.

.

Jan 18, 2015

ජෙප්පොත් නැත්නම්...! විනාසයි..! (23+) - Old wine in a new bottle (13+)


පරදින්නට කලින් පාරේ කනුවල එල්                       ලී
පැරදුන දා මහ ගේ ජනෙලයෙ එල්                           ලී
කොටි වින් කියා අඬමින් අල්ලයි ජල්                       ලී
සප් එක රිලවගෙන් හා මම ගොන් පිල කල්              ලී

එලවා දමා පස් වසරක ජඩ බල                                ය
ගෙන ආවේය යහ පාළණ ජන බල                           ය
ගිලිහී ඇතේ ජන හද තුල තිබු ජව                             ය
පිස්සුම කෙලී අළුතෙන් පත් වූ නඩ                          ය

අල්ලස් කොමිසමෙත් රජ බඩුවකි ඉන්                   නේ
ඌට දෙන ෆයිල් නවතියි මැද මුල                          නේ
හොරු කුඩු එතනෝල් ඔක්කොම සමගින්             නේ
මරු යහ පාළනේ අම්මට හැම නෙන්                     නේ


සැමටම කලින් හොරු දඟ ගෙ යි ලෑ යුතු                   ය
නීතිය අනුව ඒ සැම සිඳු විය යුතු                                ය
මේ ලෙස ගියොත් හොරු ඔක්කොම දෙවිවරු           ය
හොරු හොරු කියා කෙල ඇත්තේ නැව් බොරු         ය

පළමුව සුද්ද කළ යුත්තේ නීතිය                                ය
දෙවනුව ගේම පච අල්ලස් කොමිසම                        ය
දෙකෙහිම ඉන්නේ මහ රජුගේ පල් හොරු                ය
බැලු විට මුන්ට එක හොඳ මිනිහෙක් නැති                 ය
    
 
ටෙම්පරි පත් වීම් තෙමසකි පවතින්                        නේ
ඒ ටික දිනට අලි සැර්කස් පෙන්වන්                        නේ
මේ ලෙස ගියොත් දෙන විට තුන් මස් දා                 නේ
මිය ගිය අප්පච්චියාටත් යලි පණ එයි                      නේ


ජෙප්පෝ එල්ලුනේ නැති එක පෙර පින                   කි
උනුනුත් ගියා නම් වෙන්නේ කරුමය                       කි
අලියෝ නෙමෙයි මුන් තනිකර ගොන් රැල               කි
ඉන්නේ එක ඇතෙකි ඒ වන් ෂොට්ය ස                    කී


 රන්ජෝ මුන්ගේ ටෙම්පරි නම් ගන්න එ                   පා
කරනට හදයි කට වැහුමට නොයෙක් උ                   පා
හොරුන් සමඟ හෙළුවෙනි සිරි සේන ප                   පා
අලි පාටියේ අම්බරුවෝ අපට එ                              පා
 
මින් පෙර ගියෙත් දා ගෙනදෝ ගාඩ් බැක                ප්
පෙට්‍රල් පුකේ ගෑ බලු රැල වගේ පික                        ප්
එපා කියපු පඩ ෂෝ පිරි බූත බැක                            ප්
රුවන් විජේ ලොක්කට බොක් කෙන්ම බක             ප්

දින සීයේ වැඩ සට හන් යයි විසි                               වී
බොගස් වඳිති අගමැති ජනපති එක්                          වී
මේවට ගියොත් නැවතත් ජනයා එක්                       වී
එලවා දමයි එදිනට අප සිහි වේ                                වී

                                  
දෙනවයි කියපු එක ලබ්බක් වත් නැති                     ය
හූනූ බිජ්ජවත් ජහ මනයට නැති                              ය

ඉන්ධන බැරලෙ දැන් පනහකටත් අඩු                     ය
අඩු කර නොදුන්නොත් නම් වෙන්නේ අව නඩු        ය
 
අඩු කර දියව් කන්නම ඕනා කෑ                              ම
නවතාපියව් ඒවට තඩි ටැක්ස් ගැහු                          ම
අවුරුදු විස්සක්ම දැකලා ඇති නැටු                          ම
තොපිටත් තේරේවි පුක බිම ඇනුනා                       ම

 
කන්නත් නැතිය හොරු අල්ලන්නෙත් නැති            ය
ජනමතයට පිටුපා අල්ලයි බල                                ය
හරින් කරන්නෙත් මහ රජු කළ දේ                         ය
මේවා හරිය කියනට මඤ්ඤම් නැති                        ය

ගෙන එමි කියා සිරි ලක යහ පාළණ                       ය
රජු හට දුන්න මුත් යන්නට පාචන                          ය
නිළධාරින්ය හැම තැන කළ දූෂණ                          ය
බල්ලෝ සමඟ කොයි දෝ යහ පාළණ                    ය



එනමුත් කිසිඳු වෙනසක් සිඳු නොවනු පෙ            නේ
ජෙප්පෝ පමණි ජහ මනයට ඉතිරි උ                  නේ
ගහපන් සහෝ නයි මෙන් පුප්පලා පෙ                 නේ
එක් වෙමි මාතලන් ජය පැන් බී එදි                     නේ


දහ හත(17) නැතේ දහ අට (18) තාමත් එත         න
නම් ගම් වෙනස් තාමත් යති පෙර ගම                  න
හැත්තෑවේ පටන් එන උන් උලා ක                      න
කවදා හැදේදෝ මගෙ මව් රට අම                       න

-x-

80 comments:

  1. සුපිරියි... එළ..... ෆට්ට...!

    ReplyDelete
  2. ෆයිල් ටික අටපිරිකර වගෙ ගෙනියනව පේනව.ඒත් සිකනල් මැණික වගෙ ආයෙ මැදමුලනටම යනව.ඔහොම ගියොත් නම් තුන්මාසෙ දානෙට අප්පොච්චිය නැගිටියි තමා.
    හොරෙක් මෛත්‍රිය කරන්න ගත්තහම යහපාලකයෙක් වෙනව.
    අන්තිමට ජෙප්පො තමා ඉතිරි වෙන්නෙ.උන් හිටියෙ නැත්නම් මේක ඉන්දියන් සාගරේ හොරතිප්පොළ වෙනව

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඊයෙත් දුන්නා පචවාහිනියට ඇවිල්ලා ආන්ඩුවේ උන්ට බඩ යන්නම..

      සුනිල් හඳුන්නෙත්ති, මෙන්න අපේ රෙස්පෙක්ට් එක...

      Delete
  3. දැං දින සීයේ මධුසමය..
    මෙහෙම ගියොත් ඊලගට?
    මෛත්‍රී ජනාධිපති, නිමල් අගමැති, රනිල් විපක්ෂ නායක..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. බොහෝ විට, ඡන්ද ප්‍රතිඵල බැලුවම බොහෝම පැහැදිලිව පේනවා. මෛත්‍රිට එකම එක සිරි ලංකා චන්දයක්වත් නෑ කියලා. දැන් බලන්නේ බලයට ගෙන එන්න උදව් කළ උන්ට කෙලින්න. කොහොමත් එජාපයට මේ රට් ගෝත්‍රිකයන් හා හිඟන්නනි බොහෝම බයයි. ධනවාදී පක්ෂයක් කියලා නේ කියන්නේ. ඒ කියන්නේ සිරි ලංකා කියන්නේ හිඟනවාදී.

