.

.

Mar 9, 2015

එලෙව්වේ.., "මහින්ද" පමණක්ම නොවේ.... - Rejected Politicians & Parties


මහින්ද මහත්තයාට ගෙදර යන්න වෙයි කියලා, මහින්ද මහත්තයා ඉතරක් නොව, නිමල් සිරිපාලලාත් හිතුවේ නැතිය. අරලිය ගහ මන්දිර, ජනපති මන්දිර, රැනොවේසොන් කරලා මාළිගා බවට පත් කලාට, මැදමුලනයි කාල්ටන් එකටයි, ඒ ට්‍රීට්මන්ට්ස් දීලා නැත්තේ, පරලෝකාප්‍රාප්ත වන්නට හිතාගෙන උන්නේත්, අරලිය ගහ මන්දිරේ සැපසේ වාසේ කරනා අතරතුරේ නිසාමය. 18 වන විවස්ථාව ගෙනාවේ, ආයේ කාල්ටොන් වල එළි බහින්න නෙමේය. නැත්නම් කාල්ටර්න් කක්කුස්සියටත්, LCD TV, AC, ඉතරක් නොව Free Wi Fi හිටන් සප්ලයි කොරනවාය.

පොඩි කාළේ, "ගිනි ගිනි බෝලේ.... රැලි රැලි මාලේ...." ගගා, එක තැන කැරකිලා නවත්තපු ගමන් හතර අතේ කැරකිලා ගිහින් කොහේ හරි "දඩිං.. බිඩිං.. ඩෝං...." ගා වැටෙනවා වාගේ. මහින්ද මහත්තයායි, සංධානේ උනුයි, සිරි ලංකා කාරයොයි නන්නත්තාරේ කැරකි කැරකි විසි වෙනවාය, වැටෙනවාය. 2005 දී නම්, සැටලයිට් මහින්දට කරන්න තියෙන නස්කූනී වැඩ ඔක්කෝම කලත්, කැම්පේන් එකෙන් මගහැර හිටියා විනා, එකෙක් වත් මහින්දට කින්ඩිය දාන්න ගියේ නැතිය. අනික මහින්ද කොහොමත් "අයියා" නිසා, එහෙම දාන්න ඕනා කම තිබුනත් දාන්න ගියෙත් නැතිය.

ඒත් මේ සැරේ උනේ එහෙම කේස් එකක් නෙමේය. විමලෙලා, ජොනීලා, රත්තරන්ලා, අළුත්ගමගේලා, ඇස් බීන්ලා, අපවිත්‍රලා, රිලාසිරිලා වාගේ කට වාචාල පඩත්තලයින් ඉතරක් නොව, සුසිල් ප්‍රේමජයන්තලාත්, ජී ඇල් පීරිස්ලාත්, සිරිසේන ගොයියාට දාන්න තියෙන ඔක්කෝම කිංජල් එක දැම්මේය. පොන්නයන් ලෙස උන්නත්, ඒ ලද සැප ආයේ කොහෙන්වත් හම්බ වෙන්නේ නැති බවත් උන් දැන ගෙන උන්නේය. අද, අන්දකයිප්පු කාපු රිලව් බවට පත් වෙලා, වාහන දෙකයි ඉන්ධනයි මදි වෙලා, තව ජාතික ආන්ඩු ඉල්ලන්නේත්, හිතේ හැටියට හොරා කන්නට යහ පාළනයෙන් ඉඩ හම්බ වෙන්නේ නැති නිසාය.

ඇත්තටම මුන්ට හොරා කන්නට, වීරයන් සේ බැබලෙන්නට, පාර පුරා බැකප් වෙහිකල් දාගෙන ඉගිලෙන්නට,  ආයේ මහින්ද නැතිව බැරිය. (අපරාදේ කියන්නේ එජාපයේ උන්ට ඒ පිස්සු නැත.) සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංගගේ සිට, පලාත් පාලන එකේ රේප් කේස් කාරයා, මිනීමරුවා දක්වා, පැවැත්ම ඇත්තේ මහින්ද රාජපක්ෂ පඩත්තල පාළණය තුලය. එය තනිකර චෞර මංකොල්ළකාරි එකාධිපති පාළණයකි. අතීතයේද මෙරට අත්පත් කොට ගෙනෑ, වස්තුව කොල්ලකා පලා ගිය, සොළී සොර දෙටුවන් මෙන්, රාජපක්ෂ පවුල විසින්ද සිඳු කළේ එවන් වූ විනාශයක්මය.

