.

.

Apr 11, 2016

අවුරුදු කුමාරයා ඇවිල්ලා - Happy New Year




ඒ......යි මච්චිනා.................... අන්න කව්ද ගේට්ටුව කඩන්න හදනවා.. පොඩ්ඩක් බලනවැයි මචෝ... ගණු දෙණු කරන්න එන එකාද දන්නෙ නෑ...?

හරි හරි මචෝ මන් බලන්නම්... (හුටා... කව්ද යකෝ මේ..... කන පැලෙන්න ගහලා.... නාට්ටියකින් පැනලා යන එකෙක්ද... ඔටුන්නකුත් දාගෙන..)

මේ මාතලන්ලගෙ ගෙදරද...?

මාතලන්ගේ ගෙදර නම් නෙමෙයි.. ඒත් එයා අවුරුද්දට නම් ඉන්නේ මෙහේ..

පොර ඉන්නවද දන්නේ නෑ...?

ඔහේ කව්ද...?

ඇයි අඳුනන්න බැරිද...? මම තමයි අවුරුදු කුමාරයා...

අම්මට හැමිනියන් කිව්වලු... එතකොට ඔහේද මේ සැරේ ගණු දෙණු කරන්න එන්නෙ... දැන් හාමිනාලට මල පනියි.. බෙබෙක් ඇවිල්ලා කියලා.. ඒත් කමක් නෑ අවුරුදු කුමාරයා නේ... එහෙනම් එන්නකො ලොක්කා ඇතුලට...

ලොක්කා නම් ආවේ නෑ.. උන්ගේ ගෙදරටත් එන ගමන් ගොඩ උනා.. ඒත් ඌ ආවේ නෑ..

නෑ.... නෑ... ලොක්කා කිව්වේ ඔහේට.. මන් තමයි මාතලන්...

අම්මට හුඩු ඔහේද මාතලන්.. නයිස් ටූ මීට් යූ මාතේ.. සෝ... සෝ... හව් ආ යූ...

(හැමිනෙයි දාලා මේ යකා කොහෙන් හරි ඉන්ගිරිසි බෙහෙතුත් බීලද කොහෙද..) ඒත් ඉතින් මොකෝ මේ පයින්ම...?

අස්ස කරත්තේ පොලීසියෙන් ගත්තා නේ මාතේ.. බීලා ඩ්‍රයිව් කොරන්න දෙන්න බෑ කියලා.. අවුරුදු කුමාරයා කියලා... අමාරුවෙන් ඔප්පු කරලා යාන්තන් එලියට පැන ගත්තේ.

ඒක හරි... 20 වෙනිදා වෙනකන් අල්ලනවා.... නෝ කතා.... මොකා උනත්.., ඔන්න චම්පික වගේ නම් අවුලක් නෑ.. දැන් ඉස්සර වගේ නෙමෙයි.. පාර හොයා ගන්න අමාරු උනැයි..?

අනේ නෑ.... ඒත් කව්ද පාර කඩලා දාලා නේ... එහෙන් මෙහෙන් පැන පැන ආවේ..

ආ.... ඒ.... මේ අපේ ඇමති තුමා නේ.. ඕකේ, ඇලේ කිඹුල්ලු එක්සයිස් කොරනවා.. ඉතින් උන්ගෙන් අපිට කරදරයක් වෙයි කියලා.... ඇමතිතුමා ව්‍යාඝ්‍රා ඩෝස් එක වැඩියෙන් ගහලා..., කරන්න ඕන වැඩෙත් කරලා, බහින්නේ නැති නිසා, විනෝදෙටත් එක්ක බැකෝ එකක් අරගෙන පාරටත් කෙලලා..

කැත වඩක් නේ මාතේ...?

අවුලක් නෑ... දැන් එයාම හදනවා..

පව් නේ..?

එහෙමත් නෑ..

අර මොකෝ..?

 එයාගේ සල්ලි නෙමෙයිනේ.. අපේ සල්ලි වලින්..

පව්...!

කව්ද.?

මාතලන්ලා..

අනේ ඔව් මචං.... අපි හැමදාම පව්..

සෝ සෝ වට්ස් නිව්...

අනේ ඉතින් නිව් කියලා නෑ... වෙනදා වගේම ෂොට් එකක් දාලා... යාන්තන් ලේව කාලා ඉන්නවා මචං... මොනවා හරි කාලා ඉමූ...

