.

.

Apr 22, 2014

ක්‍රිකට් පාළක මණ්ඩලයට විනය පරීක්ෂණ තියන්නේ කව්ද...? - Cricket, as an Underworld game in Sri Lanka


1996 ට පසු කුසළාන දෙකක්ම හිමි කර දීමට දායක වූ, පෝල් ෆාබ්‍රේස් ලංකාවත් දාලා යන්න යන බව දැන් ස්ථිරය. එවන් කෙනෙකුගේ සේවය තව දුරටත් ලබා ගැනීමට නොහැකිවීම අපේ කාළකන්නිකමක් මෙන්ම, ක්‍රිකට් පාළක මණ්ඩලයේ කළමාණාකාරිත්වයේ ඇති මන්ද බුද්ධික භාවය මැනවින් පිලිබිඹු කරනා කාරනයකි. අපේ ක්‍රිකට් කීඩාව, දේශපාලුවන්ගේ හා බිස්නස් කාරයන්ගේ ඉල්ලමක් බවට පත්වන්නේ, 1996 දි, පකිස්ථානයේදි ළෝක ශූරයන් වීමෙන් අනතුරුවය.

එතෙක් අපට වූයේ, පාට් ටයිම් ජොබ් එකක් ලෙස ක්‍රිකට් ක්‍රීඩා කරනා ක්‍රීඩකයන් පිරිසකි. සමහර අය තරඟ සදහා පැමිනියේ පොදු ප්‍රවාහන සේවා වලිනි. එහෙත් ළෝක ශූරයන් වීමම එම තත්වය උඩු යටි කුරු කිරීමට සමත් විය. එතෙක් පාළක මණ්ඩලයේ සිටි පොලිටිකල් සභාපතිවරුන් ක්‍රිකට් වලින් බැබලීමට ගියේ නැත. ඔවුන් ක්‍රිකට ක්‍රීඩාව බැබලීමට බෙහෙවින් උපකාර කලා වූ අය වෙති. අර්ජුණ ලෝක කුසළානය ගාමිනි දිසානායකගේ බිරිඳ වෙත ගෙන යන්නේ ඒ සඳහා කෘතුගුණ සැලකීමක් ලෙසිනි.

එහෙත් ඒ සමගම ගලා එන මුදල් කන්දරාව, ක්‍රිඩාව කරන්නාවූ ක්‍රීඩකයන් හා ක්‍රීඩාව වෙනුවෙන් යොමු කරනවා වෙනුවට, එම මුදල් කාබාසීනියා කර දැමීමට, ක්‍රිකට් පාළක මණ්ඩලය තම හිත මිතුරන්ගෙන් පුරවන්නේද, කුසළාණය දිනීමෙන් හිස උදුම්මවා ගන්නා අර්ජුණ රණතුංගයන්ය. ඔහු සිතන්නේ ලංකිය ක්‍රිකට් ක්‍රීඩාව ඔහුගේ හා ඔහුගේ පරම්පරාවේ උරුමයක් කියාය.

හිස උදුම්මවා ගැනීමේ නියම ආනිසංසය ලබා ගන්නේ, වැඩි දුරක් ගොස් නොවේ. ඉන් පසු පැවැත්වෙන ළෝක කුසළාණයේදි, අප පසු බසින්නේ ආධුනික කන්ඩායමකටත් එහා කන්ඩායමක් ලෙසිනි. එම කාළය තුල කණ්ඩායමේ සිටියේ, අර්ජුණ කැමති ක්‍රීඩකයින් පමණි. නොකපාම බැරි ක්‍රීඩකයින් උන්නේ, කෙතරම් කැපිලි කෙටිලි මධ්‍යයේද යන්න, ඒ ක්‍රීඩකයින් විමසා දැන ගත හැක.

ඉන් පසු පාළක මණ්ඩළයේ සභාපති ලෙස ක්‍රිකට් ක්‍රීඩාව තම බුක්තියට සරි කර ගැනීමට කොතෙක් උත්සාහ කළද, කිසිම සහයෝගයක් කිසිම සංගමයකින් නොලැබුනේ, අර්ජුණ යනු කව්ද යන්න ඒ සියළුම ක්‍රිඩකයින් හා ක්‍රීඩා සමාජයන් දැන උන් බැවිනි. එහෙත් ඉතා සූක්ෂම පාළකයකු වන නිශාන්ත රණතුංග හා සිරස ජාලයේ සංජීව හරහා අදටත් තම සිතැඟියාවන් ඉටු කර ගැනීමේ ආශාව ඔහු අතහැර නැත.

රණතුංගලාගේ ක්‍රීඩකයකු වන දිනේෂ් චන්දිමාල්ට කප් එක ඔසවාගෙන ඒමට නොහැකි වීම, අර්ජුණ රණතුංගයන්ගේ සිත වේදනාවෙන් පුරවාලීමට ඉවහල්ව ඇත. "හරි නම්, මාලිංග කප් එක චන්දිමාල්ට දිය යුතුයැයි.." කියන්නේ ඒ නිසාය. ක්‍රීඩකයන් ජාත්‍යන්තර ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කිරීම ඔහුට දිරවන්නේම නැත. මේ 1996 නොවේ. ක්‍රිකට් ක්‍රීඩාව අද නියම වෙළඳාමක් බවට පත්වී අවසානය. මේවා ඒ කාළයේ නොතිබුන වේදනාව ඔවුන් පිට කරනුයේ පිහි පහරවල් වැනි වදන් වලිනි.

ක්‍රිකට් කණ්ඩායමම පඩි නොලබා මාස ගනනක් තම දහඩිය නොමිලේම කිසින කරු කුරුවක් නොමැතිව හෙලනා කල, මේ කිසිම කෙනෙකුන් එම ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනි සිටියේ නැත. අවසානයේ ඒ වෙනුවෙන් පෙනි සිටියේ දකුණු අප්‍රිකානූවන් පමණි. රණතුංගවරුන්ගේ අභිමානය බිඳ වැටීම ඔවුනට දරා ගත් නොහැක. තමා නායක නම් ලසිත් මාලිංග ජාතික කන්ඩායමේ ක්‍රීඩකයකු නොවනා බව කියන්නේ ඒ නිසාය. එවන් ක්‍රීඩකයකු ළොවම දිනා කුසළාණයක් රැගෙන ඒම මේ කුහකයින් කෙසේ දරා ගන්නද?

අද, ළෝක පූජිත, මුළු ළෝකයෙම ගෞරාවදරයට පාත්‍ර වූ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකු වන, කුමා සංඝක්කාරට හා මහේල ජයවර්ධනයන්ට, විනය පරීක්ෂණ ගෙන ඒමට තැත් කරන්නේ ලංකීය ක්‍රිකට් ක්‍රීඩවට කිසිවක්ම නොකල ජයන්ත ධර්මධාස ඇෂ්ලිද සිල්වා වැන්නවුන්ය. නිශාන්ත රණතුංගයන් හා එක්ව විනය පරීක්ෂන තබන්නට යන්නේ මෙවන් ළෝ පතල අභිමානවත ශ්‍රී ලාංකීය පුතුන් දෙදෙනෙකු වෙනුවෙනි.

ඒවා ගැන අර්ජුණ රණතුංග කටක් අරින්නේ නැත. ඔහුට අවශ්‍ය ශ්‍රී ලංකාවේ එකම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහුම පමණක් වීමටය. මේවා ළෝකයා හිනස්සන මොන්ටිසෝරී ක්‍රියාකාරකම්ය. හරි නම් විය යුත්තේ, ඔවුන්ට අර්ජුණ රණතුංගයන්ගේ සමුගැමටත් වඩා ජාතික මට්ටමේ සමුගැන්මේ රාජ්‍ය උත්සවයක් පවත්වා ජාතියේ උතුම්ම සම්මාන වලින් පුදා, මල් මාලා දමා ගෞරව කිරීමය. මේ කරන්න හදන්නේ කුමක්ද?

ජාතික කන්ඩායමක ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ද, පාසල් ක්‍රීඩකයන් මෙන්, තම අදහස් කිසිවකුට කිව නොහැකි සිරකරුවන් පිරිසක් විය යුතුද? ඔවුන්ට වන අසාධාරණයන් හඬගා කීම, වරදක්ද? ඔවුන් කියන දේ වැරදි නම්, නිවැරදි කුමකද යන්න ප්‍රති විරුද්ධ පක්ෂය අපට කිව යුතුය. එසේ නොමැතිව මින් පසු මේ ගැන කිසිවක් පවසන්නේ නැත යයි කියූ පමනින්ම, මහේල හා සංඝා කියන්නේ සත්‍යයක්ම බව අප තේරුම් ගන්නවා ඇත.

අනෙක් උන් කෙසේ වෙතත්, නිශාන්ත රණතුංගයන්ට අපේ ගෞරවයක් ඇත. ඒ ඔහු මේ වන තෙක්, මහත්මයකු ලෙස තම රැකියාව කරගෙන ගිය, නිහතමානී සාර්ථක කළමණාකරණයේ සමත් ලේඛම්වරයකු ලෙසය. අප ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ, මේ ප්‍රශ්ණය ඔවුන් හා සුහඳව කතා බහ කොට නිමාවකට පත් කරගෙන, ඔවුන්ගේ ගරුත්වය ඔවුන්ට නිසි ලෙස ලබා දෙන ලෙසයි. එසේ නොමැතිව ළොවම පිලිගත් ශ්‍රේෂ්ඨයින් දෙදෙනකු වෙනුවෙන්, මොන්ටිසෝරි විනය පරීක්ෂන පවත්වා, ළෝකයේ අවමානයට හා සිනහවට පත් නොවනා ලෙසද ගෞරවයෙන් යුක්තව ඉල්ලා සිටිමු.

ක්‍රිකට් පාළක මණ්ඩලය යනු හොර ගුහාවක්ය යන්න අද මුළු ළෝකයාම දන්නා වූ කාරනයකි. ක්‍රිකට් ක්‍රීඩකයන් කිසිවකු හෝ මේ වර්ෂය සඳහා ගිවිසුම් අත්සන් කර නැත්තේ, ඔවුනට කුමක් හෝ අසාධාරණයක සිඳුවී ඇති නිසා බව නොකිව මනාය. එසේ කළු පැල්ලම් ලබා සිටිනා පාළක මණ්ඩලයක්, තවත් මෙවැනි ගොන් තකතීරූ තීරණයකට එලෙබෙනු නැතයි අපි බලා පොරොත්තු තබා ගෙන සිටිමු.

ප: ලි:
මේක කේන්ති යන වැඩක් උනාට, සංයමයෙන් අදහස් දක්වන්න. කුණුහබ්බ නම් ඉවත් කරනවා ආයේ දෙකක් නැතිව. ඒකට මල පන්න ගන්න එපා.

150 comments:

  1. ඇත්තට ම මාතලන් කරන්න පුළුවන් නම් අන්න වැඩේ................... මුන්ට විනය පරීක්ෂණයක් දාමු. ඒ ගමන් ම ක්‍රිකට් පාලක මණ්ඩලයට තේරීම් කමිටුවක් සහ පාලක මණ්ඩලයක් දාමුද ????????

    ReplyDelete
    Replies
    1. //ක්‍රිකට් පාලක මණ්ඩලයට තේරීම් කමිටුවක් සහ පාලක මණ්ඩලයක් දාමුද//කරන්න පුළුවන් නම් අන්න වැඩේ.

      Delete
    2. මට හිතෙන්නේ මේ පේන විරෝධයත් එක්ක මේ පරීක්ෂණේ යට යයි වගේ...

      Delete
  2. බලධාරියෙක්ගේ ඇස ගැටේවා....

    ReplyDelete
    Replies
    1. ඔයා දිහා ද...????? :)

      Delete
    2. මං මොකුත්ම කියන්නේ නැහැ :)

      Delete
    3. දෙන්න එක්ක මෙතන මගුල් නටන්න ගත්තද?

      Delete
    4. හි හි මට කේන්ති ගියේ නැහැ අනී..මේ ඇනෝට නම් කේන්ති ගිහින් වගේ ... ඕවා මොනාද kenji මේ හැමදේම සතුට වෙනුවෙනුයි...සතුටින් ඉන්න අනී හැමදාම

      Delete
    5. :) :) හෙක්... හෙක්.... මං නොදන්න වැයි .....

      Delete
    6. අනේ.. මන්ද.... මේ ඇනේ ට තියෙන ඇම්ම ....පව් අනී ...... ඔයා....

