.

.

Mar 27, 2015

හොරු 25 කට ඇබෑර්තු ඇත.. - Is the national list serving its purpose?

බුකියේ එකෙක්ගේ පට්ට නිර්මාණයකි..
පේ රටේ දේශපාළණයේ යථාර්තය පැහැදිලිව දැක ගත හැකි සිඳූවීමක් ඊයේ පෙරේද හික්කඩුවේදී සිඳු උනේය. ඒ "රජ්ජම" ප්‍රාදෙශීයේ චෙයාර් මෑන්ස්ට, මුන කට කුඩු වෙන්නම පිස්ටොල් එකකින් ගේම් එක දීමය. පොර එතනම ඔන්දස්පොට් වී නිර්වානයට ගියේය. හොයාගෙන ගියාම පොරත් නොම්මර එක ගේම් නමයක් දහයක් දීපු පාතාලේ සුපිරි බඩුවක්ය. පොරට ගේම දීපු ලසීද ලැසීද කියන එකා හොයා ගන්නත් නැතිය. යහ පාළණයක් තුල සිඳුවන මේ සීන් වලිනද මනාව පෙනෙන්නේ, වත්මන් දේශපාළණයේ සැබෑ මුහුණුවරයි.

ප්‍රාදේශීයේ ඉතරක් නොව, බහුතරයක් පලාබබාලත් පාතාලයේ උන්ය. පාර්ලිමේන්තුවෙත් ඉන්නේ ඒ ජාතියේම උන්ය. මහින්ද ආයෙත් බලයට ගේන්න වලි කන මුළු සෙට් එකම එහෙමය. ඔක්කෝම නම්බර් වන් ගේම් කාරයෝය. එතනින් නවතින්නේද නැත. හිටපු පොලිස්පති තට්ට බාලසූරියත් පාතාලයේ එකෙකි. සීන් එක තව ඉවර නැත. හිටපු අග විනි සොරා සරත් නන්දද සීන් එකේ ඉන්න කාළේ දුන්නේ පාතාල ගේම්ය.

ඊයේ රටේ නායකයාගේ මල්ලිට පොරෝ පාරක් දීලාය. ඒ කාළේ දේශපාළණය කරපු උන් තියා, උන්ගේ පවුල්වල එකෙක්වත් මේ වගේ සීන් වලට ලක් උනේ නැත. දේශපාළණයේ යෙදුනේ ප්‍රභුන් උනත්, දුප්පත් උනත්, වැදගත්, ශීලාචාර, හැදියාවක්, පිලිගැනීමක් ඇති පවුල් වල උන්ය. එහෙම කිව්වාම දැන් ඉන්න උන්ට පිලිගැනීමක් නැද්ද කියා සම හරක් අහන්න ඉඩ තියෙනවාය. ඒ කතාවත් ඇත්තය. අද සමාජයේ පිලිගැනීම ඇත්තේ මේ වගේ උන්ටය. ඒ කියන්නේ ගේම් කාරයන්ටය, පාතාලේ උන්ටය. බහුතර ජහ මනයාත් මනාපේ දෙන්නේ උන්ටය.

එහෙම කාළකන්නි ඉන්ටර්වීව් කරලා මනාප ලැයිස්තුවට දාලා, උන්ට මනාපේ දෙන්නේ ඇයි කියලා අපෙන් අහනවාය. අපිට ඔය පක්ෂවල නායකයන්ටයි, ලේඛම්ලාටයි කියන්න තියෙන්නේ, ඒ වගේ උන් ලිස්ට් එකට දාන්නේ නැතිව ඉන්න බැරිද ගොන් වස්සනේ කියලා විතරය. ජෙප්පන්ගේ පක්ෂෙවත්, දෙමළ සංධානෙවත් පාතාලේ උන් නැතිය. අනික් හැම එකාගේ එවා වලම අයියලා වැහි වැහැලාය.

අලි මදිවාට හරක් කියන්නැහේ, ඒ මදිවාට ජන අනුපාතයට අනුව දේශපාළකයෝ වැඩියෙන්ම ඉන්නා රටත් මේකමය. සැක්ස් වලින් ෆස්ට් වගේම, ඒකෙනුත් අපි නම්බර් වන්මය. ඒ මදිවාට මැති ඇමතිවරු වැඩියෙන්ම ඉන්නා රටත් මේකය. ඒ මදිවාට මහ ඇමතිවරු නමයකි, පලා බබා ඇමතිලා 36 කි. ආන්ඩුකාරවරු 9 කි. ප්‍රාදේශීය උන් 4486 කි. මහින්ද මහත්තයාගේ කාළයේ එතනට පත්වූ අති බහුතරය නොම්මර එකේ පාතාල කාරයෝ හා මදාවියෝය. උන් අදටත් එතුමාට කළගුණ දැක්වීමට අභයාරාමයටත් එන්නේය.

ජාතික ලැයිස්තුවෙන් පිනා කන්න තව 25 ක්

ඔය හැම එකාගේම ටාගොට් එක දියවන්නාව මැද පිස්සන් කොටුවට පැනගන්නා එකය. එතනට පත් වු පසු හතර මහා නිධානයම පහළ වෙන්නේය. ෆුට් සයිකල් වල ආපු උන් යන්නේ හැලිකොප්පර් වලය. අනුන්ගේ හැලිකොප්පර් වල නෙමේය. උන්ගේම ඒවා වලය. මක්කා කොලත් අර කිව්වා වාගේ මුන් පත් කරලා යවන්නේ අපිය. ඒකට කියන්නේ ජනතාවගේ පරමාදිදිපත්තියද මොකක්ද කුණුහබ්යක්ය. 

ඒ කියන්නේ එතන ඉන්නේ ජනතාව නියෝජනය කරනා උන්ය. අපි යවපු උන් නිසා මක්කා කලත් ඉවසාගෙන ඉන්න පුළුවන්ය. ඒත් ඉවසන්නම බැරි කාරනේ පක්ෂ වලින් දානා ජාතික ලැයිස්තුවේ සැට් එකය. උන් පිස්සන් කොටුවේ ඉන්නේ පිනා චෑන්ස් වලටය. ඒකය කියන්නේ ජනතාවගේ පරමාදිපත්තියද නැත්නම්, උන්ගේ අම්මලාගේ පරමාදිපත්තියද කියන්න නම් හරියට දන්නේ නැතිය.

