.

.

Mar 21, 2015

ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් ධූරයෙන් පිදීම හෙළා දකිමු... - Field Marshals of Sri Lanka


ජෙනරල් සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාරෂල් ධූරයෙන් පිදීම පිළිබඳව සම හරක් විරුද්ධ වී ඇත. මාතලන්ද ඒ පිරිස සමඟ එක්වන අතර, සරත් ෆොන්සේකා කළ ලබ්බක් නැති බව මාතලන්ගේද මතයයි. ජෙනරාල් ඒ ධූරයෙන් පුදන්නේ නම්, යුද්ධය වෙනුවෙන් අති විශාල මෙහෙයක් කළ, පහත් සඳහන් රණවිරුවන්ද එම ධූරයෙන් පුදා, යුක්තිය ඉටුකර මුක්තිය රැක ගන්නා මෙන්, ජනපති සිරිසේන වෙත මෙයින් නියෝග කර සිටිමි.

 

|

|

|

|

|

|

|


ෆීල්ඩ් මාර්ෂල් නානසාර 



ෆීල්ඩ් මාර්ෂල් පචවංශ
 

ෆීල්ඩ් මාර්ෂල් දිනේස්
 
  

ෆීල්ඩ් මාර්ෂල් මං ගොනා පිල


ෆීල්ඩ් මාර්ෂල් ගුන්ධුල බණවර්ධන 

  
ෆීල්ඩ් මාර්ෂල් මූසල් මෝල්

මීට අමතරව, මේ රට බේරාගැනීමට තම (අධෝ)මුඛයෙන් කැපවීම් කළ තවත් සම හරක් ඉන්නේ නම්, වහාම මාතලන් වෙත දන්වා සිටිනා ලෙසද අණ කර සිටිමි.

111 comments:

  1. ඔය ලබ්බ ලැබිය යුතුම සෙනවියා වන විමල් වීරවන්ශයන්ට ලබා නොදී ෆොන්සේකාට පමනක් ලබාදීම හෙළා දකිමු.....

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ එයාට දුන්නේ නැති එකට ඊයේ පෙස් කොන්පරන්ස් එකකුත් තිබ්බා...

      Delete
  2. ෆොන්සෙකා යුද්ද කරෙ ප්‍රබාකරන් එක්ක. විමල්, දිනෙශ්, ගම්මන්පිල, චම්පික යුද්ද කරෙ පොනිල් සහ උගෙ අවජාතක ගොලයො රොත්ත එක්ක. උන් දෙගොල්ලොම යුධ ජයඝ්‍රනයට දායක උනා මොකද 2005දී රනිල් දිනුවනම් ෆොන්සෙකා නිකන්ම නිකන් විශ්‍රාම ගිය මෙජර් කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. යුද්ද කාලේ ‍තෝ හිටියෙ තොගෙ අප්පගෙ ඇටේද රිලවෝ

      Delete
    2. යුද්දෙ කාලෙ අපි ඇටෙන් එලියට ඇවිල්ලා හිටපු හින්දා තමයි තොපෙ නායකයො එදා හමුදාවට අවමන් කරපු ඒවා අපිට මතක. ෆොන්සෙකා ගිනි නිවන හමුදාවටවත් සුදුසු නෑ කියපු, තොප්පිගල කැලයක් කියපු, යුරොපෙ ගිහින් කෙලාම් කියලා ලන්කාවට සම්බාදක දාන්න ඉල්ලපු අවජාතකයොන්ට ෆොන්සෙකා හොද උනෙ පොදු අපෙක්ශකයා උනාට පස්සෙ කියලා අපිට මතකයි.

      2007 සහ 2008දී අය වැය පරද්දලා යුද්දෙ නවත්තන්න හදපු නරුමයොන්ට ඒ පාපයෙන් ගැලවෙන්න බෑ ෆොන්සෙකාට ෆීල්ඩ් මාශල් කමක් දීලා. මිනිස්සුන්ට මතකයි, ෆොන්සෙකා කරපු කැපකිරීම සහ තොපෙ අවජාතක බටහිර ගැති නායකයො කරපු ද්‍රොහී වැඩ.

      Delete
    3. //2005දී රනිල් දිනුවනම් ෆොන්සෙකා නිකන්ම නිකන් විශ්‍රාම ගිය මෙජර් කෙනෙක්.//

      මම හිතන හැටියට 2005 රනිල් දිනුව නම් හමුදාපති වෙන්නේ ජානක පෙරේරා. අපේ ස්ටොරිය වෙනස්ම එකක් වෙන්න තිබුනා.

      Delete
    4. ඒක නේන්නම් එයාලටත් දෙන්න යෝජනා කළේ.. එකෙක් කතා කලාද මේ ගැන මාතලන් ඇර...

      Delete
  3. වහාම මෙම පදවිය ඇස්.බී දිසායාකනට,මැරවින් සිල්ලාට,ඇහින්දානන්ද පරණගමගේට, අරුණා කම්මාන්ට,පීල්ලෙයන්නාට සහ ඇක්සන් ජැන්තනී යන අයටද ලබා දෙනු!

    ReplyDelete
    Replies
    1. ජැක්සන් ඇන්තනී කෝ බං....

      Delete
    2. මහා මහා මහා ජංජාලේ.. කරන්න ගිහින් බේරෙ වැවේ ගිලිලලු!

      Delete
  4. පොන්සේකාට පීල්ඩ් මාර්සොල් කම දෙනවානම්, පස්සෙ කියපු උන්ට පෑඩි පීල්ඩ් මාර්සොල් කම් අනිවර්යයෙන්ම දියයුතුයෑයි ඉල්ලා සිටිමි.තවද ජේ ආර් පි සුරියප්පෙරුම රෙන විරුවාටත්,අතේ ගහන කුරුල්ල්ලෙක්ව වත්(ගුවන් හමුදා)අඩුම වශයෙන්, දිය යුතුමයි.(රන්ජන්)

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ඌට නම් අතේ ගහන කුරුල්ලෙක් නැත්නම්. පුකේ අරින සාජන් කෙනෙක් දුන්නත් අවුලක් නෑ...

      Delete
    2. මන බදිනා රුව සොඳිනා
      සුදු වතිනා බබළවනා
      උදක පෙරා කිරි වෙනමා
      ගනියි මනා සිතති දනා
      තටු සලනා ඉගිල යනා
      දුටිමු වණා ගුරු හැරෙනා
      හැදින එමා කොකෙකු කනා
      මුළාවූ දනා රවතී හෙනා

      Delete
  5. දැන් අර තව දෙන්නෙක් ඉල්ලනවනේ ඒ දෙන්නත් යුද්ද කරපු නිසා එයාලටත් දෙන්න කියලා ඔය මාර්සොල් එක. හැබැයි ඉතිං පොනී නම් සුදුසුකමක් වසයෙන් හිරේ ගිහිල්ලා ආවා. අර දෙන්නටත් හිරේ ගිහිල්ලා එන්න කියමු. ඊට පස්සේ දෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හිරෙ ගියාට මදි. කඩෙ යන්නත් ඔනෙ.

      Delete
    2. ඇයි රිලවෝ උන් දෙන්න අවුරුදු දහයක් හොර ජරාපස්සට කඩේ ගියා මදිද ?

      Delete
    3. හැක් හැක්...කුරුම්බැට්ටි මැසිම තුන්පාරක් කොළඹට බෝම්බ ගහල යනකල් බිම දාගන්න බැරිවෙච්චි සෙද්දෙ ගූ හමුදාවටයි, දිගම්පතනෙ ට්‍රාන්සිට් කෑම්ප් එක ආරස්ස කරගන්න බැරිවෙච්චි එන්නෙ නැති හමුදාවටයි අනිව දෙකක් දෙන්න ඕන තමයි.

      Delete
    4. යහපාලන නරි 2010ට කලින් යුද, නාවික, ගුවන් හමුදා විරුවන් තුනටම අපහාස කරා. දැන් යුද හමුදාව විතරක් හොදයිලු ගුවන් හමුදාවයි, නාවික හමුදාවයි ගූ හමුදාවල්ලු! රාජපක්ශට කඩෙ ගියාලු! ගුනමකු යහපාලන නරි මෙ හදන්නෙ ත්‍රිවිධ හමුදාව ඇතුලෙ බේද හදන්න.

      Delete
    5. අඩෝ ගෙරි සිංහයා තෝ දැනගං.. යුද්දෙදි වැඩියෙන්ම ලොස් වෙලා තියෙන්නේ ආමි එක.. අලිමංකඩ හා මුලතිව් ඔවර් රන් කරපු එක ගැන බෝ අහල නැද්ද? කොළඹ හා දිගම්පතන කියන්නේ නොන්-ඔපරේශන් ඒරියා.. ඒවයේදී ඇටෑක් කරන්න සතුරට පහසුයි. කොළඹ බෝම්බ පුපුරපු හැටි මතක නැද්ද? ඒ වගේ ජැෆ්න ටවුන් එකේ හරි ට්‍රින්කො ටවුන් එකේ හරි පිපිරුවද? මුලතිව් අලිමංකඩ ඕවරන් කරේ ඔපෙරශන් ඒරියා එකේ රෙඩ් ඇලර්ට් ඉන්නකොට.. හුහ්.. යුද්දෙ තියෙනකම්ම මරාගෙන මැරෙන බෝට්ටු තිබ්බ ලෝකෙ එකම ත්‍රස්තවාදී හමුදාවත් එක්ක හැප්පිලා සී සුපිරියෝරිටි එක තියාගෙන ඉන්න උඹ ඔය කියන එන්නෙ නැති උන්ට පුළුවන් උනා.. ඔය කුරුම්බ ඇට්ටි කැලෙන් උස්සලා දෙතුන් පාරක් කරකන්න කලින් එයාර් සුප්‍රිමසි එක තිබ්බ ඔය කියන ගූ හමුදාවට.. යුද්ද හමුදාව මොකද කරේ? දෙක දෙනකොට අත ඇරල ආවා.. මුලදි හරියට අල්ලගෙන හිටියනම් ආපහු ගන්න ඔච්චර දුක් විඳින්න ඕනිද? ලංකාවේ තුනෙන් එකක් භූමියට එදා තොපිට යන්න පුලුවන් උනාද? අම්මගෙ රෙද්ද එනව මෙතන.. හුහ්..

      Delete
    6. අඩෝ කල්‍යාණි, උඹල හිතන් ඉන්නෙ නො-එන බුවාල පොරවල් කියලද?

      යකෝ, ලංකාවෙ හමුදා ඉතිහාසෙ සතුරො මරපු ඉහලම නිළධාරිය වෙන්නෙ නාවිකහමුදාපති ක්ලැන්සි ප්‍රනාන්දු, 1992 දි. තව මොනාද කතා ඉතින්.

      ට්‍රින්කො ටවුම කියන්නෙ තුන් පැත්තකින් වතුරෙන් වැහිල, පාරවල් දෙකකින් එන්න තිබ්බ හිච්චං ටවුමක්නෙ. ඕකෙ තිබ්බ බොලාගෙ කෑම්ප් වලට ගහල ඩෝර අරවමේව කීයක් විනාස කරලද කියල ජාලෙ තීනව, දන්නැත්න් බලහං.

