.

.

Feb 21, 2014

ෆේස්බුක් මිනීමරුවා, ජඩමාධ්‍යවේදින් හා ගල් වැද්දෝ - - Facebook & Cannibal Media


සර් ජෝන් කොතලාවල එකේ බල්ලා බැඳ දමන්නට මහ ඇමතියාටත් නොකැකි වූවාට, ළමා රක්ෂණ අධිකාරියෙන් ඌව අල්ලා කූඩූ කලේය. ඉන් පස්සෙ ඇප ලැබී ආයෙත් පාසලට ආවත්, පාසලෙන් තාවකාලිකව හෝ ඉවත් කර තැබීම, මේ රටේ නීතීය හා යුක්තිය ගරු කරනා පුදගලයන්ට කරනා ලද උපහාරයක්ය.

ළමා රක්ෂණ අධිකාරියට, මේ පුද්ගලයා පිලිබඳව පැමිණිලි 100 කට අධික ගනනක් ලැබි තිබෙනා බවට තොරතුරු දැන් ලැබී ඇත. එවා සිසු සිවියන්ගෙන් පමණක් නොවේ, ගුරුවරියන්ටද, මියගිය සිසුවියට මෙන්ම, නින්දා අපහාස කර ඇති බවටත් තොරතුරු වේ.. කෙසේ හෝ මේ ගොබ්බ ආයතනයත් දැරියක් මිය යන තෙක්ම ඒ පිළිබඳ කටයුතු කළ නොහැකි වීම පිළිබඳව නම් ඇත්තේ, කනගාටුවක්ම පමණය.

ඒ සිසුවිය මිය ගියාට පසු, තවත් සිසුවියක් දිවි නසා ගත්තේය, ඒ මරණයද සුපුරුදු ලෙසම ෆේස්බුක් ගිණුමටම් බැර කිරීමට, මේ රටේ අදීන ජ්ඩ මාද්දිය වේදියෝ සමත් වීය. ඒ කෙල්ලගේ තරම කෙසේදැයි කියා, මර හඬ දී හඩන අම්මාගෙන්ම බලා ගත හැකිය. මේ උණු කඳුළු විකුණාගෙන කෑමට, මොළේ තියෙන අයට පමණක් නිව්ස් කියනා "දෙරණ"ටත්, කිසිම හිරිකිතයක් නැත්තේය. ඒ තරමටම ජනමාධ්‍යවේදය, ජඩ මාධ්‍යයක් බවට පත්ව ඇත්තේය.

පළමු මරණය ගැන නම් කීමට ඇත්තේ, ටයි පොල්ලක් දාගෙන, කර්නල් පට්ටම් අරගෙන, සුදු පාට කිට් එකක් දාගෙන ජාතික පාසලක මුල් ගුරෙක් වූවාට, නවීන තාක්ෂණය හා ළෝකය ගැන නොදන්නේ නම් ඌ පට්ට ගොනෙක් කියලාම විතරය. එහෙව් උන් මුල් ගුරු පට්ටම් වල ඉන්නා තාක් කල්, හන්දියක් හන්දියක් ගානේ නැණසල් පිහිටුවා, හැම එකාටම අන්තර්ජාල පහසුකම් එක්ක, ටැබ් එකකුත් දුන්නාට, ජාතියේ පියා දකින්නට හදන, ක්ෂිතජයෙන් එහා දැකීම කෙසේ වෙතත්, නොම්මර එකේ ගොබ්බ ගව ගාලක් නම් බලා ගන්න පුළුවන් කියලාය.

දෙවන මරණයද, ගොබ්බ ජඩ මාද්දිය වේදියෝ, කිසිම පැකිලීමකින් තොරවම, ෆේස්බුක් ගිණුමටම බැර කලේය. දැන් ඇත්තටම ඒ දැරිය මිය ගියේ ෆේස්බුක් එකේ වරදක් නිසාද. එසේ නොවේ නම් ඒ දැරිවියගේ වරදක් නිසාද. ජනමාධ්‍යවෙදියකුගේ යුතුකම් මේ පිළිබඳව නිවැරදි තීරණයකට පැමිණ කරුණු ඉදිරිපත් කිරීම මිස, ජාතික පුවත් පත් කෑළෑ පත්තර බවට පත් කිරීම නොවේ. අනෙක් කරුණ නම්. මේ ගල් වැද්දෝ ලියාපුවා, ගිරව් කියවනවා වාගේ කියනා රූප පෙට්ටියේ පත්තර කියවනා ගිරවුන්ය.

එකෙක් දෙන්නෙක් බැලන්ස් එකේ අදහස් දැක් වූවද, වැඩි දෙනෙක් කරන්නේ, අසුචී වලටම පැන, බඩ පිනුම් ගසනා එකය. එහෙම විවේචනය කරණා හරකුන්ම, සැම හැන්දෑවකම, මෝඩ චූන් කෙල්ලෙක්, කොල්ලෙක්, නිලියක් හෝ ගායකයෙක් දාගෙන, "අනේ... අපේ ෆේස්බුක් එකේ ලයික් එකක් දාන්නකෝ පණේ...." කියනා විට, දෙන්නට හිතෙන්නේ ටැලිවිසොන් එක කුඩු වෙලාම යන්නය. ෆේස් බුක් හොඳ නැත්නම්. හැම එකාම ඒකේ ගිණුමක් ඕපන් කර ගෙන තියෙන්නේ, මොන මළදානෙටද යකෝ කියා අහන්න එකෙක් වත් නැතිය.

ඇත්තටම මේ රට මෙතරම් අගාධයකට වැටෙන්නට, දේශපාළකයන්ට වඩා ජඩ මාද්දියවෙදියෝ වග කියන්න ඕනාය. රේප් කේස්, මිනීමැරීම්, මංකොල්ලකෑම්, පාතාල ගේම්, ඔක්කෝම රස කර ලීවෝ ඔවුන්මය, කාළකන්ණි දේශපාළයෝ වීරයෝ කරන්නෝ ඔවුන්මය. උන්ගේ මෝඩ ජෝක් නිව්ස් වල පෙන්නන්නේ ඔවුන්ය.

මම ළෝකයේ ගිය කිසිම රටක මේ වගේ මෝඩ ජෝක් නම් දැකලාම නැතිය. මේ කියනා ගොන් කතාවලට, කින්ඩිය දාන ටෝක් ෂෝ දැකලා තිබුනාට, මැටි හරක් කෙලින්ම පෙන්නනවා නම්, කිසිම රටක දැකලා නැතිය. දැන් හැම එකාම බලන්නේ, මොකක් හෝ ගොන් කතාවක් කියා, රූප පෙට්ටියේ මූණ ඔබා ගැනීමටය. ඒවාට වග කියන්න ඕනා ඒවා ප්‍රචාරය කරනා ජඩ මාද්දිය වේදියෝ මිස වෙන කිසිවකු නොවේ.

දැන් අළුතෙන්ම පටන් අරගෙනා තිබෙන සෙල්ලම, හදි හූනියම්, අණවින කොඩිවින, මළ පෙරේත දෝස, ෆෙන් සුයි, වාලම්පූරී අරවා මේවා වලින් පත්තර පිටු පුරවනා එකය. අපේ ගොන් මෝල් වහන්සේලාත් මෙවා රස කර කර වළඳනාවාය. ජනමාධ්‍යවේදියා ජනතාව දැණුවත් කිරීම කෙසේ වෙතත්, ජහ මනයාව ගල් යුගයට අරගෙන යන වැඩේ නම් කිසිම සුවක් නැතිව කරනවාය. ටැලිවොසින් වල තත්වයත් එසේමය.

දෙවන කෙල්ල මිය ගියේ, ෆේස් බුක් එකේ ඔරිජිනල් ෆේස් එක නොදා, ෆේක් ෆේස් එකක් දමාපූ නිසාය. තමාගේ ඔරිජිනල් මූනත්තහඩුව නොදා, බොරු එකක් දමා, අනුන් මුලා කිරීම, නීතියට අනුව උනත් දඬුවම් ලැබිය හැකි වරදක්ය. එතකොට ඒකට පලි ෆේස්බුක් එකද..?

එහෙම මේ ගොන් කෙල්ලෙක්, කොල්ලෙක් මැරුණාට, තාක්ෂණය ගැන නොදන්නා හරකෙක් ෆේස් බුක් ෆෝබියා හදාගත්තාට, කරන්න ඕනා ෆේස්බුක් භාවිතය තහනම් කිරීමද..? මේවා තහනම් නොකරන්නේ මන්දැයි කියා අසනා ජනමාධ්‍යවේදියා, ඇත්තටම ජනමාධ්‍ය වේදියෙද්ද, නැත්නම් අමුම අමු ගොන් වස්සෙක්ද..?

ඇත්තටම මේ ප්‍රශ්ණය කුමක්ද..?

