.

.

Oct 9, 2016

පිස්සු පීකුදු විප්ලවේ, හෙලිකොප්පර් හා නයිට් ක්ලබ් කුඩු කිරීම - Funny Revolution with mobs


ප්‍රංශ විප්ලවයේ සිතුවමකි- මෙහි පිස්තෝල දෙකක් අත් දෙකින් දරා සිටින්නේ පොඩි බෝයි කෙනෙකි..

ජනවාරි අට වෙනස සම හරක් හඳුවන්නේ විප්ලවයක් ලෙසය. ඒ වගේ මළ මඟුලකට විප්ලවයක් කියනවා නම්, ඉතිහාසයේ සිඳු වූ අනෙකුත් විප්ලවයන්ට වෙන නමක් දාගන්නම වෙනවාය. මේ සිඳුවෙමින් පවතින්නේ අඩු වැඩි වශයෙන් කලින් තිබූ පාලනයේම දිගුවක් පමණක්මය. කරුමය කියන්නේ, එහි පැවති ජනතා විරෝධි දූෂණ අක්‍රමිකතා මෙන්ම, නාස්තිකාර වියදම් හා ගැහිලි පමණක් නොව නොම්මර එකේ ගොන් ආතල්ද  ඒ ආකාරයෙන්ම තව දුරටත් සිඳුවීමය. 

එජාපයේ මුදල් අමාත්‍යවරයා අය වැය මඟින් ඉතා හොඳ යෝජනා ගෙන ආවද, 56 කාළකන්නි රෙදි බැනියම් කාරයෝ ඒ සියල්ලම නොපිට පෙරලුවෝය. කාළකන්නි බයියන්ට හා ගෝත්‍රික සිතුවිලි වලට නොගැලපෙන්නේ වුවද, රටක් වශයෙන් ගත යුතු නිර්භීත පියවරයන් පවා රෙදි බැනියම් විධායකයක් ඉදිරියේ හකුලා ගැනීමට සිඳුවීම මහා කරුමයක්මය.

නැවත බලයට ඒමේ කිසිම වුමනවාක් නැතෙයි කියූ පොදු අපේක්ෂකයා, තම බලය රැක ගැනීම සඳහා, ජනතාවගේ මුදලින් කප්පම් ගෙවමින්, දොල පිදේනි දෙමින්, මන්ත්‍රිවරුන් බාගැනීම දිගටම කරගෙන යමින් සිටින්නේය. මහින්දද කලේ මෙයම වන අතර ඉදිරියට කරන්නට සිටින්නේද මේ ක්‍රමයමයි කියා දස අතේ දිවුරා කියන්නේය. මුන්ගේ බලය රැක ගැනීම සඳහා ඔළු ගෙඩි වලට ගෙවනා වටිනා කම් කෝටි ගනනක්ය. ඒවා උන්ගේ අම්මා අප්පගේ දේ නෙමේය. ජනතාවගේ මුදල්ය.

තීරු බදු රහිත වාහන ගෙන්වීම අහෝසි කිරීම ඉතා හොඳ ජනතාවාදි යෝජනාවක් වුවද, අවසානයේ සිඳු වූයේ කුමක්ද? රෙදි බැනියම් කාරයන්ගේ විරෝධය හමුවේ එය හකුලා ගන්නට වීමය. සම හරක්ගේ මාමාවරුන්ට අංශභාග හැදිච්චි ඒවාත්, අප්පච්චි මළ දරුවන්ගේ බෙල්ලේ, පුකේ අමාරු හැදීමත් වගේ රෝග නිධානයන් ගැන ආශික් කතා කියා අන්තීමේදි ඒ යෝජනාව හමස් පෙට්ටියට දැම්මේය. කෙසේ වෙතත් මුන් ඇවිත් තියෙන්නේ රට හදන්න නොව, මහින්ද පාලනය කාලේ ගෙන ගිය නරක ආදර්ශ ඉදිරියටම ගෙන යාම කියා තේරෙන්නේ, ගොනා උනත් මං ගොන්පිලයා පාර්ලිමේන්තුවේ අහපු ප්‍රශ්ණයෙන්ය. 

මේ තරම් සැප වාහන් තිලාත් මුන් පොඩි දුරක් යන්න පවා දැන් භාවිතා කොරන්නේ හෙලිකොප්පර්ය. හිටපු එජාප නායකයින් දෙදෙනෙකුගේ පුත්‍ර රත්නයන් වන, සජිත් හා නවින් කොතරම් රඹ ටෝක් දුන්නද, එයාලාටත් මේ රෝගය හොඳම එකෙන් තියෙනවා කියා මාට්ටු උනේ, දෙන්නා ගියපු හෙලිකොප්පරේ එළවලු කොටුවකට බාපු වෙලාවේය. එතනදි දෙන්නාම කිව්වේ ඒක රජයේ එකක් නොවනාතර එජාපයේ ගමගේ මහත්තයාගේ එකක් කියලාය.

ගමගේගේ බිස්නස් එකේ හෙලිකොප්පර නොමිලේ දෙනවා කියා හිතනා එකම ලොකුම විහිළුවය. මහින්ද තම බලය යොදවා පානම ප්‍රදේශයේ අත් පත් කර ගත් ඉඩම් ටිකට ගේම දාන යන්නේ වෙනින් කවුරුවත් නොව, දයා ගමගේ මහත්තයාය. එහෙම තන්හා කාරයෙක් තමන්ගේ හෙලිකොප්පර් කීයටවත් නොමිලේ දෙන්න ක්‍රමයක් නැත්තේය. 

කරුමේ කියන්නේ එයාලා හෙලිකොප්පරයෙන් ගිහින් එතන ඉඳලා ත්‍රී වීලර් එකේ නොයාමය. එයාලා හෙලිකොප්පරෙන් ගියාට එයාලගේ වාහන එතනටම යටින් යනවාය. ඉතින් මේ කෝටි ගනන් කාබාසිනියා කර ගෙන යන්නේ මුන්ට තිබෙනා රෝගයකට මිස වෙන කිසිවකටත් නෙමේය. මම හිතන්නේ මේ වගේ ෆැසිලිටීස් මොන්ටිකාලෝවලත් ඇත්තේ නතෙයි කියාය. මේ තරම් ජනතා මුදල් කාබාසිනියා කරන දේශපාලුවන් පිරිසක් මාතලන් නම් හිතන්නේ ලොවේ කිසිඳු රටක නැතෙයි කියලාය.