අවුලක් නෑ මාතේ.... හැම තැනින්ම කාලා බීලා ඇවිල්ලා ඉන්නේ... ඒත් ඉතින් බෑ කියන්න බෑ නේ ... මොනවද තියෙන්නේ..?

අවුරුද්දට ඉතින් අවුරුදු කෑම තමයි තියෙන්නේ... ටියාරා කේක් තියෙනවා... ඇෆ්‍රිකන් බනානා තියෙනවා. එක පුල්ලියක් නෑ ලෙල්ලේ. මිල්ක්මේඩ් කිරි ටොපි. අපේ හාමිනාමයි හැදුවේ. සුනිල්ගේ ඇපල් එක්ක මිදිත් තියෙනවා. 

එතකොට කැවුම් කොකිස් නැතෙයි...?

ආ... තියෙනවා... තියෙනවා... ආර්පිකෝ එකෙන් ගත්ත ඒවා.. කිරිබතුත් තියෙනවා... මැගී පොල්කිරි දාලා හදපු.. ගස් නගින්න, ලෙලි ගහන්න, බිඳින්න, ගාන්න, මිරිකන්න ඕන නෑ නේ... පැකට් එකෙන් ගත්තා, දිය කරා දැම්මා.. පට්ට ලේසියි.. ඒක කන්න තියෙනවා.. ප්‍රීලන්ඩ් කරි පව්ඩර් දාලා හොඳට උකුවට හදපු බයිරහා කුකුල් මස් කරිය. තව තියෙනවා කැප්ස්ටන් සැමන් එක මිරිසට හදලා.. 

සැමන් මෙහේ එකෙක් නෙමෙයි නේද මාතේ..?

 නෑ.... නෑ.... ඌ කොහේද කියන්න නම් දන්නේ නෑ.. ටින් එකේ පීන පීන ඉන්නේ.. හැබයි රට ඉඳලා ඇවිල්ලත් අපේ උන්ට වඩා ලාබයි.. අපේ එකෙක් දැන් ග්‍රෑම එකක් සුපියලක් ඉතර වෙනවා.. ඉතින් මාළු ගන්න ගියාම විකුණන එකාගේ මාළු කන්න හිතෙනවා.. එහෙම නරක සිතුවිලි ඇති කර ගන්නේ නැතිව... අපි සැවානා කනවා..

හරි හරි කන්න බැරිය පස්සේ.. අනේ මන්දා මාතෙත් නිකන් කන්නේ බොන්නේ නැති එකෙක් වගේ නේ කතාව...

එහෙම කියන්න එපාය කුමාරයෝ.. මාත් මේ ඇවුරුද්දට වැඩ අල්ලන්න එකෙක් නැතිව උන්නේ.. මස්සිනා කාරයටත් හොඳ නෑ නේ...

මොනවයි මාතේ තියෙන්නේ..?

මස්සිනාට හන්දියේ දැල් කඩෙන් හම්බ උන රට එකක් තියෙනවා, මම ගෙනාපු ගලක් තියෙනවා.. එතකොට ජයේලයි ගෙදර හදාපු පළතුරු එකකුත් තියෙනවා.. කැමති එකක් ගහමු...ෂැන්ඩි වලට මොනවද ගේන්නේ මචං.. 

මොන ෂැන්ඩිද මචං.. අමුර්තේ නීට් ගහන අපිට.. ඔය හපන්න උම්බලකඩ කෑල්ලක් ගමු.. අර පළතුරු එකත් එක්ක..

උම්බලකඩ නම් දැක්ක කාලයක් නෑ මචං... පාලන මිලට කඩෙන් උම්බලකඩේ ඉල්ලුවම... උන් කියනවා පාලන කරන උන්ගේ අම්මලගෙන් ඉල්ල ගන්නලු.. ඉතින් ඒ අම්මලට කරදර නොකට හොද්දට කුණු කරවල කෑල්ලක් දානවා මචං.. ඕන නම් එයින් කරවල කෑල්ලක් දෙකක් බැදලා ගේන්නම්.. 

එහෙනම්... ජම්බෝ පීනට්ස් නැතෙයි..?

මොන පීනට්ස්ද මචං.. ඕන නම් කන්න හදපු මස් කෑල්ලක් ගේන්නම්.. 

මොනා හරි ගෙනෙන් මාතේ... හපන්න මුකුත් නැතිව නීට් ගහන්න අමාරුයි.. ගෝලිප් දෙක තුනකුත් ගෙනෙන්.. 

