොක්කා තවත් වටයකින් ගොඩගියා.

    ReplyDelete
    Replies
    1. චොගම් එකේ අවුලකට තිබුනෙ (මම කියන්නෙ අපිට තියන වාසි ගැන නෙවේ) චැනල් 4 ට එදිරිව දේශප්‍රේමී නාඩගම. ඒක නැතිවුනානං තමා හොඳ. මොකෝ කක්ක කැත උනත් ලස්සනට කක්ක දාන්න පුළුවන් ක්‍රම තියනවනේ.

      Delete
    2. උඹට අවුල් උනාට ලොක්කට අල්ලලා ගිහින් තියෙන්නේ.. ඒකනේ මහ ඇමතිගේ අයියට කැබිනට් මිනිස්ට්‍රි එකකින්ම දීලා ඇදලා තියෙන්නේ..

      Delete
  2. විචාරක තුමා කියල තිබුන එයාට වැඩිවෙලා තියෙන්නේ දවසකට රු:11.66 යි කියල.
    හරිම සතුටුලු ඒකට.

    ReplyDelete
    Replies
    1. ප.ලි. යේ අන්තිම ටිකවත් හොදට තිබුන එකවත් මැදා...

      Delete
    2. කෙන්ජයියේ බ්ලෝග ලියන්නේ නැද්ද?

      Delete
    3. උඹ කොමන්ට් දදා ඉන්නේ කාලෙකින් ලිව්වෙත් නැහැ...
      මම ඊයේ එකක් ලිව්වා.උඹල sat /sun කියවන්නේ නැහැනේ සදුදා දානවා.

      Delete
    4. ටික දවසක් ලිව්වේ නෑනේ ,දැන් නිකං කම්මැලියි කම්මැලියි වගේ

      Delete
    5. කම්මැලිය වෙන්නෙ නැතිව දැම්ම ලියපන් එකක් මල්ලියා.
      ලියන්න මොකුත් නැත්නම් මේ නාකිය ගැන ලියහන්.

      Delete
    6. ඉවානුත් මං වගේ කම්මැලි වෙන්න එපා.ලියන්න

      Delete
    7. අම්මට උඩු.. කන පැලෙන ගානක්නේ.. දැන් විචාරක තුමා ලැම්බොගිනියක් ගනීද දන්නෙ නෑ..

      Delete
    8. රු:11.66 ක් වැඩි වෙලාලුද, ආ,
      අනේ පං පංතියේ අනිත් යාලුවෝටිකයි, උන්ගේ පවුල්වල අයටයි.
      එදා ඉඳලා මොකුත් නෑ.

      Delete
  3. සියල්ලට එකඟයි රාජ් කියන එක මමත් කියනවා. ඒ පිස්සු වැඩේ නම් කියලා වැඩක් නැහැ රාජ් මමත් ඔබ හා එකඟයි.
    මට නම් මේ මගුල තිබ්බත් නැතත් කිසිම වැඩක් නැහැ. අන්තිමට නටපු තොයිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ තමයි.

    චීන්නුන්ට තව ණය වුනා විතරයි. මේකත් ණයට කාල හරක් බැලිල්ලක්නෙ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද වේද මහත්තයෝ,ලොක්ක සුද්දෝ ඉස්සරහ සිංහ සෙයියාවෙන් දෙසා බාපුවා මාද්දිය වලින් අහල/කියවල ජනතාව පුදුම උද්දාමයෙන් ඉන්නේ අඩුම ගානේ තව තුන් සැරයක්වත් බුලත් කොලේ වැරදියි කියල කතිරේ ගහන්න.

      Delete
    2. කෙන්ජියා කියන්නැහේ.. පිස්සුද වෙද මහත්තයෝ.. ලොක්කා ගොඩේ ගොඩ.. ඊළඟ ඡන්දෙට මනාප වැඩියෙනුත් එක්ක සෙට් කර ගත්තා.. ඕන් අර චැනල් ෆෝ කාරයෝ මීට පස්සෙ ගහන්නේ රජපස්ස රෙජිමෙටලු.. මෙච්චර කල් සල්ලි ගෙවලා ගත්ත පබ්ලිසිටිය.. උන් නොමිලෙම දෙන්න යන්නේ..

