.

.

May 31, 2016

G7 - ඔබට සතුටුයිද දැන්...? - G7 - Are you happy now....?


දියුණු ශිෂ්ඨාචාරයන් අතරේ ගෝත්‍රිකයින් හඳුනා ගැනීම කෙතරම් පහසුද...?
අපේ නංගා, අම්මට සිරි ලංකාවට නිවාඩුවකට එන්නේ දානමය පිංකමකුත් සෙට් කරගෙනය. මාතලන් කොච්චර කිව්වත් ඒයාලා දානේ දෙන්නේ අපේ පන්සලටමය. (ඇත්තටම, ඒ පන්සලට දාන දෙන්න උවමනාවක් නැත.) ඉතින් කඳ බඩ මහත හාන්දුරු උන්නාන්සෙලා දානෙට වැඩ, හොඳට අඹරා, නංගා පිරිනමන තෑගී බෝගද (පිරිකර),  මුදල්ද, ඥාතීන් පිරිනමනා ඉතා වටිනා තෑගී භෝගද රැගෙන, අපිට මෙන්ම, අපේ නමින් මිය පරළොව ගිය සියළුම ඥාති මිත්‍රාන්දීන්ටත්, කිසි දින දැක නැති දෙවියන්ටත් පින් පමුනුවා, අවසානයේ ඒ උතුම් වූ නිවන් මග පුළුවන්නම් පල කියා පන්සලට වඩිනවාය. (වඩිනවා කිව්වාට ගිහින් ඩ්‍රොප් කරන්නට ඕනෑය.) ළොක්කා නම් එයාගේ බැන්ස් එකේ වඩිනවාය.))

ඊට පස්සෙ තියෙන්නේ අපේ උන්ගේ වැළඳිල්ලය. ඉස්සර වාගේ නොව, කේටරින් සේවිස් එකෙන් ගෙනෙනා නිසා, දැන් කෑම බීම වල අඩු පාඩු ගැන දොස් පරොස් එන්නේ නැතිය. ඒ වෙනුවට කස්ටිය කතා කරන්නේ කේටරින් සේවිස් ගැනය. එයිට පස්සේ මාතලන්ගේ බලවත් ඉල්ලීම මත, අපේ පැත්තේ ඉන්නා, පොඩි කාළේ පටන් අපේ නිවෙස් වල අත් උදව්වට පැමිණි පිරිසටත් සංග්‍රහ කොරනවාය.

ඒ වෙනකොට අම්මා හංගාගෙන ඉන්න ඒවා උන්ට ලැබෙන්නේ නැත. අම්මලාගේ දාන දීම තාමත් එහෙමමය. ඔය ඔක්කෝම ඉවර වෙලා, හිඟන්නන්ටත් බත් ඩිංගක් යහමින් දෙන්වාය. ඒ දුන්නට උන්ට ඩෙසර්ට් වලට හම්බ වෙන්නේ, අයිස් කිරින් විතරය. (ඉතිරි වෙන ඒවා පාර්සල් වෙලා යන්නේත්, ඇති හැකි අයගේ නිවෙස්වලටමය.) අනෙක් හොඳ ඒවා උන්ට ලැබෙන්නෙ නැත්තේ, ඒ වෙනකොට මාතලන් අපේ පවුලේ බාර් ඇසෝසේසොන් එකේ සමාජිකයින් සමඟ රැස්වීමට සහබාගී වෙන නිසාය. හිඟනන්ට කොහෙන්ද උණු බත් කියලා කිව්වේ ඉස්සර උනාට, දැන් ඉන්න හිඟන්නන්ට උණු බත් දුන්නේ නැත්නම් අහගන්න වෙන්නේ කුණුහබ්බය.

ඉස්සර අපේ කොම්පැනි වල ළොකු ළොකු ඩිරෙක්ටර්ලා වගේ අයගේ ප්‍රොමෝසොන් කොක්ටේල්, ඩිනර් පාටි, වෙඩින් වගේ ඒවාට අපටත් ඉන්විටේසොන් හම්බ වෙනවාය. එහෙම හම්බ උන සෙට් එක, ඒ කාළෙට ඉන්නේ, අර ඩිරෙක්ටර්ලටත් වඩා එහාට හිතාගෙනය. ඉතින් ඔය ෆන්සොන් වලට ගිහිල්ලා, තෝරූ මෝරූ අස්සේ හාල්මැස්සෝ ටික වාගේ, හාල්පාරුවෝ ටික වාගේ, අහුවෙන මේසෙකට වෙලා හින්දි පිචැර් බලනවා වාගේ, හයි ක්ලාස් සොසයිටි එකේ දහ අට සන්නි දිහා බලාගෙන මොහොතක ඒ ළෝකේ ජීවත් වෙනවාය.

ඔහොම ඉන්න අතරේ, අවුරුද්දකට එක සැරයක් දෙසැරයක් අතට අත දෙන්න ඉතරක් හම්බ වෙන ලොක්කෝ, අපේ මේසේ ළඟට ඇවිල්ලා, හලෝ හව් ඩූ ගුඩු ගුඩු කියලා අතට අත දුන්නාම අපිට ඉතින් එතනින් එහා දෙයක් නැතිය. ඔහොම දෙන අතරේ නමක් ගමක් මතක තීලා, හලෝ මාතලන් එහෙම කිව්වා නම් නිකන් පන පිටින් දිව්ව ළෝකේ ගියා වගේය.

ඊළඟට ඔෆීස් ආපු දවසට අපේ උන් එකසිය ගානට ස්වයං වින්දනයේය. උඹ කියන්නේ බලහංකෝ ඉතින් නමත් මතකයිනේ. මාත් එක්ක උඹලට වඩා කතා කලානේ. අත අත ඇරියෙම නෑ නේ කිව්වම, කෑල්ලක් කියන්නේ, ඇයි ඔයාට විතරද...? මගෙත් නම කියලා කතා කළේ... මගේ හස්බන්ඩ් ගැනත් ඇහුවේ... ඇයි අනේ ඔයාට මතක නැද්ද, අපේ පොඩි එකානේ අර ෆැස්ටිවල් එකේ චෙයාර්මන්ව ගාලන්ට් කලෙත්... ලොක්කට ඒකත් තාම මතකයි... අරකයි මේකයි.. කිව්වම මාතලන්ගේ ස්වයං වින්දනේ එතනින්ම අහෝසි වෙනවාය. හැබයි ඉතින් කෑල්ලවත් මාතලන්වත් ඉන් පස්සේ උන්ට මතක නැතිය.

ඔය කතන්දර දෙකම මතක් උනේ, අපේ ජනාධිපති තුමා G 7 සමුළුවට ගිහිල්ලා යහපාලනේ උන් ස්වයං වින්දනේ යෙදන හැටි දැකලාය. උන් ස්වයං වින්දනේ යෙදන අතරේ, වෙසමුනි දිවුරුම් දෙන ඒවා බලන්න යන ස්වාසිලන්තේ ලොක්කගේ යාලුවගේ ගෝත්‍රික හමුදාවට මලේ හොඳම එකය. උන් කොහොමත් සිවිලයිස් පොරවල් නොවනා නිසා, කවුරුන් හෝ සිවිලයිස් පොරක් එක්ක ඉන්නවා දැක්කාම උන්ගේ ඇඟේ මාළු නටනා එක සාමාන්‍ය දෙයක් වෙලාය. ඊළඟට උන්ගේ ගෝත්‍රික මාද්දියවේදියෝ සෙට් එකත් ගෙනල්ලා මයික් පනහක් විතර අටවාගෙන යටි ගිරියෙන් ඕයේ ඔජායේ කියනවාය. ගෝත්‍රික නැටුම් නටනවාය.

