.

.

Nov 7, 2013

වරෙව් යන්න මා...ත් එක්ක, කන්න බොන්න කඩේ... යන්න.... - Ride with Wimal Weerawansa


 මේ ගීතය, අපේ ඩැඩී බෑන්ඩ් එකේ, "ජීවත් වෙන්න...." ගීතයේ තාලයට ගයා ආතල් එකක් ගන්න..
 
වරෙව් යන්න මා...ත් එක්ක,
කන්න බොන්න කඩේ... යන්න....
විප්ලවේ කචල්, ධනවාදෙට යං බං, ඔළුවෙන් හිටගෙනම....


සතයක් වත් නැතිව, ආ..වේ හොඳට හිතට ගන්න,
සල්ලි නිසා.. බත් බැලයෝ මරා..ගෙන, රන්ඩු කරා..ගෙන,
ජීවත් වෙන අය, ගැන හිතුවා., දැනගත්තා., කළකිරුනා........
බඩට බතක් නැතිව..., විප්ලව කරලා වැඩක් ඇතිද....?
චන්ඩි වගේ අපි, බැනර් දමාගෙන... පිකට් කරාගෙන...
ඇඩ්‍රස් නැතිව, වෙඩි කා...පු අය දැකලා, දුක හිතුනා....
පරක්කු නෑ තවම... හිත හදාගන්න බැරිද
වරක් කිව්වා, හොඳ සැපක් ඕන නම්, ඕ...කේ ඉඳලා හරිද......?


වරෙව් යන්න මාත් එක්ක,
කන්න බොන්න කඩේ යන්න
විප්ලවේ කචල්, ධනවාදෙට යං බං, ඔළුවෙන් හිටගෙනම....

බොටම් ඇඳන් ජෙල් ගා.... ගන්න,
බැකප් එකත් පස්සෙන් එන්න,
මේ වගේ.... ගොන් පාට්, එකක් දෙකක් ඇති, ආයෙත් ගොඩ යන්න....

ජී....වත් වෙන්න........ පා...නිය මෙන්න............
ජී....වත් වෙන්න...... පා...නියෙ ඉන්න....

තා..ප්පෙම පිරෙන්න,
පෝස්ටර් ගහල වැඩක් වෙයිද.....?
බොක්කෙන්ම වැඩ කරලා..., පින් කැටේ හොලවාලා....
මහ උන්ට කඹුරා...පු, අපිට කෙලවා...පු, පොරවල් දැක්කා.. 
රට හැම තැන පච වෙනවා.....
 
වැරැද්ද කා...ගේද....?
නීතීය කොයි කාටත් එකද.....?
ජාති වා..ද..., කුල බේ...ද පටලවගෙන.., අපේම සමහරු,
රතු ඇඳුම ..ඇඳ ගෙන අසරණයන්ව පා..වල දුන්නා........
පරක්කු නෑ... තවම, උඹලට වෙනස් වෙන්න බැරිද.....?.
වරක් කිව්වා හොඳ සැපක් ඕන නම්, ඔහොම ඉඳලා කොහෙද......?

වරෙව් යන්න මා...ත් එක්ක,
කන්න බොන්න කඩේ.... යන්න...
විප්ලවේ කචල්, ධනවාදෙට යං බං, ඔළුවෙන් හිටගෙනම....

සන් ග්ලාස් එක්ක කැප් දා...ගන්න......
නයික් දෙකක් කකුලේ දා....න්න...
මේ වගේ ගොන් පාට්, එකක් දෙකක් ඇති, ආයෙත් ගොඩ යන්න....

ජීවත් වෙන්න..... පා...නිය මෙන්න
ජීවත් වෙන්න... පා...නියෙ ඉන්න
ආතල් ගන්න.... ආතල් දෙන්න...
ඉතින් වරක් කිව්වා, මේ... වගෙ සැපක් අරන් බං, මැරිලා ගියත් මොකද.....?

වරෙව් යන්න මා...ත් එක්ක,
කන්න බොන්න කඩේ... යන්න...
විප්ලවේ කචල්, ධනවාදෙට යං බං, ඔළුවෙන් හිටගෙනම...

හොඳ ආතල් ගන්න... ඒත් සයි කලුත් පදින්න....
මොකද.. කෙල උනො තින්, ආ...යෙත් සැර යක්, ෆුට් සයිකලයෙන් යන්න....//

oOo


පසුව ලියමි -

මම කියන අනාගත වාක්කියක් තමයි, විමල් සහෝ කවද හරි නවතින්නේ, යූ ඇන් පීයේ කියන එක. මහ ලොකු අලි පාටියේ වත් ඉන්නවද, මේ වගේ පොරක්.. නාමල්ලා මොන කොල්ලොද.. මෙන්න කොල්ලෝ... 

මට පේන්නේ ලාල් කාන්තලත්, විමලෙගෙ උපදෙස්, පරක්කු වෙලා හරි පිලිගන්න වගෙයි යන්නේ.. ඕන් කොළඹින් මහ ඇමතිට ඉල්ලනවයි කියන්නේ...

116 comments:

  1. අගනා නිර්මාණයක් :D

    ReplyDelete
    Replies
    1. වෙනත් නිර්මාණයකට වචන දැමීමක් විතරයි.. නමුත් ගීතය නියමෙටම ගැලපෙනවා..

