.

.

Jan 21, 2015

ජෙනරාල්, පැස්ටෝල් සහ ඇල්සයිමර් - General, Fuel & Alzheimer


පීඩනය විඳ වූයේ ජෙනරල් පමණක් නොවේ...

මාතලන් මේ දවස්වල ඉන්න ගම්මානේ උන්ගෙන්, මාතලන්ට ගැලවීමක් තිබුනේම නැතිය. මේ ගම්මානේ වැඩි පුරම උන්නේ, මහ රජ්ජුරුවන්ගේ යටත් වැසියෝය. සිකැරට් එකක් ගන්න කඩේකට ගියත්, හවස් ජාමේ බාර් ඇසෝසේසන් එකේ මීටින් වලට ගියත්, මහ රජ්ජුරුවන්ගේ උන් කින්ඩිය දැම්මේ, මොනවද ලොක්කා යහ පාළණෙන් ඔහේට හම්බ උනේ කියාය. කොහොම හරි පචවාහිනියටයි, නයි ටී ඇන් එකටයි පින් සිද්ද වෙන්න, මහ රජ්ජුරුවන්ට දපනේ වැටිලා හිටපු උන්, දැන් දැන්, අපි කියපුවා ඇත්ත නේද යකෝ කියලාත් ඉඳ හිට අහනවාය.

ඕන් අද නම් හන්දියේ කඩේට බය නැතිව යන්න පුළුවන්ය. ඒ චම්පික රණවක ලොක්කා, ඩීසල්, පැස්ටෝල්, ලාම්පු තෙල් අඩු කරපු හින්දාය. මේ යහ පාළණයෙන් අපිට ලැබුන පළවෙනි සහනයය. ඒකත් රුපියල් පහ දහයකින් නෙමේය. හොඳට ඇඟට දැනෙන ගනනකින්ය. ඉස්සෙල්ලාම පැස්ටෝල් අඩු කරලා දුන්නේ හරීන් ප්‍රනාන්දුය, ඊට පස්සේ, අපේ මිස්ටර් ප්‍රොසිඩන්ට් සිරිසේන මහත්තයාය. දැන් හම්බ උනේ, චම්පික ලොක්කාගෙන්ය. ඒ නිසා ඒ තුන් දෙනාටම ටැන්කූ කියා අපි කියනවාය. අර කලින් පෙබරවාරි හතර වෙනිදා දෙනවා කියපු එක, ආයෙත් දුන්නත් අවුලක් නම් නැතිය.

ඊයේ යහ පාළණය ගැන බොහෝ සතුටු වෙන්න පුළුවන් දවසක්ය. ඒවා එක එක වෙනම දානවා නම් මේ වාගේය

* ඉන්ධන මිළ ඇඟට දැනෙන ගනනකින් අඩු කිරීම.
* ජෙනරල් සරත් ෆොන්සේකාට නිදහස ලැබීම.
* අගලවත්තේ පඩත්තලයා දඟ ගෙට යැවීම.
* පොලීසියට බලපෑම් කිරීමට ගිය ජෝන් බාස්, (ජෝන් අමරතුංග) නෝන්ඩි වීම. (ඒ OIC ට අපගේ ප්‍රණාමය)
* කැම්පස් කොලු කෙල්ලන්ට දෙතිස් වදය පැනවූ, හමුදා පුහුණුව ඉවත් කිරීම.
* අගවිනි සොරා ඉල්ලා අස්වීම.

ජෙනරල්ට යුක්තිය

මාතලන් අදටත් සිතන්නේ, ෆොන්සේකා ඉක්මන් වැඩි උනා කියාය. එතුමා අමාරුවේ දැමීමේ වගකීමක් ජෙප්පන්ටත් තියෙනවාය. 2010 ගැහුවේ දිනන්න බැරි මැච් එකක්ය. අපි ඒවා ගේම පටන් ගන්න කලින්ම කීවේය. කෙසේ හෝ එහෙම ගේමට ආවා කියා, රට බේරා ගත් ප්‍රධාන රණවිරුවා හතරගාතෙන් අල්ලා දඟ ගෙට දැමීම, කිසිම ශිෂ්ඨ රටක නම් සිඳුවන දෙයක් නෙමේය. අද ගමේ, පින පව පිලිගන්නා අහිංසක මිනිස්සු කියන්නේ, මහින්ද මහතතයාට පල දුන්නේ ෆොන්සේකාට කළ දේ කියාය.

වෛරයක් තිබුනා නම්, අඩුම ගනනේ ඒ මනුස්සයා අර මියන්මාරයේ අවුන් සාන් සූකි මෙන් හෝ ජේ ආර් පප්පා සිරිමාවෝ මැතිනියට දුන්නා වාගේ, පනිස්මොන්ට් එකක් දෙන්න තිබුනේය. එහෙත් කළේ එය නොවේය. අන්තීමේදි කළ ගොන් කම හේතුවෙන් උනේ, එතුමා වීරයන් අතර වීරයෙක් වීමය. දැන් එතුමාට කළගුණ සලකන එක, වත්මන් ආන්ඩුවේ යුතුකමය. නිදහස පමණක් දීලා වැඩක් නැත. එතුමගේ සේවය, තව දුරටත් මේ රටට අත්‍යාවශ්‍යයමය. මන්ද උතුරේ කොටි විනාශ කළද, දකුණේ ලේ පිපාසිත කොටි නැවතත් හිස ඔසවනා නිසාය. ත්‍රස්තවාදය නැවත් විය යුත්තේ ත්‍රස්තවාදයෙන්මය.

රජගෙදර රිලවා

මහින්ද මහත්තයා නැති කලේ, බැසිල් කියා රජගෙදර රිලවා කියලා තියෙනවාය. ඒත් මහින්ද මහත්තයා නැති කලේ බැසිල් නොව, රනිල් කීවා වාගෙම රජ ගෙදර රිලවාය. ඔය ගොන් රිලවා, රජතුමාට කඩුවෙන් කොටන බව අප කීවේ බොහෝ කළකට පෙරය. මහින්ද මහත්තයාට කෙළ උනේ මේ වාගේ පඩත්තලයන් රෙද්ද අස්සේ දා ගැනීමය. එතුමා ළඟ එක වැදගත් මනුස්සයෙක් සිටියේ නැතිය. උන්නේ මදාවියන් හා වාචාලයන් පමණක්මය.



මට මතක නෑ ඕයි....

ඒ වාගෙම අවසාන මොහොතේ තවත් නොම්මර එකේ ගොඩ පෙරකදෝරුවෙක් එකතු උනේය. මහින්ද මහත්තයා හිතාගෙන උන්නේ මේ යකා හරි පොරක් කියලාය. බස්නාහිර පලා බබා එකට, කොළඹට ලීඩර් ෂිප් එක දුන්නේ එකසිය ගානට ඇඳ ගත් නිසාය. මේ නම් මේ රටේ සියළුම පක්ෂ වලට සිඳුවෙලා තියෙන කරුමයක්ය. කොහේවත් යන කිසිඳු ඡන්ද පදනමක් නැති හාල්පාරුවෝ, එක එක සෙප්පඩ විජ්ජා පෙන්නා මහ පක්ෂ වලට රිංගා ඒ පක්ෂය වෙනුවෙන්, දර දිය ඇද්ද උන්ට කෙලිනා එක නම් මහා කරුමයක්මය.

ළෝකෙටම පේන්න ටැබ් එකක් අත ගගා උන්නාට. සම හරක්, අමුම අමු ගල් යුගයේ වැද්දන්ය. ඒ නිසා මුන් අත ගගා උන්නේ ටැබ් එකක්ද, ගල් පතුරක්ද කියා හොයා බලන එක, ජහ මනයාගේ වැඩක්ය. ගොන් කම ඇඟෙන්ම එකක් බව හිනාවෙන්ම පෙනුන නිසා, අපි නම් මේ වාහේලාට රැවටුනේ නැතිය.

