.

.

Apr 7, 2015

පරාක්‍රමභාහූ කොළඹ ඇවිත්. - King Para in Colombo


හලෝ.... හලෝ... මාතලන්ද...?

ඔව් ඔව් එයා තමයි..

මචං මාතේ මම පරා...

ඉතින් කොහොමද පැරා.. ? එදා කතා කරන්නත් බැරි උනා..


කොහේදීද පොළොන්නරුවෙදිද...? ඇයි බං එදා මම උඹ එක්ක විතරය..., සුද්දයි සුද්දියි එක්කත් කතා කලේ..

මොකා.. කව්ද මේ..?

මම පරා මචං...., පරාක්‍රමභාහූ..

හුකා..., මම හිතුවා මේ අපේ බොග දාන පැරකුම් ජයසිංහයා කියලා.. ඉතින් කොහොමෙයි...? මොකෝ මේ හදිසියේ කෝල් කලේ....?

මම මාතේ කොළඹ ආවා.. කොටුව ස්ටේෂන් එක ළඟ ඉන්නේ..

එතකොට අර උපවාසේ කරන්නේ ඔබ තුමාද..?

නෑ... නෑ..., ඒ වෙන කොහේද යන පිස්සෙක්.. ඉක්මනට වරෙන් බං.. උඹ කිව්වේ කොළඹ ආවොත් කෝල් එකක් දෙන්නය කියලා..

හරි හරි මං සුරුස් ගාලා එන්නම්..

විනාඩි 10 කට පසු..

අම්මට හුඩු ඩෙනිමක් ගහලා අඳුනනත් බෑ... හල්ක් හෝගන් කට් එක නැත්නම් අඳුනන්නම බෑ.... කෝ ගස්ලබු පලුව..?

ඒක කාක්කෝ කන නිසා පොත් ගුල් විහාරේ අස්සේ හංගලා ආවා.. ආයේ ගිහින් උස්සගෙන ඉන්න එපාය..

ඒක හොඳයි... මෙතන කතා කර කර ඉන්න බෑ... අපි යමු ඩච් හොස්පිටල් පැත්තේ..

එතන ඩ්‍රින්ක් එකක් දාන්න පුළුවන්ද...?

එතන නම් බෑ...

එහෙනම් වෙන කොහේ හරි යං...

මොනවද ගහන්නේ...?

මොනවා හරි කමක් නෑ ෆොරින් එකක්.. ලෝකල් ගහලම එපා වෙලා ඉන්නේ මාතේ..

ඉතින් පින්වත්නි..., පරයි මාතලනුයි, මාතලන්ගේ ෆේවරිට් ඉස්පොට් එකක සෙට් උනා..

කොහොමද මාතේ අපේ පොර.. වැඩේ හොඳට කරගෙන යනවද...? 

අනේ මන්දා...., පත් කරපු උනුත් කියන්නේ මෙළෝ රහක් නෑ කියලා.. අර ඔබ තුමාගෙන් පස්සෙ ආවේ නිශ්ශංක මල්ල කියලා බුවෙක්... ආන් එයා වගේ, මෙයා කලින් එක්කෙනා ෆිනිෂ් කරපුවා ඕපන් කරනවා... ෆොරින් ටුවර් යනවා... ඇවිල්ලා සද්දේ වහලා මීයා වගේ ඉන්නවා... ඇතුලේ උන් මරා ගන්නවා...

මාත් දැක්කා ඒක නම්..., මරාව ගන්න ආයේ හෙන ගේම් එකක් යනවා නේ.?

මරා ගන්නවා කිව්වේ ඒක නෙමෙයි රජෝ.. ඇතුලේ එකසිය ගානට කචල්.. 

එකසිය ගානට කචල් යන්නේ අර දින එකසීයේ කේස් එකට වෙන්ටෑ.. ඒකේ තත්වේ කොහොමෙයි මාතේ..?

ඒකත් මේළෝ රහක් නෑ රජෝ.. 

දින 100 න් කොහෙද රටක් හදන්නේ.. මටත් අවුරුඩු 33 ක් කරලා හදන්න බැරි උන එක.. 

ඒකනේ රජෝ..., මෙයාලා ඉල්ලගෙන කෑවේ ඔය සීන් එක නිසාම තමයි.. මොකෝ මෙහේ උන් ටාගට් වලට වෙලාවට වැඩ කරන උන් නේ.. උන් කැමති නෑ කියපු වෙලාවට ගේම දුන්නේ නැත්නම්.. අදිනවා ලෙඩේ.. 