(අපේ උන් ගොන් ආතල් ගත්තාට,  G7 ට ආරාධනා කළේ අපේ හිඟන රටට ඉතරක් නෙමේය. වියට්නාමය, ඉන්දුනීසීයාව, බංගලාදේශය වැනි සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින රටවලට වාගේම ලාඕසය, පැපුවා නිව් ගීනියා හා චැඩ් කියනා අපි වාගෙම හිඟන රටවලටත් ආරාධනා කළේය. උන්ගේ රටවල උනුත් ගන්නේ මේ වාගේම අතල් එකක් බව උන්ගේ රටවල නිව්ස් සයිට් වලට ගිහින් බැලුවාම අගේට පේනවාය. )

ඔය හම්බ වෙච්චි ගොඩක් උන් දැන් අවුරුදු දෙකකට කිට්ටු කාලයක් තිස්සේ හම්බ වෙනවාය. අතට අත දෙනවාය. අපිට අච්චර දෙනවා මෙච්චර දෙනවා කියා කිව්වේය. ආර්ථිකේ උඩු යටිකුරු කරනවා කිව්වේය. ඉන්වෙස්ටර්ලා එක්ක සිවෙස්ටර් ඉස්ටැලෝන් ඉතරක් නොව වොක්ස්වැගන් කාරුත් එනවා කිව්වේය. හැබයි ඉතින් අද වෙනකන් ලැබුන ලබ්බක් නම් ඇත්තේ නැතිය. (මේ වන තෙක් එකඳු සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්බ කොට නැත.) ඇන්ජෙලා මර්කෙල් නෝනා අතට අත දීලා, ඊළඟට ඇබරිලා යන්න ගියේ, අපේ ළොක්කා, "කෝ මැඩම් ඔහේ දෙනවයි දෙනවයි කිව්වට මක්කත් දුන්නේ නෑ නේ හිටං... කිව්ව නිසාය කියලා සමුළුව පැත්තෙන් ආරංචියකුත් ආවේය.

ආන්ඩුව G7 ට ගිහින් ස්වයං වින්දනේ යෙදුනාට, යහපාලනේ නම් ජනතාවට ගූ7 ක් වෙලා බොහෝ කල්ය. ඔය ළොකු ළොක්කෝ අපේ සිරිසේන ළොක්කාට අතට අත දෙන්නේ යහපාලනයක් ගෙනාවයි කියලා හිතාගෙන නම්, අපිට ඒ ළොක්කන්ට කියන්න තියෙන්නේ, මහින්ද ඔහේලා ඇන්දුවා වාගේම, මෙයා ඊටත් වඩා හොඳින් ඔහේලා අන්දනවා කියලා විතරය. 

දැන් දැන් හොරු එක්ක අමු හෙළුවෙන් ඉන්න හවුල් ආන්ඩුව, බ්ලේම් එක එකාට දමමින් සිටි. අලි පාටියේ නියෝජනයක් වන මහ බැංකුවේ අධිපතියා, රටේ සංවර්ධනය කෙසේ වෙතත්, එයාගේ පවුලේ සංවර්ධනේ නම් රාජපක්ෂ පවුලේ සංවර්ධනයටත් වඩා හොඳින් සලසා ගන්නවාය. ඒ පෝස්ට් එක මෙන්ම, එහි ක්‍රියාවන්ද G7 මය ඒ කියන්නේ ගූ හතයිය. වජිර අබේවර්ධන ඉන්නේ ගූ නාගෙනය. ඇවන්ගාඩ් එකට සම්බන්ධ නෝනා කෙනෙක් අරගෙන ළේඛම් කම දුන්නේය. එයා වජිරට කොකා පෙන්නා අන්තරස්දාන උනේය. එතනත් වජිර හත් පොලේ ගාගත්තේය. ඊළඟට අනූෂ පැල්පිට දාගෙන කක්කා නෑවේය.

හොරුන් අත් අඩංගුවට ගැනීමට එරෙහිව ළොක්කා කෙලින්ම ඉදිරිපත් වෙමින් තිබේ. ඊයේ පෙරේදා මහින්දානන්ද ඇතුලේ දාන්න ගිය එක නවත්තලා තියෙන්නේ ආරංචි විදියට උන්නෑහේය. ඒ අරෙන්න ආරංචි විදියට සංචාරක මන්ඩලයේ මහ එකා සහ අධ්‍යක්ෂක මන්ඩලය ඇතුලේ දාන්න ගිය එක නවත්තලා තියෙන්නෙත් උන්නැහේය. කිසි ලැජ්ජාවක් නැතිව උසාවියේ නඩු අහපු අලි හොරා, ආගිය අතක් නැතිය. ඉන්නේ රනිල් ගාවද, සිරිසේන ගාවද, කියන්න එකෙක් වත් දන්නේ නැතිය. පොලීසිය බුදිය.

ශ්‍රීලනිපයේ ලේඛම් ගරු දුමින්ද දිසානායක කියන්නේ, එජාපේ උන් හොරු රකිනවා කියලාය සිරි ලංකා එක අති සුපිරිසිඳුය කියාය (වෙන රටක තියෙන සිරි ලංකා නිදහස් පක්ෂයක් වෙන්න ඕනාය). ඩිලාන් පෙරේරා කියන්නේ, එයාලාගේ ආන්ඩුවක් ළඟදීම පිහිටුනවා කියලාය. යූ ඇන් පී එකේ ටොයියන් කියන්නේ, සිරිසේන ළොක්කා හොරු රෙද්ද අස්සේ දාගෙන, ඉතිරි උන් ටික දාගන්න එකසිය ගානේ ගේමක් ගහනවා කියලාය. රන්ජන් රමණ යකා කියන්නේ නීතීපති බුදි කියලාය. මහා සද්ද දාපු අජිත් පී පෙරේරලා හොයා ගන්නටත් නැතිය.

කෙසේ හෝ කැෆේ එක උන් හා යහපාලනේ හදන්න දඟලපු සිවිල් පොරවල් නිසා අනූෂ පැල්පිටලා රෙද්ද අස්සේ දා ගැනීම නැවතුනත් මුන් හදන්නේ ඒ කම්බා හොරුන් වූ නිළධාරින් එක්කම ගේම ගහන්නය. මොකෝ අළුත් හොරුන් හදනවාට වඩා හොරකම දන්නා උන් එක්ක ගේම ගහන එක ලේසි නිසාය.අද හොරුන්ගෙන් රට බේරා ගන්න ඉන්නේ උන් ටික ඉතරය. උන්ට බැකප් එක දෙන එක අපේ යුතු කම්ක්ය.

ඉතින් ඔහේලා දන්නා යමක් තියෙනවා නම්, ඔය පහළ දාලා තියෙන වෙබ් අඩවි වලට ඒ ඉන්ෆෝමේසොන් දුන්නාම මහත්හොරුන්ගේ රෙදි ගලවලා දානා එක ලේසිය. (ජනතාවට දැන් ලැබෙන්නේ ඒ සතුට පමණක්මය) එය අපේ ජාතික යුතු කමක්ය, මොකෝ මුන් හදන්නේ හොරු රකින්නය. අද වෙනකන් අල්ලපු එක හොරෙක් නැති ඇතර. එයාර් ලංකා කාබාසිනියා කරපු උන් තාමත් එලියේය. රාජසන්තක කල එක දේපලක් හෝ බැන්කු ගිණුමක් නැතිය.

FCID එක විහිළුවක් වෙලාය. චන්නලා ඇවිත් කියන්නේ නටපු හැටි අහනවා කියලාය. නලින් පෙරේරාත් එනවාය. හෙට අනිද්දා මේරියන්ස්ලාත් එන්න පුළුවන්ය. අන්තීමට ජැකා, චන්න, නලීන්, භාතිය සනතුෂ්ලා, ඔක්කෝම ඇවිල්ලා, FCID එක ඇතුලේ "කරදිය මංගල්ලේ" ආයෙත් පෙන්නන්න පුළුවන්ය. හොරා කාපු ප්‍රියත් බන්දු වික්‍රමලා, ජැකාලා, කිසි අවුලක් නැතිව තාමත් එලියේය.


යහපාලනය කියලා මිනිස්සු බලාපොරොත්තු උනේ මේ කෙහෙල්මල් විගඩන් නොවේය. වැට් ගහපු නැති බඩුවලත් මිළ වැඩි වෙලාය. ජීවන වියදම අහස උසටය. සෑම දේකම මිළ ඉහළ යමින් තිබේ. මිළ පාළණයක් තියා මෙළෝ දෙයක් නැතිය. කොටින්ම ආන්ඩුව කියා එකක් තියෙනවාද කියා ගංවතුර ගලා දෙගොඩ තලා උතුරා ගොස් මුළු ළෝකයටම පෙන්නුවේය. අද වන තෙක් ආන්ඩුවෙන් කිසිම දෙයක් ඒ ජනතාවට ලැබී නැත. කළමනාකරණය අන්තීම දුර්වලය. උන් කරන්නේ එකිනෙකාට වරද පටවා, ජනතාව ගොනාට අන්දා, එකට හොරා කෑමය.