අනේ කුමාරයෝ ගෝලිප් නම් නෑ.. දැන් ගහන්නේ ඩන්හිල්.. 

මක්කා හරි කමක් නෑ මකරා වගේ දුම යනවන් එච්චරයි...මේ සැරේ උඹට අවුලක් පේන්නේ නැද්ද මාතේ..

පොඩ්ඩක් කචල් වගේ පේනවා.. ඒත් ඉතින් ලබන අවුරුද්දෙවත් අවුරුදු කන්න පුළුවන් වෙයි කියලා හිතලා.... හැමදාම ආතල් එකේ ඉන්නවා..

ඒ උනාට ටී වී එකේ නම් අවුරුදු වැහි වැහැලා නේ... 

ඔව් ඉතින් එයාලට හැමදාම නත්තල් වගේ හැමදාම අවුරුදු නේ... හැමදාම එකම බයිලේ ගහනවා.. ටී වී එකේ ඔන්චිලි පදිනවා.. වයර්ලැස් එකේ ඔන්චිලි වාරම් කියනවා... මිනිස්සු කුණුහබ්බ කියනවා..

කාටද....? මටද...? 

අනේ නෑ.... ඔහේට කවදාවත් මක්කත් කියන්නේ නෑ.. චීනෙන් හරි ණයට් ගෙනත් කන්න, ඔහේ එනකන් බලාගෙන ඉන්නේ.. 

එතකොට කාටද කුණුහබ්බ කියන්නේ...? අර පාර ගලවපු ඇමතිලාටද...?

එහෙමමත් කියන්න බෑ.. 

එහෙනම් කාටද මාතේ කුණුහබ්බ කියන්නේ... 

එයාලගේ අම්මලට මචං... 

-x-

ඔබ සැමට... තව අවුරුදු දෙකකින් ඉතර සුබ අළුත් අවුරුද්දක් වේවා....!!!

67 comments:

  1. මාතලංටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. මට අවුරුදු එන්නේ දුප්පත් උන්ටත් අවුරුදු ආපු දාට මචෝ...

      Delete
    2. තාම ඇවිත් නැද්ද ? ජනවාරි 8 ම එනවා කියලනෙ කඩේ ගියෙ

      Delete
    3. //මට අවුරුදු එන්නේ දුප්පත් උන්ටත් අවුරුදු ආපු දාට මචෝ//
      +++++++++++++++++

      Delete
    4. ඒක වෙන කෙනෙක්ට කොපි රයිට්ස් තියේ .....

      Delete
  2. ඊළඟ වසරෙත් මෙසේම කියන්න ලැබේවා...!!!

    අසංක

    ReplyDelete
    Replies
    1. තව අවුරුදු දෙකක් වෙතර යයි... දුප්පත් උනුත් අවුලක් නැතිව ජීවත් උන යුග මේ රටේ තුබුනා මචෝ...

      Delete
  3. මාතලන්ටත් එසේම වේවා !

    දුප්පත්තු බිහිකරන සමාජයක නැතුව දුප්පත්කම නැති කරපු සමාජයක අවුරුදු කන්න අපි හැමෝටම දවසක පුළුවන් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ආන්න... එහෙම්මම වේවා...!!!

      Delete
  4. හර්ශතුමා ටත් සුබ චීන අවුරුද්දක් වේවා!

    CHINESE ECONOMIC HIT MEN HAVE INVADED SRI LANKA – HARSHA

    The Mahinda Rajapaksa government, which included the likes of Minister Wimal Weerawansa, who paraded as patriots, had allowed the ‘economic hit men’ from China to invade Sri Lanka, causing serious geopolitical implications for Indo-Lanka relations, UNP MP Harsha de Silva said yesterday.

    He told a news conference in Colombo that the SLFP and leftist political parties, who were all now part of the Rajapaksa regime, used to unfairly accuse the UNP of mortgaging the economy to the West, but they had beaten all administrations since Independence, by virtually selling the entire country to the Chinese.

    Having obtained unsustainable high interest loans from China for various projects, the government was not in a position to pay them back, Dr. de Silva said, adding that it was now trying to convert debt to equity as evident by Minister Sarath Amunugama’s recent statement that China should be permitted to own and operate the Norochcholai coal fired power plant.



    Dr. de Silva said that the China Harbour Company had already acquired 85 percent of the Colombo South Port Terminal for a period of 35 years and considering the free reign it enjoyed, the entire terminal would be within its control very soon.

