.

.

Jul 10, 2014

මැද පෙරදිග කාන්තාව, ඇත්ත කතාව හා පුහු සුචරිතවාදියෝ.. - The True Story Behind The House Maids


ගිඟකෑම, අම්මට සිරි ලංකාවේ, විශාල ලෙස ආදායම් ලැබිය හැකි මාර්ගයක් බව, මෑතකදි කරණ ළද සමීක්ෂණයකින් හෙලිවී ඇත. කොළඹ නඟරය තුල හිඟන්නකුගේ සාමාන්‍ය දෛනික ආදායම, රුපියල් 4,000/= - 6,000/= අතර බව ඒ මගින් සොයාගෙන ඇත. සති අන්තයේ තම පවුල හා විවේක සුවයෙන් ගත කොට, සමාන්‍ය වැඩ කරණ දිනයන්හී මෙම රැකියාවේ යෙදුනද, ලැබිය හැකි ආදායම දළ වශයෙන් මසකට රුපියල් 125.000/= පමණවේ..

මෙය ඉතා සිත් ගන්න සුළු ආදායම් මාර්ගයක් වන අතර, සිඟකෑම ඉතා ඉහළ ආදායම් ලැබිය හැකි රැකියාවක් ලෙස, කැබිනට් අමාත්‍යවරයකු යටතේ, වෙනම අමාත්‍යංශයක් ඇති කොට, විශේෂ අවධානයක් යොදා ප්‍රවර්ධනය කළ යුතු ක්ෂේත්‍රයක් බව කෙනෙකුට හැඟී යනු ඇත. ඇතැම් විට මෙවන් වාර්ථා වලින් උත්තේජනයන් ලබන්නාවූ මහත්වරුන්, ඉන් පසුව යෝජනා ගෙන එනුයේ. කාන්තාවන් මැද පෙරදිග රැකියාවකට යනවාට වඩා, රෙද්දක් එලාගෙන හිඟා කෑම ඊට වඩා ගරු නම්බු ලබා දෙන දෙයක් ලෙසය.

අම්මට සිරි ලංකාවේ, අවුරුදු 2500 ක් වූ, ප්‍රෞඩ සංස්කෘතියට, ඉතිහාසයට හා බෞමික අන්ඩවාතයට අති විශාල කැලලක් එක්කරනු ලබන පිරිසක් වී ඇත්තේ, මේ මැද පෙරදිග ගෘහ සේවය සඳහා යන කාන්තාවන්ය. අප රට සුචරිතවාදී මහත්වරුන්ට, මේ සියළුම කාන්තාවන් වෛශ්‍යාවන්ය. එම නිසා ඔවුන් යෝජනා කරනුයේ, මැද පෙරදිග ගෘහ සේවයට නොගොස්, ලංකාවේ ඇඟළුම් ක්ශේෂ්ත්‍රයේ රැකියාවක් කරනා ලෙසය. නමුත් හාස්‍යට කරුණ නම්, මේ සුචරිතවාදි මහත්වරුන්, ඇඟළුම් සෙවිකාවන් හඳුන්වනු ලබන්නේද, ප්‍රේම කළාප වෛශ්‍යාවන් ලෙසය. ඔවුනට අනුව නිදහස් වෙළඳ කළාපයන් යනු, නිදහස් ප්‍රේම කලාපයන්ය. එහි සෙවිකාවන් සියල්ලම ගණිකාවන්ය.

ලැජ්ජාවට කරුණ නම්, අපේ රටේ ජාතික ආදයමට විශාලම දායකත්වය සපයනු ලබන්නේ, මේ මැද පෙරදිග ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන් හා ඇඟළුම් ක්ශේෂ්ත්‍රයේ සේවයේ යෙදෙන කාන්තාවන්ම වීමය. ඉන් පසුව ප්‍රධානම ආදායම් මාර්ගයක් වන වැවිලි ක්ශේෂ්ත්‍රයේද, වැඩිම ශ්‍රමිකයින් පිරිස කාන්තවන්මය. මා මේ පිළිබඳව වෙනම ලිපියක් මීට කලින් ලියා ඇත.

අප රට සුචරිතවාදි මහත්වරුන්, විශේෂයෙන් මෙම මැද පෙරදිග ගෘහ සේවය සඳහා යනු ලබන කානතාවන් හඳුන්වනුයේ "වහල් සේවය" සඳහා යන පිරිසක් ලෙසය. ඔවුනට අනුව ගෘහ සේවය යනු "වහල් සේවයකි". මෙයින් ගම්‍ය වන ප්‍රධාන කරුණ කුමක්ද? රට තුල සිටින, ළෝකයේ උතුම්ම වස්තුව වන, අම්මාගේ සේවය හෑල්ලුවට ලක් කිරීමක් නොවේද?

ඔවුනට අනුව සියළුම අම්මාවරුන් වහලුන්ය. ලංකීය සුචරිතවාදී පුරුෂයාගේ සත්‍ය මානසිකත්වය මෙයම නොවේද? ඔවුනට තම මවට මේ නම ආදේෂ කිරීම, තරමක් ගැටළු සහගත වූවද, බිරිඳක් ලෙස සොයනුයේ වහලියක්ම නොවේද. ඔවුන් බිරිඳකගෙන් බලා පොරොත්තු වන්නේ කුමක්ද? ඇත්ත වශයෙන්ම, රජයේ ලියාපදිංචි කොට, නීත්‍යනූකූලව වහලියක් ලබා ගැනීම මගින්, ඔවුන් බලාපොරොත්තු වන්නේ මොනවාද?

  • තමන්ට අවශ්‍ය වූ ඕනෑම අවස්ථාවක ලිංගිකව එක්වීමට ඇති නිදහස.
  • තමා හා තම දෙමව්පියන්ගේ මෙහෙකරුවකු ලෙස සේවය කිරීම.
  • පරම්පරාවේ ගෞරවය හා නම්බුව ආරක්ෂා කිරීම සඳහා උගත් දරුවන් බිහි කිරීම.
  • රැකියාවක යෙදුනේ නම්, ඉන් ඉවත්වී ගෘහ සේවීකාවකගේ සේවය සැපයීම.
  • ඉවුම් පිහුම් කටයුතු, ගේ දොර පිරිසිඳු කිරීමේ කටයුතු, දරුවන්ගේ පාඩම් වැඩ ඇතුළු සියළුම කටයුතු නොපිරිහෙලා ඉටු කිරීම.
  • තම ඇඳුම් පැලඳුම් පවා සෝදා පිරිසිඳු කොට ඉස්ත්‍රික්ක කර දීම.
  • උදෑසනම අවදිවී, රැකියාවට ගෙන යාම සඳහා දිවා ආහාරයද පිලියෙල කර දීම. 

ආදි ලෙස, තවත් බොහෝ කරුණු ඉටු කර ගැනීම, එකම බලාපොරොත්තුව වේ. නිවසින් පිටතට යාමට නිදහසක් නැත. එසේ නිදහසක් දුන හොත්, තම පුරුෂාධිපත්‍ය වෙනත් කෙනෙකු මඟින් ඩැහැගනී යන බිය නිසා, නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන ඒම හා, ඒ හා සම්බන්ධ කරුණු පමණක් සුචරිතවාදි මහතුන් විසින් ඉටු කරණු ලබයි.

සමහර විට දැවද්දක් සමඟ පැමිණි කාන්තාවක් නම්, මේ සියළු වැඩ කටයුතු සඳහා, මෙහෙකාර සේවයට තවත් කාන්තාවක් කැඳවාගෙන එනු ලබයි. ඇයද මෙම සියළුම කාර්යයන් ඉටු කළ යුතු අතර, පවුලේ ගරු නම්බුව ආරක්ෂා කර ගැනීම සඳහා ලිංගිකව එක් වූවද, දරුවන් ලැබීමේ මං අහුරා දමනු ලැබේ. සත්‍යය මෙය නොවේද? මැද පෙරදිගද සිඳු වන්නේ මෙයමය. එහෙත් මානව අයිතිවාසිකම් ඇත්තෙම නැති සවුදි අරාබියාවේ පවා, සතියකට එක දිනක්, නිවාඩු ලබා දෙනු ලැබේ.

අප රටට විශාල අපකීරිතියක් ලබා දෙන මේ "වහල් සේවයම", ලංකාවෙදි සිඳු කිරීම, කිසි ලෙසකින්වත් අගෞරවයක් නොවේ. එනම් පිටරට ගොස් සිටින සුචරිතවාදි මහත්වරුන් හා ලංකාවේ ජීවත්වන සුචරිතවාදි මහත්වරුන්, එසේ ගෘහ සේවය සඳහා පැමිනෙන කාන්තාවකට ලබා දෙන්නේ කීයද? අද පවා, ඔවුන් මේ සියළුම සේවාවන් සඳහා කාන්තාවක් සොයනුයේ, උපරිම රුපියල් 7000/= - 8000/= ක ප්‍රමාණයකටයි. එහෙත් මැද පෙරදිග රැකියා සඳහා ඉතා පහසුවෙන් පිටත් වී, අවම වශයෙන් රුපියක් 25,000/= වත් සොයා ගැනීම ඉතා පහසු කටයුත්තකි. මෙහිදි විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් ඇත. එනම් මේ මුළු මුදලම ඉතිරි කිරීමට ඇති හැකියාවයි.


අප රට තුල, රුපියල් 7000/= - 8000/= ක මුදලට කාන්තාවක් සොයා ගත්තද, ඔවුන්ට සතියට එක දිනක් හෝ නිවාඩුවක් ලබා දෙනවද? සමහර තිරිසනුන්, කෑමට කියා පඩියෙන් කපා ගන්නා අවස්ථාවන්ද මා අනන්ත්වත් දැක ඇත. බොහෝ විට නියමිත දිනයේ පඩි ලබා දෙන්නේ නැත. නිදාගැනීමට ලබා දෙනුයේ පැදුරක් පමණි. කොට්ටයක්වත් නැත. බොහෝ විට හොඳ කෑම වර්ග ලැබෙන්නේ නැත. කෑමට සිඳුවන්නේ ඉතුරු වූ දෙයක් පමණි.

දැන් නියම වහල් සේවය තිබෙන්නේ මැද පෙරදිගද, එසේ නොමැතිනම් මේ සුචරිතවාදි මහත්වරුන්ගේ නිවෙස්වලද කියා ඔබට වැටහීමක් ලැබෙනු ඇත. ඒ තබා, මැද පෙරදිග ගෘග සෙවය හේතුවෙන්, තමන්ගේ නම්බුව හා කීර්තිය නැති වන මහත්වරුන්ගේ නිවෙස් වල සේවයේ යෙදෙන ශ්‍රී ලංකික කාන්තාවන්ගේ තත්වය ඉතාම නින්දා සහගතය. ඔවුන්ට අරාබියේ වැටුප ලබා දෙන්නේ නැත. සතියකට වරක් ලැබෙන නිවාඩුවද අහිමිය. නිවසෙන් පිටවීමට කිසිම ලෙසකින් වත් අවසර නොලැබේ. එමෙන්ම නිවසට පැමිණෙන කිසිවකු හා කතා කිරීම තහනම්ය. බොහෝ විට ලබා දෙන පඩියෙන්ද, ගුවන් ටිකට් පත් හා කෑමට බීමට යයි පවසමින්, පඩියෙන් අඩු කර ගනි. මේවා සජීවීව අපේ ඇස් දෙකන් දුටු දේවල්ය. කන් වලින් ඇසූ දේවල්ය.

ඇත්ත වශයෙන්ම අපේ රට තුල සිටින, මැද පෙරදිග රැකියා ගැන අවබෝධයක් නොමැති, ළිං මැඩි දේශපාළකයන් හා සුචරිතවාදි මහත්වරුන්, මැද පෙරදිග කාන්තාවට එරෙහි වීමේ යම් කිසි සාධාරනත්වයක් ඇත. පළමු කරුණ නම් දේශපාළණය කලද, උගතුන් වූවද, ඔවුන්ට තම රට පිළිබඳව නිසි අවබෝධයයක් නොමැති කමයි. ඔවුන් දුප්පත් කම මනිනා ක්‍රමය පිළිබඳව මට කීමට ඇත්තේ, අර ප්‍රසිද්ධ විහිළුවයි. නිවසෙ සියල්ලන්ගේම දෛනික කටයුවැඩ කටයුතු සියල්ලම සඳහා ඇත්තේ, එකම වෙහිකල් එකකි කියා විස්සෝප වූ කතාවය.

කටුක වූ සත්‍යය නම්, ශ්‍රී ලංකීය නිර්ධන පංතිය හැරුණ විට ඉන් ඉහල පන්තියෙ ජනතාව වැඩි පිරිසක් සිටිනුයේ, දුප්පතුන් ගැන කිසිම අවබෝධ්යක් නොමැතිවය. ඔවුන් රිසානා ජීවත් වූ නිවස තබා, කොළඹ මුඩුක්කුවක ඇති නිවාසයක් වත් දැක නොමැති පිරිසකි. ලංකාවේ ජනගහනයෙන් 40% කටත් වඩා වැඩි පිරිසකගේ නිවෙස්, අප කුඩා කාළයේ ඉඳිකල සෙල්ලම් නිවාස වැනිය. ඔවුනට ටකරන් තහඩුවක් වුව මහා මේරූ පර්වතයක් මෙන් ඉහළය. ශ්‍රී ලාංකීය දෙශපාළඥයා මේ කරුණු සියල්ල හොඳින් දනී. එසේ නම්, ලංකාවේ 90% විදුලි පරිභෝජකයින් වන්නේ කෙසේදැයි කියා කෙනෙකු තර්කයක් ගෙන එනු හැක. ලංකාවේ ජනගහනයටත් වඩා වැඩියෙන්, ජංගම දුරකතන ඇත්තේ කෙසේදැයි තවත් කෙනෙකු ප්‍රශ්ණ කළ හැක.

ඒවන් තර්කයන් නගනුයේ, මේවා අත්‍යාවශ්‍ය භන්ඩයන් නොව, සුඛෝපභෝගී භාන්ඩයන් ලෙස වරදවා වටහා ගෙන සිටින්නාවූ මෝඩ මානසිකත්වය නිසා මිස, වෙන කිසි හේතුවක් නිසා නොවේ. බොහෝ විට මෙම නිවාස වල ඇත්තේ, එක විදුලි බල්බයකි. ජංගම දුරකථන, තත්වයෙන් ඉතා පහත්, භාවිතාවට නුසුඳුසු, ප්‍රමිතියකින් තොර දුරකථනයන් බව, මෑතකදි පාර්ලිමේන්තුවේදී පවා කතා බහට ලක්විය.

45% කටත් වඩා ජනතාවගේ දෛනික ආදායම ඩොලර් දෙකකටත් වඩා අඩුය. ඒ අනුව ඔවුන් කිසිම විවේකයක් නොමැතිව දින 30 ම රැකියාවේ යෙදුනද මාසික ආදයම රුපියල් 7,500 පමණි. මේ මුදලින් කළ හැක්කේ කුමක්ද? කොළඹ නගරයේ රෙද්දක් එලාගෙන හිඟ කෑමද? කිසිවකුට අත නොපා රුපියල් 25,000/= මාසිකව ලැබිය හැකි නම් ඔවුනට ඒය විශාල දෙයක් නොවේද? කිසිම උගත් කමක් නැති. සමහර විට පහේ ශ්‍රේණියට වඩා අධ්‍යාපනයක් නොලද කෙනෙකුට රැකියාවක් ලබා දෙන්නේ කව්ද? රැකියාවක් ලබා දුන්නද, නොමිලේ ආහාර, බෙහෙත් හේත් හා නවාතැන් ලබා දෙනුයේ කවුරුද? ඇත්තටම පුරුෂ පක්ෂයට හෝ මේ අකාරයේ රැකියාවන් තිබේ නම්, ජනතාව දැණුවත් නොකරන්නේ ඇයි. නමුත් සත්‍යය මීට වඩා කටුකය.

පුවත් පත් හා ජනමාධ්‍ය මගින්, සෙවයේ නියුතු කාන්තාවන්ට හා ඔවුන්ගේ පවුල් ආශ්‍රිතව සිඳුවන අහඹු සිඳුවීමක් දින ගනනාවකට කතා බහට ලක්වීමෙන් පසු, බොහෝ අනුකම්පාවන් ඇඬීම් වැලපීම් මැද, ජේෂ්ඨ ජනමාධ්‍යවේදීන්, දේශප්‍රේමි අවස්ථාවාදි දේශපාළඥයින් හා සුචරිතවාදින් සියල්ල ,එක රෑනට එකතුවී හරි අපූරු තර්කයක් හා විරෝධතාවයක් ගෙන එයි. ඒ මේ වහල් සේවය වහාම නවතා දම ලෙසයි. මේ මඟින් පෙන්වන්නේ මේ රටේ ආර්ථිකය ගැන, සමාජ තත්වය ගැන කිසිම දැණිමක් නොමැති කමයි. අහඹු සිඳුවීමකින්, සමාජය ගැන දැනීමක් නොමැති නොදරුවකු දිවිනසා ගත් විට, ෆේස්බුක් අඩවියට ඇඟිලි දිගු කරන්නේද මෙවන්ම වූ අම්බරුවන් පිරිසක් මිස, වෙන කිසිවකු නොවේ. ඔවුනට අවශ්‍ය තමන් ගොඩ යෑම පමණි. ඒ ආත්මාර්ථකාමිත්වය අපේ සිංහළ ළකුණකි.

මෙය, ඒ අහඹු සිඳුවීම සාධාරනීකරණය කිරිමක් ලෙස, කිසි ලෙසකින්වත් වටහා ගත යුතු නැත. මා සේවය කොට ඇති මැද පෙරදිග රටවලින්, මා අකමැතිම රට සව්දි අරාබියාවයි. එහි විධායක ශ්‍රේණියේ රැකියාවකට ගියද, ඔහු නොරටක සිරකරුවෙක්ම පමණය. ඇත්ත වශයෙන්ම ඊශ්‍රායලය හැර, මා සේවය කළ අන් කිසිඳු රටක, සේවය කිරීමට මා කැමති නැත. මන්ද, එම රටවල් කිසිම නිදහසක් නොමැති රටවල් හේතුවෙනි. ලැබෙනා වූ මුදලට වඩා, මා මගේ නිදහස අගය කරමි. එම නිසා මේ සියළුම රටවල මා සේවය කර ඇත්තේ ඉතා සුළු කාළ පරාසයන් තුල පමණි.


එහෙත් මා අකමැති වූවායැයි කියා, අනෙකකුගේ සිහිණයන් කඩා බිඳ දැමීමට, මට ඇති අයිතිය කුමක්ද? මා සිඳුකරණුයේ තවෙකකුගේ මානව අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් නොවේද? වේදනාවට කරුණ නම්, මෙම රැකියාවන්ට විරුද්ධව හඬ නගනුයේද, මානව අයිතිවාසිකම් ගැන උදේ හවා කතා කරන පිරිසක් වීමයි. තම ප්‍රදේශයේ අඩු ආදායම් ලාබි පිරිස, අවම පහසුකම් සහිත පිරිස, දුප්පත් පිරිසද තමන්ගේ තත්වයට පැමිනෙනවාට ඇති ඉරිසියාවයි. අප පවුල්වල සමහර වැඩිහිටි ඥාතීයකු පැවසු දෙයක් මට මේ අවස්ථාවේ සිහිවේ. මේ වැඩෙන් අන්තීමට වෙන්නේ ගහක පොල් ගෙඩියක් කඩා ගන්න, වත්ත සුද්ද කර ගන්න, හහ්ඩිස්යකට කුස්සියේ වැඩ ටික කර ගන්න කුඹුරේ වැඩ ටික කර ගන්න එකෙක් නැති වෙන එකයි. ඇත්ත අද ඒ සියල්ලම කර ගැනීමට ඔහුට විශාල පිරිවැයක් දැරීමට සිඳුවී ඇත. වෙනදා මෙන් බත් වේලකට පොල් ගෙඩියක් වැනි අල්ලසකට උපරිම සේවය ලබා ගැනීම නැවති ඇත. මැද පෙරදිග රැකියාවන් නිසා අද එම සේවාවන්ට මිළක් ලැබී ඇත. අනාගතයේ තේ වතුවල කම්කරුවන් සෙවීම බොහෝ අමාරු දෙයක් වනවා නොඅනුමානය.

මැද පෙරදිග ගෘහ සේවය සඳහා පිටත්වන කාන්තාවගේ ඇත්ත කතාව කුමක්ද?

මේ වසරේ දත්තයන්ද එකතූ වූ විට, මිලියන දෙකකට (2,000,000) ආසන්න පිරිසක් විදෙස් සේවය සඳහා ගොස් ඇත. එය රටේ ජනගහනයෙන් 10% කි. මේ එක පුදගලයකුගේ ආදයම මඟින් රැකෙනා පිරිස, 5 දෙනකු ලෙස ගත හොත්. එය රටේ ජනගහනයෙන් හරි අඩකි. අවම වශයෙන් 4 දෙනකු ලෙස ගතහොත් එය 40% තරම් විශාල වූ ප්‍රමාණයකි. මැද පෙරදිග ගෘහ සේවයට අදාලව ප්‍රතිශතයක් ලෙස ගතහොත්, ලංකාවේ ජනගහනයෙන් 34% කි. අවමයක් ලෙස 30% ලෙස ගනිමු. එවිට මේ පිරිසද අර කලින් සඳහන් කළ දෛනික ආදායම ඩොලර් 2 කට අඩුවෙන් ගන්නා පිරිස හා එක්වූ විට රටේ තත්වය කුමක්ද?

වැඩිම පිරිසක් ගොස් ඇත්තේ මැද පෙරදිග රැකියාවන් සඳහායි. එයින්ද, කාන්තාවන් එම රටවලට පැමිණීම හේතුවෙන ලැජ්ජවටත් අපකීර්තියටත් පත්ව ඇති සුචරිත මහත්වරුන්ගේ ප්‍රමාණය, 6% කටත් වඩා අඩු ප්‍රමාණයකි. දැන් අප කළ යුතුව ඇත්තේ මේ 6% කටත් අවම ප්‍රමාණයේ හිත සුව පිණිස. රටේ ආර්ථිකයට විශාළම දායකත්වය ලබා දෙන 85% කටත් අධික කාන්තා සේවිකාවන් පිරිස, මෙරටට ගෙනවා ගැනීමයි. මෙයිනුත් විධායක් ශ්‍රේණියේ රැකියාවල නියුතු ප්‍රමාණය 0.04% ටත් අඩු ප්‍රමාණයකි. පුහුණු ශ්‍රමිකයින් පිරිස් ගත්තද 5% කටත් අඩු ප්‍රමාණයකි.

