.

.

Oct 4, 2014

බට්ටිලාගේ කතාව - "Batti"..!!!


මේ පිළිබඳව ළිපියක් ලිව්වත්, හිතට මදි.. ඒ තරම් තුඡ්ච කාළකන්නි මිනිස්සු පිරුණ දේශයක් මේක. අනික ළිපිය ලිවීමෙන් පසු සිඳුවන ගරු රඟපෑම්, සිත් ගන්නා සුළුයි. කට කොනට සිනාවක් ගෙන එයි. පොලීසියට විත් පැමිණිල්ලක් කරන්න කියා ආරාධනා කරනා විට, තුන් කොනින් සිනා පහල වෙයි. කපුගේ ගේ අමරසිරි ගේ ගී අසා, අනේ අපොයි කියා හඬන වැලපෙන, ශෝක වන, ජාතියේ දූ පුතුන්ගේ සළු පිලි උනා දමා, නියම නිරුවත සමාජයට පෙන්වූ බට්ටියේ. උඹේ සටනට අපේ ආචාරය..

නිකං කා ලම පුරුදු හින්දා මුදල් දී කෑ මක්                                  නැතේ
නොමිලෙ බීලා නොමිලෙ කාලා තෙල් මන්ද මෝරයි                 ගතේ
හිලක නැතිනම් වලක හරි පොලු ඔබා ගන්නට දත                     කතේ
පොල්ල බැරිනම් බැටන් පොල්ලෙන් හෝ කොටා සැනසිය        පුතේ

අපිට ඇල්ලුවේ නොමැති නම් තොට හන් දියේ බිස්නස්            නැතේ
මුදා ලයි උන් රා ගයේ ගිනි බුර බුරා නගිනා                                  ගතේ
නිවී සැනසී පහන් වෙයි සිත් දහම් ලැදි උන් පින                           වතේ
නිවී සැන සී යන් බුදුන් දැක උඹය විරු වා බුදු                               පුතේ

පොලීසිය වෙත පැමිණ සිඳු වූ දෙය කියන් මගේ බට්ටි                   යේ
නො ආවොත් හෙම සිඳු වෙනා දේ බලා පන් තෝ පට්ටි                යේ
කිසිත් නොම දත් බට්ටිගේ මව දායි පොලිසියේ පෙට්ටි                 යේ
වෙපන් පෙන් නන නාට්ටියේ තව එපි සෝඩ් ලිය මින් ති              යේ

කෙලින් ඉන්නා සොලිඩ් උන්ටත් කෙලවෙලා යන වෙ              ලාවේ
නෝ නිසාටත් බඩු බනිස් වන රටක් මේ ආසි                               යාවේ
ඉතින් උඹ මොන ගූ බෙට් ටක්ද මුන් නීතී ගත මැර ක                ළාවේ
කියා දීපන් පාඩමක් බං දෙව ඟනගේ අත රැඳි තු                          ලාවේ

පාදඩයෝ රැල නිවී සැන සුන බෝඩ් යට කාඩුත් ඉරා                   ගෙන
පොලීසිය කියනා සැනින් එන "වේස" ගැහැණුන් රැල දරා            ගෙන
පෙන්වනා තක තිරු නාඩ ගම් මුන් බලා පන් ඇස් ලොකු කරා   ගෙන
බට්ටිලා හට කෙලවනා උන් අපා පල රන් බිම පලා                     ගෙන

-x-

>>>>> කැමති නම් පමණක් රස විඳින්න... <<<<<

විශේෂ - 
බට්ටි වෙනුවෙන්, ළිපි කවි හා කොමෙන්ට්ස් වලින් පෙනි උන්, සියළුම බ්ලොග් කරුවන්ටත්, පාඨයකයන්ටත් අපගේ ආචාරය..


139 comments:

  1. Replies
    1. වෙන්න බෑ.......
      මටනං අවුල්
      ඒ විතරක් නෙවයි දුකයි
      ඒ විතරකුත් නෙවෙයි තරහයි

      Delete
    2. එයා ගැන උඹ දන්නේ එච්චරමද...?

      Delete
    3. රෙද්ද!! එයා ගැන නෙවෙයි අපි ගැන

      Delete
  2. බට්ටිගේ අම්මා අත්තඩංගුවට ගත්තේ මොන වරදක් කලාටද...
    ෂේප් එකේ විසඳන්න තිබුණු ප්‍රශ්නයක්.. පොලීසිය මහමරෙක් කරගෙන..
    හත් පොලේ ගාගෙන...
    ඒ මදිවට අවස්ථාවාදීන් (දේශද්‍රෝහීන්) බට්ටිව මාර්කට් කරනවා..
    මොනවා උනත් .. බට්ටිට ජය...

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. සජින් වාස් ගේ අම්මත් අත් අඩංගුවට ගනීද දන්නේ නෑ.. අර ෆොන්සේකාගේ බෑනගේ ආච්චිත් ගත්ත එකේ..

      Delete
    2. බට්ටගේ ගමේ නම් කක්කුස්සි වත්ත ලු , හැබැයි රටම ගඳ ගස්ස්වන වැසිකිලිය රත්නපුරයේ එකත් ඇතුලු ශ්‍රි ලංකා පොලිසිය . එකේ කොච්චර ඉතිරුවත් ම් ගඳ ගැහුවත් පිච්ච මල් සුවඳයි කියන එකා තමයි , අර හැමදාම ටිවි එක ඉස්සරට එන්නේ . උගේ වැරැද්දක් නෙවෙයි ,ඒක උගේ රස්සාව

      Delete
    3. පව් ඉතින් එයා.. ඒත් ඔතන කලින් උන්න එකෙක් වත් ඔය තරම් පහත් තත්වයට වැටුනේ නෑ.. අඩු ගානේ කෙහෙළිය උනත් බොරු කියන්නේ හිනා වෙවී.. එතකොට ඔළුවක් තියෙන එකා දන්නවා මූ බොරු කියන්නේ කියලා.. මේ මහත්මයා පට්ට පච කෙලින්නෙත් බුදු සිරා...

      Delete
    4. කට උල් කරල බොරු කියද්දි මාර ටොයිස් බොසා !!
      පොරගෙ මං ආසම කෑල්ල තමා

      " අපි තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා " හුකෑස්

      Delete
    5. අයි මේ කෑල්ල "අපේ මේ වෙන කොට විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා" හැම එකටම විමර්ශන විතරයි, වාර්තාවල් යට ගිහින් පමිනිල්ලම විත්තිය වෙනවා අන්තිමේදී.

      Delete
    6. පෙත්තා බත් කෑවද.... ඤෑවා... ඤෑවා....

      Delete
    7. අනුර කුමාර කියන්නෙ එහෙමනේ. සහතික ඇත්ත කතාව.

      Delete
  3. " කපුගේ ගේ අමරසිරි ගේ ගී අසා, අනේ අපොයි කියා හඬන වැලපෙන, ශෝක වන, ජාතියේ දූ පුතුන්ගේ සළු පිලි උනා දමා, නියම නිරුවත සමාජයට පෙන්වූ"

    ඒ ගැන කියනු කවරේද. මටත් හිතුනෙ ඔය ටිකම තමයි.

    ReplyDelete
    Replies
    1. පිරිත් නූල් කඹ සයිස් එකට අතේ බැඳගෙන, මිනී මරණ රට නේ...