      Delete
    2. ඒක එහෙමම නෙවෙයි කියලයි මට නම් හිතෙන්නේ. මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕන කියල හිතපු ශ්‍රී ලංකා කට්ටිය My3 ට ඡන්දෙ මේ පාර දුන්න වගේම, UNP අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවුන හන්දා ඡන්දෙ කටු ගෑව සහ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට ඡන්දෙ දීල ආව UNP පාක්ෂිකයොත් හිටියා.

      My3 දැන් ජනාධිපති! මගේ නෝනා ශිරන්තිට වඩා හොඳයි, මගේ ළමයි බේබිලාට වඩා හොඳයි, මම ගත කරන්නේ බොහොම දැහැමි අල්පේච්ඡ ජීවිතයක්, වගේ දේවල් පෙන්න පෙන්න ඉන්න උවමනා නෑ. ඒත් අවාසනාවට තාම ඔහුගෙන් දැක්කේ එච්චරයි. පාඨලී ජනතාවගෙන් සාක්ෂි ඉල්ල ඉල්ල ඉන්න උවමනා නෑ. වැරැද්දට දඩුවම් දෙන්න පටන් ගන්න ඕන. ලංකාවෙ කෙනෙක් හෝ දෙයක් ගැන මිනිහෙක්ගෙ තියන ආකල්පය වෙනස් වෙන්න පැය 24ක් ඇති. මිනිස්සුන්ට උවමනා උනේ ආණ්ඩු පෙරළීමක්ම නෙවේ. ක්‍රමය වෙනස් වීමක්.

      ඔහුගේ ඇත්තම අරමුණ ඒ වෙනස නම් දැන් ධායක ජනපති ඔහුයි කියන එක මතකෙ තියාගෙන සාදාරණ පාළනය ක්‍රියාත්මක කරන්න ඕන. එතන්දි තමන්ට උදවු කල කෙනා උනත් වැරදි නම් නිසි ක්‍රියාමාර්ග ගන්න ඕන.

      ප්‍රතිපල නිකුත් වෙලා පැය කීපයකින් දිවුරුම් දුන්නා වගේ අනිත්වත් පහුවදාම පටන් ගත්තානම්නෙ හොඳ.

      අනික My3 දැන් සිල් රෙද්ද අතේ තියං ඉන්නව වගේ හිටිය ඇති අප්පා. අවුරුදු ගානක දේශපාලන අත්දැකීම් ඇති මනුසසයා පොඩ්ඩක් පණ ඇතිව කතාවත් කරණ්ඩ එපෑයි. ජාත්‍යාන්තරේට ශ්‍රීලංකාවෙ අනන්‍යතාවෙ ගෙනියන්නෙ එයානේ. මනුස්සයෙක් ඉස්සරහ කොණ්ද කෙලිං තියං කතාකරණ්නත් පුරුදු උනොත් හොඳයි.මම දන්නෙ නෑ මෙහෙම කියන එක හරිද කියල. පාප් වහන්සෙ ව පිලිගත්ත වෙලාවෙ සහ එයා ජාතිය අමතපු වෙලාවෙ මට නම් අයියෝ සිරිසේන කියල හිතුනා.

      අනේ මංදා කියන්න ඕන දේ කියඋනාද කියල. ඒත් My3 ගෙන් මිනිස්සු බලාපොරොත්තු උනා මීට වඩා දෙයක්.

      Delete
    3. බ්ලොග් එකේ දවසයි වෙලාවයි වැරදියිද නැත්නං මගේ අවුලක්ද? 0.o

      Delete
    4. පර්සනැලටි කියන දේ හදන්න බෑ. උපතින්ම එන්න ඕන. ඒ වගේම කෙනෙකුගේ නිහතමානි කම අවතක්සේරුවට ලක් කරන එකත් වැරදියි. පාප් වහන්සේ ආගමික නායකයෙක්.

      Delete
    5. පාප් වහන්සේට අගෞරව කරන්න කොහෙත්ම හිතුවෙ නැහැ. එහෙම දෙයක් වෙලානම් සමාවෙන්න.

      නිහතමානීත්වයට ගරුකලයුතුයි. උවමනාවට වඩා නිහතමානීබව පෙන්න පෙන්න ඇවිදින එක නැවැත්තුවෙ නැත්නම් ඒකත් මහින්ද බෝඩ් ගානට වැටේවි කියල හිතුනා.

      හොඳ පෞරුෂයක් කියන්නේ නායකයෙක්ට තියෙන්න ඕනම ලක්ෂනයක් නේද? පෞරුශය ගොඩනඟාගන්න ඔය අතරෙම උත්සහ කලොත් බැරි වෙන එකක් නෑ.

      මම කලින ලියුව දේවල් වලින් කාටහරි අපහාසයක් උනානම් සමාවෙන්න.

      Delete
  4. ජේවීපී එක නිකං බොරුවට තප්පුලෑවට උන්දලා කැමති වෙලා හිටියේ මහින්ද ආයේ දිනනවට තමයි. මොකද එතකොටනේ රටේ ප්‍රශ්න වැඩිවෙලා ජේවීපී එකට පැවැත්මක් තියෙන්නේ.

    අනික දින සියයේ යාන්ත්‍රනය තුල දුෂණ වංචා සෙවීම ගැන බලගතු කොමිසමක් පිහිටවීම ගැන සදහන් වෙනවා. ඒක කරන දිනය වන්නේ පෙබරවාරි 5 වගෙයි මට මතක.

    නිකං මේ ජේවීපී එක කියනවා වගේ හදිසි වෙලා වැඩේ අනාගන්න ඕනි නෑ. උන්ට ඕනි මේ ආණ්ඩුව හදිසි වෙලා වැඩේ අනාගන්නවා බලන්න. අනික කුහක ජේවීපී එක පහුගිය තීරණාත්මක ජන්දේ කොයිම තැනකවත් කිව්වද මයිත්‍රීට ජන්දය දෙන්න කියලා?

    දින සියයේ වැඩ පිළිවෙල අතරතුරේ මාර්තු මස අගදී මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට නියමිතයි. එතකොට එන මිශ්‍ර මැතිවරණ ක්‍රමයේදී ජේවීපී එක එකම එක පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් වත් ගත්තොත් පුදුමයක්. කුහක ජේවීපී එකට ඒ දේ වෙනවට මම නං කැමති.