ජේ ආර් ගේ බහුබූත විවස්ථාවෙන් ඉන්ට්‍රොඩියුස් කරපු පඩත්තලම වැඩක් නම් මේකය. කිව්වේ නම් උගතුන් හා බුද්ද්ධිමතු පත් කොරන්න ඒක දැම්මා කියලාය. උගත්තු ලංකාවෙ හිටියත් බුද්ධිමත්තු නම් නෑ කියා, එදා ඉඳන් දාපු උගත්තුන්ගෙන් නම් හොඳටම පේනවාය. මුල් කාළේ එහෙම තිබුනත් දැන් තියෙන්නේ පට්ටම සීන් එකක්ය.

මහ මැතිවරණෙන් පැරදිච්ච උනුත් ජාතික ලැයිස්තුවෙන් එනවාය. මේක ජනාවට සරම උස්සා පුක පෙන්නීමකි. එයිට අමතරව මරු මරු බඩු දැන් නැසොනල් ලිස්ට් එකෙන් එනවාය. සමහර උන් නායකයන්ගේ බට කොල්ලෝය, එහෙම නැත්නම් ඒ කාළේ ගහපු බඩුය. නැතිනම් නෑදෑයෝය. එහෙම නැත්නම් ඇවිදගන්නත් බැරි මුණ කට රුවිතෙට ගිය නාකි ලොම්පඩ යක්කුය. උගත්තු කෙසේ වෙතත් මීටින් වල කවි කියන එකියකුත් මහින්දගේ පිහිටෙන් පිස්සන් කොටුවේ කැන්ටිමෙන් කන්න බොන්න පින් කොරලා තියෙනවාය. රනිල්ගේ කියාත් වෙනසක් නැතිය. බහුතරය මෙළෝ රහක් නැති උන්ය. 

කස්ටියගේ හිත සුව පිණිස දැන් ඉන්න උන්ගේ නම් ලැයිස්තුවක් පහතින් දානවාය. ඉන්නේ කොහොම බඩු ටිකක්ද කියා එතකොට බලා ගන්න පුළුවන්ය.

National List ::
UPFA
 Mr. Ratnasiri Wickremanayake 
 Mr. D.M. Jayaratne
 Mr. Dulles Alahapperuma
 Mr. Prof. G.L.Peiris
 Mr. D.E.W. Gunasekara
 Mr. Tissa Vitharana,
 Mr. Geethanjana Gunawardene
 The Ven. Ellawela Medhananda thera
 Mr. Muttu Sivalingam
 Mr. Achala Jagoda
 Mr. Vinayagamurthi Muralitharan
 Mr. J.R.P. Suriyapperuma 
 Mr. Janaka Bandara Priyantha
 Prof. Rajeeva Wijesinghe
 Mr. A.H.M.Aswer
 Mrs. Malini Fonseka 
 Mr. Kamala Ranatunge,

UNP 
 Mr. Tissa Attanayake
 Mr. Joseph Michael Perera
 Mr. Iran Wickremaratne
 Dr. Harsha De Silva
 Mr. D.M. Swaminathan
 Mr. R. Yogarajan
 Mrs. Anoma Gamage
 Mr. Hasan Ali 
 Mr. Saleem Mohommad. 

කියන්න ගියේ ඔව්වා නොවේය. අළුතෙන් ගේන්න යන ඡන්ද ක්‍රමේ අනුව පිස්සන් කොටුවේ මැම්බර්ලා ගනන 250 ක් වෙනවාය. වැඩිපුර 25 දාන්න යන්නේ නැසොනල් ලිස්ට් එකෙන්ය. දැනටත් පිනට කන හිඟන්නෝ 29 ක් ඉන්නවාය. උන් පිනට කනවා නම් ඉවසාගෙන ඉන්න පුළුවන්ය. සම හරක් උන් ඇමති කමෙනුත් කනවාය. සන්සෝධන ගේන්න ඕනා සුද්ධ බුද්ද කොරලා රටට යහපතක් වෙන ආකාරයට මිස, රට කන උන්ට ඕන ඕනා ගේම් ගහන්නවත්, උන්ගේ පවුල් වල හත් මුතු පරම්පරාවටයි, ඥාතිමිත්තරාදින්ටයි රට උලා කන්න නෙමෙයිය. 

හරිනම් කොරන්න ඕනා 77 ට ඉස්සර හිටපු ගානට ගේන එකය. පුළුවන්නම් ඊටත් අඩු කරනා එකය. මොකෝ හරක්ගහණය වැඩි උනාට, අම්මට සිරි ලංකාවේ භූමි ප්‍රමාණය වැඩි වෙලා නැති නිසාය. ජෙප්පන් හෝ මේවාට විරුද්ධව හඬක් නොනගන්නේ, උනුත් දැන් මේ කොරමේටම අනුගත් වෙලාදෝ කියා වෙලාවක හිතෙනවාය. දැන් ජනතාව වෙනුවෙන් කතා කොරන්න එකෙක්වත් නැතිය. තැටිය රත් උන වෙලාවේ රොටි පිච්චිල්ල කෙසේ වෙතත්, පත් උන උන් කරන්නේ, තැටිය විස්සික්ක කොරලා හිටං. තාච්චියට්ක් තබා බිත්තර ආප්ප හදනා එකය.

ඒ වගත් මෙසේය..

83 comments:

  1. ජර්මනියේ තියෙන මිශ්‍ර මැතිවරණ ක්‍රමය ලංකාවට ගෙනවා නං පාර්ලිමේන්තු ආසන ගාන වැඩි කරන්න ඕනි. ඒ කියන්නේ ලංකාවේ ජන්ද කොට්ඨාස 196 ක් තියෙනවා. අන්න ඒ ජන්ද කොට්ඨාස ගාන වගේ දෙගුණයක් පාර්ලිමේන්තු ආසන තියෙන්න ඕනි. ඒ එතකොට තමයි ඒ ක්‍රමය සාර්ථක. හැබැයි ආසන ගාන අඩුකරනවා නං ආයේ අලුතින් කොට්ඨාස බෙදලා, ජනගහනය අනුව මෙච්චර මෙච්චර ආසන දෙනවා කියලා ආයේ අලුතින් පද්දතිය හදන්න ඕනි.

    දැන් ආයේ ජන්ද කොට්ඨාස බෙදන එක සාර්ථක නෑ. එහෙම කලොත් එකෙන් නැති ප්‍රශ්න ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හොදම දේ පාර්ලිමේන්තු ආසන වැඩිකරන එක.

