.

.

Feb 4, 2014

කෑගල්ලේ නිදහස - Independence Day at Kegalle


සමරුවා නිදහසක්,
නිදහස තියෙනා එවුන්,
මුලු සතර කෝරලෙම,
සිව් දිගින් අහුරගෙන.

මරාගෙන මැරෙනවා.
ලොක්කාය කියන්නේ.
අපිට හරි ජොලියිනේ.
මක්කටෙයි බුදින්නේ..?

වරෙන් ඇමරිකාවෙන්,
සහ එංගලන්තයෙන්,
කෙලිනවා තොපිට අපි,
ගල් කටස් මැසිමකින්...

එව්වා සුම්මා පුතෝ...
අපි තොපිට බයක් නෑ....
නිර්භීත ජාතියක්...!!!
මේ වගේ ලොවෙත් නෑ...

ඒ උනාත් හැමදාම,
ඉන්නේම ගූ බයෙන්...
බටහිරෙන් එයි කියලා..
ආයෙමත් කෙළවන්න..

කළු ඔබා මාමා..ගෙ,
පින්තූ...රයක් ඇති,
රෙද්දේම පහවෙන්න.
නොනවත්වා බඩ යන්න....

ඒ තරම් නිර්භීත
ශ්‍රේෂ්ඨම ජාතියක්..
ආයෙ නෑ අම්මපා...
ලොවි ගහෙත් නෑ ඔන්න..

බරම වාහන දුවයි,
අඹේපුස්සෙන් හැරි
කුරු නැති ගල මතින්,
කටු ගස් තොට දිගේ,
නිදහස අහිමිවූ,
මහා නුවරක් වෙතට,
රට කරන එවුගේ,
අම්මලා අමතමින්...

ඇයි යකෝ දවසක්ද.?
යන්න නම් මහනුවර,
පැයක් වත් කඹුරනා,
කෑගල්ලේ ටවුම මැද...

ප්‍රාදේශීය යුව රජුගේ,
ඉඩම බේරා ගන්න.
නමක් කිව්වත් බයයි.
පලාතම හෙල්ලුවයි.
නූරියෙත් සැරිසරයි.
ටවුමටත් එහෙමමයි.

අපි යනවා රට වටේ,
පරංගියා ගියා මෙන්.
පර සුද්දා දීලා ගිය,
මහනුවර පාරමයි....
නිදහසින් 66 යි...
මහ පාර එහෙමමයි...

අද දිනෙන් පසුව වත්,
නොමැතිම් තද බදය,
යන්න හැකි ආස්චර්යෙටම.
මුන්ගේ අම්මට නොබැන.....

ඇයි යකෝ..... හැමදාම,
හදනවා.... මහ පාර.
හැමදම හැමදාම....?
ඔව් යකෝ හැමදාම....

           -x-

68 comments:

  1. ඔන්න මාතලංට රිදිල පාර වහල තිබ්බට. කොච්චර තද වෙලාද කිව්වොත් ලොක්කටත් බැනල. අනෙ මයෙ කට!

    ReplyDelete
    Replies
    1. හික්ස්... ලැජ්ජා හිතෙන කතා කියන්න එපා මෙයා.. තියනවා ලැජ්ජා බිමින් ඔන්න..

      Delete
  2. //අද දිනෙන් පසුව වත්,
    නොමැතිනම් තද බදය,
    යන්න හැකි ආස්චර්යෙටම.
    මුන්ගේ අම්මට නොබැන.....//
    ලයික් ඈ

    ReplyDelete
    Replies
    1. //මුන්ගේ අම්මට නොබැන.....//

      ඇයි බං දැන්ද තේරුනේ.

      Delete
    2. මේ ෆේස්බුක් නෙමේ බන්..

      Delete
  3. ගෝටා,බැසිල් මහත්තුරු දෙන්නා ඇමරිකන් පුරවැසිකම දැන්නම් අත්හරියි,තමන්ගේම අයියා විදුලිපුටුවේ ඉන්දන්න හදන රටේ සීනිබෝලයක් වත් කටේ දාගන්න පුලුවනිද.

