.

.

Aug 2, 2014

අනුරගේ කැබ් එක, අමු මිරිස් හා තවත්... - Fast & Furious, Green Chili, etc...

- By- Awantha Atigala -
ඉන්දික ගුණවර්ධනගේ, "හිතේ කෙටූ ටැටූ" පොත ගැන මුල්ම ඔත්තුව දුන්නේ, බ්ලොග් ලියන බස්සි. පස්සෙ පොත හොයා ගෙන කියෙව්වා. ඒකේ තියෙන කවි, පට්ටෙ හොඳම එක. ඒ මතකේ අලුත් කරෙත් බ්ලොග් ලියන "චෙෆාකී". (මේ දව්ස වල නම් ලියන්නේ නෑ වගේ) කාළා අම්බානක නිදි සම්මානයෙන් පුද ලද, සකළ කළා වල්ලභ මාතලන් විසින් ලියලා, පබ්ලිෂ් නොකරපු කවි, අනන්තයි අප්‍රමාණයි. ඒත් මම හිතුවා මීට පස්සෙ. හිතෙන එක, බුකියෙ කොටනවය කියලා. පස්සෙ එඩිට් කරනවා. දැන් ඒ වැඩේ නැගලා යනවා.

මේ එහම ලියපු කවි කීපයක්..


ආශ්චර්යයේ අමු මිරිස් .

තව මොනවද Miss.?
Give me අමු මිරිස්..
How much. Please..?
මට දෙන්න Eight Rupees
කෝ..අල්ලන්න Miss

What the hell is this...?
Only This..!!!
for Eight Rupees..???
අනේ.. ඔව් Miss.
ඇයි ඔයා Dismiss.?
කරලක් දෙකයි..,
අමු මිරිස්...!!!

-x-


අමු මිරිස් ආදරය .

මගේ ආදරේ....
මිහින් පරපුර රජ දවසේ....
මිරිස් කරලක් වගේ....
අමු,
මිරිස් කරලක් වගේ....!!!

-x-


යාල වතුර බවුසරේ .

ගෝනුන්ට,
රිලවුන්ට,
දිවියන්ට,
අලියන්ට,
පිපාසෙට,
දිය බොන්ට.
තිබුන,
එකම එක,
බවුසරේ....

අරගෙන ගිහින්,
"පානිය" සමග,
ජලය දෙන්ට,
ඌවේ...
හරකුන්ට...!!!

-x-


අනුරගෙ කැබ් එක .

අනුරගේ Luxury Cab එක,
හැප්පිලා Truck එකක
Condemn.

ගියා නම් Maruti යක,
පිම්බෙන්නේ නෑ Air Bag එක,
එහෙනම් ඉතින්,
අනුරත්
Condemn...!!!

-x-


විමල්ගේ අළුත් සෝ එක.

ඌවට තනියෙන්...!!!
****************

සංගීතය,
නැටුම්,
පයිට්,
 දෙබස්,
තිර රචණය,
කළා අධ්‍යක්ෂණය,
අධ්‍යක්ෂණය.
හා
ගරු රඟපෑම්,
-
ජනප්‍රිය අද්දක්ස,
විමල් වීරවන්ස.

නිශ්පාදනය
 විධායකය.

සොරි සොරි..!
නිෂ්පාදන විධායක,
-
අරලිය නිශ්පාදන 

.o0O0o.

98 comments:

  1. දෙපිටකාට්ටුව. අනුරගෙ කැබ් එකට එක වෙලාවක බැනල, තව පාරක අගයල කවි ලියනව.

    ReplyDelete
    Replies
    1. නෑ කොයිම වෙලාවකත් බැන්නෙ නම් නෑ. ඒත් පොඩි කින්ඩියක් නම් දැම්මා. විය යුත්තේ එයාලත් බී ඇම් එහෙක යන එක. පවතින රටාව අනුව..

      Delete
  2. \\
    ගෝනුන්ට,
    රිලවුන්ට,
    දිවියන්ට,
    අලියන්ට,
    පිපාසෙට,
    දිය බොන්ට.
    තිබුන,
    එකම එක,
    බවුසරේ....

    අරගෙන ගිහින්,
    "පානිය" සමග,
    ජලය දෙන්ට,
    ඌවේ...
    හරකුන්ට...!!!
    \\

    මේ කවිය නම් පෝස්ටර් ගහල අලවන්න ඕන ඌවෙ තාප්ප වල...