    අලුතින් ගෙන මැතිවරණ ක්‍රමයේදී තමුන්ගේ ආසනයට මන්ත්‍රී කෙනෙක් ලැබෙන නිසා ජනතාවටත් හොදයි. අනික එතකොට ඒ මන්ත්‍රීටත් පිස්සු කෙලින්න බෑ දැන් වගේ. කෙලින්ම ආසනේ ජනතාවට වගකියන්න වෙනවා.

    ඒ ක්‍රමය හොදයි. දැන් අලුතින් ගෙන 19 වන විවස්ථා සංශෝධනය ඉතාම හොදයි. ඔය පාඨලී වගේ අය මේකට විරුද්ධ මොකද එයා හිතන්නේ ඊළගට ජනාධිපති වෙන්න එයාට පුළුවන් කියලා. ඒ නිසා එයා කැමති මේ විධායක ජනාධිපතික්‍රමය තියාගන්න. මයිත්‍රීපාල ජනාධිපති උනේ එක එක අයට ඕනි විදියට වැඩකරන්න නෙමෙයි. එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්න. මේත් සමගම ජර්මනියේ තියෙනවා වගේ මිශ්‍ර මැතිවරණ ක්‍රමයත් ගෙන එන්න ඕනි, ඊලග ජන්දයට කලින්.

    මට නං එච්ච්රමයි මේ ආණ්ඩුවෙන් කරගන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි ලංකාවට මොන යහ පාලනයක්ද, විකාරරූපී බව අඩු පාලනයක් හොඳටම ඇති.

      Delete
    2. මට නම් මේ ආන්ඩුවෙන් කරගන්න ඕන පරමාර්ත දෙකක් තිබුනා.

      1. මහින්ද මහත්තයාට විශ්‍රාමික දිවියක් ලබා දීම..
      2. ජනතාවගේ ජීවන බර අඩු කිරීම..

      පළවෙනි වැඩේ නම් හරි. ඒත් දෙවනි එක තාම නෑ..
      අපේ තියෙන වැරද්දක් තමයි ළෝකයේ දියුණු රටවල් වල තියෙන සිස්ටම් මෙහේට ගේන්න ඕන කියන එක. ඇත්තටම එහෙම්හ්‍රිකයන්ට\\\අ ඒවා ඕන නෑ. නොම්මර එකේ ක්‍රමයක් තිබුන, ආසියාවේ දියුණු රටක් වෙලා තිබුන සිස්ටම් එක හොඳටෝම ඇති..

      මොකෝ ගෝත්‍රික මානසිකත්වයක ඉන්න කළවැද්දන්ට මොන සිස්ටම්ද, උන් කැමති වැඩවසම් ක්‍රමයකට. අනික පාළණ ක්‍රමය ඒ තත්වයක තියෙන්නේ කලින්, ජනතාවගේ සිතුම් පැතුම්, ආකල්ප විතරක් නෙමෙයි ඇඬ්හ්ම පැළඳුම පවා වෙනස් වෙන්න ඕන එයිට කලින්..

      Delete
  2. ලංකාවේ දේශපාලුවන් ඩෙංගු මදුරුවන් වැනිය. උන් හොඳ, අහිංසක හානිදායකනොවන වැඩදායක එවුන් කිරීමට නොහැක. සම්පූර්ණයෙන් වඳ කිරීමටද ප්‍රායෝගිකව නොහැක. උන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට පමණක් උත්සාහ කලයුතුය.
    දේශපාලුවන් බෝවන ස්ථානවන පලාත්පාලන ආයතන, පලාත් සබා ආදිය නැති කිරීමට නොහැකිනම් අඩු කිරීමට තැත් කල යුතුය.

    දේශපාලුවන්ගේ සංඛ්‍යාවට අනුපාතිකව උන්ගේ ගෝලයින් වන මැරයින් හොරුන් හා කුඩුකාරයින්ද වැඩිවේ. දේශපාලුවන් අඩුවුනොත් උන්ගේ බෝවීමද යම් ප්‍රමාණයකින් අඩුවේ

    ReplyDelete
    Replies
    1. //ලංකාවේ දේශපාලුවන් ඩෙංගු මදුරුවන් වැනිය.// +++++++++++
      කටට දුම පිඹල පුකට BTT ගහල මරන්න ඕනේ හැතිකරේ..

      Delete
    2. //ලංකාවේ දේශපාලුවන් ඩෙංගු මදුරුවන් වැනිය. උන් හොඳ, අහිංසක හානිදායකනොවන වැඩදායක එවුන් කිරීමට නොහැක. සම්පූර්ණයෙන් වඳ කිරීමටද ප්‍රායෝගිකව නොහැක. උන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට පමණක් උත්සාහ කලයුතුය. //

      ඩෙංගු රෝගය ඇති කරනා වයිරස ( ස්ට්‍රේන්ස් ජාති පහක් ) ආසාදනය වී නැති තාක් කල් ඩෙංගු මදුරුවා වන Aedes aegypti හට ඩෙංගු රෝගය බෝ කල නොහැක...

      Delete
    3. නියම උදාහරණෙ+++++++++++++

      Delete
    4. +++ ටික ප්‍රාට.

      Delete
    5. පට්ට කොමෙන්ට් එක ප්‍රා... නියම උපමාව..

      අර කියුබාවේ බැක්ටීරීයාව වගේ බැක්ටීරීයාවක් හොයා ගන්නකන්.. ජහ මනයාට පරිප්පුම තමා...

      Delete
  3. // අළුතෙන් ගේන්න යන ඡන්ද ක්‍රමේ අනුව පිස්සන් කොටුවේ මැම්බර්ලා ගනන 250 ක් වෙනවාය.//
    අයියෝ සුලු දෙයක්නෙ - මමත් බල බලා උන්නෙ
    දෙසිය විසිපහෙන් කරන්නෙ - කොහොමද කියලා

    ReplyDelete
    Replies
    1. මොනා නගේ මේ දොඩන්නෙ - හිතා ගන්න බෑ හරියට
      රට කන හැටි පොරකාගෙන - බලා ඉදින් හරි හරියට

      Delete
    2. මමත් බල බලා උන්නේ ලැබිච්ච සහන වලින් ඉතිරි කර ගත්ත සල්ලි ටික කාට දොළ දන් දෙන්නද කියලා...

