.

.

Jan 22, 2015

ඇදෙගන නානා ආන්ඩුවට බජට් යෝජනා - Budget Proposals for Interim Governmant



අපේ ඇදගෙන නානා ආන්ඩුවේ මුදල් ඇමති කම හම්බ උනේ, රවී කරුණානායක උන්නැහේටය. මේ ආන්ඩුව ඇදගෙන නාන බව මාතලන් කීවේ, ආන්ඩුව පත්වූ පසු ලියපු පළමු ළිපියෙන්මය. ඒ, ආන්ඩුවේ පළමු පත් කිරීමට එරෙහිවය. එහෙම ලිව්වේ මේ ආන්ඩුව ගැන අහිතකින් නොවේය. ඇති ආදරය නිසාමය. මේ ආන්ඩුවේ පළමු පත්වීමම අමුම අමු පිස්සුවක්ය. ඒ පචවාහිනියේ මුල් පුටුවය. අදත් එය පචවාහිනියක්මය. ආන්ඩුවේ පම්පෝරි ඇර, මේ රටේ වෙන කිසිම නිව්ස් එකක් ඒකට නිව්ස් නෙමේය. අපි කිව්වේ මේ වාගේ කම්බ හොරු දාගත්තොත්, නාන්න වෙනවා කියාය. කිව්වා වාගෙම, රවි කරුණානායක චෝදනා එල්ල කළ, තැප්‍රොබේන් ගිණුම කිසි අවුලක් නැති ගිණුමක් කියා, රවී කරුණානායක කිච කරලා දැම්මේය.

පාවෙන ආයුධ ගබඩාව, කිසිම අවුලක් නැති නීත්‍යානූකූල අවි ගබඩාවක් කියා, තම සහෝදරා ලවාම බෞතීස්ම කර දැම්මේය. (තවත් ස්ථාන තුනක ආයුධ ගබඩා ඇති බව, මේ වන විට සොයා ගෙන ඇත.) අපි මේ පත්වීමට එරෙහිව, පෞද්ගලිකව හිතවතුන්ට කතා කරනා විට, හැම එකාම කිව්වේ, "පොඩ්ඩක් හිටහන් මචං..., මේ වැඩේ වෙන්නේ නෑ.. කියාය. "විවේචනය පොඩ්ඩක් නවත්තන්න..." කියලාය. එහෙම කිව්වාට වෙන්න යන්නේ කුමක්ද කියා අපට නම් හොඳටම තේරුනේය. අඩුම ගානේ නයි ටී ඇන් එකට දාපු ජාතියේ මනුස්සයෙක් වත්,  පචවාහිනියට දාගන්න බැරි වීම ගැන නම්, අදටත් අපට ඇත්තේ කනගාටුවක්මය. අප එදා පලකළ අනාවැකි අද ඇස් ඉදිරිපිට සනාත වෙමින් තිබෙන්නේය.

ඊළඟට රෙද්ද අස්සේ දාගත්තේ, සියොළඟෙහිම විෂ පිරි නපුරු දුදනන් දෙන්නෙක්ය. උන් දෙන්නාම 9 වෙනිදා උදේ පාන්දර වෙනකන් මහ රජ්ජුරුවන්ගේ සඨ්ඨැඹිකම් කළ සඨ්ඨැඹියෝ දෙන්නෙක්ය. එකෙක් සිරිසේන උන්නැහේ එයාගේ රෙද්ද අස්සේ දාගත්තේය. අනික් එකා ආරක්ෂක අමාත්‍යශයට දැම්මේය. හමුදා ප්‍රකාෂක ලෙස උන්නේත් රෙදි තුවම කඩේ ගිය පෙත්තප්පු එකෙක්ය. මේ.., මේ රටේ ප්‍රධානම තනතුරුය. මේවාට විරුද්ධව රාජ්‍ය සේවය ගැන දන්නා උන් ලිව්වේය. ඒත් පයිසෙකට මායිම් නොකළේය. 

අන්තීමේදි හොරුන් සුද්ධ කරන්න ප්‍රකාෂ නිකුත් කලේ, ආරක්ෂක අමාත්‍යංශයට පත් කළ සඨ්ඨැඹියා හා මහ රජ්ජුරුවන්ගේ හමුදා මාධ්‍ය පොරොකාසකයාය. ඊයේ වෙන කොට වැඩේ අවුල් බව ආන්ඩුවට වැටහිලා,  රාජ්‍ය සේවයේ ක්‍රියා පටිපාටි ගැන බයිලා ගහනවාය. එතකොට කක්කා නාගෙන නෝන්ඩි වෙලා අහවරය. අඩු ගානේ දැන් වත් තේරුන එක ළොකු දෙයක්ය. මින් පස්සේ හමුදාවේ උන්ට මාධ්‍යට පොරොකාස දෙන්නට බැරිය. හමුදාවේ දේශපාළණයට තිත තැබිය යුතුය. 

මේ ආන්ඩුව කිව්වේ කිසිඳු දෙයක් විදේශිකයන්ට විකුණුවේ නෑ කියලාය. ඒත් දැන් කියන්නේ හමුදා මූලස්ථානෙම විකුණුවා කියලාය. ඒකේ සල්ලි වෙනම එකවුන්ට් එකක දා ගත්තා කියලාය. අපි අහන්නේ එහෙම කරන්න පුළුවන්ද කියලා පමණය. හමුද මාද්දිය පොරසකයාවත්, ආරක්ෂක අමාත්‍යශයේ ලේඛම්වත් අඩු ගානේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තීන් දන්නේ නැති තොත්ත බබාලාය. එහෙම නැත්නම් ඒවා දන්නා පචෝරිස්ලාය. 

නාවික හමුදාවේ බිස්නස් එක, යාළුවන්ට දීපු එකත් ඒ ජාතියේම ගේමක්ය. මේවා ගැන හැම තැනම ලියවෙන නිසා, ඒ ගැන ලිව්වා ඇතිය. අපි ආන්ඩුවට කියන්නේ, මහ රජ්ජුරුවන්ගේ කම්බ හොරු, තව තවත් පුළුවන්නම් කුක්කු පොවලා, වාඩාගෙන, රෙදි අස්සේ දාගෙන, නලවන්න කියලාය. එතකොට අපිට කොමඩි සෝ බලන්නේ නැතිව, රජගහේ නාඩගම් බලලා ආතල් එකක් ගන්න පුළුවන්ය.

බජට් ප්‍රොපෝසොල්

පෝස්ට් එක වැඩියෙන්ම ලිව්වේ, ජහ මනයා වන, අපි වන් ගොන් වහන්සේලාගෙනුත් බජට් ප්‍රොපෝසොල් ඉල්ලලා තිබුන නිසාය. මේ මාස තුනේ බජට් එකට මහා ප්‍රොපෝසොල් දීලා, ආන්ඩුවේ "ලේඛම්වරු" වගේ, ආන්ඩුව අමාරුවේ දාන්න අපිට ඕනා නැතිය. මාතලන් මේ ප්‍රොපෝසල් මහ රජ්ජුරුවන්ටත් කීවේය. එවා ලැබුන බවත්, ඒවාට ටැන්කූ කියා මේල් එකකුත් ආවට, අපි කියපු එවා මහ සජ්ජුරුවෝ පයිසෙකට මායිම් කොලේ නැතිය. 

මාතලන් එදා ඉඳන් කියන්නේ, කන බොන දේට, ටැක්ස් ගහන්න එපා කියලාය. බොන දේ කිව්වම බියර් අරක්කු වලට උනත්, "සහ ගහන" බදු ගහනවාට, මාතලන් විරුද්ධය. දුප්පත් එකා කසියා ගහන්නේත්, බීඩී බීලා, කැහැලා නහින්නේත් ඒවා බොන්න සල්ලි මදි නිසාය. ඒ නිසා ඇහැක් නම්, ඒවාත් පොඩ්ඩක් අඩු කරලා දුන්නොත් ඔහේලටා අජරාමර නිවන් සුවයම ලැබෙනවාය. 

