.

.

Feb 5, 2014

එජාපයේ අලි බෙටි... - Elephant Dung


මණ්ඩලේ ෆුල් කචල්ය. නාම යෝජනා කමිටුවත් එසේමය. නාම යෝජනා කමිටුවේ සෙලෙක්සොන් එකකට, ලොක්කාට කෙලින්න යන්නේ, මණ්ඩලේට මුකුත් කොරන්න බැරුව, ලොක්කාගේ තීරණේ අවසාන තීරනේද කියා, පොඩි සැකයක් හිතට එන්නේය. ඒත් එහෙම කෙස් එකක්මත් නොවේ කියා හිතෙන්නේ, රවියාටත් මලේ හොඳම එකෙන් පැන, තේරීම් කමිටුවෙන් ඉල්ලා අස් වෙච්චි නිසාය. මට පේන්නේ රවී කියනා ආකාරයට පක්ෂේ කන්නේ, වෙනින් කවුරුවත් නොව පිස්සු අත්තනායක කියලාය.

එහෙම හිතෙන එක සාධාරණය. අත්තනායකාලා ජීවිත කාළයටම ගොඩ ගිහිල්ලා අවසානය. සීට් එක දිනා ගන්න බැරි උනත්, චිට් එකෙන්, පර්ලිමට් කොම්පැණි එකේ වැඩට එනවාය. එහෙම එන්න අති විශාල පුණ්‍ය කර්ම කොරලා තියෙන්න ඕනාය. එහෙම ලිස්ට් එකක් හැදුවේ, උගතුන්, නැනවතුන්, ව්‍යවස්ථාදයකයට ගේන්නය. ඒත් අද හැම එකාම ඒකෙන් ගේන්නේ, ජනතාවගෙන් ප්‍රතික්ෂේප උන හාල්පාරුවෝය. රෙජෙක්ට් වෙච්ච වාමාන්සිකයෝය. බිස්නස් කාරයෝය, නාකි රිලා මොටවල්ය, නළු නිලියෝය. රටට වැඩක් අති උන් දෙන්නෙකුට ඉන්නේ, හර්ෂ හා එරාන් විතරමය.

ගොසිප් වලින් නම් කියවෙන්නේ පාලිතයා, ලොක්කාට කෙලින්නම ගියා කියලාය. එහෙම දෙයක් කලානම් කියන්න තියෙන්නේ, ඌ "චන්ඩියෙක්" නොව, පොනයෙක් කියලාය. අර වයසක මනුස්සයාට කෙලින්න යන්නේ, හරියට ඌගේ තාත්තට ගහනවා වාගෙ දෙයක්ය. ඔය වගේ දෙයක් මහින්ද ලොක්කා විපක්ෂ නායක වෙලා, පාලිතට ප්‍රශ්ණයක් ඇතිවෙලා, කොරන්න් ගියානම් වෙන්නේ, ජීවීත කාලේම දත් නැතිව බත් කන්නටය. සිරි ලංකා එකේ ඉන්න උන් බලු පැටව් වගේ ඉන්නේ, එයාගේ තරම දන්නා නිසාය.

කේස් එක නොමිනේසොන් කේස් එකක්ය. එහෙම එකක් නම් කොරන්න තිබුනේ රවී කොලා වගේ විරුද්ධත්වය පා නැගිටලා යන එකය. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒකටය. මහත්වරුන් කියන්නේ ඔවුන්ටය. මේ ප්‍රශ්ණ එළියටවත් නොදා, ඉවසාගෙන ඉන්නා එකම නියම ප්‍රජාතන්ත්‍රවාදයය. එජාපය කල්පනා කළ යුතුව ඇත්තේ, අනාගතේ හෝ රට පාලනයට එනවානම්, මේ වාගේ චන්ඩි බන්ඩි හා බොරුකාරයෝ හලලා, නියම මහත්මා දේශපාළණයක් ගෙන ඒමටය. මේ ඉන්නා හරක් රැල පන්නා, පත් කර ගන්නේ.. මීටත් වඩා අන්ත, ගාල කඩා ගත් හරක් රැලක්නම්, මේ ඉන්නා හරක් ටික හොඳටෝම ඇතිය.

එක අතකින්, සම හරක්, එජාපයේ ප්‍රජාතන්ත්‍රවාදෙ නැතැයි කීවද, මම නම් දකින්නේ මේ නියම ප්‍රජාතන්ත්‍රවාදයම කියලාය. එහෙම කියන්නේ "ප්‍රජාචන්ච්‍රවාදේ" පිහිටෙන් ඉන්නා හිවලුන් මිස, නියම ප්‍රජාතන්ත්‍රවාදය ගැන දන්නා උන් නොවේය. එහෙම කියලා, මේ වගේ සෙල්ලම් නම්, කීයටවත් අනුමත කොරන්නට බැරිය. බල්ලෝ එක්ක නිදා ගත්තා නම්, නැගිටින්නට වෙන්නේ මැක්කෝ සමඟ කියා කියමනක් ඇත්තෙය.

දේශපළණයට කිසි සේත්ම නොගැලපෙන උන් ගෙනාවේ, 56 "රෙද්දේ" විප්ලවේ තුලින්ය. එතෙක් වමේ දේශපාළණ පක්ෂවල පවා උන්නේ, උගත්, බුද්ධිමත්, ක්‍රියාකාරි දේශපාළණයේ නියුතු, ප්‍රභූ පිරිස් හා නියම කම්කරු නායකයෝ. නියම ජනතා නියෝජිතයෝය. (අද, වමේ පක්ෂ වලට හැමිනිලාම ගිහින් තියෙන්නේ, මේ ප්‍රභූ පිරිස් අතරින්, නායකත්වය ගිලිහි ගිය නිසාමය. ඒවා අද ගමේ කෝපි කඩ වගේය. එජාපයටද රනිල් ගියහොත් අතවන්නේ ඒ ඉරනමමය.)

ඉන් පසු, ජේ ආර් පප්පා, පාදඩ පන්තියේ උන් දේශපාළණයට ගෙනාවේය. ජෙප්පන්ගේ දාමරික ක්‍රියා නැවත්වීමට, දේශපාළණයට මැරයන් ගෙනාවේ ඉන් පසුවය. අන්තීමෙදි උන් පාර්ලිමේන්තුවටත් ආවේය. රනිල්ලා අද මේ බුක්ති විඳින්නේ, එදා තම මාමාගේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිඵලයන්ය. මේවා දේශපාළණේ කරනා කාටත් බොහෝ හොඳ පාඩම්ය. මගේ තීරණය නම්, නායකයාට ගහන්න යන එකා, පක්ෂේ තියාගන්නේ නැතිව එලවලාම දාන්න ඕන කියලාය.

පාලිතයා පමණක් නොව, ෂිරාල් හා මෛත්‍රී කොරන්නෙත් ඒ දෙයමය. (උන් දෙන්නාට නොමිනෙසොන් නුදුන්නාට, මාතලන්ට නම් තිබෙන්නේ, අප්‍රමාණ සතුටක්ය. උන් දෙන්නා නොමිනෙසොන් ගන්න, නොකරපු දෙයක් නැත්තේම ඇති තරම්ය. සජියාගේ ගුලි කාපු හැම එකාටම උනේ, ඔය සන්තෑසියමය. ගොඩ ගියේ දයාසිරියා විතරමය. සජියා මේවාට කටක් හොල්ලන්නේ නැතිය. දැනවත්, දීපු ගේම, මුන්ට තේරෙනවානම්, ළොකු දෙයක්ය.) එතකොට ඒ ප්‍රජාතන්ත්‍රවාදය නෙමේද කියා එකෙක් අහන්න පුළුවන්ය. සිරසත් සමඟ එකතුවී, ඒ කරනා මඩ ගැහිල්ලට, "ප්‍රජාතන්ත්‍රවාදේ" කියා කියනවානම්, මට කියන්න තියෙන්නේ, ඒක උගේ අම්මගෙ වාදේ මිසක් වෙන මොන මළදායක්වත් නොවේ කියලාය.

මේ ඔක්කෝම තියෙද්දි, වෙන්න ඇගමැති හෙළුපාල සිල්වා කියන්නේ, අනික් ඔක්කෝම පක්ෂවල අභ්‍යන්තර අර්බුධ, මණ්ඩල කචල්, අරවා මේවා නහුතයක් තියෙද්දි, සිරි ලංකාවේ නිදහස් පස්සේ බොහෝම ශක්තිමත් වෙලා කියලාය. එකේ, අර්බුද මතු කරන්න හරි, වලි දාන්න හරි, කොන්දක් තියෙන එකෙක් ඉන්න ඕනාය. පොන්නයෝ ඉන්නා පක්ෂයක් ශක්තිමත් වෙන්නේ කොහොමෙයි කියා ලොක්කාටත් පුරස්නයක් ඇතිවාට සැක නැතිය.

ඒ නිසා එතුමා, අලි ආනයනය කොට එතුමාගේ දෑත් ශක්තිමත් කොර ගන්නවාය. දැන් ආන්ඩු කරන්නේ සිරි ලංකා නිදහස් පක්ෂය නෙමේයේ.. රාජ පක්ෂේ හා ඉම්පෝඩට් එළිපන්ට්ලාය. ඒයාලාගේ ශක්තිවන්ත කම, කොළඹට, පක්ෂේ එකෙක් නායකත්වයට දාගන්න බැරි එකෙන් පේනවාය. ඒ ගැන නම් එජාපේ මෙන්ම සිරි ලංකා එකද, ලැජ්ජාවට පත් විය යුතුමය. ඒ කියන්නේ, කොළඹ නම ගිය අලියකුට තව වේකන්සියක් ළොක්කා ගාව තියෙනවා කියන සුබාරංචියය..

මේ ගැන එජාපයේ අය සිතට ගත්තොත් බොහෝ හොඳය..

සැළුන් දොර ඔය කිව්වාට... වහලාම නැතිය..

විශේෂ - පසුගිය පෝස්ට් එකේ කොමෙන්ට්ස් රිපල්යි අද හවසට දානවාය.. ඒ ගැන සමාව භාජනේකට දාලා බිව්වාට අවුලක් නැතිය.

135 comments:

  1. Replies
    1. සැළුන් දොර ඔය කිව්වාට... වහලාම නැතිය///
      මහින්ද පොර බව කවුරුත් දනි ,ඇත්තටම පාලිත විපක්ෂ නායකතුමාට ගහලා නැත්ද ?කතාව යන්නෙ එහෙමනේ ..
      මාතලන් ඇයි හරින් ප්‍රනාන්දු ගැන මොකුත් ලියන්නෙ නැත්තෙ ,පොර දෙනවා සජිත්ට එහා ගෙමක් ,කවදා හරි තැනකට එන ලකුණු පෙනේ ..සජිත්ට කවදාහරි අභියෝග කරන්න ඉන්න පොරක්..සැලුන් දොර පැත්තෙ යයිද දන්නෙ නෑ පොරත් ..

      ඇගමැති හෙළුපාල සිල්වා//මෙන්න කතාව පොර කියන්නෙම විරිදු නේ ...

      Delete
    2. විරිදු කියන්නේ එයා නොවේ බං.

      Delete
    3. ඔව් ඔව් මට වැරදිලා .....මේ කොට මොඩල් එක ගැන නේ කියලා තියෙන්නෙ ????

      Delete
    4. සජිත් කියන්නේ දැනට නම් දේශපාළණ වශයෙන් අනාත පොරක්.. මහාරජත් එයාව අත ඇරලා ෆොනීට තමයි වියදම් කරන්නේ..

      Delete
    5. මහාරජත් එයාව අත ඇරලා ෆොනීට තමයි වියදම් කරන්නේ//
      මසුරං කතාව!

      Delete
  2. බොහොම හරි // ඒ කියන්නේ, කොළඹ නම ගිය අලියකුට තව වේකන්සියක් ළොක්කා ගාව තියෙනවා // තාම මේ ටික ඒ අයට දැනිලා නැතිසේය. දොර ඇරේවි වෙලාවටම වගේ.

    ReplyDelete
    Replies
    1. රාජකීය දෛවඥ තාම වෙලාව දීලා නැතුව ඇති..

      Delete
    2. ගොම්මංපිලයට වඩා පෙරමුනට හොඳ නායකයෙක් බස්නාහිර ටීම් එකේ යූඇන්පී එකට ඉන්නවද මාතලන්? ඉන්නව නම් කරුණු සහිතව කියන්න.

      කරුණු නැතුව කිව්වොත් මෙතන උනා වගේ නාන්න වේවි.

      අපිටත් ගොම්මංපිලය ලොකු නෑ ඒත් ඔයා මේ කියන්නෙ එච්චර තේරුමක් ඇති කතාවක් නෙවෙයි.

      "එහෙම එකක් නම් කොරන්න තිබුනේ රවී කොලා වගේ විරුද්ධත්වය පා නැගිටලා යන එකය. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒකටය."

      මේ කතාව හරි නමුත් මේක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි විනය. ප්‍රජාතන්ත්‍රවාදෙ අනුව නම් නායකයට නෙවෙයි බහුතරේට ඉඩ දෙන්න ඕන. රවි කිව්වෙ මුළු බස්නාහිර මණ්ඩලේම රනිල් ගෙ පත්වීම වලට විරුද්දයි කියලා

      Delete
    3. @ නලීන්
      ගම්මන්පිලට ලොක්කා කතා කළා ඇස් ඇල් පී එෆ් එකට එන්න. ඒත් පොර කැමති උනේ නෑ.. ඒක සෑම අතින්ම ගම්මන්පිලට වාසියි. එහෙම ආවනම් ගම්මන්පිලත් තව දයාසිරි කෙනෙක් වෙනවා.. ඒත් අද පොරට ළොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා.. එජාපේ එකෙකුට ආන් එතන වේකන්සියක් තියෙනවා.. නම් වශයෙන් කියනවානම්, රෝසී, හර්ෂ, රවී වගේ අය.. එහෙම චරිතයක් ඇස් ඇල් පී එෆ් එකට නෑ..