එහෙම නම් කොරන්න තියෙන්නේ බෙල්ලේ අමාරු, අංශභාග, පුකේ අමාරු වැනි රෝග නිවාරනයටත් ජනතාවට පට්ට කුවික් සර්විස් එකක් දීමටත් හැම එකාටම හෙලිකොප්පරේ ගානේ ලබා දීමය. මේ පුංචි රටේ එ කාළේ මෙහෙම හොඳ තත්වයේවත් පාරවල් නැතිව ජනතාවට රටට යමක් කරපු උන් සේවය කලේ උඩින් ගිහිල්ලා නෙමේය. තනියෙන්ම වල ගොඩැලි තියෙන පාරවල් වල තමන්ම වාහනේ එලවාගෙන ගිහිල්ලාය. ජනතාවත් එක්ක එකට ඉඳලාය. දැන් තියෙන උන්ට තියෙන්නේ වෙන මක්කත් නොව නොම්මර එකේ රථ ගායය. එයිටාමතරව උඩින් යන රෝගයකුත් වැළඳිලාය.

කෘෂිකර්ම අමාත්තියන්ෂයට ගත්ත සබීතාගේ බිල්ඩිම, ජාතික කරුමයක් වී ඇත්තේය. කෝටි ගනන් මුදල් ගිල්ලාට අද වන තෙක් බිල්ඩිම එහෙමමය. තා ටික දවසකින් ඒ වගේ බිල්ඩින් 10 ක් විතර සබීතා ජයසිංහ හදලා තියෙනවා කීවොත් අපි පුදුම විය යුතු නැතිය. ඒ අමාත්‍යන්ශයේම නිළධාරිනියක් ඉවත් වී තිබෙන්නේ, කිරි අම්මාවරුන්ගේ දාන දෙන්න මුදල් පාස් කොරන්න බෑ කිව්වා කියාය. එම නිළධාරිනියට අපගේ ගෞරවය නොමදව හිමි වෙනවාය. ආන්ඩු පෙරලන්නට මූලික වූවා කියා රටේ ධනය හිතේ හැටියට කෑමට ඔහේලාට කවුරුත් වරම් දුන්නේ නැතිය. කිරි අම්මාවරුන්ට දාන දෙනවාට වඩා ගොබ්බ ආන්ඩුවේ අපලේ නැති කර ගන්න, හොඳවයින් දහ අට සන්නියකුත් නැටුවානම් බොහෝම හොඳය. 

මහින්දගේ දරුවන් පිස්සු කෙලියද, කවදාවත් මර්විනයාගේ පුතාගේ ලැවල් එකට වැටුන බවක් නම් මාතලන්ට මතක නැත්තේය. ඒත් අද එන්රිකේ ඉග්ලේසොස්ට මඩු වලිගෙන් කෙලින්න යන, මිනිස්සු බොනවා කියා සිකැරට් අරක්කු වලට කෙලින්න යන, ගෑණු බියර් බොනවාය කියා විස්සෝප වන, රජ කාලේ දඬුවම් පාසල් දරුවන්ට දෙන්නෙයි ඕන කියා රට හදන්න යන උන්දෑට, ගෙදර එකාවත් හරියට හදා ගන්න බැරි වෙලා තියෙනවාය. මේවාට කියන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලාය. 

එක්කෝ ජනතාවට ගොන් ආතල් දීලා, කිං කැකිල්ලේ වෙන්න යනවාට වඩා, කටට එන හැමදේම නොකියා ඉන්න හිතට ගන්නවා නම් බොහෝම හොඳය. එහෙම නැත්නම්, නීතිය එක එකාට එක එක ක්‍රමේට නවලා අරින්නේ නැතිව, හැම එකාටම එක විදියට ක්‍රියාත්මක කොරන්නෙයි කියනවා නම් බොහෝම හොඳය. මොකෝ, ඔය පාට් හැම දාම දාන්න බෑ කියා මේ රටේ ජනතාව ජනවාරි 8 වනදාවක පෙන්නු නිසාය. අනික, වැලි රාජු කෑවා වාගෙම වෙලාවක රිටර්න් එකත් එන්න පුළුවන් නිසාය. 

රට හදන්න කලින් දරුවෝ හදා ගන්නා එක බොහෝම හොඳය. මේ පළවෙනි අවස්ථාව නොවේය. මාධ්‍යවලට එකසිය ගානට බලපෑම් කරනවා කියා නිව්ස් එනවාය. ඒවා යහපාලනයට හොඳ දේ නෙමේය. දරුවන්ට හිතේ හැටියට පිස්සු කෙලිඳ දුන් ගිරුවාපත්තුවේ පොර, පිස්සෙක් වගේ හන්දි ගාගේ කෑ ගගහා යන්නේ, නියපොත්තෙන් කඩන්න තිබුන දේ නොකර ඒවාට උඩ ගෙඩි දීපූ නිසාය. එහෙම නැතිනම් ඉතින් සිද්ද වෙන්නේ, මේවායේ රිටර්න් එකට රෙඩි වෙන එකය. මොකෝ බලය සදාකල් පවතින්නේ නැති නිසාත්, වෙන එකෙක් දෙන රිටර්න් ගැන, දැන්ම අනවැකි කියන්නට නොහැකි නිසාත්ය.

එදාට ඔහේලා බෙරා ගන්නට බෑන් කීන් චූන්ලා වත්, ඔබාමාලා වත්, මරකෙල් නෝනාලාවත් එන්නේ නැතිය. කන පරිප්පුවක් කන්න වෙන්නේ තනියෙන්ය. ආන් එදාට අපි ඕවාට නෑ කියා, අපිත් අත හෝදා ගන්නවාය.

රෙද්දේ යහපාලනයට ත්‍රිවිධ රත්තනත්තරේම පිහිට ආරක්සාවොය...

Cartoon by - Awantha Artigala

54 comments:

  1. පොලොන්නරුවෙ කටුස්සෙක්ව
    යහපාලන පොරක් කොරල
    අන්තිම සරලයි කියාල
    වාහෙ කමට තොරාගෙන...

    රන් ඇටයක් කරේ බැඳලා
    කටුස්සාව ෆෝම් කොරලා
    කටුසු පැටිය සහ සනුහරේ
    කුජීතෙටම පික්ශු කෙලී

    හරක් විජේසූරියලා
    රතන සමග සෝබිතලා
    සිවිල් සමාජරෝගී ටික
    කටුස්සාට වැඳන් හිටී....


    බකුසු බැකිසානේ
    කරවැල් මහ කොකානේ
    රනිල් ලොල්ලානේ
    රකිවු පුලතිසි කටුස්සානේ...

    ReplyDelete
    Replies
    1. පෙර කල රජින්දා
      වර වර ළඟට කැන්දා
      පස්සෙ ඇරි හන්දා
      එලෙව්වා බොට මතක නැද්දා

      Delete
    2. සරසාට ආණ්ඩුව භාර දීමට යෝජනා කරමි.