ජනාධිපති ගේම යද්දි මේ ගොඩ පෙරකදෝරුවා මහින්ද ගාවට පැනලා මාද්දිය සාකඡ්චාවල පොර ටෝක් දෙන කොට, සිරි ලංකා එකේ අනික් උන් එහෙනම් තෝම පරිප්පුව කාපන් කියලා හෙමිහිට මාරු උනේය. අන්තීමේදි, බෙදුම්වාදි කතා කියා මහින්ද මහත්තයාට තියෙන සුළු ඡන්ද ටිකත් කෑවේය. ඒ කරලා කෙළ උනාම, අවසාන මොහොතේ කුමන්ත්‍රණ කොරලා රට අල්ලන්න උපදෙස් දීලා තියෙන්නෙත් මේ ගොඩ පෙරකදෝරුවාමය.

ඊයේ පොලිස් හෙඩ් කුවාටර්ස් වලට කට උත්තර දෙන්න ඇවිල්ලා, පට්ට කතා කීපයක් කිව්වේය. මුන් මුළු රටටම ඇඳිරි නීතිය දාන්න ගිහිල්ලා තියෙන්නේ ගම්පහ පැත්තේ සමන්මලි සකලසූරිය බබාට කව්දෝ ගහන්න එනවා කියලාය. ඒ කියන්නේ මූගේ ගොන් තියරිය අනුව, අම්මට සිරි ලංකාවේ සෑම ප්‍රදේශයකම ජනතාව සමන්මලීට කෙලින්න එන්න ඉඳලා තියෙනවාය. මේ වගේ ගොන් කතා, ඔය වාගේම ගොන්නුන්ට නම්, කෘතිම සිංචනය වාගේ ආතල් නම් දෙනවා ඇතිය.

ඊට පස්සේ, මාද්දිය වේදියෙක්, "චීප් ජස්ටිස් එතන හිටියාද...?" කියලා ඇහුවාම, ගොඩ පෙරකදෝරුවා කිව්වේ, "මට මතක නෑ ඕයි..!" කියලාය. ඔය ලෙඩේ මීට කලිනුත් එකෙකුට හැදුනේය. ඌත් එසේ මෙසේ බඩුවක් නෙමේය. මිනී මැරුම් චෝදනාත් තියෙන එකෙක්ය. ඔය ලෙඩේට කියන්නේ අල්සයිමර් කියලාය. ඕක දරුණු ලෙඩක්ය. එහෙම උන් පොලිටික්ස් කොරනා එක පට්ට ඩේන්ජරස්ය. මොකෝ මුන් මීටත් දරුණු වැඩ කරලා, මට මතක නෑ ඕයි කිව්වෝත්, වැලිකඩ යවන්නේ නැතිව එලියට දාන්න වෙන හින්දාය. මොකෝ..., පිස්සෝ හිරේ දාන්නේ නැති නිසාය.

අපි ආන්ඩුවට කියන්නේ, මුන්ගේ මොළේ චැක් කොරලා, අලසයිමර් කාරයෝ නම්, ගෙවල් වල තියන්න කියලාය. මොකෝ මුන් එලියේ ඉන්න එක මහින්ද මහත්තයාට ඉතරක් නොව, මුළු රටටම හෙනයක් නිසාය.

මුන් බුද්ධිමත් දෙසපාලුවෝ කියනා උන්, මුන්ට වඩා මොළේ කචල් උන්ය. අපි නම් එදා ඉඳලා කිව්වේ, මුන් මර්වින් සිල්වාටත් අන්ත ජඩයෝ කියලාය. කුමන්ත්‍රන කරපු තැන ඉඳලා තියෙන්නේ මේ ගොඩ පෙරකදෝරුවා ඉතරක් නෙමෙය. තවත් නොම්මර එකේ පඩත්තලයෙක් වන, මහාචාර්ය පදවියකුත් තියෙනෙ ජී ඇල් පීරිස් නම් පාංකඩයාද එතන ඉඳලා තියෙනවාය. අපේ වාසනාවට නීතී පති කෙලින් උන්නේ නැත්නම්, අද අපි නිදහසේ බොගක් දාලාත් හමාරය.

132 comments:

  1. අන්තිම එක තාම උනේ නෑ නේද බං... හැබෑට මේ දවස් වල උඹ කොහේද ඉන්නෙ මාත් කැමතියි බාර් ඇසෝසියේෂන් එකේ මීටිමකට.. හැක්

    ReplyDelete
    Replies
    1. යේස්,අන්තිම තාම වෙලා නැහැ.අගවිනිසුරුගේ මධ්‍ය ප්‍රකාශක කියලා පොරක්පත්තර වලට කියලා තියෙනවායි කිව්වේ එහෙම අදහසක් වත් නැහැයි කියලා.

      Delete
    2. මම නම් ඉන්නේ අනුරාජපුරේටත් එහා.. මෙහේට වයි පයි නෙමෙයි, නිකං සිගනලුත් නෑ සමහර වෙලාවට...

      Delete
    3. දේශ්, උඹලා බාර් ඇසෝසියේෂන් එකේ මීටින් එකක් තියනවනම් කියපන් මටත්. හුඟ කාලෙකින් බාර් එකකට ගොඩවෙලා දෙකක් දැම්මේ නෑ.

      Delete
    4. වැඩක් තියෙයිය... කොළබ ඉඳලා කුරුණෑගලට යන ඩෝප් හිඳිලා ඉවරනේ.. ඉතින් ආයේ කොළඹ එන්න වෙනවා... ඊට නරකෙයි අර වයඹ ඉස්පෙසොල් එකක් ගහලා සින්දුවක් කියාගෙන ඉන්න එක..

      Delete
    5. ඊයා ජොනී චූ...............අපි බොන්නේ නෑ

      Delete
  2. හම්මේ....
    පැස්ටෝල් වල ානන ගමන් මං මේ
    තාම සැඩ් එක පැත්තෙ ගියෙ නෑං උනුත් අඩු කොරලද බලන්ට... මොකද වැඩි කරා කියපු ගමං ලොස් නැතිව ගාණ වැඩි කලාට ඕකුං අඩු කලාම එහෙම අඩු කොරන්නෙ නෑ නෙව එක එක මිස්ටේක්ස් එනව
    අර පෙරල නෙවී මකල වත් හදන්න බැරි කා ඇතුලට ගියපු එකට නං මං පස්ට ලැයික් ඈ
    ජෝනා පන්නල දන්නත් පුලුවං උනොත් එලම තමා

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ මේකෙන්ම නා ගනීවී කියලා.. දැන් අනික් උන් බය වෙනවා.. පිස්සු කෙලින්න..

      Delete
  3. මොකද උඹ අපේ ආදි ශිෂ්‍යයා දුමින්ද එක්ක ඉන්න පින්තූරයක් දැම්මේ.

    ReplyDelete
    Replies
    1. දෙන්නගෙ වෙනසක් නැති නිසා...

