.

.

Dec 31, 2015

2015, මැට්ටෝ සහ යාං හෑලී - Good Bye 2015



2015 මොකෑ උනේ, ඇත්තටම බලාගෙන ගියාම මක්කත් උනේම නෑ වගේය. ජනවාරි 8 නිහඬ විප්ලවයෙන් හිටපු ලොක්කා ගෙදර යැව්වාට, තාමත් හොල්මන හැම තැනම කරක් ගහනවාය. ටැලිවිසොන් කාරයන්ට නම් තාමත් ජනාධිපති උන්නැහේය. සෑම ඉන්සිඩොන්ට් එකක් ගැනම එතුමාගේ අදහස විමසනවාය. එතකොට අර උගුර බල්ලෝ කාපු, ගාම්බීර වොයිස් එකෙන් එයා තවුසන් ටෝක් වගේ ලොරි ටෝක් දෙනවාය. එයා කියන්නේ එයාගේ කීර්තිය නැති කරන්න මේ ආන්ඩුව කරන්න පුළුවන් හැම එකක්ම කොරනවා කියලාය.


කතාවේ ඇත්තක් නැත්තේමත් නැතිය. අවුරුද්දක් ගිහිල්ලත් ඔප්පු කර ගත්ත එකම මළදානයක්කත් නැතිය. එහෙම බැලුවාම තාමත් ආන්ඩුව ගෙනියන්නේ රාජපස්සලා කිව්වොත් ඒකෙත් වරදක් නැත්තේය. ඇති යහපාලනයකුත් නැතිය. එහෙම එකක් තියෙන්නත් බැරිය. මොකෝ අලි බබා නැති උනාට හොරුන්ගෙන 90% අළුත් ලොක්කාගේ රෙද්ද අස්සේය. එහෙව් එකකට යහපාලනය කියා කියන්න එක්කෝ කියන එකාට පිස්සු තියෙන්න ඕනාය. එහෙම නැත්නම් සිරිසේන ලොක්කා ගාවට ගියපු ගමන් කැළණි වැන්දා වගේ, සියළු පව් අහෝසි වෙන කේස් එකක් තියෙන්න ඕනාය. 


කව්දෝ සෙට් එකක් වසරේ පොර ලෙස නම් කරලා තිබුනේ චන්ද කොමසාරිස්ය. ඒ අයට සෝභිත හාමුදුරුවෝ අමතකම වෙලා තිබුනේය. මොකෝ එතකොට උන්නාන්සේ අදාහනය කොරලා සති දෙක ඉවර වෙලා තිබුනු නිසාය. දැන් එහෙම එකෙක් උන්නද කියාවත් මතකයක් නැතිය. මාතලන්ට නම් වසරේ නොව, ලේ වැගිරීමකින් තොරව බුද්ධ දර්ශණය අනුව නියම විප්ලවයක් කල යතිවරයෙක් වශයෙන් උන්නාන්සේ කවදාවත් අමතක වන්නේ නම් නැතිය. ඒ පෙරලිය සිඳු වූයේ නැත්නම්. මේ වන විට අපිට බොග දාන්න ඉන්ටර්නෙට් තියා සැල්පෝන්වත් තියේදෝ කියා සැක සහිතය. කෙසේ වෙතත්, චීන්නු, හයි වේ, සියල්ල සමග, රජ පාලනයක මිහිරියාව නොඅඩුවම ලබන්නට නම් තිබුනේය.

පෝට් සිටිය පටන් ගත්තේ නැත්නම්, 2016 මීටත් චාටර් වනවා නොඅනුමානය. කිසිම සංවර්ධන කටයුත්තක් නැත. නෙළුම් කුළුණද නැවතුන තැනය. හොරණ පාරද එහෙමය. ආන්ඩුවට මුදල් නැතිය. එන ඉන්වෙස්ටරයෙකුත් නැතිය. 365 දවසෙම අග නගරේ උග්ගෝසන ඉස්ටැයික් පෙලපාලි තියෙන රටක ඉන්වෙස්ට් කොරන්න එන එකාට මොළේ ගොම හෝ ඊට සමාන දරව්වයක් අඩංගු විය යුතුය. දකුණු අත කොරන දේ වම් අත දන්නේ නැතිය. වම කරණ දේ දකුණ දන්නේ නැතිය. 

එකාට එකා නැතිය. මූ ගේන යෝජනා අරූ අහෝසි කරනවාය. අරූ ගේන යෝජනාවක් නැතිය. උන් යන්නේ ගල් යුගයටය. බෙසියරයක් ඔළුවේ පටලවාගෙන ඒක ලිහා ගන්න බැරිව මොළේ කොලොප්පම් වෙලාය. ළෝකයේ තියෙන ළොකුම පුරස්නය ඒකය. අපේ සඟිස්කුරුත්යක් ගැන කතා කරනවාය. එයාගේ මල්ලි සඟිස්කුරුතියද මක්කද කොරන්න ගිහිලා, නිවන් පුරේ දොර ඇර ගත්තේ පොරෝ පහරකට පින් සිද්ද වෙන්නය. ඒ අපේ සබ්බත්වයද මක්කද එකය.

බ්ලොග් ගැන කතා කරනවා නම් බොග දාන උන් කීප දෙනෙක්ම මේ අවුරුද්දේත් එකතු උනේය. උන් අතරෙන් මාතලන්ගේ හිත ගත්ත කීප දෙනෙක්ම ඉන්නවාය. තෝරා ගන්න එකත් බොහෝම අමාරුය. එකෙක් තෝරන එක කොහොමත් අමාරුය. සමහ විට මේ කේස් එකට නෙළුම් යායේ උන්ටත් මුහුණ දෙන්න වෙනවා බුදු ෂුවර්ය.

මාතලන් මේ වසරේ සාර්ථක බ්ලොග් කරුවන් දෙන්නෙක් තෝරනවාය.

