.

.

Apr 9, 2015

තුං මුල්ලේ ගීතය.. - Thun Mulla Song


මාසෙකට විතර කලින් මාතලන් පොඩි කවියක් වගේ එකක් ලිව්වා, << "කොළඹ වාසිටියේ පෙම්බරී..." >> කියලා.. මේක, කොමෙන්ට්ස් දාපූ උන්ගෙත්, මේල් එවපු උන්ගෙත් හිත දිනා ගත්තා. මට ආයෙත් මේක මතක් උනේ, "නෙළුම් උයන සම්මාන උළෙල.." දවසෙදි. එදා, මනායි, දිලායි, ඉස්ටේජ් එකට නැගලා නෙළුම් යාය සෝන්ග් එක ගායනා කරපු වෙලාවේ.

දිලාගේ කවි වගේම, දිලාත් බොහෝම සුන්දර දැරියක්. (දැරිවි නොකියා වෙන දෙයක් කිව්වොත්, මේකේ ඉන්න වලත්තයෝ වෙන ඒවා නේ හිතන්නේ.) ඒ වගේම මනාගේ ගායනයත් මගේ බොක්කටම වැදුනා. බොහොම ගැඹුරු කට හඬක් ඌට තියෙන්නේ.

මනා දාන බොග - << මනාගේ පින්තාරුව >>
දිලා දාන බොග - << දිලාගේ ළෝකය >>

මනා සහ දිලා..
අනිත් උන් බොහෝම දෙනෙක් වගේ, මනාත් මාත් එක්ක කතා කොරන්න බය වෙලා ඉඳලා තියෙන්නේ. මම හිතන්නේ, ඉවාන් වෙන්න ඇති ඌට මාතලන් කව්ද කියලා කියන්න ඇත්තේ. ඊට පස්සේ ඌ මහ වැස්සෙම හෝල් එකෙන් යන්න කලින්, මගේ ළඟටම ඇවිල්ලා කතා කරලා කිව්වා, බයටයි අයියේ කතා නොකළේ කියලා. මට හිනා ගියා. අහිංසක මං වෙන මක්කා කොරන්නෙයි.

මේ බොග දැමිල්ල වගේම, මාතලන්ගේ තිබුන හීනයක් තමයි, මාතලන් ලියපු ගීයක් කවුරුන් හරි ලවා සින්දුවක් ලෙසින් එලියට දැමීම. එදා 10-15 ක් ආපු බ්ලොග් කඩමාල්ලේ එක පෝස්ට් එකකට කොහොමත් 1000 පනිනවා. ඉතින් සතුටු නැද්ද අප්පා. මාතලන් කවදාවත්, මේකේ ඒවා ඉස්සුවට කාටවත් කොකු අදින්නේ නෑ. කරන එකම ඉල්ලීම තමයි, පුළුවන්නම් පොඩි ලින්ක් එකක් විතරක් දාන්න කියන එක. මොකෝ කොහේ ගියත් මාතලන් දන්නවා මේක මගේ එකක් කියලා.

මීට කලින්, කවි වගේ සෙට් එකක්, "උදිත මීගස්තැන්නයා" රැප් එකක් කරන්න ගන්නද ඇහුවාම, ඕ කේ කිව්වාට ඌ ඒ වැඩේ කළේ නෑ. ඒ බයත් එක්කම තමයි, මනාගෙන් මේකට මියුසික් දාලා සින්දුවක් වගේ කියන්න බැරිද කියලා ඇහුවේ. අනේ කිසි ආඩම්බරයක් නැතිව, ඌ, සං ගාලා වැඩේ කලා. ඒත් පෝස්ට් එකක් දාන්න කලින් ඉවාන්ගෙනුයි, බස්සිගෙනුයි. තව හිතවතුන් කීප දෙනෙකුගෙන්ම අදහස් විමසුවා. ඒ වගේම සින්දුවකට හරි යන විදිය,ට ඔරිජිනල් කවිය වගේ එකේ වචන ඇඩිට් කොලා... ඒ කොමෙන්ට්ස් අනුව, චේන්ජස් කොරලා තමයි, මේ වීඩියෝ එක මනා හැදුවේ..

සින්දුව අහපු හාමිනා කිව්වේ, අමරසිරි පීරිස් වගේ නේද කියලා. මම මනාට කිව්වෙත් ඒ ඉට්ටැයිල් එකට හදලා දියන් කියලා. පුදුම වැඩේ කියන්නේ..., මගේ හිතේ තිබුන තාලෙම තමයි සින්දුවේ තියෙන්නේ. ඒවා පුදුම සහගත දේවල්. අහපු කීප දෙනෙක්ම, හොජයි හොජයි ගෑවට හිත නරක් වෙනවට කිව්වද දන්නේ නෑ නේ.

දැන් උඹලට තියෙන්නේ මේ ගැන කොමෙන්ට්ස් දාන එකයි.. ඒවා කොන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් නෙමෙයි, නිර්ධය විවේචන උනත් කිසි අවුලක් නෑ... මොකෝ..., ඒක ඊළඟ එකට වගේම.. මේ සින්දුව උනත් චේන්ජ් කර ගන්න, මනාට උදව් වෙයි..

එහෙනම් මෙන්න මාතලන්ගේ තවත් හීනයක් සැබෑවීම..


තුං මුල්ල ළඟ වංගුවේ ...,
වාසිටියේ කොන බංකුවේ ...,
වාඩි වී ඇගෙ පාඩුවේ ...,
බලා සිටි මග  එන තුරා ...
ඇගේ සිහිනේ පෙම්බරා ....

රීඩ් ගඟ දිග පාවයයි ....,
බෙන්ස් පැජරෝ කියා .... නෞකා ...
වරම් නැත දකිනට කුමර නෙතු ...
ඇඳුරු පැහැ වීදුරු වලින් හංගා ...

ෆෙස් බුක් ලව් එකක්වත් නෑ ...,

නොමැත මට සැම්සුන්ග් හුආවී ...
ඉස් කයිප් කුමරෙක් වරෙං බං ...,
මාර ගස් අතරින් මුවාවී ...

මනා කියන විදියට මේක බ්ලොග් පෝස්ට් එකකින් හැදුන පළවෙනි සින්දුව වෙන්නත් පුළුවන්.. කකාගෙත් සින්දු වගයක් තියෙනවා.. ඒ නිසා ඒක ෂුවර් නෑ..

පිලිගන්න නෝනාවරුනි මහත්වරුනි මනෝජ් පෙරේරාගේ..

"තුං මුල්ලේ ගීතය.."

ප: ලි: විශේෂ

මේක ස්ටූඩියෝ එකක රෙකෝඩ් කරපු එකක් නෙමෙයි. මේ දවස්වල රතිඤ්ඤා පත්තු කරන නිසා ඔක්කෝම උන් නිදා ගන්නකන් ඉඳලා, නිදි මරාගෙන, කැපවෙලා, මේක කරලා තියෙන්නේ මනා..

එහෙම නොකරා නම්, ඩෝං පටෝං සද්දත් ඇහෙයි.. කක්කෝ කෑ ගහන ඒවත් ඇහෙයි.. 

ඒ ගැන සඳහන් නොකිරීම මගේ වැරද්දක්..

136 comments:

  1. සභාවේ අත්පොළසන්!!

