.

.

Apr 26, 2015

දන්නේ නෑ ඕයි. මතක නෑ ඕයි, දැක්කේ නෑ ඕයි... (23+) -


මේ ආන්ඩුව, කෙලින තරමක් කෙලින්නේ පිස්සුමය. දියවැඩියාවට බෙහෙත් ගන්න ඡන්දේ ඉවර වෙනකන් හිටපු බැසිල් ලොක්කා, බෙහෙත් අරගෙන ආපු ගමන්, වැලිකඩ යවනවාය. එතන ඉන්නා යහ පාලන පාළකයන්ට පින් සිද්ධ වෙන්න, ලෙඩා ගෙනත් ගෙවන වාට්ටුවට දැම්ම හින්දා හොඳය. හදිසියේ හරි බැසිල් ලොක්කට වැලිකඩ වාට්ටුවේදී මක්කා හරි උනා නම් හෙම, සිරිසේන ලොක්කාට නවතින්න වෙන්නේ ජිනීවා මානව හිමිකම් කමිටුවේය.

උන්නැහේ වැලිකඩ දාපු එකෙන් සත පහක වැඩක් නැතිය. දැන් නඩුව බලවන දිනේට "මිලියන් ගාන මට මතක නෑ ඕයි..." කිව්වයින් පස්සේ එයාට ඇප දෙනවාය. මේ රටේ තියෙන්නේ පට්ටම පට්ට අධිකරණයක්ය. අධිකරණය කියන වචනේ තේරුම සම හරක් විට තියෙන එකාට "අදිනවා" කියන එක වෙන්න පුළුවන්ය. එහෙම "අදින" කාරනා කටයුතු කරනා තැන නිසා, නම එහෙම වූවා වෙන්නත් පුළුවන්ය. ඉන්ගිරිසියෙන් කියන්නෙත් කොට්ස් කියාය. ඒ සම හරක් විට කෝට් දාගෙන යන නිසා කියා කෙනෙකුට හිතෙන්න පුළුවන්ය. ඒත් ඉන්ගිරිසියෙන් එහෙම දාලා තියෙන්නේ එතනට ගියොත් හෙම කෝට්ස් ඇඳපු ජෙන්ට්ස්ලාට අතේ කෝට් වෙන නිසාය.

අපේ රටේ අධිකරණේ කොච්චරනම් සුවාධීනදැයි කියනවා නම්, මිනී මරලාත්, "මච මචක ඤෑ.." ගාපු ගමන්, මිනීමරුවන්ට පාර්ලිමන්ට් එන්නත් පුළුවන්ය. වෙඩි වැදිච්ච එකා මලේ හොඳ වෙලාවටය. නැත්නම් ඒ යකාට ජීවිතාන්තේ දක්ව හිරේ යන්න වෙනවාය.

හිටපු ජනාධිපති තුමාට, අප්පච්චි.. අප්පච්චි.. ගෑවට උන්නැහේ අවුරුදු 70 ත් පැනපු මුත්තා කෙනෙක්ය. එහෙම නොවනවා නම්, මාතලන්ගේ අප්පච්චිත් තරුණ පොරක්ය. වයසට ගියාම ඇල්සයිමර් කියා රෝගයක් හැදෙනවාය. ඒකෙදි වෙන්නේ, මේ කළ දේ මේ මතක නැති වෙනා එකය. එහෙව් වයසක මනුස්සයාගෙන් පඩත්තල මාද්දියවේදියෝ කියන පිස්සු හුටංලා වගයක්, මයික් පොලු දික්කරගෙන එතුමාගෙන පක්ෂේ රැස්වීම් ගැන අහනවාය. එයා, අනේ "දන්නේ නෑ.." කියනවාය.

රජගෙදර රිලවාගෙයි, සීයේ හිඟන්නාගෙයි මීටින් වලට යනවද කියලා අහනවාය. "එහෙම එකක් තියෙනවාද..?" කියා උන්නැහේ අරුන්ගෙන් අහනවාය. යහ පාලනේ කොහොමෙයි කියා ඇහුවාම, "ඇත්තටම යහ පාලනේ කොහොමෙයි..?" කියා, එයා අපෙන් අහනවාය. පට්ටම ආතල්ය.

