.

.

Oct 26, 2015

සේයා, දරුවන් පණ මෙන් සුරැකුම හා පිස්සෝ - Seya & Our Political Children


මේ පින්තූරයට මාතලන් පට්ට ලයික්ය. මොකෝ අපේ රටේ පිස්සෝ සෙට් එකක් පහුගිය දොහක, නිදහස් චතුරස්‍රයේ අමු පිස්සුවක් කෙලියේය. මේ පින්තූරේ ඉන්නේ, ඒ උත්සවයට ආපු පිස්සන්ගෙන් හොඳම සැට් එකය. පිස්සුව කෙලියේ, "දරුවන් පණ මෙන් සුරකිමු" කියලාය. අපේ රටේ පොඩි උන් පවා, මේ වාගෙලාට හොඳටම පිස්සු කියා දන්නවාය. ඔය පිටිපස්සේ පින්තූරවල ඉන්නා පොඩි උන් මුන් දිහා බලාගෙන හිනා වෙන්නේ, මුන්ගේ මේ මඤ්ඤං දැකලාය.

සමහර විට උන් ටිකට වැඩියෙන්ම හිනා යන්න ඇත්තේ, සේයා කේස් එකෙන් හතර අතේ නාගත්තු පොලොස් දෙපාර්තමේන්තුවේ ළොකු සැරුත් ඔතන ඉන්නා නිසා වෙන්නටත් පුළුවන්ය. ඕක ඕගනයිස් කොරලා තිබුනේ ජාතික රූපවාහිනියයි, ජාතික හුලන් විදුලියයිය. මාතලන්ට ඔය පිස්සු විකාරේ ආතල් එක ගන්න හම්බ උනේ ජාතික හුලං විදුලියෙන්ය. සීන් එක ලමුන් ආරක්ෂා කොරන්න වෝක් එකක් යන එකය. දැන් එහෙම ගියාම, රටේ මේ වගේ සීන් ආයේ කවදාවත් වන්නේම නැතිය.

භාතිය ෂන්තුෂ්ලා, චන්න උපුලිලා, ජැකාලා කරපු පිස්සු විකාර හා ගහපු ගැහිලිවල සීන් කෝන් එලියට එන්නේ දැන්ය. මිනිස්සු නිහඬ විප්ලවයක් කොලේ මේ වගේ පිස්සු විකාර නවත්තන්නත් එක්කය. ඒත් මුන් කරන්නේද අර එකාධිපතියා කරපු ජාතියේම පිස්සු විකාරයන්මය. මේ සීයක් දෙසීයක් ඇවිදින වැඩේට හෙලිකොප්ටර් පවා යොදාගෙන තිබුනේය. හුලං විදුලියේ කතා කරපු බූරුවෙක් කිව්වේ, හෙලිකොප්ටර් එනකොට ඒවාට අත් ඔසවා ආචාර කොරන්නෙයි කියලාය. එහෙම අත් උස්සලා ආචාර කරාම ළමුන් සුරැකෙනවාය. 

හුලන් විදුලියෙන් කතා කොරාපු සුසන්තිකා කිව්වේ, එයා සිල්වර් මෙඩල් එක ගත්තේ අම්මගෙන් අවුරුදු පහක් මව් කිරි බීපූ නිසාය, ඒ නිසා දරුවන්ට මව් කිරි දෙන්නය. සියළු දරුවන්ට තෙරුවන් සරණයි කියාය. මාතලන් හිතන්නේ ඒ උන්දෑ ඇවිත් උන්නේ මොන රෙද්දකටද කියාවත්, ඒ හාමිනේ දැනගෙන උන්නේ නැතෙයි කියාය. සුසන්තිකා 200 දිව්වාට වඩා වේගෙන් දිව්වේ ඇස් බීයාගෙන් බේරෙන්නය ඒ දුවපු දිවිල්ලට බිව් මව් කිරි ඔක්කෝම කටෙන් එලියට විසි වෙලා මඤ්ඤං කෙලිනවාදැයි කියලා හරියටම කියන්නත් බැරිය. එතකොට සුසන්තිකාට අනුව, අවුරුදු පහක් එක දිගට දරුවාට කිරි දුන්නාම සියළු දොස් දුරුවන අතර, ඊට අමතරව පොලොස් කෑමෙන් ඔලිම්පික් පදක්කමක උනත් ලබා ගන්නට පුළුවන්ය.

ක්‍රිකටර්ස්ලා, ගායකයෝ හා නළු බට්ටෝ ගැන කතා නොකරන්නේ, උන්ගෙන් ළමුන් ආරක්ෂා කොරගන්න කොයි තරම් කට්ටක් කන්නද ඕනා කියනා එක දන්නෝ දනිති නිසාය. උන් ගේම් දෙන්නේ හීන් නූලෙන් වන අතර ළොකු මිස්ටේක් එකක් උනත්, ඒවා දුර දිග යන්නේ නැතිව ජාමා බේරා ගන්න කළාවත් උන් හොඳින් දන්නවාය. ඉතින් මේ ළමුන් පණ මෙන් සුරකිමු කියනා එකට ආවයි කියන සම හරක් උන්ගේ නම් ගම් ඇසුවාම, මාතලන්ට පුකෙනුත් හිනා ගියේය.

ඇත්තටම මේවා මළ විකාරය. මේ පා ගමන් උද්ඝෝෂණ, පෙලපාලි, රථ පෙරහරවල් කියනා ඒවාම ජාතික අපරාදයන්ය. විසේසොයෙන් මේ වාගේ කේස් වලට යන්නේ සිරිසේන ලොක්කාගේ සල්ලිවත්, ගයන්තගේ සල්ලිවත් නොව, අපේම සල්ලි නිසාය. කළ යුත්තේ මේ ආටක නාටක වේපට සුංගම් නොව, මේවන් දෑ මතුවටත් සිඳු නොවනාකරයට නීතී රීති ගෙන ඒම සහ දරුවන්ට දරුවන් ලෙස ජීවත් වන්නට ජාතික ප්‍රතිපත්තීන් සකස් කොරනා එකය.