      Delete
  4. බට්ටිට ඇටෑක් කරන්න අලුතින්ම එකතු වෙලා තියෙන්නෙ මාලින්ද සෙනෙවිරත්න කියන ගූ පත්තරකාරයා. බට්ටි කියන විදිහට එයාට ගහන හැම කෙනෙක්ම පරණ කස්ටමර්ලාලු. මාලින්දත් එහෙමද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මොකාද දන්නේ නැතිව අදහසක් කියන්න අමාරුයි...

      Delete
    2. වාරියපොළ තිලිනි අමල්කා සහ රත්නපුර කාන්ති (බට්ටි) අතර ප්‍රධාන සමානකම් අතරින් සඳහන් නොවුනම කරුණ: දෙන්නම NGO කාරයින්ව (සතුටින්) Project Proposal ලියන තැනට තල්ලු කිරීම .- Malinda @ Ambalama FB Group

      Delete
    3. උනුත් නැත්නම් මේ රට බල්ලට ගිහින්, බල්ලෝ ඔක්කෝම ඔටාරා ගාවට ගිහින්...

      Delete
    4. මේ සිද්ධිය සමාජ මාධ්‍ය ජාල සතු සුවිසල් සිවිල් බලය පෙන්වන හොඳ උදාහරණයක්

      Delete
    5. බුවාගෙ උපුටනය මාත් දැක්ක. පිස්සු #කන්නෙක්!

      Delete
    6. මාලින්ද සෙනෙවිරත්න කියන්නෙ රවි විජේරත්න කියන කැසිනෝ කාරයට වැඩ කරන චම්පික රණවකගෙ බටයෙක්. දේශනා කරන්නෙ නම් ධර්මය. හැබැයි කැසිනෝ කාරයට වැඩ කරන්න කිසිම ලැජ්ජාවක් නෑ. රෙදි නැතුව මහින්දට කඩේ යන බයියෙක්. ලොකුවට ඉංග්‍රීසි නම් කියවන්න දන්නවා. හැබැයි කරන වැඩ අජූතයි.

      Delete
    7. එහෙම උන් තමයි බඩු ගහලා නොගැහුවා වගේ පඬි ටෝක් දෙන්නේ.. එයාලගේ පක්ෂේ කස්ටියත් එහෙමනේ.. නානසාර සධුට පින් සිඳු වෙන්න.. කස්ටියට බඩු බනිස්.. ලයික් ක්‍රිස් නෝනිස්..

      Delete
    8. @මාතේ.... මෙතනින් ගිහින් මාලින්ද ව හම්බවෙන්න පුලුවන්....
      http://malindawords.blogspot.com/

      Delete
  5. මේ විදිහට එක අවුරුද්දකට එළියට එන්නේ බට්ටිලා එක්කෙනයි දෙන්නයි. නමුත් මේ වගේ බට්ටිලා මේ රටේ කොච්චර ඇද්ද? මේ පොලිස්කාරයා පිටකරන්නේ මොන ආවේගයක්ද? සමහරවිට ඒ මිනිහා ලිංගික ආතතියකට පත්වෙලා ඇති, තම විවාහ ජීවිතය තුළ. නමුත් ඒ ආවේගය පිටකරගන්න හදන්නේ මේ බට්ටිගෙන්. මේ දෙදෙනාම නොමග ගිය අය. මේ දෙදෙනාවම, සියල්ලට පළමුව, නීත්‍යානුකූලව නිසි විනිශ්චයට භාජනය කළයුතුයි. ඉන්පසු සමාජ විද්‍යාත්මකව, මෙන්ම ධර්මානුකූලව නිසිමග පෙන්වා යහපත් පුරවැසියන් කළයුතුයි.

    කවි පද වල විරිතෙන් පිට ගිය පේළි තියනවා. සමහර පද සමුද්‍ර ඝෝෂ විරිතට හෝ සිව්පද විරිතට අනුව ලියවෙලා නැහැ. හිතේ තියන ආවේගය නිසා ඉක්මනින් ලිවීමේදී එහෙම වෙන්න ඇති කියලා හිතෙනවා. හඬනගා කියවා බලන්න, එතකොට අහුවෙනවා.

    ReplyDelete
    Replies
    1. /ඉන්පසු සමාජ විද්‍යාත්මකව, මෙන්ම ධර්මානුකූලව නිසිමග පෙන්වා යහපත් පුරවැසියන් කළයුතුයි. /

      ඔන්න ඕකනේ අන්කල් ඔයාලා හිතන විදිහේ වැරැද්ද. ඔයාට තේරෙන්නෙ නෑ මේ අය බිහි වෙලා තියෙන්නෙත් ඔයා කියන ඔය ඊනියා සිංහලබෞද්ධ (තනිවචනයකි ) සංස්කෘතියේම ප්‍රතිඵලයක් හැටියට කියලා. ප්‍රචණ්ඩත්වය අපේ වර්තමාන සිංහලබෞද්ධ සංස්කෘතිය විසින් උලුප්පනු ලබන ඒකේ ප්‍රධාන අංගයක්. ප්‍රශ්න වලට විසඳුම් සොයා යන්න ඕනෑ එවා බිහිකළ සංස්කෘතියෙන් නෙවෙයි. ඔය ඊනියා 'ධර්මානුකූල' මාර්ගය පෙන්නනන් ගියොත් මේ ප්‍රශ්න කවදාවත් විසඳෙන්නෙ නැහැ.

      ඕනැ නම් ගිහින් අහලා බලන්න ඔය කියන පොලිස් කාරයා අනිවාර්යයෙන්ම පන්සල් ගණනක හොඳ බෞද්ධ දායකයෙක් වෙන්න ඇති. බට්ටි පන්සල් නොගියත් වටේ පිටේ උන්නාන්සෙලා හැමෝම එයාගේ කස්ටමර්ලා වෙලා ඇති. ඉතින් කොහොමද අන්කල් මේ අය ධර්මානුකූලව වෙනස් කරන්නේ?

      Delete
    2. අනේ පව් දරුවෝ. ඔයාට පුලුවන්නම් ආයෙත් ඉස්කෝලේ යන්න. ඔයාට සිංහල කියවන්න පුළුවන් නේද? සමාජ විද්‍යාව ගැන පොත් (ඔයාට තේරෙන සරල පොත්) ටිකක් කියවන්න.

      ඔයා ධර්මය කියන්නේ බෞද්ධ ධර්මයට විතරද? පව්, අන්තර්ජාතිය සාමයික න්‍යාය කියන යෙදුමේ තේරුම ටිකක් හොයලා බලන්නකො.

      ඔයාට සතුටක් ලබන්න අවශ්‍ය නම් නැවතත් ටිකක් සැර/අපහාසාත්මක වදන් වලින් අදහසක් දක්වන්න. නමුත් එයින් මා කියන යථාර්ථය වෙනස් වන්නේ නැති බව දැඩිව අවධාරණය කරනවා.

      ඔබ අසා තිබෙන බුද්ධිමත්ම ප්‍රශ්නය තමයි කොහොමද මේ අය ධර්මානුකූලව වෙනස් කරන්නේ කියන එක බොහොම හොඳයි පුතා. ඔබ අද්‍යතන අධිවේගී සමාජයේ අණුවක් බව ඒ ප්‍රශ්නයෙන්ම පෙනෙනවා.