      Delete
  4. "නාන සාර වහන්සේට, එවේලේ රහත් බවත් ලබා ගන්න තිබුනේය" Maybe he doesn't drink and drive now. The van had a lay driver. But, the way Rev. Nana looks, talks and acts, he still drinks!

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඔක්කොම ටික පැන් වඩලා එන කස්ටිය වගෙයි පේන්නේ.. මුන් බුද්ධාගම වළඳනවා...

      Delete
  5. කැමරන් කාරයා ඉල්ලං කාපු එක ගැන උංගේ රටේම ඉදගෙන මම සතුටු වෙමි. බහුතරයක් සුද්දෝ සමඟ කථා කරණ විට උන්ට මේ ගැන වගේ වඟක් නැත. ඊළඟ නිවාඩුව කවදද, තව දවස් දෙකයි සති අන්තයට, පාපන්දු ඕවා ඇරැනු විට කැමරන්ගේ වැඩේ ගැන උන්ටත් ජුවල්ය. සුද්දෝ හැමෝම මෙන් ලංකාව ගැන දන්න නිසා හා ඒ ගැන හොඳ පැහැදීමක් තිබෙන නිසා අපිට වරද්දන්ට එතරම් ලෙහෙසි නොවනු ඇත. මාතලන් උඹට ජය වේවා! මගේ බ්ලොගය උඹේ සින්ඩියේ එල්ලුවාටත් පිං. නැවත එන්නම්.

    ReplyDelete
    Replies
    1. කැමරන් කියන්නේ ජන අප්‍රිය නායකයෙක්..

      Delete
  6. ඔන්න කැමරන්ට එහෙ පත්තරයකිනුත් දෙහිකපලා තිබ්බ කතා කරපු විදිහ හරි නෑ කියලා..

    ReplyDelete
    Replies
    1. අපරාදේ කියන්නේ අපේ ලොක්කා ප්‍රජාචන්ච්‍රවාදේ කෙසේ වෙතත් රාජතාන්ත්‍රික බාවය නම් ඉහලින්ම රකිනවා.. අර යකා හැසිරුනේ පොඩි එකෙක් වගේනේ.. උන්ට වඩා හොඳට චැනල් ෆෝ එකේ උන් හැසිරුනා..

      Delete
  7. කාට හරි නොගියත් අපිට හරි ගියාය. අළුත්ම සීරිස් එකේ බෙන්ස් කාර් අපිට එනවාය.. ඒවට ගාස්තුව ජනවාරියෙන් පස්සෙ හුදීජනයා ගෙවනවාය..

    ReplyDelete
    Replies
    1. බැන්ස් ටික නම් පටවන්න යනවයි කියලා ආරංචිය.. හැබයි ඉතින් පොලිස් මාද්දිය ප්‍රකාෂකත් කිව්වා, කට කතා වලට අහුවෙන්න එපාය කියලා..

      Delete
  8. චැනල් ෆෝ කාරයව නම් හරියට කලමණාකරණය කර ගන්න බැරි උන බවයි මගේ නම් අදහස.....

    ReplyDelete
    Replies
    1. නෑවා.. වෙන කියන්න දෙයක් නෑ.. හැබයි ඒකේ වාසියත්, ආන්ඩුවටම තමයි.. අරුන් දැන් ෆ්‍රී පබ්ලිසිටිය දෙයි..

      Delete
  9. අර දෙකට නැමිලා වදින එකා චම්පිකගේ තාත්ත ද...?

    ReplyDelete
    Replies
    1. නැහැ.... රටෙ දරුවන්ගේ තාත්තගේ.. සැකට්‍රී..

      Delete
    2. ලලිත යද ?
      මේක දැක්කනම් මුගේ අම්මත් වලේ ඉදං,පුකෙං හිනා වෙනවා.