හුලන් විදුලියේ කතා කරපු උන්ගෙන වැදගත් දෙයක් කීවේ එකම එකෙක් පමණක්මය. ඒ ජෙහාන් මුබාරක්ය. ඌ කිව්වේ දරුවන්ට දරුවන් මෙන් ජීවත් වෙන්න දෙන්න කියලාය. ක්‍රිකට් ප්‍රැක්ටිස් ගෙනත් දරුවන්ට දෙතිස් වද දෙන දෙමාපියන් පිළිබඳව ඌ අපූරු විග්‍රහයක් කලේය. 

ලංකාවේ ක්‍රිකට් සංස්කෘතිය කුමක්ද කියාත් දන්නෝ දන්නවාය. ඒ නිසා ඒ ගැන මාතලන් මේ මොහොතේ කතා කොරන්නට යන්නේ නැතිය. නමුදු පෙනෙනා විනාශයක් ගැන නම්, පේලියක් හෝ ලිවිය යුතුමය. එනම් මේ පාලනය යටතේ ලංකාවේ "ක්‍රිකට්" නම් ක්‍රීඩවේ නාමය "රණතුංග" ලෙස වෙනස් වීමට ඇති ඉඩ කඩ නම් නම් බොහෝමැයි කියනා එකය.

සේයා මේ රටේ සියල්ලන්ගේම රෙදි ගැලෙව්වේය. මුලින්ම පොලීසියෙන් පටන් ගෙන, ජඩමාද්දිය, ගොන් රන්ජා, හිරුනිකා හරහා රනිල්ගේ කලිසමද, සිරිසේන ලොක්කාගේ සරමද ඔළුවෙන්ම ගලවලා දැම්මේය. ඒ අයගේ පමණක් නොව සමස්ත ලංකාවෙම උන්ගේ රෙදි ගලවා දැමුවේය. මිනිමරුවෝ සියල්ලම පාරට බැස්සුවේය. මේ රට කොතරම් මිලේඡ්ච ගෝත්‍රික රටක්ද යන බව අපූරුවට ළෝකයාට පෙන්නුවේය. 

අද ළමුන් අපචාරයට ලක්කොරන්නේ, වෙනින් කවුරුවත් නොව දෙමව්පියන්මය. අවුරුදු තුනේ එකා මොන්ටිසෝරියට දක්කන්නේය. උන් මේ දවල් වෙනකන් නිදා ගන්නා වයසේ කිරි කැටියෝය. ළොකු ඉස්කෝලයකට දා ගැනීම සඳහා බොරුව, වංචාව සියල්ලම උන්ට උගන්වන්නේ දෙමව්පියන්මය. නිවාඩු දිනයක හෝ නිවාඩු කාළයේ හෝ උන්ට නිවාඩුවක් නැතිය.

එකේ පන්තියේ සිට පහේ සිස්සත්තයට එකම රේස් එකකි. දරුවන්ට මිතුරන් නැත. ඉන්නේ සතුරන් පමණි. අරූට වඩා උඹ ඉස්සරහට එන්න ඕනා කියා පොඩි එකාද බලු රේස් එකකට දමලාය. උන් දරුවෝ නොව, වැඩිහිටියෝය. උන් දෙමව්පියන් සමඟ සිටින්නේ වෛරයකිනි. උන් දෙමව්පියන් වූ විට ඒ වාඩුව ගන්නේ උන්ගේ දරුවන්ගෙනි. 

එවන් සමාජයක, දෙමව්පියන්ට නොසැලකීම, බලු කූඩුවල දැමීම, පුදුම උපදවන කාරනා නොවේ. දරුවන්ට වෛර කිරීම, දරුවන්ගෙන් පලි ගැනිම, මහා දේවල් නොවේ. මේවා මග හරවා ගත හැක්කේ ආගම් වලින් යයි සිතාන්නේ නම් එය ඊටත් එහා මුලාවක්මය. 

මන්ද, බුද්ධාගම යනු දරුවන් ගැන සිතනා ආගමක් නොවනා නිසාය. එසේ සිතනවානම් අත දරුවන් පැවිදි කිරීමක් සාසනයේ තිබීමට නොහැකිය. තම ලමා කාළය අහිමි වූ මුඩු මහණෙකුගෙන්, සමාජයට යහපතක් කිසිදා බලා පොරොත්තු විය නොහැක. දළදා මාලිගාව ඉදිරිපිට පාර විවෘත නොකරන්නේ උන් සමාජයට වෛර කරන නිසාමය.

ඉදින් දැන්වත් මේ පිස්සු විකාර නවතා, ළොව මානව අයිතීන් සුරකිනා දියුණු රටවල් වල අධ්‍යාපන ක්‍රම අනුව අඩුම තරමේ හත් වන පන්තිය දක්වාවත් තරඟ විභාග නොපවත්වන, ගුණ ධර්ම, සිරිත් විරිත් කියාදෙන අජ්ජාපන් ක්‍රමයකට යා යුතු කාළය පැමිණ ඇත. අප දැනටමත් බොහෝ පරමාදය.

73 comments:

  1. Replies
    1. කෙටියෙන්ම කියනවා නම් ඕක තමයි ඇත්ත කතන්දරේ...

      Delete
  2. අම්මපා මාතා..................

    මේ නාඩගං නවත්තලා ගෙදර ගිහිං තමන්ගේ දරුවා හරියට හැදුවානම් රටම හරියනවා... ඒත් මුං කරන්නේ මැරිච්ච දරුවෙක් අල්ලං නාඩගං නටලා ප්‍රචාරණ වැඩ කරලා අැඩ් ටිකක් දාගෙන කීයක් හරි හම්බ කරලා ලොක්කංගෙන් ළකුණු ටිකකුත් දාගන්න ඒකයි... මේවා විකාර බං.... දැං හැම නාලිකාවක ම ප්‍රවෘත්ති වලින් භාගයක් යන්නේ ළමයි අාරක්ෂා කරන්න නටන ඒයාලගේ නාඩගම බං.... අනේ මේවා කොරන වෙලාවේ කන්න අදින්න නැති දරුවෝ කියක් රටේ ඉන්නවාද හොයලා උන්ට කන්න දීපංකෝ.... යකාේ දූෂණය වෙන්න කලින් කාලා අැදලා ඉන්න ඒපැයි....