      @ ඩැයිවර් කොල්ලා
      මීට වඩා හොඳ වෙලාවක් තවත් තියෙනවද බන්. ජිනීවා වලින් නේ කැම්පේන් එක කරන්නේ..

      @ හින්ගල නොතේ රෙන ඇනෝ
      එතන නාලා තියෙන්නේ මොකාද කියලා කස්ටියටම බලාගන්න දාපු එක බොහෝම හොඳයි..

      මෙතන කතාකලේ ගොන්මන්පිලට වඩා හොඳ නායකයෙක් ගැන නෙමෙයි. සිරි ලංකා එකට කෙනෙක් නෑ කියන එකයි.. මෙතනත් නාන්න එපා..

      රවීට අදාල කරුණ - ඒක් විනය තමයි, විනය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයම තමයි.. නැත්නම් තියෙන්නේ ඒකාධිපතිවාද්යක් හරි පැසිස්ට්වාදයක් හරි විතරයි, සමාජවාදය කියන්නෙත්. ඒක්කාධිපතිවාදයක්ම තමයි. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නිසා තමයි. ඉල්ලා අස් උනේ.. නැත්නම් ඉතින් රවිත් ගහගන්න යන්න එපාය.

      Delete
    4. බබෝ ඔයාට බේසික්ස් වත් බෑ නේ. කොලඹ මණ්ඩලේම විරුද්ද දෙන්නෙක්ට රනිල් තනි කැමැත්තට ටිකට් එක දුන්නේ ඒකාධිපති විදියට තමයි, නැතුව ප්‍රජාතන්ත්‍රවාදයක් මොකක්ද ඒකෙ. රවි ඕකට කොක්ක ඇද්දත්, ගහ මරා ගන්නෙ නැතුව අයින් උනේ විනය නිසා. ඉංග්‍රීසි ඉගෙන ගෙන තියනව නම් පොඩ්ඩක් රවි ගෙ ලිපිය කියවන්න කෝ.

      "විනය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයම තමයි" කියන කබ්බෙක් එක්ක මොන දේශපාලන කතා ද. එහෙනම් රටේ තියන වැඩිම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජෙප්පො. චීනෙ තමයි වැඩිම ප්‍රජාතන්ත්‍රවාදී රට හැක් හැක් හැක්...

      Delete
    5. @ නාන ඇනෝ..

      ඔයා නාන්න.. මම අතුල්ලන්නම්..

      Delete
    6. පක්ෂේ නායකයට එයා කැමති දෙන්නෙක් දාන්න බැරිනම්, රෙද්දටද ඒ නායකත්වය. රවී කියන්නේ යූ ඇන් පියෙන් ගිහින් ආයේ ආපු එකෙක්. රනිල් කියන්නේ එහෙම පැනපු එකෙක් නෙමෙයි.

      Delete
    7. නාන්නෙ කොහොමද බන් උඹ ආවම ලිඳම අයිති කරගෙන නේ නාන්නෙ. ආයෙ වෙන එකෙක්ට ඉඩ නෑ...

      "පක්ෂේ නායකයට එයා කැමති දෙන්නෙක් දාන්න බැරිනම්, රෙද්දටද ඒ නායකත්වය. "

      ඒක වෙනම කතාවක් ඒත් ඒක නෙවෙයි බං ප්‍රජාතන්ත්‍රවාදෙ කියන්නෙ, උඹත් මාර ආතල් දෙන්නෙ. පොඩි එකෙක් ගෙන් වත් අහ ගනින්කෝ ප්‍රජාතන්ත්‍රවාදෙ කියන්නෙ මොකක්ද කියලා.

      අනික රවිය ගැන උඹ කියන්න ඕනෙ නෑ අපි දන්නවා. පක්ෂ මාරු කතාවක් මෙතෙන්ට අදාල නැති එකයි ප්‍රශ්නෙ.

      Delete
    8. ඒකම තමයි මචන් මටත් තියෙන ප්‍රශ්ණේ පෝස්ට් එකට අදාල නැති දේවල්නේ ඔක්කෝම කතා කරන්නේ.. නානවා කිව්වේ ඒකට මචං. ඒකවත් තේරෙන්නේ නෑ නේ මචෝ උඹට. ඇත්තටම උඹට හින්ගල බැරිද..?

      අනික උඹ කොහෙද බං ළිදේ නාන්නේ..ළිදට වැටිලා මලොත් එහෙම.. මටයි දෝස.. බේසමක් අරගෙන වරෙන් හිල් පොල්කට්ටක් එක්ක. හිච්චි උන් නාවන්නේ එහෙමයි අපේ ගම්වල..

      Delete
    9. පෝස්ට් එකට අදාල නැති දෙයක් ද කතා කරල තියෙන්නෙ කියල පොඩ්ඩක් මෙතන ම ඉන්න එකෙක් ගෙන් අහල බලපන් කෝ උඹට සිංහල බැරි නම්? නැත්නම් අදාල නැති ටික පෙන්නපන් කෝ?

      උඹ නම් ප්‍රශ්නෙට අදාල නැති දේවල් කිව්වා තමයි මේ වගෙ:

      "රවි නැගිටල ගියේ ප්‍රජාතන්ත්‍රවාදෙ නිසා" කියල ඒ ගූ තලිය පිහිද ගන්න "රවිය පක්ෂෙ දාල ගිය එකෙක්, රනිල් එහෙමද" අහනවා. කිසිම අදාල කමක් නෑ.

      මෙහෙම උන් දේශපාලන බ්ලොග් ලියන රටේ ඉතින් කුඩු කාරයො පාර්ලිමේන්තු යන එක ලොකු පුදුමෙකුත් නෑ. ඇන ගත්තම නිකන් හිච්චි උන්, ලමා වැඩිහිටියො කියල අපහාස කරල වැඩක් නෑ බන්. රට හදන්න ඉස්සර තමන් හැදිල පෙන්නපන් මචන්.

      Delete
    10. උඹේ මොළේ පොඩ්ඩක් පරික්ෂා කර ගනින්.. රවීගේ කතාවේ ඊළඟට තියෙන වචනය කියවපන්, කළබල නොවී. රවීට තියෙන විනය උඹට නෑ.. උඹ වගේ උන් තමයි අද හැම තැනම ඉන්නේ. යන්නෙ කොහෙද ඇහුවම මල්ලේ පොල් ගානවා.. ඉස්කෝලයි, අම්මලා තාත්තලා විතරක් නෙමෙයි, සීයත් අල්ල ගන්නවා.. නැවතත් පැහැදිලිව කියන්න තියෙන්නේ.. ඔය ඇඟේ මාළු නටන ලෙඩේට බෙහෙත් හොයාගෙන නෑ. අනික මෝඩ කමටත් තාම බෙහෙත් හොයාගෙන නෑ.. ඒත් ඒ ලෙඩ තොබුනත් නෝමල් කියලා සැටිපිකට් එකක් නම් ගන්න පුළුවන්.. පොඩ්ඩක් මුතුහෙට්ටියට කතා කරලා බලහන්.. සප් එකක් දෙයි..

      නාන්නා සහ බාල්දිය..

      Delete
    11. රවිගෙ ලියුමෙ තියෙන්නෙ මොකක්ද බන්? "I consider this an arbitrary decision taken against the unity of the Colombo District organizers and of the democratic principles on which the UNP has been built upon."

      උඹ democratic කියන වචනෙ දැක්ක ගමන් රවි ප්‍රජාතාන්ත්‍රිකව ඉල්ලා අස් උනා කියන්න හදිසි වෙන්න එපා. ඔතන කියන්නෙ ගත්තු තීරනය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වලට පටහැනි හිතුවක්කාරී එකක් හැටියට සලකනව කියලයි.

      අනේ මචන් ප්ලීස් උඹ රෝයල් ගියා කියල නොකිය ඉන්න පුලුවන් ද? අර අරූ වගේ උන්ට පව් ඒකයි.

      "ප්‍රජාතන්ත්‍රවාදය නැති වුනා" කියල වලිනොදා, මහත්තයෙක් වගේ අස්වෙන එක ප්‍රජාතන්ත්‍රවාදය නම් මචන් ලමයින්ට කිරිපිටි නෑ කියල කරන ස්ට්‍රයික් එකකට කියන්න වෙන්නෙ පෝශ්‍යදායක හැසිරීමක් එකක් කියල නෙ :P

      මේක මෙච්චර ඇද ගන්න දෙයක් නෙවෙයි, උඹත් අර වරද පිලි ගන්නෙ නැතිව ඇර ගන්න එන හින්දයි කියන්නෙ.

      මචන් කරුනක් පෙන්නල දුන්නම ad hominem ඇටෑක් වලට යන්න එපා. උඹේ ඉමේජ් එක මයි නරක් වෙන්නෙ. දැන් බලපන් උඹට වටේ යන්න උනු තරම, රවිය පක්ෂ මාරු කරපුවයි, නායකයට තියෙන්න ඕන බලතලයි ...... අනේ මන්දා.

      Delete
    12. ඉතින් මචෝ මමය නෑවේ.. උඹනේ වචනයක් අල්ලගෙන වටේ යන්නේ.. කොහොම හරි උඹ ග්‍රේට් මචං.. වෙන එකෙක් නම් මට නෙමෙයි රිප්ලයි කරන්න වෙන්නේ.. අපේ අම්මට.. රටේ නැති එකේ, පක්ෂවල නැති එකේ, අපිවත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරි කරමු මචෝ..

      Delete
    13. මචන් වචනයක් අල්ලගෙන නෙවෙයි, මම කිව්වේ රවි අස්වුනු සීන් එකේ කොහේවත් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුනෙ නෑ කියලා. ඔන්න රවි අස් වුනේ බහුතර මතයට හිස නමල නම් උඹ කියපු කතාව හරි. එතන උනේ එහෙම එකක් නෙවෙයි කියල කවුරුත් දන්නවා, හරි හෝ වැරදි හෝ රනිල් පොරට ඕනෙ එකා දා ගත්තා. රවි කියන විදියට නම් දා ගත්තෙ ප්‍රජාතන්ත්‍රවාදෙට විරුද්දව! ඉතින් රවි අස් වුනේ ප්‍රජාතන්ත්‍රවාදීව කියන එක විහිළුවක්. රවි පිහියක් අරන් රනිල් පස්සෙ එලවන්නෙ නැතුව ඉල්ලා අස්වුනේ නම් එක විදියක විනයක් නිසා.

      පල්ලෙහා අමිලත් කිව්ව වගේ රනිල් හරි දෙයක් කළත් ඒක කරන්නෙ අවශ්‍ය ඕඩියන්ස් එකට වත් සෙල් කරලා නෙවෙයි තමන්ගෙ හිතුමතේට. එහෙම තමන්ගෙ හිතුමතේට රනිල් කළ ඔක්කොම දේවල් හරි දේවලුත් නෙවෙයි (දක්ෂ උන් ඉඳිද්දි තමන්ගෙ ගල් කොල්ලො ඉස්සරහට ගැනීම වගේ). ඉතින් ඔතන ප්‍රජාතන්ත්‍රවාදයක් පටල ගන්න එක තවත් වැරදි.

      උඹ කියන්නෙ "මේ ප්‍රශ්ණ එළියටවත් නොදා, ඉවසාගෙන ඉන්නා එකම නියම ප්‍රජාතන්ත්‍රවාදයය." - නායකයට ඕනෙ හැටියට නටන්න ඇරල සද්ද නැතිව ඉවසන එකයි ප්‍රජාතන්ත්‍රවාදෙ කියන එක විවේචනේ කිරීම "වචනයක් අල්ල ගැනීමක්" නෙවෙයි උඹේ තර්කෙ ෆන්ඩමෙන්ටල් වැරැද්දක් පෙන්නල දීමක්.

      දැන් ඕක කිව්ව කියල බලපන් උඹ මට කියපු කතා ගොඩ. හරි පොයින්ට් එකට එමු. උඹ කිව්ව නේ "රවීගේ කතාවේ ඊළඟට තියෙන වචනය කියවපන්, කළබල නොවී. " කියල? කෙලින් කියපන් මොකක්ද මේ චචනෙ, කොහොමද ඒක මෙතෙන්ට අදාල වෙන්නෙ කියල? වෙන වෙන බයිල කියනවද, වටේ යනවද කියල බලන් ඉන්න උන් තීරණේ කරාවි.

      Delete
    14. රවීම කියලා තියෙනවනේ.. ඉතින් තවත් මොකටද.. වාද බයිලා.. මම කිසිම තැනක උඹ කියන අදහස් ලියලා නෑ.. ඒ උඹේ හිතේ තියෙන ඒවා.. ළිපියක් කියවන කොට.. හිතේ තියෙන ඒවත් එක්ක කළවමේ කියවන්න එපා.. ළිපිය විතරක් කියවපන්..

      Delete
    15. >>>> මම කිසිම තැනක උඹ කියන අදහස් ලියලා නෑ.. ඒ උඹේ හිතේ තියෙන ඒවා.. <<<<

      එහෙනම් මෙහෙම කිව්වෙ මම වෙන්න ඇති.:

      "මේ ප්‍රශ්ණ එළියටවත් නොදා, ඉවසාගෙන ඉන්නා එකම නියම ප්‍රජාතන්ත්‍රවාදයය."

      ---------------

      >>>> රවීම කියලා තියෙනවනේ.. ඉතින් තවත් මොකටද.. වාද බයිලා.."<<<<

      රවිගෙ කතාවෙ democratic කියන වචනෙ නම් තිබුනට උඹ කියන එකට අදාල මොකුත් නෑ. තියනව නම් මචන් උඹ මෙලහට පෙන්නලා පඳුරු වටේ තලන්නෙ නැතුව.

      උඹ එක්ක කතා කරල වැඩක් නෑ බන්.

