.

.

Nov 6, 2013

සජිත් බලුවීම හා කරූගේ සම්මා දිඨ්ඨිය - Welcome back Karu



කරු දේසපාලනේට ආවේ, ඒයා ආවෝත් හිරු පායනවා කියාගෙනය. එයා ආවත් නැතත්, හැමදාම උදේට හිරු පායනවාය. හිරු පෑවීම කෙසේ වෙතත්, කරූ දේශපාලනේට ආ දා පටන්, ඇදගෙන නාන්නේය. හිරු කෙසේ වෙතත් තරු නම් අම්බානක දැක්කේය. ගම්පහින් පබාටත් නෝන්ඩි විය. ඊළඟට ලොක්කා ගාවට සැට්වී පක්ශය පාවා දුන්නේය.

ඊට පස්සේ, ලොක්කාගෙන් පුකට පාරක් කාගෙන ආයෙත් ඇවිත් අලි ගාලේ වැටුනේය. ඊට පස්සේ අලි පාටි නායකයා වෙන්න ගිහින්, ශරීර කෘත්‍යයටවත්, කෘතාදිකාරි මන්ඩලේට එන්න බැරිවෙන්න එලවලාම දැම්මේය. සිරිකොතට ඒමත් එතනින්ම අහවර විය.

මේ ඔක්කෝම කර ගත්තේ, ප්‍රතිපත්තියක් නැති නිසාය. හාල්පාරු සංඝයන්ගේ ගුලි ගිලපු නිසාය. සජිත්ගේ ලනු නොව, කඹ ගිලපු නිසාය. සජිත් ලණු පෙන්නුවාම, කරූ එවා ආයේ අඹරාගෙන, කඹ බවට පත් කර ගෙන, ගිලලා දිරවා ගන්න බැරුව උන්නේය. එහෙව් එකේ, මේ සැරේ ආපු චැන්ස් එකෙන් ආයෙත් ඇතුලට පැනගත්තාම, දැන් හාල්පාරුවෝ කියන්නේ කරූ බිට්‍රේටර් කියලාය.

මට නම් හිතෙන්නේ, කරූට අවසානයේ සම්මා දිඨ්ඨිය පහල වෙලා කියලාය. වෙස්මිනිස්ටර් ක්‍රමය තිබුනාට, මේක එංගලන්තේ, ඔස්ට්‍රේලියාව හෝ නවසීලන්තය නෙවේය. මෙහේ තවමත් ඉන්නේ ගෝත්‍රික ජනතාවක්ය. දැන් වෙස්මින්ස්ටර් ක්‍රමේ යන්නේ, අර පරණ කාලේ වැඩවසම් මැත්ඩ් එකේ අංගෝපාංගද ඇතුලත්වය.

නිදහසෙන් පස්සේ ගියේ එහෙම මෙතඩ් එකක් උනාට, ඒක පොතකට පරිවර්ථන කොලේ අපේ ජේ ආර් පප්පාය. දැන් යන්නේ ඒකේ හොඳම එකය. ඒ කියන්නේ රාජාන්ඩු සිස්ටම් එකය. ලොක්කාට නැත්තේ ඔටුන්නයි සිංහාසනෙයි විතරය.

දැන් හැම හාල්පාරුවාම හදන්නේ, ලොක්කා එලවා රජ කම ලබන්නටය. කරු, සජිත් තියා බුදු හාමුදුරුවෝ ඇවිත් ඉල්ලුවත්, ලොක්කා එලවගන්න දැන්ම නම් හම්බ වෙන්නේ නැතිය. එහෙම කියා බකංනිලාගෙන ඉඳලාත් හරියන්නේ නැතිය. ඒකට කරන්න ඕන ඔරිජිනල් වැස්මිනිස්ටර් ක්‍රමේ ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන් සෙට් එකක් දැන් සිටම හදා ගන්නා එකය.

නැතුව සංඝයනගේ පදේට නටන ගෝත්‍රික නායකයන් නෙවේය. ලොක්කා සංඝයාට වැන්දාට. සංඝ බජව් පයිසෙකටවත් ගනන් ගන්නේ නැතිය. රනිලුත් එසේය. එම නිසා මම මේ දෙන්නාටම එක වගේම කැමතිය.

යූ ඇන් පීය කෑවේ රනිල් නෙමේය. සජිත්ගේ තාත්තාය. ජනාධිපති කම හම්බ උන ගමන් වඳුරාට දැලි පිහිය හම්බ උනා වගේ, හතර අතේ වැනුවේය. ගාමිණි ලලිත් වැනි බුලට්, කුණු බක්කියට දැම්මේය. අනිතීමේදි උන්න සුපිරිම සෙට් එක රාජාලියෙක් එක්ක පියාඹන්න ගියේය.

ප්‍රේමදාස කොටිත් එක්ක ඩිනර් පාටි දදා, උන් එක්ක සැට් වී, මැරෙණකන් ජනාධිපති වෙන්න ගියේය. එහෙම ගිහිල්ලා, අන්තීමේදි දැලි පිහියෙන් බඩ කපාගෙන මිය ගියේය. එදා ගාමිණිලා ලලිත්ලා එලෙව්වේ නැත්නම්, අදටත් ඉන්නේ අලි පාටියේ උන්ය. එහෙනම් රනිල්ලා නායකත්වයට එන්නේත් නැතිය.

ඊට පස්සේ පක්ෂය පරදින්නේ රනිල්ගේ වරදින් නෙමේය. බලයට හා මුදලට කෑදර, අලි පාටියේ අහිංසකයන්ගේ ඡන්දෙන් බලේට ආපු උන් මහින්ද මහත්තයාගේ සට්ටමියෝ වෙන්න ගිය නිසාය. රනිල් තරුණ උන්ට තැනක් දී තිබුනේය.

සුජීව, බුද්ධික, දයාසිරි, තලතා, රෝසී වගේ අයට උපරිම චාන්ස් දුන්නේය. එයාලා තරු මෙන් බැබලෙන කොට, සජිත්ට දවල් තරු පෙනුනේය. අන්තීමේදි සජිත්ගේ ලණු කෑ කස්ටියට, ආගිය අතත් නැති කරලාම දැම්මේය. ලොක්කා එලවපු කරු උන්නොත්, රජ වෙන්න කල් ඉන්න වෙන බැව දැනගත් අපේ සජිතානෝ, කරූටත් අම්මට හැනෙන්නම කෙලවලා දැම්මේය.

ඊට පස්සේ රනිල්ගේ ජනමන්තර වෛරක්කාරී සක්කිලි ජඩමාධ්‍යයන් දෙකක් වන (මේ කතාව කෙලින්ම කියූ එකම එක ජනමාද්දියවේදියෙක් වත් සිටීම රටේ වාසනාවකි. ඒ රාවයේ ජනරංජන පමණි.) කෙලී මහරාජාගේ සිරස හා අලස්ගේ මව්බිම එක්ක එක්කාසු වෙලා එජාපය හා රනිල් මඩ වලින් නෑව්වේය.

මේවාට සිරසෙන් කන, මෛත්‍රී ගුණරත්න නම් ගුණමකුවාත් (මෛත්‍රී ගුණරත්නලා රනිල් සමග වෛර බඳින්නේ ඇයිද කියා පත්තරවල පිටු පුරා තිබුනේය.) ෆුල් සප් එක දුන්නේය. අදටත් දෙන්නේය. මේ ඔක්කෝම කරලාත්, අන්තීමට ඉල්ලන්නේ මොකක්ද කියා හොඳටම පැහැදිලිය. ඉල්ලන්නේ වෙන මුකුත් නොව, එජාපයේ නායක් කමය.

