.

.

Nov 12, 2013

පොන්න අගමැතිවරු හා ගුණමකු ගාන්ධිවරු.. - India's Foreign Policy


චෝගම් එක නැගලා යනවාය. පක්ෂ පිරිස වගේම විපක්ෂ පිරිසද බොහෝය. මාතලන් නම් ඉන්නේ පක්ෂ පැත්තේය. මොකෝ පවුලේ මංගල්ලයක්, කොටහළු ගෙයක්, උපන් දින උත්සවයක් හෝ, කුමක් හෝ ප්‍රිය සම්භාෂණයක් තියෙනවා නම් මාතලන් කැමතිය. ඒක කොරන්නේ ණය වෙලාද, ඉඩම් විකුණලාද, ලැබෙන්න තියෙන ගානකින්ද කියන එක, මාතලන්ට අදාල නැත.

මොකෝ ඒක සතුටු වෙන්න අවස්ථාවක් නිසාය. ඒත්, මාතලන් අවමගුල් උත්සව වලට කැමති නැත. එතනත් කන බොන දේ සිද්ද උනත්, අවමගුල් ගෙදර අය ඉන්නේ දුකෙන් නිසාය. ඉතින් අපේ උනුත් මේ මගුල් ගෙදරත් ඉන්නේ, අර අවමගුල් ගෙදර උන් වගේය. ඒකට මට කොරන්න දෙයක් නැතිය. මම නම්, චෝගම් මගුල් ගෙදර තියෙන ආතල් ගන්නවාය.

ඔය මගුල මෙහේ තියන්නෙයි කියලා යෝජනා කළේ, එහා ගෙදර ලොකු අයියාය. එහෙම යෝජනා කරපු එකා, දැන් මගුල් ගෙදර පැත්ත පළාතේ එන්නේ නැතිය. එයා ආවේ නැති උණාට එයාගේ නෑදෑ පර පුරම මගුල් ගෙදර ඇවිල්ලාත් අහවරය. පොර එන්නේ නැත්තේ පහළ ගෙදර අක්කා ලෙඩේ අදින නිසාය. පහළ ගෙදර අක්කා, ඉස්සර අපේ ගෙදර උන්න උතුරේ මදාවියාගේ ළඟම ඥාතියෝය.

ඉතින් අපේ ගෙදර මහ එකා එක්ක, ඒකි නයි වෛරය. මොකෝ අපේ මහ එකා, එක ලොක්කෙක්වත් පයිසෙකට ගණන් ගන්නේ නැති නිසාය. මදාවියා, අපේ ගෙදර ලොක්කෝ ලොක්කියෝ එක්ක, එක එක සෙල්ලම් දැම්මත්, ලොක්කාගෙන් පොරෝ පාරක් කා ගෙනම, චුත වෙලා ගියේය. ඕකට ලොකු අයියලාගේ පහළ ගෙදර අක්කා විතරක් නොව. පහළ ගෙදර නාකි සීයාද ඉන්නේ මලේ හොඳම එකෙන්ය.

අපි ලොකු අයියා ගැන හිතාගෙන උන්නේ පොරක් කියලාය. උණාට, බැලුවාම එයත් ඇවිල්ලා අපේ අගමැති වගේමය. අපේ උන්නැහෙත් කන්ද උඩරටින් කිව්වාට, දන්න උන් කියන්නේ අම්බලන්ගොඩ කඳුරු ගහකින් කපා ගත්ත, රූකඩයක්ය කියලාය. ඒකේ අවුලක් නැත්තේ මෙහේ ඔක්කෝම වෙන්නේ ගෙදර මහ එකාට ඕන විදියට නිසාය

ඔහේ, ඔහේලයි ගෙදර, මහ එකා උණත්, ගෘහ මූලිකයා, ගාන්ධි අක්කා කියා කවුරුත් දන්නවාය. ඒයාගේ ආශිර්වාදේ නැත්තන්, ඔහේට හම්බ වෙන අගමැති කමකුත් නැත්තේය. ඉතින් කවදත් ඔහේ බොමබයි මුටයි කිට් එකකුත් ගහගෙන කොලේ, ගාන්ධිලා කියන විදියට වඩිග පටුනේ නටාපු එක විතරය

ඔහේ සිම්පල් මෑන් බව ඇත්තය. ඒත් අපි හිතුවේ ඔහේටත් කොන්දක් කියලා එකකුත් තියෙනවා කියලාය සමහර වෙලාවට ගාන්ධි අක්කා ඇරුණාම. ඇමරිකාවේ ඔබා මාමත් චෝගම් එක පැත්ත පළාතේ යන්න එපා යැයි කිව්වාද කියන්න දන්නේත් නැතිය. මොකෝ තරමටම එයාලා මානව හිමිකම් රකිනම කෂ්ටිය නිසාය


ඉස්සෙල්ලාම, මගුලට එන්න බෑ කිව්වේ කැනඩාවේ එක්කෙනාය. එයත් මේ මහ ලොකුවට මානව හිමිකමක් ගැන කතා කොරනවාය. එයා මේ හත් ගව්වක් දුර ඉන්න, අපේ පුක හෝදන්න එනවාට වඩා, පල්ලෙහා ගෙදර ඉන්න එකාගේ පුක හොදන්න යනවා නම්, බොහෝ හොඳය. මොකෝ, පල්ලෙහා ගෙදර එකා, රීලා නාගෙන තියෙන්නේ, අපි වගේ නොවන නිසාය

, ඉරාකෙයි, ඇෆගනිස්ථානෙයි, බලුකිස්තානෙයි, හැම තැනම මානව හිමිකම් රැකලා, මුළු ඇඟේම ගූ නාගෙන ඉන්න එකාය. සමහර විට, උගේ ගූ පේන්නේ නැත්තේ, තනිකරම ගූ බෙට්ටක් වගේ නිසා වෙන්න ඇතිය. කක්කා කරන කොට, ගූ පොඩ්ඩක් ගෑවෙන එක, එයයිටත් කවදා හරි තේරෙන්නේ, මෙහෙන් ගිය උන් ඔහේ රෙන්න පටන් ගත්ත දවසටය

ඔය පහළ ගෙදර අක්කාගේ, මෙහේ උන්න සැට් එක, ත්‍රස්තවාදියෝ කරේ ඉන්දිරා ගාන්ධි ආච්චි අම්මාය. අපේ සීයා පප්පාට කෙළවන්න, කෑම බීම ආයුධ දිලා, කිරි පොවලා, කොටි පැටව් ලොකු මහත් කළේ සෝනියා ගාන්ධි නෝනාගේ නැන්දම්මාය. අන්තීමෙදි අපිට පාඩම් උගන්නන්න ගිහිල්ලා ඉල්ලගෙන කෑවේ එයාගෙම පුත්‍ර රත්නයය

කිරි පොවා හැදුවත්, කොටියා කොටියාමය. සමහර විට ඉන්දිරාට ගේම දෙන්නත් ඇත්තේ, කොටියෝම වෙන්නත් ඇතිය. එවා හොයා ගන්න එක ඔහේලාගේ කාරියක්ය. බලය නිසා අද තමන්ගේ මිනිහ මරපු එකා ලොකු වෙලාය.  

ඊළඟ ඡන්දෙට, දකුණෙ දෙමළ ඡන්ද ටික ගන්න, සිං අප්පුවා එවන එක නැවත්තුවාය. සිං ආවත් නැතත්. හොරකම් වලටයි, දූෂණයටයි, වචංවටයි, කප් ගහපු ටීම් එකත් එක්ක ඉන්න ඔය සෙට් එක, ඊළඟ ඡන්දෙදි ඉල්ලගෙනම කනවාය. මොකෝ ඉන්දියාව කියන්නේ තමිල්නාඩුව නොවන නිසාය.

පසුව ලියමි
 
අද ඉන්දියාවේ ප්‍රධාන පෙලේ සෑම මාධ්‍යයක්ම මේ තීරණය ගොන් තකතීරු අමනෝඥ තීරණයක් බව ප්‍රකාශයට පත් කර ඇත. අතීතයේ පටන් අසල්වාසි හිතමිතුරු රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව පිළිබඳ ගත් මේ තීරණය හේතුවෙන්, ශ්‍රී ලංකාව තව දුරටත් චීනය හා පකිස්ථානය වෙතට නැඹුරු වන බවට ඔවුන් පෙන්වා දී ඇත.

අපට ඉන්දියාව වටිනවාට වඩා, ඉන්දියාවට ශ්‍රී ලංකාව බොහෝ සෙයින් වැදගත් රාජ්‍යයකි.

120 comments:

  1. දැං Navin Ramgoolam එන්නේ නැතෙයි කියනව නෙවද?? අපේ ලොකු අයියා අහිංසකයා මිනිහා ගෑනුන්ට බයයි. ඒකයි අවුල.. මට නං චෝගම් තිබ්බත් එකයි නැතත් එකයි මොකද මොනා උනත් කොමිස් මීටරේ ඒ විදියටම දුවනව ඒකේ අනිත් පැත්තට වල කපන මැසිම හයි කරලත් තියෙනවා. ඕක නවතින්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ වගේ දෙයක් තියන එක ඕනම රටකට හොඳ දෙයක්. මිනිස්සු බොරුවට කෑ ගහනවා චොගම් එකට සල්ලි නාස්ති කරනවා කියලා.. මම නම් ඒක දකින්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට..

