.

.

Mar 15, 2016

විදුලිය, පරිපත හා පට්ට විදුලි ඉංජිනේරුවෝ - Funny Electrical Engineers



මාතලන්ගේ තාත්තා එක්ක ටැලිවිසොන් එකේ නිව්ස් අහන්නට හෝ බලන්නට වෙන්නේ නැතිය ඒකට හේතුව එයාට එච්චර ඇහෙන්නේ නැති එකය. එයාට ඇහෙන ගානට ටී වී එක දැම්මොත් ශබ්ද දූෂණය කොලාය කියා පරිසර අමාත්තියන්සෙන් උන්දෑ අත් අඩංගුවට පත් වෙන්න පුළුවන්ය. ඇත්තටම සද්දෙට දාන ඒක නවත්තලා තියෙන්නේ එහෙම බය කොරලාය. ඒත් අම්මා එක්ක විතරක් ඉන්න වෙලාවට, එයාට ඇහෙන ගානට ටැලිවිසොන් එක දාගන්නවාය. එතකොට අහල පහල මිනිස්සු ජනෙල් දොරවල් වහ ගන්නවාය.
 
ඔය එයාට ඇහෙන්නේ නැති ගානට නිව්ස් දාපු ගමන් එයා කොරන්නේ ටෙලිවිසොන් එක ඉස්සරහා ටීපෝවේ ඉඳගන්න එකය. ඊට පස්සේ ඇහෙන්නේ නැති නිසා කොරන්නේ, අර ටී වී ඉස්කිරීන් එකේ පහළම හරියේ කෝච්චියක් වගේ යන නිව්ස් කියවන එකය. ඒක කියවලා නිකන් ඉන්නේ නැතිය අර දෙරණේ රීරී යකා හෙවත් චතුරයා වාගේ, ඒ නිව්ස් ගැන එයාගේ අර්තකථන දෙනවාය. ඊට පස්සේ ටී වී එක නිව්ස් කියවද්දි අපි එයාගේ විස්ලේසොන් වලට සවන් දෙන්වාය.
 
අද නිව්ස් යන අස්සේ ඔහොම මොකක්ද එකක් දැකලා එකපාරටම පටන් ගත්තේ, අම්මට හැමිනෙන්නද එහෙනම් මේ යකා ඔතන ඉන්නේ කියලාය. තාත්තාට මල පැන්න වෙලාවට හොඳ කතා ටික්ක අහගන්න පුළුවන් නිසා මම ඇහුවේ මොන යකාද තාත්තේ කියලාය. උන්දෑ කියනා කතාව සහතික ඇත්තය. අර අස්වීමේ ලියුම දීපූ සභාපතියා කලින් ආන්ඩුවෙත් සභාපතියාය. ඒ උනාට ඒ යකා කියාන්නේ මේ පරිපත් සම්බන්ධ කරලා තියෙන විදිය වැරදිය කියලාය. මේ ක්‍රමය අනුව කඩාවැටීමක් සිඳු උනාම නොරොච්චෝලේ අසාමාන්නිය හැසිරීමක් පෙන්නනවා කියලාය.
 
අසාමාන්නිය හැසිරීම පෙන්නුම් කරන්නේ නොරොච්චොලේ ඉතරක් වෙන්න බැරිය. ආන්ඩුවේ මැති ඇමතිවරුන්ගේ අම්මාවරු මෙන්ම විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ අම්මාවරුන්ගේද අසාමාන්නිය හැසීරිම් රටාවක් අනිවාර්යයෙන්ම පෙන්නුම් කරනවා ඇතිය. ඒ ඉතරක් නෙමේය විදුලි බලයේ පිහිටෙන් කීයක් හෝ හරි හම්බ කරගන්න උනුත් එහෙම හැසිරීමක් පෙන්නනවා ඇතිය.
 
මාතලන් ඇමතියා නම් සභාපතියාගේ ලියුම පිලිගන්නවා පමණක් නොව, එලෙවන්නේ පුකට පයින් ගහලාය. කරුමේ වෙල තියෙන්නේ ඒකය. මේ යකා කියන්නේ විදුලි උප පොලවල් හා බලාගාර සියල්ලම එකට සම්බන්ධ කොරලා තියෙන එක වැරදියි කියලාය. ඕක අපි නම් දන්නේ වෙසක් එකට ලයිට් වැල් දානා කාලයේ ඉඳලාය. හරි සිස්ටම් එකට වයරින් කොලේ නැත්නම් එක බලුබ් එකක් පිච්චුන් ගමන් ලයිට් වැලම වැඩ කොරන්නේ නැතිය. ඒ නිසා එකක් පිච්චුනත් අනෙක් ඒවා වැඩ කරන විදියට වයරින් කරන්න පුළුවන් විදියක් තියෙනවාය.
 
අර ආන්ඩුවේ මේවා කරන්න දුන්නේ නැත්නම් මේ ආන්ඩුව ඇවිල්ලාත් මේවා දැන දැනත් නිවැරදි නොකලේ මන්දැයි කියා ඒ මහත්මයාගෙන් අපිට අහන්නට වෙනවාය. ඔය පත් කරලා තියෙන කමිටු වලට වියදම් කොරනා සල්ලි වලින්, යලිත් මෙවන් විපත් සිඳු නොවේවා කියා බලු කපුටු දානයක් දෙන එක එයිට වඩා හොඳය. මොකෝ ඔය කමිටු ගැනත් ඒවායේ නිර්දේශ ගැනත් අපි හොන්දට දන්නා නිසාය.
 
මහා නඟර හෙවත් මෙග පොලිස් ප්‍රොජෙක්ට් කරන්න යන්නේ මෙහෙම ලයිට් නැති වෙන රටක නම්, අපට කියන්නට සිඳු වෙන්නේ ඒවාට අබ සරණයි කියලාය. ලබුගමට ජෙනරේටරයික් නැතිය. ඉස්සර කොළඹට විදුලිය ලබාදුන් කැළණිතිස්ස බලාගාරයෙන්වත් (ඩීසල්) අඩුම ගනනේ කොළඹටවත් විදුලිය ලබා දීමේ හැකියාවක් නැද්ද..? මෙහෙම ඉංජිනේරුවන්ගෙන් ඇති වැඩේ කුමක්ද? මේ ගොන් බූරූ වැඩෙ කලේ කාගේ උපදෙස් අනුවද? නොරොච්චෝලේට සම්බන්ධ කරන තෙක් රටේ විදුලිය ලබා දුන්නේ කෙසේද?
 
මේවා කඩාකප්පල්කාරී ක්‍රියානම් ආන්ඩුව හෝ අගමැති සමාව ඉල්ලීමෙන් වෙන වැඩක් ඇත්තේ නැත. එයින් පෙන්වන්නේ ආන්ඩුවේ අකාර්යක්ෂම බව මිස වෙන කිසිවක් නොවේ. එමෙන්ම මේ පිලිබඳව ප්‍රශ්ණ කරන ජනතාව කෙරේ ආන්ඩුවේ බුද්ධිමතුන් මල පන්නාගෙනද වැඩක් නැත. මේවා හරියට මූණත් සමඟ මල පැන නහය කපා ගැනීම් වාගේය.අඩු ගානේ ආන්ඩුවේ වෘත්තිය සමිති වත් කිසිම පලක් ඇති ඒවා නොවේ. මේවා කඩාකප්පල්කාරි ක්‍රියා නම් ඔවුන්ගෙන්ද සත පහක වැඩක් නැතිය.
 
