.

.

Jan 10, 2015

අයියෝ සිරිසේන..! - Sirisena Having a Bath..!

පින්තූරය, බුකියේ එකසිය ගනනට සැරි සරයි...
 
මේ, රට තවමත් ගෝත්‍රික රටක් බැවින් මෙහි භාෂා විලාශයට කමත්වා.. යහ පාළණයක් ලැබූ දින, අපද යහපත් භාෂාවකින් අපේ ළිපි ඉදිරිපත් කරමු..

අපි අපේ ජීවිතය පරදුවට තබා, යහපාළණයක් සඳහා, මෛත්‍රී පාළණයක් සඳහා, මහ පොළොවේ පය ගසනා මිනිසකු පත් කරගත්තෙමු. යහ පාළණයක් බලාපොරොත්තු උනෙමු. නමුත් සිඳුවන්නට යන්නේ කුමක්ද..?

ජාතික රූපවාහිනියට මේ රටේ සිටිනා පඩත්තලම කළාකරුවා, සභාපති ලෙස පත් කර ඇත. මේ වැරැද්ද කළේ පුරවැසි පෙරමුණේ ගාමිණි වියන්ගොඩලා සහ ධර්මසිරි බන්ඩාරනායකලාමය. සෝමරත්න දිසානායක නම් අවස්ථාවාදි නළාකරුවාට වේදිකාව සැපවූයේ ඔවුන්ය. මාතලන්, ධර්මසිරි නම්, වියන්ගොඩ නම්, මාතලන් ඒ මොහොතේම ඒ වේදිකාවෙන් බැස යනවාය.

අද මේ පඩත්තලයා රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කොට ඇත. මහින්ද රාජපක්ෂ කෑවේත් මේ වගේ ඉල්ලාගෙන කන පරිප්පුය. මෙ කාලකන්නියාට වශීවූ මහින්ද, මොහුගේ සොහොයුරා නාවික හමුදාපති තනතුරටද පත් කලේය. එසේ උදව් කල මහින්දට, මොහුගේ චිත්‍රපටිය ලංකාවේ සියළුම සිනමා ශාලාවල තිරගත කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දුන්නේ නෑ කියා, මහින්දට ද්‍රෝහී උනේය. මේ වගේ පඩත්තලයින්ගෙන් අපට වැඩක් නැත.

මේ පත්වීම සිඳු කොට ඇත්තේ රතන හාමුදුරුවෝ හා අප මිත්‍ර කරුණාරතන පරණවිතානයන් බවද දැනගැනීමට ඇත. අනේ රතන හාමුදුරුවනේ...., ඔබ වහන්සේගේ මෛත්‍රී භාවනාවට, යක්කු හා මළ පෙරේතයන් නොපෙනිම අපේ කාලකන්නි කමකි.

සමහරක් නම් කියන්නේ, මෙය අභිනව ජනාධිපතිගේ ඩිරෙක්ට් පත් වීමක් කියලාය. එය සත්‍යක් නම්, අපට කියන්න තියෙන්නේ, අයියෝ සිරිසේන ගොයියෝ කියලාය.

දෙවිවරුනට වාගේ සැලකූ මහින්ද රාජපක්ෂට පුක පෙන්නු, මේ වගේ කාලකන්නින් ඔබ වහන්සේටත්, අපේ මිතුරාටත් පුක පෙනවන්නේ නෑ කියා ඔබ වහන්සේ සිතනවාද.?

මූට ඇත්තේ වෙනම වැඩ පිලිවලකි. ඒ පලිගැනිමේ චේතනාවයි. මේ නළාකරුවා දෙරණ රූපවාහිනි වැඩසටහනකට, සුගත් සමරකෝන සමඟ පැමිණ ප්‍රසිද්ධියේ ඇසුවේ, අනික් උන් හදන්නේ චිත්‍රපටද කියාය. මූ හිතන්නේ, ළෝකයේ සිටින හොඳම සිනමාකරුවා මූ කියාය. මූ, අප ගොඩ නැඟු ළෝකය කුඩු කරන්නට පැමිණි නොම්මර එකේ කාලකන්නියෙකි. ගන්න පුළුවන් තරම් මහින්ද මහත්තයාගෙන් හා කෙහෙළියගෙන් ලබා ගෙන, ඔවුන්ට ද්‍රෙහී වූ කාලකන්නියෙකි.

අපි නව ආන්ඩුවෙන් ඉල්ලා සිටින්නේ, හංසයාගේ කිරෙන් පිරි විලට, අමුම අමු, ගොම්බෙටි දාන්න එපා කියලාය. ඔබලා අපට කන් දෙන්නේ නැතිනම්, ඔබලාට සිඳුවන්නේද, මහින්ද මහත්තයාට වූ දෙයමය. ඔබලා දශම ගනනකින් පත් කර ගත් ජනතාවට ද්‍රෝහිවන්න එපා. ඔබලා හමුවේ අභියෝග රාශියකි. ඒවාට මුහුණ දෙන්නේ මේ කාලකන්නින් නොව, පුරවැසි මාධ්‍යකරණයේ යෙදෙන අපය. අපට ඔබලාගෙන් කිසිවක් උවමනා නැත. අප ඉල්ලා සිටින්නේ යහ පාළණය, ගූ ගොඩවල් වලින් පුරවන්න එපා කියලාය. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ කාළකනින්ගෙන් පුරවන්න එපා කියලාය.

වැඩේ පටන් ගන්න කොටම, පුදන කොටම කාපි යකා වැඩ කරන්න එපාය. ජනතාවගේ හඬට කන දුන්නේ නැත්නම් සිඳුවන්නේ, මහින්දටත් කලින්, කනෙන් දුම් පිටවෙන්න කන්නය. ඒ නිසා මේ කාළකාන්නියා මේ තනතුරට පත්කිරීමෙන් වලකින මෙන්, අපි ඔබ සියළු දෙනාගෙන්ම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු. එසේ නොමැති වුවහොත්, පුරවැසි මාධ්‍යකරුවන්ගේ නිගාවට ලක් වීම නොවැලැක්විය නොහැකිය.

ඔය තනතුර සඳහා ඉතාමත් සුදුසු පුදගලයෝ ඔබ අතර අනන්තවත් සිටින්නේය. ඒවා අප පෙන්වා දෙන්න ඕනා නැතිය. අවසාන මොහොතේ, තම වාසිය උදෙසා පිල් මාරු කල මෙවන් නළාකරුවකුට, ජාතික රූපවාහිනිය දෙනවානම්, ඊට වඩා කුණුහබ්බ කියනා හඩ්ඩා, මීට වඩා හොඳය. මොකෝ ඌගේ ගාන හම්බ වෙනවානම් ඌ අනික් උන්ගේ රෙදි ගලවන නිසාය.

මහින්දගේ හඩ්ඩා මෙන්ම, ඔබලාගේ සෝමරතනයාද අපට එක මෙන් පිලිකුල්ය. දෙනවානම් දීලාම බලන්න. කන්න වෙන කොට ඔබලාට අප කියු දේ වැටහෙනු ඇත. මහින්දටත් සිඳු වූයේ එයමය.

එජාපයේ දිනේෂ් පාදුක්ක නම් පිස්සු බල්ලෙක්, පොලීසියට ගොස්, පොලීසියේ ඩියුටි එක, ඌ කරන්න ගිහින් තිබුනේය. වෙලාවට පොලීසියෙන් ඌගේ ඔළු කටුවට තියලා නැතිය. මේ වගේ පිස්සු බල්ලන් දැන්ම බැඳ තබණු. නැත්නම් උදා වන්නේ යහ පාලණයක් නොව, තිබුනු පාළණයටත් එහා ගිය කාළකන්නි පාලණයකි.

පලිගැනීමේ කාළකන්නි දේශපාළණයට තිත තබනු. නැත්නම් ඊළඟ ඡන්දයෙන්ම අපි ඔබලා ගෙදර යවන්නෙමු. මොකෝ... නොදන්න යකාට වඩා දන්නා යකා ඊට හොඳ බැවිනි.

පිස්සු බල්ලන් බැඳ තැබීමට 17 වෙනි ව්‍යවස්ථා ලණුවම ඕනා නැත. දැනට අහු වෙන ලණු පොටකින් උන් බැඳ තබනාවා නම් හරි අගේය.

154 comments:

  1. මෛත්‍රී ජනාදිපති වීමෙන් පසු කල 2 සහ 3 වන පත්වීම් ගැන දුක හිතෙනවා. රාජපක්ෂගේ ආණ්ඩුව විනාශ කල P.B. ලා දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් මූල්‍ය යහපාලනය නැති කල පී.බී. ජයසුන්දර. අනෙකා රාජ්‍ය යහපාලනය නැති කල පී.බී. අබේකෝන් . අබේකෝන් මහතා 2005 වසරේ ලේකම් කම ගත්තේ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ වියපාරයට රුපියල් ලක්ෂ 10 ලබා දීලා. එම මුදල් එවකට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලදාරින්ගෙන් එකතු කලේ. හම්බ උනේ පරිපාලන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය. එහි අතිරේක ලේකම් ලෙස ගත්තේ උත්පල බස්නායක මහතාව. අද ඔහු ආරක්ෂක ලේකම්. ඇමති රත්නසිරි වික්‍රමනායක. 2010 මැතිවරණයට උන මහන්සියට රාජ්‍ය පරිපාලන ලේකම් කම ලැබුණා. විපක්ෂ මන්ත්‍රීවරු 60 පැනපු ලේකම්ලා ඉවත් කරන්න කියලා බනිද්දි මුලින්ම කියවුණු නම වුනේ පී.බී. අබේකෝන් . ප්‍රාදේශීය ලේකම්වරු පත්කිරීමට දේශපාලන නිර්දේශ අනිවාර්යය කලේ ඔහු. නමුත් ඔහු ජනාධිපති ලේකම්, එහෙම තියෙද්දී මේවා මොනවද?

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කොමෙන්ටුවට.. පුරවැසි මාධ්‍යකරනයේ ශක්තිය මෙයයි...

      Delete
    2. දුකම කරුණ නම් ජනපති මාරු වුවත් හොරු රැල එසේම සිටීමයි.

      Delete
    3. කරැණාකරල මේක මතුපිටින් බලන්න ඒපා.... මරා ගේම අතඅැරල නෑ... හොදින් බැරිනම් නරකින් කරන්න හදන්නේ.... ඉස්ෙසල්ල මේ වීඩියෝ දෙක බලන්න

      https://www.facebook.com/video.php?v=836523583056040
      https://www.facebook.com/video.php?v=765281926874096

      ඒ්ක නිසා මේ වගේ මිනිහෙක් මේ වෙලාවෙ ඔතෙන්ට අවස්සයි......මහින්දයගෙ කෙරැවාව රටටම පේන්නන් ඔනෙ හිරිකිත නැතුව ජාතිකෙන්...නැත්නම් මේක තවත් යුද්ධයක අාරම්භය......අනික මේව තාවකාලික පත්වීම්.. ඒ්ක ිසා කලබලවෙන්න ඒපා

      Delete
    4. Ha Ha Ha...