      Delete
  4. "අපි" හදපු ආන්ඩුව ඉස්සර ආන්ඩුවටත් වඩා දහදුරා පිස්සු කෙලිද්දී "අපිටම" ඒ ගැන විවේචනය කරමින් පෝස්ට් ලියන්න වීම කනගාටුයි... ඊටත් වඩා කනගාටුව අපේම ආන්ඩුව "අපි" කියන දේ පඩයක් තරම් වත් මායිම් නොකරන එකයි,,,, අපිට හරි දුකයි නංගියේ...

    PS: මොනා වුනත් මේ ආන්ඩුව මහින්දගේ ආන්ඩුවට වඩා මිලියොං ගුනයක් හොඳයි හරිද!

    ReplyDelete
    Replies
    1. ඒක සහතික ඇත්ත...ටිකෙන් ටික කුණුටික පුච්චල දාමු

      Delete
    2. ඒක ඇත්ත මේ ආණ්ඩුව මහින්දගේ ආණ්ඩුවට වඩා මිලියන ගණනක් හොදය. උතුර කොටින්ට, නැගෙනහිර හම්බයන්ට සහ මුහුද ඉන්දියානුවන්ට ලියාලා දෙනවාය. මොනවා වුණත් යහපාලනේමය.

      Delete
    3. //උතුර කොටින්ට, නැගෙනහිර හම්බයන්ට සහ මුහුද ඉන්දියානුවන්ට ලියාලා දෙනවාය. මොනවා වුණත් යහපාලනේමය.//

      යහපාලනේට බනින්න එපා....

      ඔය උතුර , නැගෙනහිර සහ මුහුද කන්න පුලුවන්ද? ඒ වගේද... ආප්පයක් රුපියල් දහයක පාලන මිලට දෙන එකම මදිද?

      Delete
    4. //ඒක සහතික ඇත්ත...ටිකෙන් ටික කුණුටික පුච්චල දාමු//

      පිස්සු නං කියන්න එපා... කුනු පිච්චුවාම ඇමති මංඩලේට ගන්නේ කාවද?

      Delete
    5. //ඒක ඇත්ත මේ ආණ්ඩුව මහින්දගේ ආණ්ඩුවට වඩා මිලියන ගණනක් හොදය. උතුර කොටින්ට, නැගෙනහිර හම්බයන්ට සහ මුහුද ඉන්දියානුවන්ට ලියාලා දෙනවාය. මොනවා වුණත් යහපාලනේමය.//

      නිරංජන් ඕක කියන්නේ හොඳ විශ්වාසයෙන්ද ? අගමැතිතුමා නම් කිවේ ඔයිට වෙනස් කතාවක්.හැබැයි මහින්ද නම් ලංකාවට කුඩු ගෙනල්ලා අධිකරණයෙන් මරණ දණ්ඩනය නියම කරපු ඉන්දියන්කාරයින්ට සමාවත් දුන්නා.

      Delete
    6. කමියගෙනුතු් අහලම බලපං මනෝ
      අපි වගේ අය කීවට වැඩක් නැතුව... සාම්පූර් කියන්නෙ කොහොම තැනක්ද කියල නේවි එකේ ඉන්න ඈයො දන්නව

      Delete
    7. මොනවා නැතත් අන්තීමට හරි ඇත්ත කියලා තියෙනවා...

      Delete
  5. //"රජ්ජම" ප්‍රාදෙශීයේ චෙයාර් මෑන්ස්// what goes around comes around මනෝජ් මෙන්ඩිස් ගැන පෝස්ට් එකක්ම ලියතහැකි.. මොරටු සමන්ලගෙ ඉඳල පාතාලේ මර්ඩර් පහලොවක්වත් ඇති උගේ නමට.. ගිය පාර චන්දෙ වෙලේ උගේම පක්ශෙන් ඉල්ලපු එකාට වෙඩි තිබ්බ.. හැබැයි මනෝජ් කිව්වම ඒ පැත්තෙ උන් පොළොවේ පස් කනව.. ඒ ඌ ගමේ උන්ට සළකනව.. පොඩි එකෙක් ගිහිල්ල මොකක් හරි කිව්වත් කිසි කතාවක් නෑ ඌම ගිහිල්ල ගේමට එන්ටර් වෙනව.. මැරුණෙත් ඒ වගේ වෙලාවක.. වැරදි පාරේ ගිය හිත හොඳ කොල්ලෙක්..

    ඒත් ඌත් 'දේශපාලකයෙක්' වුණු නිසා මට ඌවත් පේන්න බෑ.. මෙතන කියල ඉන්න අනිත් උන් වගේම..

    ReplyDelete
  6. තාම අම්මගේ ජහමනයාට මෙව්වා වෙනස් කිරීමේ අවශ්‍යතා වක් පැන නැඟී නැත. හරක්ට බත් කැවීමට උත්සාහ ගෙනද තේරුමක් නැත. හරකුන්ට බත් කැවීමට හෝ හරක් මිනිස්සු කිරීමට හැට ගනන්වල සිට ජවිපෙ වලි කෑවේය. ඒත් හරක් මිනිස්සු උනෙත් නැත, උන් බත් කෑවේද නැත. එනිසා අපේ රටේ මේවා කතාකොට තේරුමක් නැත.

    ReplyDelete
    Replies
    1. //හරක් මිනිස්සු කිරීමට හැට ගනන්වල සිට ජවිපෙ වලි කෑවේය.//

      බටලන්දේ රනිල් ජෙප්පන් ගේ හරක් මස් කෑවේය...

      Delete
    2. ජවිපෙට ලැබිච්ච දේවත් ආරක්ෂා කර ගන්න බෑ කියලා. තිස්ස ප්‍රාදේශීය සභාවෙනුයි.. ඇමති කම් පහෙනුයි පෙන්නුවා..

      Delete
  7. ජනතා පරමාධිපත්‍යට කණ කොනාහඩා ඇති බව නම් සියල්ලන්ටම පෙනෙන දෙයකි.....ගෙනෙන සංශෝධන වලින් ඔය කියන පරමාධිපති බලය .තව තවත් බලාත්මක කරන්නට වැඩ පිළිවෙලක් නැද්ද....මා හිතන විදියට පාර්ලිමේන්තුවෙ බලය වැඩි කළ පමණින් ජනතා පරදාධීපති බලය වැඩි වනු යැයි පැවසීම එක්තරා ආකාරයකට ජනයා ඇන්දවීමකි....

    ReplyDelete
    Replies
    1. ක්‍රමයක් තියෙනවා විවස්ථාවටයි, විධායකේටයි එරෙහිව අධිකරණයට යන එක. ඒත් කරුමේ කියන්නේ ඒක කොළොන්නාවේ කුණු කන්දටත් වඩා ළොකු කුණු ගොඩක්...

