.

.

Sep 14, 2014

හඳයාගේ වේදනාව, සුනිල් ටී ගේ අඳෝනාව සමඟ ඉදිරියටම යන හින්ගල සිනමාව (අතිශයින් වැඩිහිටියන්ට පමණයි) - The Other Side of The Sinhala Cinema


 - වැඩිහිටියන්ට පමණයි - 

අපේ සිනමාව ගැන දන්නේත් අපි විතරමය. අපිට මහා ළොකු සිනමාවක් ඇත්තේ නැත. ජාත්‍යන්තර සම්මාන හම්බ උනා කියන්නේ, ඒවා පිටරට එවා මිසක්ක, මහා සිනමා සම්මාන වල ඒවා නෙමේය. හරියට රයිගම් කුළු බඩු කාරයෝ, බඩු වලට සම්මාන දෙනවා වාගෙය. ගාමිණි මාලනි, විජේ මාලනී, කාළයේ තිබු සිනමාවක් අද ඇත්තේ නැත. ඒ කාළේ ඒවා නැගලා ගියේ, මිනිස්සුන්ට බලන්න වෙන සෝ තිබුනේ නැති හින්දාය. ඒ සෝ නැගලා ගියේ, ජෝතිගේ සින්දු හින්දාය. ජෝති කිව්වේ, හින්දි සෝ වල තිබුනු සින්දුය. හින්දි සෝ ලංකාවට ගේන්න තහනම් නිසා, මෙහේ සෝ නැගලාම ගියේය. මොහොමඩ් රාෆී මැරුණ වෙලාවේ, ජෝති දිවි නහගන්න ගියෙත් ඒ හින්දාය. මම දැන් කියන්නේ කාගේ සින්දුද ලොක්කා කියා ජෝති ඇඬුවේ ඒ නිසාය.

අතරින් පතර අපේ වැඩ කාරයන්ගේ එවාත් නොතිබුනාම නොවේ. මක්කා කොලත් ඒ කාළේ නම් පට්ට සෝ ටිකක් බලා ගන්න නම් හම්බු උනේය. ඒ අපි පොඩි කාළයේය. ඒ කාළේ විසිල් ගගහා බලපු ඒ සෝ, අදත් ටැලිවිසොන් එකේ යන කොට ඕන එකෙක් කෙල පෙරාගෙන බලාගෙන ඉන්නවාය. මාලනි හැරුනත් ලස්සනය. ගාමිනි හතර වටේ ඉන්න ඔක්කෝටම කෙලිනවාය. පොඩි ඇස් දෙකත් එක්ක විජේ හරහට එන කොට, කෙල්ලන්ගේ ඇස් විතරක් නොව, තවත් තැනුත් තෙත් වෙනවාය. ෆරීනා ලායිලා, ගීතලා දැක්කාම කොල්ලන්ටත් එහෙම වෙනවාය.

ඒ කාළේ සම්බහිය ඒවා තිබුනේ නැති තරම්ය. ලැස්ටර්ලා තිස්සලා හදපු සම්බහිය ඒවා වලයි, විසිල් ගගහා බලපු සෝ වලයි මහා ළොකු වෙනසක් තිබුනේත් නැතිය. ප්‍රේක්ෂකයා කියන යකා, ඔය කොයි සෝ එකත් මහ රෑ 10 ටත් පෝලිමේ ඉඳලා මරාගෙන ගුටි කාගෙන බැලුවේය.

77 ජේ ආර් පප්පා ආවයින් පස්සේ ඔක්කෝම කනපිට හැරුණේය. මස් කඩ වගේ බ්ලු ෆිල්ම් හිටන්, මරදාන හන්දියේ කටවුට් ගහගෙන, ඉන්ගිරිසි නම් තියෙන හෝල් වල පෙන්නුවේය. හැබයි ඉතින්, ඕපන් ඉකොනොමි නිසා, බ්ලූ ෆිල්ම් විතරක් නොව, හැම ජාතියේම ඒවා හැදුනේය. ඔන්න ඔයි කාලයේ මේක කැටගරයිස් කොරන සීන් එකකුත් පටන් ගත්තේය. සම්බහිය ඒවා සහ කොමර්සොල් ඒවා කියා සීන් එකක් එන්නේත් ඒ කාළයේය.

ඒ අස්සේ අපේ සුමනා අක්කා ඉන්න, ලෝකල් බ්ලු ෆිල්මුත් හැදුනේය. වැන්ඩස්ට්‍රාටන් කියලා එකෙක් කොල්ලන්ට පට්ටම ආතල් එකක් දුන්නේය. ඉන්ගිරිසි බ්ලූ ෆිල්ම් බලපු උන්, පෝලීමේ ගිහින් සුමනා අක්කාගේ ගල් දෙක බලා, වැන්ඩස්ට්‍රාටන්ට කුණුහබ්බෙන් බැන බැන ගියේය. වැන්ඩස්ට්‍රාටන් සුමනාගේ රෙදි ගලවන කොට, ධර්මසිරි බන්ඩාරණායක ස්වර්ණාගේ රෙදි ගලවලා, සුද්දිලාගේ හෙළුව පෙන්නුවේය.

සුමානා, ගල පෙන්නන කොට බඩුව උනාට, ස්වර්ණාගේ ඇඟ උඩ සොමී රත්නායක් ඩිප්ස් දාන එක සම්බහිය උනේය. ස්වර්ණා බෙස්ට් ඇක්ට්‍රස් වෙලා අග්‍රගන්‍ය උනේය. සොමී චරිතාංග උනේය. ඒ අපේ සිනමාවේ හැටි ඉතරක් නෙමේය. සමාජයේම හැටිය. ඒකට ඉතින් කාටවත් දොස් තියලා වැඩක් නැතිය. ඒකට කිව්වේ සම්බහිය හින්ගල සිනමාව කියලාය. අපේ උන් කිසි අවුලක් නැතිව ඔය ඔක්කෝම කුණුහබ්බ බැලුවේය.

ඔය අව් අස්සේ ජපනාගෙන් රූපවාහිනිය ඇවිත්, ඒකේ අර විසිල් ගගහා බලපු පරණ සෝ පෙන්නන්න පටන් ගත්තේය. ගාමිණි මාලනී විජේලා, ජෝ එඩී ෆ්‍රෙඩීලා, ඇන්තනි බී ඇස් දොන්ලා, ආයෙත් අපිට ආතල් දෙන්න පටන් ගත්තේය. සනත්ලා ශෂීලා ජීවන්ලාගේ, පොන්න ඩාන්ස් එපා වෙලා උන්න උන්, නිදි මරාගෙන, හුළු අතු පත්තු කරගෙන, ටැලිවෂන් තියෙන ගෙවල් හොයාගෙන ගිහින්, සෝ බලන්න පටන් ගත්තේය.

නයි ටී ඇන් එක තිබුනාට ඒක පෙනුනේ ටික දෙනෙකුට වීතරය. ඒ නිසා ඒකේ පරණ සෝ පෙන්නුවාට එච්චර අවුලක් තිබුනේ නැතිය. ඒත් රූපවාහිනියෙන් සෝ පෙන්නන්න පටන් ගත්තාම, හින්ගල සිනමාවට කෙලවෙලාම ගියේය. හේතුව උනේ සෝ පෙන්නන එක නෙමේය. හැදුවේ මළ ජරාව නිසාය. අනේ ඉතින් හින්ගල සිනමාවේ උන් ටැලිවිසොන් එකට විරුද්ධව කරන්න පුළුවන් හැම මළදානයක්ම කලේය. ඒත් ඉතින් සෝ පෙන්නිල්ල නවත්තගන්න පුළුවන් උනේ නැතිය.

ඊට පස්සේ 1983 දී හින්ගල සිනමාවට ආදරය කරපු ප්‍රේක්සක යක්ෂයෝ, ජාති ආලෙන් ඔකඳ වෙලා, හින්ගල සිනමාව අරගෙන ගියපු දෙමළාගේ හෝල් විතරක් නොව, චිත්‍රාගාර පවා චිත්තප්පිරිතියෙන් යුක්තව ගිනි දෙවියාගෙන් පුදලා පුදුම රසාස්වාදයක් වින්දේය. ඒකෙන් උනේ සම්බහිය පස් වන මණ්ඩලේ ෆිලිම් හෝල් ඉතරක් නොව, දෙකයි පනහේ මණ්ඩලේ හෝල් හිටන් හින්ගල සිනමාවට නැති වෙලා ගිය එකය. ඊට පස්සේ ආවේ මෙළෝ රහක් නැති ගූ ගොඩව්ල්ය. ඒවා බලන්න බල්ලෙක් වත් උන්නේ නැති නිසා, හෝල් වලටත් හතේ හතම වැදුනේය. ප්‍රේක්ෂක යක්ෂයෝ හෝල් වලට එන්නේ නැති නිසා, මකුණෝ සීට් වල ඉඳගෙන හින්ගල සිනමාව ගොඩ දාන්න මාරම කට්ටක් කෑවේ ඒ කාලයේය.

සිනමාස්, අරමාස්, මේ මාස් කොම්පැණිවලින් කිසි අවුලක් නැතිව අරගෙන ගිය හින්ගල සිනමාවත්, ආන්ඩුවේ සහනාධාර වලින් ඇඳගෙන යන්න සිද්ධ වෙන්නේ, ඊට පස්සේ ඉඳලාය. අන්තීමට උනේ බුද්ධාගම ආරක්ෂා කොරනවා වගේ, හින්ගල සිනමාවේ ආරක්ෂාවත් බදු ගෙවන හිඟන්නන්ගේ ඔළුව මත කඩා වැටීමය. ආන්ඩුවේ සප් එක ගන්න නම්, ආන්ඩුවට එකසිය ගානට කඩේ යන්න ඕනාමය. එහෙම යන්නේ නැති එකාට පැවත්මක් ඇත්තේ නැතිය.

බැංකුවලින් ණයට අරන් සෝ හදන්න ගන්නේ
ඊට පස්සේය. ලෝන් එක පාස් කොර ගන්න නම් රෙදි නැතිව රජ්ජුරුවන්ට කඩේ යන්න ඕනය. එහෙම නැත්නම් ජනමාද්දිය ඇමති තුමාගේ හිත සුව පිණිස මක්කා හෝ කොරන්න ඕනාය. එයාලා ප්‍රීතී වෙන තරම ලෝන් විතරක් නොව වෙන වෙන සපෝට් හිටන් හම්බ වෙනවාය. ඉස්කූල් චිල්ඩ්‍රන්ලාට සෝ එක මස්ට් එකක් කොරන්නේ එහෙම ගත සිත පිනා ගියාම කියා සෝ හදන උන්ම කියනවාය.

ඉතින් රෙදි නැතිව කඩේ යන සෙට් එක, මහරජාට පෙන්නන්න සෝ හදන්න පටන් ගත්තේය. අන්තීමේදි ලාංකීය සිනමාවේ එකම ගැලවුම් කාරයා උනේ මහින්ද රාජපස්සය. ඉතින් අපේ ශ්‍රේෂ්ඨ අද්දක්ෂ යක්ෂයෝ, මහරජානෝ ඔය සම්බහිය ඒවාට කැමති නැති නිසා, හැදුවේ, යක්ෂයෝ හිටපු කාළේ සෝය. ඉතින් මේ යක්කු, කුවේණිගෙන් පටන් අරන්,උස පබා, පොඩි අබා, මහින්ද ආ ගමනේ, අරකයි මේකයි කිය කියා, ඇහෙලේපොල කුමාරි හාමිත් සිනමාවට අරගෙන ආවෙය. හැබයි ඔයි මොන මළදානේ හැදුවත් ජැකා උන්නේ නැත්නම් රැඟුම් පාළක මණ්ඩලේ කචල් උනේය. අන්තීමේදි ජැකා හින්ගල සිනමා වංශ කතාවේ ප්‍රතිභාපූර්ණ සිනමා සක්විති ඉතරක් නොව සිනමාවේ ජනමූල මහ රජානන්ම වූවේය.

රජා බලන සෝ අපිත් බලන්න එපාය කියා හිතපු ප්‍රේක්ශක යක්ෂයෝත්, වැල නොකෑඩී ගිහින් අර සෝ
බලා අපේ ප්‍රවුඩ ඉතිහාසේ ගැන ඉමහත් ආඩම්බරයෙන්, බව් බව් මික අන්ඩවාත ඇර ඇර, ඉමහත් සොම්නසින් අද්දක්ෂ යක්ෂයෝ කෝටිපතියෝ කලෝය. එතකොට හැඳුනේ රජ්ජුරුවන්ට කඩේ යන සිනමාව හා එහෙම නොයන සිනමාව කියා එකක්ය. එහෙම නැත්නම් ඒක දේශප්‍රේමින්ගේ සිනමාව හා දේශද්‍රෝහින්ගේ සිනමාව කියලාද හඳුන්වා දිය හැකිය.