      Delete
    16. මෙතනට එනකල් කියවං ආවා... මේ ටික කියෙව්වාම මට මතක් අනේ මේ මෑතක ගිය බ්ලොග් වලියමයි... පොයින්ට් එකට කතා නොකර වටේ යෑමක් මං දකිනවා මාතලංගෙන්... ආයේ ඉතිං වටේ වනන්න ඕන නැහැනේ.. සහන් උත්තර දෙනවා වගේ උත්තර දීමක් මාතලංගෙන් මටනං පේන්නේ...

      හරිනං ඉතිං මෙහෙම දෙයක් උනත් කියන්න ඕන ඇනෝ ඇවිල්ලම තමා මේ පවතින තත්තේ යටතේ.. :D නැත්තං අන්තිමට අහක ඉඳලා අපිටත් අහ ගන්න වෙන්නේ.. :D :D :D

      Delete
    17. අනේ මාරේ උඹ ඉඳහන් පිඳුරු නොදා.. උඹලට මේවා ආතල් උනාට.. මේ මාර බුද්ධිමතෙක් එක්ක මම යන විවාදයක්.. උඹලා මොන කබ්බොද බං.. මට එන්නේ මාර පොරවල්..

      Delete
  3. පිරිසක් එක්ක සාමූහිකව වැඩ කරන්න දන්නෙ නැත්නම් දේශපාලනය නෙවෙයි වෙන මොන වැඩක් වත් එකමුතු වෙලා කරන්න එන්න ඕන නෑ.තනියෙම කරගත්තා නම් හරිනේ.වෙලා තියෙන්නේ හැම එකාම මං තමයි කෙරුමා කියලා හිතං ඉන්න එක.මුන් හිතන් ඉන්නේ මාධ්‍ය ඉස්සරහ මිනිස්සුන්ට වාචාල කතා කිව්වම හෙන පොරවල් කියලා.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  4. මහින්ද අංකල් කවදා හරි ඇන ගන්නේ ඔය සැලුං දොර හින්දාය. මට ඒක නං බුදු සුවර්ය. මොකද කියනවා නං අලි පස්සේ හිටි උං කොලේ උඩ දාන නැටුං හින්දා කොයි වෙලේ කොලේ ඉරෙය්ද කියන්න දන්නේනැති හිංදාය

    ReplyDelete
    Replies
    1. එව්වා නම් සුම්මා ලොක්කා එක්ක. ඔය පැනලා පක්ෂ පිහිටවපු හේමකුමාරයා අද ඉන්නේ අනාථ වෙලා.. අලි බෙට්ටක් වගේ..

      Delete
  5. කාලෙකට පසු මාතලන් හා එකඟ නොවී අසන්නට ප්‍රශ්නයක් ඇත්තේය.

    "වමේ පක්ෂ වලට හැමිනිලාම ගිහින් තියෙන්නේ, මේ ප්‍රභූ පිරිස් අතරින්, නායකත්වය ගිලිහි ගිය නිසාමය. එජාපයටද රනිල් ගියහොත් අතවන්නේ ඒ ඉරනමමය."

    මාතලන් කියන ආකාරයට නිර්ප්‍රභු දේශපාලනය මෙරට දෙසපලනයේ වැදගත්කම් නැති කලානම් ...ජ.වී.පෙ. නව නායක අනුර කුමාර පිළිබඳව ඔබගේ දැක්ම වෙනස් ඇයි. අනුර යනු මෙරට නිර්ප්‍රභූ පවුලක දරුවෙකි. එසේනම් ඔබේ දැක්මට අනුව ජ.වී.පෙ. වෙත සුබවාදී බලාපොරොත්තු තබා ගත හැකිද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම ඕක මේ පෝස්ට් එකේම ලියන්න උන්නා. බොහෝම හොඳයි අහපු එක.. අනුරට ලාල් කානත්ට ඉතරක් නෙමෙයි මම වීරවංසටත් කැමතියි.. හේතුව නිර්පුභූන් නිසා නෙමෙයි, ඔවුන් ළඟ අද තියෙනවා එදා ඒ ප්‍රභූන් අතර තිබු හික්මීම, හැදියාව හා උසස් රසඥතාවය. මෙන්න මේ උසස් රසඥතාවය කියන දේ බොහෝම වැදගත්. ඒ දේ වල හදලා තියෙන්නේ දරුණු නීතී රීති මගින්. මම ඒ දේට කැමතියි. ඉස්සෙල්ලා මිනිස්සුන්ගේ විනය හදන්න ඕන. බලන්න අද කොළඹ කඩේකින් කුණු බින්දුවක් එළියට විසි කරන්නේ නෑ.. ඒ අපේ උන් හදුන නිසාද නෑ.. අපේ උන් එහෙමමයි.. ඒත් නීතියක් තියෙනවා කඩේ ඉස්සරහ කුණු තිබුනොත්, දඩය 5000 යි කියලා.. ආන් එහෙම නීතී මගින් හෝ මේ රටේ විනය හදන්න ඕන. එහෙම රටේ මිනිස්සුන්ගේ විනයක් හැදුවට උන්ගේ විනයක් නැති එකයි කරුමේ.. නමුත් විප්ලව කරපු, තුන්ඩු බෙදපු, මිනී මරපු කාළයට මම කැමති නෑ.. මිනිස්සු උනාම වෙනස් වෙන්න ඕන. අද ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පිවිසිලා.. විප්ලව නෑ.. විනයක් තියෙනවා.. ඒ නිසා මම උන්ට කැමතියි.. අනික් ප්‍රධාන දේ.. ජනතා විරෝධී ආන්ඩුවක් එක්ක උන් පෙල ගැහිලා නෑ..

      Delete
  6. එතකොට වෙන්ට අගමැති කොට මොඩල්ද? මම හිතාන උන්නේ විරිදු සිරා කියලයි..

    ReplyDelete
    Replies
    1. වෙන්න අගමැතිලා කීප පොලක්ම ඉන්නවා..

      Delete
  7. ලිපිය කියෝලා තේරුම් ගත්තා, ඒත් අදහස් එකතුකරන්න තරම් දේශපාලන දැනුමක් නැහැ. ඒත් මේ ලිපි වලින් දවසගානේ ඉගෙනගනිමින් ඉන්නවා. ඉස්ටුටි ඉදගෙන

    ReplyDelete
    Replies
    1. අපුර්වී ඔයත් ජන්දේ ඉල්ලනකෝ
      අද කලේ දේශපාලනේ දන්නේ නැති අය තමයි ජන්දේ ඉල්ලන්නේ

      Delete
    2. ඒත් මං සම්භාව්‍ය සිනමා නිලියක් නෙමේනේ විකූ. :)

      Delete
    3. ඔයා මෙහේ දේශපාලණය ගැන දැණුම හොයන්න මහන්සි වෙන්න එපා. කැනඩාවේ දේශපාලණය ගැන උනන්දුවෙන් සොයා බලන්න. එහේ ගියාම මේ පැත්තවත් පේන්නෙ නැති පැත්තක් බලාගෙන නිදා ගන්න. මේ රටට හිරු උදා වෙන්නේ නම් නෑ අපේ ජීවිත කාළෙට. ඒ තරම් ගූ ගොඩක් මේ රටේ දේශපාලණය.

      Delete
    4. හ්ම්ම්ම්.

      Delete
    5. ඔයා චන්දේ ඉල්ලන්න අපුර්වි... බුකියේ ඉන්න හොදම නිළිය ඔයානේ දැන්...... හැමෝගෙම ආදරණිය කුවේණිය. යස්ස පැටියා.....

      Delete
  8. මාමාගෙ පජාතන්තවදේ හින්දා බැට කන බෑණා.

    කොහොම උනත් ලගදි පත්තරේක තිබ්බා නේද රනිල්ට රැස්වීමක් අවසානයේ ගොම ගහපු කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියන්න දන්නේ නෑ.. ජනතාව ඉල්ලන්නෙම ගොබ්බයෝ..

      Delete
  9. ඡන්දෙ ඉවරවෙනකම් හැංගිලා ඉන්ඩ බැරිද මාතයිය.මම මේ පෝස්ටුව බැලුවෙ නෑ මාතයියා.බැලුවට වැඩක් නැත්තෙ ඔය මතිමතාන්තර මට නොතෙරෙන නිසා.මොකද ඔයාම කියල තියෙනවනෙ ලිං මැඩියන්ට මේක බැලුවොත් එක එක ව්‍යාධින්ට ලක්වීමට ඉඩ ඇති බවට අන්න ඒ හිංදා හොදද

    ReplyDelete
    Replies
    1. මොකෑ මේ ඇදගෙනම නාන්නේ!!

      Delete
    2. එඹත් එහෙම නම් ඉතින් මට කොරන්න පුළුවන් දෙයක් නෑ..

      Delete
  10. ඉල්ලූ සැනින් උඹ කරපු උපකාරයට බොහොමත්ම ස්තූතියි මාතලන් .. !!!!

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා මචෝ...

      "මිනිස්සුනේ මිනිස්සුන්ට උදව් කරන්නේ..."

      Delete
  11. කලින් පොස්ටුවේ කොමෙන්ට් වලට රිප්ලයි දානකම් මේකට මමනම් කොමෙන්ටුවක් දාන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. හොඳ තීරණයක්.. හැබයි එකේ රිප්ලයි දාපු ගමන් තව කොමෙන්ට් එකක් දාන්න වෙනවා පුතෝ..

      Delete
  12. //වමේ පක්ෂ වලට හැමිනිලාම ගිහින් තියෙන්නේ, මේ ප්‍රභූ පිරිස් අතරින්, නායකත්වය ගිලිහි ගිය නිසාමය.//

    එතකොට මාතලන් කියන්නෙ වික්‍රමබාහු, වාසුදේව කියන්නෙත් මේ දුප්පත් කම්කරුවන්ගෙ දරුවො කියලද?

    //දේශපළණයට කිසි සේත්ම නොගැලපෙන උන් ගෙනාවේ, 56 "රෙද්දේ" විප්ලවේ තුලින්ය. //

    ඉස්සර මඩුගල්ලෙල ගිහින් අර්ජුනල එන අතරෙ තිබ්බ ක්‍රිකට් අවාරෙදි ඔය පන්තියෙ අය කිව්වෙත් ඕකම තමයි.

    ඕකට කියන්නෙ කුහක කම කියල. තමන්ගෙ පන්තියෙ එකෙක් රජ වෙනවට වල කපන්නෙ ඒ පන්තියෙම උන් තමයි. කැලේ ගහක් නසන්න පොරෝ මිට වෙන්නෙ තවත් ගහක්මනෙ.

    ReplyDelete
    Replies
    1. මාතලං කියන්නෙ ඔය බෝක්කු උඩ, තේ කඩ වල දේශපාලන කතා වලට හොඳ මනුස්සයෙක්. පොයින්ට් ස්ට්‍රෝං මදි.

      http://www.w3lanka.com/2014/01/blog-post_31.html

      විවේචනයකට මිසක් අපහාසෙට නෙවෙයි කියන්නෙ මාතලං මචෝ ... තරහ ගන්ඩ එපා !!!!

      Delete
    2. @ ඉන්දික
      කම්කරුවන්ගේ දරුවෝ නම් නෙමෙයි. ඒත් පුභූ පවුල් වල දරුවෝ නෙමෙයි. අනික වම විනාස කරාපු උන් දෙන්නෙක් ගැන කතා කරනවට වඩා හොඳයි, නිකන් ඉන්න එක.. වාසු මහින්දගේ බලු කුක්කා.. අනිකා රනිල් ගාව ඉන්නවා.. ඒ වගේ උන්ට නායකයෝ කියලා කියනවද බං

      කෙනෙකුට ඒක කුහක කම කියලා පේන්න පුළුවන්. නමුත් මහත්වරුන්ගේ ක්‍රීඩවක් වෙච්චි ක්‍රිකට් ක්‍රීඩාව මාෆියාවක් කලෙත්, රණතුංග පවුල. මුළු පවුලම ගොඩ ගියේ ක්‍රිකට් නිසා. මඩුගල්ලලාට්‍ර අදත් ළෝකෙම සලකනවා. කොමෙන්ට්‍රීස් දෙන වෙලාවට පොඩ්ඩක් ඒවටත් ඇහුම්කන් දෙන්න. ජෙන්ට්ල්මන් කියලා ඕන එකෙක් කියන්නේ.

      රණතුංගලා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළා. අද ඒක මේ රටේ තව දුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නෙමෙයි. මාෆියාවක්. හොර ගුහාවක්. බැන්ක්‍රප්ට් ආයතනයක්. පිලිගැනීමක් තියෙන්නේ සංගාට විතයි.. හේතුව කියන්න ඕන නෑහැනේ..

      උන් ඇවිත් ක්‍රිකටුත් කෑවා දේශපාළණෙත් කෑවා..

      @ නාන ඇනෝ
      කේන්ති එන්නේ නෑ බන් පොඩි උන් කෙනිත්තුවට.. ගානක් වත් නෑ.. හැන්දෑවට වරෙන් බාගයක් හරි මලක් හරි අරගෙන බෝක්කුව උඩට.. මොකෝ එතන උන්.. කුක්කු පැටවුන්ට වඩා දේශපාළණේ දන්නවා..

      පොල්කාටකතු අරගෙනම වරෙන්.. නාවන්න.. අම්මා...

      Delete
    3. මාතලන් ඔය කියන්නෙ එහෙනං අර විජේවීර කිව්ව පවුල් 52 එකෙක් මේ හැම තැනම රජ කරන ඕන කියන එක වෙන්නැති. එහෙම බැලුවම ගිරුවායෙ මහ රජත් ඒ කුට්ටමේ නෑ. මොකද උන්දැත් ප්‍රභු නොවෙන පන්තියෙ නිසා.

