.

.

Feb 11, 2015

යාපනය තියෙන්නේ, ට්‍රිප් යාමටටවත්, විග්නේෂ්වරන්ලාට ආතල් ගැනීමටවත් නොවේ.. - South is more Racist than the North


ආන්ඩුවේ සීන් ගැන, සම හරක් සිරිසේන ලොක්කාට ඡන්දේ දුන් ඉන්නේ හොල්මන්ද බේරේ පොල් කොල වෙලාය. මේ ආන්ඩුවට චන්දේ නොදුන්න සම හරක් ඉන්නේ, යකෝ අපි ඡන්දේ දුන්නේ මෙහෙම එකෙකුටද යකෝ කියලාය. මහින්ද මිය ගියහොත් මිනීය එම්බාම් කර පුටුවේ හිඳුවා අභිෂේක කොට, අම්මට සිරි ලංකාව තුල වැඩවසම් යුගය නැවත් ඉස්තාපිත කොරන්නට වලි කන අම්බරුවන් හිතන්නේ, අවුරුදු විස්සක් හෙවත් දවස් 7300 ක් තුල නිනාශ කරපු ආර්ථිකේ, දවස් 30 න් ආසියාවේ ඈස්චයිර්ය බවට හරවන්න පුළුවන් කියලාය.

අවුරුදු 20 ක් තිස්සේ රට කාපු උන්ට, දවස් 30 ක ඉන්ටවල් එකේ වත් ආතල් එකේ ඉන්න බැරිනම්, දවස් 100 ක් උන්නොත් නවතින්න වෙන්නේ එක්කෝ අංගොඩය, එහෙම නැත්නම් උණවටුනේය. වැඩියෙන්ම පිස්සු හැදිලා ඉන්නේ කිසිම ජනමතයක් නොමැති, බලු මැක්කන්ටය. එක, රජ ගෙදර රිලවාය. අනිකා ප්‍රතිපත්තියක් නැතිව ඉල්ලගෙන කාපු රුපියල් 100 යේ හිඟන්නාය. ඊළඟට බොරළුගොඩ ඔඩොක්කු කුක්කාය, අනිකා හීනෙන්වත් නොපැතු ඇමති කමක් ලද, වාසිදේව හම්පඩයාය. පිස්සු විතාරණ හා නොමිනිස් පක්සේ ඩීව් ටත් එහෙම ලෙඩක් තියෙනවාය.

මුන්ට දැන් විකුණන්නට දෙයක් නැත. විකිනීමට ඇත්තේ ජාතිවාදය පමණි. හිටපු ලොක්කා මෙගා පෝන් එකක් කරේ බැඳගෙන, කොටි නාට්ටි පෙන්නන්න පටන් ගත්තේ ඒ නිසාය. කොහොමින් කොහොම හරි නාට්ටි මන්ඩලයේ අනුමතය නැති නිසාද කොහෙද, "උතුරේ කොටි කොඩිය උස්සලාය, කැම්ප් වලට ගඩොල් බාග වලින් කෙලිනවාය, කොල්ලෝ පලේකාට් සරම් උස්සලා පුක පෙන්නනවා අපේ හාන්දුරුවනේ..." කියමින්, පෝට් සිටි සයිස් එකේ අමු කෙප්ප කෙලිමින් ගෙන ගිය නාට්ටිය, ඒ තරම් නැගලා ගියේ නැති නිසා දැන් කොරන්නේ සෙනෙහෙ කොල ලියනා එකය.

හැබයි කවුරුන් හෝ මොළේ තියෙන එකෙක් දුන් උපදේසොයක්, උන්නැහේ අදවත් අහනවා කියා තේරෙන්නේ, ජනපති කෙනෙකුට කිසිසේත්ම සුදුසු නොවන, තිබෙන තුඡ්චතම තුරුම්පව වන ජාතිවාදය ඇවිස්සීම නවතා ඇති නිසාය. යුධ ජයග්‍රහණයෙන් පසු මේ රට සුරපුරයක් කිරීමට තිබූ අවස්ථාව, ජාතිවාදින් හා එක්ව, පට්ට ජාතිවාදියකු වෙමින් නැතිකරගත් සාපය අදවත් ඔහුට තේරුම් ගැනීමට නොහැකි උනත්, මෙගා පෝන් නාට්ටි සෙල්ලම හෝ නැවත්වීම ළොකු දෙයක්ය.

ඒ නාට්ටිය එහෙමම කෙළවෙලා ගියත්, උන්නැහේ නවත්තපු තැන ඉඳන් ගේම, බලු මැක්කෝ ටික ගෙනියනවාය. බුකියේ ඉන්නා ජාතිවාදි අම්බරුවෝ හෙවත් හින්ගල ලේ මාපිලුන් ගේම නොනවත්වා ගෙනියයි. උන්ට බැක් එකට මහා නායක වරුන්ගෙන්ද එකෙක් සිටී. ඒ හාන්දුරුවෝ සිදුහත් පරපුර නිකායේද, දෙව්දත් පරපුර නිකායේද කියා හරියට කියන්න දන්නේ නැතිය. කෙසේ හෝ මැදමුලනට රෙදි නැතිව කඩේ යන ඒ චීවරධාරියාගෙන්, ඊට වඩා දෙයක් බලාපොරොත්තු වන්නටත් බැරිය.

ජාතිවාදීන්ට ගේම් අදින්න ඉන්සිඩන්ට් ඕනාය. ආන්ඩුවක් නියම ලෙස කිරීමට ඉස්පාසුවක් නැති, දින 100 යේ නුල් බෝලේ ශරීර කූඩුවේම පටලවාගෙන, නූලත් කඩාගෙන පිස්සු කෙලින, කිසිම දැක්මක් නැති ගොන් වස්සෝ ටික, අඩු නැතිව උන්ට ටොපික් දෙනවාය. මොළේ කලඳක් හෝ තියෙන එකෙක් මේ දවස් 100 යේ ටැම්පරි ආන්ඩුවක් තුල ඉතා සංවේදි කාරනයක් වන මේ ගැටළුවට අත තබන්න යන්නේ නැතිය. අනෙක අවුරුදු 30 ක් පරිප්පු කාපු දෙමළ දේශපාළණ පක්ෂවටල හා ජහ මනයාට, මේ දින 100 ත් ඉවසන එකත් මහා දෙයක් නොවන්නේය.

දැන් එකෙකුට පඩයක් ගියත් අහන්නේ මේකද යකෝ "යහ පාළණේ" කියලාය. උතුරේ කොටි හා ළංකිය දෙමළ ඩයස්පෝරාවේ සියළුම කනෙක්ෂන් තියෙන්නේ මහින්ද ළඟය. ඒක නැතෙයි කියන්න එකෙකුටවත් බැරිය. නියම කොටි කාන්තාවක් ලවා, උතුරේ ඡන්ද ප්‍රකාෂ කිරීම මෙ වරත් අත් හිටුවීමට ගත් උත්සාහය නැවතුනේ, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන දෙමළ දේශපාළණ පක්ෂ ඊට එරෙහිව ඉදිරියට පැමිණි හේතුවෙන්මය. 

කේ පී, කරුණා, පිල්ලෙයාන්, ඩග්ලස් දේවානන්දා, තොන්ඩමාන්, යන කොටින් පමණක් නොව අමුම අමු ජාතිවාදි ලේ මාපිලුන් වන, නානසාර, රජගෙදර රිලවා, ගොංමන්පිල, දිනේෂ්, වාසු, ඩීව්, තිස්ස විතාරණද, 83 නේ කළු ජූලිය පටන් ගත්, ඇල්ලට වට කීයද හාන්දුරුවෝ, වැලේ වැල් නැති පිස්සු නලින් ද සිල්වා, අපායේ ගේට්ටුව ළඟ සිටින, කුණු දත් දොස්තරයාද, තවත් කැනහිලුන්ද, එකසිය ගානට දත කන්නේ නැවතත් කෙසේ හෝ බලය ලබාගැනීමටය.