    අනික අම්මලා තාත්තලාට රස්සාවක් නැතුව හිගා කකා ඉන්න රටක දරුවෝ අාරක්ෂා කරන්න මෙහෙම කෝටි ගණන් යට කරන්න කලින් දරුවංගේ අම්මලා තාත්තලාට හොද අාර්ථිකයක් හදලා දීහල්ලාකෝ...... ගෙයක් වෙනුවට පැල්පත් වල ජීවත් වෙන දරුවෝ දූෂණය වෙන ඒක අහන්නත් දෙයක්ද මාතේ..... අර ගෙවල් අැමතියා කට අැරියොත් ගෙවල් ලක්ෂ 5ක් හදනවා ලක්ෂ 10 හදනවා ගගා කියනවා විතරයි... උෟත් තාත්තා වගේමයි... ෂෝ ඒකයි ඉලක්කමුයි විතරයි... මිනිහාත් කලින් කට්ටියගේ අාණ්ඩුවට ම සෙට් කරානම් සුපිරියි.... මෙහෙව් රටක අපි දරුවෝ දූෂණය වෙන ඒක ගැන කතා කරනවා..... යකෝ දූෂණය නොවුණොත් තමා පුදුමේ....... අම්මපා

    ReplyDelete
    Replies
    1. ඒ පොඩි එකානම් තාත්තගේ නමත් කනවා...

      Delete
    2. පට්ට චරිතේ මාතා..... මං නං හරි අාසයි ප්‍රවෘත්ති වල ඒහෙම පෙන්නනවා බලන්න. අම්මපා හෙට පෙන්නුවත් කියනවා අලුතෙන් ම නිවාස ව්‍යාපෘතියක් පටං ගන්නවා.. ඒකේ නම නිවාස ලක්ෂ හතේ ව්‍යාපෘතිය කියලා කියනවා..... පට්ට සිරා බං..... මාර අාතල් පොරවල් තමා ඉන්නේ... තව ඩිංගෙන් අගමැති............... හත්තිලව්වයි

      Delete
    3. හත්තිලව්වයි නෙමෙයි බං... මළහත්තිල්ලවක් වෙන්නේ...

      Delete
  3. එල ද බ්‍රා ඇත්ත..
    පහුගිය දවසක අපේ ගෙදර වුන කතාවක්..
    සදු..“ඔයා ලොකු වුනාම මොකද කරන්නේ?“
    පොඩි මෙන්ඩා - “මම ලොකු වෙලා බැකෝ එලවනවා“
    සදු - “හෑ..ඈ..යකෝ..අපි මෙච්චර මහන්සි වෙන්නෙ උඔ බෑකෝ එලවන්නද?“
    පො;මෙ - “ඉතින්..එහනම් මම කවුරැ වෙන්නද ඔනේ?“
    සදු - “පුතා ලොකු වෙලා හොදට ඉගෙන ගෙන ඩොක්ටර් කෙනෙක් වෙන්න
    පො;මෙ - “හා...“
    සදු - “දැන් ඔයා ලොකු වෙලා මොකද කරන්නේ?“
    පොඩි මෙන්ඩා - “මම ..ලොකු වෙලා හොදට ඉගෙන ගෙන ඩොක්ටර් කෙනෙක් වෙලා බෑකෝ එලවනවා“

    මම පුක තද කරගත්තා..මට හිනා යයි කියලා...

    ReplyDelete
    Replies
    1. අපේ මෑන්ටත් මම නැතුව බැරි ඒකයි.. ආච්චි අම්මා පෙන්නන්න බෑ.. පොඩි එකා ඩොක්ටර් කෙනෙක් කොරන්නමයි ගේම. ඒත් අපේ මෑන් කියනවා එයා රස්සාවකුත් නැතුව ගෙදර ඉන්නේ කියලා..

      Delete
    2. අම්මපා මචං දරුවන්ට දොස්තරලයි, ඉංජිනේරුවොයි කරන්න අම්මලා මහන්සි වෙන ඒකමයි උන්ට තියෙන කරදරය..... පව් බං දරුවෝ....... උං කොච්චර විදවනවා අැද්ද....???? අපේ අම්මලා මාව දොස්තරයෙක් කරන්න දත කෑවානං අද මං මෙතනවත් නැහැ... ඒහෙනං ෂුවර් ඒකට ම කොන්දොස්තර තමා...... මෙන්ඩෝ ගෙදර උන්දැට පෙන්නහං ත්‍රී ඉඩියට්ස් ............... අන්න කතාව.....

      Delete
    3. බැකෝ එකක් එලවන එක කොච්චර හොඳද​? මගේ පුතාට ඕන විල්බැරෝ එකක් එලවන... කාට කියන්නද අප්පා...

      Delete
    4. ඉවාන්
      අපි දෙන්නම ගුටිකන වැඩක් මචෝ..
      කුරැට්ටෝ
      අපේ ගැනිට..තේරැම් කරනවාට වඩා ලේසියි අල්ලපු ගෙදර ටොමියාට සිංහල කියලා දෙනවා..
      ඇනෝ
      එයාලට හිමිදේ එයාලාට ලැබෙනවාමයි..ඇයි බං අපි බලෙන් ඔබ්බවන්න..

      Delete
    5. මෙන්ඩගේ කතාව නියමයි.....
      ලමයා ඩොක්ටර් කෙනෙක් වෙලා හරි කරන්නේ ලමය කැමති දේ මිසක් අම්මා කැමති දේ නෙවෙයි....අම්මාට ඕන නිසා ඩොක්ටර් කෙනෙක් වෙනවා...

      Delete
  4. //දරුවන්ට දරුවන් මෙන් ජීවත් වෙන්න දෙන්න//

    පසුකලෙක ඇතිවෙන ගොඩක් වැරදි නිවැරදි වෙන්න පුලුවන් මෙහෙම කළොත්................

