.

.

Nov 19, 2016

අධිකරණ ඇමති සිහිණෙන් ඇවිදීම - Sleepwalking Towards Justice



ලංකාවේ අධිකරණ ඇමතිවරයා අත ගහන හැම වැඩේම අඤ්ඤකොරොස් වෙලා, හත් පොලේ ගාගෙන, අකුල ගන්නා බව අප කවුරුත් දන්නවාය. එයා මහා ප්‍රාඥ්ඥයෙක්ද මොකෙකද කියලා කියන්නෙත් එයාමය. අපි නම් ලෝයර්ලාට කියන්නේ ගල් ආඳෝ කියලාය. සමහර උන් නම් කියන්නේ ඩීල් කාරයෝ කියලාය. ලංකාවේ අධිකරණ ක්‍රමය ගැන දන්නා ඕනම එකෙක් ඒ කියනා කාරනය ඇත්තයි කියලාත් දන්නවාය. මොකෑ කියනවා නම්, ඒ වාගේ ඩීල් කාරයෙක් බලවපු නඩුවකින්, දුමින්ද සිල්වාට මරණ දඬුවම හිමි වීම, මිනිසුන් හොල්මන්ද බේරේ කොරනා තීන්දුවක් වීම නිසාය.  

ඔය නඩුවේදී, දුමින්ද සිල්වාට පක්ෂව තීන්දුව දුන් එකා වෙනුවෙන් කතා කළේ නඩුකාරයා නොව අර ආකාරයේ කුප්‍රකට ඩීල් කරුවාය. නඩු කාරයන්ගේ දුක කියන්න තැනක් නැතෙයි කියා, මේ මහා ප්‍රාඥ්ඥයා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙමින් පච කෙලියද, අප දන්නා පරිදි, අධිකරණ කොමිසම හා නීතීපති දෙපාර්තමේන්තුව තියෙන්නේ ඒවාටය. එහෙම නැත්නම්, ජනාධිපති කියනා විදියට, අඬ අඬා ගිහින් එයාටත් තමන්ගේ දුක කියන්නට පුළුවන්ය. එතකොට එයා ඒ දුක දෙවියන්ට බුදුන්ට කියා, ඒ අයගෙන් සහනයක් ලබා දෙනවාය. 

අය වැය විවාදයට එක් වෙමින්, අය වැය ගැන කතා කරන්නේ නැතිව, තමන්ගේ කාළය තුල වෙන බයිලාවක් ගැහුවේ මොකෑ කියලා අද මාද්දිය වල කතා වෙනවාය. මුලින්ම කතා කළේ සිවුරු පොරවාගෙන ජාතිවාදේ පතුරන රස්තියාදුකාරයන් ගැනය. ඉන් පස්සේ කිව්වේ තරාතිරම නොබලා, ජාතිවාදය පතුරන ඕනෑම එකෙක් අල්ලලා හිරේ දානවා කියලාය. එහෙම කරන්න ත්‍රස්තවාදි පනත් හරි ක්‍රියාත්මක කරනවා කියලාය. අපි නම් කියන්නේ ඔහේට පුළුවන් නම් ඔය එක හිමි නමක් ජාතිවාදය වැපිරුවා කියා හිරේ දමා පෙන්නන්නෙයි කියලාය. 

මඩකලපුවේ අමන හිමි නමක් ගැන පාර්ලිමේන්තුවෙත්, ආන්ඩුවේ මන්ත්‍රීන්ම කතා කරනවා අපි දැක්කේය. එමෙන්ම කැබිනට් එකෙත් මේ ගැන කතා කලාම ජනපති හා අගමැති දෙන්නාම කියා තිබෙන්නේ "පිස්සන් පිස්සු කෙලියාට, ගනන් ගන්න එපා.." කියලාය. ඒ දෙන්නාත් සිවුරට ගූ බයය. අපි ඔහේට කියන්නේ, පොලිස් නිළධාරිනියකට පහර දීමට ගිය, දෙමළ ග්‍රාමසේවකයාට, ඔහුගේ ජාතිය ගැන සඳහන් කරමින්, ඉතා නින්දිත ලෙස කුණුහබ්බයෙන්ද බැණ වැඳුනු මේ අමනයාට නීතිය ක්‍රියාත්මක කර පෙන්වනා ලෙසය. 