මැයි දිනේට ආරාධනා කලාද කියලා අහනවාය. ඊට විනාඩි පහකට කලින් අනුර ප්‍රියදර්ශනයා අතටම දීපූ ආරාධනේ, උන්දෑට මතක නැතිය. "ඇයි සෑර් මේ දැන් ලේඛම් තුමා දුන්නේ" කිව්වාම, "ජැක්කේ ඤෑ..." කියනවාය. වයසට ගියාම එහෙමය. ඒ තියා එතුමාගේ කාළේ හොරකම් කරපු උන් හිරේ දාන්නත් අමතක වෙලාය. දූෂණය කොරන කොට නොදැක්කා වගේ ඉඳලාය.

මොකක්දෝ කරුමයක් තිලා, අර තංගල්ලේ පුෂ්පකුමාරයාට ඉතරක් කෙල උනේ, එතුමාත් බටහිර කුමන්ත්‍රණ කාරයන්ට අහු වෙච්චි නිසාය. ඒ බවක් නොදන්නා පඩත්තල වේස කොල්ලො. "මහින්ද මහත්තයා බබා" කියා බුකියේ පෝස්ට් දානවාය. දේශපාළණයට එන්න කොලිපිකේසොන් එකක් වෙන ඔය අමතක වීමේ රෝගය නැත්නම්, අම්මට සිරි ලංකාවේ කලටි පොල් කඩන්නට බැරිය.

අර මයික් කොට උස්සගෙන එන පඩත්තල වේස කොල්ලෝ නිසා, එතුමාට බෝධි පූජාවකට යන්න බැරිය, යාළුවෙක් බලන්න හිර ගෙදරට යන්න බැරිය. මලයා බලන්න ඉස්පිටිතාලෙට යන්න බැරිය. තව ටික දවසකින් ඔය වේස කොල්ලෝ මහින්ද මහත්තයාට රෙන්න දෙන එකකුත් නැතිය. එතනදි, සෑර් කක්කා කලාද කියලා ඇහුවොත්, මම දන්නේ නෑ, විමල්ගෙන් අහලා බලන්න.., කිව්වොත් හෙම මල ජංජාලයක් වෙනවාය. මොකෝ උන්නැහේ දෙන්නේ ඒ වගේ අෂ්පැට් මඤ්ඤංද පෝල් පීරිස් උත්තර නිසාය. එහෙම දෙයක් උනොත් හෙම, වෙන වැඩකට කප් ගහලා ඉන්න ලොක්කා, රනිල්ගේ, මංගලගේ, ලැවල් එකට වැටෙනවාය. මොකෝ මහින්ද මහත්තයා රිංගන හැම තැනම අර වාහෙත් යන නිසාමය.

අපි ෆිට් පොරක් කියලා හිතාගෙන උන්නු ගෝඨාභය ලොක්කාටත් "මතක නෑ" ලෙඩේ බෝ වෙලාය. බොහෝ විට මේ වගේ රෝග පරම්පරාවෙන් එන ඒවා නිසා, පවුලටම එහෙම තියෙනවා කියා හිතෙන්නේ, අපේ නාමල් බේබිලා, යෝෂිත බේබිලාත් මේ වගේම උත්තර දෙන හින්දාය. දැන් මතකෙ කඩෙන් අරගෙන එන්න මාස තුනක් ඉල්ලලාය.

ගෝඨාභය ලොක්කා අල්විස් කොමිසොන් එකට ආපු දවසේ ඇවිල්ලා හිටපු පිස්සෝ ටික නිසා, එතුමාට මතකෙ තිබුන ටිකත් අමතක වෙන්න ඇතිය. ඒ පිස්සෝ ටික ඔතනට ඉතරක් නොව ලංකාවේ හතර දිග් භාගයේ යනවාය. චීප් ජස්ටිස් නෝනටත්, "ඔයා බබා..." කියා කින්ඩිය දමා ගෙදර යවපු උන්දලා නිසා, එයාලාට අධිකරණ තීන්දුත් වලංගු නැතිය. පොලීසියත් පුල් ගාඩ් එක දෙනවාය.