ඇමරිකාවේ සිට පැමිණ, මෙරට ආර්ථිකය කාබාසීනියා කළ "බැසිල්", කිසිඳු අතුරු ආන්තරාවක් නොමැතිව, හම්බ කර ගත් සියල්ල සමඟ නැවතත් තම මව් බිම වෙත පියඹා ගොස් අහවරය. "ගෝඨාභය" ඉගිල නොයන්නේ, ඉගිල යාමට ඇති බිය නිසා මිස, වෙන කිසිඳු හේතුවක් නිසා නොවේ. ඔහුගේ පැවැත්ම පිටරටකදි අන්තරාකාරිය. ඒ ඔහුට එරෙහිව ඇති මානව හිමිකම් චෝදනා හේතුවෙනි. ඔහුට රැකවරණය ඇත්තේ සිය පවුල විසින් විනාශ කළ රට තුලම වීම, එක්තරා දෛවොපගත සිඳුවීමකි. ඉබේම ඔහු සිරකරුවකු බවට පත්ව ඇත.

සිරිසේන මහතා බලයට ගෙන ඒම තුල, ඔහුට ඡන්දය ප්‍රකාෂ කළ ජනතාව දුන් පණිවිඩයෙන් ප්‍රතික්ෂේප කළේ, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුල් පාළණය පමණක් නොවේ. ඔහු නායකත්වය දුන් පොදු ජන එකසත් පෙරමුණු පාළණයද ජනතාව ප්‍රතික්ෂේප කර දැම්මේය. එපමණක් නොව, එම අන්ත දූෂිත පාළණය තුල සිඳු වූ මහා පරිමාණ මංකොල්ලයන්ට හා දූෂණයන්ට එරෙහිව, නීතීය ක්‍රියාත්මක් වීමද ජනතාව එක සිතින් බලා පොරොත්තු විය.

එහෙත් හොරුන් සමඟ හෙළුවෙන් පිස්සු කෙලිනා වත්මන් සුළුතර ආන්ඩුව, ඔවුන්ට එදිරිව කිසිඳු ක්‍රියා මාර්‍ගයක් නොගන්නා බව පැහැදිලිවම පෙනී යන බැවින්, අද, හොරුන් එලිපිට චීන සර්කස් පෙන්වමින් සිටී. අද උන් හොරුන් නොව, ජාතික වීරයන් බවට පත්ව ඇත. හොඳම උදාහරණය ඇවන් ගාඩ් සිද්දියයි. මහා පොර ටෝක් දෙන විජේදාස රාජපක්ෂ, තහනම් කළ පාස්පෝට් යලි බාර දීමට නියම කරයි. ඔවුන්ට දැන් ප්‍රශ්ණය ඇත්තේ ඇවන් ගාඩ් සමඟ නොවේ. දූෂණයට එරෙහිව සිටිනා ජෙප්පන් සමඟය.

ජෙප්පෝ ළඟ, ඇවන් ගාඩ් සමාගම මෙන් මුදල් බලයක් නොමැත. ජෙප්පන්ට ලක්ෂ 25 ක් දී ඇත්තේත් විජේදාසය. ඒ මුදල් එයාට කොහෙන් හම්බ උනාද කියා අප අසන්න යන්නේ නැතිය. එහෙත් ලක්ෂ 25 ක් දොළ දන් දෙන්නට, ඒවා හම්බ කරපු ආකාරයත් කියනවානම් බොහෝ වටිනවාය. එහෙම දොළ දන් දෙන්නේත් තමන්ගේ මැතිවරණයට වියදම් කිරීමෙන් අනතුරුවත් වන නිසාය. මෙයාලාගේ කටේ නරි වාදම් රෙද්ද පල්ලෙන් බේරේ. අන්තීමේදී රනිල් මැදිහත් නොවන්න. ජෙප්පන්ගේ සහයෝගයද සුළුතර ආන්ඩුවට අහිමි වන්නේමය.

