.

.

Mar 23, 2015

චන්ද්‍රිකා හෙළුවෙන් යැවීම... - Naked Thief



මෙගා ෆෝන් එකකුත් කරේ දාගෙන හිරගෙවල් ගානෙයි, පන්සල් ගානෙයි, එක එකාගේ ගෙවල් ගානෙයි කරක් ගහන මහ සජ්ජුරුවන්ගේ සීන් කෝන් නිව්ස් වලින් දැකපු රනිල් උන්නෑහේ, ෆුල් අප්සෙට් එකේ නිදා ගන්න ගියේ මැතිවරණේ රිසාල්ස් එන දවසෙත් කන පැලෙන්න නිදාගෙන හිටපු පුරුද්ද නිසාමය. ඒත් නිදා ගන්න කලින් මෛත්‍රිට කිව්වේ, අනේ ඩලා මාව පොඩ්ඩක් උදෙම නැගිට්ටන්න මොකෝ මෛත්‍රිට උදෙම කෝල් එකක් ගන්න ඕනෙයි කියලාය.

එක මෛත්‍රි කෙනෙකුටත් අමාරුවෙන් ලව් කරන රනිල් උන්නැහේට, දැන් මෛත්‍රීලා දෙන්නෙක්ටම ආදරේ කරන්න වෙලා තියෙන්නේ, සමහර විට මේවා ආත්මයෙන් ආත්මයේ පස්සෙන් එලවන එවා නිසා වෙන්න පුළුවන් කියා හිතා ගත්ත රනිල් ලොක්කා උදේ පාන්දරම නැගිට්ටෙව්වෙත්, මෛත්‍රිමය. මෛත්‍රී මැඩම් හදා දුන් කළු කෝපි එකත් තොල ගාන ගමන් ජනාධිපති තුමාට කෝල් එකක් ගත්ත රනිල් ලොක්කා කිව්වේ ගුඩ් මෝනින් මෛත්‍රී, උදේම කතා කලාට අවුල් වෙන්න එපා. මේ වෙලාවෙ කතා කරන්න පුළුවන්ද කියලාය.

ගත් කටටම ජනාධිපති තුමා කිව්වේ, අපෝ සර් මේ වෙලාවේ නෙමෙයි, ඕන වෙලාවක කොලයක් වත් බලන්නේ නැතිව, ඕන කතාවක් කරන්නම් කියලාය. මෛත්‍රී මේ වෙලාවේ කොහෙද ඉන්නේ කියා අහපු රනිල් ලොක්කාට ජනාධිපති තුමා කිව්වේ, මම මේ ඉන්ඩිපෙන්ඩන් ස්කුවෙයා එකේ එකසයිස් කරන ගමන්, ගාඩ් එකෙන් සර් කියලා දැනගෙන තමයි මට ෆෝන් එක දුන්නේ කියලාය. ඒක අහපු රනිල් ලොක්කා කිව්වේ ආ මම මේ කියන්න කියලා උන්නේ මෛත්‍රී, ඔය වැඩේ නම් හරියන්නේ නෑ කියන කොටම, ජනාධිපති තුමා ඇහුවේ ඒ මොකො ඒ? කියලාය.

නෑ මම දැක්කා ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් තියාගෙන ඒ යකා කියන කියන විදියට නැමෙනවා. ඒක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි කියපු රනිල් ලොක්කට හැරෙන තැපෑලෙන්ම ජනධිපති තුමා කිව්වේ, අයියෝ එක මොකක්ද හිටං.. මම රට පාළණේ කරන්නෙත් එක එකා කියන විදියට නේ හිටං කියලාය. ඒක නෙමෙයි මෛත්‍රී, මහින්ද තාම ගේම අත ඇරලා නෑ. ඔබ තුමා සභාපති උනාට, එකේ ඔක්කෝම උන් නටන්නේ මහින්ද කියන විදියට.

අනික, ජනතාවත් තාම බත් පැකට් එකට ගල් කාලට හරි බස් වල නැගලා එන එකත් ලේසි වැඩක් නෙම්යි, මේවා ඔබාමලා මෝදිලා දැක්කොත් එහෙම ෆුල් අප්සෙට් යනවා අඩු ගානේ ටී වී චැනල් වල දාන එකවත් නවත්ත ගන්න වෙයි කියා පුල් අප්සෙට් මූඩ් එකේම අඬන සයිස් එකෙන් කියපු රනිල් ලොක්කාට සිරිසේන උන්නැහේ කිව්වේ, එහෙම කොරන්න බෑ නේ සර්, අපේ යහපාළනේ මාධ්‍ය නිදහස එකසිය ගානට දීලා නේ තියෙන්නේ, ඒවා නවත්තන්න ගියොත් වැඩේ කචල් යනවා, අපි දෙන්නා හම්බ වෙලා දවල්ට කතා කරමු කියා ෆෝන් එක ගාඩ් කෙනෙකුට දුන්න ජනාධිපති තුමා ඉන්ස්ට්‍රක්ටර් කියන කියන විදියට, නැවෙන්න පටන් ගත්තේය.