කොටියාගෙන් රට බේරා ගන්න එන කස්ටිය උනාට, උනුත් බටහිර කුමන්ත්‍රණ කාරයෝ දෙන ගුලි වලට අහු වෙනවාය. උන් එතනට එන කොට, කනත්ත ගාව ඉඳගෙන, ඩයස්පෝරා එකේ උන් විකෘති කොරාපු ජාතික කොඩියක් දීලා, මේක වනපියව් කියලාය. දේශප්‍රේමයෙන් ඇස් අන්ධ වෙලා, ජාති ආලයෙන් ගිනි කන වැටි ඉන්නා මේ නීල කාස හොරුන්ට, ඔය වෙලාවට ජාතික කොඩිය නැතුව, පොල්ලේ ගසා ආච්චිගේ රෙද්දක් දුන්නත් වනන එක වනනවාමය.

දැන් ආච්චිගේ රෙද්ද වනපු උන් කියන්නේ, අපි ඒක ආච්චිගේ රෙද්දය කියා "දැක්කේ නෑ" අනේ, ඒ නිසා සමාව භාජනේකට දාලා, ආච්චිගෙ රෙද්දත් ඒකට දාලා, පත අට එකට සිඳුවා පෙරලා බොන්නය කියලාය. ආච්චිගේ රෙද්ද වනපු ඩලස්ට, මේකට ලෙඩේ අදිනා එක වස කැතය. මොකෝ කියනවා නම්, උන්නැහ කන්නාඩි දාලා උන්නේ නැති නිසාය. සීයේ හිඟන්නා ඇස් කන්නාඩී දාගෙන උන්නාට, එකෙන් ළඟ පෙනෙන්නේ නැතිය. ඒකෙන් පේන්නේ මේ මව්බිම ඩයස්පෝරා එකේ උන් රේප් කොරනා සැක්ස් සීන් විතරමය. ඉතින් බොහෝ දුර පේන නිසා. ඒ පේන ඒවා අපිට කියනවාය. නැත්නම් ඉතින්, අතේ තියෙන්නේ ජාතික කොඩියද, විමල්ගේ ලන්කට් එකද කියා නොපෙනි තියෙන්න බැරිය.

කොහොමින් කොහොම හරි අවුරුදු දහයක් රට පාළනේ කොරලා තියෙන්නේ පට්ට ලෙඩ්ඩු සෙට් එකක්ය. එක්කෝ එයාලා මක්කත් නොදන්නා බබ්බුය එහෙම නැත්නම් නොම්මර එකේ අල්සයිමර් කාරයෝ, එහෙමත් නැත්නම් පොට්ටයෝය. ඕවා බලා මොළේ මඤ්ඤං කොර ගන්නේ නැතිව අපිටත් තියෙන්නේ, මොකුත් නොදන්න, මක්කත් නොදැක්ක පොට්ටයෝ වගේ, කවුරු හරි ඇහුවොත් මට මතක නෑ යකෝ කියා, මහින්ද මහත්තයා වගේ, හීන් සීරුවේ මාරු වෙලා යන එක ඇඟට බොහෝ ගුණදායකය...

72 comments:

  1. ඒ වගත් මෙසේයැ.

    ReplyDelete
    Replies
    1. අම්මපා අමතක උනා නේ කෑල්ල...

      Delete
  2. ප්‍රශ්නේ නම් පක්ශ විපක්ශ භේදයකින් තොරව දේශපාලඥයාව විග්‍රහ කිරීමට බැරි මිනිසුන් පිරිසක් බිහිවීමය.
    දේශපාලනය යනු ලංකාවේ හොරාකෑමට දුන්න ලයිසන් එකක් යන්නයි මගේ අදහස. ඒ කාලේ ඔයිට වඩා රට වෙනුවෙන් කැපවුන් මිනිසුන් හිටියා. ඒත් මේ මිනිස්සු වගේ ලැජ්ජා නහර නැතිව හෙලිවැලි වෙච්ච එවුන් නම් හිටියේම නෑ වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. එවන් කාළයක් තමයි නැවත උදාකරන්න දඟලන්නේ.. ඒත් හරක් එක්ක මොන යහපාලනද....?