තාත්තා ජනාධිපති උනා කියා. මහරාජා දෙන සල්ලි වලින් පන්සල් වලට සොච්චමක් දී, හාල්පාරු සංඝයෝ එක්ක එක්කාසුවී, මේ රට හදන්න යනවානම් දෙයියාන්ගේම පිහිටය. ගම් වල බූරූ සිපයියන් හා එක්වී. ක්ලැරන්ස්ගේ ගීත ඇන්ටන් ජෝන්ස්ගේ හඬින් ශෘතියෙන් සම්පූර්ණ පිටින් ගායනා කරනවා වාගේ බලේ හම්බ උනාමත් කරන දෙයක් හිතලාවත් නැති, මහින්ද මහත්තයාගේ චරිතය රඟන්න ට්‍රයි කලත් ඒ කිට්ටුවටත් එන්නේ නැති හාදයෙක් ලංකාවේ ජනාධිපති කමට ඕනා නැතිය.

ඊට වඩා සොලිඩ් බඩුවක් දැනටමත් අපට ඉන්නවාය. අද වශ්‍ය වෙලා තියෙන්නේ, මේ ගෝත්‍රික සිස්ටම් උඩු යටි කුරු කර, රට ඉදිරියට ගෙනියන්න පුළුවන් සමාජ දැක්මක් ඇති පිරිසක්ය. එහිදි අජ්ජාපනේ, ආර්ථික, හා සමාජීය වශයෙන් 100% වෙනසක් සමග පැමිණෙන කෙනෙකු හැර. පන්සල් ගානේ ගොස් පච කෙලිනා හාල්පාරුවන්ගෙන් වැඩක් නැතිය.

දැන් තියෙන්නේ තවත් ගූ වෙන්නේ නැතිව. ඔය ඉන්නවයි කියන ජනතාවත් එක්ක, වෙනම පක්ෂයක් හදාගෙන බලේට එන එකය. තාත්තා පක්ෂයේ උන් සොලිඩ්ම පොරවල්වලට කල දේ, අද පුතාට පල දෙන්නේය. මෙතුවක් කල්, කරූ ගොනා කරගෙන, බලේට එන්න වලි කෑවේය. දැන් කරූට සම්මා දිඨ්ථිය පහල වෙලා හමාරය. අවසානයේ හෝ, සැමදා තරු දැකපු කරූ, අනාගතයේදීවත් හිරූ දකීවා කියා ප්‍රාර්ථනා කොරනවාය...


මේකටම් සම්බන්ද පට්ට කතාවක්, "සමබිම වෙබ් අඩවියේ" තීලා අමු අමුවේ ඉස්සුවේය. මහන්සිය බලන්නේ නැතිව ඒකත් කියවලාම උන්නා නම් ඉතා අගනේය..

සජිත් ප්‍රේමදාස මහතා යනු ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ එකම පුත්‍ර රත්නය වෙයි. ඔහු නායකත්ව මණ්ඩලයෙන් ඉවත් වූයේ මන්ද කියා පහත දැක්වෙන කතාව ඇසුරෙන් වටහා ගැනීමට පාඨකයාට පුළුවන් වනු ඇත.

ඔන්න එකෝමත් එක රටක එක්තරා පුංචි ළමයෙක් ජිවත්වුණා. එක දවසක් මේ ළමයා කෑම කන්න බැහැ කිව්වා. ඉතින් ළමයගේ දෙමව්පියෝ මේ ගැන හුඟක් කළබල වුණා. ඒ මොකද කිව්වොත් දැන් වගේ නෙමෙයි. ඒ කාලේ මිනිස්සුන්ගෙ උපරිම උත්සාහය වුණේ බල්ලෝ මරලා හරි සල්ලි හොයලා තමන්ගේ ළමයින්ගේ ජිවිත හොඳට සැපවත් කරන්නයි. තමන්ට කුඩා කාලේ නොලැබිච්ච හැම දෙයක්ම ළමයින්ට දීලා සතුටු වීම තමයි ඔවුන්ගේ එකම පරමාර්ථය වුණේ. තමන්ට පොඩි කාළේ පිහිනන්න බැරිවුණා නම් ළමයාව ස්විමිං ක්ලාස් යවනවා, ටෙනිස් ගහන්න බැරිවුණා නම් ටෙනිස් ප්‍රුක්ටිසස් යවනවා. ඒ වගේම පොඩි කාලේ හරි හමං කෑමක් ලැබුණේ නැත්නම් ඒ ඇරියස් එක යන්නත් එක්ක ළමයින්ට සුපර් මාකට්වල තියෙන කෑම ඔක්කොම ගෙනත් දෙනවා.


ඉතින් මේ ළමයා කෑම වර්ජනය කළාම දෙමව්පියන් කලබල වීම අහන්න දෙයක් නෙමෙයිනේ. ඉතින් දින කිහිපයක් බලලා ළමයගේ අම්මයි තාත්තයි චැනල් කරලා ළමයව ළමා මනෝ වෛද්‍යවරයෙකු ළඟට එක් කරගෙන ගියා.


කතන්දරේ අහපු මනෝ වෛද්‍යවරයා හිතුව මේක සිම්පල් කේස් එකක් කියලා. ඒ කරලා එයා දෙමව්පියන් දෙන්න ඉවතට යවලා ළමයා විතරක් සායනයේ තියාගත්තා. ඉන් පසු නොයෙක් ජාතියේ රසවත් කෑම ජාති ළමයා වෙත පිරිනමමින් ආහාර ගැනීම සඳහා ඔහු පෙළඹවීමට උත්සාහ කළා.


ඒත් පුදුමයක මහත! මේ ළමයා කිසිම දෙයක් කන්නේ නැතුව නිශ්ශබ්දව ඉන්නවා. දැන් නම් මනෝ වෛද්‍යවරයාගේ ඉවසීමේ සීමාව පනින්න ළං වුණා. අන්තිමේදී ඔහු මෙහෙම ඇහුවා.


“ඇත්තම කියන්න. මොනවද ඔයාට කන්න ඕනෑ කරන්නේ?” ළමයත් අත්දෙක පපුව ඉස්සරහා බැඳගෙන ටිකක් කල්පනා කරලා කිව්වා.


“මට පණුවෝ ඕන” කියලා.
 

දොස්තරත් පරාද වෙන්න කැමති වුණේ නැහැ. වහාම තමන්ගේ ලේකම්වරියට කතා කරලා කිව්වා වෙළෙඳ පොළට ගිහින් පණුවන් ටිකක් අරගෙන එන්න කියලා. ටික වෙලාවක් ගත වෙන කොට දොස්තර පණුවන් පිරුණු පිඟානක් ළමයාට පිළිගැන්නුවා. මෙන්න එතකොට ඒ ළමයා කියනවා,

“මට උන්ව බැඳලා ඕන” කියලා.


දොස්තර තම ලේකම්වරියට කිව්වා පණුවෝ පිඟාන රෙහ කරලා ගේන්න කියලා. ටික වෙලාවකින් දුම් දමන ෆ්රයිඩ් වර්මිස් පිඟානක් ළමයා ඉදිරියට පැමිණියා.


“මට ඕන එක පණුවයි” එතකොට ළමයා කිව්වා.


දොස්තර කලබල නැතිව එක පණුවෙකු ඉතුරු වෙද්දී අනිත් පණුවො ටික ඉවත් කළා. දැන් ඉතින් ළමයට තියෙන්නේ මේ එක පණුවා කන්නයි.


මෙන්න එතකොටම මේ යක්ෂ ළමයා කියනවා


“ඔයත් මේකෙන් බාගයක් කන්න ඕනෑ” කියලා. ටිකක් කල්පනා කළ දොස්තර පණුවා දෙකට කපලා බාගයක් අතට අරගෙන එය තම මුව තුළට දමා ගත්තා.