      Delete
  2. සරසා තුමෝ,

    එක හොරෙක් අයින් කරලා තව හොරෙක් පත්කරගනිම තමයි හිටන් උනේ.
    ප්‍රශ්නේ තියෙන්නේ මිනිසුන් අතරෙයි අපේ රටේ ජනතාවට ගැලපෙන විදියට තමයි
    පාලකයෝ පත්වෙන්නේ.

    යම් විදියකින් මහින්ද හිටියනම් අද තත්වය මිට වඩා ඉතා බරපතල වෙනවා, නමුත් අද සිදුවෙන්නේ මහින්දගේ කාලේ තිබුන නරක වැඩ ටික ටික මේ යහලාලානේ හිටන් ල කිරීමයි.

    මෙනිසාම තමයි මේ හොරු හොරු තමන්ව ආරක්ෂා කරන්නේ, ඔවුන් දන්නවා යම් විදියකින් ඉස්සර හිටපු හොරුනට දඩුවම් කලොත් තමන්ටත් දඩුවම් ලැබෙන බව.

    අද වෙනවිට ප්‍රශ්නය තියෙන්නේ මහින්දගේ කාලේ කරපු සංවර්දනය සිදු නොවීමත් මහින්දගේ කාලේ කරපු විනාශය ටිකෙන්ටික පටන් ගැනීමත් කියන එකයි.
    මෙතන කරන්න ඕනේ ජනතාව ලෙස රජයට පීඩනය දීමයි. එහෙම නැතුව හිටපු හොරාට වන්දි බට්ටකම් කරමින් දැන් ඉන්න හොරා විවේචනය කිරීම නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. පිස්සු කතා කියනවා...
      අපි මොකටද ආන්ඩුවට පීඩනේ දෙන්නේ...?

      රනිල් ට පීඩනේ දෙන්න සොරිසේන ඉන්නවා...
      සොරිසේනට පීඩනේ දෙන්න රනිල් ඉන්නවා

      දෙන්නවම අවබාවිතා කොරන්න සාගල, අකිල, විජයකලා වගේ කස්ටිය ඉන්නවා....

      Delete
    2. /*රනිල් ට පීඩනේ දෙන්න සොරිසේන ඉන්නවා...
      සොරිසේනට පීඩනේ දෙන්න රනිල් ඉන්නවා

      දෙන්නවම අවබාවිතා කොරන්න සාගල, අකිල, විජයකලා වගේ කස්ටිය ඉන්නවා....*/

      ++++++++++++++++++++++++++++පස්ට කතාව !!!!

      Delete
    3. මහින්ද පිස්සු කෙලින්න පටන් ගත්තේ දෙවන ධූර කාලයේ... ඒ රට වෙනුවෙන් තම යුතුකම ඉටු කරලා... මිනිස්සු මහින්ද මහත්තයට අදටත් සලකන්නේ ඒකයි.. එයාටත් බය නැතිව කියන්න දෙයක් තියෙනවා.. මුන් මොනවා කරලද ආපු ගමන් කන්න පටන් අරගෙන තියෙන්නේ...

      මිනිස්සු මහින්ද විතරක් නෙමෙයි ප්‍රතික්ෂේප කලේ.. එයාගේ ක්‍රියාකාරකම් පවා ප්‍රතික්ෂේප කලා.. මෙහෙම කෙලියකට නම් රෙජීම් චේන්ජ් එකක් ඕනා නෑ නේ.. එකම දේ බටහිරෙන් සම්පාදක පැනවෙයි.. ඒත් මහින්දට චීනා හිටියා... මෙයාලට ඉන්නෙත් එයා විතරනේ...

      Delete
  3. ඇත්තෝ නැත්තන්ගෙන් සූරාගෙන කති, බොති, සුඛති. නැත්තෝ ........ ???????????

    ReplyDelete
    Replies
    1. නැති එකාට තමයි හැම එකාම කෙලින්නේ...

      Delete
  4. මේ අහිංසක කුලපුත්‍රයන්ට බොරු අපහාස නොකර හිටපන්. අන්න ක්ලබ් එකේ මැනේජර් මහත්තයා කියනවා, (නෑ නෑ කලිසමක් ඇඳලා හිටියේ. මමත් හිතුවේ චීත්ත අඳින එක්කෙනෙක් කියලා) දහම් සිරිසේන කියලා කෙනෙක්ව දන්නෙත් නැතිලු. එහෙම පුතෙක් මෛත්‍රී මහත්තයට ඇත්තෙත් නැතිලු. එහෙම කෙනෙක් එදා ක්ලබ් එකට ආවෙත් නැතිලු. එදා වෙච්ච කිසිදෙයක් ඒ මැනේජර් උන්නාන්සේට මතකත් නැතිලු. ඔහොමලු මෙහෙමලු.

    ReplyDelete
    Replies
    1. හික් හික් මැනේජර් මහත්තයා පොර දුමින්ද සිල්වාගේ සහෝදරයෙක්ද කොහෙද

      Delete
    2. ක්ලබ් එක ප්‍රමෝට් කර ගන්න උන්ම කර ගත්ත වැඩක්...

      Delete
    3. අවසානයේ සියල්ලෝම සතුටින් විසිර ගියහ.

      Delete
    4. දහම් කියල පුතෙකුත් නැතිලු.

      Delete
  5. සිගරට්, අරක්කු බීමේ ආදීනව ගැන මගේ මතේ කෙසේ වෙතත් මාතලන්ගේ චරිත ලක්ෂණ වලට මම ඉතාම කැමතියි කරුණු දෙකක් නිසා;

    1. හැකි සෑම අවස්ථාවකදීම පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් පෙනී සිටීම

    2. අනුන්ගේ කුමන විවේචනයක් ගැනවත් නොහිතා තමන්ගේ මතය නිර්භීතව ඉදිරිපත් කිරීම

    මෙන්න මේ ලක්ෂණ පමණක්වත් අපේ මහජනයාගෙන් බහුතරයකට හෝ තිබුණානම් අපේ රට මීට වඩා ගොඩක් සංවර්ධනය වෙයි කියලයි මට හිතෙන්නේ

    අසංක

    ReplyDelete
    Replies
    1. ලැජ්ජා හිතෙන කතා ලියන්න එපා බං.... ඒක නෙමෙයි මොකෝ උඹලට උනේ...

      Delete
    2. ලැජ්ජ බිල්ලට තියල ඇණයක් ගහපං බං...එතකොට හරි...