    ReplyDelete
    Replies
    1. පොඩි කමෙන්ටක් දැම්මෙ නිකම් ඉස්සෙල්ලම කියවන්න ආපු නිසා කික් එකට ෆස්ට් ප්ලේස් එක බුක් කොරගන්න.

      මම ඉතින් කලිනුත් දුන්නනෙ ඇතිවෙන්ඩ විචාරෙ. සිංදුව ඉතින් මගේ රසවින්දනයටනම් හොඳටම සෙට් වෙනවා. මනාගෙ වොයිස් එකටත් මම බොහොම කැමතියි.

      මාතලන් මනා දෙන්නා මෙහෙම සිංදු කීපයක් කරමුද ඉදිරියටත්? මොකද මාතලන්-ස්ටැයිල් ලිරික්ස් වලට මනාගේ වොයිස් එක හොඳටම ගැලපෙනව.

      Delete
    2. මමත් මෙතනටම සෙට් වෙලා අත්පොලොසන් දෙනවා, නැත්තං ,මේ සින්දුවට දාන මගේ කොමෙන්ට් එක පහලට යනවා. කොහෙද මේ පස්ස නැති හොල්මන ආවනේ ඉස්සෙල්ලම මෙතනට :P.

      මාතේඒඒඒඒ අපි මේකේ "රීඩ් ගංගාවේ පාව යයි" කියන තැන හැදුවා " රීඩ් ගඟ දිග පාවයයි" කියලා, එක මනා සින්දුවේ හරියට කියනවා, ඔබතුමා ලේරික්ස් වල තාම හදලා නෑ. එක හදන්ඩොඕඕඕ

      Delete
    3. උබලා තමයි ලොක්කට අමුවට දෙයක් කරන්න නොදී හරස් කපන්නේ ඉඳගෙන බස්සොයි , ගෙම්බොයි හි හි හි

      Delete
    4. @බස්සි
      //මනාගෙ වොයිස් එකටත් මම බොහොම කැමතියි.//
      තැනක් යූ :)

      //මාතලන් මනා දෙන්නා මෙහෙම සිංදු කීපයක් කරමුද ඉදිරියටත්? //
      බලමු නේ ;).

      @ඉවාන් පවුලූශා
      දැන් නම් ලිරික්ස් ටික හදල :)

      @ඔමා අක්කෙ
      මේකෙ පළවෙනි රෙකොඩින් එකේ තියෙන්නෙ අමුවට ලියපු එක. ඒකත් මගේ යූ ටියුබ් චැනල් එකේ තියෙනව :)

      Delete
    5. ටැන්කූ මචෝස්.. උඹලගෙ කොමෙන්ට්සුත් මේකට සෑහෙන දායක උනා..

      Delete
  2. අඩෝ මාතා........... සිහිනය හොරු අරන්... අැත්තට ම අපෙත් සිහිනය ඔ්ක... උඹ ඒකට කෙළලා.... සතුටට ඉමක් නැතුවා..... විශේෂයෙන් ම උඹ නිසා... පට්ට මචං... පද ටික ගැන නම් නොකියාම බෑ.... මාර යථාර්තවාදීයි..............

    //අපිට නැතත් අනේ සාදු මල් පිපියන් හැමදා// බොක්කෙන් ම සතුටුයි මාතා...... ඒ වගේම නිර්මාණය පට්ටයි මචං............. මනාටත් පට්ටය කිව්වා කියහං....... සුපිරියි

    ReplyDelete
    Replies
    1. //මනාටත් පට්ටය කිව්වා කියහං//
      බොහොම ස්තුතියි කුරුටු :)

      Delete
    2. උඹ ගැන කාෙහොමත් අපි දැනගෙන හිටියා..... උඹේ පාඩම් ටික දැක්කා ම උඹ ඒ පැත්තේ පොරක් කියලා තේරුණා..... බ්ලොග් කරුවන් අතර ඔබ වැනිම දක්ෂයින් තවත් ඉන්නවා... ඒක අපේ වාසනාව..... ඉතින් මනා අැත්තට ම උඹට මේ නිර්මාණයේ කොටසක අයිතිය තියෙනවා.. මාතා තරහා වෙන ඒකක් නැහැ.. ජයවේවා

      Delete
    3. මචෝ මාතලන්ගේ පිලිගැනීම අනුව ගීතයක අයිතිය තියෙන්නේ.. ගායකයටවත්, පද රචකයාටවත් නෙමෙයි, තනු නිර්මාපකයාට සහ සංගීතඥයාට.. ඒ නිසා මේකේ ගෞරවය 100% මනාටම හිමි විය යුතුයි..

      Delete
    4. ඒතකොට මාතා උඹ සියඹලා ගෙනැල්ලා ම නැද්ද හා......???

      Delete
    5. මටත් ඇත සිහිනයක්....

      Delete
  3. ඒක නං පට්ටයි මාතෙ...
    පද පෙළ වෙග්ම මාන කොළූගෙ වොයිස් එකත් මරු
    මං කීවෙ දෙක එකට කැපෙනව කියල ඈ...
    ඒක ඇත්තටම අපූරුයි
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. //පද පෙළ වෙග්ම මාන කොළූගෙ වොයිස් එකත් මරු//
      බොහොම ස්තුතියි :)

      Delete
    2. ටැන්කූ මහේෂ්.. පද ටික ඔහේ තියේවී මනා ක්‍රියේටිව් ගේමක් නොදුන්නා නම්...

      Delete
  4. පට්ට පට්ට......තවත් ගීත රචකයෙක් කරලියට....

    ReplyDelete
    Replies
    1. ඇයි ගායකයා හා මියුසිසෝන්

      Delete
  5. සුභ පැතුම් මචෝ....උඹේ සිහිනයක් සැබෑ වුනාට..........
    වචන තව ටිකක් පැහැදිලි වුනා නම් තවත් රස වෙන බව මගේ හැගීමයි.....
    වචන වලට වඩා සංගීතය උස් වැඩිද මන්ද..........
    මේ මගේ සංගීතය මද සරු බව නිසා ද මන්ද.......
    රසික ගෙ ගීත කවුරු හරි ගයලා ඇති.........
    අපේ කුරුටු ලගේත් පස්ට සිතුවිලි තියෙනව ගයන්න.......
    තව ලියන්න මගේ පනට ශක්තිය......උම්මා.....මචෝ.....

    ReplyDelete
    Replies
    1. //වචන තව ටිකක් පැහැදිලි වුනා නම් තවත් රස වෙන බව මගේ හැගීමයි.....
      වචන වලට වඩා සංගීතය උස් වැඩිද මන්ද..........//

      ඒක ඇත්ත. වචන පැහැදිළිව ඇහෙන්නෙ නෑ. ගිටාර් එකේ සද්දේ ඇහෙනව වැඩියි.

      Delete
    2. මේක මචෝ අවම පහසුකම් යටතේ කරපු වැඩක්.. ස්ටූඩියෝ එකක කලොත් ඕවා මග ඇරෙයි...

      Delete
  6. රාජ සේවක අපට ෆේස් බුකිය මෙන්ම යූ ටියුබයද අකැප බැවින්, බාහිර ඩවුන්ලෝඩයක් කරගැනීම පිණිස ලින්කුව සඳහන් කර අපට අනුග්‍රහය දක්වන මෙන් පින්වතෙකුගෙන් ඉල්වමි.