එතකොටම ළමයා අඬන්න පටන් ගත්තා. හොඳටම කෙන්ති ගිය දොස්තර ළමයාගෙන් ඇහුවා අඬන්නේ මොකද කියලා.


ඉකි බිඳුම් අතරින් ළමයා මෙසේ කෑගැසුවා.


“ ඔයා කෑවේ මගේ බාගෙ”∎



ඉස්සුවේ මෙතනින්...   http://www.samabima.com/?p=8809

93 comments:

  1. ඉස්පිලක්, පාපිල්ලක්, වචනයක්, වචනයක් ගානේ එකඟයි. වෙන කියන්න දෙයක් නැත. මම ලිව්වත් මෙච්චරයි ලියන්නේ.

    ReplyDelete
    Replies
    1. මොනවා කියන්නද 100%...

      Delete
    2. කවද්ද වෙදපප්පා සූර පප්පා කියපු දේවල් වැරැදියි කියන්නේ. ඔන්න මේකටත් එක දැම්මා. දැන් ඉතින් පිට කසා ගන්න එක විතරයි ඉතිරි.

      Delete
    3. හුටා මම කොමන්ට් කොරන්න කලින්ම කෙන්ජිත් 100% අරන් එතන්ට පැන්නනේ බොල.

      Delete
    4. ජහ මනයාට නොතේරෙන ඇත්ත කතන්දරේ ඕක තමයි..

      Delete
  2. අයියෝ සල්ලි. සැක්ස් කතාවයි, මන්ඩලේ කචල් කතාවයි. මේ මාසෙත් බොග කොහොම හරි රෝල් කරගතැකි. නැද්ද ආයුබෝවන්.

    ReplyDelete
    Replies
    1. බොග දාන්න කරුණු නැති රටක්ද මේක.. ඔය ඕන තරම් සිද්ධි වෙන්නේ එක දවසකට...

      Delete
    2. මේකෙ නම් කිසි ඇදක් කුදක් නෑ.

      Delete
  3. මටනම් පෙන්නේ රනිල් මේ සැරේ හොඳට හිතලා හිතලා සජිත්ට රෙද්දේ රෙවෙන්නම ගේම දී ඇති බවය. නායකතව මණ්ඩලේ ඉල්ලපු සජිත් පොර වෙන්න ගොස් දැන් පස්ස බිම ඇනී කෙලවාගෙන සිටියි. කවුරුවත් නොහිතපු රුවන් විජේවර්ධන නායකත්ව මණ්ඩලයට දමා රනිල් ,සජිත්ගේ තුරුම්පු වලින් සජිත්වම කපෝති කර ඇත. දැන් ඉතින් කරූ බුලක් නොගහැව්වොත් , අනාගත අලි නායකයා රුවන් විජේවර්ධනය. සජිත්ට වෙන්නේ හැමදාම "සසුනට අරුණා - මගෙ පුක ඉරුණා " කිය කියා ඉන්නටය.

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් මැච් එකක් බලනකොට මගෙ නම් සිරිතක් තියනව අපේ පැත්තෙ හරි අනිත් පැත්තෙ හරි එකෙක් හොඳ හයක් ගැහුවොත් , අමාරු කැච් එකක් ගත්තොත් පැත්ත බලන් නැතුව චියර් එකක් දෙන්න....

      ඒ අර්ථයෙන් මම හිතන්නෙ රනිල් මේ ගේම් එකේදි විසිල් එකක් දෙන්න වටින පර්ෆෝර්මන්ස් එකක් පෙන්නල තියෙනව....

      Delete
    2. අඩු පාඩුවක් තිබුන නම් මේ කොමෙන්ට් එකෙන් ඒ ටික ඔක්කෝම මැකිලා යනවා... පට්ට කොමෙන්ට් එක...

      Delete
  4. මාතලන්ට කරු එක්ක අමුතු මලක් තියන්නේ අද ඊයෙක ඉඳලයෑ , එජාපයේ සමස්ථ කතන්දරය ගැන මම මෙහෙම කියන්නම් . රනිල් කරු සජිත් තුන් දෙනා එකම දිස්ත්‍රික්කෙන් ඡන්දේ ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම මනාප වැඩිය ගන්නේ සජිත් , ඒකට උත්තරේ මාතලන්ගේ පොස්ටුවේම තියනවා , ගෝත්‍රික ජනතාකට ඒකට හරියන ගෝත්‍රික නායකයෙක්ම තමයි ඕනි , මහ ප්‍රේමෙත් , මහ රජානෝත් ඒකට හොඳම සුදුසුකම් තියන අය , චුටි ප්‍රෙමෙත් දඟලන්නේ තමන් ඒ ගොඩේය කියල පෙන්වන්න . කොහොම වුනත් මේ පාර නම් රනිල් -කරු ඩබලම එකතු වෙලා චුටි ප්‍රේමෙට ගේම දුන්න ගතියක් තමයි මට පේන්න තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම සජිත්ගේ දේශපාලනික පරිණතභාවයේ මදකම පෙන්වපු සිදුවීමක්, සන්නද්ධ වියයුතු වෙලාවක හුදෙකලාවීම තමයි සිදුවුනේ...හැබැයි අමතක කරන්න නරකයි මහින්දත් රඟපෑවේ මේ රෝල් එකම තමයි අනූ හතරෙන් පස්සේ...

      Delete
    2. බුවා,
      එකඟයි. මාතලන්ලට රනිල්ලට (සහ ඒ පන්තියට) හා බ්ලොග් අවකාශයේ ඉන්න සම හරක් දේශපාලන ඔස්තාර්ලට නොතේරෙන ඇත්ත තමයි මේක.
      දැං එජාපයේ අවුලක් තියනව. හැමදාම ඡන්ද පරදිනව. සමහර බුවාල මහින්දට විකල්පයක් වෙනව කියල කවදා හරි රනිල්ට චෑන්ස් එකක් වැදෙනකල් ඉන්නව. හ‍ඳේ තමයි! මහින්දට 5/6ක් උනත් ගන්න පුළුවන් මේ පිස්සු පූස ඉන්නකල්.
      මිනිස්සුන්ගෙ ගෝත්‍රිකත්වය තේරුම් ගන්න පුළුවන් මාතලන්ට උන්ට හරියන නායකය කවුද කියල තේරුම් ගන්න මොලේ පෑදේවා!

      Delete
    3. තවත් එකක්,
      දැං ඉන්න එකා නරකයි. ඌට 2/3ත් තියනව. ඉතිං දැන් තියනව විකල්ප දෙකක්.
      අංක එක තමයි දියසේන වගේ නැත්තං වන්ෂොට් වගේ සීයට සීයක් සුදු බුවෙක් ඇවිල්ල ලොක්ක එලවල නායකය වෙලා ....... ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ! වගේ සීන් එකක් එනතුරු බලා සිටීම.

      අංක දෙක තමයි ලොක්ක වෙනුවට ඒ ආසන්න හොඳ හෝ නරක ඇති නායකයෙක් පත්කරගැනීම. එතනදි 2/3ක් තරම් බලයක් කාටවත් ගන්න පුළුවන් වෙයි කියල හිතන්න බෑ මේ වෙලාවෙදි. අඩුම තරමින් ලොක්ක ආයෙත් දිනුවත් 2/3 නැති කරගන්න පුළුවන් නං ඒකත් මදැයි. පොනිල් රන්නයට නං ඒ හැකියාවත් නෑ. මෑන් හිටියොත් මහින්ද දිනන්නෙ ආයෙත් 2/3ක් ඇතුව..