මහා උද්දච්ච කමකින් පෙලෙනා එජාපයේ මැති අමතිවරුනට මීළඟ මැතිවරණයකදී, බහුතර බලයක් ලැබෙනු ඇතැයි සිතීම මෝහයක්මය. ඔවූහු අධි මාන්නයකින් මෙන්ම, අධි තක්සේරුවකින්ද පෙලේ. රෝගය දරුණු තත්වයට පත්ව ඇත. මෙය ජනතා ජයග්‍රහණයක් බව ඔවුනට අමතකව ඇත. සිරිසේන ලොක්කා පාළණයට ගෙන ඒම සඳහා ඡන්දය දුන් පිරිස අද පසුවන්නේ කළකිරීමකින්ය. 

එහෙත් එම ඡන්ද කිසි දිනක පොදු පෙරමුණු සභාගයකට හිමි වන්නේද නැතිය. පොදු පෙරමුණේ පිරිසද, මහින්ද රාජපක්ෂ මෙන්ම ජනතාවට පිලිකුල්ය. අප්පිරියය. ඔවුනගේ එකම බලා පොරොත්තුව නවදිල්ලියේ සිඳුවූ ආකාරයේ පෙරලියකි. එහෙත් එවන් පක්ෂයක් හෝ පෙරමුණක් අප අතර නැත. සිඳු විය යුත්තේ කුමක්ද?

ඊළඟ ළිපියෙන් කතා කරමු...

61 comments:

  1. උඹ ඊලග ලිපිය තව දින 9 යකින් ලියපං සුද්දා.....

    ReplyDelete
    Replies
    1. එටකොට දවස් 70 කුත් ඉවරයි.. බලාගෙන ගියාම අපි අලි කියලා පත් කරලා තියෙන්නේ හරක් රැලක්...

      Delete
  2. //මෙය ජනතා ජයග්‍රහණයක් බව ඔවුනට අමතකව ඇත.//
    අන්න එතනයි මෙයාලා වරද්ද ගත්ත තැන. මිනිස්සුන්ට තිබුණේ පවතින ක්‍රමය එපාවීම මිස මෙයාලාව උවමණාවීමක් නෙමෙයි. දැන් යන විදිහට කලිං පාර පිහිටෝපු එක වැටුනටත් කලිං වැටෙයිද මංදා...

    ReplyDelete
    Replies
    1. මට තියෙන දුකත් ඒකමයි.. මිනිස්සුයි අනාථ වෙන්නේ...

      Delete
    2. මධුමදාවී එන්නේ මොකාටද ?

      Delete
  3. අන්න යකෝ වරාය කාල හොරකං හින්දාම අයින් කරපු ඊට පස්සෙ ගැහිලි අහුවෙලා කටාරි එයාර් ලයින් එකෙනුත් දොට්ට දාපු දිලීපයා ලොක්කගෙ මල්ලි එක්ක ටෙලිකොම් එකේ සී ඊ ඕ කරලා අරං ! ජහ ජහ පාලනේ..

    ReplyDelete
    Replies
    1. http://www.inside.gossiplankanews.com/2015/03/ys-xld-fgsfldi-modk-uodhl-esm-ufeiqkaor.html

      Delete
    2. ඕකා බඩු කාපර් ඕකාගේ දුවගේ වයසේ කෙල්ලක් දාගෙන වරායේ පාරවල්වල ජොගින් කරා. වරාය බල්ලෝ(ඇත්ත එවුං) මුංගේ පස්සේ පන්නන්න ගත්තා. මු වැට් ස්කෑම එකට සම්බන්දයි කියල කතාවක් තිබුනා. යහපාලනයට අබසරණයි !