මුන් බලය ලබා ගැනීම තුලින් මේ ජාතින් දෙකෙන් එකෙකුට හෝ ලැබෙන ලබ්බක් නැත. එයට උදාහරණ අවශ්‍ය නැත. යුද්ධයෙන් පසු තිබුනේ මුන්ගේ පාළණයයි. මේ පාළණය තුල නිවටයින්, උපන් බිමේ අනාථයින් ලෙස ජීවත් වූයේ උතුරේ ජනතාව පමණැකෙයි කියා, උතුරේ ජනතාව හා දෙමළ ඩයස්පෝරාවේ උන් සිතන්නේ නම්, උන් තරම් හරක් පිරිසක් ළොවෙත් නැතිය. 

මුස්ලිම් ජනතාවට තිබුනේ ඊටත් අන්ත පීඩනයකි. මුස්ලිම් උන් හිතන්නේ, ඒ පීඩනය තිබුනේ උන්ට පමණක් කියා නම්, උන් එල්ලිය යුත්තේද මස් කඩේ කොක්කේමය. ආන්ඩුවට සම්බන්ද පිරිසට හැර සියළුම සිංහළ බෞද්ධ හා ක්‍රිස්තියානි ජනතාවටද, ආගමික නායකයන්ටද, සියළුම දෙනාටද තිබුනේ එකම පීඩනයය.

ආන්ඩුවේ මිලටරි බලයට, පොලිස් බලයට සියල්ලන්ගේම අයිතිවාසිකම් යටපත් කර තිබිනි. ඒ බව නොතේරුන මී ගවයින් සිතාගෙන උන්නේ උතුර හා නැගෙනහිර තියෙන්නේ හින්ගලයන්ට ට්‍රිප් ගිහින් ආතල් අරගෙන දෙමළාට අපේ පවර් එක පෙන්වා එන්නටැයි සිතාය. ඒයින් සිඳු උනේ ජාතින් අතර සංහිදියාවක් ඇති වීම නොව, වෛරය තවත් උත්සන්න වීම පමණක්මය.

කතරගම උත්සව සමයේ කතරගම දෙයියෝ වඳින්න තිබුනා නම් අපට ඒ ඇති කියන මානසිකත්වයක් තිබුන දෙමළ පිරිසක්ද උන්නේය. මොවුන් අති බහුතරය උතුරේ ජනතාව නොවේ. නැගෙනහිර ජනතාවයි. ඒ ජනතාව හා කඳුකරයේ දෙමළ ජනතාව අතර කිසිම වෙනසක් නැත. මේ ජනතාව දරිද්‍රතාවයේ උපරිමයෙන්ම විඳින ජනතාවයි. 

මේ රටේ දෙමළ හෝ හින්ගල වේවා, එකම දේශපාළකයකුටවත් මේ ජනතාවගේ ජීවීත නගා සිටවීමේ කිසිම උවමනාවක් නැත. විශේෂයෙන් එම ජනතාව නියෝජනය කරනා කාළකන්නි දේශපාලුවන්ට සත පහක උවමනාවක් නැත. බස් කාරයන්ගේ කෑලී මෙන්, මේ ජනයා උන්ට ඡන්ද පමණි. මෙය හින්ගල හෝ දෙමළ කියා කිසිඳු වෙනසක් නොමැත.

දින 100 ක් ඇතුලත නැවත බලය ලබා ගැනීමට ඉස්පාසුවක් නැති මේ ජාතිවාදින් කරන්නේ උපරිමයෙන් ජාති වාදය වැපිරීමයි. විග්නේෂ්වරන් බුල් කෙලින්නේද මේ කුමන්ත්‍රණයේ එක කොටසක් ලෙසය. එය ඉතා පැහැදිලිය. උග්‍ර දෙමළ ජාතිවාදියකු වන විග්නේෂ්වරන් යනු, පට්ට ජාතිවාදියකු වනු වාසුදේව නානායක්කාරගේ මස්සිනාය. වාසුදේව යනු, එක මවගේ කුසයේ සහෝදරයන් වන්, අමුම අමු ජාතිවාදියකු වන, මහින්ද රාජපක්ෂගේ හොඳම මිතුරාය. මොවුන්ට තමන්ට අවශ්‍ය ආකාරයේ පාළණයක් ගෙන යා හැක්කේ මේ රටේ ජනතාව එක් කිරීමෙන් නොව. හැකි තරම් ජනතාව වෙන් කිරීමෙන්, කෙටවීමෙන් හා එකිනෙකා ජන්මාන්තර වෛරක්කාරයන් කිරීමෙන් පමණි.

දකුණේ ලේ මාපිලුන්ගේ රැස්වීම්, මාධ්‍ය සාකඡ්චා, සම්මන්ත්‍රණ හා ගොඩ නැගීමට වලි කන පක්ෂ තුලින්ද, විග්නේෂ්වරන් වන් නොම්මර එකේ කොටින්ගෙන්ද, සීතල කොටින් වන, වාසු, තිස්ස හා ඩීව්ලාගේ ශ්‍රී මුඛවලින් එලියට එන්නේ, මහින්ද රාජපක්ෂගේ "කොටි බෙටි"ම මිස වෙන කිසිවක් නොවේ. ඒ නිසා විග්නේෂවර්න්ලාට පමණක් නොව, අමු හින්ගල ජාතිවාදින්ටද, මේ රටේ නැවත් හිස එසවීමට කිසි සේත් ඉඩ දිය යුතු නැත.

ජනමාධ්‍ය වගකීමකින් කටයුතු කිරීමේ කාළය එලඹ ඇත. මන්ද මේ රට ගිනි තැබුවේද ඔවුන්ම බැවිනි. ඔවුන් පිස්සු කෙලින්නේ නම්.. යම් කිසි පාළණයක් ගෙන ආවද කම් නැත.

මන්ද...., "යාපනය තියෙන්නේ, අපේ උන්ට ආතල් ගැනීමට ට්‍රිප් යාමටටවත්, විග්නේෂ්වරන්ලාට බෙදාගෙන බයිට් එකට ගැනීමටවත් නොවේ.."

61 comments:

  1. හිරුනිකාගේ උපවාසේ බලන්න යන්නෙ නැතෙයි?

    ReplyDelete
  2. මේ දිනවල මගේ සමහර මරාවාදී මිතුරන් බුකියේ ෂෙයා කරන දේ දැක්කම හිතෙනවා පව් කියලා! ඒ තරමටම නන්නත්තාර වෙලා. ඉතිං ජාතිවාදේ, ආගම්වාදේ ගිලිලා නානවා.

    හැබැයි කී දෙනෙක් දැන් නිහඬයි. කල් මරනවා ද, හති අරිනවා ද, නැත්තං පශ්චාත්තාප වෙනවා ද මන්දා!

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම කල් මැරීමක් කරන්නේ.. හති අරින්න වෙලාවක් නෑ.. ඔය කෑ ගහන්නේ විගා නෙමෙයි.. වාසූ...

      අද වෙනකන් වාසු කටක් ඇරලා තියෙනවද විගාට විරුද්ධව.. දෙකෙන්ම එන්නේ එකම හඬ..