      දේශපාලනය කියන්නෙ ටිකෙන් ටික පරිවර්තනය වෙමින් යන්න ඕන ගමනක්. රනිල් හොඳ නැත්නම් කරු හරි සජිත් හරි නැත්තං වෙන කවුරුහරි එතෙන්ට එන්න ඕන. එයාටත් බැරිනං පුළුවන් කෙ‍නා හොයාගන්න ඕන. ඔක්කෝටම කලින් බැරි බැරියාව තියන කෙනා අයින් වෙන්න ඕන.

      Delete
    4. @ බුවා..

      ඉස්සෙලාම උඹේ කොමෙන්ටුවක් දැකීමත් සතුටක්..

      අපි මචෝ කරූට කඩේ ගිය අය. පුක ඉරාගෙන වැඩ කරපු අය. කරු නියෝජනය කරන්නේ, ගම්පහ දිස්ත්‍රික්කය. උඹ දැකලා තියෙනවද එක තැනක හෝ කරූ රතුපස්වල ජනතාව ගැන හඬක් නගපු තැනක්.. රටේ ලොක්කා උනත් එච්චර තමයි.. මිනිස්සු නැෂනල් එකට රැවටිලා ඉන්නේ.. ඇත්තටම කරූ කියන්නේ, එහෙටත් නැති, මෙහෙටත් නැති. මඩේ හිටවපු කරුවක්...

      Delete
    5. @ ජනරංග
      මහින්ද, මහින්දට ගහන වෙලාවේ, මහින්දට සප් එක දීපූ එකෙක්වත් කැපුවේ නෑ. නායකත්වයට අභියෝග කලෙත් නෑ. මීඩීයා කාරයෝ සහෝදරයෝ වගේ උනත්, මඩ ගහන්න ගියේ නෑ.. වෙලාව එනකන් ඉවසගෙන උන්නා.. සජිත්ට නැත්තෙත් ඉවසීමේ ගුණයයි.. සජිත් නායකත්වයට පත් විය යුතු එක හේතුවක් කියනවද...?

      Delete
    6. @ රාජ්

      සහෝ, උඹලට නොතේරෙන එක දෙයක් තමයි, මහින්දලා ඉඳලත් සන්ධානෙත් අවුරුදු ගානක්ම එජාපයට පැරදුන එක. එතකන් හිටියේ එක නායකයයි. ඒ සිරිමාවෝ. අනිතිමට රෝද පුටුවට වැටුනමයි දුවට නායකත්වය දුන්නේ. ඒවා නොදන්න අය, ලංකාවේ දේශපාලන සංස්කෘතිය නොදන්න අය, ධනපති පන්තියට වෛර කරන අයට ඕවා මතක නෑ..

      මට රනිල් ආවත්, සජිත් ආවත්, මහින්ද ආවත්, විමල් ආවත්, ලාල්කාන්ත ආවත් එකයි, මොකෝ මම ජීවත් වෙන්නේ උන්ගෙන් නෙමෙයි. වෙන්න ඕනත් ඒකයි. එහෙම හිතන්න පුළුවන් සමාජයක් හදන එකයි. කොහොම හරි හාමුලා මේ රට පාලනය කරන කොට මානුෂික අයිතිවාසිකම් මීට වඩා ආරක්ෂා උනා..

      අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, රනිල් පොන්නයා නිසා වෙන්න ඇති රනිලුත් සජිත්ට පුකේම ඇරලා, කරූට කියලත් ඇරෙව්වේ...

      මිනිස්සුන්ට එහෙම නිග්‍රහ කරන්න එපා.. උඹ නිග්‍රහ කරපු නිසයි මම ඒකත් මතක් කොලේ...

      Delete
    7. මාතලන්ට එක දෙයක් අවබෝධ වෙනව. නමුත් අනෙක් ටික නෑ. අවබෝධ වෙන ටික තමයි ලංකාවෙ මිනිස්සු ඡන්දයේදී හැසිරෙන විලාශය.
      උඹේ ප්‍රශ්නෙට උත්තරෙත් ඒක ඇතුලෙම තියනව. මහින්ද සිටියදීත් ශ්‍රීලනිපය පැරදුනා තමයි. ඒත් ලංකාවෙ ඉන්න බූරු හැත්ත ඡන්දෙ දෙන්නෙ නායකය ගැනත් බලල. ඒක එහෙම නෙවේ කියනව නං කියපං. අන්න ඒකයි එජාපයේ දැන් තියන අවුල. සැට් නෝන ආවට පස්සෙ බලය ලැබුන කියන්නෙ ඉතිං හරිනේ. මම කියපු කාරණාව තමයි උඹ ඔප්පුකලේ.

      මටත් ඔය කවුරු ආවත් රස්සාව නං නැතිවෙන එකක් නෑ. අම්ම තත්තගෙන් ලැබුන දෙයත් නැතිවෙන්නෙ නෑ. ඒ නිසා මාත් උඹේ බෝට්ටුවෙ.

      කෙනෙක් පොන්නයෙක් වීම ගැන අවුලක් මට නං නෑ. (ලිංගිකව). නමුත් පොන්නකම දේශපාලයත් එක්ක ගාගැනීම-පටලවා ගැනීම නං සෑහෙන්න අවුල්. අන්න ඒ විවේචනය නං තියනව හැමදාම

      Delete
    8. ඒ තර්කය අනුව නම්, ආන්ඩු පක්සෙ ඉන්න ඔක්කොමත් පොන්නයෝ වෙනවා.. ඒ කියන්නේ 1994 ට කලින්...

      ජේ ආර් කියන්නේ ජනප්‍රිය නායකයෙක් නෙමෙයි. එහෙම නායකයෙක් ඉස්සරහට නොදා ගේම දුන්නේ එදා ජනප්‍රිය තරුණ නායකයෝ වෙච්චි. ලලිත් ගාමිණි ප්‍රේමේ වගේ අය.. නායකයකගේ ප්‍රශ්ණයක් නෙමෙයි මෙතන තියෙන්නේ නායකත්වයට කෙළ හලන ප්‍රශ්ණයක්.. ඉවසන්න බැරි ප්‍රශ්නයක්..

      Delete
  5. මේ සජිත් ගේ දේශපාලනයේ හැරවුමක්... කවුරු හරි ඉන්න උපදේශකයෙක් ඇඩවයිස් එකක් දීල ආපහු ඔය මණ්ඩලේට ඉක්මනට හේත්තු වුනොත් එහෙමයි... [ විසාල ඉඩකඩක් තියෙනව එහෙම වෙන්න , තලතට ටොපිය ] නැත්නම් මම හිතන්නෙ පක්ෂය තුල රුක්මන් පත්වෙච්ච තත්වෙ තමයි මෙයාටත් අත්වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. අමාරුම වුනොත් පොරත් යයි දෑත් ශක්තිමත් කරන්න...හැබැයි හම්බන්තොටින් නෙමයි(එහෙට උරුමක්කාරයෙක් ඉන්නවානේ!)කොළඹින්....

      Delete
    2. මම නම් දැනගෙන හිටියා, මේ පරිප්පුව කන බව. ඔතන ලොක්ක බැක් කලෙත් රනිල්ට..

      Delete
  6. මේ පොර ගැන වෙන මොනවා කියන්ටද? හම්බන්තොටට වෙලා මහන මැෂින් බෙද බෙදා හිටියා ඇරෙන්ට වෙන දැනෙන යමක් කරපු පොරක්යැ?

    ReplyDelete
    Replies
    1. මම අහන්නෙත් ඒකයි, දැක්මක්, ප්‍රතිපත්තියක්, වැඩ පිලිවලක්, එක්ස්පීරියන්ස් එකක්.. මෙලෝ දෙයක් නෑ.. මීට වඩා හොඳා දයාසිරි...