    ReplyDelete
    Replies
    1. පෝස්ටරේ නිකං, කොළඹ දිස්ත්‍රික්කේ ඡන්ද පත්‍රිකාව වගේ තියෙයි..

      Delete
  3. ඌවට තනියෙන්...!!!
    ****************

    සංගීතය,
    නැටුම්,
    පයිට්,
    දෙබස්,
    තිර රචණය,
    කළා අධ්‍යක්ෂණය,
    අධ්‍යක්ෂණය.
    හා
    ගරු රඟපෑම්,
    -
    ජනප්‍රිය අද්දක්ස,
    විමල් වීරවන්ස.

    නිශ්පාදනය
    -
    අරලිය නිශ්පාදන

    .o0O0o.

    -----------

    මේකේ "නිෂ්පාදනය " කියන එක "විධායක නිෂ්පාදනය " කියල කිව්වොත් නරකද?

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අප්පා.. විධායක නේන්නම්.. පට්ට කෑල්ල..

      Delete
  4. අපරාදෙ
    උෟවෙ හරකුන්ට
    දෙන වතුර
    අර අහිංසක
    සත්තුන්ට
    නොදී.

    ReplyDelete
    Replies
    1. කාටෙයි කියන්නෙ... වන සත්තු ටික, මී හරකෙකුට බාර දුන්නයින් පස්සේ..

      Delete
    2. ඇයි ඌ අද නිව්ස් වල වොයිස් කට් එකක් දීල අඩුවෙ නිකං තිබ්බ බවුසරේ වතුර ටික යවපු එකටත් කැරි කොල්ලො වෙබ් වල කෝචොක් කරනව කියල....
      ඌ බලන්න දන්නෙ නැති වුනාට උප දේසනොයෝ කියනව ඇති...

      Delete
  5. මාඅතලන් අයියණ්ඩියෙ, මං බ්ලොග් වලට මහලොකු පණ්ඩිතයෙක් එහෙම නෙවෙයි. ඒත් මේක කියන්නම ඕනි.

    මිලියන පතියෙක් උනාට පස්සෙ මාතල අයියගේ ලිවීම ඉස්තරම්ම වෙලා. කලින් නරකයි කියනව නෙවෙයි. ඒ උනාට දැන්නම් සුපර්බ්!!

    අනුරගේ කැබ් එක ඇතුලෙ ඔයා ලොකුම ලොකු කතාවක් කියනවා..

    ReplyDelete
    Replies
    1. කවියක් කියන්නේ වචන දස දහස් ගනනක් කෙටියෙන් ලියන එක. මගේ ප්‍රියතම ලිවීම කවි. ඒත් මේකේ රැඳෙන්න නම් ඔක්කෝම දෙන්න ඕන. සැවොම පිනවන්න ඕන.

      Delete
    2. හ්ම්ම්ම්.... ඇත්ත ලොක්ක.....එකෙන්ම....

      Delete
  6. // සංගීතය,
    නැටුම්,
    පයිට්,
    දෙබස්,
    තිර රචණය,
    කළා අධ්‍යක්ෂණය,
    අධ්‍යක්ෂණය.
    හා
    ගරු රඟපෑම්,
    -
    ජනප්‍රිය අද්දක්ස,
    විමල් වීරවන්ස.

    නිශ්පාදනය
    විධායකය.

    සොරි සොරි..!
    නිෂ්පාදන විධායක,
    -
    අරලිය නිශ්පාදන

    .o0O0o.//

    තනියෙන් ඉදන් පැල් රකින එකත් ලේසි නෑ...........

    (තනියෙන් ඇවිත් ආන්ඩු විරෝධී ඡන්ද ටික රැගෙන නැවතත් ආණ්ඩුවට)
    පචායුද (කු)මාරයට...
    ‍ලෙමන් පප් කුමාරයට.....

    ජ ය වේ වා !!!!!!!!!!!!!!!!!!!!!!!1111

    ReplyDelete
    Replies
    1. පාලු පැලේ මට තනි නෑ හිමියනේ
      මගෙ තනියට මහ රජු ඉන්නවා අනේ....