      Delete
  3. හොර ලෙඩට රෝහල් ගතවෙන හොරුන්ට තුන් වේලම තක්කෙටම බෙහෙත් පෙව්ව නම් හරි මම කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඒත් ජීනිවා යන්ඩ වෙනවනේ බං

      Delete
    2. මේ ඩොකටර් ඒ බෙහෙත් වලට ඉස්පැසොලිස්ට් නෙවෙයි...

      ආන් ඒකට කලින් ඩොක්ටර්...

      Delete
  4. ෂෝයි අනේ.. හිනා වෙලා මැරුණා යකු

    ReplyDelete
    Replies
    1. ආ උඹ මැරුණද , යන්තං ඇති ... හම්මේ

      Delete
    2. මිය ගියායින් පසු කොමෙන්ටුවක් දැමු ප්‍රථම කාන්තාව..

      Delete
    3. අද මට නින්දයයි මං මේ බලාගන ඉන්නේ උඹ මැරෙනකං

      Delete
  5. Ee maathalan boss? Mama mehema post ekak kiyewwada? Maathalan mehema post ekak demmada? Mata mathaka nehene oi..

    ReplyDelete
  6. ගරු උදය ගම්මන්පිල මැතිතුමා නීතීඥයකු බවයි මම නම් දන්නේ. නීති විභාගය පාස් වුණේ කොහොමද කියලා නම් දන්නේ නැහැ. ඉතින් ඒ උත්තමයා දැනගන්න ඕනේ නේද ජාතික කොඩිය විකෘති කිරීමේ ඵල විපාක?

    කොලස් ඩටා, ඒ කාලේ, තමන්ගේ සංගීත වැඩසටහනක් ගැන ලිපියක් පළකරගන්න, කොලස් ඩටා ගේ පත්තර කන්තෝරුවට ආපු නෝනා කෙනෙක් පස්සෙන් වැඳ වැටෙමින් ගිහින්, අන්තිමට වැඩේ ෂේප් කරගත්තා. ඒ පුරුද්දට තමයි අදත් ඔය එක එකා පස්සේ යන්නේ.

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නේ මේ ජාතික කොඩිය විකෘති කළාය කියන කතාව විකාරයක් කියලා. ඒක සිංහයෙක් ඉන්න නිකං කොඩියක් විතරයි. කවුරුවත් කිව්වෙත් නැහැ ‘අපි මේ ජාතික කොඩියක් අරන් යනවා‘ය කියලා. අපි උදාහරණයක් ගනිමු. ‘සහජීවනය‘ කිය බෝඩ් ලෑල්ලක් ගෙදරක ගහලා තියෙනවා. වෙන කවුරුහරි කෙනෙක් ‘ජීවනය“ කියලා වෙන බෝඩ් ලෑල්ලක් තමන්ගේ ගෙදර ගහගන්නවා. එතකොට අර මුළින් බෝඩ් එක ගහපු කෙනා පොලීසියේ පැමිණිල්ලක් දානවා අන්න අරූ අපේ ගෙදර ගහපු බෝඩ් බෝඩ් ලෑල්ල විකෘති කරලා උන්ගේ ගෙදර ගහගෙන‘ කියලා. ඉතිං ඒ කතාව මහ විකාරයක් නෙවෙයිද? සිංහයෙක් ඉන්න කොඩියක් අරන් ගියා කියලා ජාතික කොඩිය විකෘති වෙන්නේ කොහොමද?

      Delete
    2. එහෙම දෙයක් තේරුම් ගන්න තරම් මොලයක් මුට නැහැ නිරන්ජන්
      ජාතික කොඩිය කියල සිංහලේ කොඩිය විකෘති කරන්න කලින් තිබ්බ කොඩිය තමයි උන්ගේ අතේ තිබ්බේ
      පටි ගහපු සිංහ කොඩිය හැදුවට පස්සේ පරණ කොඩිය පාවිච්චි කරන්න එපා කියල කොහෙද කියල තියෙන්නේ
      නමුත් ඒක භාවිතයේ සීමා තිබෙනවා, එපමණයි
      අර හිඟන්නෝ දෙන්නත් ඒක දන්නෙ නැතුව ඇති

      Delete
    3. ඒක තමයි සිංහයෙක් ඉන්න කොඩියක් ගෙනිච්චා කියලා ජාතික කොඩිය විකෘති වෙන්නෙ කොහොමද සත්තලනේ?

