.

.

Apr 18, 2014

හම්බන්තොට හා මත්තල අලි ප්‍රහාරය. - Elephant Attack at Down South


අලියෝ ඇවිත් හම්බන්තොට වරායට,
පන බේරාන අපි දෙන්නා දුවමු මලේ.
සෙල්ලම් පිස්ටල් වලට අලියෝ බය නැතියෝ
වැටුනොත් සරම අස් චර්යේ හෙළුව පෙනේ.


බය වී දුවන දෙන්නාගේ පින්තූරේ,
දාගෙන නටනවා බුකියේ මහත්තුරු.
අලියට බයේ දුවනා මේ ජනතාව,
ඇටෑක් එකට මෙහෙමත් තනියෙන් එයිද?

එහෙම දෙයක් වෙනකන් බොඩි ගාඩිලා,
පොන්නයො වගේ බකං නිලාගෙන ඉයිදෝ?
කුණු බිත්තර ගහලා නම් වැඩක් නැතේ,
හම්බන්තොට නැද්දෝ බං කුරුඳු පොලු.

පෙන්නුවා මාස ගානක් මේ තැන් දෙකම,
ලොක්කට කිව්වනම් උඩින්ම බලනවනේ.
ළෝකේ වටේ සැරි සැරුවත් මීට කලින්
එයාපෝට් හාබර් දැකලම නැද්ද...?

82 comments:

  1. අපේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක මහත්තයා හරියටම හරි , මුන්ට මෙහෙම ගහනකන් මුන්ගේ අංග ආරක්ෂකයෝ පොල් ගෑවද? ගහපු එවුන් නෙවෙයි වැරදි අංග ආරක්ෂකයෝ ටික . අනික උන් සුපර් මෑන්ලා වගේ ඩයල් නිසා උන්ට පුළුවන් හා දාහක ආවත් බේරාගන්ට

    ReplyDelete
    Replies
    1. ගැහුවනං කියයි කොළඹින් අැවින් සාමාන්‍ය ජනතාවට පහරදුන්නා කියල

      Delete
    2. ඔය අංග ආරක්සකයෝ කියන උන් හිතාගෙන ඇත්තේ. ජුන්ඩට මක්කා හරො කලොත් විතරක් වැඩේට බහින්න ඕන කියලා වෙන්න ඇති.

      Delete
    3. තව ටිකක් සරම ඉස්සුනානම් ජුන්ඩා එළියේ.

      Delete
    4. යන්තං ඔලුව දාගෙනද මන්දා ඉන්නේ !!!

      Delete
    5. කොරන වැඩ වල හැටියටනම් ඒකෙක් ඉන්නවද කියලත් සැකයි........

      Delete
  2. බලපංකො සෙල්ලං පිස්තෝලේ ලස්සන විතරක්.මටත් සෙල්ලං කරන්න මෙහෙම එකක් ගන්න හිතයි මාතලන්, එකක් හොයාගන්න බැරිද.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමාට කියල බලපං මචෝ....
      එයාගෙ එකේ නම් බටේ මලකඩ කාලලු......

      Delete
    2. ගාණක් නෑ මචෝ බටේ නං සුද්ද කරල ගන්න බැරුවයැ,කොහොමද ලංකාවෙ පුල් ආතල් එකක් ගන්නවද

      Delete
    3. හම්බන්තොට ගිය වෙලාවක ගෙනත් දෙන්නම්. ඔය කළු දොදොල් කඩවල එහෙම තියෙනවා...

      Delete
  3. මැස්සො වහන එයාර්පෝට් එක .......බලලා
    ආතල් ගන්න එන මේ අලි රැල ........දැකලා
    පොදු ජනතාව යයි ඒ අය ............ එලවාලා
    අලින් රකින්නයි ආවේ මම ...............දුවලා

    ReplyDelete
    Replies
    1. කොහොම හරි අර තංගල්ලේ එකාට වඩා මොළේ ටිකක් තියෙන එකෙක්.. නැත්නම් ඉතින් අද මළ ගෙයක් නේ...

      Delete
  4. හම්බන්තොට මත්තල දැකලා නැත්නම්..
    මොන මගුලකට බැන්නද ඒ වැඩ වලට..
    දැන්ද එන්නේ ඒවා බලලා යන්ට..
    දෙන්න හිතයි හොම්බෙන් ඇවිදන් යන්ට..