ආයෙත් නැප් එකක් දා, ටිකක් දවල් වෙලා ජනාධිපති ලේඛම් කාර්යාලයට ගියපු රනිල් ලොක්කාට එතන හිටපු පොළොන්නරුව පැත්තේ එකෙක් කිව්වේ, ජනාධිපති තුමා හැවින් ලන්ච් සෑර් කියලාය. ඒකට කමක් නෑ කියා ජනාධිපති තුමාගේ ඔපීස් එකට ඇතුලට යන කොට, සිරිසේන මැතිනි හදලා, දිනමිණ පත්තරේ ඔතාපු බත් එක, සන්නස්ගලගෙන් හම්බ වෙච්ච බෙලෙක් පිඟානක තියාගෙන බත් ඩිංගක් කන සිරිසේන ලොක්කා දැකපු රනිල් ලොක්කා ඩිස්ටර්බ් කොරන්නේ නැතිව, පැත්තකින් ඉඳගත්තේය. බත් ඩිංග කාලා, ඉතිරි ටික කාක්කන්ට දැමු ජනාධිපති තුමා, පත්තර කොළේ නවලා ආයෙත් මල්ලේ දාගත්තේ, ජාතික ධනය ඉතිරි කරන්න, හෙට බත් එකත් ඒකෙම් ඔතලා ගේන්න ඕනා නිසාය.

ඔයා මෙහේ බත් කනවා. ආන් අරෙහෙ ඔයාගේ පක්ෂේ උන් ඔක්කෝම එහා පැත්තේ සෙන්ට්‍රල් බෑන්ක් එක ඉස්සරහා හෙන ප්‍රොටෙස්ට් එකක්. දින සීයයි හොරු සීයයී ගගා. මොකක්ද මේකේ තේරුම කියලා ටිකක් තදින් අහපු රනිල් ලොක්කාට මල පැනලා කියා තෙරුන සිරිසේන ලොක්කා ඇහුවේ, කෝ කොහේද කව්ද ප්‍රොටෙස්ට් කොරන්නේ හිටං කියාය. හිටං විතරක් නම් මදිද, උන් ඉඳගෙනත් ප්‍රොටෙස්ට් කරනවා. ජෝනුත් කියනවා මෛත්‍රි නිසා සිංගප්පූරු සරත්ලා ගෙන්නත් බෑ. පොලීසිය දාල ටියර් ගෑස් පාරක් වත් දෙන්න බෑ. නැත්නම් දන්නවා කරන්න ඕන වැඩේ කියලා.

එළියේ ගාඩ් එකේ ඉන්න එකෙක්ට කතා කොරලා විස්තරේ සහසුද්දෙන්ම දැනගත්ත ජනාධිපති තුමා, නිමල් සිරිපාලට කෝල් එකක් අරගෙන ඇහුවේ, මොනවද නිමල් කරන්නේ හිටං, රනිල්ට ගහන කොට මටත් වදිනවා නේද? අනික අපි කොමිසමකුත් දාලා, ඒ යකාව නිවාඩුත් යවලා තියෙන්නේ කියලාය. එහා පැත්තෙන් නිමල් ලොක්කා කිව්වේ, මුන් එක්ක බේරෙන්න බෑ සර්, අරෙහෙ මහින්ද මහත්තයා කෝල් කර කර මුන්ව ෆෝම් කරාම, මුන් ටික මට ඉන්න දෙන්නේ නෑ. බැරිද සර්ට මුන්ටත් මොනවා හරි දීලා දාන්න. දැන් නම් බේරගන්න බැරි සයිස් එකක් ඇවිල්ලා තියෙන්නේ. මම මේකට ආවේ නැත්නම්, මුන් ඔක්කෝම 26 රත්නපුරේ යනවා කියලා තගරිය දානවනේ කියලාය.