      Delete
    7. බලධාරියා කව්ද ඉතින් මහ රජ්ජුරුවෝම හැර.. අර කෙන්ජි කියන්නා වගේ මෙකටත් ඉතින් ලොක්කගේ සරණම තමා...

      Delete
    8. මට අපහසයක් කරලා ඒකෙන් මගේ හිත රිද්දලා ඔයා යම් සතුටක් වින්ඳා වෙන්න ඕනේ..තරහා නැහැ ඇනෝ..මේ සයිබර් අවකාශේ ගොඩක් මිනිස්සු නරක වචන අහන්නේ, කුණුහරප අහන්නේ වැරදි කරලා නෙමේනේ. සතුටින් ඉන්න

      Delete
  3. මේකත් රාජ පස්ස පවුලේ එකෙක්ට බාර දෙන එකයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙම දුන්නා නම් අහකයි තමයි.. එතකොට එකානේ කියලා හිත හදාගත්තෑකි. දැන් ඕකේ 200 ක්ද 400 ක්ද කොහෙද ඉන්නවලුනේ..

      Delete
  4. මෙන්න තවත් දැවැන්ත හයේ පහරක්....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... උඹට ගොඩක් ලියන්න වෙයි වයල....අනිද්දා.....

      Delete
    2. හයේ පාරක්ද නෝ බෝල් එකක් වෙයිද දන්නේ නෑ.

      Delete
  5. පැහැදිලිවම අසංක ගුරුසිංහ වේල පහින්ම ගියේය,
    මහානාම - වේදනාත්මක සමුගැන්ම ප්‍රකාෂ කළේය..
    (රණතුංගකරණය නම් එයයි)

    මහේලට හා සංගාට විනය පරීෂණ කරන්න හදන පාලක මණ්ඩලය නිර්දෝෂිද?

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. රණතුංගකරණය.… ඕක හරියට කර ගත්තානම් ශ්‍රී ලංකා ක්‍රිකට් වටත් කෙළවෙලා ගොඩක් කල් බං.

      Delete
    2. දන්නෙ දනිති... නොදන්නෝ අඬති වැළපෙති..

      Delete
  6. >>අනෙක් උන් කෙසේ වෙතත්, නිශාන්ත රණතුංගයන්ට අපේ ගෞරවයක් ඇත.>>
    හෙක්..... හෙක්..... ඔය සත්තලන් ඇගිලි තුඩින් කොහොමද බං ඔය වචන ටික කෙටුවෙ ....

    ReplyDelete
    Replies
    1. සිරාවටම...:D

      Delete
    2. මාත් අහන්න උන්නෙ ඔය ටිකමයි

      Delete
    3. ඇයි කෙන්ජි, මනෝජ්, ඉන්දික අපේ මිත්‍ර මාතලන්ගේ අර පහල තියන කැටගොරි ටික දැක්කේ නැත්ද? හික් හික් කැරගොරියට මේ සටහන දාන්න. එතකොට හරි.

      Delete
    4. මං මුලිං කියවද්දි ඒ බනාන මල තිබ්බෙ නැහැ රයිගම.....
      මගෙ කුණු හබ්බෙන් පස්සෙ දාල තියෙන්නෙ ....

      Delete
    5. මට මල පැන්නේ ක්‍රිකට් බෝඩ් එකත් එක්ක නෙමේ මාතා එක්ක, ඔය කොටස දැකලා. ඌ තමයි විෂබීජය.

      Delete
    6. >>අනෙක් උන් කෙසේ වෙතත්, නිශාන්ත රණතුංගයන්ට අපේ ගෞරවයක් ඇත.>>
      hi hi ha ha ho hooooooooooooooooooooooooooooooooooo

      Delete
    7. එකෙක්වත් පර්ෆෙක්ට් නෑ. නමුත් මේ තරමින් හරි ගෙනියන්නේ නිශාන්ත නිසා. අනික් උන් මක්කුද...?

      Delete
    8. උඹ තවත් එනවද නිශාන්තයව සුදන කොරන්න....
      අඩෝ ලොක්ක .... මගේ විකසිතේ ඩබල් කොරගන්න එපා හරිය.....
      මම උඹට අර රෙඩ් වලින් දාල තිබ්බ ඒවලින් කිව්ව කියල හිතා ගනිං ....

      Delete
  7. උඹට පික්ෂුද සුද්දා,,,,, දැන් ජිනීවා අහවර නිසා ලොක්ක ට ලකුණු ටිකක් ගන්න තියෙන අලුත්ම ටොපික (ටොපිය)
    >>විනය පරීක්ෂණය ඉවතලා ... දෙන්නට පුදයි සම්මානයෙන් .. අති උතුම් ජන අධිපති...<< තව දවස් දෙකෙන් කුරුටු ගායි අපේ ...අති සාර්ථක උත්සව සංවිධායකයෝ.....
    උන්ගෙ රස්සාව නිසා...

    ReplyDelete
    Replies
    1. උඹට නලියත් එක්ක ගේම නොඉල්ලම බෑ නේ :D

      Delete
    2. @ඉන්දික.....++++++++++++++ ඌ දන්නව බං .... දැන්.... :)

      Delete
    3. ඕකට හොඳම කතාව කිව්වේ අටමා..

      " අයියේ.මට උඹේ බෙල්ල කපන්ඩ ඕනෑ කිව්වොත් ..අනේ මල්ලියේ එහෙනං එක පාරින් වෙන් වෙන්ඩම කපල දාපං මල‍යෝ උඹට සතුටුයිනේ එතකොට කියල කියයි නලියා.."

      Delete
    4. හරියට හරි කෙන්ජි ඒකම තමයි වෙන්නේ.

      Delete
    5. කාලෙකට පස්සෙ කැසුව පිට සනීපයි.... වෙද තුමණි .... :)

      Delete
    6. ත්‍රිවිධ රත්ණේ කාලෙකින් සෙට් උනේ.. කෙන්ජි උඹ හරි බං. 99% වෙන්නේ ඕක තමයි..

      Delete
  8. නානසාරව බෝඩ් එකේ චෙයාමන් කරල දැම්ම නං ඔය කිසි අවුලක් නෑ,අර වටරැක විජිත හාමුදුරුවො සිවුර කරට උස්සගෙන වැටවල් වලින් පැන පැන මැරෙන්න හදන්නෙ පණ බෙරගන්නනේ, දැක්කෙ නැද්ද ඒ මනුස්සයට දැන් මයියංගනෙත් ඉන්න නෑ.

    ReplyDelete
    Replies
    1. ඇයි උඹල මතක නැතෙයි එක සැරයක් මහේලවද කොහෙද මරාගෙන කන්න ගියේ. මුන් මාර ආසයි මිනී මස් වළඳන්න..

      Delete
  9. අනෙ අර්ජුණ කියන පාහරයට නම් තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව. වල් නරියා ඌට මෙච්චර කාලයක් තිබ්බ සනීපෙ ඌ තමා එකම ලෝක කුසලානෙ ගෙනාවෙ කියලා. දැන් උගෙ ඒ සිහින මාලිගාව මෑන් අ කමැති ක්‍රීඩකයෙක් වෙච්ච මාලිංගගෙ යෝකරේකින් කුඩු පට්ටම් උනාම මෑන්ටත් ඉහමොල රත්වෙලා තියෙන්නෙ.

    පාලක මණ්ඩලේ නම් හැමදාම කචල් නිසා කතා කොරලා වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔහොම කියන්න එපා. අර්ජුණ ගමේ ක්‍රිකට් ක්‍රීඩකයින් කොළඹට ගෙනත් ගෙවල්වල තියාගෙන සේවයක් කරපු එවුන්. ඒවා දුලිප්ලා, මඩුගල්ලලා, සනත්ලා කරේ නැහැ. මිනිස්සුන්ගේ වැරදි ඇති. නමුත් අපි අතීතය අමතක කරන්න නරකයි. අර්ජුණ නොහිටින්න ක්‍රිකට් ක්ෂේත්‍රයේ බොහෝ දේ අපිට අහිමියි. ප්‍රියාගේ අදහස රැල්ලට ගිය අදහසක්ද මන්දා.

      Delete
    2. ඔන්න නෙරංජ ........... උගේ තාත්තගෙ ඉදං මගෙන් අහගන්න හදන්නෙ ...
      කෙරුවනම් රෙද්දක්.... අද කරන්න ඕන එයිට වැඩිය.....
      මෙතන දාන්න බැහැ ...අපේ එකා මාසෙ මාරු පාට දාල....හෙක්....හෙක්....

      Delete
    3. අර්ජුණ කළ හොඳට වඩා විනාශය බොහෝම වැඩියි. එහෙම කවුරුත් ක්‍රීඩකයෝ ගෙනත් තමන්ගේ පවර් එක යූස් කරලා ඇතුලට දාන්න ඕන නෑ. කලින් තිබුනේ ටැලන්ට් එක තිබුන එකා ඇතුලට යන එක. ප්‍රමෝදය විකට් නැතත්. අර්ජුණ ඉන්නකම් ගැහුවේ කොහොමද, උපුල් චන්දනලා ඇතුලේ හිටියේ කොහොමද? අදටත් බිංදු ගහන චන්දිමාල්ලා ඇතුලේ ඉන්නේ කොහොමද. ක්‍රිකට් අයිති රටට මිසක් අර්ජුණට නෙමෙයි.

      Delete
    4. හරි කෙන්ජි එහෙනම් කියපන් ඌ තරම්වත් හෝ ඌට වඩා යමක් කරපු එකෙක් ඊට පස්සේ. උඹ එහෙම කිව්වොත් අපිටත් පුළුවන්නේ පොඩි ඇනලයිස් පාරක් දාගන්න. මම කියන්නේ නැහැ ඌ සීයට සීයක් නිවැරදියි කියලා. නමුත් අනිත් අයියලාට වඩා ඌ ක්‍රිකට් අනාගතය ගැන හිතුවා.

      Delete
    5. නෙරංජ ...'96 කුසලානෙ ගේනකන් ක්‍රිකට් පාලනය කලේ නියම මහත්වරු.....
      ඉන් පස්සෙ මුදලාලිලා අතට ගියා....අර්ජුනය කරපු රෙද්දක් නැහැ....,
      මුදලාලිලා එක්ක තමයි පස්සෙ එයාට ඕන දේ කලේ...
      කොටින්ම දවල් නෙමේ රෑ මැච් වලදී බත් කන්න බැහැ ....
      බත් ගිලල බඩ එලියෙ දාගෙන කියක් කෙලෙව්වද....
      ටීම් එකේ කොල්ලන්ව පාවා දීල බත් ගිල්ලෙ ..

      Delete
    6. ක්‍රීකට් වල අනාගතේ කෙසේ වෙතත්, තමන්ගේ අනාගතේ වෙනුවෙන් ඒකාධිකාරියක් ගොඩ නගා ගන්න නම් නියමෙටම කටයුතු කලා.

      Delete
    7. ඔන්න කෙන්ජියෝ....1996 වෙනකොට කොළඹ ලොකු ලොකු ඉස්කෝලවල එවුන්ගෙන් පිරිලා තිබුන ටීම් එකට උපුල් චන්දන, සනත්, ප්‍රමෝද්‍ය ආවා ඊටපස්සේ 1999 වෙනකොට කල්පගේ,මුරලි,එරික් උපශාන්ත ආවා, 2003 දී චරිත් බුද්ධික, දිල්හාර,පුලස්ති ගුණරත්න, ප්‍රභාත් නිශ්ශංක ආවා 2007 මාලිංග බණ්ඩාර, කුලසේකර,මහරූෆ්, මාලිංග, චාමර සිල්වා, උපුල් තරංග වගේ අය ආවා. මේ එකෙක්වත් කුල්ටූර් ඉස්කෝලවල එවුන් නෙමෙයි. කියන්න ගියොත් ලිස්ට් එක දිග වැඩියි. මේවා නිකන් වුනේ නැහැ. අර්ජුණ ක්‍රිකට් ගමට ගෙනියන්න පුරෝගාමි වැඩ කොටසක් කරා. එහෙම ලඝු කරන්න බැහැ අර්ජුනව.