මේ අතරින් පලවෙනි එකා ආර්ථිකය ගැන ලියනා, ඉකොනොමැට්ටාය. ඌ බොග දාන්නේ උගේ බොජුන්හලේය. ආර්ථිකයට අමතර දෙත් ඌ ලියනවාය. ඒ ලියන දේ ඉතා නිරවුල්ය. මනා ලෙස සංස්කරණය කොට කරුණු පෙලගැස්වීම අති ඉස්තරන්ය. එක්කෝ ඌට මෙය ලේ වලින් ලැබෙන්න ඇතිය. උගේ ලියවිලි ඒ තරම්ම ප්‍රොෆෙසොනල්ය. 

පුවත් පතක හෝ කිසිම තැනක ඒ තරම් නිරවුල් ලෙස ඉදිරිපත් කිරීම අද දකින්නට ඇත්තේම නැති තරම්ය. ඉකෝන් ලිවිය යුත්තේ ඉකෝන් දන්නා උන්ට නොව, අපි වාගේ මෙළෝ දෙයක් නොදන්නා හරක්ටය. ඕන් එතකොට අපටත් මක්කා හෝ තේරෙනවාය. ඒ නිසා වසරේ හොඳම බ්ලොග් කරුවන් දෙදෙනාගෙන් එකෙක් ලෙස, මාතලන් ඌට මේ සම්මානය දෙනවාය. පරෙස්සම් කොරලා අරගෙන තියා ගන්න එක උගේ වැඩක්ය. දෙන එක මගේ වැඩක්ය.


My Photoඅනිකා අද බොග දාන උන් අතරේ ජනප්‍රියම පොරය. ඒ වෙනින් කවුරුවත් නොව යාං හෑල්ල ලියන සුරන් කොලුවාය. උගේ ගමේ තතු කිසිම ලෝබ කමක් නැතිව ඒ ආකාරයෙන්ම රස ගුලාවක් ලෙස අපට පුදනවාය. ඌ කියනවා වාගෙම, පොහොර බෙහෙත් නැති කාබනික ජීවිතයක අක් මුල් අතු පතර ඉස්පර්ස කොල මතකයන් හෝල් සේල් දෙනවාය. ගම කියා මහා ළොකුවට වර්ණනා කොරනා දේ තුල අඩංගු අමූලික තිත්ත ඇත්ත එලියට දානවාය. බොරුවට ගම වනනා උන්ට ඌ දෙන්නේ කම්මුල් පහරක්ය. අනික ඌ අනන්‍යතාවයක් ගොඩ නගාගෙන අවසානය. ඌ කොච්චර ජනප්‍රියද කියනවා නම්, අද ඌ අනුගමනය කොරනා උන්ද ඉන්නවාය. 

ඒක ලේසී පාසු දෙයක් නෙමේය. ඉතින් එතරම් ජනප්‍රිය සුරන් ගොයියාට අනෙක් සම්මානේ කිසිම ලෝබ කමක් නැතිව දීලා දානවාය. උඹ මේක මාතලන් දුන්නා කියා ආච්චම්මාට දූන්නත් අවුලක් නැතිය. මොකෝ උඹට වඩා හැම එකාම කතා වෙන්නේ උඹේ අච්චම්මා ගැන නිසාය. 


බයියා එලවිමින් නව අවු රුද්දක්             ආවා
උන් චුත වුනැයි ටොයියෝ ජය පැන්        බීවා
ජංගිය බැසියරේ දිනයක රජ                  වේවා
මේ වසරෙවත් බයියෝ සැම චුත            වේවා

-o0o-


ඔබ සැමට ගොන් ආතල් වලින් පිරි වසරක් වේවා.....!!!
 

111 comments:

  1. එහෙනං මාතලං ගොයියටත් අවුරුදු ලැබුවා ඈ.. හැක්..

    උඹගේ තේරීම් දෙක ටක්කෙටම හරි.. එකගයි..

    ReplyDelete
    Replies
    1. රාජපක්ෂ පාලනය ඉන්දියානු සාගර කලාපය තුල චීන ආධිපත්‍යය ව්‍යාප්ත වීමට පහසුකම් ලබාදෙන්නක් බව තහවුරු වීම රාජපක්ෂ පාලනය හැකි ඉක්මනින් අවසන් කිරීමට කටයුතු කිරීම තවදුරටත් පෙළබවීමක් විය. බහුතර සිංහල බ්‍යෞද්ධ ජාතිකවාදින් අතර අතිශය ජනප්‍රියතාවයක් ජනධිපති රාජපක්ෂට හිමිව තිබූ අතර ඒ තුල විපක්ෂ කණ්ඩායම් හා සිවිල් සංවිධාන වලට තිබු හැකියාව සීමාසහිත විය. එබැවින් රාජපක්ෂට එරෙහිව සිංහල බ්‍යෞද්ධ සමාජයට නායක්ත්වයක් දියහැකි වන්නෙ භික්ෂුන් පෙරටුකරගත් සමාජ ව්‍යාපාරක් මගින් බව පැහැදිලි කරුණක් විය.

      මේ සදහා රාජපක්ෂ පාලනය කෙරෙහි කළකිරී සිටි ජනප්‍රිය භික්ෂුන් කිහිප දෙනෙකු කෙරෙහි අවධානය යොමු වු අතර මේ අතරින් වඩාත්ම සුදුසු පුද්ගලයා වුයේ සෝභිත භික්ෂුවයි. සෝභිත භික්ෂුව සමග මුලික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව තානාපතිනිය පැට්‍රිෂියා ඒ බුතේනිස්ම ඔහු සිටින කෝට්ටේ පන්සලට ගොස් හමුවන ලදී.

      2010 වසරේදී සෝභිත භික්ෂුව හතරවරක් දිල්ලියට ආරාධනා කරනු ලැබිය ඒ හැම වතාවකම කොළඹ සිටි "ප්‍රකාශ් " ද ඔහු සමග දිල්ලියට පැමිනියේය.