      අනික සේරම්ල, රත්වත්තෙල, බන්ඩල රජකරාපු කාලෙ ඉවරයි. ඒ උන්ගෙ පවුල්වල තමයි ලොහාන්ල රගර් කාරයො මැරුවෙ, සැටලයිට්ල එංගලන්තෙ මාලිගා ගත්තෙ, වීරසූරියල නැව් ගත්තෙ, විජේවර්ධනල දෙකයි පණහෙ පච පත්තර ගස්සවන්නෙ. එහෙම බැලුවම අබුද්ධස කාලේ ලබුත් තිත්තයි රාලේ කිව්වැහෙ ඔය උඹ වන්දනා කරන මහා පරම්පරාවල උන් අර චුල්ලයන්ට එහ ගිහින්!


      රණතුංගල ක්‍රිකට් ගහපු කාලෙයි අද සංග ගහන කාලෙයි වෙනසක් නෑ. මුරලියට ගහනකොට කට්ටිය පස්ස අස්සෙ වල්ගෙ ගහන් ඉන්දැද්දි රණයි අර බුකි කාරයයි තමයි ගේමට බැස්සෙ. නැතුව ක්ලිෆඩ් රත්වත්තෙල ආවෙ නෑ. අනික සංග කියන්නෙත් රණාගෙ හොයාගැනීමක්. අද හොඳ සංග උනත් හෙට බලු දේශපාලනේට ආවොත් වෙන්නෙ රණාට උන දේ තයි. ඒ නිසා අද උගේ දේශපාලනේ නිසා එදා ගහපු ක්‍රිකට් වලට අපහස කරන්න එපා.

      ඔය ලොක්කොයි කියන උන් පොරවල් උනේ සොක්කොනට අවස්ථාව නැති එකේ වාසිය අරගෙන මිසක් උන් දක්ෂ නිසා නෙමෙයි. අනික උඹ කියන ඔය ලොක්කො බහුතරය, විශේෂයෙම්ම පාතරට ප්‍රභූල මේ අරක්කු විකුණල, පතල් හාරල ගොඩ ගිය කුණු මුදලාලිල උන මලයාලං කාරයොයි, කොච්චියි, ගංවල උන්නු ගොවිය පුත්තුයි මිස රාජ සභාවෙ උන්නු උන් නෙමෙයි.

      ඔය වමේ උන්නු ලොක්කො හාලි සිල්වල, දුරාවෙ පෙරේරල මිසක් රදළ කැප්පෙටිපොළල නෙමෙයි. ඒ නිසා ඔය ප්‍රභූ කියන බොරු මායාවෙන් එළියට ඇවිත් ක්‍රියාව අගය කරහන් පුදගලය නැතුව.

      Delete
    4. උඹ මොන බයිලා ගැහුවත්.. 56 පුත්තු මේ රට කෑවා.. ප්‍රභූන්ට සාපේක්ෂව බැලුවාම.. ඒක මධ්‍යස්ථව බලන ඕන එකෙකුට තේරෙනවා.. එදාට වඩ රට හැම අතින්ම පිරිහිලා කියලා.. මහ දෙයක් ඕන නෑ.. උඹ ඔය කියන තරම් දෙයක්, උඹ ඔය කතා කරන උන් මේ රටට කරලා තියෙනවනම්.. උඹලා ඇයි හිතින් විඳව විඳව, පිටරටවල කඹුරන්නේ.. මෙහේ කෙල්ලෝ, අම්මලා, ආච්චිලා පිටරට වහල් සේවයට යන්නේ.. මේක ස්වර්ගේ නිසාද..? නෑ.. මේ අරට කාලා ඉවරයි.. තව කන්න දෙයක් නෑ..

      අර්ජුණ කල හැම දේම නරකයි කිව්වේ නෑ නේ.. එහෙම කිසිම තැනක කියලා නෑ.. නමුත් වර්ල්ඩ් කපි එක ගෙනත් කරපු ගෞරවයට වඩා, රණතුංග පවුල ක්‍රිකට් වලට කරපු හානිය බොහෝ වැඩියි.. ක්‍රිකට් පොලිටික්ස් කලේ, රණතුංගලාලා.. ක්‍රිකට් පාතාලෙට ගෙනිච්චේ තිලංග සුමතිපාලලා.. ඒවා දන්න මිනිස්සු දන්නවා.. උඹලත් දන්නවා.. ඒත් නොදන්නවා වගේ ඇකිට් කරනවා..

      Delete
    5. මාතෙ, අපි රට ඉන්නෙ 48 ඉඳන් 89 වෙනකලුත් ඉන් පස්සෙ 94 ඉඳන් 2010 ( පන්තිය වෙනස් උනාට අද ඉන්න අය ඊට එහා ) වෙනකලුත් මේ රට කරවන කරවපු ප්‍රභූ පන්තියෙ මහතැන්ලගෙ හොඳකම් නිසා මිසක් විජේවීර, වාසු බාහු, සිරිතුංග අමරා, ප්‍රේමෙ වගේ අයගෙ ගොංකම් නිසා නෙමෙයි.

      Delete
    6. මේක කතා කරන්න ලේසි වෙයි මාතලන් මේ රට කෑවා කියන එකට ප්‍රදාන වශයෙන් වග කිවයුතු ටික දෙනෙක් ගෙයි, රටට සේවයක් කළා කියන්න ප්‍රධාන වශයන් පුලුවන් ටික දෙනෙක් ගෙයි ලිස්ට් එකක් දුන්නොත්. ප්‍රධාන වශයෙන් කිව්වෙ සැලකිය යුතු ඉම්පැක්ට් එකක් තිබුනු උන්. (මහත්තුරු නම් ඔහොම එකක් කිව්වම මහත්තුරු වගේ උත්තර දෙනවා.)

      Delete
    7. ඇනෝ මචෝ මේ පෝස්ට් එකේ ඔක්කෝම ලිව්වම. මට ආයෙත් පෝස්ට් ලියන්න වෙන්නේ නෑ.. ඒ නිසා දිගටම වරෙන් මචෝ.. කලිනුත් කියලා තියෙනවා.. ඉස්සරහටත් කියන්නම්..

      Delete
    8. SilentSahan කියන පොරත් ඔය "බාලගිරි මේකෙ නෙවෙයි ඊලඟ පෝස්ට් එකේ" කතා කිව්ව හරියට. කලින් කියල තියනව නම් කමක් නෑ ඕක ගැන කලින් ලියපු එකකට ලින්ක් එකක් වත් දීපන් කෝ.

      මට තව දෙකක් තුනක් දේවල් තියෙනව මෙතන කියන්න නමුත් කියන්න බෑ උඹ ඔය උඩින් තියන එකට කෙලින් උත්තරයක් නැතිව ඒව පස්සෙ යාවි.

      Delete
    9. උඹ තරහ වෙන නිසා කෙටිපිළිතුරක් දෙන්නම්..

      රටට සේවය කළ මිනිසුන්..

      DS., JR., RP., MR.

      (වැරදිත් තියෙනවා.)

      රට කාපු උන්

      බන්ඩාරනායක් පවුල.. රෝහණ විජේවීර.. ප්‍රබාකරන්..

      Delete
    10. RP/MR ප්‍රභූ නෙවේ (දෙන්නම එහෙම පෙන්නන්න හැදුවට), ඒත් සේවයක් කළා. JR ටෙක්නිකලි ප්‍රභූ ද කියන එකත් අර ඉන්දිකත් කිව්ව වගේ ඩිබේටබල්.

      රට කාපු බණ්ඩාරනායකලා ප්‍රභූ. උපත කෙසේ වෙතත් තුප්පහි කම අතින් නම් චන්ද්‍රිකා හිටියේ ප්‍රේමයා ටත් යටින්.

      ඉතින් පේනව නෙ උඹේ ජෙනරලයිසේෂන් එකේ පදනමක් නෑ කියලා.

      Delete
    11. තව ඔය ජාතියෙම ජෙනරලයිස් කතාවක් තමයි 77 විවෘත ආර්තිකේ නිසා සදාවාරයයි සබ්යත්වයයි තව මොනවද සීන් වගේකුයි මිස්ප්ලේස් උනා කියන එක.

      Delete
  13. මම නම් ඔය දේසපාලුවෝ ගැන කථා කරන්න කැමතිම නෑ. අපරාදේ වටිනා කාලය. ඒත ඒ ගැන කථා කරන්න ලියන්න අයත් ඉන්න එපෑයැ. උඹ ඒක යසට රසට කරනවා මාතලන්!! උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම දේශපාළණ සත්වයෝ මචෝ.. ඒකනේ අඩු කරපු පරිප්පු, උඹත් කන්නේ.. මමත් කන්නේ..

      Delete
  14. අනිවා..මචෝ...
    රවිය ද දන්නෙ නැහැ...
    හු ඇම් පිය කාපු එකෙක් රවිය..

    ReplyDelete
    Replies
    1. මට නම් එහෙම පේන්නේ නෑ.. රවිට හොඳ සේ එකක් තියෙනවා කොළඹ නම්..

      Delete
  15. දැන් ඔය 56 "රෙද්දේ" විප්ලවයෙන් පස්සේ පාර්ලිමේන්තුවට, සමාජවාදී පක්‍ෂවලට වගේ රෝයල් එකටත් ගමේ බයියෝ ආවාද මාතලන්?

    ReplyDelete
    Replies
    1. එකනේ අද ඒකටත් කෙළවෙලා තියෙන්නේ.. අද ඒ රාජකීය බව නෑ කතා.. කටයගෙන් පස්සේ ඉස්කෝලේ විනාසයි.. ප්‍රභූ පන්තිය ඉන්වෝල්ව් වෙන්නේ නෑ කිසි දේකට.. 56 පුත්තු එතනත් විනාෂ කළා.. අද තියෙන්නේ නම විතරයි. අපේ කාලේ නම් ගමේ බයියලා ආවට.. උනුත් අර ක්‍රමේට හැඩ ගැහුනා.. විනයක් තිබුනා.. හැඩගැහෙන්න බැරිනම් මාරු උනා.. කකා දන්නවනේ අපේ ඉස්කෝලේ ආදර්ශ පාඨය..

      Delete
  16. රෝයල් එකට බය්යො එන එක නම් අවුලක් නෑ කකා රෝයල් එකෙන් බය්යො විදිහටම පිට වෙන එක තමයි දුක.....

    ReplyDelete
    Replies
    1. යන්න බැරි උන්ට දුකයි ඉරිසියාවයි.. ඊළඟ ආත්මෙවත් ට්‍රයි කරහන්.. ඉක්මනට මැරියන්.. එතකොට චාන්ස් එක වැඩියි.. දුකයි සුමනා වෙන මොනවා කරන්නද.. දෙයක් නැති උනාම .. ඊළඟට අම්මා අප්පා ගැන කතා කරහන්..

      Delete
  17. මචන් මම උඹට ඉරිසියයි කියල උපකල්පනේ කරන්න, මගේ එඩියුකේෂන් එකවත්, ඉන්කම් එකවත්, සොෂල් ස්ටේටස් එකවත් කොටින්ම මම ගිය ඉස්කෝලෙවත් උඹ දන්නේ නෑ නේ? රෝයල් යාම විතරක් ඇති පොරකට වෙන උන් ඉරිසියා වෙන්න කියල හිතන්නෙ නම් මචෝ ඒ කොලේජ් එකට ඇවිල්ලත්, වෙන ආඩම්බර වෙන්න දෙයක් කර ගන්න බැරි උනු උන් ටික තමයි. එහෙම උන් නම් ගොඩ දෙනෙක් අර ලුම්පන් ක්ලාස් වලින් ආපු මැට්ටො තමා. අර නාමල් බේබි ඉන්නෙ STC ගිහින් වත් ගොබ්බ කම ඇරිල නැතුව ගොබ්බ mullet එකකුත් දාගෙන.

    උඹේ ඔය ක්ලාස් එක පෙන්නන ගමන් රෝයල් එකට වෙන උන් ඉරිසියයි කියන්න එපා මචෝ, නිලියෙක් උනු පලියටම "මගේ රූප ස්වභාවෙට කෙල්ලො ඉරිසියයි" කියල සුමනා ගෝමස් කිව්ව වගෙ වෙනවා! ඉස්කෝලෙටත් එක්ක චාටර්.

    ReplyDelete
    Replies
    1. උඹට එඩියුකේෂන් එකක් තියෙනවා නම්. අර උඩ තියෙන එක කියවලා හිටහන්කෝ ඉස්සෙල්ලම.. අර මිනී ඔළුවකුයි ඇටකටු දෙකක් ඉන්ගිරිසි එක්ස් හැඩයට දාලා තියෙන පින්තූරේට දකුණු පැත්තේ කොටුවේ තියෙන්නේ. උඹ මොකා උනාම මට මොකෑ බන්.. නාමල්ලා මට උඹලට වඩා වටිනවා.. ලකී කොල්ලෝ.. සැප විඳින්න ඕන කාලේ මැක්සා ගන්නවා.. උඹලා ඒකටත් ඉරිසියයි..

      ඒ ඉස්කෝලේ චාටර් නිසා වෙන්න ඇති හොර ඩොකියුමන්ට එහෙම හදාගෙන උඹලගෙ දරුවෝ දාන්න වලි කන්නේ.. ඕන නම් කියහන් සප් එකක් දෙන්නම්.. අර මට වඩා හොඳට ලියන පොඩි එකාව වත් දාලා දෙන්න.. අඩු ගානේ ඌව වත් පොරක් කොරහන්.. හාල් පැට්ටෙක් කරන්නේ නැතිව..

      Delete
    2. ඉස්සෙල්ලා මගේ අයිපී එකවත් බලලා ඉඳපන් මම රෝයල් එකට ලමයි දාන්න හොර ඔප්පු හදයි ද බලා ගන්න.