    ඔය පම්පෝරි ගහන ජේවීපී එක පහුගිය ඌව පළාත් සභා ජන්දෙදි රජයේ කැබ් රථ භාවිතා කළා තමුන්ගේ ප්‍රචාරයට. ඊළගට ජේවීපී එකේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න,අනුර කුමාර දිසානායක වගේ කුහකයෝ ගමට යද්දී නං බොරුවට බයිසිකල් කටුවල නැගලා යනවා ගම්මුන්ට පෙන්න. හැබැයි ගමෙන් එලියට ආපු ගමන් යන්නේ කැබ් එකේ නැගලා ඒසී දාගෙන. ඔය සමන්ත විද්‍යාරත්න කොළඹ ඉදලා බදුල්ලට යද්දී හොදට ඒසී දාගෙන කැබ් එකේ නැගලා නිදාගෙන යනවා. ඊළගට එතන ඉදලා කන්දකැටිය වගේ ගම් වලට යද්දී පොඩි බයිසිකල් කට්ටක නැගලා යනවා ගම්වල ඉන්නා ජනයාට පෙන්න. අනුර කුමාරත් එහෙමයි. ගම්මු රැවටෙනවා අනේ මේ ජේවීපී එකේ නායකයන්ගේ අල්පේච්ඡතාව කියලා.

    දැන් බලන්න ජේවීපී හිටපු විමල් විරවංශ. ජේවීපී ඉන්නකොට කොහොමද කතාව? හැබැයි බලය ලැබුනම කරේ මොනවාද? ඇන්දේ,පැලන්දේ,කෑවේ,බීවේ සුපිරි කෝටිපතියෝ වගේ. භාවිතා කලේ දහස් ගනන් වටිනා කමිස. නිවාඩුවට ගියේ ඩිස්නිලන්තයට. ගත්තේ සුපිරිම වාහන. කෝටි ගනන් වටිනා නිවාස හදන්නේ. ලැට් ඒකත් ඒසී කරලා තියෙන්නේ ගෙදර. ඔන්න ඕක තමයි ජේවීපී එකෙත් දේශපාලනය. තමුන්ට බලය නැති නිසා බොරුවට සමාජවාදයක් කියව කියවා ඉන්නවා .අහයි බලය ලැබුණු ගමන් හැසිරින්නේ ධනවාදීන්ටත් එහාට ගිහිං.

    ජේවීපී බහුතරය සමාජයේ පහත් යයි සම්මත කුල වලින් ආපු අය. මේ උදවියගේ පහුල් දීර්ඝ කාලයක් සමාජයේ පෑගිලා පොඩිවෙලා ඉන්නේ. ඉතිං මොවුන්ට තියෙන්නේ සමාජය සමග වෛරයක්. විරවංශ වගේ ජේවීපී හිටපු අයත්, විජේවීර වගේ අයත්, ඔය දැන් ඉන්නා ජේවීපී නායකයෝ සියල්ලම වගෙත් පහත් යයි සම්මත කුලවල අයයි.

    මොවුන්ට තිබෙන්නේ සමාජය සමග වෛරයක් මිසක් වෙන කිසිවක් නොවෙයි.

    කුහක ජේවීපී දේශපාලනය ලබන ජන්දෙන් අහවර වේවායි කියා පතමි.

    ReplyDelete
    Replies
    1. ජේ වී පිය ගැන ඔබේ විවේචනය අසාධාරණයි.ජේවීපී කාරයන් හොටු පෙරාගෙන කබ කඩ කඩ වැරැහැලි ඇදගෙන ඇටසැකිළි වගේ ඉදගෙන කොන්ඩ රැවුල් වවාගෙන උගුරෙන් කෑ ගහ ගහ ඉන්න ඕන නෑ.උන් හොඳ වාහන වල යන එක නරක දෙයක් නොවෙයි.ජේවීපී අය පැල්පත්වල ඉන්න ඕන නෑ.එහෙම තියරියක් නෑ.
      මිත්‍රයා ජේවීපී කියන්නෙ පක්ෂයකට වඩා සමාජ අසාධාරණයට එරෙහි බලවේගයක්.නිර්ප්‍රභූ හදගැස්ම තියෙන්නෙ ජවිපෙ

      "විමුක්තිට හෙටක්" කියන තේමාපාඨය යටතේ සිදුවුන ජනවාරි 8 පෙරළිය ගැන ජනතාව ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ.දැන් යන විදියට හොරු තමන්වම අල්ලගන්නත් බැරි නෑ.කලින් ආපු හොරුන්ටත් ගැලවිල්ලක් නෑලුනෙ.පුදුම වෙන්න එපා තමන්ටම විරුද්ධව හොරු පැමිනිලි බාර දෙන්න යනව ටී වී එකේ දැක්කොත්.

      Delete
    2. දුෂණ වංචා ගැන සෙවිය යුතුයි. ඒක නොකළ යුතුයි කියල නෙමෙයි මම කියන්නේ. ඒ සදහා බලගතු යාන්ත්‍රණයක් පෙබරවාරි මස 5 වෙනිදා හො ආසන්න දිනක පිහිටවීමට නියමිතයි. ජේවීපී එක නිකං බොරුවට කා ගහන්න ඕනි නෑ ඒ කාරණය ගැන. ඒකයි මම කියන්නේ. අනික ජේවීපී එක මයිත්‍රීට ජන්දය දෙන්න කියලා තමුන්ගේ සාමාජිකයන්ට කොහේදී වත් කිව්වේ නෑ. ඉතිං දැන් ම් බොරුවට මොඅක්ද මයිත්‍රීපාලනයට චෝදනා එල්ල කරන්න එන්නේ හොරුන් අල්ලන්නේ නෑ කියලා.

      මයිත්‍රී පාලනය පිහිටුවන්න කැප උන අපේ බලාපොරොත්තුව තමයි දින සියයේ වැඩ පිළිවෙල කිරියාත්මක කර ගැනීම. ඒ කියන්නේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කොට මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට යෑම, විධායකයේ ඒකාධිපති බලතල ඉවත් කිරීම,අගමැති ප්‍රමුක පාර්ලි‌‌මේන්තුව ශක්තිමත් කිරීම, කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීම.

      මේ කිව දේවල් කරන්න නං පාර්ලි‌‌මේන්තුව තුල තුනෙන් දෙකක් ඕනි. ඒ නිසා දැන් පාර්ලි‌‌මේන්තුව තුමා ඉන්නා අයගේ සහය ඕනි වෙනවා. දැන් මේ අස්සේ වංචා දුෂණ ගැන හොයන්න ගියොත් දින සිය තුල ඉඩ වඩා ප්‍රමුකව ඇති වැඩ පිළිවෙල කරගන්න පාර්ලි‌‌මේන්තුව තුල සහය නැතිවෙනවා. ඒක තමයි ඇත්ත.

      අනික මේ රටේ දුෂණ වංචා වලට ප්‍රමුඛතම හේතුව තමයි එක් පුද්ගලයෙක්,පවුලක් වටා රටේ විධායක බලතල කේන්ද්‍රගත වීම සහ විධායකයට යටත් වීමට පාර්ලි‌‌මේන්තුවට අධිකරණයට සිදුවීම. ඒ තත්වය වෙනස් නොකර දුෂකයන්,වංචාකරුවන් අල්ලලා වැඩක් නෑ. වංචා දුෂණ සහ මේ මජර ක්‍රමයට හේතුව වන විධායකය සංශෝධනය නොකොට ඵලය වන දුෂණ වංචා සොයා වැඩක් නෑ.

