.

.

Feb 19, 2014

හරක් මස්, හරක්, චීවර හා චීන අඩී - Beef and Bulls


සුපියල් පන්දාහක බඩු ගත්තාම, සුපියල් පහේ සිලි සිලි බෑග් එක පිරෙන්නෙත් නෑ කියා, කරූ කියලා තියෙනවාය. ඒකට හරියන්නේ අපේ ඕල්වේස් ෆනී, ජොනී ඇමතිතුමා පෝර උරේක 5000 ක බඩු දාගෙන ඇවිල්ලා පෙන්නනවාය. ඒ බඩු අතරේ බීෆ්, චිකන්, ෆිෂ් එහෙම තිබුනාද කියා නම්, හරියට දැක්කේ නැතිය. ඒ කෙසේ වෙතත්, බීෆ් කන්න එපෝ කියා, චීවරධාරියෝ සැට් එකක් පිටකොටුවේ ඉට්ටේසොන් එක ඉස්සරහා ගිනි තියාගෙන බා බේ කිව් එකක් දාන්න සැට් වෙනවාය.

ඔයිට කලිනුත්, දළදා මාලිගාව ඉස්සරහම එක්කෙනෙක් බා බේ කිව් (BBQ) එකක් දාගත්තේය, සම හරක් නම් කිව්වේ, ඒක උත්තම පූජාවක්ය කියලාය. නිවන් දකින්නට ඒකම ඇති කියලාය. ඇත්තටම ඒක එහෙම සීන් එකක් නම්, බා බේ කිව් දාන, බීෆ්, පෝක්, ෆිෂ්, මටන්, චිකන් අයිති කස්ටියත් ඔක්කෝම නිවන් යනවාම ඇතිය.

මොකෝ එහෙම ගිනි ගොඩකට කැමැත්තෙන්ම පැනලා, බා බේ කිව් උන හාවෙකුට උපහාර පිණිස, සක්කරයා හරි, එයාගේ ආටිස්ට් කෙන්ක් හරි, හඳේ හාවෙක් ඇන්දා කියා, හතර පෝයටම සිල් ගත්තු අපේ ආච්චි කියා දීලා තියෙනවාය. එහෙම බැලුවාම නිවන් දකින්න හොඳම කොරමේ, කුකුලෙක් වෙලා ඉපදෙන එකය.

ලංකාවේ තම්බි සැට් එක, 10% විතර ජනම් එකක් ඉන්නවාය. ඊළඟට ක්‍රිස්මස් සෑට් එකත් ඔක්කෝම 9% විතර ඉන්නවාය. ඒ දෙගොල්ලා ගත්තාම විතරක් 20% විතරය. ඒ ඇරෙන්න, කුකුලා, කලුකුමා, තාරාවා, ඌරා, එළුවා, බැටලුවා, වල් ඌරා, මී හරකා, මී මින්නා, කබැල්ලාවා, ඉත්තෑවා, තලගොයා, වඳුරා, ගෝනා, මුවා, හාවා, ආදී එකි මෙකි නොකී සියළු සතුන් මරා ගෙන කන, බුදුන් වැඩි දේශයේ, සැදැහැවත් බොදු ගොවි, කරා, වහුම්පුර, දේව, බෙරව, අරව, මේව, ඔක්කෝම කුළ ගෝත්තර වලට අයිති, නිවන් දකින්නට පෙරුම් පුරනා බෞද්ධයෝ, හරකාටත් ගේම දෙනවාය.

"හුනා නොකන්නේ රෑටය..." කිව්වා වාගේ, අපේ උන් තාමත් නොකන්නේ, බල්ලොයි, සරුපයොයි, කැරපොත්තොයි, විතරමය. අනේ ඉතින් මේ හරකාට මාර ආදරේ කරනා සම හරක්ට, තල්මස් පැටව් සයිස් කෙලවල්ලෝ, බලයෝ එහෙම මැරෙණා එකට මෙලෝ හෙනයක් නැත්තේය. දවසකට නිවන් දකිනා ලක්ෂයක් විතර කුකුලන්ගේ පණ, පණ නෙමේය. සමහර විට අනෙක් සත්තුන්ගේ පණ, කොයි පණ වෙන්නට ඇතිය.

ඔය කොටුවේ ඉස්සරහා ඉන්නා සැට් එක, නුවර ඉඳලා එනවා මගේ ඇස් දෙකටම දැක්කේය. මුළු නුවර පාරම අහුරාගෙන, ඩිමෝ බට්ටෙක් ඉස්සරකර ගෙන, වැඩිම උනොත් 50ක් විතර එන්නට ඇතිය. ඔය අස්සේ, සිවුරු පොරවා ගත්තා කරාලා 18-20 කුත් විතර උන්නේය. සාමාන්නියෙන් අපි හාමුදුරුවරු කියන්නේත්, ළෝකයා බෞද්ධ භික්ෂුවක් ලෙසින් හඳුනන්නේත් චීවරය නියමාකාරයෙන් දරා ගත්, ඉතා ශාන්ත දාන්ත ගමනින් බිම බලාගෙන සන්සුන්ව වඩිනා පූජකයෙක්ය.

ඒත් මේ ආපු 18 දෙනාම ආවේ, සිවුර පෙරවාගෙන, අර ඇමතිලාගේ උණටත් වඩා දරුණු ගනයේ, මැලේරියා උණ හැදුනු බොඩිගාඩ්ලා වාගේ, එහෙම නැත්නම්, වලියට යන චොප්පේ අයියලා වාගේය. ඒ කියන්නේ ඕනම වෙලාවක ගේමට රෙඩි වෙලාය. තිබුනේ පුදුම උණක් කියා තහවුරු වෙන්නේත්, කාට හරි කෙලිනකන් බලාගෙන ඉන්නා සෙට් එකක් කියලාත් තේරෙන්නේත්, කොහේදෝ යන කොල්ලෙකුට, බුදු බණ වලින් නෙලූ ආකාරය දුටු විටය.

සමහර විට ඒ කොල්ලා බොහෝ පින් කරපු කොල්ලෙක් වන්නට පුළුවන්ය. මොකෝ, උතුම් වූ සංඝරත්නයෙන් කනවා කියන්නේ, ආයේ ඉතින්.... බුදු හාමුදුරුවන්ගේම කෑවා වගේ නිසාය. මක් නිසාද යත්, බුදු සාධු රෙස්ප්‍රසොන්ටේටිව් කොරන්නේ, මෙවන් උතුම් ශ්‍රද්ධාසම්පන්න බෞද්ධ පුත්තරයන් නිසාය.

මේ පිස්සු යක්කු ටික, මේ විනාෂ කොරන්නේ, බුද්ධාගමේ ගෞරවයය. බීෆ් කන්න එපා කියන්න උපවාස කොරන්න ඕනා නැතිය. ඔය පාර්ලිමේන්තුවේ ඉන්නා හරක් සෙට් එකක් අල්ලාගෙන, හරක් මරන එක ගැසට් පත්තරේකින් නවත්තලා දැම්මාම වැඩේ ඉවරය. ඒත් එහෙම කෙලි එයාලාට කොරන්න බෑ කියලා එයාල හොඳින් දන්නවාය.

ඒ මොකෝ, පාර්ලීමේන්තුවෙත්, පෝක් තහනම් කොරලා, බීෆ් කන හලාල් සැට් එක, එයාලාට වඩා බලවත් නිසාය. අනික ජිනීවා වල දැන් යන්නේ, යුද්ධ අපරාධවලටත් වඩා, ඊට පස්සේ අන්‍ය ආගමිකයින්ට කරනා අකටයුතුකම් හා අසාධරණකම් ගැන කේස් නිසාය. පල්ලි ගිනි තියා, කුරුස කඩා, ගේම් අදින ඒවා, මේ ගොන් හරක් දන්නේ නැති උනාට, මුළු ළෝකෙටම යනවාය. ඒවා මිනිසුන්ගේ නිදහස හසුරා දැමීම්ය.

එයාලා නොකෑවාට, ලංකාවේ අවම වශයෙන් 25% ක් වත් කන කෑමක් නවත්තන්න කියලා ඉල්ලන්න එයාලාට කිසිම අයිතියක් නැත්තේය. අනික පැස්ටෝල් දාගෙන ගිනි තියාගෙන ගිනි පූජා කොරන්න ඕනා නම් කොරන්න තියෙන්නේ පැස්ටෝල් බුලි අත් අඩංගුවට ගන්නා එක නොව, වක්කර ගත්ත ගමන් ගිනි කූරක් ගහනා එකය. මොකෝ ඒක මහා පුන්‍ය කර්මයකට අත ගැසීමක් වන නිසාය.

බුදුන් වහන්සේ දේශණා කලේ මේ හරක් වැඩ කරන්නට කියා නෙමේය. උන් වහන්සෙගේ නමත් කන, මේ හරක් රැල අල්ලා බැඳ දැම්මේ නැත්නම්, ජිනීවා වල කෙසේ වෙතත්, මේ රටේම මහා විනාශයක් සිඳු කරනා බව නම් බුදු ෂුවර්ය. පක්ෂ විපක්ෂ හැම එකාටම පිරිත් නූල් බඳිනා මහ නා යකා හමුදුරුවන්ට මේවා නොපෙනෙන්නේ, සාසනේ කරුමයකටද, ජාතියේ කරුමයකටද, රටේ කරුමයකට කියා දන්නේත් හරකුන්ම වෙන්න ඕනාය.

177 comments:

  1. මාතලන් ගොයියෝ මට බය මෙහෙම ගිහිල්ලා . අර සෙවල බණ්ඩාට උනා වගේ කට පුංචකින් වත් මේ උන්නාන්සේලා ටික සලකයිද කියලා .

    ReplyDelete
    Replies
    1. ලියන්න පුළුවන් උනාට නික්ං අවකැපෙන කතා ලියන්න එපා ගොයියෝ.. හැබයීතින් නලවන නැලවිල්ලට එහෙන නොවෙන්නත් බැරි කමක් නෑ..

      Delete
  2. ධර්ම දානයටත් වඩා උතුම් නේද අර සාදුලා දෙන ගුටි බැට දානය?

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ .

      Delete
    2. ගුටි පූජා.... කියන්නේ, නිකන් නෙමෙයිනේ..

      Delete
  3. මටනම් දැන් හිතිලා තියෙන්නේ බුද්ධාගම අදහන්න නොගිහින්, ගෙදරට වෙලා, හොඳ බණපොත් ටිකක් කියවලා, ගෙදර බුදුපිලිමෙට පූජා පවත්වාගෙන හිටියම ඇති කියලයි.

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්මයා, බුද්ධාගම අදහන්න එපා, බුද්ධ දර්මය පිලිපදින්න උත්සාහ කරන්න. එතකොට ඔය ප්‍රශ්නෙ මග හැරෙනවා. එතකොට ඔයාට තේරෙයි බුදු පිලිමෙට පූජා කරන එක නෙවෙයි මුල් තැන දෙන්න ඕනෙ කියන එක.

      නමුත් මේ හමුදුරුවන් නම් අඩුම ගානෙ මේ කරන්නෙ ආමිස පුජාවක් වත් නෙවේ.

      -ප.ගෝ

      Delete
    2. හුම් හුම් ...

      Delete
    3. බුද්ධාගම අදහන්න ආගමක් නෙමෙයි නේ.. ඒ දර්ශනය පිලිපැද්දාම හොඳටෝම ඇති.. පිළිම වන්දනාව, විකාරයක්.. බුදු හාමුදුරුවෝ දේශණා කලේ මේ විකාර නවත්තන්න කියලයි..