සමාව ගත්තා කියා හෝ මල පන්න ගත්තා කියා හෝ ප්‍රශ්න නගන ජනතාව එලවා ගත්තා හෝ කියා ජනතාවට වෙච්ච පාඩු ලැබෙන්නේ නැත. දැන් දැණුම් දීමක් නොමැතිව විදුලිය කපා හරින බව කියයි. යහපාලනය කියන්නේ මේකද? කුඩා ව්‍යවසාකයන් ජීවත් වන්නේ කෙසේද? අඩුම ගානේ කලින් දැණුම්දීමක් කරන්නේ නම් ඔවුන්ට ඒ වෙනුවට විකල්ප බලශක්තිය හෝ යොදාගැනීමට පියවරක් ගත හැක.
කෙසේ හෝ අවසානයේ කීමට ඇත්තේ අපේ තාත්තා කියූ දෙයමය...
 
මෙහෙම පැය ගනන් විදුලිය නැතිව ඉන්න නම්, කප්පරක් ඉංජිනේරුවෝ අහවල් එකටද කියලාය.
 
මේ පිළිබඳව සමාජයේ විවිධ පුද්ගලයින් පලකල අදහස් පහත පල වේ...
 
ඒක තැනක ට්‍රාන්ස්ෆෝමරේ ගියාම ලංකාවෙම ලයිට යන්නේ, මුන් ලයිට් වැලක් වත් හරියට වයරින් කරන්න බැරි ඉංජිනේරුවොද බං - අපේ තාත්තා
 
මේක පුතේ අර නායක හාන්දුරුවන්ගේ ආදාහනේ බලන්න බැරි වෙන්නේ ක්‍රිස්තියානී කාරයෝ කරපු වැඩක් - අපේ අම්මා
 
කුස්සියේ බලුබ් එකක් පිච්චුනාම, ගෙදරම ලයිට් නැතිවෙන සිස්ටම් එකක් මේක - මාතලන්ගේ මිත්තරයෙක්
 
පැය 9 ක් රටම කරන්ට් නැතුව උන්නා කියලා මම දැන ගත්තේ පත්තරෙන් හිටං - ජනාධිපති තුමා
 
මීට පස්සේ ට්‍රාන්ස්ෆෝමර් කැඩෙනවා නම් මට කියලා උපදේස් අරගෙන කැඩෙන්න ඕන හිටං - ජනාධිපති තුමා
 
ලයිට් නැති වෙන්නේ රාජපක්ෂලා ඒ කාළේ වැඩියෙන් ලයිට් අරං තියෙන නිසා... කරන්ට් එකවුන්ට් වලත් දාලා තියෙනවලු - අගමැති තුමා
 
මේක තනිකර බටහිර කුමන්ත්‍රණයක්.. - රජ ගෙදර රිලවා මැති තුමා
 
ඔය ට්‍රාන්ස්ෆෝමරේ කවුරු හරි උප පොලේ දාලා ගිය එකක් - උඩුවේ බලන හිමි
 
මලබද්ධ විපක්ෂය වශයෙන් මේ පිපිරීම තරයේ හෙලා දකිනවා - දිනේස් වන ගුර්ධන
 
මේක ගන්න කොටම පුපුරන බව මම දැන ගෙන උන්නා.. ඒත් බයට කිව්වේ නෑ - කේන්දර සුමනේ
 
ඉදිරියේදී මේ වගේ පිපිරීම් තවත් සිද්ද වෙන්න පුළුවන් - නින්දිත තොටවත්ත
 
පොහොර ප්‍රශ්ණය මග හැරීම සඳහා ආන්ඩුව හිතා මතා කල දෙයක් වෙන්න පුළුවන් - ජනතා විභක්ති පෙරමුණ
 
කුමාර් ගුණරත්නම් නිදහස් කරණු - පසුගාමි පක්ෂය
 
මේක චම්පිකගේ වැඩක් වෙන්න පුළුවන්, මොකෝ එයත් කාලයක්  ඇමති කම කලා නේ - මං ගොනා පිල මැති තුමා
 
මේක ගිගාවොට් වලින් දුවන එකක්ද? මෙගාවොට් වලින් දුවන එකක්ද - පවිත්‍රා වන්නිආරච්චි
 
කොහොමද පොල් ගැහිල්ලේ බලේ... තව එක පාරයි ඝහන්න ඕන.. ඔක්කොම කේල වෙල යන්න - බන්ධුල අගුණවර්ධන
 
මේක මහින්දගෙ වැඩක් - අජිත් පී පෙරේරා

ඕවට හමුදාව දැම්මා කියලා ඕවා අරක්ෂා වෙන්නේ නෑ.. සෑම තැනකටම වාලම්පූරී තියලා පූජාව කරන්න ඕන.. පාර්ලිමේන්තුවටත් සෙංකෝලය අයින් කරලා ඒ වෙනුවට වාලම්පූරියක් තියන්න ඕන - නමෝ නාරයන් මැති තුමා
 
මට ආන්ඩුව දුන්නා නම් ලයිට් නැති වෙන්නේත් නෑ... කන්න නැති වෙන්නේත් නෑ... බොන්න නැති වෙන්නේත් නෑ... සල්ලි නැති වෙන්නේත් නෑ... ජනතාව නැති වෙන්නේත් නෑ.. - මහින්ද රාජපක්ෂ

 

98 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      මෙහෙම කියමු: අපිට සී.සී.ටී.වී දර්ශන ලැබිලා තියෙනවා මහ රෑ මහින්ද රාජපක්ශ සරම කැහැපොට ගහගෙන විදුලි පද්ධති වලට හානි කරනවා. මේ වීඩියෝ අපි ඇමරිකාවට යවනවා. මේක හොයාගත්තට පස්සේ අපිට විදුලිය දෙන්න පුළුවන්.

      Delete
  2. මම දන්නා විදිහට මේ වගේ ට්‍රාන්ස්ෆොර්මෙර් එකක ආයු කාලය අවුරුදු 30 - 50 අතර. හැබයි ලංකාවේ ට්‍රාන්ස්ෆොර්මෙර් සම්පුර්ණ ධාරිතාවයෙන් වැඩකරන නිසා අවුරුදු 30 හොඳටම ඇති. ඉතින් මේවගේ ලොකු ටන්ස්ෆොර්මෙර් එකක් එක පාරටම පිපිරුවම එවෙලාවේ නිපදවන විදුලියයි පරිබෝජනය කරන විදුලියි අතර ලොකු වෙනසක් ඇති වෙනවා. එතකොට විදුලියේ frequency එක වැඩිවෙන නිසා බලාගාර වල තියන ආරක්ෂක පරිපත ක්‍රියත්මක වෙලා ඒවා නතර වෙනවා. ඊට පස්සේ එකින් එක නැවත පනගන්නවන්න ඕනේ.. හැබැයි මේකට දවස් ගානක් යන්න හීතුව නම් හිතා ගන්න බෑ.. බොහෝදුරට නොරොච්චෝලේ බලරගාරයේ ඔක්කොම තියෙන්නේ චීන භාෂාවෙන් නිසා අපේ අයට කියව ගන්න බැරුව ඇති :)

    ReplyDelete
    Replies
    1. මේ ළගදි ඔක්කෝම ඒවා ඉංගිරිසියෙන් ලියා ගත්තා. ඒත් චීනගේ තාක්සනේ අවුල් තියෙනවා නේහ්.

      Delete
    2. මෙතන පිපිරිලා තියෙන්නේ ට්රාන්ස් ෆෝමර් එක නෙවෙයි ටැප් චෙන්ජර් එක !