ඒ ප්‍රොපෝසොල් එකේ අවුලක් වගේ පේනවා නම්, මාතලන් ඉල්ලා සිටින්නේ, පහලින් එල්ලා තියෙන බඩු භාන්ඩ ටිකේවත්, ටැක්ස් අයින් කොරලා ලාබෙට දුන්නොත්, සිරි ලංකා කාරයන්ගෙයි, වමනේ කාරයන්ගේයි රැස්පොට් බලන්නේ නැතිව, හස්ති රාජයන්ගෙන් රාජණියන්ගෙන් පිරි අළුත් ආන්ඩුවක්, බ්ලැක් මේල් කිරීම්, බිය වැද්දීම්, තගරි නැතිව, ආතල් එකේ ගෙනියන්න හැකි වෙනවා කියලාය.
  1. හාල්
  2. ඇමරිකන් පිටි
  3. ළදරු කිරි පිටි
  4. සීනී
  5. පරිප්පු
  6. අර්තාපල්
  7. බී ළුෑණූ හා රතු ළුෑණූ
  8. ධාන්‍ය වර්ග (කඩල, කව්පි, මුං ඇට, කුරක්කන් (සාටකේ දාගෙන උන්නාට එකටත් කප්පරක් ටැක්ස් ගැහුවේය)
  9. සැමන් (මාළු අඩුවට දෙනවා නම්, ඒකත් ඕනා නැතිය)
  10. හාල්මැස්සෝ (කැල්සියම් හීනතාවයට )
ඒ වාගෙම, අර විමලයා ඉල්ලන ඉන්ධන වල ඉතිරි කොටහ දුන්නොත් ,ඒ යකා උනත් සතුටට පත් වෙන්න පුළුවන්ය. ලයිට් හා ගෑස් අඩු වෙයි කියලත් හිතනවාය.

මේ මාස තුනේ බැරි උනත්, මීළඟ ආන්ඩුවෙත් මේ පෝස්ට් එකම හම්බ උනොත්, ඇතුලත්මුදලි මහත්තයාගේ අඩි පාරේ ගිය කෙනෙක් නිසා, මෙන්න මේ ඉල්ලිමත් ඉල්ලනවාය.

එනම් "දැයට කිරුලත්" නවත්තපු එකේ, සෑම වසරකම, අළුත් විශ්ව විජ්ජාලයක් හා අනෙක් සිසුන් වෙනුවෙන් විස්ස විජ්ජාල මට්ටමේම කාර්මික විජ්ජාලයක් ආරම්බ කරන්න හැකි වන්නේ නම්, ඔබේ නමත් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා නොඅනුමානය. අම්මට සිරි ලංකාවේ, එහෙම නම තියපු උන් ඉන්නේ අල්පයක්ය.

මාස තුනේ ගේම ගෙනියන්න, සියළු ධෛර්යය ශක්තිය හා සිරි ලංකා කාරයන්ගේ හා වමනේ දාන ප්‍රගතිශීලින්ගෙත් ශක්තිය හා සප් එකත් ලැබේවා කියා බොක්කෙන්ම පතමි.

කන්න දෙනවා නම්, බොන්න දෙනවා නම්...
මොන කෙං ගෙඩියද තව ඕන කියන්නේ..


ජය වේවා...!!!

108 comments:

  1. මාතා..............................

    පචවාහිනිය ගැන නම් කතා නොකරන තරමට හොදයි.... මුල් දවස් ටිකේ අාතල් ඒකට බැලුවාට දැන් අායෙමත් බලන්න ලැජ්ජයි..... ලේකම්ලාගේ අටමගල වගේ මේකත් ඒපා වෙන්න තව කල් යයිද??? සමහර විට මහමැතිවරණයෙන් මේ අාණ්ඩුව පෙරලන කල් ඒක නොතේරෙයිද??????

    ReplyDelete
    Replies
    1. අනෙක් උන් එකතුවෙලා අලි ටික නටවන්න හදන්නේ..

      Delete
  2. නුවර එළියෙන් ලැබුණු ලක්ෂ ගානක වතු ම්කරු ඡන්ද ඇමරිකන් පිටි මිල වෙනුවෙන් ලැබුණ ඒවා බව මගේ හැඟීමයි.

    ReplyDelete
    Replies
    1. ඒ මිනිස්සු කන්නේ වේල් දෙකයි. දෙකම ඇමරිකන් පිටි වැඩිපුර තියෙන පොල් අහුරක් තියෙන පොල් රොටි. ඇත්ත කතාව ඒක. කනවා නෙමෙයි ලෙවකනවා. අන්තිම අසරණයි. ඒ මිනිස්සුන්ට වෙනම අඩු කරලා දුන්නත් පව් නෑ. තේ වතුවල ළොකු උන් ගන්න ෆැසිලිටි එක්ක බැලුවාම. හැමදාම අමතක කරන ජනතාවක්..

      Delete
  3. ටැක්ස් අඩු කළාම රජයට අහිමි වෙන ආදායම පියවා ගන්නේ කොහොමද කියාත් කිව යුතුයි. ඒ සඳහා එක්කෝ වෙනත් බදු වැඩි කළ යුතුයි. නැතිනම්, රජයේ ව්‍යාපෘති කප්පාදු කළ යුතුයි. නාස්තිය අඩු කිරීමත් එකක්.

    හැබැයි අය-වැය කියන්නේ ඒ හැම දේම රුපියල් ශත විදියට ඇස්තමේන්තු කරලා පෙන්නවාය කියන එකයි.

    ReplyDelete
    Replies
    1. මේ රටේ හෙන ගහන නාස්තිය හා දූෂණය නැති කලාම. මේ ලැබෙන ගාන හොඳටෝම ඇති. දීර්ග කාලිනව නම්, මුලින්ම කරන්න ඕන රජයෙන් යැපෙන් පිරිස අඩු කරන එක. විශේෂයෙන් රාජ්‍ය සේවය. ඒක කරන්න කලින් පෞද්ගලික අංශය නගා සිටුවලා. රාජ්‍ය සේවයට එක් වීම කාළකන්නි කමක් බව පෙන්වන්න ඕන. එක පාරටම කරන්න නරකයි. ගිය සැරේ නෑවේ ඒකෙන්.

      Delete
  4. රවී තුමා ලඟ තිබූ මහ බැංකුවත් ඉස්ටොක් ඇක්ස්චේන්ජ් එකත් රනිල් තුමා පවරා ගත්තේය... දැන් මාතලන් තුමා රවී තුමාට පෙරලා පහර දෙයි... මේවා හොඳ නැති වැඩය

    ReplyDelete
    Replies
    1. මේ ලියලා තියෙන්නේ මොකක්ද කියලා උඹටවත් තේරෙනවද?

      Delete
    2. මේ එච් පුතා පින්නට අහුවෙලා බන්. රනිල් විනිමය හා කොටස් හුවමාරුව පවරා ගත්තේ රවිට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ නඩුවක් තියෙනවා . ඒකට විය හැකි බලපැම හෝ රජයට එන අපවාද වල බලපෑම වළක්වා නඩුව අළුත්කඩේ හරහාම රවිට විසඳගැනිමට සලස්වා විනිවිද භාවය ආරක්ෂා කිරිමට. මුන් වගේ බත්කන හරක්ට ඕවා තේරෙන්නේ නැහැ

      Delete
    3. අන්න බලන්න පින්වතුනි යහපාලනේ..... මුදල් ඇමති කම මූල්ය විශුද්දි පනත යටතේ නඩුවක් තියෙන හාදයෙකුට දුන්න උනත් අනං මනං චෝදනා වලින් බේරෙන්න ඒකට ගැලපෙන්න උත්තරේකුත් හොයා ගත්තනේ... කාටද ආඩම්බර..?? මෙ බත් කන හරකා වන ස ර ස තුමාට ම නේ....

      Delete
    4. චෝදනාවක් මිසක් තාම උසාවියෙන් වැරදි කරුවෙක් කරල නෑ නේද බං ??එහෙමනං සුටුස් ගාල ෆොන්සේක සෑර්ට කරා වාගෙ නඩු අහල හිරේ ඇරිය වාගෙ ඇරියොත් මොකෝ .??