      Delete


  7. මේ මිනිස්සු තනිකර නටන්නේ බලය වෙනුවෙන් නටන නාඩගමක් මාතලන්.. මේ වගේ පෝස්ට් එකක් බලලා යනවා ඇර අපිට කියලා කරන්නත් මහ දෙයක් ඉතුරු වෙන්නෙත් නැහැ තව අවුරුදු 3 ක් විතර යද්දී..

    අනේ මන්ද..ඔලුව විකාර වෙනවා ..... නෝනයි ළමයි ටිකයි එක්ක රට පැටවෙනවා ඇර විසදුමක් නැද්ද මේකට ....? වෙලාවකට හිතෙනවා විජේවීරටත් මෙහෙමම හිතෙන්න ඇති කියලා...

    ReplyDelete
    Replies
    1. විජේවීර ඔහොම නෙමේ හිතුවේ ,,, ********** මෙන්න මෙහෙම

      Delete
    2. එහෙම දෙයක් නෑ.. කවද හරි මෙයාලටත් තේරේවී, අමු වලකටයි යන්නේ.. වල කටෙන්ම ගොඩ නොආවොත් විනසයි කියලා..

      Delete
  8. අපරාදේ ඒ උණාට කටේ සද්දෙට කෑ ගහන්න හිටපු මනුස්සයා. ආයේ කතා කරන එකක්වත් නැති වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඒත් කට නම් වැහිලා නෑ තවම..

      Delete
  9. කතාව ඇත්ත වුවත්, අපි මේවාට අදහස් පල කලොත් වැරදියට ගන්න හැකි නිසා බලා හිඳිමු.

    ReplyDelete
    Replies
    1. ඊට වඩා හොඳයි, තම අදහස කියන එක.. දැන් පොලිටික්කොත් මේවා කියවනවා..

      Delete
  10. දේශපාලනේ ගැන පෝස්ට් කියවන්නේ නැත.. ලංකාවේ දේශපාලනේ ගැන කියවන්න නාස්ති වෙන කාලේ මන් රෙස්ලින් ඉවෙන්ට් එකක් බලන එක ඊට හොදයි ,, නමුත් ඔයාගේ ලිපි නම් කියෝනවා ,, ඒ වායේ කියන්ඩ ඕනේ එවුවා අමුවට තිබෙන නිසා ,, කරූ ගැන කියද්දී මට මතක් වුණේ දවසක් එයා ගෙදර ආපු වෙලාවක අපේ සීයා එක්ක කතා කර කර ඉදලා ගියාට පස්සේ සීයා කිවුවා "පව් කියලා " ඒ කාලේ කරූ මහත්මයාගේ හිතේ ලස්සන හීනයක් තිබ්බා ඒ නිසා වෙන්න ඇති


    පොඩි එකාගේ කතාව නම් ෂෝයි අනේ ,,

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අපු හැමෝම දේශපාළණ සත්වයෙක්..

      පොඩි එකාගේ කතාව නම් මටත් අල්ලලම ගියා...

      Delete
  11. ඔය මණ්ඩලේ සභාපති කම හම්බුනා නම් බලන්න තිබුනා ඔය මහත්තයා ඔය කියන කතාවමද කියන්නේ කියලා. ඇරත් සංඝයා වහන්සේලා නිසාම ලැබෙන තනතුරු අත අරින බබා මෙයා... අපි නොදන්න පොලිටික්ස්!

    ReplyDelete
    Replies
    1. ඕකට ඉස්සෙල්ලා කරූ එක්ක තනියෙම කතා කර කර මේ සැරෙත් ගොනාට අන්දන්න බැලුවේ.. නමුත් එජාපේ, පක්ෂෙට ආදරේ කරන සෙට් එකක් (හර්ෂ, එරාන්, හරේන්, රුවන් වගේ කීප දෙනෙක්..) කරූව දැණුවත් කලා.. ඇත්තටම අපේ ගෞරවය ඒ අයට හිමි විය යුතුයි...

      Delete
  12. 2007දී රනිල්ට හතර ගාතෙන් වැට්ටෙන්නම පිටට පිහියෙන් ඇන්න කරූ 2013දි රනිල් එක්ක ඒ දේම සජිත්ට කලා.
    ඕකුන් කාටත් ලැජ්ජා නහර කියන දේ නෑ. හැබැයි ඒක තිබ්බා නම් සියල් සපිරි මෙසිරිලක දේසපාලනේ කරනවා බොරු. ඕන්

    ReplyDelete
    Replies
    1. දේශපාලනේදි ලැජ්ජාව තියනව නම් එකට ඉන්න බැරිම දෙන්න තමයි රනිල් සහ මංගල. ඔය අගේට එකට ඉන්නෙ! එකට .....නෙ

      Delete
    2. දේශපාළණයේදී සදාකාලික මිතුරන් මෙන්ම, සදාකාලික සතුරන්ද නැත..

      ඒක හොඳ දෙයක්..

      Delete
    3. \\\\\\දේශපාළණයේදී සදාකාලික මිතුරන් මෙන්ම, සදාකාලික සතුරන්ද නැත..\\\\\\\\\\

      සතුරන්ව සිටියදී කොකා ගැස්සුනද කරන්න දෙයක් නැත... දේශපාලනය , යුද්ධය කියන මාතෘකා වලදී ඕක තමයි සත්‍ය... එම සත්‍යට පිටු පාන අයට වෙන්නේ වැලි කොට්ටේ නිදන්න ....

      Delete
  13. යූ ඇන් පීය කෑවේ රනිල් නෙමේය. සජිත්ගේ තාත්තාය. ජනාධිපති කම හම්බ උන ගමන් වඳුරාට දැලි පිහිය හම්බ උනා වගේ, හතර අතේ වැනුවේය. ගාමිණි ලලිත් වැනි බුලට්, කුණු බක්කියට දැම්මේය. "
    එක්සලන්ට් ... යේ ඉතින් කියන්ඩ දෙයක් නෑ ....

    ReplyDelete
    Replies
    1. බොහෝ විට ඇත්ත යට යනවා.. ඒකයි මෙහෙම මතක් කොරන්නේ..

      Delete
  14. අහක ඉදන් අපිත් සම්බන්ධ උනාට කමක් නෑ නොවැ.............. ඇයි බන් මන් මේ බොග් පඩන්ගුව කලින් දැකකෙ නැත්තෙ, දිගටම කියවනව හොදේ.......... උබේ ඔක්කොම පෝස්ට් කියවල තමයි නවතින්නෙ. සුබ පතනව උඹට හොදටම ලියපන් මයෙ යාලුවෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. ඔක්කෝම කියවන්න නම් වෙලාවක් නැති වෙයි...

      Delete
  15. පනු බාගේ උපමාව හරියටම හරි

    ReplyDelete
    Replies
    1. පට්ට කතාව.. ඒකයි ගෙඩිය පිටින්ම දැම්මේ..

      Delete
  16. //යූ ඇන් පීය කෑවේ රනිල් නෙමේය. සජිත්ගේ තාත්තාය. ජනාධිපති කම හම්බ උන ගමන් වඳුරාට දැලි පිහිය හම්බ උනා වගේ, හතර අතේ වැනුවේය. ගාමිණි ලලිත් වැනි බුලට්, කුණු බක්කියට දැම්මේය.//

    එදා ප්‍රේමදාස කරපු ටිකම අද රනිල් කරනවා. එදා ප්‍රේමදාස අවුල් බුලට් පැත්තකට දැම්ම වගේ අද හොද බුලට් ටිකක් කුනු බක්කියකට දාල. රනිල් හරි කියල කියන එක නෙවේ හරි.. රනිල් පැත්තකට වෙලා පක්ෂයට ගොඩ එන්න චාන්ස් එකක් දෙන එක..