      කලයුත්තේ කුහක ජේවීපීය කියන ආකාරයට නොවේ. පළමුව කලයුත්තේ මේ මජර දේශපාලන තත්වය වෙනස් කිරීමට අවශ්‍ය දින සියය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කොට මුලින් කී පරිදි බලගතු කොමිෂන් සභා ක්‍රියාත්මක කොට, මැතිවරණ ක්‍රමය සංශෝධනය කොට විධායකයේ ඒකාධිපති බලතල ඉවත් ක්රිමය. එවිට දින සීයෙන් පසු එන නව පිරිසිදු රජය වංචාකරුවන්ට දඩුවම් දෙනු ඇත. ජේවීපියට ඕනා දේවල් කිරීමට යාමට සිදුවන්නේ දින සියයේ වැඩ පිළිවෙලද බකල් වී, නැවත මහින්ද රාජපක්ෂට බලයට ඒමට අනුකම්පාව හිමිවීමය.

      Delete
    3. මෙසිදුවිම ගැන මම බලන්නේ රටවැසියකු ලෙසයි, ජේවීපී කරන පීඩනයේ ප්‍රතිලාබ ලැබෙන්නේ අපටයි ! ජේවීපීය නිරායාසයෙන් ප්‍රදාන විපක්ෂය බවට පරිවර්තනය වීමයි සිදුවන්නේ!

      Delete
    4. මයිත්‍රී පාලනය පිහිටුවන්න කැප උන අපේ බලාපොරොත්තුව තමයි දින සියයේ වැඩ පිළිවෙල කිරියාත්මක කර ගැනීම. ඒ කියන්නේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කොට මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට යෑම, විධායකයේ ඒකාධිපති බලතල ඉවත් කිරීම,අගමැති ප්‍රමුක පාර්ලි‌‌මේන්තුව ශක්තිමත් කිරීම, කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීම.

      මේ කිව දේවල් කරන්න නං පාර්ලි‌‌මේන්තුව තුල තුනෙන් දෙකක් ඕනි. ඒ නිසා දැන් පාර්ලි‌‌මේන්තුව තුමා ඉන්නා අයගේ සහය ඕනි වෙනවා. දැන් මේ අස්සේ වංචා දුෂණ ගැන හොයන්න ගියොත් දින සිය තුල ඉඩ වඩා ප්‍රමුකව ඇති වැඩ පිළිවෙල කරගන්න පාර්ලි‌‌මේන්තුව තුල සහය නැතිවෙනවා. ඒක තමයි ඇත්ත.

      Delete
    5. ජෙප්පන්ට වඩා රට රවට්ටලා තියෙන්නේ කව්ද කියලා අද බොහෝම පැහැදිලිව පේනවා. මේ රටේ යහපාළණේ හම්බ වෙන්නේ නෑ පුද්ගලයෝ වෙනස් උනා කියලා. ඒ වෙනුවෙන් සටන දිගටම ගෙනියන්න ඕන. අද ඒ දේ කරන්න ඉන්නේ ජෙප්පොයි, තව කීප දෙනෙකුයි විතරයි. අනික් උන් තනතුරු පස්සේ දුවනවා. දැක්කා නේ සෝභිත හිමිගේ කතාව. උන්නාන්සෙට පනසලේ ඉන්න නෑලූ.

      අනික් කාරනය, ඔබේ ප්‍රාර්ථනාව ඉටු වන එකක් නෑ. මොකද, මේ මැතිවරණය තියන්න යන්නෙත් දැන් තියෙන ක්‍රමයටමයි.

      Delete
    6. 'අනික් කාරනය, ඔබේ ප්‍රාර්ථනාව ඉටු වන එකක් නෑ. මොකද, මේ මැතිවරණය තියන්න යන්නෙත් දැන් තියෙන ක්‍රමයටමයි. '

      අසත්‍යය පුවතකි. මෙවැනි දෙයක් පල වුයේ ලංකාදීප පුවත්පතේය.

      මේ පාර්ලි‌‌මේන්තුවට 2016 වසරේ අප්‍රේල් වනතෙක් කාලය ඇත. දින සීයෙන් පසුව හෝ තවත් කාලය අරං මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට පක්ෂ නායකයන් එකඟව ඇත.

      එය බකල් කිරීමට බලං සිටින්නේ කුහක ජේවීපීය සහ මහින්ද රාජපක්ෂ ඇතුළු නඩයකි. මන්ද ඔවුන්ට පැවැත්ම ඇත්තේ මේ මජර ගහන දේශපාලන ක්‍රමය තුල පමණක් බැවිනි.

      සැබවින්ම ප්‍රජාචන්ත්‍රවාදය අගය කරනා පුරවැසියන් මැතිවරණ ක්‍රමය සංශෝධනය කොට මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට යෑම, විධායකයේ ඒකාධිපති බලතල ඉවත් කිරීම,අගමැති ප්‍රමුක පාර්ලි‌‌මේන්තුව ශක්තිමත් කිරීම, කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීම වැනි දෑ වෙනුවෙන් ඉදිරියට පැමිණිය යුතුය.

      ජේවීපී න්‍යායපත්‍රය මයිත්‍රී පාලනය තුල කිරීමට යාමට සිදුවන්නේ මේ සියලු දෑ කිරීමට නොහැකිව ඉලග ජන්දෙන් නැවත මහින්දට සහ ජෙවිපියට බලයට ඒමට පාර කැපී රට තවත් අගාධයට යාමය.

      Delete
    7. මහින්දට නම් ආයේ එන්න ඉඩ තියන්නේ නෑ. ඒක ඉර හඳ වගේ විශ්වාසයි. මහින්ද කියන්නේ හදවතින් චන්ඩියෙක් නෙමෙයි. අවි බලයෙන්, මැර බලයෙන් චන්ඩියෙක් උන කෙනෙක්. එයාට මේ පරාජය ෆොන්සේකාට වගේ විඳගන්න බෑ. ඒකනේ දැන් අඬන්නේ දරුවන්ට මුකුත් කරන්නේ එපා කියලා. ෆොන්සේකා එහෙම අඬලා තියෙනවා කවදාවත් දැකලා තියෙනවද? ඒ තමයි නියම චන්ඩි. නොන්ඩි වෙන්නෙත් නෑ. නෝන්ඩි වෙන්නෙත් නෑ.

      ඔබ කියන විදියට චන්දේ තියනවනම් මාතලන් බොහොම මනාපයි. ආන් කොමෙන්ටුවක් දැම්මා පැරාගේ එකේ ගිහින් බලන්න.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. නව මර්වින් සිල්වා නොහොත් ගොන් රන්ජා ගෙ ගොන් පාට් වලට අහු උන එකෙකුගෙ දෙශපාලන දැක්ම ගැන කවර කතාද

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම මර්වින් සිල්වලා තමයි. නිව්ස් එහෙම බලනවා ඇති නේ.