      Delete
  3. කේ පී, කරුණා, පිල්ලෙයාන්, ඩග්ලස් දේවානන්දා, තොන්ඩමාන්, යන කොටින් පමණක් නොව //
    මේ කිසිවෙක් කොටින් නොවේ. මොවුහු කර ඇති එකම වරද එක්සත් ජාතික පක්ෂය හා එකතු නොවීමය.කේ පී, කරුණා, පිල්ලෙයාන්, ඩග්ලස් දේවානන්දා, හිටපු ත්‍රස්ත සාමාජිකයන්ය. තොන්ඩා සැමදා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ යෙදුනි.



    උග්‍ර දෙමළ ජාතිවාදියකු වන විග්නේෂ්වරන් යනු//

    විග්නේශ්වරන් උග්‍ර ජාතිවාදියෙකු නොවේ.ඔහු දෙමළ සමාජයේ මධ්‍යස්ත උගතෙකි.


    පට්ට ජාතිවාදියකු වනු වාසුදේව නානායක්කාරගේ මස්සිනාය. //
    වාසුදේව කිසිසේත්ම ජාතිවාදියෙකු නොවේ.ඔහු හැමදාම සිටියේ සිංහල ජාතික මතයට එරෙහි ආස්ථානයකය.ඔහු ප්‍රකට යුධ විරෝධියෙකි.

    ReplyDelete
    Replies
    1. 1. කොටි නොව පැන්ඩා බබාලාය
      2. ඔහු කව්ද යන්න අද ඉතා පැහැදිලිව පෙනේ.
      3. (හිකෙන් පුනා) - වමේ පක්ෂ හා වම්මු අමුම අමු ජාතිවාදියෝ මෙන්ම යුධවදියෝය...

      Delete
    2. කරුණා, පිල්ලෙයාන්, ඩග්ලස් දේවානන්දා, තොන්ඩමාන්, කොටින් ලෙස හංවඩු ගැසීම වැරදි නමුත්, කේ පී යනු කොටියෙකි.
      ඔහු ලංකාවට පැමිණියේ සිරකරුවකු ලෙසයි, කරුණා පිල්ලයාන් පැමිණියේ හමුදාවට ආදාර කරමිනුයි.

      මේ සියලු දෙනා කරන්නේ විශාල රගපෑමකි, අවාසනාව නම් සිංහල සහ දමිල සමාජයේ ඇති බහුතරය මෙම රංගනයෙන් රැවටීමයි!

      ඉහල සිංහල දමිල සහ මුස්ලිම් සමාජයේ දෙසපලන්යන් අතර අන්තර් විවාහ කොපමණ පවතිනවද ?

      නමුත් මේ සියලුදෙනා තම වාසියට ඉතා හිරිකිත ලෙස ජාතිවාදය යොදාගනී.

      අප සමාජය නැවතත් නැවත නැවතත් මොවුන්ට රැවටීම නම් පුදුම විය හැකි කරුණයි !
      වම්මු ගැන කිවයුත්තේ ඔවුන් මොනතරම් විලි ලජ්ජා නැති උදවියද යන්නයි.
      හොදම උදාහරණය http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=14030:2015-02-11-13-52-49&catid=41:local&Itemid=74

      Delete
  4. දෙමෙල්ලුන්ට වාහන අංක තහඩුවේ ශ්‍රී අකුර තිබීම ප්‍රශ්නයක් වුනාට මුදල් නෝට්ටුවල සිංහ රූපයක් තිබීම ප්‍රශ්ණයක් වුනේ නැත්තේ සල්ලි දෙයියන්ගෙ මල්ලි නිසාද?

    ReplyDelete
    Replies
    1. ඒක මගෙන් අහලා වැඩක් නෑ නේ...

      Delete
    2. 56 දි සිංහ රූපයක් තිබ්බ ( රාජ්‍ය ලාංචනේ උන්න එකා පේන ලාංචනේ එක්කමනෙ ඉන්නෙ ) නෝට්ටුව මොකද්ද ජගත්?

      Delete
  5. ලංකාවෙ පත්තර කාරයෝ ලියන්නෙ උන්ගෙ අයිතිකාරයින්ගෙ බාසාව මිස ජනතාවගේ බාසාව නෙවෙයි මාතා. උන්ගෙන් ඔය ටික ලියවාගන්න එකට වඩා ලේසියි ඉබ්බන්ගෙන් පිහා‍ටු ගන්න එක. හරි දේ ලියන්න වෙන්නෙ මේ විදිහට විතරයි..

    ReplyDelete
    Replies
    1. මේ රටේ වාසනවාකට අන්තර්ජාලය කියන එක තිබුනේ.. නැත්නම් ඉතින් ලක්ෂ 58 ක් නෙමෙයි... මුළු රටම පට්ට ජාති වාදියෝ...

      Delete
  6. // මේ රටේ දෙමළ හෝ හින්ගල වේවා, එකම දේශපාළකයකුටවත් මේ ජනතාවගේ ජීවීත නගා සිටවීමේ කිසිම උවමනාවක් නැත. විශේෂයෙන් එම ජනතාව නියෝජනය කරනා කාළකන්නි දේශපාලුවන්ට සත පහක උවමනාවක් නැත. බස් කාරයන්ගේ කෑලී මෙන්, මේ ජනයා උන්ට ඡන්ද පමණි. මෙය හින්ගල හෝ දෙමළ කියා කිසිඳු වෙනසක් නොමැත //

    යහපාලකයන් හටත් එක සේ අදාලය

    ReplyDelete
    Replies
    1. "එකම දේශපාළකයකුටත්" උඅන වච්න දෙක තුල සියල්ලෝ ඇතුලත්ව ඇත..

      Delete
  7. වාසුදේව ජාතිවාදියෙක්ය කීමට මමද විරුද්ධ වෙමි. ඇත්තෙන්ම වාසුදේව ජාතිවාදියෙක් නොවේ. නමුත් මේ අවස්ථාවේදී ඔහුට අකමැත්තෙන් හෝ සාටකය පොරවාගන්නට සිදුවී තිබේ . මන්ද ඔහුගේ පැවැත්ම වෙනුවෙනි. පොලිස් කාරයා අහිංසක සරසවි සිසුවාට පහරදී ගෙදර යද්දී කියන්නේ " කොරන්න දෙයක් නෑ රස්සාව කොරන්න එපාය" කියාය. ඉතින් වාසුට මෙලෝ රහක් නැති අමාත්‍යංශයක හෝ ඇමති පට්ටමක් ලැබුනේ මහින්ද රාජපක්ෂ නිසාය. වාසුදෙවට යූ.එන්.පියෙ තබා ශ්‍රීලංකා එක ඇතුලෙවත් තැනක් නැත. ඊළඟ මැතිවරණයකදී තනිව ඉල්ලන්ට වුනොත් බඩු බනිස් බව ඔය හැමදෙනාටම වැටහෙනවා ඇති. මහින්ද ආවොත් අඩු ගානේ ෆොන්සේකා නිසා පාර්ලිමේන්තු ගිය පිරිස මෙන් කීප දෙනකුට විලමැද බංගලාවට රිංගා ගත හැක.
    ඉතිං කොරන්නට දෙයක් නැති ඒ අහිංසකයාට ජාතිවාදියා කියා බනීමෙන් වලකින ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි

    ReplyDelete
    Replies
    1. //ඉතිං කොරන්නට දෙයක් නැති ඒ අහිංසකයාට ජාතිවාදියා කියා බනීමෙන් වලකින ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි//

      ප ච රනවකලා සහ රතනපාලලා අද ජාතිවාදීන් නොවේ.... ඔවුන් ගවපාලන කල්ලියේය. එහෙත් වාසු ජාතිවාදියෙකි.

      මොල සේදීම නැගලාම යනවාය. අපිට මොලයක් නැති නිසා අපි බේරිලාය.....