    කරු ආවොත් පෙනෙයි තරු කියලත් ඒ කාලෙ කිව්වා..
    සජිත් - කරු කාටවත් මේක ගොඩ දාන්න බැහැ. රනිල්ටත් එහෙමයි. (ෆොන්සේකා මහත්තයටත් අමාරුයි.) පොදු විපක්ෂයක් හදාගෙන එක මතයක ඉදන් රැල්ලක් නගන්න තමා වෙන්නෙ.

    ජය !

    ReplyDelete
    Replies
    1. රනිල් කවුරුවත් කුණු බක්කියට දැම්මේ නෑ.. බලයට හා මුදලට කෑදර උන් කඩාගෙන මහින්ද මාමා ගාවට ගියා.. අනික් උන්ට ඉවසීමක් නෑ.. ඔක්කෝටම අමතකයි සන්ධානෙත් මේ වගේම කට්ටක් කාපු බව...

      Delete
  17. සිරාවටම ඇත්ත කතාව

    ReplyDelete
    Replies
    1. මාතලන් කවදත් බොරු කියනවා අඩුය..

      Delete
  18. ශක්තිමත් විපක්ෂයකට පාර කැපේ නම් මම ෆුල් ලයික්ය...

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නම් වෙන එකක් නෑ.. නමුත් සජිත්ට නම් පක්ෂයක් හදා ගන්න වෙයි..

      Delete
  19. මාතලන් කොලුවො නියම කොලුවෙක් බන් උඹ, උපදේශයක් එහෙම ඕන උනෙත් දියන් හොදෙ.

    ReplyDelete
    Replies
    1. අපේ උපදෙස් පිලිපැද්ද නම් රටට මෙහෙම වෙන්නේ නෑ..

      Delete
  20. රනිල මොනා උනත් හොදා මේ මහින්ද ගොබ්බයට වඩා, සජිත නම් ගොබ්බයන්ගෙත් ගොබ්බයෙක් නිසා ඌ නම් කොහොමත් හරියන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මාතලන්ද ගොබ්බයන්ට වඩා ජැන්ටමෑන්ස්ලාට මනාපය..

      Delete
  21. මටනම් පේන්නේ දැන් තමයි යුඇන්පිය ක්ලීන් කරනවානම් අන්තිම අවස්තාව. තලතා නෝනා කියනවා එයා බලාපොරොත්තු වෙච්ච නායක මන්ඩලය මෙක නෙමෙයිලු. හාමුදුරුවරු දැන් කියන්න දෙයක් නැතිව බලන් ඉන්නවා. ඉස්සරහට කිලීගේ යු ටර්න් එකක් වෙයි කියලා හිතෙනවා. කඩුවෙල සුජීව ඔය ඔක්කොටම ඉස්සෙල්ලා අප් සයිඩ් ඩවුන් වෙනවා. සජිත් තාත්තා කලා වගේම පෙරමුනක් ගහයි මට හිතෙන්නේ. සජිත් ගානට දකුණු ඡන්දෙනුත් ආඳා මාළු ඉරට්ටෙන්ම බස්සගනියි.

    ReplyDelete
    Replies
    1. සජිත්ට අබ සරණයි... මම හිතන්නේ, ඇතුලට රිංගුවේ නැත්නම්.. ගමනක අවසානයත් ඕකයි..

      Delete
  22. ඉස්සර හිටපු මිනිස්සුන්ගේ ෆොටෝ ටික පිටිපස්සේ තියාගෙන මේ මිනිස්සු මක්ක කියනවද මන්දා . මම දැක්කා සිරි වෙහෙරේ කොතේ ඒ ෆොටෝ ටික දවසක් ටීවී එකේ . පක්ෂේ ප්‍රභල සාමාජිකයෝ වෙලා හිටපු ඒ මිනිස්සු ඒ ලෝකේ ඉඳගෙන හූල්ලනවා ඇති .

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ තිබුන දේශපාළණය නෙමෙයි දැන් තියෙන්නේ.. ඒකයි හේතුව..

      Delete
  23. රනිල්ට බැරි නම් සජිත්ට කොහේ පුළුවන් වෙන්නද.?සජිත්ට වඩා ඉන්න මහින්දම හොඳයි...

    ReplyDelete
    Replies
    1. මම කියන්නෙත් ඕකමයි.. තව මක්කටෙයි සජියෙක්..

      Delete
  24. හරිහමන් විපක්ෂයක් හදාගන්න බැරි එකයි ප්‍රශ්නේ...

    ReplyDelete
    Replies
    1. විපක්ෂ වෙන්නේ මක්කටෙයි, යූ ඇන් පීයෙන් කොරන ඒවා මේ ආන්ඩුවෙන් කොරන කොට..

      Delete
  25. රනිල් මේ සැරේ හාමුදුරුවෝ ටිකකටත් අං ගිල්ලොල හොදම උප්පර වැට්ටියක් කොලේ.
    ඕක අතිවිශේෂ ගේමක්.ප්‍රතිපල චුවින්ගම් එකෙන් පසුව කාටත් දැනේවි.

    ReplyDelete
    Replies
    1. අන්තීමෙදි සාධුලා ටිකත් නියෙමට ස්නානය කොර ගත්තා...

      Delete
  26. මාතලන් ලියලා තියෙන සමහර දේවල් මට පේන්නේ ටිකක් වෙනස් විදිහකට....

    දැන් ගාමිණි ලලිත් ලා එලවලා යුඑන් පි එක නැතිකරේ ආර් ප්‍රේමදාස කියන කොට මට කියන්නේ තියෙන්නේ ඒක එහෙම වෙන්න තිබුනා කියලා....ගාමිනි ලලිත් ප්‍රේමදාස රන්ජන් වගේ මහත්තුරු ඔක්කෝම ගොඩක් දක්ශ මීනිස්සු..ඒ වගේ මිනිස්සු ගොඩකට තනි පක්ශයක් ඉන්න බෑ.....ඒක හරියට බණ්ඩාරනායක් මහත්තයට යුඑන්පි එක මදි උනා වගේ සිද්ධියක්....ප්‍රේමදාස හිටියේ නැතනම් ලලිත් ගාමින් අතර යුඑන්පි නායකත්වයට ප්‍රශ්නයක් එන්න තිබ්බ...ඒ නිසා ප්‍රේමදාස ලලිත් ගාමිනි එලෙව්ව , යුඑන්පි නැති කලා කියන්න අමාරුයි..ඇත්තටම යුඑන්පි එක නැති කලේ ප්භාකරනුයි....

    අනිත් කාරණේ සජිත් ඔය මාතලන් කියනවා වගේ නූල් සූත්තර දාන්න දන්න පොරක් නෙවෙයි....පොරගේ තියෙනේ එදා වේල ‍ටුවර්ස් වැඩ ටිකක්....ඒ හින්දා කරුට සජිත් ලණු දුන්නයි කියන කථාව ඇත්ත වගේ පෙනුන්නට ඇත්තටම වෙන්නේ කරු ඇදගේන නෑමක්....

    කොහොමත් රුවන් විජේවර්ධන තැනකට එනකං රනිල් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. මයියාගේ පැහැදිලි කිරීමත් වෙන්න පුළුවන්. ඒ වගේම අධික පාර්ලිමේන්තු බලයක් නැතිව නායකයා අනෙක් ‍"ඉහල සෙට් එක" කපනව නම් ‍ඔයවගේ තත්වයක් ඇතිවෙන්න පුළුවන්. (ලොකු ප්‍රේමදාසට උනෙත් ඒක). මහින්ද ලොක්කට නං ඒ අවුල නෑ එකසිය පනස් ගනනක්ම ගෙඩි පිටිං ඉන්නවනේ. ඉතිං කඩුව වනන්න බය නෑ.