එමෙන්ම මෙම සුචරිතවාදින්, තවත් අපූරූ තර්කයක් ගොඩ නගයි. එනම්, හොඳ රැකියාවන් සඳහා පැමිණෙන ලෙසයි. මට නම්, මැද පෙරදිග කරනා සියළුම රැකියාවල්, සිරගත කළ ජීවීතයක් වැනිය. (මේ හොඳ රැකියාවන් කියන්නේ මොනවාටදැයි කියා, මට නම් වැටහීමක් නැත, මට නම්, ඕනෑම රැකියාවක් ඉතා හොඳ රැකියාවකි. තමන් විසින්ම හිඟා කා මුදල් එකතු කර ගැනීමද, ඉතා හොඳ රැකියාවක් බව අද සමීක්ෂණවලින් පවා හෙලිවී ඇත.) මේ කරුණු ඉස්මතු කරනුයේ, එම සුරිතවත් මහතුන්ට, මෙම කාන්තාවන් හා සමාගමයන් පැවැත්වීම කෙසේ වෙතත්, අවම වශයෙන් කතා බහ කිරීම හෝ මදි පුංචි කමක් වූ හේතුව නිසාවෙනි.

ඇත්ත වශයෙන්ම යමක් කළ හැකි පිරිස, රජයෙන් සියළු දේ කරනා තුරු බලා නොසිට, ස්වේඡ්චාවෙන් ඉදිරිපත්ව, උදව් උපකාර කරන්නේ නම්, දුක් කරදර වලට පත්වූ සියල්ලන්ටම උපකාර කළ හැක. එහෙත් ඔවුන් කරන්නේ මොනවාද? එක්කෝ සංගිත කණ්ඩායමකට ආරාධනා කොට අර අහිංසකයින්ගේ මුදල් වලට තට්ටු කිරීමයි. දැන් අළුත්ම ප්‍රවනතාවය නම් ලිප්ස්ටික් ආලේප කරනා සඟුන් ගෙන්වා, බණ භාවනා පැවත්වීමයි.

මේ බණ කියනවාට වඩා. වීසා නොමැතිව සිරගතවී, ගුවන් ප්‍රවේශ පත්‍රයක් මිළදී ගැනීමට නොහැකිවී සිරගතව සිටින පිරිසෙන් එකෙක් හෝ මෙරටට එවීමට ආධාරයක් කරන්නේ නම්, කෙතරම් වූ පුණ්‍ය කර්මයක්ද? කුහක මාෆියා කරුවන්ගේ ග්‍රහණයන්ට ගොදුරුව, කුසට අහරක් නොමැතිව පාලම් යට වෙසෙනා තම සහෝදර සහෝදරියන්ට, එක වේලක් හෝ ලබාදිම්ම කොතරම් පින් කමක්ද?

එහෙත් එවන් දෙයක් කිරීම ඔවුන්ට මහා මදි පුංචි කමකි. ඒ සඳහා වෙලාවක් වෙන් කර ගැනීම ඉතා අපහසු කටයුත්තකි. ඔවුනට තම ශ්‍රේෂ්ඨ පාසල්වල, ආදි සිසු රැස්වීම්, ක්‍රිකට් තරඟ, රොටරි සමාජ, සිංහ සමාජ, වෘත්තිය සමාජ, පික්නික්, ඩෙසර්ට් සෆාරී, විදේශයන්හි සැරිසැරීම් වැනි, වෙනත් අත්‍යාවශ්‍ය කටයුතු රාශියකි. මේ අහිංසක ලක් පුතුනට, දියනියන්ට, උදව් උපකාර කරනන්නාවූ පිරිසක්ද සිටිනා බව, ඔවුන්ට උපහාරයක් ලෙස මෙහි සඳහන් කර සිටිය යුතුමය.

නගන්නාවූ තර්කයක් වන්නේ, මේ පිරිසගේ පවුල් සංස්ථාවන් කඩා ඉහෙරන බවයි. මේ සුචරිතවාදි මහතුන්ගෙන් මට ඇසීමට ඇත්තේ, අද රට පුරා ප්‍රවනාතාවයක් වී ඇති දික්කසාද නඩූ සියල්ලම, මේ ගෘහ සේවිකාවන්ගේද කියා පමණි. මෙයත් අර ෆේස්බුක් වාරණ තර්කයේම තවත් එකක් පමණි. පියවරුන් විසින් දරුවන් දූෂණයට ලක් කිරීමද, මෙවන්ම වූ තවත් වෘෂභ තර්කයකි. කරුණාකර එසේ සිඳුවූ සියළුම ළමා අපචාර හා දුෂණයන් සිඳු වූයේ එසේද කියා, රටේම ප්‍රසිද්ධියට පත්වූ සාරුවා සුනිල්, තංගල්ල සභාපති හා කොටකෙතන සිඳුවීම වලින් ඔබට වටහා ගත හැක. ඔවුනට අනුව, ගමේ හෝ නගරයේ කසිප්පු පොලවලින් හා තැබෑරුම් වලින් බොන සියළුම පිරිස, තම බිරින්දෑවරු මැද පෙරදිග රැකියාවන් සඳහා පිටත් කොට යැවූ ස්වාමී පුරුෂයන් විය යුතුය.

අනෙක් චෝදනාව නම්, මේ කාන්තාවන්, අපචාරයේ යෙදෙන වෛශ්‍යාවන් බවයි. මේ චෝදනාව නගන්නාවු සුචරිතවාදින්ගේ හෙළුව බලාගැනීමට නම්, බුහස්පතින්දා හවසක බහරේන් රාජ්‍යයේ සංචාරයක නිරතවිය යුතුය. එසේ නොමැති නම්, තරමක් නිදහස් රටවල, සම්බාහන මධ්‍යස්ථානවල සේවය කරනා, චීන හා තායිවාන් ලඳුන්ගෙන් විමසා දැන ගත යුතුය. මේ කාන්තාවන් හා මහත්වරුන් මෙසේ නිදහස් ලිංගික කටයුතු වල යෙදීම මා නම් ඒ හැටි වරදක් ලෙස දකින්නේ නැත.

මන්ද, අහාර, ජලය හා වාතය මෙන්ම ලිංගිකත්වයද, ජීවීතයට අත්‍යවශ්‍යම වූ අංගයක් නිසාය. එහෙත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියන්නාක් මෙන්, තමන් සතු වගකීම් හා යුතුකම් අමතක කොට, තමා හරි හම්බ කොට ගත් සියළු වස්තුව, උතුම් වූ ප්‍රේමය උදේසා හෝ තම ලිංගික සතුට වෙනුවෙන් හෝ වෙනත් දෙයක් වෙනුවෙන් නැති නාස්ති කර ගැනීමත්, තාවකාලික කම් සැප වෙනුවෙන් තම පවුල් ජීවීත කඩා ඉහරවා ගැනීමත් කිසි සේත්ම අනුමත කළ හැකි දේවල් නම් නොවේ.

මිනිසාද, නිදහස ලැබූ සෑම අවස්ථාවකම කුරුල්ලකු මෙන්, නිදහසේ පියා යෑමට කැමති සත්වයෙකි. එහෙත් එසේ පියඹා ගොස්, තම කැදැල්ල කුඩු කර ගැනීම නම්, ඉතා අමනෝඥ වූ දෙයක්ම බව නොකියා සිටිය නොහැකිය. කෙසේ වූවද, තම ඥාතී හිතමිත්‍රාදීන්ගෙන් වෙන්ව තනිවම ගෙවනා ජීවීතය තුලදි, මිනිසුන්ට විනෝදය කියනා දේ, අත්‍යාවශ්‍යම සාධකයකි. තම විවේකී දිනයේද, විකල්ප රැකියාවක යෙදි මුදල් උපයනවාට වඩා. තම මිතුරු මිතුරියන් සමඟ හෝ තාවකාලික පෙම්වතුන් හා පෙම්වතියන් සමඟ එක්ව විනෝදවීමේ කිසිම වරදක් මා නම් දකින්නේ නැත. මෙවන් දෙයට විරුද්ධ වන්නේ, එවන් දෙයක් කර ගැනීමේ අවස්ථාව අහිමි පිරිස හා ලිංගික කුහකයන්ම පමණි.

මෙවන් නොපනත්කම් දිනපතා එකක් හෝ සිඳූවේ යැයි තර්ක කළහොත්, එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් එය වසරකට 0.02% කි. එම සුළු ප්‍රමාණය හේතුවෙන්, මේ දුප්පත් මිනිසුන්ගේ සිහිණය කුඩු කර දැමිය යුතුද?නමුත් මෙම සිඳුවීම් වුවද, ඉතා සුළු වෙනස්කම් තුලින් හා ප්‍රතිපත්තීන් මගින්, වෙනස් කර ගෙන යහපත් සේවාවක් ලබා දීම ඉතා පහසු කටයුත්තකි. නමුත් අවාසනාව නම් ලංකාවේ ප්‍රධානම අදායම් මාරගය ලබා දෙන මේම පිරිසට දක්වන සැලකිල්ල ඉතාම නින්දා සහගත බවයි.

රටවිරුවන් කියා බොරු විකාර විච්චූරන කරනවා වෙනුවට, විදේශ රැකියා අමාත්‍යංශයට මේ පිළිබඳව කළ හැකි සේවය මීට වඩා බොහෝය. එමෙන්ම විදේශ තානාපති කාර්යාල හා කොන්සාල් ජෙනරල් කාර්යාලවලින් ලැබෙනා සේවයෙද අගය කළ යුතු තත්වයක නැත. මේ නිළධාරින්, එක මාසයක් පිලීපීන තානාපති කාර්යාලයක පුහුණු කරන්නේ නම්, ඔවුනගේ සේවය හා අපගේ සේවය අහාට පොළොව මෙන් වන බව එක දිනක් තුල වටහා ගනු නොඅනුමානය.

මේ පිරිස විදේශ ගත කරවනු ලබන්නේද වහල් මානසිකත්වයකිනි. එහෙත් පිලීපීන ගෘහ සේවිකාවගේ මානසික තත්වය අපේ අයට වඩා බොහෝ උසස් තත්වයක පවති. විදේශ සේවා නියුක්ති කාර්යංශය මෙම පිරිසට සලකනු ලබන්නේ බල්ලන්ට බලලුන්ටත් වඩා අදම ආකාරයකටය. ඔවුනට කිසිම ගරි සරුවක් නොමැත. ආරක්ෂක නිලධාරියාගේ සිට ඉහළ නිළධාරියා දක්වා උත්සාහ කරන්නේ ඔවුන් සමග යහන් ගතවීමටයි. මෙය තැරව්කරුවාගේ සිට පිටරට තානාපති කාර්යාලයේ සෙවය කරණ නිළධාරියා දක්වාම එක ලෙස පවති. මුලින්ම ගුවන් තොටුපලද ඇතුලු මේ ආයතනයන් තුල විනය ඇති කළ යුතුය.

ගුවන් තොටුපලේදීද ඔවුන් වෙනම ගාල් කොට තබයි. එවිට ඔවුන්ගේ මානසික තත්වයට ඇති වන හානිය සුළු පටු නොවේ. ඔවුන් ගුවන් තොටුපල තුල හැසිරෙන ආකාරය නොදන්නා පිරිසක් නම් කළ යුතුව ඇත්තේ ඔවුන් වෙනම ගාල් කොට තැබීම නොව. ප්‍රසිද්ධ ස්ථානවල හැසිරෙන ආකාරය කියා දීමයි. කෙසේ හෝ කවුරුන් විසින් සිඳු කළද මේ කාන්තාවන්ට ගුවන් යානය තුල ආහාර ලබා ගන්නා ආකාරය කී දේ ඇති පිරිසට අපගේ නොමද ගෞරවය හිමි විය යුතුය. ඔවුන් කිසියම් තැනක නොහොබිනා ලේස හැසිරෙන්නේ නම්. අප කළ යුත්තේ ඔවුන්ට බැන අඬා ගැසීම නොව, පහන් සිතින් ඔවුනට කරුණු කියා දීමයි.

මේ ලිපිය දැනටමත් දිග වැඩි බව මා හොඳින්ම දනිමි. අවංකව සිඳු කරනවානම්, අපගේ යෝජනා ඕනෑම අවස්ථාවක නැවත අපට ඉදිරිපත් කළ හැක. එහෙත් ඒවා මෙතන සඳහන් නොකරනුයේ, විදෙස් සේවයේ නියුතුව සිටියදී මෙන්ම, මෙරටට පැමිණි පසුද, ඇමතිවරයාගේ සිට, සියළුම නිළධාරින්ට, දැනටමත් ලියා යවා ඇති නිසාය. මෑත කාලයේ, කලින් තිබුනාට වඩා, යම් දුරකට සෑහීමකට පත්විය හැකි සේවාවන් ඉතා ස්වල්පයක් අළුතෙන් හඳුන්වා දී ඇති බවද, මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුය.

ඉදින්, සුචරිතවාදී මහතුනේ. මේ පිළිබඳව කෑ ගහන්නන් වාලේ කෑ නොගසා. ඔවුනගේ සෙරෙපුවටත් බැස, ප්‍රශ්ණය දෙස බලනා මෙන් මෙයින් ඉල්ලා සිටිමි. කිසිවකුට අත නොපා, තම දහඩිය හා කඳුළු තුලින් සේවය කොට, ඉහල වැටුපක් ලබා ගන්නා (25,000 > 7,000) මේ දුප්පත් කාන්තාවන්ගේ රැකියාව ඔවුනට කර ගන්නට දී, ඔවුන් දේශයේ හිඟන්නන් නොකොට. රෙද්දක් එලාගෙන තමන් හිඟාකන මෙන්, මේ රටේ සුචරිතවාදි දේශපාළකයන්ටත්, සුචරිතවාදි මහත්වරුන්ටත් අප දන්වා සිටිමු.

තව දෙයක් විශේෂයෙන් සඳහන් කළ යුතුය. මෙහෙකාර සේවයට වඩා ඉතා දුෂ්කර ජීවීතයක් ගත කරනුයේ, කම්කරු රැකියාවන් සඳහා ගොස් ඇති දුප්පත් පුරුෂ පාර්ශවයයි. සමහර විට ඔවුන් පිරිමින් හේතුවෙන්, මේ අග හිඟකම් දරාගෙන සිටිනවා විය හැක. ඔවුනගේ ආහාර හා නවාතැන් පහසුකම් ඉතා අවම තත්වයේ පවතින බව, ප්‍රසිද්ද රහසකි. එහෙත් මේ වන තෙක් මේ පිළිබඳව  හඬක් නැගුවේ කව්ද? පිරිමින් එසේ දුක් විඳිම මේ සුචරිතවාදි මහතුන්ට වේදනා උපද්දන සංසිද්දියක් නොවේද?

එකම එක යෝජනාවක් පමණක් මෙහි ලියා තබමි. අද එටිසලාට් සේවාව මේ රටේද ඇත. කළ යුතු වන්නේ, ගිවිසුම තුල, ගෘහ පාලිකාවට (දැන් ගෘහ සේවිකාවන් නොමැත.) දුරකථනයක් භාවිතා කිරීමට අවසර දිය යුතු බව සඳහන් කොට. ස්පීඩ් ඩයල් මගින්, ඕනෑම අවස්ථාවක, තානාපති කාර්යාලය ඇමතිමේ පහසුකම් සකස් කොට තැබීමයි. ගෘහ සේවිකාවක් විදේශ ගත කිරීමේදි ලැබෙනා ගසා කන මුදලින්, මේ සේවාවද නොමිලේම ලබා දිය හැක.


* * * * * * * * * * * * *

මේ සුචරිතවාදි මහත්වරුන්, බ්ලොග් ලිවීමේද නිරතව සිටිනා බැවින්, කොමෙන්ට්ස් මොඩරේට් කර ඇත. (පරික්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රදර්ශණය කිරීමට සලස්වා ඇත.) ඕනෑම කෙනෙකුට (Including Anonymous) වැදගත් ලෙස විරුද්ද අදහස් දැක්වීමෙ නිදහසද ඇත. එහෙත් මගේ භාර්යාව හා මව මේ සඳහා පිටත් කරනා ලෙස, පාලි හා සඟිස්කුරුත භාෂාවෙන් එවනු ලබන කොමෙන්ට්ස් මෙහි පළකරනු නොලැබේ. එහෙත්, මා හට එල්ල කරණු ලබන ඕනෑම කොමෙන්ටුවක් පල කරනු ලැබේ. උදාහරණයක් ලෙස, පිම්පියකු හා මෙයින් ආදායම්ක් ලබනා කෙනෙකු ලෙස එවනා කොමෙන්ට්ස්.

ස්තූතියි

198 comments:

  1. මෙහෙමයි ඔය ප්‍රතිශත ගණන් පිළිබදව කොහොමද හරියටම කියන්නේ.. ආදායම් මාර්ගය හොදා තමා.. ඒත් උඹ කිව්ව වගේ අපි අපේ ළමයින් ගැන රටක් විදියට මීට වැඩිය හොයන්න ඕන..

    දැං බලහං අපේ අයියා කෙනෙක් පහුගිය මාසේ ඇමරිකාවේ (රෙසිඩන්ට් වීසා) ඉදල ඇවිත් ඩෙංගු හැදිල මැරෙන්න ගියා. මාසෙකට ආවට මේකා මාස තුනක්ම ලංකාවේ.. ඇවිත් දවස් තිහ පහුවෙලා සතියක් යන්න නෑ එම්බසියෙන් හොයනවා.. එහෙන් කතා කරනවා.. මිනිහට කරදරයක්ද බලන්න..

    සල්ලි නිසා (රටට ලැබෙන) අපේ කාන්තාව බද්දට දීමක් තමා අඩු වැඩි වශයෙන් සිදු වෙලා තියෙන්නේ.. උඹ කියන්නේ ලිංගික සුරාකෑම්, අනවශ්‍ය සේවා මුර නැහැකියලද?? ඒක බොරුවක්.. තනිකර වහල් සේවයක් තමා තියෙන්නේ.. මම හිතන්නෑ සව්දියේ ඉන්න අපේ අයගෙන් 90% කටවත් උඹ ඔය කියන සතියකට එක දවසක නිවාඩුව ලැබෙනවා කියලා...

    (බොටත් උපදෙසක් දෙන්නං. මාත් එක්ක වාද කරනවං “අනේ උඹ දන්න රෙද්ද“, “උඹල ඕව දන්නේ නෑ“ ඔන්න ඔය වගේ දෙකේ පන්තියේ මෝඩ (දයාසිරි වර්ගයේ) තර්ක නං ගේන්න එපා)

    ReplyDelete
    Replies
    1. සියළුම දත්තවල නිරවද්‍යතාවය ගැන මම පෙනි සිටිමි. මන්ද ඒවා ලබා දුන් පිරිස මේ ප්‍රශ්ණය පිළිබඳව ඉතා මැදහත් සිතින් බලන, මා ඉතා ගරු කරන්නාවූ මිතුරන් නිසාවෙනි. අවශ්‍යනම් මේ සියළු දත්තයන් අන්තර්ජාලයේ ඇත. මේ වසරේ දත්තයන් පමණක් නැත. අපචාරවල ප්‍රමාණයද දක්වා ඇත. ගණිතයට සාමාන්‍ය සාමාර්ථයක් වත් ඇතයි උපකල්පනය කරමි.... :)

      Delete
    2. දයාසිරියත් ඉන්ටර්වල් එකේ දෙන්න ඇත්තේ මම වගේ ඉවසන්නම බැරි උන තැන වෙන්න ඇති. මමත් දැක්කනේ අනික් මහත්තයා ඉල්ලන් කන්න දඟලන දැඟලිල්ල..

      Delete
    3. නැහැ මම කිව්වේ මේ චාට් වල දාපු ගණං හිලව් ගැන නෙමෙයි.. ඒක මට කියන්න අමතක උනා නෙව..

      පීඩාවට පත් වන්නන් ප්‍රමාණය ඔබ කියන්නේ 6% ක් වත් නැහැ කියල නේ.. ඒක එහෙම වෙන්නේ වාර්තා වන ප්‍රමාණය, නැවත පැමිණෙන ප්‍රමාණය හා දැනුවත් කමක් වූ ප්‍රමාණය මතයි.. එබැවින් එම ප්‍රතිශතය (හානි, පීඩිත) සදහන් කරනවාට වඩා වැඩි බවයි මා කියන්නේ. අනිත් කරුණ ඔබ සදහන් කරපු ගණන් හිලව් එක්ක 6% කියන්නේ ඉලක්කමක් ලෙස සැලකීමට නං මට බැහැ. ඒක හරියට සීයක් හදල දෙකක් රිජෙක්ට් උනාට කමක් නෑ වගේ කියන මාර්කටින් තියරියක්..

      Delete
    4. //මම හිතන්නෑ සව්දියේ ඉන්න අපේ අයගෙන් 90% කටවත් උඹ ඔය කියන සතියකට එක දවසක නිවාඩුව ලැබෙනවා කියලා...//// මෙහෙම මාතලන් කියලා තියෙනවද බලන්න මං ලිපිය ආයෙම කියෙවුවා ඒත් හම්බුණේ මේක විතරයි ..

      ///මා අකමැතිම රට සව්දි අරාබියාවයි. එහි විධායක ශ්‍රේණියේ රැකියාවකට ගියද, ඔහු නොරටක සිරකරුවෙක්ම පමණය.///

      Delete
    5. ඒ උනාට එයැයි (දයාසිරි) අපේ ලොක්කෙගේ අහිංසක කොලු කුරුට්ටොන්ට කැත කතා හදපු එක වැරදියි.. නැද්ද මං අහන්නේ???

      Delete
    6. පීඩාවට පත්වන අය දවසකට එක ගානේ අවුරුද්දටම 365 ක් දාලා විදේශ සේවයේ නියුතු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ගත්තම එන උත්තරේ 0.02%.. විනෝදෙටත් එක්ක හදලා බලන්න. මේ ළිපිය ලියන්න කල් ගත උනේ නිකන් නෙමෙයි. මේවා තහවුරු කර ගත් නිසා.. නමුත් පීඩාවට පත් වන පිරිස මීට වඩා බොහෝ අඩුයි. මම සඳහන් කරන්නේ රැවටෙන පිරිස නෙමෙයි. ඒවට කරන්න දෙයක් නෑ. පත්තරේ රෙඩියෝ එකේ, රූපවාහිනියේ හැම දාම පෙන්වනවනේ. ලියාපදිංචි රැකියා ආයතනයකින් විදේශ සේවා එකේ මැදිහත් වීමෙන් යන්න කියලා.

      Delete
    7. ඈ බං ඔමා.. මම කියෙව්ව වෙලාවේ (????) එහෙම එකක් තිබුනා.. මාතා ඒක මැකුවද මන්දා..

      ඇත්තටම බං මේවයේ වාද කරන කොට කිසි කේස් එකක් නැතිව සාක්ෂි අන්තරස්දාන කරන්න පුළුවන්නේ..

      Delete
    8. දේශ් කරුණාකරලා වාද කරනවා නම් ඒ විදියට කරන්න. දාගෙන ඉන්න කන්නාඩි ගලවලා මේක කියවන්න. මම කිසි දෙයක් වෙනස් කලෙත් නෑ වෙනස් කරන්නෙත් නෑ.