වැඩේ හිතන තරම් ලේසී නෑ කියා තේරුන ජනාධිපති තුමා රනිල්ට සීන් එකත් කියලා, සැටලයිට් මැඩම්ට කෝල් එකක් ගත්තේ, හැන්දෑවේ හම්බ වෙලා මොකක් හරි ඩිශිෂන් එකකට එමු කියලාය. එහෙනම් මම ගිහින් ඔක්සිජන් ටිකක් ගහගෙන එන්නම් කියපු රනිල් ලොක්කාත් එලියට බැහැලා ගෝල්පේස් එකේ ඉඳන් පෝට් සිටි එක දිහා බලාගෙන ඉන්න කොට, එතනින් ගියපු කව්දෝ හාල්පාරුවෙක් රනිල් ලොක්කාගෙන් අහුවේ, මොකෝ සෑර් මේක වහලා දැම්මෙ, ආයේ කවදාද පටන් ගන්නේ කියලාය. ඉන්දියාවෙන් ඕ කේ එක දීපු ගමන් ආයේ පටන් ගන්නවා හලෝ කියපු රනිල් ලොක්කා, පස්සවත් බලන්නේ නැතිව අරලිය ගහ මන්දිරේ පැත්තට ගියේ තොරතුරු දැන ගැනීමේ අයිතියත් මළ කරදරක් නේ යකෝ කියලා හිතන ගමන්මය.

එද හැන්දෑවේ තුන් දෙනා කතා කර ගත් පරිදි, ඉක්මනින්ම ඩිසිසොන් දෙකක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වූ අතර. පළවෙනි යෝජනාව ගෙනාපු සැටලයිට් නෝනා කිව්වේ ඔයාලා පිරිමි නිසා මහින්ද මහත්තයාගේ පඩ ෂෝ කෑලී ටික ට්‍රේන් වෙලා, මීඩියා කාරයෝ ටිකත් අරක්කු බෝතල් ටිකකුයි හොඳ බයිට් එකකුයි ලම්ප්‍රයි ටිකකුයි එක්ක බස් එක එකක දාගෙන ගිහිල්ලා, ඒවා නිවස් වල මුලට දමා ගන්නවා හලෝ කියලාය.

ඒ අනුව ඉරිදා උදේම ජනාධිපතියි, අගමැතියි ටී වී කාරයොයි, කතරගම ගියේය. මල් වට්ටි පළතුරු වට්ටි ඔලුව උඩ තියාගෙන එන ඒවා රනිල් ලොක්කා කරන කොට පොඩි අවුලක් තිබුනත්, සිරිසේන ලොක්කා මහින්ද එක්කම ගිහිල්ලා ඒවා පුරුදු නිසා, කිසි අවුලක් නැතිව කළේය. කතරගම දේවාලේ පූසාරි ලාම්පුව අල්ලන කොට, රනිල් ගිනි දැල්ල අල්ලන්න ගිහිල්ලා අතත් පුච්චා ගත්තේය. වඩා ගන්න පොඩි එකෙක් හෙව්වත්, ඒ වෙලාවේ පැත්ත පලාතේ එකෙක්වත් නැති එක මහින්ද මහත්තයාගේ ලක් එකම විය.

දෙවනි ඩිසිසොන් එක ක්‍රියාත්මක කොලේ හැන්දෑවේය. ඒ සිරි ලංකා එකේ සිරිසේන උන්නැහේට කින්ඩිය දාපු ටික දෙනෙකුටයි, චන්ද්‍රිකා මැඩම්ගේ නේකඩ් බොඩි එක බල්ලන්න ආසයි කියපු ඇස් බී ටයි, ඇමති කම් දෙන එකය. එස් බීට ඇමතිකම් දෙනවාට රනිල් විරුද්ධ උනත්, සැටලයිට් මැඩම් කිව්වේ, වෛරයෙන් වෛරය නොසන්සිදෙනවා ඉතරක් නොව, පවිත්‍රටයි, එස් බීටයි කියලා, මහින්දගේ රෙදි ගලවන්න පුළුවන් කියලාය.

හැන්දෑවේ ගොරෝසු කටහඬකින් ඇස් බී ට කෝල් එකක් ආවේය. මොනවද ඕයි තමුසෙට ලැජ්ජ නැද්ද, චන්ද්‍රිකා හෙළුවෙන් යවනවා කියලා දැන් ගිහින් උන්ගේ ඇමතිකම් ගන්නෙ තමුසේ ඉන්නේ රෙදි ඇඳගෙනද කියලාය. කට හඬෙන්ම පොර කව්ද කියලා අඳුන ගත්ත ඇස් බී කිව්වේ මම කරපු වැඩෙන් ඔක්කෝගෙම රෙදි ගැලවිලා තියෙන්නේ. ඕන නම් හෙට හවසට නෙළුම් පොකුණ ගාවට ආවොත් බලා ගන්න පුළුවන් කියලාය.

