.

.

Jan 19, 2015

"ශ්‍රී ලංකා වසන්තය" ඉබේ පහළ වන්නේ නැත. - Spring Comes Late


 
"අරාබි වසන්තයක්" එනවෝ කියා ළෝකේ පෙරලාගෙන දුවපු උන්ට, මාතලන් කීවේ, එහෙම අරාබි වසන්තයක් එන්න, අම්මට සිරි ලංකාව තියෙන්නේ අරාබියේ නෙමෙයි කියලාය. නමුත් "අරාබි වසන්තය" යන කොන්සෙප්ට් එක ලංකාව තුලද ජය ගත්තේය. අපේ ගොන් වහන්සේලා දැන ගෙන උන්නේ, අරාබි වසන්තේ ආවෝත් ගඩාෆි වගේ වෙඩි කාළා මැරෙන්න වෙනවා කියලාය. ඒත් අරාබි වසන්තය මුලින්ම උදා උන ටියුනීසියාවේ පවා, "බෙන් අලීලාට" නහින්න උනේ නැතිය. උන් හීන් සීරුවේ සවුදි අරාබියට පැන ගත්තේය.

ඒ වාගෙම අරාබි වසන්තේ එන්නත් කලින්, යහ පාළණයකට ගිය රටවල්ද බොහෝ විය. මෙහේ පචවාහිනියේ (අද සිරිසේනට රෙදි නැතුව කඩේ යයි) උදේ 6.00 ට යන "ළොව වටා" ප්‍රෝග්‍රෑම් එකේ අමු කෙප්ප කෙලිය, මොහාන් සමරනා යකාගේ ගෝලයෝ දෙන්නා, අරාබි වසන්තය කියලා කියෙව්වේම "ගඩාෆිට" කෙලිය එක පමණය. දැන් බැලුවාම උන් කියලා තියෙන්නේත් බොරු නෙමේය. උන් දෙදෙනාගේ මහ එකා මෙන්ම, උනුත් රැක ගන්න ට්‍රයි කරලා තියෙන්නේ "දකුණු ආසියාවේ ගඩාෆිය".

මාතලන් නම් හිතන්නේ, අම්මට සිරි ලංකාවට "යහ පාළණය" නමින් ගෙන එන්නට පොරොන්දු වූ, "සිරි ලංකා වසන්තය", තවමත් උදාවී නැති බවය. සිරි ලංකා වසන්තය ගෙන එනවා යැයි දහ අතේ පොරොන්දු දුන් සැවොම දැන් ඉන්නේ, හොරුත් සමඟ හෙළුවෙන්ය. කැමැත්තෙන් පිටුවහල් උන උන් මිස, යහ පාළණයෙන් අද වන තෙක් එකෙක්වත් එලවලා නැතිය. එකෙකුට හෝ විරුද්ධව නඩුවක් නැතිය. පොඩ්ඩක් සද්දේ වහලා උන් කම්බ හොරු පවා, දැන් නැවතත් තගරියෙන්ම ගේමට බැහැලා ඉන්නේ, (කළුතර රත්තරන් මහතා, මාතර ලක්ෂ්මන් යාප මහතා සහ එතුමාගේ පලා බබා පුතා, ගාමිනී ළොකුගේ මහතා, දයාසිරි මහතා) උන්ට කිසිඳු අතුරු ආන්තරාවක් නොවනා බවට, සහතිකයක් ලද උන් ලෙසය.

අල්ලස් හා දූෂණ කොමිසම

අල්ලස් හා දූෂණ කොමිසමට පත් කර ගන්නට එකෙක්වත් මෛත්‍රිට, රනිල්ට මෙන්ම, චම්පිකලාටත් නැතිය. එහෙම පත් කරන්න ඕනා කමකුත් නැතිය. අපේ ගෙවල් හොරු කඩලා පොලෝසියට ගියාම, අපට හොරා හොයාගෙන එන්න කියනවා වගේ, චම්පික අමතිතුමා අපට කියන්නේ, හොරු ගැන දන්නවානම් එයාලාට කියන්න කියලාය. ඇයි මළ හත්තිලව්වේ, දී මූ ජයරත්නයාගේ කුඩු කේස් එකට ෆයිල් එකකුත් උස්සගෙන දඟලපු දැඟලිල්ල නැවත්තුවේ පලා බබාට එයාලාගේ පාටියේ උන් දාගන්න නේද? දැන් එහෙම ඉල්ලපු උන් දෙන්නෙක්ම පැනපු එකේ ඒ ෆයිල් එකවත් උසාවියට ගෙනියන්න බැරිද?

සුදු කරපටි හොරු

ඒ වාගෙම එතුමා කියාපු, සුදු කරපටි හොරු ටිකවත් කව්ද කියලා අද වෙන තෙක් කියලා නැතිය. රත්තරන් වලින් හදන්න පුළුවන් කියූ අධි වේග මාර්ගවල එක නිළධාරියෙක් අත් අඩංගුවට ගෙන හෝ අවම වශයෙන් ප්‍රශ්ණ කරලාවත් නැතිය. මහා ළොකුවට භාන්ඩාගාරයට ලබා ගත්තා යයි කියන ඝෝඨාගේ එකවුන්ට්ස්, ආයුධ නැව්, ආරක්ෂක අමාත්‍යශයේ ගිණුම් බවත්, නැව අමාත්‍යශයේ අවසරයෙන් පවත්වා ගෙන යන්නක් බවත් කියන්නේ ඔහේලා පත් කරපු උන්මය.

පචවාහිනී, නයි ටී ඇන් හා ටෙලි නාට්ටි

ආයුධ නැව් සමාගමේ ලොක්කා, රූපවාහිනි සංස්ථාවේ ලොක්කාගේ එක කුස උපන් සහෝදරයෙක්ය. මේ වගේ නැව් හොරුන්ට පලමු පත්වීම පිරිනැමීම පට්ට යහපාලනේ කියා අප කිව්වේ නිකමට නෙමේය. මුන් කන්න පුළුවන් තරම් එහෙන කාලා, දැන් මෙහෙන් කන්නට දඟළන උන්ය. ලැජ්ජා නැතිව ඌත් වැඩ සටහන් වලට එන්නේය. ආයෙත් ඒක පචවාහිනියමය. සිරිසේනලා නැති කරන්නේ මුන්ය.

(ආයුධ නැවේ ඇත්ත කතාව කොමෙන්ට්ස් සමඟ මෙතනින් කියවන්න. අකුරු උඩ කොටන්න >>>)

ඒ වාගෙම ටෙලි නාට්ටී කාරයන්ට මළ වනයක් වෙලා තිබුන, පචවාහිනියේ හා නයි ටී ඇන් එකේ ටෙලියක එක කොටසක් සඳහා රුපියල් 50,000 ක් පගා ගහපු, නිලි මස් කාපු ඇමතියාට එරෙහිව එක ටෙලි නාට්ටිකාරයෙක්වත් ඉදිරියට නො එන්නේ උනුත් ඒවා කැමැත්තෙන්ම දුන්න නිසාදෝ කියා අපට හිතෙන්නේය. අද උන් අළුත් ඇමතියා දිවුරුම් දෙන ඒවාටත් එනවාය. මෛත්‍රී පාළණයටත් සහයෝගේ දෙනවාය.

සිරි ලංකා වසන්තය

නමුත්, යහ පාළණය වෙනුවෙන් කැප උන ජනතාව ලෙස අපට සතුටු විය යුතු කරුනක් ඒ අතර ඇත්තේය. ජනතාව අද හොරුන්ට එරෙහිව නිර්භවය ඉදිරියට පැමිණ ඇත. සමහර ඒවාට දේශපාළන නායකත්වයක් තිබුනද, සමහර ඒවාට එහෙම මැදිහත් වීමක් ඇත්තේම නැත. ඒ කියන්නේ "සිරි ලංකා වසන්තය" ආරම්බ වී ඇත්තේ දැන්ය.

"ලේක් හවුස්" ආයතනයේ "මල් කුමාරයා" එලෙව්වේ, එහි සේවකයන් විසිනි. ඔහු මහ රජාට කඩේ ගියද, නොම්මර එකේ අලියෙකි. ඒ නිසා කිසිම අතුරු ආන්තරාවක් සිඳු නොවන බවට සහතික ලැබුන බවටද, වං හුං කතා එමට ඇතිය. කෙසේ හෝ මල් කුමාරයාට බේරේ ගෙදර දොර වැහුනේය. ගහෙන් වැටුන එකාට ගොනා ඇන්නා සේ, අන්තීමේ "මුල් පිටුව" වැඩ සටහනෙන්ද එලවලා දාලාය. අද ඌ උන්නාද මලාද නැතිය.