      Delete
    2. මහින්ද මුලින්ම කොළඹ නගරාධිපති අපේක්ෂකයා හැටියට විග්නේෂ්වරන්ගේ මස්සිනා දැම්මා ඒත් මුස්ලිම් චන්ද ලැබුනේ නෑ.
      ඊළඟට රනිල්ටත් ඉහලින් පොරටෝක් දාපු මිලින්ද මොරගොඩව දැම්මා ඒ පාරත් වැරදුනා
      ඊලඟට ගම්මන්පිල දැම්මා එයා නිසා දෙමල මුස්ලිම් චන්ද කැඩුනා කියන එක බොරුවක්
      රුපියල් 100 ගැන අදහස ගම්මන්පිලගේ ඒ නිසා ඒක එයාගෙ බුද්ධිමය දේපලක් නැතුව හෙල උරුමය පක්ෂයේ දෙයක් නෙමෙයි
      ගම්මන්පිල අරලිය ගහ මන්දිරයේ සාකච්චාවට ගියා කියන්නේ එතනදී නීති විරෝධී දේ ගැන සාකච්චාවක් වුනත් ඒකට ගම්මන්පිල සහයෝගය දුන්නා කියන එක නෙමෙයි එහෙනම් එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයේ ජීවත්වුනු හැමෝම ත්‍රස්තවාදියෝ කියා නිගමනය කරන්න වුනත් පුලුවන්.

      Delete
    3. ජගත් පතිරණ
      අවුල ඔය කිව්ව දේවල් නෙවේ. විස්සක් විතර හිටියයි කියන තැන හිටපු අගවිනිසුරා මතකයි නෑ වගේ කියන එකයි.

      Delete
    4. සෙක්කුව ළඟ ඉඳන් කැඩ්බරි චොකලට් කෑවත් දකින් එකා හිතන්නේ ඌ කන්නේ පුනක්කු කියාය..

      - ආචාර්ය බන්දුල ගුණවර්ධණ

      සරම් උස්සාගෙන මූද අයිනේ හුළං වදින්න උන්නත්, දකින එකා හිතන්නේ ඌ වැල්ලේ රෙනවා කියාය..

      - මාතලන්

      Delete
    5. බූරු ගැහුවත් එකයි ගහන තැන හිටියත් එකයි කියනවා නේද?

      Delete
  4. //ගම්පහ පැත්තේ සමන්මලි සකලසූරිය බබාට කව්දෝ ගහන්න එනවා කියලාය.// 100 හිගන්නා එහෙම කියලද? මගුලයි චන්දෙ දවසෙ මම ගෙදර හිටියේ නෑ , දැන් උත්තර දීපන්කො බාරියාවට. මාත් සමන්මලී නිරුවත් වෙනවට ආසාවෙන් හිටියෙ කියල ගෙදර උන්දැ දැනගෙන හිටියෙ .

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියපන් උඔත් ගියානේද ඒකිව නිරැවත් කරන්න?

      Delete
    2. +++++++++++++++++++
      එහෙනම් දැන් ගෙදර ගිහින් උඹට ඉන්න වෙන්නේ කම්මල වගේ නෙවෙයි කම්මලේ බල්ලා වගේ ..හයියූ සල්ලි .... :P

      Delete
    3. පිස්සු කෙලින්න එපා බං.. රටටම ඇඳිරි නීතිය දාන්නද උඹ හදන්නේ...

      Delete
  5. මේ ඇත්තමයි කියන්නෙ මේ ලිපිය කියවලා මම අපේ වුන්ගෙන් ඇහැව්වා ප්‍රෙටල් අඩුවෙලාද ? තියලා..
    එල ද බ්‍රා..
    මේ සැරේ අප්‍රේල් නිවාඩුවට ප්‍රෙටල් මෝන්ටෙරෝ එකක් අරන් යනවා..ඇයි යකඩෝ දැන් ප්‍රෙටල් අපේ පැත්තෙ වතුර ලිටර් 5ක මිලනේ.

    ReplyDelete
    Replies
    1. මොන්ටෙරෝ එකක් පාන් බාගෙක මිලද? :P

      Delete
    2. මොන්ටෙරෝ එකක් ගල් බෝතලේක මිල වෙන්ටැ.

      Delete
    3. මගේ යාලුවෙක් ගාව තිබුනා බූමිතෙල් වලින් දුවන ට්‍රෑම්ප් එකක්.. ඌ ඒක විකුනයිද දන්නෙ නෑ.. ඒක අරන් මම යනවා රට වටේම..

      මොන්ටෙරොත් අඩු වෙයි... ඇයි බං පැස්ටෝල් ලාබ නිසා දැන් හැම එකාම වොක්ස්වගන් එහෙම ගනියි පැක්ටරිය දැම්මම..

      Delete
    4. නෑ බොලව් ඇයි යකුනේ දැන් ප්‍රෙටල් අඩුවෙලා හින්දා තෙලේ ලාබේ හට්ටියෙන් ගියත් මොකද කියලා මෝන්ටේරේ එකක් ගන්නවා.

      Delete
    5. නිකන් ඉන්නෙපා කොහොම කොහොම හරි ගහපල්ලා බං පැස්ටොල්..

      Delete
  6. ඒක සිලෙක්ටිව් ඇම්නීසියා selective amnesia එකක් ( සිලෙක්ටිව් ඇල්ස්යිමර් තියනවද දන්නෙ නෑ ඇල්වතුර නිවල බොන නිසා ). හිටපු අය ලොකු ලිස්ට් එකක් කිව්ව ඒත් වැදගත්ම එක් කෙනෙක් විතරක් මතක නෑ.

    දැන් මෑන්ට උරුමයේ එවුන් රු 100 ඉල්ලල ගහන්න එන තත්වයක් තියන නිසා යහ පාලනය කරන්නනම් රටපුරා ඇඳිරි නීතිය දැමිය යුතුයි කියයිද?

    ReplyDelete
    Replies
    1. අපරාදේ සුපියල් සීය.. කුඩ්ඩෙකුට දුන්නා නම් ඌ මීට වඩා ආතල් එකක් ගන්නවා...

      Delete
    2. https://www.facebook.com/photo.php?fbid=766880846726477&set=a.108369129244322.16932.100002137072020&type=1&theater

      Delete
  7. සීයෙ රොඩියා සමන්මලී ගැන කියනකොට මට හතර හිනා.. අම්මප බංකොලොත් වෙනවත් දැකල තියෙනව හැබැයි මේ තරමට මිනිහෙක් බංකොලොත් වෙනව දැක්කමයි..

    ඈ බං CJ තාම ගියේ නෑ නේද? යන්නං කිව්වලු විතරයි මං හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. මොකක් බංකොලොත් වෙන්නද බං මට නම් ඕකා දැකපු දවසේ ඉඳලා බංකොලොත්.. ඕකයි අර මධු මාධවයයි ගත්තට දැන් චම්පිකලා දුක් වෙනවා ඇති.. හැබයි මූ මධු මාධවට වඩා නම් හොඳයි.. ටිකක් ඉතර

      Delete
  8. ආණ්ඩුවෙන් අඩු කලාට ෂෙඩ් කාරයෝ අඩු කරන්නේ නෑ. පරණ ගානට ගෙනාපු ස්ටොක් එක කිය කියා දවස් ගානක් ගාන කපයි. ඕවා දාගෙන ඉන්නෙ උඹල අපි වගේ ලපයි සිපයි නෙවෙනෙ, අර හෙජින් වාස් ල වගේ කස්ටියනෙ.

    ReplyDelete
    Replies
    1. උන්ට තියාගෙන ඉන්න කියලා.. අඩුවෙන් දෙන තැනකින් ගහ ගනින්.. මම නම් කන පැලෙන්න ගැහුවා ආතල් එකටම.. සුද්දටත් හිනා...