    ReplyDelete
    Replies
    1. පුක තමා.

      Delete
    2. පිස්සුද ලොක්කා නැති උන දාක ආයේ හදන්න කියලය..

      Delete
  4. පාරෙ අවුලක් තාම නං නෑ මාතලන්. පහුගිය ටික දොහේ නිදහස් උත්සවේ කියන ඉලව්ව හින්ද පාර නං වහල තිබ්බ. ඒත් දැං අවුලක් නෑ. මං අද උදේ ටවුමට ගියා සෑහෙන කාලෙකින්. ඇත්තමයි හොදයි. මට හිතෙනව හරි හමන් විදිහට රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක උනොත් ට්‍රැෆික් 1ක් ඇත්තටම නැතිවෙයි කියල.(හැබැයි ත්‍රීවිල් අංකල්ල තමා අවුල. බුවාල මැද්දෙං ඔබන කොට ට්‍රැෆික් ඩබල්) පහුගිය දොහේ මොන තරං කට්ටක් කෑවත් අපි පාඩුවෙ හිටියෙ මේම හරි ටවුම හැමෙන හංද. ඔයා ටවුමෙන් ගිහිල්ල ඇතිනෙ ඉතිං ඒ තිබ්බ තත්තෙ ආයි කියන්න ඕන නෑනෙ.
    අර මාතලං කීව වගේ කළුගල්ල මහත්තය(සිරාම මහත්තුරු ඈ) කෑගල්ලට දෙයක් කලාට පස්සෙ දැනෙන දෙයක් ඔය උනාමයි. අර කියපු පුද්ගලය නං ඉතිං ඒ කියපුවටම හොදා. ඒත් මින්ස්සු තාමමිනිහගෙම පස්සෙමනෙ ඒකනෙ අවුල.
    පහුගිය දොහේ ඔය කරපුවට බැන්න කට්ටියත් දැං හොද කිය කිය යනව ඔන්න. නිදහස් උත්සවය නැත්තං කෑගල්ල තාම බ්ලා ම තමා

    ReplyDelete
    Replies
    1. // ටවුම හැමෙන// මේක හැමෙන නෙවේ හැදෙන කියල නිවැරදි වෙන්න ඕන.

      Delete
    2. සංවර්ධනය නම් හොඳා.. බලමු ඔය හැදිල්ල දැන්වත් නවතීද කියලා..

      Delete
  5. ම්ම්ම්...
    ඔයාගේ සිතිවිල්ලනෙ අප්පා...

    ReplyDelete
  6. Pourquoi ils ferment les routes au Sri Lanka?

    ReplyDelete
  7. මොනා කියන්නද?? මම ගියා 02 වෙනිදා මහනුවර.. යද්දි අපේ ලොකු මහත්තය ආවෙ නැතැයි පිබගෙන... බොහොම අමාරුවෙන් පැත්තකට කොරල නවත්ත ගත්තෙ... ගහක එල්ලිල බේරුනේ හුලගට....

    ReplyDelete
    Replies
    1. රජවරු පාරේ යනකොට එහෙම තමා බං..

      Delete
  8. ගල්ලෙ නැතිව නෑවමල්ලේ තිබ්බනම් ඉවරයි.පාරවල් දෙකක් අපුරුවට කියෙන එකේ.

    ආ..සමාවෙන්න මාවනැල්ලේ.

    ReplyDelete
    Replies
    1. එතන නම් කිසි අවුලක් නෑ තමයි.. ඉස්සර මතකද උඹට..