අද දින සමහර විට අළුත් කඩේ සිඳුවීමට යන්නේද, ඒවන් රැල්ලකි. එමෙන්ම ආයතන තුල හොරා කාපු උන්ගේ සියළු වත ගොත, වැඩක් කල හැකි පිරිස අතට පත් වීමද ඉතා යහපත් ලක්ෂණයක් වන්නේය. මහ රජ්ජුරුවන්ගේ ආශ්චර්යය, නැව් අස්සෙන්, කන්ටේනර් අස්සෙන්, ගබඩා අස්සෙන්, කාමර අස්සෙන්, ගෙවල් අස්සෙන් එලියට එන්නේත්, ජහ මනයාට පින් සිඳු වන්නටය. අවසාන මොහොතේත් ආප්පයක් දුන්න නිසා, ගේම් අදින්න හිත වාවන්නේ නැති වෙන්නත් පුළුවන්ය. හැබයි එයාගේ මෛත්‍රිය, අනෙක් උන් ගන්නේ නෝන්ජල් කමක් ලෙසය. බලය රැක ගැනීම වෙනම කතාවක්ය. යහ පාළණය වෙනම කතාවක්ය.

රටට ආදරය කරනා මිනිසුන්ට ගෞරවය

කම්බ හොරුන් ආන්ඩුවට එක් කර ගැනීමට එරෙහිව, වීදියට බහිනා ජනතාවට, අපගේ ප්‍රසාදය හිමි වන්නේය. හොරුන් ගැන තොරතුරු ලබා දෙන සියළුම මිනිසුන්ට, මේ රටට ආදරය කරනා මිනිසුන්ට, අපගේ ගෞරවය හිමි වන්නේය. අවුරුදු විස්සක් තිස්සේ එකට කාපු බීපු උන් නිසා, රට විනාශ කළ උන්ට එරෙහිව පියවර ගැනීමේ මානුෂික තත්වයක් තිබෙනවා වන්නත් පුළුවන. "වෙලේ සුදා", "දුමින්ද සිල්වාගේ" හා පොලෝසියේ නිළධාරින්ගේ නම් හෙලිකර තිබියදීත්, ඔවුන් අත් අඩංගුවට පත් නොවන්නේ, පක්ෂ දෙකටම අත දිග හැර වියදම් කර ඇති නිසා වන්නටත් පුළුවන්ය.

"කුඩු ලන්සා" ගැන, එයාගේ පාටියේම "සරත් ගුණරත්න" චෝදනා නගද්දීත්, උන්ට එරෙහිව කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නේ මන්ද යන්න, විශාල ගැටලුවක්ම වන්නේය. එතනෝල් කාරයකුගේ ෆැක්ටරියකට සීල් තැබීම නම් අගය කළ යුතුය. ඕකා වයඹ ඩිස්ටිලරිස් කියා මිනිස්සුන්ට දුන්නේ මළම මළ ජරාවය.

"සිරි ලංකා වසන්තය" ඉබේ පහල වන්නේ නැතිය, එය උදාකර දෙනවා කියපු උන්ට අද එය අමතකව ඇත. එයාලාට දැන් වෙන වෙන වැඩ තියෙනවාය. මාස තුනේ ටැම්පරියේ සබ්ජෙක්ට් හොයනවාය. ඒ අස්සේ අනික් උන් යහ පාළණේට මාස තුනෙන්ම ගේම දෙන්න වලි  කනවාය. වමනේ කාරයන්ට අලි පාළණේ යටතේ නින්ද යන්නේත් නැතිය. උන්ට ඕනා රනිල් ගෙදර යවන්නටය.සෝභිත හිමිද නිහඬය. පුරවැසි පෙරමුණද නිහඬය. කුඩාපොල හාමුදුරුවන්ද නිහඬය. එහෙත් ජනතාව අවදියෙනි. අප එය පහල කර ගත යුතුව ඇත.

දූෂණයට එරෙහි සටන දිගටම ගෙනියමු.

81 comments:

  1. දූෂණ විරෝධී වලිප්පු කාරයෝ
    ------------------------------------
    දැන් අළුත් වීරයෝ පිරිසක් බිහි වී තිබේ. ඔවුහු දූෂණ විරෝධියෝය. රූපවාහිණී දේශපාලන වැඩ සටහන් වල සුපර් ස්ටාර්ලාය. එසේම හදිසි කාරයෝය. ඔවුන් කියන්නේ රාජපක්ෂලා ඇතුළු දූෂණ සහ වංචාවලට සම්බන්ධ පිරිස් කණින් ඇද ගෙන ඇවිත් අත් අඩංගුවට ගත යුතු බවය. රටින් පැන යෑම වහාම නවතා දැමිය යුතු බවය. මහ පාරේ හෝ නඩු අසා දඩුවම් කල යුතු බවය. පොදු අපේක්ෂකයාට චන්දය දෙන්න කියා කෙලින් කියන්න බැරි වූ, මෛත්‍රී ගැන ගැරන්ටියක් දෙන්න බැහැයි කී මේ වලිප්පු කාරයෝ සතියක් ඇතුලත නව රජයට එරෙහිව පාරට බසින බවට පාරම්බාමින් සිටී. නව ආණ්ඩුව බිහි කර පරිපාලනමය කටයුතු අවසන් කර එයට ස්ථාවර වන්නට ඉඩ අවස්ථාවක් නොදී බොරු දූෂණ වීරයෝ පටු දේශපාලන වාසි ලබා ගැනීමේ කට්ටිවාදී දේශපාලනයක නිරත වනවාද යන සැකය දැන් මතුවෙමින් තිබේ.

    පසුගිය 17 වෙනිදා සිරස සටන දේශපාලන වැඩ සටහනට පැමිණි වසන්ත සමරසිංහ නොනවත්වා ප්‍රකාශ කළේ මේ රජය දූෂීතයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට අණ නොදෙන බවයි. හාස්‍ය වන්නේ මේ වැඩ සටහන් වලදී වසන්ත සමරසිංහලාට උඩ ගෙඩි දෙන්නේ පාට් ටයිම් මාධ්‍යවේදී සහ ෆුල් ටයිම් රාජපක්ෂවාදී ශ්‍රී රංගා වැනි දූෂිත මූසිකයන් වීමය.

    මේ වැඩසටහන් වල ඉලක්කය වූයේ දූෂිතයින් නොවේ. මෛත්‍රී-රනිල් යහපාලන ආණ්ඩුවය. දූෂණ චෝදනා කරළියට ගෙන ඒමටත් දූෂිතයින් නීතිය හමුවට ගෙන ඒමටත් තිරය පිටුපස සිට ක්‍රියාත්මක වන මෙහෙයුම ගැන මාධ්‍ය ඉදිරියේ වීරයන් වන මේ ලදරු වලිප්පු කාරයන්ට නිසි වැටහීමක් හෝ අවබෝධයක් නැති බව කණගාටුවෙන් වුව කිව යුතුව තිබේ.

    දැනට තොග ගණනින් ලැබෙන අල්ලස් සහ දූෂණ චෝදනා විභාග කිරීම දේශපාලනික කාර්යයක් නොවේ. එය නීතිමය කෘත්‍යයකි. පොලිසිය සහ අධිකරණය හරහා සිදුවිය යුතු ක්‍රියාදාමයකි. මෙම ක්‍රියාදාමය දේශපාලන බලපෑම් වලින් තොරව සිදුවිය යුතුය. නව ජනවරම වෙනුවෙන් ක්‍රියාත්මක වූ දැනුවත් කොටස් බලාපොරොත්තු වූයේද දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව නීතිය ක්‍රියාත්මක වීමය. එම ප්‍රතිපත්තිය මොනම තත්වයක් යටතේ හෝ වෙනස් කළ යුතු නැත. චෝදනා එල්ල වන්නේ දේශපාලන ප්‍රතිවාදීන්ට වීම සහ චෝදනා බැලූ බැල්මට සත්‍ය ලෙස පෙනීම නීතිමය ක්‍රියාකාරිත්වයට මැදිහත් වීම සාධාණීකරණය කළ නොහැක. දේශපාලන කුලප්පුව සෑදුන කිහිප දෙනෙක් දැඟලුවාට වගකීම් සහිත පාලනයකට විධායක බලට අහෝසි කොට බලතල ස්වාධීන කොමිෂන් වලට පවරන බවට පොරොන්දු වූ පාලනයකට එසේ හැසිරිය නොහැක.