අපේ පැත්තේ පොර නිසා අනාගන්න කොට මගෙත් හිතට අමාරුයි.. මොකෝ මාතේ උනේ ඇත්තට..?

උනේ මක්කත් නෙමෙයි.. කියපු එකක්වත් කරේ නැති එක.. පැස්ටෝල් අඩු කරා තමයි.. ඒත් ඉතින් පැස්ටෝල් බොන්න කියලය.. තුන් වේලට බත් කන හර්ක්ට, ඇමරිකන් පිටි අඩු කරලා පාප්ප කන්නය.. තුන් වේලට රොටි කන උන් නම් මනාප ඇති.. ඒත් ඉතින් බහුතර බුද්ධිමත් ඡන්ද දායකයෝ ඒවලින් අන්දන්න බෑ...

බිලියන 400 ක් හිඟා කන්න ගිය එකත් අවුල් නේද මාතේ.. බටහිරින් ඩොනේෂොන් හම්බ වෙනවා කිව්වෙත් ඔය ඉකොනොමික් උස්තාද්ලා නේද..? 

මෙහෙමනේ රජෝ.. රනිල් උන්නැහේගේ කට්ටිය පොත් කාරයෝ.. 

ඉතින් කලින් හිටපු උනුත් එහෙමනේ..? 

නෑ නෑ ඒ ජාතියේ පොත් මෙයාලා දන්නේ නෑ.. ඒකත් එක හේතුවක්.. පොත් කාරයෝ කිව්වේ මෙයාලා ඇවිල්ලා ඔය සුද්දෝ ලියපු ඉකෝන් පොත් කට පාඩම් කරලා ඒ රටවල් වල අවුරුදු 300 -400 ක කාලය්ක් තිස්සේ ඩිවෙලොප් කරපු මෙතඩ් මෙහේට් එක පාර ඇප්ලයි කොරන්න යනවා. ඉතින් නානවා...

එහෙනම් මොකක්ද මාතේ වෙන්න තිබුනේ..?

මෙහෙමනේ රජෝ..., ඔය රෙජීම් තිබුන රටවල් වල රෙජීම් එක හොඳින් හෝ නරකින් විසි උන ගමන්, ඒ රටවල් ඔක්කෝම කඩා ගෙන වැටුනා. මෙහේ උනෙත් ඒකයි.

ඒ කොහොමද එහෙම වෙන්නේ..?

මේකනේ රජෝ. ඔය රටවල් වල රෙජීමයයි රෙජීමයට සම්බන්ධ උනුයි ඔක්කොම එකතු වෙලා කරන්නේ බ්ලැක් මනී වයිට් වොෂ් කරන එක... මෙහේ ඉකොනොමි එකෙන් 50% කටත් වඩා තිබුනේ බ්ලැක් මනී..

ඒ මොන මල හත්තිලව්වක්ද ඒ..? බ්ලැක් මනී..., මම දන්නේ ඉතින් ගෝල්ඩ් මනීනේ.. තා චයිනීස් මනී, ඇරබ් මනී ගැන දන්නවා උනාට බ්ලැක් මනී අහලා තිබුනේ නෑ.. කොහෙද ඒ ඇෆ්‍රිකාවල සල්ලිද..?

ඊටත් වඩා කළුයි.. ඔය වෙලේ සුදාලගේ ඉන්ටර්නැසොනල් බිස්නස් වලින් එන එවා වගේ ඒවට තමයි බ්ලැක් මනී කියන්නේ..

අම්මපා වෙලේ සුදාට මොකෑ උනේ.. ?

මොකුත් නෑ කේ පී වගේ ආතල් එකේ ඉන්නවා... බලාගෙන ගියාම ඌ මුකුත් කරලා නෑ.... හිටපු පොලිස්පත්හොරු, ඇමතිහොරු, මන්ත්‍රිහොරු, නිලියෝ තමයි ගේම දීලා තියෙන්නේ.. 

මම හිතුවේ නිලියෝ කියන්නේ රඟපාන අයට කියලා.. බලාගෙන ගියාම එයාලා කුඩුත් විකුනනවනේ.. 