    ReplyDelete
    Replies
    1. http://en.savefrom.net/#url=http://youtube.com/watch?feature=player_detailpage&v=6QM9j8LMOFc&utm_source=youtube.com&utm_medium=short_domains&utm_campaign=www.ssyoutube.com

      පහලම Audio mp4 වලින් audio eka witharak gannath puluwan

      Delete
    2. උඹලට ගෙදරට නෙට් අකැපයි කියල කොන්දේසියක් හරි ආයතන සංග්‍රහයේ වගන්තියක් හරි තියෙනවද කියල මම දැනගන්න කැමතියි.මොකද්ද බං ගෙදරට ඉන්ටනෙට් ගත්තනං ඉවරනෙ.මෙතනට ඇවිත් ලින්ක් හිඟාකන්නෙ.දැන් ඔය නොමිලේ වයි ෆයි කලාපත් තියෙනවලු නේද?ගෙවල් ලඟපාත එහෙම තැනක්වත් නැද්ද?

      Delete
    3. තියෙනවා අයියේ... කාල්ටන් එක..

      Delete
    4. ආන්ඩුවෙ ඔෆීසි වල බුකියයි ටියුබයයි තහනම්ද හැලපයියෙ? (Kangarwa)

      Delete
  7. මං හිතන්නේ උඹ නෙලුම් උයන පැත්තේ කොටුවක් පැනල වගේ.. හැක්

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් හැමදාම වගේ පච කෙලියනේ...

      Delete
  8. මනා කියන්නේ සද්දයක් නැතුව මහන්සිවෙලා ලොකු වැඩක් කරපු එකෙක්.උගේ ගිටාර් පාඩම ඌ සෑහෙන්න මහන්සිවෙලා කරපු වැඩක්.උගේ ස්ටයිල් එකට පාඩම් දානකොට අපි ඉල්ලපු නිසාම ඌ මාර කට්ටක් කාගන වමත හුරු එවුන්ටත් ඒක කරන හැටි උගන්නන්න ඒවා දැම්මා.මම එදා ඉඳන් කියන දෙයක් තමා මනාට ඒ කරපු දේවල් වලට නිසි ඇගැයුමක් ලැබුනේ නෑ.ඒ හින්දද මන්දා ඒකා මේ දවස්වල ගිටාර් පාඩමත් නවත්තලා.උඹ මේ දේ කරලා උඹේ හැකියාව විතරක් නෙමෙයි,මනාටත් උගේ දක්ශකම පෙන්නන්න තැනක් හදලා දුන්නාට දෙවනි පාරටත් උඹට ඔළුව නවනවා.

    පද ටික සුපිරියි.මමකොච්චර දුරට හරිද දන්නේ නෑ.ඒත් මට මැවෙන්නෙම බැක් එකෙන් ඇහෙන මවුත් ඕර්ගන්(හාර්මෝනිකා ) සද්දෙකුත් ඕකට එකතුවෙන හැටියි.පටන් ගැන්ම සුභයි.ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. //මේ දවස්වල ගිටාර් පාඩමත් නවත්තලා.//
      පාඩම නවත්තල නෑ :D.

      Delete
    2. උබේ කොමෙන්ට්ස් මනා ෆයිනල් ටච් එකට ගනීවී..

      අපේ පොඩි එකත් කෝඩ්ස් අනම් මනම් හොයා ගන්නේ මනාගේ බොගෙන් තමයි..

      Delete
  9. පට්ට ආතල් එකක් දැනෙනවා මේ සින්දුව අහන්නත් කලින්. අහද්දී ආතල් ඩබල් වෙනවා. මෙතනදී මනාගේ කඩහඬ ප්‍රරාතිහාර්යය අතිවිශිෂ්ටයි. මුල් රෙකෝඩින් එක අහද්දී මම මනාට කටහඬේ වෙනස් කිරීම ගැන කිව්වට නිකමටවත් හිතුවේ නෑ මනා ඒ වෙනස කරයි කියලා . අතිවිශිෂ්ටයි මනා .

    ගීතය ගැන පදරචනය ගැන කියන්න ඕනේ නෑ. එත් අපි කියපු සියුම් වෙනස්කම් කලාට මාතෙට ස්තුතියි. මොකද තමන්ගේ පද වෙනස් කරන්න කැමති පදරචකයෝ නෑනේ. අනික එහෙම කරා කියලා දිවිනසාගත්ත මිනිස්සු ඉන්න ජාතියක්නේ අපි.

    එකෙන් මේකෙන් නියම සින්දුවක් හැදුනා... අර එදා මාතේ වෙදකම් කරපු වෙලාවේ මේ සිංදුව අහන්න තිබ්බානම් කොහොමද ආතල් එක. මට මේ ගීතය අහද්දී හිතුනා මාතලන් මනා සුසංයෝගයෙන් තවත් චින්තක ගීතදේව කෙනෙක්, චිත්‍රාල් සෝමපාල කෙනෙක් බිහිකරන්න පුළුවන් නේද කියලා

    ReplyDelete
    Replies
    1. //මෙතනදී මනාගේ කඩහඬ ප්‍රරාතිහාර්යය අතිවිශිෂ්ටයි. මුල් රෙකෝඩින් එක අහද්දී මම මනාට කටහඬේ වෙනස් කිරීම ගැන කිව්වට නිකමටවත් හිතුවේ නෑ මනා ඒ වෙනස කරයි කියලා . අතිවිශිෂ්ටයි මනා.//

      බොහොම ස්තුතියි :).

      //මට මේ ගීතය අහද්දී හිතුනා මාතලන් මනා සුසංයෝගයෙන් තවත් චින්තක ගීතදේව කෙනෙක්, චිත්‍රාල් සෝමපාල කෙනෙක් බිහිකරන්න පුළුවන් නේද කියලා//

      හහා හිතල තියෙනවා වැඩියි කියල මට හිතෙනවා :D.

      Delete
    2. වෙනස්වීම් වලට ඔරොත්තු නොදෙන සත්තුන්ට පැවත්මක් නෑ කියලා තියෙනවා නේ බං.. මෙතන යම් සාර්ථකත්වයක් තියෙනවා නම්, ඒකට ප්‍රධාන හේතුවත් වෙනස්වීමම තමයි...

      Delete
  10. විශිශ්ටයි....

    මනෝජ් ගේ දස්කම් උත්කෘශ්ටයි....

    තව බොහෝ නිර්මාන කරන්නට සුබ පැතුම්!

    ReplyDelete
  11. පින්වතෙකුගෙන් ලින්කුව ඉල්ලුව. පින්වත්තු කවුරුත් නැද්ද තාම ඇවිල්ල?

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=6QM9j8LMOFc

      Delete
    2. ඇයි අනේ ඔය වීඩියෝ එකේ වම් පැත්තේ යට තියෙන්නේ යු ටුබ් කියල එතන ක්ලික් කරාම හරිනේ . ලින්ක් මොකටද

      Delete
  12. Maathalan UOC kellanta layin danawa wage.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ නම් අක්කා කෑල්ලක් දාගෙනත් උන්නා...

      Delete
  13. උඹේ ලිවිල්ලනම් අජූවයි.මම ඉතිං ඒක හැමදාම කියනවනෙ.

    http://thecolombopost.net/?p=31843

    අරූගෙ හඩටනම් ලෝබ හිතුනා බං.මගෙ ලියවෙච්චි දෙක තුනක් තියෙනවා.උඹේ තියෙන පිස්සුව කිට්ටුවෙන් යන.