    88/89 කාලයේ කසිප්පු කාරයින්ගේ කට කැපූ පූර්වාදර්ශය අනුව වගකිව යුතු රජයකට වැඩ කළ නොහැකිය. රාජපක්ෂලාට දඬුවම් කළ යුතු වන්නේ සාධාරණ නඩු විභාගයකිනි. එම දඬුවම දේශීයව හෝ ජාත්‍යන්තරව දේශපාලන පලි ගැනීමක් ලෙස අර්ථ කථනය කරන්න කිසිම ඉඩක් තැබිය යුතු නැත.

    උදාහරණයක් ලෙස අල්ලස් හෝ දූෂණ කොමිසමට කෙරෙන ප්‍රදර්ශනවාදී පැමිණිලි ගනිමු. ඒවා සමහරක් ප්‍රදර්ශනවාදී යයි කිව යුත්තේ අධිකරණයට යා යුතු සිදුවීම් වුව රැගෙන ටීවී නඩයක්ද සමග අල්ලස් හෝ දූෂණ කොමිසමට ගොස් ඒ ඉදිරිපිටට වී චන්ඩි වොයිස් කට් දෙන පිරිසක් බෝ වී සිටින නිසාය. අල්ලස් කොමිසමේ ලොක්කා බාලපටබැඳිටද චෝදනා තිබේ. ඔහු ඉවත් කර වෙනත් අයෙකු පත් නොකරන්නේ මන්දැයි ජනාධිපති ගෙන් විමසති. දැන් මේ ජනාධිපති ආවේ අල්ලස් හෝ දූෂණ කොමිසම ස්වාධීන කරන බවට පොරොන්දු වෙමිනි. එය එසේ නම් බාලපටබැඳි එළවීමට විධායක බලය භාවිතා කිරීමද හරි? නැතිනම් මඳක් ඉවසා පාර්ලිමේන්තුවට සංශෝධනය ගෙනැවිත් එය සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුව මගින් එම කොමිසමට අලුත් අය පත් කරමින් ස්වාධීනව ක්‍රියාත්මක කිරීමද හරි?

    හයිඩ් පාක් පිටියේ පැවැති පුරවැසි බලය මංගල රැස්වීමේ වේදිකාවට නගින්නට පළමුව පොරොන්දු වී පසුව පොල්ල තියා හේතුව ලෙස මෛත්‍රී වේදිකාවට නැගීම නිසා අපට බැහැයි කී නායකයෝ පසුව රට පුරා මෛත්‍රී රැල්ල නැග එද්දී පුරවැසි බලයේ අවසන් රැස්වීමේ කැම්බල් පිටිය වේදිකාවට නැග්ගෝය. නැග්ගාට පසුව බස්සා ගන්නද අමාරු විය. එවන් අවස්ථාවාදීන් මෙම අඳ බාල දූෂණ විරෝධී වීරයෝ වී සිටීම කණගාටු දායකය.

    ReplyDelete
    Replies
    1. විසල්ගේ විග්‍රහය තුල "බ්ලොග් කරුවන් ගෙන යන විරෝධතාවය සාධනීය" බව මුලින්ම සඳහන් කර ඇත. ඔහුගේ විවේචනයට බඳුන් වන්නේ ජෙප්පෝ සහ පඩත්තල මාධ්‍යවේදීන් පමණි.

      Delete
    2. මුන්ට ගියමාසෙ වෙනකම් ඔය කිසි උවමනවක් තිබුනෙ නැහැ. මාතලන්ම කිව්ව මතකයි මහින්ද කොහොමත් දිනනව ඒනිසා මමත් ඌටම කතිරෙ ගහනව එහෙම කියපු උන් දැන් වලිප්පුව හැදිල දගලනව.
      දින 100 පෙබ‍රවාරි 5 දාල තියෙනව විශේශ කොමිසමක් දානව කියල දූශන හොයන්න. ඒවගේම චම්පික රණවක චන්දෙට කලින්ම කිව්ව මේ ගැහිලි ලේසි පහසු ගැහිලි නෙවි මේව හොයන්න වෙනම තාක්ශනික විඝනනයක් ක‍රණව කියල. එහෙම කියල තියෙද්දිත් මුන් මේ දගලන්නෙ පහුවෙලා තමන් කියපු නිසයි මේව වුනේ කියල පොතට ලකුනු දාගන්න මොකද මේගොල්ලො මෛත්‍රි පිලට ආවෙත් අර හොරු ටික වගේම දිනනව හ‍රියටම කියල දැන ගත්තට පස්සෙ නෙ.
      හොරුන්ට දඩුවම් ක‍රන්න ඕන ක‍රන්න පුලුවන් විදියට නැතුව ක‍රන්නම් වාලෙ ක‍රන්න ගිහින් හොරු වීරයො වෙන එක වෙන්නෙ. මොකද රාජපක්ෂල ක‍රාවගේ කුදලගෙන ගිහින් හිරෙදාල තමන්ගෙම පිටපතට නඩු අහල නැත්නම් වෙඩිතියල දාල එහෙමත් නැත්නම් අතපය බැදල ගගට පීනන්න දාල වගේ ගැල‍්රියට ආතල් දෙන්න පුලුවන් ඒත් ඒකද අපිට ඕන. මුන්ට මේ හදිසියෙ හිරෙ ඩැම්මොත් වෙන්නෙ හ‍්රි ගැලපීමක් නැතුව නඩු කාත ක‍රල මුන් උසාවියෙන්ම නිදස් ක‍රල නොමිලේම වීරොයො ක‍රන එක.
      මුන්ට අල බහින කම් ඉන්න පුලුවන් අලේ තැම්බෙනකම් ඉන්න බැ. පොඩ්ඩක් බලගෙන හිටපල්ල ඩවස් 100ක් කියන්නෙ කල්පෙයක් නෙවිනෙ එක ඉව‍්ර වෙන කොට කතා ක‍රපල්ල මොද්ද ක‍්රෙ මොකද්ද නොක‍්රෙ කියල.

      Delete
    3. " උඩ ගෙඩි දෙන්නේ පාට් ටයිම් මාධ්‍යවේදී සහ ෆුල් ටයිම් රාජපක්ෂවාදී ශ්‍රී රංගා වැනි දූෂිත මූසිකයන් වීමය. ".
      මුගෙන් අහන්න එකෙක් නැහැනෙ උඹත් අන්තිම වෙනකම් ම‍රාගෙ ඔඩොක්කුවෙ ඉදල දැන් ලොකුවට කැගහනවනෙ කියල.

      Delete
    4. මරාට හෝ සිරාට චන්දේ දෙනවා කියලා කියපු තැන පෙන්වන්න පුළුවන්ද?

      Delete
    5. දූෂන සොයන ලෙස පුරවැසි මාධ්‍යකරුවන් ඉල්ලන්නේ වලිප්පුවක් සෑදීම නිසා නොවේ.කරුණු කිහිපයක් නිසාය.එකක් නම් කම්බ හොරු නිදහස වී හාල්මැස්සන්ට දඩුවම් ළැබෙන ඉතිහාසයක් අපට තිබෙන නිසාය.සුදු කරපටි හොරුන්ට නම් කවදාවත් දඩුවම් ලැබෙන්නේ නැත.පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ එකිනෙකා හා ඩීල් දා ගත් අය වෙති.
      ඉතිහාසය එසේ වුනත් දැන් සේරම වෙනස් බවත් ඇත්තේ යහපාලනයක් බවත් කෙනෙක් කීමට ඉඩ ඇත.එවැනි බලාපොරොත්තුවක් තිබුනානම් එය බිදවැටෙන ලෙස පත්වීම සහ ඩීල් දැමීම් ගැන අසන්නට ලැබේ
      යළි මහින්ද බලයට ඒවියැයි බියවිය යුතු නැත.එවැන්නක් යළි ඇතිවීමේ ඉඩ ඉතාම අල්පය.විශේෂයෙන් ඔහුට ශ්‍රීලනිප නායකත්වය අහිමි වූ පසු.

      මනාප ක්‍රමය වෙනස් කරන්නත් බැරිලු.සියළු දූෂනවලට මුල මනාප ක්‍රමයයි.එහෙත් එය නැතිව හොරුන්ට පැවැත්මක් නැත
      .ආණ්ඩු විරෝධී හොරුන්ට පැවැත්මක් නැත යනුවෙන් යහපාලනය ඉතාම ඉක්මනින් සංශෝධනය වනු ඇත.

      ජනතාව වශයෙන් අපට අවශ්‍ය මේ ප්‍රවණතාව පැරදවීමය.