    Eighty percent of transshipment at the Colombo Port was Indian based and they obviously would have reservations about going through the Chinese dominated CSPT, knowing very well that the Rajapaksa government allegedly manipulated the paper work which prevented Indian companies from bidding for a stake, Dr. de Silva observed.

    The China Harbour company, the MP said, could not win an open tender for the Colombo Port Breakwater, but was given the contract on a platter to construct the first phase of the Hambantota Port and Hambantota Stadium.

    ReplyDelete
  5. මේ විදිහට හැමෝම ජොලියේ අවුරුදු කනකොට

    Sri Lanka's forex reserves dropped US$ 254 million to US$ 6,220 million in March 2016 from a month earlier,

    මොන සැපද මාතලන්

    ReplyDelete
    Replies
    1. සරසා තුමාටත් මාතටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

      මේ සෙල්ලම තව මාස 3 නයි කරන්න වෙන්නේ, උබට මතක ඇති මාතා මම කිව්වා මිට මාස 3කත ඉස්සල්ල තව මාස 6කින් ආර්ථිකය ඉතා අසීරු තැනකට යනවා කියල.

      මෙහෙම කිව්වේ උබල බය කරන්න නෙමෙයි සුදානම හොද නිසා මම කලේ රුපියල් ඩොලර් වලට මාරු කිරීමයි එතකොට ඩොලර් 1 ට රුපියල් 136 විච්ච කාලේ මම පොඩි ගානක් මාරු කර ගත්ත දැන් ඩොලරයක් 150 විමාවේ පවතිනවා පුළුවන් මුදලක් ඩොලර් වලට මාරුකිරීම තමයි දෙන්න තියන උපදෙසේ.

      මේ අවුරුද්ධ ඉවර වීමට ඉස්සල්ල අනිවාර්යෙන් ඩොලරය 170 සීමාවට එනවා. පොඩ්ඩක් හොයල බලපන් ඩොලරය 150 සීමාවට FIX කරලා තියෙන්නේ ඉකොනෝ හිටියනම් මිට හොද විස්තරයක් කරයි.

      මෙහෙම කියල අන්තිමට කියන්න ඕනේ එක දෙයක් තියනවා ඒ තමයි මේ රජය මහින්දගේ ආණ්ඩුවට වඩා හොදයි. හැබැයි අන්ත ගොන් වැඩ රාශියක් කරනවා.

      something is better than nothing

      සුහ ගමන්

      Delete
  6. අර ව්‍යාග්‍රා කෑල්ල නම් නියමයි. මට හිතා ගන්න බැරි කොහොමට සනීප ඇද්ද ඉන්ජෙක්ෂ්න් කට්ටක් ගහලා අහවල් එකෙන් ලේ අදින කොට, තාම ඒ මතේද ? කොහෙද ජෝන් බාස්ට..... මට නම් අවුරුදු නැත. ඒ වුනත් ඔබටත් හැම එකාටමත් සුභ අවුරුද්දක් වේවා!!!!!!!!!!!!!(අවුරුදු දෙකක් යන එකක් නැහැ. සැප්- ඔක් වෙනකොට යාන්තන් ෂේප් වෙයි. චීනගෙ යුවාන් ටිකයි, ඇමරිකන් ඩොලර් ටිකයි ලැබුනොත් ගොඩ.)

    ReplyDelete
  7. වෙනදා ඉන්න ෆුඩ්සිටි කෑලිම මේ පාරත් හැට්ට රෙදි ඇදලා ඇති. අලුත් පුශ් අප් බ්‍රාස් වලට පුක ලොකු කරන ජංගි වලට ෆුඩ් සිටි කෑලි ලස්සනට පේනවා ඇති..
    යන්න ඕනි ඒ පැත්තෙ..මේ පාර ෆුඩ් සිටි වවුචර දෙකක්ම ලැබුනා මට.. මට අසහනේ නිසා කවුරුත් වරදවා හිතන එකක් නෑ.. (එතකොට ගෑනු අමාරුවෙන් ඒව ඇදගෙන රෙද්ද හැට්ටෙ පැලෙන්න වගේ හිරකරගෙන ඇඹරෙන්නෙ..සමහර විට සැමන් වගේ ටිං එකට යන්න පැක්ටිස් කරනවාද දන් නෑ..පැක්වෙලා..)