  • නවීන තාක්ෂණය ගැන අබ මල් රේණුවක දැනීමක් නොමැති වීම.
  • පරම්පරාගත රෝගයක් වන අළුත් දෙයකට ඇති බිය.
  • තරුණ පරම්පරාව කෙරේ ඇති වෛරය.
  • ළොවේ එකෙක්වත් නොදන්නා අභිමානයකින් ඔළුව උදුමවා ගෙන සිටීම.
  • ෆේස්බුක් යනු කුමක්දැයි නොදැනීම.
  • ෆේස්බුක් තබා පරිඝණයක්වත් භාවිතා කිරීමට නොහැකිවීම.
  • එසේ හැකි වුවත්, අන් අය ඒවා භාවිතා කිරීම පිළිබඳ ඇති ඉරිසියාව හා කුහත්වය්.
  • තමන්ට නොමැති හෝ නොලැබුන දෙයක් වෙනත් කෙන්ක් භාවිතා කිරීම පිළිබඳ ඇති වෛරය.
  • තම දරුවන්ට පරිගනකයක් ලබා දීමට නොහකි වීම.
  • පියකරු මිනිසුන්, ඇති හැකි මිනිසුන්, කෙරේ ඇති වෛරය හා ඉරිසියාව...

යන කරුණු වලට අමතරව, තවත් බොහෝ හේතුන්, මේ සඳහා ඉවහල් වෙනවා යන්න මගේ මතයයි. මා ෆේස්බුක් හී නිතිපතා සැරිසරන්නෙක් නොවේ. එහෙත් එහි ඉතා වටිනා අදහස් හා දැණුම බෙදා ගන්නා උන් බොහෝමයක් මගේ මිතුරන් ලෙස සිටී. ඉඩක් ලද අවස්ථාවල ඔවුන්ගේ දේ කියවමි. මගේ දරුවාටද ෆේස්බුක් ගිණුමක් ඇති අතර. ඔහුගේ මිතුරන් අතර, මමද, දරුවාගේ මවද වේ. අපත් ඒ ගිණුමේ සමහර විට සැරිසරයි.

තරුණ වයසේ ආදරය කිරීම සාමාන්‍ය දෙයකි. ආදරය කරනා විට, වැඩිහිටියන්ද, බොළඳ, මෝඩ, ප්‍රේමවන්තයෝ වන්නේය. ඒ නිසා, වැඩිපුර තරුණ පිරිසක් ගැවසෙන ඕනම තැනක තිබෙනවා මෙන්, ෆෙස්බුක් හීද වැඩිපුර ඇත්තේ, ඉතාම බොළඳ, සිනහ උපදවන සුළු දේවල්ය. ඒවා ගැන උරනවීම අප යුතුකම් නොවේ. ඒ යොවුන් ප්‍රේමයයි. යොවුන් සිතිවිලියි. අප කළ යුත්තේ ඔවුන්ට දැණුම බෙදා දීමයි. ඔවුන් දැණුවත් කිරීමයි.

මේ බොළඳ වදන් අතරේ, වැඩිහිටියන්ටත් වඩා, ඉතා බර සාර දේ ලියනා, යෞවන යෞවනීයෝද බොහෝය. ඔවුන්ගේ කාව්‍ය නිර්මාණ, අදහස් උදහස්, ළිපි ලේඛන, බොහෝ ඉදිරියෙන් පවති. උගතුන්, සිවිල් පොරවල්, බක පන්ඩිතයින්, කළ යුත්තේ ෆේස්බුක් එකේ තියෙන්නේ මොන ජරාවද කියා නිග්‍රහ කිරීම නොව, එවන් උසස් දේ අගය කිරීමයි.

මේ සියළු කරුමය, දරුවන් වහලුන් ලෙස සැලකීමය. ළමා කාළයෙදි, දරුවන් තම අනට යටත්, වහලුන් ලෙස සිටිය යුතු අතර, වැඩිහිටියන් වූ විට නැවතත්, සියළුම වැඩ රාජකාරි නවතා, දෙමාපියන් රැක බලාගත යුතුය. එවිට දරුවනට ජීවීතයක් නැත.  දරුවන් තම මිතුරන් කර ගත් විට, මේ ව්‍යසනයන් කිසිවක් සිඳු නොවේ. අපේ දෙමාපියන් අපට සැලකුවේ, මිතුරන් මෙනි. අපද, සියළුම දේ දරුවන් හා කතා කරන්නෙමු. මගේ දරුවන් සමග පමණක් නොව, අන් දරුවන් සමගද, මිතුරන් ලෙස හැසිරීමට උත්සාහ කරමු. පොඩි උන් ඉදිරියේ මට පොරක් වීමට උවමනා නැත.


  • නැවතත් කිව යුතුව ඇත්තේ, දරුවන් යනු දරුවන්ය වැඩිහිටියන් නොවේ.. 
  • ඔබත් දරුවන් අතරදි දරුවකු වන්න..


ළෝකයේ ශ්‍රේෂ්ඨම බුද්ධිමතා වන, "ඇල්බට් අයින්ස්ටයින්" ජීවත් වී ඇත්තේ එසේය. මේ ඉරිදා "රාවයක්" ගෙන, "සිව්මංසල කොළු ගැටයාගේ" ළිපිය කියවන්න.. (එම ළිපිය මෙතනින් බලන්න..)

එවිට, ඔබ තුල ඇති, මෝඩ ගොන් තකතීරූ, "මානය" පහව යනවා ඇත.

එසේ ෆේස් බුක් තහනම් කරනවා නම්. දරුවන්ගේ ටයි පටි, සාරි, කඹ, පිහි, කෝච්චි, පාළම් මතින් ගමන් කිරීම, ඉන්ධන භාවිතය, නිදි පෙති, හරක් මස් කෑම, මව විදේශ ගත වීම, පියා ලෙඩවීම, පුතුන් පොලීසියෙන් මහ දවාලේ පැහැරගෙන යාම, ගිනිකූරූ හා ගිනිපෙට්ටි, ලයිටර්, හා එකී මෙකි නොකී සියල්ලම තහනම් කළ යුතුය. අපේ ජඩ මාද්දීය වේදියෝ ඒ තරම් ගල් වැදෝය..

ප: ළි:
ෆේස් බුක් තහනම් කරණා බවට, "ළමා කටයුතු භාර ඇමති තුමා", ප්‍රකාෂ කොට ඇත. එසේ ළමා කටයුතු වෙනුවෙන්, ළමයකු පත් කිරීම ගැන, ජනාධිපති තුමා මෙන්ම, ජාතියක් රටක් වශයෙන් අපද, ආඩම්බර විය යුතුමය.

150 comments:

  1. මමද මීට අදාල ලිපියක් සඳහා කරුණු එකතු කර ගතිමි. එහෙත් ඔබ සම්පූර්ණ කර තිබේ යැයි සිතේ.
    තව දෙයක්,
    1) වෙනුෂා කියන්නේ අවුරුදු 15 ක සිසුවියක්. නැතිනම් ළමයෙක්
    2) දෙවන සිද්ධිය වූයේ අවු. 19 ක යුවතියකට. ඇය ළමයෙක් යැයි කීමට හැකිද?
    එමෙන්ම, වෙනුෂිකා FB ඇබ්බැහි වූ අයෙක් බව නොපෙනේ. ඇය මාස 2 කට පමණ වරක් FB ගිය අයෙකි. තවද ඇය නොකල වරදකට අපහස විදීමකට ගොදුරු වූවෙක්.
    විදුහල්පති වෙනුෂිකාට බැනපු එකට ෂෝයි කියන ඔළු ගොඩිවලට, තවත් විදුහල්පතිවරු රැසකගේ වැඩ ටිකක් තියෙනවා කියන්න.
    මම ජීවත්වන ඉබ්බාගමුවේ, ග්‍රාමීය පාසැලක විදුහල්පතිවරයෙක් ළමයෙකුට පසු පසින් පැමිණ මූණ හරහා පොළු පහර දී තිබේ. මෙය සිදු වූයේ පසුගිය 14 වෙනිදා වාගේයි මතක.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. https://www.facebook.com/446481418721598/photos/pb.446481418721598.-2207520000.1393089716./629166360453102/?type=3&theater

      Delete
    3. දැන් ඉතින් තව දහයක් පහළොවක් වත් මැරෙයි.. ඇයි ඉතින් මේ වැඩේ පත්තර කාරයන්ට මගුල් ගෙයක් වගේ වැඩක් නේ.. ඕන් තව එකෙක් එල්ලිලා මැරිලා... කාගෙද වැරැද්ද...? ෆේස්බුක් එකේද...?

      Delete
  2. ගොඩක් වැදගත් ලිපියක් මාතලන් ..වෙනුශාගේ මරණය වෙලාවේ බොහොමයක් දෙනා කෙලින්ම මියගිය දැරියට ඇගිල්ල දික් කළා අවමන් කළා .. සතුටුයි ලමාරක්ෂන අධිකාරියෙන් යමක් කල එක ගැන.. දෙවැනි මරණය උනේ වෙනුෂා අනුගමය කිරීමෙන් කියලා ෆේස් බුක් එක පුරා සමහරු වෙනුශාගේ මරණය ගැන මාතලන් ලියු ලිපිය ශෙයා කල අපිටත් දෙහි කැපුවා.. "අන්න බලපං උබලා කෑගහපු එකෙන් තව ළමයෙක් මැරිලා කියලා " පය බරවා අයට පිටිකර බෙහෙත් බදින රටක් මේක

    ReplyDelete
    Replies
    1. ඒ වගේ හරක් ඉන්න නිසා තමයි, මේ රට දිනෙන් දින අගාදයට යන්නේ..