    ReplyDelete
    Replies
    1. කරුමෙට සිඳු නොවන්නේත් එයමය...

      Delete
  5. මාතේ,

    හැම රටටම ගැලපෙන සන්ස්කුතියක් ඇත. අපි ශ්‍රී ලංකිකයකු සිතන විදිය සහ හික්මවන විදිය සිතිය යුතුයි.
    බටහිරයකු නිදහස ගැන සිතන විට අනුන්ට හානියක් කිරීම සදහා නොපෙලබෙන අතර ආසියානුවන්
    ශ්‍රී ලංකාව , ඉන්දියාව, අප දියුණු යයි කියන සිංගප්පුරුව පවා අනුන්ගේ සුබසිද්දිය ගැන නොසිතා තමාගේ
    වැඩය කරගැනීමට උනන්දු වෙයි.

    මෙනිසා අපරටට වඩා ගැලපෙන්නේ සිංගප්පුරුවේ වැනි දැඩි නිතියි
    https://www.youtube.com/watch?v=cJlBT0-CU9c

    ඉතාවටිනා මෝටර් රථ නාස්තිකාර ලෙස තීන්ත ගෑම නිසා
    Michael Fay සිංගප්පුරුවේ දී වේවැල් පහර 4 ලබාදී විශාල දඩයක් අයකරා. ඔහුගේ දඩුවම ඉවත් කර ගැනීමට ජනාදිපති බිල් ක්ලින්ටන් ටත් බැරි උනා.

    සිංගප්පුරුව පරිසරය පිරිසිදුව, රටේ ජාතිවාදී ප්‍රශ්න අතිනොකර ගෙන සිටීම (ඔවුන් ඉතා ජාතිවාදී පුද්ගලයන් බස සලකන්න )
    සිදුවී ඇත්තේ එම දැඩි නීති ක්‍රියාත්මක වීම නිසයි.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම.. ඒකනේ මාතලන් ඝෝඨාභයට කැමති.. මේ රට හදන්න පුළුවන් ඒ වගේ දරුණු නීතී රීතී මඟින් පමණමයි.

      පාරේ යනකොට වාහනවල කොච්චර ලයිට් ගහනවද? ඒකෙන්ම පේනවා අපේ හැදියාව.

      Delete
    2. එක්නලිගොඩට ඝෝටබය ක්‍රියාත්මක කොරපු දරනු නීතිය මාතලන්ලා වගේ එවුන්ටත් එකලේදීම ක්‍රියත්මක නොකරපු එකේ වැරැද්ද තමයි ඔය තවම දරුණු නීති ඉල්ලන්නේ...තද නීති හරියට ක්‍රියාත්මක කිරීමයි දරුණු කැලේ නීතිය් ක්‍රියත්මක කිරීමයි අතරේ වෙනස ඔය තරම් දේශපාලන ඔසතර් කෙනෙක් ලෙස හැමෝම විවේචනය කොරන ඔබතුමාට පෙන්නේ නැත්තේ මොකද කියන එක නම් ගැටළුවක්.....

      Delete
    3. සුදු වෑන් ගැන නෙමෙයි කතා කොලේ... කරපු හොඳ දේවල් ගැන.. මොකා ගාවත් හොඳ දේ වගේම නරක් දේත් තියෙනවා.. නරක් දේ නිසා පරම්පරාවම ඉල්ලගෙන කෑවා.. නමුත් කරපු හොඳ දේ අදත් පවතිනවා..

      Delete
    4. මම ඒ අදහසට එකග නැහැ. කොච්චර හොද කරත් වැඩක් නැහැ එක අහිංසක මිනිහෙක් නිරපරාදේ මරනවා නම්..මොකද ඔය ඔක්කොම හොද විදින්න ඔබ සහ මම ජීවත් වෙන්න ඕනේ නේ...ඉතින් ඒ නිරපරාදේ මරුන කෙනා ඔබ හෝ මම වෙන්නත් තිබුනනේ..ඒ නිසා මම ඝෝටභයට කැමතියි කියන්න කලින් එයාගේ පොඩි සුකුරුත්තම් වලට වැඩිය ඇති අමානුෂික වැඩ ගොඩක් තිබෙනවා කියන එක අමතක කරන්න පුළුවන් ද ? එහෙම නැති නම් ඔක්කොම දන්නවා වගේ කතා කරාට ඔබතුමා ඒවා දන්නේ නැතුවද ?

      Delete
    5. නෑ මම හොදට දන්නවා... නමුත් ඔවුන් දෙයක් කලා.. ඒක හොඳ නම් හොඳයි කියලා කියන්නත් මම බය නෑ..

      මොකෝ මේ ඉන්න එකෙක්වත් හොඳ උන් නෙමෙයි..

      Delete
  6. මාතලන්ගේ මේ කදිම සටහන ගැන මගෙ අදහස බ්ලොග් පෝස්ට් එකකින්ම පළ කලා. වෙලාවක් තියේ නම් කියවන්න.

    ලින්ක් එක -
    https://vikendrika.wordpress.com/2015/10/27/what-now/

    ReplyDelete
    Replies
    1. මේන් මම ඔහේගේ එකේ දාපු කොමෙන්ට් එක මෙතනත් දානවා...

      ඔය තත්වය එන්නේ ඔබ කියූ ආකාරයෙන්ම බොහෝ විට ළමා කාලය අහිමිවීමෙන්. වැඩිහිටියන් වූ විට උන්ට වැඩිහිටියන් හා එක්වීමට ගටක් නෑ. ඉතින් උන් යන්නේ සොෆ්ට් ටාගට් එකක් වෙන පොඩි උන්ට. ඒ වගේම මාතලන් හිතන්නේ උන් උන්ට හිමි වෙච්ච ළමා කාලය දැන් ලබා ගැනීමට උත්සාහ කිරීම.