      අර ප.ම කිව්ව වගේ ලංකාවෙ හමුදාව වගෙම නේවි එකත් යම් තැනකට ආවනං, ඒ උන් දස්ස නිසා නෙමෙයි, කොටි උන්ට වඩා දක්ශ නිසා. කොටින්ගෙ සබ්මැරීන්, යූ බෝට් ටයිප් සුයිසයිඩ් බෝට් වගේ අලුත්ම සොයා ගැනීම් එක්ක හැරෙන්න තියා රෙන්න බැරුව හිටිය නේවි එක ගොඩබිම් සටන හින්ද යන්තන් ගොඩ ගියා. නැතුව පෙට්‍රල් ගිහින් වටේ මුර කරා මිසක් එක හරිහමන් බැට්ල් ඔපරේෂන් එකක් නම් කරන්න පුළුවන්ද ලංකාවෙ නේවි එක කරපු?

      නිකම්ම නිකන් සැහැල්ලු සෙස්න ටය්ප් ප්ලේන් එහෙකින් ජීප්සීඑස් එකක් කිහ්ල්ලෙ ගහන් ඇවිත් කොළඹට බෝම්බ දාල තුන් පාරක් යහතින් ගිය කුරුම්බැට්ටි මැෂිමට වෙඩි තියාගන්න හෙලිකොප්ටරයක් උසගන බැරි වෙච්චි ගූ හමුදාව ගැන මොන කතාද බං? අන්තිමට කුරුම්බැට්ටි බිම දාගත්තෙ 90දි සදාම් හුසේන් ලෝකෙ ප්‍රභලම ගුවන් හමුදාවට ගහන්න පාවිච්චි කරපු ක්‍රමේ තමා මේ මහලොකු ඩයල් අර කුරුම්බැට්ටියට ගහන්න ගත්තෙ.

      ඒ මහා තාක්ෂනය තමයි, සතුරු ගුවන් යාන එනකොට නගරෙ ලයිට් සේරම නිවල පිස්සුවෙන් වගේ අහසට වෙඩි තියන එක හැම තැනම ඉඳල. මෙහෙම කණා පල්ලං ගහපු ඒව වැදිල යුද්දෙ අන්තිම දවස්වල උන්ගෙ ප්ලේන් දෙක වැටුන මිසක්, කිසිම ඒරියල් ඇටෑක් එකක් දෙන්න මුන්ට බැරි උනා.

      ඔව්, යුද්දෙදි වැඩිපුර මලේ යුධ හමුදවෙ තමා, මොකද් උන්නෙ බැට්ල් ෆීල්ඩ් එකට ගියෙ. උඹ කිව්ව මුලතිව් අලිමංකඩ ඕවර් රන් කරාලු. තනිකර නේවි සප්ලයි මත යැපුන මුලති වලට උදව් කරන්න සෙනග යවාගන්න පුලුවන් නේවි එකක් තිබ්බනං සුසෙයි/ කරුණ එකතුව දීපු මුලතිව් ඇටෑක් එක කවුන්ටර් කරන්න බැරිවෙන්නෙ නෑ. කොහෙද, ගූ යනවනෙ සුසෙයි කිව්වම.

      අනික තමා, ලෝකෙ කොහෙවත් නේවි /එයාර් ෆෝස් වලින් යුද්ද දිනල නෑ. මෑතකම තිබ්බ ගල්ෆ් වෝ එකේ, ඉරාකෙටයි කුවේට් වලටයි බෝම්බ වැස්ස, ඒත් ගොඩබිම් සටන් පටන් ගන්නකල් හුසේන් කුවේට් දාල ගියෙ නෑ, ඒ නිසා මොන වැඩ දැම්මත් උඹලට යුද්දෙකදි පයින් ගිහින් තුවක්කු කරේ තියාන වෙඩි තියන හමුදාව තරම් ලොකු වැඩ්ඩො වෙන්න බෑ.

      Delete
    7. ලබ්බ තමයි.. ඔව් ඩෝ අපි හයිටෙක් තමයි.. ඉල්ලුමට අනුව තමයි සැපයුම.. හයි ස්පීඩ් ස්මෝල් ටාගට් එකක් වෙන සුවිසයිඩ් කොටි බෝට්ටු වලට උබ කියන්නේ ෆ්‍රිගේට් ඩිස්ට්‍රොයර්ස් වලින් ගහන්න කියලද? ඒකට හරියන්න තමයි ඩෝ ඩෝර ස්කොඩ්‍රන් එක හැදුවේ.. උඹ නොදන්නව උනාට ගොඩක් ආමි උන් දන්නව සී බැටල් එකක් කියන්නේ මොකක්ද කියල.. උන් යන නැව් කොහොමද නේවි එකෙන් ස්කොට් කරන්නේ කියලා.. ට්‍රේසර් බුලට් තියෙන්නෙ 5කට එකයි.. ඒ යුද්දෙන් 5න් එකක් දැකල ආමි උන්ට පිස්සු හැදෙනව.. ආමි උන්ට පුලුවන් කැමතිනම් ගහන්න නැත්නම් මුවා වෙලා ඉන්න එක්කො විත්ඩ්‍රෝ වෙන්න.. මුහුදෙදි ඒ හුකාරිස් බෑ.. තෝත් ඕපන් මාත් ඕපන් ඉස්සර වෙච්චි එකා දිනුම්.. අනිත් එකා සදාකාලිකවම ඩේවි ජෝන්ස් ලොකර් එකට තමයි. අද මේ ලැප් ලබ්බෙන් හිංගල කොටන්න අමාරුයි.. මං හෙට අර උඹ කියපු සී බැටල් ටිකක් ගැන මෙතනම කොටන්නම් කී බෝඩ් එකක් හොයාගෙන..
      ක්ලැන්සි ෆර්නෑන්ඩු සීනියර් උනාට මෑන්ට වැඩිය ඉම්පෝටන්ට් ටාගට් එකක් තමයි පාරමී කුලතුංග.. ක්ලැන්සි ෆර්නෑන්ඩුව මැරුවේ රිවේන්ජ් එකකට නෙවෙයි.. උන්ට දකුණේ ආණ්ඩුව හා හමුදා බය ගන්නන්න.. එතකොට ඊට වැඩිය ලොක්කො ප්‍රේමදාසල රන්ජන් විජේරත්නල මැරුවේ නේවි එකේ ලොස් කමටද.. දැනගං ලංකාව කියන්නේ දිවයිනක්.. එහෙව් එකක සීනියර් ෆෝස් එක වෙන්නත් ඕනි ෆස්ට් ලයින් ඔෆ් ඩිෆෙන්ස් වෙන නේවි එක මිසක් රට අතුලෙ තුවක්කුවක් කරේ තියන් කාල් ගාන ආමි කාරයෝ නෙවෙයි.. ඔක්කොම රුවිතෙට යන ලංකාවේ මෙහෙම උනාට..

      //ලෝකෙ කොහෙවත් නේවි /එයාර් ෆෝස් වලින් යුද්ද දිනල නෑ// ජාලේ ඒ ගැන විස්තර හම්බෙන්න නැතුවැති මං හිතන්නේ.. අනෙ යකෝ.. රට රටවල් අතර ඉස්සර යුද්ද කරේ ආමි කාරයා කරේ තියන් යන බයිනෙත්තුවෙන්ද? පොඩ්ඩක් බැට්ල් ඔෆ් මිඩ්වේ Battle of Midway වගේ ටයිප් කරල සර්ච් කරල බලපංකෝ ඔය ජාලෙම වෙලාවක.. නැත්නම් ඔය එලෝ කෝටියක් තියෙන ෆිල්ම් ටිකක්වත් බලපං..

      ලංකාවේ මෙතෙක් වෙච්චි එකම ඇම්පීබියස් ඔපරේශන් එක තමයි ඩෝ මුලතිව් ඔප් එක.. ඉල්ලපු වෙලාවට නේවි එකට පුලුවන් හොඳම විදියට මුලතිව් වලට රීන්ෆෝස්මන්ට් දීල තියෙනවා ඩෝ. එතන කෑම්ප් එකක් අටෝ ගන්න කලින් උන් හිතල බලන්න ඕනි රීන්ෆෝස්මන්ට් ගෙන්න ගැනීමේ හැකියාව ගැන.. ඒ මොකුත් නැතුව නොට් 5-6 ස්පීඩ් කරන බේබි ලැන්ඩ දෙකක් තියෙන නේවි එකකින් ට්‍රින්කො ඉදල මුලතිව් වලට සුටුස් ගාල රීන්ෆෝස් කරන්නද උඹ කියන්නේ.. එයා ෆෝස් එකටත් එහෙම තමයි.. උන් බොම්බ් කරන්නේ ආමි එකේ රෙකී යන උන් දෙන කෝඩිනේට්ස් වලට.. උන් බුල ගහල වැරදි කෝඩිනේට් දුන්නම අරුන් කෝමද බොම්බ් කරන්නේ.. නැත්නම් කොහොමද අන්තිම කාලේ හරි ඉන්ෆොමේශන් ආවහම තමිල් චෙල්වම් ගේ ඔලුවටම අතාරින්නේ.. ජාලෙ බලල නෙවෙයි යුද්ද කොරපු එකෙක් එක්ක කතා කරල වරෙන් හෙට එනකොට.. මං උඹේ ඔය සිංහ හම ගලවන්න.. පුහ්..

      Delete
    8. කල්‍යාණ, හොඳම දේ මෙහෙම ලියන එක නෙවේ. උඹ උඹේම සයිට් එකේ ලියපං. එතකොට මේවා මීටවඩා සවිස්තරව කාටත් තේරෙන විදිහට ලියන්න පුළුවන්.

      ගියමාසේ මම ගියා බටහිට වෙරළේ සැඟවුණු තැනක තියන නාවික හමුදා විශේෂ ප්‍රහාරක බෝට්ටු SBS බලගණයක් තියන තැනකට. හරි ආඩම්බරයක් ඇතිවුනා උන් ඒක ලස්සනට පවත්වාගෙන යනහැටි දැකලා. ළඟටම යනකල් කියන්න බහ එතන එහෙම දෙයක් තියනවා කියලා.

      Delete
    9. හූ.......... හූ.........

      එයාලා එකසිය ගානට මහින්දට කඩේ ගියාට ෆීලඩ් මාර්සල් හම්බ උනේ නෑ නේ......

      ආන් එකට සිරිසේන උන්නැහේලා....

      Delete
    10. ඇත්තටම කමියො ලියපන්කො හොද ලිපියක් මේ ගැන.