      Delete
  4. //බුදුන් වහන්සේ දේශණා කලේ මේ හරක් වැඩ කරන්නට කියා නෙමේය. උන් වහන්සෙගේ නමත් කන, මේ හරක් රැල අල්ලා බැඳ දැම්මේ නැත්නම්, ජිනීවා වල කෙසේ වෙතත්, මේ රටේම මහා විනාශයක් සිඳු කරනා බව නම් බුදු ෂුවර්ය//

    බුදු හාමුදුරුවන්ට ඕක කරන්න උවමනාවක් තිබුනා නම් මෙච්චර දගලන්නද උවමනාවක් නැතිය. උන්වහන්සේගේ ගිහි කල පරම්පරාවම රජවරුය. කරන්න තිබුනේ තාත්තේ මිනිස්සුන්ට හරක් මරන්න තහනම් කියලා නියෝග කරන්න කියා තමන්ගේ තාත්තා ලවා රාජ නියෝගයක් කරවන එක විතරය

    ReplyDelete
    Replies
    1. මොළයක් තියෙන මිනිහෙක්, කන බොන දේට නීතී දාන්නේ නෑ. ආන්ඩු උනත් පෙරලෙන්නේ, කන බොන දේ ගනන් ගියාම..

      Delete
  5. මුන් බුදුදහමට කරන හානිය ගැන නම් හිතට වේදනයි.පිටරටකට ගිහින් බුද්ධාගමේ කියල කියන්නත් ලැජ්ජයි.මීදුම බ්ලොග් අඩවියෙ මේ ගැන හොඳ ලිපියක් තිබුන.මුන් මේ කරන හැම දෙයක්ම පන්සල් හරහා හීන් නූලෙන් කරන්න පුළුවන් වැඩ.ඒත් මුන්ට ඕන පාරෙ යකා නටන්න.මේක හරිම ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණයක් නෙමෙයි, විගඩමක්.. හැබයි අමු තිත්ත කුණුහබ්බෙන්ම එන්න ඇති ලියුම,, අකුලගෙන ගියේ.. අනේ අපරාදේ මම හිටියේ.. තව බාබේකිව් එකක් බලන්න..

      Delete
  6. ජනගහනයට වඩා හරක් ඉන්න රටේ හරක් වෙනුවෙන් පෙනි සිටීම මානව හිමිකම් රැකිමක් නොවේද මාතලන් තුමෝ...?

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. අන්න කතාව ......බලපල්ලකො චන්දෙන් උන්ව මේ මරණෙන් ගලවා ගත්ත උත්තමයොන්ට තුනෙන් දෙක දෙන හැටි

      Delete
    3. සහතික ඇත්ත බං.. හොඳම කොමෙන්ට් එක.. තෑග්ග, පස්සෙ එවන්නම්..

      Delete
  7. සම්පූර්ණ ඇත්ත ඔය මරන කුකුල මාලුව එළුවා ඌරා හාල්මැස්ස පවා සතෙක් උනටත් හරකට වගේම ජීවත් වෙන්න සාදාරණ අයිතියක් තියනවා.

    අපිට එක සත්ව කොට්ටාසයක් විතරක් කන්න එප කියන්න බෑ.

    ඔතන තියෙන්නෙ ජාති වාදේ.

    අපේ මිනිස්සු හරක් මස් වැඩිපුර කන්නෙ නැති හින්ද අපේ එවුන් හර්ක් මරනවට විරුද්ද වෙනව මොකද අපිට ඒකෙන් පාඩුව්ක උනේ නැති උනත් අපිට ජාති වාදය අවුස්සන්න ලස්සන point එකක් තියනව.

    දවස ගානෙ කුකුල්ලු දහස් ගනන් මරන එක මාලු ලක්ශ ගනන් මරන එක කාට්වත් ගනන් ගැනෙන්නෙ නැහි එක තමා දුක,


    අපි මේ කරන්න හදන්නෙ ප්‍රබාකරන්ට වඩා ලොකු ප්‍රස්නයක් කතා කරල රෙද්ද පල්ලෙ දා ගන්න එක

    ReplyDelete
    Replies
    1. එහෙම බැලුවොත් නම් ගොවිතැන් වත් කරන්න වෙන්නෙ නැහැ.කරුණාව ඇත්තටම තිබෙනවානම් ඒක මිනිස් වර්ගයාට සීමා ඉරීම හොඳයි.හැබැයි විනෝදය තකා සතුන් මැරීම ,වදවීගෙන යන දුර්ලභ සතුන් මැරීම නම් නතර කළ යුතුයි.සතුන් මරන එකා මරපුවාවෙ.නොමරන එකා නොමර හිටපුවාම ඉවරයි.
      බුදු දහමට අනුව මේ වහන්සේලා කරන්නේ ද්වේශ සිත් ඇති කර ගැනීමයි.එසේම එය සංසාරයට තවත් බැද තැබීමක්.එසේම ඔවුන් නිරතුරුව වඩන ගව සංඥාව නිසා ගවයන් වී උපදින්නත් පුළුවන්.

      මෙතන මාතෘකාවට අදාල නොවුනත් මම නම් හිතන්නේ පුනරුත්පත්ති සංකල්පය බුදුදහමට පසුකාලීනව ඇතුළු වූ දෙයක්.ගැලවුම්කාර සංකල්පය මෙසේ පැමිනීම නිසා බෝධිසත්ව සංකල්පය ඇතිවුනා.

      කාලයක් යද්දී ලංකාවෙ බුදුදහම ගවයා ඇදහීමක් වේවි.බෝධිපූජා වගේ ගව පූජා පවත්වන්න ඉඩ තිබෙනවා

      Delete
    2. චින්තක කියන ඒවත්, යකා කියන ඒවත් දෙකම ඇත්ත. මෙතන මේ වක්‍රාකාරව තම්බින්ට ගහන්න යන්නේ. අනික පිට රටින් බීෆ් ගේන සෙල්ලමකුත් තියෙනවා. ඔක්කෝම එක එකාගේ ප්ලෑන්..

      Delete
  8. මෙතන වෙන්නේ ආගමක් ඉස්සරහට දාගෙන වෙන වෙන විකාර නටන එකනේ.දැන් හින්දු ආගමේ ශිව දෙවියන්ගේ වාහනය ගවයා විදිහට සලකන නිසා ඒ ගොල්ලෝ හරක් මස් කන්නේ නෑ.හරිනම් එයාලනේ උද්ඝෝෂණය කරන්න ඕනේ...
    අපිත් කරමුද පිකට් එකක් නිළි මස් කන්න එපෝ කියලා,අඩු ගානේ නිලියොවත් එයිනේ අපිව බලන්න.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා. අපේ රටේ හින්දු භක්තිකයෝ හරක් මස් කනවා. නමුත්, හැමෝම කන්නේ නැ. සැලකියයුතු පරිසක් හරක් මස් කනවා.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. එහෙම කරන්න බෑ නේ.. මාත් අහු උනොත් හෙම කනවා ආයේ මදි නොකියන්න... කව්ද බන් ඒවාට ආසා නැත්තේ...

      Delete
  9. //එයාලා නොකෑවාට, ලංකාවේ අවම වශයෙන් 25% ක් වත් කන //
    අපොයි එයාල නොකාම ඉන්නවා ඇති....
    මේ කරන රෙද්දක් ඉඩ ඇති තැනකට ගිහින් කරගන්න බැරිද....පාරවල් වහල අහිංසක මිනිස්සුන්ව අමාරුවේ දාන්නේ නැතුව...

    ReplyDelete
    Replies
    1. මමත් කලින් ඕක යෝජනා කළා.. පක්ෂ විපක්ෂ හැම එකාම එන්නේ මේක අස්සේ.. ලක්ෂ ගානක් යන එන තැන. මේ කාළකන්නි වගේ නෙමෙයි දවසම කඹුරලා ජීවත් වෙන මිනිස්සු. වහාම මෙතන කරන විකාර නවත්තන්න ඕනමයි..

      Delete
  10. //සන්සුන්ව වඩිනා පූජකයෙක්ය//
    බෞද්ධ භික්ෂුව පූජක නොවේ. පූජ්‍ය පක්ෂයයි.

    ReplyDelete
    Replies
    1. හරි,හරි මචන් ඔය වචනේ පස්සේ දුවන්නේ නැතිව දිගට කියවපන්!!

      Delete
    2. දැං ඉන්න හරකුන්ට නං පූජකත් හොඳ වැඩියි

      Delete
    3. නරකද ජූතක බමුණන් කියලා කියන එක?

      Delete
    4. තෝ ඉතිං කොහොමත් හාමුදුරු වරුන්ට එදා ඉදන් අපහාස කරපු වල් පරයෙක්නෙ....නොදකින් බල්ලා...බෞද්ධ පාසලකට නේද ගියේ...පොඩි කාලෙ හමුදුරු කෙනෙක් පුක පැලුවද ?

      Delete
    5. sadu saadu! buddhabana preethiyen ithirena ano punyanumodanawata saadu kiyanna pinwatuni...

      Delete
    6. මුන් පූජ්‍ය පක්ෂය නෙමෙයි...
      ඉස්සර බස් වල, වල් කොල්ලෝ හූරලා තිබුනා වගේ... මුන් ඇවිත්
      පූජ්‍ය... "ප". ඊළඟට "ක" යනු බැඳි "ෂ" අකුර නැතිව.. ඊට පස්සේ "ය" යන්න..

      Delete
  11. මෙහෙමයි මෙහේ හරක් මස් වල වර්ග තියෙනවා. හරක් පැටවා කීවට මෙයාලා පොඩිම කෙනෙක් නෙමෙයි. හරක් මස් කල්චර් කිහිපයක් තියෙනවා. තණකොළ කාලා වැඩෙන හරක් එලියේ ඇවිද ඇවිද, එකම තැන ඉඳන් කෑම දීල ලොකු කරන හරක් වගේ මස් වලට වෙන් කරපු ක්‍රම ගොඩාක් තියෙනවා. මසට ගන්න හරකාව කිරි ගන්නේ නෑ. එතකොට මේ පැටව් හරක් මස් හරිම ලපටියි වගේම රසයි. (මෙයා පොඩිම නෑ පැටව් කීවට කිලෝ දෙසීයක් වගේ ලොකු වෙනවා මාස හතකින් ද කොහෙද) මට දැන් ප්‍රොසෙස් එක මතක නෑ. අනිත් මස් හරකා වයස එක්කෙනා එයාගෙ මස් තදයි. අනික අපේ කෑම ක්‍රම වල හරකාගේ එක එක කොටස්නේ වෙනම අපි කෑම වලට ගන්නේ අර ලංකාවේ වගේ නෙමෙයි. මම ලොකු හරකා මස් ගේන්නේ උයනවා නම් විතරමයි. අර පැය ගණන් හදන සුප් වගේ ඒවට එහෙම නැත්නම් බොලොඥ්ඥේසේ සෝස් එකට වගේ ගන්නවා නම් විතරයි. මේ හරකාගේ පොඩි හරකායි මස් වල ගණන් වෙනස්. මට ලොකු මස් කෑමක් නෑ. අනික කන වෙලාවට වියදම් කරලා කන්න මම හුරු වෙලා ඉන්නේ. ( මම ලංකාවේ විදියට කැවෙන්නේ අඩුවෙන් නේ. මම ස්ටීක් වගේ ගොඩාක් වෙලාවට කන්නේ අර බිම තණකොළ කන හරකාගේ මස්. ඒක තමයි හොඳම.) මම නිතර මස් කන්නෙත් නෑ නේ. අපි රටවල් විදියට කෑම කන කල්චර් වෙනස් වුනාම එක එක්කෙනාට දැනෙන දේත් වෙනස්.
    මම කවදාවත් ලංකාවේ මස් කන්නේ නෑ ගොඩාක් වෙලාවට අර කිරි ගන්න හරකාම, පාරේ ඉන්න හරකාම මරණ හින්ද වෙන්න ඇති. මෙහේ මගේ යාළුවෙක් කලින් ගමේ කුකුලා හදලා මට තෑගි දීලා මම කෑවේ නෑ මොකද මම ඒ සත්තු ජීවත් වෙනවා දැකපු හින්දා. ඒත් කඩේන් ගමේ කුකුලා ගෙනත් කනවා. හාවෝ වගේ සත්තු කන්නේම නෑ. ඒ අපි එක එක්කෙනාට දැනෙන විදිය වෙන්නැති. මසට හදන සත්තු මම දැකලා නෑ නේ. ඒ වුනාට ඒ අය හදන්නේ මරන්නනේ නිකම් බබා සිතිවිල්ලක් වුනත් එහෙම හිතලා කනවා.