      අපි අපේ ළමා කාලේ සෙක්ස් කලා ඒ වයසේ අයත් එක්කම බොහෝම ආරක්ෂාවට පරෙස්සමෙන්. ඒක මේ ලිංගික අජ්ජාපනයක් තිබිලා කරපු දේවල් නෙමෙයි නේ. මිතුරු මිතුරියන් අතරේ මිතිඋරු කමත් ආරක්ෂා කරගෙන කල දේවල්. ඇත්තටම සෙල්ලම් කියන්න පුළුවන්. ඒත් අද උන්ට එහෙම අවස්ථාවන් නෑ. එහෙම තියෙන සමාජයේ මේ දේවල් ඇත්තෙත් නෑ. තිබුනත් ගනන් ගත නොයුතු තරම්.

      Delete
  7. "ළොව මානව අයිතීන් සුරකිනා දියුණු රටවල් වල අධ්‍යාපන ක්‍රම "

    ඔය කියන රටවල්වලට පදිංචියට ගිය ලංකික කට්ටියත් එහෙම්මමයි කිසි වෙනසක් වෙලා නැ ඔය දේ තමයි කරන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක උන්ගේ වැරද්දක් නෙමෙයි මේ සඟිස්කුරුතියේ හා ක්‍රමයේ වැරැද්ද..

      Delete
  8. Menna hondama talk eka "අද ළමුන් අපචාරයට ලක්කොරන්නේ, වෙනින් කවුරුවත් නොව දෙමව්පියන්මය. අවුරුදු තුනේ එකා මොන්ටිසෝරියට දක්කන්නේය. උන් මේ දවල් වෙනකන් නිදා ගන්නා වයසේ කිරි කැටියෝය. ළොකු ඉස්කෝලයකට දා ගැනීම සඳහා බොරුව, වංචාව සියල්ලම උන්ට උගන්වන්නේ දෙමව්පියන්මය. නිවාඩු දිනයක හෝ නිවාඩු කාළයේ හෝ උන්ට නිවාඩුවක් නැතිය."////

    Thawa monawai ithin kiyanta thiyenne.. Ela Mr.Maathalan

    ReplyDelete
    Replies
    1. තැන්කූ ටික්කා උඹේ කොමෙන්ට් එකට...

      Delete
  9. ""දරුවන්ට මිතුරන් නැත. ඉන්නේ සතුරන් පමණි"""

    අපේ සමාජය ප්‍රචණ්ඩ වීමටත් මේක එක් හේතුවක්

    ReplyDelete
    Replies
    1. පොඩො කාළේ පටන් අනිකා අබිබවා යන්න උගන්වන සමාජයක් කොහෙද සමානාත්මතාවයක්, චාරයක්, සිරිත් විරිත්.. එතන තියෙන්නේ ටැක් ටික්ස්, කකුල් මාට්ටු, හොරකම, වංචාව දූෂණය...

      Delete
  10. Regards to your statement about budhusm, Absolute truth does not belong to any body , it is out there.but people tend to salute the speaker.and we call it budhism.

    ReplyDelete
    Replies
    1. සුපැතුම් වලට තෑන්ක්ස් කිව්වා...

      Delete
  11. මේ සංදර්ශනය සඳහා වියදම කීයද ? අර දිවුරුම් දීමේදී වියදම් කරපු 6500 ,ඇරියස් අල්ලනවා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. දෙවනි සැරේ තෙරුනොත් වෙන දේ දැන්ම හිතා ගන්න පුළුවන් නේද.. මෙයාවත් එක සැරේම යවන්න වෙනවා.. අනිවාර්යයෙන්.. මෙළෝ දෙයක් කරන්නේ නෑ.. තාම මහින්ද සරණං ගඡ්ඡාමී..

      Delete
    2. බුකි මර්ධනය පටං ගත්තා නේද??? ඔ්කට තමා කියන්නේ ගොඩ වුණාට පස්සේ ඉනිමගට පයිං ගහනවා කියලා... ඒත් මේ හරක් වැඩේ නිසා ලොක්කා කෙළවා ගන්නවා කෙළව ගැනිල්ලක් බලහංකෝ....... බ්ලොග් වාරණයත් ළගදීම ඒවි...... අපි ඉතින් කලින් වගේ ම ඒවා බලාපොරොත්තු වෙමු....

      Delete
    3. දැන් පෝස්ට් දෙක තුනක කලින් මම කියපු අනාවැකිය මතකද...?

      Delete
  12. බ්ලොග් වාරණේකුත් ආවොත් මරු නේද බං.

    ReplyDelete
    Replies
    1. ළඟදීම එයි වගේ... මොකෝ මුන් දන්නවා මේකේ බලවත් බව..

      Delete
    2. ඒක නිසා තමයි මාතේ මේ ඉල්ලගෙනම කන්න හදන්නේ....හැලපේ දන්නවනේ ඕමාන් වල බ්ලොග් එකක් ලියනවා කියන එකේ තියෙන භයානක කම...ලඟදීම අපිත් ඒ රෙකෝඩ් එක බිඳිනවා....
      කොහොමත් මේ ගොල්ලෝ ඔය වාරණ වලට හරි දස්සයිනේ....
      බ්ලොග් නැවැත්තුවොත්....?????

      Delete
    3. මාතා තමයි ඔක්කොම කොරන්නේ කියල බුවාව අල්ලලා දීල අපි දිගටම ලියමු....

      Delete
  13. මන්ද බුද්ධික ජනතාවක් ඉන්න රටකට ඔය ජාතියේ මාධ්‍ය සන්ධර්ශන මිස"යහපාලන" ගාථා ගැලපෙන්නේ නැත. උන් චූන් වෙන්නේ උන්ගේම සල්ලි වලින් උන්ට අරින තරමට ය.

    ReplyDelete
  14. මොනවා උනත් මුන් සිරසෙන් (තනි ඒකකයක් නොවේ.) කොපි කරගෙන හැඟීම් විකුනන් කන්න ලැජ්ජ නැතිව බැහැල ඉන්නවා.සිරස (එනම් මුදලාලි මාධ්‍ය අංශය.) පටන් ගත්තු කාලෙම කිව්වෙ උන්ගෙ ප්ලෑන් තියෙන්නෙ අවුරුදු 20න් එහාට කියලා.දැං කොහොමද? 'රට යන අත' තීරණය කරන්නෙ ඩීල් මුදලාලිලා එලිපිටම. ඔය කට්ටිය ළමයි ඉස්සරහට දාගෙන නටපු ජවුසම තමා හොඳම සාක්කිය.. අපෝයි වෙච්ච දේ..
    ජයවේවා..!!