      අනේ හුකේ නන්නානේ. වැරදිලා වත් කොටියෙක් ඉන්න කොඩියක් ගෙනිච්චා නම් හෙම දකින්න තිබුණා උඹලා සරොං උස්සගෙන එන හැටි...

      Delete
    4. ඕකුන් දෙන්නටම නොමිනේසොන් නෑ.. ඒකයි හැම තැනම රිංගන්නේ.. සැටලයිට් නෝනයි මංගලයි ඉන්නකන් කොලස් ඩටාට නෝ නොමිනේසොන්...

      Delete
    5. මෙම කොඩිය සහිත මුද්දරයක් 1948 දී නිකුත් කර ඇත. මෙය විකෘති කොඩියක් නොවෙයි.සිංහලේ කොඩිය කියන්නේ මේකටයි.

      මේ රැස්වීමට බෞද්ධ කොඩිය ගෙන ආ යුතුයි කියා තිබුනේ නැත.

      Delete
    6. ඉතින් බං උඹලා කොඩිය අරන් ආවෙ ඇයි? මුද්දරේ අරන් ආව නම් ඉවරයිනෙ.

      Delete
  7. දන්නේ නෑ ඕයි. මතක නෑ ඕයි, දැක්කේ නෑ ඕයි. +++++++++++++++++++++++

    ReplyDelete
  8. ගෑනු කෙනෙක්ව පරීක්ෂාකරලා දොස්තර කිව්වලු මෙයාට එක්කො ඇල්සයිමර් නැත්නම් සමාජ රෝගයක් කියලා. ඉතිං කොයිකද කියලා හරියටම දැනගන්නෙ කොහොමද කියලා මිනිහ ඇහුවලු දොස්තරගෙන්. “මෙයාව රෑක ඈත කොහේ හරි ගෙනිහින් දාලා බලන්න ආපහු ආවොත් ........ එපා“ කිව්වලු දොස්තර.

    දැන් උඹ මේ කියන සෙට් එකට .......ට කමක් නෑ නේද?

    ReplyDelete
  9. බොරු කීම සහ ඒ බොරුව ඇත්ත ලෙස නීතිය ඉදිරියේ වුව පිළිගැනීම සාමාන්‍ය තත්වය ලොකු කරුමයක්.

    ReplyDelete
    Replies
    1. බොරුවෙන්ම ජීවත් වෙන එකාට අනිත් උන් අන්දන එක මහ දෙයක් නෙවෙයි..

      Delete
  10. අනේ මං නම් මෙලෝ දෙයක් දැක්කෙත් නෑ.. දන්නෙත් නෑ.. මට ඔව්ව මතකත් නෑ.. හැක්.

    ReplyDelete
  11. අපිටත් දැන් අල්සයිමර්

    ReplyDelete
    Replies
    1. අල්සයිමර් නෙමෙයි පිස්සු බං...

      Delete
  12. මේ මහලොකු නීතිඥ සෙට් එකයි, මාධ්‍යෙව්දියෙක් වෙලා හිටපු ඩලසුයි දන්නෙ නැද්ද නීතියේදී නොදැනුවත්කම සමාවට කාරණයක් නෙවෙයි කියලා. මිනිහෙක් මරලා කිව්වොත් අනේ මම දන්නේ නැහැ ඒක වැරැද්දක් කියලා ඒකට සමාව දෙනවද. අනිත් එක රට බේරගන්න ඉන්න මහ ලොකු දේශප්‍රේමි සෙට් එක දන්නේ නැහැ තමන්ගේ අතේ තියෙන ජාතික කොඩිය මොකක්ද කියලා. මෙහෙම එවුන්ට රට ජාතිය බේරගන්න එන්නේ.