      Delete
    9. ඔමාගේ හීන- අපූර්වීJuly 10, 2014 at 2:43 AM
      //එහෙත් මානව අයිතිවාසිකම් ඇත්තෙම නැති සවුදි අරාබියාවේ පවා, සතියකට එක දිනක්, නිවාඩු ලබා දෙනු ලැබේ.//
      දෙපාරක් කියවලත් පේන්නෙ නැද්ද?

      Delete
    10. හි හි රාජ් අයියේ ඉන්නකෝ ටිකක් වලියක් යද්දී ඒක නිමන එක නෙමේ දක්ෂකම කියන්නේ, පිදුරු දාලා අවුලෝන එක,,,

      දැක්කා අනේ, දේශා අවුස්සන්න දැම්මේ :D

      Delete
    11. සවුදියේ වගේම අනිත් මැද පෙරදිග රටවලත් ඊශ්‍රායල් වලත් ඔය නිමාඩුව තියෙනවා, ඒත් ඒ නිමාඩුව ගොඩක් අය සතිය ගානේ අරගෙන නිමාඩු යන්නේ නැහැ, ඒ දවසෙත් වැඩ කරනවා ගොඩක් වෙලාවට වෙන්නේ ඒක

      Delete
    12. මේකනම් විශාල පොරශ්නයක්ය. හරියට උණු නිසා බොන්නත් බැහැ කිරි නිසා අහක දාන්නත් බැරි විදියේ තත්ත්වයකය. සල්ලිත් ඕන ඒ උනාට කකුල් පළල් කොරන්න බැරිය.
      මගේ මව අසනීප වී ඇදටම වී සිටින විට ඒජන්සියක් මාර්ගයෙන් ගැහැණු කෙනෙක් සොයාගත්තේය. ඇයට කෑම බීම අපි දිය යුතය. ඇයට අයිති රාජකාරිය මව පිරිසුදු කිරීමත් මවගේ රෙදි සීදිමත් සහ කෑම කැවීමය.
      මාසිකව එජෙන්සියට රු. 21,000.00 ගෙවිය ටුතුය. ඇයට මාසිකව රු. 19,000.00 එජෙන්සියෙන් ගෙවන බව ඇය තහවුරු කොරාය. ඇය කිව්වේ අරාබි ගොස් දුක් වදිනවට වඩා මෙම රැකියාව දහසෙන් සම්පතක් බවය.
      දේශපාලකයන් සියල්ල තම වාසියට හරවා ගන්න කොටසකි. උන්ට කාට හෙනගහැව්වත් තමන්ගේ ගැන කපේනවානම් අවුලක් නැතිය.
      අපේ රටේ ඉන්න සමාජ කසල සොදන්නන් ටත් පැවැත්මක් ඇත්තේ මෙවන් ප්‍රශ්න තිබෙන විටය. සමාජ ශෝදකයන් මේ ගැන කතා කොරමින් දුක් විදින ග්රූහ සේවිකාවන් ගැන හොද හෝ නරක කතා කොරන්නේ ඔවුන්ගේ පැවැත්ම තහවරු කර ගැනීමට මිසක මිනුස්සුන්ගේ සමාජ තත්වය දිඋනු කොරන්නට නොවේය.
      දියුනු බටහිර රටවල පල්ලි වල මැස්සෝ ඇහිරෙන්නේ මේ හේතුව නිසාය.
      Anna Corosteena

      Delete
    13. නිමි ඇඳුම් වෙළෙඳසැලේ
      ආරක්‍ෂක කුටියක්‌ තුළ ඇඳුම් මාරුකරමින් සිටි
      තරුණියගේ පින්තූර ගත් තරුණයා අධිකරණයට

      වැලිමඩ - අර්නි දඹදෙණිය

      පසුගිය 10 දින බදුල්ල බසාර් වීදියේ නිමි ඇඳුම් වෙළෙඳ හලක ආරක්‍ෂිත කාමරයක්‌ තුළ ඇඳුම් මාරු කරමින් සිටි තරුණියකගේ සේයාරූ එයට ඉහළින් සිට ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කළ මුස්‌ලිම් වෙළෙඳ සේවකයකු 24 දින බදුල්ල මහෙස්‌ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනවිය ඉදිරියට පමුණුවන ලදුව ජාතීන් අතර ගැටුම් උත්සන්න කිරීමට තුඩුදෙන පහත් ක්‍රියා කිරීමෙන් වළකින ලෙසට අවවාද කරමින් රුපියල් දස දහසක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ පහක ශරීර ඇප දෙකක්‌ මත මුදාහරින ලෙසට නියම කළාය.

      මෙම සැකකරු වූයේ ජෙයනූඩීන් මොහොමඩ් අස්‌රාමි නම් 20 හැවිරිදි තරුණයකු වන අතර බදුල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ටිරොන් රත්නායක මහතා සැකකරුට ඇප ලබාදිමෙන් මහජන නොසන්සුන්තාවක්‌ මතුවිය හැකි බවට අධිකරණය දැනුවත් කළේය.

      එහෙත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුජීව ජයසිංහ මහතා හා නීතිඥ කාශ්‍යප පෙරේරා මහතා තරුණු දක්‌වමින් සැකකරුට එරෙහිව තිබෙන නඩු භාණ්‌ඩ මෙතෙක්‌ අධිකරණයට ඉදිරිපත් කර නැති බව පෙන්වා දුන්නේය.

      මේ කරුණු සැලකිල්ලට ගෙන මහෙස්‌ත්‍රාත්වරිය සැකකරුට යළි මෙවැනි පහත්ක්‍රියාවල යෙදුන හොත් නඩු විභාගය අවසන් වන තුරුම ඇප අවලංගු කරන බව දන්වමින් මුදාහැර තිබිණි.

      Delete
  2. හ්ම්.... සැනසිල්ලෙ කියවන්න ඕන..... කේන්ති ගන්නෙ නැතිව......
    මල පන්නන ඒවා නොවැ උඹ ලියන්නෙම.....

    ReplyDelete
    Replies
    1. කළබලයක් නැතිව කියවහන්. මේ තමයි තිත්ත ඇත්ත.

      Delete
    2. කියෙව්ව මචෝ...... සහතික ඇත්ත......
      පිලිපීන ගැහැණු වාසනාවන්තයි....... මායම් ගොඩක් තිබ්බට.....

      Delete
    3. එයාල කොහොමත් හොඳයි අනේ.. සත්තරන් කෙල්ලෝ...

      Delete
  3. පිට රට ගොහින් ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන්ට ගණිකාව හෝ වෙනත් එවන් අවමාන නම්බු දෙන උදවියට බැරිවුණා ඒ මනුස්සයන් සුදුසු රැකියාවක් ලංකාවෙන් ලබා දෙන්න...
    හැම මනුස්සයම මොකක් හරි දේකට විශේෂී කරණය වෙලා ඉන්නෙ අරක මේක කියල බණ දෙසුවට එු කැගහන අයම දන්නෙ නෑ ඒ වගේ අයට කරන්න ඕන මොකද්ද කියල.. කොටින්ම ඒ ගෑණු අය පිට රට නොයව ලංකාවෙ තියා ගෙන ඒ අයට සුදුසු ආකාරයක රැකියා අවස්ථාවක් නිර්මාණය කරන්නත් ඔය කෑ ගහන අයට බැරිවුණා.. එහෙම වුණා නම් කෑ ගැහැව්වට ප්‍රශ්නයක් නෑ..
    අනික තමා තමංගෙ ඡන්ද වැඩි කරගන්න උඩ පැනල කෑ ගහන අයට තමන්නෙ කාලෙ ආවාම ඒ දේවල් අමතක වෙන එක...
    මාතෙ...
    මෙතන නැති දෙයක් තියනව...
    ඒ ගැන අහන්නද...
    සාමාන්‍යයෙන් ගැහැණු කෙනෙක් ගෘහ සේවයට යද්දි ඒ රටේ බෝකර් බුවා අරගැහැණු කෙනාගෙ ගෙදරට ලක්ෂයකට වඩා වැඩි මුදලක් දෙනව.. බොහෝ විට මේක ලක්ෂයේ ඉදන් දෙක හමාර දක්වා ගාණක්...
    ඒ ඇයි කියල තමා මට හිතා ගන්න බැරි...
    අනිත් ප්‍රශ්න ගැන අහන්න ඕන නෑ

    ReplyDelete
    Replies
    1. ඒ ගෙවීම අනිවාර්යයෙන් කළ යුතුමයි. මේ ගැන බොහෝ දෙනෙක් දන්නේ නෑ. ළිපිය අවසානයේ මම සඳහන් කරලා තියෙන්නේ ඒ ගෙවීම ගැන තමයි. මේ මුදල දෙන්නේ ඔවුන් ඉතා අසරණ පිරිසක් බව ඔවුන් දන්නා නිසයි.

      Delete
    2. ඒත් මාතෙ ඕකනිර්වචනය වෙන විදිය ඔයා දන්නව ඇති...
      ඒක දෙන්නෙ ඒ ගැණිගෙ ******
      ඔන්න ඔහොමයි පද හැදන්නෙ සහ කට්ටිය කියන්නෙ...
      දන්නව ඇති නුගේගොඩ ඉංගීසි විකුණන පසිද්ද බුවා....
      අර කුජීත පඩේසිංහ...
      බුවා ඕමම තමා කියන්නෙ...
      මොකද දන්නෑ

      Delete
    3. ඌගේ වැඩ ගැන මම කියන්න ඕන නෑ නේ. ඌ ගාවට යන උන්ට නම් අබ සරණයි. නුගේගොඩම ඉන්න තවත් සක්විති කෙනෙක් තමයි.

      Delete
  4. මාතලන් මෙතනදි කරන්නෙ "අනුන් මෙහෙම කිව්ව කියල තමන්ගේම පැහැදිලි කරගැනීමක් තමන්ටම කරගෙන" ඒ අනුව හතර අතේ කඩුව වැනීම.

    මාතලන් හිතනව ලියනව කෙනෙක් ලියපු දෙයක් තේරුම්ගන්න බැරිවීම නිසා, "ගෘහ සේවිකාවන් සියළු දෙනාම ගණිකාවන්ය" කියන උපකල්පනයට ඇවිල්ල. කවුරුවත් එහෙම කියල මම නං දැක්කෙ නෑ.

    ගෘහ සේවයට යාමේ අවුලක් තියනව. මොන රැකියාවෙත් අවුලක් අවධානමක් නැත්තෙ නෑ. මුහුදු යාමේත් ඔය අවධානම තියනව නෙව. නමුත් රැකියා ක්ෂේත්‍ර අතරින් සිදුවෙන වාසි අවාසි කිරල මැනල බැලුවම ගෘහසේවිකාවන්ට මහලොකු වාසියක් නෑ. මරණයේ අවදානමේ ඉඳල ඕන දෙයක් වෙන්න පුළුවන්. අනිත් පැත්තට මෙහේ සිද්ධවෙන දේවල් සුළුකොට තකන්න බෑ. ඒගැන අැති.

    තෘහසේවය කියන දේ තහනම් කරන්න කියල කාටවත් කියන්න බෑ. නමුත් අවදානම වටහා දියයුතුයි කියන තැන මම නං ඉන්නව. ඒක නිකං මේ වගේ. කුඩු තහනම් වෙන්නෙ කුඩු නිසා ඇතිවෙන සමාජ හානිය සලකල. කුඩු නීතිගත කරල කියන්න පුළුවන්ද කුඩුගහන එකා කුඩු ගැහුවාවෙ හැබැයි ‍හොරකම් කරල කුඩුගැහීම කුඩුවල අවුලක් නෙවේ කියල? අන්න ඒ වගේ තමයි අර ළමයි දූෂණය කරන එක ගැන මාතලන්ගෙ තර්කෙ!

    මාතලන් මේකෙදි කතා කරනව දැනට ගෙවල් වල ඉන්න ගෑනු ගැන. එයාල‍ට ගෙවීමක් නැති එක ගැන. නිවාඩු නැති එක ගැන. සුචරිතවාදී යයි මාතලන් නමක් දාගෙන තියන මහත්තුරු ගැන. ලංකාවෙ ගෑනු විතරක් නෙවේ පිරිමි ගෑනු මහල්ලන් දරුවන් හැම එකාටම තමන්ගේ වැඩ තියනව. නියමිත ඩියුටියක් තියනව. ඒවට කවුරුවත් ගෙවන්නෙ නෑ. අගයකිරීමක් නැති වෙන්න පුළුවන්. එහෙම උනා කියල මාතලන් කියන විදියට මැදපෙරදිග ගිහිල්ල එහේ ගෙදර වැඩ ටික කරන එකයි බොසා‍ට ඇඟ උඩ නඟින්න දෙන එකයි මෙහේ වැඩකිරීමටයි මිනිහ එක්ක අහවල් වැඩේ කරන එකයි සමාන කරන්න පුළුවන්ද? ඔය දෙකම එකක්ද?
    උඹ මේක ලිව්වෙ හොඳ සිහියෙන් කියල ෂුවර්ද?
    (දැනට ඔච්චරයි උඹේ ලිපියෙ මතක ඇත්තෙ. එක සැරයයි කියෙව්වෙ)

    ReplyDelete
    Replies
    1. ඔයා රාජ් එහෙනම් බ්ලොග් ඔක්කෝම කියවලා නෑ. කලකට ඉහතදි එක් බ්ලොග් රචකයෙක් ඒ ආකාරයට ලියා තැබුවා. මේ එක කෙනෙක් ටාගට් කරගෙන ලියපු දෙයක් නෙමෙයි. මැද පෙරදිග ගැන නොදන්න පුහු සුචරිතවාදින් සියල්ලන්ටම ලියපු ලිපියක්. ඔයා කලබල වෙන්න එපා.

      Delete
    2. පුහු සුචරිතවාදින්ට මේකෙන් රිදෙනවා. ඒකට මට කරන්න දෙයක් නෑ.

      Delete
    3. වෙන්න ඇති. මම කියෙව්වෙ නෑ කියල හිතමුකො! අනිත්වා එසේමයි.

      Delete
    4. ඔන්න ආයෙත් මුල ඉඳල බලාගෙන ආව.
      1.ගෘහසේවය නොවන අනෙකුත් සේවාවන් ඒ තත්වයටම දාන්න මාතලන් උත්සාහ කරන බව පේනව. නමුත් මාතලන් කියන විදියට හිරකාරයන් වගේ නං නෙවේ ඉන්නෙ. උදාහරණයක් විදියට මම දන්න හෙදියන් ඉන්නව ඕනතරම් ඕමාන් වල එහෙම සේවය කරන. කවුරුත් බලෙන් ඇඟඋඩ නගින්න එන්නෙ නෑ. නිවාඩු තියනව. හොඳ වැටුප් තියනව. ඔවුන්ගේ රටේ නීතියෙන් මිසක් වෙන අවුලක් අැත්තේම නෑ.

      2.ලංකාවෙදි මාතලන් කියන ගනං වලට ගෘහසේවිකාවන් හොයාගන්න පුළුවන් නං මාත් කැමතියි. මොකද ඔය කේස් එක නිසා මාත් සෑහෙන්න කට්ටක් කෑව මාස කිහිපයක්. මෙහේ නං 12000ට අඩුවෙන් කෙනෙක් හොයාගන්න බෑ බං. (අපිටත් එච්චර ගෙවන්න උනා) මගේ බොසාගෙ දෙගර ඉන්න කෙනාත් 13000ක් ගන්නව උදේ ඇවිල්ල හවස යන්න.

      Delete
    5. මේ බොසාලා අපේ ගෑණු එක්ක සෙක්ස් කරනවා කියන කතාවත් අතින් පයින් දාලා හදාගත්ත කතාවක්. උන් අපේ පඟර නැට්ටියෝ එක්ක නිදාගන්නවා තියා බලන්නෙවත් නෑ. උන් නිදාගන්නේ හම සුදු රුසියානු හා මෝල්ඩෝවා කෑලිත් එක්ක. අපේ ගෑණු අය ගෙදරට ගන්න අරාබී කාන්තවන් කැමති එක හේතුවකුත් ඒකයි.

      Delete
    6. ඉතින් පවු නේ මචෝ 25,000 ක් වත් දියන්. එතකොට රට යන්නේ නෑ. උඹේ යාලුවන්ටත් කියහන්. ඔය ස්කිල්ස් ජෝබ් වලට යන ප්‍රතිශතයන් අර වගුවල තියෙනවා මචෝ.

      Delete
    7. ස්කිල්ස් ජොබ් වලට යන උදවිය වැඩ කරන්න උත්සාහ කරන්න ඕන අනිවාර්යෙන්. වගුවෙ ප්‍රතිශතය හරි වෙන්න ඕන. ඔයවගේ පොඩි පිරිසක් තමයි යන්නෙ.

      Delete
    8. ඒක ඇත්ත මචෝ.. ගෘහ සේවයට යන පිරිස ප්‍රමාණාත්මකව වැඩි උනාට. ප්‍රතිශතයක් හැටියට අසු වෙලා තියෙනවා. ඒක හොඳ ප්‍රවනතාවක්.

      Delete
    9. මචං.....ඔය බොසා ඇඟ උඩ නගින එක කැමෙත්තෙන් සහ බලහත්කාරයෙන් යන දෙවිදිහටම වෙනවා. අපි කල්පනා කරන්න ඕන බලෙන් ඇඟට නගින අය නිසා වෙන කරදර වැලක්වීම නවත්වා ගැනීමත්, ඒ වෙනුවෙන් රජයන් දෙකක් එකතුවී ගත හැකි ක්‍රියාමර්ග සම්පාදනය කරගැනීමත් නේද? කැමැත්තෙන් වෙන දේවල් ප්‍රශ්න නෙවේනේ. එය දෙකොටසම ගැන මැදිහත්ව වැඩ කටයුතු කරන්න වෙච්ච අවස්තා මට තිබුනා.

      මම මේ සංවාදයේ ඉන්නේ සංඛ්‍යා ලේඛන මත පිහිටා නොවෙන වග සලකපල්ලා. මා දුටු සහ අත්විඳි ප්‍රායෝගික තලයේ ඉඳගෙනයි.

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. //එය දෙකොටසම ගැන මැදිහත්ව වැඩ කටයුතු කරන්න වෙච්ච අවස්තා මට තිබුනා.//

      අරූ ඒ මැද කටයුතු ගැනත් පෝස්ට් එකක් ලියයි කියල බලාපොරොත්තුවෙනව.
      කෙන්ජිත් ලියල තියනව දැක්ක

      Delete
  5. මම මාතාගේ මේ ලිපිය හා බැඳුණු බොහෝමයක් දේට එකඟයි. අපි ඇත්තටම හංවඩු ගහන්නේ ප්‍රතිශතයක් ලෙස ගත්තාම, ඉතාමත් අඩුවෙන් වෙන වැරදි කිහිපයක්. මම මැදපෙරදිග අවුරුදු 12කට වඩා කාලයක් හිටියා. අපි පවුල් පිටින් එහේ හිටියත්, මට ඒ ලාංකීය සමාජය හා කරට කර මුසුවෙන්න අවස්තාව ලැබිලා තියෙනවා. ඉන් ටික දෙනෙක්ගේ නරක කල්ක්‍රියාව ඇත්ත. අකටයුතුකමුත් තිබෙනවා. නමුත් ඒය බහුතරයකගේ කතාව නෙමේ.

    මේ තුලින් ගොඩ නැගුණු පවුල් සංඛ්යාව, ඉහිරුණු පවුල් සංඛ්‍යාවට වඩා ඉතා ඉහල බවයි කියන්න තියෙන්නේ. වැඩිමහල් මවුවරුන් පැමින, ඔවුන්ගේ තරුණ පුතුන්,දූවරුන් කොපමනක් රස්සා සඳහා ගෙන්වා ගෙන ඇද්ද, බිරින්දෑවරුන් පැමින ඔවුන්ගේ සැමියන් කොපමනක් එහි ගෙන්වා ගෙන ඇද්ද යන්න සලකා බැලීම වටී (මා කියන්නේ ඒ සියල්ලක්ම රැකියා සඳහා ) මටනම් කියන්න බොහෝ කරුණු තියෙනවා.

    අපි දකින ඒ අපචාරයක් / අසාධරණයක් නිසා සමස්ථ ගෘහ සේවිකා ප්‍රජාවම ඒ කෝවට දාන එක සුදුසු නැහැ. මොකද අපි ඒ සමාජයේදි දකින්නේ ඔවුන්ගෙන් බොහොම සුලු කොටසයි.

    අනිත් කාරනාව නම් අද අප රට විදේශ විනිමය ලෙස යැපෙන්නේ ඒ ගෘහ සේවිකා ප්‍රජාවගෙන් මිස මැද පෙරදිග සේවය කරන වයිට් කොලර් ශ්‍රීලාංකික මහත්වරුන් කිහිප දෙනෙකුගේ ආදායමෙන් නොවේ. එවැන්නවුන් ඉන්නේ අතලොස්සකි. ඒ නිවෙස්වල පවා වැඩකරනා බොහෝමයක් අපේම ගැහැණුන්ට පඩි දෙන්නෙත් ලංකාවේ ගෙදර හිටපු ආයම්මාට වඩා පොඩ්ඩක් වැඩියෙන් බව අපි දනිමු. ලැජ්ජය!!හිරිකිතය!!! අපේ කතාව දෝලාවෙන්ය. අඳෝමැයි...ගමණ පයින්ය!!

    අවශ්‍යවන්නේ destructive criticism නොව constructive criticism ය.

    ReplyDelete
    Replies
    1. බොහෝ අයගේ සිත් පාරවන කාරණාවක් වුවද මේ දරුණු සත්‍යය එළි කිරීම අපේ යුතුකමක් අරූ. ඒකයි මම කල් අරගෙන දත්තයන් සමඟ මේ පෝස්ට් එක ලිව්වේ. මේ ළිපිය මගින් බොහෝ සුචරිතවාදි මහත්වරුන්ගේ හිත රිදෙයි. ඒත් හැමදාම බොරුවට ඉඩ දිය යුතු නෑ. දැනටමත් දෙන්නෙක් කළබල වෙලා. දෙන්නම මම හිතන්නේ පිට රටක සේවය කරලා නෑ. අනික මේ ලියපු දේ ගැන දෙසරයක් හිතන්නවත් වෙලාවක් ගන්නේ නෑ. දාගෙන ඉන්න කන්නාඩියෙන්මයි බලන්නේ. එහෙම මිනිස්සු එක්කද අපු මේ සමාජය හදන්න යන්නේ.

      Delete
    2. //සුචරිතවාදි මහත්වරුන්ගේ//

      මාතලන් මේ වචනෙ ලඟදිද ඇහුවෙ? සෑහෙන්න කැමතියි වගේ. මාත් ඔහොමයි හොඳ වචනයක් අහුවුනාම ඒක දාන්න හිතෙනව බං හැමතැනටම.