අපෝ ඒක මොකක්ද...? ඊට වඩා ගේම් දෙන අය ඒ ගොල්ලෝ.. 

ඒ කිව්වේ..? 

දත් ගලවන්න හරිම සූරියෝ.. 

ඩෙන්ටිස්ලද..?

ඒ වගේ තමා.. ගොඩක් උන්ට ලක්සිරි එපාට්මන්ස් තියෙනවා.. එකක් කෝටි තුනයි හතරයි..උන් සල්ලි දීලා ගත්ත ඒවා නෙමෙයි.. ස්ත්‍රී නිමිත්තේ ඇස්චර්යේ අයිබෝං.. රජවරු, කුමාරවරු, නිලමෙවරු, ඇමතිවරු, තෑගී දීපුවා...

ඒක ඒ තරම් වටිනවද මාතේ..? මගේ ගාවත් හිටියේ ඕන තරම්

ඒ... ඒ කාලෙනේ.., දැන් එහෙම තගරියෙන් තියාගෙන ඉන්න බෑ...

එහෙනම් අර 16 කෑල්ලක් තගරියෙන් අරගෙන ගියා කියලා අම්මයි තාත්තයි අඬන්නේ එකසිය ගානට..

ඒ උනාට කෑල්ල කියනවනේ, එයා කැමැත්තෙන්ය ආවේ කියලා.

හරි හරි කීයද ඕකේ වැලියු එක..

ඒක ඩිපෙන්ඩ් වෙනවා රජෝ.. කුමාරයෙක් ගාව හිටපු එකකට..., මාසෙකට රන් කහවනු ලක්ෂ 45 ක්ම දීලා තියෙනවලු..

අම්මට හුඩු....!!! එච්චර ගානක්....????? "අරක" රත්තරන්ද දන්නේ නෑ...!!!

ඒකනම් අහගන්න වෙන්නේ වැලිඅමුනගෙන් තමයි.. මම අහලා කියන්නම්..

ඉතිරි කොටස පසුවට..

88 comments:

  1. හැබැයි දැන්නං ඔය එපාට්මන්ට්, පෝලිමේ ඇවිල්ලා පාවිච්චි කොරල කොරලා, දෙපාට්මන්ට් වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද අනේ 7-8 බාපුවත් කිරි ටික වගේ තියෙන්නේ...

      Delete
  2. ආස්චර්යේ බල මහිමයෙන් අරක රන් වුනාද දන්නෑ....
    රත්තරන් නම් ඒ ගානට පාඩු නෑ....

    ReplyDelete
    Replies
    1. කොහොමත් මචෝ සමහර අම්බපාලිලා දවසකට ලක්ෂයට වඩා හොයනවා...

      Delete
  3. මුන් ඔක්කොම එළවලා අර පිටකොටුවේ උපවාස කරන එකාට රට බාර දෙන්න ඕනේ බං.එතකොට අර ලක්ශ 58 රජ හීනෙත් සැබෑ වෙනවනේ.

    ReplyDelete
    Replies
    1. යන විදියට ආයේ ආවත් පුදුම වෙන්න දෙයක් නෑ..

      Delete
  4. සිරාවටම බං කිහිල්ල හරියෙන් හරි මටත් හිලක් තිබ්බනං දනී කොරන හරිය

    ReplyDelete
    Replies
    1. ඇයි දෙකක් තියෙන්නේ.. බලහන් මක්කා හරි කොර ගන්න...

      Delete
  5. මොකක්ද අනේ තගරියෙන් කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. වැරදීමකින් වැඩිපුර ගයන්නක් ලියවෙලා

      Delete
    2. තගරියෙන් = By force

      Delete
    3. ස්තුති ඇනෝ.

      Delete
    4. බලන්න ඉතින්, හොඳ ඇනෝලා උදව් කරලනේ...

      Delete
  6. පට්ට පට පට :D. ඒක නෙමේ දැන් ඔය පරා ගියෙ නැද්ද දන්නෙ නෑ අපෙ මහ තැනගෙ ගෙවල් පැත්තෙ ටිකක් කතා කරල එන්න හිටං. ඉස්සරනම් ඕන එකෙක්ට ගොහින් කතා කරල සප්පායම් වෙලා එහෙම එන්න අවසර තිබ්බනෙ.

    ReplyDelete
    Replies
    1. ගියාද දන්නෙත් නෑ... කොහොම හරි ගොඩක් හිතේ අමාරුවෙන් උන්නේ...