    ReplyDelete
    Replies
    1. මුන්ට ඔහොම නෙමෙයි ගහන්න තිබුනේ. බලහන් මේ යක්කු මෙච්චර කල් දැක්කා වගේ නේ කතා කලේ... මාත් ගියා සෙනග සූ ගාලා.. රට යන්න නෙමෙයි. බලන්න..

      Delete
  5. අරූ අච්චර සරම උස්සන්නෙ මොකද දන්නෑ නේ. ;)

    ReplyDelete
    Replies
    1. යටින් කලිසමක් ඇදගෙන ඉන්නෙ කියල පෙන්න

      Delete
    2. රජ වංශෙන් තුනක් පෙන්නන්න..

      Delete
    3. ඌ හොඳයි.. අලින්ට බයේ දුවන උන් ඉස්සෙල්ලම කරන්නේ සරම කඩලා දාන එක..

      Delete
  6. මේ වලිය නං ඌඇම්පී කස්ටියම සෙට් කරගත්ත එකක්. තමන්ටම ගහගෙන ආණ්ඩුව අපකීර්තියට පත්කරන්ට. බටහිර කුමන්ත්‍රණයක් හරි ජිනීවා කුමන්ත්‍රණයක් හරි වෙන්ටත් පුළුවන්!

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ

      Delete
    2. මේ අර රනිල් මහත්තයට උගන්නන පාඩම් නේ...

      Delete
  7. කිසිම තාලෙකට කියෝගන්න බැරිවෙන්න ලියපු මෙවුවා එකක්

    ReplyDelete
    Replies
    1. බටහිර හා රාගධාරී යන සංගීතයන් දෙක එකට මුසුකොට පත අට එකට සිදුවා වරකට තේ හැන්දෙන් භාගයක් පමන පානය කර ඉසිකොමිටා සයිලියට ගායනා කරන්න..

      Delete
    2. හි හි

      Delete
    3. මේ විදියේ කවි වර්ගයකුත් තියෙනවා. මේවා ලියන්නෙත් මේ වගේ දේවලටම තමයි.

      Delete
    4. ඕ යේස් !! ප්රවීණ කලා කරුවෙක් විදියට මාව මාර අපහසුවකට පත් උනා මේ කවි වල විරිත දැකලා.,!!!
      අර තම්බියා පි‍රිත් ගෙදර කිව්ව එකම තමා කියන්ඩ තියෙන්නේ !!

      Delete
    5. හි හි ඒ මොකක්ද මුන්නෝ ඒ

      Delete
    6. ඌ එලිවෙනකං පිරිත් ගෙදර කිර කිර ඉඳල කිව්වලු " ෂිංදුව ඔඳයි - දිග තමා වැඩි " කියලා බං.

      Delete
    7. ///ඕ යේස් !! ප්රවීණ කලා කරුවෙක් විදියට මාව මාර අපහසුවකට පත් උනා මේ කවි වල විරිත දැකලා.,!!! //
      :-)

      Delete
  8. අනෙ අහින්සක අපෙ නගරාධිපති
    වදින්න ගිය දෙවාලය ඉහෙ වැටී
    පොඩි එකාගෙ සෙල්ලම බඩුවත් නැතිවී
    ගෙදර ගැනිගෙන් කනවලු හම්බ ගුටී

    ReplyDelete
    Replies
    1. බබා ලන්තෙ නගරාධිපති බබා..

      Delete
    2. මට දුක අර පොලිස් කාරයෝ ගාව සෙල්ලම් පිස්ටල් එකක් වත් නැතිව ඔහේ බලාගෙන උන්න එකට.

      Delete
  9. අර මැකෝලා ටික එලියට දාල තියෙන්නේ, මේකෙ රස්නේ අඩු කරන්න වෙන්ටෑ..

    ReplyDelete
    Replies
    1. උන් පැනලා තියෙන්නේ මීට කලින් නේද....?

      Delete
  10. අද ලියල තියෙන අදහස දැනුනට මෙලෝ රහක් නැහැ මචෝ........
    මක්කෙයි...... ඒ...... ???

    ReplyDelete
    Replies
    1. අද අමුවෙන්

      Delete
    2. මත්තල වැඩේට තද වෙච්චි පාර තාලත් ටැපලිලා.... විදානෙ ...