      Delete
  2. පට්ටම පට්ටයි කියන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. පට්ටයි කියුවේ පලි ටික

      Delete
    2. එව්වා ඉතින් බුදු ෂුවර් අනාවැකි...

      Delete
  3. විමල් තමා ජේ.වී.පී. එක නන්නත්තාර කලේ.......

    ReplyDelete
    Replies
    1. විමල් නිසා තමයි ජේ වී පී එක දිව්වේ..

      Delete
    2. විමල් නැති JVP එකෙනුයි JVP එකේ නැති විමල්ගෙයි වටිනාකමක් නෑ

      Delete
    3. විමල් යනු ජේවීපි එක කියා පැවසීම, විපක්ෂයක ප්‍රකිශයකි. ජේවීපී එක තුළ පුද්ගල ප්‍රතිරූප වටා රොක් වීමක් නෑ. බහුජන කටයුතුවලදී රටේ පවතින ‍දේශපාලනික වාතාවරණය මත එසේ පෙනීමේ වරදක්ද නැහැ. නමුත්, පක්ෂය ඇතලත එවැන්නක් නැහැ.
      //විමල් නැති JVP එකෙනුයි JVP එකේ නැති විමල්ගෙයි වටිනාකමක් නෑ //
      ඔබ එක් ඇසක් වසා යමක් කියයි. ඇස් දෙකම අරින්න.

      Delete
    4. බහුජන කටයුතුවලදි හැමෝටම පෙනදෙ ඔබ වැරදියි කියනවනම් මම වගේ කාචයක් පලඳින්න . මගේ එක ඇහැක තියෙන්නෙ කාචයක් අනිත් ඇහැ ඉර අව්ව වැටෙනවට ආවරනය කරල තියෙන්න

      Delete
  4. සෑහෙන්න ගැලපෙනවා

    ReplyDelete
  5. මට මේ පින්තුරේ දැක්කම පුෂ්පිත වූ පුෂ්පය ගැන කතා කර වැඩක් නැත...

    ReplyDelete
    Replies
    1. පත්තරේක පින්තුරය දැක්ක වෙලේ ,කාමරේ පත්තර එලන් ඩලස් එක්ක බුදියපු බුවා ..අද හැමෝටම ...

      Delete
    2. එන්න එන්න වෙදපප්පේ මේකනම් සුපිරිම තමයි කියා කියන්න. මාතලන් ලීවෝත් ආයේ වචන දෙකක් නෑ කියලා කියන්න.

      Delete
    3. ඩලස් කියලත් වෙනසක් නෑ නොවෑ.. ඒ නිසා අහවල් එකටෙයි පැසර් නග්ග ගන්නේ..

      Delete
  6. දැන් ලංකාවේ සුදු වෑන් නැතෙයි..... බයක් සැකක් නැතිව මේවා ලියන හැටි.

    ReplyDelete
    Replies
    1. පිස්සුද.. චැනල් ෆෝ එකේ උනුත් එන්නේ.. විමලේ දන්නෙ නැතිව ඇති තාම...

      Delete
  7. ප:ලි කතාව සිකුරටම වෙනවා මාතලන් .
    පට්ට නිර්මාණය.

    ReplyDelete
    Replies
    1. Patta kiwwe mokakda Iye

      Delete
    2. ආයේ ඉතින්... මාතලන් කියපුවා ගොඩක් වෙලාවට හරියනවා...

      Delete
  8. අපියි වැරදි ...විමල් හරි ...

    ReplyDelete
    Replies
    1. විමල් හරි... මම පෞදගලිකව කැමති චරිතයක්..

      Delete
  9. ඈහ් මාතලන් බෝ දැන් ඇක්ටිව් පොලිටීසියන් කෙනෙක්ද?
    මෙහෙම අනුන්ව විවේචනය කරපු අය නේද අද ඔය වතුර වල මැද තියෙන මොන්ටිසෝරියේ ඉන්නේ?
    විමලේ කොහොමත් තවමත් සමහරුන්ට වීරයෙක් තමයි. අපිට හිතාගන්න බැරි කොයි තරම් දේවල් තීය්නවද? මෑන් දැන් එක එක රටවල බයිසිකලයෙන් රාජකාරිය පටන් ගත්ත නායකයෝ (ඔසී ඉටලි හා තවත් රාජ්‍ය නායකයෝ) මුලින්ම වැඩ පටන් ගන්න ආවේ ඔය වාහනේනේ මේ ළඟ කාලයේ. දැන් ඒකත් විමලේගේ අදහසක් වෙන්න බැරි කමක් නෑ නේ.

    ReplyDelete
    Replies
    1. විමල් එයි බයිසිකලෙන් ....පිටිපස්සෙන් ඉස්සරහින් එස්කෝට් වාහන දාගෙන. ඔතනත් කරන්නේ ඕකම තමයි.

      Delete
    2. කවිද දන්නෙ නෑ පොලිට්‍රික්ස් කියන වචනය පොලිටික්ස් කියලා වෙනස් කොලේ...

      Delete
  10. මෝල්කාන්ත කොළඹට අනේ පල යන්ඩ

    ReplyDelete
    Replies
    1. Lal Kantha is the suitable person. Jaya wewa.

      Delete
    2. @ අටමා
      කව්ද බං මෝල්කාන්ත කියන්නේ?
      උඹ වගේම බූරු තඩියෙක්ද?