      Delete
  7. මයිත්‍රී පාලනයෙ ප්‍රධාන තෙමාව උනෙ ව්යවස්ථා සන්ශොදනයක් මිසක් හොරු ඇල්ලිම නෙවෙ. මයිත්‍රීගෙ වෙදිකාවටවත් නැග්ගෙ නැති ජවිපෙ සහ කලු ජූලියට සම්බන්ද උන ගොන් රන්ජා කියන විදියට වැඩ කරන්නෙ මොකටද.

    ReplyDelete
    Replies
    1. ඔහේට ගොනා උනාට ජනතාවට ඌ වීරයෙකි. (මේ අවස්ථාවේ.. හෙට මොනවා වෙයිද කියන්න බෑ)

      Delete
  8. මාතලන්, පොඩිකාලේ කියවූ කුමාරතුංග මුනිදාස මහතාගේ "මගුල් කෑම " මතක්වන්නේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවා නම්, ඒක පුදුම වෙන්න කාරනයක් නම් නෙවෙයි..

      Delete
  9. අපි මෙහෙ ජාතිවාදය නැති කරන්නෙ කොහොමද කියල කතා කරනකොට අර එක බූරුවෙක් කුලවාදයක් ඇදගෙන නලියන්නෙ.
    දින සීයෙ වැඩසටහනට හොරු අල්ලන එක ඇතුළත් නැති බව හැබෑව. ඒ වැඩේ ඔය කියන තරම් හදිස්සියට කරන්න බැරි බවත් ඇත්ත. ඒ වුනාට කල් යද්දි හොරුන්ට බේරෙන්න පාරවල් හොයාගන්න පුළුවනි. මේ හොරකම් අපි හිතාගෙන හිටියට වඩා ගොඩක් දරුණුයි වගේ දැන් මේ එක එක දේවල් අහුවෙන විදිහ දැක්කම.
    අනිත් එක මහජනතාවගෙ මූලික වෛරය තිබුනෙ දූෂණ සම්බන්ධයෙන්. දූෂණ කරන්න හේතුව ව්‍යවස්ථාව - ඒ කිව්වෙ විධායක බලතල තමයි. හේතුව නැති කරන්න ඕනැ ඔක්කොටම ඉස්සෙල්ල.ඒ ඔක්කොමත් ඇත්ත. ඒත් අපට ඉවසන්න පුරුදු නෑනෙ, පෘතග්ජනයොනෙ. එකා එකා අහුවෙනවනම් මාර ගැම්මක් එනව.
    දැන් බලන්නකො මුහුදෙ යන නැව් වල ආරක්ෂාව ප්‍රයිවට් කොම්පැණියකට දීල තියෙන්නෙ. මූදු කොටින්ට ආපහු ගොඩට එන්න බැරි වෙන තරමට වැඩේ දීපු නාවික හමුදාවට වඩා ප්‍රයිවට් කොම්පැනිය ෂුවර් වෙලනෙ. එහෙන් ප්ලේන් මතු වෙනව. මෙහෙන් රේසිං කාර් මතුවෙනව. තව තැනකින් ඔරලෝසු මතු වෙනව. මළ හත්තිලව්වයි.
    හොයාපියව් කොල්ලනේ තව හොයාපියව්.

    ReplyDelete
    Replies
    1. රීයෙන් ගලේ, යහ පාලන ටිකිරි ළමයි
      සීයෙන් කොරන එක ඇහුවත් අපට බනියි

      Delete
    2. දැනටමත් බලය රැක ගන්න හොරුත් එක්ක හෙළුවෙන් එක් වී අවසානයි. පාළක පක්ෂයෙන් බැලුවම ඒකේ ඇති වැරද්දකුත් නෑ, තියෙන සිස්ටම් එක අනුව.

      ඒ උනාට ජනතාවට පොරොන්දු උන පරිදි, ජෙප්පෝ අපිත් එක්ක ඉන්න එක ළොකු දෙයක්. ඇමති අල්ලස් වලට රැවටෙන්නේ නැතිව. නැත්නම් මේ හොරකම් ගැන කතා කරන්න එකෙක් නෑ. තාමත් මිනිස්සු මහින්දට ගෝඨාට බයයි.

      Delete
  10. ලොකු ලොකු වෙනස් කම් කවුරුත් ඉක්මනට
    පැතුවේ නැත්තෙ ඇයිදැයි වැටහේ හැමට
    නවතපු තැනින් කාගෙන කාගෙනන යනවාට
    අලි වැට නොබැන්ඳෝතින් බුදු ශුවර්ය මට

    ReplyDelete
    Replies
    1. අලි වැට නෙමෙයි. අලි ඇටෙත් නෑ, ජෙප්පෝ නැත්නම්.. කොහොමත් අලියගේ ඇටේ තියෙන්නේ ඇඟ ඇතුලේ. පොඩ්ඩක් ඉමැජින් කරන්න ඇට දෙකත් එලියේ තිබුනා නම් කොහොම සයිස් වෙයිද කියලා.

      Delete
    2. ඔව් හරි ලොකු වෙයි..

      අලි වැට බඳිව්
      දඬු වැට බඳිව්
      හෙණ්ඩුව ගනිව්
      නැත්නම් පිස්සු
      කාගෙන කාගෙන යයි

      Delete
  11. රන්ජන් මර්වින් පාට් එක කරනව..මර්වින් රන්ජන්ගේ පාට් එක කරනව...අනේ කාලේ වනේ වාසේ.......

    ReplyDelete
    Replies
    1. සිරිසේන මහින්දගේ පාට් එක්ක කරනවා. හොරුත් එක්ක අමු හෙළුවෙන් ඉන්නවා.. පට්ටයිනේ..

      Delete
  12. මේ කවි ටිකෙන් සර්වග්‍රාහී ආවරණයක් කරලා තියෙනවා වර්තමාන තත්ත්වය. ඇත්තටම මිනිස්සුන්ට ඕනි වුනේ දැනෙන වෙනසක්. අලුත් වීදුරුවෙ පරණ වයින් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. වෙනසක් ඉබේ පහළ වෙන්නේ නෑ. ඒකට විප්ලවයක් කරන්නම වෙනවා. අවියෙන් නෙමෙයි පෑනෙන්. මොකෝ මේ මාධ්‍ය නිදහස කොතරම් කාළයක් තියෙයිද කියන්න බෑ. අපිට අතීතය බොහෝම හොඳට මතකයි. මේ ලැබුනු අවස්ථාව ජනතාව තම අතට ගන්න ඕන. ඒකට බකං නිලං ඉඳලා බෑ. අපේ හඬ අවදි කරන්න ඕන. ඒ වගකීම ඔහේටත් තියෙනවා.