      Delete
    3. සුංගිරාළ කියලා කෙනෙක් මේ විදියේ කවිත් ලියලා තියෙනවා..

      රහ නැත්නම් සීනී ටිකක් කාපන් මචෝ.. වෙන මක්කා කොරන්නෙයි..

      Delete
    4. සුංගි රාල ගෙ කවි වලට මම පට්ට ආසයි බං.දිවයිනේ නේද !!

      Delete
    5. මට මතක නෑ බන්, පත්තර දහ දාහක් විතර තියෙනවනේ..

      Delete
  11. සුභ අලුත් අවුරුද්දක් වේවා! ආස්චර්‍යමත් වසරක් වේවා! ;)

    ReplyDelete
    Replies
    1. එසේම වේවා සබියෝ... උඹ තාමත් වෙන්න දොස්තරෙයි..

      Delete
    2. එසේය. පයිනල් ජනවාරි!

      Delete
  12. මේකයි මචං වැඩේ.....මහ එව්වො ගෙඩි පිටිං කාල කරල විවුර්ත කරන කරන කඩිනම් ව්‍යාපාර ගන්න දෙයක් නැහැ..... කරන්න වැඩ කෝටියයි.......
    ඔය සෙල්ලං පිත්තෝල උත්තන් එන උත්තල.....මත්තල විතලක් නෙමේ බං වික්ටෝරිය එකෙන් පටන් අරං ගම් උදාවල් වලත් රජ කළා....
    අද ඒ අතිං ටිකක් ඉතර ඔදයි අයිය ප්‍රේමේ ගෙ කාලෙට වඩා.....
    සොත්තියල....මෝරලා.....පණපිටින් ඉන්න එකාගෙ අත ගලවල ගෝලයො අතේ පොලිසියට යැව්වෙ ....

    ReplyDelete
    Replies
    1. උඹ හරි යූ ඇන් පී කාළේ මෙහෙම බලන්න තියා හිතන්නවත් බෑ. ඒවා අමතක උන් තමයි මේ කෑ ගහන්නේ. මම නම් මේවා ෆේලියර්ස් විදියට දකින්නේ නෑ. අනාගතේ හරි ප්‍රයෝජනයට ගන්න පුළුවන්. හැමදාම කටුනායකට, කොළඹට කොටු වෙලා ඉන්න ඕන නෑ නේ. එහෙම උන්නා නම් අපි තාම ඉන්නේ අනුරධපුරේ ගල් ගුහා වල.

      Delete
    2. වැදගත් ම වෙනස තමයි ඒ කාලේ ඩිගිටල් කැමරා සහ ඉන්ටර්නෙට් නොතිබීම.

      තිබුණා නම් චැනල් ෆෝ වලටත් රජ් මගුල් තියෙන්න ඉඩ තිබුණා.

      Delete
    3. අයේ අහලා.. 88-89 පාරේ තිබුන ඒවත් එක්ක මක්කද මේ චැනල් හතරේ පෙන්නන්නේ.. එක සැරයක් මම වැලිමඩදි දැක්කා. අර වෙසක් එකට පහන් පත්තු කරනවා වගේ පාර පුරා කෝටු වල ඔළු හයි කරලා..

      Delete
    4. ඒ ආණ්ඩු එහෙම පිස්සු කෙලපු නිසා තමයි මේ ආණ්ඩුව පත් කලේ.අරුන් කලා කියලා මුනුත් ඒවා කරනවා නම් මොකටද කොටි ගණන් සල්ලි වියදම් කරලා ජන්ද තියන්නේ.

      Delete
    5. ///මම නම් මේවා ෆේලියර්ස් විදියට දකින්නේ නෑ. අනාගතේ හරි ප්‍රයෝජනයට ගන්න පුළුවන්///

      වරායනම් දෑකිය හෑකි අනාගතයක්දී ප්‍රයෝජනවත් විය හෑක.
      එයාපොර්ට් එක නම් ලන්කාවට අභයවාකාශ යානා (සමහර විට පිටලෝකවලින් )ගොඩ බස්සවන කාලයකට තමයි