      Delete
    3. නෑ නෑ අටමා කියන්නේ හොඳ බුද්ධිමත්, මොලේ හොඳට වැඩුන, ප්‍රඥාවන්ත, සියල්ල දත් කියලා හිතාගෙන ඉන්න අං දිග ගෝනා වගේ කෙනෙක්ලු.

      Delete
    4. අටමා කියන්නේ උබලා වගේ අනුන්ගේ රෙද්ද අස්ස බලන එකෙක් නෙමේ
      --සෙක්සි ඇනෝ ---

      Delete
    5. පොර ඉල්ලුවොත්.... මගේ මනාපේ පොරට දෙනවා...

      Delete
  11. පට්ටයි අයියේ කාලීනයි

    ReplyDelete
  12. මොනවා උනත් අහගෙන ඉන්න ආස හිතෙන විදියට කතා කරන මනුස්සයා

    ReplyDelete
    Replies
    1. ඒකෙන් තමයි ගේම ගෙනියන්නේ.. ලියපුවා, කියවපු අය බොහොම අඩුයි.. ඒක තමයි පොරගේ ටැලන්ට් එක...

      Delete
  13. මං ආසයි එයාගේ රැවුල් කැට එකට :)

    ReplyDelete
    Replies
    1. අපේ රැවුල නෑනේ. ඒකනේ අපි කියන දෙයක් අහන්නේ නැත්තේ.

      Delete
    2. සෑහේන් වියදමක් යනවලු මේන් ටේන් කොරන්න...

      දැන් කොල්ලෝ විමලේ කට් එක වවලා.. අපූර්විගේ බුකියේ දාවිද දන්නෙ නෑ...

      Delete
    3. හි හි ඔය මනුස්සයව සහ ඒ විදියට ඇවිදින කතා කරන රතු පට ෂර්ට් අදින කෙනෙක්ටවත් මං ආස නැහැ ... ඇත්තමයි ඒත් ඒ සැවුල් කට් එකට ආසයි අපේ තාත්තා ඒ විදියට කපන නිසා

      කාවා ජී බොහොත් අච්චා

      Delete
  14. විමලසිරි ගානට හරියන ලංසුවක් ආවා, එයා විකුනුණා.

    මගේ ගණනට ඩීල් එකක් ලැබුනොත් මත් ඔහොම තමයි.

    මාතලං ගේ ප්‍රයිස් ටැග් එක කීයද?

    මගේ ගාණ ඩොලර් මිලියන් 2.25 යි.

    ReplyDelete
    Replies
    1. ඇමරික් ඩොලර්ද? ඔස්ට්‍රේලියන් එව්වාද? හරියට දාන්න,නැත්නම් කෂ්ටිය හිතයි සිම්බාබ්වේ ඩොලර් වලින් කතන්දරව ගන්න පුළුවන් කියලා.

      Delete
    2. කතන්දර මරිසි එපා. විමල් වගේ, හැම මිනිහම ආනාරියෝ වෙන්නේ නෑ. සුමංගල හාමුදුරුවෝ විකුණේ නෑ අවසානේ මැරෙනකන්, කැප්පෙටිපොළ පමණක් නොවේ ඉංගීසීන්ගේන් රට බෙරගන්න ගිය නායකයෝ හුගදෙනෙක් මැරැණත් විකිණුනේ නෑ. චේ මෙන්ම විජේවීර ද විකුණේ නෑ,
      හැම එකටම ඔය බයිලේ ගහන්න එපා.
      ලන්සුව හරිනම් අම්මා-තාත්තා, දරුවන් පවා පවා දෙන ලෝකයේ, එසේ නොවන මිනිසුන් සිටින බව සිතන්න.

      Delete
    3. කාවෝ හැම එකෙක්ම විකිනෙන මොහොතක් තිබෙනවා.අත් අඩංගුවට ගත්තම යන් යන් ජනාධිපති හම්බවෙන්න කියපු විජේවීරගෙ මිල ඒතරම් ලොකු එකක් නොවෙයි.සතියක් ඇතුලත සියල්ල පාවා දුන් දේශපාලන මණ්ඩලයේ මිලත් එපමණ ලොකු නැහැ.කැප්පෙටිපොල හා සුමන්ගල හාමුදුරුවො මිලදී ගන්න කිසිම කෙනෙක් ආවෙ නෑ.බන්ඩාරනායකගෙ මුත්තරට පාවා දුන්න හැබැයි මගෙ මුත්ත රට පාවා දුන්නෙ නෑ.එහෙම වුනේ බන්ඩගෙ මුත්තට වඩා මගෙ මුත්ත දේශප්‍රේමී හෝ ප්‍රගතිශීලී වුන නිසා නොවෙයි.මගෙ මුත්තට විකිනෙන්නෙ කොජොමද කියල අවබෝධයක් තිබුනෙ නෑ.මගෙ මුත්තත් කොහොමද රට වාවල දෙන්නෙ කියල බලන්න සුද්දන්ගෙ බන්ගලාවෙ දොරටුවෙ හොරගල් අහුලන කොට සුද්ද මේ මොකෙක්ද කියල එළව ගත්තටහ්ද දන්නෙත් නෑ.අනික මගෙ මුත්ත මිත්‍යා මටහ් වලින් වෙලිලා ඔහේ කුඹුරු කොටන්න ඇති.බන්ඩලගෙ ම්මුත්තල විදේශීය භාෂා ඉගෙන ගෙන කිතුදහම හදාරල සාර්ථක වුනා.අඩුගානෙ රේන්දයක්වත් කරගන්න හැටි අපේ මුත්තලට තේරුනේ නෑ.ඔය කියන දේශප්‍රේමය ,සමාජවාදය පට්ටපල් බොරු.හැබැයි ඒතුල පිරිසකට සාර්ථක වෙන්න පුළුවන්.විකිනෙන්නෙ නැති මිඔනිහෙක් නෑ.සමහරු විකිනෙන්නෙ නෑ වගෙ පෙනුනට වෙනත් ප්‍රථිලාභ ලබනවා.දැන් දේශප්‍රේමී හා එන් ජී ඕ කියල මේරටේ දෙපිරිසක් ඉන්නවා.දේශප්‍රේමී අය දේශීය ප්‍රාග්ධනය ගැනත් එන් ජී ඕ අය විදේශීය ප්‍රාග්ධනය ගැනත් විශ්වාස කරනවා.මේ සියල්ල කන්ට මන්ග සූත්තර තමයි