      Delete
    3. 88/89 ට්‍රාන්ස්ෆෝමර් පිපිරවීමේ විසේසඤ අනුර කුමාර සහ ලාල් කාන්ති ගෙන් ඇහුවනම් කියලා දෙයි තෙල් බස්සලා ට්‍රාන්ස්ෆෝමර් පිපිරවීමේ කලාව...

      Delete
    4. 88/89 ට්‍රාන්ස්ෆෝමර් පිපිරවීම ඇයි එතකොට වීරවංශ එගැන මුකුත් දන්නෙම නැද්ද ඒකාලේ එයා බබා හුකුන්ද ?

      Delete
    5. විමල් වීරවංශ දන්න කෙංගෙඩියක් නැහැ. ඒකාලේ චූ කොල්ලා. පස්සේ තමා කට්ටිය පුම්බලා උඩගියේ. ඔය සරසා තෙල් බස්සන කලාව ගැන දන්නවානං එෆ්සීඅයිඩීයට ගෙනියලා ඒවා අහගත්තානං හරිනේ.

      Delete
    6. උන් පිලිගන්නවා මේක මේන්ටේන් කලේ නෑ කියලා... ආයු කාලය ඉවර වෙන්න තියෙන්නේ තව අවුරුද්දලු... දැන් ඉතින් කුණුහබ්බ කන්දරාවක් අත අරියි.. මට තියෙන ප්‍රශ්ණේ ඕක නෙමෙයි.. මෙච්චර කාලයක් ඔහොම දේවල් නූනේ කොහොමද කියන එකයි...

      Delete
    7. //මට තියෙන ප්‍රශ්ණේ ඕක නෙමෙයි.. මෙච්චර කාලයක් ඔහොම දේවල් නූනේ කොහොමද කියන එකයි...//

      මීට කලින් බලයේ සිටියේ මහින්ද රාජපක්ෂයි. දැන් බලයේ සිටින්නේ ආප්ප සිරා සහ ගොබ්බ රනිලුයි. අර ගම්මන්පිල කිව්වා වගේ ලයිට්වත් හරියට දීගන්න බැරි ආණ්ඩුව වහාම වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතුයි. මූලික පහසුකම්වත් දීගන්න බැරි ආණ්ඩු මොකටද? නැද්ද මාතලන්?

      Delete
    8. ඒ උනාට ලයිට් තියෙද්දිත් මාර විදියට හොරා කනවනේ අප්පා... ලයිට් නැති උනාම කොහොම කයිද... නේ...

      Delete
    9. කොහෙද බොල හොරා කෑවේ? හරි උඹලා කියන විදියට 90%ක් හොරා කාලා 10%ක් වැඩ කළා කියමු. දැන් යහපාළුවෝ ඇවිත් අවුරුද්දකට වැඩියි නේ. මුන් හොරකම නවත්තලා ඒ සල්ලි සේරම ඉතිරි කළානේ. ඒ කියන්නේ මහින්දයගේ අවුරුදු නමයටම කළාට වඩා වැඩියෙන් මුන් වැඩ කරන්න එපාය. ඇයි බන් 100%ක්ම තියෙනවනේ. අනේ බන් උඹලත් හොඳයි..

      Delete
    10. ලයිට් නැතත්, කන්න නැතත්, වෙනස මාරයි බං... ඒක ඇඟට දැනෙනවා...

      Delete
    11. මේ ආන්ඩුව අප්‍රසාදයට ලක්වුනේ ලයිට් කපන්න ගොඩක් කාලෙකට ඉස්සර.

      Delete
  3. මට ආණ්ඩුව දුන්නානම් රාජපක්ශලා හිරේ යන්නේ නැහැ, හිරේට ලයිට් යන්නෙත් නැහැ, කළු සල්ලි නිසා අපිට කන්න නැතිවෙන්නෙත් නැහැ, සුදු වෑන් නිසා විවේචන එන්නෙත් නැහැ, කහ සිවුරු නිසා පරදින්නෙත් නැහැ, රතු කට්ටිය උඩපනිනෙත් නැහැ, කොල කට්ටිය පක්ෂෙ ඉන්නෙත් නැහැ, දුමින්දට මතකත් නැහැ, මාශලුයි සිරයි ලොවෙත් නැහැ - මහින්ද රාජපක්ෂ

    ReplyDelete
    Replies
    1. ඉයන්,
      මේ ආණ්ඩුව නම් අමු ගොන් හැත්තක්
      https://www.youtube.com/watch?v=sh3Q8NY92rY
      මෙන්න වීරවංස කියපුව, තවම මේවා ටිකවත් පෙන්නන්න බැරිවෙලා තියනවා
      මාතා,
      මේ ආණ්ඩුව කරන්න ඕනේ දේ කරන්නේ නෑ, එච්චරයි.

      Delete
    2. මහින්ද ප්‍රසිද්ධියේ ආන්ඩුව ඉල්ලනවා... මුන් එයත් එක්ක මඟුල් කන්න හදනවා.. ඉතිහාසයේ බිහි උන ගොබ්බම ආන්ඩුව...

      Delete
    3. බුරුමයේ ..සොරි ..මියන්මාරයේත් එහෙමවෙයිද?
      දැන් හිටන් ඉන්නෙ

      Delete
  4. දැන් එතකොට සභාපතිගේ ලියුම බාරගෙන නැද්ද? සක්.. මන් හිතුවා (හරි හෝ වැරදි) මේ සිදුවිමෙන්වත් මේක ට්‍රෙන්ඩ් එකක් වෙයි කියල.. වැරැද්ද බාර අරගෙන ඉල්ලා අස්වෙන එක.

    ReplyDelete
    Replies
    1. බාර ගන්න දෙන්න එපාය... මේවා මේ සෙට් ගේම් නේ...

      Delete
  5. ලයිට් නැතුවට කමක් නෑ අනේ
    -මාතලන්ගේ හාමිනා

    ReplyDelete
    Replies
    1. එයා තමයි වැඩියෙන්ම ආන්ඩුවට බනින්නේ...

      Delete
  6. අර කතාවෙන් එතුමාගේ පැය 9 මොන ආකාරද කියල කියන්න පුලුවන්නේ. අඩු ගානේ අගමැතියා වත් ජනාධිපතියා දැනුවත් කරල නෑ. පැහැදිලියි නේද තත්වය..

    මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්. ට්‍රාන්ස්පෝමර පුපුරන්නේ නිකං නෙමෙයි. බරපතල කේස් එකක් තියෙනවා ට්‍රාන්ස්මිටින් ලයින් එකේ.. ඒක ෂුවර්..

    ReplyDelete
    Replies
    1. මේක කැඳ හැලියක් බං....

      Delete
  7. බල්ටි සහ විසිල් ගසා බලු කපුටු දාන දී සමාජ ජාලා මඩ වලක් කරමින් අමාරුවෙන් අටාවගත්තු ගොන්පාලන ආන්ඩුවේ නොහැකියාව ජනතාව ඉදිරියේ රෙදි නොමැතිව ප්‍රදර්ශනය කෙරේ....

    හත්වලාමෙ වෙච්චි දේට මක් කොරන්න ද?

    ReplyDelete
    Replies
    1. ඊළඟ වියාපෘතිය ගෙවල්වලට සොලෝ පැනල් අනිවාර්ය කිරීම

      Delete
    2. වෙන මොකක් හරි කොමෙන්ට් එකක් දාන්න මෙයා...