      Delete
  13. හම්බන්තොට මිනිස්සු කැමති නැ..... පිටින් එන මිනිස්සු සංවර්ධනය විවේචනය කරනවට..... මේ ආපු සෙට් එක හම්බන්තොට පහල සමාජ මට්ටමක අය .... හා මද්‍යම පංතියේ අය කීප දෙනෙක් විතරයි.....ඉතින්..... දනපති පන්තිය මෙතන නියෝජනය වෙලා නැ. හේතුව, ඒගොල්ලෝ දෙපැත්තෙන්ම ශේප් වෙන හින්දා.....එදා ,ලංකාවේ අති දුෂ්කරම ප්‍රදේශයක් වුන හම්බන්තොට..... අද තත්වය අහසට පොලව වගේ වෙනස් ....මේක නැති කරගන්න . ඒ මිනිස්සු කැමති වෙයිද....? මේ ගැටුමත් ඒ ආපු අවේග ඔස්සේ ....මිනිසාගේ පරම ගති ලක්ෂණ පහල වීමක් තමයි....මෙතැනදී, මිනිසා සුදුද කළුද කියල ප්‍රශ්නයක් නැ...... හම්බන්තොට මිනිස්සු කොහොමත් අවෙගශිලියි ..... මොකද ලේ රත් වෙන පලාතනේ...... සිදු වෙච්ච සිදුවීම ගැන නම් කණගාටුව පල කරනවා. ආයෙත් මෙවැනි දෙයක් නොවේවා කියලත් කියනවා.ගැටුමක් සුදුසු නොවන නිසා, මිනිසා තවත් මිනිස් පාර්ශවයක් එක්ක ඇති වෙච්ච මේ ගැටුම ... වැනි ගැටුම් අතීතයේත්, සැම යුගයකත් සිදු උනා කියලා අපි දන්නවා.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ස්වාධීනව නැගී සිටීමක් නොවෙයි, පැහැදිලි උසිගැන්වීමක් තිබුණා එ් උසිගැන්වීම හරහා බත් පැකට් එකට අරක්කු කාලට වැඩකරන උදවිය හැසිරුණා..
      අපිට පුළුවන්ද පිස්තෝලයක් අරන් ගුවන් තොටුපලේ අැතුලට යන්න...

      Delete
    2. මම පොඩිම පොඩි උදාහරණයක් කියන්නම්. අපේ නෝනා මේ සැරේ කතරගම ගිය වෙලාවේ කෑම ඇඳුම් අරවා මේවා පාර්සල් ටිකක් අරගෙන ගියා දුප්පත් පවුල් වලට බෙදන්න කියලා. එයා කැමති නෑ අර උදාගම් පාරේ ප්‍රොෆෙෂනල් හිඟන්නන්ට දෙන්න. අතුරු පාරවල් වල ගියත් එයා හොයන ජාතියේ ගෙයක් හොයා ගන්න බැරි උනා. අන්තීමෙදි ඒවා කොළඹ ගෙනත් ගෙවල් පැත්තේ දුප්පත් උන්ට බෙදුවා. පාරවල් උඩින් යටින් හැම තැනම. තව මොනවද කතා ඉතින්..

      Delete
    3. මේ පැත්තේ මිනිස්සු ළග පිස්තෝල, ගල්කටස්, කඩු, කිනිසි නිතර ගැවසෙනවා. මොකද මන්දා....අතීතයේ හේන් ,ගොවිතැන් කරපු වැල්ලේ බහින පුරුද්දටද මන්දා....

      Delete
    4. ඔහේ නෙමේ ඕවා ම්ළු ලංකාවෙම තියෙනවා.. නමුත් ඒවා පත්තු වෙන්නේ අමුතු රටාවකට. කාළෙකදි ඕවා අතුරුදහන් වෙනවා. ආයේ එනවා. ඔහොම තමා චක්කරේ..

      Delete
    5. මහ අමාරුවක් නෑ නිහංසා..අනුරාධපුරේ ත්‍රීවිල් කාරයො හෑන්ඩ් ග්‍රෙනේඩ් ,පිස්තෝල,බුලට්ස් වික්කා මචං ..විචාරක සෑර් දැක්කොත් මටත් ටොපිය..

      Delete
    6. @ නිහිංසා
      නැත අතීතයේ පාතාලයේ උල්පත ඔය පැත්ත වීම නිසා සහ එ් පුරුද්දට..