      විකිනෙන්නෙ නැති උන් නෑ.හැබැයි ස්මහර උන් කවුරුවත් මිලට ගන්නෙ නෑ.එතකොට කියනව අපි විකිනෙන්නෙ කියල.
      විමල් ආණ්ඩුවට ගිහින් සැප විදිනව.නමුත් ජේ වී පී එකේ ඉන්න අය විදේශීය ප්‍රාග්ධනය මත සැප විදිනව.

      Delete
    4. අනේ යකා. විජේවීර ගැන මම හොදට අසා තිබෙනවා. චේ ගැනත් එහෙමමයි. නොවිකිණීම නිසා අවසානයේ මේ අයට මරණයට පවා මුහුණ දෙන්න වුනා. විකිණෙන ලෝකේක ඉන්න බොලාලට හැම දෙනාම විකිණෙනවා කියා සිතීම වැරැදි නැහැ. මිනිස්සු හුඟක්ම තන්හා අධීකයිනි බං. පොඩ්ඩක් කේත්න්ති යනවා ඇති විජේවීර කියන නම ඇසෙනකොට. මොනව කරන්නද බං, කතාව ඇත්තනම්. පහුගිය කාලේ පත්තර කාරයෝත් කීප දෙනෙක් විකිනෙන්නේ නැති නිසා මැරුණා නේද. හැබැයි ඔය මංතුමා කීවට හැමෝම මැරෙන්නේ ඒ නිසා නෙමේ. පොඩ්ඩක් ඇස් ඇරහං බං. ප්‍රතිපත්‍ය ගරුක වගේම හැඟීම්බර මිනිස්සුත් අපි අපි අතරෙත් ඉන්නවා. එහෙම මිනිස්සු ඉන්නේ පක්ෂවල කියලා නොමේ මම කියන්නේ. අපි අපි අතරෙත් ඉන්නවා. මරාගෙන මැරෙන්න උනත් යන කොටසක් මෙතන ඉන්නවා.
      බන්ඩාරානායකගේ මුත්තා ද, ජේ ආර්ගේ මුත්තද බං තම්බි මුදියන්සේ කියන්නේ. පොර නේද රට පාවා දෙන්න කැරැල්ලක් අරන් ගියේ.

      Delete
    5. මිලදී ගන්න ලෑස්ති වී, එත් නොවිකිනී, එහි දෙවන අදියර තමාට මරණය වන බව දැන දැනත් හරියට රැකියාව කරපු, ප්‍රතිපත්‍ය ගරුකව සිරි, නැතිනම් තමන්ගේ ඉලක්කය මෙහෙයවමින් සිටි මිනිසුන් මේ ලෝකේ බොහෝ සිටියා. අදටත් ඉන්නවා. උන්ගේ පිහිටෙන් අපිත් ඒ වගේ කියා අනිත් උන් ලන්සුව වැඩි කොරගෙන විකිනෙනවා.
      දුර ඉඳල බලා ගෙන ඉන්න අය කියනවා. අන්න ඔක්කොම එකයි.

      Delete
    6. //මගේ ගාණ ඩොලර් මිලියන් 2.25 යි.//
      ඒක දුන්නෝත් සමහරු,
      කැම්පස් එකට වඳිනවා,
      පන්සිල් ගන්නවා,
      ආචාර්ය්‍යවරුන්ට වඳිනවා,
      මහින්දට කඩේ යනවා, නැත්නම් ජේවීපියට හරි.
      යූඑන්පියට පයින් ගහනවා,
      බයිසිකල් පදිනවා,
      බොග වහනවා,
      ...........
      හැක හැක.

      Delete
    7. හැමෝටම උපරිම මිලක් තියනව. හැමෝම දන්නව ඒ මිලට උඩින් තමන්ගෙ ලන්සුව ඉස්සෙන්නෙ නෑ කියල. එහෙම වෙලත් විකිණෙන්නෙ නැති මිනිහ ශ්‍රේෂ්ඨයි. ඒ වගේ මනුස්සයෙකුගෙ කතාවක් ඊයෙත් කියෙව්ව.
      කා වා එක්ක එකඟයි.

      Delete
    8. මුගේ උලව්වෙ ලින්ක් දැම්මට පේන්නෙ නෑ!
      http://lankapriyagesithivili.blogspot.com/2013/11/blog-post.html

      Delete
    9. 01. හැමෝම විකිණෙන්න සූදානම් නැහැ. මේ සමාජයේ ඕනේ තරම් මිනිස්සු ඉන්නවා විකිණෙන්නේ නැති.