    ReplyDelete
    Replies
    1. රෙද්දයි හැට්ටෙයි කියන ඇදුම හරිම අසංවර කරල දැන් අදින්නෙ. අතීතයෙදි කාන්තාවන් ඔහොම බුරිය පේන්න ඇන්දෙ නෑ. හොදට ඇග වැහෙන්න ඒ කාලෙ ඇන්දෙ. දැන් උන් අපේ සංස්කෘතිය විකෘති කරල අපේ දෙයක් විදිහට වෙන දෙයක් පෙන්නන්න යනව.

      Delete
    2. අනේද කියන්නෙ. සීගිරි කාලේ ඇන්ද හැටි හෙම බිතු සිතුවම් වලින් අගේට බලා ගන්න පුළුවන්නේ!

      Delete
    3. හරක් පැටියෝ සීගිරි කාලේ එහෙම ඇන්දා. ඊට පස්සේ වඩාත් සංවරව ඇන්දා අවුරුදු සිය ගණනක්. විඑරුත ආර්තිකෙන් තමයි ආපහු රෙද්ද හැට්ටේ අඩනිරුවත් ක්‍රමේට ඇන්දුවේ වෙළඳ ප්‍රචාරණ වැඩ වලට. දන්නේ නැත්නම් අදවත් දැනගන් හරකා.

      Delete
    4. අනේ හරකො මන් කතා කරන්න සිංහල කාන්තාවන් ගැන. සීගිරියෙ උඩට නැතුව ඉන්නෙ සිංහල අය නෙමේ. සියම් බුරුම රටවලින් ආපු කාන්තාවන්. එයාලට තමා බිසෝවරු. රත්තරන් පාට හම ලංකාවෙ කාන්තාවන්ට නෑනෙ. උඹලට ඕක තේරුම් ගන්න බැරිද? ඔතන කලු හම තියන සේවිකාඑඔ සිංහල ආ. එයාල හොදට ඇදගෙන ඉන්නෙ. සිංහල කාන්තාවන් අඩනිරුවතින් ප්‍රසිද්දියෙ හිටියෙ නෑ කිසිම කාලෙක. එහෙම හිටියනන් ඔප්පු කරන්න.

      Delete
    5. සිංහල කාන්තාවන් කියන්නෙ අතීතයේ පටන් හොද විනීතව හැසිරුනු කාන්තාවන්. සීගිරියෙ විදේශික කාන්තාවන් නිරුවතින් හිටියට අපේ අය එහෙම නිරුවතින් නෑ. අතීතයේ හෙළ කාන්තාවන් අඩ නිරුවතින් සිටියා කියන කාරණය සුද්දා ලංකාව ගෝත්‍රිකත්වයෙන් මිදෙව්වා කියන එක ඔප්පු කරන්න උත්සහ කරන මාතලන් වැනි NGO කුක්කන්ගෙ ප්‍රයන්තයක්. අතීතයේ අපේ කාන්තාවන් අඩ නිරුවතින් සිටි බවට කිසිම සාක්ෂියක් නැහැ.

      Delete
    6. // අතීතයේ අපේ කාන්තාවන් අඩ නිරුවතින් සිටි බවට කිසිම සාක්ෂියක් නැහැ. //

      ඔව්න් අඩ නිරුවතින් නොව සම්පූර්න නිරුවතින් හිටන් හිටි බවට සාක්කි ඇත

      Delete
    7. සරසා එහෙම තියනවනම් ඉදිරිපත් කරපන් කටට එන බොරු කියන්නෙ නැතුව.

      Delete
    8. පොළොන්නරු යුගයේ චිත්‍ර කලා ඉතිහාසය අදහන්ඩ....තිවන්ක පිළිම ගෙයි සිතුවන් නිරීක්ශනය කරන්ඩ....අඩනිරුවත් කාන්තාවන් සිටී

      Delete
    9. මමත් හොදට ඕව හදාරල තියනව පොළොන්නරු යුගයේ අඩ නිරුවත් කාන්තාවන් ගැන කිසි සදහනක් නෑ. අඩ නිරුවත් කාන්තාවන් ඉන්නෙ සීගිරියෙ විතරයි. ඒ අය සිංහල කාන්තාවන් නෙමේ.