      Delete
  9. ඉස්සර සුද්දන්ට කඩුගන්නවෙන් එහාට යන්න අමාරු වුනා.
    දෑන් මොකෙකුටවත් කෑගල්ලෙන් එහාට යන්න අමාරුයි. රජ කෙනෙකුට අදිරාජ්යවාදී ආක්‍රමණයකදී හෑන්ගෙන්න වුනත් පුලුවන්. ඒත් නිර්බීත අපි පලාත්සබා චන්දෙදි දේශප්‍රේමිව චන්දය දීල ලෝක අදිරාජවාදීන්ව අන්ත පරාජයකට ලක් කරන නිසා එහෙම ඕනෑ නෑ.
    ඒක නෙමෙයි අර විදුලි පුටුවට කරන්ට් එන්නෙ චයිනීස් බලාගරයකින් නම් අපිට කොහෙත්ම බයවෙන්න දෙයක් නෑනේ?

    ReplyDelete
    Replies
    1. නෑ නේ බන්... යුරෝපයේ හරි ඇමරිකාවේ හරි කියලා නේ ලොක්කා කියන්නේ..

      Delete
  10. ගාලු පාරත් ලෙන් දෙකම එක සැරේ කඩාගෙන දගලනවා.සංසාරේ එපා වෙනවා ගාලු පාරේ යන්න ගියාමත්.

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ මචෝ කියලා... හැමදාම යන උන් තමයි කට්ට කන්නේ..

      Delete
  11. විදුලි පුටුව මේඩ් ඉන් චයිනලු.ඒක හින්ද ඒකෙ නම් අවුලක් නැතිවෙයි.ඒක නොවෙයි ඔයිට වඩා හොඳ නැද්ද?කවුරු ආවත් මෙච්චරයි ඒක නිසා අපිට චන්දෙ දීපල්ල කිව්වනම්.එහෙම වුනානම් කෙළින්ම ගිහින් චන්දෙ දෙන්න තිබුනා ඔළුව අත ගගා අං තියනවද බල බලා චන්දෙ දෙන්න යන්නෙ නැතිව

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න බෑ නේ.. එයා ඔක්කෝටම ජනාධිපති නේ..

      Delete
  12. හොඳ සිතිවිල්ලක්! ඉවසං ඉමු... දවසක් එයි..

    ReplyDelete
    Replies
    1. ඉවන්සනවා නේන්නම් අප්පා හැමදාම..

      Delete
  13. වෙලා අරගෙන,
    ඉවසා වදාරාගෙන
    පුරවරය පසුකර
    යන්ට ඇත නිදහස

    ReplyDelete
    Replies
    1. හයිවේ හැදෙන්නේ
      පැත්තෙන් නො එන්නේ
      විඳී දුක දන්නේ
      එහේ සැමදා ගියපු උන්නේ.

      Delete
  14. හපෝ ඔය ගැන නම් කතා කරලා වැඩක් නෑ. අධිවේගී මාර්ගය (E-03) විවෘත කල දවසෙ ඉදන් උදේට නුවර පාරෙ ඇවිත් අළුත් පාලම පසු කර ගැනීමට විදින දුක. අහෝ ඉරකි දුකකි තිතකි.

    ReplyDelete
    Replies
    1. ඕවට අපි විසඳුම් කිව්වා.. ළොකු තැන්වලටත් ඒ යෝජනා ගියා.. ඒත් තාම ට්‍රැෆික් එක එහෙමමයි..

      Delete
  15. සුද්ද හැදුව මහපාරේ
    ලේලන්ඩ් බස් හැටට හැටේ
    යනවා දැකලා මට මාතේ
    මෙහෙම දෙයක් මතක් වෙතේ.

    අදිරාජ්‍ය වාදී සුද්ද ඇවිදින් අපේ රටට
    දැම්ම පාන් පොඟවාලා අරක්කු අපෙ කටට
    වන්දි ඉල්ලා ගන්ට කියල කල ඒ පර වැඩට
    විමලේ අයියා පෙත්සම අත්සන් කරනවා හැඩට.

    රේල්ලුවත් හැදුවේ සුද්ද කියාලා එක දිනෙක
    කට කැඩිච්ච කතාවක්නේ සීයා කිව්වේ දොහක
    හදපු තැනින් අඩියක්වත් දික් කෙරුවේ ඒක
    නැහැ කියලා කිව් කට හතරට පැලියන් රෑක

    ගුවන්තොටක් වරායකුත් පාරවල්ම දාහක්
    ඉස්කෝලත් පිරිවෙනකුත් පිට්ටනි මහ තොගයක්
    පලස්තීනේ මාලේ හෙම පාරවල්ම ගානක්
    මිහින් නමට ලියලා තියේ තව මොනවද අඩුවක්.