      So called common candidate seems to be a Donkey in Swans clothing ........


      චන්දය අවසන් වන තුරුම මහින්ද මහත්තයා ලඟ සිටි අයටත් බාරදූර් තනතුරු දෙන්න ඇත්තේ තව දින කීපයයි....

      අද පත්කරනා ඇමති මන්ඩලය ගැන මෙවනි තව ලිපියක් ලියන්න ලැබේවි....

      අපි බලා ඉන්නේ මෙග ඩීල් කාරයන් කවුද කියා අපට සාක්කි ඇතිව කියනතෙක් ය. ටක්ස් අඩු කර ඉන්දන සහන මිලට දෙන කල් ය.

      Delete
    5. ආරංචි විදියට මේ වනවිට බැසිල් රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ,කේපී,පීබී ජයසුන්දර,සුදර්මන් රදලියගොඩ, රෝහිත අබේගුණවර්ධන,තොන්ඩමන්,ප්‍රියත් බී. වික්‍රම ඇතුළු බොහෝ දෙනෙක් රටින් පැනගොස් නැතිනම් පැන යාමට සුදානම්ව සිටින්නේ.

      ඔය ගැන මයිත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්යාලයේ පැහැදිලිකිරීම් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ දමා තිබෙන්නේ පහත පරිදියි. ඒක ඇත්ත තමයි බලං ගියාම.

      'පසුගිය කාල වකවානුව තුල සිදු වූ දූෂණ, අක්‍රමිකතා පිළිබඳව තවම පරීක්ෂණ අරඹා නැත. එසේ පරීක්ෂණ ඇරඹීමෙන් පසු, එම වංචා, දූෂණ වලට වැරදිකරුවන් වන ඕනෑම අයෙක්, ලෝකයේ කොහේ සිටියත්, මෙරටට ගෙන්වා, ඔවුනට හිමි දණ්ඬුවම් ලබාදීමට කටයුතු කෙරෙනු ඇත. මෛත්‍රි පාලනයේ වෙනස නම්, ඔවුන් කළාක් මෙන්, මුලින්ම සිරිගත කර පසුව වැරදි හොයනවා වෙනුවට, සියල්ල නියමිත ක්‍රමවේදයට අනුව සිදුකිරීමටයි'

      Delete
    6. @mathalan//ඒවාට මුහුණ දෙන්නේ මේ කාලකන්නින් නොව, පුරවැසි මාධ්‍යකරණයේ යෙදෙන අපය. // හි හි හි!! අන්න මයිත්‍රි ඔයාගෙ බ්ලොග් එක බලලා ඒක නෝට් කොරගත්තා. ඒ වුනාට ඩොලර් වලට කුලියට ලියන එක කොහොමද පුරවැසි මාද්දියකරනෙ වෙන්නෙ? හි හි හි, අනේ තව හි හි හි!

      Delete
  2. සම්පුර්නයෙන් එකග වෙනවා... මෙවැනි මෝඩ අමන වැඩවලට නොව බුද්දිමත්, දූර්දර්ශී කාර්යන් සදහාය මිනිසුන් චන්දය භාවිතා කලේ.....

    ReplyDelete
    Replies
    1. මිනිසුන්ගේ බුද්ධියට නිගා නොකරනු...

      Delete
  3. පිස්සා උනත් මූට අජිත් පැරකුම්ට නැති හර්ද සාක්ෂියක් තියෙනවා. බැනලා හරි ඉඳහිට කමෙන්ට් එකක් කොටන්න හිතෙන්නෙ ඒකයි.


    ReplyDelete
    Replies
    1. ඒ අජිත්ගේ යහපත් කම... ඒත් ඔහු ඉන්ගිරිසියෙන් ලියලා තියෙන්නේ වෙන කතාවක්... ඒකට මම දාපු කොමෙන්ට් එකත් නෑ...

      Delete
  4. මෙහෙම ගියොත් 2001 යූඑන්පියට වඩා ඉක්මනින් පෙරළෙනවා. අඩුම ගානෙ මේ බල්ලො කුලියට කහිද්දි ජනතාව ඒකට දීපු උත්තරේට ගරු කරන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. මහින්දට උන දේම තමයි මෙයාටත් උනේ...

      Delete
  5. දැන් සිටම ජාතිවාදී නඩය වැඩ පටන් අරගෙන ඇත. හිටපු ජනාදිපති ජාතිවාදී මතයක් රට පුරා ඇතිකර තමන්වෙත අනුකම්පාව ලබාගනිමින් නැවත බලයට ඒමට සැලසුම් සකස්කරයි. බලයෙහි උපරිම රසවින්ද අය එය කෙසේ හෝ නැවත ලබා ගැනීමට උත්සාහ කරයි. මෙම ජාතිවාදී නඩය පැරදවීම වහාම කලයුතුව ඇත.

    ReplyDelete
    Replies
    1. අනිවා.. ඊට එරෙහිව අපේ හඬ කවදාවත් වෙනස් වෙන්නේ නෑ...

      Delete
    2. විග්ෙන්ශ්වරන් කියන පිස්සු බල්ලාද බැද දැමිය යුතුය

      Delete
  6. මාතලන්ගේ ඇස් යන්තම් ඇරී ඇත.
    ඕකනේ අපි මුලින් කියුවේ සමස්ත ලොක්කෝ දෙන්න මාරු කිරීම පමණක් යහපාලනක් දීමට බැරි බව. සමස්ථ දුෂිත රාජ්‍ය සේවකයෝ දේශපාලකයෝ සහ බත් බැලයෝ එලවා දැමිය යුතුය.

    ReplyDelete
    Replies
    1. විස්මයක් නැත. ඔය දේ සිදුවන බව කලින්ම පැවසුවෙමු
      ඉදිරියට වෙන්න ඇති දේ මෙසේය.

      1. චන්ද්‍රිකා විසින් SLFP යේ බලය ලබා ගැනීමට MR සහ මය්ත්‍රී සමග කරන බල අරගලය
      2. පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන් එජාපයට එකතු වීම සමගම කැබිනට මණ්ඩලය 30 ඉක්මවා යාම. ( මෙය මහ චන්දයෙන් පසුව සිදුවීමට ඉඩ ඇත )
      3. ITN සහ රුපවාහිනී නාලිකා පවතින ආණ්ඩුවට රෙදි නැතිව කඩේ යාම (ආරම්භ කර ඇත )
      4. නාස්තිකාර , සෝබන උත්සව සහ ක්‍රියාදාමයන් පෙර රජයේ මෙන්ම පවත්වා ගැනීම. අද මහනුවරට යන රථ පෙරහැර නිසා, අද නුවර යාමට සිටි මාර්ගය අවහිර වූ පුරවැසියන් රාශියක් මය්ත්රිගේ මෑණියන් සමග විවිධ පොෂිසන් වලින් රමණය කරන ආකාරය සිහිපත් කරන බව සලකන්න.
      5. කේන්දර , මන්තර , සුභ නිමිති , නැකත් පෙර ආකාරෙන්මයි. රාජකීය ඇදුරාගේ මුනත් තහඩුව පමණක් වෙනස් වේ.
      6. සරත් පොන්සේකා ආරක්ෂක ඇමති කළහොත් සර්පයෙකු මෙන් තමන්ට එරෙහි වූවන්ගෙන් පන්න පන්නා පලි ගැනීම.
      7. දේශපාලන අස්ථාවර භාවය නිසා , බලය පවත්වා ගැනීම හැරුණු කොට සංවර්ධන ක්‍රියාදාමයන් උදෙසා කාලය මිඩංගු කිරීමට පාලකයන්ට අවස්තාව අවම වීම. ඒ හේතුවෙන් නව සංවර්ධන ක්‍රියාදාමයන් පටන් නොගන්නවාක් මෙන්ම ඇරඹු ක්‍රියාදාමයන්ද මන්දගාමී වීම.
      8. සියළු තනතුරු UNP හෙන්චයියන්ගෙන් පිරවීම.
      9. සොරා කෑ බව කියූ කිසිදු ප්‍රධාන දේශපාලකයෙකුට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම
      10. ආරක්ෂක සේවාවල භටයන් 50% පමණ වන්දි ගෙවා ඉවත් කිරීම
      11. ආරක්ෂක භටයන් හමුදා කඳවුරු තුලට පමණක් කොටු වීම නිසා උතුරු නැගෙනහිර බුද්ධි අංශ වල බිඳ වැටීම .
      12. චේන් කාරයන් , මංකොල්ල කරුවන් නැවතත් පාරවල් ආක්‍රමණය කිරීම
      13. අඬු බිඳ දමා ඇති පාතාලයේ හිස එසවීම.

      Delete
    2. අඩෝ මාතලන් .... දේශද්‍රෝහී ගැත්තා , අධිරාජ්‍යවාදී කුක්කා , බෙදුම්වාදියා , ජාතියක් නැති එකා ... මේ බලපන් උඹ වගේ නෙවෙයි අපි නියම දේශ ප්‍රේමියෝ
      ඔන්න බලපන් අපේ ප්‍රාර්ථනය

      //මතක තියා ගනිල්ලා අද අපි හඬනවා... උඹලා හිනාවෙනවා
      එත් රටේ බොම්බයක් පිපිරෙච්ච දවසකට....
      අන්න එදාට...
      අපි හිනාවෙනවා,තොපි හඬනවා....//


      හරිද ...එහෙම තමයි ඩො නියම දේශ ප්‍රේමියෝ ...............

      Delete
    3. අපේ ඇස් කවදත් හොඳට ඇරිලා තියෙන්නේ මකසි... අම්මා තාත්තා උනත් වැරදි නම් වැරදියි.. ඒක කියන්න අපි බය වෙන්නෙත් නෑ..