      Delete
    10. අපේ සංස්කෘතිය කියන්නෙ කාන්තාවන් ඉතා විනීතව ඇදපු සංස්කෘතියක්. අත් දිගට රෙද්ද හැට්ටෙ ඇන්දෙ. බඩ පේන්න ඇන්දෙ නෑ කවදාවත්. දැන් ඉන්දියාවෙන් ආපු ජරා සාරියක් ඇදල නිකං ඇග පෙන්නනව. ශරීර අවයව ඇදුමෙන් ස්පර්ශවෙලා සරාගීව පෙනෙන ආකාරයට ඇදුම් ඇන්දේ නෑ අපේ කාන්තාවන්.

      Delete
    11. අපි තමයි ඩෝ වික්ටෝරියානු සුද්දටත් ඇඳුං ඇන්දුවෙ හරිය... එතකං සුද්දත් හිටියෙ හෙලුවෙං.. එන්ඩ එපාඩෝ හිංගලයට ගරහන්න... අපි හුද්ද හිංගල බවුද්ද.... කනව යකෝ කොනක ඉඳන් මරාගෙන

      Delete
    12. තන් නැති පුකවල් නැති කලු ගෑනුන්ව හෙලුවෙන් තියල මොනා පෙන්නන්නද බන් උන් වහගෙන වෙන්න ඇති ඉන්න ඇත්තෙ.

      Delete
    13. මෙන්න ලංකාවේ ඕනේ තරම් අඩ නිරුවත් අය හිටි බවට https://www.google.de/search?hl=de&site=imghp&tbm=isch&source=hp&biw=1901&bih=954&q=old+sinhala+girls&oq=old+sinhala+girls&gs_l=img.3...1588.8369.0.10311.17.9.0.8.4.0.106.497.8j1.9.0....0...1ac.1.64.img..0.12.399...0j0i30k1j0i19k1.MpKaIlUDrQA

      Delete
    14. මෙන්න ලංකාවේ ඕනේ තරම් අඩ නිරුවත් අය හිටි බවට http://lankapura.com/2010/08/vintage-sinhalese-girl/

      Delete
  8. මාතේ ,
    අවුරුදු කුමාරයා තාම හොඳ සිහියෙන් ඉන්නවාද?
    මෙහෙ අමුර්තේ ගැහුවාට පස්සේ දිවය ලෝකේ යන්න බැ කියනවා ද?

    -----------------

    මාතලන්ටත් ෆැමිලි එකටත් සුබ ලුත් අවුරුද්දක් වේවා?

    ReplyDelete
  9. මාතලන්ටත් පවුලෙ අයටත් ලබන අලුත් අවුරුද්ද සුභ අවුරුද්දක් වේවා...
    ඒ වගේම ඊලඟ අවුරුද්දවත් කටක් ඇරලා හැමෝටම සුභවේවා කියන්න පුලුවන්වෙන්න දුප්පත්කම තුරන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු මාතේ...

    එකක් මාතලන්ට අමතක වෙලා වගේ???????

    ReplyDelete
  10. දුප්පතුන් සැමරුන් උලෙළවල් නැත....අවුරුදු ඇත...විශේෂයක් නැත...අත්දැකීම් ඇත...

    ReplyDelete
  11. මහා ලොකු කැවිලි පිඟන් නැතුවට, තුන්හුලස් රතිංඤ්ඤා පත්තු කෙරුවෙ නැති උනාට පොඩියට චාමෙට ගෙදර හැමෝම එක්ක එකට කිරිබත් කෑල්ලක් කන සතුට ගොඩක් වටිනවා.... අනික් උන් කරන තාලෙට ලොකුවට කරන්න ගිහින් රට වටේටම ණය වෙලා පස්සෙ ඒක ගෙවන එක ගොඩක් අය කරන මෝඩ වැඩක්.

    මාතලං මතක ඇතුව පරිප්පු උයනකොට නෝනට කියන්න දහයෙන් නවයක් කැමති 'නෝ චිකං කියුබ්' එකක් දාන්න කියලා!!!!! හැක්!

    ReplyDelete
  12. මාතලන්ටත් කොමෙන්ටු දැම්ම හැමෝටමත් තරහෙන් හරි හීන දකින හැමටත් සිහන සැබෑවන සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  13. // එතකොට ජයේලයි ගෙදර හදාපු පළතුරු එකකුත් තියෙනවා//
    හැන්දෙන් ගහන්නෙ නැතෙයි මචෝ? ඒකත් එළ බීමක්!
    මා දයාබර බොකු බොටත්, මාතලිං, පොඩි මාතලං ආදී වශයෙන් වූ තුංපත් රෑනටම සිනා පමණක් පිරි නව වේවා!