      Delete
    3. ඉස්කෝලෙටත් එක්ක ලැජ්ජයි.. මන්දිරේ ඇතුලෙ නම් බිම දිගා වෙලා උනත් අවුලක් නෑ.. ඒත් මේ ළෝකෙටම පෙන තැන...

      Delete
    4. කොදු ඇට පේළිය ඇදවේගෙන එනවද මන්දා...රජාගෙ වෙදාටම කියලා පත්තුවක් බැන්දොත් නරකද ?

      Delete
  10. මාතලන් කිව්වත් වගේ කැලම් ගේ කෝච්චි ගමන ගෝලයෝ නවත්තපු එක නම් ගොන් වැඩක්.හැබැයි මේ බුවාත් අපේ උන්ට දෙවෙනි නෑ.කෝච්චයේ බැරිනම් වෙන වාහනේක පලයන්කෝ.අපේ උන් ප්‍රශ්න අහනකොට පැනල යන්නේ නැතුව උත්තර දීපන්කෝ.මූ අර හිරු එකේ “බලය“ වැඩසටහනටත් එනව කියල අන්තිමේ මලහැරල ගියා.

    ReplyDelete
    Replies
    1. බැලුවා සහන්.දෑතම ඔසවා ඔබ හා එකඟ වෙමි.

      Delete
    2. ඒකේ ප්‍රශ්ණ අහන්න හිටියේ නොම්මර එකේ වන්දිබට්ටයෙක් නේ.. මෙහේ උන්ම කියන්න ඇති යන්න එපාය කියලා...

      Delete
  11. මම නම් බලන් හිටියේ අඩු ගානේ අර රූං පෙත්තක් වත් හම්බවෙය් කියලා අරං පාර දිගේ දුවන්ට .. මොන...එකත් පොලීසියෙන්ම ඇවිත් ගලවන් ගියේ ...!

    ReplyDelete
    Replies
    1. ඇයි ඒවා හම්බ වෙයි කියලා බලාන ඉන්නේ.. උඹ රාජ තාන්ත්‍රිකයෙක්ද...

      Delete
  12. \\\\\\\\\\වියදම කීය උනත්, කොහොම හරි මේ වැඩෙන්, ලොක්කා නම් ගොඩ ගියේය. \\\\\\\

    තමන්ගේ අතින් කියලයි ....

    ReplyDelete
  13. කැමරන් කාරයා උගේ පාහර ගතිය පෙන්නලා ගියත් කැමරන්ගේ රටේ රජාට බැහැ කැමරන්ගේ (.....) මයිල් ගහකටවත් හානි කරන්න. අපේ රටේ වගේමයි. අපේ රටේ කුප්පීදු ඇමතියෙක් ජනේලෙන් කොටු පනින්න ගිහින් කකුල් කඩාගෙන ආවත්, රටේ නම උඩ කක්කා කරා කියලා උගේ (......) මයිලක් ගලවන්නවත් අපේ රජා බයයි. මේ විහිළු සමුළුවෙන් අපි නිකම් කිච වුනා කියලයි මටනම් හිතෙන්නේ චැනල් 4 කාරයාගේ නාඩගම නිසා. ඊළඟට ඕකා හදන්නේ ලොක්කාට පෞද්ගලිකව ගහන චිත්‍රපටියක්.

    ReplyDelete
    Replies
    1. අපේ උන් කරපු මජර වැඩේ නිසා, මට නම් විචාරක තුමාගේ කියන එක වෙයි කියලම තමයි හිතන්නේ. ඇයි උන්ට වීසා දුන්න නම් එන්න කිව්ව නම් ප්ලෙන්ටියකටත් අඬගැහුව නම් තව මොන රෙද්දට ද යන තැන් වලකන්නේ. අපි අපිට කන්න නැතත් යාපනේ උන්ට කන්න පාරවල් හැදුව බවවත් ලෝකෙට කියන්න තිබ්බ අවස්ථාව විහින් නැති කර ගත්තා. තව මඩ තලියකුත් අනාගතේට අනාගැනිල්ලකුත් එක්කම.