      Delete
    2. අපිත් ඔය පැත්තටම බරයි. අපේ රටේ උන්ට ඔන හම්බ කරන්න නෙවෙයි. ඉල්ලන් කන්නනෙ. මේවගේ දේවල් කරල රටට ආයෝජන ගේන්නම වෙනව මේක ගාඩ ගන්න.

      Delete
    3. කැනඩාවට දැන්මම පලදීල වගේ - http://www.presstv.com/detail/2013/09/25/325969/canada-criticized-for-un-rights-concerns/

      Delete
    4. ආ උඹ අපේ උපදෙස් පිලිපැදලා වගේ.. බොහොම අගෙයි..

      Delete
  2. අපිට නම් ජයටම චෝගම්. මෙව්වා තිබ්බ නැතා කොහොමත් වෙන එකේ බඩු මිල ඕන තරං වැඩි වෙද්දෙන්. රට ලෝකෙට ඕන තරං ණය වෙද්දෙන් අපට පාන්ද :3

    ReplyDelete
    Replies
    1. පාන් නැත්නම්, රීපාන්.
      ආශ්චර්යේ හැටි ඔහොම තමා.

      Delete
    2. කොයි එකා උන්නත් ඔච්චර තමයි.. අද වෙනකන් විපක්ෂේ එකෙක්වත් කියලා තියෙනවද බඩු මිල අඩු කරණවා කියලා.. අඩු ගානේ ජෙප්පොවත්..

      Delete
  3. මොන අවුල් තිබුනත් ප්‍රාන්තයකට බයේ සමස්ත රට නියෝජනය නොකිරීමට මාත් විරුද්ධයි.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ උන්ට පොන්නයෝ කියනවා ඇර කියන්න වෙන වචනයක් මම දන්නෙ නෑ..

      Delete
  4. අපේ රටේනම් ඔහොම නෑ. CHOGM කීවාම පැනලා දෙන්නේ. බෙන්ස්ද, මල් වෙඩිද, හෝටල්ද, ටීවී ඇඩ්ද, අරවද මේවද.
    ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ. තිබුණත් එකෙකුටවත් කඩා ගන්න දෙන්නෙත් නෑ. මේ ඔක්කෝම අපේම නොවන අපේ මහ රජාගේ.

    ReplyDelete
    Replies
    1. ජාත්‍යන්තර සමුළුවක් තියන කොට ඕනම රටක් මේ දේවල් කරනවා.. ඒක ළෝකයේම පිලිගත්ත දෙයක්.. ඉන්දියාවේ පොලිටික්කෝ ඇම්බැසිඩර් පාවිච්චි කලාට.. ගෙවල් වල තියෙන්නේ බෙන්ස්...

      Delete
  5. චෝගම් වගේ දෙයක් මේ රටේ තියන එක ගැන නම් මමත් විරුද්ද නැහැ. ඒත් මේ රටේ වෙන්නෙ ඒකත් ගසා කන්න ක්‍රමයක් කර ගන්න එක. දැක්කනේ වෙබ් සයිට් එක එතකොට වෙබ්කාස්ට් එක. ලඟ දි බත්තර මුල්ල හරියේ කාපට් දැම්ම අමු වැස්සෙ. මාසයක් තිබ්බොත් ලොකු දෙයක්. කරන නාස්තියක්.............
    මේවා ගෙවන්න වෙන්නෙ ජනතාවටනෙ...
    අනික මේ දේවල් වල ලොකු ප්‍රයෝජනයක් තියනවද? ඉන්දියාව කියන්නෙ පොදුරාජ්‍ය මංඩලයෙන් බගයක්. එතකොට කැනඩාව මේ හැමෝම පස්ස හැරෙව්වේ දෙමල ජනතාව ගැනවත් වෙන මුකුත් හින්දවත් නෙමේ. එයාලගේ රටේ දේශපාලනය නිසා.

    ReplyDelete
    Replies
    1. එන්න, එන්න, නෑගම් යන්න, පිට කසන්න.......... හරි චෝයි කියන්න.........

      Delete
    2. ටැන්කූ කා වා. අද පාලු නැහැ.

      Delete
    3. කෙන්ජිත් නැති නිසා... ඕන් මාත් හොට දැම්මා.. නැත්නම් එක එකාගේ හිත් නරක් වෙනවනේ...

      Delete
    4. අද ලිපිය එක්ක අරක විකෂිත වී ඇත........

      Delete
    5. ආ විකසිත වෙලාද, එහෙනම් චූ කරලා නිදියගනින්.

      Delete
    6. මේ ආන්ඩුවේ කොමිස් ගැහිල්ල ගැන හැමෝම දන්නවා.. නමුත් විරුද්ධ පක්ෂෙ එකෙක්වත්, අඩු ගානේ ජෙප්පොවත් ඒ ගැන ගඬක් නගනවද නෑ.. මොකෝ උන් ආවත් කරන්නේ මේ දේ තමා.. ඒක රටේ ජනතාවගේ කරුමයක්.. මොකෝ මෙහෙම ගසා කන්නෙ නැත්නම්, ජේම්ස් පැකර්ට වගේම ජනතාවටත් බදු සහන දෙන්න පුළුවන්.. ඒත් මේවා ගැන එකෙක් කතා කරන්නේ නෑ.. නිකන් බලේ ඉල්ලනවා විතරයි.. කටුනායක් අධිවේගේ ගැන කතා කරලා තිබුනේ ෆොන්සේකා විතරයි..

      Delete
    7. /අඩු ගානේ ජෙප්පොවත් ඒ ගැන ගඬක් නගනවද නෑ.. //
      ඔබ දන්නේම නැතිද?
      //මොකෝ උන් ආවත් කරන්නේ මේ දේ තමා//
      ඔබ කියන පිරිස කරන දෙයක් කිරීම සඳහා තවත් පක්ෂයක් අවශ්‍ය නැත. ඔබ කියනා අය මෙන්මයි අනිත්අය ද කියා පෙන්වීමට ඔබ උත්සාහ කර ඇතත්, ඇත්ත එය නොවේ.

      Delete
    8. ඇත්තද නැත්තද කියලා ජනතාව දන්නවා.. ඒකනේ පොන්සේකටත් බලු වෙලා තියෙන්නේ..

      Delete
    9. ජනතාව දන්නා දේ ඇත්තනම්, රනිල් මහතාට මොකද වෙලා තියෙන්නේ?

      Delete
    10. අමාත්‍යාංශ ගත් කාලයක් තිබිණ. අඩුම තරමේ එවකට ආණ්ඩුවටවත් වංචාවක්, දූෂණයක් පෙන්වන්න පුළුවන් විනිද?
      බැරිනම් ඊර්ෂ්‍යා සහගත ප්‍රකාශකය් හෝ යොදන්න.

      Delete
    11. අමාත්‍යාශවල රැකියා ලබා දුන් හැටි. කොන්ත්‍රාත් ලබා දුන් හැටි දන්නෝ දනිති...

      වැව් හාරන එකේ මොකෝ උනේ කියලා මගෙන් අහන්න එපා.. අනුර කුමාර දිසානායකගෙන් අහන්න...

      ඔයාලගෙ පක්ෂෙ ගැන මගෙන් අහන එක හොඳ නෑ.. පක්ෂය පිළිබඳ මීට වඩා දැණීමක් ලබා ගැනීමට කටයුතු කරන්න..

      Delete
    12. මා අසා සිටින දෙය පවසන්න.
      කරුණු කාරණා නැතිව පුරුදු විදිහට ප්‍රතිචාර දැක්වීමක් මා බලාපොරොත්තු නොවීය.

      කෘෂිකර්ම අමාත්‍යාංශයේ අමුත්තන්ට සංග්‍රහ කිරීමට තිබූ කෝප්ප-පිරීසි කුට්ටම පවා ගෙදර ගෙනියපු එස්. බී. ගේ අමාත්‍යාංශ්‍යයේ එකදු රාජ්‍ය දේපලක්වත් සොරා නොගෙන සියල්ල නැවත බාර දී අමාත්‍යාංශයකින් ඉවත්වීම එදා කිසිකෙනෙකුටවත් දරා ගැනීමට බැරි වූවා. අමාත්‍යාංශ බාර දුන් වහා චන්ද්‍රිකාගේ ජනාධිපතිනියගේ උපදෙස් මත ක්ෂණිකව ගේට්ටුව වසා අප නැවත කිසිවක් අමතක වී බාර දීමට පැමිණියෝත් බාර නොගන්නා ලෙස උපදෙස් දී තිබිණි. එසේ කරණු ලැබුවේ අප යම් යම් දේ සොරා ගෙන ඇති බව මාධ්‍ය හරහා පවසා මඩ ව්‍යාපාරය තදින්ම ගෙන ඒමටය. නමුත්, චන්ද්‍රිකාටවත් සොරකමකට ජවිපේ ගාවන්න බැරි විය.
      කීමට කිසිවක් නැති විට සුපුරුදු පරිදි සමහරු මැතිරූ වාක්‍ය පෙළකි ඔබ පවසන්නේ.
      ඔබ කියනා වැව් ව්‍යාපෘති කොන්ත්‍රාත් මොනවාද,
      වැව් තෝරා ගගත්තේ, කෝන්ත්‍රාත් දුන්නේ කෙසේද? මේ සියලු තොරතුරු අදටත් අමාත්‍යාංශයේ ඇත. එම ලිපි හදිසි ගිනි වලට අසු වූයේ නැත.
      ගමේ පුද්ගලයින් එක් කර සාදා ගන්නා, කමිටු, ග්‍රාම සංවර්ධන සමිති යන ආයතන ගැනවත් විශ්වාසයක් නැතිද? එවාට මුදල් ගලා ආවේ අදාල රාජ්‍ය ආයතන හරහා එකී පරිපාටිය මත බව ඔබ දන්නේ නැතිද? එජාපයේ හෝ සන්ධානයේ ඕනම කෙනෙකුට තවම ඒ තොරතුරු අවශ්‍යනම් සොයා බැලීමට හැකියාව ඇතැයි මා සිතමි.