      මොකෝ වුණේ කියල හිතාගන්නවත් බෑ අප්පා...මට පුද්ගලිකව ගත්තොත් නම් ජොබටත් තට්ටු වෙන්න වගේ හදන්නේ...ඒ මගේ වරදක් හින්දා නෙමේ...මුළු කොම්පැනියෙම කේස් එකක් හින්දා...කොම්පැණිය ඉතුරු වුණොත් මගේ ජොබත් රැකෙයි...හිතත් හැදෙයි...ආයෙත් කවි ලියවෙයි බං...

      අසංක

      Delete
    3. // ඒ මගේ වරදක් හින්දා නෙමේ...මුළු කොම්පැනියෙම කේස් එකක් හින්දා... //

      2020 දී ලන්කාවේ ඉතිරි වෙන්නේ අර්ජුන් ඇලෝසියස් ට හා රවී කරිනානායක ට අයත් කොම්පැනි පමනි!

      යහපාලනේ හිටන්!

      Delete
    4. ෂා මරුනේ...ඒක නැත්තම් මේක...දෙකින් එකක් හම්බුවෙයිනේ හිටන්...

      අසංක

      Delete
    5. අසංක මල්ලි බොහොම කණගාටුයි එහෙම වුනොත්. මොකක් හරි දැම්ම බලන්න වෙයි.

      Delete
  6. බොරු නොකිය හිටපන් යකෝ. යහපාලනේ කවදහ්ද වැරදි කළේ?

    ReplyDelete
    Replies
    1. මහින්ද කරපු හැම දේම මුනුත් කරනවා නම් ....

      Delete
  7. හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ...අ මස් :D

    ReplyDelete
  8. අවුරුදු 1 1/2 ටම බැඳුම්කර ප්‍රශ්ණෙයි, කෘෂිකර්ම අමාත්‍යාංශෙ බිල්ඩිමයි, ජනාධිපති පුතාගෙ නයිට් ක්ලබ් එකයි, පිස්සු බජට් එකයි, කාර් ගන්න ගිය එකයි. මටනම් හොඳටම මදි. අපේ රැවුල් ලොක්ක එහෙමද? ජනෙල් කන්ඩියෙ කථා එකයි, ගෙදරට ගිය කට්ටිය මිලියන 30, හුලං රැස්වීම් 10 යි, පන්සල් බෝධි පූජා 30, ඩෙෆෙන්ඩර් පාද යාත්‍රා එකයි, ඒකට කෝටි දෙකයි, prison visits 45 යි, අළුත් පක්ෂ දෙකයි, වොයිස් කට් 200 යි.

    ReplyDelete
    Replies
    1. රිදිලා වගේ ;)) බයවෙන්න එපා ඉයන් ඊලඟ බජට් එකයි ව්‍යවස්ථා සංශෝධනෙයි මග එනවා.

      Delete
    2. අනේ නැහැ අසංග. ආණ්ඩුවේ රස්සාවක්, කොන්ත්‍රාත්, හොර වැඩ වලට සපෝට් මොනවත් ඕන නැති නිසා. කවුරු හිටියත් මටනම් ප්‍රශ්ණයක් නැහැ. ඒවුණාට පොල් රැවුලා වගේ හොර පවුලක් ආයිත් ආවොත් රටට තමයි හෙණේ. සමහර විට ඔයගොල්ලන්ට හොඳ ඇති.

      Delete
    3. Asanga,

      යහපාලන හවුල් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු සිය උපන්දින සාදය සැමරීම සඳහා තම අමාත්‍යංශයට අයත් සංස්ථාවකින් රුපියල් ලක්ෂ 80 ක් වැයකර ඇති බව හෙළිවන්නේ යැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.

      මෙම මුදල වැය කරනු ලැබූ සංස්ථාවේ සභාපතිවරයා ඇමතිවරයාගේ සමීපතමයකු බව පැවසෙන අතර සිය නිවසේ සේවය කිරීම සඳහා එම සංස්ථාවේ සේවකයින් යොදා ගැනීමටද ඇමතිවරයා කටයුතු කර ඇතැයි පැවසෙන අතර සංස්ථාවේ සභාපතිවරයාට විරුද්ධව එහි සේවකයින් මාස කිහිපයක සිට දැවැන්ත විරෝධතාවයක් එල්ල කරමින් සිටින බවත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වැඩිදුරටත් පවසයි.

      Delete
    4. සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයෙන් යහපාලන ආණ්ඩුවේ ඇමතිවරු 8 දූෂණ චෝදනා…

      රාජිත සේනාරත්න, රවී කරුණානායක, අර්ජුන රණතුංග, රවුෆ් හකීම්, ඉෂාර්ඩ් බදියුදීනු ඇතුළු යහ පාලන ආණ්ඩුවේ බරපතල දූෂණ චෝදනා ලද ඇමති වරුන් 8 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් ආණ්ඩුව පිහිටුවීමට පුරෝගාමී ව කටයුතු කළ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධානවල ක්‍රියාකාරිකයන් පිරිසක් ජනාධිපතිවරයාට ලිඛිත සංදේශයක් භාර දී තිබේ.

      කැබිනට් සංශෝධනයක් කර හෝ මේ ඇමතිවරුන් දැනට කටයුතු කරන අමාත්‍යාංශ වලින් ඉවත් කරන ලෙස ඔවුන් වැඩිදුරටත් දන්වා තිබේ. විශේෂයෙන්ම දූෂණ සම්බන්ධව පරීක්ෂණ කිරීමට වෙනම අධිකරණ ක්‍රියාවලියක් ස්ථාපිත කරන ලෙස එම ඉල්ලීම්වල සදහන් වේ.

      මේ ඉල්ලීම් අතර දැනට දූෂණ චෝදනාවලට ලක්වූ පුද්ගලයන් සම්බන්ධව කරන මන්දගාමී පරීක්ෂණ වේගවත් කිරීම, පහුගිය මැතිවරණයේදී පොරොන්දු වූ ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කිරීම, ඇතුළ යෝජනා පහක් ඇතුළත්ය. ජනාධිපතිවරයා මේ තත්ව යහපාලන ආණ්ඩුවේ ඉදිරි ගමනට යහපත් ලෙස බලපාන්නේ නැති බවත්, උක්ත කාරණා සම්බන්ධව අගමැතිවරයා සමගත් සාකච්ඡා කර හැකි ඉක්මනින් පිළිතුරක් ලබා දෙන බවත් එම සමාජ ක්‍රියාකාරීනට දන්වා තිබේ.