      Delete
    3. බඩු කැමති නම් බඩුවක් ගහන එක නම් මහ දෙයක් නෙමෙයි.. ඒත් රාජ්‍ය දේපළ හොරා කන එකයි වැරදි.. වැරදි දේ මොකා කළත් වැරදියි..

      Delete
  4. මහා ජන්දෙට ඉක්මනට යන එක හොඳයි.මේ හොරු නඩයෙන් රටට සම්පුර්ණයන්ම නිදහස් වෙන්ට පුළුවන් වෙන්නේ එතකොටයි.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ගොන් හරක් ඉල්ලන්නේ හොරුම නේ..

      Delete
  5. ඊළඟ ලිපියත් දේශපාලනේ ....... ඊට කලින් තව කයිපදයක් දෙකක් ගැට ගහල ඉදපන් මාතේ........

    ReplyDelete
  6. ස්‍රී ලන්කා ජේස්ටයන්ට චන්දෙ දිනන්න මහින්ද ඕනෙ කියලත් හිතෙනව, ඒත් ආයිත් රාජපක්සලගෙ යටත් වැසියන් වෙන්නත් කැමති නෑ. දැන් ස්‍රී ලන්කා එක පුස්වෙඩිල්ලට වඩා විනෝදජනකයි.

    යූඑන්පී එක දෙවනි පාරටත් පරණ පිනක් කඩා වැටෙයි කියල බලා ඉන්නව.

    අපිට නම් රාජාණ්ඩුවකට වඩා මේ තියන මොකක්ද මංද එක ටිකක් හොඳයි. එනිසා ඔහෙ මැච් එකක් බලා ගෙන, හිනා වෙන්න නිව්ස් බලාගෙන ඉන්නව.

    ඉස්සරට වඩා හොඳයි කියන්නෙත් එක්තරා හොඳක් නේ මාතලන්

    ReplyDelete
    Replies
    1. මේ යක්කු අර යක්කුන්ට වඩා ලක්ෂ කෝටී ගුණයක් හොඳයි.. ඒත් කරුමය නම් මුනුත් යක්කුන් වීමයි...

      Delete
    2. වැඩේ කියන්න දේසපාලනේ ඔක්කොම යක්කු වීමයි . . ඡන්දෙ දෙන අපි ඔක්කොම හරක් වීමයිනෙ බං

      Delete
    3. හරක් ජාති දෙකක් ඉන්නවා..

      1. අපි වගේ හරක් කියලා දැණුවත් හරක්
      2. හරක් බව නොදන්නා හරක්.

      මේකෙන් දෙවන කාන්ඩය අති භයානකයි..

      Delete
    4. තම හරක්භාවය තමයි දේශීයත්වය කියා හරකත්වය ගැන ආඩම්බරවෙන හරක්?

      Delete
  7. මාතා,

    //ඔවුනගේ එකම බලා පොරොත්තුව නවදිල්ලියේ සිඳුවූ ආකාරයේ පෙරලියකි. එහෙත් එවන් පක්ෂයක් හෝ පෙරමුණක් අප අතර නැත.//

    මෙවර සැලකියයුතු බලයක් ජනතා විමුක්ති පෙරමුණට ලැබෙනු ඇති, මෙපිලිබද ලිපියක් මිට දින කියයකට පෙර ලියුව.
    http://lankasithuwili.blogspot.com/2015/03/blog-post.html

    ReplyDelete
    Replies
    1. මට ඒ ළිපිය මිස් වෙලා බං...

      Delete
  8. බුදු මාතේ.. උබේ දෑවෑන්ත උත්සාහයට අභ සරන වෙන්නයි යන්නේ.. මොනවහරි කරහන්. නෑතිනම් උබ හරි චන්දේ ඉල්ලපන්. ඩෙෆා උබ දිනනව ශුවර්.. ජය වේවා...

    ReplyDelete
    Replies
    1. මගේ නෙමෙයි බං... ලක්ෂ 62 කගේ උත්සාහය...

      Delete
  9. මා අසා ඇත්තේ-

    කිරි කිරි බෝලේ
    රැලි රැලි මාලේ
    මේ ළමයා කොහෙන්දෝ
    රෝස කැලෙන් ඇහින්දෝ.