      දැන් වැඩ සිද්ධවෙන්නේ හොරු බේරෙන විදියටය.ජවිපෙට හා රන්ජන්ට නම් හොරුන් පිටු දැකීමේ අවංක වුවමනාවක් තිබෙන බව පෙනේ.එහෙත් රංජන්ගේ බයිස්කෝප් නිසා මෙය විහිළුවක් වීමේ අවදානමක්ද ඇත.

      Delete
    6. එහෙම වෙන්න දෙන්න නරකයි.. අපි හරි මේ ගේම ඇදගෙන යන්න ඕන. නැත්නම් එජාපය ගැනත් අපි හොඳ හැටි දන්නවනේ. දැක්කනේ ඊයෙම තෙවරප්පෙරුමයගේ නාඩගම.

      Delete
  2. තාම වැඩිය චොර කර නොගෙන ඉන්න අපාසුවෙන් උනතු උං දගලන්නේ ඉදිරියේ එන මහ මැතිවරනය හන්දා කියා සිතමි... ඒත් මේ වෙනකොටත් නාගෙන ඇති .තරම බැලූ විට ඉදිරිය ගැන පූර්වකථනයක් වුව කල හැකි බව මගේ හැගීමයි.. මොනා වුණත් මහ මැතිවරනය එන්නට පෙර බොරු සොබ්බෙට හෝ දවස් සීයේ වැඩ පිළිවෙලේ කියල තිබ්බ ඒවා දෙක තුනක් වත් කරනවා ඇත... ඊටත් අර මර්විනා ට තාම මොකුත් නොකල එකට මගේ හිතට ටිකක් හරි මදිය.. උ් කැස කවන්නේ කෝම හරි මේ ආණ්ඩුවටත් පනින්න වගේය... අනික් කේස් එක නං මේ පයින රට හොරු ආදරෙන් සාදරෙන් පිළිගැනීමය... උං ටික ට පයිං ගසන්නේ නැත්තේ ඇයි කියලා මට තාම හිතාගන්නට බැරිය

    ReplyDelete
    Replies
    1. මර්වින්ම මරාගෙන කන්න හදන්න එපා බන්ස්ලා. ඔය ඔක්කෝම මර්වින්ලා තමයි.. ඕන් අගලවත්තෙන් තව මර්වියෙක් මතු වෙලා.. මේවට රන්ජන්ලා, හරීන්ලා, ඒ පැත්තෙම අජිත් පෙරේරලා එහෙම මොකද දන්නේ නෑ කියන්නේ.

      Delete
  3. සේරොම කරප්ට් වෙච්චි සිස්ටම් එකක් වුණු දේශපාලනේ යහපාලයනක් ගැන හිතන්නේ කොහොමද මාතේ...උඹ කිව්වා වගේ අපිටමයි පාරට බැහැලා සටන් කරන්න වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ගේම් අත අරින්නේ නෑ.. මෙයාලට් හොරු එක්ක නටන්න හම්බ වෙන්නෙත් නෑ..

      Delete
    2. මචං............. රෙදි අැදන්ද අර අාචාරියා මල්ලිලාගේ ෆයිල් ගෙනියන්නේ.... අද උදේ පට්ට කාටූන් ඒකක් නම් අැදලා තිබුණා ඒකට.... අනේ යකෝ අපි ජීවත් වුණානේ මේවා බලන්න.......

      Delete
    3. ඔක්කෝම මර්වින්ලා තමයි.. දැක්කේ නැද්ද ලක්ෂ්මන් යාපායි ඌගේ පුතයි දාන ඝනකම.

      Delete
  4. බල්ලොත් සමග නිදාගෙන හැදූ ආන්ඩුවට මැක්කන් ගෙන් මරාගෙන මැරෙන ප්‍රහාර .....

    ReplyDelete
    Replies
    1. මේ බල්ලො උන්නට බලාන්ට වඩා දස දහස් ගුණයක් හොඳය. අර රුපියල් සීය ඉල්ලලා දියන් බං කුඩ්ඩෙකුට දෙන්න.

      Delete
    2. //මේ බල්ලො උන්නට බලාන්ට වඩා දස දහස් ගුණයක් හොඳය. //

      නැතුව නැතුව.... මුං වනාහී රජ බල්ලන් ය.... ඔබතුමා ගේ ටෝක් එකට මම තුමාද එකඟය...


      //අර රුපියල් සීය ඉල්ලලා දියන් බං කුඩ්ඩෙකුට දෙන්න . //
      පිවිතුරු ගොන් පාර්ට් කාරයා හෝ රෙනවක රතනපාල ලා සමග ස ර ස තුමා ගේ කිසිම ඇයි හොඳයියක් නැත.... ඔවුන් වෙනුවෙන් ස ර ස තුමා එකම අකුරක් හෝ කොටා නැත.. ඒ බව මාතලං තුමා දන්නේය....

      පුලුවං නම් ඔය ජෝකර්ලා තුන්දෙනාම හිරේ දානවාට ස ර ස තුමා කැමතිය

      Delete
  5. වෙලාව බලාගන්න සුමනදාසලා ගාවට නොගිහින් අර මූණු දෙකක් සහිත ඔරලෝසු 68,000 න් වුනත් පුලුවන් කියන එක ජහමනයා ටිකදෙනෙකුට ටික කාලයකට හරි තේරුනු එක යහ පාලනය ස්ථාපිත කිරීමට කෙසේවෙතත් මානසික සෞඛ්යයට නම් හොඳයි.
    ඒත් සිරි ලංකාවේ දේශපාලුවන් නොමිනේෂන් දෙන්නේ නැහැයි කියන තර්ජනයෙන් හරි ටිකක් විතර හදාගත්තත් ජහමනයා බහුතරයක් හදා ගන්න එකනම් .....බලමුකෝ

    ReplyDelete
  6. ඊ ළඟ මැතිවරණයේදී මේ දූෂිතයන් සැම ඉහලම ජන මනාපයෙන් නැවත පත්කර ගමු. එයයි ජනතා අරගලය.

    ReplyDelete
    Replies
    1. අනිවා මදාවියන්ට වාචාලයන්ට කැමතො 50% කුත් ඉන්න බව අමතක කරන්න එපා..

      Delete
  7. කරනවා කියූ කිසිදු ලබ්බක් ඇඟට පතට දැනෙන්නට තාම කරලා නැත. එළියෙන් ඉඳගෙන හෝ ඇඟට දැනෙන යමක් කලේ ජවිපෙ පමණි. අනිත් උන් යෝජනා කර කර කතාකරකර ඉන්නකොට ජවිපෙ ජාතික විධායක සභා යෝජනාව ඉදිරිපත් කොට එය ක්‍රියාත්මක කලේය. මංගල සැසියද පැවැත්වීය. අද දෙවෙනි රැස්වීම් වාරයය. ඒ වෙනකොටත් යෝජනාවන් දෙකක් සම්මතකරගෙන හමාරය. මිනි ඉදිරියට ජනතා ඡන්දයෙන් පත්වූ ගෙම්බන්ට එහෙන් මෙහෙට්ට මෙහෙන් එහෙට්ට පැනීමට නොහැකිය. එසේ පනින විට පවතින මන්ත්‍රී ධූරය අහෝසි වී යයි. ඒ වගේම ද්විපුරවැසිභාවය ඇත්තවුන්ට ඡන්දෙ ඉල්ලීමටත් බැරිය. කරනවනම් මෙහෙම කලයුතුය. අදහත් සක්‍රීයව දූෂණයට විරුද්දව පියවර ගත්තේ ජවිපෙ මන්හ්‍රීවරු, රන්ජන් රාමනායක සහ සහ මර්වින් සිල්වා පමණි. කෙලෙස කිව්වත් එකට කෑ බී උනට කෑ පතේ පැහැරීමට බැරුවා විය යුතුය. එසේ පැහැරුවොත් උන්ද ඒ මළ මුන්ගේ ඇඟේ අතුල්ලනු ඇත.

    ReplyDelete
    Replies
    1. ද්විත්ව පුරවැසි කාරයන්ට චන්දෙට ඉදිරිපත් වෙන්න බෑ කියන පනතෙ ඇති නයිතිකභාවට මොකක්ද? ඔය වෙන මුකුත් නෙවෙ කුමාර් ගුනරත්නම්ව කපලා දාන්න. ඔන්න යහපාලනෙ, එක පක්ශෙක නායකයෙක් ඉලක්ක කරගෙන නීති හදනවා මුන්.