ඊළඟ කේස් එක මාතලන්ලා 2012 පවා කියා සිටි මුස්ලිම් ත්‍රස්තවාදයේ අම්මට සිරි ලංකා ව්‍යාපතවාදය ගැනය. අඩු ගානේ අදවත් එහෙම එකක් තියෙනවා කියා පිලිගැනීම ගැන අපේ ඉස්තූතිය මේ අවස්ථාවේ ප්‍රකාෂ කර සිටිනවාය.

මඩකළපු සරොන් ඇඳ තම්බි තොප්පියක් හෝ ලේන්සුව හිස බැඳි ලාංකිය මුස්ලිම් මනුස්සයා වෙනුවට, දිග ගවුම් ඇඳ, තලෙයිබාන් රැවුල් වවාගත් අරාබියේවත් නොමැති ත්‍රස්තවාදී පිරිමින් පිරිසක්ද. සාරිය ඇඳ, සාරි පටින් හිස වසාගෙන ගිය ලාංකිය මුස්ලිම් ගැහැණිය වෙනුවට, සියල්ල වසාගත්, ඇතුලේ ඉන්නේ පිරිමියෙක්ද ගෑණීයෙක්ද කියා සොයා ගැනීමට නොහැකි ඇඳුම් අඳිනා, පිරිමිද ගෑණුද කියා සක්කරයාට තබා සක්කරයාගේ පුතා බන්ධුලටවත් හඳුනා ගන්නට බැරි ගෝනී බිල්ලන් පිරිසක් බිහිවන්නේ, මේ රටේ ගෝඨාභය වැනි බලවත් නිළධාරින්ගේ සමයේම වීම ලැජ්ජාවටම කරුණක්මය. එදා ඔය තත්වය තිබුනේ නම්, යුද්ධය අහවර කිරීම තවත් බැරෑරුම් වනවා ඒකාන්තය.  

මෙහිදි සිහිකර ගත යුතු දේ නම්, "මාමස්මි" නම් පාතාල නායකයා සැඟවී සිටියේ මේ ලෝගූ තුල බවය. අද මේ ඇඳුම, ලංකාවම ආක්‍රමණය කර ඇත. සති අන්තයේ කොළඹ ප්‍රදේශය, තනිකර තලේබාන්, ඇෆගනිස්තානයටත් එහාය. නැගෙනහිර අයිසිස් රාජධානියක්ය. එහි නීතී රීතී කිසිවක් නැත. හෙල්මට් නැත. උන් පාරෙන් අයින් වන තෙක් වාහනය නවතාගෙන සිටිය යුතුය. සුද්දෝ අහන්නේ මේක අරාබියද කියලාය.

අප එදා සඳහන් කළේ, තලේබාන් කරුවන් නිවාස හා පල්ලි තුල ත්‍රස්තවාදය පතුරනවා කියලාය. අප ඒ කාළයේ මේවා කියන කොට සම හරක් අපව ගනන් ගත්තේ පිස්සන් ලෙසය. පටු ජාතිවාදින් ලෙසය. ලංකාවෙන් අයිසිස් (ISIS) කාරයෝ බිහිවන්නේ ඒ නිසාමය. ලංකාවේ අයිසිස් කාරයෝ ඉන්නවා නම් ඔප්පු කරනා ලෙසට තප්පුලන නැගෙනහිර මහ ඇමති බූරුවාට අපි කියන්නේ, තොපි ඉන්ගිරිසි තේරෙනවා නම්, <<මේ ලිපිය>> කියවන්නෙයි කියලාය. තොපේ තප්පුලෑම් වලට ආන්ඩුවේ හරකුන් බය වූවාට, අපි නම් බය වන්නේ නැතිය.

දැන් ලංකාවේ මුස්ලිම් කුඩා දරුවන්,ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දරුවන්ට ලබා දෙන විශය මාලා හදාරන්නේ නැත, ඒ වෙනුවට අමුතුම ආකරයේ ජඨාවන් බැඳි, අමුතුම ආකරයේ පාසල් වගයක් බිහි වී ඇත. මේවායේ උගන්වන්නේ මක්කාද යන්න සොයා බැලීම බොහෝ අගනේය. උන් එතනින් නොනැවති මිලේඡ්ච ඉල්ලීමක් වන කුඩා දැරියන් හා සංසර්ගයේ යෙදීමට අවසර දෙන මෙන් ඉල්ලීමටද පටන් ගෙන ඇත. මේවාට අවසර දීම කෙලවර වන්නේ පාර්ලිමේන්තුව ඉතිරිපිට බෙලි කපා දැමීමට අවසර දීමෙන්ය.