      Delete
    3. බලාපන් උඹ ඉස්සෙල්ලම ළිපිය කියවන්නෙවත් නැතුව කොමෙන්ට් කළේ. උඹ උපාධිදාරියෙක්. උගත් කෙනෙක්. ඒත් මේ ප්‍රශ්ණය ගැන උඹ හිතේ ගලේ කෙටුවා වගේ දෙයක් කොටාගෙන ඉන්නවා. උඹ දකින්නේ ඒ පැත්ත විතරයි. කූල් එකේ මෙක කීප සැරයක් කියවපන්. මාතලන් බොරු ලියන්නේ නෑ. උඹට ඕනම අර ආතල් ඇනෝ සෙට් කර ගනින් ඌ එයි කූල් බියර් එකකුත් අරගෙන. උඹලා දෙන්නම මුලින්ම හිතුවා මම ර මහත්මයට රිප්ලයි කලා කියලා. නෑ මේ කාලයක් තිස්සේ බ්ලොග් වලත් මේ රටෙත් ඇති කරන්න හදන බොරුව හෙලි කිරීමක් පමණයි.

      Delete
    4. රාජ් මලයට මේ ලිපිය ටිකක් සැරට වැදිල වගේ මචං ......
      මේ ලිපිය 100% ඇත්ත ලියවිල ......
      මමත් ඇසූ / දුටූ දේවල් ගොඩක් තිබේ .....

      Delete
    5. //බලාපන් උඹ ඉස්සෙල්ලම ළිපිය කියවන්නෙවත් නැතුව කොමෙන්ට් කළේ//

      මොකක්? උඹ මොකාටද එන්න හදන්නෙ? මම කොතනද එහෙම කිව්වෙ?

      Delete
    6. ලිපියක් කියවනවා කියන්නේ උඩින් පල්ලෙන් කියවන එක නෙමෙයි. අඩුම ගානේ මේ වගේ දෙයක් දෙසරයක් තුන් සැරයක් වත් කියවන්න ඕන. මම නම් කරන්නේ එහෙමයි. ගොඩාක් පෝස්ට් වලට මගේ කොමෙන්ට්ස් පරක්කු වෙන්නේ ඒකයි. ඊට පස්සෙ තමයි අදහස් දක්වන්නේ. දැන් නම් ප්‍රතිවිරුද්ධ අදහසක් නම් දාන්නෙ නෑ. මොකො මම මගේ අම්මටයි, බිරිඳටයි මටත් වඩා ආදරෙයි.

      Delete
  6. මාතලන් අයියේ බොහොම හොඳ කතාව. කොහොමත් අපේ රටේ ඉන්න එවුන් ගොඩක් පුහු සුචරිත සදාචාරයක් තියෙන උන්. අවුරුදු දෙදහස් ගානක අතීතය ගැනම මැරෙනකම් කියෝ කියෝ අනාගතයට වැඩක් නොකරන, අනාගතයට හැඩ නොගැහෙන අමුතුම සෙට් එකක්. අරාබියේ ගෙවල් වල වැඩ කරන එක නරකයි, ඉතාලියේ බල්ලෝ නාවන එක, ඕස්ට්‍රේලියාවේ කුණු අතුගාන එක නම්බුයි.

    ඔය තානාපති කාර්යාල වල ඉන්න උනුත් මම හිතන්නේ මෙලෝ රහක් තියෙන උන් නෙවෙයි. එහෙම නැත්නම් උන්ට මෙව්වට මොනවා හරි කරන්න පුළුවන්නේ. මගෙත් සමීපතම මාමා කෙනෙක් කාලයක් ඩුබායි වල තානාපති සේවයේ හිටියා. උදේ ඉඳන් රෑ වෙනකම් කුඩු වෙන්න බීපු එක තමා කලේ. පවුලේ උන්ට නම් ආණ්ඩුවේ පිහිටෙන් රජ සැප දුන්නා, එහෙ ඉන්න එවුන් දිහා නම් ඇහැක් ඇරලා බැලුවේ නෑ මං දන්න විදිහට.

    ReplyDelete
    Replies
    1. මේ වගේ කතා ගොඩාක් තියෙනවා ගල්පාත් ලියනවා නම්. මේ ළිපිය මිනිස්සුන්ට එපා වෙනවා ඔක්කෝම ලිව්වා නම්.

      Delete
  7. මං අනිත් රටවල් වල තත්වය ගැන නම් දන්නේ නැහැ ඒත් මේ රටේ නම් අපිට ලංකාවේ ඉන්නවට වඩා ගොඩක් ආරක්ෂාව තියෙනවා, එම්ප්ලෝයර්ට වඩා සැලකිල්ලක් රජය සහ තවත් ආයතන දෙකක් එකතුවෙලා විදේශිකයන් වෙනුවෙන් දක්වනවා. මේ රටේ ගෘහසේවිකාවන් විදියට කිසිම කෙනෙක් නැහැ, රුසියානු කාන්තාවෝ සමහර විට වැඩ කරනවා පැයට දෙකට.

    ReplyDelete
    Replies
    1. විදෙස් සෙවකයින්ගේ අයිතිවාසිකම් ඉහලින්ම රකිනා ජනතාවක් හා රජයක් තියෙන රටක් ඊශ්‍රායලය කියන්නේ.. මම නඩු කියලා වන්දිත් අරගෙන තියෙනවා.

      Delete
    2. ඒ මොකෙයි අප්ප නඩු කිව්වෙ ........?
      අපේ සම හරක් කිරි බිබී මේව කියවන අයට දැනගන්න කෙටියෙන් කිව්ව නම් මල්....

      Delete
    3. නඩු කිව්වේ මචෝ පාරිතෝසිකේ ලබා නුදුන්නට. පඩියට අමතරව වසර අවසානයේ පාරිතෝෂික මුදලක්ද ලබා දීම අනිවාර්යයි. මම එහේ නිවාඩු දවසෙ කලේ ලෝයර්ස්ලගෙ, ඇඩ්වකෙට්ලගේ ජොබ් එක. කීප දෙනෙකුට රෙෆියුජිත් අරගෙන දුන්නා.

      Delete
  8. මෙහෙම එකක් එනකල් බලා හිටියෙ මාතයියේ.මල ගෙවල් වල ගිහින් ඔරෙන්ජ් බාර්ලිත් බීලා එහෙම ආපු අයිඩියාවක් වෙන්න ඇති :D.මේකෙ පුළුල් පරාසයක් විග්‍රහ කරලා තියෙන නිසා 1ක දෙයක් ගැන කියලා යන්නම්.//කොටකෙතන සිඳුවීම//
    මේක අපේ ගෙවල් පැත්ත නිසා මං ගොඩක් දේවල් දන්නවා.ඇරත් මගේ පලවෙනි ජොබ් එක කරන්න උනෙත් කොටකෙතන ඒරියා 1.මේ කොටකෙතන සම්බන්දව මිනිස්සු විවිධ මත පල කරද්දි සහ පොලිසිය මුනිවත රකිද්දිත් ගමේ මිනිස්සු දැනන් හිටියා නියම මිනීමරුවා කව්ද කියලා.ඒ වෙනුවෙන් කතා කරපු අයව තමා අර කෙල්ලගේ ඝාතනයෙන් පස්සේ පෝලිමට මරාගෙන ගියේ.අන්තිමට මිනිස්සු එකතු වෙලා මහ රජාට යවපු පෙත්සමක් නිසා තමයි ඔය මන්තිරියව අත්ඩංගුවට ගත්තේ නැතුව පොලෝසිය කරපු මගුලක් නෙමේ.ඉහලට කිව්වට පස්සෙ ලෝකල් චන්ඩින්ට කරගන්න දෙයක් නැති උනා.ඊට පස්සේ උන් ඒ මිනිස්සුන්ගෙන් පලි ගත්ත හැටි හරිම නින්දිතයි. කොටකෙතන ඉන්න ජනතාවගෙන් 50% කටත් වැඩිය කරේ වැලි ගොඩ දැමීම සහ ගගේ කරන පතල් වැඩ.මේවට ලයිසන් අරන් කරන්න තරම් පෝසත් මිනිස්සු මේ පැත්තේ නෑ.පස්සේ ලෝකල් චන්ඩි ටික STFඑකෙනුයි ආමි 1කෙනුයි කෑම්ප් 2ක් පිහිටෙව්වට පස්සේ ඒ මහත්තුරු මිනීමරුවො අල්ලන්න පතල් පොලවල් වලටයි වැලි පොලවල් වලටයි පනින්න ගත්තා.අර මිනිස්සු එල්ලිලා හිටිය තුත්තිරි ගහත් නැතිඋනා.අපේ යුද වීරයන්ගෙත් අහවල් එක හොදට නගින නිසා අම්මලා තමන්ගෙ දුවලව ඇලකට දොලකට නාන්නවත් තනියෙන් යවන්න බය උනා.ඉතින් මේ වගේ අකරතැබ්බ වලට මූන දුන්න මිනිස්සුන්ට වෙන මොන සරණක්ද රට යනවා ඇරෙන්න.දැන් මේ යක්කු ඒකටත් වල කපන්න අරන්.අපේ රටේ දේශපාලන බල අධිකාරිය මෝඩයි කිව්වට.මේ තරම් කුප්පයෝ වෙන කිසිම රටක නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව ඕක තමයි පුතා. මේවා බොහෝම තිත්තයි. කැතයි, අපුලයි. කොටකෙතන සිඳුවූ සියල්ලම මම ඔය ආකාරයෙන්ම ලිව්වා.

      Delete
    2. හරීම සෝක්. චන්ද දායක මෝඩ බූරු කාලකන්නිට ඔහොමම තමා කොරන්න ඕනේ.

      Delete
    3. මල්ලියා උඹත් මේ ලිපිය කියවලා නැති හැඩයි. මාතලන් කියලා තියෙන්නෙ කන්නාඩිය ගලවලා බලන්න කියලා. ඈ පරයො තෝ හිතන් ඉන්නෙ ලංකාවෙ එවුන් නොවෙයි කියලද හමුදාවල ඉන්නෙ. ලංකාවෙ එකාල කරන හැම වැඩේම හමුදාවෙ එවුන් කරනවා. දුන්නොත් ගහනවා. බලෙන් ගහන එවුන් ලංකාවෙ ඉන්න ප්‍රතිශතේට හරියන්නම හමුදාවෙත් ඉන්නවා. තොපි හිතන් ඉන්නෙ හමුදාවෙ ඉන්න හැම එකාම බඩුකාර්යො කියන කන්නාඩියෙන් ආමි එක බඩු ගහයි සහ ගමේ එවුන්ට "දෙන" එවුන් පොඩි පර්සනැල්ටි බැකප් එකක් තියෙන ආමි එකට දෙයි කියන කෝනෙන් බැලුවාම තමා එහෙම පේන්නෙ.

      උඹට මම වැරදියි කියලා පෙන්නපන් කොටකෙතන වෙච්ච එක ඔය වගේ සිදුවීමක්.

      ඕක ලෝකෙ පුරාම හමුදා කදවුරක් වටේ ඉන්න පිරිමින්ට ඇතිවෙන හීනමානයක්.

      දැනගනින් හමුදාව කියන්නෙත් ලංකාවෙ සමාජෙම පැතිකඩක් කියන එක.

      කෙලින්වෙන වෙලාවට වෙලාවට කෙලින්න ගියානම් තාමත් සුයිසයිඩ් එවුන් ඉන්නවා කියන එක මතක් කරගනින්.

      Delete
    4. මං කියන්නේ මගේ අත්දැකීම් මත මට හිතෙන දේ.ඕනි කෙනෙක්ට අයිතිය තියනවා ඒක විවේචනය කරන්න. නමුත් මං කියන දෙයින් සමස්ථ හමුදාවට අපහාසයක් කරන්න මං හිතුවෙ නෑ( නැත්තං මටත් සුදු කොඩි නඩුවක් දැම්මොත් ).ඒත් ඔය ෆොර්සස් අයිඩින්ටියෙ බලෙන් සහ ඒදෙන පුහුනුවෙන් සහ මොරාල් 1කෙන් අයුතු ප්‍රයෝජන ගන්න අවස්ථා මං අනන්තවත් දැකලා තියනවා.කොටකෙතනට හමුදාව ගෙනාපු එක මං අනුමතකරන්නේ නෑ.අනික ඔය මහත්තයා දැන ගත යුතුයි.රටේ සිද්ද වෙන හැම දෙයක්ම ජනමාධ්‍ය වාර්තා කරන්නේ නෑ කියන එක(බ්ලොග් සයිට් ඇතුලුව ).ඒ දේවල් දැන ගන්න නම් සිද්දිය සිදු වෙච්ච තැන ඉන්න ඕනි.මං කොටකෙතන ඒරියා එකේ මිනිස්සු ගෙවන්න බඩු ගත්ත ඒවගෙ වාරික එකතු කරන එකයි කරේ.ඒ නිසා ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්න ගැන මං හොදට දන්නවා.අනික එක සිද්දියකට වඩා සිද්දි ඔබතුමාට හොයාගන්න හැකියි සමාජෙට පොඩ්ඩක් බැහැලා විපරම් කරොත්.මේක හමුදා කදවුරු වටෙට විතරක් තියන ප්‍රශ්නයක් නෙමෙයි.ඒ නිසා අන්තගාමීව ප්‍රශ්න දිහා බලන්න එපා.මධ්‍යස්ථ වෙන්න යුද්දෙ දිනපු එක දඩ මීමා කරගෙන යම් සමාජ අසාධාරණයක් සිදුවෙනවා නම් මං ඒකට විරුද්ධව එදත් අදත් හෙටත් කතා කරනවා.මගේ මතය මට සාපේක්ශයි මටම ඒක වැරදි බව පේන කල් මං එම මතයෙමයි. එහෙම නැතුව මේ ලංකාවෙ ජීවත් වෙන්න බෑ.

      Delete
  9. ලන්කාවේ ගෑනු මද පෙරදිග රැකියාවලට නොගොස් සිටියොතින් මෙහි ජීවත්වන බොහෝ දෙනා කාලා හමාරය. කැමැති කෙනෙකුට කැමති රටකට ගොස් කැමති රස්සාවක් කිරීමට අයිතිය ඇත. එයට විරුද්ද වන්නේ යටි අරමුනු සහ බලාපොරොත්තු ඇති හාදයෝ පමනකි...


    මේ මගෙ සත දෙකේ වටිනාකමය...

    ReplyDelete
    Replies
    1. ඒ අයට තමයි පුහු සුචරිතවාදියෝ කියන්නේ. නමුත් මේ රට මාර දියුණුයි කියලා කියන්නෙත් එයාලමයි.. කොටින්ම නිර්ධන පංතිය නියෝජනය කරනවයි කියන ජෙප්පොත් මේ ප්‍රශ්ණෙදි ඉන්නේ ගල් යුගයේ.

      Delete
    2. ලාන්කික කාන්තාවෝ ගෘහ සේවයේ යෙදෙන රටක ජීවත් වූ අයට මෙහි ඇත්ත තත්වය තේරෙනවා...... ජෙප්පෝ නම් උපන්දා සිටම ගල් යුගයේ බව මගේ හැඟීමයි

      Delete
  10. හලෝ මාතලන්,

    මට අද පොඩ්ඩක් වැඩි උනානේ. ඉතිං බත් ඩිංගක් කාලා හාන්සි උනා,දැන් පොඩ්ඩකට කලින් ඇහැරුනේ. ඒ පාර මම නැගිටලා මේ විගහට ඇවිත් බැලුවා අපේ රාජ් ලා, මාතලන් ලා අලුතින් මොනවත් ලියලද කියල.

    රාජ් නං පොස්ට් එකක් දාලා තිබුනා. ඉතිං මම කොමෙන්ට් එකක් දාන්නං කියලා ගියාම කවුදෝ මහත්තයෙක් මම වගේ කොමෙන්ට් එකක් දාලා. ඉතිං මම ආයේ ආවා.

    අපේ මාතලන් ගේ පොස්ට් එකට නන ඔන්න කොමෙන්ට් එකක් දැම්මා. හෙට මම නිවාඩුවක් දැම්මා නේ මාතලන්. හෙට යනවා ගමනක්. ආයේ එන්නේ ඉරිදා රෑ තමයි. ඉතිං ගමන ගියාම අරක්කු ඩිංගක් වත් බොන්න බැරිවෙයි කියලා තමයි මම අද දවල් භාගයක්ම ගැහැව්වේ. ඊට පස්සේ තව කාලකුත් ගැහැව්වා. ආ මට ගමන ගියාම කොමෙන්ට් නං දාන්න වෙන්නේ නෑ. අපේ රාජ් තරහා වෙයිද දන්නෑ.

    තව ටිකකින් මම ගෙදර යන්න ලෑස්තිය. යන ගමන් බියර් එකකුත් ගෙදර අරං ගිහිං,ගොලිප් එකකුත් ගහලා බත් ටිකක් කාලා හාන්සි වෙනවා. ඊට පස්සේ උදේම නැගිටලා ගොලිප් එකක් බිලා,මුණ කට හෝදලා ගමන යන්න මං හිතං ඉන්නේ.

    එහෙනං මම ගමන ගිහිං තව දවස් දෙක තුනකින් එන්නං කෝ. අපේ හැලපෙත් අද දවසටම දැක්කේ නෑ. බියර් එකක් වත් බිලා හාන්සි උනාද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. හලෝ මචං

      එහෙම තමයි මචං සමහරු තමන් වෙන්න බැරුව වෙනින් කවුරු හරි වෙන්න යනවා ඒ මේ ළෝකේ හැටි. පරෙස්සමෙන් ගිහින් වරෙන්. නිවාඩුවට බියර් එකක් වත් ලැබේවා කියා ඉත සිතින් පතනවා. බොන්න වෙන්නේ නැත්තේ වන්දනා ගමනක් වත් යන නිසාය. පොඩ්ඩක් එහාට මෙහාට වෙලා ගෝලිප් එකක් ගහලා. ගහක කොලයක් කඩා ගෙන කාපන්.

      පරෙස්සමට ගිහින් වරෙන්.

      අබ සරණයි...!!!

      Delete
    2. ආපහු ඉරිදානම් එන්න වෙන්නේ බාගයක් ගහලා මක්කරන්නද බන්. ඕන රෙද්දක් කියලා බෝතලයක්ම ගහපන්.

      Delete
    3. උඹ යනවද බං !! චැහ්. කොකාකෝල බෝතලේකට ඩිංගක් ෂැන්ඩි කරං යමං.කාලක්වත්.. සිරාවටම උඹේ කමෙන්ට් එකක් නැතුව මෙලෝ රහක් නෑ බං . පරිප්පු නෑ වගේ !! ඕ යේස්.

      Delete
    4. අනේ ඇනෝ මචං කොහෙම හරි බෝතයක් සිගරට් ගහපන් නැත්නම් සදුදාට කොමන්ටු කෝ?

      Delete
    5. හොඳා හොඳා ඇනෝ පරිස්සමෙන් ගිහිං වරෙන්.ඇනෝ නැති බ්ලොග් ලෝකේ පරිප්පු නැති හෝටලේ වගේ වෙලා දැන් මෙලෝ රහක් නෑ.

      Delete
    6. සුභ ගමන්..... ඇනෝ ... මූ ඇවිල්ල අනුන්ට නය නැති එල කොල්ලෙක්....
      හිස් ටිං එකක්..... වගෙ මුගෙ ජිවිතේ.....
      ධනුෂ්කය වගෙ දෙවිදියකට හිනාව හඩ තලන්න ඇහැකි නම්....
      කැමති වෙයි.....හෙක්...හෙක්.... අර වගේ.... මහත මුණක්.....

      Delete
    7. මචන් ඇනො.ලග නෙට් කැෆේ එකකටවත් ගිහින් කොමන්ට් එකක් දාපන් උබ නැතුව මේක පාලුයි.

      Delete
    8. අනේ බන් ඉතින් උඹලා මාව අඳුරන්නෙත් නැතුව මට ආසිරි පැතුවා නේ.හිස් ටිං එකක වගේ නේ බං උඹලා?

      Delete
  11. අපේ රටේ දී එවන් රැකියාවකට ලැබෙන්නේ සොච්චං පඩියක් නම් වෙනත් රටක ගොස් එම රැකියාවම කොට එයිට වඩා විශාල මුදලක් උපයන්න හැකිනම් කළ යුත්තේ විදෙස් ගත වීමයි. එහිදි එම ශ්‍රමිකයා ගේ ආරක්ෂාව අයිතිවාසිකම් වැනි දෑ ගැන වගකීම ඇත්තේ රජයටයි. විදෙස් ගතවීමට පෙර ඔවුන් දැනුම්වත් කොට මාතලන්ම යෝජනානරනවා වගේ තානාපති කාර්යාල හා සබදතා හදා දී ඔවුන් ගැන විමර්ශනයකින් සිටිම එම පිරිස අයත් අමාත්‍යංශයේ වගකීමයි. ( ඩිලාන් ඇමැතිගේ).
    ඔවුන් මේ රටේ තබාගන තවදුරටත් පහළ ආදායම් ලබන තත්ත්වයේ නොතබා රාජ්‍ය රැකවරණය මත විදේස්ගත කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. මගුලක් කතා කරනවා මෙයා ඉඳගෙන. එතකොට අපි අවුරුදු 2500 ක් රැකපු සාරධර්ම. අපේ සේස්ට සඟිස්කෘතිය, අභීමානය, බෞමික අන්ඩවාතය අරවා මේවා...

      Delete
    2. නලීන් මේක මගේ පුද්ගලික මතය... මොකද මම මැද පෙරදිග රටකට තවම ගිහිල්ල නෑ ට්‍රාන්සිට් එකකට ඇර.... අමාත්‍යන්ශ සහ තනාපති කාර්‍යාල වලට කල හැකි දේ සීමාසහිතයි, විශේෂයෙන් මැද පෙරදිග රටවල් වලදි. ඔය වියෙනා සම්මුතියෙ කියන වරප්‍රසාද බොහෝ විට ප්‍රායෝගිකව අත්විඳින්න ලැබෙන්නෙ අතේ ඇඟිලි ගනනටත් වඩා අඩු රටවල් ප්‍රමාණයක, සමහර විට එහෙම රටවල් නෑ. නිල බල වාදය (bureaucracy) කියන එක හැම රටකම වගේ තියෙනව. අහවල් අහවල් අමාත්‍යන්ශ, මන්ඩල, ආයතන හරහා යන්නම වෙන අවස්ථා එමටයි. ඒ කටයුතු ඉටු කර ගැනීමේදි කාලය ගත වෙනව. ඔය ගත වෙන කාලය අපේ ශ්‍රී ලාන්කීය කාන්තාවන් නොඉවසන ගතියක් මම දැකල තියෙනව කටුනායක එයාපෝට් එකේදි දෙන වොයිස් කට් වලින්. එයලට වරදක් කියන්න බෑ. එයාලත් පීඩනයෙන් එන්නෙ කන්න නැතිව, නාන්න නැතිව, හරියට වැසිකිලියකට යන්න නැතිව. මම දන්න විදිහට ලංකාවෙ බහුතරයක් අකමැති වෙයි මැදපෙරදිග සේවයට අපේ කාන්තාවන් යවන එක නවත්තාන්න ගියොත්. හැබැයි අර අහවල් සේනා නටන නෙයියාඩගම් වල හැටියට මාතගෙ පොස්ට් එක යූස්ලස් වෙයි වගේ. අපිට මහන්සි වෙන්න ඕන එකක් නෑ වගේ නවත්තන්න. දිග වැඩිද මන්ද

      Delete
    3. සේනා වලටත් වැඩි කල් නොගොස් අබ සරන උදා වේවී. කළබල වෙන්න එපා. අපි බලාගෙන ඉමු.