      Delete
    11. ඉන්දික උඹ දන්නවනේ මේක උඹෙයි මගෙයි සිරා වලියක් නෙවෙයි කියල.. අර උඹේ කලින් පෝස්ට් එකේ තිබ්බ වගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීහිටීමක් විතරයි මචෝ.. මං දන්නව උඹත් ඔය බොරුවට ගෙරෙව්වට මේ ගැන හොඳින්ම දන්න බව... විචාරක තුමාගේ කොමෙන්ට් එකට මෙන්න සැලියුට් එක.. ඒක කෝටියක් වටිනවා.. යුද්දෙදී යුද හමුදාවේ කාර්යබාරය ගැන මං කවදාවත් අඩු තක්සේරු කරල නෑ.. මං ආමි කාරයෙක් නොවුනේ වෙලාවට උන් කාපු කටු විඳපු දුක් මටනම් ජීවිතේට විඳින්න බැරිවෙයි.. එකසැරයක් හෙන ගහන්න වදින මුහුදේ ඩෝරා එකක ගිය ආමිකාරෙයෙක් ඉන්නවනම් ඌ කියන්නේ ඕකෙ අනිත් පැත්ත. එහෙම තමයි හැමෝගෙම කාර්යභාරය උනේ ඉතා දුශ්කර එකක්.. ඒ නිසයි මේ යුද ජයග්‍රහනය සීයට ගනනින් කොටස් කරල බෙදා ගන්නවට මං කැමති නැත්තේ.. ඒක ජනරාල් (දැන් ෆීල්ඩ් මාශ්ල්) කියනකොටත් මං විරුද්දයි.. පහල ලංකා සිතුවිලි ලියනකොටත් මං විරුද්දයි.. ඒ වගේම යුද්ද කරල මැරිච්චි උන්ගේ පවුල් අනාත වෙලා ඉද්දී අතපය අහිමි වෙච්චි එවුන් පාරට වැටිල යන එනමං නැතුව ඉද්දි.. අපි වගේ යුද්දෙං පස්සේ අයින් වෙච්චි උන්ට අඩුම තරමින් ටෙස්ටොමනි එකක්වත් නැතුව ඉද්දි.. අපේ ලමයෙකුට ඉස්කෝලයක් නැතුව ගෑනියි ලමයිනුයි හැතැම්ම සිය ගානක් ඈත ගමේ තියල ඇවිත් කොළඹ දුක් විඳින්න වෙලා තියෙද්දී (මේ අන්තිම දෙක ලියුවා කියලා මේක පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීමක් ලෙස හිතන්න එපා වැඩි දෙනෙකුට වෙලා තියෙන දෙයක් මටත් වෙලා තියෙන නිසා මගෙන්ම උදාහරණ ගත්තේ.) එක මනුස්සයෙක්ට විතරක් රත්තරනින් තැලිපිළි පළන්දල ජෝගි නටනවටත් විරුද්දයි.

      කම්මල කියුවා වගේ වෙලාවක ලියන්නම්.. එතකන් මේක දාන්නම්. ඉන්දිකයට සී බැටල් එකක් ගැන කියවන්නත් එක්ක.. සටන් විරාමයකට අවසර.. (එකඟ නම් පමණි.) ජය ශ්‍රී!

      Delete
    12. අඩෝ එහෙම කොහෙද නාන හමුදාවෙ උන් ගූ බයයි දැක්කනෙ...

      හෙහ්..හෙහ්... ක.මිය මචෝ, සිරාවට නැගල ආව ගේම බලන්න කට්ටිය දත මැදන් ඉන්නකොට විචා වැඩේ චොර කරා බං.

      උඹල වගේ යුද්ද කරපු උන් එක්ක පොත් පත්තරවලින් යුද්දෙ දැකපු උන් කතාකරනකොට එන හැඟීම දැනෙන්නෙ නැතිතරමට ලාදුරු නෑ. අනික කොච්චර උනත් ගැට්ට නැතිවෙන්නැති ඔය ගුණය තමා අපේ හමුදවල ශක්තියත්. ඒ එක්කම තමන් නියම "මැචුවර්ඩ් පොරක්" කියල නැවත පාරක් ඔප්පු කරපු විචා මහත්තයටත් මගේ මෙව්ව එක!

      උඹත් මේක අල්ලල දාල ආච්චි ගැන ලියහන්, මුන් කවුරු මාෂල් උනත් අන්තිමේ වෙඩි තියන්නෙ අපේම පුකවල් වලටයි මචෝ.

      මාත් උක්ගස් කපන්න හමුදාවට ගෙහුන් වෙලාව දුවන්නෙ නැති ඔරලෝසු මූනක් අතේ ගහගෙන පැන්ෂන් ගිය මගේ ලොක්ක ගැන ලියන්න ඉන්නෙ.

      Delete
  6. ලිපිය නම් පන්කාදුයි... දේශපාලනය ගැන කතා කිරීමට අකමැති බැවින් ඒ පිලිඹ්ඳව කිසිවක් නොපවසමි...
    කැමරාවෙන් එහා ලෝකය

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      අයි බයද නැතිනම් ?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. බයකට නෙවෙයි. බය නම් නියම ප්‍රොෆයිල් එකෙන් බ්ලොග් එකක් ලියන්න පටන් ගන්නෙත් නෑ. මූන දාගෙන ඉන්නෙත් නෑ. දැනුම් තේරුම් තියෙන කාලෙ ඉදන් ලංකාවේ දේශපාලනය ගැන කලකිරිලා ඉන්න නිසයි ප්‍රතිපත්තියක් විදිහට දේශපාලනය ගැන කිසිම තැනක කතා නොකරන්නෙ.
      (මට දේශපාලනයේ බය වෙන්න කිසිම හේතුවක් නෑ. අප්පච්චි ජීවත් වෙලා ඉද්දි ගමේ එජාප සංවිධායක, දැන් ලොකු මාමා ශ්‍රීලංනිප සංවිධායක, අනිත් මාමා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී. නෙරන්ජන්, අලවතුවල දෙන්නම පුද්ගලික හිතවතුන්. මම කවදාවත් දේශපාලකයින්ගෙන් කිසිවක් අරගෙනත් නෑ. ඉතින් මොකටද බය වෙන්නෙ?)

      Delete
    5. මනුස්සයෙක් ම්ධ්‍යස්තව ඉන්න එක බියගුලු කමක් කියලා නම් මන් හිතන් නෑ. කුමන හෝ ප්‍රවාහයක් තෝරා ගැනීම හෝ නොගැනීම ඕනෙම කෙනෙකුට තියෙන අයිතියක්.

      ඒත් කෙලින් කතා කරන්න බැරුව හැංගි හැංගි කෑ ගහන එක නම් බියගුලු කම කියල ඕනෙ කෙනෙක් දන්නවා. බය නැත්නම් ඇනෝ එන්නෙ නැතුව නියම ප්‍රොෆයිල් එකෙන් එන්න පුලුවන්නෙ කොන්ද පන ඇතුව. මොකටද ඇනෝ එන්නෙ බය නැත්නම්. වැද්දො බණ කියන්නෙත් ඔහොමලු.....

      Delete
    6. පොන්න ඇනෝලා කියන එවා ගනන් ගන්න එපා.. බයද කියලා අහලා තියෙන්නේ උඹෙන් නෙමෙයි මගෙන්.. බය කියන් එක අපේ පරම්පරාවේ වත් නෑ...

      Delete
  7. ෆීල්ඩ් මාර්ෂල් රෝහිත රාජපක්ෂ
    ෆීල්ඩ් මාර්ෂල් සචින් වාස්
    ෆීල්ඩ් මාර්ෂල් කරුණා අම්මාන්
    ෆීල්ඩ් මාර්ෂල් දයා මාස්ටර්
    ෆීල්ඩ් මාර්ෂල් කුමර් පද්මනාදන්
    ෆීල්ඩ් මාර්ෂල් පිල්ලයාන්
    ..............

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවනම් නැගෙනහිර මුදා ගැනීම සහ යුද්ධය අවසන් කිරීමට කරුණා සහ පිල්ලෙයාන් ලොකු දායකත්වයක් දුන්නා. ඉස්සර LTTE එකට යුද්ධය පවත්වා ගැනීමට ඔවුන් දායකවුනා වගේම ඔවුන් LTTE එකෙන් අයින්වූ පසු යුද්ධය අවසන් කිරීමටත් ඔවුන් වැදගත් සාධකයක්. ලෙමන්පෆ් රිලවුන් හා ගුනවර්ධනලට වඩා දෙයක් ඔවුන් කලා.

      Delete
    2. ප්‍රා ජේ ගේ පොයින් එක අනුව රනිල් වික්‍රමසිංහටත් දෙන්න වෙනවා...

      Delete
  8. චැහ් …… අසාධාරණයි !!

    ප්‍රභාකරන් හිටියෙ නැත්තක් ෆොන්සේක බොස් ගනී ඔය පට්ටං … මොකෝ තනියෙං යුද්ධ කරන්ඩ කියලෑ ..??

    හරිනං ඔයින් පට්ටං දෙකක් හදල දෙන්නට සම සමව දෙන්ඩෝනැ .. ඕ යේස් .

    ReplyDelete
    Replies
    1. දවසේ කමෙන්ට් එක...++++++++++

      Delete
    2. අනිත් දෙන්නට දීලා ප්‍රභාටත් දෙයි... අතින් යන එකක්ය බං.. අපේ සල්ලිනේ...

      Delete
  9. ගුවන් හමුදාපති කලේ සරුංගල් ඇරීම. නාවික හමුදාපති කලේ මාළු ඇල්ලීම. එකෙක් ෆීල්ඩ් මාෂල්, අනික් දෙන්නට හුප්පේ. පොන්සිකෝ කැචයි හොජේ?

    ReplyDelete
    Replies
    1. යකෝ නැව් කීයක් ගිල්ලුවාද මෙයා ලොක්කා කාලේ ? එතකොට අරයා ලොක්කා කාලෙ ක‍ටුනායක අනුරාදපුර කීයක් ගුවන් යානා විනාස කලාද කොටි ? ඉතින් ඒ දක්ෂකම් වලට දෙන්නම ඕනෙ නේද ?

      Delete
    2. මෙයාගේ යටතේ තිබුණ හමුදාවෙන් කීයක් මැරුවද?

      අනික ෂෙල් ගහලා යුධ අපරාධ කලෙත් මෙයා යටතෙම හිටි පාබල හමුදාව මිසක් සරුංගල් ඇරපු ගුවන් හමුදාවයි මාලු අල්ලපු නාවික හමුදාවයි වෙන්ඩෝන.

      Delete
    3. ඔක්කෝටම දීලා ඉතුරු උනොත් අපිටත් දෙන්න ඕන.. මොකෝ අපිත් එදා තද කරගත්ත පටිය අද වෙනකනුත් තද කර ගත්ත ගමන් නේ...

      Delete
  10. ලමාතන්
    ලබ්බටද නාන සාරට ෆීල්ඩ් මාර්ෂල් දෙන්නේ myත්‍රි ට කියලා නනසාරට , අප බුදු රජානෝ කියලා ප්රෝමොසන් එකක් අරන් දෙන්න කැම්පේන් එකක් ඕගනියිස් කරවමු
    ජැකාව ඉන්න තැනකින් හොයාගමු නොර්වේ බැකප් එක දෙයි

    අනිත් අධෝ මුකයෙන් කැපවීම් දේශනා කරපු ඔක්කොම හිතා ගෙන ඉන්නේ උන් ෆීල්ඩ් මාර්ෂල් උන්ලා කියලා

    ReplyDelete
    Replies
    1. නානසාර ගිනි (තියන ) හමුදාවේ කමාන්ඩර් ඉන් චීෆ්.
      පස්සේ රහත් මාර්ෂල් එකදීල බර්ත්ඩේ පාටි එකක්.