මේ හවුල් ආන්ඩුවට කෙලෙවලා යනවා නම්, ආන්ඩුවේ උන් G7 න් ගන්නා ගන්නා සතුටට වඩා සතුටක් අපිට තියෙනවාය. එක්කෝ සිරි ලංකා ආන්ඩුවක් හදපල්ලාය. නැත්නම් අලි ආන්ඩුවක් හදපල්ලාය. ඉස්සර ඉඳන් අපේ මුතුන් මිත්තෝ කියන්නේ හවුලේ කැඳත් නෑ කියලාය. ඒ කතාව නම් සහතික ඇත්තය. ඒ කාතාව කියපු එකා හොයාගෙන කටේ ගල් කාලක් වක්කොරන්න ඕනාය.

ඒ වගත් මෙසේය...


ඔබට සතුටුයිද දැන් - රුවන් හෙට්ටිආරච්චි

93 comments:

  1. "දියුණු ශිෂ්ඨාචාරයන් අතරේ ගෝත්‍රිකයින් හඳුනා ගැනීම කෙතරම් පහසුද...?"
    එදා හවස මෙහේ TV එකේ ඕක පෙන්නනකොට මටත් එහෙමම හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඇයි හැසිරීම... මෙයා නෙමෙයි හිටපු එක්කෙනත් එහෙමමයි... කොරිඩෝර් හන්ටින් කරලා තියෙන්නේ ඒක නේ...

      Delete
    2. 2014 වගෙ නෙමෙයි මාතලන්ගෙ හොරු හොරු මර ලතෝනිය දැන් නිකන් කපුටෝ "කාක්" කියනව වගෙ වෙලා කවුරුවත් ගනන් ගන්නෙ නෑනේ..පුහ් ඒ කාලෙනෙ සපෝට් එකට කොමෙන්ට් තිබ්බෙ

      එකයැ මාර චාන්ස් එකක් නෙද මිස් උනෙ...

      කොහොමද නාමල්, යොශිත, රෝහිත එහෙම ජුන්ඩක් දාල කණ සක්කුවෙ දාගෙන ගිහින් ටැලිෆෝන් කණුවක් කඩා දැම්මනං....

      දෙන්න තිබ්බ නේද ඇට්ටි හැලෙන්න.... නැද්ද අඩුම ගානේ පොස්ට් 5ක් වත්...


      කරුමෙට,

      "මාතලන් ජෙප්පන්ට ඡන්දය දෙන්නේ ඇයි...? " කියල පිරුවට අන්දපු එකෙක්නෙ ඇණ්ගෙන තියෙන්නෙ.

      දැන් යහපාලන සෙට් එකට දශාව නරක් වෙනව වගෙ. බැනල පෝස්ට් දැම්මට කමක් නෑ ගිහින් සුමනදාස හම්බවෙලා කේන්දරේ බලාගනින්...

      කවුරුහරි දැකල ෆොටෝ එකක් ගහල දැම්මොත් මොකක් හරි කියන්න බැරියැ. ...ඔය අනුරත් පුංචි අම්මව, සයිඩ් එකේන් ඉන්න දරු පවුල් එහෙම බලන්න ගිහිල්ල අහු උනහම ලස්සන උත්තර දෙන්නෙ

      Delete
    3. ඔව් මම ජෙප්පන්ට ඡන්දෙ දුන්නා තමයි... හැබයි ඒ වගේම මහින්දට වගේම යහපාලනේටත් දීලා තියෙනවා... අපි වගේ උන් නිසා තමයි ආන්ඩු පෙරලෙන්නේ.. එහෙම නැතුව ඔහේලා වගේ ගොන් බයියෝ නිසා නෙමෙයි...

      මහින්දට කෙල උන එකට නම් අපිට අප්‍රමාන සතුටක් තියෙන්නේ.. මුන් තාමත් විඳවන්නේ ඒක නේ....

      Delete
    4. අදාල නෑනෙ..!

      Delete
    5. "එහෙම නැතුව ඔහේලා වගේ ගොන් බයියෝ නිසා නෙමෙයි... "

      උබ හරි බුද්දිමතා.

      රෙන්න එපා බුද්දිය උබගෙ එළියට යයි..!

      Delete
    6. බුද්ධිය ගැන කතාවක් ආවේ නෑ නේද...? බය වෙන්න එපා... උඹ වගේ නෙමෙයි මොළේ අබ ඇටයක් ඉතර තියෙන බයියොත් ඉන්නවා...

      අනික ටොයියෝ රෙන්නේ නෑ... රෙන්නේ බයියෝ.. ටොයියෝ ඇවිල්ලා ජී දනවා.. එහෙම නැත්නම් කක්කි දානවා...

      Delete
    7. උබ යහ පාලන නඩේට දෙන තරමට ජී දාන්න , කක්කි දාන්න තැනක් ඉතුරු වෙලා තියනවද

      Delete
    8. අපේ ඒවා ගැන කතා කරන්නේ... තොපි අවුරුදු දහයක්ම දීලේ තාමත් එලව එලව දෙන ඒවට මොනවා වෙලා ඇද්ද....? අනික එයාගේ ළොකුයි කියලත් කියනවනේ, යහපාලනේ අයගෙ ඒවට වඩා...

      Delete
    9. හූ හූ ඇද්ද බයියා...

      Delete
    10. ''පොඩි කාළේ පටන් අපේ නිවෙස් වල අත් උදව්වට පැමිණි පිරිස''..
      අම්මපා හකුරු මිනිස්සුන්ටත් වලව් සහ ප්‍රවේනිදාසයෝ හිටියාද?

      Delete
  2. මාතලන් මහත්තෙයා,
    කොහොමින් හරි ඔබතුමා ගේ මා රා විරෝදී කස්ටිය හරි පැත්තෙන් ම අඩන්ගු කොර ගන්නවා හොඳයි.... මොකද ආන්ඩු විරෝදී ජනතාවට අත වනනා හෙවනැලි ඈතින් මෑතින් මතුවෙනවා වගේ ස ර ස තුමාට පේනවා......ඔහෙලගේ කස්ටියට ආන්ඩු බොරුවට විරෝදී කියලා පෙන්න පක්සෙක රොමෑන්ටික කොක්ක වැදෙන්න පුලුවනි...

    //උන් කොහොමත් සිවිලයිස් පොරවල් නොවනා නිසා, කවුරුන් හෝ සිවිලයිස් පොරක් එක්ක ඉන්නවා දැක්කාම උන්ගේ ඇඟේ මාළු නටනා එක සාමාන්‍ය දෙයක් වෙලාය.//

    ඔව් ඔව්....

    මීට

    සිවිලයිස් නොවනා ස ර ස තුමා

    ReplyDelete
    Replies
    1. හෙහ්... හෙහ්... ඒක නම් ටිකක් අමාරු වෙයි...

      බලේ ඉන්න උන් පිස්සු කෙලිනවා නම් ඒක පෙන්වලා දෙන එක තමයි අපේ යුතුකම. එහෙම ගනන් ගන්නේ නැත්නම් එලවලා දානවා.. එදා ඉඳන් මේ රටේ ආන්ඩු පෙරලුවේ, සිංහයෝ බලු කුක්කෝ කලේ අප් වගේ පාවෙන චන්ද මිසක්... සා රස තුමා වගේ, කැපුවත් කොල, කැපුවත් නිල්, කැපුවත් රතු අය නම් නෙමෙයි....

      Delete
    2. සරස, ඔබ ඔබේ වැදගත් කම තියාගෙන පාඩුවේ ඉන්න. මේ උතුරන වැසිකිලියට පැමිණ මුගේ හද්ද ගූ ගඳ ආඝ්‍රහණය නොකරන්න.

      Delete
  3. ලංකා සී නිව්ස් ද මොකක් ද එකෙන් ඇහැව්වා නම් සේරම විස්තර දේවි නේ!

    ReplyDelete
    Replies
    1. එයාලා දෙන්නේ මේ ආන්ඩුවේ ඒවා විතරනේ... පවුලේ ඔක්කොටම මිලියන් ගනන් වටින ගෙවල් කුණු කොල්ලෙට දීපූවා ඒකේ යන්නේ නෑ...