    පාට මිලින මල් විකසිත කම්බාය
    ඈත බඹරු සුවද දදී කැන්දාය
    පාට පාට හීනෙට රොද බැන්දාය
    කාට දාව මුත් කැකුළක් පිපුනාය

    පාට උලාවත් රූබර ගත නොහෙනා
    පාර දිගේ මල් පෙති පෙති බිම හැලුණා
    ඉනූ කදුළු මල් ගහ මුල පොහොර වුණා.
    බඹරු වටේ තව මල් කැකුලක් පිපුණා

    කෝම හොයන්නද මේ මල් පරවේණී
    පාරේ පිපී පාරෙම පර වී යාවී
    කාගේ වැරද්දට පිපුණත් මල්මාලී
    සුවද බෙදන කොට ගහ දඩුවම් දේවී

    මේකනම උඹත් දැකල තියෙනවා.කියපංකො හොදනම් කරන්න කියලා..උෘ කියන්න ඕනි හැබැයි

    ReplyDelete
    Replies
    1. //මේකනම උඹත් දැකල තියෙනවා.කියපංකො හොදනම් කරන්න කියලා..උෘ කියන්න ඕනි හැබැයි//
      හොඳ අර්ථයක් තියෙනවා මේ පද ටිකේ. අකමැත්තක් නම් නැහැ. අපි බලමු :).

      Delete
    2. උඹේ කවි ටික මල් මසුරන්... ඒත් මචෝ ඇත්තම කියනවා නම් ඕක ගීතයකට ගැල්පෙන්නේ නෑ කියන එකයි මගේ අදහස.. ඔය වගේ ගීත අනන්තවත් තිබුනට ජනප්‍රිය නෑ.. මිල්ටන්ගේ ගීත, අමරසිරි පීරිස්ගේ ගීත ජනප්‍රිය ඇයි.. පොඩ්ඩක් හොඳට බලපන්.. බොහෝම සරළ වච්නවලින් පොඩි කතාවක් කියන්නේ.. මම හිතන්නේ ගීතයක තියෙන්නේ ඕන ඒ ටච් එක..

      Delete
    3. තව තියෙනවා බලමු උට සිංදුවක් ලියන්න දොළක් ආවා ඒක ගඟක් තරං විශාලයි බං

      Delete
  14. මේ දවස්වල ෆේවරිට් මාතල්න්ගේ පෝස්ට් සහ අජිත් කුමාරසිරිගේ සිංදු. අනිත් ඒවා insipid වගේ.
    මං වෙලාවට පෙති නොගත්ත නිසාද, ඇල්කොහොල් පොයිසනින් නිසාද කියල කල්පනා කලේ මේ

    ReplyDelete
    Replies
    1. මටත් ඔහොම ලෙඩ හැදෙනවා කාළෙන් කාළෙට.. ඒක හොඳ දෙයක් කියලයි මම නම් හිතන්නේ..

      https://www.youtube.com/watch?v=Im8zYhFB0JA

      Delete
  15. High quality, heart touching music and heart touching voice. About the lyrics, the overall idea of the lyrics are superb. However, if you can avoid english words such as "facebook", "samsung", Huawei", "Skype" it will be superb and will come to the super quality such as Amarasiri Peiris's songs. This song has that superb quality.
    As I feel, If you can consider this, this song can make a hit. I am pretty sure mathalan has the talent for that. For example, The line "Anduru paha veeduru walin hanga" is superb and if you use the english word "sunglass" it ruins the aesthetic beauty of the song. Similar way, please try to find some nice sinhalese phrases for the last verse, without changing its main idea and content. Apologies for typing in English. Good luck all! After a long time I saw a good quality sinhala song.

    ReplyDelete
    Replies
    1. //High quality, heart touching music and heart touching voice.//

      Thank you :).
      lyricist should decide about those words and if he is ok, the song will be
      changed.

      Delete
    2. බොහෝම ස්තූතියි අගය කිරීමට ආයිබෝවන්ඩ..

      අර ඉන්ගිලිසි වචන ගැන කියනවා නම්.. ඒවා දැන් අපේ වචන වෙලා ඉවරයි.. හරියට ලොරිය, අල්මාරිය, ඉස්තෝප්පුව, ඇඩප්ටරේ වගේ...

      මේ සින්දුව කෙනෙකුට වැදුනා නම් ඒකට හේතුවත් ඒ වච්න ටික. ආයිබෝවන්ඩට උනත් ඒක පෙනුනේ ඒකයි..

      ඒත් අපි උත්සාහයක් ගනිමු...

      Delete
  16. නියම වැඩක්.. ජයවේවා.. මනා, ආපේජියෝ පාරකුත් බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඇහුණා නං කියල හිතුන... වචන ටික ලස්සනයි මාතේ... මනාගේ කටහඬත් කියල වැඩක් නෑ.. මෙලඩියත් සුන්දරයි... ස්ටුඩියෝ එකක රෙකෝඩිම කළා නං එලටම තියෙයි...

    ReplyDelete
    Replies
    1. //මනා, ආපේජියෝ පාරකුත් බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඇහුණා නං කියල හිතුන... //
      මේ සිංදුවට මගෙ ඔළුවේ ඔයිට වඩා සංකීර්ණ ඉන්ට්‍රඩක්ෂන් එකක් තියෙනව සජ්ජා. මේක හරියට ස්ටුඩියෝ එකක රේකොඩ් කලොත් එව හදනව අනිවාර්යෙන්ම.

      Delete
    2. අපි බලමු ෆයිනල් ප්‍රඩක්ෂන් එකට මේ ඔක්කෝම ඇඩ් කොරන්න...

      Delete
    3. එල එල.. සුපිරිම සිංදුවක් වෙයි...

      Delete
  17. මාතා ගහපිය මේක ස්ටුඩියෝ එකක ....මේ සිංදුව රොක් අජිය වගේ ගොරහැඩි හඬකටත් ගැලපෙනවා

    ReplyDelete
    Replies
    1. //මේ සිංදුව රොක් අජිය වගේ ගොරහැඩි හඬකටත් ගැලපෙනවා//
      ලිරික්ස් ටික දැක්ක ගමන් මම මාතෙ අයියටත් කිව්වෙ ඕක.

      Delete
    2. වැඩේ කොර ගන්න පුළුවන් වෙයි වගේ මචෝ...

      Delete
    3. රොක් අජියගේ ෆෝන් නම්බරේ ලියාගත්ත එක අපතේ ගිහිං නෑ වගේ එහෙනං...

      Delete
    4. නෑ... නෑ... මේක කාටවත් දෙන්න නෑ.. දැන් මේක මනාගේ.. අජියට එකක් වෙනම ලියන්න ඕන.. නිදහසේ.. වෙන වෙලාවක..

      Delete
  18. මනා නියමයි ඈ... මාතලන් බොස් නියමයි ඈ ..
    ඉස්සර නම් මිනිහෙක් උනාම කරන්න ඕනේ මෙවුවයි කියලා වෙන ලිස්ට් එකක් තිබ්බා.. පුතෙක් හදන්න ඕනේ ,, පොතක් ලියන්න ඕනේ ගහක් හිටවන්න ඕනේ,,

    දැන් .... බොගක් ලියන්න ඕනේ මියුසික් වීඩියෝ එකක් කරන්න ඕනේ.. හි හි
    ඊලග සින්දුව තවත් ලස්සනට කරන්න ලැබේවා.... මනාට ත් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඕමා අක්කෙ :)

      Delete
    2. පොත් හතක් අටක් මත්තට ලියා දාන්නත් හිතේ තියෙනවා.. නගේ..