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නේ මේ ජාතික කොඩිය විකෘති කළාය කියන කතාව විකාරයක් කියලා. ඒක සිංහයෙක් ඉන්න නිකං කොඩියක් විතරයි. කවුරුවත් කිව්වෙත් නැහැ ‘අපි මේ ජාතික කොඩියක් අරන් යනවා‘ය කියලා. අපි උදාහරණයක් ගනිමු. ‘සහජීවනය‘ කිය බෝඩ් ලෑල්ලක් ගෙදරක ගහලා තියෙනවා. වෙන කවුරුහරි කෙනෙක් ‘ජීවනය“ කියලා වෙන බෝඩ් ලෑල්ලක් තමන්ගේ ගෙදර ගහගන්නවා. එතකොට අර මුළින් බෝඩ් එක ගහපු කෙනා පොලීසියේ පැමිණිල්ලක් දානවා අන්න අරූ අපේ ගෙදර ගහපු බෝඩ් බෝඩ් ලෑල්ල විකෘති කරලා උන්ගේ ගෙදර ගහගෙන‘ කියලා. ඉතිං ඒ කතාව මහ විකාරයක් නෙවෙයිද? සිංහයෙක් ඉන්න කොඩියක් අරන් ගියා කියලා ජාතික කොඩිය විකෘති වෙන්නේ කොහොමද?

      Delete
    2. ඒක තමයි සිංහයෙක් ඉන්න කොඩියක් ගෙනිච්චා කියලා ජාතික කොඩිය විකෘති වෙන්නෙ කොහොමද සත්තලනේ?

      අනේ හුකේ නන්නානේ. වැරදිලා වත් කොටියෙක් ඉන්න කොඩියක් ගෙනිච්චා නම් හෙම දකින්න තිබුණා උඹලා සරොං උස්සගෙන එන හැටි...

      Delete
    3. මුන්ට ඩයනමයිඩ් කූරක මහින්දගේ පුක පිහදාපු රෙද්දක් ගැට ගහලා දුන්නත් වනනවා පොඩි උන් වගේ.. ඇඟේ සයිස් එකට මොළේ නෑ..

      Delete
  13. මාතලන් ලා පස්ස පැත්ත ඉරාගෙන හදාපු යහපාලන ආන්ඩුවේ සියලු වැදගත් තීරන ගන්නේ මහින්ද මාමා ප්‍රමුක මදමුලන ගැන් එක හේතුවෙන් අපට HikZ යැ!

    ReplyDelete
    Replies
    1. හා හා චා රස කොලුවෝ කට කට... තමුන් වාල්කම් කරන වලව්වෙ ලොකු හාමුට මාමා කියන්න බොලා කව්ද? රෙස්පට් ඇතුව මහින්ද හාමු කියපිය..

      දැනු තමුන්ගෙ බැසිල් හාමු ගැන තීරණ ගත්තෙත් මැදමුලන ගැන් එකද ඕයි?

      තමුන් වන වන හිටපු කොඩිය තමුන්ගෙ අතට ආවෙත් බටහිර කුමන්ත්‍රණේකින් කියපු නල්ලමලේ මැදමුලක ගැන් එක.. අනේ බං උඹ වගේ එකෙක්...

      Delete
    2. දහනවය පාස් ද ඇනෝ පින්වත?

      Delete
    3. සෑහෙන කාළයක් හිකිස් ගගා ඉන්න වෙයි...

      Delete
  14. තොපි මේ දේසෙ කෙලින් කරන්න හදන්නෙ මූණට අඩියක් එහා වැනෙන එක මොකඩ්ද නොදන්න පොට්ටයො එක්කද කියල චාමිය අහපු කතාව තමා ඩලස්ගෙන් අහන්න තීන්න.

    ලාංකික දේසපාළනයට නවතම මග කියා දුන් දුමින්දයාට ආචාරය කියලත් ලියාගං ඒ එක්කම.

    ReplyDelete
    Replies
    1. චාමියාගේ කතවට රෙෂ්පට් එක !!!

      Delete
    2. චමියා කිව්වොත් කිව්වම තමයි ඉතින්...

      Delete
  15. මේක තමා මං අහපු සාර්ථකම වචන set එක....... ඉස්සර ඉදන්ම මේ ටික මට පුරුදුයි..... මොකද මේහෙම කියපු කෙනා හැමදාම ,හැම එකෙන්ම දිනුම්......