      Delete
    2. සොරි වෙන්න ඕනා.. මට නම් මේ යකා අර මම ගොනා පිලයි, රිලවයි එක්ක එකට ඉන්නවා දැක්කාම අප්පිරියයි.. මිනිස්සු බලය වෙනුවෙන් මොනවද නොකරන්නේ..

      Delete
    3. මේ ආන්ඩු පෙරළියට කලිම්ම සෙට් වෙච්චි වාසුගෙ මලය මොකද කරන්නෙ දැන්?

      Delete
    4. එයා දැන් දකුණේ ආන්ඩුකාරවරයා...

      Delete
  8. රතන හාන්දුරුවොත් අද අඳනකඩේ පොඩ්ඩක් හොලවලා තිබුුණා දැක්කද?

    ReplyDelete
    Replies
    1. එයා තමයි ගොබ්බ ජාතිවාදියෙක් වෙන සෝමයා රූපවාහිනියට දාලා අනික් ලේ මාපිලුන්ගේ බය නැති කලේ.. මම දැක්කා ගොසිප් සයිට් එකක තිබුනා සෝමයා ඉන්ටවීව් එකක් කළා කියලා "පැය 3 ක්"... ඉන්ටවීව් එකක් කලාද..., ෆිල්ම් එකක් කලාද දන්නේ නෑ.. දැන් රූපවාහිනියේ බ්ලු ෆිල්මුත් පෙන්නනවද බං...

      Delete
  9. මට පෙනෙන දේ

    1. විග්නේස්වරන්ගේ වෑයම මහමැතිවරණයේදී තම බලය රැක ගැනීම හා වැඩි කර ගැනීමයි.

    2. රිලව් රංචුවේ වෑයම මහ මැතිවරණයේදී MRඉස්සරහින් තල්ලුකරගෙන ගොස් තම අනාථභාවය අඩුකරගැනීමයි

    3. නානසාර හිතාගෙන හිටියේ මහ මැතිවරණයේදී ඉස්සර හෙල උරුමයට ලැබුනු බලය තමන්ට ගැනීමටයි. දැන් අප්සෙට් වෙලා නිසා එල්ලෙන්න පිදුරු ගස් සොයමින්සිටී

    4. ජේවීපී එක හැමදාම වගේ තමන් පොරවල් යයි කියමින් මේපාරවත් තනියෙන් ආසණ සෑහෙන ගණනක් ගැනීමට උත්සාහ කරයි

    5. හෙල උරුමයය හා ෆොන්සේකා තනියම තරඟ කර සාර්ථකවීමට ආසාවත් අසාර්‍ථක වීමේ බයත් අතර සිටී.

    6. ස්‍රී ලන්කා කාරයෝ පරාජය අඩු කර ගැනීමට චන්ද්‍රිකා , මහින්ද, සිරිසේන එක්වෙතැයි යාඥා කරමින් සිටින අතර නිමල් සිරිපාල මහින්ද විශ්‍රාම ගොස් මේක නෙමෙයි ඊලඟ චන්දේදි අගමැති වෙන්න සිතා සිටී

    7.යූ එන් පී කාරයින් තනියෙන් ( මුස්ලිම් කොන්ග්‍රෙස් , දිගම්බරන් ෆොන්සේකා හෙල උරුමය සයිඩ් සපෝර්ට් දුන්නොත් තවත් හොඳයි කියා )ආණ්ඩුවක් හැදීමට සිතා සිටී

    8. සිරිසේනනම් යහ පාලනය (වගේ එකක්) කිරීමට නරක අඩු දේශපාලකයන් මැතිවරණ්යෙන් දිනා ජාතික ආණ්ඩුවක් හැදීමට ජෙනුවින් අදහසක් ඇතිව සිටින බව පෙනේ

    ඔය ඔක්කොම ජාතිවාද, කුමණ්ත්‍රන, යහ පාලන ආදී සියලු ප්‍රතිපත්ති හා උපක්‍රම මහ මැතිවරණය ඉලක්ක කරගෙනය.( උතුරේ දේශපාලකයන්ගේ ජාතිවාදී ස්වයං නිර්ණ වේදිකාව මෙන්ම දකුණේ ජාතිවාදීන්ගේ පුහු වීරත්වයත් තමන්ට චන්දය ලබා ගැනීමටය. මද්යස්ථ අයත් එහෙමයි හොඳට හෝ නරකට. )
    හැමදාම චන්දෙට කියන ඒවා අපි සීරියස් ගන්නව. සාමාන්යයෙන් හොඳ (නරක අඩු ) මොලේ ටිකක් තියන (පිස්සො නැතුව) මිනිස්සු පත් කර ගන්න එක කලානම් හරි ඔය ප්‍රතිපත්ති වැඩිය හොයන්න යන්නෙ නැතුව.

    P.S. නලින් සිල්වලට ඕනෙ මොනවද කියල නාත දෙයියො තමයි දන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔය තේරිලා තියෙන්නේ අපූරුවට...

      බලන් කබ කඩා හැර දෑසේ...

      Delete
    2. ඇත්තම කියනවනම් මං චන්දෙ දුන්නෙ ප්‍රතිපත්තිවලට නෙමෙයි.
      මහින්ද (සහ රිලව් / හොරු ) නරක නිසාත් සිරිසේන (සහ ජෝකර්ස් /හොරු/මද්යස්ත අය ) ඊට වඩා හොඳයි කියා සිතුන නිසාත් විතරයි. මට තාමත් එහෙමයි. එනිසා මටනම්දීපු චන්දය ගැන කිසිම දුකක් නෑ.

      Delete
    3. අපෝ... ගන්න හුස්මක් හුස්මක් ගානේ, පුදුම නිදහසක් තියෙන්නේ... නැත්නම් මෙහෙම නිදහසේ ආන්ඩු විවේචනය කරන්නද...?

      Delete
    4. ප්‍රා ආයි කමෙන්ට් එකක් දාන්න දෙයක් ඉතුරු කොල්ල නෑ. මන් හැරිල යනව.

      Delete
  10. උඹත් මහ ළදරු ...ගං කබර හුකන්නෙක් වෙලානේ.....
    බඩු ....On ද WaY .......කට්ටියට......

    ReplyDelete
    Replies
    1. බඩු "ඔන් ද වේ..." කෙසේ වෙතත්.. හත් පොලේ ගාගෙන නාන බව නම් බොහෝම පැහැදිලිව පේනවා..

      Delete
  11. මම දන්න විදිහට වාසු, විග්නේෂ්, වගේ අය ජාතිවාදීන් නෙවෙයි. වාසු පැහැදිලිවම සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි කෙනෙක්. විග්නේෂ් කියන්නේ දෙමල උගතෙක් සහ බුද්ධිමතෙක්. මේ අය මේ කරන්නේ තමන්ගේ පැවැත්ම තියා ගන්න කරන රගපෑමක්. උතුරේ ජනතාවගෙන් වැඩි දෙනෙකුට සිංහලයන් සමග ප්‍රශ්නයක් තියෙනවා. එකක් ඔවුන්ගේ ජාතින් විසින් ඇති කරන ලද කැරැල්ල (හරි හෝ වැරදි) අතිශය විනාශකාරී ප්‍රතිපල ඔවුන්ට ඇතිවෙන විදිහට මර්ධනය කිරීම. අනිත් එක යුද්ධයෙන් පසු සිංහල අපි හැසිරුනු විදිහ. මේ නිසා ඔවුන්ගේ නායකයෙක් විදිහට මේ අවස්ථාවේ මතු වෙන්න නම් විග්නේශ් නමට හෝ ජාතිවාදී විය යුතුයි. නමුත් වාසු කලක් වික්‍රමබාහු වගේම දෙමලුන්ට සහ සිංහලයන්ට හැමෝටම එක වගේ අවස්ථා හිමිවිය යුතුයි යන ස්ථාවරයේ සිටිය කෙනෙක්. කාලයක් අපි මේ දෙදෙනාටම කොටි කියලත් කිව්වා මට මතකයි.