      Delete
  8. අපේ රට අරාජික වෙලා,,, පිරිසිදුයි කියන්න නමක් කෙනෙක් නැහැ අපේ දේශපාලනේ.. රටේ ආර්ථිකය එන්න එන්න කඩා වැටෙනවා මිසක් ඉහළ යාමක් නෑ,, පක්ෂ මාරුවෙවී අපිට නරි නාටක පෙන්නනවා විතරයි.. මිනිස්සු තව තව තවත් මහන්සි වේවි රස්සා කර කරා ජිවිතේ ගැටගහ ගන්න ජිවිතේ දිය කරනවා , මට නම් ඇත්තටම එපා වෙලා තියෙන්නේ මගේ රට :(

    ReplyDelete
    Replies
    1. තාම රට නම් එපා වෙලා නෑ... ඒත් එහෙම වෙන්න තියෙන ඉඩ කඩ නම් බොහෝම වැඩියි...

      Delete
    2. රට නෙමේ දේශපාලන ක්‍රමය :(

      Delete
  9. මාත, කරුණාකර ඔබත් මෙහි අදහස් දක්වන අයත් පහත සදහන් දේ ලබාගැනීමට කොපමණ උවමනාවක් ඇද්දැයි සදහන්කරන්න, මෙය ලියන මමනම් අවන්කවම පහත සාදන් දේ කිරීමට සිහිනයකින්වත් නොපෙලබෙන බව කිවයුතුයි !

    මෙහි බොහෝ දෙනාට උවමනා දෙසපලන්යයානම්

    01. තම සේසතම වියදම්කර චන්දය කර (ඒසේ නොකර පාර්ලිමේන්තුවට පැමිණිය නොහැක ) පර්ලිමෙන්ට්නුවට පැමිණීම
    02. මාසයක දී ලක්ෂ 800 වියදම් කර අවුරුදු 6 කදී ලක්ෂ 100 පමණ උපයා ගැනීම.
    03. කිසිදු වංචාවකින් තොරව රැකියා අවස්ථා වැඩි දියුණු කිරීම.
    04. මහජනයා වන අපට දියුණුව ලන්බාදීම ඔවුන්ගේ මුලික අරමුණ වීම සහ රෑ දවල් නොබලා කැපවීම.
    05. දෙසපලනයෙන් බලාපොරොත්තු විය යුත්තේ කිර්තිය පමණක් වන අතර මෙවෙනුවෙන් ඔවුන් ලක්ෂ 700 පමණ මිලක් ගෙවිය යුතුය.

    කරුණාකර සදහන්කරන්න දෙසපලන්යයකු කොපමණ වියදම් කලයුතුද ? ඒ වෙනුවට ඔහුට කුමක් ලබියයුතුද ?

    ඉහත සදහන් දේ නොසලකා අප කරන්නේ අපම රවටා ගැනීමයි (මහජනයා වන අප කරන්නේ බළලුන් ලවා කොසට බෑවීම නෙමෙයිද ?)

    ReplyDelete
    Replies
    1. දේශපාලකයින්,දේශපාලනය ව්‍යපාරයක් කර ගත යුතු නැහැ.
      තම සේසතම වියදම්කර ජන්දය කරනවා කියන්නේ ව්‍යපාරයට කරන මුලික ප්‍රග්ධන ආයෝජනයක්ද?

      Delete
    2. නැතුව නැතුව..ඔන්න අත තියනවනම් නියම බිස්නස්

      Delete
    3. කුඩු කාරයෝ පුනරුත්තාපනය කරලා එලියට දැම්මාම ආයෙත් කුඩු ගහනවා වගේ. මේ කම්බ හොරුන්ට කීය දුන්නත් උන්ගේ පුරුද්ද උන් නවත්තන්නේ නෑ. උඹ හැමදාම කියන ඔය බයිලේ මේ රටට අදාල නෑ. අනික දෙන්න ඕන කියලා කියන ගාන උඹ කියන්නෙත් නෑ...

      Delete
    4. මාතා, ශ්‍රී ලංකාව කියන ගෝත්‍රික රටට පුර්ණ ප්‍රජතන්ට්‍රවාදය ගැලපෙන්නේ නෑ .
      හේතුව තමයි රට කුඩා වීම, ජනතාව ලෝක තත්වය ගැන නොදනිම මෙය අපුතුවෙන් ඔබට විස්තර කලයුතු නැත්තේ "හැරල්ඩ් ජේ. ලැස්කි" ගේ කියමන ඔබ සදහන් කරන නිසා.

      අප වැනි රටක අබියන්තර ප්‍රශ්න ඇති කිරීම ඉතා පහසුයි කලයුත්තේ තෝරාගත් පිරිසක් මුදල් යොදවා උද්ගෝෂණ වල යොදවන අතර මාද්‍ය මගින් ජනමතයක් බවට පෙරලිමයි. හොදම උදාහරණය අද දිවයින පුවත්පතෙන් ( "ඒකීය රාජ්‍යයෙන් දෙමළ ජනතාවට සෙතක්‌ වෙන්නේ නෑ " http://www.divaina.com/2015/03/28/news03.html )

      මෙවැනි දෙයක් සිංගප්පුරුවේ සිදු උනානම් විග්නේස්වාරම් මෙලහට අවුරුදු 10ට නො අඩු කලකට බන්දනාගාර ගත කර හමාරයි.

      දේසපාලනය තවදුරටත් ගරු වුර්තියක් වියයුතු නෑ ඔබ හිතන්න මසකට ලක්ෂ 30 පමණ වැටුපක් සියලුම ඇමති වරුන්ට ලැබුනානම් සහ මන්ත්‍රීවරයකුගේ වැටුප ලක්ෂ 15 පමණ උනන්නම් සහ සොරකමට දැඩි නීති තිබුනානම් මෙය වලකාගත හැකි වනු ඇත. (මෙවැනි ඉහල වැටුප් ලබා දෙන්නේ දෙසපලනයේ පමණක් නෙමෙයි ඔබ Oracle Developer Salary http://www.indeed.com/salary/Oracle-Developer.html අවමය ලක්ෂ 11 මසකට මෙසේ ඉහල වැටුප් ලබාදෙන්නේ ඔවුන් ට ලබාදී ඇති වගකීම වංචනික ලෙස පැහැර හැරියොත් ආයතනයට සිදුවන හානිය ඔවුන්ට ගෙවන වැටුප මෙන් කිපගුනයක් නිසයි )

      මෙවැනි ආත්ම ගවුරවයෙන් යුතු රැකියාවක් කරන්නෙක් සොරකමට පෙලබෙන ප්‍රවන තාවය විරලයි, රටට ලැබෙන ප්‍රතිලාබ ඉහලයි.