      Delete
  5. බජට් එකට ප්‍රොපෝසල් වශයෙන් ආණ්ඩුවට ආදායමකුත් හම්බවෙන යෝජනා ටිකක් කළානම් නේද හොඳ? තෙල් මිල තව අඩු කරන්න කියල විමලසේන උන්නැහේ දැන් කියන්නේ මහරජ්ජුරුවන්ගෙ කාලෙ ගැන අමතක වෙලානෙ. මගෙ අදහස නම් තෙල් මිල තවත් අඩු කරන්න අවශ්‍ය නෑ. පාරවල් ටික නඩත්තු කරන්නවත් සල්ලි ටිකක් එකතු කරගන්න එපායැ.

    ReplyDelete
    Replies
    1. ආඩයම් ගන්න කරන්න තියෙන්නේ මෙතක් සුපිරි පන්තියට ලබා දුන් ටැක්ස් සහන අහෝසි කිරීම විතරයි. මෝටසයිකලේට බදු ගහනවා. ප්‍රාඩෝ වලට ටැක්ස් නෑ. පෝර්මිට්. මේ පෝර්මිට් ක්‍රමය වහාම අහෝසි කරන්න ඕන. මහා අසාධාරණ දීමනාවක්. හොරකම් කරපු ටික එකතු කලත් ඇති අවුරුදු තුන හතරක් රට ගෙනියන්න. හැබයි ඉත්ගින් මෙහෙම බබ හුකුං කර කර ඉඳලා නම් බෑ..

      Delete
  6. පොල් මිල තෙල් මිලට වඩා වැඩි නිසා පැස්ටෝල් දමා හොදි කෑ හකි පර්යේශන කිරීම අත්යාවශ්ය වී තිබේ...

    ReplyDelete
  7. ඇති. ඔයටික හොඳටම ඇති. අරක්කුත් ඉතිං අඩුවට දෙනවනං ගන්නං.... අඩු ගානෙ වැඩි නෙ‍ාකර ඉන්නව නං ඒත් ඇති.

    ReplyDelete
    Replies
    1. මේ බඩු ටික අඩු කරලා දුන්නා නම් මහ රජ්ජුරුවෝ රටම විකුනගෙන කෑවත් මැරෙණකම් රජ කම් කරනවා.. උන් හිතන්නේ රටේ මිනිස්සුත් පාර්ලිමේන්තුවේ උන් වගේ හැම් බේකන් චීස් පුඩින් ෂුගර් සිරප් අරවා මේවා ඉල්ලනවා කියලා.

      තව ඉතින් සබන් කෑල්ල, ෂැම්පු පැකට් එක, රෙදි හෝදන කුඩුත් අඩු කලා නම් වමනේ නොදා බස් එකක කෝච්චියක උනත් යන්න පුළුවන්..

      Delete
    2. රාජ් බොස් ට ගල් බලකාය වෙනුවෙන් අපගේ උපහාරය !!!!

      Delete
    3. අඩු ගානේ සංස්ථා ගල් එකවත්.. රවි ලොක්කට දිවිය ළෝකේදි නෙමේ මෙහේදිම ඩබල් බ්ලැක් ලැබෙන්නම ඒ පින ඇති.. ඕන් කොරනවා නම්, පින්කං...

      Delete
  8. නයි ටී න් එකට පත් කරපු මහාචාර්ය ගංගානාත් දිසානායක නම් සොමරත්නයාට වඩා හොඳයි...එම නාලිකාව වත් හොඳ තැනකට එයි කියල හිතනවා.අලුත් විශ්ව විද්‍යාල හදන්න කලින් දැනට තියන ඒවගේ විෂය ධාරා එහෙම update කරනවා නම් තවත් හොඳයි....විද්‍යාගාර වලට අලුතෙන් උපකරණ ලබාදීම..මුලින්ම මෙවැනි දේවල් විය යුතු බවයි මම නම් හිතන්නේ.දැනට ලංකාවේ තියන පෞද්ගලික විශ්ව විද්‍යාල වල standard එක UGC එක අනුමත කරන standard එකට එන්න ඕනි.

    රහ මෙර වල මිල අඩු කිරීම ගැන නම් මම සම්පූර්ණයෙන් එකඟ අතර. රවී කරුණානායක මුදල් ඇමති කිරීමට බලවත් විරෝධය.දින 100 පස්සෙවත් ඕකට ඕක නැති උනොත් හොඳා..

    ReplyDelete
    Replies
    1. රවීට වඩා හර්ෂ සුදුසුයි.. ඒත් ඉතින් සම්ප්‍රදාය කියලා එකකුත් තියෙනවනේ.. අනික් ඒවා සියල්ලටම එකඟයි.. විස්ස විජ්ජාල වලින් එලියට එන්න ඕන ස්වාධීන චින්තනයක් තියෙන බුද්ධිමතුන් පිරිසක් මිසක් සහතිකයක් උස්සගෙන පැන්සොන් තියෙන ජොබ් එකක් හොයන පෙත්තප්පුලා ටිකක් නෙමෙයි. ඒ වැඩවලට කොම්පියුටර් ඔපරේටර්ලා හිටියාම හොඳටෝම ඇති.

      Delete
  9. ජනතාවට සහන දීම හොද වන අතර නැතිවන මුදල අයකර ගැනීමට රජය උපාය මාර්ගයක් ඇතිකර ගතයුතුය.
    අන්තර්ජාලය ඔස්සේ බාන්ඩ හා සේවා වෙළදාමට රජයට ෂණිකව කලහැක්කේ PayPal පහසුකම ලබා දීමත්
    ලංකා තැපැල් සේවය සොරකම් නොවන පරිදි Tracking යොදා ගැනීමයි.
    මෙමගින් සුළු අපනයන විශාල පිරිසකට සම්බන්ද වීමට ලැබේ.

    මෙපිලිබද දීර්ග ලිපියක් සම්පාදනය කලෙමි http://lankasithuwili.blogspot.com/2015/01/blog-post_17.html

    ReplyDelete
    Replies
    1. මම කියෙව්වා... ඒකට ඉතින් ඉස්සෙල්ලම පරිඝනක පුහුණුව හා ඉන්ගිරිසි පුණුව දෙන්න ඕන. නමුත් සෑම ගමකම තියෙන නැණසලෙන් ඔය සේවය නොමිලේම ලබා දෙන්නත් පුළුවන්..

      Delete
    2. මාතලන්, මේවනවිට programmed open source software https://wordpress.org/plugins/search.php?q=paypal
      දහස් ගණනක් නොමිලේ පවතී. ගමේ පුද්ගලයට ecommerce දැනුම ලෙස විශේෂ දනුමක් උවමන නැත. මුලින්ම තම වෙබ් අඩවියේ සන්ස්තපනයට
      කිසියම් දැනුමක් අවශ්‍ය නමුත් එය දැනටමත් රජයේ බදවාගන ඇති උපාධිදාරීන් ට පහසුවෙන් කලහැක (මාතලන් ඉංග්‍රීසි තේරුම් ගතනොහැකි උපදිදරින් සිටිනවා යයි කියන්න එපා, ඉංග්‍රීසි කියවිය නොහැකි නම් ඔහු හෝ ඇය දැනුම ලබා ගත්තේ කෙසේද ?) ඔවුන්ට ඉංග්‍රීසි කතා කල නොහැකි වීම ප්‍රස්නයක් නොවෙයි.