      Delete
  4. යකෝ රාවයටත් එවාපල්ල..
    හිරු ගොසිප් එකට යවන එකේ

    ReplyDelete
    Replies
    1. රාවයට , වික්ටර් අයිවන්ට, උඹලට මීට වඩා දෙයක් කරන්න පුළුවන්....

      Delete
    2. NELUM YAYA KAKKA WALAK... EKEN HITHAGANNA PULUAN EKA KARANAAYAGE THARAMA.. KOHOMDA HONDAMA DESHAPALANA LIYUM KARAU

      Delete
  5. මාතලන් ඇයි ඔබතුමාලා සම්මාන බදාගෙන බෙදාගන්න නෙලුම් යායට එව්වොත් එවන කෙනාට සම්මාන ලබාගන්න පුවන් කියලා කියන්නේ නැත්තේ? එකට FCID එකට ආරාධනා කලොත් බොලොග් සංසදේ සබාපති හැටියට ඔබට යන්න වෙයි කියලද

    ReplyDelete
    Replies
    1. මම ඒකේ සභාපති නම් නෙමෙයි... හැබයි ඒ වෙනුවෙන් කොන්දෙසී විරහිතව පෙනි හිටිනවා... මට සම්මාන දුන්න නිසා නෙමෙයි... බ්ලොග් වලට දෙයක් කරන නිසා...

      කොහොම හරි නෙළුම් යායෙන් එක එකාගේ පුකේ අමාරුවලට බෙහෙත් දෙන්නෙ නම් නෑ මම දන්න තරමින්... දෙන්නේ සම්මාන විතරයි...

      Delete
    2. "කොහොම හරි නෙළුම් යායෙන් එක එකාගේ පුකේ අමාරුවලට බෙහෙත් දෙන්නෙ නම් නෑ"
      මං මේ "නෙලුම් යාය" කියන "සිරි කොත" කියල ආදේශ කොරල බැලුව.
      එච්චර ගැලපෙන්නෙ නෑ වගේ.

      Delete
    3. " කොහොම හරි නෙළුම් යායෙන් එක එකාගේ පුකේ අමාරුවලට බෙහෙත් දෙන්නෙ නම් නෑ මම දන්න තරමින්... "

      සම්පුර්ණ ඇත්ත..!

      1600ට පෝස්ට් ලියල පුක දුන්න අයට නං සම්මාන දෙනවා.

      කරුණාරත්න පරණවිතාන එහෙම එන්නෙ නිකන්යෑ.

      Delete
    4. කරුණාරත්න පරණවිතාන "සිරිකොතේ" එක්කෙනෙක්ද....?

      මම හිතුවේ යහපාලනේ එක්කෙනෙක් කියලා... මොකෝ යහපාලනේ ගොඩක් අයට යූ ඇන් පී ටිකට් එක හම්බ උනා නේ...

      Delete
    5. උබ බබා

      Delete
    6. 1600 ක් දුන්නෙ බුකියේ අයට. බ්ලොග් වලට ඊට වඩා ගෙව්වා... ඒවා දන්නේ පැරාලා අපි විතරයි... නිකං නෙමෙයි ඩොලර් වලින්... ඩොලර් වලින්...

      Delete
  6. \\..ඉස්සර ඉඳන් අපේ මුතුන් මිත්තෝ කියන්නේ හවුලේ කැඳත් නෑ කියලාය. ඒ කතාව නම් සහතික ඇත්තය. ...//

    ReplyDelete
  7. ඔබට සතුටුයිද දැන්? :D

    ReplyDelete
    Replies
    1. මේවා ඉතින් එන්නත් කලින් කියපු නිසා මාර සතුටක් තියෙන්නේ...

      කොහොමට හිටීද සෝභිත සාධු ආවනම් හෙම...

      Delete
    2. මාතලං (කට්)

      මම යාලුවෙක්ගෙ ගෙදර තොවිලෙකට ගිහින් (සුපිරියට ගසල) පාන්දර 5ට විතර ගෙදර ඇවිත් එළියේ ෂවර් එකෙන් වොෂ් එකක් දාගෙන සෑහෙන වෙලා ඒක වහන්න හදනව හදනව වැහෙන්නෙ නෑ.. පස්සෙ අම්ම ඇවිත් බනිනකොට මීටර් උනේ මම ෂවර් එක කියල හිතල මහ වැස්සෙ හිටගෙන ඉඳල ජොකා පිටින්.. ලිඳ ගාව තිබ්බ සබන් කෑල්ලත් ඔලුවේ ගාගෙන. ඇඳුම් ටිකත් එතනම ගලෝල.

      Delete
  8. යහපාලනේ නම් ජනතාවට ගූ7 ක් වෙලා බොහෝ කල්ය//

    මං හිතුවෙ ගූ 70යි වැලි එකයි කියල!

    ReplyDelete
    Replies
    1. වැලි නෑ... තනිකර ගූ විතරයි...

      Delete
  9. ශිෂ්ටයන් හා ගෝත්‍රිකයන් ව මාතලන් වෙන් කර අඳුනා ගන්නෙ ඇඳුමෙන් ද? මේකේ තියෙන ගොඩක් කරුණු වලට මං එකඟයි. ඒත් කෝට් එක දැමීමෙන් ඔබාමා ශිෂ්ට වෙයි කියලත් වෙන ඇඳුමක් ඇන්දා කියල සිරිසේන ගෝත්‍රිකයි කියල මාතලන් හිතනවා නං... මාතලන් පව්.

    ReplyDelete
    Replies
    1. රිදුනට කරන්න දෙයක් නෑ... ගෝත්‍රිකයෙක් හඳුනා ගන්නා මූලිකම ලක්ෂණය ඒක තමයි... මේවා අඳින්න බෑ එහෙම මානසිකත්වයක් නැතුව...

      Delete
    2. ඒකනෙ රනිල් ටයි කෝට් දාන්නෙ.. එතකොට ඇතුලෙ ඉන්න කොමන් සෙන්ස් වත් නැති ගල් මෝඩයා වැහෙනවා.

      ඊට පස්සෙ සක්වල ගලෙන් මෙපිට ඉන්න මහා බුද්දිමතා කියල මාර්කට් කරනවා


      Maathalan - Priyantha HewageMay 24, 2016 at 1:50 PM

      මේ රටේ දැක්මක් තියෙන එකම නායකයා රනිල් පමණයි....

      ඒත් කරුමය කියන්නේ ජේ ආර්ට වගේ රනිල්ට හොඳ සෙට් එකක් නැති වීම හා අවුරුදු ගානක් රට කෑ කාලකන්නි පිරිසක් ජාතික ආන්ඩුවක් කියා රෙද්ද අස්සේ දා ගැනීම...
      Reply

      Delete
    3. කවදත් ටයි කෝට් නො අඳින මාත් නිකං ගෝත්‍රික වගේ දැනුණා. හැබැයි G7 ට වගේ ආරාධනා ලැබුණොත් නං අඳිනවා. වැඩේ කියන්නෙ ආරාධනා ලැබෙන්නෙ නැහැනේ..

      Delete
    4. ඔයැයි නවක වදය ගැන ලියපු පොස්ටෙක කිවෙවම ඔයැයිත් ගෝත්‍රිකයි කියල තමයි හිතුනෙ හිටං

      Delete
    5. X - Porter

      නොකී කතා මහතා තුළ ඇතැම් ඉතා ප්‍රගතිශීලී අදහස් තිබුණද ඔහුද පේරාදෙණි ගොත්‍රිකයෙකි. සාමාන්‍යයෙන් පේරාදෙණි ගෝත්‍රිකයෝ නවකවදය නමැති අමානුෂික දුශ්ට ක්‍රියාවලිය කෙරෙහි කෙළින්ම හෝ ව්‍යංගයෙන් පෙනී සිටිති. (සා රසා නමැති මරාට රෙදි නැතුව කඩේ යන එකානම් රැග් එකෙන් අමානුෂික විදිහට සල්ලං වී ඇති නිසාඅදෝ රැගට විරුද්ධයි; ඒවගේ ටිකදෙනෙක් ඇර). මීටත් වඩා සටකපට රසිකලොජි බ්ලොගයේ ලියන්නාය. බොරුවට ජාතිවාදී නෑ, මානුශිකයි කියාගෙන බෝඩ් ගහගෙන අතිශය පටු ලෙස තමාගේ ගෝත්‍රිකත්වය, අනුන් කෙරෙහි ඇති කුහකත්වය, ඊර්ෂ්‍යාව, දුෂ්ට දුර්ජන ගති පෙන්වන මනපහත අවලමෙකි එම බ්ලොග්කරුවා නම්.