      Delete
    8. අර්ජුණ ගමට ගෙනියපු ක්‍රිකට් එකක් නෑ. එක ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් හදලා තියෙනවද? එක ක්‍රිකට් ජිම් එකක් හදලා තියෙනවද? කිසිම දෙයක් කරලා නෑ. ටෙනිස් ක්‍රිකට් බැට් ක්‍රිකට් බෝල බෙදලා එයා පොලිටිකල් පාත් එක හදා ගත්තා. අර්ජුණ හදලා ක්‍රිකට් ගහන එක ක්‍රීඩකයෙක් කියන්න. හැබයි ආනන්දේ උන් නම් ඊට පස්සේ ටීම් එකේ ඉන්නවා බිංදු ගැහුවත්. ඒ කොල්ලෝ ක්‍රිකට් ගැහුවේ අර්ජුණ හදලා නෙමෙයි. උන්ගේ ටැලන්ට් එකෙන්. ඒත් මීට වඩා ටැලන්ටඩ් කොල්ලෝ කී දෙනෙක් රට දාලා ගියාද අර්ජුණ නිසා. 96 දින්නට.. ඊළඟට කාපු කෑම එහෙම මතක නැතිව ඇති අරූට.

      Delete
    9. මාතා.......ඔය විදිහට බැලුවොත් අර්ජුණ මුකුත් කරලා නැහැනේ. ඒ ගැන ටිකක් හොයලා බලන්න ඕන. එතකන් මේ ලිපිය කියවපන්කෝ.
      http://www.espncricinfo.com/blogs/content/story/714217.html

      Delete
    10. අර්ජුණ ගැන අරූයියා කියන දේ එක්ක මමත් එකග වෙනවා.මේ ලගදි සිරසට ආපු 96 ටීම් එකේ වුන් හැම දෙනෙක්ම අර්ජුනගේ කැප කිරීම ගැනයි කතා කලේ.වැරදි නැතුව නෙමේ නමුත් ක්‍රිකට් වලට හොද සේවයක් කරපු කෙනෙක් ඔහු.

      Delete
    11. අර්ජුණ හොඳ ක්‍රිකට් නායකයෙක්. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. එච්චරයි. එතනින් එහාට ක්‍රිකට් වෙනුවෙන් කරපු එක දෙයක් මට කියපන්. ඊට පස්සෙ ඔක්කෝම තම වාසියට පමණයි. අද ක්‍රිකට් ක්‍රීඩාවේ වත් නෑ. දක්ෂයන් විවේචනය කර කර ඉන්නවා. එයා තරම් ක්‍රිකට් දන්න කෙනෙක් මේ ළෝකයේම නෑ වගේ. සිරස නැත්නම් අර්ජුණ හොයන්නත් නෑ.

      Delete
    12. ඒ ළිපිය මම කියෙව්වා කරූ. ඒ ළිපියේ මම කියපු දේට අමතරව එක දෙයක් තියෙනවනම් මට පෙන්නපන්.

      Delete
    13. ඌ කොහොමද මාතා දැන් මුකුත් කරන්නේ. ලොකුගේ උන්නැහේ ඇවිල්ලා බෝඩ් එකෙන් යන තැනට වැඩේ සෙට් කරානේ ඒ දවස්වලම. මතක ඇතිනේ ස්පෝර්ට්ස් මිනිස්ට්‍රි එකේ ලොකුගේ යුගය.

      Delete
    14. ඇයි අද මේ සංඝලාගේ විනය පරීක්ෂණයට විරුද්ධව නැගෙන හඬ වගේ හඬක් එදා කිසිම තැනකින් අර්ජුණට පක්ෂව නොලැබුනේ? ආන්න ඒක හොයලා බලාපන්. ක්‍රිකට් ගහන උන් දන්නවා එයා කව්ද කියලා...

      Delete
    15. කරූ ... නෙමේ... මචං අරූ ......
      මම ඌ ට ගරූ.....
      අර්ජුන ගැන උඹ ඉන්න මතය එක්ක .... මම

      Delete
    16. ඇයි බං මාතලන් අයියේ අමතකද ඩැරල් හෙයාර් කේස් දාපු වෙලේ මුරලිට අර්ජුන පෙනි හිටිය හැටි තමන්ගේ ක්‍රිඩකයා වෙනුවෙන්.අද ටීම් එකේ ඉන්න එකෙක්ට ඔහොම දෙයක් වුනොත් අපේ මොකටද ඒ විදියට පෙනි ඉන්න පුළුවන් කමක් තියෙන්නේ.?

      ජයසුරිය මේ ලගදිත් කිවා අර්ජුනලාගේ ගෙදර ක්‍රීඩකයෝ 20 වඩා නතර වී සිටි බවත්,එසේ නතර වෙලා ඉන්න අයට කෑම,බිම පවා අර්ජුනගේ ගෙදරින් දීපු බවත් තමන් පවා ඒ නිවසේ නතර වී පුහුණුවීම් කල බවත්.ඉතින් එහෙම කරන්න පුළුවන් එකම කොයි තරම් දෙයක්ද...?

      Delete
    17. ඔය කියන තරම් දේවල් නම් කළේ නෑ. නමුත් දෙයක් කළා. ඒ ටීම් එකේ ඉන්නකන් විතරයි. තමන් කියන කියන විදියට නටන එහෙයියෝ ටිකක් හදාගන්න. කොළබ ඉස්කෝළවල ඉන්න උන් එහෙම බා ගන්න බෑ. එහෙම තියාගෙන එයාගෙ උන් ගස්සලා ටැලන්ට කොල්ලෝ කපලා දැම්මා.

      ඇයි ඔයාලා දැකලම නැද්ද, මහේලලා, සංඝලා ආගිව් කරනවා අම්පයර්ස්ලත් එක්ක. ඒක ඒ වෙලාවෙ උන්න ඕන නායකයෙක් කරනවා. විශේෂයෙන් ඔස්ට්‍රේලියාවෙදි. නමුත් ඒ කරපු දේ ග්‍රේට්..

      Delete
  10. ඔන්න පත්තරේ....විදානෙ .... උඹල ලයික් කරපු මගේ කමෙන්ට් එකට කෙලලා ...මෙයා....
    එහෙමනම් එහෙමයි.....ලොක්ක..... හරි........
    ඔයත් දැන් ලගදි ඉදල .... හදන්නෙ ශක්තිමත් කරන්න වගේ,,,, කොර දෑත ....

    ReplyDelete
    Replies
    1. වරහන් ඇතුලෙවත් කුණුහබ්බ ලියන්න එපා සත්තරන්. උඹගේ එකයි පත්තරේගේ එකයි දෙකම මැකුවා. උන්ගේ තත්වෙට අපි පත්වෙන්න ඕන නෑ නේ.

      Delete
    2. තේරුම් ගත්ත සත්තරන්,,,,,
      රටින් පිට හිටියත්.... ගත උපං බිමේ නිසා ලියවෙන්නෙම මල පැනල බං ....
      sorry සුද්දා......

      Delete
    3. ඕ යේස් .. මකන්ඩ බැරිනං තම්බං කාපිය :D

      Delete
    4. පත්තරේ.....බලපං බං නිදහස් අදහස් පොරකාශ කොරන්න දැන් බොගෙත් බැහැ වගේ.... බං ....
      මට නිශාන්ත ගැන මුන්ද ලියල තියෙන එකට විකසිත වෙලා ඉන්නෙ ....මල.....

      Delete
  11. මම අහලා තියෙන විදියට මහානාම ක්‍රිකට් වලින් සමුගන්නත් අර්ජුනගේ ප්‍රශ්නයක් හේතු උනාළු...දේශපාලකයන් හා කුහක පාලක නිලධාරින් හින්දා කොච්චරක් නම් ක්‍රීඩකයන් අපිට නැතිඋනාද..?

    අසංක ගුරුසිංහ,මාවන්,වාස්...මේ කිහිපයක් විතරයි...
    හොඳ වෙලාවට මරාගේ කවුරුවත් ක්‍රිකට් ගහන්නැත්තේ....

    ReplyDelete
    Replies
    1. පිත්තක් වනාගන්ඩ බැරුව මිසක් නැත්තං කීපර්ට හරි දාලා

      Delete
    2. ක්‍රිකට් ගැන අතීතයේ ඉඳන් දන්න එකා දන්නවා මොකද උනේ කියලා.

      Delete
  12. ලැජ්ජා නැතිකම, ජනාධිපතිකමට/ක්‍රීඩා ඇමතිකමට/ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිකමට/ වඩා ලොකුයි.

    අර්ජුන කියන්නේ දුෂ්ඨ නළුවෙක්.

    ReplyDelete
    Replies
    1. නිහතමානිව උන්නා නම් අද හොඳ තැනක. ඒත් එයා හිතාගෙන ඉන්නේ ජනාධිපති කියලා.

      Delete
  13. අනේ මහතුනේ මහත්වරුන්ගේ ක්‍රීඩාවට වෙච්ච සංගදියක්.

    ReplyDelete
    Replies
    1. මහත්වරුන්ගේ ක්‍රීඩාව බල්ලන්ට ගියාම ඒකත් බලු වෙනවා..

      Delete
  14. දේශපාලනය වගේම මම අකමැතිම මාතෘකාවක් තමයි ක්‍රිකට්.

    ReplyDelete
  15. රණතුංග පවුලත්.. රාජපස්ස පවුලට දෙවැනි නෑ.. වට කරල නෙව ගහන්නෙ.. අර්ජුන මගේ නං ෆේවරිට්.. ඒත් ඒ කාලෙ.. මහානාමට, ගුරුසිංහට, කල්පගේ ට වගේ බොහෝ දෙනෙකුටම හරහට හිටියෙ අර්ජුන කියලත් කියනවා.. බොරු වෙන්ටත් බෑ..

    සංගටයි මහේලටයි දාපු තොප්පියට අර්ජුන ගෑවුණේ කොහොමද කියලා එච්චර පැහැදිලි නෑ.. විනය කියන්නෙ හැම දෙයකටම කට පියාගෙන ඉන්න එක නෙවෙයි.. අවශ්‍ය තැනදි කතා කරන්නත් ක්‍රීඩකයින්ට අයිතියක් තියෙනවා.. ක්‍රීඩාංගණයේදී හා ඉන් පිටත දී.. තමන්ගේත් රටේත් ගෞරවය රැකගෙන කටයුතු කිරීම ක්‍රීඩකයින්ගේ වගකීමයි.. එම වගකීම ඉටු කරන්ට බැරි අයට නේද විනය පරීක්ෂණ පැවැත්විය යුතු..

    ReplyDelete
    Replies
    1. අර්ජුන ගැන ලියනව නම් කප්පරක් තියෙනව කොල්ලන්ට කරපු !@#රි වැඩ.....
      කොහෙද අපේ එකා මකල දානව බං ........
      මං මෙයාගෙ මේ වගේ ලිපි වලට මින් මනත කොමන්ට් නොකරමි....
      වැල කතා වලට පමණක් කරමි.....

      Delete
    2. ගෑවෙන්නේ මේ විනය පරීක්ෂණය එයත් අනුමත කරන නිසා. එයාගේ සහෝදරයත් මේකට ගෑවිලා නිසා එයාට මාර දුකයි. කොහොමත් අර්ජුණගේ කුහක කම හොඳින්ම පේන්නේ දැන් තමයි. එයා කැමති අපි පරදිනවනම්. ඒ පැරදුන වෙලාවල මීට වඩා ටීම් එක වර්ණනා කරලා තියෙනවා. ජයග්‍රහණය තමයි දිරවන්නේ නැත්තේ.

      Delete
    3. ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සෙ කරපු දේවල් ගැන මං දන්නෙ නෑ කියමු.. ඒත් ක්‍රීඩකයෙක් විදිහට වගේම නායකයෙක් විදිහට ඒ මනුස්සයා කරපු දේවල් අවතක්සේරු කරන එක නං හොඳ මදි..

      අර්ජුන හිංදා කැපුනයි කියන ලිස්ට් එක.. ඒ කියන්නෙ.. මහානාම, ගුරුසිංහ කල්පගේ (මේ තුන්දෙනා මගෙත් කැමතිම තුන් දෙනෙක්) වගේ අය ගත්තොත් එයාලව ඉක්මවා යන්න කට්ටිය හිටිය හින්දයි කැපුනෙ.. මහානාමට වඩා හොඳින් මහේලත්.. ගුරුසිංහට වඩා හොඳින් අතපත්තුත්.. කල්පගේට වඩා හොඳින් උපුල් චන්දනත් ක්‍රීඩා කළා.. අද උනත් බලන්නකො.. අපට හිතෙනවා.. ජීවන් මෙන්ඩිස් එලියෙ ඉන්නෙ ඇයි කියලා.. ඒ වගේ අපට ඒ කාලෙ හිතුනා අපරාදෙ මේ අපූරුවට ගහන කට්ටියව එලියෙන් තියන්නෙ කියලා.. ඒ අපේ තියෙන දුස්‍රාවිතාවය නිසා.. සත්‍යය නම් හැම දේම වෙනස් වීමයි..