      Delete
    2. ඔහේ දැන්වත් ඔය විකාර හීනයෙන් අවදි වෙන්න බලනවා.

      Delete
    3. +++++++++++++++++++++

      අපරාදෙ කියන්න බෑ සෝබිත නං බුද්ධ දර්ශනය ලෙසටම පෙන්නා දුන්න වසරේ පොර තමයි

      කැසිනෝ , එතනෝල්, කොමිස් හින්දා රට නැතිවෙනෝ... අපි යහපාලනේ ගෙනාවම ඒව නවත්තනෝ කියල බේගල් ඇදබාල රට කුලප්පු කරල වෛර පිහිමහගන්න හැදුවට.....

      දිට්ඨ දම්ම වේදනීය කර්මෙ පලදීල පපුව කුණුවෙලා ඇස් පනාපිටම අපායට වැඩ්ඩා..

      සාදු සාදු සාදු...!


      +++++++++++++++++++++

      Delete
    4. අවුරුද්දක් නම් ලැබුවා... සුබද අසුබද කියන්න වෙන්නේ නම් ඊළඟ අවුරුද්දෙදි තමයි...

      Delete
    5. ඒ අඩෝ දේශ් මේ මම :3

      Delete
  2. එසේම වේවා...!!! අනික්වා කෙසේ වෙතත් ගොන් ආතල් නම් නොඅඩුව ලැබෙනු ඇති.

    ReplyDelete
    Replies
    1. පටන් ගන්නෙම ක්‍රිකට් ආතල් එකෙන් .... පිච්චු හොඳ එක.. හොඳම හොරා තෝරන්න යන්නේ.. ඊට හොඳා අතුරු පාළක කමිටුවටම දුන්නා නම්...

      Delete
  3. උඹටත් පවුලේ සියලු දෙනාටත් සුභම සුභ නව වසරක් වේවා !!!!!

    සිනාවයි ඉනාවයි සදා වාසනාවයි
    නවෝදේ ප්‍රබෝදේ විනෝදෙ උදාවෙයි
    නැටුම් ගයිම් විහිළු තහළු ගමන් බිමන් යන්නේ
    සිනාවෙන්ම පිනා ගොසින් මනාපයෙන් ඉන්නේ
    වනේ කුසුම් නැත්නම් මී වාදයේ පනිද නැත්තේ
    සෙනේ මෙන්ම ගුනේ මිහිර මිතුරා ළඟ ඇත්තේ ......

    සුවඳ හමන සඳුන් කඳක් පවා දිරා යන්නේ
    ඉර හැරුනට ඇයි අඩන්නේ සඳක් උදා වෙන්නේ
    නම්බු හොයලා හම්බ කරලා තට්ටු ගහලා ඉන්නේ
    තුට්ටුවකුත් නැතිව නිකන් හිස් අතින්ම යන්නේ ......

    ලෝකෙට අපි තෑගි කරමු හැම දේ හැම තිස්සේ
    ලෝකෙම හොඳ එවිට ලැබෙයි අප වෙත තුති වැස්සේ
    ඊයේ ආයේ නෑ හෙට වී එන්නේ
    කාලා බිලා ඉන්නයි අද වෙන්නේ
    වාද භේද බින්න බලය මත්තේ
    වාසනාවේ පාර පෑදී ඇත්තේ .........

    ගායනය - එම් .එස් ප්‍රනාන්දු
    ගී පද - සිරිල් ඒ සීලවිමල
    සංගීතය - ටී .එෆ් ලතිෆ්

    ReplyDelete
    Replies
    1. උඹටත් එසේම වේවා... පෝස්ට් එකට ටක්කෙටම ගැලපෙන සින්දු දාන්න තව තවත් සින්දු ලැබේවා....

      Delete
  4. මාතලන් අද පටන් මම නැවත බ්ලොග් අතර. මුලින් ම ඔබට යමක් ලියන්න ලැබීම මගේ භාග්‍යයක්. මගේ අංක එක කවදත් ඔබ. මට මතකයි ඒක මම බොහොම ඉස්සර කියලා මට ලැබුණු ගැරහිලි. මගේ ඔබට පසු සිටි වටිනාම බ්ලොග් කරි බුවා බුවාගේ සිතිවිලි. බ්ලොග් ලෝකයේ මහා වෘක්ෂය ටැබූ. මේ ටික තමයි මගේ බ්ලොග් වීරයන්.
    මේ ලිපිය අනුව මගේත් වසරේ වීරයා වන්නේ, සොභිත ස්වාමීන් වහන්සේ ම යි. හැබැයි එතුමා මගේ වීරයා වූයේ අද ඊයේ නෙමේ, වසර 1987 ඉඳලා ය. ඒ එතුමා ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි වුණු එක, ජේ. ආර්ට විරුද්ධව කැරලි ගහපු එක, 1977 සිට නව 1977 ව්‍යවස්ථාවට විරුද්ධ වීමත්, ජේ. ආර්. එතුමාට සහ සරත්චන්ද්‍ර මහාචාර්ය තුමාට මැයි පලවෙනිදාවක නෙලපු නෙලිල්ල නිසාත් වගේ බොහෝමයක් කාරණා නිසාවෙනි.
    නමුත් ඔබ දන්නවා මම කවදත් ජේ ආර් ට යම් ගුරවයක් දක්වපු අයෙක්. අනික මගේ ආර්ථික දර්ශනයට නුව රනිල් යමක් කරයි. ඒත් සිරා ද බ්‍රා නම් පුස් වෙඩිල්ලක්. බලල් ගූත් බේත්ට ඕනෙ වෙනව වගේ එතුමා ජනවාරි 8 වෙනුවෙන් දක්වපු නිර්භීතකොමට අපිත් යම් ගෞරවයක් දක්වනවා.
    ඔබේ බ්ලොග් වීරයන් ගැන ඉදිරියේ දී කියන්නම්. තාම කියවලා නැහැ. ඉක්මනින් කියවනවා.