      Delete
    4. @ මා.පි භයියා,

      //අද මහනුවරට යන රථ පෙරහැර නිසා, අද නුවර යාමට සිටි මාර්ගය අවහිර වූ පුරවැසියන් රාශියක් මය්ත්රිගේ මෑණියන් සමග විවිධ පොෂිසන් වලින් රමණය කරන ආකාරය සිහිපත් කරන බව සලකන්න.//
      උදේ පාන්දරම නැගිටගෙන, තේ එකකුත් හදාගෙන, කලින් දවසේ රෑ ආපු ඕඩර්ස් වගයකුත් නිදිමරගාතෙම කම්ප්ලීට් කරලා, එහෙම්ම කපුටු නෑමකුත් නාගෙන ගුරු ජීට කෝල් කලාම එතුමා කියනවා. "ඇද කැන්ඩි ක්ලාස් එක කෑන්සල් පුතා!" කියලා.(ගුරු ජීගේ වැරැද්දක් නෙමෙයි,) කන්ද උඩරට රාජධානියට මෛත්‍රී හාන්දුරුවෝ වඩිනවා ලු! අපිට කලාසුත් නෑ! විභාගෙට ගිහින් ලියන්න වෙන්නේ මුගේ අම්මගේ පේපර් එකට වෙන්නැති. අයියණ්ඩි කිව්වා වගේ පිල්ලි ජී ඇතුළු මිත්‍ර සේනාවම මූ ඇතුලු මුගේ යහපාලකයෝ බිහිකරපු මෑණිවරුත් එක්කලා සමූහ සංසර්ගයෙහි යෙදුණා!!!

      ආශ්චර්ය=යහපාලනය

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    5. මහින්ද මහත්තයා වෙනුවට අවුරුදු දහයක් චන්ද්‍රිකා නෝනා ගේ ද ඉන් පසු වසර දහයක් මහින්ද මහත්තයා ගේ ද යට ඇඳුම් සෝදා පිරිසිදු කල තැනැත්තා පොදු අපේක්සක ලෙස ජනාදිපති කෙරෙව්වුවාම ඔහොම තමාය.....

      Delete
  7. කරැණාකරල මේක මතුපිටින් බලන්න ඒපා.... මරා ගේම අතඅැරල නෑ... හොදි් බැරිනම් රකින් කරන්න හදන්නේ.... ඉස්ෙසල්ල මේ වීඩියෝ දෙක බලන්න

    https://www.facebook.com/video.php?v=836523583056040
    https://www.facebook.com/video.php?v=765281926874096

    ඒ්ක නිසා මේ වගේ මිනිහෙක් මේ වෙලාවෙ ඔතෙන්ට අවස්සයි......මහින්දයගෙ කෙරැවාව රටටම පේන්නන් ඔනෙ හිරිකිත නැතුව ජාතිකෙන්...නැත්නම් මේක තවත් යුද්ධයක අාරම්භය......අනික මේව තාවකාලික පත්වීම්.. ඒ්ක ිසා කලබලවෙන්න ඒපා

    ReplyDelete
    Replies
    1. ඒවා දැක්කා. ඒකනේ එයාට යන්න උනේ. මදාවියා කවදත් මදාවියා..

      මාදාවියන්ට ගහන්න සක්කිලි දාලා වැඩක් නෑ.. අපට අවශ්‍ය මිනිසත් කමින් පිරි මිනිසුන් පමණයි..

      Delete
    2. ඇයි මරල හරි ගත්තෙ නැත්තෙ කියලා හරකෙක් අහපු ප්‍රශ්නයක් මුලික කරගෙන මහින්දට සම හරක් අය අපහාස කරනවා ඔතනදී නම් ලොකු කණගාටුවක් ඇතිවුනා ඔහොම අය ලංකාවේ සියලු දේශපාලන පක්ෂ වල පසු පෙළ ඉන්නවා.(මේ ගන ගම්‍ය වන කමෙන්ට් එකක් මම විචාරකගේ බ්ලොග් එකේ කුමන්ට්‍රන පොස්ට් එකට දැම්මා) එතනදේ එම ප්‍රකාශය මහින්ද අනුමත කලාද? මහින්ද කියුවේ එහෙම කරන එක ප්‍රජත්රන්ත්රවාදීද කියලා. පක්ෂයට කඩේයන පහල මට්ටමේ හරකෙකුගේ ප්‍රකාශයක් අල්ලා මහින්දට අපහාස කරන්න එපා.

      Delete
  8. කණගාටුවෙන් උනත් මගේ අළුත් ස්ථාවරයත් මෙච්චරයි. වෙන විකල්පයක් නැත
    -----------------------------------------
    Anil Herathනව ශ්‍රීලංකා දේශපාලනය.
    39 mins ·
    ටෙලි ප්‍රොම්ටරයක් නැතිව, මෙගා ෆෝනයකින්, තම බේබදු අනුගාමිකයන් අමතන, තමන් පරාජය කලා යැයි කියූ ඊළම තවම ඇති බව කියවන, බලය උදෙසා තම බිරිඳ වුවද දෙතැයි සැක කල හැකි හිටපු ජනාධිපතියකුගේ කථාවක් ඇසීමි.
    අහිංසක කොල්ලන්ගේ මිනී විකුනමින් බලයට පැමිණි, අවස්ථාවාදිව සීගිරිය ඉදිරියට දමා ඩිස්නිලන්තයේ සැපගත්, විලිලැජ්ජාව වෙනුවට වාචාලකම දායාද කොටගත්, දේශපාලන පිම්පියෙකුගේ වාගාලාපයක් ද ඇසීමි.
    දෙමළා වෙනුවෙන් පමණක් නොව, ඒ දෙමළා යලිත් ත්‍රස්තවාදයට තල්ලු කලදා පිපිරෙන බෝම්බ වලින් මියෙන හැම ශ්‍රී ලාංකිකයා වෙනුවෙන්ම මේ ටික ලියමි.
    මුන් සහ මුන්ගේ කාලකණ්නි ව්‍යාපාරයට තිත තියන තුරු, මෛත්‍රිපාල සිරිසේන විසින් මර්වින් සිල්වා ව ආණ්ඩුවට ගත්තත්, මම 'මීක්' නොකියමි
    https://www.facebook.com/video.php?v=836523583056040
    https://www.facebook.com/video.php?v=353476444836458



    ReplyDelete
    Replies
    1. කණගාටුවෙන් උනත් මගේ අළුත් ස්ථාවරයත් මෙච්චරයි. වෙන විකල්පයක් නැත
      -----------------------------------------
      Anil Herathනව ශ්‍රීලංකා දේශපාලනය.
      39 mins ·
      ටෙලි ප්‍රොම්ටරයක් නැතිව, මෙගා ෆෝනයකින්, තම බේබදු අනුගාමිකයන් අමතන, තමන් පරාජය කලා යැයි කියූ ඊළම තවම ඇති බව කියවන, බලය උදෙසා තම බිරිඳ වුවද දෙතැයි සැක කල හැකි හිටපු ජනාධිපතියකුගේ කථාවක් ඇසීමි.
      අහිංසක කොල්ලන්ගේ මිනී විකුනමින් බලයට පැමිණි, අවස්ථාවාදිව සීගිරිය ඉදිරියට දමා ඩිස්නිලන්තයේ සැපගත්, විලිලැජ්ජාව වෙනුවට වාචාලකම දායාද කොටගත්, දේශපාලන පිම්පියෙකුගේ වාගාලාපයක් ද ඇසීමි.
      දෙමළා වෙනුවෙන් පමණක් නොව, ඒ දෙමළා යලිත් ත්‍රස්තවාදයට තල්ලු කලදා පිපිරෙන බෝම්බ වලින් මියෙන හැම ශ්‍රී ලාංකිකයා වෙනුවෙන්ම මේ ටික ලියමි.
      මුන් සහ මුන්ගේ කාලකණ්නි ව්‍යාපාරයට තිත තියන තුරු, මෛත්‍රිපාල සිරිසේන විසින් මර්වින් සිල්වා ව ආණ්ඩුවට ගත්තත්, මම 'මීක්' නොකියමි
      https://www.facebook.com/video.php?v=836523583056040
      https://www.facebook.com/video.php?v=353476444836458
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ගෞරවනීය ලෙස එළියට බැස්සා කියන එක නම් දැන් විශ්වාස කරන්න අමාරුයි.

      Delete
    3. ගෞරවනීය ලෙස ඔතනින් එලියට බහින්න ඕනේ 2005 දී , මොකද අරලිය ගහ මන්දිරය කියන්නේ අගමැති නිල නිවස. පත්වෙන අගමැතිට එතන බාරදීලා ජනාධිපති කොහොමත් ජනාධිපති මන්දිරයට යන්න ඕනේ. JR ගියා, ප්‍රේමදාස ගියා, විජේතුංග ගියා , චන්ද්‍රිකා ගියා .. පැරදුනාට පස්සේ රනිල් දෙපාරක්ම ගියා .... ඒත් 2005 න්
      පස්සේ පත්වුණු අගමැතිවරු තැන තැන ලැග්ගා .

      මට තවමත් තේරෙන්නේ නැත්තේ කොහොමත් සාමන්‍යයෙන් සිද්ධවෙන්න ඕනේ දේවල් මේ තරම් සුවිශේෂී ලෙස හුවාදක්වන්නේ ඇයි කියන එකයි .
      ඩේවිඩ් කැමරන් දුම්ර්යෙන් පාර්ලිමේන්තු යද්දී, එක එරටට සුවිශේෂී දෙයක් වුනේ නෑ.

      පුද්හල චරිත වන්දනාව අතහැර ප්‍රතිපත්ති වලට තැන දෙන ඡන්ද දායකයන් පිරිසක් හැදෙනකන් මේ රට මෙතනින් ඉහලට ගැනීම හීනයක්

      Delete
    4. මාතලන් සහෝ, ඔය ගැම්ම ඔහොමම තියාගන්න
      නැත්නම් මෛත්‍රීත් දෙවන වර ජනපතිකම ඉල්ලයි.

      Delete
    5. එයා දැන් අවලංගු කාසියක්.. දැන් මෛත්‍රී කරලා එලියේ තිබ්බොත් වැඩි කල් යන්න කලින් නාන්න වෙනවා. ගොන් හරක් පිලයි, විමල් උපාදංශයයි කියන කතා වලින්, වෙන්න යන්නේ මොකක්ද කියලා හරි පැහැදිලියි. ඒ නිසා සාධාරණ නීතිමය ක්‍රියාවකින් ප්‍රජා අයිතිය අහෝසි කර, කළ ගුණ සලකා, නිවාස අඩස්සියට පත් කළ යුතුයි. නැත්නම් කනවා නියම පරිප්පුවක්.

      Delete
    6. "විමල් උපාදංශ" කොහෙන්ද මේකැල්ල ආවෙ මූ අපහු නම වෙනස් ක‍රලද? මම තව තැනක දැක්ක මෙහෙම දාල තියෙනව.