      අර්ජුනගෙත් අඩුපාඩු ඇති.. ඒත් අර්ජුන මේ කියන තරම් පාදඩයෙක් කියලා මට තාම හිතෙන්නෙ නෑ.. අර්ජුනලා සංක්‍රාන්ති සමයක කණ්ඩායමේ ඉඳලා.. ලබපු අත්දැකීමුයි.. සංගගෙ මහේලගෙ අත්දැකීමුයි හාත්පසින්ම වෙනස්.. සංගල මහේලලා කොයිතරම් දක්ෂයො උනත්.. අර්ජුනගෙයි මහානාමගෙයි තිබුණු ක්‍රීඩාශීලීත්වයට ලංවෙන්න අමාරුයි..

      Delete
    4. ඔයාට ඒක දිරවන්නේ නැති උනාට. මුළු ළෝකෙම ගරු කරන ක්‍රිකට් ක්‍රීඩකයා සංඝා වෙලා අවසානයි. ඒකයි අර්ජුනලට දරා ගන්න බැරි. අර්ජුණ කළ දේවල් මම කිසි තැනක අවතක්සේරු කරලා නෑ. ප්‍රමෝදය වික්‍රමසිංහත් විකට්ස් නැතුවත් ටීම් එකේ හිටියේ වෙන බෝලර්ස්ලා ඉන්නෙම නැතිව ඇති නේ ඒ කාළේ.

      Delete
  16. මේ ගැන කිසිම සංයමයක් ඇති වෙන්නෙ නෑ ..ක්‍රිකට් කාගෙවත් බුදලයක් නෙවෙයි ,අනික ක්‍රිඩකයින්ට නිසි වටිනාකමක් ලැබෙන්න ඕන කියන එක නම් ම්ං හිතනවා ..

    ReplyDelete
    Replies
    1. ක්‍රීඩකයන්ගේ තියෙන්නේ සාධාරණ ඉල්ලිම්. ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ට ලැබිය යුතුම දේ පමණයි. ඒකෙනුත් 20% ඉල්ලගෙන කන්න ඇත්තටම පාළක මණ්ඩලේ උන්ට ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තේම නැද්ද.?

      Delete
  17. මට පේන්නේ ලංකාවේ හැම තැනකම විනය පරීක්ෂණ පවත්තන්ට කාලේ හරි වගේ...:D

    ReplyDelete
    Replies
    1. බුද්ධ සාසනෙටත් කෙලවෙලා තියෙන එකේ තව මොන කතාද...?

      Delete
  18. අර්ජුන ගැන නං කතා කරල වැඩක් නෑ. නිශාන්ත මහත්මයෙක් කියලත් කියන්න බැරි වෙනව මේ වගේ කේස් න්‍ිසා

    ReplyDelete
    Replies
    1. මේ තරම් කාළයක් ඕක ඔහොමවත් ඇදගෙන ගියේ මේ මනුස්සයා..

      Delete
  19. මේක අපේ පරිපාලන දුර්වලතාවයක් බං.. ලංකාවේ උන්ට කෝමත් මැනේජ්මන්ට් බෑනේ ඒකයි අවුල...

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කතා කරලා වැඩක් නැත. හොරකම් කරන්න නම් මෙහෙම ජාතියක් ලොවෙත් නැතිව ඇති.

      Delete
  20. අර්ජුන රණතුන්ග මෙතරම්ම පෝරිසාදයකු බව දැනගත්තෙ අදය.

    ReplyDelete
    Replies
    1. කතාකරන විදියෙන් පේන්නේ නැද්ද. කුහකත්වය බේරෙනවා.

      Delete
  21. ලංකාවේ ක්‍රිකට් කියන්නේ මාෆියාවක් බවට පත්කරගත් බොහෝ දේ අතරින් තවත් එකක්. කාලෙකට කලින් රාජකීයයෙක් වීම, ඊට පසුව ආනන්දියෙක් හෝ නාලන්දියෙක් වීම, දැන් පවුලේ ගෑවුණ එකෙක් වීම, මේ සියල්ලටම අමතරව යටින් ගිය ත්වත් ලයින් එකක් තමයි රණතුංගකරණය. අර්ජුන යමක් කළ කෙනෙක් තමයි හැබැයි ඔඋ නිසා අකලට බැසගිය තරු කොපමන ද මම එකෙක් කියන්නම්. රුවන් කල්පගේ. ඇයි ගුරා???? තාමත් මේ දේවල් වෙනවා...... අර බුකි කාරයෝ යි, බිස්නස් කාරයොයි දන්න මළ මගුල,
    ක්‍රිකට් දෙන්න ඕනෙ ක්‍රීඩකයන්ටයි, පුහුණු කරුවන්ටයි. ක්‍රිකට් පිළිබඳ දැනුමැති ක්‍රිකට් කළමනාකරුවන්ටයි. ලංකාවේ ඉන්න දේශපාලන කුක්කො දන්න ක්‍රිකට්...........
    තව ටික දිනකින් මේ වගේම බොහෝ දේ එලියට එයි. එතෙක් අපි ඉමු සුදිය දමාලා.

    ReplyDelete
    Replies
    1. ඒ කාළේ ක්‍රිකට් ගැහුවේ ටැලන්ට් එක තිබුන එකා. අද ක්‍රීඩා පිටුවක් අරගෙන බැලුවාම ටැලන්ටඩ් උන් කීයක් කපලා තියෙනවද කියලා හොඳට බලා ගන්න පුළුවන්. ක්‍රිකට් පාදඩකරණයට ලක් කලේ අර්ජුණ මිස වෙන කවුරුවත් නෙමෙයි.

      Delete
  22. Malinga kiyanneth chaarayak thiyena ekek nemeya.

    ReplyDelete
    Replies
    1. මාලිංගලා, අජන්ත මෙන්ඩිස්ලා එක්ක තියෙන්නේ පන්ති වෛරයක්, එහෙම නැතුව ඒ අය ක්‍රීඩාවට හානියක් කරලා නෑ. මාලිංග ක්‍රිකට් ගහන්න බැරුව ඉන්න කාලේ. ඔය එකෙක්වත් ඒ මනුස්සයා දිහා බැලුවේ නෑ. ඒත් අද ළොව ප්‍රමුඛ පෙලේ ක්‍රීඩකයෙක්. එයත් ඉතින් රණතුංග කෙනෙක් උනොත් අපිට කරන්න දෙයක් නෑ.

      Delete
  23. ක්‍රිකට් පාළක මණ්ඩලයට විනය පරීක්ෂණ තියන්නේ කව්ද...?
    ඒකට ඉහලින් ඉන්න අය තමයි

    CSN !!

    ReplyDelete
    Replies
    1. ඇයි ඊටත් ළොකු තැන් තියෙනවා නේද...?

      Delete
  24. 95ක් ගහලත් 100 ගැන හිතන් නැතුව හැම බෝලෙටම හයක් ගහන්න ට්‍රයි කරන Maxwell වගේ උන් තමයි හරියට ක්‍රීඩාව කරන්නෙ. අපේ හැම එකාම හිතන්නෙ තමන් ගැන විතරයි.

    ReplyDelete
    Replies
    1. එතකොට අපේ උන් කරපු කැපවීමක් මීට කලින් දැකලම නැද්ද...?

      Delete
  25. ක්‍රිකට් බෝඩ් එකට පීචං මාෆියා එකක් බස්සන්න ඕන නිසා තමයි ඉස්සෙල්ලාම වර්ල්ඩ් කප් එක ගත්තාම ආනා පුංචිහේවාව තල්ලුකරලා දැම්මේ. එදා පටන් බෝඩ් එක සුමතිපාල/ධර්මදාස සහ රණතුංග අතපෙවීම් වලින් විනාශවෙලා. මේවාට වග කියන්න ඕන මෝල් ක්‍රීඩා ඇමතිලා සෙට් එක එදා ඉඳන් හිටපු. උණ බම්බුවකින්වත් බෝලෙකට ගහපු නැති එව්වෝ ක්‍රිකට් බෝඩ් එකට ඇඟිලි ගහලා ඒක උන්ගේ දේපොල කරගත්තා. උඩ ඉඳන් පල්ලෙහාට මීහරක් ඉන්නකොට ක්‍රිකට් බෝඩ් ගැන කවර කතාද? අනිත් ක්‍රීඩාත් ඔක්කොටම ඒ අපලෙම තමයි.

    රගර් ක්‍රීඩාවට රාජපක්ෂ පවුලේ අශීලාචාර අතපෙවීම් ගැන කතා කිසි එකෙක් කතා නැහැ. ලැජ්ජා නැතිකම රාජපක්ෂයෙක් වෙනවටත් වඩා අජූතයි.

    ReplyDelete
    Replies
    1. ඕක තමයි මම හැමදාම කියන දේ. අද අරූ ඒක සනාත් කරලා තියෙනවා. ඉහළ පන්තියේ විනයක්, නීතී රීතී වලට ගරු කිරීමක් තියෙනවා. මේ ඔක්කෝම 56 බූරූ විප්ලවේ ප්‍රතිඵල. ඔක්කෝටම වෙලා තියෙන්නේ ඒ හෙනේ.

      රගර් රාජපක්ෂකරණය වීමෙන් රගර් ක්‍රීඩාවට නැති උන දේට වඩා ලැබුන ජයග්‍රහණ විශාලයි. කීප දෙනෙක් අතේ තිබුන රගර් ක්‍රීඩාව, අද ගමේ පවා ජනප්‍රියයි. ඒත් මහා ළොකු ජයග්‍රහණ නම් මොකා ආවත් ලබා ගන්නේ නෑ. හේත්ව ඒක තනිකර කාය ශක්තිය මත පදනම් වෙලා තියෙන ක්‍රීඩාවක් නිසා.

      Delete
  26. ana punchihewa kiyanneth e wage ekekma thamai.

    ReplyDelete
    Replies
    1. Ravindu......අනාගේ සමයේ තිබු මූල්‍යමය අකටයුතුකම් සහ පරිපාලන දුර්වලතා කුමන ස්වරූපයක් ගත්තාදැයි ටිකක් පැහැදිලි කරන්නකෝ.

      Delete
    2. ආනා කියන්නේ හොඳ කීර්තිනාමයක් තියෙන නියම මහත්මයෙක්. මම දන්න තරමට ඔහුට කිසිම චෝදනාවක් නෑ.

      Delete
  27. ලංකාව දිනන කණඩායමක් කලේ අර්ජුන් බව මතලන්ට අමතක වීම දුකකි . අර්ජුන කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ ..... ලසිත් කුසලානය දිනුවට ඔහු සල්ලි පස්සේ යන පුද්ගලයෙක්... සංගා මහේල අපේ වීරයෝ .... එත් ලංකාවේ cricket ගැන කතා කරන්න අර්ජුනට බැරිනම් කාටද පුළුවන් ,,,,, නිකන් යන්න මාතලන්

    ReplyDelete
    Replies
    1. ලංකාව දිනන ටීම් එකක් කලේ අර්ජුණවත්. මේ කප් එක දිණුවේ මාලිංගවත් නෙමෙයි. ඒ පිටුපස තවත් ක්‍රීඩකයෝ, පුහුණුකරුවෝ, ආවතේව කරුවෝ, කලමණාකාරවරුන්, දිරිගන්වන්නෝ විතරක් නෙමෙයි, විදේශීය පුහුණුකරුවොත් ඉන්නවා. අපිට නම් ඒ අයත් පේනවා. අර්ජුණ සල්ලි පස්සේ නොගියේ, දේශපාළණ බලය යොදවලා කරන්ට් කොම්පැණි දාගත්ත නිසා. පවුලම ගොඩ දාගත්ත නිසා. එහෙම නැතුව සල්ලිවලට ආස නැති කමකට නෙමෙයි. එයා ගැන එයාගේ ළඟම හිතවතුන්ගෙන් අහලා දැනගන්න. එතකොට ඔයාව හොඳට දැණුවත් කරයි.

      Delete
    2. @මාතලන්.... +++++++++++++++++++++++++

      Delete
  28. ක්‍රිකට් පාලක මණ්ඩලයට විතරක් නොවෙයි මුළු සමාජයටම විනය පරීක්ෂනයක් තියන්න වෙයි වගෙ.මුළු සමාජයම හිතා ගන්න බැරි තරම් පිරිහිලා.විනය පරීක්ෂන තියල පුනරුත්ථාපනය කරන්න වෙයි වගෙ.