      Delete
    7. ඔව් අතීතයේ .... පාතාලේ උපත මෙහේ වගේම..... ඊට කලින් භිෂණය පටන් ගත්තෙත් මෙහෙමනේ...... මෙහේ කට්ටියනේ ඕකට joint උනෙත්.....ඉතින් මේ පළාත කප් ගහපු නම් දරාපු පළාතක් නේ.....මෙහේ අයට නම් ඕව සිම්පල් දැන්.....දවසක් පහුවෙද්දී ඔක්කොම ශේප් ..... අපි දන්නෙත් නැ..... දැක්කෙත් නැ.....පෙර සේ.......වම...... දක් .......සි.ජේ.

      Delete
    8. නිහිංසා
      මගේ කරුමෙට මට පේන්නෙම නෑ නෙව ඔය සංවර්ධනේ. පාරවල් ටික නං ටොප්. කියන්න දෙයක් නෑ ඒ ගැන. නමුත් හම්බන්තොට මිනිස්සුන්ට වෙච්ච දෙයක් නෑ. නමුත් පස්සෙං යන බත් බැලයන් ටික නං ඌරො වගේ තර වෙනව. ඒ කස්ටිය තමයි ඔය ඇවිල්ල ගහන්න කොනිත්තන්න ගත්තෙ

      Delete
  14. මට නං හිතෙන්නෙ මේක අර ඔබාම අයියගෙ කුමන්තනයක් කියලමයි... අලිනංට ගහල හිටං ආන්ඩුව ගැන ජනතාව අප්පසාදයට පත් කොරන්න

    ReplyDelete
    Replies
    1. නෑ බං රනිල්ට එහේ කැම්පස් එකේ උගන්වන ඒවා.. පළවෙනි පාඩම මේ.. තව තව ඒවා ඉස්සරහට එයි..

      Delete
  15. පසුමබිමෙන් මේ ක්ලිප් ඒකෙන් නන්දාව අහන්න

    http://www.youtube.com/watch?v=No_WSP6zeno

    පිස්තෝලය පෙන්නුවාට චන්ඩි අපේ මදාවි කම
    මම හරි අහිංසකයි ළමයෝ
    මම හරි අහිංසකයි ළමයෝ........//

    හම්බන්තොට ගියා තමයි නැවක් ඇවිත් තිබුනා
    මත්තල නම් ගුවන් තොටේ මස්සොත් වැහි වහලා ........//

    පිස්තෝලය පෙන්නුවාට චන්ඩි අපේ මදාවි කම
    මම හරි අහිංසකයි ළමයෝ
    මම හරි අහිංසකයි ළමයෝ........//

    කුණු බිත්තර හු කැවත් රුහුණේ මහා මගදී
    අස්ච්ර්යේ හෙළුව පෙනේ මේවගේ වැඩ වලදී.....//

    පිස්තෝලය පෙන්නුවාට චන්ඩි අපේ මදාවි කම
    මම හරි අහිංසකයි ළමයෝ
    මම හරි අහිංසකයි ළමයෝ........//

    කෝල් එකක් මට අවා මහා දවල් ජාමේ
    අන ලැබුනේ කුල කුමරුන්කොලොම් තොටින් වගේ........//

    පිස්තෝලය පෙන්නුවාට චන්ඩි අපේ මදාවි කම
    මම හරි අහිංසකයි ළමයෝ
    මම හරි අහිංසකයි ළමයෝ........//

    වෙනින් කවුරුත් නොවෙයි මැරී කෑන්ස්

    ReplyDelete
    Replies
    1. සාර්ථක උත්සාහයක්.. බ්ලොග් එකක් පටන් ගන්න.. අඩු පාඩු නැතිව නෙමෙයි...

      Delete
    2. බොහොම ස්තුතියි ....උපදෙසට සහ ආරාධනාවට දැනට ඔහොමයන්..... මේක දැන් අබින් කැවා වගේ වැඩක් mc

      Delete
  16. ඔය නාමල් බේබිගේ පොඩිකාලේ සෙල්ලම් පිස්තෝලේ...මේයර් අන්කල්ට දීලා කුරුල්ලන්ට වෙඩි තියන්න. දැන් ඔය පැත්තේ හිටිය කුරුල්ලෝ ඡන්දෙන් පස්සේ කොළඹ ඇවිල්ලා නිසා....අඩුම ගානේ මොණරෙක්වත් ලගින්නේ මත්තල නිසා එහේ ඇවිත්.
    What's the matter-----Minor matter
    Are we worried------No..no...no...
    ගණන් ගන්න එපා බන්....මේ ඔක්කොම බිග් මැච් ෆීවර්.