      ඉස්කෝලෙ චාටර් කිව්වෙ කවුද බං උඹ වගේ උන් ඉස්කෝලෙටත් චාටර් කිව්ව මිසක්. මම නෙවෙයි නේ ඉස්කෝලෙ චාටර් කිව්වේ උඹ නේ බන්, මෙන්න බලපන්:

      >>>>> අද ඒ රාජකීය බව නෑ කතා.. කටයගෙන් පස්සේ ඉස්කෝලේ විනාසයි.. ප්‍රභූ පන්තිය ඉන්වෝල්ව් වෙන්නේ නෑ කිසි දේකට.. 56 පුත්තු එතනත් විනාෂ කළා.. අද තියෙන්නේ නම විතරයි. <<<<<<

      උඹම කියා ගත්තුවට උඹම උත්තර බඳින්නෙ! උඹ නම් පට්ට ආතල් තමයි බන් දෙන්නෙ. කෙහෙල් ගෙඩි ජෝක් එච්චර හරි නෑ බන් ඉස්සරහටත් මේව ම ලියපන් මිනිස්සු හිනස්සන්න ඕන නම්!

      මිනී ඔලුව අයින් කරලා ගහ ගනින් "මෙතන කමෙන්ට් දැමිය යුත්තේ මාතලන්ට හුරේ දාන උන් විතරයි" කියලා .... මොකද උඹට වඩා ලමා බැඩිහිටියෙක් ලිං මැඩියෙක් වෙන කොහෙද. ප්‍රජාතන්ත්‍රවාදෙ කියන්නෙ නායකයට ඕනෙ දේ කරන එක කියල හිතන් ඉන්න උනුත් දේශපාලන බ්ලොග් ලියන රටේ ඉතින් මෙහෙම ආණ්ඩු පත් වෙන එක අහන්න දෙයක් නෑ!

      Delete
    3. මචෝ බලාගේන නැට්ට උඩ ඉඳගෙන උඹ කොමෙන්ට් දාන්නේ.. උඹ නේ අර ආකිමිඩිස්.. ෂොරි මචෝ මට ඒක අමතක උනා..

      මාගේ රසික රසිකාවියනි.. මේ ඇනෝ කෙනෙක් ලෙස කොමෙන්ට්ස් දමන්නේ එසේ මෙසේ පොරක් නොවේ.. දේශපාළණය ඇතුළු සෑම විශයක් සඳහාම තමාගේම වූ අදහස් ප්‍රකාෂ කොට පේටන්ට් බලපත්‍ර රාශියකට හිමිකම් කියනා මහා බුද්ධිමතෙකි. මාක්ස්, එංගල්ස්, ගෞතම සිද්ධාර්ත, මොහු ඉදියේ හාල් පාරුවෝය.. එකම වැරද්ද නම් ආකිමිඩීස් මෙන් හෙළුවෙන් දුවන්නේය.. දුවන ගමන් නාන්නේය.. යන්නේ කොහේදැයි ඇසුවාම.. මල්ලේ පොල් කියනවාය.. අන්තීමට මගේ මොලෙත් මඤ්ඤ්ං වෙනවාය..

      පිස්සුද මචන් විවේචන ගල් මුල් ඕන දේකට ඉඩ තියෙනවා.. කුණුහබ්බ ඇර.. ඒ අතින් උඹ ග්‍රේට්.. ඔළුව පිහදා ගනින්.. තම තෙතයි..

      Delete
    4. සොරි මචන් සපත්තු දාගෙන හිටියෙ උඹේ නැට්ට පෑගුනා කියල දැනුනෙ නෑ! හිතල කළ දෙයක් නෙවෙයි මචෝ රිදුන නම් සමා වෙයන්.

      මචෝ ඇන වෙන කොට පරන කතා ඇදල අරන් මඩ ගහන්න යන්න එපා, විශේෂයෙන්ම තමන් එතනත් නාපු සිද්දි වලදි. ඩබල් අනාතයි.

      එතෙන්දිත් උනේ කතාව පැත්තක තියෙද්දි පිස්සු කතා කරපු එක නේ. දැන් ඔයාම ඇදල ගත්තු නිසා කට්ටියට බලාගන්නත් එක්ක දාමු ආකිමිඩීස් කතාවෙ මුල මෙතන.

      සිංහල නොතේරි පික්‍ෂු කියවීම මෙතන:

      මගෙ ඔලුව නම් මචන් පිහදා ගත්තම වේලෙයි උඹේ කලිසම තෙත් වුනු එක නම් චේන්ජ් කරන්නම වෙයි වගේ!

      Delete
    5. උඹ පව් මචං... මට උඹ ගැන මාර දුකයි.. අපි නම් චූ කරන්නේ කක්කුස්සියේ.. උඹ වගේ කලිසමේ දාන්නේ නෑ.. පොඩි උන් එහෙම තමයි.. අම්මිට කියලා ජංගිය චේන්ජ් කර ගනින්.. හුජ්ජා ගඳේ බෑ..

      මචං.. පැරාට ලින්ක් දාලා ඒ යකත් නෝන්ඩි කරන්න එපා බං..

      ඒක නෙමෙයි මචං.. උඹලයි ඔය බුද්ධිමත් දේශපාළණ සංවාද තියන් අතැන කියනවද, මාත් එන්න මලකුත් අරගෙන.. පට්ට ආසයි බන් උඹේ දැක්මට.. උඹත් චන්ද්‍රිකා එක්ක සෝබෝන් හෙම ගියාද..?

      අනේ මචං අපිටත් ඉන්වයිට් කරහන්.. කබ්බෝ උනත්.. අපිත් පවුනේ මචං..

      Delete
    6. උඹ හිතල කරන කොට කරන්නෙ කක්කුස්සියෙ වෙන්න ඇති ඒත් ඉතින් එදා පැරාගෙ ජොයින්ට් එකේදි චූ ගියා මිසක් හිතල කරා නෙවෙයි නේ. ගානක් නෑ අපි දැක්කෙ නෑ වගෙ ඉන්නම්...

      පැරා වගේ එකෙක්ට උඹේ වගේ බ්ලොග් එකකින් ලින්ක් එකක් යන එකත් හරි නම් පොඩි අපහාසයක් තමා, ඒත් උඹ එතන කමෙන්ට් කරල ඌට උනු අපහාසෙ හැටියට ඕක මොකක්ද. ඒත් ගානක් නෑ බන් එක පෝස්ට් එකක් දාල ගිහින් ආයෙ අනික් පෝස්ට් එක දාන්න එනකම් බ්ලොග් එක උස්සන් ගියත් ඕක දන්නෙ නෑ. (උඹ වගේ දවසෙම වේලි වේලි ඉන්නෙ නෑ කිව්වත් හරි)

      උඹට වෙලාව තිබ්බොත් අර එතන උඹ‍ට කට උත්තර නැති උනු ප්‍රශ්න වලට මෙතන හරි උත්තරයක් දාපන්!

      මචන් අපේ සංවාද මණ්ඩපේ ඊලඟ ටොපික් එක කෙහෙල් ගෙඩි ජෝක් එකක් කරගෙන ඉන්නෙ නැතුව නොදන්න දේශපාලනයක් කතා කරන්න ගිහින් මාතලං නාන්නෙ ඇයි කියලා. උඹ ඒක අත ඇරල ඊලඟ එකට වරෙන්.

      Delete
    7. උඹ මචං බනානා පොලිටික්ස්වත් දන්නේ නෑ කියලා තමයි කියන්න තියෙන්නේ.. උඹට තේ රෙන්නේ නැති හින්දා මම උඹට තේ කොළ අහුරු අහුරු කැව්වත් වැඩක් නෑ.. එතනම මම උත්තර දීලා ඇති.. ඒත් උඹට ඕන උත්තරේ නෙමෙයි.. මට ඕන උත්තරේ..

      උඹලා වගේ උන්ට මොන මළදානෙන් කිව්වත් තේරෙන්නේ නෑ.. එක්කෝ පැහැදිලිව තේරුනත්, තේරුනේ නෑ වගේ ඉන්නවා.. එතන නාලා තියෙන්නේ කව්ද කියලා.. බලන එකා තෙරුම් ගනියි..

      උඹ මචෝ නෑවා ඇති මෙතන.. නිව්මෝනියා හැදෙයි.. දැනමත් උඹට ටිකක් උණ වගේ මට නම් පේන්නේ.. බලාගෙන ගොයියෝ.. ඊළඟ බුද්ධිමත් සංවාදෙට උඹනැතුව, අනෙක් උන් අප්ෂෙට් යයි.. ඒකේ උඹ පල කරන අදහස් අපිත් එක්ක බෙද ගනින්.. ඒවා මාර වටිනවා.. උඹට බොගක් නැත්තන්.. මට එවහන්.. මගේ එකේ දාන්නම්.. පොඩ්ඩක් දියර සහත උනත්..

      Delete
    8. මේක බොටත් මටත් වැඩක් නැති මඩ ලයින් එකක් වෙන නිසා මේ ඇති.

      Delete
    9. ඉතින් මමය මඩ ගැහැව්වේ.. උඹ නේ පැරාගේ එකට ලින්ක් හිටන් දාගෙන, ඉතිහාස කතාවකුත් එක්ක පටන් ගත්තේ.. උඹට ඇති නම් මටත් ඇති බන්.. උඹ උඩ එකා නෙමේනම්.. උඹත් ග්‍රේට් මචෝ.. බ්ලොග් ගෙනියන්නේ ලියන උන් විතරක් නෙමෙයි.. උඹලා වගේ රත්තරන් ඇනෝලා..

      Delete
    10. උඩින්ම මම කියපු විවේචනේ මම එහෙම ම ඉන්නව මචන්. උඹ රෝයල් ගියාට රෝයල් කියල ආඩම්බරෙන් පෙන්නන්න වටින ගති (වෙන මොන ඉස්කෝලෙටත් ඕක එකයි) මෙතන පෙන්නුවෙ නෑ සාමදානෙන් කතා කිරීම අරෙන්න (ඒක නම් එල - නැත්නම් මම කමෙන්ට් කරන්නෙත් නෑ!). උඹේ අදහස් වලට උපහාසෙටයි "බයි" කතාව කිව්වෙ. ඒක දැන් ටොපික් එකෙන් පිට ගිහින් අවුට් ඔෆ් කන්ට්‍රොල් යන නිසයි නවත්තමු කිව්වෙ.

      පැරාට ලින්ක් එක දැම්මෙත් කියල නේ ඒක විවේචනයක් මිසක් අපහාසයක් හිතල නෙවෙයි දාන්නෙ කියල. විවේචනේ උඩ කියලම තියනව නේ, උඹේ රිටොරික් තිබ්බට පොයින්ට් ස්ට්‍රෝං මදි.

      Delete
    11. හා මචං.. මම ජීවත් වෙන්නේ මට ඕන විදියට මචං.. ඒකට නේද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.. උඹ, උඹ කැමති විදියකට ජීවත් වෙයන්.. මගේ කිසි අවුලක් නෑ.. උඹයි මචෝ ඉස්කෝල සහ පෞදගලිගත්වය ඇදලා ගත්තේ.. රෝයල් කියලා මහා ළොකු දෙයක් නෑ.. ජේ ආරුත් රෝයල්.. මහින්දානන්දත් රෝයල්.. අපි ඒවා උනත් බය නැතුව කියනවා මචං.. හැන්ගිලි නෑ..

      කොහොම හරි උඹ නම් වැදගත් බුවෙක්, ඒකට මම ඔළුව නවනවා, කිසි ගේමක් නෑ..

      Delete
    12. මේ මේ ඔය ඉස්කෝල කතා වැඩක් නැහැ බන්ස්ලා....අනගාරික ධර්මපාලත් රෝයල් කොලෙජ් .කලම්බු ඇකඩමි කාලේ.
      කොල්ලුපිටියේ සූස්ති විකුණපු ධර්මෙත් රෝයල් කොලෙජ්. මම මූව නම් දන්නවා. අනගාරිකව නම් එච්චර ආශ්‍රය කරලා නැහැ :D

      Delete
    13. අරූ මචන් මම රෝයල් නෙවෙයි. මට මොන ඉස්කෝලෙත් එකයි මම කිසිම ඉස්කෝලෙකට මෙතන අපහස කරලත් නෑ.

      මාතලං,

      මේ කතාව ඇදුනේ මම කියපු මේ දෙයින් කියනව නම්:

      >>> රෝයල් එකට බය්යො එන එක නම් අවුලක් නෑ කකා රෝයල් එකෙන් බය්යො විදිහටම පිට වෙන එක තමයි දුක..... <<<<

      මෙතන කිසිම ඉස්කෝලෙකට වත් පුද්ගලයෙක් ට වත් අපහාසයක් නෑ. මෙතන කියන්නෙ ඕනෙ සමාජ ස්තරයකින් ගියාට කමක් නෑ, ඒකෙන් ගන්න තියන දෙයක් නොගෙන රිෆයින් නොවී පිට වෙන එක කනගාටුවක් කියල. රෝයල් කියල කකාට උත්තරේට කිව්වට මේක ඕනෙ ගුබ්බෑයමකට ජෙනරලයිස් කරන්න පුලුවන්. පස්සෙ කියපු කමෙන්ට් එකෙනුත් ඒක ඔප්පු වෙනවා.

      මේක නම්
      >>> යන්න බැරි උන්ට දුකයි ඉරිසියාවයි.. ඊළඟ ආත්මෙවත් ට්‍රයි කරහන්.. ඉක්මනට මැරියන්.. එතකොට චාන්ස් එක වැඩියි.. <<<

      එක ඉස්කෝලයක් (හෝ ඉස්කෝල) අනෙක් ඒවට වඩා හොඳයි කීමක්, අරම ජෙනරලයිස් කරන්න බෑ. හැම ඉස්කෝලෙම යන උන්ට අනික් උන් ඉරිසියා වෙන්න විදියක් නැහැ නෙ? ඒකයි මම උඹට කිව්වේ මගේ පසුබිම වත් ඉස්කෝලෙවත් නොදැන ඉරිසියා කතාවක් අදාළ නෑ කියලා.

      ගානක් නෑ (උඹට මෙච්චර දෙයක් කියන එකෙත් තේරුමක් නෑ, :p ). වැදගත් විදියට කතා කරාට තෑන්ක්ස්. අපි කැපුනා!