      Delete
    3. පොත් හතක් අටක් දැනටත් ලියා දමාලා තියෙනවා
      මත්තටත් තවත් ලියනට හිතේ ඇඳීලා...
      (මී පුර වැසියෝ නාට්‍යය.)

      Delete
  19. මටනම් නිකං තුම්මුල්ල කිව්වම මතක් වෙන්නෙම වෙන තුම්මුල්ලක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්.....මටත්....
      but මූ බොක්ක නේ.......

      Delete
    2. හරියට හරි.. මටත් එහෙමමයි.. ඒ ඇර විමලෙත් මතකෙට එනවා.. ඒකනේ මාකටින් වලට ඒක දා ගත්තේ..

      Delete
  20. නියමයි මාතා..බොලාගේ අර බයිලා ටිකත් ඒකට ගැලපෙන හඬක් තියෙන කට්ටියක් දම්මලා කලා නම්..ඇල්බම් එකක්ම ගහන්ඩ තිබුනා නේ...

    ReplyDelete
    Replies
    1. බලමු මචෝ.. මේකේ සාර්ථකත්වය අනුව තමයි ඊළඟ එක..

      Delete
  21. මං ඇහුවෙ ඕඩියො එක ඩවුන්ලෝඩ් කරගෙන. සින්දුව සුපිරි. ජයවේවා ඩබලටම !!

    ReplyDelete
  22. නියමයි මාතේ .....මනාටත් පට්ට වොයිස් එකක් තියෙන්නේ .ස්ටුඩියෝ එකක සින්දුව කලාම ගොඩේ ගොඩ ....

    ReplyDelete
    Replies
    1. මචෝ මට අද්භූත බලවේගයක් කිව්වා.. උඹේ හාමිනාත් නම්බර් වන් ඕගන් ප්ලේයර් කෙනෙක් කියලා.. සමහර වෙලාවට ස්ටූඩියෝ එකක කලොත් අපිට සප් එකක් දියන්..

      Delete
    2. අනිවා මාතේ මගෙන් ෆුල් සපෝර්ට් එක දෙනවා ...කැලණියේ තියනවා හොඳ තැනක් .මම සෙට් කරලා දෙන්නම් ...

      Delete
  23. දෙන්නාටම සුභ පැතුම්...!

    (මගේ බ්‍රව්සර් ඇඩෝන් එකක අප්සෙට් එකක්ද මන්දා මට නම් කටහඬට වඩා ඇසෙන්නේ ගිටාර් කෝඩ් ටිකයි. යූටියුබ් එකෙන් ටෙලිවිෂන් එකට දාගෙන අහලා බලන්නම් පස්සේ!)

    ReplyDelete
    Replies
    1. මේක ස්ටූඩියෝ එකක රෙකෝඩ් කරපු එකක් නෙමෙයි. මේ දවස්වල රතිඤ්ඤා පත්තු කරන නිසා ඔක්කෝම උන් නිදා ගන්නකන් ඉඳලා නිදි මරාගෙන කැපවෙලා මේක කරලා තියෙන්නේ මනා..

      එහෙම නොකරා නම් ඩෝං පටෝං සද්දත් ඇහෙයි.. කක්කෝ කෑ ගහන ඒවත් ඇහෙයි..

      ඒ ගැන සඳහන් නොකිරීම මගේ වැරද්දක්..

      Delete
    2. කක්කෝ කියන්නේ මොක්කුද මාතලන්, මං ඉස්සෙල්ලම හිතුවේ කාක්කෝ ගැන කියන්නේ කියලා :P

      Delete
    3. වැඩේ හොඳයි, ඉයර් ෆොන් එකෙන් උදේ ඇහැව්වාට වඩා YouTube එකේ දී ඇඟට දැණුනා.

      Delete
    4. @රසිකොලොජිස්ට්
      ගිටාර් එකේ සද්දෙ වැඩියෙන් ඇහෙනව. කටහඬ ඇහෙන ගතිය අඩුයි.

      // YouTube එකේ දී ඇඟට දැණුනා.//
      එහෙනම් එච්චරයි :). බොහොම ස්තුතියි.

      Delete
    5. ටෑන්ක්ස් ගුරු ජී...

      Delete
  24. දෙපොළටම සුබ පැතුම්.
    මට නං කටහඬ කපාගෙන ඇහෙන්නෙ ගිටාර් හඬයි.වචන ටික බලාගෙන සිංදුව ඇහුවෙ නැත්නං මක් කොරලවත් තේරෙන්නෙ නෑ.ඒ මේ අලුත් සිංදු වල හැටිද දන්නෙත් නෑ.අපි ඉතිං පරණ ඉස්කෝලෙ උන් නොවැ.

    ReplyDelete
    Replies
    1. මේක ස්ටූඩියෝ එකක රෙකෝඩ් කරපු එකක් නෙමෙයි. මේ දවස්වල රතිඤ්ඤා පත්තු කරන නිසා ඔක්කෝම උන් නිදා ගන්නකන් ඉඳලා නිදි මරාගෙන කැපවෙලා මේක කරලා තියෙන්නේ මනා..

      එහෙම නොකරා නම් ඩෝං පටෝං සද්දත් ඇහෙයි.. කක්කෝ කෑ ගහන ඒවත් ඇහෙයි..

      ඒ ගැන සඳහන් නොකිරීම මගේ වැරද්දක්..

      Delete
    2. @Helapa kade
      ඒක ඇත්ත. ගිටාර් එකේ සද්දෙ ඇහෙනව වැඩියි. බොහොම ස්තුතියි :).

      Delete
  25. ඉස්තරම්..!!

    වැඩි වැඩියෙන් ගී පද ලියවේවා...මියුරු පද වැල් ගැයේවා..

    ReplyDelete
  26. ලස්සනයි. කිව්වත් වගේ පළවෙනි වර්ස් එක අහද්දි අමරසිරි පීරිස්ගෙ ගතියක් දැනුනා. තව තවත් නිර්මාණ කරන්න ධෛර්‍යය ලැබේවා, කියලා ප්‍රාර්ථනා කරනව

    ReplyDelete
  27. හුරේ … ඔය තියෙන්නේ රෙෂ්පට් එකට !!!

    මනා මචං.. උඹේ ගායන හැකියාව ඇස් වහක් කටවහක් නෑ ගොඩ බොක්කෝ.. මාතයියගේ පද වලට ටොපට යනවා.ගිටාර් පාට් එකත් ගොඩේ ගොඩ.. අනේ බං ඕකට ෆ්ලුට් එකේ පාට් එකකුත් ඇඩ් කරහං ඈ රෙකෝඩින් එකේදි.

    ReplyDelete
    Replies
    1. ඇයි මචෝ අර කොටු දෙකකින් නෙලන ජිවන අය්යාගේ කැමතිම අර භාණ්ඩේ ....අර මොකක්ද තැටිය මචෝ ..(රහසින් ඔක්ටෝ පෑඩ් එක නේද )අන්න එකෙනුත් පාට් දෙක තුනක්ම ඕනෑ හොඳේ ....