      ඉංග්‍රීසි තේරුම් ගතනොහැකි උපාධිදාරීන් සිටිනවානම් වහාම ඔසුන්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ වැඩපිළිවලක් ඇරබියයුතුය. (ඔවුන්ට වැටුප් ගෙවා ඉගැන්වුවත් පාඩු නැහැ )

      Delete
    3. ඔන්න ඔතන තමයි ලංකා සිතිවිලිලා නාන තැන. අපේ උපාධිධාරින්ගේ ඉන්ගිරිසි දැණුම අන්තිමයි. ඒ වගේම තමයි පර්සනැලටිය. හරිම පසුගාමියි. මෙන්න මේවා හදන්න ඕන ඉස්සෙල්ලම. ඉන්ගිරිසි බැරි වීම පස්සට යන්න ඕන දෙයක් නෙමෙයි. අනික මේ සර බර ගාලා කතා කොරන්න ඕනත් නෑ. හිනා වෙන එකාට හිනාවෙයන් කියලා බය නැතුව ඉස්සරහට යන්නයි ඕන. හිනාවෙන්නේ බැරි උන්. පුළුවන් එකා හිනා වෙන්නේ නෑ. අනික ආන්ඩුවේ ඒවම් හොයන ගොන් මානසිකත්වය සංචාරක ක්ෂේශ්ත්‍රයේම කොච්චර හොඳ රැකියා තියෙනවද ඇයි මේවට උපාධිදාරින් එන්නේ නැත්තේ. ආපු උන් අද ළෝකේ හොඳම රටවල් වල හොඳම පොසිසොන් වල ඉන්නේ. සම්ප්‍රදාය කඩාගෙන යන්නයි උගන් වන්න ඕන. අන්තර්ජාල දැණුම තිබුනට වැඩක් නෑ. චින්තනය ගල් වැද්දෙක් නම්.

      Delete
    4. උපාධිකාරයෝ හැමෝම ඉංගිරිස් දැන ගන්න විදිහක් නැහැනේ බොලව්.
      සමහර එව්වා උගන්වන්නේ සිංහලෙන් නොවැ.

      උපාධිධාරීන් සම්බන්ධව මාතලන් දරණ අදහස ගැන මමත් සම්පුර්ණයෙන්ම පාහේ එකඟයි.
      සමහර එව්වෝ සත පහක සාමාන්‍ය දැනීමක් පවා නැති උන්.
      තනියෙන් හිතන්න බැහැ, කිව්වොත් දෙයක් කරනවා.
      ඒකත් සමහර වෙලාවට බාගෙට.

      Delete
  10. මේ රටට අවශ්‍ය නියම දැක්මක් සහිත නායකයානම් රනිල් වික්‍රමසිංහය.එය පක්ෂ විපක්ෂ සියළුදෙනාම පිළිගනිති.1999 ජනතාව සමඟ මගේ සම්මුතිය නමින් ඉදිරිපත් කළ ලියවිල්ලේ එතුමා ඉංග්‍රීසි හා පරිඝනක ගැන සදහන් කළේය.රට නව ලොවට ගෙනයාමටනම් මෙම දෙ අංශය දියුණු කළ යුතුය.ඉංග්‍රීසි අධ්‍යාපනය යනු දැනට කෙරෙන වැඩකට නැති නාඩගම නොව හොඳින් ඉංග්‍රීසි කථා කිරීමට,ලිවීමට හා කියවීමට හැකි පරපුරක් බිහිකිරීමයි.සිංහලයන්ට දෙමළත් දෙමළ අයට සිංහලත් ඉගැන්වීම අනවශ්‍ය දෙයකි.
    එසේම පරිඝනක සාක්ෂරතාව වැඩිකර දියුණු සයිබර් යුගයට ගැලපෙන පරපුරක් බිහිකළ යුතුය.එවිට රට ශිෂ්ට වේ.
    එසේම නාස්තිය දූෂනය අඩුකරගෙන සංවර්ධන ව්‍යාපෘති අඛන්ඩව කරගෙන යා යුතුය.අධිවේගී මාර්ග ඇතුළු සියළු සංවර්ධන වැඩ නතරකර හොරා පොලිස් සෙල්ලම් පමණක් කිරීමෙන් රටට දීර්ඝකාලීන ප්‍රයෝජනයක් නැත.
    එසේම සේවා අංශය තව දුරටත් දියුණු කළ යුතුවෙයි.

    බඩුමිල අඩුකළ යුතුය.ඉන්ධන මිල අඩුකිරීම සතුටකි .එහෙත් බඩු මිල අඩුකර රජයේ ආදායම අහිමිකරගෙන හොරා පොලිස් සෙල්ලම් පමනක් කිරීමෙන් ඇති වැඩක් නැත.කළ යුත්තේ එදා 1977 දී ජේ ආර් කළා වැනි සමාජ ආර්ථික විප්ලවයකි.(ජේ ආර්ගේ අනෙක් වැඩ ගැන විවේචන ඇත.)

    ReplyDelete
    Replies
    1. කළබල වෙන්න එපා.. ඊට වඩා හොඳ විප්ලවයක් කරයි, නැවතත් පත් උනොත්. නමුත් ඉතින් තීරණය තියෙන්නේ ජනතාවගේ අතේ. බුද්ධිමත් මහත්වරුන් පිරිසකට රට බාර දෙනවද, හොරා කන මදාවී මැරයන් පිරිසකට දෙනවද කියන එක.

      Delete
  11. gayathriJanuary 22, 2015 at 7:33 PM

    රක්නා ලංකා එක ගෝටා ගෙ නෙවෙයිලු. රජයේ සමාගමක් ලු.
    නැව නීත්‍යානුකූලයිලු.
    බිලියන 800 ගිනුම ගෝටා ගෙ නෙමෙයි ලු.
    යෝශිතගෙ පුද්ගලික හෙලිකොප්ටරෙ පරණ කැඩිච්ච එකක්ලු.
    කුමණ්ත්‍රනේ ජනාධිපති කරෙත් නැහැල්ලු.(රාජිත )
    ගෙදර චෙක් කරත් ලැම්බෝගිනි ටික හොයා ගන්න නැහැලු.
    සිරීපාදෙ ගෝට ගෙ වත් බැසිල් ගෙ වත් හෝටලයක් නැහැලු. ඒ පින්තූරෙ පංසලක ඉදිකිරීම් ලු.
    ඒ හදන ලොකු ගෙදර විමල් ගෙත් නෙවෙයිලු.

    අනේ මන්දා මට හෙණ අවුල් අනේ. මට පිස්සුද? පිස්සු මටද?

    gayathriJanuary 22, 2015 at 8:02 PM

    රාජිත අවුරුදු කීපයක් දත් ගලවලා හම්බ කරපු සල්ලි වලින් ලු නැව් 8 ක් ගත්තෙ.
    රාජ් රාජරත්නම් ගෙ ඩොලර් මිලියන් ගණන එව්වෙ රවි කරුනානායගම් ගෙ ගිණුමට නෙමෙයි මගෙ ගිණුමටලු.
    පාට(බෲස්)ලී එක්නැලිගොඩ කියලා කෙනෙක් අහලවත් නැතිලු.ඒ නිසා ලසන්ත ගැනවිතරලු හොයන්නෙ.
    රතන සමිඳා ගෙ අක්කර හතර අකනිටා දිවිය ලෝකෙන් ලැබුනු අලුත් අවුරුදු මෙව්වා එකලු.
    අතීත කාමය මාතලන් ට හොඳයිලු. අපිට හොඳ නැහැලු.
    අපි යන කොට කඩේලු. එයා යන කොට ජාතියේ ප්‍රගමණය උදෙසා ලු.
    ලක්ශ 58ක් ලේ මාපිල්ලු ලු.අනිත් අය හරිම බුද්ධිමත්, දූර දර්ශී, විචක්ශණශීලී, ගෝත්‍රික නොවන, දූපත් මානසික නොවන,උගත්, වැදගත්,කුලවත්, වංශවත්,හොඳ....ම හොඳ අයලු.

    මට හෙණ....... අවුල් අනේ. මට පිස්සුද? පිස්සු මටද?

    ReplyDelete
    Replies
    1. මේ ගයාත්‍රි කියන කෙනා මහින්දට කඩේ යන විසේසඥ වෛද්‍යවරියක්.

      Delete
    2. මානසික වෛද්‍යවරියක් නෙමෙයි නේද?

      Delete
    3. දොස්තර නෝනා කොච්චර කඩේ ගියත් ආයි මහින්ද නම් මේ කපේට එන්නෙ නැහැ.එ නිසා ඔය දන්න උපරේසමක් කරන් ඉන්නකෝ.

      Delete
    4. මට හෙණ....... අවුල් අනේ. මට පිස්සුද? පිස්සු මටද?


