.

.

Jan 31, 2015

වරදට සමාව දෙමි...(23+) - Broken Love... (13+)


මල් තෝඩූ ගඳපාන ,
මඤ්ඤොක්ක මල් මාල,
අම්මගෙ Silk සා..රි,
ගෙනත් ගෙදරට හොරෙන්...

අන්දලා පලඳලා,
කොස් කොල ඔටුන්නක් දාන්,

Love කරපු බොක්කෙන්ම,
මගේ පෙම් කුමරියේ...

උඹයි මගේ මාලනී,
මමයි උඹේ ගාමිනී...
ඊට පස්සේ විජේ,
සනත්ටත් හරි විසේ..


කොන්ඩෙ දිග,
වැදි රජුගේ,
දඬු මොණරේ නැගලා යයි,
ඌගේ මුළු ගත බදන්,
මට මෙහේ Pressure බං...

අහෝ....!
මනමේ කුමරි..
කොහොම වාවන්න මං..
ලය පැලී මැරි යයි,
නේරංජනාවෙන්,

Long Jump එක දාපු,
කන්තකයා වාගේම...

 දුක තමයි අවුල් නෑ..,
කෙලවුනොත් ආයේ වර,
සිළුමිනේ... මංගල පිටේ,
Ad එකක් දා ඇතේ,
 

දෙමි සමා වරදකට..
තවම තනිකඩවමය..
50 ස් විය ඉක්මවූ..
සුරා නැති සූදු නැති..
කොල්ලන්ගේ විසේ ඇති..

වැදගත්ම මහතෙක්ය.
දෑවැද්ද කමෙක් නැති, 
Pussyයා උන්නොතින් ඇති..
අන්න Ad එක මගේ..!

එවාපන් තැපල් පත..
ගනිමි මම උඹේ අත..!

ඕන මල හත්තිලව්...
මං තාම උඹට Love...!


-x-

64 comments:

  1. Replies
    1. සිරාවට කෙන්ජියා..
      මටත් සිහිපත් උනේ..

      Delete
    2. කෙන්ජියා ලිහ ලිහා බඳින එකෙක්නේ... මේකා තාම තනිකඩ..

      Delete
  2. මොකෝ මාතලන් මේ...

    "අපේ තාලේ Boot සින්දුවක් ද?

    මොනා වුනත් කවුද මේ වාසනාවන්ති කියල බලන් ඉන්න වෙයි අපිට..

    ReplyDelete
    Replies
    1. මගේ හාමිනේ කිරි ඩිංග වගේ පැලේ ඉන්නවා මචෝ.. මේ යාළුවෙක්..

      Delete
    2. එහෙනම් අවුලක් නැහැ.

      යාලුවාගේ වැඩේ හරියන්න කියල පතමු.

      Delete
    3. හරියන්න ඉතින් බැඳපු එකා මැරෙන්න එපාය.. ඊට කලින් මූ මැරෙයි... ඌ ඇවිල්ල වෙජිමයිට් පොරක්..

      Delete
  3. හිත අතීතෙටවත් ගියාදෝ...

    අධිවේගෙන් බොරළු පාරකට වැටුණ වගේ.

    ReplyDelete
    Replies
    1. මැලෙසියෝන් ජෙට් එකෙන් ඉන්දියන් සාගරේට වැටුනා වගේ නේ...

      Delete
    2. එකටත් මැලේසියාව ගාව ගෙන

      Delete
  4. වයස පනහ පැන්නත් එංජිමට ලෝඩ් එක නැතුව බැරිව වාගෙයි.. ඒත් ඉතිං ඔය මොඩල් එකම හොයන්න අමාරුවෙයි ද දන් නැහැ..

    ReplyDelete
    Replies
    1. ඉස්ටිල් නම්බර් වන් ප්ලේ බෝයි.... ඕ යේස්.. මගේ ගජයෙක්.. නොට් මී...

      Delete
  5. කමක් නැහැ 1000යි නේ.....................