      Delete
    2. ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජිත ධුරය අරගෙන තමයි ඉන්ධන හලක ඉන්ධන විකුනන්නෙ එතකොට නියෝජ්‍යත්ව නිතිය අනුව බෙදුම් හලක තියෙන නොවිකුනුන ඉන්ධනවල අයිතිය ඇත්තේ සංස්තාවටයි.මිල වැඩි උනාම වැඩිවූ මිල සංස්ථාව අය කරගන්නවා. මිල අඩු උනාම අඩුවූ මිල සංස්ථාවෙන් ගෙවනවා.මේ 1970 දශකයේ පැවති තත්වයයි.දිගීන් දිගටම ඉන්ධන මිල වැඩිවූ පසුගිය කාලයේදී සංස්ථාව මේ තත්වය වෙනස් කර ලාභය හෝ පාඩුව බෙදුම් කරුවාම බාර ගත යුතුය යයි කියා වෙනස් කළා.(වකවානුව මතක නැත.දන්නා කෙනෙක් මාවද දැනුවත් කරන්න) මින් පසුව ඉන්ධන මිල වැඩිවන සෑම අවස්තාවකදීම බෙදුම් කරුවෝ ඉන්ධන වෙළඳාමෙන් ලබන ලාභයට අමතරව ලක්ෂ ගණන් අතිරේක ලාභ ලැබුවා. ඉන්ධන මිල වැඩිවුණු මොහොතේදීම අපිට වැඩි මිලක් ගෙවන්න උනේ ඒකයි.දැන් මිල අඩු උනාම ඒක ඔවුන් විසින්ම දැරිය යුතු නිසා මිල අඩුවීම සිදු වන්නේ ඉතා සෙමින්.

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. කොටි සිරස රනිල්ට කැත විදියට ගහද්දී ඇටි කෙහෙල් කාපු උගඩුවො වගෙ හිටපු සිරිකොතෙ රිලව්න්ට කොටි සිරස නව විපක්ශයෙ මිනිස්සුන් අශීලාචාර විදියට චරිත ඝාතනය කරද්දී යන චූන් එක බලපන්කො. රජවාසලෙ රිලවානම් 2005ට පෙර රටට සුපිරි සෙවයක් කලෙය. ඔහු නොවන්න රනිල් මෙලහට රට බෙදලාය. හැබැයි සිරිකොතෙ රිලාවාගෙන්න්ම් මෙ රටට උන සත පහක වැඩක් අපි දන්නෙ නැතිය.

    ඉස්සර තිබුනෙ රූපවාහිනිය, නයිටීන් බලලා චූන් එකෙ නිදාගන්නය. දැන් ඒ දෙකට අමතරව කොටි සිරස සහ සිරිකොත ටීනල් බලලා චූන් එකෙ නිදාගනන් පුලුවන්ය. ඔන්න හම්බ උන යහපාලනය.

    ReplyDelete
  11. ෂික්... ඊයෙ ගැහුවනෙ පෙට්‍රල්. එක දවසක් ඉවසුවනං.

    ReplyDelete
    Replies
    1. ඔය ගොඩ පෙරකදෝරුවයි රිලවයි මේ දවස්වල ඉන්නෙත් හරියට පෙට්‍රල් ගහපු ගැරඬි වගේ තමා.

      Delete
    2. කොහෙටද පෙට්‍රල් ගැහුවේ ? කවුද එහෙම අපරාදයක් කලේ උඹට ?

      Delete
    3. //ඔය ගොඩ පෙරකදෝරුවයි රිලවයි මේ දවස්වල ඉන්නෙත් හරියට පෙට්‍රල් ගහපු ගැරඬි වගේ තමා. //

      නෑ බං, අර මනෝරමය කිව්ව වගේ "අඩුමිල භූමිතෙල්" ගැහුව ගැරඬි වෙලා මුන් දැන්

      Delete
    4. දැන් උන් දෙන්නම රිරී යකා වගේ ලේ ඉල්ලනවා...

      Delete
    5. චැ..වස වැරද්දක් නොවැ වෙලා තියෙන්නෙ..උඔත් ඉතින් සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව පුල් ටැන්ක් ගහන එකානේ

      Delete
    6. ඔය කිව්වට ෂෙඩ් වල තියෙන්නේ පරණ ස්ටොක් යකුනේ. ඔන්න තව ගණන් ගියානං...

      Delete
    7. මෙන්ඩා, නෑ බං එම්ටි ලයිට් එක නිවෙනකං ගහනවා.

      Delete
  12. ජනරාල් ෆොන්සේකා කියලා කියන්න පුරුදුවෙලා හිටියේ , දැන් ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා කියලා කියන්න පුරුදුවෙන්න එපැයි. මාෂල් ෆොනී කිව්වොත් නරකද ? චඃ එක හරි නෑ එතකොට මතක් වෙන්නේ රොබින් හුඩ් එකෙක් මාෂල් ව.ඇත්තට දැන් ජනරාල් කෑල්ල නැතුව ඡන්ද පෝස්ටරයක්වත් ගහන්නේ කොහොමද අප්පා .

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකා මහත්තයා කිව්වම් හොඳටෝම ඇති මයෙ හිතේ.. ජෙරල් පට්ටම් හමුදාවේ ඒවා නේ..

      Delete
    2. ඒ වුනාට අපි පුරුදු වෙලා හිටියේ ෆොන්සේකා නොකිව්වත් ජනරාල් කියන්නනේ , ජනරාල් කිව්වම මතක් වෙන්නේ ෆොන්සේකාව විතරයි. මොකෝ රත්වත්තෙව මතක් වෙනවා කියලයි

      Delete
    3. එතකොට ෆීල්ඩ් මාර්ෂල් එක දෙන්නේ මහින්ද මහත්තයටෙයි..

      Delete
    4. @M, ඇයි දැකල නැද්ද පැඩිෆීල්ඩ් මාර්ෂල් ජාතියෙ කුඹුරෙ ඇවිදින ඇඩ් තිබුනනෙ ඉස්සර

      Delete
    5. එහෙනම් ඒක වත් දෙයි..

      පැඩි ෆීල්ඩ් මාර්ෂල්..

      හැබයි ඉතින් ගමේ පඩත්තලයෝ ඒ පාර මාර්ෂෙල් මහත්තයා කියයිද දන්නේ නෑ...

      Delete
  13. මහින්ද පෙට්‍රල් අඩු කරාම ඒකෙ ගෞරවනීය හිමි කරුවා නයිට් ක්ලබ් හරීන්. ඊලග සැරෙ අඩු කරාම ඒකෙ හිමි කරුවා සිරා. චම්පික අඩු කරාම ඒක ගෞරවය ආණ්ඩුවට. සිරිකොතෙ රිලවාගෙ කඩෙ යෑම ඔන්න.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එකක් දාන්න කලින් පෝස්ට් එක කියවන්න. අර්ෂශ් වගේ තියෙනවනම් පුක කහලා ඉවර වෙලා කොමෙන්ට් එක දාන්න.

      Delete
    2. මහින්ද අඩුකලා නේන්නම් භූමිතෙල් ගහපු ගැරඬියා වගේ දැවිල්ල ඇල්ලුවාම.

      Delete
  14. ලිපියෙ හැම කරුණකටම එකඟයි.