    ReplyDelete
  15. //ඉදින් දැන්වත් මේ පිස්සු විකාර නවතා, ළොව මානව අයිතීන් සුරකිනා දියුණු රටවල් වල අධ්‍යාපන ක්‍රම අනුව අඩුම තරමේ හත් වන පන්තිය දක්වාවත් තරඟ විභාග නොපවත්වන, ගුණ ධර්ම, සිරිත් විරිත් කියාදෙන අජ්ජාපන් ක්‍රමයකට යා යුතු කාළය පැමිණ ඇත. අප දැනටමත් බොහෝ පරමාදය//

    හරියට හරි. හරියටම හරි. මෙව්වා ක්‍රියාත්මක කරන එකෙක් හොයාගැනීම තමයි අමාරු. හැබැයි අමාරුයි කියා කියා 'හිටං' හරියන්නේ නැහැ. අපි අපිමා ඔව්වා කොරන්ඩ ඉන්න එවුන්ගේ කිරිජ්ජපල්ලට කෝටුවෙන් අනින්ඩ ඕනේ.

    ReplyDelete
  16. කොරන්න ඉන්නා උන් වැඩේ හරියට කොරන්නේ නැතිව වෙන ගොන් වැඩනේ කොරන්නේ. ඇයි මතකද විද්‍යා නැති උනාම අර සෙට් එකක් ගිහිල්ලා ඉටිපන්දම් පත්තු කොලේ..... හැමෝම ඉටිපන්දම් පත්තු නොකළ හින්දා වෙන්නෝනේ සේයට මෙහෙම උනේ. දැන් මේක කරාම ඔක්කොම හරියාවි. අපි බලන් ඉමු.

    ReplyDelete
  17. Sahathika aththa!Mun karana tharamak karanne mehema puhu nissara wada thamayi!

    ReplyDelete
  18. පට්ට එකගයි සහෝදරයා.... සින්හල වත් හරියට කතා කරගන්න බැරි පොඩ්ඩන්ව යවන මියුසික් පන්ති, ඉන්ගිරිසි එලටියුසන් පන්ති.. පහ වසරෙන් පස්සෙ උනත් වෑන් වල නැගගෙන කොලඹ ඉස්කොලෙ එන්න කොච්චර කටු කෑවද අපි... එව්ව ගැන දන්න එකාලත් කොලඹ ඉස්කොලෙට එකේ ඉදන් තමන්ගෙ ලමයි දාන්න ට්‍රයි... අන්න එව්වත් ලමා අපචාර...

    ReplyDelete
  19. හොදම දේ දරුවන්ට ....

    ජ ය වේ වා !!!

    ReplyDelete
  20. තමන් යටතේ සිටින පොලිස්කාරයින් උසස් පෙල සිසුවාට, එක් දරු පියාට සහ කොණ්ඩයා නමින් හැඳින් වුනු පුද්ගලයාට කළ ජඩ වැඩ වලට වගකීඟ බාරඝෙන ඔය පොළිස් ලොක්කා ඉල්ලා අස් විය යුතුයි.

    පාසල් සිසුවෙකු නිරුවත් කර ෆොටෝ ගත්, පහර දුන් උන් එක්ක මෛත්‍රීපාල එක වේදිකාවේ ඉඳන් ළමයින් සුරකිනවාය කියන්නේ රෙදි ඇඳගෙන ද?

    ReplyDelete
    Replies
    1. ඒ පොලිස් ලොක්කාගේ ලොක්කා නේද සිරිසේන..
      එයාටත් ඉල්ලා අස්වෙන්න කියමු...

      Delete
    2. බොහොම හරි රසික. මේ සිද්දීදීත් පොලිසිය පොලිස් පාට් එකෙක්න්ම උත්තර දීල නිකම් ඉන්නවා මිසක් දෙයක් හරියට කලේ නැහැ. ඒ විතරක් නෙවෙයි බොරු ප්‍රකාශයක් කෙනෙක් විසින් කරන ලද පපොච්ච්රනයක් ලෙස සමාජගත කිරීම ගැන ඔය කක්කා පාට කබාය අදින ලොක්ක වග කියන්න ඕනේ. එත් කණගාටුව නම් මේවා විවේචනය කරන නාකි උන්දලා ගොඩකුත් වක්‍රාකාරව මෙවැනි නොමිනිස් ක්‍රියා වලටම නැවත අනුබල දෙන එක. උදහරයක් විදියට කිවොත් කක්කා කබා ලොක්කට බනින මාතලන් කක්කා කබා ලොක්කගේ ලොක්ක වෙලා දහදුරා වැඩ අටෝරසියක් කල අනෙක ප්‍රමානයක් මිනිස්සු සිතාමත මරාදැමු, ශිෂ්‍ය උද්ඝෝෂකයන් මර දැමු, දීවරයන් මර දැමු, සන්නාලියන් මරාදැමු, වතුර ඉල්ලපු ජනතාව මරාදැමු මෙනීමරුම් වලට අනදීපු ඒ ලොකුම ලොක්කගේ ගුණ ගායන කරන එක. ඉතින් කක්කා කබා ලොක්ක විතරක් නරක වෙලා කක්කා කන්දක් වැනි හිටි ලේකම් ලොක්ක හොද වෙලා පෙන්නේ මේ අයට අපි නොදන්නා වෙන යටින් ගනුදෙනුවක් තියන නිසා නම් නෙවෙයි කියල මම නම් විශ්වාස කරන්නේ නැහැ.

      Delete
    3. මාතලන් කියන්නේ මේන් මේ වගේ එකෙක් කියලා නිගමනයකට ඇවිත් ඉන්න කෙනෙකුන් එක්ක තර්ක කරලා වැඩක් නෑ.. මේ බ්ලොග් එක මුල ඉඳන් කියවන්න.. එතකොට මේ වගේ කොමෙන්ට්ස් වැටෙන එකක් නෑ..