      Delete
    2. නානසාර වැඩිකල් යන්න කලින් ෆීල්ඩ් මාෂල් කෙසේ වෙතත් කෝට් මාෂල් නම් වෙන්න පුළුවන්... ඉල්ලගෙන වළඳන්නයි ලෑස්ති වෙන්නේ...

      Delete
  11. මේ ජාතික අපරාධය ට විරුද්ධව එකා මෙන් පෙලගැසෙමු.
    ඩයස්පෝරාවේ මෙවර කුමන්ත්‍රණයත් පරාජය අක්රමු.

    ReplyDelete
    Replies
    1. මෙවා විජාතික බලවේග වල කුමන්ත්‍රණ
      මේ පිටුපස රෝ සංවිධානෙත් ඉන්නවා.

      Delete
  12. මෙච්චර අයට දෙන එකේ ජැකාටත් දෙමු මචෝ ....... මට හරිම මෙව්වා එකයි අර උගේ පරණ මහාසිංහල වන්සේ කබල් ගාන යු ක්ලිප් බලන කොට

    ReplyDelete
    Replies
    1. එතකොට අර ඒකට ඇවිත් අම්බ පච කෙලින මයිනෝ ටිකයි මයිනියි...

      Delete
  13. Naa.. Oya ekekwath nemei. Mahinda ge baala putha. Ara chi chi da chu chuu da kiyana hipaatuwa. (Paw ban maatha ayye. Uuta den handata yanna wenne joint ekak gahala thamai) lol

    ReplyDelete
  14. ඇයි කැලණියෙ දු‍ටුගැමුණු අමතකද ?

    ReplyDelete
    Replies
    1. එයා දැන් යහ පාළනයේ නේ....

      Delete
  15. සෙන්පති සරත් ෆොන්සේකා!
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හෙට සිට ෆීල්ඩ් මාෂල් තනතුරට පත් කෙරේ. ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරියකු මේ තනතුරට පත් කරන පළමු අවස්ථාව මෙය වේ. ෆීල්ඩ් මාෂල් තනතුරට තරු පහක් හිමි ය. තරු පහක් හිමි හමුදා නිලධාරීන් විශ්‍රාම යන්නේ නැත. තවත් සුවිශේෂ පහසුකම් හා අභිමානවත් තත්ත්වයක් ද මෙබඳු හමුදා ප්‍රධානියකුට හිමි වන්නේ ය. මහා බ්‍රිතාන්‍යයේ හමුදා සම්ප්‍රදායයට අනුව හමුදාවක සේනාධිපතියා වන්නේ ෆීල්ඩ් මාෂල් තත්ත්වයේ සිටින තැනැත්තා ය. ජර්මනියේ ඉහළම යුද වීරයනට මේ තත්ත්වය ලබා දී තිබේ.

    ජෙනරල් සරත් ෆොන්සේකා මහතා මේ පදවිය පිරිනැමීම සඳහා සෑම අතකින් ම සුදුසු හා යෝග්‍ය බව බොහෝ දෙනාගේ පිළිගැනීම ය. එක අතෙකින් සරත් ෆොන්සේකා මහතා සතු යුද ශිල්ප පිළිබඳ ඥානය හා ඊට අදාළ උපාධි ආදිය ද සම්මාන සහතික ආදිය ද ඊට සාක්ෂි ලෙස පවතී. තව අතෙකින් සරත් ෆොන්සේකා මහතා සතු දීර්ඝ කාලීන හමුදා අත්දැකීම් ද ඊට සාක්ෂි ලෙස පවතී. තව අතෙකින් ඔහු ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ද සිය මව්බිමේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ද සිය ජීවිතයෙන් කළ කැපවීම ඉතා ප්‍රබල සාක්ෂියක් ලෙස පවතී.

    සරත් ෆොන්සේකා මහතා තරම් ශ්‍රී ලංකාවේ යුද්ධයට හා ත්‍රස්තවාදයට ප්‍රායෝගිකව මුහුණ දුන් වෙනත් හමුදා නිලධාරියකු නැති වන්නට පුළුවන. ඔහු 1993 යාල්දේවී මෙහෙයුමේ දී බරපතළ ලෙස තුවාල ලැබුවේ ය. එහෙත් ඔහුගේ මෙහෙයුම සාර්ථක කර ගත්තේ ය. නැවත ජය සිකුරු මෙහෙයුමේදී සහ 1998 මෙහෙයුමක දී නැවතත් බරපතළ ලෙස තුවාල ලැබුවේ ය. 2006 අප්‍රේල් 25 දා ඔහු ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක අවස්ථාවකට මුහුණ දුන්නේ කොටි ත්‍රස්තයන්ගේ බරපතළ ප්‍රහාරයක් නිසා ය. සරත් ෆොන්සේකා මහතාගේ ශරීරයේ කොටස් ගණනාවක් මේ අනතුරේ දී ඉවත් කිරීමට සිදු විය. එහෙත් ඔහු යුද්ධය අතහැරියේ නැත.

    2009 මැයි 19 දා ත්‍රස්තවාදය අවසන් කළේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලෝකය හමුවේ ප්‍රකාශ කරන්නට ලැබුණේ ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුතු හමුදාව නිසා ය. ත්‍රස්තවාදී ව්‍යාපාරයක් පරාජය කිරීමේ සම්පූර්ණ වගකීම පැවරී ඇත්තේ රටක පාබල හමුදාව වෙත ය. එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රහාර සලකා බලන විට ද එම තත්ත්වය හොඳින් පැහැදිලි වේ. ඔහු යුද්ධය හරියට කළේ ය. උපාය මාර්ග නිසි ලෙස භාවිත කොට එය ජයග්‍රහණය කරා ගෙන ගියේ ය.

    සරත් ෆොන්සේකා මහතාගේ කැපවීම‍ කෙතරම් ද යත්; ඔහුගේ නිදන කාමරයේ අලවා තිබුණේ උතුරට සම්බන්ධ භූගෝලීය සිතියමකි. ඔහුගේ බිරිඳ අනෝමා පසුගිය කාලය තුළ පැහැදිලි කළ අන්දමට ඔවුන්ගේ ඇඳ මත එදා බොහෝ විට දිගහැරුණේ යාපනේ සිතියම ය. ත්‍රස්තවාදය පරාජය කිරීම හා යුද්ධය ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ඇඟට ජීර්ණය වී තිබිණි. මේ තත්ත්වය නිසා ඔහුගේ පවුලේ ප්‍රශ්න ඇතිවිය. සමාජ ප්‍රශ්න ඇතිවිය. සතුරන් වැඩිවිය. සරත් ෆොන්සේකා මහතා හැම අතින් ම අභියෝගයට ලක්වන්නේ යුද්ධය නිසා ය. එහෙත් පසුකලෙක ඔහුට එහි සාධාරණත්වය හා යුක්තිය ඉටුවූයේ නැත.

    ත්‍රස්තවාදී ව්‍යාපාරයක් අවි බලයෙන් යටපත් කළ ලෝකයේ කැපී පෙනෙන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් විය. එහි ගෞරවය රටේ නායකයෝ හා වෙනත් නිලධාරීහු ලබා ගත්හ. යුද්ධය වෙනුවෙන් තමන්ගේ ඇස් - ඉස් - මස් - ලේ පූජා කළ හමුදා නායකයන් හා සෙබළුන් ගෞරවයකට ලක් නොවී කොන් වී යන්නට පටන් ගත්තේ ය. යුද්ධයේ ජයග්‍රහණය යුද වීරයන් වෙත නො ව දේශපාලන නායකයන් වෙත තල්ලු වී ගියේ ය. එහි තවත් භයානක ප්‍රතිඵලයක් වූයේ සරත් ෆොන්සේකා මහතාගෙන් පළිගැනීම සඳහා ද කණ්ඩායමක් ඉදිරිපත් වීම ය. ෆොන්සේකා මහතා 2009 දී සිය තනතුරෙන් ඉල්ලා අස්වන්නේ එම හේතුව නිසා ය.

    ත්‍රස්තවාදය පරාජය කළ නායකයා අන්තිමට හිර ගෙදරට ගියේ ය. යුද්ධයේ ජයග්‍රහණය අත්පත් කර දුන් හමුදා නායකයා අන්තිමට විශ්‍රාම වැටුපත් අහිමි කළේය. වසර හතළිස් ගණනක් පුරාවට ජීවිතය කැප කිරීමෙන් උපයා ගත් විශ්‍රාම වැටුප අහිමි කිරීම යනු වෘත්තිකයකුට කළ හැකි බලවත් ම අපරාධය වන්නේ ය. ගිය ආණ්ඩුව කිසිදු පැකිළීමකින් තොරව ඔහුට එය අහිමි කළේය. තරු හා සම්මාන ද අහිමි කළේ ය. ඔහු හා ඔහුගේ පවුල මත නඩු හා තවත් දේ පැටෙව්වේය. මේවා සැලැකිය හැක්කේ දේශපාලන පළිගැනීම් ලෙස ය. හේතුව හිටපු රාජ්‍ය නායකයාට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම බව ‍බොහෝ දෙනා පිළිගන්නා කාරණය බවට පත් විය. ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනසත් සමඟ සරත් ෆොන්සේකා මහතාට ද යුක්තිය හා සාධාරණය ඉටු විය. ඒ ගැන මුළුමහත් ජනතාව සිය ප්‍රසාදය පළකර සිටිති.

    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාෂල් ලෙස තරු පහක් පැළඳ වීරෝදාර සෙන්පතියකු ලෙස හෙට දින රට ඉදිරියේ පෙනී සිටිනු ඇත. රටක් බේරාගත් වීරයකුට එබඳු ගරු සම්මාන හා පදවි පිරිනැමීම යුක්ති සහගත ආණ්ඩුවක ප්‍රතිපත්තිය වේ. මේ වෙනස ඇතිකළේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නව ආණ්ඩුවය. ඔවුන්ගේ තීන්දුව ජනතාව හිස නමා පිළිගෙන නැවත අත්පොළසන් නාදයක් ද දෙනු ඇත.

    ‍‍ෆීල්ඩ් මාර්ෂල් සෙන්පති සරත් ෆොන්සේකා මහතාණෙනි, අපි ඔබට ආදරය කරමු!

    ReplyDelete
    Replies
    1. Good one wicharaka. Better of you used the blog handle :P

      Delete
  16. පැඩී ෆීල්ඩ් මාෂල් පර්සි මහේන්ද්‍ර

    ReplyDelete
    Replies
    1. අයිත් අහල, ඇයි දැක්කෙ නැද්ද ජනවාරි නම වෙනිද හෙලිකොට්ටරේ ලෑන්ඩ් කොරෙත් මිනිහගෙ ෆීල්ඩ් එකට.