      Delete
  10. අද රනිල් වික්‍රමසිංහ රජය, (මේවා මෛත්‍රිලා හීනෙන්වත් හිතන්නේ නෑ) සිසු ණය යෝජනා ක්‍රම සඳහා පෞදගලික මූල්‍ය සමාගම් වල දායකත්වයත් ලබා ගන්න සමත්වෙලා තියෙනවා..... (මාතලං)

    මේ රටේ දැක්මක් තියෙන එකම නායකයා රනිල් පමණයි....(මාතලං)

    ආණ්ඩුව කරන හොදවැඩ ටික කරන්නේ රනිල්ය, දැක්මක් තියෙන්නේ රනිල්ටය.. නරක වැඩටික කරන්නේ මෛත්‍රි, රංජන්, ජොන් වගේ කට්ටියය. රනිල්ට වැඩ කරන්න දෙන්නේ නැත්තේ මේ හැත්තය. ඒ නිසා 2020දී ආණ්ඩු බලය තනිකර රනිල්ට පමණක් දෙන්න.
    2020දී රනිල් ජනධීපති කරවමු. එවිට අපිටත් ටයි කොට් අදින මිනිහෙක් ගු 7ට යවන්නට පුලුවන්ය.... ප්‍රදීප් මංගල ( මාතලංනම් මෙහෙම කියන්නේ නැත )

    ReplyDelete
    Replies
    1. හලෝ බබා... බයියා කෑවද....

      Delete
  11. යහපාලනය????? ලංකාවේ????
    චන්දදායකයින් ශිෂ්ඨ රටකින් ට්‍රාන්ස්ප්ලාන්ට් කලහොත් සමහරවිට යහපාලකයින් ඇතිවනු ඇත. නැත්නම් වන්දිබට්ටයන් , වන්දනාමානකරන එවුන්, රජ සිංදු කියන එවුන් ගේ කරදරය ටිකක් අඩුවෙන් ඇහී ජෝකර්ලාගේ කතා එලෙසම තිබෙන තත්වයකින් පමණකින් සෑහීමට පත්වීමට වේ.

    ReplyDelete
    Replies
    1. නිකන් ගොබ්බ කතා කියන්න එපා බන්. ඔය කියන විදිහේ ශිෂ්ට සම්පන්න සුපිරි ජනතාවක් ඉන්න රටවල් ලොවෙත් නැහැ. රටක් ගොඩගන්න නම් දක්ශ කැපවීමක් සහිත කාර්ය ශූර නායකයන් පත්කරගත යුතුයි.

      ලී ක්වාන් යූලා මහතීර් මොහමඩ්ලා බිහිවුණේ මීටත් වඩා ගොබ්බ මොට්ටපාලලා පිරුණු රටවල්වලින්. එතකොට මහාත්මා ගාන්ධිලා, නෙල්සන් මැන්ඩෙලාලා නායකත්වය දුන්නේ මළපොතේ අකුරු බැරි නූගතුන් මිලියන ගාණකට. අපේ දේශපාලනයේ හිටපු සාපේක්ෂව යමක් කළහැකි එකා බලය අරගෙන අමුම අමු පිස්සු කෙළින උන්ගෙ පවුල්වල අපතයොයි තවත් කාලකණ්ණි ටිකකුයි වටකරගෙන හොරාකන්නයි පිස්සු නටන්නයි පටන් ගත්තා. ඌට දුරදිග හිතල වැදගත් විදිහට වැඩක් කරන්න හිතන්නවත් ඕනෙකමක් තිබ්බෙ නැහැ. දක්ෂ බුද්ධිමත් මිනිස්සුන්ව ලංකරගත්තෙත් නැහැ. අන්තිමට ඒකව අමාරුවෙන් එලවන්න උනේ හිටපු කුජීත මෙලෝ වැඩක් බැරි අමුම අමු ගොබ්බ හැත්තකට බලය මාරුකරලා. දැන් ඒ ගොන් හැත්ත අපිට ගොං ආතල් දීම හැර කිසි වැඩක් කරන්නෙ නැහැ. හිටපු හොරුන්ගෙන් කොටසකුයි අලුත් හොරු සෙට් එකකුයි බැහැල අයිට හපන් විදිහට හොරා කනවා.

      බටහිර රටවල හොඳ සමාජ සම්ප්‍රදායන්, ආර්ථික ක්‍රම මෙන්ම පුද්ගල නිදහස මනාව තියෙන බව ඇත්ත උණත් ඔය කියන සුද්දොත් වැඩිහරියක් අපි වගේම පට්ට ගෝත්‍රික අමුම අමු ජාතිවාදී ගොබිල්ලු. උන් දියුණු වෙමින් පවතින රටවල ජීවත් වෙද්දි ඒවට අනුගත වෙලා අපිටත් වඩා අන්ත අමු කුජීත වැඩ කරනව මම් ඕනතරම් දැකල තියෙනව විශේෂයෙන්ම ටැන්සානියා, ඇංගෝලා, රුවන්ඩා, චැඩ් වගේ රටවල ප්‍රොජෙක්ට්ස් වලදි. (මෙව්වා මාතලන්ටත් හොඳ පාඩම්. හැමතිස්සෙම සුද්දොන්ව ලොකු කර කර ලාංකිකයන් පට්ට ගෝත්‍රික අමු ජාතිවාදී මී හරක් කිය කිය අපහාස කලාට අන්තිමට කොහෙන් හරි කැරකිලා තමන්ටත් වැදුනදාට තමයි තේරෙන්නෙ උඩ බලාගෙන කෙළගහගත්තු බව. )

      ඔය උඹ කියන ශිෂ්ට සම්පන්න එවුන් ඉන්න රටක මිනිස්සු එක්ක ටිකක් කලක් ඉඳල බලපන්. උන්ගෙ ඩිසිප්ලින් හදල මිසක් හැදිල නෙවෙයි. හරියට ඉස්කෝලෙ කාලෙ අමු මදාවියෝ ආමි නේවි වලදි හැදෙනව වගේ. අපිටත් අවශ්‍ය ඒ වගේ සිස්ටම් චේන්ජ් එකක්. නමුත් ලංකාවෙ දැන් බලයේ ඉන්න උන් කරන්නෙ ඒව ඉබේ හැදෙයි කියල ඔහේ උඩබලාගෙන පිස්සු කෙළ කෙල ගොබ්බ වැඩ කර කර ඉන්න එක.

      Delete
    2. අපි ඔක්කොම අන්දරේලා.... මචෝ...

      ඒ නාට්ටිය පෙන්නන වෙලාවක බලපන්... රාජකපුරුත් ඒ වගේමයි...

      Delete
  12. ඇඳුමෙන් නං දන්නෙ නෑ. මනසින් නම් අපේ පාලකයො ගෝත්‍රිකයි. මතකනෙ බ්‍රා..

    ReplyDelete
    Replies
    1. ආරේ ගති නෑරේ කියලා කියමනක් තියෙනවා නේද....?

      Delete
  13. මේ රටේ රු. 15000 වගේ පඩියකින් ළමයි 2,3ක් නඩත්තු කරන... ඒකෙන්ම කරන්ට් බිල, වතුර බිල ගෙවන, ගෙදරට අඩුම කුඩුම ටික ගේන ඉතිරුවයින් ණය තුරුස් ගෙවන අයත් මේ රටේ ඉන්නවා... ඒ අයට ඕනි කාර්, ත්‍රී වීල් නොව... යන්තම් ජීවත් වීමටය. (ජෝන් කියන වාහන "අනවශ්‍ය" කොටස මේ වෙන්න ඇති). බදු වැඩි වුණා කියා පඩි වැඩි වෙන්නේ නැතිය. ලංකාවේ හැමෝම රජයේ සේවකයින් නොවේය. දැං පංති කාඩ් එකක් රු. 1000 - 1700 විතර වෙනවා. අරවගෙ පවුලක ළමයෙක් විශයන් 3කට පන්ති ගියොත් 3*1200 = 3600 යි... දැං හාල් කිලෝ එකක් අඩුම ගානේ 58 ක් වත් වෙනවාය.. අනේ මංදා... යකුනේ තොපි ඕනි කාර් බාර් එකක් ගනිව්... ඒකට කමක් නෑ (කරන්න දෙයක් නැති නිසා). පව් මේ රටේ දුක් විඳින උන්.. උන්ට පොඩි හරි සහනයක් දීපං...