    ReplyDelete
    Replies
    1. උසාවී වලත් මේක ජනප්‍රිය වෙයි.. මිනී මරලා උනත් එලියට එන්න පුළුවන්නේ..

      Delete
  16. සුපිරි ටෝක්ස් ටික... මුන්ට දැන් මතකම නෑ මුකුත්ම..

    ReplyDelete
  17. පව් අර පපුවෙ අමාරු කාරය. ඇමරිකාවෙත් ගිහින් හොද කරගන්න බැරිව ලංකාවට ආවෙ.

    ReplyDelete
    Replies
    1. මේකද මෙයා යහපාලනේ කියන්නේ...?

      Delete
  18. දේශප්‍රේමිත්වයෙන් අන්ධ වුනාම ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. උන්ට දැන් මොකුත් පේන්නේ නෑ.. පිස්සු වැටිලා ඉන්නේ...

      Delete
  19. 1.සිංහලයන් පමණක් සිටින තැනක සුලුජාතීන් නියෝජනය කරන තීරු නැති ජාතික කොඩියක් වැනීමෙන් දෙමළාට නැතිවෙන්නේ මොනවාද?
    2. කවුද කිවුවේ ඕක ජාතික කොඩිය කියලා
    3. පෙනෙන හැටියට ඕක සිංහලයේ කොඩිය, ඒ කියන්නේ පැරණි ජාතික කොඩියක්, ඒක වැනීමේ වරද කුමක්ද?

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නේ මේ ජාතික කොඩිය විකෘති කළාය කියන කතාව විකාරයක් කියලා. ඒක සිංහයෙක් ඉන්න නිකං කොඩියක් විතරයි. කවුරුවත් කිව්වෙත් නැහැ ‘අපි මේ ජාතික කොඩියක් අරන් යනවා‘ය කියලා. අපි උදාහරණයක් ගනිමු. ‘සහජීවනය‘ කිය බෝඩ් ලෑල්ලක් ගෙදරක ගහලා තියෙනවා. වෙන කවුරුහරි කෙනෙක් ‘ජීවනය“ කියලා වෙන බෝඩ් ලෑල්ලක් තමන්ගේ ගෙදර ගහගන්නවා. එතකොට අර මුළින් බෝඩ් එක ගහපු කෙනා පොලීසියේ පැමිණිල්ලක් දානවා අන්න අරූ අපේ ගෙදර ගහපු බෝඩ් බෝඩ් ලෑල්ල විකෘති කරලා උන්ගේ ගෙදර ගහගෙන‘ කියලා. ඉතිං ඒ කතාව මහ විකාරයක් නෙවෙයිද? සිංහයෙක් ඉන්න කොඩියක් අරන් ගියා කියලා ජාතික කොඩිය විකෘති වෙන්නේ කොහොමද?

      Delete
    2. @2. 3.

      ඒක තමයි. මටත් හිතුනේ ඕකමයි. අර ඩලස් මොනවට සමාව ඉල්ලුවද මංදා?
      අපි පරණ පැංසොන් ගිය අය වෙනුවෙන් පරණ කොඩියක් වැනුවා , ඒක තමයි අපේ ජාතකේ කොඩිය, තොපිට මොකද කියල ඇහුවනම් ඉවරයිනේ?

      Delete
    3. @ ප්‍ර,
      නියම උත්තරේ,

      Delete
    4. ප්‍රා …
      රෙෂ්පට් උත්තරේ ඈ .. !!!

      Delete
    5. ඒක තමයි සිංහයෙක් ඉන්න කොඩියක් ගෙනිච්චා කියලා ජාතික කොඩිය විකෘති වෙන්නෙ කොහොමද සත්තලනේ?

      අනේ හුකේ නන්නානේ. වැරදිලා වත් කොටියෙක් ඉන්න කොඩියක් ගෙනිච්චා නම් හෙම දකින්න තිබුණා උඹලා සරොං උස්සගෙන එන හැටි...