    ReplyDelete
    Replies
    1. හරක් මස් කෙසේවෙතත් මෙතන මුචලින්ද නාග රාජයෙක් මස් කරලා තියෙනවා.

      Delete
    2. හි හි හරි ෂෝයි අනේ ..ඒකෙත් හැටි ,,මහාචාර්ය තුමාගේ පෝස්ට් එකයි ඔයාගේ කොමෙන්ට් එකයි දෙකම ෂෝයි ..

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. අනිවා මචෝ එතන තනිකර තඩි නයි අරිල්ලක් තියෙන්නේ ,අපේ උනුත් ගිහින් සාදු කියනව

      Delete
    5. Veal beef මං හිතන්නේ මේක an unavoidable by-product of milk mass production.

      ඒත් මට නම් කන්න හිතෙන්නේ ම නෑ!

      Delete
    6. මමත් ඇත්තටම ඔය ගැන ලියන්න හිටියේ.. පින්තූරෙකුත් දැම්මේ ඒකයි.. එත පෝස්ට් එක දිග වැඩි උනා..

      ඇත්තටම අපේ අය කන්නේ ඕනම කෑමක රහ මරලා.. හරි ස්ටේක් එකක් කාපු එකා තමයි බීෆ් වල නියම රහ දන්නේ..

      Delete
  12. නිදහසේ අදහන්න තිබුනු දහමක්/දර්ශනයක් අන්තවාදී කරන්නෙ ඔය විකාර කාරයො තමයි..

    //අපේ උන් තාමත් නොකන්නේ, බල්ලොයි, // බලු මස් නම් අප්‍රසිද්ධියෙ කනව/කවනව නේද.. මේං උදාහරණයක්.. http://nawadalihena.blogspot.com/2012/11/blog-post_24.html

    ReplyDelete
    Replies
    1. ආගම් කියන්නේ කොහොමත් ජීවනෝපායක් මිසක්ක වෙන මුකුත් නෙමෙයි..

      Delete
  13. මල්ලී ..
    බීෆ් කොත්තු කෑමට ෆුල් එකයි දෙකක් පාර්සල් .ප්ලේන්ටියයි ගෝල්ඩ්ලීෆ් එකයිත් ගේන්න !!

    ..ආ නෑසොරි මචං බීෆ් එපා චිකන් දාන්න..

    පැල ගහක හැදිච්ච චිකන් නං හොඳයි.. උස ගස් වල චිකන් හයියයි..
    බලල දාපං හොඳේ.. බිලත් ගෙනෙං !!!

    ReplyDelete
    Replies
    1. බිල ගෙවන්න වගේ හරියට ...කෝ ගිය සතියේ ගෙනාපු කොත්තුවේ සල්ලි....?

      Delete
    2. හා මේං බඩු ඇවිල්ලා !! කොහෙද බොල හිටියෙ ??
      සල්ලි නේ ? දෙන්නං දෙන්නං මස්සිනේ..අපි ගමරට දාල යනව කියල හිතුවද බොල !!

      Delete
    3. අම්මපා මුන්ට බීෆ් කොත්තුවක් කැව්වා නම් මේ මුකුත් නෑ..

      Delete
  14. මම නම් කියන්නේ හොද තම්බි සෙට් එකක්‌ වට වෙලා මේ ඝනසාරලගේ තට්ටෙ උණු තාරයි,
    තට්ටම් දෙකේ ඌරු කටවල් දෙක ගානේ පච්ච කෙටුව නම් ඔය දැගලිලි බහිනවා.

    ReplyDelete
    Replies
    1. කෙන්ජිට තට්ටම් වල පච්ච ගැහිල්ල බාරදෙමු.

      Delete
    2. ඝනයන්ගේ නම් එපා මචන් ...
      අර නිලි සෙට් එක නම් වරදක් නැත බං ...

      Delete
    3. තම්බි ඕන නෑ.. ලොක්කා එවලා වගේ ලියුමක්.. උන්නාන්සෙලගේ අම්මලාට පින් අනුමෝදන් කොරලා..

      Delete
  15. බ්ලොග් ලියන අය එන්න Lanka Blogs සින්දිකෙටර්යට ලංකවේ වැඩිම ලිපි ගනනක් පල වෙන සින්ඩිකෙටරයට එන්න අමතක කරන්න එපා . http://lankablogs.com

    මචන් මේ Commnet එක මකන්න එපා උබ ඉතින් බ්ලොග් කාරයන්ට කඩේ යනවනේ . එහෙම එකේ අපිට හෙල්ප් එකක් දීපන්

    ReplyDelete
    Replies
    1. මාතලන් පුළුවන් තරම් හැමෝටම උදවු කරන ලොක්කනේ බං ..
      එහෙම මකන එකක් නැහැ මචන්..

      Delete
    2. හොඳ වෙලාවට "මැකුවොත් හිරේ..." කියලා දැම්මේ..

      නැත්නම්, අම්මපා මකලා දානවා..

      ඇයි යකෝ නොමිලේ ඇඩ් දාන්න.. මෙක මොකක් කියලා හිතුවද තොපි...

      Delete
  16. බ්ලොග් ලියන අය එන්න Lanka Blogs සින්දිකෙටර්යට ලංකවේ වැඩිම ලිපි ගනනක් පල වෙන සින්ඩිකෙටරයට එන්න අමතක කරන්න එපා . http://lankablogs.com

    මචන් මේ Commnet එක මකන්න එපා උබ ඉතින් බ්ලොග් කාරයන්ට කඩේ යනවනේ . එහෙම එකේ අපිට හෙල්ප් එකක් දීපන්

    ReplyDelete
  17. හරක් ඇරුණම අනික් සියලු සත්වයෝම හැඟීම් දැනෙන්නෙ නැති ජාතියක් කියල කට්ටිය හිතාගෙන අැති.

    ඔය මාළිගාව ඉස්සරහ ගිනි තියාගත්ත කෙනාගෙ කැරැට්ටුව ගමේ මිනිහෙක්ගෙන් ඇහුවනං හොඳට කියයි.

    ReplyDelete
    Replies
    1. ඌගේ ආයෙ මොකක් හොයන්නද.. වැඩි හරියක් උන් එහෙමනේ..

      Delete
  18. කාලෙකට පස්සේ ගෙදර යන්න කියලා බස් එකට නග්ගමයි දන්නේ හරක් උද්ගෝශනයක් කියලා.නිකන් පරිප්පුව කඒවා හෙන වෙලාවක්.ඕක ඔය ඉඩ තියෙන තැනක,ඒ කියන්නේ ප්‍රේමදාසේ වගේ පිට්ටනියක තිබ්බානම් ඉවරයි.එහෙම බැරිනම් ඔය කොරන මගුලක් හරක් මඩුව ගාව (පාර්ලිමේන්තුව) ගාව තිබ්බානම් ඉවරයි.අපිට වදේකුත් නඒ

    ReplyDelete
    Replies
    1. එහෙම නැත්නම්, රූපවාහිනිය හරි නයි ටී ඇන් එක හරි ගාව තිබ්බා නම් ඉවරයිනේ..

      Delete
  19. මේ ගොල්ල ඔක්කොම කරන්නෙ එකම දේ. මිනිස්සුන්ට ඇත්ත පෙනෙන එක වහන්න කලින් කලට දාතු ප්‍රදර්ශන ක්‍රිකට් මැච් කාර් රේස් විහිළු විරෝද නාට්ටි රඟ දක්වපුවාම සදාකාලිකව හරකුන්ට තණකොල කකා ඉන්න පුළුවන්.. චීවරදාරියෝ කරන්නෙත් එහෙම නාට්ටි තමයි..

    ReplyDelete
    Replies
    1. මේක නම් එහෙම ප්‍රොජෙක්ට් එකක් වෙන්න බෑ.. ඒත් මොකෙක්ගේ ගරි අම්බ ගොන් වැඩක්ම තමයි..

      Delete
  20. රටෙන් බාගෙයක් ගොන්නු !!!

    ඉතුරු බාගෙ ගොන් බඳින කනු !!!

    එහෙව් රටක හරක් මස් කෑවම ඉතුරුවෙන්නෙ ගොං බඳින කනු ටික විතරයි !!

    ගොන්නු නැතුව කනු වලට පැවැත්මක් නැති නිස ඔවුන්ගේ ඉල්ලීම සාධාරණයි !!

    පුලුවන්නම් තව නගුල් , පෝරු ටිකක් එහෙම ලොක්කන්ට මොන්ටෙරෝ වෙනුවට දුන්නනං එයාලගෙන් රටට ඔයිට වඩා වැඩක් ගන්න තිබුනා !!!

    ReplyDelete
    Replies
    1. මොන්ටෙරෝවක් ගන්න තමා දත කන්නේ.. මොකෝ ඩිමෝ බට්ටෝ දෙන්නෙක් ඉන්නේ..

      Delete
  21. මාත් කලින් වතාවක හරිම කරුණාවෙන් පහදල දුන්නා ඔය තට්ට සැට් එකට..

    මුඩු මහණ ඔබ කොහිද??

    ReplyDelete
    Replies
    1. මම කියෙව්වා එතන ඔබ භාවිතා කරල තිබෙන වචන හරිම අගෙයි.මේ අයට සුදුසුම වචන

      Delete
    2. මේ සැරේ නම් ලොක්කා කියලා දීලා වගේ අකුලගෙන ගියේ..

      Delete
  22. මම නම් වෙළදපොළේ තිබෙන ඕනම මසක් කනවා.මස් කෑම කිසිසේත්ම වරදක් නොවෙයි.මස් සඳහා සතුන් ඇතිකිරීම හා මැරීමත් කිසිසේත්ම වැරදි නොවෙයි.මානව ශිෂ්ටාචාරය ආරම්භයේ සිටම මස් කෑම පැවතියා.ඇත්තටම මස් ආහාර සංස්කෘතිය නොතිබුනානම් මිනිස් වර්ගයා මෙතරම් දියුණුවක් නොලබන්නත් ඉඩ තිබුනා.මිනිසා සර්වභක්ෂකයෙක්.
    බුදුන් වහන්සේත් මස් කෑමට එරෙහි නොවීම දෙස බලන විට මේ වහන්සේලා මේ කරන්නේ කුමක්දැයි සිතෙනවා.
    මස් කෑමට එරෙහිවීම සොබා දහමට එරෙහිවීමක්.සතෙක් තවත් සතෙක් ගොදුරු කර ගැනීම තමයි සොබා දහමේ සාමාන්‍ය ක්‍රමය.බුදුන් වහන්සේ සිටියානම් මේ විගඩම් දැක පාරිලෙයිය වනයට යනු නො අනුමානයි.