      Delete
    2. බූරු ඇඳේ - සද්දෙ වැඩියි
      ඔය පැදුර අරං - හනික බිමට වරෙන් … !!!!!!!

      Delete
  7. අනේ මන්ද.... මාධ්‍ය කියන්නෙ නම් ටුවරිස් ල නහුතෙට එනවලු අම්මට සිලි ලංකාවට....
    මෙයා ...හෙක්.... හෙක්.... අපි එක්කල......... කයි මොනාද කොරනව ....

    ReplyDelete
    Replies
    1. දැන් ආයේ එනවා මචෝ.. මම ආශ්චර්යෙන් ලැපක් ගත්තා නේ. අනික මේ ටිකේ ගෙදර..

      Delete
    2. එහෙමද.... Good ''''! ....................

      Delete
  8. අනුරට කොහෙන්ද ලක්සරි කැබ් ඒ ගොල්ලෝ සමාජවාදී මාක්ස්වාදියෝනේ.

    ReplyDelete
    Replies
    1. එයාලා කැබ් කියන එක සාමාන්‍යකරණය කරලා තියෙන්නේ..

      ජීප් එක ඉහළ පන්තියේ.. ඒ උනාට මාකට් ප්‍රයිස් එක ලක්ෂ 70 ක් විතර..

      Delete
    2. ඔය ලංකාවෙ වාහන මාකට් ප්‍රයිස් මහ විහිලුවක්. දැන් කියා සොරෙන්ටො හරි මෙන්ටෙරො ස්පොර්ට් හරි වගේ සුඛෝපබෝගී කියන කොටසට අපේ අය දාන SUV එකක් ලංකාවෙ වරායට ගෙනත් ගොඩබාන්න නිෂ්පාදකය ගන්නෙ ඩොලර් විසි පන්දාහයි. ඒ කියන්නෙ ලක්ෂ තිස්තුනයි. ඒක වරායෙන් එලියට ගෙනත් විකුණන්නෙ ලක්ෂ හැත්ත පහට අසූවට. ඒ කියන්නෙ ජපන වාහනේ හදල, නැවට පටෝල, ඉන්ෂුවරන්ස් ගෙවල, ලංකාවට ගෙනත් බාන්න යනවට වඩා ගානක් අපේ අය්යල එකේ උන්ඩුකපුච්චෙ ඉඳල වෙන වෙනම කෑල්ලෙන් කෑල්ලට බදු ගහනව.

      ඉන් පස්සෙ ඒ සල්ලි වලින් පාරවල් හදල, අම්ම අප්පගෙ සල්ලි වලින් හැදුව වගේ ඕපන් කරල නමත් ගහනව.

      Delete
    3. ++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. සුද්දෝ උඩ යනවා මෙහේ වෙහිකල් වල ගාන ඇහුවාම..

      Delete
    5. ඉන්දික බොස් … මල් මසුරං ටෝක්ෂ් එක !!!

      එකෙන්ම රෙෂ්පට් ඈ ++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  9. eka pakshaye wahanak anura kumara mahaththayata aithi ekak nowe. yako babyla job nokara lambogini ganna hodai katath penne mewa tamai

    ReplyDelete
    Replies
    1. කිසිම අවුලක් නෑ අනේ.. මීට වැඩිය ඒවල ගියත් අවුලක් නෑ. උන් විතරනේ කතා කරන්නේ..

      Delete
  10. අඳුරට දුක එකතු වෙලා - නින්ද බිදුණු තැනට වඩී

    "අපට නැතත් බදුලු ඔයට - හෙටත් උදෑසනක් වඩී "

    ReplyDelete
    Replies
    1. නුබට වගේමයි අපටත් දුක්පිඩා විඩා දැනේ

      Delete
    2. ජනතාවට පානීය ජලය දෙන්නේ ආන්ඩුවෙන් නෙමෙයි. ප්‍රයිවට් ටී වී චැනල් එකකින්..

      Delete
  11. පට්ට පට පට. මගේ ෆේවරිට් ස්ටැයිල් එක තමයි මේ. පේලි දෙකතුනකින් මොලේ හෙල්ලෙන්න දෙන කනේ පාර.

    අනුරගෙ කැබ් එකේ කයිය උපරිමයි.

