.

.

Mar 31, 2016

මරාගෙන මැරෙන්න සිතීම - The Mind Of A Suicide Bomber



මුලින්ම ඇමරිකානූ ඩොලරය රුපියක් 150 දක්වා ගෙනගොස් අපේ රටට විශාල ගෞරවයක් අත් කර දුන් ඒ හයිබ්‍රිඩ් ආන්ඩුවට අපේ ප්‍රණාමය මේ අවස්තාවේදි පුද කර සිටිනවාය. අප බලාගෙන සිටින්නේ මේ ආර්තික විජ්ජා කාරයෝ ඩොලරය සුපියල් 200 දක්වා ගෙන ගොස් අපේ රට ළෝකයේ ආර්ථික අතින් ශක්තිමත් රටක් කරනා තෙක්ය. ඒ දවස වැඩි කල් නොගොස් උදා වේවා කියා මාතලන් බොක්කෙන්ම ප්‍රාර්ථනා කොරනවාය.

දෙවනුව, නෙළුම් යාය සම්මාණ උළෙලේදී සම්මාණයට පාත්‍රවූ සියළුම බොග දමන්නන්ට හා දමන්නියන්ට සුභ පතා සිටිනවාය. එමෙන්ම ඒ වෙනුවෙන් කැපවූ සියළුම් දෙනාට මාතලන්ගේ මෙව්වා එක, මේ වෙලාවේ පිරිනමා සිටිනවාය. ඔය ඇනෝ ඇවිත් බජට් ඉල්ලන්නේ අලි පාටියේම උන් වෙන්න පුළුවන්ය. මොකෝ උන් මේ දවස් වල ඉන්නේ සල්ලි නැතිව පිච්චු පීකුදු වෙලාය. ඒ නිසා ඒ ඉන්පොමේසොන් ඔහොම ඉල්ලුවාට දෙන්න එපාය.

මරාගෙන මැරෙණ ඇඳුම් කට්ටලේ

ඊයේ කොහේදෝ කච්චේරියක තීලා සුවිසයිඩ් කිට් එකක් හම්බ වෙලාය. හින්ගලෙන් කියන්නේ මරාගෙන මැරෙණ ඇඳුම් කට්ටලේ කියලාය. එයිටාමතරව පැති බෝම්බයි අර බෝම්බයි මේ බෝම්බයි පුපුරණ ද්‍රව්‍යයි බුලටුයිත් තිබුනා කියා ටැලිවිසොන් වලත් පෙන්නුවේය. ඒවා අළුත්ම ඒවා කියා ඒ අස්සේ පත්තර කාරයෙක් දැකලා තියෙනවාය. තවත් දේස හිතයිසී පත්තර කාරයෙකුට හමුදාවේ ලොක්කෝ කියලා තිබුනේ මාළු ප්‍රිජ් එකෙන් එලියට ගන්නේ, උයලා කන්නට මිස, බල බලා ඉන්නට නෙමෙයි කියලාය. හැබයි එයාට එහෙම කියාපු ලොක්කෝ කව්ද කියලා නම් ඒ පත්තරේ තිබුනේ නැතිය.

මරාගෙන මැරෙන්න හිතෙන කතාව කියලා තිබුනේ ආරක්සොක ලේකම් තුමාය. එයා කියලා තිබුනේ යුද්දෙන් පස්සේ හැමදාම වගේ මරාගෙන මැරෙන කිට් වගේම අවි ආයුධත් හම්බ වෙනවා කියලාය. ඒ උනාට තවත් පත්තරේක කියලා තිබුනේ මේ හොර කොටියා බඩු ගෙනැවිත් තිබුනේ තමාගේ හොර හාමිනාගේ ගෙදරට බවත්, බඩු භයානක බව දැක්ක ගමන් ඒ බඩුව, ඒ බව පොලෝසියට කියාපු බවත්ය. ඇත්තම වැඩේ නම් ඒ කෑල්ල ඕක දැක්කේ නැත්නම් සම හරක් විට "දඩෝං.." ගා පත සද්දෙකුත් එක්ක, ආරක්සොක ලේකම් තුමාම නිවනට යන්න තිබුනා කියන එකය. මේ වගේ ලේකම්ලා දැක්කාම ඔහේලාට වගේම මටත් මරාගෙන මැරෙන්න හිතෙනවා ඇර වෙන මක්කත්ම හිතෙන්නේ නැත්නම් ඒකත් මහා පුදුමයක්ය.

ජීනීවා වන්දනා ගමන්

ඔය ඇඳුම් කට්ටල වැල්ලවත්තට ගේන්න ඉඳලා තියෙන්නේ ජී ඇල් පීරිස්ය. සම හරක් විට මේක එයාලාගේ ගේමක් වෙන්නත් බැරි නැතිය. මොකෝ එයාලා බලාගෙන ඉන්නේ කොයි වෙලේ හරි ආයෙත් බෝම්බයක් පිපිරෙනකන්ය. ඒ අපේ හින්ගලයන්ගේ හැටිය. එහෙම නැහ්නන් අපේ හිංගල කමෙන් මෙළෝ ඵලක් නැතිය. පොල් ගහලා හරි ගියේත් නැති නිසා, එයාලා දැන් ජිනීවා යන්නේය. ඒ කාලේ එයාලා කිව්වේ අපේ පුරස්න අපිටම විසඳා ගන්න පුළුවන්ය. ජිනීවා වල අරෙහෙ මෙහේ ඉන්නා හාල් පාරුවෝ එයාලාගේ වැඩ බලාගෙන උන්නාම අහවරය කියලාය. ඒ උනාට දැන් කතා නායක එක්ක තියෙන ප්‍රශ්ණේ විසඳගන්නත් එයාලා ජිනීවා යනවාය. මට බය තියෙන්නේ අර ගොන් බන්ධුලයා ජිනීවා වලත් පොල් ගහන්න, එහේ පොල් ගස් හොයන්න යයිදෝ කියලාය. මේවා දැක්කාම ජී ඇල්ලාටත් එකක් දී, මටත් එකක් බැඳගෙන මැරෙන්නම හිතෙනවාය.

හාල් පාරු මහින්දලා

සම හරක් හිතන්නේ මහින්ද කියලා නම තිබුන පලියට හැමෝම මහින්ද රාජපක්ෂලා කියලාය. ඉතින් එහෙම හිතලා සම හරක් හාල් පාරුවෝ සංධාන වල ලේකම්කොම් අරගෙන මහින්ද වගේ ඉස්ටේජ් වල කතා කොරලා පක්සේ ගොඩ ගන්න යනවාය. දැන් සිරි ලංකා එක අයිති සැටලයිට් නෝනාටවත්, සිරිසේන ලොක්කාටවත් නෙමේය. මහින්ද ලොක්කාටය. 