      ධර්මානුකූලව මේ අය වෙනස් කරන්නේ ඒ සඳහා අවශ්‍ය ඉහළ මට්ටමේ ධාර්මික හා මනෝවිද්‍යාත්මක හැකියාව ඇති ඕනෑම ආගමක (හැබැයි මේ දෙන්න බෞද්ධ නිසා උගත් භික්ෂූන් වහන්සේ නමක් මගින්. හැමදාම රේඩියෝ එකේ ටී වී එකේ ඉන්න හාමුදුරුවරු හැර මේ රටේ ඉන්නවා පුතා, අපට හිතාගන්නවත් බැරි තරම් හසළ දැනුමක් තියන ප්‍රසිද්ධියට අකමැති හාමුදුරුඅරු. ඒගොල්ලෝ ඇඩ් දාන්නේ නැහැ) පූජකවරයකු මගින්.

      ධාර්මිකයා කියන්නේ රටට පෙනෙන්න ආගම අදහන අය නෙවෙයි පුතා. අධිෂ්ඨාන පූර්වකය පිළිවෙත් අනුගමනය කරන්නාටයි.

      Delete
    3. ඔන්න ඔන්න විචා,
      ඔය ආගම බම්බුව විතරක් ගේන්න එපා.
      මට පේන්න බෑ හැම එහෙකටම ආගම ගාවගන්න උන්

      Delete
    4. අනේ අන්කල් වයස ගියාට ඔයා මෝරලා කියලද හිතාගෙන ඉන්නේ? රට පුරා ප්‍රචණ්ඩත්වය වපුරලා, දෙමළු මාරාපිය කියලා, මිනී මරලා, ආමි එකේ පහළ නිළධාරීන්ට කුණුහරුපෙන් බැනලා, මත්පැන් වලින් අසහනය නිවාගෙන නහින දෙහින කාලේ බුදු පිළිම හදලා සමාජයට ධර්මය දේෂනා කරලා නිවන් යන්ඩද බලාගෙන ඉන්නේ? අනේ ඔයා දන්න සමාජ විද්‍යාව අන්කල්? ඊට වඩා හොඳයි දේවදත්තගෙන් බණ අහනවා.

      Delete
    5. /ඔන්න ඔන්න විචා,
      ඔය ආගම බම්බුව විතරක් ගේන්න එපා.
      මට පේන්න බෑ හැම එහෙකටම ආගම ගාවගන්න උන්/

      හැම මඟුලටම ආගම ගාවා ගන්නේ තමන් වැරදි කරලා කියලා දන්න හිතේ වරදකාරී හැඟීමක් ඇති අය. තමන් ධාර්මිකව ජීවත් වුණු පිරිසට ආගමක් අවශ්‍ය නැහැ. දැන් මෙයා මේ ආගමික වැඩ කරන්නේ තරුණ කාලේ කළ පව් සමා කර ගන්න.

      Delete
    6. විචාරක තුමා එවන් අවස්තාවක දෙපාර්ශවයේම පාපොච්චාරණ කෙලෙස වෙයිද? ඔවුන් මෙතුවක් එලියට නොආ සිදුවීම් දාම කීයක් කියාවිද? අපි සියල්ලන්ම මතු පිටින් බලලා අපේ ගැඹුරේ දිග පළලට අනුව ඒ ගමුරටත් බැහැලා මොනයම් අයුරින් මත පල කලත් අපිට මේ සිදුවීමේ වින්දිතයා වෙන්න බැහැනේ, වින්දිතයා ආරුඩ කරගෙන තම මතයන් ඉලිප්පෙම නම් පම්පෝරි ගැහිල්ලක්, කොහේ හරි කොතැනක හරි වැරැද්දක් තියෙනවා, එත් ඒ අපි අපිම කොහෙද කොතනද වැරැද්දක් තියෙනවා කියලා ඒ සියල්ල ප්‍රකාශයකට තල්ලු කරලා පොඩ්ඩක් හුල්ලලා මොනවා හරි කියලා යන තත්වෙකට පත් වෙලා තිබීම කනගාටුයි, සියල්ලන්ටම දෙයක් දෙස බලා හින්ද විචාරයන් කිරීම පහසු මුත් ප්‍රයෝගිකම ගැටලුව ඒ දේ වෙනස් කිරීමයි, ඒ සඳහා ගොඩ නැගෙන යාන්ත්‍රණයේ ප්‍රායෝගික භාවිතයයි, පෙනෙන නැද්ද මානුෂික අයුරින් විසදිය යුතු ගැටළු හත් පොලේ ගා ගෙන එක බොරුවක් වසන්න තවත් බොරු සියයක් දෙසා බාන හැටි. මටනම් දුක මම ගැනම, මොකද මම තුලත් තවමත් කිනම් හෝ අයුරකින් මමවත්වය තියෙන නිසා. සියල්ලටම මුල මමය මගේය කියන එක. මමෙන් මිදිලා මේ අපි අපිමනේ කියන තැනට සමාජය තල්ලුවෙච්ච දවසකට ප්‍රසිද්දියේ ඇඳුම් ගලවපු බට්ටිලාට ඒ ගලවපු උන්දලාම ඇඳුම් අන්දවාවී. එත් ඒක................

      Delete
    7. බට්ටි ජීවත් වෙන්න රෙද්ද උස්සන එක විචාට අනුව ආගමානුකූල නැතිලුද?.
      පව් ඒ වගේ රෙද්ද උස්සන උන් සේරම ටික එකතු කරල ඤාණසාරුට හරි අර පිටකොටුවෙ පොඩි නමටහරි කියල බනක් කියවන්න වෙයි

      Delete
    8. කවි ටික "රූ රැසේ අඳිනා ලෙසේ..." විරිතට තාලෙට කිසි අවුලක් නැතිව, පන පිහිටවලා ගායනා කලොත් විචා මට මොනවද දෙන්නේ.. මේවා ඝන පිහිටුවලා, නැකත් බලලා ලියන කයි පද හොඳෙයි...

      Delete
    9. මාතලන් අයියා ඒ සිරාවට පට්ට බන් ඒ තාලෙට කියවන යද්දී එකෙන්ම කියවන යන්න පුළුවන්, බොලා සිරාවටම එහෙමද කවි ලියන්නේ? ඒ කවියල ලියලා මේ තාලෙට කියවන්න කියලා යටින් දැම්මනම් පට්ට කියන්නේ වල්ල පට්ටනේ. අන්න හරි විචාරක තුමා එකෙන්ම කියවන්න ඇහැකි ඒ තාලෙට :D

      Delete
    10. විචා.......මට උඹේ විග්‍රහය ඇතුලේ පේන්නේ බට්ටිව වෙනස් විදිහට. උඹට ජීවීත අත්දැකීම් ඕන තරම් ඇති. බට්ටිලා වගේ අම්බපාලිලා හිටියා. මචං පොලු වලින් ගහලා විසඳුම් දෙන්න පුළුවන් දේවල් නෙමෙයි දරිද්‍රතාවය. ඒ තුල තියෙන්නේ කකුල් දෙක දිග හරින්නේ, නැති බැරි කියන සාධකය තුල මතමයි, බට්ටිව ආදේශ කරගත්තොත් මේ සිදුවීමට. කොයි ගෑණීද දන්නේ නැති මිනිහෙක් එක්ක හැමනෙන්නේ යම් හේතුවක් නැතුව. එක්කෝ ගෙදර හරියට හැමනෙන්නේ නැති නිසා වෙන්න ඕන. එහෙම නැත්නම් ළමයා ඉස්කෝලේ දාගන්න ප්‍රින්සිපල්ට හෝ බලධරයෙක් ඉස්සරහා කකුල් ඈත් කරන්න ඕන. ඒ වගේ කාරනා නැත්නම්, කොයි ගැණීද හැමණීම ජීවන වෘත්තියක් කරගන්නේ? ඒ තමයි අද කවුරුත් කතා නොකරන, පවුල නඩත්තු කරගැනීම වෙනුවෙන්ම ,මොකා වෙනුවෙන් හෝ චිච්චිය පිදීම. මම මේ කියන්නේ දන්නා දේවල්. උන්ට අනුකම්පා කල යුතු සේම .ඔවුන්ට නිසි රැකවරනයක් සහ මාර්ග සාදා දිය යුතුයි.