අර කෝල් එක දීපූ කෙනා වෙස් වලාගෙන ඇවිත් වික්ටෝරියා පාක් එකේ ගහකට මුවා වෙලා සීන් එක බලාගෙන සිටියේය. නෙළුම් පොකුණේ එදා වේදිකා ගත උන, "හොරුත් එක්ක හෙළුවෙන්" නාට්ටිය බලන්න, හෝ ගාලා සෙනඟ එමින් තිබිනි. ජනතාව පොදි කමින් ඩ්‍රාමා එක බලන්න ඇවිත් හිටියේය. එක පාරටම එතනට බෙන්ස් තුනක් ආවේය. දොරවල් තුනක් ඇරින, වාහනවලින් බැස්සේ, ජනාධිපති, අගමැති හා හිටපු ජනපතිනියයි, තුන් දෙනාම උන්නේ අමු හෙළුවෙන්ය.

පිරිමින්ගේ කටවල් ඇරිනි, සමහර ගෑණු මූණ වහ ගත්තේය. එක තාත්තා කෙනෙක් ලමිස්සියෙක්ගේ මූණ සරමෙන් වහන්න ගිහිල්ලා, ඒ යකාගේ, පුකයි, තුනයි, ඔක්කෝම එලියේ දා ගත්තේය. ඒ පුක හෝ තුන දැකපු බවලත් කාන්තාවක් සිහි නැතිව ඇද ගෙන වැටුනාය. සමහර පොඩි උන් ටිකක් උඩ පැන පැන හූ තිබ්බේය. අර ගහට මුවා වෙලා හිටපු කෙනාට හොඳටම හිනා ගියේය.

ඊට පස්සේ ආවෝ, දඩ ප්‍රාදෝ එකක්ය. ඒකෙන් හිනා වෙවි වටපිට බලමින් බැස්සේ එස් බීය. නියම සීන් එක කියන්නේ, ඒ යකාත් හිටියේ අමු හෙළුවෙන්ය. මිනිස්සු එතන ඉන්න බැරි නිසා, වික්ටෝරියා පාක් එක පැත්තට දිව්වේය. ඒ දුවන ගමන් උන් දැක්කේ, ගහකට මුවා වෙමින්, දෙපැත්තෙන්ම හිනා වෙවි අමු හෙළුවෙන් නෙළුම් පොකුණ දිහා බලාගෙන හිනාවෙන, සුදු කඳ බඩ මහත පොරකි. ඇඳුම් නැති උනාට රතු පාට අමුඩ ලේන්සුවක්ද මොකක්ද එකක් උන්නැහේගේ කරේ නම් තිබුනේය.

82 comments:

  1. අඩේ මේක පට්ට මාතලන්! දැන් ඉතින් පෙන්වන්නේ හොරු සමග හෙලුවෙන් තමා. පරණ ස්ක්‍රිප්ට් එකමයි. නළු නිළියො කීපදෙනෙක් විතරක් වෙනස් වෙලා.

    ReplyDelete
    Replies
    1. හෙළුවෙන් යවන චරිටහ් වලට, වට්ටි අම්මා චරිතයට ඒ අයටම චාන්ස් එකත් දෙනවා.. පට්ට යහ පාළණේ...

      Delete
  2. හොරු සමග හෙළුවෙන් ලංකිය දේශපාලනය කොයිබටද? දේශපාලනයම නිරුවත් නොවෙද?

    ReplyDelete
    Replies
    1. උනුත් එකයි මුනුත් එකයි අරුනුත් එකයි ඔක්කොම එකයි

      Delete
  3. ඔහේ කනස්සල්ලෙට පත්වෙලාද මන්දා

    ReplyDelete
  4. හි හි අපේ ජහමනයා හැමදාමත් ඔය නරිනාටක බල බල ඉඳි.. අනේ මයිට්‍රී දිනුවට පස්සේ මන් කොච්චර සතුටු වුනාද :(

    ReplyDelete
    Replies
    1. මමත් ගොඩාක් සතුටු උනා අෆ්ෆා...

      Delete
    2. ඇයි කිව්වනේ අනේ, ජාතික ආන්ඩුවක් හදනවය කියලා.. ඔය හදලා තියෙන්නේ කිරි ටික වගේ...