    ReplyDelete
    Replies
    1. Ayi meeta kalin world cup gannawa dakala nadda. Nikan wadak balan yanwa manussayo,

      Delete
    2. සමාජය පිරිහිලා නෑ. ඒත් හැම තැනම නායකත්වය පිරිහිලා.

      Delete
    3. සමාජය තමයි මහාචාර්ය තුමෝ මුන්ව පත් කරන්නේ. ඒකට තමා මොට්ට මෝඩ චන්ද දායකයෝ මුන් හදන්නේ.ඔය බාල ටෙලි නාට්‍ය පෙන්න පෙන්න මුන් කරන්නේ මෙලෝ හසරකට සංවේදී නැති ගොබ්බ රැලක් හදන එක .ඔයාල මහාචර්ර්ය වෙන්නෙත් ඔය වගේ ගොන් රැලක් ඉදිරියේදී පමණි. මාලිංග කවුද බන් අර්ජුන වගේ දැවැන්තයෙක් එක්ක බලන කොට . ඔයා හරි පොර නේද .බීල බීල මැච් බලල එනවා මෙතන ආතල් දෙන්න ...........

      Delete
    4. @AnonymousApril 23, 2014 at 9:07 AM
      Ane umba moda aathel ganna epa methana.wadagath deyak kathaa karanakota.arjuna lokka oya tharam porak nam mokatada thilangata oya tharam ambarune.

      Delete
    5. අර්ජුණ මොන කබ්බෙක්ද මාලිංග ළඟ. මාලිංගට ක්‍රිකට් ළෝකෙම ආදරෙයි. අර්ජුණට ඉන්ටර්නැෂනල් ලෙජන්ඩ්ස්ලා එකෙක්වත් කැමති නෑ.

      Delete
  29. Dan ethakota arjuna siyambala genallama nadda

    ReplyDelete
    Replies
    1. ඇයි අර ඩැරල් හෙයාර්ගේ හෙයාර් ගලවලා ඒ යකා පිස්සෙක් බව ඉස්සෙලම හොයා ගත්තේ අර්ජුණ නේ.

      Delete
  30. මට නම් හිතෙන්නෙම මේක ටිකක් උණුසුම් වෙන්න ඇරලා ලොක්කා මැදිහත් වෙලා මේක විසදයි.. එතකොට ළකුණු ටිකකුත් වැටෙනවනේ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට වෙන්නේ ඒක තමයි. ඕන් අද ගිවිසුම අත්සන් කරලා..

      Delete
  31. ඔය නිශාන්ත රණතුංග කොයි කාලෙ ඉදලද බෝඩ් එකේ ඉන්නෙ...ලංකාවෙ තිබ්බ 20 යි 20 අවසාන තරගය බලන්න මහරජතුමා එන්න නෙමෙයි ඉදලා තිබුනෙ...නමුත් නිෂාන්ත ලොක්කා ලකුණු දාගන්න රජතුමාට අපේ කොල්ලො බැට් කරද්දි ආරාධනා කරලා...අද ගේමක් නෑ සෑර් භය නැතුව එන්න කියලා...අනේ මහරජානෝ පිටියට ආවා...අපි පරාදයි කොල්ලො රජාට කෝචොක් එක දැම්මා...නිශාන්ත රජතුමාගෙන් තිත්ත කථා අහගත්තා...

    ReplyDelete
    Replies
    1. අන්තීමෙදි ලොක්කට ක්‍රිකට් මැච් එකක් බලන්න බැරි කලා උඹ කියන විදියට.

      Delete
  32. මට පෙන්නේ බොහෝදෙනා ආවේගශීලී වැඩියි. පළමුවෙන් කියන්න ඕනේ දිනන ක්‍රිකට් කණ්ඩායමක් පිටුපස්සේ ඉන්න ප්‍රමාණය ගණනින් කියන්න බෑ. ඒක මුළු රටේම දිනීමක්. ඒ නිසා ඒවා කාගේවත් කියන්න බෑ. හැබැයි ගෙදරක අම්මා-තාත්තා රණ්ඩු වෙනවා නම් ළමයි විභාග සමත් වෙන්නේ නෑ. ඒ මානසිකව ඔවුන් වැටිලා නිසා. ඉතින් ක්‍රිකට් ගත්තම පරිපාලනය වැදගත්. මට තේරෙන විදියට පරිපාලනය නරක නම් එය සොයා බලන්න පුළුවන් ඊට ඉහලින් ඉන්න අයට. මාධ්‍යට පුළුවන් හරි තොරතුරැ වාර්තා කරන්න පක්ෂග්‍රාහී නොවී. එහෙම වුනොත් අර ඉහල ඉන්න නිලධාරීන්ට පහසු වෙනවා. 96 ජයට මෙන්ම 2014 ජයට බලපාපු බොහොම සාධාරණ හේතු තියෙනවා. ඒවා විශ්ලේෂණය කලොත් දුර්ලභ අවස්ථාත් තිබෙන බව පැහැදිලි වෙයි. මම පිළිගන්න එක දෙයක් තමයි ඕනෑම තැනක තියෙන්නේ ලංකාවේ සාමාන්‍ය පැතිකඩක්(Typical Sri Lankan) . ඒක දේශපාලනය, ක්‍රිකට් පාළක මණ්ඩලය, ශාසනය, බ්ලොග් ලෝකය තුලත් එක විදියමයි. කෙටියෙන් කිව්වොත් රටේ හොරු ඉන්න අනුපාතෙට අර කියපු ක්ෂේත්‍ර සහ අනෙක් සියලුම ක්‍ෂේත්‍ර වල ඉන්නවා. මහත්වරුත් එහෙමයි. මේක රටේම ජනතාවගේ ආකල්ප වල ප්‍රශ්නයක්. මෙහෙම නැති තැන් බොහොම අල්පව තියෙනවා.

    මම විශ්වාස කරන එක මුලධර්මයක් තියෙනවා ඒ

    "කුමක් හෝ සිද්ධියක් සිදු වන්නේ, එය සිදු වීමට අවශ්‍ය වටපිටාව සැකසුනාම"

    ඒ නිසා මේ කිසි දෙයක් අහම්බයන් නොවේ. දිගුකාලීන සිදුවීම් වල පොඩි පොඩි පුපුරා යෑම්. අපිට මෙහෙම කථා කරලා රැඩිකල් වෙනසක් කරන්න බැරි නිසා, අපි පොඩ්ඩක් බලාගෙන ඉඳිමු.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ඉන්න දෙයක් නෑ සුදීක. අපි දිණුම්. අපි ඇත්ත කතා කරන්න බය නෑ. ගොඩක් අය බයයි. මොකෝ ඇත්ත කතාව අවලක්ෂණ නිසා. සුදීක මේ කතා ඉතා පැහැදිලිවම දන්නවා. ඒකයි සියල්ල දිහාම බලාගෙන ඉඳලා අන්තීමට එන්නේ.

      ඕන් ලොක්කා පරීක්ෂණේ නවත්තලා. මේ පිළිබඳව නිර්භීතව අදහස් දැක්වූ සියළුම දෙනාට අපේ ආචාරය. බිංදුමාලුත් කුඩු. මම එදා ඉඳලා කියන කෙනෙක් තමයි තිරිමාන්න. ක්‍රිකට් ක්‍රීඩාව ආයෙත් මහත්වරුන් අතට යා යුතුයි. ගොන් තගාලගෙන් ගලවා ගත් යුතුයි.

      Delete
    2. සමාවෙන්න ප්‍රමාදයට. කලිනුත් එහෙමයි. හිතා මතා ප්‍රමාද වුණා නොවෙයි. මම සංගක්කාර සහ මහේලට අසීමිතව ආදරය කරන පුද්ගලයෙක්.ඒ ඔවුන්ගේ ක්‍රීඩාවට, මහත්මා ගුණයට. මේ සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දෙනා ඇති වෙන්න බෝඩ් එකට බැනලා තියෙනවා. විනය පරීක්ෂණයක් පැවැත්වීමේ හැකියාව බෝඩ් එක සතුයි. ඔවුන් ගිව්සුම්ගත වෙලා තියෙන ආකාරයට. නමුත් ඒ ගිවිසුම් නොදැන, ඒ ගැන යමක් සඳහන් කරන්න අපහසුයි. රැල්ලට යමක් ලිවීම මගේ ක්‍රමය නෙවෙයි. ඒ නිසයි යන පැත්තට හෝයියා නොකීවේ. මා දන්නා තරමට මාධ්‍ය ඉදිරියේ හැසිරිය යුතු ආකාරය ගිවිසුමෙන් ඔවුන්ට දන්වා තිබෙනවා. අද උදෑසන ඔවුන් අතර සිදු වූ ඊ-මේල් හුවමාරුක් කියවන්න ලැබුණා. ඒ නිසා මා ඉන්නේ මැද තැනක. ලංකාවේ පොලීසිය කොයිතරම් දූෂිත වුනත්, නීතිය ක්‍රියාත්මක කිරීමේ බලතල ඔවුන් සතුයි. අපිට විරුද්ධව කව්රුන් හෝ චෝදනවාක් කර තිබුනොත්, අපිට ඒ පරීක්ෂණයට මුහුණ දෙන්න වෙනවා. පොලීසිය දූෂිතයි කියා අපිට නිකං ඉන්න බෑ. බෝඩ් එක කෙතරම් දූෂිත වුවත් එයට හැකියාව තිබෙනවා ක්‍රීඩකයන්ගේ විනය පිලිබඳ කටයුතු කරන්න.(මා දන්නවා ඔබ මේ දේවල් වලට අකමැති බව). නමුත් යම් ආයතනයක පවතින නීති-රීති වලට එහි කොටස් කරුවන් ගරු කල යුතුයි. එකෙක් වරදක් කරන පලියට තවත් කෙනෙකු එසේ කිරීම කොයි තරම් නිවැරදිදැයි මා දන්නේ නෑ.

      Delete
    3. කියන්න අමතක වුණා. ඔය බින්දුමාල් කියන එකනම් ඔයාට කවදා හරි ඉල්ලා අස් කර ගන්න වෙනවා. පිතිකරුවෙක් හෝ පන්දු යවන්නෙක් එකදිගට සාර්ථක වෙන්නේ නෑ. හොඳම උදාහරණ මාවන් සහ මහේල ඉතාම මෑතකදී සංගක්කාර(T20 ලෝක කුසලානයේ). අපේ ඊළඟ මහේල-සංගා ජෝඩුව වෙන්නේ චන්දිමාල් සහ තිරිමාන්න.

      Delete
    4. @සුදීක
      ඔච්චර බලගතු නම් ඇයි විනය පරීක්ෂණේ නොතිබ්බේ. ඇයි බල්ලෝ වගේ අකුල ගත්තේ. ඒ විනය පරික්ෂණය නිකන් අර දැන් යන ගිනි අවි ගිනි කෙලි එකේ වගේ පාතාලේ නඩු ඇසීමක් ලෙසින් පේන්නේ නැද්ද.

      බින්දුමාල්ට ගහන්න කියන්න. එතකොට එයා නිකන්ම චන්දිමාල් වෙයි. මෙයා නම් ගහනවා මම දැකලම නෑ. එක සෙන්චරියක් ඇර.ඔව කියන දේ සමහර විට වෙන්න පුළුවන්. සමහර සුපිරි ක්‍රීඩකයෝ වගකීම් ගත්තම නැට්ටට ෆේල් වෙලා තියෙනවා. උදා: සචින්, ඩිල්ෂාන්

      Delete
    5. ඒ දවස්වල මාවන්වත් ඔය විදිහට හැලුවානම්...අද ලංකාවට කෝච් කෙනෙක්වත් නැහැ. චන්දිමාල්ගේ මේ ඇවරේජ් හොඳ නැද්ද? තාම මැචස් කීයද ගහලා තියෙන්නේ. මම නම් 20-20 මැචස් ගණන් ගන්නේ නැහැ.

      Batting and fielding averages
      Mat Inns NO Runs HS Ave BF SR 100 50 4s 6s Ct St
      Tests 12 20 3 875 116* 51.47 1518 57.64 3 5 93 8 15 4
      ODIs 80 72 12 1875 111 31.25 2531 74.08 2 11 132 24 28 1
      T20Is 26 20 0 266 56 13.30 284 93.66 0 1 23 3 12 0
      First-class 55 89 11 4312 244 55.28 6106 70.61 13 23 474 77 93 18
      List A 132 123 15 3168 111 29.33 4161 76.13 2 22 236 49 68 3
      Twenty20 65 57 6 1477 93* 28.96 1238 119.30 0 11 133 36 37 11

      Delete
    6. ඇත්ත ඒ වෙනුවට වෙන කෙනෙක් ඉඳියි. මාවන්ට දුන්නට, බින්දු ගහපු කී දෙනෙක් එක මැච් එකෙන් දෙකෙන් කපලා දැම්මද. ඔයාලා දන්නවද මාවන් අර්ජුණගේ ලඟම නෑයෝ කියල..