      Delete
  12. මැද පෙරදිග ගැන මගේ අත්දැකීම් නැති වුනත් මගේ අනෙකුත් අත්දැකීම් වලට අනුව හිතෙන විදියට පිටරට ගෘහ සේවයට යන කාන්තාවන් සහ පිරිමින් දෙපිරිසටම විඳින්නට වී ඇති විවිධ කරදරවලට ප්‍රධාන හේතුව නම් ලාංකික මිනිස් ජීවිතයට ගැන ලංකාවේ ඇති අඩු වටිනාකමයි.

    මේ ලිපියේ සඳහන් කරුණුවලට තවත් එකතු කළ යුතු දෙයක් තමයි, ලංකාවේම නිවෙස්වල ඉවීම, ළමයි බාල ගැනීම යනාදී මෙහෙකාර සේවයේ රැකියා සඳහා යන කාන්තාවන් සඳහාත් කම්කරු පනත යටතේ කොන්දේසි සහිතව සේවාවක් ගොඩ නැංවිය යුතුයි කියන කාරණය.

    ඒ කියන්නේ සේවා කොන්දේසි, පඩි, ගාස්තු, නිවාඩු සහිත පත්වීමේ ලිපියක් වැනි දෙයක් ලබාදීම, ඔවුන්ගේ (දෙපාර්ශවයේම) ප්‍රශ්ණ විසඳීමට ඔම්බුඩ්ස්මන් වැනි තැනක් ඇති කිරීම (ඒ කියන්නේ මාතලන් කියා ඇති එටිසලාට් ෆෝන් සේවාව වගේ එකක්) කළ යුතුයි. එවිට මැද පෙරදිග යන අය සඳහා තිබිය යුතු යැයි පැවසෙන ආකාරයේ තත්වයක් දේශීය සේවා ක්‍ෂේත්‍රයේත් ඇති වේවි.

    සමහරවිට, අද රජරට ගොයම් කපන්නට, යාපනේ තොරොම්බල් බඩු විකුණන්නට ඉන්දියාවෙන් එනවා වාගේ, ලංකාවේ ගෘහ සේවයටත් පිටරටින් අය එන්න ඉඩ තියෙනවා!

    පිලිපීනෙනුත් ආවොත් එපා කියන්නද?

    ReplyDelete
    Replies
    1. හොඳ යෝජනාවක්. එහෙම රටක් ලැබේවා කියා මමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉස්සර ඉන්දියාවෙන් මැද පෙරදිග ගිය ගෘහ සෙවිකාවන් පිරිස අඩු උනා වගේ.

      අනික පිලිපීන කෑල්ලක් ගෙන්න ගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද අප්පා.. එහෙනම් කකත් වයසට ගියාම ලංකාවට ඇවිත් පිලිපීන් කෙයාර් ගිවර් කෙනෙක් ගනීවී. හැබයි එහම එන්න රටක් තියෙයිද කියන් එකයි ප්‍රශ්ණේ.

      Delete
  13. මාතේ.. පලවෙනියටම උඹට ස්තුතියි මෙහෙම සංවාදයක් ගොඩනැගුවට.. මට මැදපෙරදිග අත්දැකීම් නෑ.. මම දන්නෙත් ඔය ටීවි එකෙක්‍යි ගිහින් එන එව්වො කියන කතායි විතරයි..

    හැබැයි මං මෙන්න මෙහෙම දෙයක් විස්වාස කරනවා..
    පළවෙනි කාරණය රැකියා වලට විදේශගත් වීමේ කිසි අවුලක් නෑ.. ඒත් ඒක විධිමත් විය යුතුයි.නුපුහුණු ශ්‍රමිකයන්ඩ වඩා පුහුණු ශ්‍රමිකයෙකුට ගෙවන වටිනාකම වැඩියි.. ඒ නිසා රටින් පිටවෙන ගැහැනියට/පිරිමියාට ඒ වටිනාකම ලබන්නට මග සලසා දිය යුතුයි..අපේ රටේ මූලික ආදායම් මාර්ගයක් වෙච්ච විදේශ ශ්‍රමිකයනෙගෙන් ලැබෙන ආදායමෙන් පොඩි ගාණක්වත් යොදවල මේ වැඩේ "හරියට " කරනවනං අඩුම ගානේ උන්ට කොන්ද කෙලින් තියාගෙන රස්සාව කරන්න පහසුවක් වෙයි.. මොකද හාම්පුතා එක්ක නීති කතා කරන්න කලින් තමුන් තමුන්ගෙ ඩියුටිය දැනගෙන කොලිෆයිඩ් වෙන්න ඕන. වොශින් මැශින් එකක් ඔන් කරගන්න බැරුව හරස්පද කියන එක ප්‍රායෝගික නෑනේ බං.හැබැයි ඉගැන්නුව කියල සහභාගි වෙන අයත් ඒක ඔලුවට ගත්තෙ නැත්තං ඒකෙන් පලක් නෑ.. වීස එක.පොතේ නං ඕකට නම ලකුණු කරන්න විතරක් යන අයත් ඉන්නවනේ ,

    අනික පවුලක කොඳු නාරටිය අම්මා.තාත්තා සාමාන්‍යෙන් ඉන්නෙ සැපයුම් අංශෙනේ :D .මෙතනදි මට හිතෙන්නෙ රට යන්න අවශ්‍ය පවුල් වල අයට පිරිමියා විදේශගත වීම දිරිමත් කලානම් වටිනවා..අම්මා එක්ක හැදෙද්දි දරුවන්ට උනත් ඒක පහසුවක්.. එහෙම නැතුව කරන්න ඕන රට යන එකට ඉඩ අවුරන එක නෙමේ..බැරිම තැනක අම්මා ගියාට අවුලක් නෑ..තාත්තා ගිහින් දෙයියනේ කියල ගොඩ යනවට තමා මං කැමති.

    අනික ඔය සවුදි ලයින් එක.. කොටින්ම මට ඒ ඩයල් දිරවන්නේ නෑ.. මෙහෙම කියන එක කොච්චර සාදාරණද මංදා.. යුරෝප් රටකට වරෙල්ලා ඇංජින් බාසෙක් විදියට හරි.. !!!!

    හැබැයි එකක් තියනවා මාතේ. රට නෙමෙයි දිවියලෝකෙ ගියට් ශ්‍රී ලාංකික ගති නං අරින් නෑ අපේ කස්ටිය .. මාත් ඇතුලුව.!!! මැදපෙරදිගද යුරෝපෙද කියලා නෑ..

    ReplyDelete
    Replies
    1. ඕවට එන්න මේ හිඟන්නන්ටත් එහා මිනිස්සුන්ට කොහෙන්ද බං සල්ලි. කිසිම උගත් කමක් නැති. අතේ සතයක් නැති, හරක් වගේ වැඩ කරන්න පුළුවන් මිනිස්සුන්ට තියෙන එකම් පිලිසරණ තමයි මැද පෙරදිග. විසා ටක් ගාලා ලැබෙනවා. ඕවටත් මිනිස්සු එයි අර විදියට ලේසියෙන් එන්න දෙනවනම්. මම හිතනවා ඉදිරි පරම්පරාව මීට වඩා දියුණු වෙයි කියලා. හොඳ රටවල් වලට යන්න මේ මිනිස්සුන්ට සල්ලි නෑ බං. ඒ තියා පාස්පෝට් එක හදලා දෙන්නෙත් ඒජන්සියෙන්. ඉතින් කොහෙද උඹ කියන ඒවා කරන්නේ.

      Delete
    2. ඒකනං එහෙම තමා බං.. මට කියන්න අමතක උනතව දෙයක් තියනවා මාතෙ, පුලුවන්නං රජයෙන් ඔය කොරියා වගේ රටවලටවත් යවන්න පුලුවන් නං මේ මැදෙපෙරදිගට යන අය අන්න වැඩ !!!! බැරිකමක් නෑ බාගයක්වත් පටෝගන්න ඕකෙන්. උවමනාව තියනවනම් විශය භාර ඇත්‍තන්ට !!!

      Delete
    3. දකුණු කොරියාවට ගන්නේ භාෂාව දන්න පුහුණු ශ්‍රමිකයින් විතරයි. දේශපාලන හාල්පාරුවෝ සෙට් එකක් ඇරලා තව ටිකෙන් මේකටත් කෙලව ගන්න ගියේ.

      Delete
    4. කොරියාවට රජයෙන් යැව්වත් යවන්නෙ කොරියන් තරුණ එවුන් නොකරන D ගනයෙ ජොබ්ස් වලට...
      කලාතුරකින් එකෙක් දෙන්නෙක් ට කරුමෙට සත්තලන් තැනක් ලැබුනොත් මිසක්ක....
      අපේ රෙහානි දුවට ආරාධනා කරනව ....හබියගෙන් දැනගෙන කොරියන් "සුපිරි" රැකියා ජීවිතය ගැන ලියන්න ලිපියක් කියා......

      Delete
    5. එහෙමද කෙන්ජි මාමෙ. ගොඩක් අය ෆැක්ට්‍රි වල වැඩට තමා මාත් අහල තියෙන්නෙ වැටෙනව කියල.

      Delete
  14. ආ තව එකක්.. ඉතාලිය නං ෂෝක් රට බං .මට නං ටොපේ ටොප්. ඕ යේස්. විෂ්කි තියනවා නාන්ඩ :D

    ReplyDelete
    Replies
    1. ඇයි ඊශ්‍රායල්. ඔහේටත් වඩා කෑම බීම බොහෝම ලාබයි. හොඳ ගානක් හොයා ගන්නත් පුළුවන්.

      Delete
    2. යකෝ.... පත්තරෙ .... මට නම් ඔහේ එලම වයින් යකූ.....
      ගෙවල් වල පොඩි කාමරේ හදල තියෙන ටැංකියෙ කකුලෙන් මිදී පාගල ...පල් කරල ...පරණ කරල හදන හෝම් මේඩ් ..... පට්ටය....

      Delete
    3. හා . අර ගෑල්ලමයි පාගල හදන වයින් නේ :D ටොප් බඩු !!!! බොන්ඩ බොන්ඩ ආසයි.

      Delete
  15. සැහෙන කරැනු කාරනා එකතුකර දැඞි කැපවිමක් කර ලියා ඇති ලිපිය බෝක්කෙන් අගය කරමි.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. කොමෙන්ට්ස් තමයි බ්ලොග් කරුවෝ ජීවත් කරවන්නේ..

      Delete
  16. මෙතනම ලියා තැබිය යුතු තව කාරනයක් තියෙනවා. ඒ තමයි අපේම ලාංකිකයන් අපේම ගෘහ සේවිකාවන් වෙනුවෙන් දක්වන ආකල්පය. එය කොතරම් අප්‍රසන්නද කියනවා නම් ඔවුන් විනෝදවීමට එන සිකුරාදා සංගීත සංධ්‍යාවකට පවා නොයන අපේම ලොකු ටෝක් මානව හිතවාදියෝ ඉන්නවා. ඔවුන් යන්නේ බ්‍රහස්පතින්දා රාත්‍රීයේ තියෙන වෙනම වැඩසටහනට.

    ගෙදර බොසාගෙන් බේරුනත්, අපේ මානව ප්‍රේමීන්ගෙන් බේරෙන්න බැරි අවස්ථා ඕන තරම් තියෙනවා. අවුරුදු දෙකක් කඹුරලා නිවාඩුවට ගෙදර එන්න කාගෝ පෙට්ටිය පැක් කරන්න උදව් වෙන එකාගේ ඉඳන් , ෆ්ලයිට් එකේ එහා පැත්තේ සීට් එකේ වාඩිවෙන අපේම එකත්, කටුණායකින් නගින ටැක්සියේ ඩ්‍රයිවර් පවා බලන්නේ , බඩ උඩ නගින මානසිකත්වයෙන්.

    එහේ ඉන්න ගාමන්ට් සේවිකාවන්ටත් ඔය ප්‍රශ්නම තියෙනවා. අමතක කරන්න එපා..ඔය ගාමන්ට්වල සමහරක් ලොක්කොත් අපේම එවුන්.

    අදට ඔය ඇති....මමත් යනවා ආතල් ඇනෝ වගේ බියර් එකක් ගහන්න. ඩෝප් නොවුනොත් එන්නම්.

    ReplyDelete
    Replies
    1. බීලා ඇවිත් ඩෝප් මරගාතේ මං වාගේ කුණුහබ්බ ලියනවා නෙමෙයි ඕන්...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  17. //මා අකමැති වූවායැයි කියා, අනෙකකුගේ සිහිණයන් කඩා බිඳ දැමීමට, මට ඇති අයිතිය කුමක්ද? මා සිඳුකරණුයේ තවෙකකුගේ මානව අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් නොවේද?// ++++++++++++++++++++++

    ඕ‍ය ටික දකිත්දි මතක් උනේ අපේ ලේබර් කෙනෙක් ඉන්නවා මෑන්ට ළමයි දෙන්නයි කෙල්ලයි කොල්ලයි. ඥාති පවුල් දෙකක් එකට පදිංචි වෙලා හිටියෙ දෙමටගොඩ ආරාමය පෙදෙස පැල්පත් නිවසක. 'මිහිඳු සෙන්පුර' ෆ්ලැට් එක ගහත්දි ඒ ගේ කැඩිලා ගෙයක් ලැබුනට එක පවුලක් පදිංචියට ගියා දරුවො දෙන්නෙක් එක්ක අර පවුල පාරට වැටුනා. මිනිහා ජොබ් එක කරන්නෙත් පොඩි පඩියකට. ඊට වැඩි ගාණකට යන්නත් අමාරුයි ඉගෙනගෙන නැති නිසා. ගෑනි ‍තේ ෆැක්ටරියක වැඩ කර කර හිටියෙ මට්ටක්කුලියෙ (ඔය තේ ෆැක්ටරි වල එහෙම අපේම සක්කිලි අහිංසක ගෑණුන්ගෙ ශ්‍රමය හූරන් කන හැටි නම් කතා කරලා වැඩක් නැහැ.)

    අන්තිමේ යන එනමන් නැති උනාම ගෑණි ‍රට ගියා. මිනිහයි ලමයි දෙන්නයි බෝඩිම් කාමරේක.

    ඒ ගෑණි රට ගියේ අහස අල්ලන්න නෙමේ පුංචි ගේ කෑල්ලක් හදා ගන්න.

    ඒ හීනෙට ගල් ගහන්න අපිට කිසිම අයිතියක් නැති බව ඔය උඩ වාක්‍යත් සමඟ පෞද්ගලිකවම තේරුම් ගත්තා.

    ReplyDelete
    Replies
    1. එවා බොහෝම අහිංසක හීන. උඹ බලපන් ඔය මිනිස්සුන්ට ඒක කොයි තරම් සහනයක්ද. අද කාටවත් අත නොපා ජීවත් වෙන්න පුළුවන්නේ.

      Delete
  18. මැදපෙරදිග යන කාන්තාවන් බොහොමයකට කෙරෙන චෝදනාවක් වන්නේ රුපියල් විසිදාහක් වැනි පඩියකට රට යනෙන් කුමකටද යන්නයි , මාතලන් කී පරිදි ඔවුන්ට මේ සියල්ලම ඉතිරි කරගත් හැක.

    මේ සමානම තත්වයක් ඉදිකිරීම් ක්ෂත්‍රයේද පවතී. ලංකාවේදී රුපියල් තිස් පන්දහසකට ආසන්න වැටුපක් ලබන කම්කරුවා ,මැදපෙරදිග යන්නේ රුපියල් හතලිස් දහසක් හෝ හතලිස් පන්දහසක් වැනි වැටුපකටයි. නමුත් ඔවුන්ට ඒ මුලුමුදලම පාහේ ඉතිරිකරගත් හැක.(මෙහිදී කම්කරුවන් යනු සියලුම ප්‍රබේධ (category) වල ශ්‍රමිකයින් ය ) .

    කිවයුතු සියල්ල පැහැදිලිවම කියා ඇති බැවින් ,දීර්ඝ කරුණු දැක්වීම් අවශ්‍ය නැත.

    //""අප රට තුල, රුපියල් 7000/= - 8000/= ක මුදලට කාන්තාවක් සොයා ගත්තද, ඔවුන්ට සතියට එක දිනක් හෝ නිවාඩුවක් ලබා දෙනවද? සමහර තිරිසනුන්, කෑමට කියා පඩියෙන් කපා ගන්නා අවස්ථාවන්ද මා අනන්ත්වත් දැක ඇත. බොහෝ විට නියමිත දිනයේ පඩි ලබා දෙන්නේ නැත. නිදාගැනීමට ලබා දෙනුයේ පැදුරක් පමණි. කොට්ටයක්වත් නැත. බොහෝ විට හොඳ කෑම වර්ග ලැබෙන්නේ නැත. කෑමට සිඳුවන්නේ ඉතුරු වූ දෙයක් පමණි.""//

    මෙන්න මේ කොටසට නම් එකඟ වීම තරමක් අපහසුයි . මන්ද මා දන්නා පරිදි අදවනවිට අවම රුපියල් 12000 ක් නොමැතිව මෙහෙ කාරියක් සොයාගැනීම පහසු කාර්යයක් නොවේ , ඔවුන්ව එකදිගට රඳවා ගැනීමද පහසු කාරයක් නොවේ .

    ReplyDelete
    Replies
    1. 12,000 මදි නේ ඉවාන්. මොනවා කරන්නද? අනික ඒක දීලා බලාපොරොත්තු වෙන්නේ මැද පෙරදිගටත් වඩා අන්ත සේවයක් නේ. බහුතරය අපේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවනේ. මළ පෙරේතයෝ වගේ තියාගෙන ඉන්නේ. ඉන්න ඕන් කුස්සියේ විතරයි. ඇඳුමක් පැලඳුමක් අරගෙන දෙන්නේ නෑ. එලියට ගිහින් කාළා ආවට් මේ මිනිස්සුන්ට කිසි දෙයක් ගේන්නේ නෑ. අවුරුදකට සැරයක් වත් පොඩි හෝ තෑග්ගක් දෙන්නෙ නෑ. ඒත් මැද පෙරදිග ගිහින් පවුල් පිටින් ගොඩ ගිය කී දෙනෙක් ඉන්නවද අපේ ගම් වල.

      Delete
    2. පැහැදිලිවම දොළොස් දාහ මදි මාතලන් , එත් මේකේ තව පැත්තක් තියෙනවා , ගම්වලින් කොළඹ ඇවිත් තනියම ජීවත් වෙන, රුපියල් 25000 ක් විතර පඩිය ගන්න, කුලියට ඉන්න ගෙට 15000 ක් ගෙවන, දෙන්නම රස්සා කරන අහිංසක තරුණ කපල්ස් තමයි මෙහෙම මෙහෙකාරියෝ හොයන්නේ.
      එයාලට 12000 ක් දෙන්නත් බෑ , ළමයා බලාගන්න අඩු ගානේ ළමයට අවුරුදු එකහමාරක් වත් වෙනකන් , මොකද ඊට කලින් ඩේ කෙයා වලට බාරගන්නේ නැති නිසා . ඒ වගේ දුක් විඳගෙන ඉන්න තරුණ තරුණියෝ කොළඹ ඕන තරම්. මේ ප්‍රශ්න හැම එකක්ම එකකට එකක් ගැට ගැහිලා . ඊට පස්සේ මේ මෙහෙකාරියන් නිසා ළමයි අපයෝජනය වෙන අවසථා.
      ගෙදර මනුස්සයා මෙහෙකාරියව අපයෝජය කරන අවස්ථා , සමහර කතා ඇහුවම මේක ලංකාවද කියලා හිතෙනවා . මම මාතලන්ට කියන්න ඕනේ නෑ ඒ කතා.
      අන්තිමට මේක පුදුම ලෝකයක් . හැබැයි ආශ්චර්යමත් අම්මට සිරි ලංකාව . හැමතැනම ප්‍රශ්න ඒ වුනාට ලෝකේ වැඩියෙන්ම සතුටින් ඉන්න ජනතාව ..අනේ............ මං නවත්තනවා අප්පා නැත්තම් කුණුහරුප කියවෙන්න එනවා .. අපිත් මෙහෙව් රටේ ඉපදුනානේ කියලා තමයි අන්තිමට හිතෙන්නේ .

      Delete
    3. හපොයි හපොයි උඹ කුණුහබ්බ කියලා තව මාතලන් කෙනෙක් වෙන්න එපා..

      Delete
  19. ඔන්න විවාද මතවාද අස්සේ මගෙන් පොඩි සිංදුවක්. බ්‍රේක් එකක් !!

    මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන්
    අම්මා එයි කියා ගමටම හඩ තලයි වැරෙ
    න්සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්
    යන්න නුඹ උගසට දරු සෙනේ අරන්

    ඇහැල මල් පිපිණු දෙවටෙදි හමුවෙලා එදා
    දුන්නු බහ නිසා නුඹටත් දුක උරුම වුණා
    අහස් යන්තරේ ගේ පැල පසු කරන් ගියා
    පුංචි උන් අඩයි අම්මා බැස්සේ නෑ කියා

    කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩියි කියයි
    නින්ද නෑ කියයි මගෙ කවි තාලේ නෑ කියයි
    මඋටත් නින්ද නෑ සිත නුඹ ගැනම ගතු කියයි
    අඩන සිත නිවන මල් පැණි නැතුව බැරි හැඩයි 

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද මූට තිබුනේ නැතෑ සින්දු කිය කියා අඬ අඬා ඉන්නෙ නැතිව කම්කරු එකකට හරි මූට යන්න. සමහර විට අත පය කැඩිලා ඇති.

      Delete
    2. එහෙම මදි නේ පත්තර මල්ලි මෙන්න මෙයාල ගැනත් කතා කරන්න් ඕනේ

      කම්හලේ පියස යට කඳුළු මල් පිබිදුනේ
      ඒ කඳුළු මල් තමා කාසි රුපියල් වුනේ
      නාඳුනන නැගණියනි ඔබෙ හැඟුම් මට දැනේ
      පින් කළේ ඔබ නොවේ ඔවුන්මය හැම දිනේ

      සිප් සතර ලැබ ගන්න සරසවිය වෙත පිවිස
      දිවා රෑ නිදිවරා කොපමණද ගත් වෙහෙස
      නොගැලැපෙන මුතු ඔබට මෙවන් කම්හල් පියස
      බිඳක් ඉවසමු නගෝ හෙටත් හොඳ වෙයි දවස

      නුඹත් පැතු ලෝකයයි බිඳෙන් බිඳ දිය වුනේ
      මමත් සිතු ලෝකයත් ගිනි දැවී හළු වුනේ
      සුසුම් පමණකි අපට මෙවන් ලොව හිමි වුනේ
      කඳුළු මැද හිනැහෙන්න වෙර දරමු නැගණියේ

      Delete
    3. දැන් බොලාලා ගීයෙන් ගීයද තිතන්නෙ?? හැක් :)

      Delete
    4. ධර්මරත්න පෙරේරා ලියපු මා හිත් ගත් සින්දුවක් ඉවාන් මේක..