    ReplyDelete
    Replies
    1. හෑ............මධුමාධවී? කලින් අහලා තියන නමක්. ඔයා ලංකාවේද සඳලංකාවේද?

      Delete
    2. සඳ ලංකාවෙ..මං ඉල්ලංකාවෙ...හැක්!

      Delete
  14. "තව අවුරුදු දෙකකින් ඉතර සුබ අළුත් අවුරුද්දක් වේවා....!!!" same to you mathe..!!!

    ReplyDelete
  15. අර කෝච්චි පාර හම්බන්තොටට වත් අඩුම ගානෙ වරාය ලඟට වත් ඔය ගැම්මටම හදන්න කිව්වොත් බඩු කෝච්චියක් වත් යවලා කීයක් හරි ලයින් කරගන්න ඇහැක් වෙයි.. කාශි නැතිව මොන අවුරුදුද අප්පා.. බඩ පපුව පත්තුවෙනවා කිරිඇල්ල මහතැන් එහෙම මොන දුකක් විඳිනවා ඇද්ද..??
    හෙනං කාට කාටත් නිවාඩු පාඩුව සුබ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
  16. මේ පාර අවුරුදු කුමාරයා ආවේ චීනේ පැත්තෙන් වගේ.

    එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  17. අපිට අව්රුදු නෑ !.

    ඉඩෝරෙට කොළ හැළුණු ගස් සෙමින් දළු දමයි
    ගෙදර දොරකඩ ගහේ කොහා ඉඳ හඬ නගයි
    කඩ පිලේ මග තොටේ මහ සෙනග රොද බඳියි
    නුඹ නොමැති අවුරුද්ද දිනෙන් දින ළඟට එයි

    පුතුගෙ මැළවුනු මුහුන හදවතේ දුක කියයි
    නිහඬ දූගේ නෙතින් දුක් කඳුළු වැල් ගලයි
    මකුළු දැල් බැඳුණු ගෙය මගේ සිත වගේමයි
    නුඹ නොමැති අපේ ගෙට අවුරුද්ද යළි නො එයි

    මෙය මගේ නිර්මානයක් නොවේ . ගාමිණී

    ReplyDelete
    Replies
    1. මේක ගත්තෙ හොහෙන්ද?

      Delete
  18. බ්ලොග් ලොව සැරිසරන සියල්ලන්ට සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  19. මාතලංගේ පැතුම ඉටුවේවා....!!!!
    තව අවුරුදු දෙකකින්වත් මාතලංට සුභ පතන්න ලැබේවා.....!!!

    ReplyDelete
  20. එහෙනං තව අවුරුදු දෙහෙකින් විතර සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  21. /කිරිබතුත් තියෙනවා... මැගී පොල්කිරි දාලා හදපු.. / සේරා ගෙනාවෙ නැතැයි?

    ReplyDelete
  22. ගෙදර ඈයො වට කරගෙන එකම වෙලාවෙ කිරිබත් කෑල්ලක් කන එකම වටිනව මාතලන්. වෙන අවුරුදු ඕන්නෑ, දඩිබිඩියෙ දුවන ජීවිතේ ඒකටවත් ඉඩක් නෑනෙ. අපි අවුරුදු කියන්නෙ ඒකට කියමුකො...
    සුබ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  23. හ්ම්ම් මාත් මේ කොනේ ඉන්නවා.. ඉඳලා හිටලා ඇවිත් කියවනවා. සද්ද නැතුව යන්න යනවා. බ්ලොග් යාළුවන්ට සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  24. සුබ අලුත් අවුරුද්දක් වෙවා

    ReplyDelete
  25. මාතලන් මහතාටත් කොමන්ට් දමන මහතුන් සැමටත් බ්ලොග් කරන නොකරන සැමටත් අවුරුද්ද ගලින් පොලින් නැහැවී කිරි යෙන් පැණියෙන් ඉතිරි ආතල් ගලන්නට සුභපැතුම්.

    ReplyDelete
    Replies
    1. කිරි යෙන් පැණියෙන් බජට් නැතිව ඉතිරි ආතල් ගලන්නට සුභපැතුම්.කියලා වෙනස් කරමු

      Delete
  26. මේ උන්මන්තකගෙනුත් සුභ පැතුම්

    ReplyDelete
  27. ආපිකෝ එකෙන් ගත්ත කොකිස් කිව්වා? ඒවා රබර් කොකිස්ද එතකොට?
    ඔන්න සුභ අලුත් අවුරුද්දක් කිව්වා!