      Delete
    7. ඇයි මරල හරි ගත්තෙ නැත්තෙ කියලා හරකෙක් අහපු ප්‍රශ්නයක් මුලික කරගෙන මහින්දට සම හරක් අය අපහාස කරනවා ඔතනදී නම් ලොකු කණගාටුවක් ඇතිවුනා ඔහොම අය ලංකාවේ සියලු දේශපාලන පක්ෂ වල පසු පෙළ ඉන්නවා.(මේ ගන ගම්‍ය වන කමෙන්ට් එකක් මම විචාරකගේ බ්ලොග් එකේ කුමන්ට්‍රන පොස්ට් එකට දැම්මා) එතනදේ එම ප්‍රකාශය මහින්ද අනුමත කලාද? මහින්ද කියුවේ එහෙම කරන එක ප්‍රජත්රන්ත්රවාදීද කියලා. පක්ෂයට කඩේයන පහල මට්ටමේ හරකෙකුගේ ප්‍රකාශයක් අල්ලා මහින්දට අපහාස කරන්න එපා.

      Delete
  9. මේක තම්යි අපේ දේශපාලනය හැමදාම පැටලෙන උගුල. මොන මගුල කරන්නත් ආණ්ඩුවට 2/3 තියෙන්න ඕනේ. විරුද්ධ පක්ෂය සහයෝගය දෙන්නේ නෑ. එතකොට ආණ්ඩුව නොවැටී තියාගන්න ජඩ ඩීල් වලට යන්න වෙනවා. මේ දේම චන්ද්‍රිකාටත් උනා. මහින්දටත් උනා. කල හැකි එකම දේ පුරවැසි හඬ ශක්තිමත් කිරීම පමණයි. මේක දීර්ඝ කාලීන සටනක්

    ReplyDelete
    Replies
    1. බලයට ආපු ගමන් මොළේ මැලේරියාව හැදෙනවා..

      Delete
    2. විපක්‍ෂයේ ඉඳ සිල් අරගෙන වාගේ
      රටේ ප්‍රශ්ණ විසදිය හැක කජු වාගේ
      එරට මෙරට කොයි දේසෙත් එක වාගේ
      බලමු හෙට කෙරුම් ජනපති ඔබමා ගේ

      Delete
  10. මෙතනදී ප්‍රති තර්කයක් ඉදිරිපත් කල හැක:

    සිරිසේනත් , සෝමරත්නත් දෙන්නම මහින්දට කඩේ ගියා. මහින්දගේ රජයේ සෝදාපාලුවේ මූලාරම්භයට හේතුවුන නිසා සිරිසේන "අති ගරු, උතුමාණන්" වනවා නම්, අනික් වුන් "බත් බැලයන්" වන්නේත් කෙසේද?

    මෙ තර්කය අනුව ,හෙට මැරවියා මේ පැත්තට පැන්නොත්, සියලු පව් සෝදා බෞතීස්ම කල යුතු බවක් අදහස් නොකෙරේ. මූලික ප්‍රජාත්‍රාන්ත්‍රික අයිතියක් වන " කැපුවත් නිල්/කොල" වීම හෝ " කඩේ යාම" , කප්පන් ගැනීම, කුඩු විකිනීම, මිණී මැරිම දඩුවම් කලයුතු අපරාධ නොවේ. යම් කිසි හැකියාවක් ඇති මිනිසුන් වන, ජැකා හා සෝමරත්න ගැන ඇති අපුල මැඩපවත්වා ගෙන, ඔවුන්ගෙන් ගත හැකි දෙයක් වේ නම් එයට ඉඩ දිය යුතුය. ප්‍රතුවිරුද්ධ දේශපාලන අදහස් දැරූ පමණින්, අල්ලා මරා, තලා- පෙලා දැමීම හෝ " අපි තමයි ඩෝ, මේ ආණ්ඩුව ගේන්න ජීවිතෙ දුන්නෙ" අයියලාට "කුරුතඤ්ඤ වීම" ට යෑම යහපාලනයට මග නොවේ.

    රටක යහපාලනයක් ඇති කිරීමට කලයුතු වෙනත් දෑ බොහොමයක් ඇත. පලමුව, දේසපාලුවා දු‍ටුවිට පු‍ටුවෙන් නැගිටින වැඩවසම් වහල් මානසිකත්වයත්, පිලිකාවක් මෙන් අධිකරණය, රාජ්‍ය සේවය ඔස්සේ ඔඩුදුවා ඇති දේශපාලන පිලිලයත් ඉවත් කල යුතූය.

    සිරිසේනව දිනවූයේ , රජපාට් එක ඇක්ට් කල මහින්දට ඇති අකමැත්ත බවත්, එහි " මාස්ටර් මයින්ඩ්" වූයේ චන්ද්‍රිකා බවත් දන්නා නුමුදු , ඇයගේ අභිමාර්ථය පැහැදිලි නැත.

    ReplyDelete
    Replies
    1. /*යම් කිසි හැකියාවක් ඇති මිනිසුන් වන, ජැකා හා සෝමරත්න ගැන ඇති අපුල මැඩපවත්වා ගෙන, ඔවුන්ගෙන් ගත හැකි දෙයක් වේ නම් එයට ඉඩ දිය යුතුය. */

      සෝමරත්නලා මේ එන්නේ ඔවුන්ට දිය හැකි දෙයක් දෙන්නට නොවේ. ගත හැකි දෙයක් ගන්නටය. දේශපාලකයින්ටනම් ඔවුන්ගෙන ගත හැකි දෑ තිබෙන්නට පුලුවන. එහෙත් පුරවැසියන්ට ?. මේ අරින පාර දිගේ හෙට අනිද්දාට බොහෝ අපතයින් වැල නොකැඩී එනු ඇත. 1994 හෝ 2005 ආපසු ගොස් බලන්න

      Delete
    2. Agreed! 200%
      මං ජේ වී පී කාරයෙකු නොවෙතත් අනුර කුමාර කීවේ ඒකයි,
      වැඩි බලාපොරොත්තු තියාගන්න එපා.
      මේ ආරම්භය පමණයි කියා!

      Delete
    3. මේ ආන්ඩුවට මිනිස්සු ඇත්තෙම නැද්ද.?
      මේ කරන්නේ ප්‍රතිවාදියාගේ තර්කනය ඇස් පනාපිට ඔප්පු කිරීම නොවේද? සිරිසේනට වෙන එකෙක්වත් ඇත්තේ නැද්ද?
      කැම්පස් වල මේ සබ්ජෙක්ට් එක පිළිබඳ ආචාර්යවරු මහාචාර්යවරු නැද්ද? දේශපාළණයට කිසි සේත් සම්බන්ද නැති එවන් පුදගලයකුට දුන්නේ නම් කෙතරම් අපූරුද?

      Delete
    4. මහිද එක ආපු උන් මෙහෙට එනෑක අවුලක් නැහැ උන් බොරුවට හ‍රි සමජයේවුනුදේවල් වලට විරුද්ද උනානම්. හැබැයි අපි හැමේම දන්නව මූනම් අවෙ මුගේ චිත‍්රපටි ටික පෙන්නන්න මුට ඕඅන විදියට දුන්නෙ නැති නිස්සා කියල. මටනම් මුගේයි මර්වින්ගෙයි කිසි වෙනසක් නැ ඒත‍රමටම කාළකන්නියෙක්.

      Delete
  11. මෝඩවංස වගේ උන්ගේ තර්කය උනේ රටට කෙලවන්නට විදේස බලවේග බලං ඉන්න නිසා උන්ට සබ්බුව දීමටත් ආණ්ඩුව පරිස්සම් කරගන්නත් ඕනෙ දහ බල්ලෙක් ආණ්ඩුවට ගත්තට කමක් නෑ කියා ය. දැන් Anonymous January 10, 2015 at 12:26 PM, AnonymousJanuary 10, 2015 at 12:42 PM, Raji, නරිමොටා ඒ පාරේම යනු පෙනේ.

    අපේ ආණ්ඩුව විරුද්ධ පක්ෂයෙන් ආරස්සා කර ගන්න නම් ඕනෙ දහ බලු කමක් කමක් නෑ!!!! මොකද මහින්දයා මහජන චන්දෙන් බලේට ආවොත්. ඒක නිසා මඩ කාපර්ලා අරගෙන මෙච්චර කල් මහින්ද කල එකම අපිත් කරමු!!!

    සන්තෝසයි මහත්වරුනි. යහපාලනය අතේ දුර.

    ReplyDelete
    Replies
    1. සම්පූරණ ඇත්ත. මහින්ද කොටියයි එනවෝ කිව්ව වගේ..මෙයාල දැන් මහින්ද එනවෝ කියයි

      Delete
  12. මම බුලත් කොලයේ මාද්‍ය සාකච්චාවක් දුටුවා , එහිදී පැහැදිලි වුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලසිට සිටින , සුසිල් ප්‍රේම්ජයන්ත්, නිමල් සිරිපාල වැනි අය යම් වැඩපිළිවෙලක් ගැන හිතන අතර , තමන්ට කියා ජන බලයක් නැති බුලත් කොලයේ එල්ලී වීරයන් වන්න දඟලන විමලේ , දිනේෂ් ගුනවර්දන , ගොම්මන්පිල වැනි උන් (රට , ජාතිය ගැන ,කතාකරන දේශ හිතෙෂි ) නමුත් බද ගොස්තර වාදී න් උන්ගැනම සිතා කතා කරන බවත්ය .
    මුලින්ම කල යුත්තේ මෙම අපතයන්ව අහෝසි කර දැමීමය .

    ReplyDelete
    Replies
    1. ඕකුන්ගේ දූෂණ හා වංචා නීතිය හමුවේ ඔප්පු කර මුන් වහාම දේශපාළණයෙන් ඉවත් කර සමාජයෙන් ඈත් කොට තැබිය යුතුයි. මොකෝ මුන් ජාතිවාදය වපුරන්න හදන්නේ. ලේ ගංඟාවෝ වල පීනන්න හදන්නේ. වාහම් මොවුන් සිරගත් කළ යුතුයි. මුන් ඔක්කෝම කම්බ හොරු..

      Delete
    2. දුමින්ද සිල්වා සහ නිමල් ලන්සා ද අද දලදා මාලිගාවෙදී නව ජානදිපති තුමා ගේ දැත් ශක්තිමත් කරාවිද?

      කෝ මේ මෙගා ඩීල් කාරයන් ව හිරේ දානවා කියපු කම්බා හොරු ටික???

      Delete
    3. උන් ආවත් උඹ පුදුම වෙන්න එපා සා රා බී සා...

      Delete
  13. අයියෝ සිරිසේන .. පලමු වටයේම හොඳින් නාගෙන ඇත .
    නෑවේ මඩ වතුරෙන් හෝ ඉඳුල් වතුරෙන් නම් සෝදා පිරිසිදු කරගන්නට සහයක් දිය හැකිව තිබුණි .
    ගූ නෑවාම වතුර බාල්දියක් වත් ගෙනත් දෙන්නට කවුරුත් ලඟට එන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. මුන් මිනිසුන්ගේ බුද්ධියට නිගා කොට ඇත..

      නැට්ටෙත් ගොම...

      Delete
  14. පලමු නාගැනීම!