      Delete
    2. /* ඒ වෙනකොටත් යෝජනාවන් දෙකක් සම්මතකරගෙන හමාරය. මිනි ඉදිරියට ජනතා ඡන්දයෙන් පත්වූ ගෙම්බන්ට එහෙන් මෙහෙට්ට මෙහෙන් එහෙට්ට පැනීමට නොහැකිය. එසේ පනින විට පවතින මන්ත්‍රී ධූරය අහෝසි වී යයි. ඒ වගේම ද්විපුරවැසිභාවය ඇත්තවුන්ට ඡන්දෙ ඉල්ලීමටත් බැරිය. */

      වරදවා වටහා ගෙන නේද?

      ඒ යෝජනා වී එකඟ වුණු කරුණු දෙකක් පමණයි.

      මේවා ඊලඟ ව්‍යවස්ථා සංශෝධනයට ඇතුලත් කර පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් සම්මත කරගෙන, ඉන්පසු අවශ්‍ය වූවොත් පමණක් ජනමත විචාරණයකින් අනුමත වූ පසුවයි ක්‍රියාත්මක කළ හැක්කේ!

      Delete
    3. මනෝෂ් ඒකටත් කරන්න පුළුවන් ලබ්බක් නෑ. ඒ යෝජනා දෙකක් පමණයි. එක යෝජනාවක් නම් තනිකර ආත්මාර්ථකාමි යෝජනාවක්. අනෙක නම් අපි ජෙප්පන්ටත් කලින් ඉඳලා කියන දෙයක්. ඕකට රාජ් එහෙම මාත් එක්ක එකසිය ගානට මරා ගත්තා.

      Delete
    4. ඔව් ඒක හරි. ව්‍යවස්ථාවෙන් සම්මත කරගන්න තමයි එකඟ උනේ. ඒත් මං කියන්නෙ අනිත් උන් එහෙම "බම්බුවක්" වත් කරගෙන නෑනෙ. මේව අනිවාරෙන් සිදුවෙන දේවල්.

      කුමාර් ගුණරත්නම්ට කරන්න පුලුවන් බලපෑමක් නෑ. ඔහුවෙනුවෙන් එවැනි තීරණ ගන්න තරම් පටු දේශපාලන පක්ෂයක් නෙවෙයි ජවිපෙ. මේ දිවී පුරවැසි ක්‍රමය තිබීමෙන් වෙන්නෙ දේශපාලනේ ඉන්නකල් තියෙන වංචා දූෂණ සේරම කරල ගොඩගහගන්න මහා ධනස්කන්ධය ඔවුන්ගෙ පුරවැසිභාවය හිමි රටේ ගොඩගහගන්නවා. බැංකුව වල, ඉඩම්, දේපල වල එකතුවෙනවා. ඊළඟට පැරදුනු ගමන් යස අගේට එහෙට ගිහින් ජීවත් වෙනවා. අනික දේශපාලනය කියන්නෙ සමාජ සේවය්. මුන් ඒක ව්‍යාපාරයක් කරගෙන තිබ්බට. එතකොට ඒ සමාජ සේවය කරන්නෙ මේ රටට. ඒක ගරු සේවයක් වෙනවනම් තවත් හොඳයි. ඉතින් රටට එහෙම ආදරේ මනුස්සයෙක්ට මොකටද දේශපාලනේ කරනගමන් තව රටක පුරවැසි භාවය?? ඔහුට එහෙම අව්ශ්‍යනම් දේශපාලනෙන් සමුගත්ත කාලෙක තමන් කැමති රටකට ගිහින් ජීවත්වෙන්න පුලුවන්. මේ රටට සේවය කරන්න ඇයි තව රටක පුඅරවැසිභාවය??

      අනික් කාරණේ, නිකමට හිතමු මගේ පක්ෂෙ "ඒ". මං ඒක නියෝජනය කරන කෙනෙකුට ඡන්දය දෙනවා. ඌ ඒක අරන් පාර්ලිමේන්තු ගිහින් "බී" පක්ෂෙට එනවා. එතකොට ඔහු මගේ නියෝජිතයාද. ඔහු නියෝජනය කරන්නෙ මගේ කැමැත්තද. නෑ, ඔහු තනිකරම මගේ කැමැත්ත කොල්ල කලා. ඒ නිසා මගේ නියෝජනයෙන් ඔහු බැහැර වෙනවනම් ඔහු ඒ සඳහා මගේ කැමැත්ත, නැත්නම් මගේ ඡන්දය භාවිතා නොකල යුතුයි. ඇත්තෙන්ම දේශපාලකයා නියෝජනය කරන්නෙ ඔහුගේ කැමැත්තවත් ඔහුවත් නෙවෙයි, ජනතාවගේ කැමැත්ත සහ ජනතාව. ඒකයි මේක සේවයක් වෙන්නේ.

      Delete
    5. මම කිව්වනේ දෙවනි එක මම ඉස් මුදුනින් පිලිගන්නවා. මට ගැටලුව තියෙන්නේ පළවෙනි කාරණය ගැන. අපි හිතමු හිතට එකඟව ජනතාව වෙනුවෙන් ලියපු මාධ්‍යවේදියෙක් හෝ දේශපාළකයෙක් මරණ තර්ජන හේතුවෙන් විදෙස් ගතවෙලා ද්විත්ව පුරවැසිලාබියෙක් වෙනවා. දවසක ඔහු මේ රටට නැවත ඇවිත් දේශපාළණයේ යෙදෙන්න කැමතියි. නමුත් ඔහුට අවස්ථාවක් නෑ. ඒක සාධාරනද? මම කියන්නේ ඩලස් අලහප්පෙරුම වගේ කාළකන්නි ගැන නෙමෙයි. ජනතාවාදි මාධ්‍යවේදීන් හා සෝමවංශ අමරසිංහ වගේ දේශපාළකයින් ගැන.

      Delete
    6. මෙන්න බොලෑ සොමවන්ශලාගෙ ගුද මාර්ග වලින් කටු කම්බි යවපු එවුන්ට අන්තිමට සොම්වන්ශලාගෙ අගය තෙරිලා. සොමවන්ශලා පරම්පරාවක් මරපු එවුන් ජාතියෙන් සමාව ගන්න ඔනෙ. ඒ පරම්පරාව නැති කරපු නිසා තමයි අදටත් මර්වින්, රන්ජන් වගෙ ගොන් හරක් අපෙ නායකයො වෙලා ඉන්නෙ.

      Delete
    7. හරි හරි ඒ තර්කය සමඟ උපරිමයෙන් එකඟයි. ඔය වගේ දෙපැත්තටම සාධාරණ කරුණු තිබෙනවා. නමුත් එවන් අයෙකුට එලෙස කාලෙක දේශපාලනය කිරීමේ අරමුණක් තියේනම් ඔහුට පුලුවනි නේද අදාල රටේ පුරවැසිභාවයෙන් ඉවත්වෙලා ඒක කරන්න.

      Delete
    8. සීයා කෙනෙක්ගේ කොමෙන්ට් එකයි. ස්තූතියි සීයා. අපි මේ කොල්ලෝ එක්ක යන ගමනක්. සෝමවංශලා සතිපඨ්ඨානේ වඩන කොට නේ කටුකම්බි පුකේ ගැහුවේ. කක්කි වැඩ නේ අප්පා.

      Delete
  8. අපි නොදන්න මාතලන්ගෙ දූශනෙ. රනිල්ගෙ කලින් ආණ්ඩුව කාලෙ කුනු කොල්ලෙට දයා ගමගෙට සීනි කර්මාන්තශාලාවක් සහ අක්කරගානක් විකිනුවා. මාතලන් නෙවෙ කෙල බින්දුවක් හැලුවෙ මොකොද තමන්ගෙ පක්ශෙ නිසා. ඔන්න දයා ගමගෙට හොට් හොට් පිට ගුවන් යානා බලපත්‍රයක් දීලා මාතලන්ලා සුපුරුදු පරිදි සද්ද නෑ.

    හැබැයි නව ජනාධිපතිතුමාටනම් ඇඩ්‍රස් නැති වෙන්න බනිනවා ඒ මුකුත් නෙවෙ අප්‍රෙල් චන්දෙදී තනි යූන්පී ආණ්ඩුවක් හදාගන්න පුලුවන් කියලා හිතලා. මාතලන් ඇස් ඇරලා බලපන්, උබලගෙ නායකයා ඉන්නෙ චම්පික කියන ජාතිවාදියාගෙ අත් අඩන්ගුවෙ. තනි යූන්පී ආණ්ඩුවක් හදන්නනම් තව අවුරුදු 20ක්වත් යයි.