    ReplyDelete
    Replies
    1. mama hithanne oke anith patta JR shooreykda ? natha. kapatiyeki. 83 sewakayin dotta dala , dooshanyata para kapuwe ohuma neda. ohu eda dooshanyata wata banda nam api goda.

      anika Sobitha hamuduruwoo nikamma pussek una. mageh weeyek wela hitiya. eth dan thama terenne bol pilimiyak kiyala. awega walata wada karana kenek echchari.

      Ranil monawath karayida ?
      ranilta darshanyak ho prthi pattiyak nomatha.
      ehew minihek mona karannda ratata

      Delete
    2. වෙද මහත්තයා වගේම ප්‍රොෆෙසොනල් පොරවල් කීප දෙනෙක්ම දැන් බ්ලොග් ලියනවා.. ඒක අපේ බාග්ගයක්.. ඔබ ආයෙත් අප අතරට ආපු එක පට ශක්තියක්.. වෙලාවක මිතුරු කැළ සමඟ සෙට් වෙමු...

      Delete
  5. සින්හල බොග් අවකාසේ කාලේ කන මොන්ගල් ටයිප් දෙකයි පනහේ හාදයන්ට ජයවේවා....

    බ්‍රා ගැලවේවා.....
    පොරෝපාර සහ මඩුවලිග පාර නොලැබේවා....
    වාහන බලපත් ලැබේවා.....
    වැඩිකල දීමනා මූලික වැටුපට එකතු වේවා....
    එකට කාලා දෙකට බීලා හැරෙන තැපෑලෙන් බුද්දි අන්ස යොදාගෙන අපහාස නොකෙරේවා......!!

    ReplyDelete
    Replies
    1. //සින්හල බොග් අවකාසේ කාලේ කන මොන්ගල් ටයිප් දෙකයි පනහේ හාදයන්ට ජයවේවා //
      මෙන්න මෙයා මෙයාටම ජය පතාගෙන..... මරේ මරු...

      Delete
    2. // මෙන්න මෙයා මෙයාටම ජය පතාගෙන..... මරේ මරු... //


      බුද්දි අන්ස යොදොවලා මේ ඇනෝ හොයාගෙන කටට සූකිරි දාන්න තමයි මම හිතන් ඉන්නේ...

      මීට සා ර ස තුමා.

      Delete
    3. බයියෝ තුරන වේවා කියන්න බෑ නේ... මොකෝ උඹ අනික් බයියන්ගෙන් වෙනස්...

      Delete
  6. හා හා හරි හාවා
    කැලේ මැදින් ආවා
    2016 අවුරුදු ලැබුවා
    ඔබටත් සුබයි කිවා

    ReplyDelete
  7. මේ මම දැකපු අනික් රිවීව් එක.. මම දාපු එකට අමතරව. යහපාලනය? ඒ මොකද්ද? එහෙම එකක් තිබ්බද?
    ආ තව එකක්- නෙලුම් කුලුනේ නම් වැඩ යනවා මම හිතන්නේ. මම එදා කොළඹ ආපු වෙලාවේ දැක්කා ඕක.
    එහෙනම් ඔන්න මාතලන්ටත් සුභ අලුත් අවුරුද්දක් කිව්වා!

    ReplyDelete
    Replies
    1. නෙළුම් කුළුනේ පේන්න කිසි වැඩක් යන්නේ නැති උනාට ඒක නතර වෙලා නැහැ...
      දැන් ඉතුරු අයිටම් ටික චීනේ fabricate කරගෙන යනවා, තව ටික දවසකින් බඩු ටික එනවා...
      එතකොට ඒවා හයි කරයි...
      ගෙවීම් සම්බන්ධ ගැටළුවක් නිසා කලින් හිටපු කොන්ත්‍රාත් කරු අහක් වෙලා දැන් අලුත් කොම්පැණි එකක් තමයි වැඩ කරන්නේ...
      අහක් වෙච්ච උන් දැන් නඩු දාලා තියෙන්නේ ඒ සම්බන්ධව...
      ඒ වෙනස් වීමට කාලයක් ගතවෙන නිසා වෙන්න ඕනේ වැඩ නැති බව පේන විදිහට සයිට් එක නිකං තියෙන්නේ...

      Delete
    2. නෙළුම් කුළුණ මගේ ගෙදරට අපූරුවට පේනවා.. උඹලා දෙන්නම මක්කා කිව්වත්.. පට්ට පාලුවට ගිහින් දැන් ටික දොහක ඉඳලා...

      Delete
  8. සුභ අළුත් අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete
  9. සුභ අලුත් අවුරුද්දක් වේවා මාතා.......... ජයවේවා

    ReplyDelete
  10. කිසි දොසක් නැති තේරීමක්. ජයග්‍රාහකයන්ට සහ තේරීම් මණ්ඩලයට සුබ නව වසරක්!!

    ReplyDelete
    Replies
    1. උඹටත් එසේම වේවා...!!!

      මන්ඩලයක් නෑ මචෝ... මන්ඩල් දාගත්තම මන්ඩලේ කචල් වෙනවා.. මේක ඒක පුද්ගල සමාගමක්..

      Delete
  11. සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  12. මාතලන්ට සහ බ්ලොග් එකට තවත් ආන්දෝලනාත්මක එහෙත් වැදගත් ලිපි තව තවත් අපට ගෙන ඒමට හැකිවන නව වසරක් තමයි මගේ පැතුම.

    ReplyDelete
    Replies
    1. වැදගත් වෙයිද දන්නෙ නම් නෑ ඉයන් මහත්තයෝ.. ඒත් ඉතින් හිතෙන දේ එහෙමම ලියලා දානවා....

      Delete
  13. wish You happy and prosperous new year Maathalan . Love your way of Blogging !