    ReplyDelete
    Replies
    1. දැන් Undo කල නොහැක. ගලේ පහරපු වල් බළලුන් මෙන් නියවමින් සිටීමට මේ ඔබට කාලයයි.

      Delete
    2. වැරදි නිවැරදි කළ යුතුය...

      Delete
  15. මාතලන් මහතා,
    ඔච්චර කලබල වෙන්න එපා. ඒක ඔබේ වයසටත් මෙන්ම මුහුකුරා ගිය බවටත් හොඳ නැහැනෙ.අනික ඔබට කරන්න තව කාර්යභාරයක් ඉතුරු වෙලා තියෙනවානෙ. ඔබ නැත් නම් කව්ද ඒක මේ බ්ලොග් අවකාශයේ කරන්නෙ? මේ මල ඉලව් සිංහල භාෂාවේ ඕනෑ නැති වචනයක් තියෙනවානෙ ජාතික වාදය කියල.ඒක මකලම දාන්න ඕනැනේ. ජාතක වාදයක් තියෙන්නේ සුද්දන්ට සහ දෙමලුන්ටත් සහ අන්‍ය ජාතිකයන්ටත් පමණක් බවත් සිංහලයන්ට ඇත්තේ ජාති වාදයක් බවත් කියල තවවුරු කරන්න එපායැ. අනික සිව් හෙළය එකතු වෙලා සිංහලය යන්න හැදිලා තියෙනවා කියල කියන පණ්ඩුකාභය චින්තනය ඉවර කරලා දමන්න ඔබ තුමා හැර වෙන කව්ද ඉන්නෙ. පොඩ්ඩක් ඉවසන්න

    අනික ඉදිරියේදී ඔබ කලයුතු තව වැඩක් තියෙනවානෙ. ඉදිරියේදී පාර්ලමේන්තු මැතිවරණයක් හෝ ලාම්පු කලගෙඩි සෙල්ලමක් හෝ කරන්නතියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. wmk සමරේ මේ ඔබද?

      Delete
    2. දයල් මේ තමයි නියම සරමේ.

      පින්වත් සරමසේකර මහත්තයෝ.. අපි කවදත් නිවුනු මිනිස්සු.. නමුත් අපේ ලිවිල්ල බොහොම සැරයි.. ජාතිවාදියෙන් ඇස් අන්ධ වූ ඔබ සොයන්නේ දෙමලාගේ ලේය. ගොක් කොල පේන කාලයේ ලේ බැංකුවල සේවය කීරීමට සිහින මවන්නේ නැතිව. මෛත්‍රී භාවනාව වඩා. යන තැනකට වැඩක් කර ගන්නා ලෙස ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි.

      අබ සරණයි ඔබට පුතේ...

      Delete
  16. සියල්ලටම පෙර ගෙදර ගිය මහින්දගෙන් ප්‍රවේශම් විය යුතුය. ජනෙල්, කොන්ක්‍රීට් බැමි උඩ නැගගෙන මූ මොනවද මේ දොඩවන්නේ. හිටපු ජනාධිපති වරයෙකුට වඩා උම්මත්තකයෙකු ලෙසින් හැසිරේමින් මොහුගේ තුච්ච බව තවතවත් ලෝකයට ප්‍රදර්ශනය කරමින් සිටී.
    මෛත්රී "පිස්සු බල්ලන් බැද දැමිය යුතුය".

    ReplyDelete
    Replies
    1. ලක්ශ 57ක ජනයාගේ වේගය තුනී කිරීම මහින්ද විසින් කල යුතුය
      විමල් ආදී පිරිස් විසින් ඇවිලවූ ජතිවාදී ගින්දරවලින් පිච්චෙන ජනයාට වතුර පොඩ්ඩක් ගැසිය යුතුය.
      නැත්නම් ඡන්දය පාර්ලිමේන්තු දිනන්නේ කොහොමද?
      පාර්ලිමේන්තු ඡන්දයෙන් බලය ඩැහැගෙන රට අවුල් කල යුතුය.
      කල දුෂන වසාගැනීමේ මාර්ගය එහෙමය.

      Delete
    2. ගැමුනු කුමරා මාගම සිට මහියන්ගනයේ දී මහවැලි ගඟෙන් එතෙර වී රජරටට පැමිනියාක් මෙන්, මහින්ද මහත්තයා දින සීය අවසානයේ මැදමුලන සිට ගාලු පාරේ ඇවිත් දෙහිවල පාලමින් කුනු ඇලෙන් එගොඩ වී පාර්ලිමේන්තුවට පැමින විදායක බලය ඇති අගමැති වනු නිසැකය....

      Delete
    3. එයා පිස්සු බල්ලෝ ලෙහලා දාලා, නුවර යනවා රජ වෙන්න. ඇත්තටම මුන්ට පිස්සු.. අර නිදහස් චතුරශ්‍රයේ කරපු වැඩේ වටිනාකමත් නැති කරනවා..

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. //එයා පිස්සු බල්ලෝ ලෙහලා දාලා, නුවර යනවා රජ වෙන්න. ඇත්තටම මුන්ට පිස්සු.. අර නිදහස් චතුරශ්‍රයේ කරපු වැඩේ වටිනාකමත් නැති කරනවා..//
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  17. MR ගේ පරාජය උදෙසා පොද්දාගේ සයිඩ් එකෙන් ඩොලර් අරං කුලියට සින්හල බොග් සහ කටකතා ලියූ උන්දැලා තව මාසයක් පමන ගියාම පොද්දාට විරුද්දව කටකතා ලිවීම අරඹන බව ස ර ස තුමාට විස්වාසය.

    ඒ කුමන හේතුවකටද යත්, පොද්දාගේ ආන්ඩුව බිඳ දමා නවත MR ගේ ආන්ඩුවක් පත් කර ගත්තොත් පොද්දාට බැක් කල කස්ටිය නැවත කටකතා බලකාය සොයාගෙනවිත් MR පරාද කිරීමට අලුත් කොන්තරාත්තුවක් දෙන බැවිනි...

    රට වගේද මල්ලි සල්ලි???

    ReplyDelete
    Replies
    1. ඔබ සරසවි සිසුවකු නොවේ.. අපරාදේ වෙන අහිංසකයකුගේ අවස්ථාව..

      Delete
    2. සල්ලි වාගේද වගේද මල්ලී රට.

      Delete
    3. මා ඔබ සමග එකඟ වෙමි...අපරාදේ වෙන අහිංසකයකුගේ අවස්ථාව..!!

      Delete
    4. මේ නිකමට අහන්නේ සාරස, දැන් ලංකාවේ ගණුදෙණු කරන්නේ ඩොලර් වලින්ද?



      (මම නම් ඩොලර් යූරෝ ගෙනාවම උන් මට බල කරලා රුපියල් වලට මාරු කරගෙන ගේන්න කියනවා ලංකාවේ ඇතුලේ ගණුදෙණු කරන්න. )

      කට තිබුන පලියට කියවන්න එපා ළමයෝ. තරුණයි නේද? දේශපාලන වගේ නෙමෙයි ඔබ මේ නැති කරගන්න හදන්නේ තමන්ගේ අනාගතය. ඔබට වැරදුනාම දේශපාලකයෙක්වත් පක්ශයක්වත් එන්නේ නෑ උදව් කරන්න.
      ඔබගේ මතය ප්‍රකාශ කිරීමයි මේ වගේ දෙකේ තුනේ කොමන්ට් දැමීමයි අතර ලොකු වෙනසක් තියෙනවා.

      Delete
    5. @ Sa rasa, උඹනම් ආතල් බුවෙකි...

      Delete
  18. රතන මූව ගෙනාවනම් මට තේරෙන්නෙ රතනලගෙ කකුල්දෙක ආණ්ඩුවෙ තැනක සුව පහසු විදියට අනිත් උන් හැරෙන්නත් කලින් දුවල ඉහින් වාඩි උනා වගේ වැඩක්. මොකද රතනල චන්දෙදි සද්දෙට හිටියට පස්සෙ උන් පෙරලගෙන UNP උන් ඉස්ස‍්රහට ආවොත් රතනලට වෙන්නෙ ෆුට්බෝඩ් එකේ එල්ලෙන්න. බලමු රනිල්ල්ට හොද සීට් එකක් ලැබෙයිද කියල. එහෙම උනොත් රටට හොදයි නැත්නම් ගොයිය බයියවෙලා අපිට කෙලවෙන එක තමයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. රතනලා කියන්නේ මේ තරම් මෝඩ වහන්සේ කෙනෙක් කියලා අපි දැනගෙන උන්නේ නෑ නොව...

      Delete
    2. ගෝටාව අන්ඳලා රාජගිරියෙන් නාගරික සංවර්දන අදිකාරියට අයිති අක්කර හතරක "පන්සලක්" තමන් වහන්සේ නමට ලියා ගත්ත කියලා මාතලං දැනගෙන හිටියෙ නැත්ද?

      Delete
    3. දැනගෙන හිටියා.. ඒවට තමයි අපි විරුද්ධ... මොකා කලත් අපි ඒවා ගැන ලියලා තියෙනවා.. බුදු හාමුදුරුවෝ කරත් වැරද්ද වැරදියි...

      Delete
    4. මාතලං,
      ස ර ස තුමා ඔබ සහ පොද්දා බලයට ගෙන ඒමට කාර්යබාරයක් ඉටු කල හාදයන් ට ටිකක් බයිට් කර ෆන් එකක් ගන්නවා තමා....

      එහෙත් පලිගැනීම සහ නැවත ඔබලා පිලිකුල් ව බැහැර කල හිතමිතුරු සන්ග්‍රහ දූශන වැනි දේ ඔබ පත් කල ආන්ඩුවත් කරනවා නම් ඊට එරෙහි වීම ශක්තියක් ඔබට තිබීම මට මහත් සතුටක්!!

      අන්තවාදීන් ගේ ගොඩට නොවැටී පසුගිය කාලයේ ඔබ සහ පොද්දා ගේ සපෝර්ටර්ස් ලා ගේ චෝදනාවට ලක් වූ හොරුන්ට සහ මෙගා ඩීල් කාරයන් හට නීතියේ ආදිපත්ය්යය යටතේ දඬුවම් දීම වෙනුවෙන් පෙනීසිටීමට සහ දින සීයේ පොරොන්දු ඉටු කිරීම වෙනුවෙන්ද එම දේවල් සිදු නොවුනොත් ඊට විරුද්දව හඬක් නැගීමට ද ඔබ හට ශක්තිය දහිරිය ලැබේවා යයි ස ර ස තුමා ඉත සිතින් ප්‍රාර්තනා කරයි!