    ReplyDelete
  6. හික්ස්! ගානත් අඩු කරපු නිසා වැඩේ තවත් ලේසියි

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයා කළේ, බලු පූට්ටූ වලට ගල් ගහනවටත් වඩා පාපකාරී, පජාත වැඩක්..

      Delete
    2. අන්න එහෙම පොලිටික්ස් වලට එන්නකො,

      ( කවි සාමාන්යයෙන් නොතේරේ , ඒත් සබ්ජෙක්ට් එකේ හොඳ නිසාද කොහෙද මේකනම් තේරුනා )

      Delete
    3. කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මාතලන් ප්‍රයිවේට් කතාවක් දාල වගේ.

      Delete
    4. යාළුවෙක්ගෙ කතාවක්.. ඇජිත් උඹට මතකද අපේ DP. එහෙම නැත්නම් කැමෝම කියනවා වගේ "කටයා". ආන් ඒ වගේ පොරක්..

      Delete
    5. දැන් තේරුණා.

      Delete
  7. Replies
    1. කෑල්ල බූට් එක තියයි කියලා වෙන්ටෑ...

      Delete
  8. //අහෝ....!
    මනමේ කුමරි..
    කොහොම වාවන්න මං..
    ලය පැලී මැරි යයි,
    නේරංජනාවෙන්,
    Long Jump එක දාපු,
    කන්තකයා වාගේම...

    මේක පහර :v

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඒවත් රිංගුවා...

      Delete
  9. හුටා...
    දත් නැති දා උක්දඩු ගිනිතපින්නද????...

    ජය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හැට පැන්නත් වඳුරා බිම නොයයි..

      Delete
    2. @ විදානේ,
      කෝ අර පඹහින්නෙ සමපෝෂ කතාව

      Delete
  10. පරන මෝලක් පත්තුකිරීම සඳහා බෙල්ට් එකක් උවමනාකර තිබේ...!!

    ReplyDelete
    Replies
    1. ඕ යේස් :D

      පිස්ටන් හතරයි - වෑල් දාසයයි !!

      සයිලන්සරෙං ගින්දර විසි වෙනවා :D :D



      Delete
    2. කොච්චර ගැහුවත් ඉස්ටාට් වෙන්නේ නැති එකෙත් වාසියක් තියෙනවා නේද මචෝලා...

      Delete
    3. @පත්තරේ..ලඟ තියෙන මොනා හරි හයියෙන් අල්ලගෙන වරෙන්..එමිරේට්ස් උනත්සත්තරනේ පරිස්සමින් ඕන් හොඳේ.,

      Delete
  11. ඇන්ටික් රසයට කැමැත්තවුන් සඳහා!

    ReplyDelete
  12. එළදෙනයි ඔයා මගේ කෙහෙල් වගාවේ//
    අපි බඳිමු ඕනෙ කෙහෙම්මලක් වුනාවේ//

    ReplyDelete
    Replies
    1. මට අජිත් තිලකසේන මතක් උනා...

      Delete
  13. Replies
    1. දෙන්නම නෙමෙයි.. එකෙක් නම් බැඳ බැඳ ලිහනවා නේ... විචා නම් බැඳගත්ත බෙරේ ගහනවා අපි වගේම..

      Delete
  14. ඇයි නැකත් පත ගැන මොකවත්ම කියවිලා නැත්තෙ? ඡන්දෙන් පස්සෙ ඒව අමතකම කරල දැම්මද?

    ReplyDelete
    Replies
    1. මොළේ කළඳක් තියෙන එකෙක් ආයේ හඳහන් බලයිද බං...

      Delete
    2. හරි නේන්නං සනියෝ!!! මෙහෙම 50 පනිනකල් ඉවසන උන්දැලගෙ නං නැකත් පත තමයි ඉතිං!!!!

      Delete
  15. ඇති යන්තම් මාතලන් පොස්ට් එකක් දාලා

    ReplyDelete
    Replies
    1. අසන්නන්ගේ ඉල්ලීම් හිටං...
      අපි ජනතා හඬට කන්දෙන මිනිස්සු හරිය...