    ඇයි අපට බැරි මෙහෙම හිතන්න.අපිට අයිතිය තිබෙනවා කැමති නම් මස් කන්න.අකමැති නම් නොකා ඉන්න.අපි මස් නොකෑවත් කන අයටත් අයිතිවාසිකම් තිබෙනවා මස් කන්න.කැලේ කොටිය ජීවත්වෙන්නෙ සත්තු මරලා.ඉතින් මේ වහන්සේලා කැලේට ගොස් කොටින් සිංහයන් ඉදිරියේත් බැනර් උස්සගෙන උද්ගෝෂනය කරන්න වෙයි .

    සත්තු මරන එක මේ ඊයෙ පෙරේද ඇතිවුන දෙයක් ලෙසයි මේ අය කියන්නෙ.ඒ වගේම ගවයා මත රදා පවතින ජීවන රටාවක් අද අපට නෑ.මට නම් ගවයන් මැරුවත් එකයි නොමැරුවත් එකයි.ඇයි මේ වහන්සේලා ධීවර අමාත්‍යාංශයට එරෙහි නොවන්නේ.මොකක්ද මේ ප්‍රෝඩාව.කොහොමද අපේ දරුවන්ට සත්ව ප්‍රෝටීන ලැබෙන්නේ.මේ අය ගොඩ නගන්න හදන්නේ මන්දපෝෂනයෙන් පිරුන රටක්ද? ඇත්තටම හම්බ ආක්‍රමනයක් ආවොත් ගුටි ඇනගන්නවත් පුළුවන්ද එහෙම ප්‍රජාවකට.ඔය වහන්සේලා නම් කියන දේ නොකරන බව ඇගපත දිහා බලපුවම පේනවා.

    නමුත් මේ උදවියගේ දේශනා නිසා හාල්මැස්සන් පවා නොකන කුඩා දරුවන් පිරිසක් දැන් ඉන්නවා.මේ ළමයි ලෙඩ වුනාම කෙළින්ම දොස්තර මහත්තයා අහන්නේ මස්මාලු කන්නෙ නැද්ද කියලා.එක් විශේෂඥ වෛද්‍යවරියක් බිය නැතිව මේ සෞඛ්‍යමය හානිය ගැන කථා කලා.හැමෝම මේ ගැන කතාකරන්න බයයි.
    අපි තව පැත්තකින් බැලුවොත් මස්කන මිනිස්සුන්ට අයිතිවාසිකම් නැද්ද?

    දිගටම මේ විකාරෙ ගියොත් මදුරු මර්ධනයත් තහනම් කරන්න වෙයි.මේක තලේබාන් වර්ගයෙ අන්තවාදයක්

    ReplyDelete
    Replies
    1. මෙහෙමනෙ මචන්, උඹලා අපි අපේ නෑදෑයින්ට සලකනව උදවු කරනවා වගෙ ඒ ගොල්ලොත් එයාලගෙ නෑයින්ට උදවු කරනවා ඇතිනෙ මචන්

      -ප.ගෝ.

      Delete
    2. මුන්ට බීෆ් හොඳ නෑ. ඒත් දවල් දානෙට චිකන්.. හීලට පරා මාළු, තෝරා මාලු පෙති.. අම්මගේ අවිහිංසාවාදේ..

      Delete
  23. කොහොම හරි අපිට මේ වෙසක් එකෙත් ගිනි සංදර්ශනයක් නොමිලේම බලතෑකි වගේ.

    යකෝ මේ සක්කිලි පො** හැතිකරේට බල්ලො බළල්ලු ගානට මිනිස්සු මැරෙනවා. ඒවා පේන්නැති හැත්තට හරක් මැරෙන එකනම් පේනවා.

    මුන් එකෙක් වත් බෞද්ධයෙක් නෙමේ නිකන්ම චීවරධාරීන් පමණයි.

    කොටින්ම මුන් බුදු දහම වෙනුවෙන් ඕනම දෙයක් කරාවි මිනී පවා මරා ගනීවි. නමුත් දිවි ඇතිතෙක් බුදු දහම තේරුම් නොගනීවි.

    ReplyDelete
    Replies
    1. අපරාදේ බන් ගිනි කෙළි සංදර්ශණේ බලාගන්න දුන්නේ නෑ නේ..

      Delete
  24. අමතක කරන්න එපා,සෑම හමුදුරෝවෝ කෙනෙක්ම එහෙම නොවන බව.....

    ReplyDelete
    Replies
    1. අනිවා ඇනෝ සෑම හිමි නමකම මෙසේ නොවේ. එසේම මෙවුන් හාමදුරුවරුද නොවේ. චීවරය දරා ගත් ගිහියන් පිරිසක් පමණි.

      "අහෝ… දෙවුදත් නොදුටු මොක් පුර…!!"

      Delete
    2. හැමෝම නෑ.. ඒත් වැඩි පිරිස හරක්..

      Delete
  25. බීෆ් කෑමට කෑමති නමුත් ලන්කාවෙ සත්තු මරන ක්‍රමය ගෑන ලොකු අකෑමෑත්තක් තිබේ. අහල තියන විදිහට හෑට ගනන් වල ආණ්ඩුව ගව ඝාතකාගාර මොඩනයිස් කරල වේදනාව අඩුම ක්‍රමයට කරන්න හදපු එක වලක්වල තියෙන්නෙත් මේ හරක් හාමුදුරු ගොල්ලම තමයි බොදු රටක ආණ්ඩුව ඒවා ප්‍රොමොට් කරන්න හොද නෑ කියල.

    තව අතකට හරක් නෑති වුනොත් ඔබාමට දෑන්නෙන කියල පලාත් සබා චන්දෙ දෙන්න ඉන්නෙ වෙන කවුද?

    ReplyDelete
    Replies
    1. මමත් ඔය කතන්දරේ අහලා තියෙනවා.. උඹට මතකද මිරිදිය මත්ශ්‍ය කර්මාණ්තෙට ගෙම ඇද්දා... අද ගිලන්පසට වැව් මාළු බයිට් එක නැතිවම බෑ..

      Delete
  26. හෙක්... හෙක්.... මෙහෙව් හරක් රැලක්....මුන් හරක් නම් හරක්ට කියන්න වෙන්නෙ මොකක්ද? කන එකා මුන් කිව්වට අහයි. අනික මොකා මොනවා කෑවම අනික් වුන්ට තියන අමාරුව මක්කද? මේ ගණින්නාසෙලා සෙට් එක මරු... මුන් තමයි දෙව්දත් නිකායේ කට්ටිය. මෙහෙව් විගඩම් අපිටත් බලන්න වුනානේ හැබෑට.............

    අමතක වුනා මාතලන් මගේ ගානෙත් ලීටරයක් විතර ලියා ගන්න 92 ද, 95 ද කියලත් කියන්න. හොදම දේ නෙ දානෙට දෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අම්මපා, ආයේ පාරේ පඩිනවා දැක්කොත්, වාහනේ නවත්තලා ලීටරය්ක් විතර ඇදලා, දන් දෙන්න ඕන..

      Delete
  27. අද උපවාසේ නැවත්තුවලු. ලේකම් කාර්යාලයෙන් ලිවුමක් ආව කියන්නේ. මට නම් හිතෙන්නේ හොඳ කුණුහරුප දෙක තුනක් තියෙන්න ඇති. එහෙම නැත්තං ඩිරෙක්ටර් "කට්" කියන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවනේ දැන්ම නිවන් වඩින්න ඕනද කියලා එන්න ඇති...

      Delete
  28. හොඳ බීෆ් ස්ටුවක් හදාගන්න රෙසිපියක් තියනවා නම් දාපංකෝ....

    ReplyDelete
    Replies
    1. ඒවට නේ බන් "මාරයා" ඉන්නේ,

      පොඩි එකක් කියන්නම්, හරියට මස් කන්න ඕන නම්. ඔය උඩම පින්තූරේ තියෙනවා වගේ අඟලකට විතර බීෆ් කෑල්ල කපාගෙන, ලුණුයි ගම්මිරිසුයි විතරක් දාලා, මස් කෑල්ල පොඩ්ඩක තලන්න ඕන. මේකට මිටියක් වගේ වෙනම එකක් තියෙනවා. එහෙම නැත්නම්, පිරිසිඳු රෙදි කෑල්ලක ඔතලා පොඩ්ඩක් තලන්න.. ඊට පස්සේ බාබේ කිව් සෝස් බොහොම පොඩ්ඩකුයි, සෝයා සෝස් බොහෝම පොඩ්ඩකුයි එක්ක අත ගාලා, ලන්ච් ෂීට් එකක ඔතලා, පැයක් ඉතර ෆ්‍රිජ් එකේ තියහන්. ඊට පස්සේ සාස්පානකට බටර් හරි මාගරින් හරි ටිකක් දාලා මද ගින්නේ, ඔය පිතූරේ තියෙන පාට එනකන් උයාගන්න ඕන.. මස් කෑල්ල කැපුවාම. මැද තැම්බිලා රෝස පාටට තියෙන්නේ ඕන.. හදලා බලපන් පට්ට රහයි..

      Delete
  29. තමන්ගේ ජාතිය වෙනුවෙන් ගිනි තියාගන්න හදන උදවියට අපහාස කරන්න එපා මාතලන්!
    මම දැං ෆෝන් එක රෙඩි කරගෙන ඉන්නෙ එකෙක් ගිනි තියාගත්තොත් හොඳම ෂොට් එක ගන්න.

    ReplyDelete
    Replies
    1. අපරාදේ.. මාත් පින්තූරූ පෝස්ට් එකක් දාන්න උන්නේ.. කොහෙද ලොක්කා කෑවනේ වැඩේ..

      Delete
  30. රටේ ඉන්න මහානායක හාමුදුරුවරුන්ට බැයිද මේ කට්ටියව ආම්බාන් කරන්න..නැත්නම් ඒ අයගේත් නිහඩ අනුදැනුම ඇතුවද දන්නෑ මේ නෙයියාඩගම්...

    ReplyDelete
    Replies
    1. එයාලට වෙන වැඩ, "රාජකාරි" හෙම තියෙනවනේ මේ දවස්වල..

      Delete
  31. @හරක් මරන එක ගැසට් පත්තරේකින් නවත්තලා දැම්මාම වැඩේ ඉවරය - ඕනි නැහැ. සිංහල බෞද්ධයෝ තමන් ඇති කරන ගවයන් මසට විකිණීම නතර කළා නම් වැඩේ නිකම්ම ඉවරයි. බොරුවට පිස්සුවෙන් දඟලන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. නැහැ එහෙමත් ඕන නෑ.. සල්ලි දීලා අරගෙන, ඔය මහා වතු තියෙන පන්සල් වල අත ඇරලා දැම්මා නම් ඉවරනේ..

      Delete
  32. මම නම් හිතන්නෙ මස් කෑම ගැන හිතන්න ඕන හැඟීමෙන්.බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ තමන් ෑපමාකොට සිතන්නනෙ.ඒ කියන්නෙ අපිව කවුරුහරි මරලා ඩෙවල් දාලා කනවට අපි අකමැති වගේම සත්තුත් අකමැති.උන්ටත් වේදනාව කියන එක දැනෙනවනෙ.අනේමන්දා මේකත් ඉතිං එක එක්කෙනාගෙ පෞද්ගලික මතය තමා.කොහොම උනත් ඔය දඟගන දැඟලිල්ලනම් හොඳකට නෙමේ වගේ

    නන්දා මාලිනියන් කියනවා වගේ "බුදුහිමියන්ටත් කලියුගයේ දෙවියන්ගේ පිහිටයි"

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට බුදු හාමුදුරුවෝ නිවන් වැඩියේ..