      Delete
    2. ඒකට කියන්නේ "වෙල් විදානේ" කියලා

      විචාගේ එකේ ඇනෝ කොමෙන්ට් එකක තිබ්බේ..

      Delete
    3. හිහ් හිහ් හී.... හිනා වෙලා පණ යනවා බං...

      Delete
  17. මාතා.........................

    මට නම් හිතෙන්නේ ඔයිට වඩා වෙනස් දෙයකි..... හමුදාපති හැටියට ඔහු කරපු සේවය අනික් දෙන්නට සමාන කරන්න බැහැ.. තනියම යුද්ධ කරන්න බැහැ තමයි.. ඒත් පාබල හමුදාව සහ සහායක ඛණ්ඩ නැතුව ගුවන් හමුදාවකට සහ නාවික හමුදාවකට කරන්න හැකි දෙයක් නැත... ඒ නිසා අනික් දෙදෙනා මේ වෙලාවේ කියනා කතා වල වටිනාකමක් නැත.... පැවති අාණ්ඩුව ඉදිරියේ තම මතය නොබියව කියූ සරත් ෆොන්සේකා ඒ නිසා ම හිරබත් කැවා.. ඒ වෙලාවේ අර දෙන්නා සැප ගත්තා.. අපිටත් හිරේ යන්න ඔ්නේ කියලා අැඩුවේ නැහැනේ... ඊට පස්ස් තමන්ට වෙච්ච අසාධාරණය වෙනුවෙන් තවත් යුද්ධයක් කරපු සරත් ෆොන්සේකා ඒකත් දින්නා.... ඔහු හැබෑම වීරයෙක්... මේ ක්‍රියාවෙන්ම පේනවා කවුද වීරයා කියලා.....

    ඒත් ලැබූ ජයග්‍රහණය වෙනුවට පට්ටමක් ලබා ගැනීමට නම් අපිත් ඒකග නැහැ.. ඒක අැරියස් පියවීමක්... අනික් ෆීල්ඩ්මාෂල් කමක් දරන්න අවශ්‍ය හමුදාවේ ප්‍රමාණයක් තියෙනවා.. ඒක ලංකාවේ නැහැ.. අනික ලංකාව වගේ රටක් මෙවැනි ලොකු තනතුරක් ලබාගත්තා ම ඒක විහිලුවක් වෙනවා... මාෂල් ටිටෝලා කරා වගේ වෙනවා.... මේ දේ නොකර හිටියානම් අැත්තට ම ඔහු වීරයෙක් වෙනවා.... ඒත් ඉස්සරහා කරන වැඩ ගැනනම් හිතද්දිත් ලැජ්ජාවක් දැනෙනවා.....

    අනික තමා මාතා... යුද්දේ නිසා මාෂල්කම් දෙනවා නම් දෙන්න ඔ්නේ නානසාරලාට නෙමෙයි.. අැත්තට ම යුද්දේ කරලා මැරිලා ගිය සහ තුවාල ලැබූ ප්‍රයිවට්ලාට.......... කෝප්‍රල්ලාට.... මේකත් හරියට ඉස්සර රජවරු දාගැබ් හැදුවා වගේ තමයි.... අහිංසක මිනිස්සු දුක් වින්දා.... තමන්ගේ නම ගහගත්තා.......... හැමදාම වුනේ ඒකයි මචං....

    ReplyDelete
    Replies
    1. සරත් ෆොන්සේකා තමයි යුද්ධය ලීඩ් කළේ. ප්ලෑන් කළේ... දෙන එකක් දෙන්න ඕන ෆොන්සේකටම තමයි.. වෙන උන්ටත් මේවම දෙනවා නම්.. මේ දීපු එකෙන් වැඩක් නෑ...

      ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියන්නේ යුද්ධයක් ගැන නොදන්නා හරක්.. විශේෂයෙන් ගරිල්ලා යුද්ධයක්...

      Delete
  18. පලාලි අවට අධි ආරක්ශක කලාපෙ අක්කර 600න් 400ක් ගලවනවා. හමුදාව ලවාම අධි ආරක්ශක කලාපෙ ගලවන ගමන් ඒ සොල්දාදුවන්ට කැමරා, ෆොන් අරගෙන යෑමත් තහනම් කරලා (ඒකට කියන්නෙ මාද්ය නිදහස ). ඒ ගැන ෆොන්සෙකාගෙ කට වහන්න ඔහුට දුන්නු ටොපිය.

    ReplyDelete
    Replies
    1. සෙබළු කැමරා/ෆොන් අරගෙන රාජකාරි වලට යන්නේ ලංකාව වගේ රට වල විතරයි, යුද්දෙ අපරාධ විමර්ශණයට තියෙන්නෙත් එහෙම අරන් ගිහිල්ලා ෆන් එකට ගහපු වීඩියෝ හැර කොටි / ජනමාධ්‍ය ගහපුවා නෙවෙයිනේ.

      Delete
    2. මහින්ද රාජපක්ෂ අක්කර 6000 ක් ආයේ දුන්නා
      හමුදා කඳවුරු (පොඩි පොඩි ඒවා) 100 ක් විතර අයින් කළා..

      එතකොට සංසර්ගයේ යෙදි යෙදීද උන්නේ...

      Delete
  19. මේ කාලයේ මීහරක්, සිහිබුද්ධියෙන් හිටපු, ඇඳගත්තු සහ අන්දවාපු අය හිටිය අනුපාතය කුමක්ද කියල ආනාගතයේ අයට දැන කියාගන්න මේ ලිපියත් කොමන්ටුත් අධිසංරක්ෂණයකට ලක් කළ යුතුය. මාතලන් වහාම බැකප් එකක් අරන් තියන්න අනාගතයට බොහොම වටිනවා

    ReplyDelete
    Replies
    1. හුඟ කාළේකින් ගත්තේ නෑ.. මොකෝ යහනේ පාළනෙත් එන පොට හොඳ නෑ වගේ...

      Delete
  20. තරහවෙන්න එපා මේක කියනවට. ෆොන්සේකා ගැන මට තියෙන්නෙ අකමැතිදේවලට වඩා කැමති දේවල්. ඒවගේම ඔහුව හිරේ යවපු එවුන් ගැන තියෙන්නේ තරහක්. ඒත් ඔය වගේ තනතුරු (විශේශයෙන්ම විශ්‍රාම ගොස් කාලයකට පසුව ) නම්බු නාම දීම බනානා රිපබ්ලික් එකක ලක්ෂනයක්.
    සිරිසේන අතිගරු එපා කිව්ව එක, චාම් විදිහට ඉන්න උත්සාහකරන එක, හැම බෝක්කුවටම දේශපාලකයින්ගේ හා අනිත් පුද්ගලයින්ගේ නම් දාන එක සීමා කිරීම වගේ දේවල් ප්‍රගතිශීලි පියවරයන්. දියුණු ලිබරල් සංස්කෘතියකට අයිති දේවල්.

    ෆීල්ඩ් මාර්ෂල් ඔහුට දීල ඉවර කරල ආපහු චාම් බව ඉස්සරහට ගේන දේවල් වෙයි කියල රටේ අභිමානය වෙනුවෙන් බලාපොරොත්තුවෙනව ( සමහරු හිතනව අභිමානය කියන්නෙ තමන්ම රට ඇතුලේ නම්බුනාම ආදිය වැඩිකර ගැනීම කියල. ඇත්තටම වෙන්නේ රටින් පිට ඉන්න අය ඒවට හිනාවෙනව, නොදියුණු රටක් කියල හිතනව. එක කාලයක දකුණු ඇමරිකා ආඥාදායකයින්ගේ හමුදාවල සාජන්ලගෙ ගානට ලං වෙන්න ජෙනරල්ල හිටිය. හමුදා පොලිස් හා අනිකුත් ආයතන top heavyවීම සහ නම්බු නාම උස්මුරුත්තාව බනානා රිපබ්ලික් ලක්ෂණයක්)

    ReplyDelete
    Replies
    1. මම නම් කියන්නේ ළෝකයේ දෙන්න තියෙන ඉහළම පෝස්ට් එක දුන්නට කිසිම අවුලක් නෑ... අද ත්‍රස්තවාදය නිසා මුළු ළෝකයම විඳින පීඩව දැක්කහම.. ළෝකයේම තිබුන දරුණුම ගරිල්ලා සංවිධානය කුඩු පට්ටම් කිරීම ලේසී පාසු වැඩක් නෙමෙයි...

      Delete
  21. නාන සාරට පමනක් දුන්නොත් මම මෙයාලත් එක්ක පාරට බහිනවා ලොවෙත්.. අසාද් සාලි උතුමන්,උලමා වරුන්,මනෝ ගනේශන් උතුමා.. මෙයාලාගෙ කකුලෙන් ඇදීම් නැත්තං කොරයි යුද්ධෙ... හැබැයි ෆීල්ඩ් මාශල් ලකුණත් වෙනස් කරන්න ඕනෙ.. නැත්තං කොක්ක.

    ReplyDelete
    Replies
    1. උන් මොන බල්ලොද ප්‍රභාකරන් ළඟ...

      Delete
  22. මං නම් මේකට ඇත්තටම කැමති නැත.. මෙතනදී ෆීල්ඩ් මාශල් තනතුර ගැන නොදන්නා කමින් කොමෙට් දැමූ යම් යම් අය මදක් ඇනගෙන ඇති බවක්ද පෙනේ.. ෆීල්ඩ් මාශල් යනු යුධ හමුදා නිලදාරියෙකුට ලඟාවියහැකි දැනට තියෙන ඉහලම තනතුර වන අතර ඊට සමානව නේවි එකේ ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් හා ගුවන් හමුදාවේ මාශල් ඔෆ් රෝයල් එයා ෆ්ලීට් යනුවෙන් සමාන්තර නිළ දෙකක්ද ඇත. සාමාන්‍යයෙන් හමුදාවක ප්‍රධාන නිළය තීරණය කරණු ලබන්නේ එම හමුදාවේ විශාලත්වය අනුව වන අතර ලංකාවේ හමුදාවේ ප්‍රමානය අනුව එය ලුතිනන් ජනරාල් නිළය පමණි. පසු කලෙක ඇතැම් අවස්තාවල සමහර වන්දිභට්ට ලොක්කන් විශ්‍රාම යනවිට තව නිලයකින් උසස් කොට ජනරාල් තනතුර හෝ ඊට සමානව අද්මිරාල්, එයාර් මාශල් තනතුරු දීම දේශපාලන අල්ලසක් විය. යුධ ජයග්‍රහණයෙන් අනතුරුව ප්‍රථම වතාවට ත්‍රිවිධ හමුදාපතිවරුන් සේවයෙ සිටියදීම එක් නිළයක් උසස් කෙරූ අතර ඒවා සාමාන්‍ය ව්‍යවහාරයෙදී ෆීල්ඩ් ප්‍රමෝශන් හැටියට සලකනු ලබයි. ඒ අනුව ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අද්මිරාල් වරයෙකු, ජනරාල් වරයෙකු හා එයාර් මාශල් කෙනෙකු හමුදා සඳහා අණ දුන් අතර ඔවුන්ගේ විශ්‍රාම යාමෙන් පසු නැවත සුපුරුදු තත්වයට පත් විය. ඉහතින් බොහෝ ස්තාන වල සඳහන් කර ඇති පරිදි යම් යම් හමුදාවල ෆීල්ඩ් මාශල් වරුන් හා ඊට සමාන නිලයන් සිට ඇත්තේ ඒ හමුදාවල විශාලත්වය අනුව හා/ හෝ ජනරාල් වරයෙකු ඉහත ආකාරයට ෆීල්ඩ් ප්‍රමෝශන් එකක් ලැබීම නිසාය.