    ලෝකෙට ලොක්කා කිව්වට නැහැ තියෙනා බිජ්ජක්
    අපේ මල්ලිලා වගේද උගෙ මල්ලිත් මහ කුඩ්ඩෙක්
    ඇමරිකාව ගැන කිව්වට සංවර්ධිත අලයක්
    ඔබා නමට තියේද අඩුගානේ වැසිකිලියක්


    ReplyDelete
    Replies
    1. හි හි ෂෝයි ඉවාන් .

      Delete
    2. අවංකව කියනවනම්.. කළබලේ ලියපු නිසා රහක් නෑ නම් නෑ.. ඒත් අදහස් ටික නම් ඉස්තරන්.. මල් මසුරන්...

      Delete
  16. මල්ලියි මායි ඉස්සර බයික් එකේ නුවර පුන්චිලගේ දිහා යනවා.(දෙන්නා මාරුවෙන් මාරුවට පදින්නේ.ct 100 එකේ. ) මුළු ගමනෙම එපාම වෙන තැන තමයි කෑගල්ල. අවුරුදු එකහමාරකට කලින් තිබුණ විදිය මං කියන්නේ දැන් කොහොමද දන්නේ නැහැ. හැමදාම ට්‍රැෆික්..ඒකට හේතුව විදියට අපේ තාත්තා කීවේ කෑගල්ල අවට තියෙන විශාල ප්‍රදේශයකට තියෙන එකම ටවුන් එක කෑගල්ලලු. ඒ නිසා මිනිස්සුන්ට නිතරම සාමන්‍ය අව්ශ්‍යතාවකටත් ටවුන් එකටම එන්න වෙනවලු. එයා නම් ඒකට විසඳුම විදියට කීවේ ටවුන් එකට දුරින් කුඩා කුඩා ටවුන් ඇති කරන්න ඕනේ කියලා . ටවුන් කීවේ කඩ විදී වගේ ඒවා.

    කවි ටික නියමයි

    ReplyDelete
    Replies
    1. කෑගල්ලට තියන ප්‍රශ්නේ තමයි මහා කඳුවැටි දෙකක් මද තියන පටු නිම්නයක පිහිටා තිබීම. ඒ නිදා නිම්නය දිගේ මිසක් හරස් අතට විහිදෙන්න අමාරුයි. කෑගල්ල නගරයේ ආරම්භයේත් අවසානයේත් තියෙන්නේ පල්ලම්/කඳු දෙකක්. ඒ නිසා ඒ දෙපස ගොඩනැගිලි හැදීම බොහොම සීමාසහිතයි. මහා පරිමාණයෙන් විශේෂ ව්‍යාපෘතියක් ලෙස කෑගල්ලට උතුරෙන් සහ දකුණෙන් තියන කඳු කපා සමතලා කළොත් නගරය පුළුල් කරන්න පුළුවන්. නමුත් ඒ සඳහා පෞද්ගලික ඉඩම් රාශියකට වන්දි ගෙවන්න වෙනවා. වියදමට සාපේක්ෂව අවසන් ප්‍රතිඵලය ලාභදායී නොවෙන්න පුළුවන්. රංවල හන්දියේ සිට කරඬුපන හන්දිය දක්වා කි.මී. 5 ක පමණ ගුවන් පාලමක් හදන්න පුළුවන් නම් කෑගල්ල පසු කර යන අයට මහඟු සේවයක් අත්වෙනවා. 1950 දශකයේදී කෑගල්ලේ උපන් අපි අද කෑගල්ලේ දියුණුව ගැන සතුටුවෙනවා.

      Delete
    2. අවුරුදු එකහමාරකට කලින් ජර්මනියේ හිටියෙ නෑ එතකොට

      Delete
    3. අළුතෙන නුවර හයිවේ එක හැදුවාම ඔය දුක කරදර ඉවරයි..