      Delete

  33. මා හිතන විදියට
    හරක් මස් කෑම අඩු කරන එකනම් හොඳයි,
    හැබැයි මේ විදියට නම් නොවේ.

    ReplyDelete
    Replies
    1. එහෙම අඩු කරන්න. මෙහේ මිනිස්සු මහ ළොකුවට කන්නේ නෑ නේ.. මුළු පවුලම වැඩිම උනත් කිලෝ එකක් කයි.. හාල්මැස්සො නම් කී දෙනෙක්ද.. ඇයි උන්ගෙ පණ, කොයි පණද...?

      Delete
  34. බොරු සුකුරුත්තම් විතරයි අපේ රටේ කොතන බැලුවත්. කෙලින්ම රජයට බැරිද නීතියක් ගේන්න .ගවමස් කෑම තහනම් ..හරකෙක් මැරුවොත් දඩය ලක්ෂයයි ,ජීවිතාන්තය දක්වා සිර දඩුවම්...

    මාතලන් ,මේ සීරියස් අහන්නේ 2015 වීසා එකක් එවන්නම් ඔයා බිරිදත් එක්ක එනවද කැනඩා..

    ReplyDelete
    Replies
    1. මෙයා වීසා දෙන්නත් පටන්ගෙනද?

      Delete
    2. හි හි තාම නැහැ ඇනෝ.

      Delete
    3. ඔමාගේ සජාචාරේ හැටි මාතයාට පවුලත් එක්ක එන්නලු.(අපේ ලොකු සෑර්ට සදාචාරේ කියවෙන්නේ ඔය විදිහටයි )

      Delete
    4. එච්චර ඉක්මනට වීසා එවන්න, එහේ ඉමිග්‍රේෂන් එකේ වැඩටද යන්නේ..

      Delete
  35. මුන් මේ බුද්ධාගමේ කියල හින්දු මතයක්නෙ ප්‍රමෝට් කරන්නෙ. හරක් මස් කන්නැත්තෙ හින්දු ආගමේනෙ. ලංකාවෙ රජවරු ඉන්දියාවෙන් හින්දු කුමාරියො සහ ඒකිලගෙ පිරිවර ගෙනාවට පස්සෙ ඒකිලාට වඳින්න පංසල් ඇතුලෙ හිඳු දේවාල ඇටෙවුව. මුන් දැන් ඒව රකින්න ගිනිතියා ගන්නව. මිහිඳු හාමුදුරුවොංගෙ ආගමනයත් ඩිප්ලොමැටික් මිශන් එකක්නෙ.

    ආගම් කියන්නෙ ලබ්ධියට. ලබ්ධිය තියෙන තැන බුද්ධියට ඉඩ නෑ.... මුන්ට පින් බත් කාල තෙලේ වැඩිවෙලා. ගවුතම බුද්ධ අද හිටියනං.. පුකට පිහියෙන් ඇනගෙන පිරිනිවං පාංනෙ... හෙහ්...හෙහ්....

    ReplyDelete
    Replies
    1. බෞද්ධයෝ කියන්නේ ආගමක් අදහන පිරිසක් නෙමෙයි. දර්ශණයක් අනුගමනය කරන පිරිසක්.. මුන් මේක බඩේ බත් දාගන්න හදාගෙනනේ..

      Delete
  36. ඔය වගේ ගණින්නාන්සේලා බුදුහාමුදුරුවගේ කාලෙත් හිටියලු. දැන් කාලෙත් අඩු නැතුව ඉන්නවා. මොනවා උනත් ෂුවර් උද්ගෝෂනේ ඉවරවෙලා කස්ටිය හරක් මස් බයිට් එකක් එක්ක බෝතලයක් දෙකක් සප්පායම් වෙන්ටනං ඇති.

    ReplyDelete
    Replies
    1. ඉස්සරහම කොලෝනියල් එක.. සිවුරු ගලවලා.. එතන සෙට් වෙන්න ඇති.. උන් එකෙක්වත් සීලයක් මූණේ වත් ගෑවිච්ච එකෙක් නෙමෙයි.. නිකන් හරක් මරණ තම්බී වගේ මූණූ ටික..

      Delete
  37. මේ සිවුරුකාරයන්ගෙන් 99% නූගත්ය. ගැඹුරු ධර්ම දැනුමක් නැත. ගැඹුරු ධර්ම සකච්ඡාවක් කිරීමට නොහැකිය. පාලි , ඉංග්‍රීසි හෝ අනෙකුත් භාෂා දැනුමක් නැත. යන්තම් පන්සිල් දීමටත් ගථා දෙක තුනක් ජප කිරීමට හැර වෙන දැනුමක් නොමැත. මේ නිසා ඕනෑම අන්තවාදියෙකුට මේ නූගත් සිවුරුකාරයන් උසි ගන්වා උද්ඝෝෂණ සඳහා පාරට දැක්කීමට හැකිය. මේ සිවුරුකාර තලිබාන්වරු බොහෝදෙනෙකු සාමනේර කාලයේ දී පන්සල් වලදී වැඩිහිටි භික්ෂුන් අතින් ලිංගිකව අපයෝජනයට ලක් වූ වින්දිතයන් වෙති. පසුගිය කාලයේ හෙළ උරුමයේ අපරැක්කේ පඤ්ඤාණන්ද වැනි සිවුරුකාරයන් සාමනේරවරුන්ට දානය නොදී ඔවුන්ව ගුද සංසර්ගයේ බලහත්කාරයෙන් යොදා ගත් අයුරු හෙළි වී තිබේ. මෙවැනි ලිංගික අපයෝජන බොහෝ සෙයින් සිදුවෙති. එම නිසා වාර්ෂිකව ලිංගිකව අපයෝජනයට ලක් වූ සාමනේර වින්දිතයන් විශාල ප්‍රමාණයක් අපගේ සමාජයට එක් වෙති. මොවුන් පසුකාලීනව තමන්ගේ හිතේ පැසවන වෛරය යොමු කරන්නේ සමාජයටය. මේවා ගැන ළමා ආරක්ෂක අධිකාරිය පවා නිහඬය. මේ නිසා සත්‍ය අවිහිංසාවාදී බුදුදහමට විශාල විනාශයක් වෙමින් තිබේ. මේ වියසනය ගැන කතා කිරීමට පවා වගකිවයුත්තන් ඉදිරිපත් නොවෙති. එම නිසා අවම වශයෙන් අප විසින් වටහා ගත යුතු කරුණ වනාහී මේ පොලු මුගුරු ගෙන බුදුදහම රකින තලිබාන්වරු යනු පුනරුත්ථාපානය සඳහා යොමු කල යුතු මානසික රෝගී වින්දිතයන් කොටසක් මිසක බුදු දහමේ ආරක්ෂකයෙන් නොවන බවයි."

    ReplyDelete
    Replies
    1. 100% එකඟයි.. වෙන කියන්න කිසිත් නැත...

      Delete
  38. මෙ හරක් කමෙන්ට් දාන සහ පොඩි කාලේ ඇරියස් තියෙන රචකයා වගේ උන් බේර ගන්න තමයි මේ උපවාසය.

    ReplyDelete
    Replies
    1. උම්බෑ කියලා කිව්වද.....?

      Delete
    2. ඔව් ඔය කට්ටියම තරඟෙට ගොම යනකම් උම්බෑ කියලා තියෙන්නේ ඇරියස් යන්නත් එක්කම.හොහ්....හොහ්.....

      Delete
  39. ඇයි අපි හාල්මැස්සන් වෙනුවෙන් කතාකරන්නෙ නැත්තෙ? උන් මැරෙන්නෙ ගොඩක් දුක් විඳලා. මම හිතන්නෙ හාල් මැස්සෙ දහ දාහකට වැඩිය මැරෙනවා ඇති එක හරකෙකුගේ බරට සමානෙ වෙන්න.
    හාල්මැස්සන්ගේ අයිතින් වෙනුවෙන් කියලා සංවිධානයක් පිහිටුවගෙන ඕකට ප්‍රති උද්ගෝසනයක් පැවැත්තුවානම් හරි කියලයි මට හිතෙන්නෙ.. ඒ වගේ දේකට එකතුකරගන්නව්ත මිනිසිසු නැහැ නෙව.
    නිතර දකින එකාය, අපිට කිරි දෙන එකාය කියල ලේබල් ගහන්න බැහැ. ඔය විදියට නිතර දැක්ක කොස් ගහ කපල ඒකෙන් ඇඳක් හදාගත්තම ඒකෙ තියන් බඩුවක් ගහන එකත් වැරදියි. මොකද නිතර දැකපු අපිට කන්න දීපු කොස් ගහ නෙව.

    ReplyDelete
    Replies
    1. හැක් හැක් !!! මල් හතයි කමෙන්ටුව මස්සිනේ !!

      Delete
    2. හාල්මැස්සො මරන එක සමූල ඝාතනයක් තියන්නෙ

      Delete
    3. හාල්මැසි අයිතිවාසිකම් සුරකිමු.!!

      නියමයි අමිල.

      Delete
    4. කසාද බිරිඳක් එක්ක නිදා ගත්තට අවුලක් නැද්ද ආයිබෝ වන්ඩ...

      Delete
  40. හරක් මරන්න එපා මස් කන්න ඔනිමනම් පිටරටින් ගෙන්න ( පිටරට ඉන්න හරක් මැරුවාට මක්කෙයි. ලංකාව ගිලගනීමට බලා ඉන්නා ජාත්‍යන්තර බලවේගවලට හොඳ පාඩමක් උන්ගේ හරක් උන් ලව්වාම වැඩිපුර මරවන එක. එතකොට උන්ටනේ පවු . මේ ආත්මේ බැරිනම් ඊළඟ ආත්මෙදි හරි කෙලවෙයිනේ )

    ReplyDelete
    Replies
    1. Thilake,

      Maxxx macho :) !!!

      Delete
    2. අන්න කරනවනම් වැඩ... උන් ඔක්කෝම අපායේ එතකොට.. එතකොට අපාය ෆුල් නිසා.. අපි කෙලින්ම හෙවන්... මාර යෝජනාව අප්පා...

      Delete
  41. බුදුහාමුදුරුවන්‍ නියම කරපු නිල ඇඳම දාගෙන "සිවුර පෙරවාගෙන, අර ඇමතිලාගේ උණටත් වඩා දරුණු ගනයේ, මැලේරියා උණ හැදුනු බොඩිගාඩ්ලා වාගේ, එහෙම නැත්නම්, වලියට යන චොප්පේ අයියලා වාගේය. ඒ කියන්නේ ඕනම වෙලාවක ගේමට රෙඩි වෙලාය............." විදිහේ "බෞද්ධ භික්ෂූන් වහන්සේලා" ගම්වලටත් බෝවෙලා. අහිංසක ගැමියන් රවටා ගනිමින් උන්ව දක්කාගෙන යන්නේ මහා ප්‍රපාතයකට බව වටහාගත් අති විශාල පිරිසක් සිටින බව අපේ මාතලන්ගේ සටහනට ලැබුණ ඉතාම වටිනා කොමෙන්ටු දිහා බලපුවාම සැනසීමක් දැනෙනවා.! ඒ එක්කම ශාසනය ආරක්ෂා කරන්න ඉන්නවාය කියන දෙවිවරුනේ මේ විනාශය වලකා දෙන්න කියන ඉල්ලීම කරනවා හැරෙන්න අපට වෙන කරගන්න ඉතිරි‍ වෙච්ච දෙයක් නෑ.නේද ?