      යුරෝපයේ පවා...මේ අසාධරන සැලකීම එවන් ගැහැණුන්ට තියෙනවා. නමුත් ඒ නිසාම රාජ්‍ය පොලිස් මුගුරට ,එවන් අහිංසකයින් යටවිය යුතු නැහැ.

      මම විජේරාම ගමේ ඉන්න කොට, ඒ කැම්පස් එක අවට තමයි..ඒ සමාජ නිවර්තන ආයතනය තිබුනේ. පාරේ ඉන්න ඒ ගැහැණුන්ව අල්ලා ගෙන විත් ගාල් කරන තැන. එතැන කන්න බොන්න දෙනවා හැරෙන්න වෙන දෙයක් වුනේ නැහැ මචං. රෑට වැඩට ඉන්න එවුන් වටේ හැමුණුනා ඒ ගෑණුන් එක්ක. ඕක තමයි ඇත්ත.

      කිසිම ගෑණියෙක් කැමති නැහැ නැති බැරි කම හෝ, බලහත්කාරය යන තැනට අමතරව වෙන එකෙකුට කකුල් දෙක පළල් කරන්න. ඒ ඇරෙන්න පළල් කරන්නේ ගෙදර එකා හරියට පොර ගහන්නේ නැත්නම් හෝ, ඒ තත්වයේ ඉන්න අය පමණයි. අපි කතා කරමු. පොලිස් රාජ්‍යක මග අවහිර කරමු. උඹ එහෙම එකෙක් නොවේ. හැබැයි රට යන්නේ ඒ පැත්තට. මිලිටරි/පොලිස් ආධිපත්‍යක පෙර මග සටහන්. ඒකනේ තව ගහපන් කියලා, අර පාදඩයෝ බෝඩ් උස්සන් මේ මිලිටරි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ.

      Delete
    11. මේ කියන්නේ බට්ටිලාගේ අහවල් තැනට පොල්ල ඇතුලට දාන්න බැරිනම්, පොලිස් පොල්ල සුදානම් කියන පනිවිඩයද???????????????

      Delete
    12. /* ඉතින් උඹ මොන ගූ බෙට් ටක්ද මුන් නීතී ගත මැර ක ළාවේ
      කියා දීපන් පාඩමක් බං දෙව ඟනගේ අත රැඳි තු ලාවේ */

      මට නම් ඒ පද දෙකේ මාත්‍රා ගාන වැඩියි කියායි දැනෙන්නේ!

      Delete
    13. මට ඔය සම්ප්‍රදායවල් වැඩක් නෑ කකා... මම ඕන තැනක කියලා පෙන්වන්නම්..

      Delete
  6. පට්ට එ‍ෙකෙත් ‍ෙහෙොඳම එක වල්ලපට්ට

    ReplyDelete
    Replies
    1. හිතට දුක පට්ටා වේසියන් කියා පට්ටා ගහනා එක ගැනය...

      Delete
  7. කොටිය ගැහුවයි උන්ට එරෙහිව කොටුවෙ මහ උද්ගෝෂණේ
    තම්බි ගැහුවයි උන්ට එරෙහිව බේරුවල උද්ගෝෂණේ
    කොස්ස ගැහුවත් බට්ටි වැරදියි රත්නපුර උද්ගෝෂණේ
    නෝන ලෙඩවී මට හුලං නොවැ කරමි මම උද්ගෝෂණේ

    ReplyDelete
    Replies
    1. //බට්ටිලා හට කෙලවනා උන් අපා පල රන් බිම පලා ගෙන//
      මෙහෙමවත් සාපයක් කොරල බලමු. අඩුගානේ මේක කියවන දාස් ගාණක්ගෙ හිතිංවත් කියවෙනවනෙ.

      Delete
    2. හ්ම්..වස් කවියක්වත් කියලා බලමුනේ...

      Delete
    3. මෙක වස් කවියක් තමා... ඝන පිහිටුවා ලියලා තියෙන්නේ..

      Delete
  8. බට්ටිට මගේ උපහාරය''''''''''!.............
    ලංකාවට මම....අවම ....ආප්ප කඩේ අක්කිට වියදම් කරන්න හිටපු සල්ලි වියදම් කොරල ......
    නුවරඑළි ගොසින් නියම සැපක් ගමු බට්ටියේ......
    මොකද කෙල්ලෙ උඹ කෙලින්ම කිව්වනෙ .....මුදලට උස්සන එක....... හයි...පයි අක්කිල තොදොල් වෙන රටේ.....උඹ නම්....මට එල....පොරිච්ච්යක්......... යකූ......

    ReplyDelete
    Replies
    1. පව් බං අහිසක ගෑණූ..... මුන්ට පුළුවන්නම පාට් එකක් දාන්න කියහංකෝ.. ඇමතිවරුන්ගේ ටෙලි නාට්ටී කෑල්ලකට...

      Delete
  9. මාතලන් මේ බලන්නකො මේ බට්ටිගේ කතාව

    http://www.gossiplankahotnews.com/2014/10/justice-delayed-is-justice-denied-sad.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+gossiplankahotnews%2FvPcK+%28++++++++++++++++Gossip+Lanka+Hot+News%29

    ReplyDelete
    Replies
    1. මේ පුන්කුඩිට වෙච්ච දේම ..... තව තැනැත්තියකට උනා..... විචාරකතුමනි...... එකෙන් උනේ ලොකු විනාශයක්.....මධිකරණ විනිසුරුවරයෙක් මරුන් කෑවා. එක සාක්ෂියක් මග හැරීමෙන්...... මේ කාන්තාවට සිර දඩුවම් ලැබුන. ජීවිතාන්තය දක්වාම..... ඒ තරහ පිරිමහන්න තමයි....... නවුෆර් හිරේ ගියේ..... අභියාචනාධිකරණයෙන් ..... මේ තැනැත්තිය නිදොස් කොට නිදහස්....... මතක විදියට නම මේරි තෙරේසා වගේ.....මෙයත් අවුරුදු ගණනක් හිරේ.

      Delete
    2. ලංකාවේ නීතිය විහිළුවක් විචාරක උන්නැහේ...