      Delete
  13. සුපිරියි අයියණ්ඩී.. ඕක තමයි අපි හැමදාමත් කිව්වේ. කවුරු කොහොම මොනව කිව්වත් ජවිපෙ නැත්නම් අද රටත් නෑ.

    ReplyDelete
    Replies
    1. මෙහෙම ලිව්වා කියලා ජෙප්පන්ට තනි ක්‍රෙඩිට් එකම ගන්න එපා. තවත් සෑහෙන පිරිසක් ඉන්නවා. හැම පක්ෂෙකටම උනේ තනියෙන් රජ වෙන්න ගිය එක. ජෙප්පන්ට උනෙත් ඒකයි. එක සැරයක් නෙමෙයි, දෙසරයක්ම. ඒ නිසා චූන් වෙන්න එපා. විප්ලවය ජය ගත්තයින් පස්සේ අපිත් එන්නම් සැලබ්‍රේට් කරන්න. ඒත් ඒ අවියෙන් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදීව.

      Delete
    2. චූන් වෙන්න තරම් රටක් නෑ. අනික අනිත් උන්ගෙ මෝඩ චූන් අපිඅට ඇත්තෙත් නෑ. ඒත් මං විශ්වාසකරනවා ජේවීපී එකේ ඉදිරිය කියන්නෙ රටෙත් අනාගතේ යහපැවැත්ම කියන එක. ඒ නිසා අපිට සතුටක් තියෙනවා. ඒ වගේම නිර්ධය ලෙස ජවිපෙ විවේචනය කරපු උන් පවා අද එහි අගය දකින එක ගැන සතුටක් තියෙනවා. ඒක රටට හොඳයි.

      Delete
    3. ඒ නිර්ධන විවේචනයත් එහෙමම තියෙනවා. ඒ කියලා හොඳ දේට හොඬ්හ්යි කියන එකයි. නියම මාධ්‍යකරණය කියන්නේ. විවේච්නය "නිර්ධය" දෙයක් සේ සැලකීම දේශපාළන දැනුම ගැන ගැටළු කාරි තත්වයක් මතු කරයි.

      Delete
    4. විවේචනය නිර්ධය වෙන්නෙ, උන්ට බෑ. උන්ගෙන් වැඩක් නෑ, උන්ට තවදුරටත් පැවැත්මක් නෑ, උන් නෝන්ඩිවෙලා ඉන්නෙ, උන් රටේ තීරණාත්මක පක්ෂයක් නෙවෙයි. මේ වෙලාවෙ ජවිපෙට වෙන්නෙ මහින්දගේ හරි මෛත්‍රීගෙ හරි රෙද්ද අස්සෙ රිංගගෙන තමන්ගෙ පැවැත්ම තහවුරු කරගන්න. නැත්නම් උන් අතුගෑවිලා යනවා, කියල කිව්වමයි. ඒක විචාරය නෙවෙයි. ජවිපෙත් ඒ කිව්ව විදියට මෛත්‍රීගෙ හරි මහින්දගේ හරි රෙද්ද අස්සෙ රිංගුවානම් බලාගන්න තිබ්බ අද.

      Delete
    5. ඉතින්...? තව දුරටත් ඒක වලංගුයි සහෝදරයා.. ඉල්ලලා බලන්න කියන්නකෝ තනියෙන්.. එතකොට අර පසුගාමිලාට වගේම තේරෙයි නියම තත්වය. හැබයි මහින්ද මහත්තයා විමල් එක්ක, වමේ පක්ෂයි, කම්බ හොරුයි එකතු කරගෙන නව පෙරමුණක් හදනවලු. ඒ ගැන පොඩ්ඩක් සලකා බැලුවොත් හොඳයි

      Delete
    6. ගූ හතයි. මහින්ද මහත්තයා එහෙමත් කිව්වලුද.

      තනියෙන් ඉල්ලුවා කියල අවුලක් නැති වග පහුගිය ඌවෙන්ම මෙනුනනේ. ඡන්ද දෙගුණයකින් සහ තුන්ගුනයකින් වැඩිවෙලා තිබුනෙ. රටේම තත්වෙත් ඒකම තමයි.

      Delete
    7. හය හත් දෙනෙක් මදි අපිට.. ඒකයි..

      Delete
    8. ඉතින් අපි වැඩිකරමුකෝ..

      Delete
  14. කවුරු රජ කලත් ජනතාව කතිරෙ ගහල නිදා ගත්තොත් එකම දුංකලේ තමයි..

    ReplyDelete
    Replies
    1. එකනේ මචෝ කෑ ගහන්නේ..

      Delete
    2. ඉතිහාසෙ පළවෙනි වතාවට අද ජනතාව කතිරෙ ගහල නිදාගෙන නෑ. මිනිස්සුන්ට යහපාලන සිහිනයක් දුන්නා. අද මිනිස්සු සැබෑම වෙනසක් බලාපොරොත්තුවෙනවා. ඒක ඉතාම ක්ෂණිකව වෙන වෙනසක්. ඒ තරම් අසහනයෙන් මිනිස්සු ඉන්නෙ. මේ ජන පෙලගැස්මට හොඳ නායකත්වයක් මේ වෙලාවෙ අවශ්‍ය වෙනවා. මං හිතනෙ ඒ නායකත්වය ජවිපෙ දෙයි. මිනිස්සු දැන් කලින් පැවති දූෂිත පාලනයට අදාල සියලු තොරතුරු පොලිසියට කියන්නත් කලින් දෙන්නෙ ජවිපෙට. ජවිපෙ මේ සට්නෙ මුල ඉඳලම මෙතන හිටියා. ඔවුන් කිව්ව මහින්දව ගෙදර යවමු කියලා. ඒ වගේම ඒ වෙනුවට එන සිරිසේන මේ ප්‍රශ්නෙට සම්පූර්ණ උත්තරේ නෙවෙයි කියලා. ඒ වෙනුවට කතිරෙ ගහල නිකන් බලන් ඉන්නැතිව ගහපු කතිරෙ වෙනුවෙන් ඒ දේවල් දිනාගන්න පාරට බහිමු, බලකරමු කියලා ඔවුන් කිව්වා. ඇත්තෙන්ම ජනතාව අද ඒ වෙනුවෙන් පෙළගැහිලා ඉන්නවා.

      මිනිස්සු බලාපොරොත්තු උන වෙනස නායකයො දෙන්න හැමදාම ලංකාව වටේ තියෙ න පංසල් වල ඇවිද ඇවිද ඉන්නවා දකින එක නෙවෙයි. නිකං, බොරුවට යහපාලනේ ගැන කයිවාරු ගහන එක නෙවෙයි. ඔවුන් බලාපොරොත්තු උනේ වැඩ. ඔවුන් හිතුව 9වෙනුදායින් පස්සෙ මේ රට උඩුයටිකුරු වෙයි කියලා. හොරු ටික බුරුතු පිටින් පෝලිම් කරයි කියලා. මිනිස්සුන්ට ඇඟට කටට බඩට හිතට වෙනසක් දැනෙයි කියලා. ඒත් උනේ තියෙන්නෙ දැන් මාධ්‍ය සංදර්ශන විතරයි. හිටු කියල කෝටි ප්‍රකෝටි ගනන් වල හොරබඩු අහ්ය්වෙනවා. කන්ටේනර් පිටින් ගබඩා පිටින්. ෆයිල් මිටිගනන් නීතිය ඉදිරියට අරන් එනවා. හැමෝම චෝදනා කරනවා. ඒත් වැරදිකාරයෝ තාම නිදැල්ලේ.