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් සත්තලනේ මේ කොරන්නේ.. මේවා ගැන ලියන්නෙයි කියලා කී දෙනෙක් නම් කියනවද...?

      Delete
  42. හැම ආගමකටම කෙලවන්න එ ආගමෙමෙම ඉන්න වුන්.මෙක හැම ආගමකටම පොදුයි.ඔය බුර්කාවද මෙකක්ද එක අපි පොඩි කාලෙ දකින්න තිබුනෙ හරි අඩුවෙන්.එත් දැන් බලන්න.ඔය හාමුදුරුවො සැට් එකත් කරන්නෙ බුද්දාගම වනසන එක.මුලදර්මවාදය කියන එක තමයි මෙ ඔලුව උස්සන්නේ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඔය බුර්කා මගුල්, බොක්කෙන් බුද්දාගම්කාරයෝ ඔක්කොම මේ අලුත් නාඩගම්.
      මම කොලඹ බොද්ධ පාසලකට ගියේ. මුස්ලිම් ලමයිගේ අම්මලා සාරියෙන් ඔලුව වහන් එනවා මිසක් ඔය බුර්කා අපි දැකලවත් තිබ්බේ නෑ. උන් හරක් මස් කනවා, අපි ඌරු මස් කනවා කාටවත් අවුලක් තිබේ නෑ.

      Delete
    2. මුන් හදන්නෙත්, බොහෝම නිදහස් දර්ශණයක් වෙච්චි, බෞද්ධ දර්ශණයත්, නොම්මර එකේ තලෙයිබාන් ආගමක් කොරන්න.. ඒකට සැට් වෙච්ච අලුතින් සල්ලි කාරයෝ වෙච්චි ලුම්පන් පන්තියකුත් ඉන්නවා, ස්පොන්සර් වැඩේ කොරන්න.. ඔක්කෝම කේප්ප හරක්..

      Delete
  43. මේක මොකක් හරි කුමන්ත්‍රණයක්. හැමදාම අපිට මොකක් හරි මිනිස් ඝාතනයක් ගැන අහන්න දකින්න ලැබෙනවා.. ස්ත්‍රී දූෂණයක්, මංකොල්ල කෑමක් , අල්ලස් දීමක් ඔනෑම මාධ්‍යයක හැමදාම වරදින්නේ නැති දේවල්. ඒ කිසිම දෙයකට විරුද්ධ වෙන්නේ නැති මේ බල කයවල් ටික හරක් වෙනුවෙන් මෙච්චර මැරෙන්න හදන්නේ මොකද? එයි ඒ ගොල්ලොගේ ඇස කන් මුඛ පූට්ටු වෙලාද රටේ සිද්ධ වෙන අනිත් අපරාධ් ගැන ? එත් ඉතින් දෙපා හරක් ඉන්න තාක් කල් මේ සේනා වලට කල්ල මරේ තමයි..බලාගෙන ඉම්මු...

    ReplyDelete
    Replies
    1. ඒකට නම් හේතුව, බාබෙරියන් ජඩ මාද්දියවේදියෝ...

      Delete
  44. හරකෙක් මරණ එකට මෙච්චර ශ්‍රද්ධාවන්ත කරුණා හිතක් පහලවෙලා බාබකිවු වෙන්න යනවනම් අර පොලිසියෙන් අත්අඩංගුවට අරන් හංගලා තිබුණ අවි ආයුද පෙන්නන්න එක්ක ගිහින් මාංචු පිටින් ‍ගගෙි පිනපු අයයි හංගපු තුවක්කුවෙන් වෙඩි තියන්න දත කැ අයයි මැරුණ ගානට බාබකිවු වුනානම් අපිට බුරුමෙට හරි තායිලන්තෙට හරි යන්න වෙනවා පාංශුකූලෙට හාමුදුරුවරු වඩම්මන්න.

    හැබැයි ඔය පිට කොටුවෙ අපවත්වෙන්න දගලන අය ඉක්මනින් අපවත් වෙනවනම් "අද ඉඳන් මමත් ගවමස් කනවා" කියල කවුද ෆේස් බුක් එකේ කියල තිබුණා.
    ඒක තමයි ඇත්ත මමත් කියන්නෙ ඒටිකම තමයි.

    ReplyDelete
    Replies
    1. කොයි.... පොලෝසියෙන් පැස්ටෝල් බුලි ටික ඉස්සුවනේ...

      Delete
  45. ඔය ගොන් සැට් එකත් එක්ක එකට බුදියගත්ත අයට දැන් තේරේවි.

    ReplyDelete
    Replies
    1. දැන් දැන් කස්ටියට අවබෝධ වෙන්න පටන් අරගෙන තියෙන්නේ..

      මෙයාලා ඉතින් අස්සයෝ පැනලා ගියයින් පස්සේ ඉස්තාල වහන්න ඉස්පැසලිස්ට්ලානේ...

      Delete
  46. 500කට කෑම දීමට නැසෙන පණ ප්‍රමානය
    හරකා - පණ 1
    ඌරා - පණ 2
    එලුවා - පණ 2
    කුකුලා - පණ 50-60
    හාල්මැස්සා - පණ 10,000
    කූනිස්සා - පණ 100,000

    අපේ කටිටිය වැඩේ පටන් අරන් තියෙන්නේ වැරදි පැත්තෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇයි, මුදවපු කිරි. බැක්ටීරියාම කීයක්ද?

      Delete
    2. හරකාගේ පණ පමණක් පණය

      අනික්වා කොයි පණය..

      Delete
  47. ගවයන් මිනිසුන් වී මිනිසුන් ගවයන් වීම.
    http://rateweda.blogspot.com/

    ReplyDelete
    Replies
    1. දිගටම ලියපන් වෙදෝ.. එකෙන් දෙකෙන් නවත්තන්නේ නැතිව.. මගේ බොග් පන්තියත් බලන්න.. ඒක ඔහේට උදව්වක් වෙයි.. මම සින්ඩියේ එල්ලන්නම්

      සුබ අනාගතයක්...!!!

      Delete
  48. හපේ පැත්තේ නම් දානෙකට අනිවාර්යයෙන් මස් ඕන,නැත්තම් මාළුවත්,අපේ පන්සලේ ලොකු හමුදුරුවොන්ට දොස්තර මහත්තය කියල තියෙන්නේ හල්මස්සෝ වත් වලදන්ට කියලලු.

    ReplyDelete
    Replies
    1. එහෙම බැලුවම් දොස්තරලා, පෝෂණවෙදියෝ පට්ට පව් කාරයෝ නේ..

      Delete
  49. මට තියෙන්නෙ එකම ප්‍රශනයයි හාල්මැස්සොයි කරවලයි ගස්වලින් කඩන ඒවද?

    ReplyDelete
    Replies
    1. නෑ ගොඩට් ඇවිත්, අපිව කාපියෝ කියලා, සුවිසයිඩ් කොර ගන්න උන්.. එහෙමෞන් කෑවට් පව් නෑ.. අර සස ජාතකෙත් තියෙන්නේ..

      Delete
  50. මේක මේ දෙශපාලන චුයින්ගම් එකක් අපට හප හප ඉන්න දුන්න. ගිනිවා චුයින්ගම් එකත් එනවනෙ. මේ වගේ චුයින්ගම් කිහිපයක් මරුවෙන් මාරුවට දුන්නම අපි හප හප ඉන්නවනෙ.
    මොනව උනත් මේ ජාතිවාද‍ය මුල් කරගෙන යන වැඩසටහන් නිසා අනාගත පරපුරටත් විදවන්න වෙන තත්වයක් ආයෙත් උදා වෙයිද කියලයි බය.

    ReplyDelete
    Replies
    1. මේ ආන්ඩුව මේ වගේ දේවලට ඉඩ දුන්නොත්, වැඩි කල් නොගිහින් ඒ දේ නම් වෙනවා ආයේ දෙකක් නැතිව..

      Delete
  51. කථාව නම් 100% ඈත්ත....අපි ඉතින් මෙ විකාර බල බල වයසට යනව...

    ReplyDelete
    Replies
    1. අපි නම් ආතල් අරගෙන, එන්න එන්න තිරිහන් වෙනවා...

      Delete
  52. කියන්න හිතට ආපු දේ කමෙන්ට් වල කියවිලා තියෙනවා...
    ලිපිය නං නියමයි අයියා.. හැබැයි ඉතිං මේවා දැකිය යුතු හරක් මේවා බලන එකක්යැ...
    ඒකයි දුක.

    ReplyDelete
    Replies
    1. මේව බලන දකින් උනුත් ඉන්නවා.. තාමත් විකල්ප අදහස් වලට ඉඩ තියෙනවා. ඒක නිසියාකාරයෙන් ප්‍රයෝජනයට ගත්තාම හරි.. සීමාව අතුලේ.. සීමාව ඉතින්, තමන් දැන ගන්න ඕනා..

      Delete
  53. අනේ ඒ සිල්වත් උත්තමයෝ පව් අප්පා

    ReplyDelete
    Replies
    1. මාර සිල්වත් නේ.. බලන්න එයාලගේ ශ්‍රද්ධාසම්පන්න ගුටි පූජාව..

      Delete
  54. මමත් කලින් ලිව්වා මේ හමුදුරු ගොල්ල කරන වැඩ ගැන ,ඇත්තටම කරන්නේ හමුදුරු ගොල්ල ධර්මය ප්‍රචාර කරනවා නෙවෙයි අනිත් ආගම් වල අඩුපාඩු හොය හොය ,අධාර එකතු කරගෙන යනවා ,අපි පිලි පදින දර්ශනයේ නායකයෝ නෙද මේ කියලා හිතෙනවා සිවුරු කරට ඇරන් දගාලලා ,ජරා වචන වලින් මධ්‍යය සකාච්චා තියන කොට ...කරන්න දෙයක් නෑ .....නිහඩ පිලිවෙත හොදා ..

    මම හිතන්නෙ අංගුත්තර නිකායේ ඔය ගැන විතරයක් තියෙනවා කොතන ද කියලා මතක නෑ ,මාතලන් ,කකා ..පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න (හරක් මස් කැම )

    " rel="nofollow">

    ReplyDelete
    Replies
    1. තියෙනවා තියෙනවා.. ඒ වගේ උන්ට කරන්න ඕන දේවලුත් තියෙනවා.. නොකරන එක නේ කරුමේ..

      Delete
  55. සමහරක් හාල්මැස්සො මාළු කන්නෙ හරකව සමුපූරණයෙන් ගිලින්න බැරි හිංද නෙව...
    හාංදුරු ගොල්ල අර ඉස්සර හිටපු ගණින්නාන්සෙ කියන පට්ටමට ලං වේගනයි එන්නෙ

    ReplyDelete
    Replies
    1. ලං වෙන්න දෙයක් නෑ... වෙලා ඉවරයි..

      Delete
  56. හාහ් අයි මොකද මුන් හරක්මස් කන්න එපා කියන හැටියට හරක් මසුත් කාලා මුන්ගේ මසුත් කන්න හිතෙනවා අම්මපා.

    හැබැයි මට අර නිහාල් නෙල්සන් මහත්තයාගේ "එපා එපා මස් කන්නට කිරි අම්මාගේ " සින්දුව අහලා මස් කන එක ගැන දුක් හිතුනා.....ඒ කියන්නේ අද ඉන්න මේ හාමුදුරුවරු කියාගන්න ගොබ්බයො කියන බයිලා වලට වඩා මිනිස්සු නිහාල් නෙල්සන්ගේ සින්දුව අගය කරා.