ඕන නම් දේශද්‍රෝහී වෙනුවට වේසප්‍රේමින්ගේ සිනමාව කිව්වාටද අවුලක් නැත්තේය. අපිට ඔය මොකා සෝ හැදුවත් අවුලක් නැත්තේය. ඒත් ඉතින් ආන්ඩුවේ පවර් දාලා සෝ පෙන්නන එකට නම් මල පනිනවාය. ගොබ්බ කාළකන්නි ගිහිල්ලා උන්ගේ දෑත් ශක්තිමත් කලාට. පවර් එක පෙන්නලා හදලා, පවර් එකේ බලෙන් ෆිල්ම් හෝල් වලට බලෙන් දාලා පෙන්නන කොට අපිටත් මල පනිනවාය. එහෙම ඉතින් එක එකාට ඕන විදියට සෝ පෙන්නනවානම් චිත්තරපට සංස්ථාවක් ඕනා වෙන්නේ නැතිය. ඒකත් පවුල් සංස්ථාව යටතට ගත්තාම අහවරය.

කොහොමින් කොහොම හෝ මහරජානන් වහන්සේටත් මේ පින්ගුතරයෝ ටික එපා වෙලා වාගේය. ඇහෙලේපොල කුමාරිහාමි බලලා, කියලා තියෙන්නේ, මේ මොන මළ ජරාවක්ද ඕයි කියලාය. මේ සෙට් එක ලීඩ් කරණ එකා අළුත් ආන්ඩුවක් එනකම් සෝ හදන්නේ නැතෙයි කියන්නේ, ඌ කියන කියන විදියට නටන්න, සංස්ථාවේ සභාපති ලෑස්ති නැති නිසාය. කස්ටිය කතා කරගෙන පිටපත් සංඛ්‍යාවක් තීරණය කර ගත්තාට, වන්දිභට්ට සෙට් එක හදන්නේ, මුළු ලංකාවෙම හෝල් වලට උන්ගේ සෝ එක දාගන්නය. එතකොට අනික් උන්ට හුප්පෙය. අරුන් විතරක් ගොඩ ගියාම හොඳටෝම ඇතිය.

මේ අව් අස්සේ, මෙළෝ රහක් නැති සෝ හදාපු, සුනිල් ටීත් අනගරික ධර්මපාල හදලාය. උන්නැහේ කියන්නේ, ඒක හැදුවේ ආප්ප තෘප්තියට මිසක්, සල්ලි බලාගෙන නෙමේ කියලාය. එහෙනම් ඉතින් ඔක්කෝම හෝල් වලට බලෙන් දාගන්න වලිකාලා පුක ඉරා ගන්නේ නැතිව, බල්ලන්ට ආප්ප දෙනවා වගේ, නොමිලේ පෙන්නුවාම ඉවරය. මේවා සුනිල් ටීගේ බයිලාය.  බයිස්කෝප් හදපු එකා අනගාරික කෙනෙක් හදන්නේ, අත ලෙවකන්න නෙමේය. රජ කතා, බුදු කතා, ජාතක කතා අස්සේ, අන්ගාරික ධර්මපාල විකුණාගෙන කන්නය.

උන්නැහේ කියන්නේ, එයාගේ පිටපත් ඔක්කෝම එක සැරෙ හෝල් වලට දාන්න දෙන්නේ නැත්නම්, එයා ආයෙත් සෝ හදන්නේ නැතිය, අනිත් බිස්නොස් කොරගෙන ඉන්නවා කියලාය. අපිට කියන්න තියෙන්නේ, බලෙන් සෝ පෙන්නන්නේ නැතිව, ඕන මළදානයක් කොර ගත්තටා, හින්ගල සිනමාව ඔහේ ගියා කියා, වැටෙන්නේ නැතෙයි කියලාය.

එක අතකින්, ඕකුන් ලොක්කාගෙන කැපිලා යන එක බොහොම හොඳය. මුන් ඔක්කෝම වාසි පිලට හෝයියා කියා රජතුමාටත් තේරිලා ඇතිය. සෝමයා කියන්නේ, ඕන නම් එයාට ආන්ඩු පෙරලන්නත් පුළුවන් කියලාය. ඒ වැඩිපුර පිටපත් ටික හෝල් වලට දාන්න දෙන්නේ නැති නිසාය. මුන් ආදරේ කරන්නේ සිනමාවට නෙමේය. සල්ලිවලට හා බලයටය. ඌ හිතාගෙන ඉන්නේ, ඌට එහා පොරක් නැතෙයි කියලාය. සුගත් සමරකෝන් වෙනුවෙන්, දෙරණේ පඬි ටෝක් දෙන්න එන්නේත් ඒ නිසාය.

ඒ අව් අස්සේ හඳයලා ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆැස්ටිවල් එකක් ගෙනල්ලාය. එයත්, මාද්දිය කාරයෝ ඒකට අප් එකක් දුන්නේ නෑ කිය කියා, නහයෙන් අඬනවාය. මේ ෆැස්ටිවල් එක ගැන, "ඔබට එහි අසුනක් නැත" කියලා නමක් ගමක් නැතුව, එකෙක් මඩ පාරක් ගහලා තිබුනේය. මොළේ කළඳක් තියෙන ඕන එකෙකුට, ඒක ලියලා තියෙන්නේ මොකාද කියලා තේරෙනවය. ෆැස්ටිවල් එකට කෙලින්න පමණක් නොව, පවුල් සංස්ථාව කොටවන වැඩෙත්, එක පාරටම කර ගන්න මේක ඝෝඨාභය මහත්තයාගේ ගේමක් කියා ඒ පල් හෑල්ලේ නොකියා කියා තිබුනේය.

උන්ගේ කුහක කම් මොනවට ඒ ළිපියෙන් පේනවාය. ඒ මොන මළදානේ තිබුනත්, හඳයලා මොකාගේ වල්ගේ හරි එල්ලිලා, ආයේ නැගිටින එක ළොකු දෙයක්ය. හැබයි ඉතින් හඳයලාත් සෝමේලා වෙන්න ගියොත් ඕන් අපිට මල පනිනවාය. හඳයලා පෙන්නුවේ, සින්හල සිනමාව හදන්න, ආන්ඩු ඕන් නෑ කියලාය. අනික හඳයලාට එහෙම සප් එකක් තියෙනවා නම්, වහාම කළ යුත්තේ ගොබ්බ සංස්කෘතික ඇමතිලයි, මෝඩ දෙශප්‍රේමියොයි වාරණය කරපු සෝ ප්‍රේක්ෂක යක්ෂයන්ට පෙන්නන එකය.

මේ ෆැස්ටිවල් එක ගැනත් යමක් කිව යුතුමය. මාතලන් නම් මේ සෝ නොමිලේ පෙන්නුවාට සත පහක කැමත්තක් නැත්තෙය. මොකෝ, අපේ උන් නිකන් දෙනවානම්, ගූ බෙට්ට උනත් කටේ දාගෙන රහ කර කර කන උන් නිසාය. මේකට අඩුම ගනනේ දැරිය හැකි මට්ටමේ මිලක් අයකරන්නට තිබිනි. ඒකෙන් උනේ හොඳ චිත්තරපටි හෑල්ලු කිරීමක් කියා, මාතලන්ට සිතෙන්නේය. මොකෝ ඕය ආපු තරමක් ආවේ සිනමාවට ආදරේ නිසා නොව, නිකන් පෙන්නපු නිසාමය. හරියට දන්සල් වලට එනවා වාගේය.

අනික උතුර දකුණ සහ සම්බන්ධතාවයක්, ජාතික සමගියක් ගැන නිතරම කතා කරන සෙට් එක, හෝල් පහම කොළබින් සිලෙක්ට් කර ගත්තාට, මාතලන්ගේ හිත බොහෝම රිදුනේය. හෝල් පහ තෝරාගන්න තිබුනේ, කොළඹ, යාපනය, අනුරාජාපුරය, නුවර හා ගාල්ල වගේ ලංකාව පුරාම නියෝජනය වෙන විදියටය. යාපනය ගැන වගේ වගක් මෙයාලාටත් නැති බව, මේ සිනමා උළෙලිනුත් මොනවටම පැහැදිලි විය. උන්දලාගේ ජාතික සමගියත්, මට්ට මෝල් දෙශපාලකයන්ගේ සමගිය වගේමදෝ කියලා මේවා නිසා හිතෙන්නේය.

කෙසේ හෝ මෙහෙම දෙයක් කරපු එක නම් ළොකු දෙයක්ය. අඩු පාඩු මග හැර ගෙන ඊළඟ වසරේත්, මීටත් වඩා හොඳින් මේ සද් කාර්යය කිරීමට සියලුම සිනමා කාරයන්ට ශක්තිය හා ධෛර්යය ලැබේවා කියා, මොකා සෝ හැදුවත් බලන, මාතලන් ප්‍රාර්ථනා කොරනවාය. ඒත් ඉතින් ආන්ඩුවේ පවර් එක දලා පෙන්නන සෝ නම්, නොමිලේ පෙන්නුවත් මාතලන් තියා. ගෙදර ඉඳන් මාතලන් එක්ක එකට සෝ බලන, මාතලන්ගේ බල්ලාවත් බලන්නේ නැති බවත් මේ වෙලාවේ කියා සිටිය යුතුමය. ඒක සම්බහිය උනත් කොමර්සොල් උනත් තීරණය එකමය.

162 comments:

  1. මම මේ දැන් සිරි පැරකුම් බලල ඉවර වුණා විතරයි.. ජැකා ගේ කොලුවාගේ නළු පෙනුම නම් තියෙනවා.. ඉතිහාසය ෆිල්ම් වලින් බලන්න දෙන එක තමයි දැන් ඉන්න අයට ඉතිහාසය උගන්නන්න තියෙන ලේසිම ක්‍රමේ... ෆිල්ම් හදන අය ටිකක් ක්‍රියේටිව් වෙලා ඉතිහාසෙන් දෙන්න ඕනේ පණිවිඩේ හයිලයිට් වෙන විදියට කතාව හදන්න ඕනේ කියලයි මම නම් හිතන්නේ... හැබැයි මහා නිර්මාණ විදියට කරන්න පුළුවන් කතා සිල්ලර විදියට චාටර් කරන එකට නම් මම කැමති නෑ..

    හඳගමගේ චින්තනය ලංකාවේ පිළිගන්න නම් තව කාලයක් යයි මාතලන්... උදේ හවස කොම්පියුටරේ ළඟ ඉන්න නිසා ලෝකේ සිද්ද වෙන දේ ගැන යන්තම් හරි අදහසක් අපිට තිබුනට.. ලංකාවේ සමාජය තාම හඳගම වගේ නිර්මාණ කරුවන් කෙලින් ම පිළිගන්න සුදානම් නෑ කියලයි මම හිතන්නේ..

    බව් බව් මික අන්ඩවාත ඇර ඇර කියන ටික නම් පට්ට හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. //හඳගමගේ චින්තනය ලංකාවේ පිළිගන්න නම් තව කාලයක් යයි මාතලන්... උදේ හවස කොම්පියුටරේ ළඟ ඉන්න නිසා ලෝකේ සිද්ද වෙන දේ ගැන යන්තම් හරි අදහසක් අපිට තිබුනට.. ලංකාවේ සමාජය තාම හඳගම වගේ නිර්මාණ කරුවන් කෙලින් ම පිළිගන්න සුදානම් නෑ කියලයි මම හිතන්නේ.. //

      හඳගමගේ ෆිල්ම් එකක් ලංකාවේ පෙන්නන්න හඳගමගේ චින්තනය ලංකාවේ පිළිගන්න අවශ්‍යමද? ඒ ෆිල්ම් එකෙන් සල්ලි හම්බ කර ගන්න නම් අවශ්‍යයි. ලංකාවේ සමාජය හඳගම වගේ නිර්මාණ කරුවන් කෙලින් ම පිළිගනනවද නැද්ද කියන එක උඩ, හඳගමට ෆිල්ම් එකක් කරල ඒක පෙන්නගන්න තියන අයිතිය තීරණය කරන එක වැරදියි.

      ඕනම කෙනෙක්ට ඕනම නිර්මාණයක් පිළිගන්න, ප්‍රතික්ෂේප කරන්න හෝ නිර්මාණයේ යම් කොටසකට පමණක් එකඟ වෙන්න අයිතිය තියනව එකෙන්ම. හැබැයි තමන්ට යම් නිර්මාණයක් රස විඳින්න බෑ කියල හෝ තමන් මේන්ටේන් කරගෙන ආපු යම් මතවාදයකට ඒකෙන් පහර වදිනව කියල, මුලු ලාංකීය සමාජයම ඒක නොබැලිය යුතුයි කියල තීරණය කිරීම හරිම ගෝත්‍රිකයි.

      Delete
    2. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මට පෙනෙන විදියට
      මහානාම හාමුදුරුවෝ දුටුගැමුනුට කඩේ යන්න මහාවන්ශය ලිවුවා සේම
      මේ කට්ටිය මිහිඳුට කඩේ ගිහින් උගේ වන්ශය ලියන එකයි. ඒක තමයි ඉතිහාසය කියලා පොඩි එවුන්ගේ හිත්වල පත්තියම් කරවන එකයි

      Delete
    3. චිත්‍රපටයක් රස විඳින්න නිර්මාණකරුවාගේ දර්ශනයට එකඟ විය යුතුය කියන එක මහ මොට්ට කතාවක්. මම (දුර්වලතා එක්ක වුණත්) 'සිරි පැරකුම්' රස වින්ඳා. ඒකෙන් කියන්නෙ මම සෝමෙගෙ දර්ශනයට එකඟයි කියලා නෙවෙයි. ඇයි හඳගමගේ නිර්මාණ රස විඳින්න ඔහුගෙ දර්ශනය බාධාවක් කර ගන්නෙ?