    -කියාය

    ReplyDelete
    Replies
    1. අපි නම් අන්තීමට, "දඩිං.. බිඩිං.. ඩෝං......." ගලා ඇදගෙන වැටෙනවා..

      සිරි ලංකා කාරයෝ වගේ...

      Delete
  10. ඌන්පී ය බලා සිටින්නේ රැල්ලෙන් ප්‍රයෝජන ගැනීමටය.එහෙත් උන් තේරුම්නොගන්නේ උන්ට ඇති රැල්ලක් නැති බවය.මෙතනදී ජනතාවගේ සම්පූර්න බලය,විශ්වාසය රැදී තිබුනේ සිවිල් සන්විධාන හා යම් යම් පුද්ගල චරිත වටාය.මේ යථාර්තය තේරුම් නොගන්නාතාක් උන්ට අබ සරණය.

    ReplyDelete
    Replies
    1. චන්ද ප්‍රතිඵල ආවම.. රැල්ල මොකක්ද කියලා තේරේවී...

      Delete
  11. පොලිටිකල් ඇනැලිසිස් එක නරක නෑ!

    ReplyDelete
  12. මහින්ද නොව මිහිඳු රජ සිංහල බුද්ධාගමේ මුර කරුවාය. ඔහු පර දෙමළා පරදවා රට එක සේසත් කල සේක. කුමන්ත්‍රණකාරී බටහිර කුමන්ත්‍රණ පරදවා අනෙකුත් බෞද්ධ රාජ්‍ය වන චීනය සහ මියන්මාරය සමග මිතුදන් වැඩුවේය. හම්බයන් දමනයද කළේය. රජ කෙනෙකු සිය වැසියන්ගෙන් බදු ස්වල්පයක් ය කර ඉන් රජ සැප විඳීම වරදක් නොවේ. ලාංකීය ඉතිහාසයේ පළමු මිහිඳු රජතුමාණන් වහන්සේට අගෞරවය කරන ඔබට අඹ සරණයි.

    ReplyDelete
    Replies
    1. උඹ වගේ ලක්ෂ 58 ක් හරක් ඉන්න රටක මේ කොමෙන්ට්ස් මහ පුදුම දේවල් නෙමෙයි...

      Delete
    2. මෙතන හරක ඇනෝද මාතලන්ද කියල තමා දන්නෙ නැත්තෙ. උඩ ඇනෝ ලක්ෂ 58 එකෙක් නෙමේ කියල ඕන මෝඩයෙක්ට තේරෙනව. මේ අර වර්ගපූර්ණිකාව ලියන එකා වගේ එකෙක්. පව් මාතලන්.

      Delete
    3. මේ මගේ බොග නේ.. මේකේ කිච වෙන උන් ඊට පව් නැද්ද..

      Delete
    4. බොගත් මාතලන්ගෙ කිච වෙන්නෙත් මාතලන්මයි.

      Delete
    5. ඒක කොමෙන්ට් දාලා ඉල්ලගෙන කාළා කිච වෙන ඔයා තීරණය කරන එපා..

      ඒක කියවන එකා තීරණය කරයි...

      Delete
    6. මිහිඳු රජතුමා නැවතත් රජවී දෙමළුන් සහ හම්බයන් රටෙන් එළවනු ඇත. එදාට මාතලන් නම් දේශද්‍රෝහියාටත් අඹ සරණයි.

      Delete
    7. ටිකක් කල් යාවී...