      Delete
  7. පට්ට post එක.

    ReplyDelete
  8. මහනායක හිමියන්ට නිවන් සුව ප්‍රර්ථනා කරමි. මාතේ, දැන්වත් අර පාර ඇරලා නුවර දරුවොන්ට ටිකක්වත් පිරිසිදු හුස්ම ගන්න විදියක් හදා ගන්න පුළුවන් වේවිද ?

    ReplyDelete
    Replies
    1. දැක්ක ගමන් මටත් මතක් උනේ ඔය සීන් එක. මෙහෙ පාරවල් වහගෙන ඌ සිංගප්පූරුවේ ඉඳල තියෙන්නේ..

      Delete
    2. නිවන් පුරේට සින්ගප්පූරූවේ ඉඳන් ළඟ ඇති මයෙ හිතේ...

      Delete
    3. මැලේසියන් එයා ලයින් එක විතරයි නිවන් පුරේ යන්නෙ. ට්‍රාන්සිට් එකට බැහැපු ගමන් සිංග ඉදල තියෙන්නෙ.

      Delete
    4. උන්නට මෙලෝ හුත්තක් නොකරපු එවුන්.......
      කෙරුවෙම......හැම හුකන්නටම .......
      ගහපු එක ගැට .......
      පිරිත් ලනු.......

      Delete
  9. මං බැලුවේ මොකද මේ පොස්ට් එක පරක්කු කියලා, අර පිකටින් පරා ව දැක්ක ගමන් මට මතක්වුනේ මාතලන්ගේ හෙට පොස්ට් එක මේක වෙයි කියලා, කොහෙද මේ ගෝතයා වෙදකමේ ගිහිල්ලනේ ඒ අව් අස්සේ ....

    ReplyDelete
    Replies
    1. ඌ මට වෙදකම් කොලා, මම ඌට වෙදකම් කලා..

      Delete
  10. පරාට කේජී එහෙම දෙනව නෙවේ ඕං.....

    ReplyDelete
    Replies
    1. රජවරු ඇවිල්ලා ගංජා උස්තාද්ලා....

      Delete
  11. පරා එන ගමන් ගස් ලබු පළුව වත් ගෙනාවනම් අනිත් මිනිස්සුන්ට කෙසේ වෙතත් මාතෙ ට හරි ඒක ලොවින්න තිබ්බා...

    ReplyDelete
    Replies
    1. මචං ගස් ලබු පලුව ගේන්න විදිහක් නැහැලු ඒක අපේ ගස්ලබ්බා උස්සලාලු....

      Delete
    2. ඒ යකාගේ ගස් ලබ්බ මොකටද බං.. අපිට ගෙඩි පිටින් හම්බ වෙන්නේ හෝටල් වලින්...

      Delete
  12. machan,it is high time to open that road which in front of dathe pansala,

    ReplyDelete
    Replies
    1. කාළකන්නියට ගිනි තියන්න කලින්ම පාර ඕපන් කලා නම් හරි... මනෝකායටත් හෙන ගහන්න ඕන.. කාලකන්නි...

      Delete
  13. ඉතිරි කොටසේදී පරාලා දෙන්නගෙ සංවාදයක් දැමිය හැකිනම් බොහොමත්ම කැමති වෙමි.

    ReplyDelete
    Replies
    1. පරාගේ නංගිත් එක්ක නම් ඉන්ටවීව් එකක් කොලා.. ලින්ක් හොයන එක තමයි ලෙඩේ...

      Delete
  14. උඹටත් සෙට් වෙන්නෙ මාර බුවාල .........
    රනිල් ලොක්ක කවදාවත් කතා කොරලම නැහැ නේද..........
    පුදුමයි මචෝ උඹ ඔච්චර සුදු වෙලත්.......
    අද Call එකක් දීල කියන්න ඕනි බොට කතා කරන්න කීල .............

    ReplyDelete
    Replies
    1. මාතා සුදුයිද බං?????? උඹට උෟව සුදුවට පේනවාද???

      Delete
    2. මට ඌ ව සුදු වගේම........සත්තලන් බොක්ක.......
      බං ........

      Delete
    3. මට ඇත්තටම හම්බ වෙලා තියෙනවා.. ඒත් බොහෝ කළකට පෙර...