      Delete
  21. මේ ඉස්කොල වලට තියෙන රේස් එකයි උගන්වන්න තියෙන රේස් එකයි දැක්කම මට පිස්සු වගේ මාතා. මගේ පොඩි කෙල්ල 2016 ඉස්කෝලෙ යනවාග මගේ උපන් සහ පාසල් ගිය ගම නුවර නිසා, මෙහේ ඉස්කෝල එක්ක සම්භන්ධය අඩුයි. අනිත් එක රජයේ පාසලකට දාගන්නත් සුදුසුකම් (දුර, පදිංචිය වගේ දේවල්) මදි. මම බොරු කරන්නත් කැමති නැති නිසා, දැම්මා සිංහල මාධ්‍යයෙන් 5 ශ්‍රේණියට එනකං තියෙන ප්‍රයිවට් එකකට. සල්ලි ටිකක් වැඩියෙන් ගියත් ඇයි අප්පා අර තරම් බොරු කන්දරාවක් කියන්න කරන්න පුළුවන්ද දරුවත් ඉස්සරහ තියාගෙන.

    දැන් දරුවා එලකියුෂන් ක්ලාස් එකකට යනවා ඒ ඉස්කෝලෙම, වයිපරේ මේ දවස් වල ක්ලාස් එකකට යන නිසා සෙනසුරාදා මම තමයි කෙල්ලව අරන් යන්නේ. ඊට පස්සේ පැය දෙකක් මම වාහනෙ එතනම තියාගෙන ඉන්නවා ඉවර වෙනකම්. එතනදි මම දෙමව්පියන් කතා කරන සමහර දේවල් අහගෙන ඉන්නවා. බුදු අම්මෝ, අපි 11 පන්තියේදිවත් එච්චර දේවල් කළේ නැහැ බං ඉගනෙගන්න.

    එක අම්මා‍ කෙනෙක් තවත් තාත්තා කෙනෙකුට කියනවා (දෙන්නගෙම දරුවෝ ඉන්නේ 2 පන්තියේ) සිංහල වල අමාරු අකුරු සහ වචන උගන්වන් විදිහ. අම්ම කෙනෙක් කියනවා ටීචර් උගන්වලා තියෙන සමහර ඒවා ක්ලාස් එකේ තියෙන්නේ වෙන විදිහකටලු (යකෝ 2 පන්තියේ සිංහල වලට ක්ලාස් යනවා. මම නම් ජිවිතේට සිංහල වලට ක්ලාස් ගියේ නැහැ. ලැජ්ජයි බං මවු බසට ක්ලාස් යන්න), තව අම්ම කෙනෙක් කියනවා, අර ටීවී වැඩසටහනේ ඕක ලස්සනය කිව්වා, මම රෙකෝඩ් කරලා දරුවට දුන්නා දැන් එයා ලස්සනට කරගෙන යනවා කියලා‍. තාත්තා කෙනෙක් කියනවා, නගර ශාලාවේ එක සර් කෙනෙක් ඔය සබ්ජකේට් එක ගැන සෙමිනා එකක් කරනවා, අපි ඒකට ගියානම් බලාගෙන ඇවිල්ලා උගන්වන්න පුළුවන්ලු. යකෝ මම හිතන් හිටියේ දරුවා ඉස්කෝලෙට දැම්මම ඉස්කෝලෙ උගන්වනවා කියලයි. දැන් බලාගෙන ගියාම අපිත් ඉස්කෝලෙ ආයෙත් යන්න වෙනවනේ. වයිෆ් හැමදාම කියනවා "ඔයා ඔහොම ඉදලා හරියන්නේ නැහැ අනේ මේ ගැන ටිකක් හොයලා බලන්න කියලා. මම ගනන් ගත්තේ නැහැ, අපි ඉස්කෝලෙ ගිය විදිහ මතක් කරලා. දැන්නම් වැඩේ අල වේගන එනවා ව‍ගේ.... මොකක්ද මාතා මේ වෙන්නේ. අපිත් ආයෙත් ඉගෙන ගන්න වෙයිද දරුවට උගන්වන්න?

    ReplyDelete
    Replies
    1. උබල මට වැඩිය බොහොම උගත්තු වෙන්නට ඇති. එත් සමා වෙලා මේකත් අහපල්ලා. උබලට ඕනේ දරුවා ශිෂත්වේ හෝ සාමාන්‍ය පෙළ වගේ අතරමගදී ලොකු රිසල්ට් එකක් දාන්නද නැති නම් විශ්වවිද්‍යාලෙට වගේ ගිහින් උපාධියක් කාරිය පොඩියට අරගෙන ඉන් එහා යන දේවාලෙක උන්ගේ දෙපයින් යවන්නද ? දෙවැනි එකට කැමති නම් පොඩි කාලේ අපේ දැනුවත් කමත් ඇතුව ඕනේ ක්‍රීඩාවක් නැටිල්ලක් නටන්න ඇරලා ටිකක් ලොකු වෙලා සාමාන්‍ය පෙළ එහෙම කලාට පස්සේ උසස් පෙලට වගේ ලොකු කොලීජියකට දාල ඒ අවුරුදු දෙකේ විතරක් උන්ගේ යට ඇදුම පවා හෝදලා දීල බැරි දේකට ගෙදර ගෙනත් ටියුෂන් දීල ෆුල් බැකප් එකක් දීපන්. පොඩි කාලේ ඉදන් දුවලා දුවලා හෙම්බත් වෙච්ච් එව්වෝ පරද්දල උබලගේ එව්වෝ ගිනි කසයෝ වගේ දුවාවි ඒ අවුරුදු දෙක. එතනින් නේ බන් වැඩේ තීරණේ වෙන්නේ. ඔය පොඩි කාලේ ඉදල දස වැඩ දීල ශිෂත්වේ ලොක්කෝ වුන එවුන්ට වැඩිය ලොකු ප්‍රතිශතයක් විශ්වවිද්‍යාලවල ඉන්නේ පස්සේ තරගෙට ඇවිත් අලුත් ජවයකින් දුවල අනික් එවුන් ට එලෝ පොල් පෙන්නලා දිනපු එවුන්.