    දැන් යම් හෙයකින් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාශල් තනතුර දක්වා උසස් කරනුයේ නම් ඒ ඩබල් ෆීල්ඩ් ප්‍රමෝශන් එකක් ලෙස විය යුතුයි. ඔවැනි ඉහල තනතුරකදී එවැනි ඩබල් ෆීල්ඩ් ප්‍රමෝශන් එකක් මේ තාක් ලොවේ කිසුදු තැනක ලබා දී නැති අතර එතරම් දස්කමක් ඔහු විසින් කර ඇත්නම් අර ඉහලින් පත්තරයා කියා ඇති පරිදි ප්‍රබාකරන්ටද ඒ හා සමාන වටිනාකමක් දිය හැක.

    මහින්ද රාජපක්ශ හොඳින් ඉන්න වෙලාවේ ෆොන්සේකා වෙනුවෙන් යුතුකම් කොට ඇත.. නැවත වසර ගනනාවකට පසු යලිත් යුතුකම් ඉටුකරන්නට කියා තව තවත් පටවන්නේ නම් ඒ යහ පාලනය අමු අමුවේ රාජපක්ශකරණය කිරීමක් හැර වෙනත් යමක් නොවේ. ෆොන්සේකා ෆීල්ඩ් මාශල් නොව ඊට එහා ලොක්කෙක් කලද ජනතාවටනම් ඔහු ඔහුමය.. එහෙනම් මේ කාටද?

    ReplyDelete
    Replies
    1. //ඔවුන්ගේ විශ්‍රාම යාමෙන් පසු නැවත// ** හමුදාවල ප්‍රධානීන්ගේ නිළය ** //සුපුරුදු තත්වයට පත් විය// :-)

      Delete
    2. ජයග්‍රහණයට පියවරුන් බොහෝ ඇත...

      මෙතුමා නායකත්වය දීලා, ලෝකයේ තිබුන අති දරුණුම ගරිල්ලා හමුදාව සුනු විසුනු කරලා දාපු කෙනාට මොනවා දුන්නත් මදි කියන එකයි මගේ නම් මතය.

      Delete
    3. මගේ හිතේ තිබ්බ ප්‍රශ්නෙකට තමයි කල්‍යාණ මිත්‍ර උත්තර දීලා තියෙන්නේ... හමුදාවේ තනතුරු තියෙන්නේ හමුදාවේ විශාලත්වයට සමානුපාතිකව තියන ඒවා කියන එක තමයි මගෙත් අවබෝධය වුණේ. විශ්වවිද්‍යාල ආචාර්ය උපාධි ප්‍රදානය කරනවා වගේ, ඔය 'කලා නිධි' වගේ ගරු නාම, නම්බු නාම දෙනවා වගේ ෆීල්ඩ් මාෂල් තනතුරු දෙන එක වැරදියි. ඕක අනාගතයටත් වැරදි පූර්වාදර්ශයක් වෙනවා. මොකක් හරි ලබාදිය හැකි උසස්වීම හමුදා සම්ප්‍රදාය අනුව ලබා දුන්නා නම් තමයි හොඳ. මේක මහින්ද, ෆොන්සේකාව හිරේ දැමීමේම අනිත් පැත්ත... ඉස්සරහට ආණ්ඩු මාරු වෙන මාරු වෙන ගාණේ ෆීල්ඩ් මාෂල්ලා පත්වෙලා, ලෝකේ වැඩියෙන්ම ෆීල්ඩ් මාෂල් ලා ඉන්න රට ලංකාව වෙන්න බැරි නැහැ..

      Delete
    4. //මොනවා දුන්නත් මදි// මොනවා දුන්නත් කමක් නෑ මටත් අනවශ්‍ය දේ වැරදි පූර්වාදර්ශ ලෙස දෙන්නේ නැතුව.. දැන් ඕක දුන්නම ෆොනී පන්දම් පක්ශෙන් අයින් වෙනවද? දේශපාලනේ නතර කරනවද? ඕක දෙන්න කලින් යුධ හමුදා පනත සංශෝධනය කලාද? ඔය ෆීල්ඩ් මාශල් නිලය රාජ්‍ය සේවා ප්‍රොටෝකෝල් එකේ කොතනටද ඔබන්නේ? දැන් ෆොනීට ගෙවන විශ්‍රාම වැටුප නැවත ඉවත් කරල පඩියක් ගෙවනවද නැත්නම් ආයිමත් විශ්‍රාම ගන්නනවද? ප්‍රශ්ණ කෝටියක් අහන්න පුළුවන්.. එයාට අසාධාරණ ලෙස අහිමි කරපු ජනරාල් තනතුර හා විශ්‍රාමික වරප්‍රසාද හිඟ වැටුප් හා දීමනා සියල්ලටම දෙනවට මුලින්ම අත උස්සපු එකෙක් මං.. ඒත් මේක දේශපාලන හා හමුදාමය දෙපැත්තෙන්ම භ්‍රන්තයක්.. හරියට යුනිෆෝම් එක ඇඳල අත දිග ඇරල මාච් කරගන්න බැරිව ඉන්න වෙලාවේ මං ෆොනී උනානම් ඕක ගෞරවාන්විතව ප්‍රතික්ශේප කරනවා.. මොකද රනිල්ලට සිරිසේනලට වැඩිය මිනිහා ඔය ගැන දන්නවනේ..

      අනිවා තිසර කියුව එක වෙනවා.. කවදා හරි නැවත මරා පක්ශපාතී ආණ්ඩුවක් ආව වෙලාවක කරන්නාගොඩටයි රොෂාන් ගුණතිලකටයිත් ඔයිට සමාන නිලතල හම්බෙනවා විතරක් නොවෙයි ඒ වෙනකොට ජීවත්ව හිටියොත් ලෝකෙ පලවෙනියෙන්ම හිරේ ගිය ෆීල්ඩ් මාශලුත් ලංකාවෙන්ම බිහි වෙනවා.. ඔන්න යහපාලනේ බලාපොරොත්තු වෙච්චි අපට ලැබෙන දෙවල්..

      Delete
    5. මට අහන්න තියෙන්නෙත් අනෝමා ෆොන්සේකා අහපු ප්‍රශ්ණය තමයි...

      Delete
  23. ඇයි ෆීල්ඩ් මාසොල් ඉත්තෑකන්දේ සද්දාතිස්ස? :3

    ReplyDelete
    Replies
    1. අම්මපා අමතක උනා.. හැබයි පෝස්ට් එක දීලා මී හරක් පට්ටියකට තමයි දාන්න වෙන්නේ...

      Delete
  24. කොහොමත් SF ට නැති කරපු ඒව දුන්නට.....
    ඔය මාෂල් රෙද්දවල් දෙන්න නරකයි පොරට........
    තාම තුවාල වේදනාවෙන් ඉන්නේ.......
    අපි නොදන්න පැති ගොඩක් තිබෙනනව පොරගෙ ......

    ReplyDelete
    Replies
    1. +++++++++++++ කාට හරි දැනගන්න ඕන්නං ටිකක් කියන්නත් පුළුවන්..

      මොනම දෙයක්වත් ඕනවට වැඩිය ඕනෙම නැත..

      Delete
    2. //අපි නොදන්න පැති ගොඩක් තිබෙනනව පොරගෙ ......//

      ඉතාම බුද්දිමත් කතාවක්..... ඔබ තුමාට ඉස්තුති එඬරු කැලේ මල් බුරුත ගසක් වීම පිලිබඳව...

      Delete
    3. එවා කාටද නැත්තේ බං.. උඹටත් තියෙනවා... මටත් තියෙනවා...

      රජාට හොඳ නම් හමුදාපතිලට නරක් වෙන්න වෙන්න විදියක් නෑ නේ...

      Delete
    4. මට මතකයට එනවා https://www.cia.gov/index.html වෙබදවිය මගින් කලකට පෙර ශ්‍රී ලංකාවේ යුද්දය පවතින අවස්ථාවේ පල කල වාර්තාව,
      එයට අනුව ශ්‍රී ලංකාවට කිසිලෙස උතුරේ යුද්දය දිනීමට නොහැකි අතර LTTE සංවිදානය සමග සිදුවන යුද්දයෙන් නැතිවන ජිවිත ලක්ෂ ගණනක් වනු ඇති බවයි!

      මතක තබා ගන්න ලොව 4 වන යුදහමුදාව සිටින ඉන්දියාව පවා LTTE සංවිදානය පැරදවීමට නොහැකි උන බව, නමුත් යුද්දයේ 70% පමණ සාර්ථක කිරීමට කැපවී අවසානයේ බන්දනාගාරයේ දුක්විදි මොහුට මෙම පදවිය ගැලපෙන බවයි මගේ අදහස

      Delete
    5. //යුද්දයේ 70% පමණ සාර්ථක කිරීමට// ගනං හැදුවේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? හිකිස්..

      Delete
    6. යුද්දයේදී වැඩිම හානියක් සිදුවුයේ යුදහමුදවටයි. නාවික හමුදාව සහ ගුවන් හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ඉතා ඉහල දායකත්වයක් ලබාදුන්නත් සිදුකල කැපකිරීම සසදා බැලුවොත් එය යුදහමුදාව බව අවිවාදිතයි, සරත් ෆොන්සේකා යනු එහි බුමියේ අණදුන් නිලදරියයි මෙනිසයි 70% බුමියේ සිදුවූ යුද්දයේ ගරුත්වය ඔහුට අදාල වන්නේ.

      ඉහත සදහන් කල CIA වාර්තාවට අනුව ශ්‍රී ලංකික හමුදාවට කිසිසේත් මෙය නොකළැකි බව ඔවුන් සදහන් කළා 2002 පමණ කාලයේ මා මෙය කියවූ අතර CIA වෙබදවියේ ඔවුන් ප්‍රසිද්දකරනලද මෙම වාර්තාව මා ලදී සෙවීමට උත්සහ කලවිට මට නොහැකි වුනා. මෙය ලියන්නේ මෙම අඩවිය කියවන සමහර පුද්ගලයනට මෙය මතක ඇති බව සිතමින්.