හයිඩ් පාක් යන උන් පෝක් වාගේ මාරගෙන කනවා කියාපු උන් දැන් ගලේ රීපු බළල්ලු වගේ කටයි පුකයි දෙකම වහෙගෙන හත් පොලේ ගාගෙන ඉන්නේ ඒ නිසාය. ඒ නිසා එයා නැතිව කොරන්න යන ඒවාට දැනට හම්බ වෙන්නේ අපේ ජාතික ගීය සජ්ජායනා කිරීම හා මාළු පාන් පමණය. ඉදිරියේදි ගඩොල් භාග හා ගල් පෝරියල් මෙන්ම අසූචී ස්නානයන් උනත් ලැබෙන්නට බැරි නැතිය. මේ හාල් පාරු මහින්දලාගේ ගොන් පාට් දැක්කාම අම්මපා මට මරාගෙන මැරෙන්නම හිතෙනවාය.

ඕන ගොනෙකුට ඇමති කම් කොරන්න පුළුවන් වීම

ඔන ගොනෙකුට ඇමතිකොන් කරන්න පුළුවන් කියා හිතාගෙන උන්නාට, සම හරක් උන්ට එහෙම කොරන්න බැරියෙයි කියා ඊයේ පෙරේද වාර්තා උනේය. ජෝන් බාස් කෙනෙක්, ඝෝඨා පුක ඉරාගෙන හදපු මංතීරූ ගලවලා, අමු ගොන් තකතීරූ වැඩක් කොරලාය. අනෙකා කියන්නේ එයාට ලක්ෂෙන් ජීවත් වෙන්න බැරියෙයි කියලාය. තොපිට ලක්ෂෙත් මදි නම්, ඉන්නවා යයි කියන දවසට ඩොලර් දෙකෙන් ජීවත් වෙන උන් 40%, කන්නේ, ජීවත් වෙන්නේ, කොහොමද කියලා අපට පොඩ්ඩක් කියලා දුන්නා නම් බොහෝ වටිනවාය. එහෙම කියනා කාලකන්නි දුප්පතාගේ එකම ආහාරය වන පාන් ගෙඩියටත් පුකේ ගෙඩි එන්නම කෙලලා අරිනවාය.

අනික ඉතින් අපිට කියන්න තියෙන්නේ ඇමති කමකුත් හම්බ වෙලා, පඩියෙන් විතරක් ජීවත් වෙවි, මළ අඬෝවැඩියා කිය කියා අපට පව් දෙන්නේ නැතිව, ඇමති කම් අරගෙන රජවරු වගේ අදටත් බැබබලි බැබලි ඉන්නා බැසිල්, රත්තරන්, මහින්දානන්ද, වීරවන්ස සහෝදරයා වගේ අයගෙන් එහෙම කරන්නේ කොහොමද මචෝ කියලා අහගන්නා එක හොඳයි කියලාය. අපට නම් අළුතෙන් ටියුසොන් ගන්න දෙයක් නැත්තේ, අපේ ආර්තික විජ්ජා ටියුසොන් සෑර් 2500 න් ජීවත් වෙන හැටි ඒ කාලේම අපිට කියලා දීලා තියෙනා නිසාය. මෙහෙම ගොන් බාන් දැක්කාම, මුන්ව පත් කරපු එකට දුක හිතිලා, මරාගෙන මැරෙන්න හිතෙනවාය.

පොසිටිව් තින්කින්

ඒ අතරේ ආන්ඩුවට ප්‍රොසන්සා කොරන්න පුළුවන් ජාතියේ වැඩකුත් මෙයාලා කොරලා තියෙනවාය. ඩොලර් එක 150 ට ගිහිල්ලා කෙල වෙලාම ඉන්න වෙලාවේ, ඇවන්ගාඩ් වාගේ පොජෙක්ට් එකක් පටම් අරගෙන තියෙනවාය. සඟවාගෙන තිබෙනා අවි ආයුධ බාර දෙන්න සති දෙකක් දීලා තියෙනවාය. එහෙම දෙන ඒවාට පොඩි ගානකුත් දෙනවාය. මේ ගෝනි බෝතල් වෙළඳාම සම හරක් විට එජාපයේ ආර්ථික උස්තාද්ලාගේ අයිඩියා එකක් වෙන්නත් පුළුවන්ය.

ඇත්තටම දැන් මේ වගේ මරාගෙන මැරෙණ කට්ටල වලට, ටී ඇන් ටී වලට හොඳ ඉල්ලුමක් තියෙනවාය. මේවා හොඳ ගානකට අයිසිස්ලාට විකුණනන පුළුවන්ය. එයිටාමතරව ආදරය වෙනුවෙන් ප්ලේන් හයි ජැක් කරනා උනටත් මේවා විවෘත වෙළඳ පොලේ විකුණා මුදල් බවට පත් කොර ගන්න පුළිවන්ය. ආයෝජකයෝ එකෙක්වත් මෙහේ පැක්ටරි දාන්න එන්නේ නැති එකේ. පුනරුත්තාපනය කල ඇල් ටී ටී ඊ උනුත් අල්ලගෙන සුවිසයිඩ් කිට් හැදුවා නම්, මේ අවුරුද්දයි මාස 3ට,  මහින්ද මහත්තයා හම්බ කලා කියන ගානටත් වඩා ගානක් හොයාගෙන, විදේස ණයත් පියවලා, විදේස සන්චිතත් වැඩි කරගෙන, ලක්ෂේ වෙනුවට මිලියනයක පඩියකුත් අරගෙන හෙලිකොප්පරෙන් කිරිඇල්ල පැත්තේ රවුමකුත් යන්න තිබුනාය.

100 comments:

  1. සංවේදී කතාවක්, හිතට දැනුනා ගොඩාක්.

    ReplyDelete
    Replies
    1. බලාගෙන... ගොඩක්ම අප්ෂෙට් වෙන්නත් එපා...