      Delete
    5. වැරහැළි ඇඳ අඩු කුළියට
      සළු මැසුව කුමාරී
      ඉඳික‍ටුව අතේ ඇනුනාදෝ
      නිදන කුමාරී…

      තණ පලසේ බිම හොවින දිගාවී
      ළැම කිණිසි තුඩක් ඇණුන කුමාරී
      කණකර ගලවා රැයට මුලාවී
      මරු රැගෙන ගියේ කොයිද කුමාරී

      බිම යකඩ කඳන් වලට මුලාවී
      සුදු මිනී මලක් නඩුජ්ව කියාවී
      සත් පතිනි මවුන් අවදිව ඒවී
      උන් උදුරාගත් සළුව ගෙනේවී…

      ලස්සන සිංදුව බං.. මං හෙන ආසයි මේකට.මියුසිකුත් පට්ට !!!

      Delete
    6. සිංදුනම් මල්ලියා ඇති එතන : D


      රෑ වැඩ මුරය අවසන් වන කනිසමට
      නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
      අරුණලු කැරලි වැටෙනා සඳ අලුයමට
      නුඹේ ලොවට රෑවෙයි පෙර කළ පවට


      තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
      නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ
      මල් විය නොවෙද මේ දියකර හරින්නේ
      මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

      රෑ වැඩ මුරය..............................

      නුඹෙ කඳුළැලිද සයුරේ රළ නගන්නේ
      හද සුසුමන්ද පවනක් වී හමන්නේ
      තනි නොතනියට හෙවණැල්ලද සිටින්නේ
      ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ

      Delete
    7. දඬු මොනරෙ පිටින් ගිහින් එන්න
      පෙම්බර ස්වාමී
      දරු පැටව් බලා ඉන්නම්
      ඔබ නමින්ම පේවී..

      පුන්සඳ කොපුලත කඳුළු බිංදු
      වියලී යාවී
      අපෙ හඬ අරගෙන ඈත අඬන
      සක්වා ලිහිණී

      දොළොස් මහේ පාන පත්තු වෙලා
      හදවතේ

      ඒ එළියෙන් මට පෙනෙනවා අපේ ආදරේ
      ගිය ගමන් තැපැල් කරමී
      සඳ කිඳුරු ජාතකේ
      නාඬන්න දේවියේ..

      නේරංජාවද මා මේ එතෙරව ආවේ

      යකඩින් ළය සදා තිබුණු අහස් යන්තරේ
      කන්ථක අසුමෙන් ළය පැළෙන්නෙ නෑ හිමි සඳුනේ
      මම නාඩා ඉන්නේ..

      පද රචනය - අමිල තේනුවර
      ගායනය - ගුණදාස කපුගේ / සමිතා මුදුන්කොටුව
      සංගීතය - ගුණදාස කපුගේ

      Delete
  20. මාතලන් මචං මම මේ පොස්ට් එකට කමෙන්ට් නොකර ඉන්නයි හිටියෙ.නමුත් උඩින් කමෙන්ට් කරන්න වෙච්ච නිසා මේ පොඩ්ඩ ලියනවා.
    පළමුවෙන්ම ලිපිය ඒකපාර්ශවිකයි.මාතලන් මේ ලිපියෙන් පීඩාවට හිංසනයට පත්වන ලංකාවෙ කාන්තාවො ගැන බොහොම අනුකම්පාවෙන් ලියා තිබුනට ඒ කාන්තාවන් නිසා පීඩාවට පත්වන පාර්ශවය ගැන ලියල නෑ.එතකොට ගෘහ සේවයට මද පෙරදිග යන කාන්තාවන්ගේ කොලිටිය ගැන ලියල නෑ.ලංකාවෙන් සල්ලි ඇඩ්වාන්ස් අරගෙන රට ගිහිං ගෙදරින් පැනල ආපහු ලංකාවට ඇවිත් ආයෙම ඇඩ්වාන්ස් ගන්න ඇඩ්වාන්ස් ගැනිල්ල රස්සාව හැටියට කරගෙන ඉන්න කාන්තාවො ගැන ලියල නෑ.රස්සාව කරන්න ඇවිත් වැඩ කරන්න බෑ කියන අසනීපයි කියල මග ඇරලා ආපහු යන්න බලන අය ගැන කියල නෑ.
    අම්මප මචෝ මගේ අත රිදෙනවා නැත්නං උඹේ පොස්ට් එකට වැඩිය දිග කමෙන්ට් එකක් මේ කාන්තාවන්ගෙ අපූරු වැඩ ගැන ලියන්න පුළුවනි.සමහර වැඩ කටයුතු මෙතන කිව්වොත් බල්ලෝ බත් කන්නෙ නෑ.එච්චරට ලස්සනයි.
    අනික් කාරණේ කරුණු නොදැන කරන්නන් වාලේ කමෙන්ට් කරන අය.මම කමෙන්ට් කරන්න කැමති නැත්තේ ඔන්න ඔය හේතු නිසයි.වැඩිදුර ලියන්න කම්මැලි නිසා මෙතනින් ඉවර කරමි.

    ReplyDelete
    Replies
    1. උඹලට පේන්නෙ සුලුතරයක දේවල්......බහුතරයට වෙන වෙන දේවල් මේ ලිපියෙ ලියවිල තියෙන බවයි මගෙ හැගීම....
      රාජ්‍ය නිලදරුවන් සියල්ලට මේ ලිපිය ඇලජික් මොකද මන්ද....
      මේ ලිපියෙ ගොඩක් දේවල් මා පියවි ඇසින් දැක..... හොද මනසින් ඇසූ කරුණු අඩංගුයි....යකූ....

      Delete
    2. එහෙම දේවල් තියෙනවා. ඒ ගැන විතරනේ හැමෝම ලියන්නේ. ඒ ගැන මම අලුතෙන් ලියන්න ඕන නෑ. එහෙම දේවල් තියෙනවා කියලා මාත් පිලිගන්නවා. ඒ බොහෝම සුළු පිරිසක්. හැමෝම උත්සාහ කරන්නේ ඒ දේ බහුතරයයි කියලා පෙන්වන්න. මම ඔය සියළු දේ ගැනම දැනුවත්. ඒකයි මම මාෆියාව ගැනත් සඳහන් කළේ. ඒවා නවත්තන්න බැරි එක. ආන්ඩුවේ වැරද්දක්. කී තැනකින් චෙක් කරලද එවන්නේ. එතකොට මොකක්ද වෙන්නේ කියලා හැලපෙට බොහෝම පැහැදිලිව තේරෙනවා ඇතිනේ. ඒත් එහෙම දේවල් තිබුනා කියලා. කිසිම කෙනෙකුට අයිතියක් නෑ රටේ ප්‍රධාන ආදායමට විශාල දායකත්වයක් සපයන. පොඩි මිනිස්සුන්ට කීයක් හරි හොයාගෙන යම් තරමින් හෝ ගොඩ එන්න පුළුවන් ආදායම් මාර්ගයක් වහලා දාන්න.

      Delete
  21. අපේ ගෙවල් වල උදව්වට ආව ළමයන්ට හොදට සැලකුව මචං ....

    ReplyDelete
    Replies
    1. තමන්ගේ දරුවන්ට වඩ සලකන පිරිසුත් ඉන්නවා මචෝ.. පෞද්ගලික දේ මෙතන කතා කරන එක හරි නෑ නේ.. නැත්නම් අපේ ගෙවල්වලත් එහෙමම තමයි..

      Delete
    2. හෙක් හෙක් අපි දැක්කා පොස්ටුවේ සලකපු හැටි ලියලා තිබ්බේ :p

      Delete
  22. මෙදා පොටේනම් පස්ට බොගක් වගේ දාල තියෙන්නෙ. බොගේ රස්නෙ යන්නත් කලින් කොමෙන්ටුම සූ ගාල අසූ ගානක්නෙ. මම තවම කියෙව්වෙ නෑ. නිවීසැනසිල්ලෙ කියවල ඇවිල්ලම මොනව හරි කුරුටු ගාන්නම්. එතකල් බොල මරා ගනිල්ල. උසී...උසී...උසී...

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ හිතුවද බ්ලොග් ලියන්නේ, කියවන්නේ බල්ලෝ කියලා. උසි ගන්නන්නේ..

      Delete
    2. අප්පට සිරි මෙයාගෙ ගනකම. වෙන උන්ගෙන් අහන බැනුම් අහිංසක මගෙ පිටින් යවනව... කාට කියන්නද මේව. බ්ලොග් එක පට්ට රහ නිසා ඉවසගෙන එල්ලිලා ඉන්නව හොඳෙයි............

      Delete
    3. මට ඔයා හිටියත් එකයි නැතත් එකයි. මට කියන්න ඕන එක මම කියනවා. ඔයා කැමති නම් එන්න. අකමැති නම් එන්න එපා. මගේ ඝනකම මට වටිනවා. කවුරුවත් බලෙන් තියාගෙන ඉන්න ඕන නෑ.

      Delete
  23. බොහොම හරවත් කාලීන ලිපියක් ගොයියෝ! මෙය තමයි වෙන්නේ. අපේ රට තව හොඳයි. මම ඊයෙ මාත් එක්ක වැඩ කරන තරැණ සෝමාලියාණු ඉංජිනේරැවත් එක්ක කතා කර කර ඉද්දි මිනිහා කියාපි මිනිහා බඳින්න ඉන්න කෙල්ල වැඩිය එයාට ෆෝන් කළේ නෑ කියලා හැමදේම ඉවරකරමුයි කිව්වය කියලා බොහොම දුකින් කියාපි. ඊට පස්සේ මූ කියනවා ඒ මේ රටවල නිසයි මේ කෙල්ලෝ මෙහෙම නටන්නේ ඕවගේ දේවල් කියන්න එන්නේ හැබැයි උන්ගේ රටේදී එහෙමනම් ඔහොම නෑ මොකද හොදට ගුටි බැට මිනිහගෙන් ලැබෙනවා කියලා. තවත් ඌ මෝඩ වීරයා වගේ කියනවා එහෙදි ගෑණු මාස්ශුද්ධිය දිනවල එහෙම ලිංගිකව එකතුවෙන් අදිමදි කලොත් ගහලා ඒක බලෙන්ම කරනවලු. ඒ වගේම තමයි ඒ කෙල්‍ලන්ගේ ක්ලිටරසය ඡේදනය කිරීම වැනි අමානුශික වැඩ.
    මම හිතන්නේ අපේ රටේ පවුල් සංස්ථාවේ කාන්තාව ඉතාම කැමැත්තෙන් මේ හැමදේම තම අතින්ම කරනවා කියලයි....

    ReplyDelete
    Replies
    1. අන්තීමට තියෙන දේ පැහැදිලි මදි..

      Delete
    2. //""මම හිතන්නේ අපේ රටේ පවුල් සංස්ථාවේ කාන්තාව ඉතාම කැමැත්තෙන් මේ හැමදේම තම අතින්ම කරනවා කියලයි""// එකද මාතලන් පැහැදිලි නෑ කිව්වේ ? මං හිතන්නේ සඳුන් සහෝ කියන්නේ අපේ කාන්තාව කැමත්තෙන්ම සියලු දුක් දරාගන්නවා කියලා වෙන්න ඇති

      Delete
    3. හුටා මොකක්ද බොල කමෙන්ට්ස් වලට කරලා තියෙන්නේ

      Delete
  24. ඉතාම හොඳ දිග වැඩි වුනත් කාලෝචිත ලිපියක්.

    ReplyDelete
  25. this is a good article,, i realized dat u hv nicely answered th questions dat came to my in th beginnin if th article towards th end of it, wat i can understand here is dat why u behaved th way u behaved on ur replies on th sira matter ,bein a pererson who can put ur thoughts in a very productive way dat was nt mice,, n my later comments on th same hv been moderated

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. නැවත නැවතත් ඒ ගැන කතා කළ යුතු නෑ. ඊශ්‍රායල් මෙතඩ් එකට ගැහුවා.. කිසිම මානුෂික කම් සධාචාරසම්පන්න කම් නැතුව.. දැන් කූල්.. ත්‍රස්තවදීන්ට කතා කරන්න ඕන ඒ භාෂාවෙන්.. නැත්නම් එයාලට තේරෙන්නේ නෑ..

      Delete
  26. මාතෙ.මෙතන උබ ඩුබයි යන අය ගැන කියන එක ගැන නම් කියන්න තරම් මට දැනුමක් නැ.එහෙම යන් එකෙ අවුලකුත් මට නැ.එහෙම ගිහින් කෙලවගත්ත වගෙම ගොඩ ගිය අයත් ඉන්නව.හැබැයි ලන්කාවෙ ගෘහ සෙවිකාවක් හොයාගන්න එක උබ කියන තරම් සරල නැ.මම දන්න ගොඩාක් තැන්වල ඉන්නෙ උදෙ ඇවිත් හවස යන අය.එයාලත් ඉන්නෙ මාර කොන්දෙසි ගොඩක් දාගෙන.පඩිය 13 ත් 15 ත් අතර තියෙනව.හැමදාම යන්න එන්න ආට එකක් දෙනව.කන්න බොන්න වගෙම බෙහෙත් වගෙ දෙවලුත් දෙනව.සෙව් ඉකාව නැති වුනොත් කියන බයට ඔනම දෙයක් ඉවසගෙන සෙවය ලබා ගන්නෙ.එවගෙම මෙහෙම් කෙනෙක්වත් හොයා ගන්න බැරුව බර ගානක් ඉන්නව.අනික ලන්කාවෙ ගාමන්ට් වල වෙcඅන්සි පුරව ගන්න බැරුව එක එක ප්‍රොග්‍රැම් කරන මැනෙගස්ලත් කිප දෙනෙක්ම මම දන්න.
    අනික මට මතකයි අපිත් එක්ක යොවුන් සමාජෙ හිටපු ගාමන්ට් වැඩකල කෙල්ලෙක් රටගියා ගාමන්ට් එකකටම ඩොලර් 100 පඩියට.එ කාලෙ ඩොලර් එක රු 75යි.මෙක ඇත්ත කතාවක්.කොග්ග්ගල සොනෙ එකෙ එයා එකාලෙ පඩි ගත්ත 6000ක්.
    සවිස්තරාත්මකව වෙහෙසවි ලියා ඇති ලිපිය ගොඩාක් අගෙයි.(පොඩි පාටියකට ගිහින් ඇවිත් ලියන්නෙ හරිය )

    ReplyDelete
    Replies
    1. නමුත් දමිත මෙහේ වගේ නෙමෙයි ඒ මුළු මුදලම ඉතිරි කරන්න පුළුවන් එහේ ගියාම.

      Delete
  27. මෑත කාලයේදී ඔබ විසින් ලියන ලද ඉතා අගනා සමාජ විද්‍යාත්මක ලිපියක් ලෙස මේ ලිපිය හඳුන්වන්නට කැමතියි. එමෙන්ම මේ මාතෘකාව අනෙකුත් මාධ්‍යයන්හි සාකච්ඡා නොකෙරෙන කෝණ වලින් බලා තිබීමත් වැදගත්.

    මා හිතන්නේ නැහැ මේ රට තුල තමන්ට සුදුසු රැකියා අවස්ථා තිබෙනවානම් කිසිවෙකුත් මේ රට හැර යනු ඇතැයි කියා. රැකියා අවස්ථා කිව්වම ශ්‍රමික රැකියා වල සිට විධායක ශ්‍රේණියේ රැකියා දක්වා පුළුල් පරාසය ගැනයි මා අදහස් කලේ. ඒ පරාසය තුල සෑම අංශයක්ම නියෝජනය වන අය රට හැර ගොස් විදේශ රැකියාවල නිරත වෙනවානම් අපේ රාජ්‍ය පරිපාලන/ආර්ථික/සමාජයීය ක්‍රමයේ කිසියම් බලවත් වරදක් තිබෙන බවයි පැහැදිලි වන්නේ. නමුත් ඒ ක්‍රමය වෙනස් කරන්නට යාමෙන් තමන්ගේ තුච්ඡ දේශපාලන ක්‍රමය අවසන් වනබව දන්නා පාලකයන් සිටිනතුරු, අපිම මෝඩයන් වී එවැනි අය තවදුරටත් පත්කරගන්නා තුරු මේ තත්වය මෙලෙසම තිබෙනු ඇති.

    ReplyDelete
    Replies
    1. ///එමෙන්ම මේ මාතෘකාව අනෙකුත් මාධ්‍යයන්හි සාකච්ඡා නොකෙරෙන කෝණ වලින් බලා තිබීමත් වැදගත්. //// මාතලන්ගේ පවුද්ගලික අත්දැකීම් එක්කම ලියන නිසා තමයි මේ ලිපිය මෙතරම්ම පිරිපුන්, පත්තරේක ආර්ටිකල් එකක් කරන්න උනොත් කෙනෙක් ලියන්නේ පිටින් ඉදන් එයාට දැනෙන ,අහපු දේවල් සහ නෙට් එකෙන් එකතු කරගත්ත දැනුම මත,

      Delete
    2. //මා හිතන්නේ නැහැ මේ රට තුල තමන්ට සුදුසු රැකියා අවස්ථා තිබෙනවානම් කිසිවෙකුත් මේ රට හැර යනු ඇතැයි කියා.//
      විචාරක..දැන් කාලේ හොඳ රැකියා දාලා යන අය වැඩියි..උදාහරණ ඕන තරම් තියෙනවා.

      මං හිතන්නේ..මිනිස්සු රට රැකියාවලට යන්ට ඕනෙ. ගිහින් අවුරුදු කීපයක් වැඩකරලා ආවාම තමයි තේරෙන්නෙ කොයි තරම් දේවල් ඉගෙනගත්තද කියලා (knowledge transfer). තායිවානය 70 ගනන් වල ඉඳලා කරන දෙය්ක තමයි ආණ්ඩුවේ සල්ලි දීලා ඇමරිකාව, ජපානය වගේ රටවල් වලට තරුණ අයට යන්ට උනන්දු කරනවා ඉගෙන ගෙන රස්සා කරලා ආපහු රටට එන්ට. අවුරුදු දහයක් වැඩකරලා ආපහු එන අයට ඒ රටේ ගත්ත පඩියට වඩා වැඩි පඩියක් ගෙවනවා.

      Delete
    3. මගේ තර්කයත් එයයි. මෙවන් අධ්‍යාපන හා සමාජ තත්වයක් පවතින ජන කන්ඩායමකට කවුද මෙහේ ඒ මුදල ලබා දෙන්නේ. ඒ 25000. 50000 ක් ගන්න එකාට පොඩි ඇති. ඒත් සතයක්වත් නැති එකාට 25000 කියන්නේ මිලියනයටත් එහා මුදලක්. නිකං වැල් බයිලා ගහලා වැඩක් නෑ. එයාලා සොලියුෂන් එකක් දෙනවා නොදී ඉන්නෙත් නෑ. ඒ තමයි ඉටි රෙද්දක් දාගෙන, අම්මට සිරි ලංකාවේ හිඟා කන එක.

      Delete
  28. 100% එකඟ නොවුනත් බොහෝ එකඟ වෙමි. මැදපෙරදිග ගොස් කරදර වලට ලක්වූ සහ මැදපෙරදිග යාම නිසා පවුල් කඩාවැටුණු පිරිසට වඩා ගොඩගිය පිරිස වැඩිය. සිදු විය යුත්තේ ඔවුන් මුහුණපාන කරදර වලින් බේරාගැනීමට සමත් තානපාති සේවා සහ මව රට ගිය පසු ළමයින්ගේ ගැන සෙවීමට මෙරට තුල යාන්ත්‍රණයක් ඇති කිරීමයි. නැත්නම් රට නොගොස් මෙරට තුලදී මුදල් සෙවීමට ක්‍රමයක් සකස්කර දීම සහ උපදේශනයයි.

    ReplyDelete
    Replies
    1. විය යුත්තේ නම් එයයි එහෙත් සිඳු නොවන්නේද එයයි. මෙහේ මාර ආශ්චර්යයක් තියෙන නිසා වෙන්න ඇති. මේ යන ප්‍රමාණය ප්‍රමානාත්මකව ඉහළ ගිහින් තියෙන්නේ.

      Delete
    2. ඔබ අන්තිමට කියපු එක තමයි වෙන්නම ඕනේ. අනෙක රට ඇතුලේ ඔය සුචරිතවත් පිරිමි සුදනන් ටිකට සාධායන විදිහට ටිකක් මහන්සි වෙලා හම්බ කරගෙන තමන්ගේ පවුල හරියට බලාගන්න උනන්දුවක් ඇතිකළානම් ප්‍රශ්න ඉවරයි. ඒත් ඒක වෙන්නෙත් නෑ. අර සුචරිතවත් එවුනට තියෙන්නේ කට විතරයි, ප්‍රශ්න විසඳගන්න හයිය නෑ.

      Delete
    3. අතීතයේ පටන් කතාවට නම් බොහෝම දක්ෂයි.

      Delete
  29. මාතලන් අම්මට සිරි ලංකාවෙ ඒවට හොඳට ලිව්වට ලෝක තතු ගැන අප්ඩේට් වෙලා නෑ වගේය. නොදන්න අටමගල් නොලිය මොකක් හරි ජෝක් එකක් ගසාගෙන හිටියානම් මීට වඩා හොඳය. ඒ වගේ ඒවා රස විදින්න කැමති නිසා මේ බ්ලොග් එක ෆලෝ කරනව මිසක් මමනම් මෙකෙන් ඉගෙන ගන්න යන්නේ නැතිය (වැරදි දේවල්). ගැලරියට චූන් දෙන්න එපාය. පොරක් කියල හිතාගෙන හිටපු එකෙක් කබ්බෙක් වෙනකොට හිතට දුකය. හාමිනේගැන හෝ මව් තුමිය ගැන ලිව්වේ නැතිය.

    ReplyDelete
    Replies
    1. උඹේ කමෙන්ට් කියවද්දි කබ්බ කවුද කියා වැටහේ....
      ඔය නමට දාගෙන ඉන්න සතාත් පවු.......ගොන් කබ්බ.....කියල දාගනින්....