    මෙවත් ඉඳහිට බ්ලොගේ දාන්න. මිනි කවියට ආස අපි වගේ පිස්සො තව ඇති.

    ReplyDelete
    Replies
    1. ඇයි බස්සී ජෙප්පෝ හිඟන්නු වගේ ඉන්න ඕන කියල හිතන්නේ? පක්ෂ නායකයෙක් ඩබල් කැබ් රථයක යාම ඔයතරම් පුදුම වෙන්න හේතුවක්ද? 80 දශකයේ මිනිස්සු රෝහණ විජේවීරගේ බෙන්ස් රථය ගැන මේ වගේ ලතවුනේ නැහැනේ

      Delete
    2. කෑ ගහන්නේ නැතුව හිටපං ඇනෝ. ඒ ළමයගේ මොලේ හෙල්ලිලා. මේ මාතලං අයියා දුන්න කනේ පාරකට.

      Delete
    3. මචං දැන් තමයි ලංකාවේ නියම ගෝත්‍රික යුගය.මාතලන්ට බස්සීට අනුව අනුර කුමාර බදුල්ලේ යන්න ඕනේ මෝටර් බයිසිකලයකින්ද?.

      Delete
    4. අනෙක් කාරනේ තමයි බස්සියෝ.. කවිය තේරුම් ගැනීම. දැන් බස්සි අනුරගේ කවිය ගැන කිව්වේ මොකක්ද කියලා සවිස්තරාත්මක විස්තරයක් නෑ නේ. කියන්නේ "අනුරගේ කැබ් එකේ කයිය උපරිමයි" කියලා විතරයි. ඉතින් එක එක පාට කන්නාඩි දාගෙන ඉන්න සම හරක් කළබල වෙනවා.. ඒකත් මාරම ගති වැඩක්..

      Delete
    5. ඇනෝලා කවි කියවීම කෙසේ වෙතත් කොමෙන්ට් හරහා හෝ මිනි කවි තේරුම්ගන්න උත්සාහ දරන එකම ලොකු දෙයක් ය. :D

      Delete
    6. බස්සී@......පුහ්..

      Delete
  12. අපේ පැත්තෙ කරලක් දෙකයි නෙමෙ හතයි අමු මිරිස්!!

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු, කොහෙද, කොලොම්බු සෙවන් වලද ඉන්නේ..

      Delete
    2. පීස්සුද! දැන් ඉන්නෙ නාවින්නෙ. මං කල්පනා කලෙත් කොලම්බු සෙවන් වල කොහොමට ඇද්ද කියල. මෙහෙ එළෝලු කඩේ මුදලාලි ඉතුරු සල්ලි දෙන්නෙ අමුමිරිස් වලින්.

      Delete
  13. "අරගෙන ගිහින්,
    "පානිය" සමග,
    ජලය දෙන්ට,
    ඌවේ...
    හරකුන්ට...!!!"

    හොඳ වෙලාවට බොලෑ වගේ අපි ඌවේ නෙවි බස්නාහිර

    ReplyDelete
    Replies
    1. ඔද වෙලාවට ඉවානත් බස්නාහිරට පැනගත්තේ...... හෙක්....හෙක්....

      Delete
    2. අපිත් කොළඹ තමයි.. ඒත් ඉතින් මෙහෙත් ඉන්න්වා හරක්.. හැබයි ඡන්දේ දීපු එකෙක් හොයා ගන්න නෑ. ඒත් ලොක්කා දිණුම්.

      Delete
  14. අපූරුයි. සිත් ගත්තේම අර පානිය ජලය කෑල්ල

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපේ එකෙක්ට ජොබ් එකක් හම්බ උනා. ඌ වැඩ කළේ බදුල්ලේ පානීය ජලය ප්‍රොජෙක්ට් එකක. ඌ කියන්නේ ඒකත් නොම්මර එකේ පානියක්ම් තමයි කියලා.

      Delete
  15. නියමයි. මට නම් පටටම එක වතුර බ්‍රවුසරේ එක.

    ReplyDelete
    Replies
    1. ඒක බුකියෙත් නැගලම ගියා..