      Delete
    2. මම නම් කියන්නේ ඉස්සෙල්ලම ගුරුවරුන්ට උගන්වන්න ඕන.. ඊලඟට දෙමව්පියන්ට.. ඒවට තමයි මාධ්‍ය කියන දේ තියෙන්නේ.. ඒත් අද ඒවයේ මොනවද තියෙන්නේ..

      Delete
  22. මන්ද, බුද්ධාගම යනු දරුවන් ගැන සිතනා ආගමක් නොවනා නිසාය. එසේ සිතනවානම් අත දරුවන් පැවිදි කිරීමක් සාසනයේ තිබීමට නොහැකිය. තම ලමා කාළය අහිමි වූ මුඩු මහණෙකුගෙන්, සමාජයට යහපතක් කිසිදා බලා පොරොත්තු විය නොහැක. දළදා මාලිගාව ඉදිරිපිට පාර විවෘත නොකරන්නේ උන් සමාජයට වෛර කරන නිසාමය.

    අම්මප මාතෙ මේ වචන ටික ලිවුවට උඹට වැන්දට පවු නෑ.............

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මචෝ.. මොකෝ මහින්දට සිරාලටත් වඳින්නේ... මම දැක්කා රනිල්ටත් වඳිනවා.. පොරටත් ඒක එච්චර අවුලක් නෑ වගේ...

      Delete
  23. http://www.lankanewsweb.today/archives/6416

    ReplyDelete
  24. ලංකාවේ දෙමළුන්ට සේයා ඝාතනය ගැන වගේ වගක් නෑ නේද? උන්ට මේක දැනෙන්නේ බලු පැට්ටෙක් මැරුනු ගානට වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. උඹ දෙමළද මචෝ.. උන්ගෙ හිත්වල තියෙන ඒවා කියන්න..

      Delete
  25. Replies
    1. මාතලන් බොරු කියනවා බොහෝම අඩුයි..

      Delete
  26. ...//අද ළමුන් අපචාරයට ලක්කොරන්නේ, වෙනින් කවුරුවත් නොව දෙමව්පියන්මය//...

    ඇත්ත මචං...අද කාලේ ළමුන්ට ළමා ලෝකය අහිමි කරලා තියෙන්නේ දෙමාපියෝ.කෙලිදෙලෙන්,සෙල්ලමෙන් ජීවත්වෙන දරුවොත් අතඅරිනවා ටියුෂන් පංතිවලට.උදේ 4 ට පස්සට පයින් ගහලා නැගිට්ටවලා එතන ඉදලා දරුවව එක දිගට එහෙට මෙහෙට දක්කනවා.මහ රෑ 10 වෙනකොටත් පොඩි එකා නිදිමරාගෙන වැඩ අම්මයි තාත්තයි ගහයි කියලා බයේ.ඒ වුනාට හිතෙන් ඉන්නේ නිදාගෙන.....

    ReplyDelete
    Replies
    1. දෙමව්පියන්ට පිස්සු බං

      Delete
  27. මං ඉස්සරත් කිව්ව වගේ ලංකාවේ වෙනස්කම් ප්‍රමාණාත්මක පමණ්.

    රජ කාලයේ නැටුමකට මිලියන් 6.8 ක් නාස්තිකලේ නම් දැන් එය 3කට 4 කට කෙරේ.
    ටිකක් අඩුයි කියා සැනසෙනවා හැරෙන්නට විකල්පයක් නැත .
    ඒ දේසපාලුවන්ගේ වරදක් නිසා නොව විභීෂණ කියා ඇති පරිදි තමන්ගේ බදු මුදලින් දේසපාලුවන් පිම්බෙන සැනකෙලි වැඩියෙන් කරන තරමට චූන් වෙන ජනතාවක් මේ පින්බිමේ ඇතිනිසාය

    ReplyDelete
    Replies
    1. ඒ හරක් එක්ක නම් ගමන යන්නේ.. මේ රටට අබ සරණම තමයි...

      Delete
  28. ++++++++++ මාතලන් ස්ටයිල්

    ReplyDelete

  29. කියන්න දෙයක් නෑ කියන්න ඕනි ඔක්කොම අයියණ්ඩි කියලා.... කියන්න තියෙන්නේ අර ෆොටෝ එකේ ඉන්න එවුවොන්ට ඉදල හිටල වත් බ්ලොග් බලපියෝ කියලයි........

    ReplyDelete
    Replies
    1. බ්ලොග් තියා පත්තරයවත් කියවනවද මන්දා...

      Delete
  30. මේ අහල පහල පන්සලක ඒ සතියෙම මහණ කරවපු පොඩිනමක් දැක්කා බං. දුවනවා පන්සල් වත්ත පුරාම සිවුර මග හැලෙනවා. ලොකු නමලා පස්සෙන් එළවනවා සිවුරත් අහුලං. සුද්ධෝදන ලොක්කවත් හිටියනං පොඩි ඉල්ලීමක් කොරංට තිබ්බා.

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ... දැනටමත් පුක ඉවර ඇති..

      Delete
  31. මුන් ඔක්කොටම පිස්සු බං...

    ReplyDelete
  32. මීට ඉස්සෙල්ල දාපු කොමන්ටුවලට මොනවා උනාද දන් නෑ. බලධාරීන්ට ඉගෙන ගන්න බොහොම දේවල් තියන බව ලිපියෙන් අවධාරණය වෙනවා අධ්‍යාපනය කියන්නෙ මොකද්ද කියල තේරුම් අරගන්නත් එය අනිවැරදි මගේ යාමට හරිගස්සා ගන්නත් ප්‍රමඛ කාරණයක් අත්‍යවශ්‍යම දෙයක් බව මේ ලිපිය යොමුවීමෙන් වත් බලධාරීහු අවදිවෙත්වා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න