      Delete
    4. "ඕනම කෙනෙක්ට ඕනම නිර්මාණයක් පිළිගන්න, ප්‍රතික්ෂේප කරන්න හෝ නිර්මාණයේ යම් කොටසකට පමණක් එකඟ වෙන්න අයිතිය තියනව එකෙන්ම. හැබැයි තමන්ට යම් නිර්මාණයක් රස විඳින්න බෑ කියල හෝ තමන් මේන්ටේන් කරගෙන ආපු යම් මතවාදයකට ඒකෙන් පහර වදිනව කියල, මුලු ලාංකීය සමාජයම ඒක නොබැලිය යුතුයි කියල තීරණය කිරීම හරිම ගෝත්‍රිකයි."

      ඇනෝ මේ කොටස මමත් පිලිගන්නවා. නමුත් සමස්තයක් විදියට ලංකාවේ මිනිස්සු හඳගම වගේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ පිළිගන්නවද කියන ප්‍රශ්නේ තියෙනවා නේද ? මට ෆිල්ම් ගැන ලොකු කතා කියන්න දැනුමක් නෑ .. හැබැයි මම දකින විදියට ලංකාවේ මිනිස්සු තාම ෆිල්ම් වලින් බලාපොරොත්තු වෙන්නේ පොඩි සරල රසවින්දනයක් විතරයි . ගැඹුරින් හිතල බලල තේරුම් ගන්න ෆිල්ම් බලන්නේ නෑ ..

      එකෙන් කියන්නේ නෑ එහෙම ෆිල්ම් හෝ එවැනි නිර්මාණ නොකල යුතුයි කියල නමුත් බහුතරය නැචුරලි කැමති වෙන්නේ හැමෝටම තේරෙන වීරයා සහ දුෂ්ටයා ඉන්න සාම්ප්‍රදායික කතාවට .

      මමත් හඳගමගේ ෆිල්ම් සහ එවැනි ගනයේ ෆිල්ම් බලන්න කැමතියි නමුත් මම හිතන්නේ නෑ අපේ අම්මල තාත්තලට ඒ කතා දිරවයි කියල .. නමුත් මගේ දරුවන් කවද හරි ඒව රසවිඳියි .

      සිරි පැරකුම් සරලයි .. බලන් ඉන්න පුළුවන් .. බලල ඉවර උනාම වැඩේ හරි පරාක්‍රමබාහු රජ වුනා කතාව ඉවරයි ..

      Delete
    5. මතවාද, උද්ධච්ඡකම, කඩේ යෑම හා දේශපාලනය මොනවා වුණත් සෝමේ දක්ෂ සිනමාකරුවෙක්. ඇයි අපි ඒක පිළිගන්න පැකිළෙන්නෙ? ගොන් පාට් ටිකක් තිබුණත් කැමරාව, සංගීතය, පසුතල වගේ අංශ ගණනකින් 'සිරි පැරකුම්' හොඳ විත්‍රපටයක්. ඒ එක්කම යම් පර්යේෂණ මත පදනම්ව හදපු චිත්‍රපටයක්. කොටින්ම ඒ කාලෙ පොල් ගස් ලංකාවට ඇවිත් නැති නිසා පොල් ගස් අහු වෙන්නේ නැතිව රූ ගත කරන්න පවා සෝමේ පෙළඹුනාලු. සෝමේගේ දේශපාලනය නිසා ඔහුගේ නිර්මාණ ශක්තිය ප්‍රතික්ෂේප වෙනවා නම් අනෙක් පැත්තට හඳගමටත් වෙන්නේ ඒකයි.

      Delete
    6. //මමත් හඳගමගේ ෆිල්ම් සහ එවැනි ගනයේ ෆිල්ම් බලන්න කැමතියි නමුත් මම හිතන්නේ නෑ අපේ අම්මල තාත්තලට ඒ කතා දිරවයි කියල .. //

      මමත් හිතන්නෙ නෑ බහුතරයක් අපේ අම්මල තාත්තලට ඒ කතා දිරවයි කියල ... එහෙම දිරවගන්න ඕනෙ වෙන්නෙත් නෑ. මම මෙතන මතු කරන්න හදන්නෙ, එහෙම දිරවගන්න බැරි උනා කියල ඒක තහනම් කලයුතුයි කියන මතයෙ අපේ අම්ම/තාත්ත උනත් ඉන්නවනම් ඒක වැරදී කියන අදහස.

      I do not agree with what you have to say, but I'll defend to the death your right to say it.
      - Voltaire

      Delete
    7. මිනිස්සුන්ගේ රසාස්වාදය කියන දේ වෙනස්. සම හරක් මේළෝ රහක් නැතො දේත් ළොකුවට අගේ කරනවා සම්බහිය වෙන්න ඕන නිසා. ඒ ෆිල්ම් එකෙන් කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් කියාගන්න බෑ. ඒ කියන්නේ උන්ට ඒක තේරිලා නෑ. නමුත් ඒක බැලුවා කියලා පොරක් වෙනවා. ඔය මම කැමති පොත් ලිස්ට් බැලුවහම ඒක පැහැදිලිව පේනවා.

      අපිට හඳයා හැදුවත් සෝමේ හැදුවත් රෝයිද සිල්වා හැදුවත් අවුලක් නෑ. එකම දේ චිත්තරපටි ගැන දන්නා උන් දාලා ඉන්න රැඟුම් පාළක මණ්ඩලෙන් අනුමත කරන සෝඅ එක එක එක වේසිගෙ පුතාලාට තහනම් කරන්න තියෙන අයිතිය මොකක්ද කියන එක. අනික සෝ හදන උන් යම් එකඟතාවයකට ආවා නම්. ඒ අවබෝධය මහ රජතුමාගේ පවර් එක අරගෙන කඩලා බිඳලා දාන එකේ තියෙන සාධාරණයක් මොකක්ද කියන එක.

      Delete
    8. අර ගොබ්බ සේපාලගේ ලනුවක් ගිලලා ඇගෙ ඇස අග කොපියක් කියල මැරෙන්න හැදුවේ උඹ නේද?

      Delete
  2. Replies
    1. ඒ මාතලන්ට වැරදිල නෙමේ ඉට්ටැයිල් එකට වරද්දල :P

      Delete
  3. Maxxaaaa...read it in one breath..

    ReplyDelete
  4. ගියපු අයගෙන් අහලා දැන ගත්ත විදිහට ෆෙස්ටිවල් එක බොහෝම සාර්ථකයි කියලයි තේරුනේ...
    රජ කතා ‍රැල්ලට ගිය වාගේ ඉස්සරහට ‍ෆිල්ම් ෆෙස්ටිවල් තියෙන එකත් ‍රැල්ලට යයි ද දන් නෑ...

    ReplyDelete
    Replies
    1. සාර්ථකත්වය මනින්නේ සෙනඟ ආපු එකෙන් නම්. ඒක අමු මුලාවක් කියලා තමයි කියන්න තියෙන්නේ.

      Delete
  5. ඉස්සර මං මොන්ටිසෝරි යන කාලේ, ආච්චි අම්මා එක්ක මිනුවන්ගොඩ හෝල් එකේ නිතරම ෆිල්ම් බැලුවා,, "සලබක් හඬයි" "ලව් ඉන් බැංකොක්" කීප සැරයක් බැලුවා, 2.30 බලන්න මාර සෙනගක් හිටියා,, හැමදාම සලබක් හඩයි එක බලද්දීද කොහෙද එක තැනක කෙනෙක් පොරවක් අරන් එනවා දුෂ්ඨයාට කොටන්න,,, ආච්චි අම්මා කියනවා කොටාපිය පුතේ කොටාපිය ඕකට කියලා,, කීප සැරයක් ෆිල්ම් එක බැලුවේ කොල්ලා කොටයි කියලා එක දවසක් වත් කෙටුවේ නැහැ :D

    ඔයා දන්නවද දැන් ඒ ෆිල්ම් හෝල් එක තිබ්බ තැන කඩලා දාලා ලාෆ් ගෑස් විකුණන තැනක් දාලා,, මාර දුකයි දකිද්දී,,, අඹගහවත්ත හංදියේ තිබ්බ ෆිල්ම් හෝල් එක ගැන මං කිවුවේ

    ///මේකට අඩුම ගනනේ දැරිය හැකි මට්ටමේ මිලක් අයකරන්නට තිබිනි. ඒකෙන් උනේ හොඳ චිත්තරපටි හෑල්ලු කිරීමක් කියා, මාතලන්ට සිතෙන්නේය.////මේක සහතික ඇත්ත,

    ReplyDelete
    Replies
    1. >>ඔයා දන්නවද දැන් ඒ ෆිල්ම් හෝල් එක තිබ්බ තැන කඩලා දාලා ලාෆ් ගෑස් විකුණන තැනක් දාලා,, මාර දුකයි දකිද්දී,,,<< ..........................
      දන්නව අනී .....................
      කදුළු නැහැ......අ.........

      Delete
    2. මට මතක විදිය විදියට ....ඕමා..... මං ඔය සලබක් හඩයි බැලුවේ, කුරුණෑගල මොඩර්න් හෝල් එකෙන්, ..... ඒ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා වලට ගිහින්, events නැති දවසක කාලය ගෙවන්න ගියේ......හැබැයි ටීචර්ලා දෙන්නෙක් දෙපැත්තෙන් තියන්...... එක දැක්කම නම් සර්වාන්ගයම හෙල්ලිලා ගියා.

      Delete
    3. සළඹක් හඬයි මමත් බැලුවා වගේ මතකයි.. අපේ පැත්තෙත් "මුවිටෝන්" කියලා පොඩි හෝල් එකක් තිබුනා. දැන් ඒක ආර්පිකෝ එකේ ඉස්ටෝරූම් එක. එක තකින් කොළඹ තිබුන හෝල් පවා එක එක වැහිලා යන කාලේ, සමහර ෆිල්ම් හෝල් බේරිලා තියෙන එකත් හරි පුදුමයි..

      Delete
  6. අතුරුදහන් වෙච්ච දේවල් ගැන අපි කතා නොකර ඉම්මු බොස්...

    ඔය හිංගල සිනමාව කියන එක මේ රටෙන් අතුගෑවිලා ගිහින් ගොඩක් කල් නෙව...

    දැන් තියෙන්නේ රාජපස්ස සිනමාව නොහොත් පුලව්වට වක දීමේ සෙලොලොයිඩ් ව්‍යාපාරය මිස වෙන මොන මගුලක්වත් නෙමෙයි.

    ඔය බිස්නස් එක ඇතුලේ අද්දක්ෂක ල සහ නිලධාරින් ඔක්කොම එකම වැවේ එක එක බෝට්ටු පදින සෙට් එකක්.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඒතරත් හොඳ සෝ තවමත් එනවා. ඔය වන්දිභඨ්ඨ සෙට් එක හදන සෝ අතර හිටන් හොඳ ඒවා තියෙනවා. සමහර ඒවා බොහෝම අපූරුයි. ඒත් මිනිස්සු කැමති නැත්තේ ඒවා නලාකාරයෝ හදන ඒවා වීමයි.

      Delete
  7. //අනික උතුර දකුණ සහ සම්බන්ධතාවයක්, ජාතික සමගියක් ගැන නිතරම කතා කරන සෙට් එක, හෝල් පහම කොළබින් සිලෙක්ට් කර ගත්තාට, මාතලන්ගේ හිත බොහෝම රිදුනේය. හෝල් පහ තෝරාගන්න තිබුනේ, කොළඹ, යාපනය, අනුරාජාපුරය, නුවර හා ගාල්ල වගේ ලංකාව පුරාම නියෝජනය වෙන විදියටය.//

    ++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. එහෙම කළා නම් හොඳයි හබැයි ඒකෙ ප්‍රායෝගික දුෂ්කරතාවයන් තියෙනවා. මේ පළවැනි සැරේනෙ සමාවක් දෙමු.

      Delete
    2. ඇනෝ මචෝ,

      ඇත්තටම සමාවක් දෙන්න ඕන.ඒ විතරක් නෙමෙයි මොන අවලාද ආවත් මේ කරපු සිරා ෆිල්ම් ෆෙස්ටිවල් එක වෙනුවෙන් හඳය ප්‍රමුඛ පිරිසට ලොකු ස්තූතියක් කල යූතුමයි.

      ඒත් එක්කම මචං සද්බාවයෙන් අඩුපාඩු පෙන්නල දෙන එක කරන්න ඕන ඊලඟ පාර වඩා හොඳට කරගන්න.