      Delete
  3. අපේ වැඩිහිටියන්ගේ උදාන වාක්‍යය - දැන් හැදෙන එවුන්නම් අන්තිමයි.ෂික්.වැඩිහිටියන්ට කිසිම ගරු සරුවක් නෑ.උන් දන්නවා වැඩි

    ReplyDelete
    Replies
    1. හොඳින් විමසා බලන්න, ඔහුන්ගේ දෙමාපියන්ද ඒ අයට කුඩා කාලයේ ඔයවාගේ උදාන වාක්‍ය කියා ඇති. එතකොට කුමන කාලයද හරි....!

      Delete
    2. ගල් යුගයට පෙර යුගය වෙන්න ඕනේ ,,

      Delete
    3. කොයි යුගයේත් අළුත් පරපුර බැනුම් ඇසුවෝය.

      Delete
    4. ඔය දේ තියෙන්නේ අපේ රටේ විතරයි.. අනිත් රටවල පිරිස හැමදාම තරුණයි..

      Delete
  4. පසුගිය දවස් වල අදික වැඩ නිසාම දෙවන කෙස් එක මොකද්ද කියලා තාම මම දන්නේ නැනේ ..... පොඩ්ඩක් ඉන්න එකත් හොයලා බලල එනකම්ම

    ReplyDelete
  5. කන්න ඕන උනාම අපේ අයට කබරගොයාත් තලගොයා වෙනවාය.. වෙනුෂිකාගේ මරණය ගැන දැන් ඇත්තේ දේශපාලන පොරයකි.. එක එක මාධ්‍ය තමන්ට ඕනෑ පාට කණ්ණාඩියෙන් දැරියගේ මරණය සහ පශ්චාත් පරීක්ෂණ රටට පෙන්වති.. මෙහි ඇති අන්ත ජඩ තත්වයනම් පාසැල් සිසු සිසුවියනද මෙම දේශපාලන ගොදුරු බවට කරගෙන දෙපිරිසකට බෙදා මාධ්‍යයන් වෙත අදහස් ලබා ගැනීමයි..

    දෙවන මරණය සම්බන්ධව පලමු මරණය ඔස්සේ හිතන්නට සැලැස්වීම තම තමන්ගේ නිවිස් විකුණාගැනීමට මාධ්‍ය විසින් කරන ලද මෙහෙයුමක් ය..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. දෙවන එකට දෙන ලද ප්‍රචාරණය හේතුවෙන්.. තුන් වන බිල්ලද ලබා ගෙන ඇත. දැන් ඉතින් ඔවුනට රජ මගුල්ය.. එයත් බුකියටම බැර කර ඇත.

      Delete
  6. කිසිම මරණයක් බුකි ගිණුමට බැර කරන එක වැරදී.

    යකෝ... තාක්සනේ හරියට පාවිච්චි කරන්න බැරි උන් මැරුනටත් කමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අම්මපා... කිසිම අනුකම්පාවකින් තොරව,, කියන්න ඕන දේ ඕක තමයි..

      Delete
  7. සමහරක් කෝමත් ඉන්න එක වලක්වන්න බෑ..

    ReplyDelete
    Replies
    1. සමහරක්ද.....? සම හරක්ද....?

      Delete
  8. ඒ පිනාගෙ වැඩ නවත්තල තියෙන්නෙ චන්දෙ ඉවර වෙනකං විතරයි කියන්නෙ මචං ...
    චන්ද ගුණ්ඩුවක් ලුය...

    ReplyDelete
    Replies
    1. අංකල්ටත් දැන් යමක් කමත් තේරෙනවා.

      Delete
    2. මඟුලක් කියනවා. මම අංකල් කියනකොට, අංකල් මට මචං කියනවා.

      Delete
    3. වෙන්න බැරිත් නෑ...

      Delete
  9. දෙවන කෙල්ල මිය ගියේ, ෆේස් බුක් එකේ ඔරිජිනල් ෆේස් එක නොදා, ෆේක් ෆේස් එකක් දමාපූ නිසාය. තමාගේ ඔරිජිනල් මූනත්තහඩුව නොදා, බොරු එකක් දමා, අනුන් මුලා කිරීම, නීතියට අනුව උනත් දඬුවම් ලැබිය හැකි වරදක්ය. එතකොට ඒකට පලි ෆේස්බුක් එකද..?

    //එහෙම මේ ගොන් කෙල්ලෙක්, කොල්ලෙක් මැරුණාට, තාක්ෂණය ගැන නොදන්නා හරකෙක් ෆේස් බුක් ෆෝබියා හදාගත්තාට, කරන්න ඕනා ෆේස්බුක් භාවිතය තහනම් කිරීමද..? මේවා තහනම් නොකරන්නේ මන්දැයි කියා අසනා ජනමාධ්‍යවේදියා, ඇත්තටම ජනමාධ්‍ය වේදියෙද්ද, නැත්නම් අමුම අමු ගොන් වස්සෙක්ද..?//
    උඹ හරියටම හරි කොල්ලෝ.....
    ඉතාම අගනා පැහැදිලි කිරීමක්. ජඩ මාධ්‍යෙව්දීන් කුලියට ලියනප්පුලාගේ රෙදි ගැලවීම ගැන මල් මිටක්....

    ReplyDelete
  10. අර පේරාදෙණියේ සරසවියේ ළමයෙක් බෙල්ලේ වැල දාගත්ත.ඒක ගැන කතාවක් වත් නැති මුන් ....
    දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක සියදිවිනසා ගැනීම හා ෆේස්බුක් එකට ඈදීම.ළමයෙක් බෙල්ලේ වැල දාගත්තොත් හේතුව ෆේස්බුක්.ෆේස්බුක් කිව්වොත් සියදිවි නසා ගැනීම ...
    මෙන්න බලන්න දැනටමත් මේ හරක් බුකිය තහනම් කරන්න තීරණය කරලා ඉවරයි.
    ______________දුලා

    ReplyDelete
    Replies
    1. මේක දැක්කහම මට හිතුණේ ආණ්ඩුව බොරදියේ මාළු බාන්න හදනවා කියලා. ආණ්ඩුව දන්නවා මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය පාලනය කලත් ෆේස්බුක් වැණි මාධ්‍යයක් තමන්ට පාලනය කල නොහැකි බව, ආණ්ඩුව තහනම් කල 'ලංකා ඊ නිව්ස්' වගේ අඩවි පවා ෆේස්බුක් තුලින් ක්‍රියාත්මක වෙනවා. මේ හදන්නේ මේ වෙලාවේ එක්තරා ආකාරයකට ජනතාව අතර තියන ෆේස්බුක් විරෝධය පාවිච්චි කරලා මාධ්‍ය මර්දනය තවත් ව්‍යාප්ත කරන්නද දන්නේ නෑ.

      Delete
    2. මටත් එහෙම හිතුණා තිසර ,, එක ගලෙන් කුරුල්ලෝ කීපදෙනෙක්ම අල්ලන්න ඔය හදන්නේ .

      Delete
    3. වාහනවල හරියට ඩ්‍රයිව් කරන්නේ නැතුව ගිහින් අද යම් පිරිසක් මියදේ. මේ අනුව රථ වාහන ධාවනය තහනම් කරමුද?

      Delete
    4. මමත් ෆේස්බුක් යන කෙනෙක් නොවෙයි.සී නිව්ස් එකේ දාල තිබෙනවා.මෙතනින් පටන් අරන් ඊලඟට ඉරානයෙ චීනෙ වගෙ අන්තර්ජාලයට සම්බාධක හෝ එහෙම නැත්නම් මුළු ජාලයම තහනම් වෙන්න ඉඩ තිබෙනවා.

      ඔන්න බලන්න හසන්ත මහත්තයො මොනවද මේ අන්තර්ජාල,කොම්පියුටර්.ඉස්සර රජ කාලෙ අපේ මිනිස්සු කුඹුරු අස්වැද්දුවෙ ඕව තිබිලද තහනම් කරන්න ඕන හෙට්ටිආරච්චි මහත්තයො මම නම් කියන්නෙ තහනම් කරන්න ඕන.

      Delete
    5. @ යකා, එහෙම උනොත් වෙන්නෙ හසන්තටත් බෙල්ලෙ වැල දාගන්න තමයි. මොකද අටපට්ටමේ මැජික් වගේ පෙන්නන තරමක් යන්නෙ යූ ටියුබ් වලින් ගත්ත වීඩියෝ නෙ. :D

      Delete
    6. කැම්පස් එකේ එකාට, බුකියේ ගිණුමක් තියෙන්න නැතිව ඇති.. නැත්නම් ඒකත් මේ ගොඩටම දායි, කිසි අවුලක් නැතිව..

      Delete
  11. මේ විදිහට ගියොත් තහනම් කරන ඒවගේ සීමාව වත් හිතාගන්න බෑ. කඹ, ලිං, කෝච්චි, පළිබෝධ නාශක ඔක්කොම තහනම් කරන්න වෙනවා. පුදුම මාධ්‍ය ආතල් තමයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පාර්ලිමේන්තුවේ දේශපාලකයෝ බොහෝ දෙනෙක් වංචා-දූෂණ කරයි. මේ අනුව පාර්ලිමේන්තුව කුඩුකරමු.