      Delete
    2. ජහපාලනේට රෙදි නැතුව කඩේ ගිය ගෝතලංල
      පොස්ට් දම්මෙ නං රනිල් හරි මොල කාරයා
      රට හිටු කියල දියුණුකරල ගන්නවා කියල

      Delete
    3. ගිය ආන්ඩුවේ ලෝක හොරෙක් හිරගෙට
      කුමාර් ගුණරත්නම් වසරකට ඇතුලට

      Delete
  2. මට හිතා ගන්න බැරි මේ සිංහල පත්තරයකින් ඔතා තිබුණාය කියන කතාව අවධාරණයෙන් කීමේ හේතුවයි.

    නිපුන, අරලිය වැනි සහල් උරයක දමා තිබුණා නම්?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දැන් හින්ගල පත්තර යාපනේ නොමිළේ දෙනවා කියන එක නේ...

      තේරුනාද මන්දා.....?

      Delete
    2. ඒක 2008 පළ වූ ලංකාදීප පත්තරයක් ලු නේද?

      Delete
    3. ඒ කියන්නේ ඒ කාළෙත් දෙමළට හින්ගල පත්තර දීලා තියෙනවා කවුරු හරි නොමිළේ....

      Delete
    4. සීන් එක ගැන යාපනේ ජර්නලිසෝ සෙට් එකක් එක්ක මං කතා කොළා.. උංට අනුව නං මේක ලෝක ගේමක්

      Delete
    5. // උංට අනුව නං මේක ලෝක ගේමක් //

      "යොන් මැරිල්ල" ගැන අසා ඇතැයි සිතමි!

      Delete
    6. ඔය කියන යාපනේ මාධ්‍යවේදීන් ඇත්ත කියයිද. උන් කියන්නේ TNA කියන එකමයි.

      Delete
    7. ඇනිමනැසා ද මොකාද එකා දන්නෙ නැති බයිල කතා නොකර ඉඳීම යහපත්... යාපනයෙ මාධ්‍යෙව්දියෝ කියලා එක මතයක නෑ... මෙහේ මාධ්‍යෙව්දියෝ වගේ තමයි.. මං කතා කළේ ප්‍රෙස් ක්ලබ් එකේ අය එක්ක... උන් එක්ක ටීඑන්ඒ පට්ට තරහයි... උන් ටිකක්හරි සමීප ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් එක්ක...
      ටීඑන්ඒ කියන එක කීම බොරු නෙවෙයි කියන එක අනිත් කාරණේ... ටීඑන්ඒ මෙහේ දේශපාලුවො වගේම මිනිස්සුන්ව විකුණං කෑවත් ශ්‍රීලනිප තරං බොරු කියන්නෑ මයෙ හිතේ...

      Delete
    8. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් කියන්නේ අමු ජාතිවාදියෙක්.

      Delete
    9. @උඩුවා

      උඹ උබේ පත්තරේ ප්‍රධාන කතෘට අනුවද "ලෝක ගේමක්" කියල කිව්වේ ? හැබැයි දැන් පොඩ්ඩක් ස්ක්‍රිප් එක වෙනස් වෙලා, දැන් කියන්නේ මාළු මරන්න අරන් ආව කියල. උඹත් එකම කියහන්, බොරු දෙකක් සමාජ ගත කරන කොට ටිකක් විතර චාටර්. සිරිකොතේ කොදිනේටර්ට කතා කරපන් වැඩේ අනන් නැතුව.

      Delete
    10. @උඩුවා
      තම වර්ගයට එරෙහි වීම මානසික රෝගයක්. ලෙඩේ වැඩිවුනාම මේ තත්වයට වුනත් වැටෙන්න පුළුවන්.
      http://www.dailymail.co.uk/news/article-2411152/Lucy-Vallender-Former-male-TA-soldier-UKs-transgender-Muslim-woman-MARRIED.html

      Delete
  3. මාතේ ඔය වගේ හතර අතේ හරියට ගහපන්. 100% එකඟයි.

    ReplyDelete
    Replies
    1. මාතේ කව්ද කියලා දන්න උන් දන්නවා මචෝ....

      Delete
  4. ජී. ඇල් පප්පා "දේශප්‍රේමියෙක්" වු හැටි හරි පුදුමයි

    ReplyDelete
    Replies
    1. ගෙදරට වෙලා නිකන් ඉන්න කම්මැලි ඇති... ඒක නේ රට ගිනි තියන්න එන්නේ පිස්සු විතාරණලත් එක්ක...

      Delete
  5. යහපාලන පොලෝසිය දැන් බෝම්බ අල්ලන්න එන්නේ නැති බව දැන, බෝම්බ මල්ල ගන්ජා මල්ලක් යැයි කියා පොලෝසීයට ටිප් එක දුන් වයිපරේ ට අපේ ඉස්තූතිය!

    ReplyDelete
    Replies
    1. අපේ නානසාර හාන්දුරුවන්ලගෙ කෑල්ලක්ද දන්නේ නෑ... එක්කෝ මහින්දට ලව් කරන කෑල්ලක් වෙන්නත් බැරි නෑ...

      Delete
  6. අර පින්තූරේ ගැන මොකවත්ම කියන නෑනෙ

    ReplyDelete
    Replies
    1. මට මතක් උනේ ඒ කාළේ ඩෝස් හදාගෙන ආපු ප්‍රොස්ලා....

      Delete
  7. කිරි ඇල්ල ගේ කිරිපල්ල මෙව්වා වෙලාද ලස්සය මදි. නොමිලේ සම්භාහනයත් දැන් ලැබෙනවා කියන්නේ ඔය මංතිරිගොල්ලට

    ReplyDelete
    Replies
    1. ඉස්පා නම් දැන් හැම තැනම.... අමාත්තියන්සවල ඕක පටන් ගත්තේ ගාමිනි දිසානායක උන්නැහේ නේ... ඒකත් ඉතින් වරප්පරසාදයක් කියලා ඕන් ඔහේ ඉවසාන ඉඳිමු අප්පා....

      Delete
  8. ළමාතන් මොකද්ද අර උඩින්ම තියන බජට් අවුල හොරුන් ගේත් හොරු බජට් ඉල්ලන්නේ සල්ලි අවුලක් ද
    බස්සහන් උඹේ ගු/පුරේ සෙට්ටෙක ආරක්සාවට කෝකටත් කියලා උන්ට පැකට් 2- විසි කරාම හොදටම ඇති නෙ
    ඇඩ්වාන්ස් දීලා වැඩේ කරගත්තානම් ඉතිරිවට පොලු තිහාන් ඕකුන් ආයි ඔන වෙන්නේ ඊළඟ අවුරුද්දෙනේ .
    ඔය ලඟම ඇලන් රාමේ සෙට් එක එදා එතනට බැස්සාද? අලි ගේමට කීයක්හරි හොයාගන්න ක්‍රමේ දැනගන්නද නැතිනම් වැඩිපුර තියනවනම් කියක් හරි ඉල්ලගන්නද දන්නේ නැ පෙනවිදිහට කරුවගෙ වැඩක්ද අනේමන්දා ගෙන් අහන්න ඕනේ දැන් එකෙක්වත් සුවර් නෑ

    ReplyDelete
    Replies
    1. මාතලන්ටත් මාතලන්ව ෂුවර් නැතුව ඉන්නේ බං....