      Delete
    5. යහපාලන ආණ්ඩුව යටතේද ඉකුත් මාස කිහිපය තුළ නොයෙක් දූෂණ වංචා සිදුව ඇති බව මෙගාපොලිස් මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසනවා. එහෙත් මෙගාපොලිස් මහානගර සංවර්ධන අමාත්‍යංශයට අයත් කිසිඳු ආයතනයක් තුළ ඉකුත් මාස කිහිපයේදී කිසිඳු දූෂණයකට හෝ අක්‍රමිකතාවකට ඉඩ නොතැබු බවයි අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ. පසුගිය කාලයේ නොයෙක් දූෂණ වංචා වාර්තා වුනා මේ යහපාලනය යටතේ. මහබැංකුවේ බැදුම්කර සිද්ධිය, ඒ වගේම සමහර අමාත්‍යාංශවල බිලියන ගණන් ව්‍යාපෘතිවල මුදල් අරගන්න ව්‍යාපෘතිකරුවෝ ගියාම ඒ අයගෙන් කොමිස් මුදල් ඉල්ලීම, ඒ වගේම සමහර මහා පරිමාණ දුෂණ යටගැසීම සඳහා අල්ලස් ලබා ගැනීම් වගේ දේවල් වාර්තා වුන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

      Delete
    6. මහ පරිමාණ දූෂණ හෝ බල අපහරණයට අදාළ ඇතැම් චූදිතයන්ට වහා ඇප ලැබෙන අතර, සාමාන්‍ය හෝ කුඩා පරිමාණ වැරදි කළවුන් හැරෙන තැපෑලෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

      අවුරුදු දෙකක් තිස්සේ තවම කිසි දූෂණයක් පිළිබඳ නඩුවක් අවසන් කොට නැත. ඔවුන්ට විරුද්ධව ඇති චෝදනා පත‍්‍ර භාර දෙන්නේද දැන් ය. අපේ අධිකරණයේ වේගය දෙස බලද්දී, මේ නඩු බොහොමයක්, තව අවුරුදු හතරකින් පැවැත්වීමට නියමිත ඊළඟ මැතිවරණයට කලින් අවසන් කළ නොහැකි වනු ඇත.
      යම් පමනකට හෝ අස්වැසිල්ලක් වනුයේ දුමින්ද සිල්වාට දුන් නඩු තීන්දුව පමණි. නමුත් එහි අවසානයද කුමක් වනු ඇත්දැයි යන්න තවම පුරෝකථනය කල නොහැක.

      මාධ්‍ය වාර්තාවලට අනුව, වර්තමාන ආණ්ඩුව යටතේ සිදු වෙතැයි කියන දූෂණ පිළිබඳ සිදුවීම්ද අසන්ට ලැබේ. විවිධ අවසරයන් යටතේ ටෙන්ඩර් ක‍්‍රියාපරිපාටි නොසළකා හැරේ. විවිධ අක‍්‍රමිකතාවන් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කිරීම කෙසේ වෙතත්, ජනතාව තුළ පවතින සැක සාංකා දුරු කෙරෙන තරමේ පැහැදිළි කිරීම් ඉදිරිපත් කෙරෙන බවක්ද නොපෙනේ. පැවති රජයේ දූෂිත නිලධාරීන් වත්මන් ආණ්ඩුවේ ඉහළ නිලතලවලට පත්කර ගැනීම ආදී දේවල් ජනතා සිත්සතන් ඉදිරියේ මතු කරන්නේ විශාල ප‍්‍රශ්නාර්ථයකි.

      සම්මුති ආණ්ඩුවේ දක්නට ලැබෙන ප‍්‍රධාන දුර්වලතාවක් වන්නේ, ඉතා සුළු කරුණු අරභයා පවා ඔවුනොවුන් අතරේ සම්මුතියක් ඇති බවක් නොපෙනීමයි.

      කැබිනට් ඇමතිවරු ගැලරිය පිනවීම සඳහා කැබිනට් වගකීම පසෙක ලා ප‍්‍රසිද්ධියේ ඔවුන්නොවුන් විවේචනය කර ගනිති. ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර ඇති කර ගත් ‘මගුලේ’ ප‍්‍රධාන කොන්දේසිවලින් එකක් වුණේ, වැදගත් ප‍්‍රශ්න සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීම වුවත්, ජාතික වැදගත්කමකින් යුත් බොහෝ ප‍්‍රශ්න සම්බන්ධයෙන් එවැනි එකඟතාවක් දෙපාර්ශ්වය අතරේ පෙනෙන්ට නැත.

      ඊටත් වඩා නරක කාරණය වන්නේ, ඇති විය හැකි එකඟතාවන් පවා කඩාකප්පල් කරන ආකාරයේ පසමිතුරු ආකල්ප, ඇතැම් ආණ්ඩු සාමාජිකයන් විසින්ම ජනතාව ඉදිරියේ දෙසැබෑමයි. උදාහරණයක් වශයෙන්, ජාතික ප‍්‍රශ්නය පිළිබඳ කාරණය ගත හැකිය. ජාතික සංහිඳියාව ගැන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟත්වයකට පැමිණ ඇති තත්වයක් තුළ පවා, ආණ්ඩුවේ ඇතැම් සාමාජිකයෝ, ඊනියා ඒකාබද්ධ විපක්ෂය විසින් මෙහෙයවනු ලබන ජාතිවාදීන්ගේ අඩි පාරේ යමින්, ඔවුන්ට වඩා හොඳ ‘දේශපේ‍්‍රමීන්’ වශයෙන් පෙනී සිටීමට ඔවුන් සමග තරග වදිති.

      ආණ්ඩුව එක්කෝ ජනතා සහාය තමන්ට කොහොමත් ඇතැයි සැළකීමට පෙළඹෙයි. නැත්නම්, තමන් සර්වබලධාරී නිසා ඔවුන්ගේ සහායක් අවශ්‍ය නැතැයි සිතයි. ජනතාව බලමුළු ගන්වනවා වෙනුවට ඔවුන් වැඩියත්ම කරන්නේ, පක්ෂ ආධාරකරුවන් පෙළ ගැස්වීමයි. ඇතැම් ඇමතිවරු, දැන් තමන් බලයේ සිටින තත්වය තුළ ‘තම පාක්ෂිකයන්ට සැළකිය යුතුව ඇතැ’ යි කීමට පවා දුරදිග යති.

      ජනතාවගෙන් බහුතරයක් සමන්විත වන, මෙම කමෙන්ටුව කොටන මා වැනි කිසි පක්ෂයකට අයත් නැති ජනතාවගේ තත්වය එවිට කුමක් වනු ඇත්ද?