      Delete
    2. "මේ දක්වා වැඩිම පිරිසක් සිය දිවි හානි කරගෙන තිබෙන්නේ කෝච්චියට බෙල්ල තැබීමෙන්.අද සිට දුම්රිය ධාවනය නැවත්වීමට තීරණය කර තිබෙනවා.බස් එකේ පලයල්ලා-"

      තව ටික කලකින් මෙහෙම ආණ්ඩුව කිව්වත් පොදුම වෙන්න දෙයක් නෑ .

      Delete
    3. තහනම් කොරන්න ඕන ඒවා පැත්තක තියෙද්දි වෙන දේවල තමයි අල්ලගෙන නහින්නේ..

      Delete
  12. ඕනිම අංශයක පරිහානියක් ගත්තොත් උඩින් ඉන්නේ මාධ්‍ය ඊට උඩින් දේශපාලනය. නිව්ස්, ඩ්‍රාමා සිංදු නිවේදනය ලිපිය ඔක්කොම විනාස වුනේ ප්‍රධානව ඔය හේතු දෙක නිසා මම හිතන්නේ. මැරුණු ළමයා ගැන කතා කරලා වැඩක් නෑ. මෝඩ කෙල්ලෙක්.

    ReplyDelete
    Replies
    1. මෙතන ඕනිම නෙවෙයි බොහෝ අංශ වල වෙන්න ඕනා

      Delete
    2. මම නම් හිතන්නේ, දෙශපාළකයන්ටත් වඩා වග කියන්න ඕන, ජඩ මාද්දියවේදියා කියන එකයි.

      නියම ජනමාධ්‍යවේදියෙක්ගේ යුතුකම, උඩුගම්බලා පිහිනීම මිසක්කා, ගඟට පැනලා පහලට පීනන එක නෙමෙයි..

      Delete
  13. ෆේස්බුක් තහනම් කරන්න යනව කියල කතාවක් යනව.ඇත්ත හේතුව ඕක නොවෙයි ඊ නිව්ස් ,වගෙ විකල්ප මාධ්‍ය ෆේස්බුක් හරහා යන එක.

    ReplyDelete
    Replies
    1. අනේ යකෝ ,, තව ටික දවසකින් මාතලන්ගේ බ්ලොග් එක දැකලා බ්ලොග් ලියවිල්ලත් තහනම් කරයි මේ ගොන් රටේ

      Delete
    2. යකා හරි..අවශ්‍යතාවය විකල්ප මාධ්‍ය තහනම් කිරීම

      Delete
    3. ඉතිං ඔය වැඩේ කොරගන්න තව ගොං රැලක්මත් උල්පන්දම් දෙනවනේ.... උන්දැලාට. සැබැව කුමක්ද යන්න යකා නිවැරදිව පවසා ඇත.

      Delete
    4. ඔව්.. ඒක තමයි ප්‍රධානම කරුණ. දේශපාළකයෝ දැනගන්න ඕන. එයාලා විවේච්නයට ලක්වන චරිත කියලා.. ඒ දේවල් දරා ගන්න බැරිනම්, දේශපාළණය කරන්න නරකයි.. ඕනෑම මතයකට, විරුද්ධ මතයකුත් තියෙනවාමයි නේ..

      Delete
  14. ලංකාවෙ ඉන්න සම හරක් ගැනනං කතා කරල වැඩක් නෑ.
    පොඩි උං විතරක් නෙමෙයි ඔය මහලොකු පට්ටං ගහගෙන ඉන්න බොහෝ දෙනෙක් නව තාක්ෂණය ගැන දන්න මගුලක් නෑ. මොකක් හරි කේස් එකක උනාම රට පටලවගෙන කෑ ගහන එක විතරයි කරන්නෙ.

    ඇයි යකෝ ෆේස්බුක් තහනං කරන්නෙ. මෙච්චර පාරවල් වල මිනිස්සු මැරෙන එකේ ලංකාවෙ වාහන තහනං කරපංකො.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න සහෝදරයා මේ ආණ්ඩුව මිනිස්සුන්ගේ චියර් එකට වැඩකරන ආණ්ඩුවක් මිස නිසි සැලැස්මක් හෝ ඉදිරි දැක්මක් සහිතව කටයුතු කරන රජයක්ද කියන ගැටළුවක් තියනවා. එහෙව් එකේ අන්තර්ජාලය තුල සමාජ ජාල පිළිබඳ ඔවුන් ගන්නා තීරණයත් කැකිල්ලේ නඩු තීන්දුවට සමාන යමක් මිස ඉන් එහා ගිය බුද්ධිමත් තීන්දුවක් බලාපොරොත්තු වෙන්න බෑ

      Delete
    2. ඇත්ත... උන් දන්නෙත් නෑ.. දැනගන්න ඕන කමකුත් නෑ..

      Delete
  15. ආණ්ඩුවට ජනමාද්‍ය මර්ධනය කරන්න ඕනවෙලා තියෙන්නේ.ඊට වඩා දෙයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තමයි පේන්නේ... වගකිව යුතු පුද්ගලයෝ දෙන ටෝක්ස් වලින් නම්.. ඒ කියන්නේ ලොක්කගේ වචනේ විතරයි ඕන. ඒත් ලොක්කා ටිකක් බැලන්ස් එකේ කතා කරන්නේ තාමත්..

      Delete
  16. සහතික ඇත්ත. . අපි කරන්නේ ඇත්ත සිලෙක්ට් කරලා තේරුම් ගන්න එක.අපිට හරි යන එක නිවැරදි හරි යන්නේ නැති එක වැරදි. ඒ දේ කොච්චර ඇත්ත උනත් වැඩක් නැහැ

    ReplyDelete
    Replies
    1. ඇත්තට වඩා හොයන්නේ නැත්ත.. නැත්ත අති සැටියෙන් පෙන්වීම තමයි, දැන් ඉන්න උන් කරන්නේ..

      Delete
  17. මාතලන් බැලූ බැලූ අත පිහි ඇනුම්, අපිට බැරිද පිහිය තනම් භාන්ඩයක් කරන්න?

    ReplyDelete
    Replies
    1. පිහිය තහනම් කරලා.. මස් ඉරාගෙන කන්න කිව්වා නම් හරි.. නැත්නම් ඔය ගලකින් තලා ගන්න හරි බැරිය.. එතකොට ගලකින් ගහලා මැරුනොත්..

      Delete
  18. තිස් වසරක ශාපලත් යුද්ධය නිම කරමින් කොටිසංවිධානය මුලිනුපුටා දැමූ අතිගරු ජනපති තුමා ඇතුළු රජය .ෆේස් බුක් උන්මාදයෙන් රටේ තරුණ තරුණියන් බේරාගැනීමේ උතුම් සද්කාර්යයට අත ගසා ඇති මොහොතේ ජිනීවා මානව හිමිකම් සැසිය ඉලක්ක කර ගනිමින් මාතලන් ඇතුළු බ්ලොග් රචකයින් නගන අදෝනා පරාජය කරමින් ෆේස් බුක් තහනම් කරමු. පළාත්සභා චන්දයේදී සංවේදී නායකයාගේ පක්ෂයට චන්දය ලකුණුකර මේ මාහැඟි කාර්යයට ඔබත් දායක වන්න.

    " සියදිවි නසා ගැනීම් වලින් තොර හෙටක් - ෆේස් බුක් නැති රටක් "

    ReplyDelete
    Replies
    1. " සියදිවි නසා ගැනීම් වලින් තොර හෙටක් - ෆේස් බුක් නැති රටක් "
      ++++++++++++++++++

      Delete
    2. මෙන්න මසුරන් කියමන සඳහා දුලාගෙනුත් වැටක්
      +++++++++++++++++++++++++++++++++++

      Delete
    3. මොකෝ ඉවාන් මැකුවේ?
      දැනුයි දැක්කේ .... අර මීට ටිකක් උඩින් තිසරගේ කමෙන්ට් එකකට මං දාපු ගොන් ප්‍රකාශයකුත් උන් අරකට දාල.අර දුම්රිය නවත්වනවා කියපු එක.

      Delete
    4. ඔව් අබ්න් මම දැක්කා එක ...එත් පස්සේ හිතුනා ඕනේ නෑ කියලා ඒකයි මැකුවේ.

      Delete
    5. මම හිතන්නේ ලොක්කා නම් මේ ගැන බැලන්ස් විදියට කතා කරන්නේ තාම. මොකෝ එළ කොල්ලෝ තුන් දෙනෙක් නේ ලොක්කට ඉන්නේ.. ඒත් වැද්දෝ ටික නම් වචනේ මිස් වෙනකන් ඉන්නේ, බුකියට ගේම දෙන්න..

      Delete
  19. මම නම් කියන්නේ තාක්ෂනය මේ තරම් අනතුරුදායකනම් වහාම ලොක්කා වගකියන්න ඕනේ.ඇයි චින්තන පොතේ තියෙනවා නේද රටේ තාක්‍ෂණික දියුණුවට වැඩ කරනවයි කියලා.අනෙක මෙහෙම කීවාම මතක් වුනේ ලොක්කා ඔය මාධ්‍යවේදීන්ට ලැප් දුන්නේ වුනුත් ඕවයෙන් ෆේස් බුක් ගිහින් සියදිවි හානි කර ගනීවි කියන බලාපොරොත්තුවෙන්ද කියන්න කවුද දන්නේ.