      02. විකිණෙන්න කැමැත්තෙන් ඉන්න අයට උනත් චාන්ස් එකක් සෙට් වෙන්නේ අහම්බෙන්.. එක්කෝ මිළ වැඩියි .. නැත්නම් ගෙවන මිළට වටින්නේ නැහැ..

      03. අඬන්න ආසාවෙන් බලන් ඉන්න අය නම් ඇඟිල්ලෙන් ඇන්නත් අඬනවා " මෙයා මට ගැහුවා කියලා "... ( "මගේ මිළට ආවොත් මන් විකිණෙනවා" කියන්නේ ඕක නෙව )

      Delete
    10. බොහොම අය විකුණුනා. විකිණෙනවා. නමුත් විකුණුනු නැති මිණිස්සුත් ඉන්නවා. ඒ අයගේ දේශපාලනය මොනවා උනත් විජේවීර, ගමනායක විකුණුනේ නැහැ. ඒ කාලෙම (1986-1987) ජේවීපී නායකයෝ වෙච්ච වාස් තිලකරත්නලා, මහින්ද පතිරනලා, සමහරක් ප්‍රාදේශීය නායකයෝ විකුණුනා. විකිණිච්ච ගොඩාක් අයගේ ජීවිතත් විනාශ කලා...අනුමත කල නොහැකි ලෙස. විකිණෙන අය දේශපාලන වශයෙන් විනාශ කිරීම හැර ජීවිත වලින් විනාශ කිරීම අනුමත කරන්න බැහැ. ඒ පාඩම ජේවීපිය මැනවින් ඉගෙන ගෙන තියෙනවා දැන්.

      Delete
    11. Nikam palayan yanda

      Delete
    12. Nikam palayan yanna kiwwe, choo, pada, jee dana kakkata

      Delete
    13. මේ විවෘත්ත ආර්ථිකය තුළ මිනිසුන් විකිණීම දැකිය හැකියි. නමුත්, හැමෝම විකිනෙන්නේ නැත. එය තේරුම් ගන්න හෝ පවසන්න බොහෝ දෙනෙක් මැලිකමක් දකිවයි. මන්ද, හැමෝම විකිනෙන බව පවසා තමන්ගේ හෝ තව කෙනෙකුගේ විකිණීම සාධාරණීකරණය කරන්න අවශ්‍ය පසුබිම සාදා ගැනීමකි.

      එහෙත් මුදලට නොවිකිණුනු දුප්පත් වටිනා උගත් මිනිසුන් පවා ඇත.
      නමුත්, තමාම තමාටම ලන්සුවක් තබා විකිණීමට සැරසෙන අය තමන් සිටින්නේ කුමන මනුෂ්‍ය ගුණාන්ගය ප්‍රගූණ කරමින්ද යන්න නැවත වරක් සිතිය යුතුය.

      Delete
    14. අනිවා කතෝ.. ඔය කෑ ගැහුවට හැම එකාම විකිනෙනවා.. සමහරු මුදලට විකිනෙනවා.. සමහරු තත්වෙට විකිනෙනවා.. සම හරක් සංස්කුරුතියට සබ්බත්තෙට විකිනෙනවා..

      මගේ ගාන නම් එච්චර සැර නෑ..

      Delete
  15. මම ළඟදී ඉඳන් බයිසිකල් පදින්න ගත්ත බව මගේ පස මිතුරු පාසලේ සමකාලීනයා දැන ගත්තාද ?

    ReplyDelete
    Replies
    1. සමකාලීනයා .......? අප්පට්ට සිරි

      Delete
    2. සුදීකලාගේ ඉස්කෝලෙනේ නේද?

      Delete
    3. අප්ප්ට හුඩු.. පක්සෙට බැඳුන නම් ගොඩම තමයි... අනාගතය බොහොම පැහැදිලියි..

      Delete
  16. හංගාගෙන ලෙමන් පෆ් බිස්කට් කන්න
    ජීමේල් ගූගල් අතෑර දාන්න
    ඇමරිකන් කාරය විකුනන් කන්න..

    වරෙන් විමල් ඇඩ් එක දෙන්න..

    උපරිමයි අහ්..

    ReplyDelete
    Replies
    1. විමල් කියන්නේ වත්මන් දේශපාළනයේ අයිකන් එකක්..

      Delete
  17. උබට ඉතින් ඔව නියමෙට පෙනවනේ.විමල් දැන් කරනේ ජිවත් වෙන්නජොබ් එකක්.එකෙ ඔය අනන් මනන් නැ.ලොක්ක්ක කියන දෙ කරන්න විතරයි තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. විමලේ නෙමෙයි පක්ෂ විපක්ෂ ඔක්කෝම කරන්නේ ඒක තමයි.. රජාගේ අණට නටන එක..

      Delete
  18. රෝද දෙකම කැරකෙනවා. මිනිස්සු ගහන නිසා ආරක්ෂාවට රෝද හතරක් කැරැකෙනවා. මට නිකන් මතක් වෙනවා, යූ එන් පි එකේ හාදයෙක් ද කොහේදෝ තෙල් වැඩි කොලා කියලා පාර්ලිමේන්තුවට ගිය සෝබන ගමනක්.