      Delete
  13. අනේ මාතලන් ඔයාගේ යහපාලන කට්ටිය ඔක්කොටොම හපන්. දින සීයේ වැඩ පිළිවෙල තියෙද්දී සිසිසේනගේ මල්ලි තමයි ටෙලි කොම් සභාපති. සිරිසේනගේ මල්ලිලා පොලොන්නරුව කනවා. ඔබ වහන්සේ මෙහෙ හොරු එලවීමක් ගැන බයිලා ගායනා කරනවා. මතකද ගිය පාර පොඩි කාලෙකට රනිල් අගමැති වෙච්ච වෙලාවේ ජයලත් ජයවර්ධන මහේස්වරන් එක්ක වලි දාගත්ත හැටි උතුරේ පාරවල් හදන්න. විජේදාස රාජපක්ෂ කියන්නේ නීතිඥයෙක්. එයාට නඩුවලින් ලක්ෂ විසි පහක් හොයන එක කජ්ජක් නෙමෙයි. අපේ ගෙවල් ළඟ ඉන්න නිකන්ම නිකම් ලෝයර් කාරයත් අම්බාන්ක හම්බු කරනවා. ඔයාට ඒවා මැජික්. අනිත් එක ජෙප්පෝ ලකුණු ගන්න බොරු කියනවා ඇත්ත වගේ. ඇයි අනුරයා මග අරින්නේ. ජෙප්පෝ හොඳයි ඔහේලා වගේ සම හරක්ට ආතල් දෙන්න. දූෂණ කරපු එවුන්ව අල්ලන්න බැරි සාක්කි නැති හින්දා. හැබැයි චන්දෙට ඉස්සෙලානම් සේනසිංහලා වගේ පොඩි කාලේ අස්සයෝ පිට ගියපු අය කිව්වේ සාක්කි තියෙනවා කියලා. ඒගොල්ලෝ එහෙම කිව්වේ ඔබ තුමා වගේ සම හරක්ව චූන් කරන්න. ඔබ තුමානම් තාම ඉන්නේ චූන් එකේ වගේ පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. උඹෙ කතාව පිලිගන්නව. ජෙප්පො කරේ හැමදාම කෑගැහුව එක. උන් තුට්ටු දෙකක වැඩක් කරපු උන් නෙමේ. කරන්නෙත් නෑ.

      Delete
    2. මාතලන් ගේ මේ ළිපිය පමණක් කියවා කොමෙන්ට් කළ අසරණයෙක්..

      Delete
    3. උඹෙ මුලු blog එකම කියවන්න වෙලා තියන මිනිස්සු ඇති. එක post එකක් කියවපු එකා ඔක්කොම කියවන්න ඕන කියල හිතන්න එපා. මොකද අපිට වැඩ තියනව. සේරම කියවන්න වෙලා නෑ. ලියන එකෙන් හරි අදහසක් එන විදිහට ලියන්න .

      Delete
    4. Maathalan's logic

      මාතලන්ගේ එක් ලිපියක් පමණක් කියවන්නා = අසරණයා

      මහාචාර්ය කියල වෙන්න ඇති මාතලන් හිතන් ඇත්තෙ.

      Delete
    5. වැඩ තියෙනවා නම් වැඩක් කරගෙන දෙන්නේ නැතිව හිටියා නම් අහවරයිනේ.. මේ මළජරා බ්ලොග් පඩංගුවල තියෙන මළදානවලට හොට නොදා.. මහා ආචාර්යවරු විදියට...

      Delete
  14. Siyallama harima hari aththa!Harima lassana post ekak!

    ReplyDelete
  15. ඒ උනාට උන් පැරදිලා කියල හිතන්නට තාම සිරි ලංකා කාරයෝ කැමති නැතිය. මහින්දත් වෙන මගුලකින් චන්දෙ ඉල්ලුවොත් යූ. එන්. පී. කාරයන්ට කිසි ගේමක් නැතුව දිනන්න පුළුවන්ය. එහෙම උනොත් උන් මීට වඩා නටන්නට ගන්නවාය

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඒ දේ වෙයි වගේ... රාජපක්ෂලාගේ දේශපාළණයට දේශපාළණය තුල නැවතත් ඉඩක් නෑ...

      රාජපක්ෂගෙන් ගොඩ යන්න හදන්නේ, දේශපාළණ පොන්නයෝ...