    යුද්ධය අවසන් වීම ගැන මට අවංකවම සතුටුයි. ඒත් මේ ගැටලුව මේ තරම් විනාශකාරී නොවන විදිහට විසදාගැනීමට හැකියාව තිබූ බව මගේ හැගීමයි.

    මට තේරුම් ගන්න බැරි ජවිපේ ස්ථාවරය. ජවිපේ සමාජවාදී පක්ෂයක්ද නැද්ද. ඔවුන් සමාජවාදය හරි යයි සිතන පක්ෂයක් නම්, ජාතිවාදී අදහස් දරන්නේ ඇයි. සමාජවාදයේ මුල් වලට අනුව සියලු ජාතීන්ට සමාන අයිතිවාසිකම් හිමිවිය යුතුයි. ස්වයං නිර්න අයිතිය ලැබිය යුතුයි. ලෙනින්ගේ විප්ලවය අවස්ථාවේ රුසියාවේ සිටි අනේක විධ ජාතින් සිය ගණනක් එකට එකතු වුනේ සමාජවාදය යටතේ ඒ සියලුම ජාතීන්ට ස්වයං තීරණ ගැනීමේ අයිතිය ලැබෙන නිසයි. ඒ වගේම තමයි ලෙනින් විප්ලවය ජයග්‍රහණය කලාට පසුව ඒ ඒ ජාතීන්ට ඒ අයිතිය ලබා දුන්නා. නමුත් ඔවුන් රටවල් වශයෙන් බෙදී නොගියේ වෙන්ව යනවාට වඩා අලුතින් බිහිවු ආන්ඩුවේ වරප්‍රසාද හොද නිසයි. ඒ ආකාරයට තමයි සොවියට් සමූහාන්ඩුව බිහිවුනේ. පසුව ආ ස්ටාලින් හා අනෙකුත් නායකයින් ගේ වැරදි නිසා ඔවුන් වෙන්වී ගියත් මුලින් සිදුවුනේ මෙයයි. මටනම් හිතෙන්නේ ජවිපේ සමාජවාදයත්, ප්‍රජාතන්ත්‍රවාදයත් අතර අතරමං වෙල ඉන්න බවකුයි.

    ReplyDelete
    Replies
    1. ජවිපෙ උන් මෝඩයෝනෙ බන්. ගනන් ගන්න එපා. උන් අතරමං වෙලා.උඹලට වගෙ මොළේ නැති නිසයි උන් එහෙම නස්පැත්තියක් වුනේ .
      අපේ ගෙවල් කිට්ටුව තම්බි ගංගොඩක් තියනව. උන් දන්නෙ නෑ උන්ට ස්වයන් තීරණ අයිතිය යටතෙ වෙනම රාජ්‍යයක් හදාගන්න ලෙනින් නිර්දේශකරල බව.
      සමහර මෝඩ අය කියනව ලෙනින් කළේ ඒ වනවිටත් ස්වාධීනව තිබූ රටවල් විප්ලවයෙ නාමයෙන් ඈදාගත්ත කියල. උන් මෝඩකමට කියන කතා වෙන්නෙ ඇති. ස්ටාලින් මේ තියරියම දාල ස්වාධීන රටවල් රැසක් අල්ලගත්ත.
      හැබැයි ලංකාව වගෙ රටවල ජනකොටස්වලට ස්වයන්තීරණ අයිතිය දෙන්න ඕනමයි. ස්කොට්ලන්තෙට,කැටලෝනියාවට එහෙම ,ක්විබෙක් වලට එහෙම මේක හොඳ නෑ. හැබැයි ආසියානු රටවලට මේක අද්දුටු බේත.කොහෙද පොතකත් තිබ්බලුනෙ. නැත්නම් අපි කොන් වෙනව බන්.නේමින් ඇන් ශේමින් කෙරුවොත් වස විලිලැජ්ජාව බන්
      උඹල වගෙ පන්ඩිතයො මේ රටේ පෘතග්ජනයන්ව දැනුවත් කරපල්ල.උන්ගෙ මොළේ පෑදෙන්න ටොක්කකුත් ඇනපල්ල

      Delete
    2. විග්නේෂ් බුද්ධිමත් කියන එක හරියට අර 2500 න් මාසයක් කන්න පුළුවන් කියපු ගොන් හරකට ආර්ථික විජ්ජාඥයෙක් කියනවා වගේ පට්ට ජෝක් එකක්. ඒ යකා නඩු කාරයෙක් එච්චරයි. වාසු සහ විගා කියන දෙන්නම අමු ජාතිවාදියෝ.. ඒක ඔබේ ප්‍රකාෂයෙන් ඔබම තහවුරු කරනවා..

      ජවිපේ කියන්නේ දේශපාළණයේ නන්නත්තාර උන පිරිසක්.. උන් කියන්නේ මොකක්ද කියලා උන්ම දන්නේ නෑ.. මහින්ද කරද්දි නැට්ට දෙපරන්දේ ගහගෙන කටයි පුකයි දෙකම වගගෙන උන්න උන්. දැන් රනිල් පෝට් සිටි කරනවා කිව්වම වීරයෝ වෙන්න යනවා. අද උන්ට විකුණගන්න දෙයක් නෑ.. අනුන් නෙලපු අස්වැන්න්ට අයිතිවාසිකම් කියන්න එනවා.. හරියට එයාලා කරා වගේ..

      Delete
  12. උන් ඒ හැමදේම කරන්නේ තමන්ගේ බඩවියත රැකගන්න. ඒ පහන් හැඟීමෙන් උන් මොන මොනවා කිව්වත්,කළත් උඹ උඩ පනින්නේ මොකද.

    දැන් පා.ච. කරන්නෙත් ඒ හා සමානම දෙයක්. මඩ ගහල ගහල මඩ ගොඩක ඉන්න මහින්දට, ගෝටා ට තවත් මඩ ගහනවා හෝ ගාල. මිනිහ එහෙම කරන්නෙත් ඔය සෙට් එක ඇතුළේ තමන්ගේ තැන තවත් ස්ථාවර කරගන්න සහ තැන තවත් ඉහළ නංවා ගන්න. එහෙම නැත්නම් UNP එකෙන් නොමිනේෂන් ගන්න බලනවා වෙන්නත් පුළුවන්.

    උඹ "කුණු දත් දොස්තරයා" කියපු ගමන් මම හිතුවේ රාජිත කියලා. ඌ ගැන නෙමෙයි වෙන්න ඕනේ උඹ මේ කියන්නේ. හැබැයි ඌ ඊටත් එහා ගිය කුණු ගොඩක්.

    උඹ ඇයි සද්ධ බද්ද නැතුව ෂේප් එකේ ගේම දෙන තම්බි නායකයෝ සම්බන්ධව නිශ්ශබ්ධව ඉන්නේ. උන් ඊළමටත් එහා දෙයක් සද්ධ බද්ද නැතුව ගන්න පුළුවන් ජාතියක්.
    ඒ මදිවට උන්ගේ එකෙක් ලෝක වාර්ථාවකුත් තියලා. දේශපාලනයට ආවට පස්සේ පැවති සියළුම ආණ්ඩු යටතේ ඇමතිකම් දරුවා කියලා.

    දින 100 වැඩපිළිවෙලට දාන්න අමතක වෙච්ච සමහර වැදගත් වැඩ "වැඩ ලිස්ට්" එකේ නැති උනත් කරන එකට දැන් පවතින ආණ්ඩුවට ස්තුතිවන්ත වෙන්ට ඕනේ.