      ++++

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. මාතලන් කියන්නෙ අම්මෙක් අප්පෙක් නැති කාණු පල්ලෙ හිටපු එකෙක්ලු. ඌට මංගල රෑට රෑට ගෙවනවළු. දැන් පවුලෙත් ඒ නිසා ප්‍රස්නලු. මූ අම්ම එක්ක තියෙන තරහට රට ඌට ඕන විදියට හැදෙන්න ඕන කියන NGO බල්ලෙක්ලු.

      Delete
  12. පැට්ටේරි තුන හතරක්වත් දැම්මනම් හරිය. රජයට ආදායමක් උපයාගත හැකි සහ කොල්ලන්ට කෙල්ලන්ට අඩු පඩියට කඹුරන්න වෙන නැති පඩියක් ගන්න පුලුවන් වෙන.

    ReplyDelete
    Replies
    1. හික්ස්... මොකෝ පඩිය මදිද.. කොලිෆයි වෙන්න. එතකොට ඔතනම හොඳ පඩියක් හම්බ වෙයි.. තාම පොඩියි නේ.. ඔතනින් ඉගෙන ගන්න. ඊට පස්සේ තාත්තා වගේ, ගාමන්ට් එකක් පොඩියට පටන් ගන්න, ජාලේ ගැනත් දන්නවනේ.. පඩිය ගැනම හිතන්නේ නැතිව, ස්වෝත්සාහයෙන් නැගී සිටින්න උත්සාහ කරන්න.. පඩිය විතරක් බලා ගෙන ඉන්න එකා හැමදාම පරාදයි..

      Delete
    2. මේ ෆීල්ඩ් එකේන්ම අනන්තවට් ඔපචුනිටීස් හම්බුනා. ඒත් කිසිම ආසාවක්වත් කැමැත්තක් වත් නෑ, මේ ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න. වෙන අරමුණකට යන ගමනක අතුරු කතාවක් මේ රස්සාව.

      මං ගැන හිතල නෙවෙයි කීවෙ, මේවල නහින කෙල්ලන්ට කොල්ලන්ට මීට වඩා පඩියක් හම්බෙන්න ඕනි.

      හැබැයි අයියණ්ඩිගේ වචන ටිකනම් මසුරන්. තැන්කූ වේවා...

      Delete
    3. ධනවාදය තුල ඕකවත් හම්බ වෙනවා. සමාජවාදෙදි මුකුත්ම නෑ..

      Delete
    4. මාතලන්ගේ උපදෙසට මෙන්න මගෙන් වැටක්.
      +++++++++++++++++++++++++++++++++++++++++.

      Delete
    5. ඔය දෙක නැතුං සාධාරණවාදයක්වත් තිබුනනම්.. ඔබත් ගොඩ මාත් ගොඩ..

      Delete
    6. නව ජනපති MY 3 තුමාගේ සංකල්පයක් අනුව අරලියගහ මන්දිරයේ හා ජනාදිපති මන්දිරයේ AC කරනලද වැසිකිලි ඉවත් කිරීමට පියව‍ර ගෙන ඇත. ඒ වනුවට පුලතිසී පුරයෙන් ගෙන්වූ බාස් මහතෙකු අඩු වියදං වල කක්කුස්සි නිර්මාණය කරනු ඇත. විදේශ නායකයන් ( ඉන්දීය නොවන ) සදහා විශේෂ පුහුණුවක් හා වතුර ඇදීමට චන්දෙට වැඩකළ කොලුවෙකු සපයනු ඇත.

      Delete
  13. හරියටම නා ගන්නනම් ඒකට එක්ස්පර්ට් කෙනෙකුත් ආණ්ඩුවට ගාව ගන්න ඕන - නානසාර !

    ReplyDelete
    Replies
    1. ප්‍රා… රාජකීය දෛවඥයෙක් ???

      ගැසට් එකන්වෙනුවට ඉර්හඳ පත්තරේ ?? :D :D

      Delete
    2. අන්න එක් කර ගන්නවනම් බුලට් බඩු. මහින්දත් නාවලම ගෙදර ඇරියේ.. උන්නාන්සෙට පැවිද්ද දීපු නායක හාමුදුරුවන්ට නම් මේ ආත්මෙම නිවන් දකිනවා ඒ නම දැම්මටම.

      Delete
    3. උඩුවේ බඩුව?

      Delete
    4. උඩුවේ කියන්නේ සිවුර ගලවලා මහරජාට කඩේ ගියේ මදාවියෙක්.. ඕකගේ ශාන්ත පෙනුම බලාගන්න පුළුවන් බණට දෙන ගාන එහෙම අඩුවෙන් දුන්නොත්.. සාසනේ කන කාළකන්නි..

      Delete
  14. හාල් වලට ටැක්ස් අඩු කලොත් අවුල් නේද .. ?

    ReplyDelete
    Replies
    1. ඩඩ්ලිගේ අරලිය කොම්පැනියට නම් අවුල් වෙයි. අපිට අවුලක් නෑ නේ.. උන්නැහේට දැන් බැරිය හාල් කොම්පැණි නැතිව කාර් කොම්පැණියක් වගේ එකක් දා ගන්න. උපදේශක කමට සජින් වාස් ගන්න බැරිය. සජින් වාස් ධනවතෙකු වන්නේ කෙසේද කියන පොත කියවන්න අරගෙන මාස දෙකයිලු ගියේ.. මේන් මූ ධනපතියෙක් උනාලු..

      Delete
  15. හෙන ගහන ගැහිලි නැති කරලා , ගහපු ඇත්තෝ හෙන ගහල මැරෙන්න කලින් රටේ මිනිස්සුන්ට දකින්න ලැබෙන තුරු රොටියාද ඇඟිලි ගනිනවාය. යටගිය දවස බලයෙන්, ශ්‍රී විභූතියෙන් සින්හාරුඪ ව වැජබුනු පනික්කිරාලලා අයෙත් වද්දා ගන්නවාය කියන්නේ , බිම් මට්ටමේ ජනතාව (මාතලන් වැනි කිහිප දෙනෙකු හැරෙන්නට) නැවත කට පුක වහගෙන වෙන දෙයක් බලාගෙන ඉන්නා තත්වයට ඇද දමනවා කියන එකය. මැරකමින් හා බලයෙන් රෙදි නැතුව කඩේ ගිය එව්වන්, දැන් දැන් රෙදි ගලවා දමමින් පනින්නට දඟලන දැගලිලි දුටු කල, ගිය හතර හිනා හේතුවෙන් රොටියාටද උදැහැනැක්කේ ජනෙල් දොරවල් වලට විරිත්තමින් අදාල වැඩය කරන්නට සිද්ද උනාය.

    යන විදිය නම් වරදක් නැත. නමුත් හොරුන් සහ වෙන්න හොරුන් ගැන මහජනයා නිරතුරු අවදියෙන් බව කිව යුතුය.

    කොළඹ ට්‍රැපික් කන්ට්‍රොලින්ග් සිස්ටම් එක මුලක සිට හැදුවොත් නම් රටක් වටනේය. මොන මොන වේ තිබ්බුනත් , පෑලියගොඩින් මෙහාට උදේ හවස යාත්‍රා කිරීම අර කව්දෝ කියා තිබුණා වගේ අම්මා, අක්කා, නංගි, පොඩි කාලේ බලා ගත් ආයා හා ප්‍රිය බිරින්දෑ සමග එක ගෙදර වාසය කිරීම හා සමානය.

    රටේ ඉදිරි පරම්පරාවේවත් ඔලු ටිකට වටින කියන දෙයක් දැමීම පාසල් මට්ටමින්ම ඇරඹුවොත් ඉතා අගනේය. ඒ කියන්නේ පලවන පරාක්‍රමබාහු හැදු වැව් ගනනවත්, ලංකාව පෘත්රුග්රිසින් විසින් යටත් කරගත්තේ මොන අවුරුද්දේද කියන ඒකවත් නෙවේය. හදන්න ඕනෑ ඇටිටියුඩ්ස් ය. ආකල්ප ය. නැත්තං අපේ ළමයින්ගේ ළමයින්ගේ පරම්පරාවේත් අරකා දෙමලාය, අරූ හම්බයාය කියනා මන පහතයන් (රසිකලොජියෙන් උපුටා ගතිමි) බිහිවෙනවා ඇත.