    ReplyDelete
    Replies
    1. වර්ෂ 1815 දී මහා බ්‍රිතාන්‍ය විසින් අප අම්මට සිරි ලංකාවද හිරු නොබසිනා අධිරාජ්‍යට නතු කර ගත්තේය. උන් හොඳ දේ වැඩියෙන්ද, නරක ටිකකින්ද කර යන්නට ගියේය. එහෙත් නරක ටිකක් හෝ කර ඇති නිසා. ලංකාවට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පැමිනෙන එංගලන්ත කන්ඩායමට ක්‍රිකට් පිතිවලින් හා විකට් වලින් පහරදි එලවා දැමිය යුතුය. සංචාරකයින් මරා ගස් වල එල්ලිය යුතුය. ඉන්දියාවද මෑත අතීතයේ පවා අපට විරුද්ධව කටයුතු කර ඇති බැවින්. ඉන්දියන් එම්බසිය ගිනි බත් කොට, සියළුම ඉන්දියන් පුරවැසියෝ මරා දැමිය යුතුය..

      තුඃ නෝදොමකින් මෙවැනි අතීතකාමයේ ගැලි වෙලි සිටිනා හරක්.

      Delete
    2. පොශ් වෙන්න ඔන කමට සුද්දො නරක "ටිකක්" කරා කියලා හිතන් ඉන්න අදබාලයො එක්ක මොන දෙශපාලන කතාද. හම කලු මිනිස්සු කියද්දී පිලිගන්න බෑ වගෙනම් හම සුදු ඇත්තො අධිරාජ්යවාදය ගැන ලියපු පොතක් පතක් වත් කියවපන්. මෙ රට හදන්න බැරි ප්‍රධානම දෙය සුද්දො ඇති කරලා ගිය හීනමානයි. ඕක ගැන මැලෙශියාවෙ මහාචාර්ය වරයෙක් දීර්ග විදියට ලියලා තියෙනවා. උන් දියුනු උනෙ අන්න ඔය වහල් මානසිකත්වයෙන් ගැලවුන නිසයි.

      Delete
    3. සුද්දෝ නැත්නම් අපි තාමත් වැද්දො. උඹ වගේ වැඩ වසම් මානසිකත්වය හිස් මුදුනින් පිලිගන්නා මරි මෝඩ දූපත් මානසික යටත් වැසියන්ට වටිනාකමක් නැති උනාට. සුද්දෝ නිසා අපට ලැබුන ප්‍රජාතන්ත්‍රවාදය හා අධ්‍යාපනයම අපට ඇති.

      වහල් මානසිකත්වයක් ඉන්නේ අප නොව උඹයි. ඒ අධිරාජ්‍යවාදින්ගේ නොවේ. නීලකාස හොරුන් වන් මහ රජවරුන්ගේය.

      Delete
    4. පොශ් වෙන්න සුදු හමට වැදගෙන ඉන්න එවුන්ට ඉන්ග්‍රීසි පුලුවන්දනම් දන්නෙ නෑ. බලමු එක අවජාතකයෙක්ගෙ හරි ඇස් අරින්න.

      http://exiledonline.com/when-pigs-fly-and-scold-brits-lecturing-sri-lanka/

      Delete
    5. අනේ මට ඉන්ගිරිස් බෑ බං. ජපන්නුන්ටත් බෑ. පාප් වහන්සෙටත් බෑ. අපේ සිරිසේනටත් බෑ. මට ඉන්ගිරිසි පුළුවනම් මම ඉන්ගිරිසියෙන් ලියනවනේ. ඒක උඹ දන්න නිසා හින්ගලට හරවලා දාහන්. අර ට්‍රාන්ස්සෙක්සුවල්ද මක්කද කොරලා. ටැන්කූ හොඳේ..

      Delete
    6. සුද්ද කරපු ලොකුම සේවය තමයි රාජාණ්ඩුව අහෝසි කරල ප්‍රජාතන්ත්‍රවාදය ගෙනාපු එකයි,අධ්‍යාපන ක්‍රමයක් ගෙනාපු එකයි.ඊට අමතරව මහාමාර්ග පද්ධතිය,පරිපාලන ක්‍රම,ශිෂ්ට නීතියක් ගෙන ඒම ( කිරි දරුවො වංගෙඩිවල කොටන නීතිය වෙනුවට ) .ඉංග්‍රීසි භාෂාව වගෙ දේවල් පෙන්වා දෙන්න පුළුවන්.
      සුද්දගෙ නරක වැඩ නොසැළකිය හැකි තරම් කුඩයි.ඒ නරකත් කාලයට අනුරූප ඒවා.අපේ වැඩවසම් පාලකයො සුද්දට හපන් .
      මේ ඇත්ත කියන්න අපි බය වෙන්න ඕන නෑ

      Delete
    7. http://exiledonline.com/when-pigs-fly-and-scold-brits-lecturing-sri-lanka/

      Delete
    8. සුද්දගේ තව නරක වැඩක්- අවුරුදු 800- 1000 ක් තිස්සේ එන්ගලන්තයේ ක්‍රමයෙන් දියුණුවූ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් වැඩවසම් මානසිකත්වයෙන් නොමිදුණු ජනතාවකට දීල යාම. බහුතර ජනතාවට එය තේරුම් කරදීමට ලොකු ප්‍රයත්නයන් නොදැරීම.

      පූර්ණ ප්‍රජාත්‍රන්ත්‍රවාදයක් එකල දේශීය දේශපාලකයින්ට වාසි නොවන නිසා ඔවුන්ට එහෙම කරන්න අවශ්යතාවයක් තිබුනේ නෑ, ඒත් සුද්දන්ට තිබුනා ඔයිට වඩා පොඩ්ඩක් මහන්සිවෙන්න. විශේෂයින්ම එකල ඉන්ගලන්තය් ලිබරල් අදහස් හුඟක් ඉස්මතුවී තිබුන නිසාත් අප්‍රිකාව වගේ නොව 1930/40 ගණන්වල ලංකාවෙ එයට සිදුසු පරිසරයක් තිබුන නිසාත්.

      Delete
    9. සුද්දට දෙන උඹල ඉන්න තිබ්බෙ උන් රට පාලනය කරන කාලෙ. මහින්දගෙ පාලනය වගේ නෙමේ උන්ගෙ පාලනය. රටේ මිනිස්සුන්ට හිටපු රජාට වඩා සුද්දව එපා වුන හින්දයි කැරලෙ ගහුවෙ. අහින්සක මිනිස්සු කොච්චර දුක් වින්දද කියල උඹගෙ සීයගෙන් අහල බලපන්. මාතලන්ගෙ පොඩි ළමයව උඩ දාල කඩුවෙන් මරල දාල යයි උඹෙ අස් ඉස්සරහම. තව අවුරුදු 100 කින් කාට හරි කියන්න පුලුවන් මහින්ද කෙරුවෙ හොඳ වැඩ විතරයි කියල. මොකද එයත් රටට පේන්න දෙයක් කරල තියෙනව. පාලනය කලෙ කරපු වරදි අමතක වෙන්න පුලුවන්. එකක් මතක තියා ගනින් සුඩ්ඩගෙ පාලනය ඔය සේරටම වඩා දරුණුයි.

      Delete
  9. කොමෙන්ට් හා පෝස්ට් දෙක බැලුවම යන්නේ කොහේද මල්ලේ පොල් ගතියක් පෙනේ. එනිසා කොමෙන්ට් අමතක කර පෝස්ට් එක ගැන කියනවානම් 100% ක් එකඟය.

    හැම ලබ්බටම වඩා ලොකුයි ජනතා පරමාධිපත්‍යය කිය කියා යන 'ඕල්මෝස්ට්' විධායක අගමැති කෙනෙකුත් ඉන්න එකේ සිරි ලංකා වසන්තය පෙන්වීමටනම් ජනතාව ගුලි ගැහී නිදා නොසිට තව තව ඉදිරියට ආ යුතුය.. හොරුන්ට හා හොරු සමඟ හෙලුවෙන් නිදිවදින කාලකන්නින්ට හිතුමතේ නටන්නට ඉඩදී තව දුරටත් නිහඬව නොසිටීමට ජනතාව වග බලා ගත්තේ නැත්නම් තව ටික දිනකින් 'නැවතත් සුපුරුදු සොඳුරු දිවියට' හුරුවී බකං නිලාගෙන සිටින්නට වනු ඉර හඳ සේ ශුවර්ය.