      Delete
    14. ඇනෝ.....පැහැදිලියි මචං..පාසලකට අපහාස කරපු කතාවක් නෙමේ මෙතන තියෙන්නේ එක පැහැදිලියි. ඒකයි මම අර අනගාරික ධර්මපාල සහ කොල්ලුපිටියේ ධර්මේව දැම්මේ හියුමර් එකට.

      මම උත්සාහ කරේ පාසල් අතහැරලා ටොපික් එක ට්‍රැක් එකට ගන්න.

      Delete
    15. මං දාපු කොක්ක නේද මේ ඇදිල ගිහින් තියෙන්නේ?

      මාතලන් ගේ ඒ කෑල්ල මට දිරෙව්වේ නැති නිසයි මං ඒ ප්‍රශ්නය ඇහුවේ.

      කොච්චර ප්‍රොගෙසිව් වෙනත් අදහස් තිබුණුණත් මාතලන් ගේ මේ අදහස නම් අරූ ගේ ආච්චී ගේ නිදහස ගැන අදහස සමග පැරලල් යන බවයි මට නම් හිතෙන්නේ.

      ;-)

      Delete
    16. කකා.....මේක තමයි සයිබර් නිදහස. මම අගය කරනවා හරි තැනින් වැරදි තැනට වඩා..වැරදි තැනින් හරි හෝ වැරදි දෙයක් ටේබ්ල් එකට ගෙන ඒම.

      අරූගේ ආච්චි දැකපු නිදහස නිර්දය ලෙස විවේචනය කරා අපේ තාත්තා. ඒ ප්‍රායෝගිකව එයා දුටු දේ විය යුතුයි. මම දකින්නේ ඒ තුල නෙගටිව් හෝ පොසිටිව් දේ නොවෙයි. මට මේ නිදහස විහිළුවක් පේන සේම .....අන් හැමටත් විහිළුවක්. මා දකින නිදහස...අරූ දකින නිදහසත්. අපේ තාත්තා දුටු නිදහසයි අතර ප්‍රති විරෝධතාවයක් ඇතිවුනේ කිනම් සාධක තුලද? කවුරු හරි කියපන්...

      මාතා ඇතුළු සියල්ලෝම අපි කතා කරමු නිදහස ගැන...

      මාතා..උඹ හදපු බිම් කඩේ අපි පිස්සු කෙලියට , උඹේ තරහක් නැති බව ස්වයං තීරනයක් ගන්නවා සමගම උඹ මෙය තේරුම් ගනී යැයි මම හිතනවා. අපි කතා කරමු. විහිලු ඇනෝලා වගේම සීරියස් ඇනෝලාත් ඉන්නා බව මාතා මට වඩා හොඳින් දන්නා බව බ්ලොග් ප්‍රවීනයෝ පෙන්වා දී අත. බ්ලොග් දිනේවා!!!

      Delete
    17. මචංලා.. ඇනෝ ආවම මොකාද කියලා දන්නේ නෑ.. මේ ඇනෝම තමයි පැරාගේ බ්ලොග් එකේ උත්තර නැතිවෙන කොට, මගේ පෞද්ගලිකත්වයයි, ඉස්කෝලෙයි ඇදලා ගත්තේ.. මේක මේ මෙතනටම සීමාවුනු විවාදයක් නෙමෙයි.. එහෙම පෞද්ගලිකත්වය ඇදලා ගන්නේ, විවාදයේ කරුණු සනාථ කර ගන්න බැරි උනාම. අනික මේ විවාදය බලන ඕන එකෙකුට තේරෙනවා. මේ පෝස්ට් එකට අදාල නොවන කරුණු තමයි මෙතනදි විවාදයට භාජනය වෙන්නේ කියලා. ඒත් එහෙම විවාදයක් ඇති වන එක හොඳයි.. මගේ මතයන් මෙහෙමයි මචෝ.. ඒවා මම වෙනස් කර ගන්නේ නෑ.. මොකා කිව්වත්.. ඒක මගේ යිතිය..

      1. ආනන්දයට වඩා රෝයල් එකට ඉරිසියා කරනවා වැඩියි.. මොකෝ මේ එකෙක්වත් මම ධර්මාළෝකෙට, කේරි එකට ගියපු දේ කතා කරන්නේ නෑ.. අද ධර්මාළෝකෙත් රෝයල් මට්ටමට ළඟ වෙලා..

      2. සුද්දා මේ රට දාලා ගිය එක රටේ සාමාන්‍ය පන්තියේ මිනිහගෙ කරුමයක්.

      3. රනිල් නැති උන දාට එජාපය විනාශයි.

      4. සාපේක්ෂ වශයෙන් බැලුවාම, අන් සියළු පක්ෂ වලට වඩා එජාපය්යේ ප්‍රජාතන්ත්‍රවාද්ය තියෙනවා.

      5. ගම්මන්පිල මහත්මයෙක්.. ඒත් කක්කා වලේ ඉන්න කොට එයත් සක්කිලිය.. (සක්කිලියා යන්න අපහාසයට යෙදුවා නොවේ. ඒ ක්‍රියාවේ නියුතු පුද්ගලයින් හැඳින්වීමට හොදා ගන්නා වච්නයකි.) (මේකට හොඳ කතාවක් කියනවා අපේ බන්ධුල සර්.. සෙක්කුව ළඟ ඉඳන්, ස්වීස් චොකලට් කෑවත්, දකින එකා හිතන්නේ පුනක්කු කනවා කියලා.)

      6. ප්‍රභූ පන්තිය රට පාළණය කරනා කාලේ. රටේ මේ තරම් අපරාධ දූෂණ තිබුනේ නෑ.. මම හිතන්නේ පරයා කියන සුද්දාවත් මේ තරම් රටට වින කලේ නෑ.. මේ ආන්ඩුවට සාපේක්ෂව බැලුවාම, චන්ද්‍රිකා ගාව මීට වඩා ප්‍රජාහන්ත්‍රවාදයක් තිබුනා.. ක්‍රිකට් වලට උනෙත් ඒ දේමයි..

      7. රෙද්දෙ විප්ලවය නිසා රටට උන සෙතට වඩා හානිය විශාලයි. (එදා උන්ම එපා කියාපු ඉන්ගිරිස්.. අද බලෙන් පොවනවා.) (ඉන්ගිසිස් මීඩියම් එන්කරේජ් කරනවා.) (ඒවා ඉන්ට්‍රඩියුස් කරපු උන්ගේ සහ පවත්වාගෙන යන උන්ගේ ළමයි පිටරට, සාමාන්‍ය එකා පැදුර යට.)

      2. බන්ඩාරණායකවරු රට කෑවා.. ඔක්කෝම..

      Delete
    18. >>>>> මේ ඇනෝම තමයි පැරාගේ බ්ලොග් එකේ උත්තර නැතිවෙන කොට, මගේ පෞද්ගලිකත්වයයි, ඉස්කෝලෙයි ඇදලා ගත්තේ.. <<<<<

      මචන් මේ, මෙන්න මෙතන නම් උඹ වලිගෙ පාග ගෙන.

      පැරා ගේ බ්ලොග් එකේ උඹට කොක්කට ආවේ මම විතරක් නෙවෙයි. තව කී දෙනෙක් හිටියද දන්නෙ නෑ, මම විතරක් නෙවෙයි කියන එක දන්නවා.

      මේක නම්, උඹට වෙන යන්න අතක් නැති උනහම කරපු චාටර් චෝදනාවක්!!! උඹ මෙච්චර වෙලා කළ ඔක්කොම දේවලුත් හරි මේකත් හරි!

      උඹව පොයින්ට් එකට එතනත් අන්නල තියෙද්දි මචන් පුද්ගලිකව ගහන්නෙ මොකටද? මෙතනත් කියවන එකෙක්ට පේනව නෙ මම "ඉස්කෝලෙ ඇදල අරන්" නෑ කියල ඉස්කෝලෙ ගැන උඹ පොර ටෝක් දුන්නට.

      මචන් පොරක් ක්‍රමානුකූලව කතා කරල අන්නන අස්සෙම ගූ ගහල, කියවන උන්ට මගේ ආගියුමන්ට් එකේම ෆෝකස් එකම නැති කරල උඹට අනවශ්‍ය අනුකම්පාවක් අරන් දෙන්න තරම් මම මෝඩ නෑ. බලන් යන කොට උඹ සහන් ගෙ පොත නම් හොඳට කියවලා තියෙනවා. සහනුත් ඔහොම විශ්වයා පොයින්ට් එකකට එන කොට ගෑනිට කුනුහරුප දාපු ඇනෝ ල ගෙ පිහිටෙන් ගොඩ ගියා.

      ලැජ්ජයි මචෝ මේකට නම්. මට එතන වෙන කුනුහරුප කියන්න අවශ්යතාවයක් තිබුනද කියල ඒක කියවන ඕනෙ එකෙක්ට පේනවා. අඩු ගානෙ උඹ මේ උඩින් කොහෙද කියල තියන පුතා ගෙ කතාව වත් කිව්වේ මම නෙවෙයි. මම කරේ උඹෙන් දිගටම ප්‍රශ්නෙට එන්න කියපු එක.

      මම ඇනෝ එන්නෙ මොකද කියලත් ඕන නම් කියන්නම්. මෙතෙන්ට අදාල නැති වුනත් බොලගෙ මේ විහිළු වලට ටිකක් අදාලයි හේතුව.

      Delete
    19. >>> මචංලා.. ඇනෝ ආවම මොකාද කියලා දන්නේ නෑ.. මේ ඇනෝම තමයි පැරාගේ බ්ලොග් එකේ උත්තර නැතිවෙන කොට, මගේ පෞද්ගලිකත්වයයි, ඉස්කෝලෙයි ඇදලා ගත්තේ.. <<<<

      මචං මාතා,

      දැන් මෙතන ප්‍රොෆයිල් එන එකෙක්ට ඕන නම් වෙනම ඇනෝ ඇවිල්ලා උඹට කුනුහරුපෙන් බනින්න බැරිද? එහෙම නැත්නම් මටම ප්‍රොෆයිල් දෙකක් හදාගෙන එකකින් ෆුල් සිරා කතා කරන ගමන් අනික් එකෙන් කුනුහර්ප කියන්න බැරිද? කොහොමද බන් ප්‍රොෆයිල් එකක් හදා ගත්තු පලියටම ඔක්කොම සුද්ද වෙන්නෙ?

      අනුන්ට බ්ලොග් ලියන්න උගන්නන එක සිරා හොඳයි මචන් බ්ලොග් වල වෙන්න පුලුවන් දේවල් ගැන මොළයක් ඇතුව කල්පනා කරනව නම් තවත් හොඳයි.

      Delete
    20. හායි රනා :D

      Delete
    21. @ Anonymous February 8, 2014 at 1:33 AM
      උඩ එක ඉලක්ක කලේ මට නම්, මා දන්නා රනෙක් නැත.

      මාතලන්,

      >>>> මගේ මතයන් මෙහෙමයි මචෝ.. ඒවා මම වෙනස් කර ගන්නේ නෑ.. මොකා කිව්වත්.. ඒක මගේ යිතිය.. <<<<<

      ගිය අඟහරුවාදා ප්‍රසිද්ධ අනාගමිකයෙක් වන Bill Nye සහ දේවවාදී මැවුම්වාදියෙක් වන Ken Ham අතරේ ඇමරිකාව හෙල්ලෙන සයිස් විවාදයක් තිබුනා. දෙපැත්තම ශේප් එකේ තර්ක කළා, ඔහොම විවාද ඇත්තට තියන එකත් මෝඩ කමක් කියල සමහරු කියන්නෙ, මොකද දෙපැත්තම තමන්ගෙ මතෙන් වෙනස් වීමක් වෙන්නෙ නැති නිසා විවාදෙන්.

      මේකත් එහෙම ම වැටකොළු පතෝල වගේ ගිහින්, ඉවර වෙන්න ඔන්න මෙන්න තියා වැඩේ වෙනස් උනා. දැන් Christian Today එකේ පෝල් එකෙනුත් 8% vs 92% කියන්නෙ වැඩි වාසි තියෙන්නෙ සයන්ස් බුවාට කියලා. ඕකට වැඩියෙන් ම හේතු උනේ දෙන්නටම ආපු එක ප්‍රශ්නයක්. ප්‍රශ්නෙ මේකයි:

      "උඹල ගෙ මතේ උඹල වෙනස් කර ගන්න නම් මොනවද ඕනෙ?"

      විද්‍යා පොර උත්තර දුන්න "මගෙ මතේ වැරදියි කියල ඔප්පු වෙන සාධක" කියලා.
      ආගම් පොර උත්තර දුන්න "කිසි දේකින් මගේ මතේ වෙනස් වෙන්නෙ නෑ" කියල.

      විද්‍යාවෙයි ආගමෙයි වෙනස ඕකයි. උඹල වගේ උන්ට දේශපාලනේ විද්‍යාවක් නෙවෙයි ආගමක්!

      Delete
    22. ප: ලි: උඹට ඇනෝ එන එක ලොකුම අවුලක් නම් ප්‍රොෆයිල් එකකින් එන්නම්

      Delete
    23. එහෙම එන්න එපා මචං උඹ චාටර් උනා ඇති.. අම්බානක නාලා නේ ඉන්නේ.. තව නාන්න ඕන නෑ.. ඔහොමම වරෙන් ඊළඟ එකටත්.. සහන්ලා වගේ අපිව නම් නවත්තන්න හම්බ වෙන්නේ නෑ කිසි එකෙකුට..

      Delete
    24. උඹ කරුණු වලින් උත්තර දෙන්න බැරුව වටේ යනව කියල මේකෙ ඔක්කොටම පේනව මචෝ. ඕනෙ නම් උඹේ යාලුවෙක් ගෙන් ම අහල බලපන් මාරය, අරූ, නලින්, රාජ්, කකා, ඉන්දික, තිසර, ප්‍රසන්න වගේ රහක් තියන එකෙක් ගෙන්.