      Delete
  9. ඊයේ නෙත් එෆ් එකේ වාසුත් එක්ක සාකච්ඡාවක් තිබුනා. එකේදි වාසුගෙන් අහනවා ජිනිවා කලකදි වහ වෙලා දැන් රහ වුන එක ගැන. පිස්සු උත්තර ටිකක් දුන්නේ මිනිහා ඔය ගැන. පොරට නම් පිස්සු තද වේගෙන එනව වගේ.

    ReplyDelete
    Replies
    1. දැන් එකස්පයර්ඩ් බඩු නේ.... මැන්ටල්...

      Delete
  10. මරා ගෙන මැරෙනවා නම් කරන්න ඕනිම දෙයක් තියනවා. ඒ මොකක්ද දන්නවාද???? ලක්සයක් මදි වෙලා අමාරුවෙන් ජීවත් වෙන දේසපාලුවෝ එක්කම මරාගෙන මැරෙන එකයි.........

    ReplyDelete
    Replies
    1. කරුමෙට ප්‍රභා මලා නේ... ඌගේ වටිනාකම දැනුයි දැනෙන්නේ....

      Delete
    2. නිමල්, වාසු, දිනේශ් කියන කතාවක් වගේනේ.... මට හිතෙනවා ඒ අයත් මෙහෙම කියනවා ඇති කියලා....
      “අනේ ප්‍රභා හිටියනම්"
      ප්‍රබා

      Delete
  11. රුපියලේ අගය අඩුවීම ලොකු ප්‍රශ්ණයක් වන්නේ කෙසේද? ආර්ථික විද්‍යා සංකල්ප අනුව රුපියල අවප්‍රමාණය වීමෙන් ආනයන මිල අධික වීමත් එමගින් ආනයන අඩු වීමත් අපනයන මිල අඩු වීමෙන් අපනයන වැඩිවීමත් සිදුවනවා. මීට අවුරුදු කිහිපයකට කළින් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඕස්ට්‍රේලියානු ඩොලරය ඉතා වැඩි අගයක තිබුණා. ඒ කාලේ ඇමෙරිකන් ආර්ථිකය ඕස්ට්‍රේලියානු ආර්ථිකයට වඩා අමාරු අඩියකයි හිටියේ. ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ අපනයන කරුවන් බොහොම කනස්සල්ලෙන් තමයි හිටියේ, එය අපනයන වලට තදින් බලපාන නිසා. නමුත් අද වනවිට ඕස්ට්‍රේලියානු ඩොලරය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව බොහෝ දුරට අවප්‍රමාණය වෙලා. එය තවදුරටත් අවප්‍රමාණය විය යුතු බවයි ඕස්ට්‍රේලියානු ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ. මා දන්නා පරිදි ලංකා රුපියල 100%ක් ම නිදහස් ලෙස විනිමය වෙළඳපොලේ පාවීමක් වන්නේ නැහැ. එසේ පාවන්නට ඉඩ හැරියොත් තත්ත්වය මීටවඩා වෙනස්වන්නට පුළුවනි.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණයද ? අපි නයට අරං කන එක . පාන්, පරිප්පු ,හාල් මැස්සෝ, බී ළුෑනු ආදී අතවශ්‍ය ආහාර ඔක්කොම ඩෙලරය වැඩිවීමත් සමඟ වැඩිවීමට නියමිතයි. !

      Delete
    2. අනේද කියලා ඉතින් ඔසියන්ට පාන්ද නයට අරං කන එක

      Delete
    3. ආනයන අඩු උනොත් හොඳයි තමයි හැබැයි කන්න වෙන්නේ හුළං. ඔසී වල අපනයන කරුවෝ හිටියට මෙහෙ ඉන්නේ ඔක්කොම ආනයන කරුවෝ.. ඒකයි අවුල..

      Delete
    4. පාවෙන්න ඇරියොත් රුපියල හොයා ගන්න වෙන්නේ සිම්බාබ්වේවලින් හරි කෙන්යාවෙන් හරි තමයි....

      මේක නිශ්පාදනයක් තියෙන රටක්ද... කෘෂි නිශ්පාදනයක් කියලා එකක් තියෙනවා පටන් ගැනීමේ සිට මිළදී ගැනීම දක්වා සියල්ල රජයේ සහනාධාර...

      Delete


    5. China’s money killing two cows every minute in Australia
      With funds from selling a stake in the business to a Chinese meat processor, Bindaree says it could double its daily cattle cull to 2,400. That’s almost two a minute, day and night.
      yahoo finance Wed, Mar 30, 2016

      Delete
  12. මෙයින් මතු ගෑල්ලමෙක් ගාවට යනකොට අත පස්සට කරගෙන එනවානම් අර ජාතියේ බොම්බ් ස්ක්වොඩ් කිට් එකක් ඇඳගෙන ගියාම හරිය.....
    කොහෙන්ද මචෝ පොටෝ කෑල්ල බා ගත්තේ..කෝ ක්‍රෙඩිට්..?

    ReplyDelete
    Replies
    1. ගෑණු අය නම් ඉතින් කොහොමත් බෝම්බ නේ.... කොයි වෙලාවේ පුපුරයිද දන්නේ නෑ....
      පොටෝ එක ගත්ත එකා ගේමට එයිද දන්නෙ නෑ....

      Delete
  13. මලත් මොකද අරවගේ සුවිසයිඩ් කෑල්ලක් අතින් නම්..

    ReplyDelete
  14. කිරිඅල්ලයා නම් S B ලටත් අන්ත විදියට පිච්චු කෙළින්නේ, විමලය කියන්නේ ඔය බෝම්බ ගෙනාවේ අමෙරිකාවෙන් නෙවෙයිලු. මොකද ඒ ගොල්ල රටට කරන කොට විතරලු ඇමෙරිකන් කුමන්ත්‍රණ එන්නේ.
    සම්මාන උළෙලේදී බෝග අයින් කරගත්තා කියල දැනගත්තා, ඒ කට කුකුළගේ හදපිරි මෙව්වා එක පුදකරනවා.