      Delete
  15. පරා ගේ පුක දනව ඇති පාණ්ඩු කබල් ගල් ආසනේ රත් උනාම වගේ. පොළොන්නරුවේ අම්මලාටත් මේ දවස්වල හරියට හචිස් යනවා.. මෙහෙම ගියොත් තව ටික දවසකින් පරා ත් යනව ආපහු මරා ගේ දෑත් ශක්තිමත් කොරන්න..

    ReplyDelete
    Replies
    1. එක්කෝ මෙයා පට්ට ෆේල්.. එහෙම නැත්නම් සෙට් ගේම් එකක්...

      Delete
  16. මාතා........................ මිනිහාට සෙට් කොරලා ඒ කාලේ වලලපු නිදන් ටික ගොඩදාමුද?????

    ඒක අතකින් මාතා ඔ්කා ඔය බොරු කරනවා අැති.... යකෝ ගෑණු පන්සීයක් තියාගෙන, රටෙන් බාගයක් උන්ට මරණ දඩුවම දීලා මරලා දාන, දඩයමේ ගිහිං සත්තු මරන, අනුන්ගේ ගෑණුන් උස්සන් අැවිත් තමන්ගේ කරගන්න ඒකෙක් අායෙම මිනිහෙක් වෙලා උපදීද බං.....ඔන්න හරකෙක්වත් අැවිත් කිව්වානම් පිළිගන්න තිබුණා

    ReplyDelete
    Replies
    1. අපිට ඉතින් ඇට කටු තමයි ගොඩ ගන්න වෙන්නේ.. නිධන් ඔක්කෝම කුමාරවරු කොල්ල කෑවා...

      Delete
  17. අනේ ඉතින් පඩිත් එක්ක ගෙදරටම කෑම ගෙනත් දෙනඅර වාගෙ මාමලා අපිටත් හිටියානං..

    ReplyDelete
    Replies
    1. අපිට කොහෙද අනේ එහෙම මාමලා. අපේ උන් අපෙන් කන උන් වෙච්චි කොට...

      Delete
  18. ඒක ඩිපෙන්ඩ් වෙනවා රජෝ.. කුමාරයෙක් ගාව හිටපු එකකට..., මාසෙකට රන් කහවනු ලක්ෂ 45 ක්ම දීලා තියෙනවලු..

    අම්මට හුඩු....!!! එච්චර ගානක්....????? "අරක" රත්තරන්ද දන්නේ නෑ...!!!

    ඒකනම් අහගන්න වෙන්නේ වැලිඅමුනගෙන් තමයි.. මම අහලා කියන්නම්..

    ReplyDelete
  19. පැරකුම් යුගයක් නැවතත් අරඹවු!

    ReplyDelete
    Replies
    1. රනිල් ඔහොම කතාවක් කිව්වා නේද...?

      Delete
  20. හෙට,අනිද්දා දිහාට තව තව මොක්කු ඒවිද මන්දා පොළොන්නරුවෙන්.
    අර "පොඩි විජේ"වගේ උන් ආවොත් ලොක්කට තියන්නේ උන්ව PSD එකට ගන්ට හිටං.

    ReplyDelete
    Replies
    1. කොහොමත් ගන්න වෙයි දැන් යන ක්‍රමේ හැටියට...

      Delete
  21. මෙන්න ප්‍රශ්නය

    පරාගේ ප්‍රියතම බාර් එක මොකක්ද

    උත්තරය
    පැරකුම් බාර්

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++=====

      Delete
    2. ජනතාවට නම් හම්බ වෙන්නේ පැරකුම්බා ටින්කිරි තමයි....

      Delete
  22. පැරාට දිනමිණ දෙන්ඩ ප්ලීස්.

    ReplyDelete
  23. රටකට ඕනෑ අපමන අගයක්
    ඒකට ඕනෑ පරා වගෙ පොරක් …

    ඕ යේස්..

    ReplyDelete
    Replies
    1. රටකට ඕනෑ එකෙකුටවත් බය නැති නායකයෙක්.. හාල්පාරුවෝ වැඩක් නෑ..

      Delete
  24. ලක්ෂ 45ක්. පිටරට ලස්සන සුද්දියො වත් ඔච්චර ගනන් නෑ.

    ReplyDelete
    Replies
    1. බොලිවුඩ් කෑල්ලක් තියාගෙන ඉන්න තිබුනා...