      Delete
    13. @ ඇනෝ 7.17 Am......කවුරු මොනවා කිව්වත්...මම උඹත් එක්ක සීයට දෙසීයක් එකඟයි ඔය කියන දේවල් එක්ක.වර්තමාන තත්වය මම දැනට අමතක කරනවා මොහොතකට.... අපේ ඇමති සදාචාරයට නොහුරු වූ දේවල් උන් කරා. ඒවා වටිනාකම්. ඇමතිවරුන් නොකරන සමහර වැඩ,උන් කරනකොට අපේ දේශපාලන සමාජයට ඒවා අළුත් දේවල් උනා. ඒවා සාම්ප්‍රදායික ගොබ්බ දේශපාළුවන්ට රැඩිකල් වැඩිඋනා. හැබැයි ඒ වෙනකොට ඩිමොක්‍රටික් පූජාසන වෙච්ච රටවල්වලින් ලෝකය දැකපු මිණිස්සු ඒවා අනුමත කලා..

      අවාසනාවකට ජවිපෙ නායකයින් ඉන්පසු අපේක්ෂා භංගත්වයකට පත්වුනා. මම වගේ සිම්පතයිසර්ස්ලා ක්‍රමක්‍රමයෙන් ඒ නායකයින්ගේ තරමටමටම අපේක්ෂා සුන් කර ගත්තා. අමතන්න ඕන එතැන් වලටයි....තාමත් පරක්කු වැඩි නැහැ..අපි වයසයි....කෝ තරුණ සාමාජිකත්වය.....

      Delete
    14. ජෙප්ප ඇනෝ, උබ ඔය හැප්පෙන්නේ රනිල් අතඇරියත්, යූඇම්පිය අතහරින්නේ නැති පොරක් එක්ක. උබ ජෙප්පො ගැන දන්නවා උනාට මාතලං ගැන දන්නේ නෑ. පොරට මහින්දගේ හොඳක් පෙන්නෙම නෑ. උබලා ගැනත් එහෙමමයි. එත්, රනිල් පෙරාපු සූකිරි කැටේ. බලපං ඊලඟට දාන්නේ සෙක්ස් කතාවක් නෙමේද කියලා.

      Delete
    15. @ AnonymousNovember 14, 2013 at 7:17 AM

      //වැව් තෝරා ගගත්තේ, කෝන්ත්‍රාත් දුන්නේ කෙසේද? මේ සියලු තොරතුරු අදටත් අමාත්‍යාංශයේ ඇත. එම ලිපි හදිසි ගිනි වලට අසු වූයේ නැත.
      ගමේ පුද්ගලයින් එක් කර සාදා ගන්නා, කමිටු, ග්‍රාම සංවර්ධන සමිති යන ආයතන ගැනවත් විශ්වාසයක් නැතිද? එවාට මුදල් ගලා ආවේ අදාල රාජ්‍ය ආයතන හරහා එකී පරිපාටිය මත බව ඔබ දන්නේ නැතිද? එජාපයේ හෝ සන්ධානයේ ඕනම කෙනෙකුට තවම ඒ තොරතුරු අවශ්‍යනම් සොයා බැලීමට හැකියාව ඇතැයි මා සිතමි.//

      ප්‍රශ්ණයට උත්තරය ඔතන ඇත. මේ කමිටු මොනවාද යන්න ගමේ ඉන්නා සියල්ලෝ දනිති. මරු කමිටු. පානිය කියන්නේ ඕවාට තමයි. ගම්වල දුප්පත් මිනිස්සු අන්දලා ඉවරයි.. තවදුරටත් පැවත්මක් නැති නිසා ඕන් දැන් එක්කාසු වෙන්න යනවයි කියන්නේ. අපරාදේ විප්ලවේ.. අපරාදේ මරා දාපු කෙල්ලෝ කොල්ලෝ සෙට් එක. ඒත් ජෙප්පොත් ඉන්න ඕන. ඒ නිසා සමහර විට අපේ මනාපය ලාල්කාන්තට ලැබෙන්න ඉඩ තියෙනවා. ඒත් වෙනස් උනොත් පමණයි...

      Delete
    16. ප්‍රශ්ණයට උත්තරය ඔතන ඇත. මේ කමිටු මොනවාද යන්න ගමේ ඉන්නා සියල්ලෝ දනිති. මරු කමිටු. පානිය කියන්නේ ඕවාට තමයි. ගම්වල දුප්පත් මිනිස්සු අන්දලා ඉවරයි.. තවදුරටත් පැවත්මක් නැති නිසා ඕන් දැන් එක්කාසු වෙන්න යනවයි කියන්නේ. අපරාදේ විප්ලවේ.. අපරාදේ මරා දාපු කෙල්ලෝ කොල්ලෝ සෙට් එක. ඒත් ජෙප්පොත් ඉන්න ඕන. ඒ නිසා සමහර විට අපේ මනාපය ලාල්කාන්තට ලැබෙන්න ඉඩ තියෙනවා. ඒත් වෙනස් උනොත් පමණයි...

      Delete
    17. @ අරූ
      මචෝ උඹටත් කියන්න තියෙන්නේ. උන්ගේ සාර්ථක ප්‍රචාරාත්මක කළාවට අසුවු අහිංසක පුරවැසියකුය යන්න පමණයි.

      Delete
    18. //අපරාදේ මරා දාපු කෙල්ලෝ කොල්ලෝ සෙට් එක.//
      අන්න, අන්න මටත් පොටක්, කෝ මේ විකාරද අලුගෝසූ පප්පා. 71 හැංඟිලා ඉඳලා, 83 කලු ජූලියෙත් කෙලලා, 89 පංතියේ යාළුවන්ටත් කෙලිය, යුද්දෙට නැති කඩුවෙන් කොස් සහ රටේ මිනිසුන්ට කෙටුව ගාම්භීර නිලධාරියා. වේලාවට පැන්සෝන් ගියේ. නැත්නම් ෆොන්සේකා මහත්තයා තාම යුද්ධ කරනවා.

      Delete
    19. මාත් දන්න වැවක්නම් යස අගේට කෙරුනා. රු 500,000 ක් ද කොහේද ලැබුනේ. උන් වැඩිපුරත් එක්ක වැඩ පෙන්නලා කෙලවා ගත්තද මන්දා. වැව් කමිටුවේ හිටිය හාමුදුරුවෝනම් දැන් සාටකයට තමයි ජැක්. වාලම්පුරි හාමුදුරුවන්ගේ හැටි ඔහොම තමා. ජේවීපී එකේ වැඩ ටික නම් මාත් එකෙන්ම අනුමතයි.

      Delete
  6. අර අන්තිමටම කියපු එක අපේ විපක්ශෙට හරි විදියට මාතෘකාවක් කරගත්තනම් ගොඩයන්න තිබුනා

    ReplyDelete
  7. නගුට විසින් බල්ලා වැනීම නේද ඕකේ ටෙක්නිකල් ටර්ම් එක..?

    ReplyDelete
    Replies
    1. තමිල්ණාඩුව නමැති නැට්ට විසින්, ඉන්දියාව නමැති බල්ලා වැනීම

      Delete
  8. //අද ඉන්දියාවේ ප්‍රධාන පෙලේ සෑම මාධ්‍යයක්ම මේ තීරණය ගොන් තකතීරු අමනෝඥ තීරණයක් බව ප්‍රකාශයට පත් කර ඇත. අතීතයේ පටන් අසල්වාසි හිතමිතුරු රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව පිළිබඳ ගත් මේ තීරණය හේතුවෙන්, ශ්‍රී ලංකාව තව දුරටත් චීනය හා පකිස්ථානය වෙතට නැඹුරු වන බවට ඔවුන් පෙන්වා දී ඇත.

    අපට ඉන්දියාව වටිනවාට වඩා, ඉන්දියාවට ශ්‍රී ලංකාව බොහෝ සෙයින් වැදගත් රාජ්‍යයකි.//

    සම්පූර්ණ ඇත්ත. ලියන්ට හිටපු කමෙන්ට් එක මාතලියාම ලියලා...
    ලිවිල්ල නම් කියලා වැඩක් නෑ. :D

    ReplyDelete
  9. චෝගම් කියන්නේ කොටහළු මගුලක් වගේ දෙයක්. " කෝ මනමාලයා " කියලා ඇහුවට කිසිම කෙනෙක්ගෙන් උත්තරයක් ලැබෙන්නේ නැහැ... මට ඕක වෙලා තියෙනවා පොඩි කාලේ..

    ReplyDelete
    Replies
    1. මනමාලයා අද එනවා.. එයාගේ බොර්ත් ඩේ එකත් අදය කියන්නේ..