    ReplyDelete
    Replies
    1. මුන් හොඳයි... යූ ඇන් පී කාළේ යන්න තියා හිතන්නවත් බෑ.. අනික ලොක්කට කිව්වා නම් හෙලිකොප්ටරේම ගිහින් බලාගෙන එන්න තිබුනා. කොහොම හරි ඔයින් ගියා ඇති.

      Delete
  17. කතා කරන්න අකමැති මාතෘකාවක් දේශපාලනය.

    ReplyDelete
    Replies
    1. දේශපාළණයෙන් තොර ජීවිතයක් නැත.

      Delete
  18. උන් පිස්තෝල අරන් යන්නෙ නැතුව අපි ගෙන්යන්නය බං. මේක උන්ගෙ ආස්චර්ය නේ.

    ReplyDelete
    Replies
    1. මීට පස්සෙ බය නැතුව කෙලින්නයි තියෙන්නේ... ගේන්නේ ඔක්කෝම සෙල්ලම් පිස්තෝල, කඩු කිනිසි, පොලු මුගුරු, බෝම්බ එහෙම නේ..

      Delete
  19. සෙල්ලං පිස්තෝල ජිල් ගහන්න වෙන්නැති
    ළග තියං හිටියේ.................

    ReplyDelete
    Replies
    1. නෑ මොණරු බය කරන්නලු..

      Delete
  20. හම්බන්තොට හල්පරුවෝ ...............
    හෙළුව වහගන්න දඟලනවා

    ReplyDelete
    Replies
    1. මොකක්ද වහන්න තියෙනවා කියලා ඔය අලි කියන්නේ..

      Delete
  21. සිහින උලේලදි මුන ගැහෙන්න හිතාගෙන හිටියේ..අටමා ඔයාව හොයලා දෙන්න හැදුවා හරි ගියේ නැ.

    ReplyDelete
    Replies
    1. ඊළඟ සැරේ හම්බ වෙමු..

      Delete
  22. දැකලාම එපා වෙලා මුන්ගේ මේ ජෝගි.කාලෙන් කාලෙට එක,එක ඒවා.
    උන් හිතං ඇත්තේ ගුවන් තොටුපල,වාරය හැදුවේ මැදමුලනේ නින්ද ගම් වලින් කියලා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. නැතුව වෙන මොනවයින්ද ? මොකෝ අපි උඹලා සල්ලි දුන්න කියලයි

      Delete
    2. අර එකෙක් රුපියල් 100 එකාහු කලා වගේ කරලා ඕවා හැදුවානම් අපිත් කියක් හරි දෙනවානේ බං අපේ මළගිය නෑයෝන්ට පින් අනුමෝදම් වෙන්න හරි.රටේ සල්ලි නැති නාස්ති නොකර.

      දැන් මුළු රටම පවුලේ නින්ද ගමක් කරගෙන තියෙන්නේ.

      Delete
    3. මහ රජානෙනී කියලා ප්‍රසස්ථි ගායනා කරනවා උඹ අහලම නැද්ද..?

      Delete
  23. අලින්ට විතරක් ගහල හරි යන්නෙ නෑ මාතලන්.
    ප්ලේන් වල හෑප්පෙන්න එන මොනරුන්ට ගහන්න ඕනෑ, ඊට ඉස්සර ප්ලේන් මත්තලට ගෙන්න ගන්න ඕනෑ නේ , ඒකට කටුනායක එයාපොර්ට් එකට ගහන්න ඕනෑ. කොලඹ වරායටත් ගෑහුවනම් හම්බන්තොටත් හරි.
    ආශ්චර්යවත් සන්වර්දනයක උපරිම පල නෙලා ගන්න බාදාවකට තියෙන්නෙ ඕව තමයි

    ReplyDelete
  24. රංචාගොඩ ළමයගෙ කවි ආරත් ටිකක් මේ වගෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔය නම දහ අතේ දාගෙන කල්පනා කලා ආවේම නෑ නේ. බොහෝම ස්තූතියි මතක් කලාට..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න