    සිවුර දාගෙන අරක්කු බොනවා වගේද බොලව් ..හරක් මස් කන එක.

    මාතලන් ඔබේ බටහිර ගැති චින්තනය අපේ නොඉඳුල් බොදු දෑහිතකාමී ජනයා වෙත් පටවන එක නවතනු..... ගව මස් කෑම හෙලා දකිමු... හරකුන්ගෙන් පිරි රටක් හදමු.

    ReplyDelete
    Replies
    1. මාත් අහලා තියෙන විදියට, නිහාල සින්දුව අහලා, හරක් මස් කෑම නවත්තපු විශාල පිරිසක් ඉන්නවා..

      Delete
  57. හරක් මැරීම නතර වුනොත් එහි ඌණ පුර්ණයට අනිත් සතුන් තවත් මැරෙනු ඇති. මොන සතාගෙත් ජීවිත ජීවතම තමයි. මේවා හුදෙක් ප්‍රසිද්ධිය තකා කරන දේවල් මිස සැබෑ අධිෂ්ඨානයෙන් කරන දේවල් නෙවෙයිනේ

    ReplyDelete
    Replies
    1. මුන්ට පිස්සු... වෙන මොනවත් නෙමෙයි..

      Delete
  58. මේ ඔය උද්ඝෝසනේ දවසේ මම බුකියේ ෂේයා කල ස්ටේටස් එක

    ~ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, භික්ෂූන් වෘක්ෂ මූලික විය යුතුය, නිර්මාංෂික විය යුතුය .. යනාදි වශයෙන් විනය නීති පනවනු මැනව.

    ~පින්වත් දේවදත්ත, බුද්ධ දර්ශනයේ නීති රීති නැත. මම මාර්ගය පෙන්වා ඇත්තෙමි, කැමැත්තවුන්ට ඒ මග යාහැක. එපමණකි.

    "හරක් නොමරව්"
    සිවුර අතට අරගෙන නටන
    දේවදත්තලා දකින්න
    අනේ බුදු හාමුදුරුවනේ
    ලොකු දෙයක්
    ඔබවහන්සේ
    අද නැති එක ..

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න උන් බුදු හාමුදුරුවන්ටත් ධර්මෙ උගන්නයි..

      Delete
  59. හෙන්රි වර්ණකුලසූරියFebruary 20, 2014 at 10:57 PM

    මේ හරක් රැල අල්ලා බැඳ දැම්මේ නැත්නම්, ජිනීවා වල කෙසේ වෙතත්, මේ රටේම මහා විනාශයක් සිඳු කරනා බව නම් බුදු ෂුවර්ය.

    ReplyDelete
    Replies
    1. හෙන්රි වර්ණකුලසූරියFebruary 20, 2014 at 11:00 PM

      පට්ටම කතාව. හරක් මරනවට මේ තරම් විරෝධය ගේන්නෙ මුං හරක් ගෙන් පැවත එන හරක් නිසාම වෙන්න ඕනෙ.

      Delete
    2. පෙනුමෙනුත් වැඩි වෙනසක් නෑ.. කිසිම ශාන්ත දාන්ටහ් බවක් නෑ.. කුලප්පු වෙච්ච කුළු හරක් වගේ...

      Delete
  60. මේ පොස්ටුව ලියපු මහත්තයාත් ඒකට කොමෙන්ටු දාන අනෙක් මහත්තුරුත් පුකෙන් කාල කටින් රෙන එවුන්ද? හරියට බලන්න මේ හාමුදුරුවන් වහන්සේලා ඉල්ලන්නේ ගව ඝාතනය තහනම් කිරීම පමණක්ද කියලා. ඔය මහත්තුරුත් හරියට අර තිස් අවුරුද්දක් තිස්සේ LTTE කාරයෝ අනික් මිනිස්සු මරපු එක අමතක කරලා යුද්දෙදි මල LTTE කාරයන්ගේ මානව හිමිකම් හොයන ඇමරිකාව වගේ කතාවක් නේ කියන්නේ.

    ReplyDelete
    Replies
    1. AnonymousFebruary 21, 2014 at 12:32 AM @

      බලන්න මේ හැමෝම එක මතයක ඉන්න හැටි.හැබැයි මේ පෝස්ට් එකෙන් ජනමතය පිළිබිඹු වෙනව කියල මම කියන්නෙ නෑ.කොහොමත් වෙන කිසිම දෙයකට වඩා බ්ලොග් ලියන මෙතන හුඟක් දෙනෙක් හාමුදුරු කලබලේට විරුද්ධයි.වෙන මොනම හේතුවක් නිසා නොවෙයි.මේක ප්‍රමුකත්වය දෙන්න ඕන ප්‍රශ්නයක් නොවන නිසා.හාමුදුරුවරු ටික දෙනෙක් රටේ මිනිස්සුන්ගෙ අවධානය වෙන අතකට හරවන්න කරන සෙල්ලමක් නිසා.හරක් මරන එකා හරක් මරපුදෙන්,ඌරො මරන එකා ඌරො මරපුදෙන් අපට මොකෝ.උන් කරන ඒව උන් ගෙනියයි.

      මේ රටේ ප්‍රධාන ප්‍රශ්නෙ හරක් මැරීම ද? අනික් ප්‍රශ්න ඔක්කොම විසදිලාද?

      Delete
    2. අමු දවාලේ මිනිසුන් පැහැරගැනීම,රතුපස්වල වෙඩි තැබීම,ඉහලයන ජීවන වියදම ගැන.මේ චීවර දාරීන් නිහඬ ඇයි ඇනෝ?

      Delete
    3. මේ යට ඉන්න ඇනෝ හාමුදුරුකෙනෙක්ට කතාකරන්නවත් දන්න කෙනෙක් නෙමෙයි. චිවරවරධාරියා ? ඔබතුමා හිතන්නේ මේ හාමුදුරුවෝ නින්දෙන් නැගිටලා ඇවිදින් එකපාරටම මේ කටයුත්ත පටන්ගත්තා කියලද? අඳුරේ අතපත ගාන්නේ නැතිව හරියට තොරතුරු දැනගෙන කතා කරන්න.මේ රටේ චීවරධාරියා කියල කියන්න ඕනි කට්ටිය ඉන්නවා. නමුත් මේ ප්‍රශ්නෙට මැදිහත් වුනු සියලුම හාමුදුරුවරු තමුන්නැහෙට වඩා සිල්වත්, රටේ ප්‍රශ්න ගැන දැනුවත් ස්වාමින්වහන්සේලා පිරිසක් බව මම ස්ථිරවම දන්නවා. ස්වාමින්වහන්සේලා දැන් පල්ලියේත් ඉන්න නිසා හාමුදුරුවන් කියලම කියන්නම්. අනික මේ හාමුදුරුවරු ආණ්ඩුවේ වරදාන වලට යටවෙච්ච හෝ ආණ්ඩුවට විරුද්ධ NGO නඩවලට කඩේයන පිරිසකුත් නෙමෙයි. සිංහල ජාතිය ගැන ආදරයක් තියෙන පිරිසක්. මම නැවතත් කියන්නේ මෙතන තියෙන්නේ ගවඝාතනයට විරැද්ධ වීම පමණක් නෙමෙයි. මොකක්ද දැන් ලංකාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඔබතුමාලා හිතන විදිහට ? ඔය අයට නොතේරුනාට රටේ දැනට තියෙන ප්‍රධානම ප්‍රශ්නෙට අදාළව කරුණු බොහොමයක් මේ හාමුදුරුවන් වහන්සේලාගේ ඉල්ලීම් කිහිපය තුල තියෙනවා. තමන්ගේ ජීවිත ආශාව හෝ ලාභ ප්‍රයෝජන බලාගෙන හෝ මේ රට දුෂණය කරපු ලන්දේසි, ඉංග්‍රීසි සහ පෘතුගීසී එක්ක නිදි වැදිලා ජාතක වෙච්ච පරපුරකින් එන බාගෙට සිංහල කළු සුද්දන්ට නම් මේක සෙල්ලමක්, මහා කරදරයක් කියල හිතනවා ඇති. එත් එහෙම නොවන බොහෝ සිංහලයන්ට ඒක එහෙම නොවෙයි. පාරවල් වහල බේබිලා රේස් පදිනකොට ඒක මාර ෆන් එකක් කියල හිතන, බබා හුකුන් පොෂ් පොරවල් වලටනම් මේ හාමුදුරුවරු කරන වැඩේ හරි odd නේද අනේ...
      අනික යකෝ මේ රටේ මිනිස්සුන්ගේ මොකක් ගැන අවධානයද මේ හාමුදුරුවෝ වෙන අතකට හරවන්නේ? මේ රටේ මිනිස්සුන්ගේ අවධානය යොමු විය යුතු පැත්ත තමා මේ පෙන්නන්නේ. හරකෙක් ඉස්සරහට දාල අනෙක් දේවල් වලින් ලිස්සල යන්න එපා.

      Delete
    4. යාළුවා මා දහම් පාසලෙත් ගුරුවරයෙක් විදිහට කටයුතු කල කෙනෙක්.සැබෑ සිල්වත් භික්ෂුන් වහන්සේලා කවරාකාරදැයි හොඳින් හඳුනන කෙනෙක් විදිහටයි අදාළ පුද්ගලයන්ව චීවරදාරීන් ලෙස හැඳින්වූවේ.මොවුන්ගේ හැසිරීම භික්ෂු ප්‍රජාවට ගැලපෙනවද?.රහස් පොලිස් නිලදාරියෙක් ලෙසට ඔවුන් සැකකළ අයෙකුටයි ඔවුන් පහරදෙන්නේ.මෙයට අදාළ සිවුරු දරන්නන්ගේද අනුග්‍රහය ලැබෙන බව පෙනෙනවා.මිනිසුන්ට පහරදීම හෝ ඒවාට අනුබල දීම භික්ෂුවට කැප දෙයක්ද?.පල්ලි වලට පහරදීම,ගව ඝාතන විරෝධය හැර මේ පිරිස කල වෙනත් වැදගත් දෙයක් සඳහන් කරන්න.පල්ලි වලට පහරදීමේ සිදුවීම ලංකාව ජාත්‍යන්තරයේ අපකීර්තියට ලක්වීමට සිදුව ඇති දෙයක් බව ඔබ දන්නවද?ඒ අතින් බැලුවිට මේ පිරිස සැබෑ දේශද්‍රෝහීන් පිරිසකි.

      Delete
    5. ඔව්. උන් අපේ පන්සල් කඩමින්, හාමුදුරුවරුන් ඝාතනය කරමින්, කෘර ලෙස සිංහලයන් ඊනියා සර්වබලධාරියා වෙත හරවන විට එය නොදැනුවත්කමයි. උන් ඒ ටික දැනුත් ටකරමට, ලැට් පෝච්චියට කරනකොට ඒකට විරුද්ධ වීම ජාත්‍යන්තර වැරැද්දයි. මැල්කම් ට පට්ටමක් දීලා, සිංහල බෞද්ධ සංස්කෘතිය හොරාකමින්, උන් කරන්න හදන්නෙත් ඒ බැරිවෙච්ච ටික බව දහම්පාසල් ගුරාටද නොතේරීම අපේ අභාගයයි. අනෙක් අතට ක්‍රිස්තියානි පල්ලියට නැමීම ඔබගේ දැනුමේ හැටියට ජාත්‍යන්තර කිර්තියට හේතුව බව මෙයින් ඔබ කියයි. ඔබේ පරගැති නොන්ජල් දර්ශනයේ හැටියට එය දේශප්‍රේමයයි. ඊට විරුද්ධ වීම දේශ ද්‍රෝහී වීමයි. යකෝ මේක මැල්කම් ගේ අප්පගේ බුදලයක් වත් නබිගේ සල්ලාල ගුබ්බයමක් වත් නෙමෙයි. සිංහලයන්ට ඉපදිලා නිදහසේ මැරිලා යන්න තියෙන එකම රට..