      Delete
    2. හරියට හරි විචාරක තුමා.. උන් පබ්ලිසිටිය නොමිලේ දෙන්න යන්නේ.. මෙහේ ඡන්ද ටික ගොඩ.. තෙලේ තෙල්...

      Delete
    3. කැමරන් ගැන අදහසක් ඒ ඔබට ඉදිරිපත් කලේ මගේ පංතියේ මං විතරයි ගෙනි.

      Delete
  14. බලන්ගියාම මේ චොගම් එකේන් ඔක්කොමලා නාගෙනනේ.
    B&S ලාවත් නම බේරා ගත්තානම් මැදයි.

    ReplyDelete
    Replies
    1. උනුත් නැත්නම් විනාසයි...

      Delete
  15. ක්‍රෝගම් කතාවනම් ඇත්තය! ගොඩක් ආවේ එහෙම උන්ය!

    ReplyDelete
    Replies
    1. ලොකු එවුන්ගේ කතාව ඇත්ත වුනාට උඹ සහභාගී වුන පැටව් ගේ කතාවත් ඇත්ත නේද ? බොරු ලිව්වේ නැහැනේ නාඩිය.

      Delete
    2. ඒකනේ උන් බිරන් තට්ටු වෙලා උන්නේ.. සංසාරෙදි ලැබෙන්නේ නැතිව ඇති මේ වගේ සැලකිලි.. දැන් නිකන් කල්පනා කරපන් අපි වගේ එකෙකුට ඔය පුද සත්කාර ලැබුනයි කියලා... නිකං මොළේ මඤ්ඤං වෙනවා නේ...

      Delete
  16. ඔය B&S ලා ගේ ෂෝ එක බලන්න ලින්ක් එකක් දෙන්නකෝ දන්නා කියන අයෙක් .....

    ReplyDelete
  17. කැමරන් ඉල්ලන් කෑමක් කෙසේ වෙතත් මාතලන්, ජාත්‍යන්තර ජනමාධ්‍ය වල චෝගම් ප්‍රධාන පුවත වුනේ ඔහුගේ ක්‍රියාකාරකම් ඒ දවසේ. එහෙම බැනලා යන්න හරි ඔහු නොආව නම් චෝගම් නිකම් මනමාලය නැති මගුලක් වෙනවා. එහෙම වුනා නම් මිට වැඩිය අන්ත වෙනවා. මේ අධිරජවාදින්ට උදේ දවල් කෑ ගහන අයියල මේකේ ඉන්නේ මොකටද? නිකම් බොරුනේ. බ්‍රිතාන්‍යය මුදල් දාන්නේ නැත්නම්, මෙහෙම අටමගුලක් කොහොමවත් පවත්වාගෙන යන්න බැහැ.

    ලංකාවට පේන්නේ වෙන විදිහකට වෙන්න ඇති. හැබැයි මාත් එක්ක කතා කරපු සාමාන්‍ය සුද්දන් දෙතුන් දෙනෙකුට නම් පෙනිලා තිබුනේ වෙනත් විදිහකට. ඔවුන් අධිරාජ්‍ය වාදීන් නොවේ. ලෝකයේ ප්‍රවුර්ති කියවන, බලන සාමාන්‍ය ජනතාව. මාත් දැක්කේ ඒ විදිහටමයි.

    ReplyDelete
    Replies
    1. @රයිගම් & මාතලන්..... දේශපාලනය ගැන උනන්දුවක් තියෙන සුද්දෝ අපි ගැන හොඳ විදිහට නෙමේ කතාකරේ. ලේබර් පාටි එක වට කරන් හිටිය ද්‍රවිඩ ප්‍රජාව දැන් දැන් කොන්සර්වේටිව් පාටි එක ගැනත් උනන්දුවෙන් කතා කරනවා. අපේ රටේ විදේශ සේවයේ තරම කොහොමද කියන්න අපිට මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකටවත් සමීප වෙන්න බැරිඋනා. කොන්සර්වේටිව් මන්ත්‍රීලා දිනාගන්න ලංකා ආණ්ඩුව වියදම් කරපු ආකාරය සම්බන්ධව පත්තරවලත් ගියා. අල්ලස් වලින් රටවල් දිනාගන්න බැහැ අපිට. ක්‍රිස් නෝනිස්ගේ ඉංග්‍රීසි දැණුමෙන් විතරක් ඒ වැඩේ කරන්න බැහැ.