      මිට පෙරත් සිංගප්පුරුව ගැන උදාහරණ ගැනීමේදී බොහෝදෙනා සාදන් කලේ නිදහස සීමිත වීම, ඉහල පුද්ගලයන් වරදක් කලවිට අඩු දඩුවම් ලබාදීම යනාදියයි, කිසිවෙක් සදහන් නොකළ දෙයනම් දුෂණය නිසා නිතිය ක්‍රියාත්මක නොවීම නිසා රට දිලිදු වූබව කිසිවෙක් සදහන් කලේ නැත.

      අවසාන ලෙස මෑතකදී මියගිය lee kuan yew බටහිර ප්‍රජතන්ට්‍රවාදය පිළිබද විනාඩි 2 දී කරන ලද https://www.youtube.com/watch?v=87FQsNNCDN8

      Delete
    5. ලක්ෂ 30 ක් දුන්නම හොරකම් කරන එක නවත්තයි නේ.. එතකොට වෙන්නේ මොකක්ද දන්නවද..? හොරකම් කරන ප්‍රමාණෙත් වැඩි වෙනවා.. එච්චරයි..

      මේ රට හදන්න ඕන දෘණු නීතී රීති වලින් කියන එක නම් මම පිළිගන්නවා...

      Delete
  10. ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට මංත්‍රී වරුන් පත් කරගැනීමේ අවස්තාවේ මුක්‍ය පරමාර්තයට එකගව ඉන්නෙත් දෙන්නයි. අනිකුන් පරඩැල්.

    ReplyDelete
    Replies
    1. ලිස්ට් එක දැම්මෙම ඒකටම තමයි.. බලහන් ඉන්න හාල් පාරුවෝ...

      Delete
  11. මේ කොමෙන්ටුව ලිපියට අදාළ නැත.

    මාතලන් මහත්තයා,
    'වසරේ හොඳම' වීම නිමිත්තෙන් අපගේ උණුසුම් සුභ පැතුම්! දිගටම ලියා කියවන්නන් දැනුවත් කරත්වා...

    ReplyDelete
    Replies
    1. මාත් මාතට සුබපතනව. ලිවිල්ලටයි අත දීමටයි දෙකටම. ඉස්සර පහලින් හිටිය මාතලන්ගෙ සින්ඩියෙන් තමයි ‍දෙවනියට වැඩිම ට්‍රැෆික්!

      Delete
    2. බොහොම ස්තූතියි දෙන්නටම...

      Delete
  12. Replies
    1. මේ අර කටින් බතල ආත නේද?

      Delete
    2. රාජ් අයියේ මෙයා හැන්ඩියලු නේ....

      Delete
  13. මැකෝ නං කියල තිබුන 250ක් වත් කවුන්සිලේ ඉන්න සැට් කලා නං ලේසියෙං ඡන්ද පවත්වන්න පුළුවන්ය කියල. අනේ වාසනාවන් තවත් විස්සක් විසිපහක් වැඩිවුනොත් ඉතිං කාටද......

    ReplyDelete
    Replies
    1. 500 ක් විතර උනා නම් තවත් ලේසි ඇති නේ...

      Delete
  14. හ්ම්,මැකෝ කියලා තිබ්බා තමයි 250 මන්ත්‍රීවරු ඉන්නවා නම් හොඳයි කියලා.එත් මටනම් හිතෙන්නේ හරියට වැඩක් කරනවා නම් ඔය ඉන්න 225 ඇති කියලායි.තව 25 වැඩි වෙනවා කියන්නේ ඒ බරත් ජනතාවට දරා ගන්න වෙන එකයි.
    ජාතික ලැයිස්තුව ගණිකා වෘතියේ යොදවලා තියෙන්නේ.අලි පාටියේ හර්ෂ,ඒරන්ලා නම් අවුලක් නැහැ.

    ReplyDelete
    Replies
    1. 225 නෙමෙයි 200 ක් හොඳටම ඇති. එකෙකුට මිලියනයයි...

      Delete
    2. Mathalan, I think it should be 1 for 100,000 persons. Not a million for one. One representative will represent on behalf of one hundred thousand citizens. That's quite fair. Instead of this list, we must appoint a Senate which comprises highly respectable experts of different fields, most probably senior Citizens. They might work for either free or very small allowance for office bearing. Political MP's should be only elected by either electorate basis or percentage basis. This fucking list should be avoided and widely recognized experts without political background should represent senate as an advisory council.

      Delete
  15. මට නම් තරහ අර "කුඩු දුමින්දටත්" ඇමති කමක් දෙනවට....

    ඇත්තටම කියනවනම් මට තන්තොසේ බෑ.....

    ReplyDelete
    Replies
    1. ගෝඨාභයත් කැමති වෙයි.. එතකොට ගෝඨටත් කළ ගුණ සලකයි නේ...

      Delete
  16. ලංකාවේ බහුතරයක් පවසනුයේ මෙම ක්ර.මය යටතේ දුෂිතයන් බලයට එන බවය.එහෙත් කුමන ක්රrමයක් මගින් තොරාගැනිම කලද ජනතා නියොජීතයන් තොරාගනු ලබනුයේ කූඩුවක් ඇතුලට ගොස් කතිරය ගහන ජනතාව මගිනි. හොද අපේක්ෂකයන් ජනතාව මගින් තොරන්නේද නැත.
    මේ ක්රේමය පිලිබද විවේචනය කරන බොහෝදෙනා සෘජුව දෙශපාලනයට එමට කැමතිද නැත.
    දේශපාලනය සහ මිනිසුන් සංවිධානය කිරිම බනින තරම් ලෙසි නැත. ඔබ කෙතරම් දෙඩෙව්වත් නීති සකස් කරනුයේද, ක්රෙමය පවත්වාගෙන යන්නේ හෝ වෙනස් කරනුයේද ජන්දය ඉල්ලන හෝ සංවිධානගතව දේශපාලනය කරන පුද්ගලයන්ය

    ReplyDelete
    Replies
    1. බෑ බෑ කියන්නේ එළුවෝය... බෑ බෑ කියපුවා ඔනෑ තරම් කරලා පෙන්වලා ඇත...