    ReplyDelete
    Replies
    1. මම නම් කියන්නෙ ලැප් මේ රටට ගෙන එකත් තහනම් කරන්න ඕන.ඕව අපිව නරක් කරන්න සුද්ද කැත හිතින්ම හදපුව. රටේ සංවර්දනයට අවශ්‍ය ජහ් පිට මහ් කියන්න පුළුවන් ජනතාවක්.තාක්ෂණය කියන වචනෙත් අසභ්‍ය වචනයක් විදියට නම් කරන්න ඕන.

      Delete
    2. //"තාක්ෂණය කියන වචනෙත් අසභ්‍ය වචනයක් විදියට නම් කරන්න ඕන."// අපේ ඉන්න පාලක්යෝන්ට, ගුරුවරුන්ට හා වැඩිහිටියෝන්ට නම මේක කොහොමත් කුනුහරුපයක් වගේ තමයි පේනවා ඇත්තේ යකා

      Delete
    3. ඔව් බං.. මම නම් කියන්නේ.. විදුලි බලය හිටන්, නවත්තලා දාන්න ඕනා.. කරන්ට් වැදිලා කී දෙනෙක් නම් මැරිලා තියෙනවද..?

      Delete
  20. මේ රටේ ඉන්න වැඩිහිටියො කියාගත්තු ගොබ්බ ගොන් හ‍රක් ටික ඉන්නකම් ඕව ඔය විදියටම ඉස්ස‍රහටත් වේයි. අපිට ක‍රන්න තියෙන්න අඩුගානෙ අපි අවට ඉන්න ළමයින් හ‍රි මේ ගොබ්බ ප‍රම් ප‍රාවත් එක්ක ඉස්ස‍රහට යන්න නොදී ගලව ගන බලන එක. කරුමෙ කියන්නෙ දැන් ඉන්න හුගක් ළමයිනුත් ගලව ගන්න පුලුවන් සීමාව පැනල හුගක් දුර ගිහින්.

    මෙන්න තියෙනව නාලක ගුනවර්ධනගෙ ලිපිය
    http://nalakagunawardene.com/2014/02/16/සිවුමංසල-කොලූගැටයා-156-අයින/

    නාලක ගුනවර්ධන කියන්නෙ කට ඇරල ජනමාධ්‍ය වේදියෙක් කියල කියන්න පුලුවන් කෙනෙක්

    ReplyDelete
    Replies
    1. ඒක නෙමෙයි සත්තරනේ ළිපිය.. මේ ඉරිදා යන එක.. සිකුරාදම බඩු ආවනේ..

      Delete
    2. මාතේ ඒ ගමන කාලය හරහා යනවද?

      Delete
    3. @ ඉවාන්
      පොඩි උත්සාහයක යෙදෙනවා.. :)

      Delete
  21. බේස් පුක් ...සොරි සොරි..පේස් බුක් මරුවාගෙන් තරුණ පරපුර බේරාගනිමු

    මහා උද්ඝෝශනය මාර්තු 1 දා කොටුව දුම්රිය පොල , කොම්බුව යට ...

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් මේ පත්තර වල හරක් කියන්නේ..

      Delete
  22. ෆේස්බුක් තහනම් කරලා ලමයි බේරගන්නවත් මාධ්‍ය මර්ධනය කරන්නවත් බෑ..
    මෙලෝ රහක් නැති වැඩ තමා අප්ප අපේ රටේ තියෙන්නේ

    http://lahirucc.wordpress.com/2014/02/22/nofb/

    ReplyDelete
    Replies
    1. මුන් දන්නෙ නැතිව ඇති, ඒ කාළේ කැළෑ පත්තර කියලා මාධ්‍යයක් තිබුන බව..

      Delete
  23. මම වර්තමාන සමාජයේ ජීවත්වන බොහෝ දෙනා සමග සමගාමීව ඉන්නේ වයස අවුරුදු 60 ක් වුනත් පරිගණක දැනුම තරගකාරී මට්ටමක පවත්වාගැනීම නිසා කියා මම දැඩිව විශ්වාස කරනවා.

    අර වගේ පිනාලා පින් ගොනාලා ඉන්නතුරු අපේ අධ්‍යාපනයට දෙයියන්නෙම පිහිටයි.

    ReplyDelete
    Replies
    1. පරිඝනකය ඕනමත් නෑ.. ලියන්න කියන්න පුළුවන් නම්,, තරුණයෙක් විදියට හිතන්න මතන්න පුළුවන් නම්, එච්චරයි..

      Delete
  24. ෆේස්බුක් විතරක් නොවෙයි බ්ලොග් ,සිංහල වෙබ් අඩවි විතරක් නොවෙයි සම්පූර්න අන්තර්ජාලයම තහනම් කරන්න ඕන.මොකද මේවගෙන් ජනතාව නරක් වෙනව,නොමඟ යනව.සමහරු ෆේස්බුක් වලින් ඊ නිව්ස් බලනව.ඊ නිව්ස් වගෙ අසභ්‍ය වෙබ් අඩවි බලල නොමඟ යන ජනතාව බේරා ගන්න ඕන.

    තොරතුරු දැන ගන්න සිළුමින පුවත්පත තිබෙන්නෙ.අයි ටී එන් ,ජාතික තියෙන්නෙ මදිද යකුනේ

    ඒත් මදිනම් සී නිව්ස් තියෙන්නෙ.

    අපූරුවට හිටපු මේ රටේ මිනිස්සු නරක් කෙරුවෙ සුද්ද.ප්‍රජාතන්ත්‍රවාදෙ කියල එකක් දුන්න .ඊට පස්සෙ මානව හිමිකම් .දැන් ෆේස්බුක් ඇත්තට මේ සුද්ද මතක් වෙන කොට එන තරහ.
    බටහිර විද්‍යාවත් බොරුලුනෙ.සියවස් හත අටකට ඉස්සර අපි හිටපු සුන්දර ලෝකෙ නැති කෙරුවෙ සුද්දනෙ .

    දෙමළ හම්බ කුරුස බිල්ලො බලමිනේ
    වැඩවසම් යුගයෙ පැත්තෙ හනික යමන්නේ

    ReplyDelete
    Replies
    1. මීට පැය කිහිපයකට ඉස්සර ආන්ඩුව වෙනුවෙන් කොමෙන්ට් දාපු කෙනෙක් මම.එහෙම කළේ වෙන දෙයක් නිසා නොවෙයි.ඇත්තටම දෙමළ ඩයස්පොරාව රටට විරුද්ධව පෙළ ගැසෙන මොහොතක් මේක.රටට ආදරේ කෙනෙක් විදියට මම ප්‍රශ්න දැක්කෙ.හැබැයි එක ගලෙන් කුරුල්ලො දෙන්න දෙන්න බාද්දි අංශක 180 කින් ඉන්න තැන වෙනස් වෙනවනෙ.අපට අනාගතයට මිසක් අතීතයට යන්න බැහැ.රටේ මිනිස්සු බහුතරයක් ඇස් කන් නැතිව ඉන්නව නොවෙයි .වෙන හැම දෙයක්ම පේනව තේරෙනව.ඒ සේරම ඉවසන්නෙ යුද්දෙ ඉවර කළ නිසා කෘතගුන දක්වන්නයි.එහෙම කියල අතීතයට යන්නත් නම් බෑ.

      Delete
    2. උඹ නම් යකෙක්ම තමයි යකෝ

      Delete
    3. සිරාවටම මේ ඇත්ත යකාද යකෝ.උඹත් නිකං මඩේ හිටෝපු ඉන්න වගේනේ.

      Delete
    4. මූ තමයි අර ගමහාමිනේගේ දත් ටික කලබලේට ඇදට හිටවපු යකා.

      Delete
    5. Manoj FernandoFebruary 22, 2014 at 3:49 AM @ මෙහෙමයි මම කිසිම දෙයක අන්ධ බැතිමතෙක් නොවෙයි.කිසිම කෙනෙක්ව අදහන්නෙ නෑ.හරි දේට හරි කියනව වැරදි දේට වැරදියි කියනව.ඊයෙ ඔබගෙ එක් මතයකට එකඟ නොවුන මම අද ඔබ සමඟ වෙනත් දෙයකදි එකඟ වෙනව.හෙට තව දෙයකදි ආයෙ ඔබත් එක්ක මම එකඟ වෙන්නෙ නෑ.මට පාටක් පක්ෂයක් නෑ.ප්‍රතිපත්තිමය තීරනවල ඉන්නව.ඒව කාලානුරූපව වෙනස් වෙන්න පුළුවන්.අඩුවෙන්ම චාටර් එකාට චන්දෙ දෙනව.ඒකත් ඒ මොහොතෙ කරපු වඩාත්ම හොඳ දේ විදියට.කරපු කිසිම දෙයක් ගැන පසුටැහ්විල්ලක් නෑ.උදාහරනයකට මම 2005දි මේ ආන්ඩුවට චන්දෙ දුන්න.ඒක ඒ වෙලාවෙ කළ යුතුවම තිබුන දෙයක්.කොටි පරද්දන්න ශක්තිමත් පාලනයක් අවශ්යව තිබුන.2010 දි ත් මේ ආන්ඩුවට දුන්න.එවෙලෙ එහෙම නොවුනනම් රට හමුදා ආඥාදායකත්වයකට හෝ අරාජිකත්වයකට යනව.