අනෙක් කරුණ නම්, එසේ අවසර දුනහොත්, අනෙකුත් ආගම් වල උන් මුස්ලිම් ආගම වැළඳ ගැනීමද වැඩි වීමය. මේ කරන්නේ පීඩපයිල් පොරවල් (කුඩා දරුවන් හා සංසර්ගයේ යෙදෙන පිස්සන්) වලට පට්ට ආතල් ගැනීමට ඉඩ දීමක්ය. 

පුත්තලම පැත්තේ බූරූ උලමාවරුන් පිරිසක්, කාන්තාවකට පොල් පිති පාර 100 ක් දීලා තිබුනේ මේ ඊයේ පෙරේදාය. මේ රටේ එක එකාට ඕනා නීතී රිතී ක්‍රියාත්මක කරන්නට නම්, නීතී පද්දදියක් ඕනා නැතිය. සංහිදියා ඇති කරන්න කියා නීතී රීතී පිළිබඳ තීරණ ගැනීමට ගෝත්‍රිකයන්ට ඉඩ දෙන්නෙ නම්, එය එකම විකාරයක්ම පමණක්මය. නීතිය හැම එකාටම පොදු විය යුතුය. ලංකාවේ නීතියට අනුව ජීවත් වීමට බැරි නම්, තලේබාන් රාජ්ජයකට යා යුතුය. එසේ නම් බෞද්ධයන්ට අදාල නීතී රීති හාන්දුරුවරුන්ටත්, කතෝලිකයන්ගේ නීතී රීති පාස්ටර්වරුන්ටත්, දෙමළාගේ නීතී රීති පූසාරිවරුන්ටත් පවරා, නඩු බැලවීම ආගමික ස්ථානයේ කොර ගන්න දුන්නාම, ඇමති කමත් ඕනා නැතිය. 

මේවා බයිලා කියා සිතෙන්නේ, මීට පෙර බුද්ධාගමේ කරන්න ගිය වෙනස්කම් දෙකම අකුලාගෙන හත් පොලේ ගාගෙන ආන්ඩුවත් නෝන්ඩි කරලා දමාපු නිසාමය. තමන්ම තමන් මහා ප්‍රාඥ්ඥයෙක් කියලා හිතුවාම එහෙම වෙනවාය. අනික මේ නීතිය ක්‍රියාත්මක කරනවා කියා කියන්නේ, ඝෝඨාභය අත් අඩංගුවට ගන්න එයා ඉන්නා තාක් ඉඩ දෙන්නේ නැතෙයි කියා කියාපු පොරක්ය. ඒ කියන්නේ විධායකෙයි, වියවස්ථාවයි, අධිකරණෙයි ඔක්කෝම එයාගේ අම්මාගේ බූදලේ කියලා හිතලාය. මේක රාජපක්ෂ නම තියෙනා උන්ට ඇති ලෙඩක්දැයි කියන්නටත් බැරිය. එහෙම කියනා පොර අපිට කියන්නේ, "ලංකා ඊ නිව්ස්", "සඳරුවන්" අධිකරණයට අපහාස කරනවා කියලාය. සඳරුවන්ට නෙලීම සඳහා සප් එක දෙන්නේ මරු බඩු දෙකක්ය. එකෙක් කෙහෙළිය රඹුක්වැල්ලය. අනෙකා පිස්සු තදවී, හමුදා කුමන්ත්‍රණයකින් බලය ගන්නා බව කියනා, බොරළුගොඩ සුනඛයාය. 

අදිකරණයේ චූදිතයින් වන ඇවන්ගාඩ් එකේ හිමිකරුවන් හා ඩීල් දැමුවා යැයි කියා ඔප්පු වූ මාරපන නම් තම ඇමති කමෙන් පවා ඉවත්වී, තමන් කව්දැයි කියා පෙන්නුවෙය. එහෙත් තමන්ගේ පුතාගෙ මඟුල් ගෙදර එන එම චූදිතයාගේම කාරෙකෙ දොර අරින්න යන්නේ, මේ මහා ප්‍රාඥ්ඥයාය. ලංකාවේ අධිකරණ ඇමතිය. මේවා ලෝකයා හිනස්සන වැඩය. බොක්කෙ මිතුරෙක් උනත්, තමන් අද දරණ වගකීම ගැනවත් අංශූ මාත්‍රයක ගරු කිරීමක් ඇති මිනිසෙක්, මෙවන් විසූක දස්සන් රඟන්න යන්නේ නැතිය. මේවා දකින්න රනිල් වික්‍රමසිංහවත් නොඑන්නේ ඇයි කියා අපෙන් අහනවාට වඩා, රනිල්ගෙන්ම අහගන්නා එක බොහෝ හොඳය. 