      Delete
    2. කැන්ගරු මල්ලි, මේ මගේ ගෙදර. මම මගේ ගෙදර ජීවත් වෙන්නේ මට කැමති විදියට. හිතුනොත් මම හෙලුවෙනුත් ඉන්නවා. ඔයා කැමති නම් ඇවිත් බිස්කට් එකක් කාලා තේ එකක් බීලා යන්න. අකමැති නම් තාප්පෙන් එබිලා බලලා යන්න. අවුලක් නෑ. අවුරුදු ගානක් අරාබියේ හිටය මට. මේවා ගැන අළුතෙන් ඉගෙන ගන්න ඕන නෑ. අනික ඔයගේ කොමෙන්ට් එක ගැන මම පුදුම වෙන්නෙත් නෑ. ඔය ළිං මැඩි මානසිකත්වයෙන් ඉන්න කබ්බෝ තමයි ලංකාවේ ඉන්නා බහුතරය. ඒ කබ්බෝ නිසා තමයි මේ රට කවදාවත් හදන්න බැරි. නිකං පීචං නොවී ඔයා කැමති දෙයක් කියවගෙන ඉන්න. අර කෙන්ජි කිව්වා වගේ. කැන්ගරුවන්ටත් අපහසයක්.

      Delete
    3. //"" මමනම් මෙකෙන් ඉගෙන ගන්න යන්නේ නැතිය""//
      මචන් අපිනම් ඉස්කෝලේ යන්නෙත් නැතුව මේ බ්ලොග් එකෙන් ඉගෙන ගත්තා

      මාතලන් මතකද දවසක් මර්වින් සිල්වා රවී කරුනානයකට කිව්වා " අනේ තෝ වගේ බූරුවෙක් මෝඩ මීහරකෙක් උලමෙක් අමනයෙක්"

      Delete
    4. @ ඉවාන්.....මෝඩ මීහරෙක් නෙමේ "මෝඩ මූසලයෙක්" කියලා කිව්වේ.

      Delete
    5. අනේ ඒ වීඩීයෝව හරි, ඒකෙ ලින්ක් එකක් හරි දාගන්කෝ මේ මලයට පේන්න.

      Delete
    6. @ කෙන්ජි, මාතලන්, ඉවාන්, අරූ
      නොගැලපෙන කොමන්ට් එකක් මම ගරු කරන මාතගේ බ්ලොග් එකට දැමීම සම්බන්දයෙන් කොන්දේසි විරහිතව සැම දෙනාගෙන් සමාව ඉල්ලා සිටිමි. එක ටැබ් එකක මේ පෝස්ට් එකත් තව ටැබ් එකක මම ඉතා ප්‍රිය කරන මාතලන්ගේ පරණ පෝස්ට් කියවමින් සිටිනා අතඅ, ඒ ආතල් එක නිසා හෝ වෙනයම් අවාසනාවන්ත මානසිකත්වයක් නිසා, වැඩි දුර නොසිතා දමන ලද මේ කමෙන්ට් එක අමතක කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මම සින්හල බ්ලොග් වලට ඉතා ආදුනිකයෙක්මි. සිංහල බ්ලොග් එකක් විදියට බඩ බැඳගෙන දැනට කියවන්නේ මාතාගේ බ්ලොග් එක පමණි. ඒ මම කැමති මම ආස කරන විදිහේ පුංචි පුංචි සබ්ජෙක්ට් සරල සහ සැහැල්ලු බසකින් ඇදහිය නොහැකි සියුම් උපහාසාත්මක ශෛලයකින් ඇඩ්‍රසි කරන නිසාවෙනි. ඔබ සියලු දෙනාට සිදු වූ අපහසුතාවය සම්බන්දයෙන් අවංකවම කණගාටුව ප්‍රකාශ කර සිටිමි. මාතලන් තියා ශක්‍ර දේවයන් කිව්වත් මම කැමති දේවල් කියවන එක කිසි දිනක මම නොනවත්වමි. මට ගෝචර නොවන සහ මම ප්‍රිය නොකරන පෝස්ට් වලට කමෙන්ට් කිරීම පමණක් අද සිට නවත්තන්නෙමි. මාතලන්ගේ බ්ලොග් එක සදා කල් වැජබේවා. ජය ශ්‍රී !!!

      Delete
    7. කැන්ගරු මල්ලි.......ලින්ක් එක දාන්න කියපු නිසා දැම්මා මිසක් ඔයාට අහිතකට කරා නෙමේ. ඔය නිල් පාට අකුරෙන් තියෙන්නේ ලින්ක් එකක්. ඔයාට කියපු වචනයක් නෙමේ. ඒක මර්වින් සිල්වාගේ කතාවක්.

      Delete
    8. කැන්ගරු මල්ලි.......ලින්ක් එක දාන්න කියපු නිසා දැම්මා මිසක් ඔයාට අහිතකට කරා නෙමේ. ඔය නිල් පාට අකුරෙන් තියෙන්නේ ලින්ක් එකක්. ඔයාට කියපු වචනයක් නෙමේ. ඒක මර්වින් සිල්වාගේ කතාවක්.

      Delete
    9. Can ගරු මල්ලි.... සමාව ගන්න එකට..........තුති.... එය මහත්මා ගතියක්.....
      හැබැයි පෝස්ට් සමගම දාල තිබෙන කමෙන්ට් පවා කියවන්න පුරුදු වන්න....
      මොකද මම ඔබට ලාවට දොසක් කිව්වෙ පරි නත කෙනෙක් කියලයි.....හිතලයි.....
      දැන් දන්නෙ .... ලාමක tin ටිං ...කියල....

      Delete
    10. ගනන් ගන්න එපා මලේ.. අපි කවුරුත් රහත් වෙලා නෑ නේ..

      Delete
    11. කැන්ගරුවෝ..කමෙන්ට් එකේ ඔබගේ අදහස අනුමත නොකලත් එම අදහස ඇනෝවෙක් ලෙස නොව නොබියව ඔබේ නමින්ම පලකිරීම ගැන මං ඔබට ස්තූතිවන්ත වෙනවා. එය ඔබේ සවිමත් පිටකොන්ද පිළිබඳ සාක්ෂියක්.

      Delete
    12. බොහොම ස්තුතියි සියළු දෙනාටම, විශේෂයෙන් කෙන්ජි අයියාට, මම ඔය කොමෙන්ට් එක කරනකොට පෝස්ට් එක එක වරක් කියවා තිබුණාට කොමෙන්ට්ස් කියවා තිබුනේ නැත. ස්තුතියි අරූ අයියෙ කිසිම අවුලක් නෑ. මම ඔය රිප්ලයි එක ලියනකොට ඔයා දාපු ලින්ක් එකවත් ඊට උඩින් තියෙන මාතාගෙ කොමෙන්ට් එකවත් දැකල තිබුනේ නැත.

      Delete
  30. මාතේ උබ හොඳට රිසර්ච් කරලා, හොඳට ගලපලා මේ වැදගත් කාලොචිත පොස්ටුව ලිව්ව එකට මාගේ හෘද්‍යාගම ස්තුතිය පලවෙනියෙන්. මම අවුරුදු 23ක් තිස්සේ නිශ්ශබ්දව පුලු පුලුවන් විදියට මැදපෙරදිග, විශේෂයෙන් ඕමාන් රාජ්‍යයට, වෘතිකයන් සියයකට ආසන්න පිරිසක් ඉතාමත් පිරිසිදු ක්‍රමවේද පාවිච්චි කරලා ගෙන්නාගෙන ඔවුන්ගේ ජීවිත ඉහලට ගැනීමට මුල්වුනා මගේ එයාර් පෝර්ට් ප්‍රොජෙක්ට් දෙක නිසා. එහෙත් ගෘහ සේවිකාවන්ගේ ජීවිතවලට වෙන අසාධාරනයන් වෙනුවෙන් කරන්න පුල්වන් උනේ එකම එක දෙයයි.
    ඔය සුචරිතවත් මහතුන්ගේ ප්‍රබල විරෝධය මත, අමර ගී සර ප්‍රසංගය, ඕමාන් සම්ප්‍රදාය වූ ගෘහ සේවිකාවන්ට බාල තැනකත්, මහත්මාවරුන්ට මහ හෝටලයකත් නොපවත්වා, රාජකීය රඟහලේ ප්‍රසංග දෙකම පවත්වා ඔවුනට ගරු කලා. අමරදේව ශූරීන් පවා මට දොස් කිව්වා හවුස්මේඩ් ෂෝ එකත් රාජකීය රඟහලේම තිබ්බාය කියා..
    එතැනයි අපි ඉන්නේ.
    ප්‍රතිපත්තියක් හැටියට මා නම් තවමත් ගැහැනියකට තමයි පලමුතැන දෙන්නේ සම්මුඛ පරීක්ෂනවලදී. ඔවුන් දිහා අද ලාංකික සමාජය දකින විදිහනම් හරිම පිලිකුල්..
    උඹේ පොස්ටුවෙත් කමෙන්ට්වලිනුත් කියන්න ඕනි දේවල් ඔක්කොම කියලා තියේ මාතේ..
    ජයවේවා....!

    ReplyDelete
    Replies
    1. //අමරදේව ශූරීන් පවා මට දොස් කිව්වා හවුස්මේඩ් ෂෝ එකත් රාජකීය රඟහලේම තිබ්බාය කියා..එතැනයි අපි ඉන්නේ. //

      මේක කියන්න කොන්දක් තිබුන එකට මෙන්න මගේ සැලියුට් එක ලොක්කා !!!

      ඕ යේස් !!

      Delete
    2. එක ඇත්තක් කියන්නම් ආකී. මේ ළිපිය ලියන්න කලින් මම කීප දෙනෙක් එක්කම කතා කළා. මම දන්නවා බොහෝ පිරිසකට මේකෙන් රිදෙනවා කියලා. ඒ අතරින් මට මතක් උන කෙනෙක් තමයි ඔබ. මොකද මියුසිකල් ෂෝස් ගැන සඳහන් කරපු නිසා. ඔය ෂෝ ගැනත් ඇත්ත කතා කළ එක ගැන මම හිස නමා උඹට ආචාර කරනවා. ලංකාවේ ප්‍රබුද්ධ කළාකාරයගේ නිරුවත තමයි ඔය. මම මේකේ ගොඩාක් දේවල් ලිව්වේ නෑ. ඒත් ඔබ වන් සුන්දර මිනිසුන්ද මේ අපාය තුල ජීවත් වන බවත් මා හොඳින්ම දන්නවා.

      Delete
  31. යන්ට ඕනකම තියෙන කෙනා මොනවා කිව්වත් ලිව්වත් යනවාමයි. ආයේ දෙකක් නෑ. යන අයත් අඩු අධ්‍යාපනයක් ඇති, පවර්ටි ලයින් එකෙන් යට හෝ ඒ කිට්ටුව ඉන්න අය. ඉතින් නවත්තනවා බොරු. ආණ්ඩුවට මේ අය රට පටවන්ට ඕනෙ නැත්නං හෙටම උනත් තහනං කරන්ට පුළුවන්. ඇයි කරන්නැත්තෙ?

    ReplyDelete
    Replies
    1. යන්න ඕන කම නෙමෙයි කැන්ඩි. නොයා බැරි නිසා යනවා.. මම උනත් කවදාවත් යන්නේ නෑ නේ. මේ රටේ අවම පහසුකම් යටතේවත් ජීවත් වෙන්න පුළුවන් උනා නම්. මොකෝ මම ලක්ෂරි හොයන මිනිහෙක් නෙමෙයි.

      Delete
  32. අබුඩාබියේ දීය, දයාබර ස්වාමිනී ......
    කිලිටි වූ ගැහැනියක ලෙස ඔබට ලියන්නෙමි.
    නොකිලිටිව ඔබ සැවොම අහෝ රැක ගත නොහැක.
    මගේ පවු සමාකර මේ ලිපිය කියවන්න.....

    අරාබියෙ මොලේ නැති කාලකන්ණින් සමග,
    වැතිර හිඳ වෛරයේ ගිනි ගොඩේ පැහෙන්නෙමි,
    මා සිරුර මගේ නොව අනුන්ගේ යැයි සිතා,
    දිරාමය දිරාමය ගණන් කර බලන්නෙමි.

    මේ අපා දුකට මා පත් කලේ මගේ රටයි,
    මගෙ රටේ මහ එකාලයි උන්ගේ පන්තියයි,
    එන්ට හැකි නම් උන්ට කරන දේ දන්නවා,
    ගමන් බල කරදාසි අරාබියෙ උන් ලඟයි.

    අනුන් හට අත නොපා දිවිගෙවූ ජාතියක්,
    කාණු හෝදන්න නොරටට යැවූ අය කවුද,
    උන්ට හෙන හත වැදී නැසේවා...... නැසේවා....
    මම ඔබේ ප්‍රියාදර, ප්‍රියවති ස්වාමිනි.

    ගායනය - විශාරද නන්දා මාලිනී.

    ReplyDelete
    Replies
    1. නන්දා මාලීනිලට සුනිල් ආරියරත්නලාට කියන්න ලියන්න පුළුවන්. මේ මිනිස්සුන්ට එයාලා කන්න දෙන්නේ නෑ නේ. එයාලා කිව්වේ බයිලා කියලා අද ඔප්පු වෙලා ඉවරනේ. අඩු ගානේ නොමිළේ සංගීත සංදර්ශණයක් වත් තියලා තියෙනවද මෙයාලා.

      Delete
    2. අනුන් හට අත නොපා දිවිගෙවූ ජාතියක්,
      කාණු හෝදන්න නොරටට යැවූ අය කවුද,.........?????????

      මේ අපා දුකට මා පත් කලේ මගේ රටයි,
      මගෙ රටේ මහ එකාලයි උන්ගේ පන්තියයි,

      උන්ට හෙන හත වැදී නැසේවා...... නැසේවා....
      මම ඔබේ ප්‍රියාදර, ප්‍රියවති ස්වාමිනි.

      Delete
    3. කවුරුවත් කාට්වත් කන්න අඳින්න දෙන්නෝනි නෑ. මේ රටේ කාලකණ්නි දේසපාලුවෝ තමන්ගෙ වගකීම හරියට කලානම්. ගායකයන්ගෙ වගකීම රටේ ඉන්න මිනිස්සුන්ට කන්න අඳින්න දෙන එක නෙවෙයිනේ. රටේ තියන ප්‍රශ්න කලාව තුලින් ඉස්මතු කරල ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගෙ වගකීම ඉෂ්ටකරලා තියෙන්නෙ.

      Delete
    4. කන්න අඳින්න දෙන්න ඕනේ නම් නෑ. ඒත් ඉතින් කාළෙන් කාළෙට තොප්පි මාරු කරණ උන් නම් මට කළාකාරයෝ නෙමෙයි. උන්ට කියන්නේ නලාකාරයෝ කියලා. නිහඬව සිටීමත් එකතරා විදියක කඩේ යාමක්.

      Delete
    5. නන්දා ආච්චිත් හවුස් මේඩ් ෂෝ එක තිබ්බේ ස්ටාර් සිනමා එකේ..හැබැයි එයාගේ සුචරිත ෂෝ එක අර රාජකීය රඟහලේ....මමත් ගියානේ බලන්න...ෂෝ එක පටන් ගන්න පරක්කු වෙනකොට මම ගිහින් සංවිධායක මඩුල්ලෙන් ඇහුවාම කියපි පේමන්ට් එක අතට දෙනකන් සිංදු කියන්න බෑ කිව්වලු...තවත් ඕනිද?

      Delete
    6. ඒ කතාවටනම් මාත් එකඟයි අයියණ්ඩි. නිහඬව සිටීම කියන්නෙ වක්‍රාකාරව පවතින ක්‍රමේට එකඟයි කියනෙක තමයි. ඒත් ඉතින් ඒ කාලේ කීව දේවල් අදටත් වලංගු වීම තුලින් පේන්නෙ මේ රට හැමදාමත් අවරට යනවා කියන එකනේ. සුනිල්ලා නන්දලාගෙන් අදනම් සතපහක වැඩක් නෑ තමයි.

      Delete
    7. ඔය හවුස්මේඩ් ශෝ කතාව හරිම අප්‍රසන්න වැඩක්. අපේ එවුන් කතාකරන්නේ එකක්. කරන්නේ තව එකක්. සමහරු හිතන් ඉන්නේ හවුස්මේඩ් කියන්නේ වෙන ලෝකයකින් ආපු සතෙක් කියලා. ඕවා දැකලා හරියට වාද කරගෙන තියෙනවා. වැඩක් නැහැ බන්.

      Delete
  33. මාතලන් පොදුවේ අපි බොහොමයක් නොබලන පැත්තකින් ප්‍රවේශයක් අරන් තියෙන්නෙ. ප‍ටු විදිහට විවරණයක් කරන්න බැරි බරපතල මාතෘකාවක්.. කොහොමටත් ඔය අහිංසක ගෑණු කරන්නෙ වහල් සේවෙ තමා ගෙදර හිටියත් වහලි රට ගියත් වහලි.. ඒ මොකද මිනිහා අර ගෑණි දුක් විඳලා හොයලා එවන සල්ලි වලින් ජොලිදානවා.ලමයි කැලේ යනවා. සමහර තිරිසන්නු තමුන්ගෙ දරුවා කෙලෙසනවා. අන්තිමට බැළුවම කාටවත් උන සෙතක් නෑ..

    ReplyDelete
    Replies
    1. අපෝ සෙත් අත් වෙච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඔය මේසන් බාස්ට වාඩු බාස්ට පවා වටිනාකමක් ලැබුනේ මේ නිසා. මේ කොමෙන්ට්ස්වලම තියෙනවා අද ගෘහ සේවිකාවක් හොයා ගන්න තියෙන අමාරුව. ඉස්සර කුණු කොල්ලෙට කිසිම මානුෂික අයිතිවාසිකමක් නොවින්ද මිනිස්සුන්ට අද වටිනාකමක් ලැබිලා තියෙනවා. නගරය පමණක් නොව ගමත් දියුණු වෙන්න හේතු වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. අම්මට සිරි ලංකාවේ ප්‍රධාන ආදායම. අනික ඒ මිනිස්සුන්ගේ ජීවන තත්වය යම් තරමින් හෝ උසස් වෙලා තියෙනවා. ඕනම දේක වගේ මේකෙත් නරක පැත්තකුත් තියෙනවා. අඩු පාඩු බොහෝමයක් තියෙනවා.

      Delete
  34. ලිපියේ භාගයකට වඩා කියෙව්වා. සම්පුර්ණ කරන්න කාලය මදි...

    හොඳට රිසර්ච් පාරක් දාලා.. ලුණු ඇඹුල් ඇතිව ලියලා තියෙනවා.

    මගේ අදහස මේක රන්ජා මාමාට යැවිය යුතු ලිපියක් බවයි. කොල්ලා මේ සම්බන්ධව හොදින් වැඩ කරන චරිතයක් නොවැ..

    ReplyDelete
    Replies
    1. හඬක් නගන එකම පුද්ගලයා. වන් මෑන් ෂෝ.. අනික් ඔක්කෝම ඉන්නේ ගොබ්බ මානසිකත්වයේ..

      Delete
  35. වැඩ බැරි සුචරිතවාදීන් ගැන හොඳ විචාරයක් කළාට ස්තුතියි. ඇත්තෙන්ම අපේ රටේ ගොඩක් සමාජ ප්‍රශ්න වලට මුල පිරිමින්ගේ දුර්වලකම් මිස කාන්තාවන්ගේ ස්ත්‍රීත්වය නෙවෙයි. වැඩ බැරි සුචරිතවාදීන්ගේ එක පුරුද්දක් තමයි මාතෘත්වය වන්දනා කරමින් ස්ත්‍රීත්වයට ගරහන එක. මේ ගැනත් මම ලිපියල් දැම්මා බ්ලොග් එකේ. ඒකත් බලන්න.

    http://sabalingikanidhahasa.blogspot.com/2014/07/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඒ තමයි අපේ ශ්‍රේෂ්ඨ සංස්කෘතිය..

      Delete
  36. මාතලන්ගේ ගණන් හිලව් ගැණනම් මට අවබෝධයක් නැහැ. ඒත් මට අත්දැකීමෙන් කියන්න පුළුවන් මේ අයට වෙන අසාධාරණකම් වලට එක හේතුවක් ලංකාවේ අපි මේ අය ගැන තියෙන ආකල්පය. පලවෙනි දේ අපේ පුරවැසියන් ගැන අපේ රටේ මීට වැඩි අවධානයක් තියෙන්න ඕන. ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ පුරවැසියන් මොන රටකට ගිහිල්ලා හිටියත් විසා කාලය පැන්නොත් ඒ රටවල්වලින් බලනවා අවේ නැත්තේ ඇයි කියලා. අපි අඩුගානේ පැමිණිල්ලක් දැම්මහමවත් බලනවද. අනිත් එක අපි මේ අයට සලකන්නනේ මොන විදිහටද?

    මම දැකලා තියෙනවා ශ්‍රී ලන්කන් එකේ ෆලයිට් එකේ දේ එයා හොස්ටර්ස්ලා අපේ ගෘහ සේවිකාවන්ට සලකන විදිහ. ඒ අය එක්ක එක ළග යන අපිවත් දාන්නේ ඒ ගනයට. මේ නෙගටිව් මානසිකත්වය නැති වෙනකම් ගෘහ සේවිකාවන්ට අපේ රටෙන්, පිට රටවලින් ගෞරවනියත්වයක් ඉල්ලන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ගුවන් යානාවේ හා ගුවන් තොටුපලේ සිඳුවන අකටයුතුකම් ගැන නම් මීටත් වඩා දිග පෝස්ට් එකක් ලියන්න පුළුවන්. යනකොට මේ අයව චෙක් කරන්න කී දෙනෙක් ඉන්නවද. එයාර්පෝට් එකෙන් එලියට එනකොට එකෙක් නෑ උදව් කරන්න. හැම එකාම ඉන්නේ එක්කෝ ලිංගිකව සතුටුවෙන්න. එහෙම නැත්නම් ගානක් කඩා ගන්න.

      මට නම් මේ කාන්තාවන් ගැන තියෙන්නේ පුදුම අනුකම්පාවක්. ඒත් සමාජයේ තියෙන්නේ වෙනත් ආකල්පයක්. පේනවනේ කොමෙන්ට්ස් වලින්. මේත් කාගේ හරි අම්ම කෙනෙක්. සහෝදරියක්. දුවක් නේද. ඒක පැත්තක තියේවා. මේ තමන්ගේ රටේ කෙනෙක්නේද. මේ බක පන්ඩිත මහත්තුරු ජීවත් වෙන්නෙත් මේ අහිංසක කාන්තාවන් නිසා.

      Delete
    2. //මම දැකලා තියෙනවා ශ්‍රී ලන්කන් එකේ ෆලයිට් එකේ දේ එයා හොස්ටර්ස්ලා අපේ ගෘහ සේවිකාවන්ට සලකන විදිහ//

      සහතික ඇත්ත මචං සහතික ඇත්ත !!!!