      දැන් ආන්ඩුව ෆේස්බුක් විතරක් නොවෙයි ඉන්ටනෙටුත් තහනම් කරනව කියමු.අපි ආන්ඩුවට බනිනව.හැබැයි අද රෑ විදේශීය හමුදාවක් රට ආක්‍රමනය කරනව කියමු.අන්තර්ජාලය තහනම් කළා කියල අපි සතුරගෙ පැත්ත ගන්නවද? නෑනෙ අඩුවෙන්ම නරක පැත්ත තෝරගන්නව

      Delete
    6. අනේ හැබෑට ඉන්ටෙර්නෙට් එක තමයි ඔක්කොටම මුල. දැන් ඉතින් අර පිනා බේරලා ඉන්ටෙර්නෙට් තහනම් කළාම වැඩේ හරියයිද මන්දා.

      Delete
    7. යථාර්තය අවබෝධ වීම පිළිබඳව බොහෝම සතුටුයි.. උඹ නෙමෙයි මාත් ලොක්කට බොහෝම කැමතියි.. ඒ කියලා වැරදියි කියලා, කියන්න පුළිවන් දේත් නොකියා ඉන්න එක, උන්නැහේලාටම කරනා අගතියක්..

      Delete
  25. ෙහටානිද්ද අර ෙස්නාව ඒයි ද දන්නෑ සකබරයට විරුද්දව උග්ෙගා්සන කරන්

    ReplyDelete
    Replies
    1. වෙලහකටත් ඇවිල්ලා... ජිනීවා නිසා.. කටවල් පුකවල් වහගෙන ඉන්නේ..

      Delete
  26. අපේ හමුදාව ලෝකයේ සිටින හොඳම හමුදාවය. අපේ හමුදාව නොදන්නා දෙයක් නැත.. ඇමරිකාවටවත් හිතාගැනීමට නොහැකිව තිබුනු ලොව බලවත්ම ත්‍රස්තවාදී සංවිධානය අපේ හමුදාව පරාජය කලෝය.. එහෙව් හමුදාවෙ කර්නල් පදවි ලබාගන්නා ප්‍රින්සිපල්ලා සියල්ලම දන්නා අයය.. ලෝකයේ හොඳම හමුදාවෙන් කිසිම විටක වැරදි කරන පිනා කර්නල්ලා බිහිවෙන්නේ නැත.. මේ සියල්ල ශ්‍රී ලඞ්කා හමුදාව ලොව බලවත්ම ත්‍රස්ත සංවිධානය පරාජය කල ලැජ්ජාව උහුලා ගනු නොහැකිව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් ගෙනයන අසත්‍ය ප්‍රචාරයන් වේ. මෙවන් අසත්‍ය ප්‍රචාර පැතිරවීමට සහයෝගය දෙන යුනිසෙෆ් දෙන ඕනෑම කුණක් ගිහිල ළමා හා කාන්තා කාර්යංශද ශ්‍රී ලඞ්කාවේ තහනම් කල යුතුය.. ශ්‍රී ලඞ්කාව දියුණු වනු බලා සිටිනු බැරිව ඉරිසියාවෙන් පුපුරන ඇමරිකාව ගෙනයන ප්‍රචාර වලට නොරැවටෙන්න.. ජිනීවා උගුලින් රට බේරාගත හැක්කේ ෆේස්බුක් තහනම් කිරීමෙන් පමණි. රට රැකදුන් ජනාධිපතිතුමනි. අපි ඔබ සමඟයි.. ජයවේවා..

    ReplyDelete
  27. අසහනකාර විදුහල්පතිලා.
    http://rateweda.blogspot.com/2014/02/blog-post_22.html

    ReplyDelete
  28. ලියල තියෙන කරුන්නු 10 එල ...
    10 වෙනි එක ගැන කියල වැඩක් නැත...

    ReplyDelete
    Replies
    1. එහෙනම් රෙද්දටද ඒක කිය කියා කොමන්ට් කරන්නේ.

      Delete
    2. නිකං කියන්න ඉතුන මචා,,,අවුල්ද...බොට.....? හෙක්....හෙක්...

      Delete
    3. ඒක මේ රටේ තියෙන ප්‍රධාන කරුමයක්.. උඹට මතකද ඉස්සර, ඇනස්ලි බර්ටී සැමුවෙල්ලගේ විහිළුවක් තියෙනවා..

      "දොස්තර මට මේ මාර ලේඩක් තියෙනවා..."

      "මොකක්ද ලෙඩේ....?"

      "ඔය කවුරු හරි හොඳට කාලා බීලා, ඇඳලා පැලඳලා ඉන්නවනම්, මගේ ඇඟේ මාළු නටනවා...."

      Delete
  29. අපේ රටේ සම්ප්‍රදායික මාධ්‍ය වැඩ කරන්නේ ආන්ඩුවට ඕන විදිහටය.
    අපේ රටේ ආන්ඩුවට ඕන විකල්ප මාධ්‍ය තහනම් කිරීමට හෝ බ්ලොක් කිරීමටය.
    මෙවැනි සිදුවීම් නිවැරදි සමාජ කතිකාවක් තුල නිවැරදි කරගන්නවා මිස, දැන් කරන්නේ ගොබ්බ ආන්ඩුවයි ගොබ්බ මාධ්‍යයයි එකතුවී ගොබ්බ උවමනාවන් සපුරා ගැනීමය. අවසාන ප්‍රතිඵලය රටත් ජනතාවත් ස්වාසිලන්තය වැනි අඳුරු කොනක සිරවීමය.

    සිහි බුද්ධිය හීන වීම තුල මුළු ජාතියම අඳුරේ හිරවෙන බව ආඩම්බර පාලකයෝ තේරුම් ගත යුතුය.

    ReplyDelete
    Replies
    1. ජනාධිපති තුමාට උපදේශකයෝ හැට හුටා මාරක් ඉන්නවා.. උන් ඉන්නේ ජනාධිපති තුමාට උපදෙස් දෙන්නද..., එහෙම නැත්නම් ජනාධිපති තුමාගෙන් උපදෙස් ගන්නද කියනා එක, දෙයියෝම තමයි දන්නේ...

      Delete
  30. ප්‍රශ්නෙට හේතු විදියට දීලා තියෙන කරුණු ටිකනම් හරියට හරි.....ජඩ මාද්දිය නම් කරන්නේ මේ වගේ ප්‍රශ්නෙකදී කොහේවත් නැති හේතුවක් උලුප්පලා අරගෙන ඒක හරී කියන එකනේ..

    ReplyDelete
    Replies
    1. ජනමාධ්‍ය කියන්නේ වාසියට හා ජනප්‍රියත්වයට වැඩකරන ආයතන.

      Delete
    2. උන් කරන්නේ ඕනම දේක පිටින් පේන දේ ලියන එක.. ජනමාධ්‍යවේදය කියන්නේ නම් ඒක නෙමෙයි..

      Delete
  31. ජෝන් කොතලාවල විද්‍යාලයේ විදුහල්පති -මූට ලිංගික ඉරිසියාවක් ආවා කෙල්ල ගැන​. ඒකයි මූ කෙල්ලට මීටිමේදී දෙනෝ දාහක් ඉදිරියේ වේසි කිව්වේ. මූ කෙල්ල දිහා බල බල හොරෙන් ස්වයං වින්දනයේ යෙදෙන්නත් ඇති. මූට කෙල්ල අපයෝජනය කරන්න බැරි සමාජ භාධක (තනතුර / සති 2 හමුදා කර්නල් / විවාහක / පොලිසියට බය​) නිසා මූ ආසාවන් හිර කරගෙන ඒවා ලිංගික ඉරිසියාව හරහා කෙල්ලට මැරෙන මට්ටමට අපහාස කලා

    ReplyDelete
    Replies
    1. Ano ++++++++++++++++++++++++++++

      Delete
    2. මේ කතන්දරේ මගේ පෝස්ට් එකේ ලිව්වා සත්තරන්...

      Delete
  32. නොදකින් සම හරක් බුකියට බැනලා බුකියෙම දාන පෝස්ට් දැක්කම නම් මේ ගොන් හරක් බේරලා දියන් කියලා අපිටත් ගිනි තියාගෙන මැරෙන්න හිතෙනවා.

    ඔය දෙවනි කෙල්ලගෙ ප්‍රශ්ණෙයි වෙනූෂාගෙ ප්‍රශ්ණෙයි සමාන කරලා ඔය දෙකේම වැරදි කාරයා fb එක කියලා fb එක එල්ලලා මරන්න හදන උන්ට මාතලන් අයියා දාලා තියෙන කරුණු 10තමා ප්‍රශ්ණයක් වෙලා තියෙන්නෙ.

    පුදුම වෙන්න දෙයක් නෑ. අනාගතේ සුභයි.

    ReplyDelete
    Replies
    1. මාත් මේ ගල් ගුහාවක් හොයනවා.. උඹට අහු උනොත් මට පොඩ්ඩක් කියහන්කෝ...