      Delete
    2. ඇත්ත ඒ උනාට රාජ්‍ය නායකයෙක් ලෙස.. පැමිනීම හොඳයි, හැසිරීම අන්තිමයි.. මොකෝ ඔය ලෙඩ ඇද්දට.. අපේ මෑන් දැකපු ගමන් ඔක්කෝම ඇඹරෙනවා.. කැමරන් නම් ලබන ඡන්දෙටත් කලින් ගෙදර යයි.. ඒත් රජා සෑමදා දිනේ... වෙන්න මෙහේ වැඩ කටයුතු හදලා ගියේ.. ගිහිල්ලා කරන්න යන්නෙත් ඒ ටික..

      ඒ උනාට ඔය කාටත් අමතක වෙච්චි දේ තමයි.. අවුරුදු 30 අපි විඳපු දුක.. උතුරේ දෙමළා පවා.. අන්තීමට ප්ලේන් වලිනුත් ඇවිත් ගහලා යන්න පටන් ගත්තා නේ..

      ඒවා ගැන කතා කරන්න එකෙක් වත් නෑ..

      Delete
  18. කැමරුන් කාරයාටයි C4 එකටයි ගහන් ගැහිල්ල බලන්ට පුළුවන් ගාර්ඩියන්, ටෙලිග්‍රාෆ්, මිරර් වෙබ් සයිට් ලිපි වලට දාල තියෙන කමෙන්ට් බැලුවානං. කැමරුන්ටත් වැඩි ආයුශ නෑ..ඊලඟ ඉලෙක්ෂන් එකෙන් පොර කපුට්, හාන්චිපයිස්!

    ReplyDelete
    Replies
    1. ඊට ඉස්සෙල්ලා විසිවෙයි වගේ.. මට නම් හිතෙන්නේ.. ළෝක නායකයන්ටත් පෙන්නන්න බැරි එකෙක්.. අපේ ජී ඇල් පප්පා වගේ උද්දච්ච ගොන් හරකෙක්...

      Delete
  19. මේවා ගැන කතා කොරලා වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා නිකන්ම උන්නොත් නියමෙට තියෙයි.. තියෙන නිදහසෙන් වත් ප්‍රයෝජනයක් ගන්න එපාය..

      Delete
  20. අනේ මන්ද.....මේවට කතා කරලා ලොක්කා තරහ උනොත් ගමෙත් ඉදලා හමාරයි

    ReplyDelete
  21. දහ අතේ ණය වෙලා කාපු මගුලක් වගෙයි මේක...උත්සවේට ආපු අමුත්තො සල්ලි දාපු ලියුං කරදහි දෙන්නෙ නැතුවම ගිහින්...ආරාධනා ලබපු ගොඩාක් උන් නෑවිදින් හිටි...මගුල ඉවර වුන දා ඉදන් ණය ගෙවන්නට ඇති...චෝගම් අසිරි සිරි....

    අර සින්දුව නම් මරු...ඒකෙ නියම පන්ච් එකක් තියෙනවා...මාතලන් දැක්කද ඔය චෝගම් එකේම දකුණු ඉන්දීය කුණු සින්දුවක් දාලා අපේ කොල්ලො නැටෙව්ව හැටි...