      නිකන් නානව නානව කිව්වට වැඩක් නෑ.

      මෙච්චර උඹව තාප්පෙට හේත්තු කරල වැඩක් නෑ එක පොයින්ට් එකක් පෙන්නන්න ඇරෙන්න, මොකක්ද දන්නවද?

      දැන් උඹල බ්ලොග් වල දේසපාලකයො විවේචනේ කරන කොට මාර ප්‍රගතිශීලී පොරවල් නේ, "ළමා වැඩිහිටියො", "ලිං මැඩියො" නෙවෙයි, ආගම් විස්වාසයක් නෑ, පට්ට වෙස්ටර්නයිස්ඩ් පොෂ්? මර්වින් ල ගෙ වල් බූත, දේශපාලන සංවාද වලට එන උන් පොයින්ට් එකට නැතුව බයිලා ගහන ඒවට උඹල මාර අගේන්ස්ට් නේ?

      ඒත් පේනවද තමන්ටම කැරකිලා එනකොට අර උඹල බනින ගති ඔක්කොම එහෙම්පිටින්ම උඹලටත් තියෙනව කියලා? ලංකාව ගූ හට්ටියක් වෙන්න ප්‍රධාන හේතුව දැන් පේනවද මචෝ? 56 වත් 77 වත් නෙවෙයි, අපේ එකාලා ඔක්කොම වගේ ඇතුලෙන් හොරු වෙලා අනික් උන්ට ඇඟිල්ල දික් කරන තක්කඩි වීම! 56 බය්යලට බනින උඹ භාවිතයෙදි උන්ට වඩා තක්කඩියෙක්.

      අනික් හේතුව මේ ගොන් පාට් වලින් ඕනෙ එකෙක් අන්දන්න පුලුවන් වීම. දැන් අර සමහරුන්ට උඹ "ප්‍රබුද්ධ බ්ලොග් කරුවෙක්". උඹ මෙච්චර අතාර්කික වල් බූතයක් කියද්දිත් බලපන් කී දෙනෙක් උඹට පට්ට ආටිකල් එක, උඹ නියමෙට ලියනව කියනවද කියල? කම්පියුටර් එකක් ඉස්සරහ වාඩි වෙන්න පුලුවන් උන්ගෙ දේශපාලන දැනුම එහෙම නම් මචන් නූගත් අහිංසක මිනිස්සු කඩේ යවා ගන්න කොච්චර ලේසි ඇද්ද? උඹ මේ නරා වලක් ගැන කිය කිය ගන්නෙ ඒ නරා වලේම ඉහඳ ටිකක් අල්ලගෙන, උඹටත් පහලින් ඉන්න සෙට් එක අන්දගෙන, සීරියස් කතා ආවොත් මග ඇරලා, සිල්ලර චූන් එකක් ගන්න එකම නෙ බන්? එහෙම එකෙක් ඒකම සිද්ද වෙන දේශපාලනේට බනින එක ඛේදවාචකයක් නෙවෙයි නම් හිනා යනව මචෝ!

      Delete
    25. උඹලා වගේ නාන උන් නාවන්න ලංකාවේ වතුර මදි බන්..

      උඹලට වඩා මුට්ට කරගහන උන් ප්‍රායෝගික දේශපාළණය දන්නවා.. එහෙම දන්න උන් දන්නවා, මහින්ද ඇයි දිගටම දිනන්නේ කියලත්.. උඹලට ඒවා තේ කොළ කිළෝ ගනන් කෑවත් තේරෙන්නේ නෑ..

      Delete
  18. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කියල කියන්නේ අමුතු වාදෙකට. මට ෂුවර් එක නම් ඇත්තම ප්‍රජාතන්ත්‍ර වාදය නෙමෙයි. අඩු ගානේ එක ඇත්තම ඒකාධිපති වාදය වත් නෙමෙයි. සාරාංශ කරලා ගත්තම එකට ගැලපෙන්නේ බඩගෝස්තර වාදය කියන නමයි.
    මාතලන් ...ලිපිය නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. මේ මචෝ ඔය එක මළදානයක්වත් නෙමෙයි.. සුද්දට යටත් වෙන්න කලින් තිබුන වැඩ වසම් යුගේ..

      Delete
    2. ඔවු. ඒ කාලේ එක්ක වෙනසක් නෑ....වෙන නමකින් වැඩවසම් යුගය ආපහු ක්‍රියාත්මක වෙනවා වගේ. බොහොම ආශ්චර්යමත් වැඩවසම් යුගයක්.

      Delete
  19. රනිල් ට විරුද්ධ වන්නට නම් රනිල්ට වඩා මහත්මා දේශපාලනයෙ යෙදෙන අයෙක් ඉදිරිපත් විය යුතුයි. අද රනිල් පක්ෂයෙන් අයින් වෙලා එතන හිස්තැනක් ඇති වුනොත් එතනට එන්න නායකයෙක් නැහැ.
    සාමාන්‍යෙයන් ඔ්‍ය ප්‍රජාතන්ත්‍රවාද අනම් මනම් පොලෝ මට්ටමේදි හැමෙවෙලාවෙම කරන්න අමාරුයි. රනිල් දෙයක් කිව්වමඒ කියනදේට එකගව ඉදිරියට යන පොරවල් නැහැ. හැමෝටම ඕන තනියම යන්න.
    අනික් අතින් රනිල් තීන්දු ගනිද්දි එදා ඉඳලම කට්ටිය කැමති තීරණය තමයි ගන්නේ කියලා පෙන්වන්න තියෙන හැකියාව අඩුයි. නාමයෝජනා මන්ඩලයක් පත්කරලා තිබුන නම් මන්ඩෙලේට අත දානනෙ නැතුව වැඩෙ කරගන්න රනිල් පරණ දේශපාලකයෙක් විදියට දැනගන්න ඕනි.
    රනිල් න්‍යායවාධියෙක් දේශපාලනික බුද්ධිමතෙක් වුනාට ලංකාවෙ මිනිස්සු කැමති වෙන ගති රනිල්ට නැහැ. අපේ මිනිස්සු පුදුම විදියට අඩුදුර හිතන කෙටි විසදුම් බලාපොරොත්තු වෙන මිනිස්සු. ඉතිං ඒ අයට ඕනි එයාල කැමැති පටු විදියට හිතන නායකයින්ට..රනිල්ට ඒ හැකියාව නැහැ.

    ReplyDelete
    Replies
    1. උඹත් එක්ක කවද මම එකඟයි මචෝ.. ගෙමක් නෑ.. රටේ උන්ට එපා නම්, අපි මැරෙන්නෙයි..

      Delete
  20. එතකොට බුද්ධික පතිරණ මොන පැත්තෙද දැන්...පහුගිය කාලෙ සජිත් ලොක්කට හේත්තු වෙලා නේද හිටියෙ...

    ReplyDelete
    Replies
    1. බුද්ධික පතිරණ දැන් මහරාජා සහ මහරජාගේ පැත්තේ මාමන්ඩිත් එක්ක සෙට් වෙලා මංගලව මරන් කන්නේ පොර තමයි. රෙද්දේ මහත්මා දේශපාළණේ.. මට දුක, මම පණ වගේ ආදරය කරන අර සුදත් දම්සිංහ දොස්තර මහත්තයත්, මේ කක්කා වලටම පැනලා..

      Delete
  21. maathalan said, on පෙබරවාරි 6, 2014 at 9:17 පෙ.ව.

    අපට නම් අවශ්‍ය නායකයෙක් නෑ. මගේ නායකයා මම ම තමා.. ඒත් මේ රටේ ඔක්කෝම මිනිස්සු එහෙම හිතන්නේ නෑ නේ.. ඒ රටේ මිනිස්සුන්ට නෙමෙයි.. ඇමරිකාවේ මිනිස්සුන්ටත් නායකයෙක් ඕනා.. කාන්ඩයක් ඉන්න තැනක ඒක අනිවාර්ය දෙයක්..

    arunishapiro said, on පෙබරවාරි 6, 2014 at 9:30 පෙ.ව.

    maathalan,

    නායකයෙක් “අපට” අවශ්‍ය නෑ කියල පටන් අරන් “මම ම තමා..” කියාගෙන ඊ ළඟට “මේ රටේ” ඔක්කොම විතරක් නෙමෙයි කිව්වට “ඇමෙරිකාවේ මිනිස්සුන්ටත්” යනුවෙන් සමස්තයක් පෙන්වලා, අන්තිමට කාණ්ඩයක් ඉන්න තැනක ඒක අනිවාර්ය දෙයක් කියන්නා යනු වෙළඳපොල ක්‍රමය යනු කුමක්දැයි නොදන්නා බව පැහැදිලිවම පෙන්වන්නෙකි!!!!!!

    විධායක, අධිකරණය හා නීති සම්පාදක යන විමධ්‍යගත ආණ්ඩු ක්‍රමය අහෝසි කරන්නට ඇමෙරිකාවේ පුරවැසියන් කොතරම් ප්‍රසාදයක් දක්වනවා දැයි සොයා බලන්න. එවිට ඇමෙරිකාවේ පුරවැසියන් නායකයෙක් හොයනවා දැයි දැනගන්නට පුළුවනි.

    ReplyDelete
    Replies
    1. ගෑණුන්ගේ රෙදි හෝදන්නත් පටන් ගත්තද

      Delete
    2. ඊළඟ කොමෙන්ට් එකෙත් උඹම දාපන්.. මේවට කියන්නේ ඇමරිකන් බයිලා.. මල්ලි අහුල ගනිල්ලා..

      Delete
  22. අපරාදෙ බං අර අහිංසක කැලේ ඉන්න අලි කෝච්චි වලටත් හැප්පෙනවා..මේ හරක්ට මෙහෙම දෙයක් වෙන්නේ නැහැනෙ..අඩුම තරමෙ එකෙක්ටවත්..

    ReplyDelete
    Replies
    1. අලි.. දැනට නම් අහින්සකයි බන්...

      Delete
  23. මුන් ගැන කතාකරලා කාලේ කන්න කැමති නැහැ. ඔන්න මං ගියා

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ ඇවිත් ගියාට..

      Delete
  24. ලොක්ක ලඟ වගේම රනිල් ලඟත් තියෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය නෙවේ ප්‍රජාචන්ත්‍රවාදය.

    ReplyDelete
    Replies
    1. රනිල්ගේ අගේ තේරෙයි රනිල්ගෙන් පස්සේ..

      Delete
    2. උඹත් රනිල් ගිය කොලීජියටම ගිය එකෙක් නිසා ඒ වගේම කොලු කාරයෙක්ද කියලා මට සැකයි...පක්ෂෙටම එපා වෙච්ච එකාව මෙච්චර උඹට වටින්නෙ...ඇත්ත කියපං රනිලා එක්ක නිදයගත්තා නේද....

      Delete
  25. කොහෙන් හරි කමක් නෑ මොලේ තියෙන උන් පත් වෙනවා නම්

    ReplyDelete
    Replies
    1. මොලේ තියෙන උන් පත්වෙලා වැඩක් නෑ බන්. ආන්ඩුවේ ඉන්නේ නොම්මර එකේ බුද්ධිමතුන් දෙන්නෙක්ම.. ජී ඇල් සහ සරත් අමුණුගම.. වැඩක් තියෙනවද.. මෙළෝ රහක් නෑ..

      ඊට වඩා වැඩ කරනවා, මර්වින්ලා, රත්තරන්ලා.. මොළේ තියෙන උන් නෙමෙයි ඕනේ.. මොළෙත් තියෙන ක්‍රියාකාරි දේශපාළඥයෝ..

      Delete
  26. මාතා.......ඔය පක්ෂ දෙකේම හැම අභ්‍යන්තර ගැටුමකටම මුල පෞද්ගලික උවමනාවන්නේ. පාලිත තේවරප්පෙරුමගේ පුතාට නොමිනේශන් ලැබුනා නම් ,තැන්ක් යු සර් කියලා රනිල්ගේ අත ඉඹලා අද මතුගම කැම්පේන් එක කරයි. රවීගේ ගේම් ප්ලෑන් එක මොකක්ද කියලා මට තාම හිතාගන්න බැහැ...ලොකු ෆයිල් එකක් තියෙනවාලු නේද ලොක්කා ගාව. මුසම්මිල් නම් ආන්ඩුවට යයි ලඟදීම. හැමෝටම තියෙන්නේ මගේ එකාට නොදීමේ අප්සට් එක මිසක් සුදුස්සා ගැන ප්‍රශ්නයක් නෙමෙයිනේ.

    ඊයේ මාතර ඉස්කෝල බොහොමයක් 10.30ට වහලා ලමයින්ව ගෙදර යවලා. නොමිනේශන් ලැබීමේ ප්‍රීතිය සමරන්න. මෙන්න අමන තකතීරු ප්‍රාදේශීය සහ ජාතික බලුපූට්ටු දේශපාලනය.

    ReplyDelete
    Replies
    1. අජ්ජාපනේ නම් මචෝ ගන්න දෙයක් නෑ.. ඒ ගැන කතා කරන්නත් දුකයි.. අපේ ඉස්කෝලෙත් විනාශයි...

      Delete
  27. ආණ්ඩුවත් මං හිතන විදිහට දැං තියෙන්නේ අස්ථායි සමතුලිතතාවක.තව පොඩි සීන් එකක් දෙකක් ගියොත් ඇති පුපුරන්ඩ.ඒ සතුටු දිනය උදා වෙනතුරු කෙළ හලාගෙන බලා ඉඳිමි.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ නෑ.. එහෙම කොන්දක් තියෙන උන් සන්ධානේ ඉන්නවයි කියලා..

      Delete
  28. අනේ අලුත් පෝස්ට් එකක් ලියන්නකු ඉදගෙන දැන් ඇති අප්පා මේකේ නොටිෆිකේෂන් දැකලා දැකලා ඇතිවෙලා. කෙසල් ගැන ලිවනේ තව පළතුරක් ගැන ලියන්න දුරාචාරය තුමණි. අපිට දෙයක් ඉගෙනගන්න .