    හදිස්සියේ මතක් වෙලා "නෙළුම් පොකුණ" මාවතේ නම වෙනස් කරලා ලංකාවට අම්බානක සහ දරාගන්න බැරිතරමේ සේවයක් කරපු "ආනන්ද කුමාරස්වාමි" ගේ නම ආපහු ඒ පාරට දාපු එකනම් සෑහෙන වැදගත් වැඩක්.
    http://en.wikipedia.org/wiki/Ananda_Coomaraswamy

    මේ සෙට් එකට ටොරින්ටන් සාමි කියන උත්තමයවත් මේ විදිහටම මතක් වෙයිද දන්නේ නැහැ. 1848 දී කාලකන්ණි සිංහල ජාතිය ඇතිකරපු කැරැල්ල ඉතා සාමකාමිව මැඩ පවත්වා ඉමහත් සේවයක් කළ ටොරින්ටන් උත්තමයාගේ ශ්‍රී නාමය "නිදහස් චතුරශ්‍රය" ආසන්නව තියෙන සියළුම ස්ථාන වලින් දැකගන්ට පුළුවන් වෙයි.

    අනේ සාධු... අනේ වාසනාවන්...

    ReplyDelete
    Replies
    1. උඹ කිව්වත් වාගෙ ටොරින්ටන් සාමිට හෙන අසාධාරණයක් වෙලා තමයි. මේ ගෝත්‍රික කාලකන්නින්ට මේක තේරෙන්නෙ නෑ. මුන් හරක් නෙ.
      ටොරින්ටන් උත්තමයගෙ නම වෙනස් කරල මොකෙක්ද පුරන් අප්පුවෙකුගෙ නමක් දාගෙන.ගංකබරයන්ගෙ හැටි තමා
      තව එකක් වික්ටෝරියා පාක් එකේ නම ජාතිවාදී විහාරමහාදේවිගෙ නම දාල. මේ වැඩවලින් තමා ජාත්‍යාන්තරය තුල අපට තැනක් නැතිවෙන්නෙ.
      එජාප රජයකින් මේ දේවලුත් නිවැරදි වෙන්න ඕන.
      පුරන් අප්පුවල,විහාර දේවිල වගෙ ජාතිවාදී ගංකබරයන් එළවල ටොරින්ටන්,ව්ක්ටෝරියා වගෙ මානව හිතවාදීන්ගෙ නම් ආයෙ දාන්න ඕන

      Delete
    2. මට උඩ පනින්න කාගෙවත් අවසර ඕන නෑ නේ. ඉස්සර නම් එහෙම හිතාගෙන උන්න රජෙක් හිටියා..

      පා ච කවදාවත් ජාතිවාදියෙක් උනේ නෑ. ඒකට කියන්නේ ජාතිකවාදය. අපේ උන්ට ජාතිවාදයයි, ජාතිකවාදයයි තෙරුම් ගන්න බෑ.

      රාජිතගෙත් කිසි වෙනසක් නෑ.. එයා හරියට කතා කරන්නේ මේ සියල්ල කළේ එයා වගේ...

      මුස්ලිම් උන් ගැන මෙතන කතා නොකලට මගේ මතය මම බොහෝම පැහැදිලිව කලින් පෝස්ට් වල කියලා ඇති.

      ආනන්ද කුමාරස්වාමි කියන්නේ ශ්‍රී ලංකක මහා උගතෙක් හා බුද්ධිමතෙක්. ඔහුට විරුද්ධව හඬ නැගීමෙන් පේන්නේ ලොකු පුතාත් මම ගොනා පිලේම එකෙක් බවයි.

      ටොරින්ටන්ලගේ නම් තිබ්බට අවුලක් නෑ.. මොකෝ උන් නැත්නම්, අපි තාම ගෝත්‍රිකයෝ නිසා.. ඇත්තටම බුද්ධාගමේ හැටියට ඒ මිනිස්සුන්ට නිවන් සැප ලැබෙන්න ඕන.. නැත්නම් අපි තාමත් ස්වාසිලන්තෙටත් එහා රටක්..

      Delete
    3. මට සාමාන්යයෙන් වීරයන් නෑ . ඒත් කිට්ටුවට එන මිනිස්සු අතරින් ප්‍රධාන තැනක් හියු නෙවිල්, ආනන්ද කුමාරස්වාමි, ජේ ඊ පී දැරණියගල ( ටිකක් අඩුවෙන් එමර්සන් ටෙනන්ට්නුත්) ආදීන් ගන්නව. ඒ මිනිස්සුන්ගේ හැකියාවන්, scholarship හා achievements මං අගය කරනව.

      Delete
    4. දින තුනක නිවාඩුවක්පිට සිටි බැවින් බ්ලොග් බැලීමට නොහැකි විය.

      ///ඉස්සර නම් එහෙම හිතාගෙන උන්න රජෙක් හිටියා..///
      ඒ කියන කාලේදී තමයි උඹ වැඩිපුරම උඩ පැන්නේ. කෝ අඩුගානේ උඹට වෝර්නින් එකක්වත් හම්බ උනාද. නැහැනේ... :)

      ///ආනන්ද කුමාරස්වාමි කියන්නේ ශ්‍රී ලංකක මහා උගතෙක් හා බුද්ධිමතෙක්. ඔහුට විරුද්ධව හඬ නැගීමෙන් පේන්නේ ලොකු පුතාත් මම ගොනා පිලේම එකෙක් බවයි.///

      ඔහු මහා උගතෙක් හෝ බුද්ධිමතෙක් නොවෙන බවක් මම කොයි වෙලාවකත් කියා නොමැත. එමෙන්ම යමෙක් සතුව ඇති උගත්කම හෝ/සහ බුද්ධිමත් කම යමෙක් රටකට කර ඇති සේවයක් ලෙස මම සළකන්නේද නැත.

      එමෙන්ම නෙළුම් පොකුණ ඉදි කිරීමට පෙර ඔහුගේ නම එම පාරේ යොදා තිබුනාට මා විරුද්ධ වුයේ හෝ ඒ සම්බන්ධව ප්‍රශ්නයක් නැගුවේද නැත.
      එසේ වීමට හේතුව ලංකාවේ මහාමාර්ග නාමයන් "කාගේ" හෝ නමකින් නම් වී ඇති බැවින් ප්‍රශ්න කරනවානම් ඒ සියල්ලම ප්‍රශ්න කල යුතු බැවින්ය.

      ඔහුගේ පමණක් නොව ලංකාවේ සියළුම පාරවල් වලට "කාගේ" හෝ නමක් දමනවාට වඩා වෙනත් "ස්වාධින" නාමයන් යෙදීම වඩා සුදුසු බව මාගේ අදහසයි.

      එසේම නෙළුම් පොකුණ ගොඩනැගිල්ල ඉදි කිරීමෙන් පසුව එම මාවත "නෙළුම් පොකුණ මාවත" ලෙස නම් කිරීම වඩා උචිත බව සහ එය බොහෝ ස්වාධින නාමයක් බව ඕනෑම මට්ටමේ බුද්ධියක් ඇති එකෙකුට පවා තේරුම් ගැනීමට හැකි වියයුතු දෙයකි.

      ටොරින්ටන් කාරයාට පවා මෙය අදාළ වේ. දැන් ඔහුගේ නාමය වෙනුවට "නිදහස්" යන නාමය මුලික කොටගෙන ස්ථාන නාම යෙදීම නුසුදුසු වන්නේ කෙසේද.