      Delete
  10. /සෝනියා ගාන්ධි නෝනාගේ නැන්දම්මාය/ //ඉන්දිරාට ගේම // මෙන්න මේ ටික මේකේ ස්ටයිල් එකට ගැලපෙන්නේ නෑ. පුළුවන් නම් ඒ ටිකත් අර උඩින් ලියපු වචන වලින්ම ලියලා දාන්න. මම දන්න විදියට ඔය සීයලාගේ පාලනේ ලංකාවට කැමැතියි ඔය ලලිතා අන්ටිලට වඩා. වැඩේ තියෙන්නේ හැම මගුලකටම ඔතන ඉන්න ජනගහනේ වැදගත් නිසා කරන්න දෙයක් නැති නිසා ඔහේ බකං නිලාගෙන ඉන්න සීයාට සිදු වීමය.

    ReplyDelete
    Replies
    1. දෙමල මිනිස්සු ඉන්න තවත් ප්‍රාන්ත තියෙනවා. ඒවල මෙහෙම අවුලක් නෑ.. ඡන්දයක් අත ළඟ නිසා මේ හැම දේම.. නමුත් අනිත් මිනිස්සු රජීව් මරපු එකට කැමති නෑ.. දෙමළ ජනතාවට කැමතිත් නෑ.. තමිල්නාඩුවට කැමතිත් නෑ..

      අර තැන් වෙනස් නොකලේ ගොඩක් දෙනෙක් ඒ අය ගැන නොදන්න නිසා...

      Delete
  11. මංනං මන්මෝහන් ගොයියට වචනයක්වත් කියන්න යන්නේ නැහැ... පහුගිය කාලේ හිටිය කාලකණ්නි ඉන්දියානු නායකයෝ හැට හුට හමාරක් අස්සේ මේ යකා රත්තරං... මේ මගුලට ආවා නාවා..මෑන්ගේ පුටුව පරිස්සං වෙලා තියෙනවනං ඒක වටිනවා කියන එකයි මට හිතෙන්නේ නං... වැරදිලාවත් ඔය යකා ඔය පුටුවේ නොහිට වෙන එකෙක් හිටියනං තාම අපේ යුද්ධේ ඇදෙනවා... කොටින්ම කිව්වොත් මටනං මේක පේන්නෙත් මහින්ද අයියයි රනිල් අයියයි අතරේ තියෙනවා වගේ හොඳ අන්‍යෝන අවබෝධයකින් කරගනෙ යන වැඩක් හැටියටයි... :D හා ආයේ පාරක් හිතලා බලලා කියහං බලන්න නැද්ද කියලා.. :D :D :D

    ReplyDelete
    Replies
    1. ඔතන මොකා හිටියත් ඒ වෙලාවේ අපිට උදව් කරනවා. හේතුව ඇමරිකාව ක්‍රියාන්විතයන්හිදි අපට උදව් කිරීම. ඒ වගේම චීනය හා පකිස්ථානය යුධ ආධාර වලින් උපකාර කිරීම. එහෙම කරන කොට ඉන්දියාඅට උදව් කරනවා ඇර වෙන කරන්න දෙයක් නෑ.. ඒත් අපේ හරක් ඒ හොඳ හිත දිගටම ගෙනියන්න සමත් උනේ නෑ. විශේෂයෙන් මේ වගේ ගොන් හරක් උඩඟු විදේශ ඇමතියෙක් ඉන්න කොට එහෙම වෙන එකත් පුදුමයක් නෙමෙයි. චොගම් එකෙන් පස්සෙ එලවනවයි කියලත් කතාවක් තියෙනවා..

      වෙච්ච දේවල හැටියට, එනවට වඩා නො එන්න තියෙන සම්බාවිතාව වැඩියි.. නමුත් මේකම හේතුවක් කර ගන්න පුළුවන් කාළකන්නි 13 සංශෝධනේ අහෝසි කරලා දාන්න..

      Delete
    2. විහිළුවක් වගේ පෙනෙයි සමහර විට.. ඒත් මං උනානං කරන්නේ හැරෙන තැපෑලට 13න අහෝසි කරලා ඒත් එක්කම ඉන්දියන් වාහනවලට එහෙම අර වැඩි කරපු බදු අඩු කරලා දානවා පටස් ගාලා... පස්සේ ඕනනං අවුරුද්දක් විතර යන්න ඇරලා බදුනං වැඩි කරන්නත් බැරියෑ...

      Delete
    3. බදු අඩු කරනවා නෙමෙයි බන්.. වැඩි කරන්නයි ඕන.. එහෙම නැත්නම්.. උන් සමුළුව බෝයිකොට් කලා වගේ... අර 88-89 කාළේ කලා වගේ උන්ගේ භාන්ඩ බෝයිකොට් කලාම හරි...

      Delete
    4. ම්හූ.. අඩු කරන්න ඕන... 13ට කෙලිය තරහා පිරිමහගන්න එක එතකොට ඉන්දියාවේ බිස්නස් කාරයෝ ටික නවත්ත ගනිවි අපූරුවට... ඉන්දියාව කියන්නේ තමිල්නාඩුවම නෙවෙයි නෙව... මෙහෙට ගහන ගමන්ම අනිත් පැත්තෙන් දුන්නට අවුලක් නැති දේ දුන්න ගමන් ඒ ඉගිය තේරුම් ගන්න පුළුවන් උන් නැති වෙන්න බැහැ.. අනිත් පැත්තෙන් එහෙම ටික කාලයක් හරි ආවම අඩ අඩ ඉන්නේ නැතිව අතේ තියෙන තුට්ටු දෙක දීලා මරුතියක්වත් ගන්න බලව් ඉන්න උන්ගෙන් ලකුණු ටිකත් වැටෙනවා... හරි සරලයි.. :D

      Delete
    5. එතකොට කොහොමද බන් ඉන්දියාවට දැනෙන්නේ. මට පේන්නේ උඹ මරූටියක් ගන්න බලාගෙන ඉන්නවා වගේ. පරණ ජපන් ලඩියක් ගත්තත්. මරූටී නම් ගන්න එපා සංසාරෙට..

      Delete
    6. උඹට එක්කෝ තේරෙන්නේ නැහැ..නැත්තං නොතේරුනා වගේ ඉන්න හදනවා.. :D

      මරුති... මයෙ බල්ලටවත් එපා ඔය විල් බැරැක්කේ...

      Delete
  12. මේකට 'මගුලක්' කියන්ට බෑනෙ මාතලන්...මේක හරියට රොටරි නැත්නම් ලයන්ස් ක්ලබ් එකේ කස්ටිය මාසෙකට සැරයක් කාගෙ හරි ගෙදරක දාන 'බූස් පාටියක්' වගේනෙ. :-)

    ලොකු අයියා ආවෙ නැතිඋනාට ඒ ගෙදර අනික් හැත්ත බුරුත්තම ඇවිල්ලා ඇති!

    ReplyDelete
    Replies
    1. ඒ වගේ ඒවටත් ඉතින් අපි කියන්නේ මල මගුල් කියලා නේන්නම්..

      Delete
  13. ඇත්ත ඇත්ත සම්පූර්ණ ඇත්ත.අපේ මගුල් ගෙදර දවසෙ අපි ආතල් එක ගන්න ඕනිය,
    වෙන එකෙක්ගෙ මගුල දවසට ඒකට කෙලින්නවත් ඒක තරම් පජාති එක තවත් නැතිය කියන්න නම් අපේ එවුන්ට සෑහෙන හැකියාවක් තියනවාය.මොක දීල හරි වෙන එන එවුන්ට පේන්න හරි අපිට මෙහෙම දෙයක් කරන්න පුලුවන් වෙච්ච එක ගැන මගේ හිතේ නම් සෑහෙන්න ආඩම්බරයක් තියනවාය.උන් ඉන්නකන් ඔය ටික ලස්සනට තිබිල හැඳි ගෑවිලා ගියත් මට කම් නැත.ඔය එන මහ එකාලාට මේ මානව හිමිකම් නැති පජාත රටේ එවුන් ගේ හැටි පෙන්වන්න වෙන විදිහක් නැතිය.මගුලට ආවෙ නැති උනාට කම් නැතිය.පුන්චි අම්මලා බාප්පලාගෙන් මගුලෙ විස්තරේ ආපු නැති කට්ටිය දැන ගන්නවාය හාර හාර අහනාවාය.මිනිස්සුන්ගෙ හැටි එහෙමය හරිම කියුරියස්ය..ආවෙ නැති උනාට කොහොමත් අවුලක් නැත මොකෝ වැඩේ එලකිරි වගේ වෙනවාය.

    ලියන විදිහ ඔහේටම ගැලපෙන්න ලියුවේය අවුලක් ගන්නේ නැති නම් හොඳය.තවත් මේ වගේ තිත්ත ඇත්ත සෑහෙන ගොඩක් ලියන්න බොක්කෙන්ම සුබ පතනවාය,

    ReplyDelete
    Replies
    1. මේ වගේ මගුල් ළෝකේ හැමතැනම නටනවාය.. ඒත් අන්තීමට වෙච්ච මෙළෝ දෙයක් නැත්තේය.. නටපු තොවිලෙකුත් නැත, බෙරේ පලුවකුත් නැතකියන්නේ මේවාටය. බෙරේ පලුවක් නැති උනත්, බේරේ ක්‍රවුන් හැදුනොත් මට නම් ඒ ඇතිය..

      Delete
  14. මම බැලුවා මොකද තවම පරක්කු කියලා. ඔය තියෙන්නේ ඒ පාර හොදම එකෙන්

    ReplyDelete
    Replies
    1. පරක්කි ඉතින් ගෙදර නිවිහැනහිල්ලේ ඉන්න වෙලාවක විතරනේ ලියන්න කියවන්න පුළුවන්..