      Delete
    3. සා රස,

      මේක ආණ්ඩුවේම වැඩක් වෙන්න බැරිද? මොකද මමත් නිකමට කියන්නේ රනිල්ගේ හැටිම පොදු දෙපල විකුණන් කන්නේ කොයි විදිහටද කිය කිය ට්‍රයි කරන එකනෙ. ඉතින් විදුලි බල මණ්ඩලයේ නම කැත කරලා ඒක විකුනන්ඩ ජන මතයක් හදන්ඩ වෙන්ඩ බැරිද මේක කරේ??? (I think that's much logical isn't it?)

      Delete
    4. // ඉතින් විදුලි බල මණ්ඩලයේ නම කැත කරලා ඒක විකුනන්ඩ ජන මතයක් හදන්ඩ වෙන්ඩ බැරිද මේක කරේ??? //

      :D

      කියනවා වගේ... ඔය රනිල් සහ සමාගම සතේකට විස්වාස කරන්න බැරි ගල් ආඳෝ සැට් එකක්!

      Delete
  8. විදුලිය සම්ප්‍රේශකය කොරන්න අධි වොල්ටීය තාවයක් පාවිච්චි කොරන්නේ, කේබල් හොරුන්ගෙන් ආරක්‍ෂා කොරන්න කියල කව්දෝ කිව්වලු. මෙම සිද්දිය ගැන මාතලංගේ දැනුමත් ඒවගේ එකක්

    ReplyDelete
    Replies
    1. දැණුම තියෙන අය දැන් තුන් සැරයක්ම ලංකාවට දුන්නේ බැටේ... උන්ට වඩා හොඳට පරිපත හදන්න නම් මාතලන් දන්නවා... මෙහෙම ඉංජිනේරුවෝ නම් ස්වාසිලන්තෙත් ඇති.. මට දුන්නත් අවුලක් නෑ.. ටයි එකක් දාගෙන.. තීරුබදු රහිත පෙර්මිට් කාර් එකකින් ගිහින් පඩිය අරගෙන ගෙදර එනවා.. කෙල උනාම .. මක්කා හරි තේරේන්නේ නැති දෙයක් කියනවා... ඔය ආම්ලිකතාවය, බවුමික අන්ඩවාතය වගේ එකක් උනත් අවුලක් නෑ... හැබයි ටටි එක දාලා ඉන්න ඕන...

      Delete
  9. Mathalan , issella danna magulak kathkarana eka hondaya(GMOA wage nathiva).Okata kiyanne total failure hewath blackout kiyaya. Awasan warata black out wune 2009 ta pasuwa 2015 diya. oya transformer eka japan baduwaya. Baduwata avurudu 30 vuntah honda baduwakya. Norochcholai kathawa etthaya. Me welave ara sulang, dara. ira eliyan wada karana buuruwanta evidiyatama karagena yanna honda welawaya.

    Light nethi welawe kotu panina gos ahuwenta epaya.

    ReplyDelete
    Replies
    1. හොරකමේ යන්න වත් බෑ බං... මොකෝ කොයි වෙලේ එයිද දන්නෙ නෑ නේ...

      Delete
  10. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට ලු අපිත් චුට්ටක් බලන් ඉමු නේ

    ReplyDelete
    Replies
    1. පරිස්සමෙන් හොඳේ......

      Delete
    2. වෙන මක්කා කොරන්නද....?

      Delete
  11. සෙංකෝලේ වෙනුවට වාලම්පුරියක් තිබ්බ නං මරු බං.එතකොට අරුන්ට උස්සං දුවන්නත් ලේසිනෙ.සාක්කුවෙ දාගෙන හරි යන්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. ඒකේ ආරක්ෂාවට තව වාලම්පූරියක් කතා නායක ටේබල් එකේ හරි තියන්න වෙයි වගේ...

      Delete
  12. තාත්තාට මේවගේ ගැජට්ටෙකක් ඕඩර් කලානම් අහල පහල මිනිස්සුන්ටත් ඇහෙන්නේ නැතුව, ගෙදර අනිත් අය නෝමල් ගානට සවුන්ඩ් දාගෙන, තාත්තාට කන පැලෙන්න සවුන්ඩ් දාගෙන නිවුස් අහන්න ඇහැකි නේ...

    http://www.ebay.com.au/sch/i.html?_nkw=wireless+headphones+tv&_sop=15

    ReplyDelete
    Replies
    1. ඕවා කොහේද බං... අර කනේ ගහන ඒවා කෑළේට විසි කරලා කූන් කූන් ගානවා කියලා......

      Delete
  13. මොනා වුනත් අර අන්තිමට කියලා තියෙන කතාව නම් ඇත්ත

    //"මට ආන්ඩුව දුන්නා නම් ලයිට් නැති වෙන්නේත් නෑ... කන්න නැති වෙන්නේත් නෑ... බොන්න නැති වෙන්නේත් නෑ... සල්ලි නැති වෙන්නේත් නෑ... ජනතාව නැති වෙන්නේත් නෑ.. - මහින්ද රාජපක්ෂ
    "//

    ReplyDelete
    Replies
    1. දැන් ලොක්කා දන්නවා ගන්න බැහැ කියලා.... ඒකයි දෙන්න කියලා ඉල්ලන්නේ...... ඔන්න ඔහේ දෙමුද බං.........

      Delete
    2. අම්මපා ඉවානයෝ... ඒ යකාට විරුද්ධ වෙන උන්ට ඇර අනික් කාටවත් මෙහෙම පරිප්පු කන්න උනේ නෑ නේ ඉස්සර... ඕන් අද ඉඳලා පවර් කට් එකත් පටන් ගත්තා...

      පව් ඉතින් මුන්ගේ අම්මලා...

      Delete
    3. දීලා දාමු බන් ඊ ළඟ සොඑක බලනකම් ඉස්පාසුවක් නැ මේ ඉන්න කට්ටිය ABCD කියලා හතර වටේ එක්ක යයි .

      Delete
  14. කුස්සියට යන්න ඉදිරියට කක් යන අකුරු දෙක යෙදිය යුතු බවට අපි යෝජනා කරමු.......

    ReplyDelete
    Replies
    1. දැන් කක්කුස්සි නෑ නේ බං... බාත් රූම්, වොස් රූම් නේ තියෙන්නේ...

      Delete
  15. පෙරේද ඉන්න බැරි පාර පොඩි එකාවත් අරගෙන දෙන්නත් එක්ක ගියා හවුස් ඔෆ් පැසොන් එකට...
    ඒකෙ ටිකක් වාතවෙලා ගෙදර එද්දිත් කරන්ට් නැහැ, නාන්න බලද්දී වතුර ඉවර වේගෙන එන ගතියක් දැනුනා...
    නාගෙන කරගෙන ටික වෙලාවක් ඉටි පන්දමෙන් ඉන්න ට්‍රයි එකක් දුන්නා, කොහෙද දාඩිය වැක්කෙරෙනවා...
    බැරිම තැන ආපහු තුන්දෙනත් එක්ක වාහනේට ගොඩ වෙලා AC දාගෙන ටික වෙලාවක් හිටියා...
    කොහොමහරි රෑ ලයිට් එනකල් දුක තමයි රංජනී කියකිය සැටලයිට් ට බැන බැන හිටියා, ඔය ගෑණි ලංකාවට ආවත් හරි. ආපහු ලයිට් කපන්න උනා කියහන්කෝ...
    ඒ අතරින් පතර හුටංලට හිටංලට එහෙමත් ටික ටික පිං අනුමෝදනා කලා...