    ReplyDelete
    Replies
    1. මේ හොරකම් මැරකම් ජඩකම් හිස් මුදුනින් පිලිගන්නා අම්බරුවන් පිරිසක්ද මේ රටේ සිටිනා බව කොමෙන්ට්ස් තුලින්ම මනාව දිස්වේ. උන්ට උන්ගේ එකා මොන දේ කලත් හරිය. අනිත් එකා කළොත් වැරදිය. අපිට නම් මොකා වැරදි දේ කළත් වැරදිය. අමතක කරන්න එපා ඒ වගේ අම්බරුවන් 50% මේ රටේ ඉන්න බව. උන් අතරේ මාධ්‍යවේදියෝ වගේම බ්ලොග් කාරයොත් ඉන්න වග. හැබයි උන්ට නම් ගම් වලින් එන්න කොන්දක් නෑ.

      Delete
  10. ලියැවිල්ල නම් පංකාදු පහයි. දැන්ම ඉස්සරහට ඇවිත් හදාගත්තෙ නැත්නම් ඔය වටේ ඉන්න නරි ටික මෛත්‍රීවත් කනවා.

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී මේ සියළු දෙනා ගැනම දන්නවා. නමුත් මම හිතන හැටියට මෛත්‍රී මේ රටේ යහ පාළණයක් ඇති කළ නායකයකු ලෙසත් ඉතිහාස ගත වෙනවා. ඒ මනුස්සයගේ මනුස්සකම ප්‍රයෝජනයට අරගෙන ඩාන්ස් කරන උන්ට පිස්සු කෙලින්න ඉඩ දෙන්න බෑ. මේවා අපි දිගින් දිගටම කතා නොකලොත් ඉක්මනටම අමතක වෙනවා. එහෙම නැතිව මෛත්‍රිපාලට එදිරිව ලියන දේවල් නෙමෙයි මේ. සම හරක් ගොබ්බයන්ට ඒ ලෙස පෙනුනාට අපට කරන්න දෙයක් නෑ.

      Delete
    2. සම්පූර්ණයෙන්ම එකඟයි මාතලන් සමඟ..

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. යහපාලනය කොන්ත්‍රාත් ක්‍රමයට කරන්නට බෑ. නියම ප්‍රජාතන්ත්‍රවාදය අනුව කරනවානම් ලංකාවේ ඉන්න මෝඩ 57ලක්ෂයකගෙ මොළේ පාදලා පටන් ගන්න වෙනවා. එහෙම නැත්නම් තියන පසුබිමේ ඉඳන් කරද්දි විධායකය බවට පත් වන කැබිනට් එක අවශ්‍ය නීති රෙගුලාසි සකස් කළාම වැඩේ කෙරෙයි. දැන් උදාහරණයක් විදිහට ඊයෙ අර තෙවරප්පෙරුම කියල හාදයෙක් යකා නටද්දි පොලීසිය බලා හිටිය කියනවනෙ. පොලිසිය කියන්නෙ හමුදාව නොවන බවවත් පොලිස් කාරයෝ දන්නෙ නෑ. ඒ කියන්නෙ, පොලිස් කාරයොත් හමුදාවට වගේ සිද්දියකදි ඉහළින් අණ දීමක් බලාපොරොත්තු වෙනවා. එහෙම නෙවෙයි, පොලිස් කොමිසම හරහා පොලිසිය බලගන්වපුවාම ජනාධිපතිට වුනත් නීත්‍යානුකූළව “අවම බලය“ ක්‍රියාත්මක කරන තත්වයක්නෙ යහපාලනය කියන්නෙ.
    මේකට පක්ෂ ගැන හිතල ඒවට වහල් වෙලා බෑ. මාත් බොහොම අමාරුවෙන් හිත හදාගත්තෙ යූ ඇන්පී එක ගෑවිච්ච පෙරමුණකට ඡන්දෙ දාන්න. යූ ඇන් පී කියන්නෙ මට පේන්නම බැරි පක්ෂයක්. ඒ වුනාට මේ වෙලාවෙ නීතියේ ආධිපත්‍යය ඇති කිරීම කියන තේමාවත්, ඒකාධිපතිත්වය අහෝසි කරනවා කියන තේමාවත් ජයග්‍රහණය කළ යුතුව තිබුනා. ජේ වී පී එක වුනත් උදව් කළේ ඒකනෙ. මෙතනදි ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ රටේ පසුගාමී නොදියුණු ගෝත්‍රවාදී ලක්ෂ 57ක් එක්කලා මේ ගමන යන එකයි. (ඒක හදන්න වෙන්නෙ අධ්‍යාපන ඇමතිට තමයි)

    ReplyDelete
    Replies
    1. වැඩේ ලේසි නෑ පෙරටුගාමි කියන උනුත් ඉන්නේ පසුගාමි මහින්ද චින්තනේ ඒක රටේ ජනගහනයෙන් 50% ක්. තෙවරප්පෙරුමගේ මදන කුලප්පුව කිසි සේත්ම අනුමත කරන්න බෑ. එජාපය මුන්ට විරුද්ධව වහාම නීතිමය පියවර ගත යුතුයි.

      Delete
    2. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන්න පොලීසියට අගමැති හෝ ජනපති ඇඟිල්ලෙන් අනිනකල් ඉන්න ඕනි නෑ. ඔයවගේ දේකට නීතිය ක්‍රියාත්මක කරන්න ස්වාධීන පොලිස් කොමිසම් ඕනි නෑනෙ. දැන්වත් ඒ දේට අකුරට නීතිය ක්‍රීයාත්මක නොවුනොත් මෙවුන්දලාගෙ යහපාලනේ ගැනත් ආයෙ අමුතුවෙන් සහතික ඕනි නෑ. ඒ වගේම යූ එන් පීය අනිවාරෙන් මොහුට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න ඕනි. හරිනම් කෙලින්ම ඩිලීට් කරලම දාන්න ඕනි. මිනිස්සු බලාපොරොත්තුවෙන්නෙ අන්න ඒ වගේ රැඩිකල් වෙනසක්.

      Delete
    3. හරියට හරි එක බටොන් එකයි ඔබන්න ඕන. කෙලින්ම ඩිලීට්.. එකෙකුට තිබ්බා නම්, අනික් උන් ඔක්කෝම හැදෙනවා.. හැබයි ඔළු කට්ට කුඩු වෙන්නම තියන්න ඕන.

      Delete
    4. පොලිසියට එහෙම කරන්න් බැහැ. ඩඩ්ලි සිරිසේනව ආරක්ෂක ලේකම් කරලා එයා හරි ජනාධිපති හරි අනදෙන්න ඔනේ. එතකම් තමයි පොලිසිය බලාගෙන ඉන්න‍ෙ
      ඉතින් එක කවද වේවිද කියලා දන්නේ කවුද( ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි නේ)

      Delete
    5. අන්න ජනාධිපති අණ දීලා ..

      Delete
  13. මඩකලපුව දිස්ත්‍රික්කයේ දෙමල නිලධාරීන් වර්ග වාදීව හැසිරෙන බවට පැමිණිලි තියෙනවා යහ පාලනය යටතේ ඒ ගැන කොමිසමක් පත්කල යුතුයි

    ReplyDelete
    Replies
    1. මහින්දත් එක්ක ගිහින් මරලා දාන්න.

      Delete
    2. රන්ජන් එක්ක යන්න ඕනේ.
      හැබැයි ක්‍රිස්තියානි කාරයෝ ඔයවගේ දේවල් වලදී සයිලන්ට්

      Delete
    3. මහින්දගේ නෝනත් ක්‍රිස්තියානී නේ, අර එස් එල් ගුනසේකර එයත් ක්‍රිස්තියානී.

      Delete
    4. අනිත් ක්‍රිස්තියානි කාරයොත් එහෙම වෙනවනම් කොච්චර හොඳද

      Delete
  14. යහ පාලනේ කියන්නෙ සංකල්පයක් පමණයි. එය නීතියක්, විවස්ථාවක් හෝ වරායක් එයා පෝර්ට් එකක් වගේ සීමිත කාලයකින් හදල නිම කරන්න බෑ. ඒ මදිවට යහ පාලනයට ස්ථිර විවරණයක් නෑ. මූලික හොඳ හා නරක ඕන දේකට පොදුයි ඒත් සමහර දේ කාලයට හා අව්ස්ථාවට මෙන්ම පුල්ද්ගලයාගේ ආකල්ප මත රඳා පවතිනවා.