    ReplyDelete
    Replies
    1. ඒ තරුණ සමුළුවේ නේ සිරා අයියේ.මියුසික් වලට ජාති ආගම බේදයක් නෑ.අනික conference එකක තියෙන ආතල්ම කොටස තමා අන්තිමට හැමෝම ඔහොම ස්ටේජ් එක උඩට ගිහින් නටන එක.
      ඒ නිසා ඒකෙ වැරද්දක් මම දකින්නේ නෑ.තරුණ අය ජාති ආගම් බේද තියාගන්න ඕනි නෑ.

      Delete
    2. ඒ කියන්නෙ දකුණු ඉන්දියාවෙ ඔය සමුළුව තිබ්බා නම් උන් සිංහල සින්දුවක් දානවද එතන උන්ට නටන්න ?

      Delete
    3. ලංකාවට ආපු උංට ලංකාවෙ දේ මෙකයි කියන මිසක් ඉදියාවෙ මගුල් පෙන්නල හරියනවෑ.. අපේ සම්පත් තියනවා.. ඒව ප්‍රයෝජනෙට නොගෙන ලංකාව පැත්ත පලාතෙ ආවෙ නැති ඉන්දියාවෙ රෙද්දවල් පෙන්නනකොට ඉන්දියන් කාරයො පුකෙනුත් හිනාවෙනවා..

      සිරා +++++++++++++++++++++=

      Delete
    4. සහතික ඇත්ත සමී මලයා...රටක් විදියට අපි මොන ප්‍රශ්නෙ තිබුනත් අපේ රටේ ගෞරවනීය බව කෙලෙසගන්න හොද නෑ...අපිට ඉන්දියාව මොන කෙණෙහෙලිකම කලත් අපිට උන්ව ලොකු බව තමයි එහෙම වැඩ වලින් පේන්නෙ...අනිත් කාරණේ තමයි අපිට කියලා හොද සංගීත නිර්මාපකයො , පද රචකයො, ගායකයො ඉද්දි තුට්ටු දෙකේ දකුණු ඉන්දීය විකාර පට වලට කකුල් නෑ වගේ නටන්න හදන කිසිම වැදගත් කමක් නැති ගීතයක් තමයි එදා වාදනය වුනේ...ඒ උත්සවයට පිටරටින් ආපු කෙනෙක් හිතන්නෙ ලංකාවෙ සංගීතයෙ අනන්‍යතාව මෙන්න මේක තමයි කියලා.. ජාත්‍යන්තර වැඩකදි හැම වෙලේම රටේ අනන්‍යතාව තමයි මම හිතන විදියට ඉස්සරහට එන්න ඕනෙ....

      Delete
    5. උඹලා ඔහොම කිව්වට මම නම් ඒකේ වරදක් දකින්නේ නෑ.. මෙහේ සුභාවිත සංගීතය කියලා අගය කරන්නේ අපේ දෙයක් නෙමේනේ.. ඉන්දියාවේ රාගධාරී සංගීතයනේ.. ඉතින් ඇත්ත ඇති සැටියෙන් පෙන්වීමේ ඇති වරදක් නෑනේ..

      Delete
  22. චැනල් 4 නාඩගම පිළිබදව මාද දක්වන්නේ පිළිකුලකි. කිරීමට තිබුනේ එය නොවේ. එම සිද්ධිය පිළිබඳව චැනල් 4 මාධ්‍යවේදියා ලියු ලිපියක් ලන්කාවීවු සහ ලංකාටෘෘත් අඩවියේ තිබුනා. ඔහුට ඒ අයුරින් ලිපියක් ලිවීමට ඉඩ තැබුවේ මන්ද?
    චැනල් 4, චැනල් 4 කියමින් සහ ඔබ කියන පරිදි විදුලි පුටු වැනි වචන කියමින් ඉදිරි වසරත් ගෙවා ගැනීමට අඩි තාලම සකසා ගැනීමට ද? සත්‍ය වශයෙන්ම චැනල් 4 නැවත චිත්‍රපටියක් සෑදුවෝත්, එය දැක ගත හැකි වේවි.