    ReplyDelete
    Replies
    1. කතා කරන කොටත් පොඩි අවුට් ගියපු කේස් එකක් තියෙනවා තමයි....

      Delete
  15. අවුලක් නෑ... තව ටික දවසයිනෙ.ත්යොරතුරු දැනගැනීමේ පනතේ ආනුභාවය පෙන්නලා ආරක්සක අමාත්‍යාංශ ලේඛම් , මුදල් අමාත්‍යාශ ලේඛම් ගෙන්නලා දණගස්සලා සියලු තොරතුරු දැනගෙන සැක හැරගන්න හුදී ජනයාට අවස්ථාව ලැබෙනවා නෙව..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ දැන ගන්න කොට පෙරහර ගිහිල්ලා තියෙයිද....?

      Delete
  16. ආණ්ඩුවටත් බැනල, විපක්ෂයටත් බැනලා ඉතුරු හරියට හම්බවෙන හැම එකාටම බැනගෙන බැනගෙන ගියා කියලා ඩොලරය අඩුවෙන්නේ නැතිය, ඩොලරය අඩුවුනා හෝ වැඩිවුනා කියලා අමුතුවෙන් දෙයක් මේකට වෙන්නේත් නැතිය. එන්න එන්න මිනිස්සුන් හුදකලා වෙනවා සහ පිඩනයකට පත්වෙනවා හැර වෙන කිසිවක් මේ යන විදිහට වෙන්නට නියමිත නැත.

    ජි.ඇල් පිරිස්ලාගේ ගාන කැපෙන්නේ ප්‍රසිද්ධියේ ඒ විදිහට නන් දෙඩවිමෙන්ය. මාතලන්ගේ හිත සුවපත් වෙන්නේද මේ විදිහට හතර අතට බැන වැදිමෙන්ය, පිරීස්ලා ඇතුලු මහින්දගේ හොර නඩය සිද්ධියෙන් සිද්ධියට මාධ්‍ය සාකච්ජා තියනවා වගේ මාතලං මෙවැනි සිද්ධි එකින් එකට තම්නට ඕන ආකාරයට බනිමින් බොලොග් ලියනවාය, මහින්දගේ හොරුනම් දගලන්නේ ගානක් හොයගන්නය, මාතලං මොකට දගලනවාද දන්නේ මාතලංමය (ගානක් හොයාගන්න නෙමෙයි කියලානම් මම විශ්වාස කරනවාය)....

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔයත් එක එකාට බය වෙලා බ්ලොග් වහලා දාලා වෙනත් නම් වලින් ඇවිත් මෙතන පුද්ගල් විවේචනයකට ගිහින් අඬෝවැඩියාවක් වෙන්නේ නැතිව. එක්කො ඔයාට මාර විදියට ගැලපෙන් පරණ නමින්ම හරි මේ නමින්ම හරි වෙන දේ ලියන්න..

      Delete
    2. හ්ම්ම්...එතකොට මේ එයාමද?

      Delete
    3. කවුද මේ එයා. ඇනෝ ඇවිත් හරි කියන්නකො. කුතුඅලේ ඉන්න බෑ මෙයා

      Delete
    4. මධ‍යස්ත මතධාරියා විසින් මාගේ මෙම comment 1 කියවා මම මාතලන් මුදල්වලට බ්ලොග් ලියනබව සදන්කර ඇතැයි පවසා ඇත. මා මෙහි සදන්කර ඇත්තේ මාතලන් මුදල්වලට ලියනබව නොව ඔහුගේ හිත සුවපත්කර ගැනිම පිනිස හතර අතේ බැනවදින බවය. එලෙස විවේචනය කිරිමේ අරමුණ දන්නේ මාතලන්ම පමනක් බවය.....

      මෙයින් මම මාතලන් මුදල්වලට ලියන බවක් කියනවායැයි හැගියනවානම් එ පිලිබන්දව කනගාටුවෙමි. එහෙත් මටනම් එයින් එවැනි අර්තයක් පෙනෙන්නේ නැත.....

      Delete
  17. අනේ පවු.. මම නම් කියන්නෙ පඩිය තව ලක්ස 2කින් විතර වැඩි කරලා බෙන්ස් කාර් පහ හයකුයි ඩිපෙන්ඩර් හත අටකුයි දෙන්නම ඕනි කියල... ඒ විතරක් නෙවෙයි ජිනීවා යන්න අර සැට් එකට රු 100 ගානෙ එකතු කරල ටිකට් අරං දෙන්න ඕනෙ.. ඒව අපේ යුතුකං නොවැ. අපි උං දාන ජන්ද වලින් නේ මේ සැපට සනීපෙට ජීවත් වෙන්නෙ...
    නොදකිං මුංට මොන්ටිසෝරිය කියන එකත් හොඳ වැඩියි.

    ReplyDelete
    Replies
    1. ජනාධිපතිගෙ පඩිය දුන්නොත් හිත තන්තෝස වෙයිද මන්දා.....

      Delete
  18. මාතා,

    මේ ආණ්ඩුවට අපනයන දියුණු කිරීමට උවමනා නෑ එහෙම ඕනේ නම් මෙලහකට අපි කතාකළ බොහෝදෙ කරලා.

    මේ අවුරුධ ඉවර වෙනවිට රුපියල් 180 න් ඩොලරයක් ගත හැකියි.

    අපේ ආනයන වලින් වැඩිහරියක් ඉන්දන ඒ නිසා අඩුකලනොහැකියි.

    අපනයන වල සැලකියයුතු කොටසක් ආනයන කරන නිසා අපනයන ආදායම උනත් එතරම් වැඩි නොවෙයි.

    අවසාන ලෙස සොරි තමයි රටට

    ReplyDelete
    Replies
    1. වහල් වෙළඳාම (මා කැමති වචනයක් නොවේ) නවත්තනවයි කියලා නේ ආවේ... දැන් තියෙන්නේ පටවන්න පුළුවන් ඔක්කෝම පටවලා දාන එකයි... මාත් මේ ජොබක් හොයනවා අන්ත්‍රස්දාන වෙන්න... මොකෝ ගෙදර බෝම්බේ පුපුරන්න ඔන්න මෙන්න...