    තාප්ප වලින් වටවෙලා පොඩි ඉඩක තියෙන කොළඹ ගෙවල් වලට හුලන් පොදක් එන්නෙත් නැහැනේ...
    මෙහෙම ගියොත් පොඩි ජෙනියක් ගන්න වේවි වගේ...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටපන් බන්. නොරෙච්චොලෙ කියන්නෙ බාල වර්ගයේ චීන බලාගාරයක්. ලඟදිම අපේ රනිල්ගෙ යාළු සුද්දගන්ගෙ සහයෝගයෙන් දියුනු නියශ්ටික බලාගාර මෙහෙ හෑදෙනවා. ඊට පස්සෙ අපි රටටම ඉතා අඩු මුදලට ලයිට් දෙනවා.

      Delete
    2. දවස් තුනෙන් නොරොච්චෝලේ හදනවය කියනවනේ... ඉන්ජිනියර්ලා.....

      එතකන් කරච්චල් නැතිව ඉඳපල්ලා

      Delete
  16. ආයෙත් ලයිට් ගියා ඕයි...නෙදකින්...!
    කන්දෙකත් ගොඩ වෙලා මේ මල ඉලව් ජෙනරේටරේ සද්දෙට...!

    කරුමේ කියන්නේ අඩුම ගානේ නියඟෙටවත් බැනහල්ලකෝ ලයිට් කපනකොට..ඒකටත් බනින්නේ හිටපු පාංඩුවටමනේ...!

    හැබැයි මචෝ මේ තග දැමිල්ල..ඒ කියන්නේ නොදන්වා ලයිට් කැපිල්ල අර බිං බෝම්බ තියනවා වගේ ත්‍රස්තවාදී කිරියාවක් නේද...?

    ReplyDelete
    Replies
    1. එහෙම කතා කරන්න එපා මෙයා.... දැන් ටයින් ටේබොල් එකක් දාලා බොහෝම වැදගත් විදියට කපන්නේ...

      කොහොමද මෙගා සිටි එකේ ඉටිපන්දම් කිරි වැකිරි වැකිරි ඉන්න කොට..

      Delete
    2. //කරුමේ කියන්නේ අඩුම ගානේ නියඟෙටවත් බැනහල්ලකෝ ලයිට් කපනකොට..ඒකටත් බනින්නේ හිටපු පාංඩුවටමනේ...!//

      විදුලි බල මන්ඩලේ කරන්ට් ටික මහින්දගේ කරන්ට් එකවුන්ට් එකට ඩිපොසිට් කලාය කියන්නේ...:D

      Delete
  17. අපි ඉතින් දෙයක් උනාට පස්සෙ උත්තර හොයනවා මිසක වෙන්න කලින් හිතන්නෙම නෑ නෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වෙන්න කලින් නෙමෙයි බං... දෙසරයක්ම උනායින් පස්සෙත් ඒකට පිලියමක් හොයන්නේ නෑ... කලින් කේස් එකට පත් කරපු කමිටුව තාම ඒ ගැන හොයනවලු... අවුලක් නෑ පිනට නේ කමිටුව ක්‍රියාත්මක වෙන්නේ...

      Delete
    2. කවුරුවත් දන්නේ නැහැ වෙච්චි දේ. ලංකාවට රී චාර්ජබල් ලාම්පු ගේන එවුන් තමා මේ කුමන්ත්‍රණේ කළේ.

      හරිකේන් ලන්තෑරුමක ගාන අහලා බලන්ඩ මේ දවස්වල. දන්නවද කීයද කියලා? රු 800/- යි. රු 29500 ට තිබුණු 2.5 KV ජෙනරේටර්, අද කුරුණෑගල රු 34700 යි.

      Delete
    3. කුමන්ත්‍රණ කතා චක්‍රවර්ති තුමනි, දාමුද අලුත් පෝස්ට් එකක් "භයානක කුමන්ත්‍රණයක් අංක දෙක - කරන්ටු කට්ටු" කියලා. හැබැයි ඔය තැටිය රත් වෙච්චි වෙලේ රොටි පුච්චගන්න අහිංසකයො නෙවෙයි ඕකට අල්ලමු ආයෙත් පාරක් අන්ත දූශිත මිනීමරු රාජපක්ශ ඩ්‍රැකියුලා රෙජීමය සහ බයගොතා උන්නැහේව?

      Delete
    4. ඔය පැන්සොන්ගිය උදවියට ඉටි කොළවලින් ටෙන්ට් එකක් ගහලා බුරු ඇඳක් දාල එකට කෑම්ප් කියලා බෝඩ් එකක් ගගලා ට්‍රාන්ස් පොමර් තියන තැන්වලට යවමු උන්ට ඒවා ටික හොඳට බලාකියා ගනී පලපුරුද්ධ තියනවනේ

      Delete
    5. කීය උනත් ජෙනියක් ගන්න වෙයි විචා.. ඉදිරිය මීට වඩා අඳුරුයි කියලා ඇතුලේ එකෙක් කිව්වා... මේ යන්ත්‍ර අළුත්වැඩියා කරන්න ලැබුන මුදල් පවා ගසාගෙන කාලාලු ඉංජිනේරුවොයි පාලකයොයි....

      Delete
  18. ආයි නිකන් චන්ද්‍රිකාගෙ කාලෙ වගේ. ඒ කාලෙත් මේ කාලෙ වගේ තමා. කරන්ට් එකත් නෑ. ආර්ථිකෙත් ඩවුන්ද පල්ලම්. රටේ කිසිම සංවර්ධනයක් උනේ නෑ. වෙලාවකට හිතෙනවා රනිලයි මෛත්‍රියයි හිටියට ශෝ එක රන් කරන්නේ චන්ද්‍රිකාවත්ද කියලා.

    ReplyDelete
    Replies
    1. කරුවල ජයසූරිය කතානායක සීට් එකේ....

      Delete
  19. දැන් මුලු රටම අජූතම වෙලා. මිනිමැරුම්, ඇක්සිඩන්ට්, මලගෙවල්, ටැක්ස්, කාලකන්නි දේශපාලනයඥයන්ගෙගෙ මූණූ බලනවට වඩා ලයිට් නැතුව කලුවරේ ඉන්න එක එක අතකට සැපක්. ඇයි ආවොත් රාජපක්ශ රෙජීමයට බනියි නැත්නම් අර රට වටේ පොල් ටොක්ස් දෙන නායකයගේ ගොන් කතා අහන්න වෙනව.

    මහින්ද හොරා කාලා හරි රටෙ උන්ට වැඩක් කලා. කොටින්ම අද ලයිට් නැතුවත් ගෝටා හදාපු මංතීරුවල ලයිට් වැඩ. එකෙන් පේනව මොකා මොනදේ කිව්වත් හරි දෙයක් කලාම ඒකේ වටිනාකම් කවදාවත් අඩු නොවෙන බව. චන්ද්‍රිකා උනත් හූවක් කාලා පච උනේ අවුරුදු ගානක් ගිහින්. ඒත් මේ හාදයො දවස් ගානකින් මෙහෙම කුජීත වෙලා. ආන්ඩුවට සෙත්පතාගෙන රැලියට යන ගොබ්බයින්ට රැකියා දසලක්සේ හම්බවෙයි ඉටිපන්දන්, ගිනිපෙට්ටි කොම්පැනිවල.