      Delete
  10. කවි ටික නම් එල ,කියන්න ඕන කතාව ලදුනේ සිංදුවෙ තියෙනවා මේ වගේ දේවල් තව වැඩි වෙනවා මිසක් අඩු වෙන එකක් නම් නෑ

    ReplyDelete
    Replies
    1. නෑ... මේවා එදා ඉඳලා අද දක්වා දිනපතා සිඳුවන සාමාන්‍ය සිඳුවීම.. දැන් තමයි මේවා එලියට එන්නේ, සුද්දගෙන් පස්සේ.. මේක හොඳ ප්‍රවනතාවක්.. බල්ලෝ මරන්න..

      Delete
  11. බට්ටිලා... කොතෙකුත් මේ ලංකාවේ.....
    බට්ටියෙක් උන වරදට ....ලංකාවේ ඉපදුන වරදට....
    බට්ටිලා හැමදාමත් ගුටි කෑවා. සැම මදිපුන්චි කමකටම ලක් උනා. මේ කතාව එලියට එනකන් මේක සාමාන්‍ය සිද්දියක් විතරයි.
    අහල බලන්න මේ දුප්පත් බට්ටිලාගෙන් කීපාරක් ගුටි කාල තියනවද කියල.
    මේ සමාජ ක්‍රමය තුල..... බට්ටි තනි වෙනවා. ඒත්...... බට්ටිලා බෙදා ගන්න බැරුව..... ගුටි කෙල ගනිපු .... මහත්තුරුත්..... මේ ලංකා දීපේ මං දැකල තියනවා...... මිදී පොකුරකට වලිකන කැනහිලුන් වගේ.....
    ඒවා බලා ගන්න පුළුවන්... බට්ටියෙකුට ඇප ගන්න අධිකරණයක් අසලට ගියාම..... බට්ටිලා පිළිගන්නේ මල්මාලා දාල......ඒ වෙලාවට තමයි..... මේවා බලන්න ඕන. එතකොට බට්ටි කියන්නේ ජාතික වස්තුවක්......
    බට්ටිට වැරදුනාට පස්සේ කවුරුත් නැ........
    ඒ හන්දයි...... බට්ටි NGO ලග මාකට් වෙන්නේ. මේක ඉස්සර ඉදන්ම තිබුන. හැම බට්ටියෙක්ම .... වරදට නොව, කතාවටයි මාකට් කරන්නේ......මේ වෙලාවේ බට්ටිගේ කතාව අහන්නේ ඒ ගොල්ලන් විතරයි...... ඉතින් බට්ටිටත් කවුරුන් හෝ ඉන්න එපැයි......
    ඉස්සරහට බලමු....... මේ බට්ටිගේ කතාව......

    ReplyDelete
    Replies
    1. අපි බලාගෙන ඉඳුමු.. ඇන් ජී ඕ නැත්නම්, ලංකාවෙ බොගුත් නෑ... බුකිත් නෑ...

      Delete
  12. බට්ටි සහ පොලිස් කාරයා තවත් එක සිද්දියක් විතරයි, ඒ සිද්දිය නිසාවෙන් හටගත්ත සිද්දි දාමය මේ වෙනකොට ඇති කරලා තියෙන්නේ මොන වගේ තත්වයක්ද? එතකොට දැන් ගලාගෙන යන සිද්දි දාමය අනාගතයේ මොනවගේ සිද්දි දාමයක් මවා පාවිද?

    //තවත් එක සිද්දියක් විතරයි// කියන්නේ ඒ දෙස සිදුවීමක් දෙස බැලුවත් ඒ සිදුවීම හරහා ඉස්මතුවෙන සිද්දි කොතරම් තියෙනවද? ප්‍රසිද්ද ස්ථානයක තමන්ගේ ආවේගයන් පාලනය කර ගන්න බැරි පොලිස් නිලදාරියෙක්, ගැහැනියකට තලන හැටි ගල් බිල්ලෝ වගේ බලාගෙන ඉන්න පිරිසක් (එකෙක් හරි වලක්වන්න ගියානම් රාජකාරෙයට බාධා කිරීම නිසා මොන දෙයක් වෙයිද දැන් නැහැ ඒ මනුස්සයාට) //එතකොට රාජකාරිය ප්‍රසිද්ද තැන් වල ගැහැනුන්න්ට තලන එකද?//

    පොලිස් කාරයාගේ පැත්තෙන් බැලුවම කරපු ගොන් කමට දැන් විඳවනවා නේද? ඒ පවුලේ හම්බකරපු එකම මිනිහා ඒ මිනිහද දන්නෙත් නැහැ, ඒ මිනිහා විවාහක නම් ඒ මිනිහගේ දරුවෙ පාසලේ කොහොම මුහුණ දෙනවද දන්නේ නැහැ, වටේ පිටේ උන් නොකියම ඉඳීද "මේ අර වේසිට ගහපු එකාගේ ළමයි නේ" කියලා, එතකොට දැන් ඒ පවුලේ කඩා වැටීම කොහොම ඇතිද? ඒ මිනිහා කරපු ගොන් වැඩේට ඒ මනුස්සයාගේ බිරිඳයි දරුවෙයි මොන තරම් මානසිකව විඳවනවා ඇතිද?

    එක සිදුවීමක් මොන තරම් සිදුවීම් දාමයකට හේතු පාදක වෙනවද? ඒ පසු සිදුවීම් නිසා නිසිආකාරව වෙන්න තියෙන සිදුවීම් කීයක් වලකිනවද? ඒ නිසාම සමහර සිදුවීම් දාම වල දිශානතියන් මොන අයුරින් වෙනස් වෙනවද? පසු සිදුවීම් දාම තව සිදුවීම් දාම කියක් මවයිද?

    මිනිස්සු ගහන්න හම්බ උනාම ගහනවා, එත් ඒ නිසාම තැලෙන තවත් පිරිසකුත් ඉන්නවා ඒ තැලීම දරා ගන්න බැරි.

    විචාරක තුමාට ඉහත කී පරිදිම කියලා අවසන් කරන්නම්.

    මටනම් දුක මම ගැනම, මොකද මම තුලත් තවමත් කිනම් හෝ අයුරකින් මමවත්වය තියෙන නිසා. සියල්ලටම මුල මමය මගේය කියන එක. මමෙන් මිදිලා මේ අපි අපිමනේ කියන තැනට සමාජය තල්ලුවෙච්ච දවසකට ප්‍රසිද්දියේ ඇඳුම් ගලවපු බට්ටිලාට ඒ ගලවපු උන්දලාම ඇඳුම් අන්දවාවී. එත් ඒක................

    ReplyDelete
    Replies
    1. පොලිස් කාරයත් පට්ට පව්.. මොකෝ ඌටත් පොර සෝකේ.. බඩුවක් ගහන්න ඕන,, ඒත් සල්ලිත් නෑ.. බට්ටි නිකන් දෙන්නෙත් නෑ.. ඉතින් වෝයරිසම් (දර්ශාස්වාදයෙන්.) හෝ ආතල් එකක් ගැනිමේ අයිතිය ඔවුන් සතුයි...

      Delete
  13. Replies
    1. විනේ කටින උන් 
      විනේ කටින උන් තරහක් නොකියාම
      කණේ කොහොඹ මිරිකනවා හැමදාම
      ගුණේ රැකං ඉන්නලු මල හිමිගේම
      වනේ නැතුව උන්
      වනේ නැතුව උන් දුක දන්නේ කෝම.....???