      Delete
  5. මාතෘකාව දැක්ක ගමං හිතුනේ ඊයේ විග්නේස්වරන් 'හෙළුවෙන් වැනීම' ගැන කියල යාපනේදී.. හිටහං බලන්න මොකක්ද කියල ලියලා තියෙන්නේ. :)

    ReplyDelete
    Replies
    1. මැක්සා.. එදා ආපු උන් හා ඒ ගැන කතා කරපු උන් ඔක්කොම ආවේ හෙළුවෙං නේද? මං හිතුවේ මුං රෙදි ගැලෙව්වේ අපේ විතරයි කියලා.. දැන් අවුලක් නෑ..

      Delete
    2. දැන් ඉතින් කිසි වෙනසක් නෑ... මොකාට දුන්නත් එකයි වෙලේ සුදා ඉල්ලුවොත් මම ඌට දෙනවා.. මොකෝ රනිල් වික්‍රමසිංහට දුන්නත් එකයි, ඌට දුන්නත් එකයි..

      Delete
  6. ඇඳුම් නැති උනාට රතු පාට අමුඩ ලේන්සුවක්ද මොකක්ද එකක් උන්නැහේගේ කරේ නම් තිබුනේය///

    හිහි ඔක්කටම වඩා මෙන්න මේ ටික නං ලෙසටම තිබුණේය....

    මට ඇත්තටම අස්පට් මෛත්‍රී අංකල්ට ඡන්දෙ දුන්න යූ ඇංපී කාරයන් ගැන ය... මොකද උන්නහේලා හිතුවාටත් වඩා හොදට පටං ගත්ත යහ පාලනේ හිතුවාටත් වඩා ඉක්මණට ජහ්පාලනේ වෙන්නට පටං ඇරං ඇති හන්දාය...
    හය්යූ සල්ලි....

    ReplyDelete
    Replies
    1. මට නං දුක සිරිසේනට කඩේ ගිය සින්හල බොග් කොල්ලෝ කුරුට්ටෝ ගැන ය :)

      Delete
    2. මටත් ඒ ගැන දුකය.. කොටින්ම මා ගැනම දුකය..

      Delete
    3. ජේ ආර්ලා, ඩඩ්ලිලා, ඩී ඇස්ලා, ප්‍රේමෙලා, මර හූ දීලා අඬනවලු

      Delete
  7. ආඬවනේ... මුරුගා....

    ReplyDelete
  8. මේ පෝස්ට් එක මාර රහයි

    ReplyDelete
  9. අඩ්ඩඩා...මරු පෝස්ට් එක තමා අරියය...

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි ලොක්කා...

      Delete
  10. ඇයි මාතෙ ලක්ෂ 62 යි 58 යි දෙගොල්ලම හෙලුවෙන්නෙ දැන්.

    //එක තාත්තා කෙනෙක් ලමිස්සියෙක්ගේ මූණ සරමෙන් වහන්න ගිහිල්ලා....// මේක තමා අල්ලලාම ගිය කෑල්ල.

    ReplyDelete
    Replies
    1. උඹටත් කවුරු හරි කමක්නෑ රෙද්ද උස්සනවනම් හිටන්....

      Delete
    2. මගෙං අහගන්න එපා හිටං වල් කටුස්සා

      Delete
    3. කැපුවත් කොල, කැපුවත් නිල්, කැපුවත් රතු කියන උන් නම් හැමදාමත් හෙළුවෙන්ම තමා...

      Delete
  11. හා හා හරි හාවා....



    23 අවුරුද්දක් තිස්සේ පැරදුනු අය ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් හරහා බලය ලබා ගැනීමට සූදානම් වන බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.

    යෝජිත 19 වන ව්‍යවස්ථා සංශෝධනය සකස් කර ඇත්තේ තනි පුද්ගලයෙකුගේ කැමැත්ත අනුව බවත් නපතිට ලැබුණු ධූරය මේ වන විට අගමැති විසින් කොල්ලකා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

    මෙම සංශෝධනයෙන් සිදු කරන්නට යන්නේ වසර 23ක් තිස්සේ මැතිවරණයක් දිනිගත නොහැකි වූ අයෙකු රටේ නායකයා කිරීම බවත් කී ඔහු කැබිනට් මණ්ඩලය 40 දෙනෙකු දක්වා ඉහළ යාම යහපාලනයට විරුද්ධ දෙයන් බවද කීය.