    ReplyDelete
    Replies
    1. // ඒත් මේ හාදයො දවස් ගානකින් මෙහෙම කුජීත වෙලා. ආන්ඩුවට සෙත්පතාගෙන රැලියට යන ගොබ්බයින්ට රැකියා දසලක්සේ හම්බවෙයි ඉටිපන්දන්, ගිනිපෙට්ටි කොම්පැනිවල. //

      දීපන්කො මේවට උත්තර

      Delete
  20. සිද්ධිය මේකයි මාතලන් මේ ලගදි බැලන්ස් පොස්ට් එකක් දාල සිරිකොතෙන් ඩිරෙක්ට් බැනුම් අහල අනික මුට ගෙවන්නේ නැහැ කියල ඊට පස්සේ ඉඳන් මු පුක කැඩිච්ච කඩියා වගේ මහින්දට බැන බැන පොස්ට් දානවා.. පව් මාතේ උඹ

    ReplyDelete
    Replies
    1. ඕවා මෙතනෙ ලියන්න එපා බං... පාරේ බැහැලා යන්න බැරි වෙනවා...

      Delete
  21. එකවර මුළු රටේම විදුලිය බිඳවැටීමට හේතුව ලංකාවේ බිදුලි සම්ප්‍රේශණ මාර්ග සැකසීමේදී ලංකාව ඒකීය රටක් ලෙස සලකා ක්‍රියා කිරීමයි. එමනිසා දෙමළ ප්‍රදේශ සඳහා වෙනම දෙමල විදුලි බල සම්ප්‍රේශණ මාර්ග සාදා, දෙමළ විදුලි බලාගාර පිහිටුවා. දෙමළ ජනතාවට දෙමළ විදුලිය ලබාදිය යුතුයි. ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙම කර්ණ ඇතුලත්කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. දෙමළා නලලේ ඉරි තුනක් අඳින නිසා උන්ට තෙකලා විදුලියද... ඒකිය රටක් ඉල්ලා සිටින නිසා සිංහ ලේ ඇති උදවියට එකලා විදුලියද.. කොන කපා ඇති නිසා මුස්ලිම් අයට විදුලිය කපා දැමීමද කල හැක...

      ආන්ඩු ක්‍රම වියවස්තාව හදන අයට යවන්න... හොඳ යෝජනාවක්...

      Delete
  22. 'දෙරණේ රීරී යකා'
    මරු කාඩ් එක...... මැරෙන කං හිනා ඒක දැක්කම....

    ReplyDelete
    Replies
    1. රනිල් ලොක්කා දැන් අරිසෙන් අහබුදු වගේ නම් පොත භාවිතා කොරනවනේ...

      Delete
  23. ලයිට් නැතුව නිදහස් අජ්ජාපනේ අනතුරේ - අන්තරේ
    ලයිට් නැතිවුනොත් නෙලුම්බෝතල් පාටිය ඉක්මනට දැම්මහැකි - කමිත්‍ර
    චැහ්. ඊයෙ රෑ ලෝකෙටම ලයිට් ගියානම් - ඉන්දීය සුපිරි ක්‍රිකට් ටීම්

    ReplyDelete
    Replies
    1. විදුලිය.... දැන් බලන්න ඔතන පදය හැදිලා තියෙන හැටි... විදු + ලිය.... දැන බලන්න ලිය කියන්නේ මොකක්ද... ලිය කියන්නේ කාන්තාව... ගෑණු කෙනෙක් ගෑවුනාද එතනෙ ලෙඩක්.. ඒ නිසා මා යෝජනා කරනවා වල් අලි වන අලි කලාක් මෙන්, විදුලියටද වෙනෙත් නමක් යෝජනා කරන ලෙස...

      Delete
    2. විජ්ජුලතා?

      Delete
  24. මම,මාතලන් ඇතුලු ගොඩක් දෙනාට තියෙන ප්රොධානම ප්ර ශ්නයක් තමයි ගැටලුවක් ඇතිවුනාහම තමන් හිතන විදිහට තමයි වෙන්න ඇත්තේ කියල හිතාගෙන ඒක ඇත්ත කරන්න දන්න ඔක්කෝම ලියන එක.

    විදුලි ඉංජිනේරුවෝ වෙසක් එකට බල්බ් වැල් පත්තු කරන විදිහටවත් වයරින් ගැන දන්නේ නැතුව තමයි මේ සිස්ටම් එක හදල තියෙන්නේ එගොල්ලන්ට මුලික දැනුම දෙන්න ඕන කියල හිතන්න තරම් අපි මොඩ වෙන්න ඕන නැහැ. මම හිතන්නේ ඉංජිනේරුවෝ තියෙන සම්පත් හා වියදම් කල හැකි මුදල් ප්‍රමාණය පිලිබදව තිරණය කරල හදන්න පුලුවන් හොදම සිස්ටම් එකක් තමයි හදල තියෙන්නේ (මෙයිට වඩා හොද සිස්ටම් නැහැ කියල නෙමෙයි මම කියන්නේ) හැම සිස්ටම් එකකම දුර්වලතා තියෙනව. ඒවා දවසින් දෙකෙන් මාසෙන් විසදන්න පුලුවන් කියල හිතනවනම් ඒකත් ලොකු මුලාවක්.

    දෙවැනි එක තමයි මේක කුමන්ත්රනණයක් කියන එක. ඒකත් විය නොහැකිම නෙමෙයි. පරික්ෂණයක් කරල හොයා ගන්නකම් ඒවා කියන්න හොද නැහැ නේද? ඔය මතයෙන් වෘත්තිකයෝ නිකම්ම අපරාධ කාරයො කරනව නේද සමාජය විසින් (කොන්ඩය වගේ වෙනව නේද නැත්නම් කේස් එක අන්තිමට)

    විදුලි ඉංජිනේරුවො කියනදේ විශ්වාස නොකර අපේ මතේම ප්‍රසිද්ධියේ කියන්න ගිහාම කුලියාපිටියේ කට්ටිය වගේ වෙන්නත් පුලුවන් නේද?

    මාතලන්ගෙන් අන්තිමට අහන්න තියෙන්නේ හයිඩ් පාක් එකට ආණ්ඩුවට පක්ෂව UNP කට්ටිය යනකොට පාරවල්වල තද බදයක් හැදෙන්නේ නැද්ද? ශිෂ්යවයන්ට, උද්ගෝෂණ කරන කට්ටියට විතරද ගහල එලවන්න ඕන පොලිසියෙන් මේ වගේ වෙලාවකදි.....

    ReplyDelete
    Replies
    1. විදුලි ඓංජිනේරුවෙක්ම තමයි කිව්වේ නඩත්තුවට ලැබුන මුදල් වලට මොනවද උනේ දන්නේ නෑ කියලා... ඒ වගේම තිබුන සිස්ටම් එක වෙනස් කරපු එක මෝඩ කමක් කියලා... මේ සම්බන්ධ කරලා තියෙන ක්‍රමය වැරදියි කියලා... තිබුන සොෆ්ට්වෙයාර් සිස්ටම් එක විසි කලා කියලා... මාතලන් නිකං හිතුමතේට ළිපි ලියන්නේ නෑ..

      අනික කව්ද කිව්වේ මේක කුමන්ත්‍රණයක් කියලා... මම කිව්වේ කුමන්ත්‍රනයක් නම් කියලා... මේ ආන්ඩුවේ නොහැකියාවට දෙන එක්ස්කියුස් පිලිගන්න මාතලන් කැමති නෑ...

      ඒකට හේතුව පූර්ව නිගමනවල ඉඳගෙන "මාතලන්" කියවන්න එන එක...