      Delete
    7. ඉහලින් පවසා ඇති කරුණු සම්භන්දයෙන් කිසිදු විවාදයක් නැති නමුත් ඔය 70% කියන අගය ගැන මට මහා අවුලක් තිබේ. යුධ හමුදාවෙන් 70%ක් කලානම් ඉතුරු 30 බෙදී යන විදියත් ගනන් හැදුවාද? නා.හ. 15% ගුවන් 10% සි.ආ.බ. 5% ආදී වශයෙන් (උදාහරණයක් පමණි.) එසේනම් අර යුද්දෙ දිනපු දවස්වල ෆොන්සේකා මහතා ටී.වී. වලට පැමිණ කියූ 90% බොරුවී ඇති බව පෙනේ. මට හිතෙන්නේ යම් අයෙකුට මේ ප්‍රතිශත ගැන මෙතරම් උනන්දුවක් ඇත්නම් ඒ සඳහා යම් අදහසක් ගැනීමට ඇති හොඳම නිර්ණායකයක් වන්නේ අදාල කාල තුල ඒ ඒ හමුදා සඳහා වියදම් කල මුදලයි. මන්ද යම් කාර්යයක් අනවශ්‍යනම් එය නොකර ඉන්න තිබුණා යන තර්කයේදී එසේ නොකර සිටියේ එය කල යුතුම නිසා යන ප්‍රති තර්කය ගෙන හැර පෑ හැකි නිසයි. හැකියාවක් ඇත්නම් මෙන්න මේ පිළිඹඳව සොයා බලන්න.

      මිනිස්සු මැරෙන ගණනින් යුද්දයේ ඉම්පැක්ට් එක සෙවීම මෝඩ කමකි. එදා අලිමංකඩ සටනේදී ගාමිණී කුලරත්න බෝම්බ පිරවූ බුල්ඩෝසරය විනාස නොකලායැයි මදක් හිතන්න. අනෙකුත් අවස්ථා මගහල විට එසේනම් එමගින් ඉතා විශාල හමුදා සාමජිකයින් ගනනක් මිය යනු ඇත. නමුත් ගාමිණී ගේ වීර පරිත්‍යාගය නිසා මැරුණේ ඔහු විතරක් වී ජීවිත බොහෝ ගණනක් ඉතුරු විය. වඩා වැදගත් ගාමිනි පමණක් මියගිය එකද මුලු කඳවුරම විනාස වී සිය ගණනක් මිය යන එකද? බොහෝ දෙනෙකු නොදන්නවා උනාට ගාමිණි කල පරිත්‍යාගය හා සමානම පරිත්‍යාගයක් වරක් 2008 දී නාවික හමුදා නිළදාරී කොමාණ්ඩර් එදිරිසිංහ විසින් සිදු කරන ලදී.. සෙබළුන් තුන්දහසක් සමග ගමන්ගත් ජෙට්ලයිනර් යාත්‍රාවට පහරදීමට පැමිණි කොටි බෝට්ටු සමූහය අතරින් ඉදිරියට පැමිණි මරාගෙන මැරෙන කොටි බෝට්ටුවක් ජෙට්ලයිනර් යාත්‍රාවේ හප්පා පුපුරුවා හැරීමට ඔන්න මෙන්න වූ අවස්ථාවේ ඒ අභීත රණවිරුවා සිය ඩෝරා යාත්‍රාව එහි හප්පා ජෙට් ලයිනර් යාත්‍රාව සමග 3000ක් වූ යුද හමුදා සාමාජිකයින් වෙනුවෙන් තමන්ගේ හා තම සහෝදර නැවියන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් මුහුදු පතුල සිට සදා සැඟව ගියේය. ඔබ ඔය ගණනය කිරීම් කරද්දී මේවා දැනගෙන සිටීමද වැදගත් යැයි සිතූ නිසා පමණක් මෙසේ සටහන් කර තැබූවෙමි. ස්තූතියි.

      Delete
    8. ඔබ කියන කතාවේ සතයක් පවතී එනම් මෙම යුද්දයේදී බොහෝ මිනිසුන් තම ජිවිත කැපකලා, අදාල කරනව වන්නේ සරත් ෆොන්සේකා පිලිබදවයි, ශ්‍රී ලංකා යුදහමුදාව ඔහුව විදේස රටවල (ඇමරිකාව, එංගලන්තය) යවා ඔහුව පුහුණු කලත් ඔහු රට අතහැර යාමට එය අවස්ථාව කරගත්තේ නෑ. මෙහිදී වැදගත් වන්නේ ඔහු හමුදාව සංවිදානය කල අයුරුයි, ඉතා දක්ෂ රණ ශුරයකු වූ ජානක පෙරේරා ,සරත් ෆොන්සේකා ගැන සදහන්කරන ලද්දේ " මම සරත් ෆොන්සේකාට කැමති නෑ නමුත් මෙ යුද්දය දිනන්නනම් ඔහු හමුදාපති වියයුතුය " යන කියමන ඔහුගේ දායකත්වය ගැන තේරුම් ගතහැකි වනු ඇත.

      පුරවැසියන් වන අපට පසුගිය කාලයේ දී ඔහු සිරබාරයේ ගතකරන අවදියේ ඔහු වෙනුවෙන් කළහැකි වුයේ කුමක්ද ?
      මෙපිලිබද අපි අවංකව ලජ්ජවියයුතුය.

      ඔහු හිරෙගියා පමණක් නොව ඔහුගේ සියලුම තනතුරු අහෝසිකර අවසාන වසයෙන් ඔහුගේ විස්රමවටුපත් අහෝවිකලනේද ?
      ඔහු පමණක් නෙමෙයි ඔහුගේ පවුලේ උදවියත් කොපමණ පිඩනයකින් සිටින්න ඇද්ද ?
      ඔහුට විරුද්දව නගනලද චෝදනා බොරු වුයේ මෙරජය පැමිණීමට පෙරබව ඔබට මතකද ?( වරාවැව විනිස්ච්චය කරුගේ තීන්දුව )

      සරත් ෆොන්සේකා යනු දැඩි මාන අදික සැරපරුෂ මිනිසෙකි, නමුත් එම කරුණ ඔහුට මෙම තනතුර නොදීමට කිසිදු හේතුවක් නැත.

      Delete
    9. සරත් ෆොන්සේකා ගෞරවාන්විතව තරු හතරේ ජනරාල් වරයෙකු ලෙස විශ්‍රාම ගියා.. කළකිරීම් තියෙන්නැති ඊට පෙර සිටත් නමුත් ඒවා හමුදාමය හේතු නොවේ එතනදිත් ඔහුගේ පෞද්ගලික කාරණා.. විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහු ගත් දේශපාලනමය පියවර නිසයි අභාග්‍යසම්පන්න ලෙස ඔහුට සිරගත වීමටත් තනතුරු වරප්‍රසාද අහිමි වීමටත් ලක්වූයේ.. අහිමිකල තනතුර හා වරප්‍රසාද ලබාදීම අතිශයින් සාධාරණයි.. ඒ විතරක් නොවෙයි යම් හෙයකින් ඒ අසාධාරණයට ලක්වූ කාලසීමාවේ ඔහුට ලැබියයුතුව තිබූ තනතුරක් හෝ වෙනත් වරප්‍රසාදයක් අනිසි ලෙස අහිමි කරලා තිබුනානම් එයත් ඔහුට ලබාදිය හැකියි.. නමුත් හිරේ ගිය නිසා හිලව්වට කිසිම නීත්යානුකූල පදනමක් නැති උසස් වීමක් විශ්‍රාමික නිළධාරියෙකුට දීමට යුතුකමක් නෑ.. ඒ වෙනුවට හැබෑ උවමනාවක් තියේනම් ඔහු පෙනීසිටි දේශපාලනය දර්ශනය බල ගැන්වීමට ඔහුට සහාය දෙන්න තිබ්බ.. දේශපාලන බලයකුත් සමග.. මෙතනදි කලෙ ඔහුටත් වැඩක් නැති රටටත් වැඩක් නැති නිල ඇඳුමකින් තරුවකින් ඔහුව නිහඬ කිරීමක් කියලයි මට හිතෙන්නේ. ඔය නිලයත් තියාගෙන දැන් දෙශපාලනය කරනවා කියන්නේ හමුදා නීති හා විනය බරපතල ලෙස උල්ලංගණය කිරීමක්.. මේ ගැන යම් අවබෝධයක් තියෙන කිසිම පුද්ගලයෙකු මීට එකඟ වෙන්නේ නෑ.. හදවතින් මිස මොලයෙන් තීරනය කරන කිසිවෙකුත්..

      Delete
    10. මගේ දැනුම නිවැරදි නම් ඔහුට ලබිඅති තනතුරට අනුව ඔහු විශ්‍රාම නොගනී, මේ නිසා ඔහු කලයුත්තේ දෙසපලනයෙන් ඉවත් වීමයි. ඔය තනතුරේ සිට දේසපාලනය කිරීම "හමුදා නීති හා විනය බරපතල ලෙස උල්ලංගණය කිරීමක්" යන්න විවාදයෙන් තොරයි. මෙය කරන්න ඇත්තේ ඔහු දෙසපලනයෙන් ඉවත් කිරීමටයි, මගේ පුද්ගලික අදහසනම් ඔහු දෙසපලන්යයෙක් ලෙස අසර්ථක බවයි.

      Delete
  25. දැන් එතකොට ෆොන්සේකා ලොක්කා ආයෙම හමුදා සේවයේ හන්දා දේශපාලනයෙන් අයින් වේවිද? දන්නේ නැති හන්දා අහන්නේ..

    ReplyDelete
    Replies
    1. නෑ ක්‍රියාකාරි දේශපාළණයේ යෙදෙන්න කිසිම බාධාවක් නෑ...

      Delete
  26. ඔය නාම්බුනාමේ දුන්න එකක්ද, නැත්නම් බලෙන් ඉල්ල ගත්ත එකක්ද?

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ සිරිසේන ලොක්කගෙන් තමයි අහන්න වෙන්නේ..

      Delete
  27. ඇයි සහෝදරයා පීල මාසොල් සද්ධා කන්දේ ඉත්තෑ තිස්ස....

    ReplyDelete
    Replies
    1. අම්මපා අමතක උනා.. හැබයි පෝස්ට් එක දීලා මී හරක් පට්ටියකට තමයි දාන්න වෙන්නේ...

      Delete
  28. කරන්නගොඩගෙ බඩියා සුදු වෑන් එකෙන් කොල්ලො උස්සලා සල්ලි ගත්තා කරන්නා දන්නෙ පැන්ෂන් ගියාට පස්සෙද ? හයියෝ ? දීපල්ල තව මාෂල් තනතුරකුත්.. බඩියා කල දෙ දැනං හිටියෙ නෑ ? වහං හිටියා බයට..

    ReplyDelete
    Replies
    1. එයාගේ පොතේ විදියට යුද්දේ කරලා තිබුනේ එයයි ඝෝඨයි විතරයි.. දැන් තමයි අනික් අයවත් මතක් වෙලා තියෙන්නේ... පව් අප්පා....

      Delete
  29. සින්හලෙන් ම කියනවානම් there are field marshals and there field marshals ය.

    field යනු එක අතකට කෙත ය. ගොඩ නොව මඩය. මාශල් යනු අදිපතිය

    ReplyDelete
    Replies
    1. කොහොමට තියෙයිද ජනාධිපති උනා නම්...