      Delete
    2. අම්මෝ … ජීවනයා දැක්කොත් ජාතිය අමතයි..පෑඩ් එකට පුදුම ආදරයක් නෙවැ තියෙන්නේ ..
      පෑඩ් එකෙන් තබ්ලාව දෙමු ඩබල් එකේ :D

      Delete
    3. @පත්තර මල්ලි
      එහෙම ස්ටුඩියෝ එකක රෙකෝඩින් කළොත් අනිවා ඔය කියන භාණ්ඩ වල හඬවලුත් එකතු කරනව. බොහොම ස්තුතියි :)

      Delete
    4. පත්තරේ, සින්දූර්, මනෝ.. මට අදභූත බලවේගයක් කිව්වා උඹලා තුන් දෙනාගේ සුසංයෝගයෙන් මේ සින්දුව තව එළිය වෙයි කියලා.. උඹලා තුන් දෙනා පොඩ්ඩක් ඒ ගැන කොන්පරන්ස් එකක් තියලා බලනවද..

      මනා..., පොඩ්ඩක් සින්දූර්ව කන්ටැක්ට් කර ගනින්...

      Delete
  28. ෂා!! සිරා නේ..මම මනාව නම් දන්නේ නැහැ..ඒත් ඌට හොඳ හඬක් තියෙනවා..පොඩ්ඩක් සුනිල් එදිරිසිංහ ටයිප් වගේ ඇහෙන තැන් කීපයක් තියෙනවා..මාතේගේ ලිරික්ස්වලට හරිම වටිනාකම ලැබුණේ ඒක ගීතයක් වුණාමයි කියලා හිතෙනවා..:)

    ReplyDelete
    Replies
    1. //මම මනාව නම් දන්නේ නැහැ..ඒත් ඌට හොඳ හඬක් තියෙනවා..පොඩ්ඩක් සුනිල් එදිරිසිංහ ටයිප් වගේ ඇහෙන තැන් කීපයක් තියෙනවා.//

      බොහොම ස්තුතියි :)

      Delete
    2. හරියට හරි තනියෝ..., නැත්නම් ඒක තවත් වචන ටිකක් විතරයි.. මම හැමදාම ඉන්නේ ඒ මතයේ...

      Delete
  29. තමන්ට ගොඩක් ප්‍රතිචාර ලැබුණු කවි ටිකක් මම වගේ ආදුනික කෙනෙක්ට දීල සිංදුවක් විදිහට හදාගන්න ඕන කියල සැකයක් හිතේ තියා ගන්නෙ නැතුව තීරණය කරපු එක ගැන මාතෙ අයියට ස්තුතිවන්ත වෙනව වගේම ඒ සම්බන්ධව ගොඩක් සතුටුයි. ඒ වගේම පළවෙනි රෙකොඩින් එකේ තිබ්බ ගුණ දොස් කියල, සමහර පද තවත් හොඳට ගැළපෙන විදිහට සකස් කරල උදව් කරපු බස්සිට සහ ඉවාන් සහෝට ස්තුතිවන්ත වෙනවා.

    ගායන හැකියාව සහ වාදන හැකියාව යම්තාක් දුරකට මට පිහිටල තිබුණත් මහා ලොකු විෂය දැනුමක් නම් නැහැ. නමුත් සංගීතය පැත්තෙන් ඕනෑම අළුත් දෙයක් කිරීමට සහ අත්හදා බැලීම් කිරීමට මට පුළුවන් කියන එක විතරක් මම විශ්වාස කරනවා. මේ ගීතය අහපු අයට එම ගීතය විඳ ගන්නට පුළුවන් උනානම් මට සතුටුයි.
    මේ අවස්ථාව ලබා දීම ගැන මාතෙ අයියට නැවත වරක් ස්තුතිවන්ත වෙනවා.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. වචන ඔහේ තියෙයි උඹ මේක ගීතයක් නොකලා නම්..

      අළුත් විදියට හිතලා, අළුත් දෙයක් කරපු උන් තමයි ලංකාවේ මියුසික් ෆීල්ඩ් එකෙත් ජයගත්තේ.. මම හිතන්නේ මම උඹට උදාහරණ දෙන්න ඕන නෑ කියලා..

      ජයම වේවා...!!!

      Delete
  30. මුලින් පද පෙල දැක්කම මේක සිංදුවක් ලෙසට කියන්න අමාරුයි කියල හිතුන.... පස්සෙ සිංදුව ඇහුවට පස්සෙ ගතියක් දැනුන... අර කියනව වගෙ ස්ටුඩියො එකක කලා නම් පස්ටම වෙයි කියල හිතෙනව... දෙදෙනටම බොක්කෙන්ම සුභ පැතුම් (කැන්ගරුවා)

    ReplyDelete
    Replies
    1. බෑ කියලා දෙයක් නෑ ලොක්කා...

      Delete
  31. මම ගීතයක රස විඳිනේ ඉස්සෙලම තනුව, ඊට පස්සෙ ගායනය තෙවනුව තමයි පද රචනේ.....!

    මේක නූතන වාදී පද රචනයක්.... වචන සාම්ප්‍රදාණුකූල නෑ...! තනුවත් ගැලපෙනවා... කට හඬ ඉතා හොඳයි.....!

    මේක හැබැයි හොඳට රෙකෝඩ් කරපන් මාතලන් මාමේ....! පට්ට සින්දුවක් වෙයි.....!

    ReplyDelete
    Replies
    1. උඹත් එහෙනම් මම වගේම තමයි.. නැත්නම් කොහෙද බං අපි නොදන්න භාෂවලින් ගයන සින්දුවක් රස විඳින්නේ... සංගීතය කියන්නේ ඒකයි.. නැත්නම් පද රචනය කියන්නේ, තව වචන ටිකක් ඉතරයි...

      Delete
  32. මාතේ..මේක කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් එකක්...මුලු ගීතයේම තියෙන ගතිය කනවා අන්තිම පද හතරෙන්...ඒ පද හතර අහන්නෙ නැතුව ගීතය ලස්සනට රස විඳින්න පුලුවන්. අන්තිම පද හතර...මට හිතෙන විදියටනම් මෝඩ ආතල් ලෙවල් එකටයි වැටෙන්නේ...
    ආයෙත් අහලා බලපන්...බොගකුයි ගීතයකුයි අතර තියෙන වෙනස බොගේ අන්‍තිම පද හතර ආතල්..ගීතයේ ඒ අන්තිම පද හතරම මෝඩ ආතල්...
    නොයිස් රිඩක්ෂන් එක්ක අහන්න සහ රෙකෝර්ඩ් කරන්න විදියක් ඕනි නම් සෙට් කරලා දෙන්නත් ඇහැකිය...

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ මේ ක්‍රිටිසිසම් එක හැලපෙගෙන් නැත්නම්, විචාගෙන එයි කියලා. උඹ ඔහොම කිව්වට මේ ගීතය හිට් උනොත් හිට් වෙන්නේ ඔය වච්න සෙට් එක නිසා.. සහතික ඇත්ත මෙතන තියෙන්නේ මෝඩ ආතල් එකක්.. යොවුන් ප්‍රේමය කියන්නේ මෝඩ ආතල් එකක්ම තමයි.. ඒ ගැන කාළෝචිතව ලියපු උන් හැමදාම කැපුනා.