      Delete
    7. යහපාලන දූෂණ ගැන කියද්දි මටත් දෙයක් කියන්න තියෙනවා, මේකනම් බොහොම ප්‍රසිද්ද්ධ සීන් එකන්, මාතලන් නම් මේ සිද්ධිය ගැන හොඳට දන්නව ඇති;

      මෙයා යහපාලන ආණ්ඩුවේ හොඳ කකුලක්.මිනිහා මුදල් භාර ඇමති.දන්නවනේ කවුද කකුල කියලා.ඇමති රවී කරුණානායක.මෙයා මේ ළඟදි ඉඳන් මාර ගේමක් ගහනවලු වාහන කොම්පැණියක් අල්ලගෙන.මේ වාහන කොම්පැණිය ටොයෝටා එක කියලයි අපිට විස්තර කිව්වා මන්ත්‍රීතුමා කිව්වේ. කොහොම හරි රවීට මේ කොම්පැණියෙන් ලක්ෂ පහක් දෙනවලු.දන්නවද ඒ කොහොමද කියලා.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙනවනේ වාහන පර්මිට් එකක්.අන්න ඒ පර්මිට් එක හරහා නොයෙකුත් වාහන ගෙන්වනවා මන්ත්‍රීවරු එක එක කොම්පැණිවලින්.ඉතිං රවී මොකද දන්නවද කරන්නේ මේ ළඟදි ඉඳලා රීතියක් දාලලු වාහනේ ගෙන්නන්න ඕනේ ටොයෝටා එක හරහා කියලා.ඒක රටට වාසියක් කියලත් රවී කට්ටියට පහදලා දීලා තියෙනවා.මේ කතා අහලා සමහර මන්ත්‍රී අයියලා ටොයෝටා එකෙන් වාහන ගෙන්නලා.ඊට පස්සේ ඒ වාහන ගන්න ගියහම එතන කොම්පැණිය මැනේජර් කෙනෙක්ලු කියලා තියෙන්නේ මෙහෙම ඩීල් එකක් කියලා.දැන් මේ සිද්ධිය අගමැතිටත්,ජනාධිපතිටත් පැමිණිළි කරන්නලු යන්නේ.දැන් මේ ගැන රවීටත් ආරංචි වෙලාලු තියෙන්නේ .හැබැයි වැඩේ අත් ඇරලා නෑලු.කොහොම හරි මේ වංචාවට අහුවෙලා තියෙන්නේ අලුතින්ම පාර්ලිමේන්තු ආපු මන්ත්‍රීවරු කියලයි අපිට ආරංචිය තියෙන්නේ.

      ඔන්න බලන්න ඉතින් රාජපක්ෂ හොර හැත්ත ඉන්නකාලේ හොරාකෑවේ මහජන මුදල් විතරයි. දැන් ඉන්න එවුන් පාර්ලිමේන්තුවේ ඉන්න සහෝදර මන්තිරියලාගෙනුත් ගාන කපාගන්න පටන් අරන්. මාත මචෝ කම්බා හොරුන්ගෙත් කම්බා හොරුන්ට කියන්න අලුත් වචනයක් හදන්න වෙයි මෙහෙම ගියොත්. අම්මප රාජපක්ස නීලකාස හොර කල්ලියේ රෙකෝඩ් කැලේ ඕයි හරියට ලංකා ක්‍රිකට් ටීම් එකේ වන්ඩේ ටීටුවෙන්ටි වැඩිම ටෝටල් රෙකෝඩ් දෙකට වුණාවගේ.

      Delete
    8. ජනවාරි 7 උනේ නංගි පෙන්නලා අක්කව දෙන විප්ලවයක්.
      නංගිගේ වැඩ.
      බොල්පොයින්ට් පෑන,
      අඩුවියදම් චාරිකා,
      විධායක ජනාධිපති කම අහෝසිය,
      ස්වාධීන කොමිෂන් සභා,
      පාරදෘශ්‍ය ටෙන්ටර් පටිපාටි,
      මාධ්‍ය නිදහස,
      විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩල..,..,..,..,

      අක්කගේ වැඩ
      (මොකට ලියන්න මහන්සි වෙනවද.. )

      හැබයි මේකට කපුකම් කරපු ඉයන්ලා තාම කියන්නේ.."අනේ ඉතින් අර පෙන්නපු ලස්සන නංගි නැති උනාට මොකද, කලින් හිටපු කැහි ගෑණිට වැඩිය මේ හොටු ගෑනි ටිකක් හරි හොඳයිනේ" කියලා..

      Delete
    9. මේ ආන්ඩුව ඇවිල්ලා තියෙන්නේ රට හදන්න නෙමෙයි ඉයන්. උන් හැදෙන්න. එක සෙට් එකක් අවුරුදු ගානක් විපක්ෂේ ඉඳලා ගන්න බැරි උන සැප ගන්නවා පුක ඉරාගෙන. අනෙක් සෙට් එක මහින්දගෙන් කන්න බැරි උන සෙට් එක. උන් ඒ වැඩේ මෙයත් එක්ක එක්කාසු වෙලා කරනවා.

      රටේ යහපතට කියලා ගෙන ආපු සියල්ල අමූලික බොරු. අවුරුදු දෙකක් වෙනවා.. මොකක්ද කලේ.. අඩු ගානේ එක හොරකමක් මිනීමැරුමක් ඇල්ලුවද..? අධිකරණය තියෙන්නේ පට්ට ඩීල කාරයෙක්ගේ යටතේ.. ඌ කරන්නේ එජාපයේ නම කැත වෙන ගොබ්බ යෝජනා ගේන එක විතරයි.

      Delete
  9. මුදල් නොගෙවා උඩින් ගිය යහපාලන ආණ්ඩුවේ අය මෙන්න… පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

    http://www.colombotoday.com/wp-content/uploads/2016/10/4566.jpg

    හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය, අමාත්‍යවරුන් නව දෙනෙකු, ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිස් රාජකාරි කටයුතු සදහා මුදල් නොගෙවා ගුවන් හමුදා හෙළිකොප්ටර් යානා ලබාගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍ය රුවන් විජයර්ධන මහතා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළේය.

    ඔහු මෙම වාර්තාව ඉදිරිපත් කළේ අදාළ පිරිස පසුගිය වසරේ ජනවාරි 10 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා මුදල් නොගෙවා සිදුකළ ගුවන් ගමන්වලට අදාළවයි. මන්ත්‍රී උදය ගම්මන්පිල ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම තොරතුරු සභාගත කළේය.

    ReplyDelete
    Replies
    1. ඒකයි මම කිව්වේ ඔක්කෝටම හෙලිකොප්පර් දෙන්න කියලා...

      Delete
  10. 2017 අයවැය යෝජනා !

    2017 වසර සදහා වන අයවැය විසර්ජන පනතට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර එය මේවන විට ගැසට් කර තිබේ. 2016 වසරේ අයවැයෙන් අධ්‍යාපනය සදහා රුපියල් බිලියන 185.9ක් වෙන්කර තිබුණද 2017 අයවැයෙන් එය රුපියල් බිලියන 78 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇත.