      මට මතකයි අනූ හතරෙ එල්පින්ස්ටන් එකේ තිබ්බ ජැපනීස් ෆිල්ම් ෆෙස්ටිවල් එක, මම අන්තිමට බලපු ෆෙස්ටිවල් එක. ඒකෙ නම විතරයි ෆිල්ම් ෆෙස්ටිවල්, ඒ අතින් මේක නියම ෆිල්ම් ෆෙස්ටිවල් එකක්. හැබැයි ටිකට් නිකන් නොදී කීයකට හරි විකුනන්නයි තිබ්බෙ.

      බලමු ඊලඟ පාර.!

      Delete
    3. මේකෙම අනිත් පැත්ත තමයි අර කියන්නෙ "ආනන්ද භවන් එකට ගිහිං තෝසෙ ගිලිනවා, ගෙදර ඇවිත් යාපනෙ දෙමළුන්ට බනිනවා' සිංදුවෙන් කියවෙන්නෙ.

      Delete
    4. සමහර විට කියයි, කොළොම්බු ෆිල්ම් ෆෙස්ටිවල් නිසා කොළඹම පෙන්නන්න ඕන කියලා. එහෙම නම් ඉතින් මාතර බත් කඩ කොළඹත් තියෙන්නේ.

      Delete
  8. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..........නෙහ් ..................................

    ReplyDelete
    Replies
    1. ඔයා ලගක ඉදල ඔහොමමයි.....

      Delete
    2. හැදෙන්න කියල හිතුව,,,,,,,,,,හෙක්....හෙක්.....නිහිංසා.......
      අවුල්.......ද......?????

      Delete
    3. ඔයා නරක ළමයෙක් නෙමෙයිනේ.

      Delete
    4. අවුලක් නෑ කොමෙන්ට් එක පස්සේ දාලා තියෙනවනේ..

      Delete
  9. මෙහෙමයි ළමයිනේ, ඕනැ යකෙක් යමක් අපට දෙන්නෙ බිල්ලක් අරගෙන නෙ. රජපක්ෂ යකාත් අපට සාමය දුන්නා. සමෘද්ධියත් දුන්න ටිකක් විතර. හබැයි ඌ අපේ සභ්‍යත්වය කියන එක බිල්ලට ගත්තා. ඔලුවක් නැති කඳයි බඩයි තියෙන මිනිස්සු ටිකක් බිහි කලා.

    ReplyDelete
    Replies
    1. එතන නම් මිනිස්සුන්ගේ වැරද්දකුත් තියෙනවා. මොකෝ "මිනිස්සු" තවමත් ඉන්න නිසා..

      Delete
  10. ///මකුණෝ සීට් වල ඉඳගෙන හින්ගල සිනමාව ගොඩ දාන්න මාරම කට්ටක් කෑවේ ඒ කාලයේය.///

    හෝල් එකේ සීට් ටික ගලවල ඒ වෙනුවට බොක්ස් ටිකක් ගැහුවනං ෂිනමාව නග්ගන්ඩ ඔච්චර නහින්න ඕන් නෑ .. හැමදාම හවුස් පුල් .. !! කෝ අපි කීවට අහනවෑ ??

    අපි හොඳ චිත්තරපටි රෂිකයෝ හරී …… වැඩේ කියන්නෙ පහසුකං මදි හෝල් වල . ඕ යේස් !!!!!!

    ReplyDelete
    Replies
    1. පහසුකං කීවෙ a/c අරක මේක එපා.. දාඩිය ටික කොහොමත් දානවනේ :D මං කීවෙ බොක්ස් ටිකට බාග දොර නැතුව සම්පූර්ණ දොරක් වාගෙ ……… එතකොට ඇඳුං එල්ලන්න එකක් .. ඈ

      Delete
    2. එතකොට ටිෂියු බොක්ස් එකක් එහෙම ඈ....

      Delete
    3. හැලපයියේ ඔන්න බොල බළලා …… බළලා …… :D
      හෝව් බස් එක හෝව් හෝව් :D :D

      Delete
    4. කොහෙද යකෝ අතුරැදහන් වෙලා හිටියේ

      Delete
    5. මම නං කියන්නේ චිත්‍රපටිය ඕනම නෑ පෙට්ටි පෙට්ටි බොක්ස් විතරක් හදමු.
      එතකොට පිල්ම් එකට යන සල්ලි ඉතුරුයි. ඉතුරු වෙන සල්ලි වලින් සිංහල සිනමාව ගොඩනගමු.

      Delete
    6. කොහෙද යකෝ උඹ ගියේ??

      කොහොම උනත් ඒ යෝජනාව මගේ අත් දෙකම ඔසවා ස්ථීර කරනවා!!

      තව මචෝ ෆිල්ම් හෝල් එකේම තබා විකිණීමට 'වැසි ආවරණ කට්ටල' ඇතුළු අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග විකිණීමට තැබිය යුතුය!! (පුංචි පහේ ෆාමසියක්)

      :D :D :D

      Delete
    7. ආ ඔක්කෝම සද්ද බද්ද නැතුව මේක බලන්නකෝ...

      මේක මට එව්වේ ඉවාන් පවුලූෂා... පට්ට කියන්නේ.. වල්ල පට්ට.. මේ ගැනත් කොමෙන්ට් එක මෙතනම දාන්න..

      https://www.youtube.com/watch?v=TtXkA9978eE

      Delete
    8. එල යකෝ.....
      සේරම බලපියෝ.......
      වනචර......ඉවානට.......thnx ........,. නියමයි......ඩෝ .....

      Delete
    9. මතේ ඔය අපේ පත්තරයට උන දෙයක් නේද .ඉවාන් ඌත් එක්ක තියන තරහට පබ්ලිෂ් කරලා ...වල්ල පට්ට යනවා බන් මෙහෙම උනාම .

      අතුරු මිතුරු දඹදිවතුරු
      මෙන්න පුතේ රාජකපුරු
      උඩින් මිතුරු යටින් හතුරු
      නටපල්ලා පණ යනතුරු
      නටපල්ලා පණ යනතුරු...

      පාට පාට මුහුණෙ උලා
      සිනහ පැළෙන කිකිණි හලා

      පාට පාට මුහුණෙ උලා
      සිනහ පැළෙන කිකිණි හලා
      වැදි ගැමි නාගරික වෙසින්
      රඟ පෑවත් නොයෙක් ලෙසින්
      මොකටද හිත තිගැස්සුණේ
      අපි කවුරුත් මිනිස්සුනේ...

      පැය විසිහතරකට ගැතී
      දවසින් දවසකට නිතී
      ජීවත් විය යුතු හින්දා
      මුහුණට මුහුණක් බැන්ඳා 
      නෙතින් නෙතක් ඇත පිනවා
      මනුස්සයෝ රඟ දෙනවා...

      එක අහසයි එක පොළොවයි
      එක හිරු සඳු දෙන එළියයි
      නොයෙකුත් වෙස් මුහුණු බැඳන්
      නැටුවත් හැමතැන ම ඉඳන්
      ඉරණමකට පෑගිය හැකි 
      ජීවිතය ම ජෝගියකී...

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : වින්සන්ට් ප්‍රේමසිරි
      සමූහ ගායනය : වික්ටර් රත්නායක, ෆ්‍රෙඩී සිල්වා, සී.ඩී.ෆොන්සේකා සහ වින්සන්ට් ප්‍රේමසිරි


      Delete
    10. හැක්…!! අනිවා ඔය පත්තරේට වෙච්චි එකක්ම තමා. ආයෙ හෝදන්න දෙයක් නෑ.

      අඩේ තැන්ක්ස් ඉවාන්. පට්ටම සීන් එක.

      මම නම් කියන්නෙ බොක්ස් වලට, ඔය වීඩීයෝ එකේ තියෙන විදිහෙ සීට් ගහන එක තහනම් කරන්න ඕන!! :D ඇඳක් වගේ එක සීට් එකක් හොදටම ඇති!!

      Delete
    11. වලල පට්ට නේන්නං, හෙක් හෙක් කවුරු උනත් තැන්කු වේවා, ටනිසන් කුරේගේ බයිලාවලට වඩා 1000 හේන් හොඳයි මේ වගේ ඒවා, කන අතආල කනට ගහනවා, පට්ට කියන්නේ නිකන් ආයේ ලොවෙත් නැත පට්ටයක් එක. තැන්කු ඉවාන් සහ මාතලන් සහෝදර වරුනි, කාලෙකින් පසිදුරන් වලින්ම සිනා සුනෙමි. ::D

      Delete
    12. ශා පට්ට පට පට.කියල වැඩක් නැ.ටැන්කිව් දෙන්නටම

      Delete
    13. අම්මට බොල උපරිමයිනේ……!!!.. ඉවානය ඩෑල් එකක් එකක් එක්ක ෆිල්ම් එකක් බලන්න් ගිහින් නෙවැ.. මොකාද මේ ඒක වීඩියෝ කරපු අවලමා ??? චැහ්.

      Delete
    14. මෙන්න දැන් ලැබුන පුවතක් "මාතර දුම්රියට බොක්ස් ෂීට් හඳුන්වා දෙයි" ..

      http://www.inside.gossiplankanews.com/2014/09/udr-yihg-zfndlaia-isuz-ykajdfohs.html

      Delete
    15. ඔව් ඔව් ඔය වීඩියෝවේ ඉන්නේ පත්ත්රයා , අර එහා පැත්තෙන් කකුල දාන්නේ මැලේ රාළයා ..ඕ ..යේස්

      Delete
  11. ඉගිල්ලෙන්න මාළුවන්ට තටු ලැබෙන කොට..... තාම පියබුවෙත් නැ......එක ඊට කලින් හැමෝම බලලා ඉවරයි..... ඒ හින්ද එකේ හිටි අයට වෙන්න ඕන දේවලුත් වෙලා ඉවරයි......
    අඩු මුදලට සම්භාව්‍ය රංගනයකට ගිය අයට වෙච්ච දේ..... ඉතින් අපේ සිනමාව කොතන රැදෙයිද කියල කවුද දන්නේ....?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ සෝ එක ජරාවක්. මුන් නොමිලේ ප්‍රචාරයක් දිලා වීරයෙක් බිහි කළා. මුන් කොයි තරම් මෝඩයොද කියලා ඒ වැඩෙන් පෙනවා..

      Delete
  12. සිනමාවට යන්න දීල රජා පැත්තකට උනා නං කොල්ලො හදපු චිත්තරපටි ටික තහනං කරන්නෙ නැතුව පෙන්නන්න දුන්න නං කිසි අර්බුදයක් නෑ.උණ තියන උන් චිත්‍රපටි හදයි.චිත්‍රපටි මුදලාලිල සහ නලාකාරයො ගෙදර යයි.

    ReplyDelete
    Replies
    1. එතකොට ජැකා පව් නෙ.. චැහ් :D

      Delete
    2. හරිඅයට හරි හැලපේ. ආන්ඩුවේ ගොන් කම තමයි හැම රෙද්ද අස්සෙම රිංගන එක. එහෙම රිංගලා ඒක හරියට කරනවනම් අවුලක් නෑ. ඒත් තිබුන තත්වෙනුත් පහලට ඇදලා දානවා..

      Delete
  13. oya Rajawa andagena Rajakatha gahala wikunan kana ewunma dawasaka oya (Ava) jataka Katha Malawa Awasan karanne.Ara "Chowra Rejina" eke Anitheken. (hebei ilangata ena moka hari Mora karaganna hekiunoth)

    ReplyDelete
  14. සෝමයලා, ජැකාලා, වගේ වන්දිභට්ට සැට් එක ටික කාලෙකට රන්මිනිතැන්නේ නිවාස අඩස්සියේ තියලා, සඟිස්කුරුත ඇමතියා ඒකෙ ගාඩ් කොමාන්ඩර් කරලා, කපන මණ්ඩලේ කට්ටිය එතන සිකුරුට්ටෝ හැටියට දාලා, අද පරපුරේ ඉන්න, ජාත්‍යන්තරව හිතන්න පුළුවන් එවුන් ටිකට, නිදහසේ නිර්මාණ කරන්න දුන්නා නම්, ඔන්න ආයෙත් චිත්තරපටි හැදෙයි.

    ReplyDelete
    Replies
    1. විචාරක අන්කල් සෝමෙයලාට ජැකාලට විරුද්ධ උන් මහින්දට කඩේ යන නිසා හා සරත් ෆොන්සේකා මහින්දගෙන් බිඳුණු නිසා. සරත් ෆොන්සේකා වැරදිලාවත් මහින්ද එක්ක හිටියා නම් බලන්න පුළුවන් විචාරක අන්කල් කියන දේවල්.

      Delete
    2. ඇත්තටම මුන් කළාව කියන්නේ මොකක්ද දන්නේ නැති කාළකන්නි පිරිසක්. ස්වර්ණ පුස්තකේටත් කාළකන්නි දේශප්‍රේමි බලපෑම් තිබුනා කියලා දැන් ඔය නිව්ස් එන්නේ. එහෙම රටක කොහෙද සම්භාව්‍යා කළාවක් හැදෙන්නේ..