      Delete
    5. //රතනලා කියන්නේ මේ තරම් මෝඩ වහන්සේ කෙනෙක් කියලා අපි දැනගෙන උන්නේ නෑ නොව...//

      හිකිස් ... රතනයා, පාටලියා කලේ සහ කරන්නේ දේශපාලනයයි. සම හරක් එය තේරුම් ගත නොහැකිව කලේ උන්දලාට නිර්ලජ්ජිත ලෙස කඩේ යාමයි. දැන් පුකට පැස්ටෝල් වැදුණු බල්ලෙකු මෙන් වයින් වීමෙන් කල හැකි දෙයක් නැත. බ්ලොග් , බුකි මාධ්‍යයේ නැති බලයක් ඇතිබවට ඔබට සහ පැරකුම්ට ඇතිවූ අධිමානනිය චුං වීම නව රජයේ සුපුරුදු පාහර දේශපාලනය හරහා හුලන් බැස ප්ලැට් වී යනු ඇත.

      දැන්වත් ....
      මෝහය දුරුවේවා
      සිත් තුල මෝහය දුරු වේවා

      කියා දේශපාලන පාඨයක් නොවූ නියම මෙත් සිතින් පතන්නේ ඔබගේ මිත්‍ර මහසෝනා

      Delete
    6. >>> එහෙත් පලිගැනීම සහ නැවත ඔබලා පිලිකුල් ව බැහැර කල හිතමිතුරු සන්ග්‍රහ දූශන වැනි දේ ඔබ පත් කල ආන්ඩුවත් කරනවා නම් ඊට එරෙහි වීම ශක්තියක් ඔබට තිබීම මට මහත් සතුටක්!! <<<

      ඔව්වොව්වොව්.

      ගූතලං බයිට් කරාට පර්සනලි ගන්න එපා අපි සතා දන්නව හරිය. බයිට් එකට මිසක් කමන්ට් නොකරන එක වෙනම කතාවක්!!!!!

      Delete
  19. යහ පාලනයක් කියලා දෙයක් හෝ මෛත්‍රීපාල මහතා කියූ ප්‍රතිපත්‍ය අකුරට ඉටුකරයි යන විශ්වාසයෙන් ඔහු පත් වීමට ඉඩ හැරියේ නෑ. නමුත්, දන්නා යකා වූ මහින්ද රෙජිමය ගෙදර යැවීමේ අවශ්‍යතාවයක් තිබුණු. එකී රෙජිමය නැවත මෛත්‍රී සමග නම්, කතා දෙකක් නෑ මෛත්‍රීට ද අඹ සරණයි.

    ReplyDelete
    Replies
    1. අරහෙ හිටපු ලොක්කයි රිලවයි මං ගොනා පිලයි ජාති වාදේ වපුරනවා. මෙහේ මෙයා රජ පිස්සුව හැදිලා පත්තිරිප්පුවේ ජාතිය අමතන්න යනවා.. පිස්සු යකෙක් රූපවාහිනියට යනවා..

      Delete
  20. /මොහුගේ චිත්‍රපටිය ලංකාවේ සියළුම සිනමා ශාලාවල තිරගත කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දුන්නේ නෑ කියා, මහින්දට ද්‍රෝහී උනේය/

    මාතලන්,‍ද්‍රෝහි වුනු එකම ‍හේතුව ‍මෙය පමණක් ‍නො‍වේ.“සද්දාතිස්ස රුවන්වැලි සෑය ‍රෙද්‍‍දෙන් වසා ‍“‍මෙන්න හැදුවා“ කියා ‍පෙන්නුවා‍සේ මඩිය තරකර‍ගෙන කළ අකටයුතුකම් මහින්දට අසුවු නිසා ,‍මෙන්ම ඒවාට නව රජයක් යට‍තේ ලැ‍බිය හැකි දඩුවම් ‍වලක්වාගැනීමට‍ය.

    ‍‍මේ සම්බන්ධ‍ව සිනමා කලා ක්‍ෂේත්‍රයේ “‍‍බෝඩ් අල්ලන,‍තේ හදන ‍කොල්ලන් පවා දනී.

    කරුණාකාර ‍මොහු‍ගේ වංචා දුෂණ අකටයුතුකම් ‍හෙළි කරන ‍මෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. ඇති තොරතුරු එවන්න.. මූට එන්න දෙන්නම නරකයි.. මූ ආවොත් මිනිස්සුන්ගෙන් පලි ගන්නවා...

      Delete
    2. මම ‍මේ සම්බන්ධව ‍වෙන වැඩක මාතලන්.
      ඉගියක් ‍දෙන්නම්,
      රන්මිහිතැන්න ‍ගොඩනැගීම(‍ගොඩ නැගුවා ‍සේ මවාපෑම) හා ඉන්පසුව ‍මොහු එහි නැටු නැටුම්, ‍‍හා චිත්‍රපට සංස්ථා‍වේ ‍ඩෙගා,මේවා මහින්දට එළි වුණා.
      ‍‍‍මේ කරුණු අනුව තොරතුරු ‍සොයාගන්න

      Delete
  21. අන්න බැසිලුත් පැනලා.. මොකෝ බන් මේ වෙන්නේ? කෝ මේ චම්පිකලා..? අපි ඡන්දෙ දුන්නේ මේ හොර තක්කඩීන්ට පැනලා යන්න ඉඩ දෙන්නද?

    ReplyDelete
    Replies
    1. චම්පිකලා දළාඳා වඳින්න යනවා.. මුන් මෙහේ පස්ස පැත්තේ වැස්ලින් ගානවා..

      Delete
    2. ඔ්ව නීතියට අනූව කරන්න ඔ්ෙ බන්...... දුෂන කොමිසම පත්කරනකම් ඉවසපන්.....ඊට පස්සෙ රට පැන්න උනුත් ගන්න පුලුවන්

      Delete
  22. ඔය අපක්ෂපාතී මාධ්‍යය භාවිතා ගොං පර්ට් එක කරන්න ගිහින් තමයි 2001 යුඇන්පී ආණ්ඩුවත් පෙරලුනේ. ඔය වැඩ කරන්න බෑ දැන්ම. මේච්චර කල් ගම් වල මිනිස්සුගේ ඔලුවලට පුරවපු විස ටික අයින් කරන්න ඕන. නැත්තම් මහින්ද දැන්ට දකුණු පළාතේ ගමින් ගමට ගිහින් පතුරන ජාතිවාදයෙන් මත් වෙලා මුං ආණ්ඩුව පෙරළ ඔක්කම කඩා කප්පල් කරනව. ඉතින් තව අවුරුද්දක් දෙකක් යනකම් මේ වගේ පොඩි පොඩි සක්කිලි වැඩ නොකර බෑ.

    ReplyDelete
    Replies
    1. ඒකට පිස්සු බල්ලා මරන්නේ නැතිව.. තව පිස්සු බල්ලෙක් දාගෙන බලෙන් හපව ගන්න ඕන නෑ...

      මරන්න දුකම නම්... මැරෙණකං බැඳලා වත් තියන්න එපාය.. දැනටත් ටූ ලේට්...

      Delete
  23. වැඩිය කලබල වන්න එපා තාමආණ්ඩුවට දින 2 යි තව දින 98 තියනවා අනික මහ මැතිවරණ අවසානයේ නැවත ඕව වෙනස් වනවා පත්වීමක් 2 කක් නිසා කලබල වෙලා ජනමතය වෙනස් කරන්න උත්සාහ කරන්න එපා සෝමරත්නගේ මාද්‍ය බාවිතය දින 98 අපි බලමු

    ReplyDelete
    Replies
    1. එක දිනකට නෙමෙයි, තප්පරයකටවත් මුන්ට ඉඩ දෙන්න නරකයි..

      Delete
  24. //"වන්දිභඨ්ඨයෝ, සට්ටැඹියෝ, නළාකාරයෝ හා ජඩමාද්දිය වේදියෝ එකෙකුන් හෝ මේ ආන්ඩුවට ලං කර නොගන්නා ලෙසය." නැවත නැවත අවධාරණය කළයුතුය. විමසිලිමත් විය යුතුය. වහාම ක්‍රියාත්මක වන පරිදි ඇතැම් පිරිස් නැවත වැඩ ආරම්භ කර ඇති බවක් පෙනී යයි.// මේ උපුටනය ඔබේ කලින් ලිපියෙන් . ඔය අහුවෙමින් තියෙන්නේ දැන් ඉතින් සීතාම්බර පටවස්තර අන්දවාවි ! බ්ලොග් ලිපි ලියන්නන් අතර වගේම කොමෙන්ටු දමන අය තුළත් ස්වාර්ථමය මිස ආත්මාර්ථමය අපේක්ෂාවන් බොහොම අඩුයි. එ් වගේම මේවාට වගකිවයුත්තන්ගේ අවධානයයොමුවීමත් බොහොම අඩුයි වගේ නේද

    ReplyDelete
    Replies
    1. මම ලියලා විතරක් නවතින්නේ නෑ.. කරන්න පුළුවන් හැම දේම කරනවා... මේ එක ව්‍යායාමයක් පමණයි...

      Delete
    2. ආචාර කරන්නෙමි

      Delete
  25. රූපවාහිනිය කියන්‍‍නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යට‍තේ පවතින සංස්ථාවක්,
    සංස්ථා සභාපතිවරුන් පත්කළ යුත්‍‍තේ අදාල අමාත්‍යාංශ‍යේ ඇමතිතුමා විසින්.
    ජනමාධ්‍ය අමාත්‍යාංශ‍යේ ‍ලේකම් චරිත ‍හේරත් බුදිද?

    ReplyDelete
    Replies
    1. විධායක ජනපති ක්‍රමයේ කාළකන්නි බලතල...

      Delete
    2. @ mathalan මහින්ද කරන කොට මහින්දගෙ වැද්ද! මයිත්‍රී කරන කොට ක්‍රමයෙ වැරැද්ද!! හොඳයි, හොඳායි! ජය වේවා රාජ සම්පත් ලැබේවා

      Delete
  26. අපි අකමැති සමහර අයට ... තව සමහරු කැමතිය....ඒකට මොකද කරන්නේ...?

    ReplyDelete
    Replies
    1. එහෙත් සියල්ලෝම අකමැති කාළකන්නියෙක්...?

      Delete
  27. මාතලන් ගැන අවංකවම මම හිතාගෙන හිටියෙ යූඇන්පී මානසිකත්වයෙන් බ්ලොග්කරනයේ යෙදෙන්නෙක් ලෙස.එසේම ජයග්‍රහණයෙන් පසු වහසි බෙණෙමින් පෝස්ට් දමනු ඇතැයි සිතුවා.එහෙත් ඔහු අපට වඩා ඉදිරියෙන් සිටින්නෙක්.වරදවා සිතුවාට කනගාටුයි.
    හරි දේට හරි කියන වැරදි දේට වැරදියි කියන ඔබ වැන්නන් නිසයි ලොව මෙහෙමවත් පවතින්නෙ.