      Delete
    6. ඔව් ඔව් දෙමළුන්ට හැපි ඇති.. ඕක තමයි සිංහළේ අන්තිම රජ්ජුරුවන්ගේ කොඩිය. එයා අමු දෙමළ නේ...

      Delete
  20. ජාතියේ උදාර සිතුම්
    දේශයේ උදාර පැතුම්
    පුණ්‍ය චේතනා
    පුණ්‍ය කල්පනා
    නිදහස් ජය ගීත ඇසේ
    නිදහස් සිතුවිලි පැවසේ
    උපහාර වන්දනා වන්දනා

    සිංහයාගෙන් පවත එන , මෙවන් ශ්‍රේෂ්ට ජාතියක අනභිභවනීය අතීතයට අපහාස කලාවූ ,මාතලන් පුඟුලා දුටුතැන හිස ගසා දමනු .

    ReplyDelete
    Replies
    1. සිංහයා කීවේ ඉන්දික බොසාට නොවන බවද කරුණාවෙන් සලකන්න.. :D

      Delete
    2. පුණ්‍යා කළත්, සිංහය කළත් වැඩේ වැරදියි අප්පා..

      පුණ්‍යා කියලා කෑල්ලක් හිටියද ඉස්සර..

      අඩු පාඩුවට පත්තරෙත් ඇවිත් ඉන්නේ.. පොඩි රෙස්ට් එකක් දීලා වගෙයි...

      Delete
  21. මීට කලින් දැකල නැද්ද? වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න.

    ReplyDelete
    Replies
    1. දැක්කද කියලා මතක ඤෑ අප්පා...

      Delete
  22. සුපිරි ලියවිල්ල. දන්නෑ වගේ ඉන්න තරමට ඇඟට ගුණයි තමා.

    ReplyDelete
  23. විධායක ජනාධිපති ක්‍රමය නිසා ලංකාවෙ උතුරේ සිට දකුණ දක්වා හැම දෙනාටම එක නායකයෙක් පත්කරගන්න පුලුවන් වෙලා තියෙනවා
    උදාහරණයක් හැටියට TNA එක සිංහලයෙක් වූ මෛත්‍රීපාලට සහයෝගය දුන්නේ කැමැත්තෙන් කියලා හිතන්න එපා.
    ශ්‍රී ලාංකික ජාතියක් හැදෙන්නේ මේ වගේ දේ වලින් මිස වාර්ගික සමඟිය ගැන ධර්ම දේශනා කිරීමෙන් නෙමෙයි.
    ජාතික ගීය භාෂා දෙකකින් කීමට ඉඩදීමෙන් වෙන හානියට වඩා 100 ගුණයක හානියක් විධායක ජනපති ක්‍රමය අවංගු කිරීමෙන් වෙනවා.
    බෙදුම්වාදී අදහස් ඇති අය විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ මොකද කියන එක ගැන සිංහල බෞද්ධයෝ සිතිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. නොකියා කියන්නේ සිංහල රජෙක් ඔනා කියන එකනේ.. උඹ ඉතරක් නෙවෙයි බහුතරය හරක් කියන්නේ ඒකනේ.. උඹලා ඉල්ලන්නේ වැඩවසම් ක්‍රමය. ජාතියට ආගමට කෙලවෙයි කියලා බයයි.. ආගම තියෙයි ඇත්තක් නම්.. ජාතිය තියෙයි.. ජාතියට ආදරේ නම්.. ඇයි බය..

      Delete
  24. අපිලා නම් කැලෑ වැදිලා...මොනවාවත් දන්නේ නෑමයි ඕන්....

    ReplyDelete
    Replies
    1. සමහර විට මාත් විකෙන්ඩ් එකේ ඔය පැත්තේ එන්නයි ඉන්නේ.. වෙසක් එකට..

      Delete
  25. කව්ද ඩලස් කියන්නෙ?කව්ද ගම්මන්පිල කියන්නෙ? මොකක්ද ජාතික කොඩිය කියන්නෙ? මුකුත් දන්නෑ ඕයි.මතකත් නෑ.(රන්ජන්)

    ReplyDelete
  26. මම දන්නේනෑ මොනවා ලියන්නද කියල සභාපති තුමා. මට මතකත් නෑ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න