      නිදහස වෙනුවෙන් අරගල කල සිහළුන් දරුණු ලෙස මර්ධනය කල ගහලයකුගේ නම වූ ටොරින්ටන් නම් අපුල නාමය වෙනුවට "නිහදස්" යන නාමය දීම කෙතරම් උචිතද.

      ///ටොරින්ටන්ලගේ නම් තිබ්බට අවුලක් නෑ.. මොකෝ උන් නැත්නම්, අපි තාම ගෝත්‍රිකයෝ නිසා..///

      මාතලන්ලාට ටොරින්ටන්ලා සම්බන්ධව ඇති ආකල්පය නිසා වෙනත් දෙයක් පෙනෙන්නේ නොමැති වීම අරුමයක් නොවේ. මා ඔවුන් සම්බන්ධව සිතන්නේ වෙනත් අයුරකිනි.
      එමෙන්ම ඔබ අපේ මිනිසුන් සහ සමාජය ගැන හිතන්නේ දැන් පවතින තත්ත්වයට සාපේක්ෂව බව පිළිගත යුතුය.
      දැන් සිටින්නේ යුරෝපියන් විසින් දුෂණයට ලක්කළ ජාතියකි. අවුරුදු 500 ක් පමණ යුධ බියෙන් සහ වෙනත් ආකාරයේ පීඩනයන්ට මුහුණ දුන් ජාතියකි. එහි දිගුවක් අපගේ කළු සුද්දන් විසින්ද කරගෙන යනු ලැබිණි.

      දැන් ඔබ දකින මිනිසුන් හරහා සුද්දන් මෙහි පැමිණියේ නැතිනම් සිටිය හැකිව තිබු මිනිසුන් සම්බන්ධව අදහස් පළ කිරීම බුද්ධිගෝචර ක්‍රියාවක්දැයි ඔබගෙන්ම විමසා බලන්න.

      සුද්දන් ලංකාවට පැමිණියේ නැත්නම් අපි තවමත් ගෝත්‍රිකයෝ බවට ඔබ සිතනවා නම් එය ඔබගේ සිතීම සම්බන්ධ ගැටළුවකි. සුද්දන්ට යටත් නොවී කාලයාගේ අවෑමෙන් රටකට වෙනස් වී දියුණු වන්නට නොහැකි බව සිතීමද තවත් විහිළුවකි.

      සුද්දන් පැමිණ අප යටත් කරගෙන සිංහලයා පිඩාවට පත්කර, දක්ෂ සිහළුන් දහස් ගණනින් සහ පවුල් පිටින් මරාදමා, මහ ජාතිය අධික ලෙස පිඩාවට පත්කරමින් සිදුකල පාලනය ගෙන යාමේ ක්‍රමවේදය නොතිබුණේ නම් අපේ රට සහ ජාතිය මීටත් වඩා හොඳ තත්ත්වයකට ගොඩනැගෙන්නට තිබුනා යැයි කියා කෙනෙකුට තර්ක කල හැකි බවද අමතක නොකරන්න.

      මන්ද යත් එම ප්‍රකාශයත් "සුද්දා ආවේ නැත්නම් අපි තාමත් ගෝත්‍රිකයෝ" යයි කියනා කතාවේම අනෙක්පස වන බැවිනි...

      එමෙන්ම මා කමෙන්ටුවෙන් මතු කලේ දින 100 වැඩසටහන තුළ මෙවැනි "අතිශය වැදගත් වැඩ" සිදු කිරීම සම්බන්ධව මාගේ උත්ප්‍රාසයයි.
      ඒ සම්බන්ධව නිහඬ වීම සම්බන්ධව මාගේ බලවත් මෙව්වා එක මාතලන්ට හිමිවේ... :)

      Delete
  13. thawa thiyenawooo........

    Umbataamathaka una ewa ....
    Dumindayage family eke ewun tika Ranilta wiyadam karapu ekata kelehi guna
    nosalaka inne kohomada nadda mathooo.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ තර්කය සාධාරනයි ලේඩී ඩොක්ටර්...

      Delete
  14. ටොයියෝ අමැරිකං ඩොලර් සිරිකොත හරහා විශුද්දිකරනය කරගෙන යහපාලනය රජකිරීමට දූශනය ගැන සමාජ ජාලා වල කුලියට මල පහ කරති...

    උන්ගෙන් ඉගෙනගත් බය්යෝ, මහින්ද මාමා වෙනුවෙන් එම සමාජ ජාලාවලම ජාතිවාදය දුවමින් මල පහ කරති.....

    ඒකට අප්සැට් යන ටොයියෝ ජාතිවාදය ඇවිස්සුවා යැයි බයියන්ට චෝදනා කරති....

    ReplyDelete
    Replies
    1. බයියා කෝවේ දා ගත්තත්, උණ පුරුකේ දා ගත්තත් බයියාමය...

      Delete
  15. වැඩියෙන්ම පිස්සු හැදිලා ඉන්නේ කිසිම ජනමතයක් නොමැති, බලු මැක්කන්ටය. එක, රජ ගෙදර රිලවාය. අනිකා ප්‍රතිපත්තියක් නැතිව ඉල්ලගෙන කාපු රුපියල් 100 යේ හිඟන්නාය. ඊළඟට බොරළුගොඩ ඔඩොක්කු කුක්කාය, අනිකා හීනෙන්වත් නොපැතු ඇමති කමක් ලද, වාසිදේව හම්පඩයාය. පිස්සු විතාරණ හා නොමිනිස් පක්සේ ඩීව් ටත් එහෙම ලෙඩක් තියෙනවාය.//

    නියමයි. ලස්සන වචන ටික. මෙහෙම තමයි මුන්ට කතා කරන්න ඕන. මුන් දෙමළ ලේ ඉල්ලන ලේ මාපිල්ලු. ගන්කබරයින්ගෙ හැටි තමයි ඒ.
    මුන් විතරක් නෙවි ලක්ෂ 58 ක් ඉන්නව ලේ මාපිල්ලු. උන්ටත් හෙන වදින්න ඕන.ඔබ හරි .ඔබේ භාෂා ශෛලිය සුන්දරයි. කණට මිහිරියි. ලියන ඔබට මෙන්ම කියවන අපටත් තෘප්තිය
    ලිවිල්ල පට්ට සුපිරි එළ

    ReplyDelete
    Replies
    1. පින් මාළු වලේ කුසල් හාමි මාළු බානවා
      සිල් අරන් ඇවිත් සීල වතී මකුනො මරණවා
      ධන පාල වුනත් මිනිහා මහ පාරෙ හිගනවා
      මන් අහල නෑනෙ සත්‍ය පාල ඇත්ත කියනවා

      Delete
    2. ඉවාන් පවුලූශ ඇමරිකාවට කඩේ යනවා
      (රුසියාව අඬනවා...හිටං..! )

      Delete
  16. යකඩෝ මේකෙ දිග!
    හෙට කියවන්නං
    -ශනි

    ReplyDelete
  17. සිදුහත් කුමාරයාට ඍතු තුනට ඉන්න තිබුණලු රම්ය සුරම්ය සුභ කියලා මාළිගා තුනක්. අන්තඃපුර කාන්තාවන් හිටියලු 96,000 ක්. දැන් උඹලා මහින්ද රාජපක්ෂට බැණපල්ලා සුඛෝපභෝගී විදිහට ජීවත් වුණාය කියලා

    ReplyDelete
  18. සිදුහත් කුමාරයාට ඍතු තුනට ඉන්න තිබුණලු රම්ය සුරම්ය සුභ කියලා මාළිගා තුනක්. අන්තඃපුර කාන්තාවන් හිටියලු 96,000 ක්. දැන් උඹලා මහින්ද රාජපක්ෂට බැණපල්ලා සුඛෝපභෝගී විදිහට ජීවත් වුණාය කියලා

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. මෙතනදි උනේ අපරාදේ කියන්නේ, සට්ටැඹියන්ට හිටං මාළිගාවල් තිබුන ඒක.. ඒ අතින් මහින්ද සජ්ජුරුවෝ.. සිඳුහත් කුමාරයාටත් වඩා ෂෝක් අනේ...