      Delete
    2. // මාත් මේ ජොබක් හොයනවා // ලොක්කා මොකද කියන්නේ මෙගා ටෙලියකට නළුවෝ හොයනවා සෙට් කරන්නද? තිස්ස විජේසුනදර් වගේ ඉන්න නිසා අවුලක් නෑ කෝකටත් පවුලගෙන් අහලා කරලා උත්තරක් දෙන්න. එයා කොහොමත් කැමති වෙයි හබියා නළුවා වෙන කොට , ගෙදර බෝම්බේ පුපුරන්න නැතිවෙයි

      Delete
  19. පොසිටිව් තින්කින් නෙවේ දැන් කරන්න වෙලා තියන්නේ පොසිටිව් ටින්කරින්.

    ReplyDelete
    Replies
    1. ටින්කරින් කරලා ගොඩ දාන්න බැරි සයිස් එකක් තියෙන්නේ..

      Delete
  20. මාතලන් මාමේ, උඹ මධ්‍යස්ථභාවය ගැන මට ප්‍රශ්න තිබුනා.... සමහර විට ඉස්සරහටත් තියේවි,

    හැබැයි මේ ලියමනට මගේ උපරිම භක්තිය උඹට !

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ පුතේ.... උඹලා තියා එකෙක් ගැනවත් අහිතක් නෑ මයෙ හිතේ කවදාවත්... අපි ජොලියට ලියන ඒවා නේ....

      Delete
    2. අහිතක් ගැන කවුද බං කිව්වේ......? අපේ තාත්තා කරන සමහර දේවල් ගැනත් මට ප්‍රශ්න තියෙන එකේ......! හිකිස්.....!

      Delete
    3. samahara thaththala karapu samahara dewala gena mathalantath rate godak janathaawatath prashna thiyanawaa.

      Delete
  21. එහනම් දැන් කට්ටිය පෝලිමේ ඇවිත් ආයුද බාර දෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ගෙවල් වල තියෙන පාන් කපන පිහිත් ගෙනත් දෙයි....

      පාන් කඩලා කන්න වෙන්නේ... ළුෑණූ හොද්දට දාන්න වෙන්නේ සුදු ළුෑණූ වගේ පොඩි කරලා...

      Delete
  22. එදා එන්න මාර ට්‍රයි එකක් දුන්නා මාතේ එත් මාව හිර උනා උබ දන්නවනේ අය්යන්ඩ් මම තවම රස්සාවට අලුත් කියලා

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ... ඊලඟ එකට දැන්ම නිවාඩු දැම්මා නම් හරි....

      Delete
  23. මාලඟත් තියෙයි ස්වීසයිඩ් කිටකුයි, පිස්ටල් දෙකකුයි, ක්ලේමෝ හතරකුයි. උඹල කවුරුහරි පොලිසියට ඔත්තුවක් දියල්ලා.

    ReplyDelete
    Replies
    1. අල්ලපු ගෙදර ගෑණී එක්ක හරි වලියක් දා ගනින්.... එතකොට තමයි බුද්ධි අං සේ එන්නේ....

      Delete
  24. ///////කොළඹ කුරුඳුවත්තේ සම්බෝධි මහා විහාරය සංවිධානය කරන මහ බෝ සෑ අටමස්ථාන වන්දනාව අනුරාධපුර අටමස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සිකුරාදා (01) සිට ඉරිදා (03) දක්වා පැවැත් වීමට යයි.
    දුටුගැමුණු මහ රජතුමන් ප්‍රධාන හෙළ රජ දරුවන්ටත්, බුදු සසුන සිංහල ජාතිය රැකදුන් අනගාරික ධර්මපාලතුමාටත්, රට වෙනුවෙන් දිවිදුන් අභීත රණවිරුන්ටත්, අපවත් වී වදාල උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමියන්ටත්, පින්කමට සහභාගී වන සැදැහැවතුන්ටත් පින් දීම අරමුණ බව සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හඑිමියෝ කියති.
    මෙහිදි අටපිරිකර දොළොස් දහසක් , අසූහාර දහසක පිත්තල පහන් සුවඳ තෙල් යොදා පූජා කිරීම, ශ්‍රී මහා බෝ සමිඳුන්ට රුපියල් කෝටියක් අගනා රන් පළදනාවක් , රිදී පළදනාවක් පැළඳවීම, රිදී ජත්‍රයක්, රිදී කෙන්ඩියක් පුජා කිරීම, ව්‍යාංජන අට දහස් හැටක් මහා බුද්ධ පූජාවක් , කෝටියක් මල් පුජාව , ගුවන් යානා මගින් මල් ඉසීම, දහස් නමකට සංඝගත දක්ෂාණාවක්ද, දිළිඳු පවුල් දෙදහසකට වියළි ආහාර පිරීනැමීම හා අඩු ආදායම් පාසල් සිසුන් දහසකට ඇදුම් පැලදුම් පාසල් උපකරණ පාවහන් බෙදා දීමටද නියමිතය.
    ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් මේ පිංකමට සහභාගී වෙතියි අපේක්ෂා කෙරේ. දැනටම අනුරාධපුර පූජා නගරය බෞද්ධ කොඩි, ධජ පතාක හා වයිවරණ විදුලි බුබුළුවලින් අලංකා කර ඇත./////////////////

    මෙන්න පුතෝ පිංකම්. අනුරාධපුරේ වකුගඩු රෝගින්ට සාදු සාදු කිය කිය වන්දනාවේ යන්න පුලුවන්. සම්බුද්ධ විහාරේ ඉඳන් සිරිමහා බෝධියට වඩම්මන්නේ කොහේ තිබුන රත්තරන්ද දන්නේ නැහැ.ශිරන්ති නෝනාද දන්නේ නැහැ විශාඛා තුමිය. පට්ට ටයිමින් කියලත් හිතෙනවා. මෙහෙමත් පින්වත් පියාලා නොහොත් පින් පියාලා.
    අපිත් වඳිමු මේ සිරිමහා බෝධිය. සාදු සාදු. Aru

    ReplyDelete
    Replies
    1. සිවුර එක්ක සෙල්ලම් කොරන්න එන්න එපා කියලා තිබුනා දැක්කේ නැතෙයි...

      Delete
  25. ආණ්ඩුවේ දේවාලේ තිරුපති වෙද්දී විපක්ෂේ දේවාලේ තියෙන්නේ ජිනීවා වල.
    එදත් අදත් බොහෝ විට හෙටත් ඔය ආගමික සිද්ධස්ථාන දෙක ඔය විදියටම තියෙනු ඇත.
    එකම මීහරක් රල කාලයෙන් කාලයට මාරුවෙන් මාරුවට දේවාල දෙකම වැඳ පුදා ගනු ඇත.