    ReplyDelete
    Replies
    1. කොහොමත් උන් කරන්න යන්නේ ඒ ගොන් වැඩේ තමයි.. කෝ උන්ගේ චිත්තරපටි පෙන්නලා කරපු රෙද්දක් තියෙනවය.. අනික අපේ වැරදි හොයන්න කලින්. උන්ගේ උන් ඉරාකේ, ඇෆගනිස්ථානේ කරපුවා ගැන හොයපන්කෝ.. ඕන් දැන් උන්ගේ සෙබලු වගයක් කරපු අපරාධ ගැන වමාරනවලු..

      Delete
  23. මං මේ වගේ පෝස්ට් එකකින් තමයි ලංකාවේ ඔයවගේ දේවල් ගැන ඉගෙනගන්නේ ..ජාන්ධිපතිට මෙච්චර කැත විදියට වදින අපෘෂ්ඨ වංශික නිවටයා කවුද අනේ ..ෂික් ඉදගෙන :)

    වීඩියෝ එක නියමයි

    ReplyDelete
    Replies
    1. මේ ලිපි ලියන ලේඛක මහාචාර්ය වරයාගේ ලිපි දිගටම කියවන්න ඉදගෙන.
      කලක් යද්දී ඔබට විශාල දැනුමක් ලබාගත හැකි වනවා නියතයි.

      Delete
    2. වෙන දේශපාලනික ලිපි මං කියවන්නේ නැහැ නීරස සහ පට්ට බොලු තීන හින්දා ,,

      Delete
    3. ඒකනේ... ලොක්කත් පොඩ්ඩක් අප්ෂෙට් උනා ඒ වෙලාවේ.. කැමරන් එහෙම දැක්කා නම්, බඩ කපාගෙන මැරෙනවා..

      Delete
  24. කැමරන් කියන්නේ මහා උද්ධච්ඡ දේශපාලකයෙක්..ඌ මෙහේ කොටි ඩයස්ෆෝරා එකට පොරොන්දු වෙච්ච දේ ඉෂ්ඨ කලා. ලංකාවට එන ගමන් ඉංදියාවටත් ගිහින් වැඩේ කන්ෆර්ම් කරගෙනම ගියා. ඌ නටපු මාධ්‍ය නාඩගම ගැන කතාව තව දවස් කීපයක් තියෙයි. හැබැයි ඌ ලෝකෙට අපි ගැන දීපු ඉමේජ් එකනම් තව කාලයක් යනකම් තියෙයි ලොක්කා නිවැරදි වෙනකම්.

    ReplyDelete
    Replies
    1. ඌ ලොක්කා හැදිල්ල කෙසේ වෙතත්.. අවුරුදු හතරවත් ඉඳිද කියලා මට නම් සැකයි..

      Delete
  25. 1)වෙලාවකට හිතෙනවා අන්තිමට මුරලිත් ඉල්ලන් කෑවද කියල මිනිහ කියල තිබුනේ එයාගේ කතාව c4 එක විකුර්ති කරලා දාල කියලා
    2)chogm එකේ මාධ්‍ය සාකච්චා handle කරපු විදිහ හෙනම upset අස්වර් වගේ උන් ඇවිල්ල පිස්සු කෙලින තරමට වැඩේ කාගත්තා
    3)දේශීය ලෙස ගත්තොත් අපේ රජතුමා තව චන්ද 5 ක් විතර ගොඩ යන්න පුළුවන් තරමට UNP එකට "ජාතිය පාවාදෙන්නා " කාඩ් එක ගැස්සෙව්වා (කියලා ගස්ස ගත්තද මන්දා )
    4)ජාත්‍යන්තර ලෙස ගත්තොත් අපි තවත් පස්සට ගියපු එක විතරයි උනේ කොච්චර පස්සට කියනවනම් අපේ අසල්වැසි (?) චීනය පවා අපිට අන්තිමට කිව්වේ මානව හිමිකම් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි කියලා
    5) අය වැය ගැන කතා කරලා වැඩක් නැහැ chogm එකට වියදම් උන මුදල ගැන කොහෙවත් කිසිම සදහනක් නැහැ

    ReplyDelete
    Replies
    1. මුරලි වගේ දෙමළුන්ට කියන්න වෙන දෙයක් නෑ.. ඒකයි මම කිව්වේ කොළඹ දෙමලා කියලා.. යුද්දේ කාලේ ඔය සම්පන්තන්ලා කොහේද උන්නේ.. අපේ උන්ගේ ගාඩ් වලට කවර් වෙලා.. එහෙම නැත්නම් පිට රට..