    අර දුටු විට බය හිතෙන කළු ලෝගුවෙන් මුහුණ වහගෙන යෑම පිළිබඳව වැඩපිළිවලක් තියෙනවා නම් හොඳය. (හිස නොව මුහුණ). ආගමික නිදහස නොව මෙතැනදී රොටියා කතා කරන්නේ ආරක්ෂාව ගැනය.

    ඔය හැමතැනම තියෙන නගර අලංකරණ වැඩපිළිවෙලවල් එහෙමම තියෙනවා නම් හොඳය. පාන්දර කියවූ බ්ලොගයක (නම මතක නැත) තිබූ පරිදි සමහර ඒවා දැන් දවස් දහයක විතර වෙලේ ඉඳ නඩත්තුවක් නැත.

    පැස්ටෝල් අඩු කරපු එක නම් මල් හතය. (තාමත් වැඩවසම් යුගයේ ඉන්නා සමහරු පැස්ටෝල් අඩු කිරීමේ විපාක ලෙස වාහන ගමන් වැඩිවී , පරිසර දුෂණය හා වාහන තදබදය ඉහල යෑම ගැන කතා කරන විට නම් රොටියාගේ ඉවසීම කෙලවර වේ. අද සිකුරාදා රැයෙහි දෙකක් දමාගෙන එහෙව් එකෙකුට බණක් දෙසන්නට හිතක් පහලව ඇති නිසා කොමෙන්ටුව මෙතනින් නවත්තනවාය)

    එහෙනං ජයවේවා මාතලන්!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා.... පට්ට කොමෙන්ටුව..

      Delete

  16. //යහපාල සිරිසේන මහතා අර පත් කොරපු ටැලිකොං ලොක්ක එතුමාගේ මල්ලි නෙවෙයි, මගේ මල්ලි හොඳද?
    තව ටික දවසකින් වීසා අරන් යාපනේ යනකොට අපිත් ආවට කමක් නැද්ද?//

    ReplyDelete
  17. දේශීය කර්මාන්ත නංවන්න ඕනෙ. ඉන්දියාවේ නැනෝ කාර් වගේ අපේ මයික්‍රෝ කාර් අඩු මිලට දෙන්න ක්‍රමයක් ඕනෙ. මෝටර් බයිසිකල් සහ තුන් රෝද රථ අපිටම 100% ක් අයිති කර්මාන්ත හැටියට ආරම්භ කරන්න ඕනෙ, පාසල් විෂයය ධාරා අපට අදාලවන පරිදි වෙනස් කරන්න ඕනෙ. විද්‍යාත්මක කෘෂිකර්මය කියලා පිටරටින් උපදෙස් ගන්නේ නැතුව අපේ පරණ මිනිස්සුන්ගේ උපදෙස් වර්තමානයට ගැලපෙන පරිදි නවීකරණය කරන්න ඕනෙ. මැදපෙරදිගට යන ගෑණු පෙට්ටියෙන් ගෙදර ඒම වලක්වන්න ගෘහසේවිකාවන් යැවීම ඉබේම නවතින්න කාන්තාවන්ට රැකියා අවස්ථා වැඩිකරන්න ඕනෙ.

    යකෝ සංස්ථා ඕල්ඩ් එකක් 1090 යි. වැඩියි වැඩියි. 650ක් ගත්තම ඇති. ඉතුරු බදු ඉවත් කරනු අ ... ඩ්.....ඩෝ.....ව්!

    ReplyDelete
    Replies
    1. බුදු සෑර් … මෝටසයිකලුයි ත්‍රීවීලුයි පදින අයිය මචංලාට පාරෙ යන හැටි උගන්නනත් ඕනැ අපි ඒව හදනව වාගෙම ..

      ගල් එකේ ගාන 500 කරපියව් !!! ගෝලිප් රු 10/= කරපියව් ..

      Delete
    2. ඕල්ඩ් ෂැක් ...මකුණු ගදයි ...
      //ගල් එකේ ගාන 500 කරපියව් !!! ගෝලිප් රු 10/= කරපියව් ..//

      Delete
    3. යෝජනා නම් එළ පොඩ්ඩක් ඉවසන්නකෝ විචෝ..

      ආන්ඩුවේ උන්ට නම් පඩි වැඩිකරනවලු.. එතකොට උන්ට ගල් බෝතලේ ගාන අවුලක් නෑ.. ඒත් ස්වයං වින්දනයක් කොරාගෙන සොයන් රැකියාවක් කොරන අපිට, එතකොට පෞද්ගලික් උන්ට මොකෑ වෙන්නේ..

      අන්න ඒ අසාධාරණයට එරෙහිව අපේ හඬ නගමු..

      ගලේ ගාන අඩු කරව්...!!!

      Delete
    4. සංස්ථා ගල් එකක් 980 යි. බොහොම වැඩියි.
      මේක අඩු කරගන්න සමස්ථ ලංකා ගල් කාරයො නැගී සිටින්න ඕන.

      Delete
    5. ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමු !!

      ගල් බලකාය වෙනුවෙන් අත්සන් කලේ .
      කැඳවුම්කරු / කාරක සභික
      2015/01/23

      Delete
    6. \\..මෝටර් බයිසිකල් සහ තුන් රෝද රථ අපිටම 100% ක් අයිති කර්මාන්ත හැටියට ආරම්භ කරන්න ඕනෙ..///
      ඒ කර්මාන්තෙ 100% අපි කරනවානම් එන්ජිමක් ඕන වෙන එකක් නැහැ. ඒනිසා ඒ කර්මාන්ත නගා සිටවීම රන්ජාගේ පශු සම්පත් එකටම අනුගත කොලා නම් අහවරයි නේද අන්කල්...?

      Delete
    7. කරත්ත ඇන්ජින් ෂෝක් බයිට් එක ඈ...

      Delete
    8. උම්බලකඩ මිල අඩු කරන්න ඕන..එතකොට උම්බලකඩ වඩේ බයිට් එකට ගත්තෑකි . ඕ යේස්

      Delete
    9. අවුලක් නැත්නම් මමත් මෙතෙන්ටම සැට් වෙන්නද

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කලින් කලට මෙවන් නිර්වචනයන් වෙනස් විය යුතුය. " යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් වන තරමටම ඡන්ද දායකයින්ද හැම විටම ගොනාට ඇන්දවිය නොහැක."

      Delete
    2. අවස්ථාවාදින් හා කපටියන් ටික දැන් අන්ධ බූත ජාතකේ රඟපානවා... මහ එක්කෙනා ගෙදර නව ගුණ වැල ගනිනවා...

      Delete
    3. ...ගයත්‍රී තාමත් පුක ඉරාගෙන කඩේ යනවා...

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  19. උඩ ෆොටෝ එකේ ඉන්න හාදය යහපාලනේට ආවෙ අහසින් පාත් වෙලා නෙමේනෙ. කරපු වංචාවක් තිබ්බනම් පහුගිය ආණ්ඩුවට හිරේ දාන්න තිබුනනෙ මොකෝ කවුරුත් එපා කියනවද?
    ඔයිට වැඩිය කම්බ හොරු ගොඩේ රවී මොන සිල්ලර හොරෙක්ද කියල අත ඇරියද දන්නෙ නෑ .

    ReplyDelete
    Replies
    1. හොර හොරා ගෑවට අද වෙනකන් කිසි කේස් එකක් නෑ. හැබයි අද හොරුයි කියලා කින්ඩිය දාන උන්ටත් මේ තත්වෙම උදා උනොත්, ඕන් එයාලා ආයේ මනාපේ ඉල්ලන්න එන දවසට හොරා කියන්න ඔට්ටු නෑ..

      Delete
  20. Replies
    1. අපි කොහොමත් අලියට වැඩියෙන් මනාපයි... හොර ගෝත්‍රික රෙදි බැනියන් කාරයන්ට වැඩිය..