    ReplyDelete
    Replies
    1. yako eka bogaka eka thanaka riwwama athi. hama thanama renna yanna epaa. uba ube pawathma sadaha mathalange boga asse indan uge puka lewakamin innawa neda.

      Delete
    2. ඇයි මීඩීයා එක ඉස්සරහින් යනවා, ඒක කවුරුත් දැක්කේ නෑ.. නැතිනම් කොහෙද අපිට බලන්න පොටෝ..

      Delete
  19. මතකද මීට අවුරුදු දෙක තුනකට කලින් විමල එ.ජා.ස විරුද්ධව මාරාන්තික උපවාසයක් කලා.පැයෙන් පැයට මීඩියා වලින් උගේ සෞඛ්‍ය තත්වෙ කිව්ව.අන්තිමේ ලොක්ක ඇවිල්ලා වතුර වීදුරුවක් පෙව්වම ඒ විප්ලවේ එතනින්ම ඉවර වුනා.

    මෙන්න කියවපු නැති එවුන් කියවපල්ලා!

    ReplyDelete
    Replies
    1. වතුරවලට නැගිටින්නේ නෑ... තැඹිලි වතුර දුන්නේ..

      Delete
  20. "හොඳ ආතල් ගන්න... ඒත් සයි කලුත් පදින්න....
    මොකද.. කෙල උනො තින්, ආ...යෙත් සැර යක්, ෆුට් සයිකලයෙන් යන්න.."

    මේ කෑල්ල නම් වැරදියි මාතලන්, දැන් කෙලවුනාට මිනිහට තබා මිනිහගේ මී මුනුබුරෙකුටවත් සයිකලෙන් යන්න වෙන්නේ නෑ. ඒ තරම් හම්බ කරලා ඉවරයි දැන්.

    ReplyDelete
    Replies
    1. විමලයාගේ ඩිල් සිංග/මැලේ වල.
      සේරම කරලා දෙන්නේ ඒක ලග ඉන්න මුස්ලිම් පොරවල්.
      ඕකට යුරෝප් යන්න බැහැනෙ.

      Delete
    2. එව්වා කියන්න බෑ.. මේ මහ පොලොව මත...

      Delete
  21. //කියන අනාගත වාක්කියක් තමයි, විමල් සහෝ කවද හරි නවතින්නේ, යූ ඇන් පීයේ කියන එක//

    යකෝ මාත් ඕක මිනිහා පච ලේකම් කාලෙදිම කිව්වා...

    ReplyDelete
  22. මට නං මේකේ වැ‍රැද්දක්ක් පෙන්නේ නෑ........මටත් ආසයි ඔහොම කූල් එකේ බයිසිකල් පදින්න...

    මෙකේ වැ‍රැද්ද වෙන්නේ පොර විප්ලවේට අඩ ගහන ගමන් ඔය වගේ වැඩ කරනවනං තමයි...පොර ගේ දැන් විප්ලව කථා නෑනේ...

    ReplyDelete
    Replies
    1. මයියා....අප්සට් එක තියෙන්නේ හතර වටින් බැකප් දාගෙන පදින එකනේ. එහෙම නම් වෙන තැනක කරන්න පුලුවන්නේ.

      Delete
    2. කිසි වැරද්දක් නෑ.. විමල් කියන සින්දුව තමයි මම ලිව්වේ...

      Delete
  23. සිංදුව නං ලෙසටම ලියල තියනව ආයෙ අකුරක් පිට පනින්නෙ නැතිව.

    //මට පේන්නේ ලාල් කාන්තලත්, විමලෙගෙ උපදෙස්, පරක්කු වෙලා හරි පිලිගන්න වගෙයි යන්නේ.. ඕන් කොළඹින් මහ ඇමතිට ඉල්ලනවයි කියන්නේ... //
    ඒ මොකද්ද බං?

    ReplyDelete
    Replies
    1. ජේවීපි එකෙන් බස්නාහිර පලාතට ඉල්ලන්න යෝජනා වෙලාලු.

      Delete
    2. ඕන් අරූ උත්තරේ දීලා...

      Delete
  24. මහින්ද මහත්තයා ගාව තියෙනවා හරි අපුරු මන්තරයක් එකෙන් දැත් ශක්තිමත් කරන්න එන හැම එකාගෙම මොළ නියමෙට හෝදනවා.එකනේ මහා ලොකු විප්ලවාදියෝ නකුට පස්ස පැත්තේ ගහගෙන මේ ධනවාදීන් එක්ක එකට ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මුන් මක්කුද මහා නාහිමිවරුත් රූකඩ කරපු පොරට...

      Delete
  25. මෙතන ඇත්තේ වංචාවක්.මොවුන් බයිසිකල් රංගනයක යෙදෙනවා.කැට හොල්ලන සල්ලි වලින් විස්කි ගහනවා.මොවුන්ගේ අරගලය පන්ති සටනක් නොවෙයි පන්තිය මාරු කිරීමේ සටනක්.ඔවුන් නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා.ඒක සුළු ධනේශ්වර සටන්පාඨයක්.මොකද නිදහස් අධ්‍යාපනය තමයි පන්තිය මාරු කරගෙන තමන් සිටි පන්තියෙන් සැළකුම් ගන්න එකම ක්‍රමය.දැන් මේ ලගදි මම දැක්කා රාජ්‍ය සේවයේ ඉතාම පීඩිත කොටස වන කස්ටම් නිළධාරීන්ගේ ප්‍රශ්න ගැන කතා කරනවා.නිදහස් අධ්‍යාපනයෙන් පටන් ගන්න ජවිපෙ දුක් ගැනවිලි පැහැදිලියි.විශ්ව විද්‍යාල මට්ටමේදි නිද්හාස් අධ්‍යාපනය ඉන්පසු වෛද්‍යවරුනේ,පරිපාලන නිළධාරීන්ගේ ප්‍රශ්න,දැන් කස්ටම් නිළධාරීන්ගේ ප්‍රශ්න.අපූරුයි.ජවිපෙ අරමුදල තරකරගන්න කස්ටම් එක පැත්තෙ යනවද දන්නෙ නෑ.ඇල්ලුවත් සල්ලි තල්ලු කලත් සල්ලිනෙ.