      අපේ උන් ස්කෝර් කරපු කිසිම තැනක් නෑ.. භාතිය ෂන්තුශ්ගේ ෂෝ එක ඇර..

      Delete
  26. දේශපාලකයන්ටත් දෙන්න බැරි වුන උත්තරයක් මුරලි දුන්නද කියලා වෙලාවකට හිතෙනවා.. මොනා වුනත් අන්න එහෙම කතා කරන මිනිස්සුයි ඕන..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මුරලි කවදත් රටට සම්පතක්..

      "forget, forgive and GO...."

      Delete
  27. රැවටීම සහ ඇස්බැන්දුමක් තමයි සිද්ද වෙන්නේ. අනේ අපේ රටෙත් කොන්ද පනතියෙන විපක්ෂයක් තිබුන නම්.

    ReplyDelete
    Replies
    1. විපක්ෂේ උන්ත් බලා ගන්නේ ලොක්කා නේ.. මරණෙට මගුලට යනවා.. ලෝන් එකක් ඕන නම් පාස් කරලා දෙනවා.. ලෙඩ උනාම රට යවලා බේත් හේත් ටික සප්ලයි කරනවා.. ඉතින් තව මක්කටෙයි..

      Delete
  28. කවුරු කවුරුත් තමන්ගේ ස්ක්‍රිප්ට් එක අනුව තමන්ගේ රෝල් එක ඇක්ට් කොරා...එච්චරයි

    ReplyDelete
    Replies
    1. සමහර් උන් ඕවර් ඇක්ටින් කරන්න ගිහින් නාගත්තා.. ඔය නිමල් සිරිපාල වගේ අය...

      Delete
  29. මාතලන්, ගිය පාර බජට්ටුවේදී වැඩි කරපු පඩියේ, මුලු ගානම හම්බ වුනාද? මට මතක හැටියට ඒක වැඩි කලේ දෙපාරකට දෙන විදිහට..!

    ReplyDelete
    Replies
    1. වැඩිපුරත් එක්ක හම්බ වෙන්න ඇති.. ඒකනේ තැපල් චන්ද ඔක්කෝම ලොක්කටම දෙන්නේ...

      Delete
  30. මං දෙශපාලන ලිපි වලට ආස නෑ තාම පොඩි එකා හින්දා.. ඒත් මේක නම් බොහොම සාවදානව කියෙව්වා.. හැමදේම ඇත්ත ...

    මාතලන්ගෙ වේගෙ පොඩි අඩුවක් වෙලානෙ මං මේ පැත්තෙ නාපු පහුගිය ටිකේ..

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩි අවුලක් තියෙනවා තමයි.. ගෙදර ඉන්න වෙලාවට විතරයි ලියන්නෙ කියවන්නේ..

      Delete
  31. සියල්ලටම එකගවෙන්න වෙලා තියෙනව මාතලන්.චැනල් 4 සිද්දිය ගැන ජය ශ්‍රි ට සහන් දිපු ලින්ක් එකෙ තියෙන පොස්ට් එකෙ කොමොන්ටුවෙ දැම්ම.බි ඇන් එස් ගෙ වැඩෙ දැක්කෙ ඔයා දාපු එකෙක්න් එකනම් නියමෙට තියෙනව නේ

    ReplyDelete
    Replies
    1. කට්ටියම බලාගන්න රජ්‍ය සෙවෙ ඉහලම නිලධාරියා ඔන්න ෆොටො එකෙ ඉන්නව

      Delete
    2. ඉතින් තව මොන කතාද...?

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න