      Delete
  21. \\.....සිරි ලංකා කාරයන්ගෙයි, වමනේ කාරයන්ගේයි රැස්පොට් බලන්නේ නැතිව, හස්ති රාජයන්ගෙන් රාජණියන්ගෙන් පිරි අළුත් ආන්ඩුවක්, බ්ලැක් මේල් කිරීම්, බිය වැද්දීම්, තගරි නැතිව, ආතල් එකේ ගෙනියන්න හැකි වෙනවා කියලාය...////

    මාතේ උඹ අලි ඉම්පොර්ට් කරන්නෙයි යන්නේ....මම දන්න අලිනම් ඔය උඹ ලියලා තියෙන දේවල් ඉස්ටාර්ට් කරපු ඈයෝනේ බං...
    මං කිව්වේ..මේ....බ්ලැක් මේල් කිරීම්, බිය වැද්දීම්, තගරි වගේ දේවල්..?

    ReplyDelete
    Replies
    1. උඹේ ලිස්ට් එකෙන් හාලුයි, ලූනුයි, අලයි අරන් දාපං...නැත්නම් ලොක්කා පචවෙනවා මචෝ...ඔව්වා වවන අපි වගේ අයට උපරිම මිලක් දෙනවයි කියලා පොරොන්දු උනානේ 8 වෙනිදාට කලියෙන්...
      කොත්තමල්ලි ටැක්ස් අරන් දාන්න කියහං..එතකොට පඩි වැඩිකොරන්න ඕනෙත් නැහැ බං...

      Delete
    2. එයාල දැන් එහෙම නෑ.. අපි වගේ ජෙන්ටල්මෑන්ස්ලා.. චුට්ටක් නොකාම ඉන්න එකකූත් නෑ.. මොකෝ අවුරුදු 20ක්ම හාමතේ නේ උන්නේ.. ඒත් ඉතින් අර වගේ මළ පෙරේත කෑමක් නම් කන එකක් නෑ.. කොත්තමල්ලි අඩු කිරීම කෙසේ වෙතත් මට බය තව ඩිංගක් කෙලීද කියලා.. මේ සිරිසේන උන්නැහේ ඉඳලා හිටලා හරි කොත්තමල්ලි ඩිංගක් බොන්නෙ නැද මන්දා.. කොත්තමල්ලියි, හඳුන් කූරුයි පෙන්නන්න බෑ නේ එයාට.. ඩෙංගු මදුරුවටත් වඩා හෙනේ වෙලා තියෙන්නේ දිවිය ඖෂධ වෙච්චි..

      වවන්නෝ දින්නනෝ මෙයා හැමදාම.. එහෙම උනොත් මල් වවන්න බැරිය.. මම කිව්වේ ෂිරෝහානා එකේ මල්..

      Delete
    3. කැලේ මාරු උනාට ...හැට පැන්නත්..ඔය වාගෙ ආප්තෝපදේශ නම් ඉතින් මතක් වෙනවා..ඒත් උඹ කියනවානම් ඉවසන් ඉන්නම් සත්තරන්..

      මචෝ අපි නොදන්න බුෆේ...කන්න පුලුවන්තරමටම නෙවයිනේ බෙදා ගන්නේ..

      මල් නැත්නම් ජීවිතේ පල්..

      මම කිව්වේ ෂිරෝහානා එකේ මල්.
      අන්න මල්මීත් බායි කිව්වා,

      Delete
    4. ඕනම දෙයක් කාළයක් යන කොට එපා වෙනවා.. මටත් එහෙම උන වෙලාවල් තියෙනවා.. මේ වැඩිපුර ලිවිල්ලත් හුදකළාව ඉන්න නිසා...

      Delete
  22. ඔය ඔක්කොම කලාට පස්සෙ ඇත්තෙ ගෙදර යන එකය .. නැත්නං අරයා වගේ ලෝකෙටත් ලංකාබැංකුවටත් ණය වෙන එකය ..ආන්ඩුවෙ පිංපඩි දෙන්නවත් සතයක් ඉතිරි වෙන්නෙ නැතිය..

    ReplyDelete
    Replies
    1. සමෘධි බැංකුවෙනුත් කාලා සත්තරනේ.. තව ටික දවසක් හිටියනම්, හිඟන්නෙකුටවත් බේරෙන්න බැරි වෙනවා...

      Delete
  23. හමුදා වලට බඳවා ගැනීම් සීමා කරන්න ඕනි, ස්වේච්ඡා (සාමාන්‍ය සේවා) අවසන් කරන්න ඕනි. විශ්‍රාම යන සේවාකාලය සම්පූර්ණ කරල ඉන්න නිළධාරීන් හා සෙසු නිලයන් විශ්‍රාම යැවීමට සැලැස්වීමෙන් යුද්ධ කාලයේ එක පොදියට බඳවා ගත් දැනට උසස් වීම් හා සෙසු වරප්‍රසාද ලබා ගැනීමට නොහැකිව සිටින සැබෑ යුධ විරුවන්ට ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්නෝනෙ. රට පුරා ඉහළ මට්ටමේ ආරක්ශක විග්‍රහයක් කිරීමෙන් පසු හමුදා කඳවුරු අවශ්‍ය හා අනවශ්‍ය ස්ථාන පැහැදිලිව හඳුනාගෙන ප්‍රථිස්ථාපනය කිරීමේන් හමුදා සතුව ඇති වැඩිපුර ඉඩම් රටේ නිශ්පාදන ක්‍රියාවලියට සක්‍රියව දායක වන ලෙස කර්මාන්ථශාලා සඳහා ලබා දිය යුතුයි. හමුදා සන්දර්ශන හා තේරුමක් නැතිව කරන හමුදා මුර සංචාර අවලංගු කල යුතුයි. ඒ වෙනුවට හමුදා බුද්ධි අංශ වැඩිදියුණු කොට සාමාන්‍ය ජන ජීවිතයට බාදා නොවන පරිදි ආරක්ශාව කළමණාකරණය කල යුතුයි. යුධායුධ මිලදීගැනීම් වලදී වඩා ප්‍රායෝගික හා ඉදිරි දැක්මක් සහිත විය යුතුයි. හමුදා සාමජිකයින්ගේ පුහුණුව හා යහසාදනය ක්‍රමවත් හා සියල්ලන්ටම සමසේ බෙදී යන වැඩපිළිවෙලක් ගෙන ආ යුතුයි. ඔය මගේ ප්‍රොපෝසල් තව තියෙනව ටික ටික කියන්නම්..

    ReplyDelete
    Replies
    1. හුටා වැරදි එක්කෙනාටනෙ ආරක්ෂක රාජ්‍ය ඇමති කම් දීලා තියෙන්නෙ..පොඩ්ඩක් හිටහන් සත්තරනේ රුවන් මල්ලිට කියඤ්ඤං බොට මේ වැඩේ හරියට කොරන්න දෙන්නය කියලා.

      Delete
    2. දවස් සීය ඇතුලේ නම් හම්බ වෙන එකක් නෑ.. එයිට පස්සේ බලමු.. උඹගේ ළිපිය මාර ගේමක් දුන්නේ.. ගොඩක් උන් කියවලා තියෙනවා.. ඒ වගේ තව හොර වැඩ තියෙනවනම් බය නැතුව ලියපන්..

      Delete
    3. @ ෂෙෆාකි.. ඔය මොන ඇමති කමත් කරන්න නං පුළුවන්.. බැරිද නිකං කාන්තා කටයුතු වගේ එහෙකට සපෝට් එකක් අර්ං දෙන්න? හැක් හැක්..
      @ මාතේ.. උඹෙ පබ්ලිසිටියෙං මගේ රේටිනුත් නැග්ගා පට පට ගාල.. හැක් හැක්.. ලියන්න ඕනි යෝශිතව නාවික හමුදාවට දාපු ඔපරේශන් එක ගැන ආයෙ..

      Delete
  24. budget eken general thumata field marshal padiya denna salli tikakuth wen kaloth
    hondai neda matha aiye ?

    ReplyDelete
  25. සතොස කාපු රවීට මුදල් ඇමතිකම දෙන්න තීන්දුකරපු මොංගල් යකා මෛත්‍රිපාල වෙන්න බෑ රනිල් වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් හිටපු එකා ඊට මොංගල් නේ.. මූනත් සමහර වෙලාවට ඒ වගේ..