    අධ්‍යාපනයට වෙන් කළ මුදල හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකින් කප්පාදුවට ලක්වෙත්දී ජනාධිපති කාර්යාලය වෙනුවෙන් 2017 වසර සදහා රුපියල් බිලියන 7.4ක විශාල මුදලක් වෙන්කර ඇත. එනම් 2016 වසරේ වෙන්කළ මුදලට වඩා 320% කින් වැඩි වීමකි. හරියටම මේ වසරට වඩා තුන් ගුනයකටත් වඩා වැඩි කොට ඇත. එය 2016 වසරේදි රුපියල් බිලියන 2.3කි.

    විධායක ජනාධිපති ධුරය අහෝසි කොට පාර්ලිමේන්තුව වෙත බලය විමධ්‍යගත කිරීම ප්‍රධාන සටන් පාඨය කරගනිමින් 2015 ජනවාරි 8 වනදා පැවති පාලනය වෙනස් කළද, මේ ආකාරයෙන් විශාල මුදලක් ජනාධිපති ධුරයේ කටයුතු සදහා වෙන් කිරීමෙන් පෙනී යන්නේ එම තනතුර පැවසූ ආකාරයට අහෝසි නොකෙරෙන බවයි.

    නව ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති ධුරය මුළුමනින්ම අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පැවරීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් යෝජනා වී තිබුණද ජනාධිපතිවරයාගේ පාර්ශවය එයට අනුකූලතාවය නොදක්වන බවට ආරංචි මාර්ග අනාවරණය කරන අතර ඒ හේතුවෙන් මෙතෙක් කල් අගමැති පාර්ශවය සහ ජනපති පාර්ශවය අතර පැවති සීතල මතගැටුම ඉදිරියේදී වඩාත් උත්සන්න වනු ඇති බවට මත පලවේ.

    ReplyDelete
    Replies
    1. මෙයා කරන්නෙත් මහින්ද කරපු දේවල්ම තමයි. කිසි වෙනසක් නෑ. ආරම්බය මෙහෙම නම් අවසානය කොයි තත්වයේ තියෙයිද කියලා හිතා ගන්න බෑ. හැබයි රිටර්න් එක ගැනත් මතකයේ තබාගෙන මේ දෙවල් කලොත් හොඳයි..

      Delete
  11. වර්තමාන ආණ්ඩුව ගෙන යන දූෂිත ක්‍රියා කලාපයට එරෙහිව වහා පුළුල් ජාතික පෙරමුණක් බිහි කිරීමට සූදානම් බව ජවිපෙ මන්ත්‍රි ප්‍රචාරක ලේකම් වන විජිත හේරත් අවධාරණය කරයි. එම පුළුල් ජාතික පෙරමුණ ඉදිරි මැතිවරණ සඳහා විශාල ශක්තියක් වනු ඇතැයිද ඔහු කීවේය.

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සිවිල් සංවිධාන, උගතුන්, බුද්ධිමතුන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් ඒකාබද්ධව මෙම පෙරමුණ ඉතා කෙටි කලක් තුළ ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත්, ඒ සඳහා වූ මූලික සාකච්ඡා වට මේ වන විට ආරම්භ කර ඇති බවත් මන්ත්‍රි විජිත හේරත් අවධාරණය කළේය.

    ඔහු පැවැසුවේ මේ සඳහා සම්බන්ධ වන පිරිස ඉතා ධනාත්මක අදහස් පළ කර ඇති බවයි.

    මන්ත්‍රිවරයා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙසේය.

    "අපි මේ වන විට පුළුල් ජාතික පෙරමුණක් ස්ථාපිත කිරීමේ මූලික සාකච්ඡා සිදුකරමින් සිටිනවා. ඉතා කෙටි කාලයක් තුළ මෙය ක්‍රියාත්මක කිරීමට සූදානම්. මේකට විවිධ කණ්ඩායම් සහභාගි වෙනවා. ඔවුන් සියල්ලම ජනතා විමුක්ති පෙරමුණේ අය නොවෙයි. නමුත් අපේ වැඩපිළිවෙළට ඔවුන්ගේ දායකත්වය, එකඟත්වය පළකර තිබෙනවා. ඒ වගේම ක්‍රියාත්මක වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන්.

    විශේෂයෙන්ම උගත්, බුද්ධිමත් කණ්ඩායම්, සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරු, මාධ්‍යවේදීන්, කලාකරුවන් සියල්ලම ඒකාබද්ධ වන පෙරමුණක් මේක. ඒ වගේම විවිධ ක්‍ෂේත්‍ර සඳහා විවිධ ප්‍රතිපත්ති මාලා වැඩසටහන් තියෙනවා. ජාතික මට්ටමින් හදලා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කරන මේ වැඩපිළිවෙළ සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වයක් තිබෙන බව අමතක කරන්න බෑ.

    මේක සටන් පෙරමුණක්ම නොවෙයි. ආණ්ඩුවේ දැන් ක්‍රියාත්මක විකිණීමට, බිලිදීමට එරෙහිවත්, රට ගොඩනැඟීමේ අරමුණත් එක්ක තමයි මේ පුළුල් ජාතික බලවේගය ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම මෙවැනි ඒකාබද්ධ පෙරමුණක් තුළින් අපේ පක්‍ෂයට ඉදිරි මැතිවරණවලටත් ශක්තියක් වෙනවා. මේ සියලු කරුණු අරමුණු කරගනිමින් අපි මේ වැඩපිළිවෙළ ශක්තිමත්ව ක්‍රියාත්මක කරනවා."

    ReplyDelete
    Replies
    1. මේතාක් පැවති ආණ්ඩු වල ක්‍රියා කලාප වලට විරුද්ධව හැමදාම කලේ පාරට බැහැපු එක.. හැබැයි කරපු දේකුත් නෑ.. බෙරේ පළුවකුත් නෑ තමයි ඉතිං ... අනේද කියන්නෙ.....???

      Delete
    2. ජෙප්පන්ට කරන්න පුළුවන් දෙයක් නෑ.. ඊළඟ ප්‍රාදේශීය සභා ඡන්දෙ තිබ්බොත් තිස්ස දිනලා පෙන්වන්නකෝ ඔක්කෝටම කලින්.. උන්ගේ මාන්නේ වැඩියි...

      Delete
    3. අනේ අපි නොදන්න පුලුල් පෙරමුණ. හැමදාම කලේ ජනාධිපතිවරු, ආණ්ඩු බලේට ගේන්න සපෝට් එකදීලා අවුරුද්දක් විතර ගියාම කෑ ගහනවා මුන් හොරු හොරු කියලා. වෙන කරපු දෙයක් තියෙනවද?