      Delete
  17. මම හිතුවේ දැන් මාතලන් තුමා දෑත් ශක්තිමත් කරන හින්දා සිංහ කොඩියත් දාගෙන කවි ලියයි කියලා.
    මම දැක්කා කීප දෙනෙක්ම කියලා රටේ භාරකාරයා නම් නිදහස සැමරුවා කියලා. තව ඔය සිංහ කොඩි හෙම ෆේස් බුක් එකේ දාලා කට්ටිය නිදහසක් ගැන කියවනවා දැක්කා. මම ඇහුවා ඉතින් මොකක්ද අපි ඔය සමරන්නේ කියලා. එහෙම එකක් අපිට තියෙනවද කියලා. අම්මෝ අපි කොහෙද ඕවා කටහ කරන්න අයිතියක් අපි ඉන්නෙ පිටුවහල් කරලානේ.... ;)

    ReplyDelete
    Replies
    1. සිඃඅ කොඩිය නෙමෙයි, හරි නම් සුද්ගු කොඩියක් හරි කළු කොඩියක් හරි තමයි දාන්න ඕන සුද්දා දාලා ගිය දුකට..

      Delete
  18. නිදහසේ විලාපය ද??

    ReplyDelete
  19. අලේ දැන් නම් කෑගල්ල චෝයි අප්පා. දැනට නම් ට්‍රැපික් නෑ තාම මිනිස්සු ටවුමට එන්න මාර බයයි. කිලෝමීටර් 1.5 දිග ටවුමක්නේ. පහුගිය දවස්වල වන් වේ කරලා හයියෝ විදපු දුකක්. තිබුණු අතුරැ පාරවල් දෙක තුනත් වහලා පොඩ්ඩක් එහෙමෙහෙ වුනානම් කි.මී. 6ක විතර රවුමක් පැස්ටෝලුත් ගනන් අඩු කාලේ. කඩ කාමර ඇතුලේ ඉදලත් දුවිලි නාගෙන හවසට ගෙදර ගියේ. ඒ මදිවට දවස් 10ක් විතර කරන්ට් කැපුවා. බිසුනොස් සන්තෝසේ බෑ. තාම වේලෙනවා. මාර වේගෙන් සංවර්ධනය වුනේ. ඕං දැන් ආයේ තැනින් තැනින් කඩනවා වතුර බට දාන්න කියලා

    ReplyDelete
    Replies
    1. ඕන ඔඅකනේ බන් කරුමේ.. මහ පාරට අමාත්‍යංශ කෝටියක් විතර තියෙනවා.. එකෙක් හදන කොට අනික් පැත්තෙන් වෙන එකෙක් කඩාගෙන එනවා..

      Delete
  20. යකො රට බෙරගත්ත විරයට ඔහොම කියන්න්න්න එපා.තිස් අවුරුදු යුද්දෙ ඉවර කල කියල තම මෙ පාරත් කිවුවෙ.තව කී කාලයක් ඔකම කියයිද මන්ද

    ReplyDelete
    Replies
    1. //තව කී කාලයක් ඔකම කියයිද මන්ද// හිතං ඉන්නෙ නම් කොල්ලො, කියන්න බැරි තරම් ඉලක්කං ගාණක් වෙනකල් ඉන්න. එතකොට අවුරුදු ගාන කියන්නම පැයක් විතර යයි..

      --ලොක්කා--

      Delete
    2. ඉන්නකන් ඕක තමයි වාදනේ කොරන්නේ.. වෙන කියන්න සක්සෙස් දෙයක් නෑ නේ..

      Delete
  21. කාට කියම්ද..ඉවසගෙන ඉන්න තමයි තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ලොක්කටම තමයි කියන්න තියෙන්නේ..

      Delete
  22. මොන නිදහසක්ද දොරේ ඔය කියන නිදහස...අර ආබාධිත සෙබලු දවස් ගානක් අවිවෙ කර කරලා...එදාට මහරජා සැලියුට් ගහගන්න එකද ?