    -------------------------------
    මහින්ද අමරවීර .ලකී කිරිඇල්ල ඩබල අපේ පශ්චාත් භාග වලින් හිනාවීමේ හැකියාව වර්ධනය කරන්න බොහොම දැඩි කැපවීමකින් වැඩ කටයුතු කරනවා ය.
    ඉඳලා හිටලා සක්සස් ද වෙනවා ය. අපිට රිදෙනවා ය.
    -----------------------------
    නයට හරි කහින්නත් එපැය...

    ---------------------------------

    ReplyDelete
    Replies
    1. දුක නම් විහිළු කාරයෝ වැඩි වීමය....

      Delete
  26. මාතා.................

    අපි ඉතින් සිරි ලංකාවේ පුග්ගලයොනෝ බං...... ඔය ආතල් එකක් දෙකක් නැත්තං නිකං කොයිල් වගේ දැනෙනවානේ.... ඒ නිසයි මොන ආණ්ඩුව ආවත් ඔය මෝඩ චූන් එකක් දෙකක් ඉදලා හිටලා දෙන්නේ... වෙන කවුරු දෙන්නද බං මේවා....

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඔක්කෝම ටෙලි නාට්ටිවලත් තියෙන්නේ ඒවම නේද...?

      Delete
    2. ටෙලිනාට්‍ය කියන්නේ මාතා අර මාසෙකට පස්සේ බැලුවත් එතැනම තියෙන ඒවාද?????? අන්න නාට්‍ය.... ලියනවානං එකක් දෙකක් දවසක් දෙකක් බලලා ලියමුකෝ ආතල් විග්‍රහයක්...... ඒවා නං පට්ට සුපිරියි බං........ මං දැන් පාලු දැනුනොත් ඔය හිනායන්නැති හිනායවන්න හදන කතා බලන්නැතුව මෙගා ටෙලිනාට්‍යයක් බලනවා...... ඒකත් අර ඉන්දියාවෙන් ඉම්පෝට් කරපු එකකට වඩා අපේ කට්ටිය එ්වා දිහා බලාගෙන හදන එකක් නං සුපිරියි......

      Delete
  27. බලය ලැබෙනවා කිව්වොත් බලු බෙට්ට උඩ වැටිලා තියන සතයේ කාසිය දිවෙන් ගන්න ඉදිරිපත්වෙන දෙසපාලකයින් ඉන්න රටක මේ සුවිසයිඩ් කතාවත් තවත් එක් දේශපාලන නාටියක් කියලයි අම්බලන්ගොඩ එකාගේ අදහස මාතලන්..

    ඔය ඩොලරයේ අගය ඉහල යාම සහ පහල යාමේ හේතුවෙන් රටට වෙන බලපෑම ගැන ප්‍රශ්න දහයක් අහල විභාගයක් තිබ්බොත්, දුෂ්කර පලාතක ඉස්කෝලෙක පහ වසරේ ළමයින් 225 කුයි පාර්ලිමේන්තුවේ 225යි එකතු කරලා , ළමයි 225 පශ්න දහයටම හරි උත්තර ලිව්වත් දියවන්නා කට්ටිය දහදෙනෙක් හරි උත්තර ලියන්නේ නැහැ බන්.. අන්න එහෙමයි අපි ලෝකයෙන් විශේෂිත රටක් වෙන්නේ.. එතනයි ආසියාවේ ආශ්චර්යය තියෙන්නේ.. එතනයි වෙනස තියෙන්නේ..

    ඔබට සතුටුයිද දැන්... හෙහ්..

    ReplyDelete
    Replies
    1. මේ ළඟදි සාකච්ඡාවකට ආපු එජාප එකෙක්ගෙන් අහුවා මෙගා පොලිස් ගැන... ඒ යකා මෙළෝ දෙයක් දන්නෙ නෑ.... ඕන් සංවර්ධනේ....

      අම්මගේ රෙද්ද... වනලා තිබුනා බං වැලේ....

      Delete
  28. ඩොලර් එක වැඩි උනාම කාටද ආඩම්බර?

    ReplyDelete
    Replies
    1. කාටද ඉතින්... ඒකත් යහපාලනේටම දෙමු....

      Delete
  29. Lankadeepa
    රුපියලේ බාල්දුව ටිකක් අඩුවේ
    2016 මාර්තු මස 31 18:16:43 | .

    ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල අද (31) මිල රුපියල් 146.78කි.
    බදාදා (30) විකුණුම් මිල රුපියල් 150.54ක් විය.
    ඒ අනුව රුපියලේ බාල්දුව රුපියල් හතරකින් පමණ අඩු වී තිබේ.
    අදහස්(1) බැලූවෝ (1577)

    ReplyDelete
    Replies
    1. මොකක් හරි ජිල්බරියක් දාන්න ඇති... නැත්නම් ඉතින් රෙදි ටයි කෝට් ගලවලා අමු හෙලුවෙන් නේ ඉන්න වෙන්නේ...

      Delete
  30. තොරතුරු පනතේ යෝජනාව කියවලා බලපුවාම තොරතුරු ඉල්ලනවාට වඩා හොඳයි, තොරතුරු වසන් කිරීම. ඉල්ලුවේ පාන්...දෙන්න හදන්නේ තිරිඟු. මේක කරූට ගහන දෙවෙනි කණේ පහර. එක බුද්ධ ශාසන පනත. අත් දෙක තියෙන්නේ අත්පුඩි ගහන්න විතරක් නම් අපිටත් එහෙම කරත හැකි. කට තියෙන්නේ තොර තෝන්තෝචියක් නැතිව කියවන්නයි, බඩට යමක් දාගන්න විතරක් නම් මේවා සාකච්ඡා නොකර ඉන්න එක හොඳයි. කරු ජයසූරියටයි, කරු පරනවිතානටයි මේවාට උත්තර දෙන්න වෙයි ඉදිරියට.