      Delete
  15. කැනඩාවේ ලොකු අයියානම් තනිකරම කොළනියට බයේ පස්ස හැරවූයේය. එහාගෙදර ලොකු අයියානම් අපේ ලොක්කයියා එක්ක ගේමක් ගහගෙන ඉන්නා බව ලලිතක්කා නොදන්නේද යන්න ගැන මටත් හැකය. චුවින්ගම් එක කා තලපය විසිකල පසු මොක මොකා කකුලේ අලොගනිදැයි කියා අපි බලා සිටිමු

    ReplyDelete
    Replies
    1. ඕක තිබ්බා කියලා ලංකාව වත් ළෝකෙවත් වෙනස් වෙන්නේ නෑ.. අපිට ඉන්වෙස්ටර්ලා ටිකක් ආවොත් ඒ ඇති..

      Delete
  16. සමහර ජවුසං මුහුණු බැඳගෙන නටනවා....සමහරක් එව්වා බඳින්නේ නැතිව නටනවා. චොගම් කියන්නේ ඔය ක්‍රම දෙකම මිශ්‍රවූ ජවුසමක්. අවසානයේ වෙන්නේ වෙඩිං වීඩියෝ එකට වෙච්ච දේ තමයි. ටික කාලයක් යනකොට පොඩී එව්වෝ ඒකට උඩින් තව හින්දි බයිස්කෝප් එකක් රෙකෝඩ් කරලා.

    ඊයේ එංගලන්තේ 11/11/2013 ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තාකරනවා ශ්‍රීලංකා රජය බ්‍රිතාන්‍ය රජයේ කබ්බ මන්ත්‍රීවරුන් මේ චොගමට ගෙන්වගන්න කරපු නාස්තිකාර උත්සාහයන්. ඔවුන්ගෙන් සමහරක් පෞද්ගලිකව හමුවී......එක මන්ත්‍රීවරයෙක් කියනවා....ඔවුන් අපට "අවශ්‍ය ඕනෑම් දෙයක් " දෙන්නට පොරොන්දු වුනා ශ්‍රීලංකා රජයේ විදමින්, කෙසේ හෝ එන්න කියා. සමහරක් ඔවුන්ගේ මිතුරියන් සමග පෙරහුරුවක් ලෙස ඇවිත් ගොසින් තියෙනවා. එක්කෙනෙක් ඔහුගේ අනාගත සහකාරිය සමග එන්ගේජ් වෙලා තියෙන්නේත් ...අපේ රජයේ විදමෙන් ගෙන්න ගත්ත වෙලාවක. කොන්සවේටිව් පක්ෂය මේ ගමන් මේ සතියේ තහනම් කරා...

    ටෙලිග්‍රාෆ් යනු ලෝකයේ පිලිගත් පුවත්පතක්...මෙය මාධ්‍යවේදීන් කංඩායමක් විසින් කරන ලද ගවේශනයක ප්‍රතිපලයක්. මෙම පුවත්පතේ 6වැනි පිටුවේ ඔවුන් සමග අපේ තානාපති සමග ඡායාරූප තියෙනවා. මේ මංත්‍රීවරුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවාලු.....මේ සල්ලි කාගෙද????????? රෝහලකට බෙහෙත් පෙත්තක්?????????

    මේ කමෙන්ට් එක මේ විෂයට අදාල තවත් පෙස්ටුවක සටහන් කල බව සලකන්න.

    ReplyDelete
    Replies
    1. අවසානයේ වෙඩින් ෆොටෝ කාව කනවා. හා නැද්ද මම අහන්නේ.................
      අපේ රටේ එක්කෙනෙක් චුවින්ගම් විකුණනවා, අනිකා චෝගම් විකුණනවා.

      Delete
    2. මේ වගේ ළෝක මට්ටමෙන් තියන කොයි සමුළුවත් එහෙම තමයි. සමුළුවේ ඇජෙන්ඩා එක ඒක ඉවර උනගමන් ඉවරයි. අන්තීමෙදි තම තමන්ගේ ඇජෙන්ඩා එකට තමයි වැඩේ යන්නේ.. මේවා අර කොම්පැනි වල තියන කොක්ටේල් පාටි වගේ සීන්.. මොකෝ මහින්දට පුළුවන්ය මහ රැජිණි වෙන්න..

      Delete
  17. ඉන්දියන් කාරයෝ කියන්නේ කොහොමත් ගුණමකු සක්කිලි ජාතියක් මෙහෙ ඉන් එවුන් දිහා බැලුවම පේන්නේ නැද්ද........? වැඩේ තියෙනෙන් අපේ මහා එකා උගේ රෙද්දවල් අස්සේ දෙකට නැවිලා රිංගන එකයි

    ReplyDelete
    Replies
    1. අපිත් ඒ වගේ ඇත්තේ ඒ නිසා වෙන්න ඇති. අපිත් ආවේ ඉන්දියාවේ ඉඳලනේ..

      Delete
    2. අපි කොහෙද බං ඉන්දියාවෙන් ආවේ? ඉන්දියාවට ටිකක් පහළීන් කිව්ව නං වරදක් නෑ

      Delete
  18. ඔය චුයිංගම් එක හින්දා. ලෙක්චරසුත් නෑ. සැක් අපරාදේ අළුතෙන් ආපු නංගි. එයාව බලන්නත් නැ. අදෝමැයි..

    ReplyDelete
    Replies
    1. ආදරේ වටිනාකම වැඩිවෙන්නේ එහෙම නොදැක ඉන්න කොට තමයි.. මම නම් නෙවේ කිව්වේ, රුවන් හෙට්ටිආරච්චි කියලා එකෙක්.. ඌ කියනවා..

      "නොදැක ඉන්න බෑ.. මට නම්... මගෙ ආදරී......

      Delete
  19. මාතලන්ගේ අක්කගේ මගුල් ගෙදරට නම් මාතලන්ගේ ගේ දොර පමණක් නොව යට කලිසම විකුණා හෝ පාටි දැම්මට අපට කමක් නැත, මේක එහෙම නොවේය. චෝගම් පෙන්වා මුන් රට සූරගෙනම් කන්නේය. අම්මා හෝ විකුණාගෙන පාටි දැම්මාට කමක් නැතැයි මාතලන් සිතුවාට බහුතරයක් එසේ සිතන්නේද නැත.
    දැන් ලංකාවේ වෙන්නේ දියේ ගිලෙන්නට ගිය කෙල්ලෙක් බේරා ගෙන ගොඩට ගෙනැවිත් ඒ කෙල්ලව වටවෙලා දූෂණය කරනවා වගේ වැඩක්ය. ශිෂ්ට සමාජය ඒවා සලකන්නේ මනුෂ්‍යත්වට එරෙහි අපරාධ ලෙසය. චීනය මේ ඊයේ පෙරේදා ආයෝජකයන් රවටා මුදල් වංචා කල කාන්තාවකට මරණ දඩුවම දුන්නේද ඒ නිසාය. එනම් රටට ද්‍රෝහී වීම අම්මා විකුණන් කනවාටද වඩා බරපතල වරදක් නිසාය.
    එහෙත් මාතලන්ලා වගේ හිතන එවුන් සුළුතරයක් අද අපේ රටේ බහුතරය සේ පෙනෙන ලෙස හැසිරෙන නිසා ( මාධ්‍ය සංදර්ශන මගින්) පාලකයන් රිසි සේ අපගේ සදාදරණීය ලක් මෑණියන් සිතු සේ සාමුහික දූෂණයට ලක් කරමින් සිටි.
    ප්‍රබාකරන්ට පොරෝ පාර දුන් වීරයන් එකෙක්වත් අද ලක් පොළොවේ නැත. උන් වටපදයන්ගෙන් ගුටි කා පොන්න වෙස් ගෙන මමම කෙලවා ගත්ත යි කියයි.
    අත්අඩංගුවට ගත එවුන් මරා දමන්නට තිබුනා වූ පෞර්ශත්වයට වඩා ඇති විසාල වූ පෞර්ෂත්වයක් හා මානව දයාවක් ඔවුන් වෙත ජීවිතය දෙන්නට තිබිය යුතු බව මාගේ වටහා ගැනීමයි .
    එක තැනකදී වීරයෙක් වූ එකා තව තැනකදී පොන්නයෙක් වෙන්නේ ඒකා දුබලයා ඉදිරියේ සිංහ වෙස් ගත නරියෙක්ම මිස වෙනෙකෙක් නොවෙන බව නොවේද.
    කවුරුන් හෝ පාරේ රිව්වාම , මාතලන්ට පාරේ දුව දුව රෙන්න පුළුවන් කියා මාතලන් සිතනවාද දන්නේ නැත. එහෙත් ඇත්තම නම් රෙන්න කක්කුස්සි තියෙනවාය.
    මානව හිමිකම් කියන්නේ අති උතුම් මානව අයිතිවාසිකම්ය. ඒවා නොරකින ඒකා වනචාරි එකෙක්ය. කොහේ හරි එකෙක් මානව හිමිකම් කඩ කරා කියා අපිටද මානව හිමිකම් කඩ කිරීමට ලයිසන් ඇති සිතන්නට පුළුවන් මාතලන් ලා වාගේ හිතන එවුන්ට විතරය. ඒ කියන්නේ වැටී නිදන්නට තියෙන ඉඩම් කෑල්ල විකුණා මගුල් කන්නට හිතන එවුන්ටය.
    අනෙක් කරුණ මාතලන් ලොකු අය්යා මහා වීරයෙක් ලෙස හිතා හිටියාට පොරත් රට පොන්නයෙක්ය. අද රට පාලනය කරන්නේ ලොකු අය්යා නොවේය . අද රට පාලනය කරන්නේ ගෝටා මල්ලිය මල්ලිට බය නිසා ලොකු අය්යා මල්ලි කරනා සියලු පාජති වැඩ ඉවසා සිටි. හැබැයි මල්ලිත් වීරයෙක් නම් නොවේය යුද්දෙට බයේ පැනල ගිය , රටේවත් නොහිටි පෙට්‍රල් ෂෙඩ් එහෙක පෙට්‍රල් පොම්ප කරපු එකෙකි.
    සැබෑ වීරයා සරත් ෆොන්සේකාය. එහෙත් අපේ රටේ එවුන්ට සැබෑ වීරයා හදුනාගන්න බැරිය . ඒක රටේ අවාසනාවය . අපි 1948 ඉදන් අද දක්වා අසමත් රටක් වී ඇත්තේද ඒ නිසාය. .