    ReplyDelete
    Replies
    1. මටත් හිතා ගන්න නම් බෑ මිනිස්සු කොහොම්ද ජීවත් වෙන්නේ කියලා...

      Delete
  14. //(අපේ උන් ගොන් ආතල් ගත්තාට, G7 ට ආරාධනා කළේ අපේ හිඟන රටට ඉතරක් නෙමේය. වියට්නාමය, ඉන්දුනීසීයාව, බංගලාදේශය වැනි සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින රටවලට වාගේම ලාඕසය, පැපුවා නිව් ගීනියා හා චැඩ් කියනා අපි වාගෙම හිඟන රටවලටත් ආරාධනා කළේය. උන්ගේ රටවල උනුත් ගන්නේ මේ වාගේම අතල් එකක් බව උන්ගේ රටවල නිව්ස් සයිට් වලට ගිහින් බැලුවාම අගේට පේනවාය. )//

    සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින රටවල්:
    Indonesia HDI = 0.684 (110th, medium). GDP (nominal) per capita = $3511
    Vietnam HDI = 0.666 (116th, medium). GDP (nominal) per capita = $2311
    Bangladesh HDI = 0.570 (142nd, medium). GDP (nominal) per capita = $1284

    හිඟන ශ්‍රී ලංකාව:
    Sri Lanka HDI = 0.757 (73rd, high). GDP (nominal) per capita = $ 3818

    අප විසින් දිගින් දිගටම පෙන්වා දීමට උත්සාහ කළ, මාතලන් (ඇතුළු ගොන් ටොයියන් ගේ) හීනමානය ඔහු විසින් ම කදිමට ප්‍රදර්ශනය කර ඇති අවස්ථාවකි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ෆිගර්ස් ළෝකයේ කිසිම කෙනෙක් පිලිගන්නේ නෑ... ඒක හදන්න සෑහෙන කාළයක් යයි... මෙහේ ඉඳන් බොරු ෆිගර්ස් නොදා ඒ රටවලට ගිහින් බලන්න...

      හිනමානේ තියෙන අමු ගොන් ළිං මැඩියෝ කව්ද කියලා එතකොට තේරෙයි...

      Delete
    2. //ලංකාවේ ෆිගර්ස් ළෝකයේ කිසිම කෙනෙක් පිලිගන්නේ නෑ//

      ගොන් නාම්බෝ, මානව සංවර්ධන දර්ශකය (Human Development Index - HDI) කියන්නේ ලංකාවේ හදන එකක්ද? දල දේශීය නිශ්පාදනය (GDP) දත්ත අරගෙන තියෙන්නේ IMF එකෙන්. මේ බූරු හරකාට අනුව IMF එකෙන් ලංකාව ගැන දෙන ගනන් හිලවු වෙන්න ඇති ලෝකෙ කවුරුවත් පිළිගන්නෙ නැත්තේ. අපි නම් ඔය කියන රටවල් හැම එකකටම ගිහින් තියෙනවා, වියට්නාමෙට හැර. ලිං මැඩියො කවුද කියලා හැමෝටම තේරෙනවා.

      Delete
    3. ඔච්චර ලියන්න ඕන නෑ ළිං ගෙම්බා කව්ද කියලා ආයෙත් වතාවක් ඔප්පු කරන එක විතරයි කරලා තියෙන්නේ... මෙහෙන් දෙන ඒවා ගත්තට ඔය ෆිගර්ස් ගැන කිසිම ආයතනයක් තුල විශ්වාශයක් නෑ... දන්නේ නැත්නම් සෙන්ට්‍රල් බෑන්ක් එකේ වැඩ කරන එකෙක් හොයලා අහගනින්... කබ්‍රාල් ගේම ගහපු හැටි...

      Delete
    4. //මෙහෙන් දෙන ඒවා ගත්තට ඔය ෆිගර්ස් ගැන කිසිම ආයතනයක් තුල විශ්වාශයක් නෑ.//

      මෝඩකමට සහ හීනමානයට බෙහෙතුත් නෑ..

      Delete
  15. කොහොම වෙතත් මිනිස්සුන්ගෙ පස්සපැත්තෙ මකුළුදැල් බැඳෙන සීන් එකක් වෙයි වගේ.ළමයි දෙතුන්දෙනා ඉගෙනගන්න ගෙවල් වල අම්මලා තාත්තලාට දැන් රෑට බඩගිනි නැහැයි කියන්නෙ..
    ක්ලාක් කාරයෙක්,ටැපික්පොලොසෙක් අල්ලයි පගා ගහනවා කියලා..ඊට වඩා දෙයක් කරගන්න කොන්දක් නැති උන් උඩ ඉන්නෙ.
    මිනිස්සු ඡන්දෙ නොදී එලවපු එවුන්මනෙ දැන් නීති හදන තැනත් පාලනේ කොරන්නෙ.ඉතින් කොහොමෙයි කොකාගෙ තරම?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මක්කා කොලත් මේ රටේ උන් කන්න නැතිව ඉන්නවය කියන එක නම් පට්ට බොරුවක්... 70 - 77 බත් කන්න තහනම් කළ යුගයෙත් මිනිස්සු නොකා උන්නේ නම් නෑ... බත් නොකෑවට මක්කා හරි කනවා... ඒවා නම් අමු කෙප්ප...

      හැබයි ජීවන වියදම හා උද්ධමනය මොකා මොනවා කිව්වත් උහුලන්න බැරි තරම් ඉහළයි කියන එක නම් අනිවාර්යයෙන් පිලිගන්න වෙනවා...

      Delete
  16. බැලු බැල්මටම ගෝත්‍රිකකම හඳුනාගන්න පුළුවන් මුල්ම සාධකය තමයි ඇඳුම.

    නමුත් ගෝත්‍රික කම වෙනත් ඇඳුමකින් වසාගෙන තමන්ගේ පට්ට ගෝත්‍රිකකම හැසිරීමෙන්, ක්‍රියාවෙන් සහ කතාවෙන් ඉතාම සහසුද්දෙන් පෙන්වන කුජීත ගෝත්‍රිකයෝ පිරිසක් තමයි දැන් ස්ට්‍රයික් කරන GMOA එකේ බයියෝ සෙට් එක.

    ReplyDelete
    Replies
    1. ස්ට්‍රයි එකක් කළේ නැත්නම් එයාලා දොස්තරලා නෙමෙයි නේ...

      අපේ දොස්තරලා ළෝකෙම ප්‍රසිද්ධ අළුත් බේතක් හොයාගන්නවටවත්, ප්‍රතිකාර ක්‍රමයක් හොයා ගන්නවටත් නෙමෙයි.. මන රංජන වැඩ වර්ජන වලට විතරයි....

      Delete
  17. ගෙදර ඇති කරන බල්ලටත් බද්දක් ගහන්න හදන යහපාලන ආණ්ඩුව ගෙනාපු රනිල් වගේ එකෙක්ට කඩේ යන මාතලන් වගේ එවුන්ගෙන් මීට වඩා නැණවත් හරවත් සංවාදයක් බලාපොරොත්තු වෙනවා. මොකද උඹලනේ ආණ්ඩු වෙනස් කරනවා කිව්වේ. බලන් ගියාම ඔක්කොටම කලින් උඹල වගේ එවුන්ට රනිල් දම්මවල ගල් ලෝඩ් එකක් බාවන්න ඕනේ. රනිල් ඇවිල්ලා කරපු මහා බැංකු ගේම් එකනං අති විශිෂ්ටයි. එකේ හොර මුල අල්ලගන්න බැරිවෙච්ච උඹලගෙන් මොනාද බං රටට වෙන බලාපොරොත්තු වෙන්න පුළුවන්. නිකන් බොගක් දාගෙන රටට ආතල් දීගෙන ඉන්න එක විතරනේ. මුලින්ම ගෙදර හොරාව අල්ලා දීලා අල්ලපු ගෙදර හොරු අල්ලන්න පලයන්. අමාරුමනන් අර ගූ කට චතුර සේනාරත්නවත් ලං කරන් උඹලගේ කටවල් දෙක ආණ්ඩුවට කුලියට දීලා කියපන් පොදු වැසිකිලි දෙකක් උඹලගේ කට ඇතුලේ හදන්න කියලා. this pink government is run like a headless chicken. මම හිතනවා මතලන්ට මේ කියල තියෙන දෙය තේරෙනවා කියලා .