      Delete
    2. අලුත් බ්‍රව්සරයකන්ද? :-)

      Delete
  16. සුපිරි කවි ටිකක්නෙ ඕයි.ලංකාවට ගාටපු ගමන්ම අවුමිරිස් පාත්තියක් දාන්න ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේක නේ මචෝ මම ආවෙත් කවි ලියන්නය කියලා හිතාගෙන. ඒත් පටන් ගන්නත් කලින් වැඩේ තේරුනා.. දැන් මෙහෙම වත් කියවන එක ළොකු දෙයක් නේ.. මේ ඇවිල්ලා බේත් මී පැණිත් එක්ක දෙන ගේමක්..

      Delete
  17. මතට තිත.......
    https://www.facebook.com/photo.php?v=503207609824716&set=vb.100004064449971&type=2&theater

    ReplyDelete
  18. ඔය තියෙන්නේ දීලා නියමෙට....
    මැල්ලුම්වලට වඩා සම්බොලේ රසයි කියන්නේ ඕක තමයි...
    ලියන්නේ කොහෙද ඕයි, කමෙන්ට්කලාමත් කෙලගන්න එනවනේ අපේ යාලුවෝ...

    ReplyDelete
    Replies
    1. කෙලගන්න එන එව්වන්ට බඩු have ආකිය.......
      සම හරක්ට බිය නොවන්න.... අපි ඉන්න මොන !@#!තටද.....යකූ....

      Delete
    2. ඇයි කෙන්ජියා අපට මක් කොරන්නද?

      Delete
    3. බිය නොවෙයි අයියන්ඩිය......හිරිකිතය...හෙක්...
      ඔන්න හිතට ආපු එකක් ලියලා අතඇරියා මචෝ....

      Delete
    4. @AnonymousAugust 3, 2014 at 6:50 AM...
      පොන්නයිට කිය .... කිය ....කරන එකෙක් නෙමේ... බං මම....
      කාරල කෙල බෙට්ටත් ගන්නව .... අර vax ටියුබ් එක සාක්කුවෙ නැති වුනොත් තොපිට අරින්න.... හෙක්... හෙක්...

      Delete
    5. චෙෆාකී මම දැක්කා සීන් එක.. ගනන් ගන්න එපා මචෝ.. හිතේ තද කරගෙන ඉන්නවට වඩා හොඳයි ඇත්ත කතා කරන එක. ඒක ෆ්‍රෙන්ඩ්ෂිප් එකට ඩැමේජ් එකක් වෙන්නේ නෑ. මොකෝ බාලචන්ද්‍රන්ගේ කේස් එක වෙලාවේ ඇල්කේමියයි මායි මරා ගත්තා අපේ මතය ගැන. ඒත් අපි අදත් හොඳ බොක්කෝ. අටම් බලපන්. පට්ට ජාති වාදියා. ඒත් අපි යාළුවෝ. ඒ නිසා උඹලා දෙන්නම ඕක ඔතනට විතරක් තියා ගන්න බව මම දන්නවා. මේ ලියලා තියෙන එකෙන්ම ඒක පේනවා. එහෙම කෙලින් කතා කරන එක ළොකු දෙයක් මචෝ. ඇනෝ ඇවිත් බයිලා ගහනවට වඩා. ඒ තමයි නියම යාළු කම.

      Delete
  19. 1.අමු මිරිස් නැත්තම් මාළුමිරිස් කාපල්ලා ,
    2.අයි අමු ම්රිස් නොකා කවුරු හරි මැරිලා තියෙනවද මේ ලෝකේ
    3.ජෙප්පෝ ඉන්නේ නිර්ධන පන්තිය වෙනුවෙන් ඒ නිසා කැබ් එක සුඛෝප භෝගී තමයි
    4.අපරාදේ යුනිකෝඩ්

    ReplyDelete
    Replies
    1. කීයද අලාබේ මචෝ.. කවුරුත් අමාරුවෙන් ඉන්න කාළේ.. මනී ඕඩරයක් හරි එවන්නම්..

      Delete
  20. අර පඩේ කවිය දැම්මෙ නෑනෙ.මගේ ආසම එක ඒක.උඹලා නැත්තම් වෙන කව්ද පඩයක් ගැන කවි ලියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක වෙන වෙලාවක දාන්නම්.. "අනාගත් පඩේ"

      Delete
  21. ඌවට තනියෙන් එක නියමයි.. බොලේ අමුමිරිස් මෙහේ ලාබයිනේ..