      Delete
  15. කව්රු කිව්වත් දින සීයේ කතන්දරේ ඔහොම තමා... 19 ගෙනාවට පස්සේ තමා හොරු අල්ලන ඒවා ගැන හිතන්න ඕන.. දැනට මරා නං නෙලනවා කෝම හරි.. හැක්

    ReplyDelete
    Replies
    1. එහෙම ලේසියෙන් ගැලවෙන්න දෙන්නේ නෑ ලොක්කා. නිදි මරාගෙන පුක ඉරාගෙන. ආතල් ගන්න වෙලාවෙත් මේවා ලියන්නේ නිකං නෙවෙයි.

      Delete
  16. ඕක නිසානෙ මාතලන් මං ඔය නාට්ටිය පටන් ගත්තු දවස්වලම මෙහෙම කිවුවෙ.

    පුරන් වී ගිය පාලු කුඹුරක
    පඹයො දෙන්නෙක්
    ද්වන්ධ සටනකි

    ණයට ගත් බත් ඇටද විළඳද
    විසුරුවා සියොතුන්ව
    රවටති

    වී කරල් පූදින්න ඉඩදෙන
    ගොවියෙකුත් බිහි නොවෙන
    හැටියකි

    අළුත් කුඹුරක්
    හොයාගන්නට
    සියොතුනේ කාලය
    එළඹ ඇති


    සිස්ටම් එක වෙනස් කරයි කියල හිතාගෙන "නරක අඩු" එකාට ඡන්දෙ දුන්නත් වැඩක් වුනේ නෑ. මේ ක්‍රමය වෙනස් වෙන්නනම් ලොකු පිපිරීමක් එන්නම ඕනෙ.

    ReplyDelete
    Replies
    1. නෑ බස්සි.. අපි සටන දිගටම ගෙනියන්න ඕන. මිනිස්සු දැන් ඒකට රෙඩි. ඔයාටත් ආරංචි ඇති නේ, ලේක් හවුස් එකේ උන දේ. එතකොට අද අධිකරණයේ වෙන දේ.

      Delete
  17. මෛත්‍රි ගැන නං එදත් පැහැදීමක් තිබ්බේ නැත...
    අදත් නැත... මීට කලින් මම කියු දෙයක් වැරදියට අර්ත කතනය කර තිබු නිසා වැඩි දෙයක් කියන්නට නොයමි...
    ඒත් මට එක දෙයක් යහමින් වැටහේ....
    පාට හලාගත්තාට හිවලා කිසිදා සිංහයෙක් නොවන වග...
    මුලින් මුලින් හොදයි කියපු අය දැං දැං මූණ දෙක කරන් සිටී... අනේ මංදාය.... කෝමත් ජෙප්පන් මේ පාටියට සම්බන්ධ නොවීම ගැන නං මගේ ඇත්තේ බලවත්ම සතුටකි
    (හැමදාම කටින් බතල හිටෙව්වත් ඉදල හිටල හරි උං කරන වැඩත් හරියනව)

    ReplyDelete
    Replies
    1. එහෙම වැරද්දක් තියෙනවා නම් පෙන්නලා දෙන්න. සාඛච්ඡාව කියන්නේ ඒකයි. විවාද කරනවා කියන්නේ ඒකයි.

      Delete
  18. අදනම් නිකන් කලබලයෙන් ලියුවා වැනී
    අඩුපාඩුවක් නෑ එනමුත් කවි පේලී
    සීයෙන් පසුව අපහට කියවන්න කවී
    තව තව ඇතැයි මට නම් හොඳටෝම සිතී

    ReplyDelete
    Replies
    1. දැන් ඔක්කෝම ලියන්නෙ කලබලයෙන් තමයි. සෝදුපත් කියවන්නවත් වෙලාවක් නෑ. මොකෝ ලේට් වෙන්න බෑ. තැටිය රත් උන වෙලාවේ රොටි ටික පුච්ච ගන්න ඕන.

      Delete
    2. කෙන්ජි මොකෝ සද්ද්යක් නැත්තෙ
      වයිෆ්ට බබා හම්බ උනාද

      Delete
  19. duushana wancha kiyanne monawada
    owa gana aye katha wenne next maha mathiwarendi thami.

    katawal wahagena hitpalla - dena deyak kala.

    ranil lokka owa karanne nathoooo

    ReplyDelete
    Replies
    1. අපි එයාට කියලා කරවනවා...

      Delete
  20. විවේචන ඕනෙ, ඒත් සාධාරන විවේචන. සාධනීය දේ බොහොමයක් මේ වෙනකොටත් වෙලා ඉවරයි වගේම තවත් බලාපොරොත්තු තබාගත හැකි දේ සිදුවෙමින් පවතිනව.

    සිද්ධවෙන්න ඕනෙ සමස්ථය පිස්සු කෙලිනව කියල, පැරදිච්චි උන්ට්ව චූන් කරන එක නෙමෙයි, අදාල අඩුපාඩු ගැන සහ වෙන යහපත් දේ ගැන සමව විවේචනය. නමුත් එහෙම ඒවට මාකට් එකක් නෑනෙ, ඒකනෙ උඹත් මේ වැල යන පැත්ත්ට අල්ලල තඩි බාන්නෙ..

    ReplyDelete
    Replies
    1. එහෙම නැතිව මේ රට හදන්න බෑ මචෝ.. සටන දිගටම ගෙනියන්න වෙනවා. මිනිස්සුන්ට දැන් ඒක තේරිලා තියෙන්නේ. මෙයාලා මොනවත් නොකලත්, මිනිස්සු ඒ දේ කරයි..

      Delete
  21. මාතා

    මෙහෙමයි මචං... මෙතන දී තර්ක දෙකක් තියෙනවා... දවස් සීයක් තියෙන නිසා බලමු කියලා කට්ටියක් කියනවා... ඒත් අපේ අදහස නම් පේන්නට කිසිවක් නැති බවයි... ඉතින් අපි බැලිය යුතුද ප්‍රශ්ණ කළ යුතුද????

    අනික තමයි මේ සියලු දේ කරන්න දැනට ඉන්න හැමෝගෙම සහය ඔ්න කියලා රතන හිමි කියනවා. අනික් අය ඒක දන්නෑ වගේ කරගෙන යනවා.. ඒත් අපේ අදහස නම් මේ හොරු ඒක්ක මොන ඒකගතාද?? උන්ගේ සහය මොකට ද ???? උන් විරුද්ධ වෙනවානම් නොකර හිටියත් කමක් නැහැ... අපිට කියන්න මුන් ඒක්ක බැහැ කියලා... අපි ඒක ඊළග ඡන්දෙදි බලාගන්නම්... ඒත් මචං මුන් ඒක්ක ඩීල් දැමීම නිසා අපිට ලැබෙන දේට වඩා නැති වෙන දේවල් අායෙමත් වැඩි වෙනවා.....