    ReplyDelete
    Replies
    1. අපේ ඒවයේ දාන්න කලින් අර පන්සල් ගානේ යන කොරිඩෝර් හන්ටර්ගේයි... එයාගේ නාමල් කුමාරයගෙයි, රජගෙදර රිලවගෙයි, එයාගේ ගෝලයගෙයි, රුපියල් සීයේ හිඟන්නගෙයි ඒවල හදලා එන්න... ඊට පස්සෙ බලමු මක්කා හරි කොරන්න.. ඔහේට කක්කා දාන්න..

      Delete
  18. දැනට ගේම යන විදිහට ආණ්ඩුවට එරෙහිව දියත්කර තිබෙන ප්‍රචාරක යාන්ත්‍රනය සෑහෙන ශක්තිමත්. සිරාට වෙනවා මරා වගේ තදට ඉඳලා මර්දනය තුලින් සංවර්ධනය යන මරාගේ තියරියම කරන්න.

    ReplyDelete
    Replies
    1. I don't think he has the mandate (people's support), ability & the capacity to do that. Even Ranil too, not strong enough to control the country due to lesser financial support from the West & India during this economic crisis. Real Opposition MR goons are more cunning & much strong than the Opposition during MR regime. Toughest task they're facing.

      Delete
    2. කිසි විටෙකත් වෙන්නේ නෑ... හැබයි ඒ දේ කරනවා ධර්මෙන්... තියෙන සාධක අනුව... ආයෙත් විප්ලවයක් එන්න තියෙන ඉඩ බොහෝ වැඩියි...

      Delete
  19. Maathalan, This is a great blog of yours. don't get discouraged by biased comments.

    Keep on writing. Enlighten the world with great blogs of yours such a this which give some beautiful messages and show people the correct path. Good Luck. A Well Wisher.

    ReplyDelete
    Replies
    1. Jazaakallaahu khayraan ! May God's grace and blessings with you Mr Maathalan bro. Maashallah ! Wish u all the best !

      Delete
    2. Thanks Chalana, Thank you for your encouraging words

      I do not care about this "Bull Shits"

      and I will write this until I feel board...

      Delete
    3. Wow ! Superb answer Mr. Maathalan,

      We never feel Board but we feel so excited. Don't you like to write an English blog as well? That would definitely be even better.

      Delete
    4. ''feel board.'' නෙමෙයි ගොන් මාතලෝ, feel BORED, .අනේ උඹේ ගොඩේ ඉන්ග්‍රීසි!

      Delete
  20. රනිල් මහත්මයාට රජයක් ගෙනියන්න පුළුවන් අවුරුදු දෙකක් යනකම් පමණයි කියන කතාව ඇත්තක් වගේ වෙයිද මාතලන්? අවුරුදු දෙක වෙනකොට එයාටම එපා වෙනවලු. අර එංගලන්ත ක්‍රිකට් හා පාපන්දු කණ්ඩායම වගේ. මුලදී හොඳට ගහල ඊට පස්සේ නිකන් පිඉයේ දුවනවා. එංගලන්තේ දිනන්නේ ලංකාවට බැරි නිසා මිස එංගලන්තෙ ක්‍රිකට් හොඳ නිසා නෙමෙයිනේ.

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්න ඇති ඕසිලට ගැහුවෙ Ashes වල.

      Delete
    2. රනිල්ට ගොඩක් වෙලාවට කෙලවෙයි.... මෛත්‍රී කියන්නේ මහින්දට එහා දේශපාලන නරියෙක්.... එයා දෙන්නේ ධර්මෙන්.... බලපන් එකෙක්වත් රටේ නායකයට බනින්නේ නෑ නේ... ඔක්කොම කුණු සිරිකොතේ... එයාලත් ඉතින් හත් පොලේ ගාගෙන ඉන්නේ....

      Delete
    3. ඇනෝ තුමා හරි. මම ඔය කටහ්ව ලීවේ ඊයේ . ඔෆිස් එකේ වැඩ කරන ඉංග්‍රීසින්ට මම සුභ පැතුවා ක්‍රිකට් දිනපු එකට. උන් කියපු කටහ්වක් තමා ඒ. ඉංග්‍රීසින් තමන්වම විවේචනය කර ගන්නවා ඒ වගේ. උන් හිතන්නේ සංගා සහ මහේල ගිය නිසා අපි පැරදුන බවත් අපේ තේරීම් කමිටු හොඳ එවුන් අරන් නැති බවත් කියලයි. මම වාද කරන්න ගියේ නැහැ.

      Delete
    4. රනිල් ට ඉන්න ඕනේ නම් තව කල්පනාවෙන් වැඩ කරන්න වෙයි.

      Delete
    5. අජියා...මීට අවුරුදු දෙකකට කලින්ට වඩා දැන් එංගලන්තෙ ක්‍රිකට් උඩට ඇවිත් තියෙන්නේ. ඇත්තටම උන් හොඳයි දැන්. හොඳටම හොඳයි.

      Delete
  21. //උන්ගේ රටවල උනුත් ගන්නේ මේ වාගේම අතල් එකක් බව උන්ගේ රටවල නිව්ස් සයිට් වලට ගිහින් බැලුවාම අගේට පේනවාය.//
    උන්ගෙ රටවල නිව්ස් සයිට් වල ලින්ක් ටිකක් දෙන්නකො.

    ReplyDelete
    Replies
    1. රටේ නම හිස්තැනක් එකතු කිරිමේ ළකුණ හිස්තැනක් G7 Summit + Japan

      ගූගල් සර්ච් එකේ එන්ට කොරන්න පෝළිමේ එන්නේ මෙහේ වගේම...

      එයාලත් මේ වගේම සතුටු වෙනවා...

      Delete
  22. ඔහු ග්‍රාමසේවක කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ඔයා කව් ද...?

      අද ඔහු ළොව දිණූ නායකයෙක්..

      Delete
    2. සමුළුවට ඉම්පාලා සෙට් එකත් එක්ක මෙයාටත් ආරාධනා කලා එච්චරයි.

      Delete
    3. ලොවෙ විශිෂ්ටතම සම්මානය වන නොබෙල් සම්මානයට නිර්දේශ වෙන්නෙ නෑ මාතලන් උඹ වගේ ලිං මැඩියෙක්ව.

      Delete
  23. අපේ ඥාති සහෝදරයෙක් මස් පිනිස විවිධ සතුන් ඇතිකරනවා. (ඔහු බිරියන් දෙදෙනෙකු ඇසරු කරන අයෙක්)
    වරක් ඔහුගේ පියාගේ දානයක් සඳහා ඔහු ගවයන් 10 දෙනෙක් මස් කඩයට විකුනා එම මුදලින් භික්ෂූන් වහන්සේ 100ක් නමකට දානයක් දුනා.
    තවක් වරක් ගවයන් 5ක් විකුණා භික්ෂූන් 50කට දන් දුන්නා. මගේ පියා මෙය ගැනසිහිකර ඔහුට බැනවැදුනා. මම කීවා.
    තාත්තේ හාමුදුරුවෝ කියන්නේ අනුත්තරං පුඤ්ඤක් කෙත්තන් (අසමසම පින් කෙතක්). තිරිසනෙකුට දානයක් දීම මෙන් 100 ගුනයක පිනක් අසත්පුරුෂ දානයකින් ලැබෙනවා. ඒවගේ 100 ගුනයක් පින් මධ්‍යස්ථ කෙනෙකුට දන්දීමෙන් ලැබෙනවා.......මේ ආකාරයට බුදුවරු 100කට දෙන දානයකටත් වඩා පිනක් එක සාංඝීක දානයකින් ලැබෙනවා. ඒනිසා එක හරකෙක් මසට විකුනා හාමුදුරු 10නමකට දෙන දානය පාඩු නෑ. කියලා.
    තාත්තා කීවා ඒකත් බුදුහාමුදුරුවන්ට ඔන විදියට හදාගෙන තියෙන කතාවක් කියලා.
    අපේ තාත්තටත් උඹට වගේම ‍ඉඳලා හිටලා කොමියුනිස්ට් හැදියාව එනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තද... දෙසරයක්ම බෙහෙත් දුන්නා... ගත්තේ නැතෙයි....