    ReplyDelete
    Replies
    1. එක නෙමෙයි කේස් එක.. එයාට කෙල වෙයි කියලා බයේ...

      Delete
  12. හොරුත් එක්ක හෙළුවෙන් බුදියා ගන්නේ නැතුව පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහා ජන්දෙකට ගියා නම් අහවරයිනේ හිටං.

    ReplyDelete
    Replies
    1. අහවල් එකටය සල්ලි නාස්ති කරන්නේ.. මම නම් කියන්නේ මැරෙනකන්ම ඔහොම ඉන්නයි තියෙන්නේ...

      Delete
  13. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී ජනරජයේ ඇමැති කෙනෙක් ලෙස අද දිවුරුම් දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ස්යයේ නෙරන්ජන් වික්‍රමසිංහ මැතිතුමාට මාතලන් ගේ බොගේ සිට මේ සුබ පතන්නේ ස ර ස තුමා විසිනි.

    මේ මාතලන් ට මුදල් ගෙවා පල කල දැන්වීමක් නොවේ.....

    ReplyDelete
  14. මේක නම් පට්ට. මම හිතන්නේ මුන් ඔක්කොම රෙදි ඇඳන් ඉන්නේ. මුන්ට චන්දෙ දෙන එවුං තමා රෙදි නැතුව ඉන්නේ

    ReplyDelete
    Replies
    1. මුන්ගේ රෙදි ඇති නැති බව විශ්වාස කරල චන්දෙ දෙන හරක්ට කොහෙද රෙදි?

      ඒත් රජ පවුලකින් පාලනයවීමට අකමැතිව, ඔය පොලිස් චන්ද වගේ ස්වාදීන කොමිසන් දෙක තුනක්, චන්ද ක්‍රමයෙ පොඩි වෙනසක් වගේ දේවල් සාමාන්ය තරමේ හොරුන්ගෙන් කර ගැනීමට බලාපොරොත්තුවෙන් හිටියනම් අවුලක් නෑ තාම.

      දේශපාලකයින්ව විශ්වාස කලයුත්තේද , ඔවුන්ගෙන් දේවල් අපේක්ශාකල යුත්තේද ස්‍රිරිලන්කන් යථාර්ථයඇතුලේය.
      රජ පිස්සුවෙන් කබල ඇදවී ලිපට වැටෙන ගානට එනකොට උෂ්ණත්වය චුට්ටක් අඩු කබලකට පැනීමට චන්ද දුන් අපිට නම් යහපාලන සුරන්ගනා ලෝකයට නොයාම ගැන දුකක් හෝ පසුතැවීමක් නැත.

      Delete
    2. ඇත්තටම මුන් කැමතියි ඡන්ද ක්‍රමය නැති කරනවා නම්. මුන් හැම එකාටම ඕන වැඩවසම් පාළණයක්. අපේ වාසනාවට තියෙන දෙයි උපරිම ප්‍රයෝජන අරගෙන අඩු ගානේ ඉත්තෝ එහාට මෙහාට කරලා, බ්ලාස් කරලා දාන එකත් ළොකු දෙයක් නේ.

      Delete
  15. මාතලන් ලියන ඒව රස විඳින්න ලැබෙන එක මේ දවස්වල ලියන වටවඩා හොඳයි. හෙට මොනවද වෙන්නෙ කියල හිතන්න බෑ නේ. මට මේදවස්වල තෙල්මෙ නටන්න පුරුදු වෙන්න ඉස්සෙල්ල මාලක්කම් ගැහුව වගේ වෙලා.

    ReplyDelete
    Replies
    1. එහෙම නොවෙනවා නම් තමයි පුදුමේ.. හැබයි වඩිගපටුන වගේ ලේසි එකක් නැටුවා නම් අමාරුවක් නෑ...

      Delete
    2. වඩිග පටුන නේන්නං නටන්නෙ... කැරකෙන කැරකිල්ලට අපටත් කැරකිල්ල වගේ..

      Delete
  16. දේසපාලන මගුලක් හින්ද කියවන්නෙ නැතුම කම්නෙට් කියෙව්වම හැම එකාම පට්ටය කිව්ව නිසා ආයි ගෙහුන් බැලුව. ඇස්වහක් කටවසහක් නෑ සත්තරනේ, මේක තමා කාලෙකින් දැක්ක හොඳම පෝස්ට් එක සහ විචාරය.

    ReplyDelete
    Replies
    1. මම දන්නාවා මේවා උඹේ කැමතිම ඉස්ටයිල් එක කියලා.. ඒ වගේම උඹේ කොමෙන්ට් එක පරක්කු වෙලා හරි එන බවත් බුදු ෂුවර්...