      Delete
  25. පරාට ඉස්ටේසන් ගානෙ චාටර් වෙන්නෙ නැතිව කෙලින්ම ගමේ බුවාව හම්බවෙන්න තිබ්බනෙ. ඔන්න පැරාව මංගලට එහෙම ඉන්ට්‍රඩියුස් කරනව එහෙම නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. අම්මපා... ගල් පේන්න බෑ නේ..

      Delete
  26. පරාක්‍රමබාහු වැනි ශ්‍රේෂ්ට හෙළ නිරිදෙකුට අපහාස කරන මෙම ලිපිය තරයේ හෙළා දකිමි. තොප වැනි දේශද්‍රෝහීන් සුද්දාටම පශ්චාත් භාගය අල්ලා රටට විරුද්ධව කරන මෙම පහත් ක්‍රියාවන් කල්ප ගනන් විඳවනු ඇත. මාතලන් තොට අබ සරණයි.

    ReplyDelete
    Replies
    1. යකෝ තෝ වගේ මී හරකෙක්. මෝඩ මුසලයෙක්, තොපි වගේ මෝඩ හැත්ත තමයි අර කලින් හිටපු රජක තුමාවත් රක කොරන්න හැදුවේ. අල්ලපන් ගිහින් පනික්කියට. දැන් පනික්කි හාමිනේත් අල්ලන්නේ නැතිලු නුගේගොඩ කතාවෙන් පස්සේ.:D

      Delete
    2. මතක තියාගනින් අම්බරුවා. තෝ වගේ උන් මේ රටින් වහා පිටුවහල් වන බව. එවිට තොට කිරීමට සිදු වන්නේ සුද්දන් සමග යහන් ගතවී කුස පුරවා ගැනීම පමණයි. දේශද්‍රෝහියා තොට අබ සරණයි.

      Delete
    3. ඉතිරි කොටසෙදි බලා ගන්නකෝ ශ්‍රේෂ්ඨ කොම...

      Delete
  27. නිකම්ම ලස්ස 45 කියන්ඩ එපා බොසා.. ඒකට ක්ෂය වීම් / කීර්ති නාමය වගේ සාධක ගලපලා බැලුවම ඒ ගාණ සාධාරණයි.. ඒ නංගිට පාඩුයිදත් මන්දා..මොකෝ පුනරාවර්තන වියදං එහෙමත් නැතෑ..චැහ් :D :D

    ReplyDelete
    Replies
    1. මේන්ටේනස් කොස්ට් එක වැඩි ඇති...

      Delete
  28. පරාක්‍රමබාහු ලෙස ඉහලින් නිවරැදි වූවානම් අගනේය..කවුරු මොනව කීවත් උඩ පැන්නත් රාවණ රජු නුදුරු දිනකදීම බලයට ඵනු ඇත..මෙවැනි උද්ඝෝසන ,පිකටිං රාම හිතවාදී බමුණු පාර්සවයේ ක්‍රියාවන් ලෙසටම හදුනාගත යුතුය.... ශ්‍රී රාවණ සිද්ධම්!!

    ReplyDelete
    Replies
    1. ශ්‍රී රාවණ සිද්ධම්!!

      Delete
    2. ඒත් රිලා හමුදාව අනිත් පැත්තෙනෙ ඉන්නෙ

      Delete
    3. රාවණාත් ජීසස් වගේමද මන්දා...?
      දෙහිවල තාප්පෙක මම පොඩි කාලේ ඉඳන් ගහලා තියෙනවා.. ළඟදීම එනවා කියලා..

      Delete
  29. හැබැයි අර කොළඹ ඇවිත් උද්ඝෝෂනේ කලේ නම් පරාක්‍රම බාහුම වෙන්නැති.... දැක්කේ නැද්ද මූනේ හැටි.... අර නළල එහෙම රැලි කරගෙන ෆොටෝ ෂූට් එකට හිටියේ......! පිළිමය වගේම තමයි...!

    ආහ්, පොර හෙට අනිද්දට ඉංග්‍රීසි පන්තියක් දාන්නත් යනවලු......! න්‍රකද ඔය නංගිලා මල්ලිලා සෙට් වෙලා උන්දැගෙන් කඩ්ඩ ලියන්න කියන්න ඉගෙන ගත්තනං.....!