    මරා රජා කියලා හිතන අය මේ මාතෘකාවලට පැහැදිලි උත්තර දෙන්න. මොකද මරා කෙලිය කෙලි, අමු සැණකෙලි බව ඔලුවක් තියෙන එවුන් දන්නවා. නිවැරදි සන්වාදයක් ගොඩනගන්න. ඒක බ්ලොග්ස් කියවන සහ කියවන්න හුරු වෙමින් ඉන්න කාටත් ප්‍රයෝජනවත් වෙයි. නැත්නම් , ඒ දවස්වල එන්ගලන්තේ නිව්ස් ඔෆ් වර්ල්ඩ් පත්තරේට වෙච්ච දේම වෙයි. සන්වාද ගොඩ නගනවා මිස, පිට කසා ගැනීම්වත්, හඳ පෙන්නුවාම ඇඟිල්ල හපාකන වාදවලට නොයා හිටියොත් මරු.
    කාවවත් ඉලක්ක කරලා කිව්වා නොවේ. වැඩේ තේරුම් ගන්න උත්සාහ කරමු. Aru

    ReplyDelete
    Replies
    1. අරූත් බ්ලොග් එකක් ලිව්වා නේද....?

      ඒක පටන් ගත්තොත් හොඳ නැද්ද....? මම හිතන්නේ නෙළුම් යාය එක්ක කරූලා දෙන්නා තියෙන සම්බන්ධය ඒ උළෙලෙදි අජිත් බොහෝම හොඳින් පැහැදිලි කලා.... අජිත් එක්ක ලබන සැරේ එන්න බලන්න... එහෙම ආපු අයට අරූ වගේම හිතපු අයට එතකොට බොහොම හොඳට තේරුනා ඇත්තටම මොකක්ද උනේ කියලා..

      Delete
    2. AnonymousMarch 31, 2016 at 2:32 PM

      ඔබ අරුගෙ අඩවිය ලියූ අරූ ම නම්, ඒක ආයෙ ලියන්න. මාසෙකට එකක්වත්. ඒක නැවැත්වීම හරියට ගංගාවක් හිඳිල ගියා වගෙයි. දිය බොන්නට පැමිනෙණ පිපාසිත සත්වයෝ එමටයි.

      මං ඒ කාලෙ ඉඳන් ඒක කියවපු එකෙක්.

      Delete
    3. AnonymousMarch 31, 2016 at 2:32 PM ++++++++++++++

      Delete
    4. මාතා....මේක නෙලුම්යායවත්. බ්ලොග් සම්මානවත් ඉලක්ක කරලා කියන කතාවක් නෙමේ. මට බ්ලොග් සම්මාන ගැන තියෙන්නේ වෙනම අදහසක්. ඒ මා දරන අදහස හා බැඳුනු මතයක්. ඒ පිලිබඳව මෙතන කතාකලයුතු නැහැ. කරුලා දෙන්නා ගැන ලිව්වේ තොරතුරු පනත ගැන ගයන්තටත් වඩා කතාකල දෙදෙනෙක් නිසා මිස, නෙලුම් යායට ඇති සම්බන්දකමක් නිසා නොවේ.

      බ්ලොග් ලිවීම අත හැරුනාම ආපහු ඒ රිදම් එකට එන්නත්, නැවත ලියන්නත් මහ කම්මැලිකමක් තියෙන්නේ. පොඩි ටෙක්නිකල් ප්‍රශ්නයකුත් තියෙනවා.අජිත්ට කියලා හදා ගන්න පුලුවන්.
      බ්ලොගෙන් කරනදේ, කමෙන්ට්ස් හරහාත් කරන්න පුලුවන් සංවාද ගොඩ නැගීමකදි (මම එහෙම හිතනවා.)Aru.

      Delete
  31. පිට කසා ගැනීම්වත්, හඳ පෙන්නුවාම ඇඟිල්ල හපාකන වාදවලට නොයා හිටියොත් මරු

    ++++++++++++++++

    මේකාලේ කොමෙන්ට් දාන කට්ටිය දැක්කම පිට කසා ගැනීම් හරියට FBඑකේ ලයික් දාගන්නවා වගේ
    මාර ලොල්

    නිවැරදි සන්වාදයක් ගොඩනගන්න. ඒක බ්ලොග්ස් කියවන සහ කියවන්න හුරු වෙමින් ඉන්න කාටත් ප්‍රයෝජනවත් වෙයි.හරියටම හරි ARU..

    සංවාද ගොඩනගන්නේ අන්තිමට මැක්කා ගේ කතාවේ කොටසකුත් සමග හැබැයි ඉතින් සම්මානත් ලැබෙනවා

    ReplyDelete
    Replies
    1. මේ සැරේ දුන්නේ නෑ නේ බං... මාරම අප්ෂට් එකේ ඉන්නේ....

      Delete
  32. . මාරම අප්ෂට් එකේ ඉන්නේ....එහෙනම් ඔයා නේද 2015 වසරේ මන් පොර !!!! චරිතය

    ReplyDelete
  33. මේ වගේ ආතල් දෙන ආණ්ඩුවක් දකින්න අපිත් පින් කරලා තිබුනනේ හිටන්. අපරාදේ ප්‍රභා මලේ කියල හිතෙනවා දැන්නම්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං මමත් උඩින් කිව්වේ.....

      Delete
  34. ඇසෙන පෙනෙන ආකාරයට සම්මානේ බජට් කතාවට මෙන් ඇක්ටර් අජියා කොරවෙලා වගේ කිසි සද්දක් බදයක් නැ ගෝලයෝ වටෙටම කඩේ යවලා පැත්තකට වෙලා ෆන් එකේ සිලි ආතල් එකක් ගන්නවා ලු ලු ලු .......මෙන්න උම්මා ......මොකක් හරි පොඩි හොරයක් ඇති කියලා පරනෙටත් සැක හින්දා කට්ටියම යන අලුත් පොලිසියේ පැත්ත බල්ලගෙන ඉන්නේ කවුරු හරි මොකක් හරි කොලකෑල්ලක් ලියලා බාර දෙයිද කියලා

    ReplyDelete
    Replies
    1. කොයි පන්සලොටද යන්න ඕනේ පව් මකා ගන්න ඔහෙත් ගානක් තිගෙන /ලබාගෙන වගේ

      Delete
    2. අපි පොඩි ගනන් නම් ගන්නේ නෑ....

      Delete
    3. ගෝලයෝ නෙමේ අපි හදන්නේ නිදහස් බ්ලොග් කාරයෝ . ගෝලයන්ගෙන් අපට වැඩක් නැත.

      Delete
  35. මගේ දේශපාලන බ්ලොග්කරු මාතලන්ම තමා. දානවා මොකා කරත්. ඒආආආ කසන එකෙක් නොවෙයි

    ReplyDelete
  36. "අම්මපා මට මරාගෙන මැරෙන්නම හිතෙනවාය.".......
    :(

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න