      Delete
  17. අමරිකාවේ මිනිස්සු වෙන්න ඇති දැන් මේ පස්සෙන් පස්සට පනින දේසපාලුවන්ට චන්දෙ දීල කවුන්සිලේට ගෙනාවේ.....මහ පඩංගු හරක් රැලක්.....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. හැබයි එයාලා කුමන්ත්‍රණයක් නම් කරලා තියෙනවා කියලා සජ්ජුරුවෝ කීවේ...

      Delete
  18. ඔය කොහොම කිව්වත් සැබෑ වෙනස තවම හැංගිලා තියෙන්නේ. නියම ගේම් එක එලියට එන්නේ මැතිවරණයක් ප්‍රකාශයට පත්කළාට පස්සේ.

    එතෙක් අපි සියලු දෙනාම ඉම්මු සුදෝ ජොලිය දමාලා.

    ReplyDelete
    Replies
    1. ///ඔය කොහොම කිව්වත් සැබෑ වෙනස තවම හැංගිලා තියෙන්නේ. නියම ගේම් එක එලියට එන්නේ මැතිවරණයක් ප්‍රකාශයට පත්කළාට පස්සේ. ///

      හරි උත්තරය තොරාගන්න:

      a. ඔන්න විචා අන්කල් ට විතරයි සත්‍ය තත්වේ තේරෙන්නේ... මොලේ ඇති වයසක හාදයෙක්!

      b. අංගොඩින් පැන්න පිස්සෙක් කල ප්‍රකාශයක්.

      හරි උත්තරය (-) හිස්තැනක් 991 අංකයට SMS කර අගනා තෑග්ගක් ලබාගන්න

      Delete
    2. මහින්ද මහත්තයට කෙලින්න බැරි උනේ එයාගේ පක්ෂෙට විතරයි. මීළඟ ඡන්දෙදි ඒකත් කරලා තමයි නවතින්නේ...

      Delete
  19. මේක කියෙවුවම මතක් වුනේ අද නිවුස් වලම ගිය මහින්ද මාමගේ කතාවක්..

    " ඉස්සර කැබිනට් එකලු වැඩි, දැන් විධායක ජනාධිපති වරු වැඩිලු.."

    ReplyDelete
    Replies
    1. ඒකෙන්ම තේරෙනවනේ එයා පට්ට "ඒකාධිපතියෙක්" කියලා...

      Delete
  20. සමහර උන් ඉපදෙන්නේ ලජ්ජා නහර නැතුවමය. ඒත් බන්ඩා දස්සයාය. අන්ඩ ප්රොමිස්ඩ් ඇන්ඩ් ඕව ඩිලීවර්ඩ්ය. එකියක් ගේ රෙදි ගලවනවා කියා හැමෝගෙම රෙදි ගැලෙව්වේය

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ රටේ හරකුන්ට රියල් පොලිටික්ස් උදාහරණ එක්ක පෙන්නනවට මුන්ට මල් තියලා වඳින්න ඕන...

      Delete
  21. ගහට මුවා වෙලා සීන් එක බලාගෙනභිටපු සුදු පොර මාතල්න් නෙද?

    ReplyDelete
    Replies
    1. මට උඩ රැවුලක් නෑ නේ.. පහළ රැවුලක් විතරයි තියෙන්නේ...

      Delete
  22. ඇත්තටම අර ගහ අස්සෙ හිටපු සුදු පොර කව්ද.....?

    ReplyDelete
    Replies
    1. කෝ අර කොන්ද පණ නැති ඇනෝ මැක්කා...... ඇනෝ මැක්කෝ මෙන්න මම මාතගෙ පෝස්ට් එකේ කමෙන්ට් කලා.. ඇවිත් කෙඳිරි ගාපන්.......

      Delete
    2. දන්නේ නෑ අනේ... පුක පැත්ත නේ දැක්කේ...