    ReplyDelete
  14. සුබ නව වසරක් මාතා අයියේ. සුපිරි බ්ලොග් කරණයට තව තවත් ඉඩ හසර ලැබේවා

    ReplyDelete
  15. තේරීම් දෙක නම් හරි අගෙයි.
    මාතලන්ටත් දරු පවුලටත් සුබම සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. උඹටත් පවුලේ සියළු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා....!!!

      Delete
  16. සුබ අලුත් අවුරුද්දක් සැමටම. 2016 අපිට යමක් අලුතින් හිතන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. හිතන්න පතන්න ලියන්න කියන්න නිදහස ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු....!!!

      Delete
  17. මා තලංගෙ තේරීම එක්ක සීයෙට සීයක් ම එකඟයි.

    පඩි වැඩි නොකරනවනං මං කැමතියි. සුභසාධනය අඩු කරලා ආයෝජන වැඩි කරලා රට ගොඩගන්නවනං ඒකයි යහපාලන ආණ්ඩුවෙං මං බලාපොරොත්තු වෙන්නෙ. ඒ උනාට මුංට පුටුවෙ වාඩි වෙනවට රුපියල් විසිදාහක් දෙන්ඩ වෙලානෙ....

    ReplyDelete
    Replies
    1. කාටෙයි මචෝ කියන්නේ... වෙනසක් කරන්නෙයි කියලා පත් කරපු උන් අරුන්ටත් වඩා පිස්සු කෙලින කොට....

      Delete
  18. මාතලං බොස් උඹටත් ඉකොනොමැට්ටාටත් සුරං ගොයියාටත් බ්ලොග් ලියන කියවන මචංලා සේරටෝමත් එකෙන්ම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. උඹටත් දරු පවුලටත් එසේම වේවා....!!!!

      Delete
  19. Mathe,
    oba samatath subama suba nawa wasarak prarthanaa karami. ...!

    ReplyDelete
  20. සුභ අළුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  21. නියම තේරීම් දෙකනෙ මාතෙ.

    මාතලන්ටත්, පවුලේ සැමටත් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරකට ආසිරි !

    ReplyDelete
  22. සෝභිත හාමුදුරුවෝ නැත්තං මේ රටේ හැඩේ මීට වෙනස්.. ජනවාරි 8 වගේම අයවැයටත් බලපෑමක් උනා කියලයි ගස්ලබ්බගෙ චූටි මොලේට තේරෙන්නෙ...
    පණ තියෙන බ්ලොග් දෙකක් නියමෙටම තෝරලා තියෙනවා.. එකෙන්ම එකඟයි..
    'මාතලන්' ලකුණ දරණ ලිපි තව තවත් ලියවේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජයෙන් ජයම වේවා....!!! නිදුක් නිරෝගි වේවා...!!!

      Delete
  23. මෙහෙම බලා ඉඳලා බැරිය. වහාම නෙලුම් කුලුන උඩ බොග් සම්මාන උළෙලක් පවත්තන්න ඕනෑය. පහලට දෙරි ගැහීම වලක්වන්න දැලක් හයිකරන්න වෙනවාය.

    ReplyDelete
    Replies
    1. මත්තල වී ගබඩාව දුර වැඩිය.....

      Delete
  24. ගිය අවුරුද්ද වගේම මේ අවුරුද්දෙත් ආතල් නොඅඩුව ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

    සුබ නව වසරක් මාතලන් බොස්.

    ReplyDelete
  25. මාතේට මල් මල් 2016ක් පතමි...
    මල නොපැන මල් මතින් දිග ගමනක් යන්න 2016 දී බලමු...
    දැන් ඉතින් හැම දේටම බයියොන්ට බනින්නේ නැතුව ඉදිරි අනාගතේට මේ ටොයියෝ ටික දක්කාගෙන යන හැටියක් බලමු නේ ද මාතේ...!

    ReplyDelete
    Replies
    1. //දැන් ඉතින් හැම දේටම බයියොන්ට බනින්නේ නැතුව ඉදිරි අනාගතේට මේ ටොයියෝ ටික දක්කාගෙන යන හැටියක් බලමු නේ ද මාතේ...!//

      ගෙදර තියෙන මුව හමට තැලීමේ යහපාලනේ :)

      Delete
    2. මෙහෙමයි චෙෆාකි..

      හොරකම, වංචාව, දූෂණය, නාස්තිය, ඥාති සංග්‍රහ වගේ දේ දැක්කාම මල පන්නිනේ නැත්නම් මක්කියෝආ හරි ලෙඩක් වෙන්න ඕන එහෙම නැත්නම් එවා අනුමත කරන කෙනෙක් වෙන්න ඕන, එහෙමත් නැත්නම් හොරුත් එක්ක හෙළුවෙන් ඉන්න උන් වෙන්න ඕන.. ඒ නිසා මල පනින එක නම් නවතින එකක් නෑ...

      ඒ වගේම ටොයියෝ කොච්චර ආවත් වැඩක් නෑ ලීඩර් අමු බයියෙක් නම්...

      Delete
  26. සුබ නව වසරක් වේවා.

    ReplyDelete
  27. ඔහෙටත් එළ ද බ්‍රා ඩි එන්රිකේ අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. එන්‍රිකේ වගේ ඉන්න තියෙනවා නම් මක්කා කොරන්න බැරිද බං...