    ReplyDelete
    Replies
    1. කන්ටේනර් එකක් විතර එවහන් මචෝ..

      Delete
  22. අපේ අම්මත් ඇන්තුරියම් ඔක්කොම ගලවලා දාල අමු මිරිස් වවන්නයි කල්පනාව!

    ReplyDelete
    Replies
    1. ගම නැඟුම.. සුපිරි රටක්, සපිරි හෙටක්..

      Delete
  23. නිවාඩු කාලෙ අමු මිරිස් පාත්තියක්වත් දාන්ඩ ඕනෙ..

    ReplyDelete
    Replies
    1. ඕවා බොහොම සුළු වැඩ.. මට වෙලා තියෙන්නේ නෑ ඉඩ..

      Delete
  24. අනුර මැරෙයිද කියලා බලන්ට වෙන්ටෑ අනික් හැත්ත බුරුත්තම කිරිජ්ජ පල්ල වන වනා ඉස්පිටිතාලෙට ගියේ.

    ReplyDelete
    Replies
    1. මම දැන් ඉන්න පොලිටික්කන්ගෙන් කැමතිම තුන් වෙනි එකා..

      රනිල්, ලාල් කාන්ත, අනුර......,

      Delete
    2. මේ කෙන්ජි කියන එකා ඉන්නවා නේද? ඌට තමාගේ කියල කිසි මතයක් නැති මාතලන් කියන හැම ගොන් කතාවටම එල,නියමයි,එකෙන්ම,හරියට හරි මචෝ, කියන මානසික වහලෙක්.ඊට අමතරව නිතරම කුනුහරුප කියමින් තමන්ගේ ලිංගික අවශ්‍යතාව වක්‍රාකාරයෙන් සංසිඳවා ගන්නා අයෙක්.

      Delete
  25. ඔව් ඔව් මේ පැත්තෙත් ඉතුරු සල්ලි වෙනුවට අමු මිරිස් දෙනවා. හැක් ආශ්චර්යනේ පුතේ ...

    ReplyDelete
    Replies
    1. වැඩිපුර ගම්බ උනොත් මටත් දෙක තුනක් එවහන්...

      Delete
  26. පට්ටයි සුපිරියි එල ද බ්‍රා

    ReplyDelete
  27. බව්සරේ කයිය නං පට්ට. ඒක ජාතික ලෙවෙල් එකේ තියන්න පුළුවන් කැත නැතුව.
    //ඒත් මම හිතුවා මීට පස්සෙ. හිතෙන එක, බුකියෙ කොටනවය කියලා//
    ඇයි අපි කියෙව්වම අවුල්ද???????

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේ සැරේ ආන්ඩුවේ සම්මානෙට යොමු කරන්න ඕන..

      Delete
  28. හුකැස්...
    කවි නං කවි මෙන්න කවි...
    හිහික්
    මාතෙ අහුවුනොත් කස්සගෙ කවිඇසිඩ් කියවන්න

    ReplyDelete
  29. විමල් වීර වංශට කරන චෝදනා මම හෙලා දකිනවා අපේ මිනිස්සු විමල් ආණ්ඩුෙවන් ඉල්ලනෙකාට
    මහින්දට කෙඩ් යනවා කියලා බනිනවා
    ෙවනම ඉල්ලනෙකාට ඒ්ත් බනිනවා
    ඌට චාන්ස් එකක් දෙන්න හිතන්නෙ නෑ
    ඔය පුරුද්ද සිංහලයගේ ලොකු දුර්වල කමක් අනෙක් අතට අපේ අය
    තම්බියෙක් වටලප්පන් ටිකක් දුන්නොත් දෙමලෙක් අඹ ගෙඩියක් දුන්නොත් ඌට දනගහලා වඳිනවා
    විග්නේශ්වරන් ගේ එක වාක්‍යයක් අල්ලන් ඌට චරිත සහතික ලියනවා
    මේකනම් දූපත් වාදී මානසිකත්වයම තමා

    ReplyDelete
    Replies
    1. මාතලන් කියන්නෙ තමාගෙ සීමිත දැනුමින් රට පාලනය කරන්න හදන ගොං තැම්බක්.ඌ හිතන්නෙ ඌට ඔක්කොම තේරෙනව කියල.මම නම් අනුකම්පා කරනව,ඒත් සමහර වෙලාවට හිනත් යනවා

      Delete
    2. පඩ යන්නේ හෙම නැද්ද...?