අධිකරණය පමණක් නොව, අම්මට සිරි ලංකාවේ මුළු සිස්ටම් එකම අසූචී කන්දක්ය. එයාගේ එක හොඳයි, අරයාගෙ එක නරකයි කියා, එක පක්ෂයක එකෙකුටවත් තවෙකෙකුට ඇඟිල්ල දිගු කිරීමට බැරිය. අල්ලස් දීම හෝ ගැනීම වරදක් බව, අද කාලේ පොඩි එකා පවා දන්නවාය. එසේ නම් සඳරුවන් සල්ලිවලට ලියනවා කියා මෙයා දන්නේ කොහොමදැයි කියනා ප්‍රශ්ණයක් අපිට එනවාය. මොකෝ ජෙප්පන්ට සල්ලි දුන්න බවත්, ෆොන්සේකාගෙ මක්කදෝ කේස් එකක් ගැනත් කියන්නේ ඔහේම හන්දාය.

සඳරුවන්ගේ මාධ්‍ය හැසිරීම ගැන අපටද මත බේද ඇතත්, ඔහු කියන්නේ ඇත්තද නැත්තද යන්න එය කියවන්නා විසින් තීරණය කරණු ඇතිය. අප දන්නා අයුරින් ජාතීවාදී ළිපි එකක්වත් එහි පළවෙනවා අප නම් දැකලා නැතිය. එහෙත් අධිකරණය ගැන නම් අනත්වත් ළිපි පලවනවා අප දැක ඇත. සඳරුවන් කියන්නේ බොරු නම්, ඔහුට දඬුවම් කිරීමට පෙර ඒවා බොරු බව ඔප්පු කර සිටිය යුතුය. අද දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලට ගෙන ඒම එහි ප්‍රධානියා සනාත කොට ඇත. ඔහු හමුවීමට ගිය විනිසුරුවරිය ඒ බව සනාත කොට තියෙනවාය. එසේ නම් ඒවා සල්ලි වලට ලියන ඒවා කියා කියන්නේ කෙසේද?

දුමින්ද සිල්වා සිද්දියේදී සඳරුවන් කී දේ, දුමින්ද සිල්වා ඇතුලට යන්න කලින්ම සඳහන් කලේය. විනිසුරුවන් බාගත් බව කීවේ සඳරුවන්ට කලින් දුමින්ද සිල්වාය. මට පේන්නේ ජනාධිපති පත්තර බැලුවත්, අධිකරණ ඇමති ඒකවත් බලන්නේ නැති සයිස් එකක් කියලාය.

අප දන්නා පරිදි නම්, ඔහු ජීවිත තර්ජන හේතුවෙන්ම මෙරටින් පලා ගිය මාද්දියවේදියෙක්ය. තම ජීවීත ආරක්ෂාව පතා වෙනත් රටක සිටිනා කෙනෙක් මෙහේට ගේන්නේ මොන නීතියෙන්ද කියා අපි නම් දන්නේ නැතිය. එහෙනම් ඉතින්, ජූලියන් අසාන්ජේත් මේ වෙන කොට ඇමරිකාවට දීලා තියෙන්න ඕනාය.

මේ කරන්න හදන්නේ මාධ්‍ය නිදහස ගැන හදා ගත් ගෞරවය නැවත කෙලෙසා දමන්නය. එසේ දමා ආන්ඩුව අසීරූතාවයකට පත් කරන්නය. මේවා කරන්න කලින් නීතී පතී දෙපාර්තමේන්තුවේ හිර වූ කේස් ගැන සොයා බැලුවා නම් යහපාලනෙටත් බොහෝ හොඳය. ජනපතිගේ කතාව විකෘති කළ යැයි කියා දෙරණට විතරක් වෝනින් දීමත් විකාරයක්ය. එහෙම කතාවක් කල බව අන්තර්ජාලය බලනා ඕන හරකෙකුට හොයා ගන්න පුළුවන්ය. ජාතිවාදය පැතිරීම ගැන දෙරණට හා දිවයිනට කේස් එකක් දානවා නම්, ඒක වෙනම කේස් එකක්ය. ඒත්, දිවයිනේ ලියන මහා එකා ඉන්නේත් ජනාධිපතිගේ සරම අස්සේය. මාධ්‍යකරුවන් හා ගැටළු ඇත්නම් ඒවා බාර ඇමතිට ඒවා බාරදිය යුතුය. හැම රෙද්ද අස්සේම ඇඟිලි ගහන්න ගිහිල්ලා, තියෙන රෙද්දත් නැති වෙන්න නම් පුළුවන්ය. 