      Delete
  15. මාතලන් බ්ලොග් එකට FB එකෙන් යනකොට ස්පෑම් වෙරිෆිකේෂන් එකක් අගනවා. untrusted කියල එන්නේ. පොඩ්ඩක් විපරම් කරලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියල. මොනවා හරි ඇටෑක් එකක් වෙන්න පුළුවන්. මම FB massage එක කට ලින්ක් කරන කොටත් (අද හවස) verification ඉල්ලුව.

    ReplyDelete
    Replies
    1. ඉරිසියාකාරයන්ගේ වැඩ. මගේ බ්ලොග් එකත් කීප සැරයක් නැවත්තුවා..

      Delete
  16. මාතලන්ගේ ලිපිය එක හුස්මට මාත් කියෙව්වා ලන්කාවේ අපට වූ මහ විපතේ කතාවේ සිනමාවේ පරිච්ඡේදය ඉතාම සන්ක්ශිප්තව පට්ටම භාශාවෙන් ලියා තිබෙනවා. ඔබ කියා ඇති පරිදි ලොකු වැඩ කරන්නට ආණ්ඩුව ඔනෑ නැත කියා හඳයා ඔප්පු කලා. හඳයා, ප්‍රසන්න හා අනෝමා ආදීන්ට අපගේ ප්‍රණාමය.නොමිලේ දීම නම් ගුන නැත. යාල්පානම් අමතක කිරීමත් නොකල යුතුව තිබුනා. Any way We look forward the for next years bigger and fairer one. කෙසේ වුවද එන වසරේ තව පුලුලු වූ පලාත්වලට සාධාරණ වූ උලෙලක් බලාපොරොත්තු වෙමු

    ReplyDelete
    Replies
    1. ගාමිනි වියන්ගොඩගේ ෆිල්ම් ෆෙස්ටිවල් එක ගැන ලියවුන ආටිකල් එක නැවත ඔබගේ බ්ලොග් පිටුවේ පලකිරීම ගැන දයාල්ට ස්තුතිය...මාතේගේ පෝස්ට් එකත් එක්ක හැමෝම ඒකත් කියවනවා නම් සිංහල සිනමාවට හොඳයි...

      Delete
    2. අනිවා... ආන්ඩුව හැම දේටම අත දාන්න යන්න නරකයි.. ඒකෙන් ආන්ඩුව මිනිස්සුන්ට එපා වෙනවා මිසක්.. කවදාවත් ජනප්‍රියත්වයට නම් හේතු වෙන්නෙ නෑ..

      Delete
  17. මම මේ the lunch box චිත්‍රපටය බලපු ගමන්.සිනමාව ගැන මහත් දේ නොදත්තත් කෙටි කතාවක් වගේ රස වින්දෙමි.
    මට හිතුන දෙයක් ලියන්නම්.එකේ අනියම් සම්බන්දයක් වුනත්, ජම්පස් නෑ, නිරුවත නෑ ( අඩුම ගානේ නාන සීන් එකක්වත්), මරනය නෑ. ඇයි ලන්කාවෙ මේ වගෙ ෆිල්ම් නොහැදෙන්නේ.චිත්රපට සමාජයේ පැති කඩක් නම්... උදේ පිරිත් කියලා පටන් අරන් රෑ තුන් සුත්තරේ කියලා නින්දට යන අතරතුරේ, වෙන්නේ මා අර උක්ත කී දේ විතරද.නැත්නම් මිනිසුන්ගේ ෆැන්ටසිය එතන නිසා විකිනෙන්නේ ඒවා විතරද?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මිනිස්සුන්ට නිරුවත ඕනෑ ඒක ඉතාම කලාතුරකින් දකින දෙයක් නිසා. කලාතුරෙකින් දකින දේවල් වලට අපි කවුරුත් ආසයිනෙ. හැමතිස්සෙම ඉන්නෙ අසහනෙන්නෙ. බටහිර රටවල එහෙම නැහැ. නිරුවත මැජික් එකක් නෙවෙයි. මරණය ඕනෑ මන්ද කියලා නම් හිතා ගන්න අමාරුයි. හැබැයි හැම සිංහල ෆිල්ම් එකකම මරණ දෙක තුනක් තියෙනවාමයි. සමහරවිට අපි කොයිතරම් රළු ඇට්ටකුණා ජාතියක්ද කිව්වොත් එහෙම නොකර අපට උත්තේජයක් දෙන්න බැරුව ඇති. සියුම්ව කිව්වාට අපට තේරුම් යන්නෙ නැතුව ඇති.

      Delete
    2. ඒක අපේ රටේ ජනවිඥානය කියන දේ. මේ රටේ කර්මය කියන දේ, දුක කියන දේ මිනිස්සුන්ගේ හිත් වලට කවන ආගමක් තියෙන්නේ. එහෙව් ආගමක් උඩ දාගෙන යන මිනිස්සුන්ගෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. සෙක්ස් කියන්නේ ඒ විඥානය තුල තහනම් දෙයක් සහ මැජික් එකක්. මිනිස්සු මැජික් වලට ආසයි නේ. ඒකනේ ජාලෙන් සෙක්ස් හොයලා වර්ල්ඩ් රෙකෝඩ් තියන්නේ.

      Delete
  18. ලංකා සිනමාව ගැන කතා කරලා වැඩක් නැතිය.....
    ඔය පටි සංස්ථාව බිහි කරල ජරා දේසපාලුවන්ගේ හෙන්චල දාපු එක ලොකුම හෙනේය,,,,,,
    සක්විතිය....සනා බෝයියල.....ජෝ පපාලට ට සිනමාවට යමක් කරන්න පුළුවන් සත්තිය තිබිලත් කෙරුවේ නැතිය.......
    සනා බෝයියා නම් රැජින එක්ක සාලුව ඇදගෙන සදළුතලේ ඉදල "ඕඩර්"එක දීල ගායක ගායිකාවන්ගේ කොන්ඩ කප්පල.......නිලියන්ගෙ සම්මාන පුච්චල .....සංග්‍රහ කොලේ කළා වට පුදුම ආදරයකින් වෙන්න ඇතිය....
    ඒ කාලෙ මං ලංකාවෙ ඉටියා නම් .....බාසවෙල්ලව හොයාගෙන ගොහිල්ල උගෙ තට්ටෙ ගාල දාන්නෙ තාවකාලික පැවද්දට පෙරය.....
    සෝමය ...සුනිල් T ය.......ජැකා ....ශ්‍රියන්ත......ජයන්තය .....ල ගැන කතා කරන්නත් කැමති නැතිය....තුක් නොදකින්ය......
    පිත්තල බොනිය .....රැජිණ ටත් කියන්න තියෙන්නෙ ඒ ටිකය.....ළමයි ඒරොප්පෙ තානාපති සේවෙ දාගෙන & මන්ත්‍රිනී කම් කරගෙන එයාල ජෝලියේය....
    කඩේ නොගිය කලාකාරයො ඇට සැකිලි වෙලා රෝහල් ඇදන් උඩ / යට පන අදිනවය .....
    චන්දෙ කාලෙට ලොක්කගෙ කොර දෑත ශක්තිමත් කොරන්න මන්දිරේට "කෑමට" ගියාම ..... කොමඩි කාරයො කියන්නෙ "අපිලට නෝ ප්‍රශ් ....සර්....හෙක්....හෙක්...ඉදල ඉටල ....අපිට මේම කෑමක් දුන්නම ඇති.....හික්....හික්......." කියලය........
    මේව දැකල මගෙ ඇගේ මාළු .....හෙහ්...හෙහ්....නෙලුම් පොකුනෙ නැටුවාය.....
    මේ ලිපිය කියවල ......උඹ එක්කත් එහෙම ....උනෝය .......
    But .......... නුබ ඇරෙන්න මෙහෙමවත් ලියන්න බාස වෙල්ලො නැති සිත සදා ගත් තෝය.... මචෝ...

    ReplyDelete
    Replies
    1. @ Kenji @ මැලේ
      //ඒ කාලෙ මං ලංකාවෙ ඉටියා නම් .....බාසවෙල්ලව හොයාගෙන ගොහිල්ල උගෙ තට්ටෙ ගාල දාන්නෙ තාවකාලික පැවද්දට පෙරය.....//
      උඹ ලංකාවෙ ඉඳල ඔය කියන දේ කරා නම් දැන් උඹට නම දාගන්න වෙන්නෙ kenji @ hell කියල තමයි. මොකද උඹ මෙලහකට පරලොව ...

      Delete
    2. එහෙමද මචෝ......හෙහ්.... හෙහ්.......
      ඔයා සනාට & දේෂ පාලුවන්ට ..... කෑලි සප්ලයි කොරන සුනිල් T ගෙ බෝයියෙක් ද,,,,අනී .......

      Delete
    3. උඹ මේකේ ඉන්න පචයොන්ගේ රෙදි ගලවන එක නම් ළොකු දෙයක්..

      Delete
  19. මෙන්න නියම අතිජාත මාතලං ඉට්ටයිල් ලියවිල්ල.
    මේ ගැනනම් පොතක් ලිව්වෑකි මාතේ...
    අපේ සමහර අද්දියක්සයොන්ගෙ ඔලුවල මොනවා තියෙයිද කියලා හිතෙනවා කලක් ආපු වානිජ රැල්ලේ චිත්‍රපටි බැලුවාම. ජනප්‍රිය රටාවේ සිනමාව ඕනි. ඒ වුනාට එහෙමත් ගොන්පාට් ටිකක්නම් අම්මපා. ජීවන්ලා, රංජන්ලා, ශෂීලාගෙන් නෙමෙයි හැම නලුවෙක්ගෙන් නිලියක්ගෙන්ම වැඩ ගන්න තිබුණා උන්ට ගැලපෙන චරිත දුන්නානම්. විවිධත්වය හොඳයි. ඒත් තමන්ට නොගැලපෙන චරිතයක් කල ගමන් උගේ ප්‍රතිරූපයට වෙන හානිය මොනතරම්ද? විශේෂයෙන් කොයිතරම් හොඳට රඟපාන නලුවෙක් වුනත් එකක අසාර්ථක වුනොත් මිනිස්සු ඒ ගැන කතා කරාවි හොඳ රඟපෑම් සීයක් අමතක කරලා. අපි දෙයක් විකුණන කොට අපිට ඕනි දේම විකුණලා බෑ...පාරිභෝගිකයා ඉල්ලන දේ විකුණන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ඉල්ලන දේ ලැබෙන්නේ නෑ. ඒ නිසා දෙන දේ කාළා වෙන දේ බලාගෙන ඔහේ ඉන්නවා...

      Delete
  20. මෙක නම් හරිම හැඟීම්බර කතාවක්

    ReplyDelete
    Replies
    1. කතාව පුරාමද මචෝ.......
      නැත්නම් සම හරක් තැන් වලද බං .....

      Delete
    2. අනුවේදනීය තත්වෙට පත් උනේ නැති එක ළොකු දෙයක්..

      Delete
  21. හදයලාට පිචෑර් හදන්න හිගාකන්න වෙලා තියෙන්නේ ඒ හන්දා වෙන්න ඕ නෑය...
    ඒ කියන්නේ ලොක්කාට කඩේ නොයාම හන්දා වෙන්න ඕ නෑය...
    සරත් වීරසූරිය විමුක්තියාව ලංකාවෙන් පන්නගත්තාසේ හදයාටද කෙලවන්න නං කී දෙනෙක් බලං ඉන්නවාද නොදනිමි...
    ඊටස් සුගත් මහදිවුල් වැව ලා ඉනෝකලා එහෙම දැං පිචෑර් නොහදන ගානය...
    එයාගේ සින්ජඩරෙල්ලා එනකං ඒ ගැන මුකුත් කියන්න තාම බැරිය

    ReplyDelete
    Replies
    1. සින්ඩරෙල්ලා කොමර්ෂල් එකක් කියලා එයාම කියනවාය.

      Delete
  22. හප්පට සිරි. අකුරක් අකුරක් ගානෙ එකඟ වෙන්න පුලුවන් ලිපියක්.

    \\ගාමිණි මාලනි, විජේ මාලනී, කාළයේ තිබු සිනමාවක් අද ඇත්තේ නැත. ඒ කාළේ ඒවා නැගලා ගියේ, මිනිස්සුන්ට බලන්න වෙන සෝ තිබුනේ නැති හින්දාය.//

    කතාව සහතික ඇත්තය. ගාමිණීලාට, විජේලාට ඉතාම හොඳ රංගන කෞශ්‍යලයක් තිබුනත් ඒවයින් හරි හමන් වැඩක් ගන්න පුලුවන් අධ්‍යක්ශකවරු බිහිවෙලා නෑ.

    මට තේරෙන දෙය නම් ලංකාවෙ සිනමා කර්මාන්තය කියල දෙයක් නෑ, දේශපාලනයෙන් වෙන්වෙලා රෙන්නවත් බැරි රටක කොහොමත් කිසිම දෙයක හරයක් පැවැත්මක් තියෙන්න විදියකුත් නෑ. "සැමීගේ කතාව" වගේ ඉඳල හිටල බිහිවෙන සාර්ථක හුදෙකලා නිර්මාණ හැර වෙන ඇති කෙසෙල් පුෂ්පයක් නෑ.