      Delete
  16. අන්න මිනිස්සු...
    පළවෙනි හරිය අනුව මොකක්හරි පරණ ලවක් ගැනත් කියවෙනවදත් මන්ද.
    අනේ මන්ද බං, මට ටිකක් කොයිල් වගේ... :)

    ReplyDelete
    Replies
    1. කොහොමත් ලව් කියන්නේ මළ ඉලව් කේස් එකක්ම තමයි...

      Delete
  17. කවුද බං බුවා........
    අපි දන්න එකෙක් ද......
    මං දන්නව මචෝ...උඹ මං ගැන නොලියන බව......

    ReplyDelete
    Replies
    1. නෑ මචෝ මගේ ගමේ බොක්කක්.. ඌ ඊයේ පෙරේදා කෝල් කලා...

      Delete
  18. ගෝඨා ..................................

    ReplyDelete
    Replies
    1. සබීතට බෙන්ස් එක දුන්නෙත් සන්නසකින්ද දන්නේ නෑ...

      Delete
  19. කෙලවිලා ඉන්නකොට
    අතතියල පපු මතට
    බලාපන් වැටෙනවද
    "නාඩි" ඒ ඇතිය මට...

    ReplyDelete
    Replies
    1. නිවන් ගියත් මොකෑ බන්... සංසර්ගයට පස්සේ... බැලුවයි මංගල තෑග්ග ෂෝ එක..

      Delete
    2. නෑ එක මම බලල නෑ සහෝදරයා..

      Delete
    3. එක යායේ කකා වැටී
      එකා වගේ එකට හිටී
      එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා

      මම මේ ලඟදි බාගෙන බැලුවා

      Delete
  20. අතීතය සිහිනයක් පමණයි...///

    එදා සිළුමිණ නොබැලුවානම්... මෙදා අවුලක් නෑ..

    හැක් හැක්.. වෙල්කම් බැක් 'මාතලන්'

    ReplyDelete
    Replies
    1. මොනාද මචෝ මේ දවස්වල කොරන්නෙ..? තට්ටු 31ක් නගින්නෙ නැතුව අර ෆ්ලෝටින්ග් ආමරි එකට ගියානං කොහොමෙයි ඈ..?

      Delete
    2. සමහර උන් අම්මා මතක් කරලත් ඊතල එව්වා මචෝ ඒකයි...

      Delete
  21. මේක ටිකක් ගීතවත් කරලා.. එහෙම නැති උනත් කමක් නෑ දෙන්න හොඳ ගායකුට...කාටද දෙන්නේ.... චාචාචාචාමර ර ර ර ...රණවක ක ක ..!

    ReplyDelete
    Replies
    1. ඌට වඩා මම කැමති අජිත් තිලකසිරි...

      Delete
  22. පීනස මදක් ඇති මනමාලයෙක් සම තත්ත්වයේ මනාලියක් සොයයි!

    ReplyDelete
    Replies
    1. මම ළඟදි දැක්කා රියදුරෙක් හොයන ඇඩ් එකක්...

      Delete
  23. පෙර දිනයක මා පෙම් කල යුවතිය...
    නුරාව වෙනුවට..
    බැහැ ඕයි...
    කෝ මේ සින්දු ඇනෝ,
    කාලය වියැකෙනවා

    ReplyDelete
    Replies
    1. මල් එක්ක මොන @#$ක් වත් කරන්න බැහැ බං.

      Delete
    2. අවුරුදු පනස්තුනයි වයස
      බැලු බැල්මට කියන්න බෑ
      තාමත් කොල්ල වගේ ඉන්නේ
      හැට පැන්නත් නාකි වෙන්නේ නෑ

      Delete
    3. මලක් නම්... බැස යන්න තිබුනා...

      මලින් තොර ජීවිතයක් කුමටද...?

      අම්මට බොල සුධීකයත් ඇවිල්ලා...

      Delete
  24. ප්‍රේමයේ මළ සිරුර
    බුබුලු ලා ගැහෙනකොට
    දර මිටියක් උනත්
    බැඳගන්නවා ද උඹ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න