      Delete
    2. අළුත් දැක්මක්.. ඒත් ඒ තර්කය බිඳෙනවා.. ජේ ආර් ඔතනට ආදේශ කලොත්.. ප්‍රේමදාසගේ යුගේ උනේ පන්ති ප්‍රශ්නයක්..

      Delete
    3. ම්ම්ම්ම්ම්.......ජේ ආර් යටතෙ ඉන්න කොට ඔක්කොමලා තරුණ කට්ටිය...නායකත්වයට පාර හදන කාලේ....ඒ කාලේදි එකට ඉන්න පුළුවන් උනාට නායකත්වයට සුදුසු කාලේදී මේ ඔක්කොටම යූඑන්පී එක මදී...

      පන්ති ප්‍රශ්ණයකුත් තිබ්බා....මම ඒක නෑ කියන්නේ නෑ.......ඒත් එකම කුකුල් කො‍ටුවේ රජ් කුකුලන් ගොඩ දෙනෙකුට ඉන්න බෑ...........

      Delete
  27. කතාව සම්පූර්ණ ඇත්ත.මේ ආණ්ඩුවට යමෙක් යම් යම් චෝදනා එල්ලකරන්නේනම් සජිත් ගේ ආණ්ඩුවකටද ඒ චෝදනාම එල්ල කළ හැක.බලය නැතිව සිටින විට පවා මොහු විරුද්ධවාදීන්ට කතා කරන හැටි බලන්න.නැවතත් සොත්ති උපාලිලාගේ යුගයක් අපට අවශ්‍ය නැත.සජිත් තාත්තා ආමන්ත්‍රණය කළ ජනතාව අද වෙනස්ය.1970-1877 යුගයේ ආර්ථික සිරගෙයක් තුල සිටි මිනිසුන්ගේ අවශ්‍යතාවය වුනේ ගෙයක් දොරකි.අද විශාල මධ්‍යම පන්තියක් බිහිවී ඇත.දුප්පතාගෙ දුක යැයි කියමින් කෙහෙල්වත්තේ ලුම්පන් ආණ්ඩුවක් බිහි කිරීම අමාරු ඒකය.මේ ආණ්ඩුවට චෝදනා කරන අය මේ ආණ්ඩුවේ ජාතිකවාදී ප්‍රවේශය හ්0ඕ අඩු තරමින් අගය කරති.නමුත් සජිත්ගේ ආණ්ඩුවක ( මොහු ගැන මෙසේ Hඇඳින්වීමත් ලැජ්ජා සහගතයාදේශීයත්වය නැත්තටම නැතිකර මහාරාජාගේ රූකඩයක් වනු ඇත.අද ජනතාව 1977ට වඩා දේශපාලන වශයෙන් සවිඥානක නිසා ( සාපේක්ෂව ) සජිත් ගේ වැඩ හරි නොයයි.

    ඇත්තටම යූ ඇන් පිය මේ තත්වයට පත් කළේ සජිත්ගේ තාත්තාය.ලලිත් ගාමිණී සමඟ කැඩුන යූ ඇන් පී චන්ද ගොඩ විශාලය.

    අද ඉස්සර මෙන් කැපුවත් කොළ කැපුවත් නිල් මිනිසුන් නැත.අපි ජීවත් වෙන්නෙ සේනානායක හාමුට පින් සිද්ධ වෙන්න එහෙම නැත්නම් බන්ඩාරනායක හාමුට පින් සිද්ධ වෙන්න කියා ඒ අයගේ පින්තූර ගසාගෙන මල් පූජා කරන අය නැත.තරුණ පරපුර යම්තාක්දුරකට ස්වාධීනය.

    අනාගතයට අවශ්‍ය අනාගත දැක්මක් ඇති නායකයෙකි.අවස්ථාවාදීව මාධ්‍ය ආයතන වල රූකඩ වන පුද්ගලයන් නුසුදුසුය.ඔවුහු ජන විඥානයෙන් ප්‍රතික්ෂේප කරනු ලබයි.

    වර්තමාන අර්බුදවල මූලික හේතුව ප්‍රේමදාසය.ඔහු එල් ටී ටී ඊය සමනග එක්වී ඉන්දියන් හමුදාවට හා වර්ධරාජා පෙරුමාල්ට එරෙහිව ගෙන ගිය ව්‍යාපාරය නිසා බලවත් එල් ටී ටීයක් බිහි විය.හැබැයි මෙහි නියම වග උත්තරකරුවා ජේ වී පීය බව ඇත්තය.ප්‍රේමදාස ඒ තතවයට පත් වුනාද විය හැක.

    ReplyDelete
    Replies
    1. ඔය සත්‍යයය බොහෝ දෙනෙකුට පේන්නේ නෑ.. මීටත් අන්ත, වැඩ වසම් යුගයකට රට තල්ලු කරන්න තමයි ගම් වල බයියෝ ට්‍රයි කොරන්නේ..

      Delete
  28. අරේ මාතලන් ජී,

    නයිස් පෝස්ට් හේ!!!!!!

    අන්ධ ඇහැට වඩා වපර ඇහැ හොඳයි ලු නේ........!

    බස්, මට නම් සජිත් මාමාට වඩා "මහින්ද රාජෝත්තමයා" හොඳයි වගේ!

    ජයි හෝ!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. අපේ එයාගේ ගූ බෙට්ටක් තරම් වත් වටින්නේ නෑ... ඒ මනුස්සයා කාපු කටු එක්ක බැලුවම මෙයා මොනවයි කාලා තියෙන්නේ..

      Delete
    2. @ මාතලන් ජී,

      අනිවා අයියේ...........!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  29. වර්තමාන අර්බුදවල මූලික හේතුව දේශපාලකයන්ට වඩා ඡන්දේ දෙන ගෝත්‍රික ජනතාවය!

    ReplyDelete
    Replies
    1. @ ප්‍රා

      මන් ඔබේ කමෙන්ට් දැකලා තියෙනවා .. ඔබට ඇත්තෙන්ම සිංහලට වඩා හොඳින් ඉංග්‍රීසි බසයි හසුරුවන්න පුළුවන්.. ඔබ උඩඟු කමින් ඉංග්‍රීසියෙන් කමෙන්ට් නොකරන බව දැනිලා ගොඩක් කල්.. ඒ නිසා ඔබේ අදහස ඔබට පහසු මාධ්‍යයකින් දමන්න.. කිසිම ප්‍රශ්නයක් නැහැ... හැකි වෙලාවට මගේ බ්ලොග් එකටත් එන්න... ඕනෙම භාෂාවකින් ඕනෙම දෙයක් කියන්න... කිසිම ගැටළුවක් නැහැ...........


      Delete
    2. 100% එකඟයි.. සජිත් පිටු පස් ඉන්නේ ඒ ජනතාවයි.. වැදගත් එකෙක් හෝ නැත...

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  30. @ සර්ව ජීස්........!


    මම ජී කවමදාකවත් මොනම උත්ත්මයෙකුට වත් කඩේ යන්නේ නැත!

    ඒ වගේම,

    "අද හෙටම සජිත්, රනිල් නාකියව එලවලා දාලා නායක පුටුවට එයි! ඇවිත්, ලබන මැතිවරණෙදි මේ ආණ්ඩුව ගෙදර යවයි!!!!!!!!!

    ගෙයක් ගෙයක් ගානේ ඇවිත් පනස්දාහ ගානේ බෙදයි!!!!!!!!!

    එතකොට බඩුම තමා!!!!!!!!!!!!!!"