      Delete
    2. මේ කවුද? මොනවද කරන්නේ? O.o

      Delete
  28. ඇයි බන් උඹලා බ්‍රා එකල් අල්ලගෙන ඔච්චර දගලන්නේ.
    බ්‍රා එක විසිකරපු කෙල්ල ගෙදර ගිහින් බ්‍රා එකක් ඇදගන්න ඇති,ඒකි සිංහලද,දෙමලද,බර්ගර්ද,කතෝලිකද.. ,එහෙමත් නැත්නම් පිටරටින් ආපු සුද්දියෙක්ද,එහෙමත් නැත්නම් සෙට් කරලා කරපු වැඩක්ද කියලවත් දන්නැතුව බයියො දවස් ගානක් FB එකේ පිස්සු කෙලියා.
    ජනාධිපතිවරයා දහම්පාසල් උත්සවේකදි නිකන් ඉන්න බැරුවට ඕක කිව්වා.ඒ කිව්වේ show එකේදී විස්කි,බ්‍රැන්ඩි බීලා කට්ටිය කෙලපු පිස්සු ගැන.කථාව කපලා,කොටලා,උපරිමේටම සාරාංශකරලා TV එකේ ගියා.පස්සෙ දවසක හිරු news වලට ගියා වෙනස් විදිහකට කපපු ඔය කතාවේම vedio එකක්,ඒකේ කියවෙන්නෙ "බ්‍රැසියර් විසිකරපු ගෑණු ළමයින්ටවත්,එන්‍රික්ව සිප ගත්ත ගෑණු ළමයින්ටවත්,එන්‍රික්ටවත් කාටවත් නෙවේ සංවිධායකයින්ට බනින්නේ " කියන එක.සංවිධායකයින්ට බනින එක විහිලුවක් වගේ උනාට show එක බලන්න ගිය උන් කියන කථා අහපුම වැඩේ ඇත්ත.tickets එක්ක free alcohol දීලා.මේක 21+ show එකකුත් නෙවෙයි.

    සිරිසේන මාම දහම්පාසලේදී ඔය කතාව කියලා ගෙදර ගියා,පහුවදා උට ඕක මතක තියෙන්නත් නැතිව ඇති.ඒත් බුකියෙ ඉන්න ටොයියොයි,බයියොයි,gossip කාරයොයි,බ්ලොග් ලියන උනුයි,පත්තර කාර්ටූන් කාරයොයි ඒක ඔලුව උඩ තියන් දගලනවා.එහෙම කරලා උන් සිරාට බනිනවා "ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ බ්‍රා එකද?ඒකම ඔලුවෙ තියන් ඉන්නේ?"කියලා.සිරා ඒක ඔලුවෙ තියන් ඉන්නෙ නෑ,ඌ විනාඩියක් විතර ඒ ගැන කියලා ගෙදර ගියා,තොපියි ඒක ඔලුව උඩ තියන් ඉන්නේ.බැරිවෙලාවත් සිරා තොපෙන් ඇහුවොත් "උඹලා ඇයි බ්‍රා එකම ඔලුවෙ තියන් ඉන්නේ?මහජනතාවට තියෙන ලොකුම ප්‍රශ්නෙ බ්‍රා එකද?උඹලට පඩි වැඩිවීම් එපාද?නිදහස් අධ්‍යාපනේ එපාද?රස්සා එපාද?බෙහෙත් එපාද?කාර් එපාද?කන්න බොන්න එපාද?තෙල් අඩු කරන්න එපාද?...... බ්‍රා එකේ ප්‍රශ්නෙ විතරක් විසදුවම ඇත්ද?" කියලා,උඹලට දෙන්න talks නැති වෙනවා.

    පොඩ්ඩක් හිතලා බලපන් මන් කියන දේ,ප්‍රජාත්‍රන්තවාදය කියන්නේ ප්‍රජාව විසින් ප්‍රජාව (රාජ්‍ය) පාලනය කිරීමට.ප්‍රජාව පිස්සු කෙලින්න ගත්තොත් පාලකය කොච්චර හොද උනත් වැඩක් නෑ.මාතලන්ලා වගේ උගත් මිනිස්සුත් කොහෙවත් යන බ්‍රා එකක් ඔලුවෙ දාන් ඉන්නවනම් රටට දෙයියන්ගේ පිහිටයි.2016 වත් ඔය බ්‍රා කේස් හිස් මුදුනෙ තියන් දේශපාලනේ කතා නොකර අපිට අත්‍යවශ්‍ය දේවල් ටිකවත් කථා කරන්න බලමු.

    ReplyDelete
    Replies
    1. Interfuckingresting angle bout the sibra...

      Delete
    2. Ano 1st Jan 3.58 a.m. -please just do not see the bra in this story. MS was criticised, mostly by the same force who brought him into power, as his talk posed as a challenge to the freedom, liberty and human rights (the very concepts he talked about as a common candidate). With his comments, our country was projected similiar to some barbaric middle eastern countries. That was the issue. A bra is nothing to open minded Sri Lankans.

      Delete
    3. කෙනෙකුට ඕක සුළු දෙයක් වෙන්න පුළුවන්... නමුත් ඒ කතාව තුල විශාල කතා ගොඩාක් සහ සමාර කතිකාවක් තියෙනවා.. ඒ නිසා අපි ඒ ගැන කතා කරනවා..

      ඇත්තටම ලොක්කා අද දේශපාලන වශයෙන් අනාත වෙලා ඉන්නේ බලය තිබුනට..

      Delete
  29. මාතලං, මාතලිං සහ පොඩිමාතලං ට සතුට සැපත පිරි සුභ නව වසරක් වේවා!
    අරුන් දෙන්නා ගැන එක පයිංය.

    ReplyDelete
    Replies
    1. මදාවියා ඇතුලේ පවුලේ සැමට සුබ නව වසරක් වේවා... විශේෂයෙන් ලොක්කි මතක් කොලා කියහන්....

      Delete
  30. මුලින්ම මාතයියා ඇතුලු පවුලේ සැමටම සුභ නව වසරක් වේවා!!! පතමි.

    බ්ලොග් සම්මාන දීම අතිසාධාරණ තේරීමකි. සුරංගම්ල්ර් වෙනස්ම ආරකින් බ්ලොග් ලෝකය සරසන්නෙකි. අව්‍යාජත්වය විනිවිද පෙනෙන කතා මාලාවකි. ජයවේවා අයියේ. දිගාසිරි වේවා.!!!