    ආඥාදායකත්වය මාක්ස්වාදී පක්ෂය්ක විකුතියක් නොව එහි නෛසර්ගික අවස්ථාවකි"මධ්‍යම කාරක සභාව,දේශපාලන මණ්ඩලය හා අවසාන වශයෙන් නායකයා වශයෙන්

    පක්ෂය හැර ගිය අයට සළකන විදියෙන් රාජ්‍ය බලය තිබුනානම් මොනවා වෙයිද කියා සිතෙනවා.මැතිවරන නොපවත්වන නිසාත් විදේශ්යට බිය නැති නිසාත්,මැර බලයෙන් සුළු පිරිසක් විසින් ආණ්ඩුව අල්ලාගෙන ඉන්පසු සෙසු ජනයා හික්මවීමේ මාක්ස්වාදී ක්‍රමය නිසාත් කියන්නට තිබෙන්නේ විය නොහැක්කක් නොමැත කියායි.

    කැට සෙලවීම,රැවුල් වැවීම වැනි ව්‍යාජ දේවල් වලින් සැඟවූ ලොකු කථාවක් මුන්ට තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. //කැට හොල්ලන සල්ලි වලින් විස්කි ගහනවා//
      විස්කි ගැසීමට කැට හොල්ලන්නන් ඔබගේ සිහින ලෝකයේ පමණයි.
      //අධ්‍යාපනය ගැන කතා කරනවා.ඒක සුළු ධනේශ්වර සටන්පාඨයක්.//
      ඔබ මීට සුළු මොහොතකට පෙර කැට සොලවා ඇති බව පෙනෙනවා. මා කියන්නේ ඔබ විස්කි පානය කර ඇති බවයි.
      //නිදහස් අධ්‍යාපනය//
      ඔබට නොදැනුනාට එහි අවශ්‍යතාවය මේ රටේ බහුතරයක් මිනිසුන්ට ඇත.
      //රාජ්‍ය බලය තිබුනානම් මොනවා වෙයිද කියා සිතෙනවා.//
      පක්ෂය හැර යන අයට පක්ෂයේ කිසිදු භාදාවක් නෑ. නමුත්, පක්ෂය හැර ගොස් එයට පහර ගසන අය සුරතල් කිරීමකුත් නෑ. එනිත් පක්ෂ ඊට වඩා එහි අන්තයට ගොස් ඇත.
      //කැට සෙලවීම,රැවුල් වැවීම වැනි ව්‍යාජ දේවල් වලින් සැඟවූ ලොකු කථාවක්//
      ඔබතුමාට කියන්න කැමතියි රැවුල ඇතුලත සඟවාගත් දෙයක් නැත. ඔබ දන්නා දෙයක් තියෙනවානම් ප්‍රසිද්ධියේ කියන්න.

      Delete
    2. විමල් ඒවලින් ඈත්වෙලා ගොඩක් කල්.. විමල් ජේ වී පී එකේ ඉඳිද්දි කියපු දේවල් කලා නම්.. ඊළඟට බලයට එන්නේ ජෙප්පෝ.. මොකෝ ඇස් ඇල් ඇෆ් පී එකේ ඉන්නේ හාල්පාරුවෝ සැට් එකක්.. දැන් තමයි ලාල් කාන්තලට මොළේ පෑදිලා තියෙන්නේ..

      ඒත් දැන් ටූ ලේට්..

      Delete
  26. කොහොමද තොප්පිය?

    ReplyDelete
    Replies
    1. තාමත් රතු තරුවක් තියෙනවා... අමතක කරන්නත් බැරුව ඇති...

      Delete
  27. අහෝ විමලේ.
    ඒක නෙමේ මිනිහා UNP එකට ගියාමවත් සීගිරිය පැත්තෙ යයිද?

    ReplyDelete
    Replies
    1. පොර සීගිරියට බහිවී හෙලිකොප්පරෙන්... කාෂ්‍යප වගේ... දවසක...

      Delete
  28. බයිසිකලයක් කිව්වට .මොන්ටෙරෝ වර්ගයේ එකක්නෙ.හික්..!
    අපේ ගම්වලත් ඈතට වෙන්න ප්‍රධාන ගමන් වාහනය පාපැදිය තමා.ඒත් අයියෙ..කට්ට ගෙවිල ලොම්බෙන් යන ටයර්..හැඬල් එකට කප් නැතිව..රෙදි කෑලි ගැටගහගෙන..සීට් එකට දාපු කුෂන් නැතිව තුවායක් ඕතාගෙන...තඩි ලගේජ් එකේ තවත් කවුරු හරි පටවාගෙන..හන්දි කැඩෙනකන්..බයිසිකල් පදින උන් ඉන්නවා ඕං..!