    එතුමගේ සේවය, තව දුරටත් මේ රටට අත්‍යාවශ්‍යයමය. මන්ද උතුරේ කොටි විනාශ කළද, දකුණේ ලේ පිපාසිත කොටි නැවතත් හිස ඔසවනා නිසාය. ත්‍රස්තවාදය නැවත් විය යුත්තේ ත්‍රස්තවාදයෙන්මය.//

    මොහුට මේ කරන ආරාධනය කුමක්ද.මෙය සියළු ප්‍රගතිශීලීන්ට එජාපයේ නොවන අයට අනතුරු සංඥාවකි.
    මෙන්න මේ කතාව ටිකක් අවුල්.මොකද දකුනෙ සන්නද්ධ අරගලයක් නැහැනෙ.මොහු ලවා යම් මතධාරීන් පිරිසක් මර්ධනය කිරීමට සැරසෙනවානම් ඊට විරෝධය පළ කරමි.
    උතුරේ දෙමළ කෝලාහල වර්ධනය වුනේ එවකට පැවති එජාප ආන්ඩුව වෙනත් මතවාදීන් මර්ධනය කිරීමට යාමෙනි.වාමාංශික පක්ෂ හතරක් තහනම් කළේ ඔවුනට බොරු චෝදනා නැගීමෙනි.
    2010 දී මේ පුද්ගලයා ඡන්දය ඉල්ලූ අවස්ථාවේ බොහෝ දෙනා මහින්දට ඡන්දය දෙන්නට හේතුව හමුදා නිළධාරීන් දේශපාලනයට ඒමට දැක්වූ විරෝධයයි.
    අපට රාජාණ්ඩුවක් සේම හමුදා බලහත්කාරයද අවශ්‍ය නැත.හමුදා බලහත්කාරය ජනතාව නිහඩ කිරීමට උපාය මාර්ගයක් ලෙස යමෙක් දකියිනම් කණගාටුවට කරුණකි.
    අපට නම් ආමිකාරයා වීරයෙක් නොවේ.ඔහු පවතින රජයේ අන පිළිපදින උපකරණයක් පමණි.ඔහුට වැටුප් හා දීමනා ඒ වෙනුවෙන් ලැබේ.
    දකුණේ මිනීමරුවෙකු වී උතුරේ රණවිරුවෙකු වීමක් නැත.සොල්දාදුවා පිළිබඳ උත්කර්ෂයට නංවන ලද මිත්‍යාවන්ගෙන් මිදිය යුතුය.

    මෙතන නිරායුධ ජාතිවාදීන් පමණක් නොව ඉදිරියේදී හිස ඔසවතැ‍යි එජාපයේ අය සැක කරන ජවිපෙ වැනි වාම ප්‍රගතිශීලී කොටස් මර්ධනයටද මෙවැනි චරිත යොදා ගැනීමේ අවදානමක් ඇත.

    ReplyDelete
    Replies
    1. 1983 දී මෙන්ම 1987 දීද එජාප ලිස්ට් වලට වෙනත් මතවාදීන් පැහැරගෙන ගොස් මරාදැමීමේ ඉතිහාසයක් අපට ඇත.එබැවින් නිරායුධ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග මර්ධනයට යම් අදහස් මාත්‍රයක් හෝ තිබේනම් ඊට එරෙහි වෙමු.

      Delete
    2. මධ්‍යස්ථ මතධාරියා,"සියළු ප්‍රගතිශීලීන්ට එජාපයේ නොවන අයට " එජාපයේ නො වූ පමනින් ප්‍රගතිශීලි වන්නේ කෙසේද ?
      2010 ආරම්බයේ චන්දය ජෙනරාල් තුමාට දීමට සිටියත් (2010 දී පවා මහින්දගේ අමන වැඩ අපමණ තිබුන ) අවසානයේදී මහින්දට මගේ චන්දය දුන්නේ ජෙනරාල් දේසපාලනයේ පරිනත චරිතයක් නොවන බව තෙරුනුනිසයි (දැනුත් මෙතුමා දෙසපලනයේ පරිනත චරිතයක් නොවයි ) නමුත් පරිපාලනයේ ඔහු
      ඉතා ප්‍රයෝජික පුද්ගලයකුයි.

      Delete
    3. වැරදි අවභෝධයක්.. වෙනත් මානසික තත්වයන්ගෙන් ඉන්න කොට එහෙම වෙනවා. මම කතා කලේ ඒ ගැන නෙමෙයි. ආයෙත් ජාතිවාදය වපුරන්න ලෑස්ති වෙන්නේ හින්ගල කොටි. ඒවට උත්තර දෙන්න නම්, චම්පිකලා, රතනලා, ෆොන්සේකලා ඉන්න ඕන කියන එක. ෆොන්සේකා යුද්ධය ගැන ඇත්ත කතා කරපු දාට. අනික් ඔක්කෝගෙම පුක නැති වෙනවා.

      Delete
  15. //මොනවද ලොක්කා යහ පාළණෙන් ඔහේට හම්බ උනේ කියාය//

    අන්න ම.ක.සි. කියලා තිබ්බා උඹට ලක්ෂ 20 හම්බ වුණා කියලා සාක්ෂි ලැබෙමින් පවතිනවා කියලා..

    ReplyDelete
    Replies
    1. මම ඌට තැන්කිව් කාඩ් එකක් දැම්ම මට දෙන මාකට් එකට. වටිනාකමට. ඒ 20 ඇඩ්වාන්ස් එක. බැලන්ස් එක හෙට අනිද්දා හමබ් වෙයි. උන්ට මහින්ද මහත්තයා දීලා තියෙන්නේ බිත්ති ඔරලෝසුවක් විතරයි. පවු අප්පා..

      Delete
    2. බිත්ති ඔරලෝසුවයි, සාටකේ දාපු මග් එකයි, බැසිල්ගෙන් ලිතයි

      Delete
    3. චෑ චෑ මේ වැඩේ හරි නෑ මාතලන්. ම.ක.සි ට කියලා ඔයා පට්ට පබ්ලිසිටියක්නෙ ගන්නෙ! මට පේන්නෙ මේකනම් ඔයාගෙයි කකාගෙයි විචාතුමාගෙයි ගේමක්. කියන්න ඔයාල එයාට කීයක් දුන්න ද ඔහොම මාකට් කරනවට? පෝස්ට් දහයක් දැම්මොත් නමයයි දශම නමයයි පහකම ඔයාල ඉන්නවනේ.

      :D :D :D

      Delete
  16. ඉදිරි මහ මැතිවරනයකදී පොදු චන්ද ටික අලියාට සීනුවට සහ පන්දමට බෙදී හක් බෙල්ලාට පිවිතුරු හෙටක් ලැබෙනකම් බලා සිටිමු..........

    ReplyDelete
    Replies
    1. හක් බෙල්ලා හුක් බල්ලා වෙන්නේ එදාට තමයි..

      Delete
    2. මෙහම ගියොත් හක් බෙල්ලාට නම් කෙළවෙනව තමයි. හැබැයි උන්ගෙ ගැලවුමට ඉන්නෙත් හැමදාම උන් බැනපු රනිල්ම තමයි. චන්දෙන් පස්සෙ පාර්ලිමෙන්තුවට එන්න බැරි උනොත් රනිල්ගෙන් ජාතික ලයිස්තුවෙන් දෙකක් ගන්න බැරි වෙන එකක් නැහැ හොද ලමයි වගේ හිටියොත්.