      Delete
  24. මාතලන්,

    අපේ ගෙවල් ගාව ඉන්නවා රංජිත් නොහොත් "පොල් රංජි" කියල මනුස්සයෙක්. මිනිහා පොල් ලී පරාල අහින එක කරන්නේ. මිනිහා ගස් කපන්න රුසියා (Skilled Lumberjack). ගස් වල අතු බාලා, ගස් කොටස් වශයෙන් කපලා, අවට ගෙවල් වලට, ලයිට් කම්බි වලට කිසිම හානියක් නොවෙන්න රංජියා ගස්බිම දමනවා බලන්න ලස්සනයි.

    මිනිහා ගාව ගෝලයෝ 3ක් විතර වැඩ. හවස 2-3 වෙනකොට වැඩ ඉවරයි. හම්බවෙන ගතමනාව ගෝලයොන්ට බෙදලා මිනිහා ගෝලයොත් එක්ක හැමදාම අඩියක් ගහනවා, ගෙදර setup එක full volume දාලා. මිනිහට තියෙන්නෙ පුෂ් බයිසිකලයක්, මිනිහා ඕකෙ කඹ ටිකයි, chain saw එකයි පොරෝ ටිකයි බැඳගෙන හැමදාම උදේ වැඩට යනවා.

    ඇත්තටම Vehicle Permit දෙන්න ඕන මෙන්න මේ වගේ රටට බරක් නැති, තවත් පවුල් 2-3කට රැකියා මාර්ග සපයන, හැමදාම අඩියක් ගහල තව රජයට බදුත් ගෙවන රංජියලා වගේ මිනිස්සුන්ට. පොල් රංජි ගස් කපනකොට ගන්න decisions, rational thinking සහ calculated risks ජීවිතේට ඔය so called professionals ල ගන්නෙ නෑ.

    තව පුංචි කතාවක්, ඒකත් පොල් රංජි ගැන. අපි අපේ scheme එකේ අවුරුදු උත්සවයට හැම පාරකම කඹ ඇදීමේ තරගෙට කඹේ ගන්නෙ රංජිගෙන්. මමත් එක්ක රංජි හිතවත් නිසා මම තමයි කඹේ ඉල්ලගන්නෙ. පහුගිය දවසක මගේ අසල්වාසී දොස්තර කෙනෙක් ඇහුවා එයාගේ ළමයට scouting වලට කඹයක් ඕනය, ඒක රංජිගෙන් ඉල්ලලා දෙන්න පුළුවන්ද කියලා. මම කිවුවා අවුරුදු උත්සවයට නිවාඩු දිනවල කඹේ ගත්තට මේ වැහි දවස්වල තියෙන වැඩත් එක්ක ඉල්ලගන්න එක පොඩ්ඩක් අවුල් නේද කියලා. එතකොට මගේ දොස්තර යාලුවා කිව්වා එක දවසකටනේ, කමක් නෑනේ කියලා. මම මගේ යාලුවගෙන් ඇහුවේ එක දවසකට ඔයාට ඔයාගේ stethoscope එක වෙන කෙනෙකුට දෙන්න පුලුවන්ද කියලා. :D

    Anyway our friend Ranji truly deserves a vehicle permit. Isn't it?

    ReplyDelete
  25. මාතලන් බයිල ගහනව ආන් ඇමරිකන් කාරයො ගෝත්‍රිකයින්ගෙ ගෙවල් සුද්ද කරල දෙනව.

    ReplyDelete
    Replies
    1. එයාලා ඇවිත් ගොඩක් කල්... පුදුමයි දෙරණ නාලිකාව ඕක නොදැක්ක එක...

      Delete
    2. උඹට ලංකාවෙ මාධ්‍ය වලට තියෙන්නෙ දෙරණ විතරද?

      Delete
    3. දෙරණ කියන්නේ අර 'පුසන්ට ගඩොල් භාගෙන් ගහන' පීචන් නාලිකාවද?

      Delete
  26. මාතා....ඔය FCIDයට යන්න බය සහ ඒක විවේචනය කර කර ඉන්නේ හොරු. නලීන් පෙරේරා ගිහින් උත්තරත් දීලා ආපහු ඕනනම් ඒත් එන්නම් කියලා ඇවිත් කිව්වේ. එතනින් පස්සේ වෙන්නේ මොනවද දැන ගන්න වෙන්නේ ඉදිරියට. නමුත් කනගාටුවට තියෙන්නේ මේ ආණ්ඩුවේ හැම වැඩකටම සිවිල් සංවිධාන හෝ අනිකුත් අයට පස්සෙන් ගිහිල්ලා ටොකු ඇණ ඇන කියලා දෙන්න වෙන එක.

    ReplyDelete
    Replies
    1. FCID එක කියන්නේ ජතික අපරාධයක්... අර නිමල් සිරිපාලලා මහින්දලා කියනවා වගේ ඕක වහලා දැම්මා නම් ඊට ලාබයි... අද වෙනකන් මොකාද ඇල්ලුවේ හරියට.. කාගේ දේපලද රාජ සන්තක කළේ.. මොකාද ඇප දෙන්න බැරි වෙන්න හිර කලේ... මෙන්න ඔය FCID විකාරේ ගැන මාතලන් බුකියේ ලියපු හබරල කයියක්...

      FCID තියටර්...
      ************

      අද නලීන් පෙරේරා...
      හෙට මේරියන්ස්...
      අනිද්දා B & S .....

      Delete
  27. අන්න ලංකාවෙ මිනිහෙක් ජර්මනියෙ හෝටලේක සුද්දියෙක්ට පහර දීල. කොහෙ ගියත් අපේ උන් ගෝත්‍රික කම පෙන්නන්වමයි.

    ReplyDelete
    Replies
    1. අන්න ප්‍රංශ මිනිහෙක් ලංකාවේ හෝටලයක හවුස්කීපින්ග් කෙල්ලෙක්ව ගහලා බිම ඇදන් ගිහින්. ගෝත්‍රිකයාට රටක්, ජාතියක් නැහැ. හැම තැනම ඉන්නවා.

      Delete
    2. අඩෝ මන් නිව්ස් එක අනිත් පැත්තට බන් දැක්කෙ. උඹල ලංකාවෙ මිනිස්සු ගෝත්‍රිකයි කියල අපේ ඔලුවලට දාල දැන් උන්ගෙ වැරදිත් අපේ උන්ගෙ වැරදි වගේ පේන්නෙ.

      Delete
    3. අඩෝ බලපන් උඹ කරන වැඩ...තව පොඩ්ඩෙන් ජර්මන් කාරයෝ උඹේ කමෙන්ට් එක දැකලා මර්කල් ලව්වා අපිට දෙන්න තියන ඩොනේශනුත් නවත්වනවා.

      Delete
  28. මං දන්නෙ නෑ මාතලන් සයිකොලොජි ගැන ප්‍රාමාණික විද්වතෙක්ද කියල. ඒත් සරලව බලන කොට කෙනෙක් අඳින ඇඳුමෙන් එයාගෙ මානසික තත්වය මනින්නෙ කොහොමද කියන එක නං ප්‍රශ්නයක්.මෙහෙම බලද්දි සමකාලීනයන් ඇඳපු නැති ඇඳුමක් පාවිච්චි නොකරපු නිසා බුදුහාමුදුරුවොත් ගෝත්‍රිකයි කියන්න පුළුවන්. මං හිතන්නෙ මේක මාතලන් බටහිර සංස්කෘතිය උත්කෘෂ්ටයි කියන වැරදි වැටහීම නිසා කියපු කියුමක් වෙන්නැති. මයික් ටයිසනුත් හිටියේ ෆුල් සූට් එකෙන් තමයි. මහත්මා ගාන්ධි බාල කදාර් රෙද්ද ඇඳන් හිටි හින්ද එයත් ගෝත්‍රික ද? අනේ මන්ද....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න