    ReplyDelete
    Replies
    1. සැමිගේ කතාව නම් මළ ජරාවක්. මිනිස්සු ඒක පෙතික්ෂේප කලේ ඒකයි. මම හිතන්නේ ඒ සිනමාව ජයගත්තේ ධර්මසිරි බණ්ඩාරනායකලයි.

      Delete
  23. //විජේ හරහට එන කොට, කෙල්ලන්ගේ ඇස් විතරක් නොව, තවත් තැනුත් තෙත් වෙනවාය. ෆරීනා ලායිලා, ගීතලා දැක්කාම කොල්ලන්ටත් එහෙම වෙනවාය.//

    දැන් ඉන්න උන්ව දැක්කම නම් තෙත් වෙන්නෙ හදවතයි ඇස් දෙකයිය,,, වෙන මොක නිසා වත් නෙමේය, "අනේ හිංගල සිනමාවට උනු නස්පැත්තියක්!" යන චිත්තප්‍රීතියෙන්ය.

    ReplyDelete
    Replies
    1. කෑලි ටික නම් දැක්කා ගමන් බඩු යනවා. ඒ උනාට ඇක්ටින් බෑ.. ඒ උනාට සෙක්ස් වලට නම් ගොඳ ඇති. මම හිතන්නේ එයාලා ඇක්ටින් වලට වැඩියේ හොයන්නේ ඒ ටැලන්ට් එකෙන්.

      Delete
  24. මාතලන්ට Hellenologophobia කියලා ලොකු ලෙඩක් තියේ කියලා අන්න මකසි කියනවෝ. දුවලා ගිහින් බලපියෝ.
    මෙන්න කමෙන්ට් ලින්ක් එක බලන්න යන අය මෙතන කොටන්න

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෙකුට ඔය ලෙඩේ තිබිලා මලා.
      ඔය ලෙඩේ හැර මාතලන්ගේ අනෙක් ලෙඩේ තමයි. ලංකාවේ සිදුවන සියලු වැරදි වලට සිංහල සංකෘතිය, බුදු දහම හෝ වත්මන් රජය(දැනට ඔබගේ ඒ තත්වය අඩුය) වැරදිකරු ලෙස දකින පටු මාසිකත්වය

      Delete
    2. පොස්ට් එකට අදාල නොවේ..

      Delete
  25. "මේක ඝෝඨාභය මහත්තයාගේ ගේමක් කියා ඒ පල් හෑල්ලේ නොකියා කියා තිබුනේය.
    උන්ගේ කුහක කම් මොනවට ඒ ළිපියෙන් පේනවාය. ඒ මොන මළදානේ තිබුනත්, හඳයලා මොකාගේ වල්ගේ හරි එල්ලිලා, ආයේ නැගිටින එක ළොකු දෙයක්ය."

    හඳගම ඝෝටාභයගෙන් ෆිල්ම් ෆෙස්ටිවල් එකට තිරය පිටුපසින් ඉඳන් උදව්කරන්න කියලා ඉල්ලුවා කියලා අන්තර්ජාලේ දැක්කම මට මතක් වුනේ ගෝඩ්ෆාදර් චිත්‍රපටියේ බොන්සේරා දොන් කොර්ලියානෝගෙන් උදව්වක් ඉල්ලන මේ සීන් එක... :)

    http://www.youtube.com/watch?v=i96VS_z8y7g

    ReplyDelete
    Replies
    1. බීට ඔය ගැන චින්තන ධර්මදාසගෙ ලිපියෙ මම දාපු කමෙන්ට් එක පොඩ්ඩක් කොපි පේස්ට් කරන්න හිතුව මෙතන.

      //ගමේ කතාවක් තීනව "බළලා ඉටියෙන් හරි මැටියෙන් කමක් නෑ, මීයො අල්ලනවනං" කියල.

      ආන්ඩුවෙ අනුග්‍රය මේ වගේ දේට ගන්න පුලුවන් උනානං එක හඳයගෙ දස්සකමක් මිසක් දුර්වල කමක් වෙන්නෙ කොහොමද?

      මිනිස්සු මේ ආන්ඩුවට බනින්නෙ ඒකෙ වෙන නර දේ නිසා. ඒත් ඒ වෙනුවට හොඳ දේ ආදේශ කරගන්න පුලුවන්නං, මොන තරං සුන්දර හීනයක්ද. ඒක හීනෙං හරි වෙනවට අකමැති මේ ආන්ඩුව එලෝල බලේ ගන්න බලං ඉන්න පෙරේත කුම්බාන්ඩ පිරිස ව්තරයි.//

      Delete
    2. ඝෝඨාභය මේ වැඩේට උදව් කලා කිව්වත් මම නම් පුදුම වෙන්නේ නෑ. මොකෝ.. මොන යකා මොන දේ කිව්වත් මට නම් ඔහු විශ්ව කර්මයෙක්..

      Delete
  26. චාමිය බුකියෙ දාපු දෙබස් කෑල්ලක් මේ,

    ලොකු හාමුදුරුවො: පොඩිනම, අර අල්මාරියෙ තියන ෆිල්ම් ස්ක්‍රිප්‍ට් පොත ගේන්න.
    පොඩි හාමුදුරුවෝ: ඒ කිව්වෙ ලොකු හාමුදුරුවනේ........?
    ‍ලොකු හාමුදුරුවො : මහා වංශය, මහාවංශය!

    ReplyDelete
    Replies
    1. චාමියලා බුකියෙ රිංගුවයින් කෙල උනේ හින්ගල බ්ලොග් කළාවට...

      Delete
  27. ඊලඟට පන්සිය පණස් ජාතකේම ගේනවාය. සාදු සාදු... ඒකත් විකුණාගෙන කනවාය..

    ReplyDelete
    Replies
    1. සෝ පන්සිය ගානක්ම හදන්න පුළුවන්නේ...

      Delete
  28. පට්ටයි. මටනම් ඔය ඉතිහාසෙ විකුණන් කන සෝ වල ඇඩ්වර්ටීස්මන්ට් දැකලාම ඉතිහාසෙත් එපාවෙලාය. දැන් හඳයලාටත් නැගිටින්න කාලෙ ඇවිත්ය. ඉනිඅවන් වගේ හීලෑ ෆිල්ම් නැතුව ඉස්සර වගේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරනවානම් අපිනම් හඳයාට එකෙන්ම රෙස්පෙක්ට් කොරනවාය.

    ඔය මොන මලදානයක් අපි කිවුවත් ලිවුවත්, හෝල් එකේ හවුස් පුල් වෙන්නේ කොල්ලන්ට හූ තියමින් බලන්න පුලුවන් රන්ජා වගේ පිලුම් වලටත්, ආච්චිලා සාදු කියකියා බලන ඇහැලේපොළ කුමාරිහාමි වගේ පිලුම් වලටත් ඉතරය. ආශ්චර්යය ඇත්තේ එතනය.

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එක හොඳද නරකද කියලා තීරණය කරන්නේ ප්‍රේක්ෂකයා කියන දේට මමත් එකඟයි. ඒත් ගොබෙල්ස් න්‍යායය ඇප්ලයි කරලා කරන ප්‍රචාරණයට හා පාසල් ළමයින්ට අනිවාර්ය කරන වගේ වැඩ තමයි අපිට දිරවන්නේ නැත්තේ..

      හොඳ සෝ වලට ප්‍රචාරය ඕන නෑ. මිනිස්සු දෙනවා ප්‍රචාරය. ඒ කාලේ සෝ හවුස් ෆුල් උනේ එහෙමයි..

      Delete
  29. නමුත් ලංකාවේ සිදුවන සියලු වැරදි වලට සිංහල සංකෘතිය, බුදු දහම හෝ වත්මන් රජය(දැනට ඔබගේ ඒ තත්වය අඩුය) වැරදිකරු ලෙස දකින පටු මාසිකත්වයක් මාතලන්ට පවතී කියලා අද මකසි කමෙන්ට් එහෙක කියලා තිබුනා එකේ ලින්කුව
    http://mahakalu.blogspot.com/2014/09/population-of-sri-lanka.html?showComment=1410756971770#c5804238342654751213

    ReplyDelete
    Replies
    1. පුක කලු සිංහලයාSeptember 15, 2014 at 3:38 AM

      වෙන ඇනෝලා නෙවෙයි මමම තමයි මං ලියන දේවල් ගැන ඇනෝ දාගන්නේ. දැන් වැරදිච්චි වැරදිල්ල කොහොම හරි හදා ගන්න එපායැ. නැත්නම් නෝණ්ඩිනෙ. ගූ හතයි. මෙහෙම නෝන්ඩි වුනේ නෑ කවදාවත්.

      Delete
    2. ඇනෝ ඇවිත් කමෙන්ට් අමුතුවෙන් දැමීමට මට ඇඟේ අමාරුවක් නැත. මම ප්‍රොෆයිල් එකකින් හිටියද නිර්නාමිකව සිටිමි. නිර්නාමික මට පොෆයිල් නැතිව කමෙන්ට් දැමීමට අවශ්‍ය තාවයක් නැත.

      Delete
    3. මහා කලු සිංහලයා හා පුක කලු සිංහලයා කියන්නේ අයියයි මල්ලියිද?

      Delete
    4. එහෙම නැත්නම් වෙන මොකක්ද හේතුව. ඕන් උත්තරේ එතනම දුන්නාම. මක්සී, පුක දී නසී වෙලා ඉන්නවා..

      Delete
  30. ඔන්න අපි නම පිල්ම් ගැන දන්නේ නෑ. දන්නේ පිල්ම් වල සින්දු විතරයි. මේ දවස් වල සිංහල චිත්‍රපට ගීත විචාරය පොත කියවන ගමන් යු ටියුබ් එක පීරනවා පැරණ සින්දු හොයන්න. මොකද අලුත් වැඩකට ඇත ගහල තියෙන්නේ. ලබන ජනවාරි ග්‍රැමෆෝන් සහ පැරණි චිත්‍රපට ගී විතරක් අඩංගු ෂෝ එක කට ලැස්ති වෙන නිසා. හිතට වැදුණු ගී ලිස්ට් එකක් දෙන්න පුළුවන් නම් ගොඩක් පිං.

    ReplyDelete
    Replies
    1. Old Gramophone Music from Ceylon..

      https://archive.org/details/Gramophone.Music.From.Ceylon

      මේලක් එවපන් ...

      Delete
    2. ජිවන....අපේ PM ...මල්ලි ....සින්දු ඇනෝ ...... පසුවිපරම් ඉන්දිකය.....නෙරංජ ...වගෙ එවුන්ගෙන් අදහස් ගනිං ..... අපේ සුද්දත් දෙයි අදහස්......
      ඉකමනට ඒ ගැන පෝස්ට් එකක් දාපං .....
      දන්නා එවුන් අදහස් දෙයි.....

      Delete
    3. @ සින්දු ඇනෝ
      නියම කලෙක්ෂන් එක.
      ඊ ලිපිනය එවපියෝ.......

      කෙන්ජි,
      මට ඔය අදහස ආවේම නෑ. ඉස්තුතියි මතක් කලාට.
      හොඳ පොස්ට් එකක් ලියලා දාන්න ඕන. 2012 ත් මේ වගේ එකක් කළා

      Delete
    4. කෙන්ජි මාමා ආයිත් අහලා..
      වචනෙකිං හරි අපි දෙන්න පුලුවං බැක් එක දෙන්නං.. පටං ගනිල්ලා නමෝ විත්තියෙං …… ๬!!!!

      Delete
    5. දැනවත් සම හරක්ට තේරෙනවනම් සින්දු ඇනෝලගේ වටිනාකම. මට ඒ ඇති.

      Delete
  31. හතර වටේටම හෝල්සේල් වනල තියනවා, ඔක්කොම වගේ කරුණු ගැන එකඟයි!

    // එක අතකින්, ඕකුන් ලොක්කාගෙන කැපිලා යන එක බොහොම හොඳය. මුන් ඔක්කෝම වාසි පිලට හෝයියා කියා රජතුමාටත් තේරිලා ඇතිය. //

    මුලදිම එහෙම නොතේරෙන්නෙ එයා බබෙක් ද බන්. ලොක්කා වාසි අවාසි නොබලා හරි දේ ට හරි කියපු කාලෙකුත් තියෙන්න ඇති. මම හිතන්නෙ දැන් ඒ කාලෙ නම් ගිහිල්ලා.

    // අනික උතුර දකුණ සහ සම්බන්ධතාවයක්, ජාතික සමගියක් ගැන නිතරම කතා කරන සෙට් එක, හෝල් පහම කොළබින් සිලෙක්ට් කර ගත්තාට, මාතලන්ගේ හිත බොහෝම රිදුනේය. //

    අනේද කියන්නෙ. ගෙස්චර් එකක් විදියට පිට පලාතකට එකක් දෙන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. මචෝ දේශපාළකයා කියන චරිතයට මුළු ලෝකයේම තියෙන්නේ කපටියෙක්ය කියන මතය. කළාකාරයෙක් කිව්වාම එන්නේ ජනතාවට ලැදි හැඟිම්බර නිහතමානි පුදගලයෙක්ය කියන දේ. ඒ දෙක එකට එකක් පෑහෙන්නේ නෑ. ඉතින් වරද තියෙන්නේ දේශපාළකයගේ නෙමෙයි. නලාකාරයෝ වෙන කළාකාරයගෙයි.