    ReplyDelete
  28. දයාසේන ගුණසිංහ නම්වූ ඒ අදීන ලේඛකයා වරක් කීවාලු ...මීන රාශියෙන් , මේශ රාශියකට නම් එන්නේ නැහැ, මේස කීපයකට විතරයි එන්නේ කියලා. ( මේක කිව්වේ සටන වැඩසටහනකදි සුනිල් හඳුන්නෙත්ති ) Aru.

    ReplyDelete
  29. මාතලංටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ! ඇත්තටම අවුරුද්ද ආවා කිසි වෙනසක් කරගන්න බැරි අයත් ඇති සැහෙන්න.

    ReplyDelete
  30. සිංහල අලුත් අවුරුදු නැකැත් click here to view this ad online
    sumanadasa abeygunawardana aurudu.jpg

    ReplyDelete
  31. ඈ මාතයියෙ අවුරුද්දට එන්නෙ අවුරුදු කුමාරයද? අවුරුදු කුමාරිද? කුමාරය එන්නෙ ගොනෙක් බැඳපු කරත්තෙක.අශ්ව කරත්තෙක නෙවේ. ඕං ටී.වී චැනල් එකක පෙන්නුවෙ. මේකත් කළු කුමාරයයි මෝහිනියි වගේ. මොකා ආවත් වැඩක් නෑ. රටම ෆුල් හාඩප් වුණ අවුරුද්දක් මේක. කොහොම වුණත් අයියටත් අයියාගේ ප්‍රියම්භිකාවටත්, පුතණුවන්ටත් සුභ අලුත් අවුරුද්දක් වේවා...!!

    ReplyDelete
  32. මේ පෝස්ට් එකට අදාල නොවුනත් මේක මෙතනට දාන්න හිතුනා. අවුරුදු දහයක්වූ මේ දරුවාගේ ජීවිතය බ්ලොග් එකක් සේ මොහු ලියනවා. මේක අද මම දැක්කේ නිව්ස්වලට. මේ ගැන කියවන්න. .ෆේස්බුක් එකවුන්ට් එකක් නැති මම වගේ අය මේ බ්ලොග් එක කියවන්නේ කොහොමද කියා දන්න කෙනෙක් කියන්න. Aru

    ReplyDelete
    Replies
    1. Name of the blog is "The diary of Mr.Felix Brown"....Aru.

      Delete
    2. ARU, මම බැලුවා මේක. බ්ලොග් එකක් කිව්වට මේ ඇ ෆේස්බුක් පේජ් එකක් නේද?

      මොකක් වුනත් ඉතින් සැහෙන්න සංවේදී කතාවක්.

      ---------
      //ෆේස්බුක් එකවුන්ට් එකක් නැති මම වගේ අය මේ බ්ලොග් එක කියවන්නේ කොහොමද//
      එකට නම් මම කියන්න දෙයක් දන්නේ නැහැ. මොකක්ද ගන්න පුල්වුඅන් සොලුෂන් එක????

      Delete
  33. අපිට කන්න දෙනව නම් ...
    අපිට බොන්න දෙනව නම්...

    ඇන් ඇම් ලගෙ කාලෙ පැරනි "වාමාන්ශිකයොත්" කොහේ හරි "සහෝදරයෙක්ගේ" ගෙදෙරකට ගිහිල්ල සෙට්වෙලා උදේ ඉඳලා රෑ වෙනකම් බිබී සමාජවාදය වමාරලා ඊට පස්සෙ රෑටත් බෙල්ල ලඟටම කාලා බීල වෙරි වෙලා පහුවෙනිදා දවල් වෙනකම්ම මලපෙරේතයො වගෙ නිදියනවලු නැගිටගන්න බැරුව...

    ඔහොම තමයි ලංකාවෙ විප්ලොව කොරල තියෙන්නෙ ඒ කාලෙත්...

    දැන් කෑවා බීවා ඇතිනේ.... ආයි පටන් ගමු ලබ්බෙ තොවිලෙ....

    ReplyDelete
  34. මං යනවා චීනෙට...අවරුදු කන්න

    ReplyDelete
  35. මාතලන් පුතීට...ජෙයින්....ජෙයම අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න