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකා ආවත් ඔහේලා කියන්නේ මේ බයිලාවමය. 1948 ඉඳලාම ඔහේ වගේ උන් ගහන්නේ මේ බයිලාවමය. මැරෙන තුරා ගහන්නෙත් ඔය බයිලාවමය..

      ෆොන්සේකා ආවත් කරන්නේත් මේ ටිකමය

      රනිල්ද, කරූද, සජිත්ද කරන්නේ මේ ටිකමය.. නොදන්නා උණහපුලුවෙකුට වඩා අපට දන්නා යකා හොඳය..

      නමුත් මේ අප පතනා ළෝකය නෙමේය..

      Delete
    2. එක්තරා ගමනාන්තයක් සඳහා පාරවල් දෙකක් ඇත. මෙයින් එක් පාරක මාතලන් ගොයියා යයි, අතරමඟදී අලි රංචුවක් මුන ගැසේ. එතනනින් බේරී ගමානාන්තයට ඇවිත්, මාතලන් ගොයියා තමන් ආ ගමන ගැන කෙනිජිට මෙසේ කියයි.

      "අප්පා, බොලන් කෙන්ජියෝ. මම වෙලාවට දකුණු පැත්තේ තිබුණ පාරෙන් ආවේ. එකේ අලි රංචු රංචු දිගටම හිටිය. වමට තිබුණ පාරෙන් ආවනම් එකේ කොටිත් ඉදිවිද දන්නේ නෑ. මචං කෙන්ජි මේක තමා නියම පාර. එකේ අලි හිටියත් අපි දන්න පාර හොදයිනේ බොල. එත් ඒක මම කැමති පාරකුත් නෙමේ."

      Delete
    3. අනේ බොලව්....ෆොන්සේකා වීරයකු බව මම අවිවාදයෙන්ම පිළිගනිමි.ඒත් වැරැද්ද ඇත්තේ එතන නෙවීය.ගෝටා මල්ලී නැත්නම් සරත් ෆොන්සේකා ගැන කවර කතාද?ඔහු හමුදාපති හැටියට පත්කලේ නැතිනම් ඔබතුමා තියා වෙන කවරකුවත් ඔහුව දනීද?මුල අමතකවීම සිංහලයාට ඇති ලොකුම වරදකි.....දන්න යකා නොදන්න යකාට වඩා කොහොමත් හොදය.....දන්න යකා නිසා පාරවල් ටිකවත් හැදුන එක බස් වල ගාටන,දුර ගමන් යන අපි වගේ අයට ඉතා වටී...
      මෙහි කිසිම දේශපාලන අදහසක් නොමැති බව කරුණාකර වටහාගන්න...මම මැදිහත් අදහස් කරුවෙක්මි

      Delete
    4. #මල් මල් අඩවිය
      ඔබ කියන අයුරින්, ෆොන්සේකා පත් කරනු ලැබුවේ, ගෝඪාය. ගෝඪා පත් කරනු ලැබුවේ ජනාධිපති මහින්ද මහතායි. මහින්ද පත් කිරීම සඳහා වැඩ කලේ ජවිපෙයි.
      තවත් දිගටම යනවානම් ජනතාව දක්වා ගිය හැකියි.
      //මුල අමතකවීම සිංහලයාට ඇති ලොකුම වරදකි// මල් මල් අඩවිය පාඨකයාත් සිංහලයෙකි. ඒ නිසා ඔහුගේ කියමන ඔහුටද අදාල වේ.

      මෙහි කිසිම දේශපාලන අදහසක් නොමැති බව කරුණාකර වටහාගන්න...මම මැදිහත් අදහස් කරුවෙක්මි

      Delete
    5. @ මල් මල් අඩවිය.
      #දන්න යකා නිසා පාරවල් ටිකවත් හැදුන එක#

      මේ සමඟ කරන අතිශය නාස්තිකාර මුදල් (කොමිස්, ගසා කෑම, දොලපිදේනි) පියවනුයේ ඔබේ සාක්කුවෙන් පමණක්නම්, මා ඔබට සුභ පතමි.
      සැලකිය යුතුයි. ව්‍යාපෘතියට යන සත්‍ය මුදල ජනතාව ගෙවනවා කියා උපකල්පනය කරන්න. ඔබට ඇත්තේ නාස්තිකාර වියදම පියවීම පමණයි. මන්ද, ඒ ඔබේ ස්වර්ණ රාජ්‍යයේ යකා නැටුමකි.
      දැ. ගැ. පි. යක්කුවගයක් ඉස්සරත් පාරවල් හැදුවා. එත් අද තරම් යකා නැටුවේ නෑ.

      Delete
    6. @මල් මල් අඩවිය
      කෙලින්ම කියහං බං මම මහින්දගෙ ඇට දෙක ලෙව කමි කියල.
      කව්රැ හරි උඹය කිව්වද ඇට ලෙවකන්න එපා කියල?
      මෙහි කිසිම දේශපාලන අදහසක් නොමැති බව කරුණාකර වටහාගන්න...මම මැදිහත් අදහස් කරුවෙක්මි.

      Delete
    7. @ මල් මල් අඩවිය.
      මල් මල් අඩවියෙන් පොළවට බැස ඉහත ඇනෝ කොමන්ට් දෙකම කියවන්න ඔබට ආරාධනා කරමි.

      Delete
    8. @ මල් මල් අඩවිය.
      කුණු හරුප නැතිනම් පරුෂ වචන කියූ පමණින් ඔබගේ මතය සනාත වෙනවා කියා සිතීම ඔබට පමණක් සිතෙන දෙයකි. ඔබ AnonymousNovember 13, 2013 at 6:37 AM කොමන්ටුවද දැක්කේ නැතිද?

      මෙම කොමන්ටුව සහ
      AnonymousNovember 13, 2013 at 6:28 AM
      AnonymousNovember 13, 2013 at 6:37 AM
      AnonymousNovember 13, 2013 at 8:01 PM
      කොමන්ට් මා යෙදූ ඒවායි.
      ඒ පිළිබඳව අවශ්‍ය ඕනෑම කෙනෙකුට විරෝධයක් ඇතිනම් අදහස් ඉදිරිපත් කළ හැකියි.

      Delete
  20. එක් ප්‍රාන්තයක එක් ජන කොඨ්ටාසයක ජන මතය (එයද සාමාන්‍ය වැසි‍යන්ගේ නොව) හේතුවෙන් මුලු මහත් රටකටම බලපාන තීන්දු තීරණ අන්තනෝමතික ලෙස ගැනීම වැරදයි. කොහොම උනත් සිං පප්පාටයි සෝනියා ඇන්ටිටයි ගාන්ධි පැටියටයි අනිවා මේ පාර චන්දෙන් ඇන ගන්න වෙනවා කියන එක නම් 100%ක් පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. චුවිංගම් එකට ආව නම් ඇනගනෙ නැද්ද මචං?

      Delete
    2. කොහොමත් කන එක කනවා අනිවාර්යයෙන්ම. අපේ වගේ හරක් නෙමෙයිනේ එහේ ඉන්නේ.. අනික මේ වගේ මළ විකාර ඡන්ද ක්‍රමයකුත් නෙමෙයිනේ තියෙන්නේ..

      Delete
  21. ඔය චුවින්ගම් එකට නම් කැමතිම නැතිය..
    99% හම්බ ගප්පි හිගන්නෝය..
    ඒ ගප්පි හිගන්නෝ 99% අපේ ලොක්ක එක්ක ගහපු පින්තුර පෙන්න පෙන්න එයාලගෙම ජනතාවට කෙලින්න ආපු තොගයක්ය ....
    මට දුක ලොක්ක කට පාඩම් කොරෝල පොඩි දරුවට කියල හිගන කන්ට්‍රිවලින් පාසල් වලට උදව් ඉල්ලපු එක...

    ReplyDelete
    Replies
    1. කෙන්ජිගේ වැඩ කිඩ.

      http://kathandara.blogspot.com/2013/11/stretching-your-dreams-further.html?showComment=1384236712060#c6448937199240385016

      Delete
    2. හැම තිස්සෙම ලොක්ක ගෙන්ම ඉල්ලන නිසා.. ලොක්කා කියන්න ඇති.. උන්ගෙනුත් ඉල්ලපිය කියලා.. මොකෝ ඇමතියගෙන් ඉල්ලන්න කියලය.. ඕන නම් ගොම් බෙට්ටක් ඉල්ල ගන්න පුළුවන්...