      Delete
  23. මට නම් පේන්නේ මෙතන දැන් තියෙන්නේ ඔය මොකක්වත් නෙවෙයි, රනිලුයි මෛත්‍රි අතර බල අරගලයක්. රනිල් දන්නවා මොන අගමැති කම් තිබුනත් වැඩක් නැහැ මෛත්‍රිට විධායක ජනාධිපතිකම තියෙනතුරු කියලා. ඒ වගේම මෛත්‍රි දන්නවා එයාට යූඑන්පී එක ජන්දෙදි සපෝට් කලාට ශ්‍රී ලංකා එක නැතුව අනාගතයක් නැහැ කියලා, මොකද යූඑන්පී එක කවදාවත් මෛත්‍රිට අවනත වෙන්නේ නැහැ. මෛත්‍රි හදන්නේ ශ්‍රී ලංකා එකේ බලය අල්ලගෙන ස්ථාවර වෙන්න, රනිල් බලන්නේ මෛත්‍රිව කොන්ටෝල‘ කරගෙන රට පාලනය කරන්න. මේ දවස්වල තියෙන නාට්‍යය මේක තමයි.

    ReplyDelete
    Replies
    1. ඔය කිසි දෙයක් නෙමෙයි තියෙන්නේ මහින්දට කෙලින උතුම් පරමාර්ථය. ඒක ජාතික යුතුකමක්. නමුත් ඒක කරන්න මුන්ට මහින්දට වගේ කොන්දක් නෑ.. තාමත් බයයි.. ඒක මහින්දගේ ටැලන්ට් එක.. මහින්දට නෙමෙයි ඝෝඨටත් බයයි...

      Delete
  24. ඇත්තටම මාතා අයියේ, හෙළුවෙන් ඉන්නේ උන්ද? එහෙම නැත්නම් මේ ඡන්දේ දීපු අපිද?

    ReplyDelete
    Replies
    1. යහපාලනෙ ගැන පොඩි පෝස්ට් එකක් දැම්මා. වෙලාවක් තිබ්බොත් බලලා හොඳ නරක කියන්න.

      http://sandunima.blogspot.com/2015/03/31-prison-break.html

      Delete
    2. උඹේ පෝස්ට් එක කියෙව්වා එදාම.. ඒත් ඒ ෆිල්ම් එක බලලා නැති නිසා බොරුවට කොමෙන්ට් කලේ නෑ...

      Delete
  25. මරු පෝස්ට් එක මාතලන් සහෝදරයා... නියමයි..

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි මචෝ...

      Delete
  26. හැමෝම මාරයි පට්ටයි කියනවා මට මේලෝ මගුලක් තේරැනේ නෑ අයියන්ඩි.

    ReplyDelete
    Replies
    1. තේරෙන්නේ නැති එකත් ළොකු දෙයක් බං....

      Delete
  27. https://www.youtube.com/watch?t=254&v=eOD26KknYyo

    PLEASE WATCH THIS.......

    ReplyDelete
    Replies
    1. අරූ අයියා ඇවිත් ... අවුල් වෙන්න කලින්

      Delete
    2. හරිම වටින කතාවක්,,
      ඒ වගේම මේ ෆිල්ම් එකත් මං බැලුවා .

      Delete
    3. ඔහ්.....තාම අවුල්වෙලා නෑ එහෙනම්.....

      Delete
    4. හප්පේ උඹ ඉන්නවද...? ෆෝන් වලටවත් ආන්සර් කරන්නේ නෑ නේ බං...

      Delete
  28. මම 99 වෙනි දිනේ වෙනකං .....
    ඉන්නෙ බං ........
    හිටං .....

    ReplyDelete
    Replies
    1. කොහොමත් අවුරුද්දක් විතර මුන් ටික නානවා බං... ඒ උනාට රට මීට වඩා දියුණු වෙනවා...

      Delete
  29. අම්මප උබ තමයි මිනිහ.

    ReplyDelete
  30. අර කියන්නැහෙ මේකනම් වල්ලා පට්ටා පෝස්ටුවකි. ඇඟ දනව මාතයියෙ (කැන්ගරුවා)

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. මොන බ්‍රෑන්ඩ් එකෙන් බිව්වමද බං උඹට මේවා ඔලුවට එන්නේ අපිටත් කියපං ...තෝ නං බ්ලොග් චක්‍රවර්ති මාතලන් ...අමුවෙන් ඉඳන් මේවා ඔලුවට එනවනම් උඹට එක සම්මානයක් දීල මදි

    ReplyDelete
  33. නියමයි අයියෙ... ඒ උනාට පට්ට ලැජ්ජයි මේ වගේ දේවල් ලියවෙන එකට...(පුරවැසියෙක් විදිහට ) කවදා මේවගෙන් නිදහස් වෙලා සුන්දර නිර්මාණ දකින්න ලැබෙයි ද?

    ReplyDelete
    Replies
    1. මටත් ලැජ්ජයි ඒත් මක්කා කොරන්නද...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න