      ජෝතිගේ සින්දු වලට පලු යන්නා බැන්නා. අද ඌ අමරණීය ජෝති. කරුණාසෙන ජයලත් මැරුවේ නැති එක විතරයි. අද ඒ යකා ස්මරන්න අනිත් උන් මරා ගන්නවා. කවදා හරි සුජීව ප්‍රසන්නආරච්චිත් වීරයෙක් වෙයි. තව නියම පොරක් හිටියා එඩ්වඩ් මල්ලවආරච්චි කියලා අදත් ඌ ගැන කතාවක් නෑ. අපේ කාළේ පොරක්.

      උඹ කියන වච්න ඔක්කෝම දැන් අපේ වෙලා ඉවරයි. ඉස්තෝප්පුව, අල්මාරිය වගේ. ඇත්ත.., මේක මෝඩ ආතල් එකක්.. මේකේ තියෙන සුන්දරත්වයත් ඒ මොඩ කමමයි මචෝ..

      අනේ සත්තරනේ මේක රෙකෝඩ් කරලා දෙනවා නම්, උඹට ඒ පින ඇති දිවිය ළෝකේ මල් වත්තක උපදින්න..

      Delete
  33. නියමයි මචං. එක පාරටම ඇහෙන්නේ ගුණදාස කපුගේගෙ සින්දුවක් වගේ. අර බාහිර සද්ද නැතුව ස්ටූඩියෝ එකක කරපු වර්ෂන් එකත් ලඟදිම අහන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. දෙපාරක් ට්‍රයි කරලා ඩවුන්ලෝඩ් කරගත්තා.
    කාටද ආඩම්බර!
    ඇත්තටම අපි ඔක්කොටම.

    ReplyDelete
    Replies
    1. තව පොඩි අදහසක්. මේ විඩීයෝ එකේ දාලා තියෙන රූප රාමු. ඔය විදියට රෝල් අප් නොවී එකක් උඩ එකක් වැටිලා කලින් එක fade වෙන්න දැම්ම නම් හොඳ නැද්ද? Like superimpose on the previous one and fade in fade out like...?

      Delete
    2. බොග දාන උනුත් මාර පොරවල් නේ මචෝ...

      මිනිස්සුන්ට අවස්ථාව තියෙනවා නම් කොයි තරම් දේවල් කරයිද.. අළුතෙන් එක් උන් අස්සේ මාර ටැලන්ටඩ් පොරවල් ඉන්නේ මචෝ.. බන්ධුල නානායක්කාරව්සම් සෑහෙන ගය කලා මේකෙ උන්ගේ ටැල්න්ට් එක... උඹේ අදහස් ෆයිනල් ටච් එකේදි ගන්නම්..

      Delete
  34. ඇත්තටම ස්ටුඩියො එකක කලා නම් නියමෙටම ති‍යෙවි.. සුබ පැතුම් දෙන්නටම.. මේකෙන් විතරක් නතර නොවෙන්න කියලා ඉල්ලන්න තමයි වෙන්නේ....

    ReplyDelete
    Replies
    1. හැබැවට කට්ටියට ඔයා කියනකම් තේ ......රුන්නෙම නෑනේ මෙයා
      කොහොම හරි මලින් සැප එකක් දෙන්නකෝ එයට වෙරිවෙන්න සුදා

      Delete
    2. බලමු මචෝ මේකට සෑහෙන ඉහළ ප්‍රතිචාර ලැබිලා තියෙන්නේ..

      Delete
  35. අපේ රට යන අතේ පැති කඩක්. සූ ගාලා දහයක් පහළොවක් ආපු නෙලුම් යය ගැන පිට කසන ලිපි හැට හුටාමාරක් ලියැවිලා තිබුනා . අසංවිධානාත්මක කර්තව්‍යක අසාර්ථකත්වය ගැන බොරු කයිවාරු නොගහා වැරදුනු තැන් ගැන සිංහාවලෝකනයක යෙදුනා නම් හොඳයි .වැදගත් .

    ප්‍රියන්තයා , සින්දුව පට්ටයි කියන උන් කියන්නේ අමු බොරු. උන් හදන්නේ උඹව සැඩ දිය පහරකට උස්සලා විසි කරන්න අත පය බැඳලා . ( හැබැයි ඕනෑම මල ජරාවක් රසයි කියලා කියන්න තනි පුද්ගල අයිතිවාසිකමක් තියෙනවා.. ඉට්ස් ඔකේ බේබි .) ඒ උනාට ඔය කොමෙන්ටු ටික නම් උඹට සීනි එක්ක දෙන වහ .හාමිනේගෙන් තමයි වහම නිර්වචනය ලැබෙන්නේ. ඒ එයා උඹට ආදරේ නැති නිසා නෙමේ. බය වැඩිකම නිසා. හාමිනේගෙන් මේ වගේ දේක ගුණ අගුණ අහපු උඹයි ගොනා.

    සින්දුව ගැන කියන්න තියෙන්නේ , සින්දුවක් නෙමේ වගේ. තව ටිකක් රස විදින්න පුළුවන් වේවි ගිටාර් එකේ හඬ අඩු කරලා මනොජ්ගේ හඬට ඉඩ දුන්නා නම් .
    ලොකුවට බොරු කතා වැඩක් නැ මචං , සින්දුවක් අහපුවාම ඒක බොක්කට වදින්න ඕන.එහෙම එකක් ගැන වගේ වගක් මේ සින්දුව අහද්දී දැනෙන්නේ නැ මචෝ . මීට වඩා ලොකුවට ලියන්න පුළුවන් උනාට මට මේ අකුරු කොටන එක වදයක් බං ඒ නිසා උඹට වැඩි විචාරයක් ඕන නම් මට උඹේ නම්බෙර් එක එවපන්.අපි කතා කරමු.

    නෙලුම් යායේ උඹට සම්මාන ලැබුන එක ගැනත් මම සතුටු නෑ . මොකද බොග යායේ ඉන්න එවුන් අතරේ මම ආදරේ කරන එකෙක් උඹ . මම උඹේ අදහස් වලට එකඟ නෑ ගොඩක් දුරට. ඒ උනාට අපිට එකට සෙට් වෙලා යන්න පුළුවන් ගමනක් , රටට කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා මම දකිනවා. ඔය සම්මාන ගොඩක් එවුන්ව අවුල් කරනවා .

    මේ සින්දුව නෙමේ . තව සින්දු ලියපන්.. අපිට උඹේ සින්දුවක් ලැබෙයි ගොඩක් ආසාවෙන් රස විඳින්න පුළුවන් .

    ReplyDelete
    Replies
    1. lesliehp67@gmail.com (නොම්බරේ එවපන් කැමතිනම්.)

      Delete
    2. මෙහෙමයි ලෙස්ලි මහත්තයෝ.... නෙළුම් යායට ආවේ ටික දෙනා උනාට ඒක බ්ලොග් ළෝකයේ දැවැන්ත පිම්මක්. ඒකේ සාර්ථක අසාර්ථකබාවය අනාගතය තීරණය කරයි.