      Delete
  17. මාතලන්ගෙ සින්ඩියෙන් පාර හොයාගෙන මාත් විගස පුවත් බැලුවා. ඒකෙ ගම්මන්පිල උන්නැහේ කියනවනේ “එදා රෑ“ ජී එල්. ගෝටා, ජනාධිපති ලේකම්තුමා, මහබැංකු අධිපතිතුමා, ති‍්‍රවිධ හමුදාපතිවරු,පොලිස්පති තුමා, මහින්ද බාලසූරිය නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ ලේකම්තුමා ජනාධිපතිතුමාගේ කන්තෝරු කාමරයේ සිටි බව.
    1. ඇඳිරි නීතිය දැමීම ගැන සාකච්ඡා කරන්න සෞඛ්‍ය ඇමති ගෙන්නගත්තෙ මොකටද?
    2. හමුදා කුමන්ත්‍රණ කරන්න ආයුධ පුහුණුව අවශ්‍යද?
    3. සෞඛ්‍ය ඇමති කෙනකුට කුමන්ත්‍රණ කරන්න පුළුවන්ද බැරිද?
    4. එදා රෑ කියන්නෙ පහුවදා පාන්දර 2 සිට උදේ 6 වෙනකන් කාලයද?
    (තර්ක කරයි දැන් කවුරුහරි, “රෑ“ කිව්වහම පහුවදා එළි වෙන තුරු කාලය අයිතියි කියල. ඒ වුනාට මිනිස්සු කතා කරන සිස්ටම් එකක් තියනව. නයිට් මේල් එක ගමනාන්තයට යන්නෙ පහුවදා උදේ වුනත් ඒකට නයිට් මේල් කියනවා. නයිට් ෂිෆ්ට් එක රෑ දහයට පටන් අරන් උදේ හය වෙනකන් තිබුනත් ඒකට නයිට් ෂිෆ්ට් කියනව. ඒත් මධ්‍යම රාත්‍රිය පහුවෙල පැය දෙකකට පස්සෙ පටන් ගන්න දේකට කවුරුවත් රෑ කියල කියනව මං අහල නෑ. එ නිසා මටනම් ඒ සාක්කිය පරස්පරයි.
    හරස් ප්‍රශ්න එහෙම කොහොම ඇහුවද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම හරි, අර "කිසිම ඇමතිවරයකුට හෝ පාර්ලිමේන්තුවටවත් යටත් නැති අති ස්වාධීන වියයුතු මහබැංකුවේ අධිපති" ඔතන හිටියෙ මොකද කියන එකයි මට අවුල!

      Delete
    2. කවුරු හිටියත් ඇඳිරි නීතිය දාගන්න බැරි වුනේ හරියට රාහු කාලය බලාගන්න සුමනදාස හිටියෙ නෑනෙ.

      Delete
    3. අර කිව්වා වගේ ඉන්නම ඕන සුමනදාස ඉඳලා නෑ නේ. උගෙත් වෙලාව, මහින්ද මහත්තය්ගෙත් වෙලාව. නැත්නම් මහින්ද මහත්තයට මිනීමැරුම් චෝදනාත් එල්ල වෙනවා පාන්දරම..

      Delete
  18. පෙට්‍රල් මිලටත් වැඩිය ජෙනරාල් ට සාදාරනය ඉටුවීම ගැන ඉතා සතුටුයි. අපේ ග්‍රාමීය ජනතාව මෝඩයන් බවට පත්කර ඇත්තේ රජයේ මාද්‍යයි.
    බොහෝ අයට ඇත්තේ ඔබකියන පරිදි ගෝත්‍රික මානසිකත්වයයි. පාලිත තෙවරප්පෙරුම මහතාට නිතිය ක්‍රියාත්මක වූ ආකාරය ගැන මගේ ප්‍රසංසාව, දැන් යනවිදියට දෙසපලන්නයන් දැනගතයුතු වන්නේ පෙර මෙන් පිස්සුකෙලිය නොහැකි බවයි. ලෝකය සමග ගනුදෙනු කිරීමේදී නීතිය ක්‍රියාත්මක වනබව ඉතා වටිනවා. ගොඩක් මෙරටේ මෝඩයන්ට යහපාලනයේ වැදගත්කම නොතේරුනාට මෙය නොමැති වීමෙන් අපට නැති වී ගිය අවස්ථා අපමණයි උදාහරණ Volkswagen එකලස් කිරීමේ කොම්පැනිය ලංකාවට නැතිවූ අයුරු හර්ෂ සිල්වා නියෝජ්‍ය ඇමති තුමා විස්තර කරා.

    ලංකාවේ මිනිසුන් බ්ලොග් අවකාශය යොදාගන්නවානම් බෝහෝ දේ ගැන දැනුවත් වියහැකියි. (WIFI පොරොන්දුව ලැබුනත් නැතත් )

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වලට දැන් හැමෝම බයයි.. විශේෂයෙන් සාම්ප්‍රදායික මාද්දියවේදියෝ..

      Delete
  19. මහින්දව අරයා නැති කෙරුවා,මෙයා නැති කෙරුවා කියනවාට වඩා මහින්ද,මහින්ද විසින්ම නැති කරගත්තා කියන එකයි වඩාත් සාධාරණ.මොකද මහින්දට පුළුවන් වෙන්න ඕනේ වටේ ඉන්න උන් ගැන බලාගන්න.තමන් වටේ ඉන්න උන් ගැන හරියට බලා ගන්න බැරි වෙච්චි මනුස්සයා අපිව 2005 ඉඳන් කොහොම බලා ගත්තාද මන්දා.

    පැස්ටෝල් 100 අඩුවෙන් දෙනවා කියලායි චම්පික ගිය ඉරිදා ලංකාදීපේ නම් කියලා තිබ්බේ.සමහර විට හතරවෙනිදා දිහාට තව අඩු වේවිද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඉඅව්සහන් මයෙ අම්මා.. මේ පටට්න් ගත්තා විතරයි.. යහ පාළණේ හරියට පහළ වෙන කොට කොහොමට තියෙයිද... පිච්චු බම්ප් වෙයි...

      Delete
  20. ඉන්ධන මිල අඩු කල එක ලොකුම සහනයක්. කොහොමත් ලෝක වෙළඳපලේ බොරතෙල් බැරල් එකක අඩුම මිල අවුරුදු ගානකින් වාර්ථා වෙද්දිත් තවත් ඇද ඇද උන්නා නම්... ( $100 වල තිබ්බ මිල $57 වගේ වෙලා මං හිතන්නෙ )

    දැං ඉතිං අර බස් ගැමුණුත් පුලුවන් කියන එකේ බස් ගාස්තුවත් අඩු කලානම් හරි.

    ජෙනරල් සරත් ෆොන්සේකා ට නිදහස ලැබීම වටිනාම දෙයක්. ඇත්ත, ඔහු ඉක්මන් උනා වැඩියි වගේම ජනපති තනතුර ඔහුට ගැළපෙන්නෙ නෑ කියන එකයි මගේ පෞද්ගලික හැඟීම. ඔහු යුද්ධය වෙනුවෙන් නිර්මාණය උනු කෙනෙක්.

    මේ අස්සෙ හිමීට ඇමති මණ්ඩලෙත් වැඩිවෙනවද මංදා හැබැයි.
    කිරි කලේට ගොම වැටෙන්න පුලුවං. දෙසිය ගානක් උන්නු ඒකේ ඕක මොකද්ද කියල හිතහදාගත්තත් ඔය ඇමති මණ්ඩලේ සංයුතිය පොඩ්ඩක් හිතල මතල තීරණය කරන්න ඕන.

    තව රවි, මංගල, රාජිත මිනිස්සුන්ගෙ හිත්වල ප්‍රසාදයක් දිනාගත්ත අය නෙවේ. රංජන් ගැනත් ඉතිං වැඩි පැහැදීමක් නෑ.

    යහපාලනේ නම් යහපාලනේ ඒකයි මිනිස්සු ඡන්දෙ මේ පාර උවමනාවෙන් පාවිච්චි කලේ.

    ReplyDelete
    Replies
    1. කවදාවත් සර්ව සුභවාදී සිහිණ තියා ගන්න එපා..

      Delete
  21. පොහ්................දැන් නිකං සුද්දා වගේ ඩීසල් ගහන්න පුළුවන් මගේ ඩීසල් කාර් කට්ටට.

    ජර්නල් එක විතරක් දීලා මදි. මාර්සොල් එකත් ඕනෑ කියලා උද්ඝෝෂණය කොරන්න වටිනවා.