      Delete
  17. මට දැන් හොඳ ලක්ෂණයකුත් පෙනෙනවා
    //ප්‍රාදේශීයේ ඉතරක් නොව, බහුතරයක් පලාබබාලත් පාතාලයේ උන්ය. පාර්ලිමේන්තුවෙත් ඉන්නේ ඒ ජාතියේම උන්ය. මහින්ද ආයෙත් බලයට ගේන්න වලි කන මුළු සෙට් එකම එහෙමය. // මේ අයගෙන් හැදෙන පක්ෂයක් හා ඊට ප්‍රතිවරුද්ධ අයගෙන් හැදෙන පක්ෂයක් විදිහේ “ද්විපක්ෂ ක්‍රමයක“ උපතක් සිදුවෙන ලකුණු පෙනී යාමයි. බයකට තියෙන්නෙ මගදි බ්සාවෙයිද කියන එකයි.

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයා දන්නවා සිරි ලංකා එක තුල ඔහුට නැවත් ඉඩක් නෑ කියලා.. ඒ නිසා කරන්න බැරි උන එකම දේ වෙන, ඒ වැඩෙත් කරලාම තමයි නවතින්නේ..

      Delete
  18. මාතලනුත් පළයං පාර්ලිමේන්තුවට. උඹ වගේ උන්ට තමා ලංකාවෙ පාර්ලිමේන්තුවත් ගැලපෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. උඹ එනවා නම් මාත් එනවා...

      Delete
  19. ‘නෙළුම් යාය' 2014 බ්ලොග් සම්මාන උළෙල
    2014 වසරේ හොඳම බ්ලොග් කරු - මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ.......
    උණුසුම් සුභපැතුම් මාතා....

    ReplyDelete
  20. මාතලන් කියන විදිහට මහින්ද තමයි පාතලයේ උන් තියගෙන තියෙන්නේ. නමුත් ඇත්ත කතාව තමයි රනිල් තමයි ඊට වඩා පාතලයෝ පෝෂණය කළේ. මතකද ගෝනවල සුනිල්. එතකොට කලු ලකී. ඒ විතරක්ද කැළණිය කැම්පස් එක ඇතුලෙදි කොල්ලන්ගෙන් ගුටි කාලා මල ක්‍රිස්ටොපර්. රනිල්ගේ මමා නම් ඔය කියන ක්‍රිස්ටොපර් ජාතික වීරයෙක් කියලත් කිව්වා. ප්‍රේමදාස ලොක්කගේ කලෙ ඒවා කියන්න ඔනේ නැහැ නේද? මහින්දට වුනේ මැරයන්ට මුහුණ දෙන්න මැරයෝ පාවිච්චි කරන්න සිදුවීම නේද?

    ReplyDelete
    Replies
    1. පාතාලය කියන ළෝකයේ දියුණුම රටවලත් තියෙනවා, කොටින්ම බොහොම හොඳ රටක් කියන ජපානයෙත් තියෙනවා. "යකුසා" කියන්නේ උන්ට. ඒ වගේම ලංකාවෙත් එදා ඉඳලා ඉන්නවා. දේශපාළණයටත් යොදා ගත්තා මිසක්, උන්ව කරේ තියාගත්තේ නෑ. මැතිවරනෙන් පස්සෙ පැත්තකට දැම්මා. ඒක තමයි ළෝකෙම තියෙන සිස්ටම් එක. ඒත් චන්ද්‍රිකාලා උන්ව ගාඩ් එකේ ලොක්කා කරලා දාගත්තා, මහින්දයි පුත්තුයි උන්ව දේශපාළණයට ගෙනාවා. ප්‍රාදේශීයවල ඉන්නේ ඔක්කෝම පාතාල කාරයෝ.

      බන්ඩාරනායක දේශපාළණ්ය කෑවා වගේම. බන්ඩාරණායකගේ ගෝලයගේ පුතා දේශපාළණය පාතාලයක් කලා...

      Delete
  21. මුන් ඔක්කොන්ගේම පු# රොටිය වෙලා , රොටිය කර වෙලා.. අම්මපා මාතලන් සහෝදරයා මොනවයින් මොනවා වෙනවද කියල හිතන්න බෑ දැන් නං..

    ReplyDelete
    Replies
    1. හොඳ හොඳ සෙල්ලන් එළිවෙන ජාමෙය කියනවා නේ බං...

      Delete
  22. පසුගිය සෙනසුරද මම LANKA RADIO වැඩසටහන ඇසුවා ඉතින් ඔබ විසින් ලියන ලද ජාතික ගීය ගැන ලිපියක විස්තර තිබුනා අහන්න කැමති අයට එම වැඩසටහන නැවත ප්‍රචාරයට අද 27 වෙනිදා ලංකාවේ වේලාවෙන් රාත්රී 09:30 සිට අහන්න පුළුවන් Europe time at 05:00 PM මේ වෙබ් අඩවියෙන් www.pawuraradio.com විවිධ බාශා වලින් ගයන ජාතික ගී අසන්නත් පුළුවන්

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ වැරදිලා.. මම ඒ ගැන ළිපියක් ලිව්වේ නෑ.. නිර්මලා ලියපු ලිපියකට සබැඳියක් නම් දාලා තිබුනා...

      Delete
  23. මේ රටේ ඉන්න මහීෂලා සැට් ඵකට,හොද ගොන් ආතල් ඵකක් දීලා ...චන්දෙ ලං වෙද්දි පඩංගු ටිකක් බෙදුවනන් ...උම්බෑ කිය කියා ඉදියි..චන්දෙ දීලා ඉවර වුනාට පස්සෙ...ආ!!මේ මොනවද මොකද වෙන්නෙ !!රැවට්ටුව නේද අපිව ...කිය කියා ඉදියි.... :p :p .....

    ReplyDelete
    Replies
    1. රැවටෙන් එක නම් ගොන් කම.. මේ කතා කරන්නේ ක්‍රෑම ගැන...

      Delete
  24. මං දන්න වදදියට 1972 ජනරජයට කලින් ලංකාවේ පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාවක් තිබුණා. ඒක අහෝස කළාට පස්සේ ද කොහෙද (?) මේ පත්කළ මන්ත්‍රී කියන ධූර ආවා. සිරිමා ගේ ආණ්ඩුවේ හිටපු සමහර ඇමතිලා (සංස්කෘතික ඇමති කුලතිලක, තැපැල් ඇමති සුන්දරලිංගම්)ත් මේ පත්කළ මන්ත්‍රීලා.