      Delete
  22. දකුණු ඉංදියාවේ දේශපාලන න්‍යාය පත්‍රය , සමස්ථ ඉංදියාවේ දේශපාලනයටම බලපානවානේ...අපේ ආන්ඩු උතුර නොසලකා දේශපාලන තීන්දු ගත්තාට, ඉංදියාව තීරනගන්නේ උන්ගේ ජාතික ප්‍රතිපත්ති මත පිහිටලා. උන්ගේ බුද්ධි අංශ අපේ එව්වන්ට වඩා ක්‍රමවත්. අනිත් එක ඉංදියාව කවදාත් තීරන ගත්තේ ඔය කියන ගාන්ධි-බංඩාරනායක ෆ්‍රෙන්ඩ්ශිප් තියරි එකේ ඉඳලා නෙමෙයි. උන්ගේ ජාතික අවශ්‍යතාවය මත පිහිටලා..පරිප්පු වරුසාව මතකයිනේ ඒ කාලේ.

    ReplyDelete
    Replies
    1. ඒක පිලි ගන්න නම් අමාරුයි.. එහෙමනම් මචෝ, යුද්දෙට ෆුල් බැක් කලේ කොහෙමෙයි. ඒක නෙමෙයි ඊළඟ ඡන්දෙ තියනකන්වත් ආන්ඩුව ඇදගෙන යන්නේ පට්ට අමාරුවෙන්. අනිත් ඔක්කෝම ප්‍රාන්තවල ජනතාව කොන්ග්‍රස් එකට විරුද්ධ උන් අප් කරන්නේ.. ඕන බලාපන් තමිල්නාඩුවෙනුත් කන කෑම..

      Delete
  23. තමිල්නාඩුව වෙනම රජයක් පිහි‍ටුවාගත් දවසක (if and when) කොහොම තියෙයිද!

    ReplyDelete
    Replies
    1. ඩූඩ්.......ඔන්න ඔය තත්වය මතුවෙනවාට අකැමති නිසා තමයි ඉංදියානු මධ්‍යම ආන්ඩුව නිතරම තමිල්නාඩු ජනමතය ශේප් එකේ තියාගන්නේ...(ලෝක් සභා බලය තබා ගැනීම සඳහා කරන සෙල්ලමට අමතරව ) ඒ තමයි දේශපාලන බුද්ධිය මෝරපු එවුන්ගේ හැටි.

      මේ මම ඇනලයිස් කරන හැටි..වැරදි වෙන්න පුළුවන්.

      Delete
    2. ඒ නිසා වෙන්න ඇති අද හැන්දෑවේ, තමිල්නාඩුවේ ඉඳිකළ වෙල්ලමුල්ලිවෛක්කාල් මහා ස්මාරකය පොළොවට සමතලා කරලා තියෙන්නේ..

      Delete
    3. http://www.ndtv.com/article/south/portion-of-memorial-built-in-honour-of-tamil-martyrs-in-sri-lanka-demolished-445634

      Delete
    4. මාතා......මම කියන්නේ මේ සීන් එක ඩ්‍රාමා එකක්. සුමානෙකට ඉස්සෙල්ලා ඕපන් කරපු එක ඊයෙ කඩන්නේ මොකද? නැදුමරන්ගේ දේශපාලනයයි..තමිල්නාඩු ප්‍රාන්ත දේශපාලනයයි එකක් නෙමේ දෙකක්. උන්ගේ හඬට සවන්දී මෙහි නොපැනීම තුලින් මන්මෝහන් සිං ලබපු නෙගටිව් ස්කෝර් එක බැලන්ස් කරන්න,, මම නොපැමිනියේ කොටි හඬට යටපත්ව නොව....කියන පනිවිඩය දෙන්න කරපු ජිමික් වෙන්න බැරි නැහැ. ඊට අමතරව එතන නීතිමය කතාවකුත් තියෙනවා නේද? ඒ විරෝධතාවයට වැඩිපුර ඔක්සිජන් ලැබෙන එකක් නැහැ. ඕක තමයි ඉංදියානු දේශපාලනය.

      Delete
    5. මාතා..."ඕක තමයි ඉංදියානු දේශපාලනය" කියන එක" ඕක තමයි දකුණු ආසියාවේ දේශපාලනය" කියලා වෙනස් වෙන්න ඕන.

      Delete
    6. @ ඩූඩ්

      ඉන්දියාවේ මහ ආන්ඩුව ඒ දේ කවදාවත් වෙන්න දෙන්නේ නෑ.. උනොත් නම් ඉතින් අපිට වෙන්නේ මහ මුහුදට පනින්න තමයි..

      @ අරූ

      සම්පූර්ණයෙන් එකඟයි

      Delete
  24. සියල්ල බලා සිටිමි.අදහස් පලකිරීමට තරම් තොරතුරු පිළිබඳව මා සතු දැනුම ප්‍රමාණවත් නොවේ

    ReplyDelete
  25. අපොයි ඔය ලොකු අයියා ගැන කියලා වැඩක් නෑ...ඕකුන්ට දැනෙන්නත් එක්ක අපි ඔහෙන් වැඩිපුර ගේන ආනයන බඩු ටික වෙන තැනකින් ගේන්න තීරණය කිරීම මහාචාර්ය මා තලන් දකින්නේ කුමන කෝණයකින්ද ?

    ReplyDelete
    Replies
    1. අපිට උන්ට රිද්දන්න නම් සෑහෙන අමාරුයි.. අනික එහෙම තීරණයකට යන එකක් නෑ.. මේ වෙනකන් ගත්ත තීරණ නිසා තමයි මෙහෙම වෙන්නෙත්..

      Delete
  26. "අපට ඉන්දියාව වටිනවාට වඩා, ඉන්දියාවට ශ්‍රී ලංකාව බොහෝ සෙයින් වැදගත් රාජ්‍යයකි"

    සම්පූර්ණ ඇත්ත....

    ඇත්තටම බලනකොට මේ චෝගම් එකේ තියෙන රටවල් ගැන බලපුවාම රටවල් කිපයක් ඇරෙන්න අනික් ඒවා හිඟන්නගෙ පාත්තරේට හෙනහුරා වැටුන ගානට තියන රටවල්.බලන් ගියාම හිරු නොබහින අධිරාජ්‍ය තමන්ගෙ බලය පැතිරූ සමයේ ඒ රටවල් පැදුරෙනුත් බිමට වට්ටලනේ....

    හැබැයි ඉන්දියාව ආව නැත්තෙ හොඳකටනම් නොවෙයි පුතෝ ... බඩු බනිස්... අයෙත් පරිප්පු කන්න වැඩක් සෙට් කරයිද දන්නෑ ලොකු අයියා...

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් එයාලට කරන්න අමාරුයි, ලංකාවේ මේ සෙට් එක බලේ ඉන්නකන් නම්.. නමුත් අනාගතේ නොවෙයි කියන්නත් බෑ.. හැබයි ත්‍රස්ථවාදී ආක්‍රමණයක් නෙමෙයි.. වෙගවත් ආර්ථික ආක්‍රමණයක්..

      Delete
  27. ''අපට ඉන්දියාව වටිනවාට වඩා, ඉන්දියාවට ශ්‍රී ලංකාව බොහෝ සෙයින් වැදගත් රාජ්‍යයක් වන්නේ ඇයි''

    කියලා හෙඩිම දාලා පෝස්ට් එකක් ලියුවොත් නරකද මාතේ

    ReplyDelete
    Replies
    1. වෙලාවක් තිබුනොත් ලියන්නම මචෝ...

      Delete
  28. මනමෝහන වූ මෝඩ පොරක් දෝ සිං සීයා සිං සීයා
    -----------------------------------------මේ ප්‍රචාරක දැන්වීමකි------------------------------------------
    ශර්මා එයි, සිංග් නැත

    -------------------------------------------------------ස්තුතියි!-------------------------------------------

    ReplyDelete
  29. මතකද පසුගිය ලෝක කුසලාන අවසන් තරඟයේ ටිකට් හුටපටයක් වෙලා වෙච්චදේ?ඒ වාගේ මට නම් හොදටම ශුවර් චොගම් ඉවර වුණ ගමන් මරුටි,ටාටා,මහේන්ද්‍රා මෙකී නොකී ඉන්දියන් භාණ්ඩ සෙර්ටම ටැක්ස් වැඩි කරයි පලිගැනීමක් වශයෙන්.(ඒකෙනුත් කෙ වෙන්නේ අපටමයි)

    ReplyDelete
    Replies
    1. නොගෙන උන්නහම ඉවරනේ... 88-89 කලා වගේ...

      Delete
  30. //අතීතයේ පටන් අසල්වාසි හිතමිතුරු රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව පිළිබඳ ගත් මේ තීරණය හේතුවෙන්, //

    ඔය ගතිය රාම, රාවණා කාලේ දක්වාම දිවෙනවා මාතලන්.. දකුණට බය උතුර එදාත් ඉන්දියාවෙ තිබුන කියල තමා කතාව..

    ReplyDelete
    Replies
    1. ඒ බං සුරංඟනා කතාවක්නේ.. හොඳ වෙලාවට හැරි පොටර් පොත්වල ලංකාව ගැන සඳහනක් නැත්තේ...