    එකපාරටම විවේචනයට යනවට වඩා මෙයාටත් කාලයක් දෙන්න ඕන කියල මට හිතෙනව.
    විවේචනයට ඉක්මන් නොවී දින සීයක් නොවෙයි මාස කිහිපයක්,අවුරුද්දක් හමාරක් වත් දෙන්න ඕන .ඒකයි මගෙ මතය

    නමුත් ඔබ මෙහෙම හිතනව ඇති.වැරැද්ද දැක්ක තැන නිවැරදි කළ යුතුයි කියා.නියපොත්තෙන් කඩන්න තියන එක පොරවෙන් කපන කන් ඉන්න ඕන නැහැ කියා ඔබ සිතනව ඇති.එහෙම හිතනවනම් ඒකත් ඇත්ත තමා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... ගොඩක් අයට මාතලන් ගැන වැරදුන තැන එතනයි.. ලංකාවේ ජඩමාද්දියවේදින් එහෙම උනා කියලා පුරවැසි මාධ්‍යකරණයටත් එසේ වන්න ඉඩ දෙන්න බෑ.. යහපත් චේතනාවෙන් ලියන උන්ට මාතලන් මඩ නාගෙන සහයෝගය දෙන්නේ ඒකයි..

      අපි සත්‍යය යුක්තිය හා මුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නෙමු..

      Delete
  28. //දෙවිවරුනට වාගේ සැලකූ මහින්ද රාජපක්ෂට පුක පෙන්නු, මේ වගේ කාලකන්නින් ඔබ වහන්සේටත්, අපේ මිතුරාටත් පුක පෙනවන්නේ නෑ කියා ඔබ වහන්සේ සිතනවාද.?//
    …සැටිපිකෙට් ඇත්ත . මුන් අවස්තාවාදියෝ

    ReplyDelete
    Replies
    1. වෙන මොනවා ලියන්නද බං....

      Delete
  29. Replies
    1. සිරාගේ කතාවක් තමයි අනේ....

      Delete
  30. මාතලන්,

    මාරයා මල්ලිට ලියනලද පිළිතුර දීර්ගවිය අවසානයී මෙය මගී ප්‍රථම බ්ලොග් අඩවිය විය!
    මෙය මාවිසින් ලියනලද ප්‍රථම බ්ලොග් අඩවියයි! මෙයට මරය ට ප්‍රණාමය පලකරමි
    http://lankasithuwili.blogspot.com/2015/01/blog-post.html
    Thilina

    ReplyDelete
    Replies
    1. අඩු පාඩු හදාගෙන දිගටම ලියන්න... සින්ඩියේ එල්ලුවා...

      Delete
  31. අසත්වා …… දකිත්වා …… !!!

    ReplyDelete
    Replies
    1. ටිකක් පහුවෙලා පිස්සු කෙලිය නම් හිතට දුකක් නෑ...

      Delete
  32. බල්ලගෙ වැඩ බුරුව පටන් අරගෙන....
    ජනමාධ්‍ය ඇමති කෙනෙක් පත් කරන තුරු සංස්ථා සභාපති වරයකු පත් කල නොහැකියි.....
    ඕනෑම අමාත්‍යංශයක ඇමති කෙනෙකු පත් වෙලා ලේකම් වරයකු පත් කරගත යුතුයි....ඉන්පසු දෙදෙනාගේ එකගත්වය අනුව...සංස්ථා/මණ්ඩල සභාපති....,අධ්‍යක්ෂක ජනරාල් & අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ගන්නේ,......
    ජනාධිපතිට හට ඇමතිට පුද්ගලිකව වාචිකව යෝජනා කල හැකියි....
    “ආයතන සංග්‍රහ‍යේ “ ති‍යෙනවා තනතුරුවලට පත්කරන හැටි.
    ඊට අමතරව ති‍යෙනවා එක් එක් අමාත්‍යාංශය යට‍තේ ති‍යෙන ආයතනවලට ඒ අමාත්‍යාංශයට සම්මත කරපු පනත්.
    ඇමති ‍කෙ‍නෙක් මුලින්ම කරන්න ඕන දේවල්.....
    ‍‍ස්ථිර ලේකම් වර‍යෙක් පත්කරගන්න එක....
    ඊලගට අති‍රේක ‍ලේකම් සංවර්ධන‍ගෙන්,ගන්න ඕනි ති‍යෙන ආයතනවල පනත්....
    ඒවා‍යේ ති‍යෙනවා සබාපතිවරු අරුන් මුන් පත්කරන හැටි....
    හැම ඇමති ‍කෙ‍නෙක්ම අමාත්‍යාංශ‍යේ පනතයි,යටත් ආයතනවල පනත් ටිකයි පුද්ගලිකව කියවා බලන්න ඕන...... ඕක එ‍කෙක්වත් කරන්නැහැ.
    ඒ නිසයි ‍කෙළගන් ‍නේ......
    ගාමිනි‍ ‍ලොකු‍ගේ /කිරිඇල්ල /‍ජෝසප් මයිකල් ව‍ගේ උන් නම් ඒවා කලා & ඒවා කරන විදිය /සිස්ටම් එක දන්නවා.
    ඔය ටික කි‍යෙව්වම කාටවත් ඇමතිව අන්දන්න බැහැ......
    ඒව‍යේ අත්‍යවශ්‍ය කරුණු පරිපාලන ‍සේ‍වෙ එ‍කෙක්ට කිවුවම හයිලයිට් කරලා ‍දෙනවා.යාන් හෑලි කියවන්න අවශ්‍ය නැහැ.
    අනික ආයතන සංග්‍රහයයි මුදල් ‍රෙගුලාසියි ‍පොත් ‍දෙක ‍මේ‍සේ උඩ නිකං හරි තියාගන්න ඕනි.ඒවා මහා තඩි ‍පොත්,නමුත් මුලික කරුණු ටික දැනගත්තම ඇති......
    ඒත් ඉතින් උනුත් එකයි මුනුත් එකයි නම් ඉතින් වැඩක් නැැහ‍‍නේ
    මාමි කරපු දේම මෙයත් කලොත්......
    මාමිට කෙලවුනෙත් එම නිසා.....
    මහින්දට මම අදත් ආදරෙයි.....දෙවනුව.....

    ReplyDelete
    Replies
    1. නානවා නම් අපිට කොරන්න දෙයක් නෑ නේ බං... අපි කියපුවා ඇහුවා නම්, මිහිඳු මහ රජතුමාටත් නාන්න වෙන්නේ නෑ..

      Delete
  33. මහින්ද ගේ කැබිනෙට්ටුවේ සිටි, චන්දය තෙක් ම ඔහු අත නොහැරි ඇමති තුමන්ලාට My3 ගේ කැබිනෙට්ටුවේ චාන්ස් හම්බ වෙයි ද??

    ReplyDelete
    Replies
    1. එහෙම නැතුව මේ වෙලාවේ වැඩේ කොරන්න අමාරුයි නේ බං.. අනික කලින්ම කිව්වා නේ එන ඕන එකෙක් ගන්නවය කියලා...

      Delete
  34. මමනම් බලන්නේ මේ සභාපතිකම් ගැන නෙවෙයි, කැබිනට් එක ගැන. මොකද මේ සභාපති පත් කිරීම් නිකං හිත හදන්න කරන දේවල්. උන්ට වැඩි කලක් දෙන්නෙත් නැහැ, අනිත් එක උන්ට කරන්න පුළුවන් දේකුත් නැහැ. නැත්නම් රාජ්‍ය මාධ්‍ය මහින්දට කඩේ ගිය විදිහට මහින්ද උඩින්ම දිනිය යුතුයි.

    මගේ අවදානය කැබිනට් එකටයි. යමක් බුද්ධිමත්ව කරගෙන යන්න පුළුවන් කිප දෙනෙක් ඉන්නවා ඇමතිකම් දිය යුතුම, පාඨලී, එරාන්, හර්ෂ, හරීන් (පාර්ලිමේන්තුවට ගත යුතුයි), මේ අය අතරින් විශේෂයි. ඒ වගේම තමයි රනිල් අගමැති කම වගේම විදේශ අමාත්‍ය ධූරයත් තබා ගත යුතුයි. (නීතිමය ඉඩකඩ නොදනිමි) මොකද රනිල්ට වඩා හොඳ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් පහුගිය කාලේ මම දැක්කේ නැහැ. මංගල වගේ කෙනෙක් හොඳයි කිව්වට කට විතරයි. අනිත් එක ලොකු නම් නොවුනත් ජයග්‍රහණය සඳහා බොක්කෙන්ම කැපවුන තරුණ ජවය, හිරුනිකා, සෝලංග ආරච්චි, දුමින්ද, සහ ඒ වගේ සාමාජිකයන්ට වැදගත් වගකීමක් පැවරිය යුතුමයි. අනිත් එක තමයි සියළු ජාතීන් නියෝජනය වන කැබිනට් එකක් විය යුතුමයි.

    ReplyDelete
    Replies
    1. කැබිනට් මණ්ඩලයට පත්කරගන්නවුන් ෙබදුම්වාදයට විරුද්ධ හැකිතරම් අවංක අය වියයුතුයි ඒකීය පුද්ගල දක්ශතාවයන් මත සුදුස්සන් පත්කරගත යුතුයි.
      සියලු ජාතීන් නිෙයා්ජනයකිරීමට කියමින් වාර්ගික පදනමින් පත්වීම් ලබා ෙනාදියයුතුයි

      Delete
    2. බුදු හාමුදුරුවෝ කුල භේදයට විරුද්ධ වුනත් අගසව්වන් පත්කරගැනීමේදී සියලු කුල නියෝජනය වෙන පරිදි කලේ නෑ මොකද බුදුහාමුදුරුවෝ ඔයා වගේ නෙමෙයි ඒකීය පුද්ගලයා හඳුනනවා

      Delete
    3. හොඳ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් කියන්නේ සුද්‍දෝ කියන කියන දේ කරන කෙනෙක්ටද?

      Delete
    4. මේ කැබිනට් මණඩලය නම් ප්‍රබුද්ධ වෙන එකක් නෑ.. හොඳ කැබිනට් එකක් බලන්න වෙන්නේ, මහ ඡන්දයෙන් පස්සේ...

      Delete
  35. දැන් වෙලාව ප.ව. 02:52යි.

    ReplyDelete
  36. කටයුතු සිදුවෙමි තිබෙනාකාරය දකින විට මෙය "අයියෝ සිරිසේන - 1 " යනුවෙන් නම්විය යුතුයැයි සිතේ
    අපිට කියවෙන්නේ "අයියෝ ඡන්දය" කියාය.