      Delete
  16. මහින්ද පැරදුනාට සිරිලංකා කාරයො පැරදිලා නෑ තාම. දිනපු මෛත්‍රීත් එයාලගෙ පැත්තෙ දැං. රනිල්ගෙ පුකට පයින් දෙකක් දීල තමන්ගෙ පිල එක්ක එකඟ වෙන්න මෛත්‍රීට නොහිතෙන එක එයාගෙ හොඳකම වෙන්න ඕන. ඕනවට වැඩිය උඩඟු වීම අන්තිම නරකයි. වීදුරු ගේ ඇතුලෙ ඉන්න රනිල්ලා විජේදාසලා මීට වැඩිය පරිස්සං වෙන්න ඕන.
    ලඟ එන ඡන්දෙදි අපේ බලාපොරොත්තු කනපිට හැරෙන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මොනවා උනත් කමක් නෑ අවුරුදු 20 ක් ෆේල් උන් නැවත පත් නොවී...

      Delete
  17. // සිරිසේන ලොක්කා පාළණයට ගෙන ඒම සඳහා ඡන්දය දුන් පිරිස අද පසුවන්නේ කළකිරීමකින්ය. //
    මටත් වෙලා තියෙන්නෙ මේ ටික.

    ReplyDelete
  18. "හරක් ජාති දෙකක් ඉන්නවා..

    1. අපි වගේ හරක් කියලා දැණුවත් හරක්
    2. හරක් බව නොදන්නා හරක්.

    මේකෙන් දෙවන කාන්ඩය අති භයානකයි.."
    ඔබ ලිපියෙන් පවසනවිස්තරය මේ වදන් කීපයෙන් හොඳට වදිනවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියන්න බය වෙන්න ඕන නෑ නේ මෙයා...

      Delete
  19. කුහක ජෙප්පොද එතකොට තුන්වෙනි බලවේගේ? එයි කියල තමා බය..

    ReplyDelete
    Replies
    1. පිස්සුද ඒ නම්බර් වන් ඔපසිසොන් එක...

      Delete
  20. මම අර කලින් තැනක කිව්වා වගේ මේ ඔක්කොම ඇරලා බ්ලොග් කරන කට්ටියයි ෆේස් බුක් එකේ විවේචනය කරන කට්ටියයි ආණ්ඩුවට දැම්මයි කියමු - මිට වැඩිය දෙයක් වෙයිද? - මෙහෙම මාතලන් කියන විදියට ගියොත් මේක යන දෙපැත්තක් එනවා? එක්කෝ ෆැසිස්ට් වාදී ජාතිවාදී ආණ්ඩුවක් එයි , නැත්නම් විප්ලවකාරී ආණ්ඩුවක් එනවා එහෙම පක්ෂයක් තිබ්බනම්. නමුත් හුඟක් වෙලාවට මේකේ දෙගොල්ල එකතු වෙලා තව රන් එකක් යයි.

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් කාරයෝ, බ්ලොග් කාරයෝ, වෙබ් කාරයෝ ඕන නෑ. අවශ්‍ය මේ හොරුන්ට නෑකම් නැති මිනිස්සු ටිකක්. දැන් සිරිසේන රට පාළණය කරන්නේ පොලිටික්ස් දැනගෙනද..? මහින්ද කරේ පොලිටික්ස් දැනගෙනද..? මේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්ණය හොරකම දූෂණය හා වංචාව.. ඒක මේ වගේ බබා හුකුං කරලා නවත්තන්න බෑ..

      Delete
  21. මාතා එල ලිපියක්!... මං ලඟදී දැක්ක ව්ජේදාසයා කියා තිබුනා ඌ ජෙප්පන්ට දීපු ලක්ෂ 25 ව්‍යාපාරිකයෙක් මිනිහගේ ජන්ද වැඩට දීපු සල්ලි බවත් මිනිහා ජන්දට වියදම් කලේ බැංකු අයිරාවක් අරගෙන කියයි (http://lankadaily.com/latestnews/discussion/item/5519-2015-03-07-03-11-53)... කොහොම උනත් මෙදා සැරේ අඩුම තරමින් ජෙප්පන් 10ක්වත් පාර්ලිමෙන්තු ගියානම් ආණ්ඩු කරන උන්ට නියම රෙගක් හම්බ වෙයි...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න