      ගමේ ගැටව් කරබාගෙන උන්නාට
      විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට
      නෙලා ගනින් යයි කප් රුක පිදුවාට
      ඉනේ රෙද්දමයි හිටියේ හරහාට

      විනේ කටින උන් 
      විනේ කටින උන් තරහක් නොකියාම
      කණේ කොහොඹ මිරිකනවා හැමදාම
      ගුණේ රැකං ඉන්නලු මල හිමිගේම
      වනේ නැතුව උන්
      වනේ නැතුව උන් දුක දන්නේ කෝම.....???

      දැලේ කිරට මුර ගහනා පැටියන්ට
      අනේ කවුද ඉන්නේ වෙලක් දෙන්ට
      ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට
      වරෙව් මහතුනේ කුනු කය වළදන්ට

      විනේ කටින උන් 
      විනේ කටින උන් තරහක් නොකියාම
      කණේ කොහොඹ මිරිකනවා හැමදාම
      ගුණේ රැකං ඉන්නලු මල හිමිගේම
      වනේ නැතුව උන්
      වනේ නැතුව උන් දුක දන්නේ කෝම.....???

      ගායනය - ප්‍රදීපා ධර්මදාස
      ගේය පද - රත්මලේ බන්දුල ගුණවර්ධන

      Delete
    2. ප්‍රදීපා ධර්මදාස එයාගේ සැමියා ඉදිරිපිට ඔය සින්දුව යටි ගිරියෙන් කෑගහල කියන්න ඕනේ

      Delete
    3. කොයි සැමියා ඉස්සරහද?

      Delete
    4. ප්‍රදීපා ධර්මදාස මලාද...

      Delete
    5. ප්‍රදීපා මැරුනේ අර පොන්න ඩලස්ගේ බඩට යට වෙලා බං. නැතුව උගේ හඬට යට වෙලා නෙමේ... තුහ් තුහ් නොදෝකින්!!!

      Delete
    6. සින්දු ඇනෝ.. , මේක ලිව්වේ වසන්ත පුෂ්පකුමාර කියලා කවියෙක්.. මේ "හෙට ඇය" කියන කවි පන්තියේ කවි කීපයක් එකතු කරලා හදපු සිංදුවක්. සංගීතය රෝහණ වීරසිංහ.

      Delete
    7. උඹලා එක ගෑණියෙක්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටිනවා, තව ගෑණියෙක්ගෙ අයිතිවාසිකම් තුට්ටුවකට නොසලකා....

      Delete
    8. ස්තුතියි තිසර නිවැරදි කිරීමට ..............

      Delete
    9. එයාලටත් ගෑණූ කියලද කියන්නේ...

      Delete
  14. හිස බූ ගෑ කහ රෙදි අඳින එකෙක් වත් තඹ සතේකට විශ්වාස නොකරනු.

    ReplyDelete
    Replies
    1. පැහැදිලි කොමෙන්ටුවක්...

      Delete
    2. අනිත් මොකා විස්වාස කලත් උන් විස්වාස නොකරනු!

      Delete
    3. කට්ටය තිය‍ෙන කකා ව‍ග‍ේ අය?

      Delete
  15. මචං මාතලන්...............

    ඉස්සල්ලා ම මෙන්න කුගැගීප උඹට සැලියුට් කරා... දැන් කතා කරමු..

    //වෙපන් පෙන් නන නාට්ටියේ තව එපි සෝඩ් ලිය මින් ති යේ// මචං ඇරපන් කට.. දාන්න මගේ ළග තියෙන රත්තරං බඩු ටික ඔක්කොම.. ඔය ඇත්ත ඔය තරම් කෙලින් කිව්වාට අපේ ආචාරය............................... බොක්කෙන්ම

    ReplyDelete
    Replies
    1. තුන් වෙනි පාරත් ආවොත් අපිටත් බඩු බනිස් තමයි, අපි කොච්චර ආදරේ කරත්.. මොකෝ කඩේ යන ප්‍රමානය එන්න එන්න වැඩි වෙනවනේ.. මර්ධනය අති දරුණු වෙනවා..

      Delete
  16. රට මේ වාගෙ කාලකන්නි තත්වෙකට ඇදල දැම්මෙ,කුඩු වලින් කසිප්පුවලින් සල්ලි හොයන රටේ මහ එකාම නේද?

    ReplyDelete
    Replies
    1. ඊට කලින් ඉඳලම එහෙම නේද..? නමුත් එක ඔඩු දුවා තියෙන බව නම් සැබෑව...

      Delete
  17. බට්ටිට ගහපු එක අනුමත කරන්නේ නැහැ කියන එක මම කලින් පෝස්ට් එකකදිත් කිව්වා, ඒ වගේම එහෙම ගහපු එකට දඬුවම් ලැබෙන්න ඕනේ

    ඒත් බට්ටි දැන් මේ යන ගමන බට්ටිට ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි
    රටේ වෙන හැම ප්‍රශ්නයකටම NGO අතගහන එක හොඳක් විදිහටත් මම දකින්නේ නැහැ

    බට්ටි හරහා තම තමන්ගේ දේශපාලන වාසි (දේශීය හෝ විදේශීය) ලබා ගත්තට පස්සේ බට්ටිට කලින් කරදර මැද්දේ හරි කරගෙන හිටපු රස්සාව කරගන්න හම්බ වෙන එකකුත් නැහැ

    අනිත් එක බට්ටි සම්බන්ධ වීඩියෝ එක බැලුවම බට්ටිගෙන් කලින් බැනුම් අහල ඒ බැනුම් අහගෙන ඉන්න බැරි තරම් ලජ්ජා සහගත නිසා එතනින් ගියා කියපු අනිත් ගෑණු කෙනාගේ කතාව අහල බලන්න.
    ඒ වගේම ලස්සන වචන ටිකකින් පොලිස් මහත්තයටත් සෙනග ඉස්සරහදීම සංග්‍රහයක් ලැබෙන්න ඇති. නඩු විභාගයක් යනකල් හිටියොත් ටිකක් හරි ඇත්ත දැනගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඇන් ජී ඕ ටික නැත්නම් මේ රට වෙලහකටත් ඉවරයි...

      Delete
    2. //රටේ වෙන හැම ප්‍රශ්නයකටම NGO අතගහන එක හොඳක් විදිහටත් මම දකින්නේ නැහැ//

      NGOs -Non governmental Organizations

      උදා. YMBA, YWCA, YMCA, YMMA, සර්වෝදය, රුක් රැකගන්නෝ, රාවනා බලය, බොබසේ..................................... etc හරිය?

      Delete
    3. ඉතින් ප්‍රා ජේ ඇන් ජී ඕ නැතිනම් බුද්ධාගමත් නැතෙයි කියලා ඔය බලු සේනව කියන්නේ..

      Delete
    4. ප්‍රා, ඇයි පවුල් සැලසුම් ආයතනය, අර ඇමති මේ ඇමති පදනම. බලන් ගියාම ලංකාවම NGO එකක්

      Delete
    5. ඒකියන්නෙ බොබසේ නැමති එන්ජීඕ එක නැත්නම් බුද්දාගම නැතිවෙයි කියලද? ඒවුනාට එන්ජීඕ කියන්නෙ බටහිර කුමණ්ත්‍රන නේද? එතකොට බුද්දාගම රැකගැනීම බටහිර කුමණ්ත්‍රනයක්ද?
      මට නම් තේරෙන්නෙ නෑ මාතලන්. ටිකක් සිම්පල් ආගමක් නැද්ද අදහන්න?
      ඔය ජාති දේශ ප්‍රේමී කෑලි නැති?
      කලුකුමාරය, මහසෝන්, ඔඩ්ඩි මස්සිනාවගේ දෙයක් නරකද?