    නැත්නම්,

    "බැලූ බැල්මටම සයිලන්ට් වගේ පෙනුනට අපේ ෆොන්සේකා මහත්තයට මිනිස්සු අතරේ හිතාගන්න බැරි තරමේ මනාපයක් තියෙනවා! දකින්න් ඇතිනේ මේ පාර ප්‍රතිඵල.....?! ජේ.වී.පීයත් පරාදැයි උන්දැට!!!!!
    පක්ෂෙ පටන් අරන් පලවෙනි ඡන්දෙට xx%කින් ප්‍රතිඵල වැඩිවෙලා තියෙනවා! ඒ කියන්නේ ලබන මහ මැතිවරණේ වෙද්දි මනාප සංඛ්‍යාව xx%කින් වැඩිවෙලා තියෙයි!! එතකොට රටේ ප්‍රධාන විපක්ෂේ අපි තමයි!!!! ඒ කියන්නේ ලබන ජනාධිපතිවරණේ අපේ අතේ!!!!!!!!!!!!! මහරජාට ඩිපොසිටුත් නැතිවෙයි!! ඔය කැබිනට් එකේ ඉන්න හොරුන්ට තක්කඩින්ට, ස්ත්‍රී දූෂකයොන්ට මුන්දෑ එක්ක නම් ඒ සෙල්ලම් දාන්න බැරිවෙයි!!!!!!!

    වැඩිය නටන්න හැදුවොත් උන්ගේ කපුට පයින් ගහලා දායි දොට්ට!!!!!!!

    එදාට නම් බඩුම තමා!!!!!!!!!"

    එහෙමත් නැත්නම්,

    "මේ ආණ්ඩුව දැන් දුවන්නේ තනිකරම විදේශ ණය වලින්!!

    අර හම්බන්තොට හැදුවා වරායක්! නැවු නෑ!!!!!!!!

    මත්තල හැදුවා එයාපෝට් එකක්! කටුනායකින් නග්ගන ප්ලේන්වලට තෙල් ගහන්න ගොඩබානවා හැරුණුකොට වෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ!!!!!!!

    කාගේ සල්ලිද මේ වියදම් කරන්නේ....??????!!!!

    මේවා මේ රටේ දුප්පත් මිනිස්සු වන ඔබ තමුන්නාන්සේලාගේ දහඩිය මහන්සියෙන් හම්බ කරපු බදු සල්ලි!!!!!

    මේවට අපි තවත් ඉඩ දෙන්න ඕනෙද........?????????

    මේ ක්‍රමය වෙනස් කරන්න මේ ආණ්ඩුවට බෑ!!!!!!!!!!

    යූ ඇන් පියට බෑ!!!!!!

    තියෙන්නේ එකම විකල්පයයි...............

    ඒ, "ජනතා විමුක්ති පෙර්මුණේ විකල්ප බලවේගය" බව ඔබ තමුන්නාන්සේලාට මේ අවස්ථාවේ කියා සිටින්න කැමතියි!!!!!!

    ජය වේවා!!!!!!! බඩුම තමා!!!!!!!!!!!
    "

    ඒ මොකක්වත් නෙමෙයි නම්,

    "අද මේ රටේ විපක්ෂයක් නෑ!!!!!!!! එක්කෙනෙක් තමන් 'මැරෙනකම්ම මේ රටේ විපක්ෂ නායක' කියද්දි, තවත් කට්ටියක් නායකයගේ කකුලෙන් අදින්න හදනවා!........

    හම්බන්තොටට නැවු එන්නෑ කිවුවා! වාහන තොග පටවපු නැවු එන්න ගත්තා!!!! දැන් ඒ ගැන කතාවක් නෑ!!!!!!!!!!

    කවුරු මොනවා කිව්ව්ත් මේ රටේ ජනතාව දන්නවා......... ජනහිතකාමී ආණ්ඩුවක් විදිහට

    අපි තමුන්නාන්සේලාට.............

    (චෝගම් ආතල්, කාපට් පාරවල්, උතුරේ වසන්තය, නැගෙනහිර නවෝදය, විමල් ජීගේ උතුරේ බෙදුම්වාදය, බටහිර කුමන්ත්‍රණ, ආර්ථික ඝාතකයෝ )

    2018 වෙනකොට අපෙ මේ පුංචි මුතු ඇටය ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේදී ඔබ තමුන්නන්සේලාගේ මේ සහයෝගය යෝධබල යෝධ ශක්තියක් වනු නොඅනුමානයි!!!!!!!!!!


    සුබ අනාගතයක්!!!!!!!! බඩුම තමා!!!!!!!!!!!"

    මේ මොනම බකට් එකකටවත් මම ජී වැටිලා නෑ...........!!!!!!!!!!!!!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. පට්ට කොමෙන්ට් එක.. පොස්ට් එකක් විදියට දාගෙන ඔහෙත් බොගක් ලිව්වා නම් වැඩේ නැගලම යයි...

      Delete
    2. බොහොත් ෂුක්‍රියා භයියා................!!


      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  31. සජිත් හදන්නේ මහින්ද මහත්තයාට එහා ගිය මහින්ද කෙනෙක් වෙන්න කියන එක බොහොම පැහැදිලි දෙයක්.
    යු.එන්.පි එකට හරි යන්න ඕනේ නම් දැන්වත් සජියාව පක්ෂයෙන් ඉවත් කරන්න ඕනේ.නමුත් මාතලන් කියනවා වාගේ ග්‍රෝතික විදියට බහුතරයක් දෙනා හිතන රටක එක පහසු වෙන්නෙත් නැහැ.පුද්ගලිකව කරු,සජිත්ලාට වඩා මම කැමතියි රවීට.

    ReplyDelete
    Replies
    1. මට දුක පොඩි උන්ට තේරෙන දේ මහ හරක්ට නොතේරෙන එකයි...

      Delete
  32. කාලෙකින් කමෙන්ට් එකක් දාන්නේ.. ෆෝන් එකෙන් කියෙව්වට කමෙන්ට් දාන්නේ නෑ කට්ටිය පුෂ්පය අතට අරන් එන නිසා. මේ කතාවට සහතික එකඟයි. දැන් ඕනේ වෙලා තියන්නේ පච පාරුවෝ සෙට් එකක් නෙවේ. මේක ගොඩ ගන්න පුළුවන් සෙට් එකක්.

    ReplyDelete
    Replies
    1. තරුණ පරපුර එහෙම හිතන එකත් සතුටක්.. දැන් ඉන්න උන් අපේ ජැනරේසොන් එකට වඩා බුද්ධිමත්.. අපේ ජැනරෙසොන් එකේ නම් ගොබ්බ හරක් ටිකක් තමයි බිහිවෙලා ඉන්නේ..

      Delete
  33. ඔබගේ බ්ෙලාග් ඒකට නිතර ඒමි. කියවමි. ඒෙහත් මේ පළමු කමෙන්ට් ඒකයි. ඔබගේ භාෂා විලාෂය අපූරැය. ඒයින් අදහස් මැනවින් කා වදී. සජිත් ගැන දක්වන අදහස් මනා වැටහීමක් පෙන්වයි. නිතර ලියන්න. මගේ භාර්යාවත් ඔබගේ ෙපා්ස්ට් වල විලාශයට කැමතිය. අපි හැමදාම ඒන්නම්. ජය!

    ReplyDelete
  34. බොහොමත්ම ස්තූතියි

    ReplyDelete
  35. We need people like Dr.M C M Khaleel,K W Devanayagam to the U N P's fold.,Ruwan should think of these type of characters. Sajith is a dud coin same as Rukman.Ranil will never give up until Ruwan gets the grip of the party.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න