      Delete
    2. මේ ගෞරවය ගැන කිසිම ප්රශ්නයක් නැත. ඒත් ලන්කාවේ තරම් ගරු නම්බු සේල් එකේ සිල්ලරට දෙන රටක් .
      එහෙම උනානම් අතිගරු හිස් එක්සලන්සි ජන රන්ජන ෆීල්ඩ් මාශල් තුමා

      Delete
  30. නරකද ප්‍රභාකරන්ටත් මොකක් හරි පට්ටමක් දුන්නනම්. ඌ නැත්තං මහින්ද මාමට චන්දෙ ඉල්ලන්න හේතුවකුත් නෑනේ

    ReplyDelete
    Replies
    1. අළුතෙන් දෙන්න දෙයක් නෑ බං.. ඔන දෙමලෙකුට ප්‍රභා දෙවි කෙනෙක්...

      හින්ගලයන්ට දුටුගැමුණු වගේ...

      Delete
  31. ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් යොශිත රාජපක්ශ, ඒ වගේ වැඩ්ඩෙක් නාවික හමුදා ඉතිහාසයට ආයෙ හම්බවෙන්නෙ නෑ.
    නාවික හමුදාවෙ ඉදන් කොච්චර ගොඩබිම් මෙහෙයුම් වලට නායකත්වය දුන්නද, යුද්දෙන් පස්සෙත්.

    ReplyDelete
    Replies
    1. එයා මරා ගේම් දීලා තියෙන්නේ....., ආයේ කරන්නාගොඩලා කුණුගොඩවල් එයා ළඟ...

      Delete
  32. ඔව්වා නම් ඕනේ නැති වැඩ.අපි හැමෝම දන්නවානේ කොහොමත් SF දේශපාලන පළිගැනීමකට ලක් වුණා කියලා.ඒ වරද මේ ආණ්ඩුව නිවැරදි කෙරුවා.ෆොන්සේකාට නිදහසේ තමන්ගේ දේශපාලන කටයුතු කරන් යන්න ඉඩකඩ සලසා දීමයි දැන් කරන්න ඕනේ.නැතුව මේ රජයට හිතවත් කියන කරුණ සලකා වරදාන,වරප්‍රසාද දීම නොවේ.
    මේක වැරදි පුර්වාදර්ශයක්.

    ReplyDelete
    Replies
    1. මම නම් එහෙම හිතන්නේ නෑ.. මීට වඩා දෙයක් තියෙනවා නම් ඒකත් ලබා දිය යුතුයි. අපි කොහොම කට්ටක්ද කෑවේ...

      Delete
    2. ෆීල්ඩ් මාර්ෂල්ගේ දේශපාලන ජීවිතයටත් ෆුල් ස්ටොප්! කැටගොඩට දැන් නින්ද යයි..මොකද ආසනේ ඉල්ලන එකක් නෑ ආය :-)

      Delete
  33. ෆොන්සේකාට කැරට් අල කැවීම... (ෆීල්ඩ් මාර්ෂල්)
    ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් ධූරය පිරිනැමීම ගැන අැත්තවශයෙන් ම සතුටු යි. රණවිරුවෙක් වශයෙන් ඔහු අපගේ මාතෘභූමියට කළ සේවයට උපරිම ගෞරවය ලැබුණා. නමුත්, ෆොන්සේකා මහතා කෙරෙහි පමණක් නො වෙයි රට වෙනුවෙන් ජීවිතය පූජා කළ, කැප කළ සියලු ම රණවරුන් ගැන මගේ හිතේ තිබෙන්නේ ෆීල්ඩ් මාර්ෂල් ධූරයට එහා ගිය ගෞරවයක්. යුද්ධයේ ගෞරවය ෆොන්සේකා මහතා වෙත පමණක් පටවන්න මම කැමැති නැහැ. ඒ වගේ ම යුද්ධය සඳහා අවැසි දේශපාලන නායකත්වය සැපයූ නායකත්වයටත් එහි පූර්ණ, උපරිම ගෞරවය හිමි විය යුතු යි. මොකද රටේ යුද්ධයක් පවතිද්දි ජාත්‍යන්තර අභියෝගයන්ට මුහුණ දෙමින්, රටේ සංවර්ධන කටයුතුත් සිදු කරමින්, රට අභ්‍යන්තරයේ දේශපාල ව්‍යාකූලත්වයත් විසඳා ගනිමින් ලොකු කාර්යභාරයක් දේශපාලන නායකත්වය හරහා ඉටු වුණා. චන්ද්‍රිකා මැතිනිගෙ කාලේ අදූරදර්ශී දේශපාලන විසඳුම් නිසා අපේ වීරෝදාර රණවිරුවන් මරු කටට යවාපු හැටි අතීතය මතක ජනතාව දන්නවා. අනික ඔය දළදා මාළිගාව අභියස බෝම්බ පිපිරෙව්වෙත් කොටි නෙමෙයි චන්ද්‍රිකා මැඩම් ය කියලා ඇතැම් පිරිසක් විශ්වාස කරනවා යම් යම් සාධක සාක්ෂි අනුව.
    කොහොම වුණත් ෆොන්සේකා මහතාට හිමි වූ ෆීල්ඩ් මාර්ෂල් ධූරය කැරට් අලයක් හැටියට යි මම නම් දකින්නේ. යුද්ධයේ ගෞරවය නිතර ම තමන්ට හිමි විය යුතු යි කියා විශ්වාස කළ ෆොන්සේකාට මේ ලැබුණු තත්ත්වය ගැන අහිංසක සහ ආඩම්බරකාර තෘප්තියක් ඇති. නමුත් ඔහුගේ දේශපාලන අරමුණු නම් මෙයින් සපුරා අවුරා දැමෙන බව නම් විශ්වාස යි. මොකද මම දකින විදිහට ෆීල්ඩ් මාර්ෂල් ධූරය පිරිනැමීම හරහා රනිල් - සිරිසේන රජය කර තිබෙන්නේ ෆොන්සේකාව දේශපාලනයෙන් සදහට ම අතු ගා දැමීම යි. විශේෂයෙන් ඉන්දීය අගමැති මෝදි මහතාගේ ආගමනයත් එක්ක විශාල වෙනස්කම් දේශපාලනික වශයෙන් රටේ ජනතාවට වසන් කොට සිද්ධ වන බව පෙනෙන්නට තිබෙනවා. එතුමා බුදු දහමට කොතරම් ගරු කළත් ඔහුට අවශ්‍යය වන්නෙත් ලංකාව ඉන්දියාවට අවනත රාජ්‍යයක් වශයෙන් තබා ගැනීම. අනික ඉන්දියාව පිටුපස සිටින්නෙත් ඇමෙරිකාව. උතුරේ බෙදුම්වාදීන් සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීමට නම් පසු ගිය යුද්ධයට සහ දේශප්‍රේමී අරගලවල නිරත වූ ප්‍රධාන චරිත ලාංකීය දේශපාලන ප්‍රවාහයෙන් අතුගා දැමිය යුතු බව මෝදි මහතාගේ නිර්දේශය වූ බව කාටත් රහසක් නො වෙයි. ෆොන්සේකාට ෆීල්ඩ් මාර්ෂල් ධූරය පිරිනැමෙන්නෙත් අන්න ඒ පසුබිම හරහා. මොකද මේ ආණ්ඩුව පැහැදිලි ව දන්නවා රාජපක්ෂවරු දේශපාලනයෙන් වියුක්ත වන විට තමන්ට සිටින එක ම අභියෝගය ෆොන්සේකා බව. මහින්දගේ යළි පැමිණීමට බයේ මහමැතිවරණය කල් දමා නිදහස් පක්ෂයත් හවුල් කරගෙන ජාතික ආණ්ඩුවකට ප්‍රවිෂ්ට වුණේ අන්න ඒ අවශ්‍යතාව පදනම් කර ගෙන යි. දැන් ෆොන්සේකාට ෆීල්ඩ් මාර්ෂල් තනතුර දීලා අනෙක් අභියෝගයත් ජයග්‍රහණය කළා. සරල ව කියනවා නම් රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී - අනුර ගැටයට ෆොන්සේකා හසු වී අවසන්. සක්‍රීය දේශපාලනයේ නිරත වීමට ෆොන්සේකාට දැන් හැකියාවක් නැහැ. හමුදා නිලධාරියෙක් වශයෙන් දේශපාලනයට අවනත ව, කීකරු ව, හමුදා ගරුත්වය සහ විනය ආරක්ෂා කර ගනිමින් ඉහළින් ලැබෙන නියෝග පිළිපදින්න ෆොන්සේකාට සිද්ධ වෙනවා. ඉන් එහා කළ හැකි කිසිවක් නෑ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ෆොන්සේකාට තනි තීරණ ගන්න බෑ. දේශපාලනයේ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම පමණ යි කළ හැකි වන්නේ.
    කැබිනට් අමාත්‍යවරයෙකුට හිමි සියලු වරප්‍රසාද දැන් ෆොන්සේකාට හිමි වෙනවා. නමුත් දේශපාලන වරප්‍රසාද හිමි වන්නේ නෑ. ෆීල්ඩ් මාර්ෂල් ධූරයට හිමි වන්නේ මෙවැනි වරප්‍රසාද යි.
    1. නිලධාරීන් 13 ක් හා සෙසූ නිලයන් 135 දෙනෙකුගේ ආරක්ෂාව. (ඔවුන්ට මසකට ගෙවන වැටුප 5,450,000 ක් හෙවත් ලක්ෂ පනස් හතරක් වේ).
    2. ආරක්ෂක රථ 23 ක් හා ඉන්ධන.
    3. නිල නිවසක්, කාර්යාලයක් හා කාර්යාල සහායකයින් 14 ක්. (ඔවුන්ගේ වැටුපද රජයෙන් ගෙවයි).
    4. නොමිලේ දුරකථන, අන්තර්ජාල, ලිපි ද්‍රව්‍ය, මුද්දර, විදුලි බිල්, ජල බිල් ඇතුළු වරප්‍රසාද විශාල ප්‍රමාණයක්.
    මේ හැර ෆීල්ඩ් මාර්ෂල්වරයෙකුට කිසිදු රාජකාරියක් හෝ වගකීමක් පැවැරෙන්නේ නැත. එය ගරු කටයුතු තනතුරකි. එහෙත් ඉලක්කම් 6 ක වැටුපක්, වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පවා හිමි වේ. එසේම යුධ හමුදාවේ ඕනෑම උත්සවයකට අනාරාධිතව වුවද පැමිණෙන්න පුළුවන්. එහිදී ඔහුව ආචාර වෙඩිමුර ඇතුළු පූර්ණ රාජ්‍ය උත්තමාචාර සහිතව පිළිගත යුතු යි. ඒ වගේ ම කවදාවත් විශ්‍රාම යන්න ඕන නෑ. ෆොන්සේකා මහතා යුද ජයග්‍රහණයේ ආඩම්බරකාර සුවය විඳිමින් බෙදුම්වාදී පාලනයේ අතකොළුවක් බවට පත්වේවි. දිනෙන් දින ඉටු වන බෙදුම්වාදීන්ගේ අරමුණු හමුවේ ෆොන්සේකා මහතා කවර පියවරක් අනුගමනය කරාවි දැ යි බලා සිටිනවා......

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න