    අග විනිසොරා ඇත්තටම බය ජාලයේ මිනිහා ගැන තියන කතා වලට වෙන්ටැ.

    ReplyDelete
    Replies
    1. ජාලෙට දැන් ගොඩක් උන් බයයි.. මගේ සුද්දා හිනා වෙනවා ෆුල් ටෑන්ක් ගහනවා දැකලා.. පැස්ටෝල් ගහපු එකාටත් දෙසීයක්ම දුන්නා.. අපි එහෙමයි.. ආන්ඩුව වගේම තමයි..

      Delete
    2. //පැස්ටෝල් ගහපු එකාටත් දෙසීයක්ම දුන්නා// අප්පට බොල

      Delete
    3. සෑර්.. පැස්ටෝල් අඩුකරපු එකේ ඩීසල් කාරෙකට පැස්ටෝල් ඩිංගකුත් දැම්මනං තමා ආතල් අර ගුණසේකර බස් වලට වාගෙ :D

      Delete
    4. @ පත්තර මල්ලිJanuary 22, 2015 at 6:06 AM

      මම කියන්නේ නෑ උඹට. හුහ්

      Delete
  22. @M & I P
    පෙබරිවාරි මුල කව්ද මාෆියා පොරක් ලංකාවට එන නිසා ඇඳිරි නීතිය ඕන වෙයිද?

    ReplyDelete
    Replies
    1. කෝ.... කොයි... මොන එකාද එන්නේ.. ඉන්දියාවේ එකාද...?

      Delete
    2. ඔරිජිනල් මාෆියා රටෙන්
      :-DDD

      Delete
    3. හුටා එහෙනම් රට කෑළී කෑළී වලට කඩනවා.. ආයේ දෙකක් නෑ..

      ඉස්මනට වරෝ.. ඒකීය රට බේරාගනියෝ.. බෙදුම්වාදියෝ එනෝ...

      Delete
    4. සෑහෙන දිගු කාලීන කුමණ්ත්‍රනයක්
      ඌ රජරට ඉඳන් එහෙ ගිහිල්ල ඉගනගෙන එන්නෙ බෙදන්න ,
      උගත් පොරක් , අවු 3ක්ම

      Delete
    5. ඇඳිරි නීතිය ටිකක් දාලා බලන්න තිබ්බේ, අර jvp කාලේ දමම්ට පස්සේ ඇඟට දැනෙන එහෙම එකක් දැම්මේ නෑනේ .

      Delete
    6. කෝපිව් දැකපු කාළයක් මතක නෑ අප්පා.. අනුර කුමාර දිසානායකටවත් කියන්න ඕන.. මොකෝ මහින්ද ආයේ ඉතින් කවදා දාන්නය කියලය...

      Delete
    7. මං කියන්නෙ වයඹ ඇර අනිත් ඒරියල් ටිකට දාන එක තමා හොඳ .. මොකෝ VVIP ලට මොන ඇඳිරි නීතිද ..නැද්ද හා:D

      Delete
  23. කෝ යකෝ යහපාලනේ?
    ඔය තියෙන්නෙ දීල!

    ගෙම්බන්පිලයගෙ කතාව දැක්ක වෙලේ මටත් මතක් උනේ K දුමිය.

    ReplyDelete
    Replies
    1. මට පුකෙනුත් හිනා ගියා.. ඒ කියන්නේ පඩත් ගියා.. හිනාවෙලා..

      Delete
  24. ම්ම්ම්........සේරම අරි මච්චෝ......
    අපි හඩක් නගන්න ඕනා........
    මින් පසු නුගත් එවුන් දියවන්නාවට ....
    නොගේන්න ....

    ReplyDelete
    Replies
    1. ඔතන උඅගත් නූගත් කේස් එකක් නෙමෙයි මචෝ තියෙන්නේ.. හැදියාවේ ප්‍රශ්ණයක්.. දැන් මෛත්‍රී මහත්තයා උගතෙක් නෙමෙයි නේ.. ඒත් බලහන් එදා පාර්ලිමන්ට් එකේ ඩිසිප්ලීන්.. මහින්ද මහත්තයා එන දවසට ටෙනියා ආවා වගේ..

      Delete
    2. //"මහින්ද මහත්තයා එන දවසට ටෙනියා ආවා වගේ.."//
      ටෙනියා ඔහොම නෑ, තැනකට ගියාම වැදගත් විදිහට ඉන්නවා ඌ

      Delete
  25. අන්න ගෝට මල්ලි පුහුල් හොරා කරෙන් දැනේ වර්ගයේ කතාවක් කියලා පත්තරේට.. ඉතිහාසෙ පලවෙනි වතාවට හදිසි නීතිය දාන්න සබ්බ සකල මනාවම ගෙන්නලා !! අන්න යහ පාලනේ !

    ReplyDelete
    Replies
    1. මේ රටේ මිනිස්සු තවම පින් කරලා තියෙනවා.. නිකං හිතහන් දින්නා නම් වෙන්නේ මක්කැයි කියලා..

      Delete
  26. අන්තිම ඡේද දෙකෙන් කිව්ව එකනම් අකුරටම වෙයි. ප්‍රාදේශීය සභාවෙ සිට පාර්ලිමේන්තුව දක්වා සියලු මන්ත්‍රී වරුන්ට බලපැවැත්වෙන චර්යා ධර්ම පද්දතියක් හදනව නේද. බාර දීල තියෙන්නෙත් අනුර කුමාරට. ජයටම ත්යෙයි. රාජිත කිව්ව ඒක ගෙනාවම දේශපාලනේට එන්න කලින් අපේක්ෂකයෙක් උනත් එක පාරක දෙපාරක් නෙවෙයි තුන්පාරක්ම හිතයි කියලා. මේ සුදුසු කමක් අවශ්‍ය නැති එකම "රස්සාව" මීට වඩා ගෞරවනීය කරන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. ඔක්කෝටම කලින් බලන්න ඕන පොලිස් පොතේ නම තියෙන අයි ආර් සී කාරයෙක්ද කියලා.. උගතුන්ට විතරක් අවස්ථාව දෙනවට නම් මම විරුද්ධයි.. මොකෝ ළොව දිණපු වැඩි ප්‍රමාණයක් මිනීස්සු සහතික තිබුන මිනිස්සු නෙමෙයි.. ලංකාවේ උනත් එහෙමයි..

      Delete
  27. කොත්තමල්ලි ටැක්ස් එකත් මේ ගමන්ම අඩුකොලානම් නේද මචෝ හොඳ? අපරාදේ හයිබ්‍රිඩ් කස්ටක් ගත්තේ, මෙහෙම ඇඟට දැනෙන්න අඩුකරනවා කියලා දන්නවා නම් අර දාලා දුවන ලැම්බක් උස්සනවා බං...

    ReplyDelete
    Replies
    1. අම්මේ චෙපාකයියා දැකපු කල් ...

      Delete
    2. අපේ නෝනත් දුකෙන් ඉන්නේ පැස්ටෝල් කොරන නිසා ලදරමක් ගත්තා කියලා.. දැන් නිකන් පරන ක්‍රයිස්ට්ලර් එකක් වගේ හොයන්නේ.. අපිත් ආසයිනේ ළොකු මිනිස්සු වෙන්න අප්පා..

      Delete
    3. මං ගේනවා බැකෝ එකක් . !!! තනි පාවිච්චියට .පොලේ යන්න …… ඕ යේස් !!

      Delete
    4. මාතලන් මහතා,
      මා දැනට පාවිච්චි කරන්නේ ඩිසල් toyota cressida කාර් එකක් .ඒක ඔබේ ආශාව සපුරන්න ප්‍රමාණවත්ද?