      Delete
    7. ඇයි මහේල උඩවත්තලාට අදටත් තැනක් නැත්තේ. චන්දීමාල්ට දෙන චාන්ස් ඒ වගේ උන්ටත් දෙන්න එපාය.

      Delete
    8. මා බලගතු කතාවක් කිව්වේ නෑ මා පවසා සිටියේ "පරීක්ෂණයක් පැවැත්වීමට හැකියි" කියලයි.

      මෙතන පැහැදිලි කර ගන්න ඕන දෙයක් තියෙනවා. කුඩා කාලේ පටන් මේ දක්ෂතා පෙන්වපු අයට දෙන අවස්ථා වැඩියි. ඔවුන්ව ගේන්නේ ප්‍රධාන ක්‍රීඩකයෙක් විශ්‍රාම යනවිට ඒ තැන පුරවන්න. ඔබ දන්නවාද චන්දිමාල් පන්දුවට පහර දෙන නියම ස්ථාන කුමද කියලා ? ඒ තැන් වල අදටත් ඉන්නේ සංගා සහ මහේල. ඒ වගේම ඔහු කඩුලු රකින්නෙක්. කඩුලු රකින්නෙක් තමන්ගේ ඇස මේ සඳහා පවත්වා ගන්නේ කඩුලු රැකීම තුලින්. ඉතිං ඔහුට තවමත් නියමිත තැන ලැබිලා නෑ. අපි කියන්නෙත් නෑ පැරණි ක්‍රීඩකයින් අයින් කොට ඒ තැන ලබා දිය යුතුයි කියලා. ඔවුන් සිටින විටදීම ඔහුට අවස්ථාව දී තිබෙනවා. සමහර ක්‍රීඩකයින්ට කාලීනව දක්ෂතා දැක්වීම නිසා දුලබ අවස්තාවක් දෙනවා. ඒ සමහරවිට ඔවුන්ට ලැබෙන එකම අවස්තාව වෙන්නත් පුළුවන්. ඒ ප්‍රධාන ක්‍රීඩකයෙක් අනතුරට ලක් වෙච්ච වෙලාවට. මේ ක්‍රීඩකයින් ගැන නියම තක්සේරුවකට එන්න නම් අපි දේශීය පළමු පෙළ තරග නරඹන්න ඕනේ. කෙනෙකුගේ දක්ෂතාව වගේම වාසානාවත් අවශ්‍යයි. චන්දිමාල්ට ඒ වාසනාව තිබෙන ක්‍රීඩකයෙක්. එහෙම දේශීය තරග නරඹා විචාර ලියන අය ඉන්නවා. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳ මනා දැනීමක් ඇති අය. මා ඔවුන් ලියන ක්‍රිකට් විචාර බොහෝ කැමැත්තෙන් කියවනවා. ඒ එල්මෝ රොඩ්රිගෝපුල්ලේ සහ රංජන් පරණවිතාන වැනි අය. මගේ විශ්වාසය තමයි දේශීය පළමු පෙළ තරග නරඹන්නේ නැති කෙනෙක් ක්‍රිකට් ගැන කථා කිරීම අර්ථ විරහිතයි කියන එක. ඒ පරිපාලානය ගැන නොවෙයි ක්‍රීඩකයින් ගැන. මැච් වල ලකුණු වලින් පමණක් ක්‍රීඩකයින් මැනීම සාධාරණ නැති බව ක්‍රිකට් ගැන දන්න අය දන්නවා. ඉස්සර නම් මා ක්ලබ් මැච් පවා නරඹනවා. දැන් ඒ සඳහා කාල වෙලාව මදි. අරූගේ ක්‍රිකට් දැනුම ගැන සතුටු වෙනවා. මතක තබා ගන්න චන්දිමාල් 17න් පහල 19න් පහ පටන් ශ්‍රී ලංකාව නියෝජනය කරලා පරිපූර්ණ ක්‍රීඩකයෙකුගේ ඉදිරි ලක්ෂණ පෙන්වා ආපු කෙනෙක්. නැතිව බලපිටිය වැනි ගමකින් මේ වගේ තැනකට ආවේ කාගේ වත් විශේෂ බලපෑමක් නිසා නොවෙයි දක්ෂතා නිසා. T20 ලෝක කුසලානයේදී ඔහුගේ තැන පරිත්‍යාග කලේ තිරිමාන්නට නොව සංගක්කාරට බව අප කවුරුත් හොඳින් මතකයේ තබා ගත යුතු කරුණක්.

      Delete
    9. සුදීක ක්‍රිකට් ගැන දැනගන්න ක්ලබ් මැච් බලන්න ඕන නෑ. ඔයා කියන විදියට කෙනෙකුට ඔක්කෝම ක්ලබ් මැච් බලන්නත් බෑ. ඔය වාර්ථාකාරයොත් ඔක්කෝම මැච් බලන්නේ නෑ. හැන්දෑවට ක්ලබ් එකක නොමිලේ බොන්න දෙන එකා ගැන වර්ණනා කරලා ක්‍රීඩා පිටුව පුරවනවා. මේ ගැනත් ඔයා දැන ගන්නම ඕන. දන්නේ නැත්නම් නලියගෙන් අහගන්න. මම කියන්නේ නෑ දිනේෂ් ක්‍රිකට් බැරි කෙනෙක් කියලා. අනික ඔයා කොහොමද කියන්නේ අපි ක්ලබ් ක්‍රිකට් බලන්නේ නෑ කියලා. අනික දේශීය ක්‍රිකට් ගැන දැන ගන්න මුළු දවසෙම මැච් එක බලන්න ඕන නෑ. ඩේලි නිව්ස් එකේ හරි අයිලන්ඩ් එකේ හරි මැච් රිපෝට් එක කියෙව්වම හොඳටෝම ඇති. තේරීම් කමිටුව ටීම් තෝරන්නෙත් ඔක්කෝම මැච් බලලා නෙමෙයි. කිසිම පුදගලයකුට එහෙම කරන්නත් බෑ. ඒකට උපකාරී වෙන්නේ ක්‍රීඩා වාර්තා. දැන් ළෝක ක්‍රිකට් ක්‍රීඩකයින් ගැන කතා කරන්න අපි පිටරටවල මැච් ඔක්කෝම බලන්න ඕනද. බොහොම කනගාටුයි ඒ කතාව ගැන නම්.

      අනෙක් කාරනය දිනේෂ් චන්දිමාල්. ඔහුට සෑම ස්ථානයකම අවස්ථාව ලබා දුන්නා. නමුත් සෑම ස්ථානයකම ඔහු ෆේල්. ඒක ක්‍රිකට් දන්න අය දන්නවා. අනික ඔහුගේ ක්‍රිකට් වාර්ථා. අන්තර්ජාලයේ හැම තැනම තියෙනවා. කරුණාකරලා ඒවා බලන්න. මට දිනේෂ් චන්දිමාල් ගහන ඔක්කෝම මැච් බලන්න නම් වෙලාවක් නෑ. අනික බින්දුවක් ගහන එකෙකුගේ මැච් එකක් බලනවට වඩා මම කැමතියි, අඩු ගානේ පනහක් හැටක්වත් ගහන එකෙක්ගේ මැච් එකක් බලන්න. වෙනත් අය ඉඳිද්දී දිනේෂ් නායකයා වෙන්නේ කොහොමද කියලා. අපිට වඩා ක්‍රිකට් දන්නවා කියන සුදීකත් අරූත් දන්නේ නැති එක තමයි කනගාටුවට කරුණ. පමාවී හෝ කරපු ගොන් කම් පාළක මණ්ඩලයට, තේරීම් කමිටුවට තේරුම් ගිය එක ළොකු දෙයක්. ඔයාලා දන්නවද අඩු ගානේ ත්ව අම්බලන්ගොඩ කොල්ලෙක් ආනන්දෙට ගහන ලකුණු 300 ඒවා 6-7 ගහපු එකෙක් ඉන්නවා කියලා. ඒත් ආනන්දෙට ආවයින් පස්සෙ ඌව විනාස කලා. ඒවා කරන්නේ ලොකු ප්ලෑන් ඇතුව. ක්‍රිකට් දැන ගත්තට වැඩක් නෑ. ඒකේ මාෆීයාව ගැනත් හොයලා දඇන ගන්න. ඔබ කියපු මාධ්‍යවේදියෝ දෙන්නත් ඒකෙමෙ දෙන්නෙක් තමා.

      Delete
    10. මේ ගැන ඔබත් සමග තවත් වාද කිරීමෙන් පලක් නෑ. මා දන්නා එක දෙයක් තියෙනාව ක්‍රිකට් කියන්නේ ඉලක්කම් විතරක් නෙවෙයි. ක්‍රීඩකයෙක් මනින්න ඉල්ලකම් භාවිතා කිරීම ප්‍රමාණවත් නෑ. තවත් බොහෝ දේ තිබෙනවා. ලංකාවේ බොහෝ ප්‍රේක්ෂකයෝ හිතන්නේ ඔහොම තමයි. ගහනවා දකින්න කැමති. අපිට අත්දැකීම තියෙනවා මෙන්න මේ වගේ. එක පන්දු යවන්නෙක් අනෙක් අය ගලෝගෙන ගිය වෙලාවක ගහනවා ලකුණු 47 ක්. ඊට පස්සේ හැමෝම චෝදනා කරනවා ඇයි මේ වගේ දක්ෂයෙක් අට වෙනියට එවුවේ. ටු ඩවුන් විතර එවන්න කියලා. ඊට පස්සේ මිනිහව කලින් යැව්වා. බිංදුවයි. ඔන්න ඉලක්කමට වැඩ කරන්න ගියාම වෙන දේ. අත්දැකීම් තමයි වඩා වටින්නේ.අන්තිම මැච් පහේ ගහපු එක වගේම ඉතිහාසයත් වටිනවා. නායකයෝ සාමන්‍යයෙන් පත් කරන්නේ අනාගතය ගැන හිතලා. ඒවා සැනසිලි ත්‍යාග වගේ දෙන ඒවා නෙවෙයි. මම කියන එක් මාධ්‍ය වේදියෙක් ඔයා නගන චෝදනාවට වැරදිකරු නොවෙයි කියලා ඊයේ ඔප්පු කරලම පෙන්නුවා.

      Delete
    11. මම පොඩි කාලේ ඉඳලා දන්න ක්‍රිකට් නං මචං ලකුණු මත තමයි රඳා පවතින්නේ. මොකෝ ළකුණු වැඩියෙන් ගහන ටීම් එක දිනනවා. ලකුණු වැඩියෙන් ගහන එකා හරි කඩුලු වැඩියෙන් ගන්න එකා හරි මෑන් ඔෆ් ද මැච් වෙනවා. මුරලිදරන්ලා, වසීම් අක්‍රම්ලා, වාස්ලා, මහේලලා, සංඝලා, සනත්ලා ශේන් වෝන්ලා, ගවස්කාර්ලා, රිචර්ඩ්ස්ලා, ලාරලා, බ්‍රැඩ්මන්ලා, ටෙන්ඩුල්කාර්ලා ලෙජන්ඩ්ලා වෙන්නේ ඉලක්කමේ අගය ඉහල නිසයි. ළකුණු අඩුවෙන්ම ගන්න එකා දිනන ක්‍රීඩාත් තියෙනවා. එකෙම ළකුණු ගන්න බැරි උනුත් ටීම් වලට එනවා. එක්කෝ සල්ලි මත, නැත්නම් අම්මා ලස්සන නිසා, එහෙම නැත්නම් කෝච්ට හරි කැප්ටන්ට හරි ගල් දෙක දන් දීලා. එහෙම නැත්නම් කඩේ යන්න, ඇඟ තලන්න ඒවගේ එවා කරලා. මම කියන්නේ චන්දිමාල් කැප්ටන් කෙනෙක් වෙන්න අවශ්‍ය නෑ දැන්මම. අනික උඹ කොච්චර තර්ක කලත් කට්ටියම ඌව අන්තීම මැච් තුනටම දැම්මේ නෑ නේ. ඔය කියන තරම් දක්ෂයෙක් නම් බංකුවේ තියන්නේ නෑ නේ. ඌම කියනවා ඌට වඩා තිරිමාන්න සුදුසුයි කියලා. උඹ කියන්නේ එතකොට ඌ කියන්නෙත් බොරු කියලද.