      අනෙක් ප්‍රොටෙස්ට් ජනතාවට මල වදයක් නම් අලි පාටියේ ප්‍රොටෙස්ට් එකත් එහෙමම තමයි...

      ඔහේ වගේ ඒකපාර්ෂවික හරකෙක් නෙමෙයි මාතලන් කියන්නේ...

      ඒක නිසා මේක කියවන කොට පිරිසිඳු සිතින් ඕපන් මයින්ඩ් මෙතනට එන්න.. පුද්ගලයා ගැන හිතනවට වඩා ලියලා තියෙන්නේ මොකක්ද කියලා සිහි බුද්ධියෙන් කියවලා කොමෙන්ට් කරන්න...

      Delete
    2. මමනම් ඔබමෙන් මධස්ථ නැත කොහොමත් පාර්ශවියය. මම ලිපිය කියවන්නේද comment දමන්නේද ඒ අනුවය. මට මධ්‍යස්ථවීමට කිසිම අවශ්‍යතාවයක් නොමැත. මටනම් පෙනෙන්නේ මම ලියා ඇති දේවල්වල වරදක් නොමැති බවය,

      මා අසා ඇති ප්‍රශ්නවලට ඔබ ලබා දී ඇති පිලිතුරු පිලිබදව සැහිමකට පත්වෙමි

      ස්තුතියි...



      Delete
    3. මධ්‍යස්ත නැති නිසා නේ බ්ලොග් එක වහලා දාන්නත් උනේ....

      Delete
    4. http://lankasithuwili.blogspot.com/2015/12/blog-post_28.html#comment-form

      ප්‍රදීප් මංගලDecember 28, 2015 at 11:40 PM

      යකාගේ අඩවිය ලියන ලද මධ්‍යස්ථ මතධාරියකු යනුවෙන් තමන්ම හදුන්වා ගන්නා පුද්ගලයකු අනුන්ගේ විවේචනයන් හා රලු අදහස් දැක්වීම් ඉවසා ගැනීමට නොහැකිව තමන්ගේ ලිවීම අවසන් කර ඇත.
      එමෙන්ම තමන් බොලොග් ලීවීමට පැමීණියේ තමන්ගේ අවශ්‍යතාවයක් නිසානම් ඒ අවශ්‍යතාවය ඉටු වෙන්නේ නැත්නම් ඉන් ඉවත්වීම යහපත්ය. එහෙත් අනෙක් සමහරක් පුද්ගලයින් බොලොග් ලියන්නේ සල්ලි වලට අරක්කු වලට මමනම් එහෙම නැත කියා ලිවිමේ තේරුමක් නැත. මෙය මධ්‍යස්ථ මතධාරියාට පමණක් අදාල නැත අනෙක් අයටද අදාලය.
      කට්ටියම තමන්ගේ කාලය කුමක් හෝ තමන්ගේ අවශ්‍යතාවයක් නිසා තමයි බොලොග් ලියන්න හෝ කොමෙන්ට් ලියන්න පෙලබෙන්නේ. සමහරුන් යාලුවො හදා ගන්න, සමහරු සමාජය හදන්න, සමහරු මුදල් හොයන්න නැත්නම් අරක්කු බොන්න නැත්නම් හිතේ සතුටට එහෙමත් නැත්නම් තමන්ට යමක් කරන්න පුලුවන්ද කියල බලන්න වගේ වෙන මොකක් හරි දෙයකට.
      තමන් ලියන අරමුණ අනුව තමන්ට අදාල පරිදි කටයුතු කරනවනම් බොලොග් වලට තෑගි දෙනවද, බොලොග් ලියන මිනිස්සු එකතුවෙලා වෙන වැඩ කරනවද කියන එක අදාල නැහැ.තමන්ගේ වැඩේ කලානම් ඉවරයි.
      දෙවන කරුණනම් කවුරු මොනවා කමේන්ට් කලද තමාගේ අදහස එයින් වෙනස් නොවේ. කමේන්ට් අවශ්‍යනම් ඉවත්කල හැකි අතර ඉවත් කිරීමට අවශ්‍ය නැත්නම් ඒ අයුරින්ම තැබුවාය කියා බොලොග් එක ලියන එකාට මුකුත් වෙන්නේ නැතිය. එමෙන්ම වෙන කවුරුවත් තමන් වෙනුවෙන් පෙනි සිටිමක් මමනම් සිතන පරිදි කිසිවකුගෙන් බලාපොරොත්තුවිය යුතු නැත
      ReplyDelete
      Replies

      ප්‍රදීප් මංගලDecember 29, 2015 at 12:29 AM

      යකාගේ අඩවියේ ලියන ලද සමහරක් කරුණු සම්බන්ධව පමණක් මම එකග වෙමි. සමහර කරුණු සම්බන්ධයෙන් එකගවීමට නොහැකිය

      තවත් කිව යුතුම දෙයක් ඇත.

      කිසිවකු විසින් යමක් ලියා අවසන් කර ප්‍රසිද්ධ කල පසු ඒ පිලිබදව තමන්ගේ පේටන්ට් අයිතිය ලබා ගැනීමට මම විරුද්ධය. අපගේ අදහස වෙන අයකු තමන්ගේ සේ ලියුවාට මටනම් අවුලක් නැත. අපි ලියන වචන වල, අකුරුවල පේටන්ට් අයිතිය කිසිවකු විසින් ලබාගෙන තිබුනේනම් අපිට කිසිදු වචනයක්, අකුරක් ඔවුන්ගේ අවසරයකින් තොරව ලිවිමට නොහැකිය.
      Delete
      Lankika SithuwiliDecember 29, 2015 at 12:59 AM

      ප්‍රදීප් මංගල,

      මෙහිදී ඉතා වැදගත් පාඩමක් අපි ඉගනගත යුතුයි. එනම් අපි කැමති උනත් නැතත් මිනිසුන් විවේචනය කිරීමයි, ප්‍රශ්නය පැනනගින්නේ අපි ප්‍රතිරූපයක් ඇතිකරගෙන ඇත්නම් පමණයි, මොකද ඔබ අන්වර්ථ නාමයකින් ලිපි ලිව්වත් ඔබ මෙය ලියන්නේ ඔබ බව අන් අයට හදුන්වා දුන්නෝත්, විවේචන ඉදිරියේ ඔබ පිඩනයට පත්වෙනු ඇති, මෙය ලියන මටත් කියවන ඔබටත් පොදුයි මොකද අප තුල කෙලෙස් තිබීමයි.

      මා අන්වර්ථ නාමයකින් ලිවීමට මුලික වූ හේතුව ඉහත කියපු පුද්ගලික අපහස වලට මුහුණ දීමට නොහැකි කම නෙමෙයි, මා ඉදිරිපත් කරන්න බල්ලපොරොත්තු වන කරුණු මගේ පුද්ගලික ආරක්ෂාවට හොද නැති නිසා, නමුත් මෙනිසා මට අතිරේක ලාබයක් ඇති උනා එනම් චරිත ඝාතනය කිරීම නිසා මට ඇතිවිය හැකිව තියන අපහසුව සහ පීඩනය මග හැරීමයි.

      //යකාගේ අඩවියේ ලියන ලද සමහරක් කරුණු සම්බන්ධව පමණක් මම එකග වෙමි. සමහර කරුණු සම්බන්ධයෙන් එකගවීමට නොහැකිය//
      මෙය තමයි බුද්ධිමත් සංවාදයක් කියල කියන්නේ එහෙම නැතුව සියල්ල පිලිගත්තනම් හෝ ප්‍රතික්ෂේප කලානම් කෝ සංවාදයක් ?