    ReplyDelete
    Replies
    1. තාමත් කොළඹ වැඩට එන උනුත් ඉන්නවා...

      Delete
  29. අප්පටසිලි තොප්පි පා වෙනවා..

    ReplyDelete
    Replies
    1. කාටත් අමතක උනාට 2011 දී ඡන්ද වැඩ වලට හිටපු ජනාධිපති ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස පවා බයිසිකලෙන් ගියා.

      Delete
    2. නෝනත් ජොයින් උනා නම් තමා වටින්නේ...

      Delete
  30. බයිසිකලේ පැද්දත් ගාඩ් එක එනවනේ පස්සෙන්..

    ReplyDelete
    Replies
    1. නැත්තන් මිනිස්සු හූ තියනවනේ... ඒකනේ ගාඩ් එක්ක යන්නේ.. නැතිව කොටි ඉන්නවා කියලය...

      Delete
  31. වයඹෙන්, මධ්‍යමෙන් ඉල්ලපු ඔක්කොම පරාද වුනා. කොලඹින්වත් එකෙක් දිනවගන්න බැරි උනොත් ලොක්කා අධෝ කුහරය පලන බව දන්නවා. මේ රිහසල්.

    ReplyDelete
    Replies
    1. කාටත් අමතක උනාට 2011 දී ඡන්ද වැඩ වලට හිටපු ජනාධිපති ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස පවා බයිසිකලෙන් ගියා.

      Delete
    2. අනිවා.. පොර පාත් එක හදාගෙන ඉවරයි.. අනික් උන්ට පැවත්මක් නෑ.. අනික් උන් මෙයාගෙන් යැපෙන්නෝ පමණයි...

      Delete
  32. විමල්ගේ රෝල් එකට යූ එන් පියේද වේකන්සියක් තිබේ.
    ඒ නිසා මර්වින් වගේම විමලුත් බය නෑ.

    ලාල් කාන්තට ජයවේවා!

    ReplyDelete
    Replies
    1. යූ එන් පී එකේ ඉන්න හාල්පාරුවන්ට වඩා විමල් ගොඩක් ඉස්සරහින් ඉන්නේ..

      Delete
  33. අනේ අපේ අසරණ විමලා...රජතුමා තැඹිලි වතුර ටික පෙව්වෙ නැත්තං අපි වෙනුවෙන් මේ කොලුවා මැරිච්ච තැන් වල ගසුත් පැලවෙලා මෙලහකට...

    ReplyDelete
    Replies
    1. ඒකනේ එතුමා තැඹිලි පොවලා නැගිට්ටවලා ගත්තේ.. තව කොච්චර කියලා වැඩ තියෙනවද ඉස්සරහට...

      Delete
  34. නියමායි..!
    මම මේ ආණ්ඩුවේ ආසම දේ තමයි විමල් වගේ පල් හොරුන්ගේ රෙද්ද කඩලා හෙළුව පෙන්නපු එක.

    ReplyDelete
    Replies
    1. මේ ටිකේ රතනලා, ගොන් මන් පිලලා නානවා, කැසිනෝ දැම්මම හෙළුවෙන්ද දන්නේ නෑ යන්නේ..

      Delete
  35. පසු සටහනේ මුල් වාක්‍යය නම් බොහෝ විට වෙන්නට ඉඩ තිබේ මාතලන්.

    ReplyDelete
    Replies
    1. වෙනවා... ආයේ දෙකක් නෑ... නිකන්ද පක්ෂයක් පිහිටව ගත්තේ...

      Delete
  36. මාතලන් උබේ අකුරු ගැලපිම පංකාදුයි බං....

    විමල් කියන චරිතේ ගැන තියෙන්නෙ මට මහ පුදුම කලකිරිමක්....

    ReplyDelete
    Replies
    1. මම නම් කැමති චරිතයක්.. ගම්ලත් නමින් ලියන කාලේ පටන්..

      Delete
  37. මෙතුම ගේ නිවාස දශ ලක්ෂය වැඩසටහන බයිසිකලෙන් ද පයින් ද ඉබි ගමනේද යන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒක ගෝඨාභය මහත්තයා ගත්තා නේ.. දැන් මෙයා ඇවිත් නිවාස රෙපයාර් ඇමති...

      Delete
  38. කොතන හිටියත් කෙටි පාරකින් උඩට යන්න බලන මිනිස්සු අන්තිමට නතර වෙන්නෙ කොහෙද කියල කියන්න අමාරුයි එහෙම චරිත වලින් ලාංකීය දේශපාලනේ පිරිලයි තියෙන්නෙ.අවාසනාවකට වගෙ අපේ රටේ මිනිස්සුන්ට දෙවිවරු වගෙ පෙනෙන්නෙත් එයාලමයි

    ReplyDelete
    Replies
    1. අපේ උන් ඡන්දේ දෙන්නේ කතාවට... වැඩට නෙමෙයි..

      Delete
  39. මාතලන් සහෝ ඔන්න අද ඉදන් වලත්තයත් අලුත් වුනා....විමලය ගැන මට දුකයි...ඒත් ඌට නම් සතුටු ඇති අද ඉන්න තත්වෙ බැලුවම..හිතට එකඟව??????????????අනේ මන්දා??????????

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න