      බෝලර්ස්ලා 40ක් පනහක් ගැහුවාම ඌ බැට්ස්මන්ලා කියලා කියන්නේ නම් ඌගේ ඉලක්කම් ගැන ළකුණු සාමාන්‍ය ගැන දැනීමක් නැති උන් වෙන්න ඕන. ච්න්දිමාල්ට තියෙන්නේ, ඩිල්ෂාන් වගේ ආයෙත් වැඩ පෙන්නන්න. ඒත් ළකුණු නැතුව තියා ගන්නවා කියන්නේ නම් ගොන් කමක්. ක්‍රිකට් ගැන අද සමාජයේ උඹලා අපිටත් වඩා දන්න උන් ඉන්නවා කියලත් මතක තියා ගන්න එක කෝකටත් හොඳයි. අනික අපේ උන් ක්‍රිකට් කියන්නෙත් තවත් ගේම් එකක්. ඒකෙදි ජයග්‍රහණය වගේම පරාජයත් ලැබෙනවා කියලා දන්න නිසා තමයි ඔක්කෝම බේරිලා ඉන්නේ. නැත්නම් ඉතින් අර ගොබ්බ ඉන්දියානුවෝ වගේ, ගොඩක් අයගේ ගෙවල් එහෙම තිබුන තැනත් හොයා ගන්න නෑ. ක්‍රිකට් ගහපු උන්ම තමයි ඒ තත්වේ මෙහේටත් ගේන්න ට්‍රයි කරන්නේ.

      Delete
    12. ඔයා දීලා තියෙන ලෙජන්ඩ් ලයිස්තුවේ වැඩි හරියක් ඉන්නේ අසාමාන්‍ය ක්‍රීඩකයෝ. නමුත් ඔය ඉන්න හැම පිතිකරුවෙක්මත් බිංදුවට අවුට් වෙලා තියෙනවා. හැම පන්දුයවන්නේක්මත් ප්‍රහාරයට ලක් වෙලා තියෙනවා. අසාමාන්‍ය ක්‍රීඩකයන් ගැන යමක් සඳහන් කරන්න ඕනේ. ඔවුන් සතුව තියෙනවා කස්ටමයිස් ෂොට් - ඒ කියන්නේ ඔවුන්ම නිපදවපුවා. සමහරු ඒවා දිගටම පවත්වාගෙන යනවා, සමහරු ඒවා සාමාන්‍ය කරගෙන යනවා. මහේලගේ මුල් කාලයේ ඒ වගේ තිබුණ පහරක් පසුව දකින්න ලැබුණේ නෑ. සුනිල් ගවස්කාර් කියන්නේ ටෙස්ට් ක්‍රීඩාවට පමණක් ගැලපෙන කෙනෙක්. අද හිටිය නම් එකම ටී.20 මැච් එකක්වත් ගහන්න ලැබෙන්නේ නෑ. ඕවර් හැටේ එක්දින තියෙන කාලේ හැටම බැට් කරලා ලකුණු හතලිස් ගාණක් ගහපු කෙනෙක්. මහේල 2003 ලෝක කුසලානෙටම ගැහුවේ ලකුණු කීයද ? මම එදත් කිව්වා තව මැච් 100ක බිංදුව ගැහුවත් මහේල ඉන්න ඕනේ කියලා. සමහර ක්‍රීඩකයෝ ඉන්නවා තමන්ගේ තැන ආරක්ෂා කරගන්න ලකුණු ගහන. නමුත් බොහොම සවල්පයක් ඉන්නවා පන්දුවට ගහන්න ඕනේ පහර ගහලා දැවී යන. මහේලත් ඉන් කෙනෙක්. චන්දිමාල් මේකේ මුලික තරග දිනවලා දුන්නා කියන එක බොහෝ දෙනෙකුට අමතකයි. චන්දිමාල් දිනපු කණ්ඩායම ඉදිරියට යන්න ඕනේ කියලා හිතලා එළියෙන් හිටපු එකත් අමතකයි. ඌ ආත්මාර්ථකාමී වුනානම් මේ අද අපිට කතා කරන්න දෙයක් නැති වෙනවා. මා අනිවාර්යයෙන් පිළිගන්නා දෙයක් තමයි අපිට වඩා ක්‍රිකට් දන්නා බොහෝ දෙනෙක් ඉන්නා බව. එහෙම මහත්වරු අඳුනාගෙන ඔවුන් කරන සාකච්ඡා නරඹන එක මගේ පුරුද්දක්. අපිට වඩා දන්නා ය ඉන්න නිසා තමයි චන්දිමාල් ඉලක්කම් වලින් ෆේල් වෙලත් ඉන්නේ. ටී ටුවෙන්ටි කියන්නේ ක්‍රිකට් නෙවේ. ඒක වෙනම ක්‍රීඩාවක්(සූදුවක්). ඒ නිසා ටී.ටුවෙන්ටි වලින් ක්‍රිකට් ක්‍රීඩකයන් මනින එක සාධාරණ නෑ. චන්දිමාල් වුනත් වැඩියෙන් ෆෝකස් කරන්නේ ටෙස්ට් සහ එක්දින වෙන්න ඇති. අපේ මිනිස්සු ක්‍රිකට් ගැන දැනුවත් නැති වුනත්, මනුස්ස කම් වලින් පෝසත්. ඒකයි බොහෝ දෙනෙකුට (ක්‍රීඩාවට පිටිනුත්) අපේ මිනිස්සු ඉන්න ඉඩ ඇරලා තියෙන්නේ.

      Delete
    13. සුදීක කියන ගොඩක් දේ මම අනුමත කරනවා. නමුත් ඔහුට නායකත්වය දුන්නා කලින් වැඩියි. අනික ඔහුට නායකත්වය දුන්නේ එයා ෆේල් වෙලාවක. ඒක මම නෙමෙයි ක්‍රිකට් විචාරකයන් සියළු දෙනාම මවිතයට පත් කලා. දිනේෂ් ටී 20 වලට ගැලපෙන්නේ නැත්නම් ඉවත් කරන දේ නේද හොඳම දේ. කොහොමත් ටෙස්ට් ක්‍රිකට් කියන දේ නැතිවෙලා යනවා. අනාගතේ ඉතුරු වෙන්නේ මේ විස්සයි විස්ස විතරයි. දවස් පහක් කාළය කා දාන්න මේ නවීන ලෝකේ කිසිම කෙනෙක් කැමති නෑ. කොටින්ම ක්‍රිකට් ක්‍රීඩකයෝ කැමතිත් නෑ.
      මම නම් විස්සයි විස්සට කැමතියි. නවීන යුගයට ගැලපෙන්නේ ඒ රටාව. ඒක ළෝකෙම ජනප්‍රිය වේගන යන්නේ.

      Delete
    14. මට දෙයක් අමත්ක උනා. සුදීක මචෝ මේ ඉරිදා රාවයේ ක්‍රීඩා පිටුවේ මංජුල වෙඩිවර්ධණගේ ළිපිය කියවන්න.

      Delete
    15. ඒ වෙලාවේ නායකත්වය භාර ගන්න කවුරුත් නැති වෙලාවක අන්ජලේ සහ චන්දිමාල් ට බෙදලා දුන්නේ. ඔවුන් හිතන්න ඇත්තේ මේ ලෝක කුසලානය සහ 2015. එයින් T20 බලාපොරොත්තුව සාර්ථක වුණා. ඔහු නායකහෙකු වශයෙන් සාර්ථකයි. නමුත් ජේෂ්ඨයින් බහුතරයක් සිටින තැනක නායකත්වය දැරීමේ යම් ගැටළු මතු වෙනවා. අපි ජීවත් වන කාලයේ නම් ටෙස්ට් පවතීවි. ආවොත් එන්නේ කාලය පිලිබඳ ප්‍රශ්නයක් නොවෙයි. අනුග්‍රාහකත්වය පිලිබඳ ප්‍රශ්නයක්. 2024 ඔලිම්පික් වලට ක්‍රිකට් ඇතුලත් කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි T20 ආරම්භ කලේ. දැන් එය බොහෝ රටවලට ගෙනියන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් ටෙස්ට් හෝ එක්දින නතර කිරීමේ අරමුණක් නෑ.

      Delete
    16. මම ක්‍රිකට් ක්‍රීඩාවට එදා සිටම ආදරය කරපු එකෙක් හැටියට මේ ඉලව් 20 පටන් ගත්ත දවසේ පටන් විරෝධයක් තිබුනා. මම ආදරය කරපු ටෙස්ට් නැත්නම් ටෙක්නිකල් ක්‍රිකට් කන්න ආපු යකා ක්‍රීඩාවේ ජීව ගුණය විනාශ කරන බව මගේ ගොන් මොලයට වැටහුනා. ඒක වෙනම දෙයක්.

      මාතා කියන ක්‍රිකට් කානිවල් ක්‍රිකට්. උඹේ ටේස්ට් එක සම්බන්ධව මට වාදයක් නැහැ. උඹට මතක නැති තැන් කිහිපයක් මතක් කිරීම මගේ යුතුකමක්. අශෝක් ජයවික්‍රම, TMS සල්ඩින්,රන්ජන් මඩුගල්ල, අජිත් දේවසුරේන්ද්‍ර,සුමිත් වර්ණකුලසූරිය,වැනි ක්‍රීඩකයින් රාජකීය විදුහල බිහිකරේ දක්ෂ ටෙස්ට් ක්‍රීඩකයින්ගේ අංගෝපාංග සහිතව. මේ කියන්නේ අපේ ඉස්කෝලය ගැන පමණයි. තව කිව යුතු අය බොහෝමයි. මේ යන විදිහට උඹ අහයි සුනිල්,සිදත්,දුලිප්,රෝයි, අමල් මොන කබ්බෝද කියලා. මම සුදීක ගෙන එන මතය හා සම්පූර්ණයෙන් එකඟයි. ක්‍රිකට් කියන්නේ අද ගහන 100 නෙමේ. හෙට වෙනුවෙන් හදන ක්‍රිකටර් කෙනෙකුගේ ජීව ගුණයයි.

      අපිට කෙලවෙන්නේ එදාවේල ක්‍රිකට් සහ එදා වේල දේශපාලන චූන් නිසාමයි.

      මාත උඹේ අදහස් මම කිසිසේත් පිලිගන්නේ නැහැ ක්‍රිකට් නම් ක්‍රීඩාව වෙනුවෙන්. මේ උඹේ අදහස් තුලින් පෙන්නන්නේ අද දේශපාලනයේ දකින්නට ලැබෙන අවර ගනයේ ලක්ශනම ක්‍රිකට් තුලටත් වැද්දගතයුතු බවද? උඹේ "56න් පසු තියරිය" මේකත් එක්ක ගලපන්නේ කොහොමද?

      මම උඹත් එක්ක වාද කරන්න කැමති...උඹ වාද ලැප්ටොප් එකේ ඉතුරු කරලා....හිතේ තියා නොගෙන ඉන්න එකෙක් නිසා.

      මාතා....උඹේ මේ ක්‍රිකට් මතයන් බොහෝමයක් පරස්පර විරෝධියි.

      Delete
    17. අරූ, ළෝකය කියන්නේ එක තැන තියෙන දෙයක් නෙමෙයි. කැරකෙන දෙයක්. අනික වෙනස් වීම් දරාගන්න අමාරු එක සිංහලයගේ ගතියක්. ඕක ලෙඩක් මචන්. ඕකට කියන්නේ අතීත උන්නති කාමය. ටෙසට් ක්‍රිකට් ක්‍රීඩාවට එංගලන්තේ උනුත් හිනා වෙනවා. සුද්දගේ රටේ ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දු, ඔස්ට්‍රේලියාවේ ඔසී රග්බිද ෆුට්බෝල්ද කියන එක. ඒ නිසා තමයි විස්සයි විස්ස එන්නේ. ඒක නැගලා යනවා. ඉන්දීයාව ඒක බිස්නස් එකක් කරනවා. වැඩේ සාර්ථකයි. දවස් පහක් ටෙස්ට් බලන්න අද පට්ට බිසි මිනිස්සුන්ට වෙලාවක් නෑ. ඒ නිසා තමයි පැය දෙක තුනක් ගහන, ෆුට්බෝල්, පැසිපන්දු වගේ ක්‍රීඩා ජනප්‍රිය වෙලා තියෙන්නේ. ක්‍රිකට් දැන් ජනප්‍රිය වෙලා තියෙනවා මේ විස්සයි විස්ස නිසා. මෙහෙමයි මචෝ. ටෙස්ට් කියන්නේ ඔපෙරාවක් වගේ එකක්. විස්සයි විස්ස කියන්නේ ආතල් බයිලාවක් වගේ එකක්. මම නම් දෙකම රස විඳිනවා. ඒත් ටෙස්ට් නැති වෙලා යනවා. විස්සයි විස්ස උඩ එනවා.