      //කිසිවකු විසින් යමක් ලියා අවසන් කර ප්‍රසිද්ධ කල පසු ඒ පිලිබදව තමන්ගේ පේටන්ට් අයිතිය ලබා ගැනීමට මම විරුද්ධය.//

      අපි ඉදිරිපත් කරන බොහෝ කරුණු අපි නිර්මාණය කල ඒවා නොවෙයි උදාහරණ මා ලියන සියලු ලිපි බොහෝ ඉංග්‍රීසියෙන් හෝ සිංහල භාෂාවෙන් ලියවුන අනුන්නේ දැනුමයි, නමුත් මෙහිදී මාදකින දෙය පෙන්වීමට උත්සහ කරමි. ඉදිරියේ දීර්ග ලිපියක් ලියන්න සැලසුම් කරනවා ජෝන් ඩී. රොකෆෙලර් පිලිබදව මේගැන සිංහලෙන් ලිපි ලියා ඇති අරුණි ශිප්රෝ ගේ ලිපියත් මා ලියන ලිපියත් අතර බොහෝ පරස්පරතා ඇති නමුත් මේ සංසන්දනය බොහෝ අයට අලුතින් හිතන්න යමක් ඉතිරි වේවි.

      වැදගත්ම දෙය තමාට ඇති විවේක කාලයේදී පහසුවෙන් තම අදහස ඉදිරිපත් කිරීමයි.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. හැක...... හැක...... හැක......

      ප්‍රදීප් මංගල පව් ඕයි...

      ප්‍රදීප් මංගල නෙමෙයි.... අවමංගල කියලා දාගනින්....

      Delete
  25. //මට ආන්ඩුව දුන්නා නම් ලයිට් නැති වෙන්නේත් නෑ... කන්න නැති වෙන්නේත් නෑ... බොන්න නැති වෙන්නේත් නෑ...// අම්මපා ඇත්ත. මේ ආණ්ඩුවට නායකයෝ වැඩියි. හරියන්න හරි වරදින්න හරි ඉන්න ඕනේ එක නායකයයි.

    ලයිට් කැපුවට කමක් නෑ පෙට්‍රල් මිළවත් අඩු කලානම්. රස්නේ උහුලාගන්න බැරි නිසා පෙරේදා වරුවක්ම ගෙදර අය හිටියේ කාර් එකට වෙලා AC දාගෙන.

    ReplyDelete
    Replies
    1. මාර රටක්නේ මේක... කොහොම ධනපතියෝ ඉන්න රටක්ද නේ...

      Delete
  26. ඒ උනාට විදුලි බල මණ්ඩලේ එකාලට දෙන පඩි, පහසුකම් , දවසක පැය දහ අටක් විතර වැඩ කරන පෞද්ගලික අංශයේ සේවකයෙකුටවත් නෑ. මම කියන්නෙ අවදානම් වැඩ කරන අයට ගෙවන්න ඕනේ. ඒත් දවසකට පැය අටක් වැඩකරන අයට කාර්යාලීය සේවකයන්ට?

    ReplyDelete
    Replies
    1. ඔහේ කිව්වට පඩි මදි ඇති... ඒක නේ මෙහෙම වෙන්නේ....

      Delete
  27. \\...මේක පුතේ අර නායක හාන්දුරුවන්ගේ ආදාහනේ බලන්න බැරි වෙන්නේ ක්‍රිස්තියානී කාරයෝ කරපු වැඩක් - අපේ අම්මා...//

    අඩෝ මිස්ටර් මාතලන්. උබේ මව්තුමියගේ ප්‍රකාශය තමයි බන් හොඳම ටෝක් එක. එත් කමක් නෑ මචෝ පවර් කට් කලාට. මහින්ද මාමි යුද්දෙ ඉවර කොරානේ.. ((තනියම) නෑ වැරදුනා. යෝෂිත බබාත් එක්ක.))

    ReplyDelete
    Replies
    1. අම්මා මලේ හොඳම එකෙන් ඉන්නේ....

      Delete
    2. ඇයි වද මල වගේ වෙලාද

      Delete
  28. පැය නමයක් ලයිට් ගියා . මාස නමෙන් පස්සේ උපත් කීයක් වඩිවේද දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. සිංහ ලේ නම් අවුලක් නෑ..... අනික් ලේ නම් තමයි කචල්...

      Delete
  29. අපිට අවුලක් නැත රට පිට නිසා

    ReplyDelete
    Replies
    1. එහේ කරන්ට් එක නැති වෙන්නේ නැතෙයි....

      Delete
  30. Yahapalanaya's fool-proof plan to bring in Investors

    1. Cancel or put on hold major projects agreed to by government. Nothing inspires more confidence in investors than a government that renegades on official agreements.

    2. Scream abuse at potential investors in public. Nothing is more attractive to an investor than being harangued by the prime minister of a potential investment destination. Good work Ranil Wickremesinghe.

    3. Introduce random taxes such as extortion taxes and retrospective taxes. Which investor wouldn't like having their money stolen away by a desperate and incompetent government?

    4. Demand commissions and greased hands for project approvals. Investors love that. They. love. that.

    5. Ensure the electricity supply is unreliable with 8 hour power cuts. Because businesses and factories do best when productivity is non existent. No time and money wasted at all.

    6. Deploy the army to ‘protect’ electricity transformers. This gives a wonderful message of safety and security to potential investors. No feeling of being in a country under siege at all.

    7. Bring back road blocks and random checks in the capital city. To investors this a sure sign a country is on the path to economic growth and recovery after a war.

    8. Destroy the national economy, crush it and then burn it for good effect. Investors love placing their money in countries that are going nowhere.

    9. Destroy the stock market and pound it into the ground. Hey, things can only go up from here right?

    10. Get downgraded by major credit rating agencies such as Fitch and Standard & Poor's. This inspires great confidence in investors.

    Everything is looking up for Sri Lanka! As Chandrika said, foreign investors are just waiting to pour into Sri Lanka because of Yahapalanaya. The future looks so promising for our country.

    Yahapalanaya shines. It shines so bright.

    ReplyDelete
    Replies
    1. It seems this government Does not have a king but full of FU…KING’s

      Delete
    2. //It seems this government Does not have a king but full of FU…KING’s //

      ඒ අඳෝනාව යහපාලනේට චන්දේ දී කමක් නැහැ මහින්ද ගෙදර යැවුවනේ කියා තම සිත රවටාගන්නා හාදයෙකුගෙනි!

      Delete
  31. මක මගේ ඊලග චිත්‍රපට ප්‍රචාරණයට කරපු වැඩක් - මයිකල් බේ, ට්‍රාන්ස්ෆෝමර් අධ්‍යක්ෂක.

    ReplyDelete
    Replies
    1. අම්මපා නොවෙන්නත් බැරි නෑ...

      Delete
  32. ඉතාමත් වැදගත් ලිපියක්. තාර්කික කරැණු සහ දත්ත රාශියක් මත පදනම් වෙලා තියෙනවා. කෙතරම්ද තාර්කිකද යත් පශ්චාත් උපාධි නිබන්ධනයක මූලාශ්‍ර ලිපියක් ලෙස යොදා ගැනීමට පවා සුදුසුයි.

    ReplyDelete
    Replies
    1. එහෙම ගන්නවා නම් ලයිට් තියෙන වෙලාවක ගන්න... නැත්නම් කළුවරේ වෙන එකක් ගනීවී....

      ලංකාවේ උපාධි නිබන්ධනයකට නෙමේ නේ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න