      Delete
  31. ලොකයේ වැඩියෙන්ම උගත් නායකයෙක් ප්‍රාන්තයකට නැමුන එක තමයි ප්‍රශ්ණේ.. හැබැයි ඉතින් ලබන අප්‍රේල්ද කොහෙද ඡන්දෙකුත් තියෙන හන්දා එහෙම වුනා වෙන්නත් බැරි නෑ..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ප්‍රධානම හේතුව...

      Delete
  32. මම මේ දැන් දැක්කා BBC එක දීපු අළුත්ම නිව්ස්. චැනල් 4 පැත්තකට දාන්න. ආන්ඩුව BBC එකත් වාදයකට පටලගත්තා උන්ගේ කැමරාකාරයින්ව බ්ලොක් කරලා. උන් අපේ මාධ්‍ය නිදහස ප්‍රසිද්ධියේ ප්‍රශ්ණ කරනවා. ඒ නිව්ස් එක කොළඹ ඉඳන් මේ දැන් ලෝකයටම බෙදුවා. මේක හරි අසතුටුදායක නිව්ස් එකක්. ඒ අතර අද පත්තර කියනවා මොරිශියස් රාජ්‍යය නො එන්න තීරණය කරන්න යනවා කියලා .ඒ රටේ සියයට දහයක් ඉන්නේ ද්‍රවිඩයෝ.

    චෝගම් එක අපිට පාරාවලල්ලක් වෙනවා...නවත්තන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඉල්ලං කනවා, ඇඳගෙන නානවා, හත්පොලේ ගාගන්නවා කියන්නේ මේවට තමයි..

      Delete
  33. //අපට ඉන්දියාව වටිනවාට වඩා, ඉන්දියාවට ශ්‍රී ලංකාව බොහෝ සෙයින් වැදගත් රාජ්‍යයකි//

    මේ සිද්ධවෙන හැම දෙයින්ම පේන්නේ එහෙම නොවෙන බවයි... තර්කානුකූලව බැලුවත් එහෙම වෙන්නෙ නෑ.

    මන්මෝහන් සිං නො එන්නේ කොටි සම්බන්ධ සෘජු කාරණයක් නිසා නෙවෙයි. එහෙම නම් ඉන්දියාවට ඒ ගැන අපිට බලපෑම් කරන්න තිබ්බේ යුද්දේ අවසාන කාලයේ. ඉන්දියාව ඒ අවස්ථාවෙදි තමිල්නාඩුවෙන් ඇති උණ විරෝධතා මැඩ පැවැත්වූවා. සමහර නායකයන් අත් අඩංගුවට ගත්තා. මම නම් හිතන්නේ යුද්ධයෙන් පස්සේ ලංකාවේ හැසිරීමට තමයි මේ විරෝධය.

    ReplyDelete
    Replies
    1. ඒහත් එක හේතුවක්.. ඒත් ප්‍රධාන හේතුව ඒක නෙමෙයි.. අප්‍රේල් වනකන් බලයේ සිටීම..

      Delete
  34. මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ අගමැති වුනානම් මොන බලල කිව්වත් ලංකාවට එන එක නවත්තන්නේ නෑ. එහෙම වුනානම් එයාට කවුරුවත් එන්න එපා කියන්නෙත් නෑ. එහෙම වුනානම් එන නඩේ ඉදිරියෙන්ම ඉන්නේ ජයලලිතා. මන්මෝහන් ට රාජපක්ෂගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේ.

    ReplyDelete
    Replies
    1. අපේ ගොඩක් උන්ට නොතේරන දේ ඔන්න ඕකයි.. ලීඩර් කෙනෙක් කියන්නේ ඒකයි..

      Delete
  35. \\\\එයා මේ හත් ගව්වක් දුර ඉන්න, අපේ පුක හෝදන්න එනවාට වඩා, පල්ලෙහා ගෙදර ඉන්න එකාගේ පුක හොදන්න යනවා නම්, බොහෝ හොඳය. මොකෝ, පල්ලෙහා ගෙදර එකා, රීලා නාගෙන තියෙන්නේ, අපි වගේ නොවන නිසාය.\\\\\

    පල්ලෙහා ගෙදර එකා තරම්ම නැතිඋනත් අපිත් රීලා නාගෙන තියෙනවා කියල මාතලනුත් පිලි ගන්නව. ඒ ටික හෝදගන්නෙ නැතුව "ඔන්න උබට රීලා, හෝදගනින්" කියල පෙන්නන එකාට පලුයන්න බැනල වැඩක් තියෙනවද "යකෝ උබලගෙ පහළ ගෙදර එකාටත් රෙවිලා තියෙන්නෙ. උබ ඒවා බලාගනින් කියලා". දැන්වත් හෝදගත්තෙ නැත්තම් පනුවෝ ගහන්නේ අපිවමය.

    චුයින්ගම් එකනම් හරියට පුකමහලා බඩයන්න බෙහෙත් දුන්නා වගේය. පුක මැහැව්වේ ප්‍රබාකරන් මිනීමරුවා හා අපේ දේශපාලක්යින්ය. චුයින්ගම් එක මෙහෙ තියන්න කියා බඩයන්න බෙහෙත් දුන්නේ ලොකු අයියාය. දැන් කරන්න දෙයක් නැත. ලෙඩා මැරෙනබව හොදටම ශුවර්ය.

    ReplyDelete
    Replies
    1. ත්‍රස්තවාදය කියන්නේ ජරා දෙයක්. ඒකයි කක්කා වලින්ම උපමා කලේ. මෙහේ වැරදී නූනයි කියලා මම කිසිම තැනක කියලා නෑ.. ඒ අසාධාරණයන් වෙනුවෙන් පෙනී ඉඳලත් තියෙනවා.. ඒත් කැනඩාවට මොකක්ද තියෙන අයිතිය අපේ මානුෂික අයිතිවාසිකම් ගැන කතා කරන්න.. එහෙම කතා කරන්න පුළුවන් රටවල් කීපයයි තියෙන්නේ.. කැනඩාවත් ඉරාකෙට හමුදාව යවපු රටක්..

      අන්තීමට කියලා තියෙන දේ නම්.. සැබෑ නොවන සිහිනයක් පමණයි...

      Delete
    2. මානුශික අයිතිවාසිකම් ගැන නම් කැනඩාව පමනක් නොවෙයි මුලු ලෝකෙම කතා කරනවානම් හොදය. මොකද මානුශික අයිතිවාසිකම් නැත්තම් වැඩියෙන්ම බැට කන්නේ, ඔබද මාද ඇතුලු දුප්පත් අපිමය.

      අන්තිම දේ සැබෑ නොවන හීනයක්ම වේවායි යන්න මගේද එකම පැතුමය. නැත්තම් මේ ආණ්ඩුවට ජන්දෙ දීමෙන් මටද, වැරදි කාරයෙක් වීමට සිදුවන බැවිනි.

      Delete
  36. කොමන්ටුවක් දාන්න, ලිපිය කියවන්න එනවිට පෙරහැර ගිහින් අවසන්. චෝගම්ද දැන් ඇරඹිලා. චෝගම් හුලං පෙත්ත තවත් වසර ගනනාවක් අපේම මිනිසුන්ට කරකවන්න වෙයි. අවසානයේ සියල්ල සතුටින් විසිර ගියහ කියා, 2014 වසරටත් අය-වැය (අය නැති) හිඟය පියවන්න ජනතාවට සැරසෙන්න සිදුවේවි.

    ReplyDelete
    Replies
    1. චෝගම තිබුනත් නැතත්.. කොහොමත් කන පරිප්පුවනේ...

      Delete
  37. උන්දෑ ආවේ නැතුවට මක් වෙනවද..? අපේ කට්ටිය චෙන්නායි එක්ස්ප්‍රස් සින්දුවක් දාලා ලෝකේ එක්කම නටලා වැඩේ ඉවරකලානේ

    ReplyDelete
    Replies
    1. දැන් කන්න බැරුව ඇති වැඩේට.. කැමරනො ෆෝම් කරලා එව්වත්. එයැයිටත් දුන්නා නෙ අපොරි හැලෙන්න..

      Delete
  38. කැමරන් මහත්තයගෙ මාධ්‍ය සාකච්ඡාව කොහොමද, මාධ්‍ය වේදියො දොළහකට ප්‍රශ්න අහන්න අවස්ථාව දුන්නලු, දොළොස් දෙනාම දෙමළු, දේශීය මාධ්‍යෙව්දියො ටිකට දීලා තිබුණෙ ඈත කොණක පුටු ටිකක්ලු...කැමරන් මහත්තය මාධ්‍ය සාකච්ඡාව තියල යද්දි අපේ මාධ්‍ය වේදියෙක් ඇහුවලු...මේකද තමුසෙලගෙ ප්‍රජාතන්ත%වාදෙ කියල..ඒත් අපේ උන් පශ්චාත් භාගෙ දික් කරගෙන තවම යනවනෙ...කැමරන් ලොක්කව තරහ කරගන්න බැරි...අපේ ඔය ලොකු ලොකු මැටි ඇමටිවරැන්ගෙ....අත්ත පනත්ත, මුණුබුරෝ, මිණිබිරියෝ ඔක්කෝම පදිංචිය, ඉගෙන ගන්නෙ කොරන්නෙ එහෙම සුද්දගෙ රටේ හින්ද...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න