    ReplyDelete
    Replies
    1. ආයෙත් මරවනවා මැයි මාසේ ජෝගියට..

      Delete
  23. ඉවසන් ඉන්න, ඉවසන් ඉන්න...

    ReplyDelete
    Replies
    1. වෙන මොනවා කරන්නද බන්... හැමදාම ඉවසනවාම තමයි..

      Delete
  24. දන්නා විදියට දැන්නම් පාර හදල ඉවරයි කියල තමයි ආරංචිය..මම ගිය සතියෙ ඔෆීසියෙ වැඩකට කෑගල්ලෙ යනකොට මහා රෑත් මිනිස්සු හෝ හෝ ගල වැඩ..

    ReplyDelete
    Replies
    1. හැදිල්ල නැවතුනොත් නම් ලොකූ දෙයක්..

      Delete
  25. දේශපාළුවන්ගේ වාර්ෂික නිදහස් කානිවල් සැමරුම.

    ReplyDelete
    Replies
    1. තව එකක් තියෙනව මැයි මාසේ..

      Delete
  26. පාරවල් හැදිල්ල නං කුකුල් ෆාම් වාගෙ. හැමදාම මස්, මේකෙ හැමදාම වැඩ.. සුද්ද හිටිය නං හොඳයි කියල හිතෙනව වෙලාවකට.

    ReplyDelete
    Replies
    1. කටද බං කියන්නේ... දන්නෝ දනිති...

      Delete
  27. මේක මාර වැඩක්නේ...පාරවල් හැදුවත් බනිනවා...නැතිඋනාමත් බනිනවා....හරියට නිකං අහස වගේ...වැස්සත් බැණුං...පෑව්වත් බැණුං..:))

    ReplyDelete
    Replies
    1. ආන්ඩුව කියන්නෙත් ඕකමයි.. හැදුවට කමක් නෑ .. ඉක්මනට.. මහ රෑට.. මේක ගිනි මද්දහනේ හැමදාම හදනවා.. හැටන් නුවර එළිය පාර අවුරුදු හතරකටත් වැඩියි... තාම හදනවා..

      Delete
  28. ඔහෙ නෑ. ඔය කියපු තරම් බර වාහන ආවේ නෑ කුරුණෑගල පැත්තෙන් යන්න. වාහන කාරයින්ට පිස්සු නෑ ඔලුව වටේ අත දාලා නහය අල්ලන්න. මොලේ තියන බර වාහන කාරයෝ එදා නොගිහින් හිටියා. තවත් පිරිසක් නිට්ටඹුව දිහාවේ ඉඳලා පාරේ තම බර වාහන අයින් කරලා නවත්තගෙන කාලා බුදියගෙන හවස කෑගල්ල හරහාම ගියා.

    අනේ නොදකින් අරයගේ කතාව. මගේ චූං මටම චූං වර්ගයේ තමා.

    ReplyDelete
    Replies
    1. නිදහස ගැන කතාවකුයි, දේශපාළණ කතාවකුයි අතර වෙනස දන්නෙ නෑ. කියලා දෙන්න යන්නෙත් නැතිව ඇති එකෙක්වත්.. ඇයි ඉතින් අම්බානක පෝරියල් නේ..

      Delete
  29. මාතලන් ලොක්කට හැම දේම වැරදියට පේන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් මෙතන පේන්න නෑ නේද...?

      Delete
  30. මටත් පහු ගිය ටිකේ නුවර යද්දී ඔය ටිකම හිතුනා අයියේ

    ReplyDelete
    Replies
    1. වෙන රටවල් වල පාරවල් හදන්නේ රෑට.. මෙහේ ෆුල් බිසි වෙලාවට..

      Delete
  31. නිදහසේ පියා අඹ ගහ යට සමරනවා.....නිදහසේ බාප්පා කෑගල්ලේ සමරනවා....මුන්ට පිස්සු ඕයි!!!

    ReplyDelete
  32. haduwath banum , kaduwath banum

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න