      Delete
    5. හොඳටෝම මදි සරමසේකර මහත්තයෝ.. අඩුම ගානේ බී ඇම් එකකටවත් යන්න ඉන්නේ..

      Delete
    6. ගනිං මාතේ ප්‍රයිම්මුවර් එකක් ...

      Delete
  28. //ප්‍රාදේශීය සභාවෙ සිට පාර්ලිමේන්තුව දක්වා සියලු මන්ත්‍රී වරුන්ට බලපැවැත්වෙන චර්යා ධර්ම පද්දතියක් හදනව නේද. බාර දීල තියෙන්නෙත් අනුර කුමාරට. ජයටම ත්යෙයි. //



    සබාවේ සිනා

    ReplyDelete
    Replies
    1. සබාව නිස්සද්දයි. එක්කෙනෙක් තප්පුලනව!

      Delete
    2. සබාවේ බහුතරයක් තාමත් මෝඩයො හින්ද හිනාවෙන එක අරුමයක් නෙවෙයි .

      Delete
    3. දැන් ඉන්න පාර්ලිමේන්තුවේ ඔය වගේ වගකීමක් දෙන්න පුළුවන් කෙනෙක් "සා රස"ම යෝජනා කරන්නකෝ එහෙනම්.

      Delete
    4. //"දැන් ඉන්න පාර්ලිමේන්තුවේ ඔය වගේ වගකීමක් දෙන්න පුළුවන් කෙනෙක් = විමල් වීරවංශ මැතිඳුන් .. (අගවිනිසුරු සේවයෙන් පහ කිරීමේ අධිකරණ ක්‍රියාවලියේ ජෙෂ්ට මධ්‍යස්ථ විනිසුරු)

      Delete
    5. මර්වින් සිල්වා තමයි පලමු සුදුස්සා... දෙවනුව තෙවරප්පෙරුම තෙවනුව තමා අනුර කුමාර ගැලපෙන්නේ

      @ Raj:
      ඇමති මන්ඩලේ ප්‍රසාරනය වෙනව වගෙයි නේද? ස ර ස තුමා ආව ගිය ඉස්කෝල්න් දා හතරක් ම ඇමෑත්තො.... කාටද ආඩම්බර රාජ්??

      ඉතින් මං කියන්නේ ලබන මැතිවරනෙත් පංගු පේරුවක් නැතිව පෝස්ටර් බැනර් එහෙම ගහල අතින් වියදම් කරං රාජකීය සැට් එකක් ගවපාලනේට එවන්න හොඳේ මෙයා?

      Delete
    6. මොකද්ද බං මේ ගියා කියන ඉස්කෝලෙ??

      Delete
    7. නැතිව ඉතින් තෝ වගේ මී හරකෙක් දාන්නය..

      Delete
    8. මොනවා උනත් අනුර කුමර මැතිඳුට මීහරකා කියා ඇමතීම වැරදිය.... අම්බරුවා යන නම නම් උචිතය

      Delete
  29. රජගෙදර රිලවයි, ගොඩ පෙරකොදෝරුවයි දේශපාලන ජීවිතනේ සමුගන්න කලින් මහින්ද රාජපක්ෂ කියන පිදුරුගහ බදාගෙන. මහ මැතිවරණෙන් ආණ්ඩුව පෙරළනවයි කියන්නෙ... ලංකාවෙ බහුතරය බත් කන හරක් කියල හිතාගෙන වෙන්නැති...

    ReplyDelete
    Replies
    1. සමහර උන් ස්වයං වින්දනේට පුරුදු උනාම. කසාද බැන්දත් ඒකෙන් ගලව ගන්න අමාරුයි..

      Delete
  30. මචෝ... ඔය ලෙඩේට කියන්නෙ ඇල්සයිමර් නෙවෙයි... සිලෙක්ට්වු ඇම්නීසියා... රෝග ලක්සන ඇවිල්ලා... සමහර දේවල් මතකයි සමහර දේවල් මතක නෑ,..

    ReplyDelete
    Replies
    1. ඔව් ඇලෝ "ප්‍රා"ත් ලියලා තියෙන්නේ උඩ.. ටැන්කූ..

      ඕක නෙමෙයි අපේ තාත්තට තියෙනවා මරු ලෙඩක්. අපි ඔක්කෝම කියනවා එයාගේ කන ඇහෙන්නේ නෑ කියලා. ඒත් එයා කියන්නේ ඕන දේ ඇහෙනව ඒ ඇති කියලා.. ඒකට මොකක්ද බං කියන්නේ.. කතාවත් ඇත්ත..

      Delete
    2. Selective deafness.
      Politically correct විදිහටනම් selectively hearing impaired / challenged :-D

      Delete
    3. දැන් මේවා කියන්න ගිහින් දිව උළුක්කු උනාම ඒකට මක්කෙයි ඉන්ගිලිසියෙන් කියන්නේ... ක්‍රෑම්ප් ඉන් ඒ ටන් කියලය.. ඒ පාර අර පුට් යෝ ටන් අවුට් කතාව මතක් උනා.. ප්‍රා ඒක කියවලා තියෙනවද..? මහාචාර්ය මාතලන් ලියපු එක..

      Delete
    4. දිව උළුක්කු උනාම ඒකට මක්කෙයි ඉන්ගිලිසියෙන් කියන්නේ... orally challenged !!! heh heh

      Delete
    5. // දිව උළුක්කු උනාම ඒකට මක්කෙයි ඉන්ගිලිසියෙන් කියන්නේ... orally challenged !!! heh heh //

      Its called "Lingual Dystonia" or "Lingual Spasms"

      මීට

      පීචං සා ර ස

      Delete
  31. කවුරු හරි දන්නවද 65- බීඑම්ඩබ්ලිව් එකක් තියෙන බුකියෙ මරාට කඩේ යන සිංහල බෞද්ධ බුවෙක් ගැන?

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයටත් එකෙක් හරි ඉන්න එපාය..

      Delete
  32. දින සීය තුලින් ඔබ්බට ගියපු පුද්ගලික පරමාර්ථ ගණනාවක් තිබෙනවා..ඒවාත් සිදුවෙයි කියා අපේක්ෂාවෙන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. බඩුවක් දාගන්න වගේ ඒවා නම් ආන්ඩුවෙන් කරන එකක් නෑ..

      Delete
  33. ඔන්න ජනාදිපති තුමා මහවැලි ඇමති වෙලා නේද?...... පිවිතුරු හෙට ඉවරයි,.... දැන් අපිරිසිදු අනිද්දා

    ReplyDelete
    Replies
    1. හිටපු එක්කෙනා 70% කන කොට කිසි අවුලක් නෑ නේ..

      Delete
  34. තව ඉස්සරහට යද්දී හුගක් අයට අමතක වීමේ ලෙඩේ බෝවෙන්න උනත් බැරි නෑ..

    ReplyDelete
    Replies
    1. කොහොමත් වෙන්නේ ඒක තමයි...

      Delete
  35. විමල් වීරසංගිලි පනික්කිරාල නම් වූ කැ* කෑ රිලවාද දින සීය තුලදීම චුතබංකොලොත්වී මකබෑවෙන අයුරු දැකීමට අපේක්ෂා සහගතව බලාසිටිමි....

    ReplyDelete
    Replies
    1. විරුද්ධව කෑ ගහන උනුත් ඉන්න ඕන.. හැබයි හොරු නම් ඇතුලට දාන්න ඕන.. එලියේ තියන්න නරකයි..

      Delete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. අයියෝ. අග විනිසුරු ඉල්ලා අස්වුනේ නෑ. දෝශාභියෝගයක්මයි මෙයා ඉල්ලන්නේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න