    ReplyDelete
  31. මාතලන් ඇතුලු පවුලේ සියලු දෙනාට සුභ නව වසරක් වේවා..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. විදානේ සහ විදානිටත් සුබ නව වසරක්. ඔන්න මන් කිව්වා කියලා අක්කට කියන්න ඕනි හොදේ.....

      Delete
    2. විදානේ සහ විදානිටත් සුබ නව වසරක්. ඔන්න මන් කිව්වා කියලා අක්කට කියන්න ඕනි හොදේ.....

      Delete
    3. ඔබටත් එසේම වේවා....!!!

      Delete
  32. ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට ලැබූ 2016 සුභ නව වසරක් වේවා.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. සමරසේකර මහත්තයාටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවා...!!!!

      මුනුපුරු මිනිපිරියන් වැඩි වැඩියෙන් ලැබේවා....!!!!

      Delete
  33. මචෝ, සුභ නව වසරක් වේවා පවුලේ සියලු දෙනාටම!!!!!

    මාතලන් බො‍හොම අඩුවෙන් බොරු කියනවා කිව්වට, අදනම් පට්ට පල් ඇත්ත කියලා ඇත. සිංහල බොගේ පෙරගමන්කරු වන (මාගේ පිළිගැනීම අනුව) මාතලන්ට සුභ නව වසරක් වේවා!!!!!!

    ReplyDelete
    Replies
    1. උඹටත් එසේම වේවා මචෝ.....

      Delete
  34. ත්‍යාගශීලි විචාරය සහ අගය කිරීම පිළිබඳව, ස්තුතියි! හොඳ නරක කවරක් වුවද පාරිභෝගිකයා හැම විටම නිවැරදිය. //පරෙස්සම් කොරලා අරගෙන තියා ගන්න එක උගේ වැඩක්ය.// පාරිභෝගිකයෙකු දෙන දෙයක් නොගෙන සිටීම කොයිතරම් මැට්ටෙක්ට වුණත් කළ නොහැකි දෙයකි. සුබ නව වසරක්!

    ReplyDelete
    Replies
    1. “දෙයක් වේ නම් යම්
      සුදුස්සාටම අයිති විය යුතු
      ගොවි දන මනා වූ
      ලැබිය යුතු වූ සේ ම ගම් බිම්”

      Delete
  35. මාතලන් හා හාමිනා ටත් සුභ අලුත් අවුරුද්දක්. ශ්‍රන්ගයා ට නොවැම්බර් බ්ලෝග ත්‍යාගය දුන්නේ අර සහනාධාර කතාවට. මේ දෙන්නම මගේ ලිස්ට් එකෙත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. උඹට පින් ඒ සම්මාන උළෙල පටන් ගත්තට,,, බ්ලොග් වලට වටිනාකමක් ලැබුනේ ඒකෙන්.. අපේ පවුලේ උනුත් බ්ලොග් කියන්නේ මක්කද කියලා දැනගත්තේ එදා...

      Delete
    2. මේ සැරේ ඊට වඩා හොඳින් කරමු බන්. දැන් කරුත් බ්ලොග් ලියන්න පටන් ගත්තනේ ආයෙත්.

      Delete
    3. හුකා... ලින්ක් එවපන් මහත්තයෝ.... පබ්ලිසිටියක් දෙන්නම ඕන කාරනයක්...

      Delete
    4. http://satharadiganthaya.blogspot.co.uk/2015/12/blog-post.html

      Delete
  36. තේරීම ඉස්තරම් ...
    වසරේ බ්ලොග්කරුවන් වූ ඉකොනෝමැට්ටාට සහ සුරංගට සුබ පැතුම් .

    මාතලන් ඇතුළු සියලු බ්ලොගාලට සුබ නව වසරක් වේවා .

    ReplyDelete
    Replies
    1. සඳු හිරු තරු ඇතුළු සෞර්යග්‍රහ මණ්ඩලයටම සුබ නව වසරක් වේවා...!!!!

      Delete
  37. සුභ නව වසරක් මචං...
    තේරීම් සම්බන්ධව එකඟ වෙමි...

    ReplyDelete
    Replies
    1. උඹටත් එසේම වේවා මචෝ....

      Delete
  38. තමන්ගෙ තනපටිය විසිකරන්න තරං පරිහානියට ගිහින් අපේ ගෑනු. කෝ එතකොට අපේ තිබ්බ සංස්කෘතිය. 2500 තිස්සෙ අරන් ආව සදාචාරෙට නිකං පයින් ගහනව අපේ ගෑනු. පිටරට සුද්දියො දැන් අපේ සංස්කෘතියට ආදරේ කරනව. එයාල සාරි අදිනව. පන්සල් යනව සංවරව ඇදගෙන. බුදුන් වදිනව. අපේ සිරිත් විරිත් වලට ගරු කරනව. ලංකාවෙ ගෑනු ඒවලින් ඈත් වෙනව.

    ReplyDelete
    Replies
    1. සුද්දෝත් මොහොතක සුවයක් විඳිනවා... අපේ උනුත් මොහොතක සුවයක් විඳිනවා.. බයියන්ට මේවා තේරෙන්නේ නෑ...

      Delete
  39. මාතලංට සුභ අලුත් නව වසරක් වේවා. මේ සිරිමාම කිව්ව කතාව ටිකක් හිතන්න ඕනෙ. දැං ඔය උසික්ක කොරපු බොඩිය ලංකාවෙ මුදලිං ගත්තු එකක් නෙ. ඒක අර ගොබිලා නොමිලේ රටින් පිටට ගෙනිච්චං රටේ විනිමය පිට යනව. ලංකාවෙ සේරම ගෑනු ඔයාකාරෙං බොඩිය විසික්ක කොලොත් කෝටි කීයක් පිටරටට යනවද? ඒකයි එතුමා නියපොත්තෙං කඩන්න තියෙන දේ පොරොවෙං නොකඩා කොනිතිගසා දැම්මෙ

    ReplyDelete
    Replies
    1. ඒ උනාට බං එහෙව් මනුස්සයගෙ මලයට නේ කව්ද වේස කොල්ලෙක් පොරොවෙන් කෙටුවේ....