      Delete
    6. /////සිංහලයන්ට ඉපදිලා නිදහසේ මැරිලා යන්න තියෙන එකම රට..//////
      +++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    7. අපි නම් කටින් කාලා පුකෙන් රෙන්නේ.. වෙන මක්කත් දැක්කෙ නම් නෑ.. හරක් මරන්න එපා කියලා කෑ ගහන හරක් ටිකක් නම් දැක්කා.. එතන උම්බෑ කිව්වට කමක් නෑ.. මෙතනත් උම්බෑ කියන්න එපා.. ගොම ගඳේ බෑ..

      Delete
    8. හරි වැටහුනා. මෙතන ඒ ජාතියේ කුරුල්ලෝ පමණක් ලගින තැනක්. උම්බෑ කියනකොට ගොම ගඳ එනවාය කියල හිතන තැනක්. ඒ කියන්නේ හරක් මස් ඇරෙන්න හරකෙක් දැකල නැති පොෂ් පොරවල් ඉන්න තැනක්. ගොම ගඳ උහුලන්න බැරි බේබි ලෙවල් කට්ටිය ඉන්න තැනක්. මේ ටික යකාට පමණයි. අනික් කුලිකාරයන්ට නොවෙයි. මම කලිනුත් කිව්වා වගේ මේ හාමුදුරුවරුන් එකපාරටම නින්දෙන් නැගිටලා වගේ මෙතනට කඩාවැටුනා නෙමෙයි. රටේ අනෙකුත් ඉල්ලීම් වගේම අවුරුදු ගානක් කියල කියලා පෙත්සම් දීලා, සාකච්ඡා කරලා, බොරු පොරොන්දු දීලා රවටලා කුරුවල් වෙච්ච ප්‍රශ්නයක්. ඔබත් මේ අනික් පොෂ් බේබිලා වගේ ගොනාගේ වලිගේම එල්ලෙන්න එපා. අනෙක් ඉල්ලීම් ගැනත් කතා කරන්න. ඔය අන්‍යාගමික කරන පනත ලංකාවේ බුද්ධාගාම රැකගන්න තියෙන ප්‍රධාන තුරුම්පුවක්. ඒක පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ හිරකරලා දැනට අවුරුදු 3-4 කට වැඩි මම හිතන්නේ. ඇයි ඔබ ඒ ගැන කතා නොකරන්නේ?

      Delete
    9. මෙහෙම කුලප්පු වුන ගොන්නු වගේ හැසිරෙද්දී බුදුදහම රැකෙයි අපුරුවට!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    10. මොකටද ආගමක් වැළඳ ගන්න තියෙන නිදහස නැති කරන්නේ.. මිනිස්සුන්ට එපා නම් වෙන එකකට යන එකේ ඇති වැරද්ද මොකක්ද.. එතකොට මිහිදු හාමුදුරුවෝ කලෙත් වැරදි වැඩක්ද...?

      Delete
  61. ඡන්ද කාලෙට මිනිසුන්ට රටේ ප්රනශ්න දැනෙන එක මඟ හැරවන්න ක්ර්මයකුත් එපායෑ මාතලන්. දැන් මිනිසුන්ගේ ලොකුම ප්රටශ්ණය හරකා.

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගේ කිව්වොත් වැරදියි.භික්ෂූන් වහන්සේලාගේ ....

      Delete
    2. මේක ආන්ඩුවේ වැඩක් වෙන්න බෑ.. එහෙනම් තාමත් වැඩේ යනවා..

      Delete
  62. අර කළු සිවුරු සෙට් එක හරක්ද මීහරක්ද බන්?

    රට හරකට- හරක් රටට

    දවල් දානේට පුන්නක්කු බාල්දි ටිකක් සෙට් කරානම් හරි...

    ඡන්ද සටන සහ හරක් සටන....දෙකම මරු.

    ReplyDelete
    Replies
    1. පුනක්කුත් හොඳ වැඩියි... ගොම කවන්න ඕනා..

      Delete
  63. AnonymousFebruary 21, 2014 at 8:14 AM @

    මේ හාමුදුරුවරු කරන වැඩේ මෙහෙම අණබෙර ගහන්නෙ නැතිව පන්සල්වල ඉදන්ම කරන්න පුළුවන් දෙයක්.මේකෙන් වෙන්නෙ බුදුදහමට අවාසියක්.එක පල්ලියක් කැඩුවොත් පල්ලි දහයක් හදන්න සල්ලි ලැබෙනවා විතරක් නොවෙයි සිංහල බෞද්ධයො ම්ලේච්ඡයො කියල මතයකුත් ලෝකෙ පුරා ඇතිවෙනවා
    මේක දෙමළ ඩයස්පෝරාවට වාසියක්.අනික උපක්‍රම අතින් ඉතා මෝඩ වැඩක් මේ අය කරනව.මම රටට ආදරේ කෙනෙක්.මෙතන අපට රට කැඩීයාමේ අවදානම තවම පහ වී නැහැ.මොළේ තියන එවුන් නම් මේ වෙලාවෙ කළ යුත්තේ උතුරේ ප්‍රශ්නය කළමනාකරනය කිරීම.

    දෙමළ ඩයස්පෝරාව එප්‍රධාන ඉල්ලීම තමයි සූඩාන් ටිමෝර් ක්‍රමයෙ ජනමත විචාරනයක්.නැගෙනහිර සිංහල ,මුස්ලිම් දෙපිරිස කළමනාකරනය කරල දෙමළ ජාතිවාදය පැරදවීඅයි කරන්න ඕන.

    මේ අය මුස්ලිම් දෙමළ ජාතීන් එක තැනකට තල්ලු කරල.ඒක නෝර්වේ වුවමනාව වෙන්න ඇති.මේ අයගෙ වැඩ නිසා රන විරුවො බේරගත්ත රට නැති වෙන එකයි වෙන්නෙ.

    හරක් මැරීම ලඟ එන චන්දෙ නිසා ආර්ථික ප්‍රශ්න අමතක කරන්න ප්‍රයෝජනවත් බව ඇත්ත,ඒත් මොන තරම් ප්‍රශ්න රටේ තිබෙනවද? ඉස්කෝලෙ ගාස්තු ගෙවා ගන්න බැරිව සිය දිවිනසාගන්න ( සපත්තු සිද්ධිය )හොරපොල් අහුලන රටක් නේද?කුඩු ප්‍රශ්න ,නාස්තිය දූෂන,අපරාධ තව කොච්චර නම් ප්‍රශ්නද? මේකෙන් මේ අය විහිලුවට ලක් වීම නේද වෙන්නෙ

    ReplyDelete
  64. ලොක්කා ,
    මොවුන්ගෙන් අහන්නට ඇත්තේ එකම එක ප්‍රශ්නයක් විතරයි.ඒ බුදුන් වහන්සේත් චුන්ද සූකරිකගේ ක්‍රියාවන්ට එරෙහිව සිය දිවි නසාගත්තේද යන්නයි !!!
    ___________දුලා

    ReplyDelete
    Replies
    1. මුන් දන්න බුද්ධාගමක් තියෙනවය..

      Delete
  65. සිම්පල් ප්ලෑන් එකකට මාරු උනානම් ඉවරනේ..... හරක් වෙනුවට අලි කමු ඩෙසොට්ටුවට බුලත් විටක් කමු

    ReplyDelete
  66. මෙතනදී කාරනා කීපයක් කිව යුතුයි
    මේක හෙල උරුමය සම්භන්ධ දෙයක් නෙමෙයි නදීශගේ කකුල් දෙකට බය උන් විතරක් නෙමේ ලංක‍ාවේ ගම්මන්පිලගේ ඇට දෙකට බය අයත් ඉන්නනිසා උන් මේකටත් හෙල උරුමෙටම බනින්න පුලුවන් නිසා මේක මුලින්ම කිව්වා
    මම ජේසුසස් වහන්සේ වේසා ගෑනි බේරගන්න කියපු තර්කය පිලිගන්නේ නෑ ඒ කියන්නේ හරක් මස් නරකනම් හාල්මැස්සො හොඳද වගේ කතා කාටහරි එහෙම ප්‍රශ්කයක් තියෙනවනම් එයා හාල්මැස්සො මරනවට විරුද්ධව කටයුතු කරන්න
    මේකෙ හොඳකුත් තියෙනවා මොකද ඉන්දියාවෙනම් ගව ඝාතනයට විරුද්ධ හින්දු භක්තිකයෝ නමුත් ලංකාවේ හින්දු ආගම අදහනවා කියන දෙමෙල්ලු මේ වැඩ වලට සම්භන්ද නෑ ඒකෙන් කියවෙන්නේ බුදු හාමුදුරුවෝ අයිති සිංහලයන්ට ඒ වගේම හින්දු ආගමත් අයිති සිංහලයන්ට කියන එක මැල්කම් රංජිත් මොනවද නිජභූමි කතා වගයක් කියලා තියෙනවා ඒකෙන් කියවෙන්නේ ජේසු අයිති දෙමලට විතරයි නියල නේද
    මේ වැඩේට බලෙන්ම හරි පූසාරි කෙනෙකුත් (බැරිනම් ගාල් තැන්නේ කපු මහත්තයා හෝ) සෙට්කර ගත්තනම් මල් හතයි

    ගව ඝාතනය තහනම් කරවා ගැනීම මේ මොහොතේ අනවශය දෙයක් හැබැයි අපිට ආන්ඩුවට මෙහෙම යෝජනා කරන්න පුලුවන් ලංකාවේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමට ආධාර දීම නතර කිරීම පශු සම්පත් අමාත්‍යාංශය වසා දැමීම කල යුතුයි
    එලකිරි වෙනුව‍ට සෝයා පිටි පොල්කිරි වගේ දේවල් යොදා කෘතිම කිරි ආදේශක නිපදවීම හා ආනයනය දිරිගැන්වීමක් කල හැකියි
    සරලව කීවොත් අපි මනුශ්‍ය ශීෂ්ඨාචාරය ගවයාගෙන් නිදහස් කරගෙන ඉතිරි හරක් අභය භූමි වලට නිදහස්කල යුතුයි

    ReplyDelete
  67. අය්Oසල්ලිFebruary 23, 2014 at 7:54 AM

    අනේ මන්ද මාතලන් අය්යේ,බුද්ධාගම දර්ශනයක් මිසක්ක ආගමක් නෙවි නෙව .අහස උසට පිළිම වහන්සේලා හැදුවට රටටම ඇහෙන්න බන කිව්වට ඔක්කොම අපරාධ වෙන්නේ තවමත්.මේ මාලිගාවත්ත පිරිවෙනෙත් කොටිගානක් වියදං කොරලා සංචි තොරණක් හදන්න යනවා නෙව.ඔය පන්සල්වල පිළිම ගල් කණු හදන සල්ලි වලින් දුප්පත් ඉගෙනගන්න ළමයෙකුට උදව් කරන්න්කරන්න පුලුවන්නම් නෙව පින.කොහෙද,අපේ උපාසකම්මලාටත් ඕනේ නම ගහගන්න නෙව.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න