    ReplyDelete
  29. මාතලන් එක්ක එකඟ වෙන්න අමාරුයි දේශපාලනයෙදි සහ දේශපාලන ලිපි වලදි. හැබැයි උඹ ලියන මේ වගේ දේවලදිනම් අපි එකම බෝට්ටුවෙ.

    මේ පහල තීන්නෙ මාතල්න්ගෙ දේශ්පාලන ලිපිවලින් උපුට ගත්තු පරස්පරයන් කිහිපයක් // ලකුණු ඇතුලෙ දාල. (වරහ ඇතුලෙ තීන්නෙ ඒ ගැන මගේ සටහන් ).

    වලියකට වෙලාවත් නෑ, ඒත් මෙව්ව දැක්කම බලා ඉන්නත් බෑ මචෝ.

    //අනුරට ලාල් කානත්ට ඉතරක් නෙමෙයි මම වීරවංසටත් කැමතියි.. හේතුව නිර්පුභූන් නිසා නෙමෙයි, ඔවුන් ළඟ අද තියෙනවා එදා ඒ ප්‍රභූන් අතර තිබු හික්මීම, හැදියාව හා උසස් රසඥතාවය. මෙන්න මේ උසස් රසඥතාවය කියන දේ බොහෝම වැදගත්. ඒ දේ වල හදලා තියෙන්නේ දරුණු නීතී රීති මගින්.//

    // අනුරට ලාල් කානත්ට ඉතරක් නෙමෙයි මම වීරවංසටත් කැමතියි.. ජනතා විරෝධී ආන්ඩුවක් එක්ක උන් පෙල ගැහිලා නෑ..//

    (හමුදාකාරයෙක්, නීතිකාරයෙක් නිසා ෆොන්සේක ජනාධිපති වෙනවට අකමැතියි කියල විචරක එක්ක ගේම ඉල්ලුව මාතලන්ද මේ?)

    ----------------------------------------------
    //අද, වමේ පක්ෂ වලට හැමිනිලාම ගිහින් තියෙන්නේ, මේ ප්‍රභූ පිරිස් අතරින්, නායකත්වය ගිලිහි ගිය නිසාමය. ඒවා අද ගමේ කෝපි කඩ වගේය. එජාපයටද රනිල් ගියහොත් අතවන්නේ ඒ ඉරනමමය//

    // රටට සේවය කළ මිනිසුන්.. RP., MR//

    (මාතලන්, ප්‍රේමේ සහ මහින්ද ප්‍රභූ නොවේ)


    // රට කාපු උන් - බන්ඩාරනායක් පවුල..//

    (ඒ උපන් ප්‍රභූ පවුලකි.)

    -------------------------------------------------------------------
    // ඉන් පසු, ජේ ආර් පප්පා, පාදඩ පන්තියේ උන් දේශපාළණයට ගෙනාවේය. ජෙප්පන්ගේ දාමරික ක්‍රියා නැවත්වීමට, දේශපාළණයට මැරයන් ගෙනාවේ ඉන් පසුවය.//

    // රටට සේවය කළ මිනිසුන්.. JR //

    ( රටට කරපු සේවෙ වෙන්නැති පාදඩ දේශපාලනය )

    ----------------------------------------------------------
    //විනය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයම තමයි.. නැත්නම් තියෙන්නේ ඒකාධිපතිවාද්යක් හරි පැසිස්ට්වාදයක් හරි විතරයි,//

    (ඒ කියන්නෙ හමුදව ඉතාම ප්‍රජාතන්ත්‍රවාදියි කියල වෙන්නැති)

    ----------------------------------------------------------
    //එජාපයේ දුර්දාන්ත පාළණය (සාපේක්ෂව බැලූ කළ මීට වඩා 100 ගුණයක් හොඳය.)//

    //හා හා ඔහේ කළබල වෙන්න එපා මම ඊයේ කොමෙන්ටුවකත් කිව්වා මගේ මනාපය මේ රජයට තමයි. විශේෂයෙන් ඝෝඨාභය මහත්තයා නිසා. කොළඹ සුර පුරක් කලාට.//

    (දුර්දාන්ත පාලනයට දර දිය අදින්නෝ)

    ReplyDelete
    Replies
    1. 1. ෆොන්සේකාගේ තරම ඔහු පත්වීමටත් පෙර සිටම පෙන්වා ඇත. එම පක්ෂයේ සිට ඉවත්වු දේශපාළඥයකුගෙන් කරුණු විමසා ඒ බව දැන ගන්න.

      2. ඔහු ඇහුවේ රටට සේවය කල උන් සහ රට කාපු උන් නම් කරන ලෙසයි.. අහපු දේ නැවත කියවන්න.

      3. කෙන්ක්ගේ හොඳ වගේම නරකත් සිඳු වෙනවා. මම කිව්වේ ප්‍රභූ පන්තිය්යේ අයට වඩා නිර්පුභූ අයගෙන් සිඳුවූ හානිය විශාල බව පමණි.

      4. එහෙම දෙයක් මා කියා නැත.
      එහි දෙවන කොටස..

      ඔහේලට දුර්දානත පාළණයක් නොවූයේ කුමන පාලනයද...?

      Delete
  30. රට ගැන හිතන, නායකයෙකු රටට ලැබෙනකන් අපි බලං ඉමු. සමහර විට ඒ වෙනකන් රටක් ඉතිරිවෙයි.
    ඉස්සෙල්ලම ලංකාවේ මිනිස්සු හිතන විදිය වෙනස් වෙන්න ඔ්නෙ. හැමදේකටම.

    ReplyDelete
    Replies
    1. සුද්දා කරපු කත වැඩේ ප්‍රතිඵල තමයි අපි මේ අත් විඳින්නේ..

      Delete
  31. මුලින්ම කිව යුතුයි මා මධ්‍යස්ත කියවන්නෙක් බව...........
    පැය දෙකකට වඩා කියෙව්ව මේ ලිපියෙ කමෙන්ට් සහ පැරාගෙ ලිපියෙ සම්පූර්ණ සංවාදය, මාතලන් සහ ඇනෝ අතර පැවති.
    මාතලන්ට කෙටියෙන් පැවසීමට ඇත්තෙ......
    “තෝ මොන හු_ _ _ _ යකෝ මේ කියවන්නෙ“
    මා සිතා සිටියේ මාතලන් මට වඩා විශාල දේශපාලන දැනුමක් ඇති පුද්ගලයෙක් කියලයි.
    මාතලන් සීරියස් දේශපාලනය නොදන්නා පුද්ගලයෙක් බව මනාව වටහා ගැනීමට හැකි වුනා මේ සංවාදය කියෙව්වම. මාතලන්ගෙ පෙර ලිපි මම කියවල තියෙනව මට යම් අවස්ථාවන් වල ඒ පිලිබදව සැකයක් මතු උනත් මෙතරම් පහත් මට්ටමක් මා මාතලන්ගෙන් බලාපොරොත්තු වූයේ නැහැ. පැරාගෙ මොන පරස්පරතා තිබ්බත් පැරා ඔබට වඩා හත් ගව්වක් ඉදිරියෙන් ඉන්නෙ මාතො.
    මාතලන් සමග විවාද කරපු ඇනෝගෙන් මට අහන්ඩ තියෙන්නෙ ඔබ ඇයි බ්ලොගක් කරන්නෙ නැත්තෙ අකමැතිද ඔබේ දැනුම අන් අය සමග බෙදා ගන්න?
    බ්ලොග් අවකාශයට ජය වේවා........

    ReplyDelete
    Replies
    1. මම දේශපාළණේ තියා කිසිම දෙයක් සීරියස් ගන්නේ නෑ.. මේ තියෙන දේශපාළණය ඔය එකම න්‍යායයකටත් අයිති වෙන්නේ නෑ.. පොත් වල තියෙන මළදාන එකම රටක වත් ආයතනයකත් ක්‍රියාත්මක වෙන්නේ නෑ. ප්‍රයෝගික තලයෙදි ක්‍රියාත්මක වෙන්නේ වෙන දෙයක්.. මම ලියන්නේ ඇඟට දැනෙන දේ. ඔයාට ඕන දේ නෙමෙයි.. ඔයාට ඕන දේවල් ඔයා බ්ලොග් එකක් පටන් අරගෙන ලියන්න. එහෙම නැත්නම් මෙහෙම කොමෙන්ට් එකක් දාන්න. කිසි අවුලක් නෑ. අර අවසානයට කියලා තියෙන කතාවට නම් මාත් එකඟයි.

      Delete
    2. ඔයාට ඔන ෙද්වල් ඔයා ලියන්ෙන තනිෙයන් කියවන්න නෙවෙයිනෙ එහෙමනම් බ්ලොග් එකක් ලියන්න ඔ්න නෑනෙ. පොත් වල තියෙන මළදාන වලින් වැඩක් නැති වුනාට, ඔයා ලියන ෙද්වල් ගැන මීට වඩා කල්පනාකාරී වුනොත් ෙහාදයි. මේ විවේචනය ඔයාගෙ ලිවීමට තිලිනයක් කියල හිතන්න.

      Delete
  32. යූ ඇන් පී වලිය ගැන කියනවනම්
    පාලිත පිස්සු බල්ලා වගේ හැසිරුනා රවී වැදගත් විදියට හැසිරුනා නමුත්
    රනිල් උන් දෙන්නටම බෙදුවෙ එකම හැන්දෙන් ඔය විදියට වැඩ වෙනකොට හොඳ එකත් වල් වෙනවා කියලා තේරෙන්නෙ නැද්ද

    ඔයාගෙ අනිත් ලිපියෙ තියෙන අනිත් කාරනා ගැන කියනවා නම් දැන් ඔයාගේ පපුව ඇතුලේ විශාල ගිනිගොඩක් ඇවිලෙනවා
    ඔබේ හිත ගම්මන්පිල ගැන වෛරයෙන් දැවෙනවා දරුවා ඇස් පියාගෙන ගම්මන්පිලගේ හොඳ ගති දහයක් සිහිකරගෙන මෛත්‍රී භාවනාව වඩන්න

    ReplyDelete
    Replies
    1. ගම්මන්පිල ගැන තියා කිසිම පුදගලයකු ගැන මගේ හිතේ වෛරයක් නෑ.. ඇත්තටම ඔහු නියම මහත්මයෙක්.. මට තියෙන දුක.. එහෙම එකෙක්.. ගූ වලට බැහැපු එක. බොරු විරෝධයන් පාන එක. හොරුත් එක්ක හෙළුවෙන් ඉන්න එක..

      Delete
  33. ජාති වාදියෙක් නොවි මානව හිතවාදියෙක් උනා නම් ගම්මන්පිලගෙ හොද ගති ගැන කතා කරන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. ඔය වාද මොනවා උනත් අවස්තාවාදය නම් කට දෙපැත්තෙන් බේරෙනවා.

      Delete
  34. ලිපියට වඩා උනන්දුවෙන් මම කමෙන්ට් කියෙව්වා. පැරාගේ බ්ලොග් එකේදිත් මාතලන් මේ වගේම විවාදයකට පැටලුනා.

    මට නම් දැන් පේන්නේ මාතලන් ඇට් කරන්නේ අර පාර්ලිමේන්තුවේ ඉන්න අස්වර්, නැත්නම් අපේ පුෂ්පකුමාර ඇමතිතුමා වගේ ප්‍රශ්නයට උත්තර දෙන්නේ නැතුව වටේ ගිහිල්ලා ප්‍රශ්නේ අහපු එකාට එපා කරවනවා. නැත්නම් ප්‍රශ්ණේ අමතක කරවනවා. මාතලන්ගේ අදහසුත් එකිනෙකට පරස්පර විරෝධියි නේ. එක තැනක හොඳයි කියන දේ තවත් අවස්ථාවක දී වැරදි ප්‍රතිපත්තියක් විදිහට පෙන්වනවා. ළගදි ඉඳලා මොකද වෙලා තියෙන්නේ.

    ප්‍රජාතන්ත්‍රවාදය හොඳයි කියන ගමන් කියනවා පක්ෂ නායකයා වෙලා තමන්ට කැමති කෙනෙක් පත් කර ගන්න බැරි නම් මොකටද ඒ නායකකම් කියලා.

    අනිත් එක ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ විනය කියන එක මයි කීම නම් වැරදීමක්. මාතලන් ලෝකේ වැඩියෙන්ම විනය තියෙන්නේ හමුදාවේ. ඒත් හමුදාවේ ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. තියෙන්නත් බැහැ. ප්‍රශ්න කිරීම් වලින් තොරව අණ පිලිපදින්නයි ඕනේ.

    ReplyDelete
    Replies
    1. හමුදාවයි දේශපාළණයයි පටලව ගන්න එපා.. ඒක තමයි ෆොන්සේකාටත් කෙල උනේ.. මගේ වෙනසක් නෑ.. මම එදා ඉඳලම් මෙහෙමයි. පොතේ තියෙන දේවල් ප්‍රායෝගිග දේශපාළණයේ නෑ.. අපේක්ෂකයෝ 1000 ගානකින්. නායකයට කැමති දෙදෙනෙක් පත් කර ගන්න බැරි නම්. එතන තියෙන ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි.. සාධාරනත්වය කියන් දේ පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද..?

      මම කිසිම තැනක උත්තර නොදී මග ඇරලා නෑ.. මම උත්තර දීලා ඇති.. ඒත් ඒ ප්‍රශ්ණ අහපු අයට අවශ්‍ය උත්තර නෙමෙයි.. මට ඕන උත්තර..

      This my car and my Patrol, You can drive your car with your Patrol... :)

      Delete
    2. ඒ මාතලන්.. yes this is your car and your patrol but don't forget you are parking in a public place..!

      Delete
    3. Sorry Sir,, This is not a parking vehicle.. this is a moving vehicle.. even police cant stop this..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න