      Delete
  19. අන්තිම කෑල්ලෙන් කිවයුතු සියල්ල කියවෙනවාය.
    .
    නානසාර ආපහු කට අරින්න පටන් අරං වගේ. ගත්ත සල්ලි වලට මොනවා හරි කරලා දෙන්නත් එපැයි

    ReplyDelete
    Replies
    1. ඇයි එයා ගාව ඡන්ද ලක්ෂ පනහක්ම තියෙනවා නේ..

      Delete
  20. // යාපනය තියෙන්නේ, ට්‍රිප් යාමටටවත්, විග්නේෂ්වරන්ලාට ආතල් ගැනීමටවත් නොවේ.. - South is more Rasict than the North //

    Rasict????

    Rasict කියා වචනයක් නැත.... Racist කියා වචනයක් නම් තිබේ.... කබ්බෝ ටොයියන් ලෙස කපලා මහලා ඇඳගත්තාට Racist කියා ලියන්න ගියාම කස්ඩ බැරි නිසා ගොත්‍රික කම ඉස්මතුවෙනවාය....

    Racist: a person who believes in racism, the doctrine that one's own racial group is superior or that a particular racial group is inferior to the others.

    දරුනු කුනුහරුපෙන් බැනීමක් අපේක්ශා කරමි... මීට ස ර ස තුමා

    ReplyDelete
    Replies
    1. වර්ග වාදී යන්න racist නොව racial විය යුතුය.
      South is more Rasict than the North නොව South is more Racial than the North
      රෝයල් එකේ ඉන්ගිලිසි උගන්වා නැත්ද? අපි සුද්දන් වැනිය කියන සියලුම ටොයියන් ඉන්ගිලිසි බැරි අයද?

      මේව ටොයි ඉන්ගිලිසි ද?

      ශිෂ්‍යත්ව රෝයල් කාරයන්ට, උපන්ගෙයි රෝයල් කාරයන් හිනා වෙන්නේ මෙවැනි ඉන්ගිලිසි නිසා නේද?

      Delete
    2. //දරුනු කුනුහරුපෙන් ...අපේක්ශා ... // :P

      Delete
    3. මාර කේස් එකක් නේ... දැන් මේ නිසා රෙසිස්ට්ලා මාව නැති කරන්න උනත් පුළුවන්.. මගේ හින්ගලත් වැරදියි... ඒවා එහෙම පේන්නේ නැතුව ඇති නේ.. මොකෝ හින්ගල නේ.. හැබයි ඒකට ඉස්කෝලේ නම් පලි නෑ.. ඒක මගේ වැරැද්ද..

      ඉස්පෙලින් වැඩක් නෑ නේ කියන්නේ මොකක්ද කියලා තේරෙනවා නම්.. අකුරු වැඩක් නෑ.. ඒකේ ජීවත් වෙනව්ද නැද්ද කියන එකයි වැදගත්..

      සම හරක් නම් ඉතින් ඉන්නේ කොස්සක් අහු වෙනකන්.. එයාලා ඔක්කෝම දන්නවා කියලා හිතාගෙන ඉන්න අය.. මම දැක්කා ළඟදි නාලා.. කව්ද හොඳ ලැක්චර් එකක් දීලා තිබුනා..

      Delete
  21. එල්ලෙන්න වැල් නැතිව ඉන්න මරා ගේ මී හරක් රෑනට කඹ බඹ ගණන් ගෙනත් දෙන්නේ උන්ගේ බලු වැඩ වලට විරුද්ධව අපි විසින් පත්කරපු සිරා විසින් පත්කරපු අම්මට සිරි යහපාලානේ කැබිනට් කුක්කෝ ය.

    ඒ වෙනුවෙන් අපිට පට්ටම පට්ට සතුටුය.
    -----------

    දින සීය මොක වුනත් මේ හැමපත්තේම ඉන්න ජාතිවාදී අන්තවාදී පාපතර හැත්ත රටින් අතුගෑවිය යුතුය.

    ReplyDelete
    Replies
    1. ලේසි වැඩක් නෙමෙයි.. ඒකට බලවත් නායකයෙක් ඕන.. ජාතිවාදය වැපිරුවෙත් එහෙම කෙනෙක් නේ..

      Delete
  22. මෙතන මහා ලොකු ජාතිවාදයක්නම් මම දකින්නේ නෑ. අනෙක බලන්න උතුරේ ටී එන් ඒ එක හිතන්නේ ඒ පලාතේ ඉන්න ඕනේ දෙමළ මිනිස්සු විතරයි කියලා. එතන තියෙන්නේ ජාතිවාදයක් නැත්නම් මොකක්ද. නැගෙනහිර මුස්ලිම් අය වර්ධනය වෙච්ච පැති වල බෞද්ධ ඉදිකිරීම් තහනම්. පන්සල් වලටත් තර්ජන. එතන මොකක්ද තියෙන වාදේ? අපි ඒකට විරුද්ධ වෙන එක ජාතිවාදයක් නෙවෙයි. අනෙක් අතත බලන්න කොළඹ පවා වැඩිපුර ඉන්නේ සිංහල අය නෙවෙයි. එහෙම තත්වයක් තියෙද්දී අඩුම ගානේ ඒ විදිහට යාපනේ සිංහල මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරිනම් ඒක දෙමළ ජාතිවාදයක් කියලත් පිළිගන්න ඕනේ. මේව ගැන කරුනුත් ටිකක් කියවුනානම් තමයි ලිපිය සමබර වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ජාතිවාදය පැත්තකින් තබා.. නැවත් පෝස්ට් එක මුල ඉඳන් කියවන්න.. කම්මැලිම නම් හෙඩිම පමණක් කියවන්න..

      Delete
  23. //කතරගම උත්සව සමයේ කතරගම දෙයියෝ වඳින්න තිබුනා නම් අපට ඒ ඇති කියන මානසිකත්වයක් තිබුන දෙමළ පිරිසක්ද උන්නේය. මොවුන් අති බහුතරය උතුරේ ජනතාව නොවේ. නැගෙනහිර ජනතාවයි. ඒ ජනතාව හා කඳුකරයේ දෙමළ ජනතාව අතර කිසිම වෙනසක් නැත. මේ ජනතාව දරිද්‍රතාවයේ උපරිමයෙන්ම විඳින ජනතාවයි.
    එහෙම මානසිකත්වයක් තියෙන අය තම ජනතා නියෝජිතයන් හැටියට අමු ජාතිවාදියන් පත්කර යැව්වා
    ඒ වගේම දෙමල වර්ග වාදීන් සිංහලයන්ට (සහ මුස්ලිම් වරුන්ට) විරුද්ධවව අපරාධ කරද්දී නිදාගෙන හිටියා. ඒකීය පුද්ගලයන් හැටියට උන්ගේ හොඳක් පෙනුනට සමුහයක් හැටියට අන්තිමයි.
    අනිත් කරුණ දුප්පත් කම වැරදි කරන්න ලයිසනඑකක් විය යුතු නෑ

    (දැන් මට හැම එකටම ඒකීය කියවෙනව අනේ)

    ReplyDelete
    Replies
    1. ඕකම මහ රජානෝ පත් කරපු උන්ටත්. මේ සැරේ මනාපේ දුන්න උන්ටත් අදාලයි නේද...?

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න