      Delete
  12. මාතෙ! උබ මට එක සැරයක් රටේ ජනාදිපති තුමාටයි අගමැතිටයි කොහොම උනත් පිළිවෙලකට සංවරව කතා කරන්ට කිව්ව නිසා අදටත් උබේ බ්ලොග් එකේ වැදගත් විදිහට කතා කරනව කොහොම උනත් උබේ වචනෙට කීකරු වෙලා. අපේ රටේ දේශපාලනය කවදාවත් හදන්ට බැරි එකක්. ඉස්සර මිනිස්සු බැන්නේ රනිල් මහත්තයට. මොකද මිස්ට බීන් වගේ කතා කරනව කියල. දැන්නම් මයිත්‍රී මහත්තයත් එක්ක බලනකොට රනිල් ලොක්ක ගොඩක් ඉදිරියෙන්.

    දැන් මරි මෝඩ එකකට එකක් ගැලපෙන්නේ නැති ගොබ්බ කතා කියන්නේ රටේ ජනාදිපති. එයා මහින්දට කතා කරන්නේ මහින්ද මහත්තය කියල. මහින්ද රටේ ජනදිපතිට කතා කරන්නේ නිකම්ම නිකන් "සිරිසේන" කිය්සලා. මිනිහෙක් උසස් වෙනකොට පර්සනැලිටි එක ඒ තත්වෙට හදාගන්ට ඕනි.

    දැන්නම් අර පිටිදුවේ සිරිදම්ම කිව්ව වගේ රජෙක් උනානම් රජෙක් වගේ ඉන්න ඕනි.

    රනිල් මහත්තයට තවමත් රටට මොකක්හරි දෙයක් කොරන්ට උවමනාව තියෙනවා. එත් පොදු පෙරමුණේ ලැයිස්තුවෙන් ආව එස් බී, අර හිටපු වනජීවී ඇමතිලා වගේ නූගත් අවුන් ඇතුලට අරන් හදාගත්ත පාන්ඩුව නිසා නම් කිසි දෙයක් කොරගන්ට බෑ.

    මෙච්චර දෙයක් කලේ රටේ ජනතාව කියල තේරුම් ගන්ට බැරි මොලයක් තියෙනවනම් ජනතාවටම බාරයි මුන්ටික ගෙදර යවන්ට. එත් මහින්ද ඇතුලු හොරු ටික ආයෙ ගේන එක නෙමේ ලාස්ට් රිසෝට් එක.

    අම්මප බන්!! ඊළඟට ගේන්න එකෙක් නැහැනේ..?? 🙄

    ReplyDelete
    Replies
    1. පොලොන්නරුවේ තියෙනවා මහා ගල් පොත කියලා සෙල්ලිපියක් නිශ්ශංකමල්ල සජ්ජුරුවෝ කරවපු.. ඕකේ තියෙනවා බොහෝම වැදගත් කියමනක්.. ඒ තමයි මේ රටේ රජකම කවදාවත් ගොවියෙකුට දෙන්න එපාය කියලා..

      56 න් සෙවල බන්ඩා පටන් ගත්ත එකේ හොඳම එක තමයි ජනවාරි 8 වෙනිදා ආපූ ගොවි පුතා..

      Delete
    2. ඉතින් ඔ්වත් දැන් ගෙනද රෙදි නැතිව ගොවි පුතාට ‍කඩේ ගියේ?

      Delete
  13. ඉවසුව ඇති පටන් ගමු !October 10, 2016 at 11:34 AM

    මාතේ, මමත් ජන8ට රෙන් නැතුව පුකදීගෙන හිටියේ දැන් නං අම්බ වහ.
    මුං පජාති ගැහිලිගහන්නේ. බැදුම්කරේ,රාජපක්ෂ ඩීල්,හොරුත් එක්ක ඩීල්,හයිවේ ගැහිලි,සබීතාගෙ කෘෂිකරුමේ,පචපනත්(ඖෂධ පනත),නීති අසමනතා (හිරුනිකා/චම්පික) වැඩක් නෑ කියලා.
    එක කාලකන්නි පිරිසක් එලවලා තව කාලකන්නි පිරිසක් පත්කලා මදෑ.
    හැම එකාම පක්ෂ ගොඩ දාගෙන හම්බුකරන්න දගලන්නේ.(UNP,SLFP,JVP,TNA etc.)
    අපි ගැන හිතන එවුන් එකෙක්වත් නෑ
    මේ විනාශකරන මහජන මුදල් අපේ.
    කෝටි 2ක් රටේ මිනිස්සු, මුන් විනාශකරන හා කරපු ජාතික ධනයට බදුගෙවාගෙන, බස්වල කෝච්චිවල දහදුක් විදගෙන, දරුවන්ට බාගෙට කන්න දීලා ,බැංකුවලට/ලීසින් ගිනි පොලී ගෙවාගෙන මෙහෙම ජීවත්වෙන්නේ මොන බම්බුවකටද?

    අපි අලුතින් හිතමු!

    ReplyDelete
    Replies
    1. මිනිස්සු හිතන පතන විදියට පාලකයෝ වැඩ කරන්නේ නෑ.. උන් වැඩ කරන්නේ වැලිකඩ ඉන්න උන් හිතන පතන විදියට...

      Delete
  14. රට හදන්න කලින් දරුවෝ හදා ගන්නා එක බොහෝම හොඳය.++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. රට හදන්න එනවා දරුවෝ හදාගන්න බැරිව.. එතකොට රෙදි ඇඳගෙනද ඒ සඟිස්කුරුතියට විරුද්ධව බයිලා ගහන්නේ...

      Delete
  15. යහපාලනේ හොද නෑ. තිබුන එක කොහොමටත් හොද නෑ. මම නෙමේ කියන්නෙ සුනිල් අයිය.

    ReplyDelete
    Replies
    1. විකල්පය තිබුන එක නම් නෙමෙයි.. එකේ කොටසක් ගත්ත එක තමයි කරුමය..

      Delete
  16. පෝස්ටුවට අදාළ නැති උනත් දාල තියන පින්තූරෙට අදාළ නිසා යමක් කියන්න ඕන. ඔය පින්තූරෙ ප්‍රංශ කාන්තාවක් උඩුකය නිරුවත්ව රට වෙනුවෙන් විප්ලවේට යනව. ලංකාව ගෑනියෙක්නම් එහෙම කරයිද? පොලීසියෙ බැටන් පොල්ලක් දැක්කත් පණ එපා කියල දුවයි මෙහෙ ගෑනු. ප්‍රංශ කාන්තාව තුවක්කුවටවත් බය නෑ. ලංකාවෙ ගෑනු ඉන්නෙ හුගක් පිටිපස්සෙ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ගෑණූන්ට ශිවන්‍යා බලන්න තියෙනෙවනේ මෙයා..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න