    කොහොමත් ඔය මොන බාහුත් හිතාන ඉන්නේ මහජනයා, ජහමනයා කියලනේ...!

    ReplyDelete
    Replies
    1. හැබයි වික්‍රමබාහූ එහෙම නෑ නේ...

      Delete
  30. යකෝ පකිස්ථානෙන් ආවය කිව්ව අර ඉටිකිරිස් කෑලිත් ඔයිට ලාභයිනෙ. ඔය නාමලට වැඩ ගන්න ඔෆීෂියලි රිලීස් කරපුවනෙ. ඔයිට අමතරව ඔන් ඩියුටි පිට චේන්ජ් එකට මත්තල බස්සල ආපු නංගිල තව කොච්චර ඇත්ද.

    එක අතකට සාරුවා සුනිල හොඳයි කියල හිතෙනව ඕයි

    ReplyDelete
    Replies
    1. සිරාවට මචන්. පකිස්ථානෙ ගෑනු පට්ට ලස්සනයි. උන්ට නං ඔය වගේ ගානක් දුන්නත් කමක් නෑ. ලංකාවෙ උන් නං නිකං දුන්නත් වැඩක් නෑ.

      Delete
    2. මම දැකපු හොඳම කෑලී හිටියේ තුර්කියේ.. ඊට පස්සේ ඊජිප්ට්...

      Delete
  31. //කෝ ගස්ලබු පලුව..?

    ඒක කාක්කෝ කන නිසා පොත් ගුල් විහාරේ අස්සේ හංගලා ආවා.. ආයේ ගිහින් උස්සගෙන ඉන්න එපාය..///
    මේකටනම් පට්ට හිනා ඔයි ...........

    අනික මෙයාගේ ෂෝර්ට් නේම් එක කින් පරා නෙවි ....... කින්බා හු ...........

    ReplyDelete
    Replies
    1. කුණුහබ්බ ලියනන් එපා බන්, වැදග්ත් විදියට බොග දාන තැන්වල...

      Delete
  32. පිළිමෙ ඉන්නෙ පරාක්‍රමබාහු රජ්ජුරුවොත් නෙමේ තියං ඉන්නෙ ගස්ලබු පළුවකුත් නෙමේ.

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් මුදලාලි කෙනෙක්...

      Delete
  33. බුදු සුදු මාතෙ "මරා" නම් ගන්න එපා, මෙහෙම හොඳයි අයියෙ (කැන්ගරුවා)

    ReplyDelete
    Replies
    1. මේ වගේ හාල්පාරුවෝ සෙට් එකක් ඉන්න තැනක ආයේ ආවත් කලබල වෙන්ට කාරි නෑ...

      Delete
  34. //බ්ලැක් මනී වයිට් වොෂ් කරන එක//
    ඇන්ටි මනි ලෝන්ඩරිං හෙවත් මුදල් විශුද්ධීකරණයද මොකක්ද එක.

    ReplyDelete
  35. ලස්ස 45 කට හරියන්න කරපු සේවයත් හොයලා බලලා මාධ්‍යට දෙන්න පුලුවන්නම් තමයි වටින්නේ..

    ReplyDelete
  36. අම්මප කටින් නෙවෙයි මේකට පු*නුත් හිනා යනවෝ...

    ReplyDelete
  37. ඒ වගේ තමා.. ගොඩක් උන්ට ලක්සිරි එපාට්මන්ස් තියෙනවා.. එකක් කෝටි තුනයි හතරයි..උන් සල්ලි දීලා ගත්ත ඒවා නෙමෙයි.. ස්ත්‍රී නිමිත්තේ ඇස්චර්යේ අයිබෝං.. රජවරු, කුමාරවරු, නිලමෙවරු, ඇමතිවරු, තෑගී දීපුවා..

    ReplyDelete
  38. අම්මට හුඩු....!!! එච්චර ගානක්....????? "අරක" රත්තරන්ද දන්නේ නෑ...!!!

    ReplyDelete
  39. අද කියවපු ලිපියක දැක්කා ඔය දාලා තියෙන පින්තූරේ තියෙන පිළිමේ පරාක්‍රමබාහු ගේ නෙමේ කියල

    (හඳ පෙන්නපුවම ඇඟිල්ල බලන එකෙකුත් ඉන්න එපැයි. මේ පාර ඒ එකා මම)

    ReplyDelete
  40. හපොයි දෙයියනේ.....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න