      Delete
    6. ///////මට නම් තේරෙන්නෙ නෑ මාතලන්. ටිකක් සිම්පල් ආගමක් නැද්ද අදහන්න?
      ඔය ජාති දේශ ප්‍රේමී කෑලි නැති?
      කලුකුමාරය, මහසෝන්, ඔඩ්ඩි මස්සිනාවගේ දෙයක් නරකද?///////////

      @ ප්‍රා....දවසේ කතාව...සහතික ඇත්ත!!

      Delete
    7. මම නම් අදහන්නේ ඕමාර් කයියාම්ගේ දහම...

      Delete
    8. @ Maathalan
      Wine , Song and Batti ?

      Delete
  18. අනේ දෙයියනේ, මෙහෙමත් රටක්

    ReplyDelete
    Replies
    1. දිස් ඉස් සිරි ලංකා මයි ඩාර්ලින්

      Delete
    2. maathalantath inaawak delada meki,

      Delete
  19. is this Udul Premaratne the same person who led the ANTHARE earlier, If he is the man Batita Abasaranai

    ReplyDelete
  20. දැන් මචං අපි වේස ගෑනියෙක්ට දඬුවම් කරන්නනම් ජීවිතේට වැලක් බලපු නැති කෙනෙකේ වෙන්න ඕන
    මිනී මරුවෙක්ට දඬුවම් කරන්න නම් උම්බලකඩ කෑල්ුලක් නොකන කෙනෙක් වෙන්න ඕන
    කුඩු බිස්නස් කාරයෙක්ට දඬුවම් කරන්න නම් ජීවිතේට බුලත් විටක් වත් කාපු නැති කෙනෙක් වෙන්න ඕන
    ස්ත්‍රි දූෂකයෙක්ට දඬුවම් දෙන්නනම් ජීවිතේට අතේ ගහපු නැති කෙනෙක් වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. මෙන්න නියම සිංහල බෞද්ධයෙක්. Victim less crime කියන එක දන්නෙ නෑ.

      මැට්ටෝ, මිනී මැරුමක්, කුඩු විකිණීම, ස්ත්‍රී දූෂණයක් කියන්නේ victim කෙනෙක් ඉන්න අපරාධ. ගණිකා වෘත්තිය කියන්නෙ ඒ වගේ අපරාධයක් නෙවෙයි, ඊනියා සදාචාරය විසින් බලෙන් අපරාධයක් කරනු ලැබුවක්.

      Delete
    2. ජගත් මහත්තයට කියන්න තියෙන්නේ මෙච්චරයි..

      https://www.youtube.com/watch?v=F8h89tEf7LA

      Delete
    3. දැන් එතකොට කුඩු බිස්නස් කාරයෙක්ගෙත් වැරැද්දක් නෑනෙ එයාල මිනිස්සුන්ව අල්ලගෙන බලෙන් මත්දුව්‍ය ශරීරගත කරලා සල්ලි උදුරගන්නේ නෑනේ

      jagath pathirana

      Delete
  21. ඒ උනාට මේ කට්ටිය කියන්නේ බට්ටි පාසල් දරුවෝ අපයෝජනය කළා කියලත් දැන්! :D

    ReplyDelete
    Replies
    1. ගම් පිටින් මරණකම් බලාගෙන උන්න සෙට් එකක් නේ ඔය රත්නපුර පැත්තේ ඉන්නේ..

      Delete
  22. හරි ලස්සන ආශ්චරියක් තියෙන දේශයක් ලුනේ මේක....

    බට්ටිව බදු පොට් හොයන්න ගෙනියයිද දන්නේ නැහැ...

    අන්න අර ග්‍රීස් ගාමිණි වත් ගල් ගුහා හොයන්න එක්ක ගිහින් ළු...

    ReplyDelete
    Replies
    1. අනිවා.. බට්ටි මරාගෙන කන්න ලෑස්ති වෙලා ඉන්නේ, බට්ටි එක්ක හැමිනුන උනුත්...

      Delete
  23. මාතා......සැලියුට් එකක් දානවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ මචෝ. මේ අපි නොදකින්න හිතපු දවල් මිගෙල් රෑ දනියෙල් ලෝකය. DISCE AUT DISCEDE ...වෙන කියන්න දෙයක් දෙයක් නැහැ. රෝයලිස්ට්ලාට නෙමේ හැමෝටම කියන්න ඕන දෙයක්. මම රටට ආදරෙයි. ඔව් සැබවින්ම ආදරෙයි!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඒ සැලියුට් එක මට මාර වටිනවා මචෝ...

      Delete
  24. කලාව, සාහිත්‍ය, සංවේදීකම, මනුස්සකම, මහා ලොකු විධග්ද පම්පෝරි, මේ හැමදේම අපේ රටේ ප්‍රදර්ශණ භාණ්ඩ විතරයි. මේ කිසිම දෙයක් මිනිස්සුන්ගෙ හදවතේ නෑ. ආධ්‍යාත්මයත් එක්ක බැඳිල නෑ.

    ReplyDelete
    Replies
    1. එවා ගොඩ නැගීම තමයි ඔබ අපේ යුතුකම....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  25. මේ වගේ අසරණ මිනිස්සුන්ට මහ එකාගෙ ඉදන් හැම තැනින්ම කරදර .....අද විතරක් නෙවේ මේ දේවල් එදත් සිද්දවුනා.............. . . http://madhawavishwanath.blogspot.com/2014/10/blog-post_50.html

    ReplyDelete
    Replies
    1. අපූරු බ්ලොග් අඩවියක්...

      Delete
    2. තෑන්ක්ස් බ්‍රා!!!......

      Delete
  26. Oba hariyatama hari! Batti kawuru unath polis karayek manussayekuta ehemada salakanne?U nam amu pahara thirisanek wenna one.Okage lamayi ganu sahodara sahodariyo kawuruwathma nadda?

    ReplyDelete
    Replies
    1. පොලිස් කාරයට ඉන්නම දෙන්නේ නෑ ලූ බට්ටි.. ඒ යකා අමාරුවේ දාන්නමලු හදන්නේ..

      Delete
  27. පහත් තැනින් යයි ගලා ජලේ.. හයියක් තියන එකෙක්ට නම් ඔය කේස් මොකුත් නෑ. ලංකාවෙ නීතිය මකුළු දැලක් කියල කවුදෝ කිව්වලු !

    ReplyDelete
    Replies
    1. මකුළු දැලක් නෙමෙයි ළොකු මාළු දැලක්..