    ReplyDelete
    Replies
    1. බයිට් කලාට ස ර ස තුමාටත් හිතට අමාරුයි.... අඩු තරමේ රූපවාහිනිය සෝමරත්න බාලසූරිය මහාචාර්ය තුමාටවත් දෙන්න තිබුනා.....

      ඊලඟ කාරනය වන ඇමති මන්ඩලේ වත් විසි පහට සීමා කිරීමේ පොරොන්දුව ඉටු කරාවි කියලා බලාපොරොත්තුව සිටිමු!

      Delete
    2. ඒ ගැන කළබල වෙන්න එපා.. අපි ඒ ගැන බලා ගන්නම්...

      Delete
    3. කිසිම කළබලයක් නැත.

      Delete
  37. ලංකාවෙ දේශපාලකයන්ට වරදින්නෙ, නිවැරදි කළමනාකරුවන් සොයාගන්නට බැරි වීමෙනි. මේ අභියෝගය ජයගත් එකම මිනිසා පපපා මහත්තයා පමනි. අනෙක් උන් සැවොම නාගත්තෝය, නා ගනිති!

    උගත් විශය ආචාර්යන් නොව, දක්ෂ සහ උගත් කළමනාකරුවන් යනු දෙකොටසකි. රූපවාහිනිය නම් වෙළඳ ආයතනයට ඕනෑ හොඳ මැනේජර් කෙනෙක්, පොතේ ගුරෙක් හෝ චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් නොවේ!

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. පප්පට විතරක් නෙමෙයි.. ප්‍රේමදාස මහත්තයටත් හොඳ සෙට් එකක් හිටියා..

      Delete
  38. ඇමති මන්ඩලය 25ට සීමාවීම වලංගු වන්නේ මේ මැතිවරනයට නොව ලබන පාර්ලිමේන්තු මැතිවරනයට බව මංගල ශ්‍රීමතානෝ ඩේලි මිරර් පත්‍රයට පවසා වදාලහ!!

    ReplyDelete
    Replies
    1. ඒවා එච්චර සීරියස් ගන්න එපා.. අපි නම් ගන්නේ නෑ..

      Delete
  39. උද්ගතව තියෙන තත්ත්වය අනුව හිතේ තියෙන්නේ ලොකු දුකක්.
    මිනිස්සු පාරට බැස්සේ වෙනසකට. ඒත් කලින් රෝලම යනවා නම් මේ කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ මූණු මාරු වෙච්ච පමණින්.
    එක හින්දා මහජනතාව අවදියෙන් සිටිය යුතුයි. අයිතිවාසිකම් ලැබිය යුත්තේ ජනතාව මිසක් මේ වන්දිබට්ටයෝ නෙමෙයි. මොන විදියකින් හරි එකමුතුව මේ ක්‍රමය වෙනස් කිරීමට උත්සාහ කරන්න ඕනේ.
    පොඩ්ඩකට කලින් කියෙව්වා රූපවාහිණියේ ඉහලින් ආපු ඕඩර් එකක් හින්දා ලයිව් සාකච්චාවක් නතර කරලා ආගමික වැඩසටහනක් දැම්මා කියලා. (මිරර් ආට්ස්) ඒ කියන්නේ ඉස්සර වගේමයි කියන එකනේ. ලොක්කන්ට ඕනේ විදියට නටන්න දෙන්නෙ නැතිව මේ වගෙ ආයිතිවාසිකම් වෙනුවෙන් අපි හැමෝම සටන් කරමු.

    ReplyDelete
    Replies
    1. විසි පහක් කියලා දාලා තියෙන්නේ ප්‍රින්ටින් මිස්ටේක් එකක් නියම ගැන 125.

      Delete
    2. විසි පහක් කියලා දාලා තියෙන්නේ ප්‍රින්ටින් මිස්ටේක් එකක් නියම ගාන 125 හරි 225 හරි වෙන්න ඕන

      Delete
    3. ඒ අවස්ථාවේදීම තම විරෝධය ලයිව් ප්‍රකාෂ කරන්න තරමට දවස් දෙක තුනකින් කළාකරුවන්ට කොඳක් ලැබීමම කොතරම් වෙනසක්ද මචෝ...

      Delete
  40. සහතික ඇත්ත කතාව. මටත් ඔය යකාව පේන්න බෑ. හිරු ගෝල්ඩන් ‍ෆිල්ම් සම්මානයකුත් ඕකට හම්බුනානේ... ඒක ගන්න ගිහිනුත් ස්ටෙජ් එක උඩදිම මහ කුප්ප කතාවක් කිව්වා....

    ReplyDelete
    Replies
    1. ඒකත් එක හේතුවක්.. ඕකට නව පරපුර පේන්න බෑ.. ඕකා ගල් යුගයේ ජීවත් වන මානසික ලෙඩෙක්..

      Delete
  41. අන්න මාත් දැක්කා කුඩු කාරයෝ , එතනෝල් කාරයෝ , ස්ත්‍රී දුෂකයෝ , කැසිනෝ කාරයෝ මයිත්‍රී ගේ දෑත් ශක්තිමත් කරන්න පනිනවා. රජය තුල ඇතිවී ඇති සුවිශේෂ බල තුලනය යටතේ එක පක්ෂෙකින් කාපු රට දැන් 225 දෙනාම එකතුවෙලා කන්න හදන්නේ. මෙව්වා බලං ඉන්න බෑ බං. අපි යනවා යන්න. නම් නොකීවාට මයිත්‍රී පත්කිරීමට දායක වූ සියලු දෙනාගේ අම්මලාට #$%^&*() වා.

    ReplyDelete
    Replies
    1. මයිත්‍රී පත්කිරීමට දායක වූ බහුතරයක් දැන් දුක් වෙනවා.

      Delete
    2. අපි නම් එහෙම උන් දැක්කේ නෑ.. හැබයි අපි කවදත් ආදරේ කරන, මල් ඇමති නම් උන්නා...

      Delete
  42. තක්කඩි සෝමරතනයා රූපවාහිනියට දැම්මා.. රාජ්‍ය සේවය කාපු අබේකෝන් ලේකම් කරා.. රාජපක්ස ආණ්ඩුවේ මහා දූශිතයා බැසිල් පැනලා යනකල් බලාගෙන හිටියා..දැන් මහින්දට කඩේ ගිය හොර තක්කඩි ටිකත් එක්ක හොර පාරෙන් මෙයා පක්සේ සබාපති වෙන්න හදනවා.. දවස් දෙකට මෙහෙම නම්, ඉස්සරහට කොහොම වෙයිද? අපි ඡන්දෙ දුන්නේ මෙහෙම පිස්සු නටන්නද? කුජීතයි ඕයි..!

    ReplyDelete
    Replies
    1. ඇදගෙන නානවා නම් අපි මොනවා කරන්නද බං...

      Delete
    2. කරන්න තියෙන්නේ මහින්දට කරපු දේම තමයි බං.

      Delete
  43. සිරා ගියා හිමි දළදා වඳින්නට
    රනිල් ගියා ගංරාමේ වඳින්නට
    චබකු ගියා අත්තනගලු වඳින්නට
    බැසිල් ගියා ඒරොප්පේ ලගින්නට

    ReplyDelete
    Replies
    1. වැඳිල්ලේ හා පැනිල්ලේ ඉවරයක් නැති හැඩයි...

      Delete
  44. මේක තාවකාලික ව්‍යායාමයක්.. පාර්ලිමේන්තුවෙ ආයුස කොටයි.. මෙතෙන්දි දින සීයෙ වැඩ ටික කරන එකයි වඩා වැදගත්.. අංග සම්පූර්ණ පිවිතුරු පාලනයක් දවස් දෙකෙන් දෙන්න බෑ බං. ටිකක් අර මහත්තුරුන්ට වැඩ කරන්න දීල ගහන්න පටන් ගනිල්ලා..

    ReplyDelete
    Replies
    1. තාවකාලික නෙමෙයි දවසකට හරි පත් කොරගන්න වෙන්න එකෙක්වත් ඇත්තෙම නැද්ද.. මළ මූසලයෙක්ම දාන්නේ...

      Delete
  45. ඉස්සරෝම කරන්ට ඕන පයින සහ පැන්න ගෙම්බන් ලැහකට බැයිනං බුසල් බාගෙකට දමා හෝ ඉන්දියන් සාගරේකට විසික්කීමයි
    ඊට පස්සේ උංටත් අර විජය කොල්ල මෙහෙට බැහැල රටක් හැදුව වගේ කොහෙ හරි රටක් හදා ගන්ට පුලුවනි

    ReplyDelete
    Replies
    1. අර විල මැද බංගලාවේ බහුතරේ නැතුව මොන ලබ්බක්වත් කොරන්න බෑ නේ බං.. ඉවසන්නම වෙනවා.. ඇඟේ මාළුු ගඟෙත් නටනවා...

      Delete
  46. BBC:

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයකු වූ කරුණා අම්මාන් මෛත්‍රී පිළට එක් වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් විරෝධය පළ කර ඇති බව සංදේශයට වාර්තා වෙයි.

    අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහාය පළ කිරීම සඳහා මෛත්‍රී පිළට එක් වන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය පවසයි.

    මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිකට් තේරීම් භාර කමිටුවේ සභාපති හිටපු තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය ඒ බව කියා සිටියේ බීබීසීයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

    මෙවර ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී සනත් ජයසූරිය හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහාය හිමි වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටයි.

    ReplyDelete
    Replies
    1. අර විල මැද බංගලාවේ බහුතරේ නැතුව මොන ලබ්බක්වත් කොරන්න බෑ නේ බං.. ඉවසන්නම වෙනවා.. ඇඟේ මාළුු ගඟෙත් නටනවා...

      Delete
  47. පත්වීම කැන්සැල් කරා නේද?? 

    ReplyDelete
    Replies
    1. එහෙම නිව්ස් එකක් තියෙනවා.. කොන්ෆෝම් නෑ නේ බං

      Delete
  48. මම කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා මහා ජන්දෙකට යන්න ඕනේ කියලායි.ජනතාව බුද්ධිමත් දැන්.ඊගාව පාර්ලිමේන්තුව මේ වගේ ජරා ගොඩක් වෙන්නේ නැහැ කියලා විශ්වාසයක් තියෙනවා.නැතිනම් වෙන්නේ මහින්දගේ හොරු රැල මෛත්‍රීට හේත්තු වෙන එක.දැනටමත් එක වෙන්න පටන් අරන් වගේ.අපි බලාපොරොත්තු වෙච්චි වෙනස මේක නෙමේ.

    ReplyDelete
    Replies
    1. සහතිකවම.. මෙතන තියෙන්නේ දෙපැත්තෙම උන්ගේ මළ පෙරේත කම පැන්සොන් එකට.. නැත්නම් විය යුත්තේ එයයි..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න