      අපේ හාමිනා ඇවිත් සංගීත උස්තාද් කෙනෙක් නෙමෙයි.. ඒත් හොඳ රසිකයෙක්.. එයැයිට මේක වැදුනා කියන්නේ.. ආයේ ලේසි වැඩක් නෙමෙයි. උන්දැත් මාතලන් වගේම මූනිච්චාවට හා හොජයි ගාන කෙනෙක් නෙමෙයි..

      රසිකත්වය කියන දේ විවිධයි. හැම දේම රහ විඳින්න පුළුවන් අපි වගේ පිරිස බොහොම අඩුයි. අනික කිසිම දෙයකින් ඉදිමෙන්නෙවත්, කඩාගෙන වැටෙන්නෙවත්, ළෝකේ ඉන්නේ "මම" විතයි කියලා හිතන කෙනෙක් නෙමෙයි "මාතලන්" කියන්නේ. ඌ මේ විශ්වයේ එක අංෂුවක් පමණයි.

      නමුත් කීප දෙනෙක් හෝ තවත් කෙනෙක්ගේ දෙයක් ගැන උනන්දු වෙනවා කියන්නේ විශේෂත්වයක් කියලයි මම හිතන්නේ. ඒක සතුටට කරුණක්..

      කොහොම හරි උඹේ කොමෙන්ට් එකට බොහෝම ස්තූතියි මචෝ...

      Delete
  36. බොහෝ දුරට සාර්ථකයි. පලවෙනි පිම්ම යෝධ පිම්මක් කියන්න පුලුවන්.

    අඩුපාඩුවකුත් කියන්නම්. ගීතයේ පදරචනය තනුවට ටිකක් ගැල්ස්පෙනව මදි වගේ. මං ටිකක් සම්ප්‍රදායික පොරක් නිසා එහෙම හිතෙනවද මංදා. ටිකක් ෆාස්ට් බීට් එකක් හරියයි වගේ. නැත්නම් පද රචනයේ සමහර වචන වල සැර බාල කලානම් හරි.

    ReplyDelete
    Replies
    1. උඹට නම් මේක හරියන්නේ නෑ සත්තරනේ.. උඹ ආස වෙන එකක් මගේ ළඟ තියෙනවා.. අනාගතයේ බලමු ඒක ගැන...

      Delete
  37. මාතලන් හා මනා දෙදෙනාටම උණුසුම් සුබ පැතුම්. පදරචනය නැවුම් හා වෙනස්. ළගන්නාසුළු කටහඬක්. තනුව හා රෙකෝඩින් නම් හදා ගන්න වෙනවනේ

    ReplyDelete
    Replies
    1. තිලකෙට වැදුනා කියන්නේ මේකේ මොකක් හෝ මෙව්වා එකක් තියෙන්නම එපාය.

      අවම පහසුකම් යටතේ කරපු වැඩක් ලොක්කෝ... ෆයිනල් එකට මේ ඔක්කෝම අදහස් එකතු කරනවා..

      විවේචනයක වටිනා කම ඒකයි..

      Delete
  38. ඵකම තැන රැදී නොසිට විශ්ව විෂය හමුවේ අප තවමත් ලදරුවන් බව පසක් කරමින්,ජීවත් වන තුරුම අප හට උගනුමට දෑ ඇති බව ආදර්හයෙන්ම කියා දුන් මාතලන් හට මෙන්න මගෙන් මල් මිටක්***************

    පලමු උත්සාහය ඉතාමත් හොදය..තනුව ස්වර අලංකාර, ස්වර උස් පහත් කිරීම ගැන ගායකයාගේ පැත්තෙන් අවදානය යොමුවූවා නම් වටනේය.....,ර්‍තුං මුල්ල ළඟ වංගුවේ............................... ...,
    වාසිටියේ කොන බංකුවේ .......................................,යන්න අනවශ්‍යය ආයාසයකින් ගැනීමෙන් සින්දුවේ ආරම්බයේම ශ්‍රාවකයාගේ මනසට වෙහෙසකාරී හැගීමක් ගෙනදී ඇත...ඉන්පසු ගීතය පුරාවටම වුවද පලකොට ඇත්තේ පලපුරුදු ගායන ශෙලියක් නොවන බව හැගෙයි...කෙසේ වුවද ආධුනිකයෙක් වසයෙන් තම හැකියාවන් දියුණු කරගැන්මට ගායකයාටද සුබ පතමි....ශ්‍රී රාවණ සිද්ධම්....ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. අම්මට හැමනියන් රාවණාගෙනුත් සුපැතුම්...!!!

      Delete
    2. රාවණා බෙරගල කන්දේ වසන යෝගියෙක් හරහා මාතලන් කෙරේ තම ආශිර්වාදාත්මක සුභාසිංසනය ඵවා තිබු වගත් මෙහිම දන්වා සිටිමි...ඵතුමා මාතලන් තම පුරෝහිත තනතුරේ පිහිටුවීමට උනන්දුවෙන් පසුවන බව පෙනේ.....

      Delete
  39. හෆ්පා ඒන්න පරක්කු උනා. ෙවනසක් ඒක්ක නියමයි. දූරං ගමං මනා... ස්තුතියි මාතා!

    ReplyDelete
    Replies
    1. තැන්කූ ආ!!!මහන්සිද ??....මහන්සි වෙන්න ඵපා..කොමෙන්ට් දැම්මැහැකිද මෙහෙම හැම ***** ???තැන්කූ කොමෙන්ට් ඵකට ...ගානට වැටුන>>>>>>>>>>

      Delete
    2. ෙවරි ෙසාරි මචං

      Delete
  40. පටන් ගද්දි හිතුනෙ මේ මොන මල ජරාවක්ද කියල. ඒත් අගට යනකල් අහගෙන යද්දි හොඳට රහට දැනෙනනවා. හරියට නිකන් නෙල්ලි ගෙඩියක් කෑව වගේ. මම හිතන්නෙ රෙකෝඩින් කොලිටි එක අඩු නිසා වෙන්න ඇති එහෙම වෙන්න ඇත්තෙ. මාතෙටයි මනාටයි දෙන්නටම ගූඩ් ලක්.

    ReplyDelete
  41. අයියා.. රෙකෝඩ් කරමු.මගෙ බොක්කක් ස්ටුඩියෝ එකක් කරනවා.වැඩේ කරමු.. ලස්සන අවුට්පුට් එකක් එනවා.
    ජයවේවා..!!!

    ReplyDelete
  42. හප්පේ මාර ගේමක් දීල අදයි මේක ඇහුවෙ. පදවැල් ටිකට හොද සපෝට් එකක් මනාගෙ හඩේ තියනව. සුපිරියි මචෝ. ස්ටූඩියෝ එකක රෙකෝඩින් කරන්න ඉක්මනින් ලැබේවා කියල පතනව.

    ප.ලි මාර ගේමක් කිව්වෙ මගෙ හෙඩ් ෆෝන් එක කැඩිල, අදයි අළුත් එක ආවෙ.

    ReplyDelete
  43. හප්පේ මාර ගේමක් දීල අදයි මේක ඇහුවෙ. පදවැල් ටිකට හොද සපෝට් එකක් මනාගෙ හඩේ තියනව. සුපිරියි මචෝ. ස්ටූඩියෝ එකක රෙකෝඩින් කරන්න ඉක්මනින් ලැබේවා කියල පතනව.

    ප.ලි මාර ගේමක් කිව්වෙ මගෙ හෙඩ් ෆෝන් එක කැඩිල, අදයි අළුත් එක ආවෙ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න