    මූලික පියවර රාජ මානසිකත්වය පරාජය කිරීම. එය චන්දෙන්ම හා සිරිසේනගේ හැසිරීමන්ම ඉටුකරල.
    ඊට පස්සෙ පොරොන්දුවුන යාන්ත්‍රණ්ය හදන්න ඕනෙ. ඒ අතර නීතිය ඒ අයුරෙන් ක්‍රියාත්මක වෙන්න ඕනෙ. එයට අලුත් මොනවත් අවශ්යනෑ.
    ඒයට අමතරව රාජ්ය පාලන ප්‍රතිපත්ති දියුණුවෙන රටකට ගැලපෙන විදිහට කරන්න ඕනෙ ( දැයට කිරුලෙ ෂෝ එක කෑල්ල කැන්සල් කිරීම සරල උදාහරණ්යක් ).

    MRහොඳට පෙන්නලදීල තියනව නොකල යුත්තේ මොකක්ද කියල.
    හාස්යජනක ලෙස කියනවනම් How not to do things හරි ලේසියි Just do the opposite of whatever MR did (සැයු. පොයින්ට් එක සඳහා අතිශයෝක්තියකි).

    ReplyDelete
    Replies
    1. ප්‍රා කියලා තියෙන ක්‍රමයට කළා නම් බොහෝම ලේසියි. කළ යුත්තේ කුමක්ද නෙමෙයි, නොකළ යුත්තේ කුමක්ද කියන දේ. මෛත්‍රී නම් ක්‍රියාවෙන්ම බොහෝ දේ ඔප්පු කරලා අවසානයි. දැන් සත්තරන් ජනපති කෙනෙක් ඉන්නවා. අපට අවශ්‍ය නීලකාස හොරුන්, වන්දිභඨ්ඨයින් හා සඨ්ඨැඹියන්ගෙන් එතුමා ආරක්ෂා කොර ගන්න. නැත්නම් ඔය මනුස්සයත් රජ ගහේ නාඩගම නටන්න පටන් ගන්නවා.

      Delete
  15. දූෂණ විරෝධී සටනට ජය වේවා !

    ReplyDelete
  16. එකගයි අයියන්ඩි..වෙලේ සුදා නම් හෙලි කරලත් අත් අඩංගුවට ගන්නෙ නැත්නම් ඒ අංහිසකයවත් නිදහස් කරලා දැම්මානම් ඉවරයි.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට ගඟකට ඇළකට දොලකට නිදහස් කොරයිද දන්නේ නෑ..

      Delete
  17. හොරු අල්ලලා නිතිය ඉදිරියට ගෙනල්ලා දඬුවම් කරන 'යහපාලන' ක්‍රමයකුත් තියෙනවානෙ. ගාල කඩාගත්තා වගේ කරොත් අර කියපු ක්‍රමයට ගැලපෙන්නේ නෑ. මේ රට නීතිය හා සාධරනත්වය ගැන කිසිම සැලකිල්ලක් නැති වල් වැදිච්ච රටක්නෙ. ඉතින් හැමෝමෙ බලාපොරොත්තුවෙන්නෙ මේ ආණ්ඩුවත් කලින් විධියටම කරයි කියලා (ෆොන්සේකාට කරා වගේ).

    ReplyDelete
    Replies
    1. අපි නම් එහෙම බලාපොරොත්තු වෙන්නේ නෑ. බඩුත් එක්කම හොරු අහුවෙල තියෙද්දිත් කිසිම දෙයක් නොවන එකයි කරුමය.

      Delete
  18. මාතයියෙ මේ … පොඩි අතුරු ප්‍රශ්නයක් ඕං

    අපි අර උඩ ඇරපු අපේ රොකැට් එකට මොකෑ බං කරන්නෙ ?? ඒක පල්ලෙහාට ගේනවද නැත්තං උඩම තියෙන්ඩ අරිනවද .. :D

    ReplyDelete
    Replies
    1. උඔ ලංකාවට එනවනම් ඒක අරන් වර

      Delete
    2. චීන අඩි කන්න වැඩක් ඒ :D

      Delete
    3. චෙෆාකිගෙන තමයි අහන්න වෙන්නේ, උන්නැහේට මක්කා උනාද මන්දා...

      Delete
  19. මම කොහොම හරි ඉගෙනගෙන ලොකු වෙලා ජනමාධ්‍ය ඇමති වෙනවා ...

    ReplyDelete
    Replies
    1. මේ මාතේ ඔයා කලින් ආණ්ඩුවට මහින්දට බනිනකොට ඩොලර් හම්බ වුනානේ , (මෙච්චර කොමෙන්ට් කරපු අපිට සතයක්වත් දුන්නේ නැතුවට) දැන් මේ ආණ්ඩුවට බනිනකොට මොන්දව හම්බ වෙන්නේ
      ඒත් ඩොලර්මද ? යකෝ උඹව උල තියන්නැ එපයි දෙපැත්තෙන්ම ඩොලර් අරං :P

      Delete
    2. උඹ ඇමති උනාම මට ඒ අමාත්‍යංසෙ ලේකම් කම හමබ වෙනවා නෙවැ කොහොමත්..

      බොරුවට ඉගනගෙන නහින්න ඕනැ නෑ .. චැහ්

      ඩිපෙන්ඩර් කලු එකක් හොඳා බං .. සෝක් වාහනේ ඒක !!!!

      Delete
    3. ආ....මෙයාට ලගදීම ලොකු තනතුරක් ලැබෙනවා ලු......
      එතකොට සලකයි අපිට හිටං .....

      Delete
    4. දැන් ඩොලර්ස් ගන්නේ නෑ.. වෙපන්ස් තමයි ගන්නේ.. ඒවා ඩොලර්ස් වලට වඩා වටිනවා.. මම කියන්නේ මේ නීත්‍යානූකූල ඒවා..

      Delete
  20. "බලය දුෂිතය,වැඩි බලය වඩාත් දුෂිතය" කියල කියමනක් තියෙනවනෙ.මම නම් බලාපොරොත්තු අඩු බලයක් සහිත අඩු දුෂිත පාලනයක්.ලංකව වගේ රටක ඊට වැඩ දෙයක් දැන්ම බලාපොරොත්තු වෙන්න අමාරුයි කියලයි මට නම් හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. වැඩි කල් යන්න කලින් ලැබෙනවා...

      Delete
  21. තවත් ලෝකම හොරෙක් තමා මාතලන් කියන්නෙ. ඌ හම එකාටම බැන බැන ඉන්නව. ඌ හරි පොර කියල හිතාගෙන ඇති. හරි පොරක් නං ඉස්සරහට ඇවිත් කතා කරපං blog හදාගෙන රඟන්නෙ නැතුව. Net එකේ රඟන එවුන්ට හබෑ ජීවිතේ මුකුත් කරගන්න බෑ. තනිකර පොන්නයො. හැබයි Net එකෙයි FB එකෙයි වීරයො. මන් දන්න දෙතුන් දෙනෙක්ම ඉන්නව. මාතලන් කියන බයියත් එහෙම එකෙක් වෙන්න ඕන. මචන් මාතලන් කීය වසරට යනකං ඉගෙන ගත්තද? O/L වත් pass ද?

    ReplyDelete
    Replies
    1. මම නම් බ්ලොග් අවකාශෙට අලුත්. දන්නා තරමට මාතලන් උගත් කෙනෙක්. ඔහුගේ සැබැ නමත් සඳහන් වෙනවා බ්ලොග් එකේ.සමාජ ජාල වලිනුත් දේශපාලනයට ලොකු දායකත්වයක් දෙන්න පුළුවන් කියන එක මේ චන්දෙන් පෙනී ගියා නේද මිත්‍රයා

      Delete
    2. ඔය තියන ප්‍රියන්ත හේවගේ කියන නම ඇත්ත නමද කියල කවුද දන්නෙ. ලියන ඒවල හැටියට මාතලන් උගත් කෙනෙක් නම් ඇත්තමයි ඒක උගත් කමටත් මහා නින්දාවක්. කුණු හරප ටිකක් ලියනව ඇරෙන්න මූ ලියන්න දන්න දෙයක් තියෙන පාටක් නෑ.

      Delete
    3. ප්‍රියන්ත හේවගේ කියල කිසිම කෙනෙක් හරි අනන්‍ය තාවයක් සහිතව හොයාගන්න බෑ. ලෝකෙ මිනිස්සුන්ට බනිමින් තමන් නිවරදි යයි නිතරම සිතන මෙවන්නන් නිසා තමා අපි තවමත් තුන් වන ලෝකයේ රටක් වී ඇත්තේ.

      Delete
    4. පොන්නයෝ කව්ද කියලා කියවන උන් තීරණය කරයි..

      නමක් ගමක් නැති උඹද පොන්නයා. මමද පොන්නයා. කොහොම හරි හොඳට රිදිලා තියෙන හැඩයි.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න