      Delete
  26. ළදරු කිරිපිටි විතරක් මදියෝ. ඊට පොඩ්ඩක් ලොකු එවුන්ටත්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ළොකු අයට නම් මව් කිරි තියෙනවනේ..

      Delete
  27. මට නම් හිතෙන්නේ රජයට අයත් ඉඩම් නගරවල ඔනතරම් තියෙනවා. එවා විකුන්නවත් බදුදෙන්නවත් නැතිව. රජය විසින්ම shopping complex වගේ එවා හදලා එවා කුලියට දීමෙන් ලොකු ආදායමක් ගන්න පුළුවන්. හැම දේටම බදු ගන්නේ නැතිව. එයින් බදු ගැනීම අවම කරන්න පුළුවන්.

    හැම තැනම විසිරිලා තියෙන එක වර්ගයේ වියාපාර එකම බිල්ඩින් එකකට ගෙනත් ආදායමත් මිනිස්සුන්ට පහසුවත් ඇති කරන්න පුළුවන්. (උදා කොළඹ තියෙන ගැරේජ් එක තැනකටත් ප්‍රින්ටින් ප්‍රෙස් එකතැනකටත් (රත්මලාන වැනි ඉඩ තියෙන තැන්වලට) එවාට අවශ්‍ය ද්‍රව්‍ය අලෙවිකරන ආයතන ඒ බිල්ඩින් එකටම ගෙනත් පාරිබෝගිකයාටත් සේවා සපයන්නන්ටත් පහසු කරන්න පුළුවන්. ගැරේජ් එකකට කොළඹ වටේම යන්න ඕන වෙන්නේ නැහැ.

    මේ විශාල ගොඩනැගිලි බදු දීමෙන් විශාල ආදායමක් රජයට උපයගන්න පුළුවන්. මේක සෑම නගරයක්ම කරන්න පුළුවන් හැම තැනම රජයේ ඉඩම් තියෙනවා. එහෙම නැතිව හැමදාම බදු වලින් යැපෙන්න ඔන නෑ. රජයට බිස්නස් කරන්න බැහැ ගසා කෑම වැඩියි. අනික තමයි ප්‍රාෙද්ශිය සභ සහ පලාත් සභා එවා සුදු අලි.

    ReplyDelete
    Replies
    1. චන්ද වලට කෙලවෙන යෝජනා ගෙන ඒම ගැන අපේ විරෝධය පල කර සිටිමු.

      Delete
    2. ප්‍රාදේශීය සභා නම් ගමේ සංවර්ධනයට අත්‍යාවශ්‍යයි. ඒත් පලා බබා නම් තනි සුදු අලියා.

      Delete
    3. මං හිතුවෙ මාතලන් සහ මම හිතන්නෙම ප්‍රතිවිරුද්ධ විදියට කියලා. ඔය තීයෙන්නෙ. එළ එළ.

      Delete
  28. එල.... විය යුතු දේවල්.

    ReplyDelete
  29. Galbalakaya karanna hadana udgosanayata, sampurna sahaya palakarami.~~ROTIYA BABA kiyana ara Kalu loguwen munawahana eka gena., Blog Karuwek thdinma wiruddai.Mekata eya Ano awith Baila kiyai.(Thun lokaya)

    ReplyDelete
    Replies
    1. එයා දන්නේ ලංකාව ගැන විතරයි. ඒකයි එහෙම ටෝක්ස් දෙන්නේ. ඒක සල් වනයක් උන දවසක කොටින්ට අන්ත වෙනවා..

      Delete
  30. Admire on this

    එනම් "දැයට කිරුලත්" නවත්තපු එකේ, සෑම වසරකම, අළුත් විශ්ව විජ්ජාලයක් හා අනෙක් සිසුන් වෙනුවෙන් විස්ස විජ්ජාල මට්ටමේම කාර්මික විජ්ජාලයක් ආරම්බ කරන්න හැකි වන්නේ නම්, ඔබේ නමත් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා නොඅනුමානය. අම්මට සිරි ලංකාවේ, එහෙම නම තියපු උන් ඉන්නේ අල්පයක්ය.

    ReplyDelete
  31. මාතලන් මේවා ලියන ස්පීඩ් එකට මට කියවන්න වෙලාවක් නැහැනේ. ටිකක් හිමින් ඇවිදපන්. හේ හේ මේ මුදල් අමාත්‍යන්ශේ උපදේශක කමක් ඉල්ලුවොත් මොකද ?

    ReplyDelete
    Replies
    1. මචෝ මට ලියන්න එච්චර වෙලාවක් යන්නේ නෑ.. කවියක් ලියන්න නම්, හැබයි නිදහස් පරිසරයක් ඕන, ඒ වගේම කවියක් ලියන්න හුදෙකලා වෙන්නත් ඕන. මේ දවස් වල කවි නැත්තේ, මම ඉන්නේ සුන්දර ගමක බොහොම සුන්දර සෙට් එකක් එක්ක නිසා. අනික මේ දවස්වල ඕන නම් දවසකට දෙකක් ලියන්න බැරිය.

      Delete
    2. ඒක තමයි..මාසෙකට දෙකක් දාගන්නත් මං මේ කෙකර ගානවා. කොහේ තියෙන වෙලාවක්ද මංද. ඉනිඩ් බ්ලයිටන් වගේ.

      Delete
  32. පැස්ටෝල් නම් අඩු උනා. ඒ ආතල් එකට එදාම බයික් එකේ පැච් එකත් දාගෙන සෙඩ් එකට ගියාම පැස්ටෝල් නෑ කියපි... මට හොඳ වචන දෙක තුනක්ම මතක් උනා.
    ඡ්න්දෙට ඉස්සෙල්ලා ඇඩ් එකක ර නිල් මහත්තයා කිව්වා ගෑස් බස්සනවා කියලා... මම හිතුවේ මේ ටිකත් එක්කම ඒකත් ඩෝං ගාල බහිවි කියලා... අනික කොල අයට පවර් එක ආපු එකට වැඩියෙන්ම ආතල් ගිහින් තියෙන්නෙ වටේ හිටපු එවුන්ට. පාරවල් එහෙම හදන්න ගහපු බෝඩ් කඩලා.. එව්වා කමක් නෑ කියමුකෝ... පාඩුවෙ තමන්ගෙ වෙලඳාමක් කරගෙන හිටපු අයගෙ කඩ කඩලා... ඒවයේ කිරිබත් හැදුවා (ඡන්දෙට පහුවදා)...
    හැබැයි හොඳවැඩත් නැතුවම නෙවෙයි. අපේ ඉස්කෝලෙට 6 ට ළමයි ඇතුලත් කරන්න එකාගෙන් එව්වට මෙව්වට කියලා 8000/= ගන්නවා. බාර ගන්න දවසෙ කොල පැත්තෙ කෙනෙක් කෝල් කරලා අපේ පින්-සිපල් ට ඕක නවත්තන්න, සල්ලි එක්කහු කරන්න එපා කියලා..

    ReplyDelete
    Replies
    1. පඩුවේ කොහෙද බං කඩ කර ගෙන හිටියේ. කඩ දාගෙන හිටියේ තගරියෙන් මදාවියෝ.. සාධාර්ණ මනුස්සයට මොන ආන්ඩුව පෙරලුනත් කිසි අවුලක් නෑ. රජ පිස්සුවෙන් පිස්සු කෙලපු උන් ඔහොම බේරුනා ඇති. රජා දින්නා නම් වෙන දේ හිතා ගන්න පුළුවන්නේ. එක පාර බුදු වෙන්න අමාරුයි.. හෙමීට ගෙම යයි.. කළබල් නොවී ඉන්නකෝ..

      Delete
    2. ඒකත් ඇත්ත.. බලමු බලමු

      Delete
  33. මාතලන් කියන්නෙ අම්මෙක් අප්පෙක් නැති කාණු පල්ලෙ හිටපු එකෙක්ලු. ඌට මංගල රෑට රෑට ගෙවනවළු. දැන් පවුලෙත් ඒ නිසා ප්‍රස්නලු. මූ අම්ම එක්ක තියෙන තරහට රට ඌට ඕන විදියට හැදෙන්න ඕන කියන NGO බල්ලෙක්ලු.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න