      Delete
  40. මාතෙ, මම කියවපු ඔබගේ පෝ්ස්ට් අතරින් පට්ටම පෝස්ට් එකකි මෙය. දිගින් දිගටම මාතලන් ආරයේ පෝස්ට් ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා. සුභ නව වසරක් වේවා!!!!!

    මෙහෙ ගල් බේතකටවත් සොයා ගන්නට නොමැති බැවින්, (විස්කි අතර ගල්) රෙඩ් ලේඩ් ලේබල් වලින් සැනසෙමි.

    ඔබට ගල් සහ මල් වලින් සපිරි නව වසරක් වේවා මචෝ.........

    ReplyDelete
    Replies
    1. වෙලාවක ගල් බෝතලේකට සෙට් වෙමු මචෝ.....

      Delete
  41. මැට්ටාට හා සුරංට සම්මාන දීම එක අනුමත කරනවා. මාතලන් හා පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. තිලකේ.... මාතලන් බොරු කියනවත් අඩුයි... බොරු කරනවත් අඩුයි... ඒත් අවංක මිනිස්සුන්ට මේ රටේ තැනක් නෑ තිලකේ... ඉන්න රටකම නිවන් දකිනකන් ඉඳහන්....

      Delete
  42. උඩම ඡේදයට නම් එකඟයි...
    යට ටික නම් අනේ මන්දා...
    ඉකොනොමැට්ටාගේ බොජුන්හල කියන එකේ නම් එක පෝස්ට් එකයි කියවලා තියෙන්නේ. ඒක බර වැඩියි වගේ වුණා. ලොකු අවුලක් නෑ ඒත්...
    යාං හෑලි එකේ පෝස්ට් දිග වැඩියි. ඒකේ තියෙනවා පොඩි අවුලක් කියන්ට තේරෙන්නේ නෑ... අවුලක් නෑ ඒකෙත් ඒ වුණාට...

    ReplyDelete
  43. අඩෝ මිස්ටර් මාතලන් බොස්..!! ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබටත් මතලිටත් ජුනියර් මාතලන් ටත් බ්ලොග් ලොව සැමටත් කිරි පැණි සමග නිලා කූරු රතින්නා පත්තුවෙන මටත් බ්ලොගක් ලියන්ට හිතෙන උබත් එකට හෙල්ප් එකක් දෙන ලෙඩ දුක නැති සන්තෝසේ උඩ පැන පැන ටොකුඇන ඇන දෙන හාර්ඩ් රොක් නව වසරක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. පටන් ගනින් පටන් ගනින්... අපි දෙන්නම් බැක් එක... මද්දස්තයගේ අඩුව පුරවන්නත් එපාය....

      Delete
  44. මට නම් වසර ගෙවී ගියේ කැස්ස, හෙම්බා සහ උණ සමගයි.
    ෆීෆ්ටි ප්ලස් ජීවිතයට සුබ පැතුම් ද මේ සමග....!!!

    ReplyDelete
    Replies
    1. ගත ලෙඩ උනත් හිත සුවෙන් නම් එච්චරයි...

      මොකෑ කියන්නේ.. දාමුද 50 ක්ලබ් එකක්... සිංහ ලේ වගේ ඉට්ටිකර් එකක්...

      Delete
  45. බෙසියරයක් ඔළුවේ පටලවාගෙන ඒක ලිහා ගන්න බැරිව මොළේ කොලොප්පම් වෙලාය. ළෝකයේ තියෙන ළොකුම පුරස්නය ඒකය. අපේ සඟිස්කුරුත්යක් ගැන කතා කරනවාය. එයාගේ මල්ලි සඟිස්කුරුතියද මක්කද කොරන්න ගිහිලා, නිවන් පුරේ දොර ඇර ගත්තේ පොරෝ පහරකට පින් සිද්ද වෙන්නය. ඒ අපේ සබ්බත්වයද මක්කද එකය.

    නව වසරෙ මරු ලියවිල්ලකින් පටන් අරං.

    ReplyDelete
  46. සුබ අලුත් අවුරුද්දක් ඔයාටත් පවුලේ ඔක්කොටමත්. මේ සින්දුව 31 රෑ මo ඇහුවා. තෑන්ක්ස්.
    සම්මාන ලාබී බ්ලොග් කරුවන්ට මගෙනුත් සුබ පැතුම්.තව තවත් ලියන්නට

    ReplyDelete
  47. සුබ අලුත් අවුරුද්දක් ඔයාටත් පවුලේ ඔක්කොටමත්. මේ සින්දුව 31 රෑ මo ඇහුවා. තෑන්ක්ස්.
    සම්මාන ලාබී බ්ලොග් කරුවන්ට මගෙනුත් සුබ පැතුම්.තව තවත් ලියන්නට

    ReplyDelete
  48. මහ ලොකුවට බයියො කියල අපහාස කරපු පාලකයො නයිට් රේස් තිබ්බ. මිනිස්සුන්ට හොදට ආතල් ගන්න වැඩ සැලැස්සුව. දැන් ටොයියො පත් කරපු පාලකයො මේක මුස්ලිම් රටක් කරනව. දැන් වෙන්නෙම මුස්ලිම් උන්ට ඕන දේනෙ.

    ReplyDelete
  49. මෙයා වැඩේ කාල.. දැන් ජජ් පැනල් එකේ ඉන්න අපි මක්කෙයි කරන්නේ.. හැක හැක හැක..

    සුභ අලුත් අවුරුද්දක් වේවා සබාපති තුමා.. (ටිකක් පරක්කුයි ඉතින් හැමදාම වගේ ගණන් ගන්න එපා)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න