      Delete
  30. අමුමිරිස් පාත්ති දෙකතුනක් දාගත්තනං ගොඩම තමා... ආය ජොබක් ඕන නෑ.

    ඇ බං...අනුරගේ කැබ් එක කොන්ඩෙම් වෙලා අනුර කොන්ඩෙම් නොවී හිටියට කස්ටියට තාම තේරිලා නෑ පාටිය කොන්ඩෙම් වෙලා ඉවරයි කියලා.

    ReplyDelete
    Replies
    1. එයාලා පාටියක් නෙමෙයිලු නේ.. සමාජ සේවා මෙව්වා එකක්..

      Delete
  31. ජයන්ත වීරසේකර දාලා ත්‍රින්කෝ වලින් එකක් දිනුවා වගේ ඌවෙන් තනියම එකක් හරි ගන්නවා කියලා විමලේය දකින්නේ හීනයක්.ජවිපෙ අබිබවා යන ජන්ද ප්‍රතිශතයක් ලබනවා කියන්නේ.

    ඌවේ හරක්ට වතුර දෙන කවිය පට්ට.

    අනුර කුමාරගේ කැබ් එක ගැන මේ තරම් කතාබහක් ඇති වීම මට නම් පුදුමයක්.

    ReplyDelete
    Replies
    1. විමල් පාඩමක් ඉගෙන ගන්නේ මේ සැරේ..

      Delete
    2. මාතලන් පාඩමක් ඉගෙන ගන්නේ කවදාද?

      Delete
  32. Mr. Mathalan, let me know how to type on sinhala by apple iphone.

    ReplyDelete
    Replies
    1. අනේ මම ටෙක්නිකල් පොරක් නම් නෙමෙයි.. කවුරු හරි මෙයාට උදව් කරන්නකෝ..

      Delete
    2. Download singlish application

      Delete
  33. අපිනම් මාස 6ක විතර ඉඳන් අමුමිරිස් වෙනුවට කන්නේ කොච්චි
    ගස් 5ක් හදා ගත්තම වැඩිත් එක්ක

    ReplyDelete
    Replies
    1. වැඩිපුර තියෙනවානම්.. ගේ ඉස්සරහා තියාගෙන විකුනන්න.. කෝටිපතියෙක් වෙන්න පුළුවන්..

      Delete
  34. මම මේ නොදන්න කමට අහන්නේ.. අමු මිරිස් ඔච්චර ගණන් යන්න හේතුව මොකක් ද?

    ReplyDelete
    Replies
    1. සැපයුම අඩුවීම, නියඟය.

      Delete
    2. ගෙදරක මල් පෝච්චියේ හිටවන්න පුලුවන් දෙයක් නේද ඔය ගනන් කියලා ලතෝනි දෙන්නෙ,,

      Delete
  35. අනුරගෙ කැබ් එක අපේ රටේ උන්ට මහ ලොකු දෙයක් උනේ මොකෝ මන්දා,,අනික් උන් කැබ් වල යන්නෙ නැති නිසා වෙන්න ඇති...මම ඇහින් දැක්ක දේ මාතෙ ඔය නායක ජෙප්පන්ට පිට රටවලදී අපේ ජනාධිපතිටත් නැති තැනක් තියනවා පිට රට කොමිනියුස්ට් පක්ශ වලින්,,ඒක මම දැක්කෙ බිමල් ඉතාලි ආපු වෙලේ,,මම ඉන්න සිටි එකේදී බිමල් හොයන් ඉතාලි කොමිනියුස්ට් පක්ශෙ ජාතික සංවිධායකයෙක් ආවා,,ඇදුනුම්කමක් නිසා හොයන් ආවෙ මීටින් එක වෙලාවෙම..කොටින්ම රෙස්ටුවරන්ට් එකකට ගිහින් තිබුනා කෑම වේලකට,,,ඒකෙ පොටෝ මම දැක්කාඅ ලීක් උනා නම් ඔය කැබ් එකටත් එහා කතා හදාවි

    ReplyDelete
    Replies
    1. උන්ට මීටත් හොඳ වාහන දීලා රකින්න ඕන මිනිස්සු...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න