      Delete
  32. මාතලන්ඩිය බියනොවන්න, මැරෙනා සැටි.............එක්කෝ උඹම පෙන්නපන් බන් :D

    මග ගමේ කොල්ලෙක් නෙවේ හරිය, ඒ වුනාට රජ කුමරෙකුත් නෙවේ බං

    මට නම් ඇත්තම කතාව ෆිල්ම් එකක් මැද්දේ සින්දු තියෙන මොනම මගුලක් වත් මට දිරවන්නේ නෑ, ඉතින් බලන්නේ මොනවාද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ, හඳයගේ ප්‍රකාශනය, එහෙමත් නැත්තන් අවුට් පුට් එක තේරුම් ගන්න ගොඩක් උන්ට අමාරුයි, සමහර විට ඒක රජාගේ චින්තනෙත් එක්ක පැරලල් වෙන්නේ නැතිව ඇති, හැම හුත්තම බදා වඩා ගන්න කරන කොට කෝ සිනමාවක්, එකේ රසයක්, එට වැඩිය හොදයි ගෙදරට වෙලා ඉඳන් වැල බලනවා, අමන හරි ආතල් එක තියෙනවා මුන් දෙන ආතල් වලට වැඩිය නම්.

    ReplyDelete
    Replies
    1. මම ඕකේ අනිත් පැත්ත. හින්දි සෝ දෙමළ සෝ බලන කොට මම බලාගෙන ඉන්නේ සින්දුව එනකන්. මම හිතන්නේ සිනමාවෙන් කරන්න ඕන දේ හරියටම වෙන්නේ ඔය සින්දුවලින් කියලා. තාත්වික දේ බලන්න ඕන නම් පත්තරයක් හරි ටැලිවිසොන් නිව්ස් හරි බැලුවම අහවරනේ. ඒත් මචෝ අපිව මේ ළෝකේ නොමැති දේකට ගෙනියන්නේ ඔය සින්දු වලින් කියන එකයි මගේ මතය. අපේ සින්දු වලට නම් ඉතින් උඹ කියන දේ සාධාරනයි. ඒත් ඉස්සර සෝ බලන්න ගියේ ඒවල තිබුන සින්දු නිසාමයි.

      Delete
  33. කොලබ විතර සිමා කරලනම් වැඩෙ හරියන්නෙ නැ තමයි.සම්පුර්න ලිපියටම එක පයින් එකගවෙමි

    ReplyDelete
    Replies
    1. බලපන් උඹලා වගේ උන්ට කරලා තියෙන අසාධාරනේ..

      Delete
  34. උඹේ මේ ලිපිය සමග නම් සම්පුර්ණයෙන්ම එකඟයි අඩා

    ReplyDelete
    Replies
    1. මම නම් මුගෙ හැම ලිපියකටම ලයික්....ඩා .....
      මේක ඉද හිටල වෙන බුවාලගෙ චා ..... ලිපි දානව නෙ බං .....
      කලවම් නොකර ගෙන .....කියවපන් මකසි යෝ........
      තෝත් ...මම ලයික් බුවෙක්....... හෙක්....හෙක්.....

      Delete
    2. එහෙනම් අවුලක් නෑ.. නැත්නම් ඉතින් මාතලන් හින්ගල සිනමාව ගැනත් බොරු කියයි කියලා පෝස්ට් එකක් දැම්මොත් හෙම..

      Delete
  35. "හෝල් පහ තෝරාගන්න තිබුනේ, කොළඹ, යාපනය, අනුරාජාපුරය, නුවර හා ගාල්ල වගේ ලංකාව පුරාම නියෝජනය වෙන විදියටය. යාපනය ගැන වගේ වගක් මෙයාලාටත් නැති බව, මේ සිනමා උළෙලිනුත් මොනවටම පැහැදිලි විය. උන්දලාගේ ජාතික සමගියත්, මට්ට මෝල් දෙශපාලකයන්ගේ සමගිය වගේමදෝ කියලා මේවා නිසා හිතෙන්නේය". මේ ටික එලටම කියා තිබේ.

    ReplyDelete
    Replies
    1. අනිත් කොහේ නැතත්, යාපනේ පෙන්නන්න තිබුනා.. අඩු ගානේ ඒ මිනිස්සු මුන් ගැනවත් පහන් සිතුවිලි ඇති කර ගන්නවා..

      Delete
  36. කලා කරුවන් නිර්මාණ කල යුත්තේ ජාත්‍යන්තරය වෙනුවෙන් වත් ශ්‍රී ලංකාවටවත් නොවෙයි ඒකීය පුද්ගලයා වෙනුවෙන් හඳයා මේක කවද තේරුම් ගනියිද මන්ද?

    ReplyDelete
    Replies
    1. ඒක සිනමාකරුවාගේ කැමත්ත. බලන නොබලන එක තීරණය කිරීම ප්‍රේක්ෂකයගේ කැමත්ත.

      Delete
  37. කෙන්ජි හොඳ වෙලා අනී... මම හිතුවේ වැල කතා විතරයි ලියන්නෙ කියලා. ටිකක් සීරියස් වත් හිතනවනේ ඔයා හොඳයි ඔහොම යං ඔහොම යං.

    ReplyDelete
  38. මාතලන් හෙට සමලිංගික ධර්මපාලගේ 150 වැනි බර්ත් ඩේ එක නේද? ලියන්නෙ නැද්ද මොනවා වත්?

    ReplyDelete
    Replies
    1. රෝයල් එකෙන් ආපු මුල්ම සමලිංගිකයා දොන් ඩේවිඩ් ද? දොන් ඩේවිඩ් අනගාරික වුනේ ලුවිස් නිසාද? රට පුරා එක එකා ගේ නම් වෙනස් කර කර ගිය ධර්මපාල ලුවිස් ගේ නම වෙනස් නොකළේ ඇයි? ලුවිස් නම් සේවකයා හා තිබු සොඳුරු ඇසුර ට කාළකණ්නි සුද්දන් නීති දැමූ නිසා ධර්මපාල ට දේවමිත්ත ලෙස ඉන්දියාවේම මැරෙන්න වුන එක දුකක් නොවෙයිද? [මේ පොයින්ට් ටික මහා නවකතා කරු මොහාන් රාජ් ට අහු වුනොත් ඌ මේක කීයකට විකුණයිද?]

      Delete
  39. ධර්මපාලට බනින්න ඕනතරම් වේසිගෙ පුතාල ඉන්නවනෙ ඒ නිසා උඹ චෙල්වනායගම්ට බැනපං

    ReplyDelete
  40. හඳයා ගැන මුලින්ම කතා කරන්න ඕන , මොකද හඳගම කියන්නේ සිංහල සිනමාව හරි තැනට ගෙනියන්න හිටපු එකෙක්, එත් ඉනි අවන් හරහා හඳයා කඩේයන ගොඩට වැටෙනවද කියන සැකය නම් ආවා .
    ප්‍රසන්න විතානගේ චිත්රපටි හදන්නේ ජාත්‍යන්තර සිනමා උළෙල (නමට) වලට විතරයි ,

    විමුක්ති ජයසුන්දර , සංජීව පුෂ්පකුමාර වගේ තරුණයෝ සිනමාව යම් තැනකට ගෙන්න උත්සාහ කරනවා කියන අදහස අපිට තහවුරු කරන්න විදිහක් නැත්තේ ඒ චිත්‍රපටි හරියාකාරව බලන්න විදිහක් නැතිවුණු නිසා .

    හැබැයි හඳයාට තාම අවස්තාව තියෙනවා . එත් හඳයා ඒ අවස්ථාව ලබා ගැනීමට සූදානම් ද කියන එක තමයි ප්‍රශ්නේ ,

    ReplyDelete
    Replies
    1. මේ වගේ උන් අඩු ගානේ අවුරුද්දකට එකක් වත් හදන්න ඕන. නැත්නම් මේ ටැලන්ට්ස් අපරාදේ..

      Delete
  41. "ශ්‍රී ලංකාව යනු සංස්කෘතික මුඩු බිමකි” යි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපතිව සිටි සර් අයිවෝ ජෙනිංග්ස් කිව්වලු .. ඕක අහද්දී ඒ කාලේ කට්ටියට මල පනින්න ඇති .එත් කියලා තියෙන්න ඇත්ත . සංස්කෘතිය ගැන උඩ පැන්නට , මැරෙන්න හැදුවට නිර්මාණයක් බිහි කරගන්න පුළුවන් මනුස්සයෙක් ඉන්නවාද කියන එක ප්‍රශ්නයක්. හිටියත් ඒ මනුස්සයාට ඉස්මතු වෙන්න ලැබෙනවද කියන එක අනික් ප්‍රශ්නය .
    මම දන්නා තරමින් මාතලන් කෙටි චිත්‍රපටි බලන්න කැමතියි , එහෙම බලනවානම් දන්නවා ඇති මේ ශක්‍යතාව තියෙන කෙටි චිත්‍රපටි අධ්‍යක්ෂකවරු කීදෙනෙක් නම් ඉන්නවද කියලා . එත් ඉස්මතු වෙන්නේ නෑ. හැබැයි එකට තව හේතුවක් තියෙනවා , මොකද චිත්‍රපටියක් කියන්නේ කෙටි චිත්‍රපටියකට වඩා නිර්මාණාත්මක සහ සංවිධානාත්මක අතින් දැවැන්ත කාර්යභාරයක් . ඒ අභියෝගය ජයගන්න තරම් ඔවුන් ජවසම්පන්නද කියන සැකය තියෙනවා ,ඒ සඳහා ඔවුන්ව පුහුණු කල යුතුයි . එත් ඒකට වැඩ පිළිවෙලක් නැහැ .

    ReplyDelete
    Replies
    1. චැහ් … මං දාන්න හිටපු කොමන්ට් එක මූ දාලා !!!!

      මේ ### කොරන්ඩ බෑ :D ඕ යේස් …

      Delete
    2. අයිවෝ ජෙනින්ග්ස් කිව්වේ සහතික ඇත්ත. 10 වන සියවසෙන් පස්සෙ අපිට කතාකරන්න දෙයක් නෑ. ප්‍රශයේ ලුවී රජවරුන්ගේ මාලිගාව දැකපු එකෙකුට අපේ අන්තීම රජ්ජුරුවන්ගේ මාලිගාව පෙන්නන්ත් ලැජ්ජයි. නමුත් අපේ උන් මේ දේ පිලිගන්න කැමති නෑ.

      උඹ මට එවන කෙටි චිත්‍රපටි නම් ජාත්‍යන්තරයට උනත් යවන්න පුළුවන්. මම හිතනවා මහා සිනමාවේ ඉන්න උන් මේ කෙටි චිත්‍රපටි කාරයන්ගෙන් ඉගෙන ගන්නවා නම් හොඳයි කියලා. මට නම් ජාත්‍යන්තර තත්වයේ තියන්න පුළුවන් එකම සිනමා කාරයෙක් වත් ලංකාවේ නෑ.

      Delete
    3. //10 වන සියවසෙන් පස්සෙ අපිට කතාකරන්න දෙයක් නෑ.//

      පච කෙලින්නෙපා ඩෝ. 12 වෙනි සියවසේ පරාක්‍රමභාහුගෙ වැඩ කිඩ. 15/16 වෙනි සියවසේ කවි කාරයොන්ගෙ සංදේශ.


      //එත් ඒකට වැඩ පිළිවෙලක් නැහැ .//
      //මම හිතනවා මහා සිනමාවේ ඉන්න උන් මේ කෙටි චිත්‍රපටි කාරයන්ගෙන් ඉගෙන ගන්නවා නම් හොඳයි කියලා. //

      ඔය කෙටි චිත්‍රපටි කාරයො අති මහත් බහුතරය මහා චිත්‍රපටි කාරයන්ගෙන් ඉගෙන ගන්න/ ඉගෙන ගත් උදවිය. කැළණියෙ ජනසංනිවේදන ස්පෙෂල් කරන උන් වැඩිපුරම. නැතුව කෙටි කට්ටිය ඕපපාතිකව පහල වෙලා නෙමෙයි.