      Delete
  33. Facebook තහනම් කරලා ප්‍රස්න විසඳන්න බෑ. නමුත් වත්මන් සමාජයේ පාසැල් සිසු සිසුවියන් බොහෝ දෙනෙක් එයට සීමාව ඉක්මවා ඇබ්බැහි වී සිටිනවා, ඔවුන්ගේ ඉගෙනුම අඩාල වන තරමට. ඒ ගැන නම් කාගෙත් අවධානය යොමු විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. eka balaganna one elamainge ammala misak rajaya nevine. ehenam iskole yana lama bonna abbehiwela thiyenne.eka nawaththanna rajayen monawada karala thiyenne?
      awuruddakata arakku sigarat nisa kiyak marenawada? kawuruwath ewa thahanam karanna kiyanne na ne

      Delete
    2. ෆේස්බුක් නෙමෙයි.. ඕනම දෙයකට "ඇබ්බැහිවීම...." කියන්නේ රෝගයක්...

      Delete
  34. බොහෝම වටිනා ලිපියක් මාතලන්! මම නම් උඹ කියපු හැම කරැණකටම 100% එකඟයි. මම නම් කියන්නේ දෙමව්පියෝ මීට වඩා දරැවෝ ගැන සොයා බලලා ඔවුන් සමඟ ඉන්නවානම් මේ ප්‍රශන බොහෝ දුරට විසඳා ගන්න තිබුනා. ෆේස් බුක් තහනම විසදුමක් නොවේ. උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. වැරද්ද තියෙන්නේ දෙමාපියන්ගේ.. දෙමව්පියෝ හරක් නම්, දරුවොත් හරක් පැටව් වෙනවා...

      Delete
  35. ලොක්ක ඔක්කොම කියනෙ.අපිට කියන්න මක්කවත් ඉතුරුකරල නැ.වැඩිපුරම සියදිවිනසා ගන්නෙ මෙ ලවු කිරිල්ල නිසා නෙ.බැරිද මෙ ලවු කිරිම තහනම් කරන්න.
    මානි එකසැරයක් නියම කතාවක් කියල තිබුන එ ගැන.

    ReplyDelete
    Replies
    1. මානි කිව්වා නම් ආයේ නියමටම කියන්න ඇති..

      Delete
  36. මේ තහනම් කරන්න යන යෑමේ හැටියට හෙට අනිද්දට අඳින වස්තරෙත් තහනම් කරයි වගේනේ....!
    මේවා උන්ගේම නීති වෙලා උන්ගේම රට වෙච්ච කොට වෙන මොනවා කරන්නද කියන්නද?

    ReplyDelete
    Replies
    1. කෙල්ලන්ට නම් අප්ෂට් එකක් නෑ.. ඒත් කොල්ලන්ට නම් වල්ලත් උස්සගෙන තමයි යන්න වෙන්නේ.. ඇයි ඒක අස්සෙත් මොනවා හරි හංගගෙන යන්න පුළුවන්නේ...

      Delete
  37. මේ මම ටික කාලෙකට කලිං ලියපු ලිපියක්.
    කැමති කෙනෙක් කොටා බලත්වා...!
    ජීවිතය ජාල'ගත කර කෙලවා'ගැනීම : Disconnect

    ReplyDelete
  38. See also:
    සිවුමංසල කොලූගැටයා #41: ඉන්ටර්නෙට්වලට කවුද බය? http://wp.me/p3zUD-1P5
    සිවුමංසල කොලූගැටයා #75: චිත‍්‍රකථා භීතියේ අළුත් ම මුහුණුවර ඉන්ටර්නෙට් ද? http://wp.me/p3zUD-225

    ReplyDelete
    Replies
    1. බෙදා ගත්තාට ස්තූතියි...

      Delete
  39. රටේ මිනිස්සු මෝඩයෝ වන තරමට පාලකයන්ට රිසිසේ අත්තනෝමතික පාලනයේ යෙදෙන්න පහසුයි. ඒ කාර්යභාරය වත්මන් මාධ්‍ය විසින් බොහොම හොඳට සිදුකරනවා. මෙරට විද්‍යුත් නාලිකාවල තිබුණු හරවත් වැඩසටහන් අති බහුතරයක් නවත්වල මිනිස්සුන්ගේ ඔළුවල මැටි පුරවන සහ ලිංමැඩි මානසිකත්වය උද්දීපනය වන තත්වයකට මෙරට මාධ්‍ය ගෙනැවිත් තියනවා. මෙරට අන්තර්ජාලය භාවිත කරන පිරිසෙන් යම්තාක් කොටසක් දූපත් මානසිකත්වයෙන් මිදිලා ලෝකය තුල කුමක්ද වෙන්නේ යන්න අධ්‍යයනය කරලා එයින් අප රටට ගතයුතු යමක් ගන්න පෙළඹිලා තියනවා. ලංකා රජය ඒ කවුළු වසා දැමීමට උත්සහ කරනවානම් එයිනුත් පෙනී යන්නේ රටේ ප්‍රශ්නයකට ගැටළු සොයනවාට වඩා වෛරීය තත්වයකට විසඳුම් හොයනවා කියන එකයි. බොහෝ දුරට ෆේස්බුක් සමාජ ජාලය නැතිනම් තත්්‍යසමාන සිවිල් සමාජය (Virtual Civil Society) නිර්දය ලෙස විවේචනය කරන බහුතරයක් එහි පිවිසුම් මාර්ගය පවා නොදන්නා හෝ පරිගණක භාවිතය පවා නොදන්නා අය. බොහෝ දෙනෙක් තමන්ගේ දරුවන් පරිගණක තිරයට මූණ ඔබාගෙන නිල් සහ සුදු පරිශීලක අතුරුමුහුණතක් දෙස බලාගෙන මූණේ හිනාවක් හෝ හැඟීමකින් තොරව ඉන්නවා ඉවසගන්න බැරි දෙමව්පියන්, නැත්නම් තම පෙම්වතිය එහි රැඳීම ගැන උරණවන පෙම්වතෙක්, නැතිනම් එහිම විලෝමය. එවිට මේ විවේචන සහ නිර්දය පහරදීම් ඇත්තේ ලොව සුප්‍රසිද්ධම සමාජ ජාලය සමගද නැතිනම් අපේම සමාජයීය ආකල්ප එක්කද කියලා තේරුම්ගත යුතුය.

    ReplyDelete
    Replies
    1. කොච්චර නම් මෝඩයෝ ඉන්නවාද කියලා, අර ගොන් පිනා පිළිගන්න හිටපු පිරිසෙන්ම පේනවානේ.. තව මොන කතාද....?

      Delete
  40. එහෙනං ඉතිං දේශපාලනේ හින්ද කිදෙනෙක් නම් මැරුණද. ඒක තහනම් කරලා ඉමුකො ඉස්සෙල්ලම

    ReplyDelete
  41. ලිංගිකත්වයේ ස්වභාවික හැඟීම් වලට බැට දීල තමන්ට මහා ලොකු පොරවල් වෙන්න පුලුවන් කියන තකතීරු කම දැන්වත් සමාජයෙන් අතුගාලා දාන්න ඕනේ.මේක මිනිස්කමටවත් නොගැලපෙන පිල්ලියක්. හැමෝම මේ ප්‍රශ්නේදි අවශ්‍ය දේ කතා කරන්නේ නෑ. මම අහගෙන දවසක් රේඩියෝ එකේ එක මහාචාර්ය කෙනෙක් කිවුවා ළමයින්ට ජීවිත අභියෝග ජයගන්න බැරිකමලු මේ. මේවගේ ගොන් පාට් තවත් ඕන නෑ. මේ ළමයා ගෑනු ළමයෙක් ඔවු ගල්වගේ නෙවෙයි අනෙක පිරිමි ළමයෙක් ගැන හැඟීමක් ඇතිවීම සාධාරනයි. ඒකට උත්තරයක් දෙන විදිහක් තියෙනවා. මේ වරද කරපු විදුහල්පතිය පැත්තක ඉද්දී ෆේස්බොක් එක අල්ලගෙන නටන නාඩගම මොන පිස්සුවක්ද.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මටත් මේ මහාචාරයවරු ගැන නම් පුදුම දුකක් තියෙන්නේ...