      Delete
    3. // ඒ අය එක්ක එක ළග යන අපිවත් දාන්නේ ඒ ගනයට//
      ඔන්න ඔතන තමයි කේස් එක...එතකොට අපි වෙන ගනයකද? මාතගේ පෝස්ට් එකෙන් කියන්නේ ඔහොම හිතන්න එපා කියලා නේද?..අපි ඔක්කොම එක ගනයේ කියලයි මමනං හිතන් ඉන්නේ...එයා හොස්ටස්ලා අපිට සර් සර් කිව්වාට ටර්මිනල් එකේදි මූනවත් බලනවද? අපි ඔක්කොම කරන්නේ ජොබ් එකක්, රඟපාන්නේ නැතිව මනුස්සකමින් ඕක කොලාම සියලු සත්වයෝ ගොඩ....

      Delete
    4. /*ශ්‍රී ලන්කන් ෆලයිට් එකේ එයා හොස්ටර්ස්ලා අපේ ගෘහ සේවිකාවන්ට සලකන විදිහ*/

      සහතික ඇත්ත, මට ගොඩක් වෙලාවට ට්‍රාන්සිට් සෙට් උණා කටාර් සහ අබු ඩාබි වලින්. ශ්‍රී ලන්කන් එකෙ උන් හිතන් ඉන්නෙ මේ ගැහැණු උන්ගෙ අතෙන් පල්ලෙන් වැටිච්ච ගානට, උන් රත්තරන් *** මැදින් ඉපදිච්ච අය කියල. අර කියව්ව වගෙ අපි ටී එකයි ඩෙනිමයි ගහල එනකොට මුන් අපිවත් දාන්නෙ ඒ ගොඩට. ඔක්කොටම කලින් මුන්ට උගන්නන්න ඕනෙ උන්ගෙ රස්සාව මොකක්ද කියල එහෙම නැතුව අත් දිඝ ශර්ට් වලටයි, සුදු හමටයි විතරක් නෙවේ උන් සේවෙ කරන්නෙ කියලා.

      අතින් ගෙවල මම ටිකට් ගන්නවනම් ජීවිතේට ශ්‍රී ලංකන් යන්නෙ නෑ, මුකුත් නෙවේ මුන් තමන්ගෙම රටේ අසරණ මිනිස්සු කොටසකට සලකන විදිය දැක්කාම.

      හැබැයි, ලංකාවෙ සම-හරක් පිරිමි අය නම් ෆ්ලයිට් එකෙ පිස්සු කෙලිනවා, බොන්න ඉල්ලනවා එක විකාරයයි,


      -ප.ගෝ.

      Delete
    5. ශ්‍රී ලංකන් එයාල් ලයින් එක අම්බ ලොස්. උන් ජීවත් වෙන්නෙත් මේ අහිංසක ගෑණු නිසා. ඒ දේ වල් දැන ගන්න උන්ට මොළයක් තියෙන්න එපාය. ලස්සන තිබුන්ට මොළේ නෑ. මනුස්සකම ගෑවීලාවත් නෑ.

      Delete
  37. ව්‍යවසායකයෝ හැර අන් සියල්ලෝම වහල්ලුය.

    ReplyDelete
    Replies
    1. මම හැමදාම කියන කතාවක් තමයි ඕක. ඒත් සම හරක් හිතාගෙන ඉන්නේ එයාලා ව්‍යවසායකොයි කියලා..

      Delete
    2. වචනේ තේරුම එන්ටර්පෘන නම් කථාවට විරුද්ධයි....වහල් සේවය පිටුදකින එවන් අයත් සිටිනා බව අමතක කරන්න එපා...

      Delete
    3. ශෙෆාකි එක්ක එකඟයි. මට එහෙම සුන්දර මිනිසුන් හමුවෙලා තියෙනවා.

      Delete
    4. ඒ අය බොහෝම අල්පයි මහතුනේ...

      Delete
  38. මම පරක්කුයි. මාතලන්ට මන් කියන එක ගැන අදහස් දක්වන්න වෙලාව තියෙද දන්නෙ නැහැ.

    තමන් කැමති තමන්ට සුදුසුකම් තියන රස්සාවක් කිරීමේ චොයිස් එක හැමෝටම තිබිය යුතුයි. ඒ රටේ නීතානුකූල රස්සාවක් නම් එය කිරීමට බාදාවන් මේ රටේ පනවන්නෙ මොකටද? හි0සා වෙනවනම් ඒවා ඒ ඒ අවස්තානුකූලව ( individually )ඒ රටේ බලදාරීන්ගෙ ( අපේ තානපති සේවයේත් උදව් ඇතුව ) කාර්යයක්. රටයන ගෑණුන්ට මෙහෙන් සීමා පනවන එක නෙමේ කරන්න ඕනැ තානාපති සේවය කාර්යක්ශම කරන එක.
    මෙහෙ පවුල් අවුල් වෙන එක පුද්ගලික ප්‍රශ්නයක්. ඒක tragedy එකක් තමයි ඒත් එව්ව නීති දාල විසදන්න ගියොත් පුද්ගලික නිදහස අනවශ්ය විදිහට සීමා කිරීමක් වෙනව

    ReplyDelete
    Replies
    1. අපේ රටේ ඉන්නේ ආන්ඩුව වගේම මිනිස්සු.. මේ ඔක්කෝම ආන්ඩුවේ වැරදි.. ගෝත්‍රික ජනතාවක් මානූෂීය කිරීම බණ කියලා කරන්න බෑ...

      Delete
  39. දීර්ගකාලින හැදීරීමකින් කරපු වටිනා කියන සටහනක්. හැම දේකම දෙපැත්තක් තියෙනවා නේ මචං. අද ඔය මැද පෙරදිග වහල් සේවේ කියලා මාකට් කරන්නේ පොලිටික්කෝ කොටසක් ලකුණු දාගන්න. එක කොටසක් ඒ සල්ලි වලින් ජෝගි දාන ගමන් ඒ අහිංසකයන්ට කිසිම සේවාවක් කරන්නේ නෑ. පුළුවන් තරම් ගසා කනවා. ඔය කියන විදේශ සේවා අර සේවා නිකම් සල්ලි කඩා ගන්න ආණ්ඩුවෙන් හදාගත්තු අවසර පත්‍ර විතරයි.
    මේ ගෘහ සේවයට යන මිනිසුන්ගේ හැබෑ ස්වරූපය බලන්න එයාපෝට් එකේ විනාඩි පහලොවක් විස්සක් හිටියම ඇති. හොඳ වෙලාවට එහෙම හරි ඒ අයට කීයක් හරි හොයාගන්න ලැබෙන එක. ඒක මිස් යූස් වීමෙදි හැමෝගෙම වැරදි තියෙනවා. ඔච්චර සල්ලි ප්‍රමාණයක් රටට ගේද්දි ඒ අය වෙනුවෙන් යම් යම් කොන්දේසි ලබාගන්න ක්‍රමයක් අපේ රටේ වගකිවයුත්තන්ට කරන්න බැරි ඇයි? තානාපති කාර්යාල කියන්නෙත් තවත් අසාධාරණකම් සිදුවෙන ආයතනයක් විතරයි අපේ රටේ.

    ReplyDelete
    Replies
    1. මේ ගැන මැදිහත් සිතින් හා මානුෂිකව බලන මිනිසුන් ප්‍රමාණය වැඩි විය යුතුමයි. මේ ළිපිය මගින් එහෙම දහ දෙනෙකුගෙවත් දැක්ම හා ආකල්පය වෙනස් වෙනවනම් මට ඒ හොඳටම ඇති. බ්ලොග් එකක් ලියලා අපි වෙන මොනවා කරන්නද මචෝ.

      Delete
  40. මගේ ඔලුවෙත් ගොඩක් කල් තිබුනේ ඔය ගෘහ සේවිකා වැඩේට යන එක නතර කරන්න ඕනේ කියන එක. මේ ලිපියෙන් වෙනස් පැත්තකින් ඒ ගැන බලන්න පෙළඹ වුණා.

    ලොකු දෙයක් ඕනේ නෑ. වැඩේ හරියට කරලා තමන්ගේ වටිනාකම ගන්න අපි තාම දන්නේ නෑ. අපේ ඔලුවේ එක පැත්තක තියෙන්නේ මහන්තත්වේ. අනිත් පැත්තේ තියෙන්නේ මෝඩ කම. (මගෙත් එහෙම තමයි)

    දෙයක් කරන්න කලින් දන්න කියන කෙනෙක් ගෙන් උපදෙසක් ගන්න අපි තාම දන්නේ නෑ.. පිටරටකට යන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න අපි තාම දන්නේ නෑ... ඕනේ රටක ඕනේ රස්සාවක් කරලා දියුණු වෙන්න පුළුවන් පොඩි බේසික් දේවල් ටිකක් දන්නවනම්. හරක් වගේ ගිහිල්ල නන්නත්තාර වෙන එක ඉතින් සක්කරයටවත් වලක්වන්න බෑනේ..

    පිට රටවල් ගැන ලොරි ටෝක් දෙන්න මම දන්නේ නෑ.. මේ අවුරුද්දක් පිට රටක වැඩ කරලා තේරුම් ගත්ත දේවල්...

    මේ වගේ සංයමයෙන් (හෙහ් හෙහ්) මෙවැනි ලිපි තව ලියන්න..

    ReplyDelete
    Replies
    1. පුහුණුව හා යන රටේ සංස්කෘතිය ගැන අවබෝධයක් ලබා දිය යුතුමක්. ඒ සුළු කාරණයටත් බොරුවක් නම් කරන්නේ තත්වය කුමක්ද? බොරු සහතිකයක් නොදි, අවම වශයෙන් මාසයකවත් නිවාසික පුහුණුවක් අනිවාර්යය කළ යුතුමයි.

      Delete
  41. හිඟන්නටත් වැට් හරි මොකක් හරි බද්දක් ගැහුවනම් රජයට හොඳ ආදායමක් හොයාගන්න තිබ්බ

    ReplyDelete
    Replies
    1. ඔක්කෝටම කලින් හිඟන ඇමති කියලා ඇමති කෙනෙක් පත් කරයි.

      Delete
  42. දැන් මාතෘකාව සෑහෙන්න දුරට කතා බහට ලක්වෙලා නිසා ඊයේ නොඅසා සිටි මේ ප්‍රශ්ණය අහන්නම්.

    /* ...ජංගම දුරකථන, තත්වයෙන් ඉතා පහත්, භාවිතාවට නුසුඳුසු, ප්‍රමිතියකින් තොර දුරකථනයන් බව, මෑතකදි ....*/

    මේ කියන්නේ මාතලන් ගේ 5G ෆෝන් එක ගැන නේද?

    ReplyDelete
    Replies
    1. ඒක බ්‍රෑන්ඩඩ්, බ්‍රෑන්ඩ් නිව්.... ඇපල් කඩේකින් ගත්තේ..

      Delete
  43. හිඟන්නන්ගේ ආදායම ගැන වාර්තාව ගැන සැකයි ඔයවගේ දෙයක් ලඟදී උපාධියක් ගත්ත ගෑනු ලමයෙක් එයාගේ පලමු රැකියා අත්දැකීම ගැන මට කිව්වා
    එයාලට රජරට ජල වහනය ගැන සමීක්ෂනයක් කරන්න වෙලා ග්‍රාම සේවකලා සහ ගෙවි නියාමකලා ගෙන් තොරතුරු අරගෙන දත්ත පරගනක ගත කලාම රජරට සමහර ප්‍රදේශ වල වතුර පහල සිට ඉහලට ගලනවා

    ReplyDelete
    Replies
    1. කොයි වාර්ථාවවත් අඩු ලුහුඬු කම් තියෙනවා. මේකේ උපරිමය ගන්න ඕන නෑ. සාමාන්‍යය ගත්තම හරි.

      Delete

  44. මැද පෙරදිග යන කාන්තාවන් ගැන පත්තරවල කොපමන කතා කලත් ඔවුන්ට සහන සලසන්න රජය මැලියි.

    ReplyDelete
    Replies
    1. හේතුව තමයි ප්‍රතිශතයක් ලෙස ගත්තාම ඒක දැනෙන්නෙවත් නැති සිඳුවීමක් වීම.. මේ සංඛ්‍යා දත්ත දිහා බලන්න එතකොට බොහෝම පැහැදිලියි. මම විදෙස් අමාත්‍යංශයෙත්, මහ බැංකුවෙත්, විදේශ සේවා එකෙත් කීප දෙනෙක් එක්කම කතා කළා.. ඔවුන් බහුතරයකගේ අදහස් එක වගේ.

      Delete
  45. සම්පුර්ණයෙන්ම එකගයි මේ අදහසට

    මේ වන විට ලංකාවෙ ජනගහනයෙන් 55% ක්කට ආසන්න ප්‍රමාණයක් කාන්තා ජනගහනය වැඩිවෙලා . කාන්තාවන්ගේ ජනගහනය වැඩිවෙන්න හේතු කිපයක්ම බලපැවා. ඒ 88 -89 සමයේ තරුණ පිරිමි ජීවිත අහිමි වීමත් 30 වසරක යදුධයත් හේතුවෙන් ඒවාට සක්‍රියව දායක වුණු පිරිමි ජීවිත අහිමි වුණා.

    දැන් ලංකාවෙ වැඩිම ආදායම් ඉපයිම සිදුවෙන්නෙ කාන්තා පාර්ශවයෙන විදේශ ගෘහ සේවය වගේ එවාට යොමුවන කාන්තාවන් ප්‍රතිශතය ඉහලයි. මේ තත්වය නාගරික සමාජයට වඩා ග්‍රාමිය මට්ටමෙන් වැඩියි. විශේෂයෙන්ම අපේ රටේ ඉහල පන්තියේ මිනිසුන්ගෙ ආවතේව කරුවන් වෙන්නෙත් ගැමි කාන්තාවන්. ඒ නිසාම ල්‍රාමිය සමාජය තුළ මේවන විට සංකිර්න සමාජ ගැටලු මතුවෙමින් තියෙනවා. විශේෂයෙන්ම විදේශ ශ්‍රම සැපයිම නිසා ඇතිවෙච්ච.
    අඩුම තරමින් කාන්තාවන් පිටරට පැටවීමේ ක්‍රිියාවලියේදී මීටවඩා ක්‍රමවත් සහ වගකිව හැකි වැඩපිළිවෙළක් තවම ඇතිවී නැහැ. රටට ආගමට මේතරම් උනන්දුවක් තියෙනවනම් බො බ සේ වගේ ස‘ංවිදානවලට මේ පිළිබදව මැදිහත් වෙන්න පුලුවන්.

    විශේෂයෙන්ම ලංකාවෙ කාන්තා හ්‍රමය නියාමනය කිරිම හැසිරවිම ඒ සඳහා වගවීම සම්බන්ධයෙන් දැනට ජාතික මට්ටමින් වැඩ පිලිවෙලක් නැති නිසා සිවිල් සමාජ සංවිධාන මට්ටමින් හෝ එවැනි අවශ්‍යතාවයක් ඇතිකිරීමේ ක්‍රියාදාමයකට මැදිහත් විය යුතුයි

    නැතිනම් මාර්තු 8 වෙනිදා කාන්තා දිනය කොළඹ 7 ඉදන් සැමරුවාට කිසිම වැඩක් නැහැ

    ReplyDelete
    Replies
    1. බොබසේ නම් මේ රටට හා බුද්ධාගමට ආපු කොඩිවිනයක්. ඒත් රටේ ප්‍රධානම ආදායම් මාර්ගය ලෙස, වෙනම අමාත්‍යංශයක් යටතේ පවා මොවුන් කෙරෙහි දක්වන සැලකීම නම් අන්තිමයි. ඒ වගේම සමාජයේ තියෙන දැක්මත් නින්දා සහගතයි. මට්ට මෝඩයෝ තමයි මේකට ප්‍රමිතියක් ඇති කිරීම වෙනුවට පහසුම විසඳුම යෝජනා කරන්නේ.

      Delete
  46. උඩ ඉදල පහල වෙනකං කියෙව්වා..ලංකාවේ මනුස්සයො පිටරටකට ගිහිං වැඩි ගානක් හම්බකරන්නෙ මහ ලොකු බලාපොරොත්තු තියං.ඒක ඒ පුද්ගලයට සාපේක්ෂයි.කෙනෙක්ට පුංචි ගෙයක් අටවගෙන තමන්ගෙ පැටවු එක්ක ඒකෙ වැටිලා ඉන්න හම්බ කරනවා වෙන්න පුලුවන්.තවත් කෙනෙක් පොඩි බිස්නස් එකක් පටන් ගන්න සල්ලි ටිකක් හොයනවා වෙන්න පුලුවන්.

    ඇත්තම කියනවනම් කෙනෙක් පිටරටක ගිහින් හම්බකරන එකට කාටවත් මුකුත් කියන්න බෑ.ඒක වරදක්.පිටරට යන එකෙ දෙපැත්තක් තියනවා.මං දන්න පවුල් ඉන්නවා ගෑණු මනුස්සයා පිටරටකගිහිං අමාරුවෙං හම්බකරලා මනුස්සයට සල්ලි එවුවම ඌ එකෙං කනමදයා වෙලා යාලුවොත් එක්ක අඩිය ගහලා ඌ වැටුනම උගේ යාලුවෙක් ඒ පවුලේ ලොකු දැරිවි අපයෝජනේ කරලා...

    ඒ වගේම තවත් පවුලක් දන්නවා ගෑණු මනුස්සයා පිටරට ගිහිං හම්බකරලා එවන සල්ලි මේසන් වැඩ කරන මනුස්සයා අරපිරිමැස්මෙන් එකතු කරලා ගේ පොඩ්ඩකුත් හදං තව බට්ටෙකුත් අරං ඔලුව උස්සං ඉන්නවා...

    අද මීඩියා කාරයො වාර්තා කරන්නෙ පළමු සිදුවීම්..ඒ වෙන මොකකටවත් නෙමෙයි තමංගේ ජීවිකාව ගෙනියන මීඩියාව මාර්කට් කරන්න.ඔය එකෙක්වත් දෙවනි සිදුවීම් වගේ ආදර්ශමත් ඒවා පෙන්නනවද?නෑ.... ඉතිං හැමවෙලේම නරක දේ පෙන්නන හංදා ඕවා මොලෙං නැතුව හදවතිං බලන උං හිතන්නෙ පිටරට යන හැම ගෑණිටම වෙන්නෙ ඇබැද්දියක් කියලා.උන් අමතක කරනවා මේ ඉන්නෙත් තමංගෙ සහෝදරියො කියලා.උං ඒ ගැන හිතන්නෙ නැතිව රෙද්ද උස්සං බොරුවට කෑ ගගහා තමංගෙ සමාජ තත්වෙ පෙන්නන එක විතරයි ලංකාවෙ වෙන්නෙ.උං හැමෝම මනින්නෙ ඒ තමංගෙ තත්වෙං විතරයි.ඒකයි හැම දේකම වැරදි දේ දකින්නෙ.

    සිරාවටම ඔය උඩ දයානන්ද රත්නායක මහත්මා කියලා තියෙන්නෙ වෙන ඇත්ත.කාන්තා දිනේට මූනෙ මේකප් තට්ටු පිටිං දාගෙන ස්ටේජ් උඩ ඉදං ගෑණු ටිකකට කිරි පැකට් එකක් මීඩියා ඉස්සරහා දික් කරන වේසියොන්ට මේවා පේනවද?නෑ... උන්ගෙ ගෙවල් වල වැඩට ඉන්න සහොදරියොන්ගෙන් ඇහුවොත්නම් කාන්තා දිනේට ගිරිය කඩාගන්න ගෑනු තමන්ට සළකන විදිය හරි අපූරුවට කියලා දේවි.
    කමෙන්ට් එක දිග වැඩි උනාද මන්දා.ඉලංක්කං වලිං කියවුනු දේ කෙසේ වෙතත් පිටරටකට ගිහිං තමන්ගෙ පැටියට හරිහැටි කන්න බොන්නවත් දෙන්න වෙර දරන සහොදරියො ගැන අපි ආඩම්බර වෙන්න ඕන,අපි ඒ අයගෙ දිහා බලන විදිය මීට වඩා සුභවාදී වෙන්න ඕන.

    ලංකාවේ හරිහමං පඩියක් තියන ජොබ් තියනවනං අපේ අක්කලා කවුරුවත් රට යන එකක් නැහැ.ලංකාවෙ රස්සාවක් ගන්න විදින කට්ට දැක්කම පිටරට ගිහිං කියක් හරි හොයං ආයිමත් එන එක සැපයි කියලා මනුස්සයොන්ට හිතෙන එක අහන්නත් දෙයක්ද?මෙන්න මේ වගේ සක්කිලි ආයතන ලංකාවෙ රැකියාවක් හොයන කී දෙනෙක්නම් අමාරුවෙ දාන්න ඇද්ද?මේ වගේ උගුල් වල පැටලෙන අය පිටිරට යන එක අහන්නත් දෙයක්ද?
    මේ මගේ යාලුවෙක්ට වෙච්චි ඇබැද්දියක් http://malmallk.blogspot.com/2013/11/5.html#.U8EDLrHlrIU

    කවුරු මොක කිව්වත් මාතලන්තුමා සුභවාදීව ඒ දෙස බැලීම අගනේය.

    ReplyDelete
    Replies
    1. ඉතා අවම ප්‍රතිශතයක් වන නරක පැත්ත හේතුවෙන්, බහුතරයකට සෙතක් වෙන දේ නවත්වන්න කියන්නේ. එක්කෝ නොදැණුවත් කම. එහෙම නැත්නම් කුහක කම.

      Delete
  47. මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හිංදා

    ඒක තමයි මාතයියෙ ඇත්ත අවාසනාවකට ඇත්තකතාවක් තේරුම්ගන්ඩ සමහරක්ට පොඩි උෟනතාවක් තියෙනව වගේ

    ReplyDelete
    Replies
    1. සම හරක්ට මේවා දරාගන්න බොහෝම අමාරුයි. මොකෝ උන්ට මේ දුක තේරෙන්නේ නෑ. උන්ට රට යන ඔක්කෝම වේසියෝ...

      Delete
  48. මමනම් කියන්නේ මැදපෙරදිග තියා අපේ රටේදිවත් කාන්තාව පුරුෂයාගේ වහලියක් නොවියයුතුයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඊට වඩා වහල් කම් මෙහෙයි තියෙන්නේ. අඩු ගානේ එහේ සතියකට එක දවසක් හරි නිවාඩු දෙනවා.

      Delete
  49. manna pothalan purabinta aka deela weniwa gekunanawa grabiyo anita pukala huke arinawa manna pothalan piri kehadaanna ilan bannawa

    ReplyDelete
  50. Dear Maathalan, could you please do a post on how specialist doctors cheat and take patients on a ride? I know a lot of stuff regarding this issue.I don't have a blog.I can post all this details to you since I am in this field.

    ReplyDelete
    Replies
    1. මම මේ ගැන කලින් ලියලා තියෙනවා. ඒත් ඔබ ළඟ තියෙන කරුණු මා වෙත එවන්න. කවදා හෝ ප්‍රයෝජනවත් වේවි.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න