      Delete
  28. පට්ට වේසියෙ මොනව බොල තෝ ඔතන දැන් ඔය කියන්නේ
    ධර්ම රජයේ චක්කරෙන් ඇයි අහිංසක මට ගහන්නේ
    බැල්ලියේ තෝ අහගනින් දන්නැති නිසයි මේ කියන්නේ
    නීතියත් කෝටුවත් අපිටය වේසියන් හට නොවන්නේ

    සාරයම බිව් සාරුවා ඒ අපෙ එකෙක් බොල දක්ෂිනේ
    තං කඩා කෑ සම්පතා ඌ වීරයෙක් බොල සිංහලේ
    බඩු ගහන පොට් එක අයිති ඈ සොහොයුරිය ඇමතිනියගේ
    තෝ කව්ද බොල වේස ගෑණියෙ ඉන්න කක්කුස්සී ගමේ

    ReplyDelete
    Replies
    1. කක්කුස්සි වත්තේ ඉන්න එකෙකුටවත් ඉන්න නෑ නේ මේ වැදගත් පොලීසියේ වැදගත් මහත්තුරුත් එක්ක..

      Delete
  29. බඩුත් නඩුත් හමුදුරුවන්ගේ.මේ තිරිසන් මිනිසුන්ට වන්දි ගෙවන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. අපි බලමුකො නීතිය මොකාටද එන්නේ කියලා..

      Delete
  30. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රටටම ඇහෙනන ,ඉන්න තැනකින් කෝල් දෙකක් දෙන්න බට්ටි කිව්වම , මට හිතුනේ මිනිහත් අර කොස්තාපල් මහත්තයා වගේ පොටකට එන්න හදනවද කියලා

    ReplyDelete
    Replies
    1. ඉවාන් +++++++++++++++++

      Delete
    2. පොලිස් මාධ්‍ය ප්‍රකාෂකයෝද මනුෂ්‍යයෝය...

      Delete
    3. @මාතෙ,
      මටනම් දැන් ඉන්න මාධ්‍ය ප්‍රකාශකයා දැක්කම හිතෙන්නෙ “පොලිස් මාධ්‍ය ප්‍රකාශකයෝ ගිරවෝ ය“ කියලයි.

      Delete
  31. Replies
    1. සුන්දර සැමදේ... මොහොතක සුව දේ..

      Delete
    2. මොහොතක සුව දෙන චංචල ලෝකයේ

      Delete
  32. හැමෝම බැලුවේ ඒකිගේ ලැම මිසක් ලය නෙමේ. මේ වගේ සිඳුවීම් අතරමඟ සමාදාන වලින් නෙමේ අධිකරණ තීන්දු වලින්ම විසඳා ගැනීමයි කල යුත්තේ.

    ReplyDelete
    Replies
    1. අධිකරණේ කූඹී කාළා....

      Delete
  33. පිරිමියාට කම් සැප දෙන්න ජීවිතය කැප කරන් ඉන්න මෙහෙම බට්ටිලාට ඔය වෙච්ච දේ ගැන දුක් වෙන්න ඕන නෑ. පිරිමින්ට කම්සැප දෙන්න ගිහින් වැරදුන දාට කාම පිස්සන් හැසිරෙන්නෙ ඔහොමයි. ගණිකාවන්ට මෙහෙම වෙලා මදි කියන එකයි මාත් කියන්නේ. කාම පිස්සන්ට බට්ටි ගැන ඇතිවෙච්ච අනුකම්පාව පුදුමයක්ද. ගණිකා වුර්තියම මැඩපවත්වන්න ඕනේමයි.

    ReplyDelete
    Replies
    1. ව.හ. වහා පැමින ඇත. ව.හ. කාලද ඉන්නේ. (තරහ ගන්න එපා. විහිළුවට ලිව්වේ)

      Delete
    2. ආවා ආවා අපේ වනිතා ඇන්ටි ආවා .....

      Delete
    3. වනිතා හඩ.. ඒ කියන්නේ ඔයා ඒ පොලිස් කාරයගේ පහරදීම හරි කියනවද? ගණිකාව කියන්නේ කාන්තාවක් නෙමේද? එයාලට මානව අයිතිවාසිකම් නැද්ද?,,, ,,,, ඔයාගේ ප්‍රොෆයිල් එකේ නම වනිතා හඩ ... ඕකෙන් වනිතාවන්ගේ මොකක් වෙනුවෙන්ද හඩ නගන්නේ?,,, ගණිකා වුර්තිය නීතිගත කරන්න ඕනේ,,, එහෙම වුනානම් බට්ටිට ඔහොම ගුටි කන්න වෙන්නෙත් නැහැ,,,

      Delete
    4. මේ ළෝකය පවතින තුරා කරන්න බැරි වැඩ කතා කරන්න එපා... ඔයා වගේ කාන්තාවෝ තමයි අර රත්නපුරේ බෝඩ් උස්සගෙන උන්නේ..

      Delete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. අම්මට සිරි... මාතලං දැං කවි ලියන්නෙ සමුද්‍ර ඝෝෂ විරිතට අෑ.....
    ලංකාවෙ ජනප්‍රිය වුනේ බට්ටිලා දෙන්නයි...
    එකක් සතුට පත්තරේ බට්ටි... අනිත් එක්කෙනා රත්නපුරේ බට්ටි.....
    ප්‍රශ්න නැතිව හිටපු අපිට කතා කරන්න ප්‍රශ්නත් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. දයා රාජපක්ෂගේ නේද ඒ බට්ටි...

      Delete
    2. ඔව් ඔව්... මම හිතන්නෙ පස්සෙ ටෙලියකටත් නැඟුවා..

      Delete
  36. මේක බුකියෙ දාපු කමෙන්ට් එකක්..

    බට්ටි කොට වුනාට සෑහෙන උසින් බැඳිල තිබ්බ වික්ටෝරියානු මකුළු දැල් සාධාරණ ප්‍රමාණයක් කඩලා දැම්මා.

    ඒක ලොකු දෙයක්...!

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මකුණෝ ආයෙත් බඳිනවා.. මොකෝ ඒකට ආන්ඩුව අධාර කොරනවා...

      Delete
  37. Mama rathnapure kalayak hitya kenek. Lankawe wadiyenma ganikawanta illuma thiyenne rathnapure. Battita virudawa udgosanaya karana aya dakkam hinaha yanawa

    ReplyDelete
    Replies
    1. යේසුස් ගේ කාළෙත් ඉඳලා තියෙනවා මේ වගේ ගල් වැද්දෝ....

      Delete
  38. බට්ටිගෙ කෙස් එක දැකපු දවසෙ ඉදන් මගෙත් ඇගෙ මාලු නට නට හිටියෙ. නියමයි

    ReplyDelete
    Replies
    1. මේ සමාජයේ ඉන්න සත්තු ටික බලා ගන්න හොඳ අවස්ථාවක්...

      Delete
  39. මම කල්පනා කරන්නෙ අර බෝඩ් ලෑලි උස්සන් බට්ටිට විරුද්ධව හංදියෙ දඟලපු කීදෙනෙක් ඊට කලින් බට්ටි එක්ක ඇඳ උඩ දඟලන්න ඇත්ද කියලා.……

    දැන් හා පැටවු වෙන්න දඟලන කපටි නරි කී දෙනෙක් එතන ඉන්න ඇත්ද??

    ReplyDelete
  40. http://menik-p.blogspot.com/2010/09/blog-post_14.html

    ReplyDelete
  41. මොනවා කිවුවා කෙරුවත් අවස්ථාවාදීන් බට්ටිව මාර්කට් කරනවා.. මේක තමා දැන් වෙන්නේ....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න