      Delete
  42. යම් අදහසක් ගත්තා

    ReplyDelete
  43. මම නම් ෆේස්බුක් ගැන එතරම් උනන්දුවක් නැති කෙනෙක් අවුරුද්දකින් විතර ලොග් වුනෙත් නෑ
    නමුත් ෆේස්බුක් සම්භන්ධ ගැටලුවක් නිසා මරනයක් වුනාම ෆේස්බුක් තහනම් කල යුතුනම්
    දුරකථන සම්භන්ධ ප්‍රශ්න වලට විසඳුම් ලෙස දුරකථනත්
    නිර්නාමික ලිපි වලින් ඇතිවන ගැටලු සඳහා තැපෑලත් කැලෑ පත්තර වලට විසඳුමක් ලෙස සාක්ෂර තාවත්
    තහනම් කල යුතුයි
    මේ වගේම තර්කදෙකක් කියන්නම් ඉස්සර කොටි සංවිධානය මිනී මරන විට ඔවුන් ඉල්ලන දේ දී සාමය ලබාගතයුතුයැයි මත පතුරපු අය හිටියා ඒ වගේම ගබ්සාවට කඩේ යන අය අර වෙලාවට මේ වෙලාවට ගබ්සාවට කියා බොරු තර්ක දැමීමත් මෙයට සමානයි මේ සෑම කරුනකදීම අප බුද්ධිමත් විය යුතුයි

    ReplyDelete
    Replies
    1. අපි මේ ඉන්නේ අනතුරු වෙනවා කියල ෆුල් පෙස් හෙල්මට් තහනම් කරන රටක.ඕව මහදෙවල් නෙවි
      අනේ මන්ද මුන් හිතන්නේ මොකෙන්ද කියල/\

      Delete
    2. බුද්ධිමත් ජාතියක් නම්, මෙහෙම වෙයිද බන්.. මේ රටේ බුද්ධිමතුන් නෑ.. ඉන්නේ උගත්තු විතරයි... උන් නිකන් ගිරවු වගේ...

      Delete
  44. හයියෝ.... අපේ රටට කොන්ද පන ඇති හරියාකාර විපක්ෂයක් තිබුනනම්

    ReplyDelete
    Replies
    1. ඒකේ ඉන්නෙත් මේ ජාතියෙම හරක් තමයි..

      Delete
  45. ෆේස් බුක් එකට වෙලා රෑ තිස්සෙ හරියට නොදැක්ක කෙනෙක් ගැන දහසක් හීන දැක දැකා මල් කඩපු එකේ විපාක නොවැ....මල් කැඩීම තහනම් කියන දුම්රිය දෙපාර්තමෙන්තු සටන් පාඨය තමයි බුකියට දැන් ගේන්න වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඒ දෙවල් තහනම් කරන්න බෑ.. කරන්න තියෙන්නේ ජනතාව බුද්ධිමත් කරන එක.. ළෝකයේ දියුණුම රටවලත්, මේ දේවල් සිඳු වෙනවා. ඒක වයසේ වැරැද්ද.. ඔය වයස මහා විප්ලවකාරි වයසක්.. නමුත් දැණුවත් කිරීම තමයි එකම විසඳුම..

      Delete
  46. දිව්‍යන්දයාFebruary 23, 2014 at 9:20 AM

    මේගොල්ලෝ කරපු වැඩ වලට මූණුපොතට තහංචි දානවනම් කොච්චිත් තහනම් කොරහන්කෝ,කොච්චි වලට පැනල ඕනෑතරම් මිනිස්සු මැරෙන්නේ.බලන්න පුළුවන් මොන වෙබ් අඩව්ද කියල ලගදීම ගැසොට් කොරන තත්වයක පෙරනිමිති තම මෙව්වා.ඔං මන් මොකිව්ව කියන්නෙපා.

    ReplyDelete
    Replies
    1. ඒ බවක් නම් තමා පේන්නේ.. හැබයි ඉතින් ඒ දෙවල් කලොත් නම්.. ජිනීවා වල කේසුත් දරුනුවටම එයි...

      Delete
  47. දේශපාලන වාසි වෙනුවෙන් ගත්තොත් මිසක ඔය කිසිම මරනයකට ෆේස් බුක් විතරක් සම්බන්දයි කියන එක පටු දේශපාලන තිරනයක් විතරයි. ඔය තරම් හිත් දුර්වලනම් අර එක්ස් එලියන් කෙල්ලව ආදර්ශෙට ගන්න බැරිද

    ReplyDelete
    Replies
    1. ඒවා නෙමෙයි නේ ආදර්ශයට ගන්නේ.. ආදර්ශයට ගන්නේ මැටි මොල්ලුන්ගේ තිරණ.. මේ මැරෙණ උන්ටත් ඇත්තටම පිස්සු.. අද එකෙක් මැරිලා, අම්මා බැන්නා කියලා... ඒකටත් පලි ෆේස්බුක් එක..

      Delete
  48. දේශපාලන වාසි වෙනුවෙන් ගත්තොත් මිසක ඔය කිසිම මරනයකට ෆේස් බුක් විතරක් සම්බන්දයි කියන එක පටු දේශපාලන තිරනයක් විතරයි. ඔය තරම් හිත් දුර්වලනම් අර එක්ස් එලියන් කෙල්ලව ආදර්ශෙට ගන්න බැරිද

    ReplyDelete
  49. කියලා තියෙන දේවල් ඇත්තයි. ඒත් cyber bullying නම් තහනම් කල යුතුයි. ඒ නිසා (වෙනත් දේශපාලන හේතු නිසා නෙමේ ) දිවිනසා ගත් ලමයිනුත් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. සබර් බුලින්ග් කියනා දෙයින් ගැලවෙන්න පුළුවන්.. මට තියෙන ප්‍රශ්ණේ ඇයි එහෙම බුලින් වලට ලක්වෙන්නේ කියන එකයි..

      Delete
  50. //ළමා රක්ෂණ අධිකාරියට, මේ පුද්ගලයා පිලිබඳව පැමිණිලි 100 කට අධික ගනනක් ලැබි තිබෙනා බවට තොරතුරු දැන් ලැබී ඇත.// අර ගැණු ළමයා මැරෙනකන්, කවුරුත්ම ඒක ගැන කිසිම දෙයක් කරල නැත්තේ ඇයි? පුදුම රටක්නේ මේක...

    ඉන් පස්සේ වුන සියදිවි හානි කරගැනිම් හැම එකක්ම වගේ ෆේස්බුක් ගිණුමටම දාන ඒක අපේ ඈයොන්ගේ මෝඩකම.

    ReplyDelete
    Replies
    1. කාටද කියන්නේ ඉතින්...

      Delete
  51. when something happens in this country we never look for the root cause, hisa parawayata pita kara behet benda wage we always try to solve things in an idiotic way, muna ekka taraha wela nahaya kapagannawa wage,,,, i heard that dump asshole who calls himself the police spokesperson tellin that cz of full face helmets the crimes have increased and they are compelled to ban the helments,,,, same wit facebook incident, people suicide cz they dnt hv the strenghth to face like, as far as i remember we had the highest suicide rate amongst farmes some time back,,,,, so to reduce suicides amongst farmers should we go and ban farming.....well we should appoint one of these guys to look after the jails, then to prevent drugs comin inside the jail they'll shut off the prisioners assholes

    ReplyDelete
  52. its time to say good bye to face book, which i could only access via ninja proxy today,, i hope atleast this will be a turning point that starts the fall of this regime, i have heard that in countries like uk they regulators always seek peoples approval even when they change a name of a street,,,i always believed in staying in this country. and it looks pointless now, im not saying dat i wanna leave this country cz of fb ban but cant u guys see that we have no voice in this country,,,, we cant expect justice we cant expect law and order,, yesterday they hv told that the nugegoda murder is also due to a assamatha asura between that busniessman and a 28 year old man,,, yeah rite mun kollo gahanna patan gatte fb awata passe, before fb there werent any gay men in sri lanka and there werent any crimes commited in the name of gay sex

    ReplyDelete
    Replies
    1. i use fb to associate wit my old friends who are not in sri lanka, to join with interest groups who has same interests like me.....i didnt use fb to make any one commit suicide, why my fb taken away :(

      Delete
  53. as i have told in my earlier comments, we will never cure the root cause,, very soon full face helmets will be banned , i can sense that,.....only way we can voice out our frustrations are thru the blogs, and im sure these idiots still haven't seen the blog community, when they do all the political blogs also will be gone,,, in world that goes forward we have started going backwords......all the fights i had wit unpers (verbal) to defend the government comes flashin infrnt of me,,,,,may b we never saw wat these people are really capable of that is keeping the power to themselves at any cost

    ReplyDelete
  54. see how many business will get affected cz of this,,, namely the digital media companies will have an direct impact and their clients who reached the customers via fb wil also have a hit, fb has a fantastic way of running a marketing campaign u can select ur audience demographically, and download all the reports hv feedback frm customers abt ur products,,,,there was a seminar last week on 19th by uniliver country marketing director on digital media,, i get invited for webinars ,,,,,, and even the cim mir assingment this time is on digital media, wats the point in all that now,

    ReplyDelete
  55. අන්තර්ජාලය කියන්නේ වැල බලන්න තියන එකක් කියලයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ. අපේ ඔෆිස් එකේ වයසක පරණ පොරක් කියනවා මගේ මුනෙන් ට්‍රිබ්ල් x බෙරෙනවලු. මොකද මම අන්තර්ජාලය පාවිච්චි කරන නිසා. එතනින් එහාට කතාකරල වැඩක් නැනේ.
    පහුවදා මාව හොයාගෙන එනවා projector එක වැඩ කරන්නේ නැ කියලා, මම ගිහින් බැලුව . බලනකොට power සප්ලයි දීලා නැ .

    ReplyDelete
  56. This comment has been removed by the author.

    ReplyDelete
  57. Numerous promoters include performed therefore inside of the
    beyond. With most data and businesses going digital, communicating via the internet has become much easier and much more convenient.
    Nashville be informed, no Anti-spyware or Anti-Virus software kills your computer.


    my web-site - malwarebytes premium serial

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න