    ReplyDelete
    Replies
    1. මේ වෙලාවේ බලය රැක ගන්න හොරුත් එක්ක ඉන්න එක එක තකින් සාධාරනයි. නැත්නම් දින 100 නෙමෙයි. 10ක් වත් කරන්න වෙන්නේ නෑ. ඒ කියලා හොරුන්ට දෙවිවරු වෙන්න දෙන්නත් බෑ හිත මිතුරෝ කියලා.

      Delete

  22. "Last 100 days of Ranil"

    Ranilge deshpalana diviya awasan kereemata klaya elamba atha.

    ReplyDelete
    Replies
    1. දවල් සිහින එළි වන්නේ නැත.

      Delete
    2. His journey begins after 100 days !

      Delete
  23. දහ හතරක් ම රජ ඉස්කෝලෙන් ගත්ත
    ඇමති මඩුල්ලේ රජවිය ගොං හැත්ත
    කඩේ යවා ජවිපෙන් වැඩ කර ගත්ත
    හොරුන් සමග හෙලුවෙනි ඇත්තයි සත්ත...




    ඔන්න දැන් මට බනින්න මාතලං

    ReplyDelete
    Replies
    1. නෑ එහෙම අවුලක් නෑ.. විවේචනය අවුලක් නෑ.. මමත් ඉන්නවා මාස තුනක ඇමති කම් වලට මෙච්චර නටන්න ඕන නෑ කියන ස්ථාවරයේ..

      Delete
  24. ඇත්තෙන්ම හිටපු රජා ආයිත් දිනුවනම් වෙන හා නොවෙන දේ ගැන හිතුවහම දැනට වී හා නොවී ඇතිදේ අගය කලයුතුයි. ඒකියන්නෙ තිබුන තත්වයට සාපේක්ශව තියන තත්වය හොඳයි. එහෙත් මාතලන් කරනදේ අගය කරන්න ඕනැ.
    ඔහු සමහර අවස්ථාවල අතිශයෝක්තියෙනුත් සිරිසේන හා නව රජය නිර්දය ලෙස විවේචනය කරනව. සමහර විවේචන සාධාරණ නෑ ප්‍රායෝගික කරුණු හා කාල සීමාව සලකන කොට. ඒත් මාතලන්ගේ චේතනාව මට පේන්නෙ ඉස්සර තිබුන තත්වය ඇතිවීම කුමන හෝ ආකාරයක ( A bit like a pre-emptive strike) විවේචන වලින් වැලකීම. එයයි වෙන්න ඕනැ.

    යහ පාලනය කොහොමවෙතත් අපිට ඉස්සර තිබුන පාලනයට වඩා හොඳ එකක් ඕන.ඇත්තෙන්ම ඉස්සර තිබුන එක කොයිතරම් නරකද කියනවනම් ඊට වඩා ටිකක් හොඳ එකක් කරන එක කොහෙත්ම අපහසු නෑ.

    මට පේන විදිහට මාතලන් ට්‍රයි කරන්නෙ ටිකක් හොඳ පාලනයකින් සෑහීමට පත් නොවී පුලුවන් තරම් හොඳ එකක් ඉල්ලීම.

    ReplyDelete
    Replies
    1. සැබවින්ම.. නැත්නම් ප්‍රා මේ රටේ ඉන්නේ දවසෙන් දෙකෙන් සියල්ල අමතක් වෙන. හුකා කෙළවුනා නේද කියලා පස්සේ මතක්වෙන, කම්මැලි ජනතාවක්. ඒ නිසා නිදා ගන්න දෙන්න බෑ. අවදියෙන් තියා ගන්න ඕන.

      Delete
  25. යකෝ එන්න පොඩ්ඩක් පරක්කු වුනාම කමෙන්ට් එකක් දාන්න දෙයක් ඉතුරු කරන්නේ නෑනේ මේකේ ඉන්න උන් . මහින්දමයි ඉන්න තිබ්බේ මුන් ටික සුදු වෑන් වලින් යවන්න අම්මපා

    ReplyDelete
    Replies
    1. දැන් ජන බලය හරි ඉහළයි මචෝ..

      Delete
  26. යකෝ එන්න පොඩ්ඩක් පරක්කු වුනාම කමෙන්ට් එකක් දාන්න දෙයක් ඉතුරු කරන්නේ නෑනේ මේකේ ඉන්න උන් . x 2 කොමෙන්ට් ටික කියවගෙන එනකොට පෝස්ට් එක මතක නෑ.. හැක් හැක්..
    කොහොම කොහොම හරි ජෙප්පොන්ගේ තීරණේත් එක්ක මං එදත් හිටියා.. ඒ වගේම දැන් උන් යහපාලන ගේම ඉල්ලන විදියටත් මං සපෝට්. රන්ජත් මේ වෙනකොට මගේ වීරයෙක්.. මෙන්න තියෙනව මගෙනුත් ෆයිල් එකක්.. පුළුවන් එකෙක් ඇදපල්ල..

    http://kalahitha.blogspot.com/2015/01/piracy-in-anty-piracy-mission.html

    ReplyDelete
    Replies
    1. ජෙප්පන්ගේ මතය හරියට හරි.. නමුත් චන්දෙට නම් තනියෙන් යන්න බෑ..

      Delete
    2. ගියා … බැලුවා … උඹට බොහෝම ස්තුතියි.තව එකෙක් හරි බලයි කියල මෙහෙම දාන්නං බොක්කෝ.

      ////ගාල්ලේ ආයුධ නැවේ මෙතෙක් කතාව\\\\

      Delete
  27. අම්මප මාතලන් කියනා එක ඇත්ත
    ජනමනයාට කවදා ඉර පායද්ද
    රතන සාධු චම්පික මැති කො සද්ද
    ජෙප්පො තොරගත්තොත් අපි හොද නැද්ද

    ReplyDelete
    Replies
    1. උනුත් අනිවාර්යයෙන්ම ඉන්න ඕනා.. තෝරා ගැනීම තම තමන්ගේ කැමැත්ත. උඹට මොකෝ බං උනේ...

      Delete
  28. සුපිරියි..

    කිවුවත් වගේ, දැන් තෙල් මිල බැහැලා තියෙන එකේ ඡන්ද පොරොන්දු ඉටුකරනවා කියලා ඉක්මනට දෙන්නේ නැත්තේ ඇයි දන්නේ නෑ.. අය වැයෙන්ම දෙන්න හිතාගෙන ඇති..

    ReplyDelete
    Replies
    1. අද වන තෙක් ජනතාවට සතුටු විය හැකි කිසිවක්ම නැත.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න