      Delete
    4. //"ඔය කෙටි චිත්‍රපටි කාරයො අති මහත් බහුතරය මහා චිත්‍රපටි කාරයන්ගෙන් ඉගෙන ගන්න/ ඉගෙන ගත් උදවිය"// වෙන්න ඇති ඒත් උන්ට අනන්‍ය ලක්ෂණ උන්ගේ නිර්මාණය පුරාම තියෙනවා . හැබැයි මහා සිනමාවට එන්න නම් ඒ තත්වය තව දියුණු වෙන්න ඕන. අනන් ඒටික උන්ට කවුරුවත් දෙන්නේ නෑ. උන් දැනගන්න ඕන ඒ ටික හොයා ගන්න . එකක් මූල්‍ය හයිය අනික මොකක්ම හරි අධිකාරියක හයිය. කැමරා දෙකක් , එක කාමරයක් තියාගෙන කෙටි චිත්‍රපටියක් කරන මානසිකත්වයෙන් මේක කරන්න බෑ. ඔය හැමතැනම ඇහෙන මාෆියාව කියන වචනේ මෙතනටත් සම්බන්ධයි . කෙන්ජි දන්නවා වැඩි විස්තර

      Delete
    5. මචෝ, මම ඔය කෙටි චිත්‍රපටි ගැන උඹට කිව්වෙ පුද්ගලිකව දන්න නිසා. උන්ට පුහුණුව නෙමෙයි ප්‍රශ්නෙ. කෙටි චිත්‍රපටියක් කල පමනට ලොකු එකක් කරන්න බෑ. උඹ කියනව වගේ ඒකට ලොකු හික්මීමක් වගේම දැණුමක් අවශ්‍යයි. ඔක්කොටම වඩා සල්ලි. මේක ලංකාවෙ නෙමෙයි ලෝකෙ කොහෙත් තියෙන පොදු ගැටළුවක්.

      එතන තියෙන්නෙ මාෆියාවක් නෙමේ, සල්ලි වියදම් කිරීමේ අවධානම. ලංකාවෙ ආන්ඩුවෙන් කිසිම ෆිල්ම් එහෙකට ආධාර දෙන්නෙ නෑ, දෙන්නෙ ණය. ඔය අලුත් පොඩි උංට ණය ගන්න බෑ, හේතුව උන්ගෙ ගාව මූලික ආයෝජනයවත් නැති නිසා. අනෙක් පැත්තෙන් දක්ෂයට වෙලාව එනකල් ඉවසන්න පුළුවන් වෙන්න ඕන. ෂෝට් ෆිල්ම් එකක් දෙකක් හදල හිට්ස් අරන් පොරවල් වෙලා කලබල වෙලා බෑ. හොඬ්ම උදාහරණෙ නිළේන්ද්‍ර දේශප්‍රිය. සබ්ජෙක්ට් එකේ ඉන්න, වෙන වෙන දේ කරපු මනුස්සය ඉවසගෙන හිටිය ෆිල්ම් එකක් හදන්න අව්ශ්‍ය කරුණු හරියනකල්, හැදුව ගින්දර වගේ මුල් එකම.

      අනෙක් පැත්තෙන් හැම දක්ෂයටම මතුවෙන්නත් බෑ, ඒකට උත්සාහය සහ වාසනාවත් තියෙන්න ඕන. ලෝකෙ පුරාම දක්ෂයො ඇවිත් ලන්ඩන් ෆිල්ම් ස්කූල් එකේ ඉගෙන ගත්තත් අන්තිමේට අවුරුද්දක එකෙකෙ හරි දෙන්නෙක්ට හරි තමයි මෝරෙක් ලැබෙන්නෙ ෆිල්ම් එකක් කරන්න. ඒකයි තත්වෙ.

      ලංකාවෙ ඔය කරුමාන්තෙ ඉන්න අය ගැන කෙන්ජිගෙ දැණුම ගැන මම අගය කරනව, ඒත් මමත් ඒ ගැන යමක් දන්නව මගේ පවුලෙ උන් එතන ඉන්න නිසා. ඒකයි අරෙහෙම කිව්වෙ. නයා මෙතන නොඇර, අපි හම්බුවෙච්චි දාකම එවන්නං උඹට දස්ඨ කොරන්න :D

      Delete
    6. ඉන්දික - ඔය උඹ කියලා සියලට එකඟයි ,

      //ඒත් මමත් ඒ ගැන යමක් දන්නව මගේ පවුලෙ උන් එතන ඉන්න නිසා. ඒකයි අරෙහෙම කිව්වෙ. "// හත් ඉලව්වේ මම උඹ නොදන්නවයි කිව්වේ නෑ බං. උඹ නොදන්නා දේ ගැන කතා නොකරන බව හොඳින්ම දන්නවා . වැරදි දෙයක් කිය්වුනානම් සමාවභාජනය කරමි .... (උඹ හම්බවෙනකම් තමයි මමත් ඉන්නේ දෙකක් කියන්න :P)

      Delete
    7. හෙ හෙහ්.. ඔය සමා භාජන කියන්නෙ මොනද බං?

      ඉස්සරනං; "නංගි ඔයාව පොඩ්ඩ්ක හම්බුවෙන්න පුලුවන්ද? අය්යෙ මාව හම්බ්වෙලා අවුරුදු 16 වෙනවනෙ!!"

      Delete
    8. ඉන්දික කියන දේ ඇත්ත.. නමුත් මහ උන්ගෙන් ඉගෙනගත් කියන කතාව හැර. මොකෝ ඉන්දිකට උගන්නපු ගුරුවරු තාමත් ගුරුවරු නිසා..

      Delete
  42. යාමු මේ දැන් යාමු මේ දැන් වත්තට යාමු
    වල් පැල ගලවා අපි මල් පැල වවමු //

    යාමු මේ දැන් යාමු මේ දැන් වත්තට යාමු
    වල් පැල ගලවා අපි මල් පැල වවමු //

    යාමු මේ දැන් යාමු මේ දැන් වත්තට යාමු
    වල් පැල ගලවා අපි මල් පැල වවමු //

    ReplyDelete
    Replies
    1. ඔය මල් පැල අතරෙ දාස්පෙතිය පැලයක් දෙකකුත් හිටෝගමු !!!

      පොඩි බේබිගෙ රොකට් විතරයෑ රොකට් ??චැහ්

      Delete
    2. පඳුරු පඳුරු ගස් මොනරාගල 
      මල් තණ මල් විල රේණු 
      නිහඬව රොන් ටික උරන්න යන 
      බඹරුන් දැක්කද යාලූ 
      මිනිසුන් ලෝකය දකින්නේ කොහොමද කියන්න දන් නෑලූ
      නොදැක්ක ලෝකය තොල්පෙති අතරේ මුමුනන්න එපා ලූ 

      මැරකම් ජඩකම් කෲර සමාජය 
      තවමත් ලෙල දෙනවා 
      මුව හසරැල්ලෙන් තවත් ටික දෙනෙක් 
      සාම ගමන යනවා 
      ඔවුන් පෙලන්නට කොනක තියන්නට 
      තව අය මුල් වෙනවා 
      කවුරු කොහොම මුළු ලෝකෙම කිව්වත් 
      රස්තල රජ වෙනවා

      හෙට දවසක් ගැන ආඩම්බරයෙන් 
      උගතුන් මුමුණනවා 
      තණ අග පිනිබිදුවකි අපේ දිවියම 
      මුනිදුන් පවසනවා 
      පුංචි පැලෑටිය සුන්දර මිනිසුන් 
      දකින්න ලං වෙනවා 
      කවුරු කොහොම මුළු ලෝකෙම කිව්වත් 
      රස්තල රජ වෙනවා

      https://www.youtube.com/watch?v=w2ndGhscCdk

      Delete
    3. "වල් පැල ගලවා, මල් පැල වවමු"

      හොඳ ස්ලෝගන් එකක්..

      Delete
  43. මේ අපේ ඉවානයයි මැලෙයයි දෙන්න නෙවැ :D

    ReplyDelete
  44. ගොන් ජෝක්..

    මුන්ට හොඳ ටැලන්ට් එකක් තියෙනවා. ඉදිරිපත් කරන්න දන්නේ නෑ..

    ReplyDelete
  45. හදගමට ස්වර්ණා-ධර්මසිරි ලවා සිංහල සිනමාව දැන් ගොඩදැමිය හැකිද?

    http://sinhala.lankaherald.com/?p=4833

    ReplyDelete
  46. අනගාරික මොට්ටපාලSeptember 16, 2014 at 8:16 PM

    මාතලන්, අද මගේ බර්ත් ඩේ එක නේද? උඹ මං ගැන ලියන්නෙ නැද්ද යකෝ?

    ReplyDelete
    Replies
    1. ඌ ගැන නොලිව්වට කමක් නෑ තමුන් මගේ ගැන ලියන්ට ඕන. අනෙක තමුංට පුළුවන් කේක් කනවනං හවසට කණත්තට එන්ට.

      Delete
  47. පස්ට් ඉට්ටෙප් පස්ට් ඉට්ටෙප්.. මම කියන්නං හදයාට මේ ටික..

    ReplyDelete
  48. හ්ම්ම්ම් ඔව් මාතලන් සෑර්

    ReplyDelete
  49. කවුරු මොනවා කීවත් මේ පාර විපක්සෙන් පොල්පිත්තක් දැම්ම්ත් දිනනවාය........මහ ඇමති හරීන්ය....හොර බොරු නැති අපේ මහ ඇමති හරීන්ට ජයවේවා!!!!

    ReplyDelete
    Replies
    1. monawa wunath aththama kiyala thiyenawa.... vipaksayata jayawewa.... jeppanta jayawewa.....fonsekata jayawewa... mata jayaweewa...

      Delete
    2. අනිල්ල පරාක‍්රමසිංහSeptember 16, 2014 at 11:42 PM

      අනේ හොදයි.... හැදිගෑව්ලාම පලයව් ඕකුන්...ම්ම්ම්හ්හ්ම්හ් ම්ම්හ්හ්ම්හ් ......හොර සිල් රෙද්දක් පෙරවන් බෙල්ල වටේ රෙදි කෑල්ලක් එල්ලගත්තු ..ම්ම්හ්හ්ම්හ් ම්ම්හ්හ්ම්හ් ..හොර බලල් මී කතුරු උපාසකය..නලුව...නංගිලා මල්ලිලා මේ පාර එකතුවෙලා ඕක්නට හොද පාඩමක් උගන්නන්න ඕනි හොදේ....අපි ඔයාලට වුයිනගම් දෙනව හො‍දේ....... මම දන්න්ව ඔය ඇනො විලාසෙන් ඇවිල්ලත් ආණ්ඩුවට පහරගහන්නෙ අපෙ සජි කොලුවනෙ... ආ මාධව මල්ලි තැන්කූ හොදේ......

      Delete
    3. 25% විදුලි බිල අඩු කලාට හරීන්ට අපේ උපහාරය..

      Delete
    4. danma widuliya athi padan aran store karaganna ekai aththe...pres elc iwara wunu gaman 25% ta 50% karala allaiy.... anika giya awurudda dihath ape aiyala desapremen mathwela iddi 40% withara wadikarapu ekamane oya adukare.... harintatath thank karanna ona thama lokkath dan porata hena bayawela inne.. sashi ta wada lokka wennaathi manussayage elec campaign ekata gahanne...anika kawru widuli bila adu kalath thamange padiyen kapagena newene(jeppange manthrila wage)

      Delete
  50. මම ලඟදී Dare Devil කියලා ඉතාම රැඩිකල් සිනමා කෘතියක් නැරඹුවා මේකේ තියෙන විශේෂත්වය තමා මම ජීවිතේටම බලපු කතෝලික පරිසරයක් පදනම් කරගෙන නිපදවපු කතෝලික ආගමට අපහාස නොකර හදපු එකම ඇමරිකන් ක්‍රියාදාම චිත්‍රපටිය

    ReplyDelete
  51. මොකක්ද ගහපු බ්‍රෑන්ඩ් එක

    ReplyDelete
  52. කෙටි චිත්‍රපටයක පුදන බැෆ්ටා සම්මානය වසර කීපයකට කලින් දින්නේ අසිත අමරසේකර කියන ශ්‍රී ලාංකියෙක්, එම කෙටි චිත්‍රපටයේ නම ඩු නොට් ඉරේස්. ඔහු ගැන මෙතන දන්නේ කීයෙන් කී දෙනාද, අපි ලිඳේ සිටින ගෙම්බෝ නොවේද ?

    ReplyDelete
    Replies
    1. ඔහු ගැන පුවත් පත්වල ළිපි පළ උනා.. එහෙත් කෙටි චිත්‍රපටිවලට ලංකාවෙ තැනක් නෑ. ඒත් කොළඹ අන්තර්ජාතික සිනමා උළෙලේත් කෙටි චිත්‍රපට කීපයක් පෙනවා තිබෙනවා. ඒක හොඳ දෙයක්..

      ඔබ කෙටි චිත්‍රපට් ගැන දැනීමක් ඇත්තෙක් නම් ළිපියක් ලියා එවන්න. කිසිම පැකිලීමක් නොමැතිව පල කරන්නම්. මොකෝ මම කෙටි චිත්‍රපට රසිකයෙක්..

      Delete
  53. මම නම් කියන්නේ ලිපිය අන්තගාමී වැඩියි. සෝමේ මාමා හදපු සූරිය අරණ වගේ හොඳ චිත්‍රපටි මතක් නොකලේ කුහක කම නිසා යැයි මා තරයේ කියා සිටිමි.

    ReplyDelete
    Replies
    1. අන්තගාමි මා නොව ඔබය. හොඳ චිත්‍රපට් ගැන මෙම ළිපියේ කිසිම තැනක කතා කොට නැත.. හැකි නම් පෙන්වන්න..

      Delete
  54. අර ගොබ්බ සේපාලගේ ලනුවක් ගිලලා ඇගෙ ඇස අග කොපියක් කියල මැරෙන්න හැදුවේ උඹ නේද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න