      Delete
  33. මාතලන් අර්ජුනට උඩ පැන පැන නෙලීමෙන් පෙනී යන්නේ ක්‍රිකට් සඳා අති කැමැත්ත කෙසේ වෙතත් මහ රජතුමාට ඇති පක්ෂ පාතිත්වය සහ ඉහළ පන්තිකයන්ට කඩේ යාම හීන මාන ආතල් එකයි. අර්ජුන කියන්නේ මගේ දේශපාලන දැක්මට විරුද්ධ කෙනෙක්. නමුත් ක්‍රිකට් වලට ආදරය කරන කෙනෙක් නම් අර්ජුන කළ කී දේ ගැන බලන්නට ඕනේ ඒ කණ්නාඩිය නතුව.

    චෝදනාව 1: අර්ජුන ඇතුලට ගත්තේ ගැත්තන් පමණි

    ඔව්, මේ කතාව තරමක් හරි. තමන් අකමැති අය අර්ජුන කපල දැම්මා. ඒත් ඒ කොහොමද? අර්ජුන එන්න කලින් කණ්ඩායමේ බලය තිබුණේ කාටද? දිගින් දිගට බින්දු වලට ඝැලවෙන සෙන්ට් තෝමස් එකෙන් ආපු දුලිප් මෙන්ඩිස්ට., එහෙම නැත්නම් රෝයල් එකේ මඩුගල්ලට. ඒ කාලේ ගමේ ක්‍රීඩකයෝ කවුද හියේ? කවුරුවත් නෑ. අරවින්දලව අතුලේ තියා ගන්න කොච්චර අමාරුවෙන්ද? මොකද අරවින්ද ඩී.එස්. රෝයල් හරි අර සෙන්ට් ඉස්කෝලෙක නෙවෙයි. (හැබැයි ඒ ඉස්කෝල වලින් ආ එවුන්ව සල්ලි වලට ගන්න තරම් අරවින්දට සල්ලි තිබුණ එක වෙනම කතාවක්).

    අර්ජුන කණ්ඩායමට ගෙනාපු තමන්ගේ "බලු ගැත්තන්" කවුද? ජයසූරිය, කළුවිතාරණ, මුරලිදරන්, මාවන් අතපත්තු, මහේල ජයවර්දන, හශාන් තිලකරත්න ඔන්න කට්ටිය. මෙහෙම අය කණ්ඩායමට ගේනවා නම් කොච්චර ගැත්තෙක් වුනත් මම නම් කැමතියි. මොකද මේ තියෙන්නේ කොලිටිය! අර්ජුන කැපුවේ කවුද? සජිත් ප්‍රනාන්දු (ශාන්ත තෝමස්), නිමේශ් පෙරේරා (ශාන්ත වේල්ස්) දෙන්නා විතරයි මට මතක විදියට. අර්ජුන අරන් ආපු ප්‍රමෝදයට හොඳට පන්දු යවන්න බැරි වුණා. නමුත් පුෂ්පකුමාර, දුලිප් ලියනගේ සහ ප්‍රබාත් නිස්සංක කියන අය අපට හිටපු හොඳම පන්දු යවන්නන් අතරට වැටෙනවා. අවාසනාවකට ඔවුන් තුවාල ළබීම නිසා ක්‍රීඩාවෙන් සමු ගන්න සිද්ධ වුණා.

    මෙහෙම බලද්දී අර්ජුන අරන් ආපු ක්‍රීඩකයන් ගාන වැඩියි අර්ජුන කපපු අයට වඩා. උටෝපීය සමාජයක් ගැන හීන දැක්කට, තමගේ පවුල් සංස්ථාව වත් උටෝපීයතාවයට ලංකර ගන්න බැරි කී බෝඩ් වීරයෝ ඇරෙන්න වෙන කෙනෙක් අර්ජුන වැරදිය කිඋයන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කන්නාඩි දෙක පොඩ්ඩක් මාරු කර ගන්න. දැන් හොඳ අක්ෂි විශේෂඥයෝ ඉන්නවා ලන්කාවේ. අර්ජුනගේ හොඳත් මම කියලා තියෙනවා. අළුත් කන්නාඩි දෙකෙන් ආයෙත් කොමෙන්ට් ටික කියවන්න. එහෙම කියවලා ෆාමසියෙන් උටෝපියානු කැප්සූල් කෝස් එකක් දවස් දෙකක් ගන්න. මතක තියා ගන්න කෑමට පෙර ගන්න. ඒත කොට ඔය හීන මාන ආතල් එක බඩ බුරුලට යන කොට ළොකු සද්දෙකුත් එක්ක යයි. ගොඩාක් යන්න ගත්තොත් අමුඩේ තද කර ගන්න.

      Delete
    2. දොරේට උත්තර දෙන්ඩ බෑ වගේ නේද? ගණන් ගන්ඩ එපා, මේක දොරේගේ ඒරියල් එකනේ. තමන්ගේ මැට්ටං තං මැට්ටං

      Delete
    3. ඇයි ඔය දීලා තියෙන්නේ උත්තර. පේන්නේ නැත්තන්, බෝතල් අඩි දෙකක් දාගෙන බලන්න.. ඇඩ්‍රස් නැති උනාම සම හරක් ඇනෝ එනවා..

      Delete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. චෝදනාව 2: අර්ජුන ක්‍රිකට් ක්‍රීඩාවට මොකුත්ම කර නැත

    පහු ගිය කාලය පුරාම අවජාතිකවාදීන්ගේ චෝදනාව වුණේ සුළු ජාතිකයන්ට ක්‍රිකට් කණ්ඩායම තුළ තැනක් නෑ කියල. හැබයි මේ වාහෙලා කතා කරන්න අමතක කරන කාරණය තමයි කණ්ඩායමේ කතෝලික / රෙපරමාදු / ඇංග්ලිකන් සම්භවයක් සහිත ක්‍රීඩකයන් ගනන කොච්චරද කියල? මෙන්න මේ තියෙන්නේ ලංකාව ක්‍රීඩා කල පළමු ටෙස්ට් තරඟය. ලංකාවේ ක්‍රීඩකයන් 11න් 7ක්ම අර මම කියපු කට්ටිය. මේකෙන් පේනවා ඒ දවස් වල ක්‍රීඩාවේ තීරක බලය තිබුණේ කා අතේද කියන එක. අර්ජුන තමයි මේ තීරක බලය ඉහත සමාජ කවුළුවෙන් මෙපිටට අරගෙන ආවේ. එහෙම නොකළා නම් අද අපි ජයසූරිය කෙනෙක් වත්, මුරලිදරන් කෙනෙක් වත් මාලිංග කෙනෙක්වත් දකින්නේ නෑ. මේ දේම අති අර්ජුන කිසිම ක්‍රීඩකයෙක් නොතබන උසස් ස්ථානයක තබන්න.

    ReplyDelete
    Replies
    1. අර්ජුණ නායකයානම් මාලිංග කවදාවත් ටීම් එකට ගන්නේ නෑ කියලා අර්ජුණ කියනවා ඔයා මීට කලින් අහලම නැද්ද? මුරලී ටීම් එකට ගන්න අර්ජුණ ඕන නෑ. මුරලි හෝ ගාලා විකට් ගන්නවා ඒ කාලේ. සනත් ෆේල් වෙවි ඉඳිද්දිත් ටීම් එකේ හිටියෙ නම් අර්ජුණ නිසා තමයි. සනතුයි කළුයි ඕපන් එව්වේ අරවින්ද. අරවින්ද කොච්චර අමාරුවෙන්ද ටීම් එකේ හිටියේ කියලා අරවින්ද හම්බ උන වෙලාවක එයාගෙන්ම අහ ගන්න.

      Delete
    2. [සනතුයි කළුයි ඕපන් එව්වේ අරවින්ද. අරවින්ද කොච්චර අමාරුවෙන්ද ටීම් එකේ හිටියේ කියලා අරවින්ද හම්බ උන වෙලාවක එයාගෙන්ම අහ ගන්න.]

      බොරු විදින්ඩ එපා මාතලං දොරේ! අරවින්ද දොරේව ටීම් එකෑන් චකබ්ලාස් කලේ 1994දි පිට්න්ස් හරි නෑ කියාල්. එතකොට අර වේදනාත්මක සමුගැනීමේ මාත්තයා, ගුරා මාත්තයා හෙම කප්ටන් එහෙම වෙලා සාජා ගොහින් කාලා ආවා. එතකොට අරවින්දගේ චපෝට් එකට තමන්ගෙ ඉමේජ් එකත් මස්තබාල්දු කොරගෙන බැස්සේ අර්ජුන.

      අනික උන්නැහේ අරවින්ද කැප්ටන් කොලේ 1992 දී. එතකොට කලුවිතාරනයා චූ කොල්ලා. සනත් නොම්මර තුනේ ගස්සෙව්වෙ 1993දී සාජා වල. එතකොට නායකය අර්ජුන. කලු ඕපන් ගහුවේ 1995දී ඔසී වල. නිකම් දොරේ පත පිඹුරු කෙප්ප අතාරිනකොට අපිටත් නිකම් පයිත්තියන් වගේ.

      Delete
    3. @Ano ඔයාට මෙතන පොඩි වැරදීමක වෙලා. 1995 ඕස්ට්‍රේලියා සංචාරයේදී අර්ජුනට තරග කීපයක් ක්‍රීඩා කරන්න බැරි වුණා(මතක විදියට ඩැරල් හෙයා එක්ක ප්‍රශ්නේ නිසා). එතකොට උපනායකයා අරවින්ද. එම තරග කිහිපයේදී සනත්+කලූ යුගලට අත්හදා බැලුවේ අරවින්ද තමයි. 92 දී සනත් සහ කළු දෙදෙනාගේම වයස 23යි. හැබැයි අරවින්දට අර්ජුනගෙන් තර්ජනයක් තිබුණා කියා මා පිළිගන්නෙත් නෑ.

      Delete
    4. @ ඇනෝ
      ක්‍රිකට් ගැන දන්න දෙයක් කතා කරහන් බන්. නිකන් චොර වෙන්නේ නැතුව.

      Delete
  36. දක්ශතාවයන් තමන්ගේ පොටෙන්ශල් එකට පෙන්වා නෑති කන්ඩායමක් ඉහල මට්ටමට ගෙන ඒමට සහ සීමිත කාලයකට ක්‍රයිසිස් එකකට මුහුණදීමට හොදම නායකයා ලෙස අර්ජුන සෑලකිය හෑක.
    නමුත් ඒනිසා ඔහු සියලු අවස්තා සහ සියලු කාලයන්ට සුදුසු නායකයා හෝ වෙනත් දේ (තේරීම් කමිටුව, ක්‍රිකට් ආයතනය, ක්‍රීඩා අමාත්යන්ශය ආදිය ) සදහා ඉතා සුදුස්සෙක් වන්නේ නෑත.
    පුද්ගලයක් ඔහු ඉන්නා ක්ශේත්‍රයේ සියලුදේ සදහා සුදුසු හෝ හොද නොවේ
    එනිසා ඕනෑම කෙනෙක් කල දේ ඒ පමණට අගය කිරීම ප්‍රමානවත් වේ. එහෙත් විශේෂයින් ආසියානු රටවල පුද්ගලයන් පමණ ඉක්මවා වීරයන් කරන ප්‍රවණතාවය ඈත

    ReplyDelete
  37. This comment has been removed by the author.

    ReplyDelete
  38. ///නිශාන්ත රණතුංගයන්ට අපේ ගෞරවයක් ඇත. ඒ ඔහු මේ වන තෙක්, මහත්මයකු ලෙස තම රැකියාව කරගෙන ගිය, නිහතමානී සාර්ථක කළමණාකරණයේ සමත් ලේඛම්වරයකු ලෙසය.//
    "මහත්මයකු'' ?
    ගුණ වර්ණනාවේ "අවන්ක් සහ දූශණයෙන් තොර" කෑල්ල නෑති නිසා- no further comment !!

    ReplyDelete
  39. Ranathunga Brothersla Ashoka eke podi ewun ekka play karapu match eka amathakada Bolata

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න