    මං හිතන්නේ සිරිමා මුලින්ම අගමැති වෙලා තියෙන්නේත් පත්කළ මන්ත්‍රීකමකින්. පස්සේ 1965 තමයි ඡන්දේ ඉල්ලා තියෙන්නේ.

    ප්‍රේමදාස ගේ කාලේ කෝණ්ඩ වෙද මහත්තයා, ඇලෙක් රොබට්සන්, චොක්සි වගේ විවිධ ජන කොටස්වල සාමාජිකයෝ හිටියා.

    ReplyDelete
    Replies
    1. සෙනට් සභාවලත් ඉන්න ඇත්තේ මේ වගේ හරක්ම වෙන්න ඇති. නැත්නම් ඉතින් 1972 ඒ වාගේ ගොබ්බ ව්‍යවස්ථාවක් එන්න විදියක් නෑ නේ. හැබයි ඒ ගොන් ව්‍යවස්ථාව නම් අවුරුදු පහෙන් කුඩු වෙලා ගියා.. මේක තමයි කරුමේ.. මම හිතන්නේ ජේ ආර් කියන්නේ මේ රටේ ගොන්නුන්ගේ ජන වින්නානේ හොඳින්ම වටහා ගත්ත පුද්ගලයා...

      Delete
  25. පාදඩයො ඒ කාලෙත් දෙශපාලනේට සම්බන්දවෙලා හිටියා.හිටියෙ බොහොම සිල්ලරට,එවුනුත් දේශපාලකයන්ගෙ ආවතේව කර්යො හැටියට පක්කිලිකම් කරමින්,මැරවර වැඩකරමින් මම දැක්කෙ මුන් කෙලින්ම දෙශපාලකයො වෙන්නෙ 87-89 ජවිපෙ අසාර්තක කැරැල්ලෙන් එල්ලවෙච්ච මරන තර්ජනත් එක්ක, මරනබයට බොහෝ ප්‍රාදෙශිය දෙශපාලකයො.දෙශපාලනයෙන් ඉවත් උනා.සමහරු මරනයට ලක් උනා.ඒ හිඩසට දෙශපාලකයො තමන් ලග හිටපු රස්තියාදුකාරයො මැරයොන්ට ටිකට් එක දුන්නා.එහෙම ආපු එවුන් අන්තිමේ ඈමති කම් ලබන තරම් දුරගියා(ජුවලරි මෑන් විසිනි )

    ReplyDelete
  26. පුරන් අප්පු දන්නවද? 80 දසකයෙ ආරම්භයෙදි, එවක කුප්ප්‍රසිද්ද චරිතවුනු "මරු සිරා" "පොඩි විජේ"ගෙන් පස්සෙ ලන්කාවෙම නමකියවුනු "විතාරන්දෙනියෙ උක්කුවා" (පසුව මේ චරිතය පියසිරි උභයරත්න චිත්‍ර කතාවකට නගන ලදි )ලග තබා ගෙන සිටි දකුනේ තරුන දේශපාලකයා ගෑන? වැඩි විස්තර පුවත් පත් වලින් සහ ඔබේ වෙලෙන්දා ගෙන්.

    ReplyDelete
    Replies
    1. එහෙම තියාගෙන හිටියට උන්ව බෞතීස්ම කරලා උන්ගෙන් යැපුනෙ නෑ නේ. උන් යැපුනේ දේශපාළකයගෙන්..

      Delete
  27. /ජෙප්පන් හෝ මේවාට විරුද්ධව හඬක් නොනගන්නේ, උනුත් දැන් මේ කොරමේටම අනුගත් වෙලාදෝ කියා වෙලාවක හිතෙනවාය/

    ජෙප්පොත් දැන් නූතන දේශපාලන සංස්කෘතියට අවතීර්ණ වෙනවා වගේ. හෙට අනිද්දට පැත්තෙන් වැඳගෙන ඉන්න පෝස්ටර්, බඩු බෙදන ෆොටෝ කෑලි එහෙම දකින්න බැරිවෙන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. දැන් තැටිය නොසෑහෙන්න රත්වෙලා. රොටි නම් පුච්චන්න බැහැ. යකඩ උනුකරන්න ගත්තහැකි මං හිතන්නේ...

      Delete
    2. ඇයි උඹ දැක්කේ නැද්ද ජෙප්පන්ගේ නව නායකයා රට ගිය වෙලේ සමාජිකයින්ගේ දරුවෝ ඒ යකාට දන ගහලා වඳිනවා.. ඒවට නෙමෙයි හ්ම් කියන්නේ...

      Delete
  28. රොටිය කර වෙලා නේන්නම්... අවන්ත ආටිගලගේ ugly duckling කාටුන් එක දැක්කද?

    ReplyDelete
    Replies
    1. දැක්කා දැක්කා.. ඌ තමයි මගේ ෆේවරිට් කාටුනිස්ට්.. ඊට වඩා පට්ට එකක් ඇඳලා තිබුනා දාසද කොහෙද.. සිරිසේන ඉස්සර පෙන්නපු හංසයා දැන් කොකා වෙලා ඉන්නවා..

      Delete
  29. මහින්ද ලොක්කා මාස දෙකකට සැරයක් පිස්සන් කොටුවට එන්න ලෑස්ති කර ගත්ත වෙලේ මට යන්තම් වගේ මතකයි උන්දැට පුටුවක් සෙට් කරන්න වෙච්ච මහන්සිය.. දැන් එතකොට තව 25ක් දාන්න ඕනද.. හරි සෝයි..

    ReplyDelete
    Replies
    1. දැක්කා දැක්කා.. ඌ තමයි මගේ ෆේවරිට් කාටුනිස්ට්.. ඊට වඩා පට්ට එකක් ඇඳලා තිබුනා දාසද කොහෙද.. සිරිසේන ඉස්සර පෙන්නපු හංසයා දැන් කොකා වෙලා ඉන්නවා..

      Delete
  30. හම්මේ ඤාව් ගෑවෙනව නේද මාතා...
    හපාලනේ බං යහපාලනේ....
    ඒකනෙ අර වැලි රාජුව අනුන්නෙ ගෑනුන්ට කොටු පයින්න ගිහිං පොරෝ පාරකුත් කෑවෙ...
    හිහි

    ReplyDelete
    Replies
    1. ප්‍රජාතන්තරවාදයේ මැක්සිමම්...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න