ඔහු කියනාකාරයට සඳරුවන් හෙවත් මුදලට ලියනා පුලන්නා ඉන්ටර්පෝල් දමා බෙල්ලෙන් අල්ලාගෙන ඇවිත් සිර කිරීමට කලින්, ඔහේ කලාවට ලැදි පුද්ගලයෙක් නිසා, වික්ටර් අයිවන්ගේ "නොනිමි අරගලය" කියනා පොත කියවන මෙන් ඉල්ලනවාය. එමෙන්ම, ප්‍රසන්න විතානගේගේ "උසාවිය නිහඬයි" කෙටි චිත්තරපටිය බලනා ලෙසත් ඉල්ලනවාය.

ඒ දෙකේම තියෙන්නේ, විශ්වයේ වෙනත් ග්‍රහ වස්තුවක හෝ සමාන්තර විශවයක සිඳුවීම් දාමයක් හෝ නොව, මේ අම්මට සිරි ලංකාවෙම මහ දවාලේ සිඳු වූ දේවල්ය. ඔහේ මහා පාරිශුද්ද තැනක් කියා සිතාගෙන සිටින්නේ, එහෙම අසූචී කන්දක් ගැනය. කොටින්ම කියනවා නම්, ඔතන උන්නු මහ එකා, ඔහේලා පච කෙලිනා දියවන්නාවේ පච් ෆැක්ටරිය ළඟ, උසාවියෙම කෑල්ලක් උස්සා, තමන්ගේ නිල රථයේම නඩුවක් බලවන වේලාවේ, පොලෝසියේ ටැපික් සාජන කෙනෙකුට මාට්ටු වූ ප්ලේස් එකක්ය කියා, මේ පල් හෑල්ල මෙතනින් නවත්තනවාය. 

39 comments:

  1. සදරුවන් මුදලට ලියනවද නැද්ද කියනන් හොයන්න කලින් මුදලට නොලියන මාධ්‍යවේදියෙක් නම් කරන්න කියන්නකෝ තමන් මේ මහ කෙරුමෙක් කියල හිතං ඉන්න අදිකරණ ඇමතිට. එයා හිතං ඉන්නේ එයා නැත්තන් ආණ්ඩුවත් නෑ කියලා.

    සමහර වෙලාවට ඊ නිවුස් එකේ යන නිවුස් දැක්කම හිතෙනවා මෙව්වා ඇත්ත වෙන්න පුලුවන්ද කියලා. විශේෂයෙන්ම අධිකරණය ගැන දාපු නිවුස්. ඒත් දුමින්දගේ, වාස් ගේ සිදුවීම් වලින් ඒ දාපු නිවුස් ඇත්ත කියලා තහවුරු උනා. අනික තමයි ඊයේ පෙරේදා දවසක නඩුකාරියක් දුමින්දව හමුවූ පුවත. ඒක බොරු කියලනේ ගොඩක් අය හිතුවේ. දැන් ඒක ඇත්ත කියලා තහවුරු වෙලා. ගොන් අධිකාරණ ඇමතියට වඩා නං ඊ නිවුස් විශ්වාසයි. සරත් ෆොන්සේකාත් මේ ඇමතියාගේ දුෂිත වැඩ ගැන කිව්වානේ. රනිල්ට කොන්දක් නෑ තමුන්ගේ ඇමති මණ්ඩලය හදාගන්න.

    ReplyDelete
    Replies
    1. එයාගේ බයිලා අහන්න ආන්ඩුවෙ එකෙක්වත් උන්නෙ නෑ.. ඒකනේ අනික් පැත්තේ උන් හූමිටි තිබ්බේ..

      ෆොන්සේකා උන්නා නම් කියයි හොඳට...

      Delete
    2. මුදලට නොලියන මාධ්‍යවේදියෙක් නම් කරන්න////// well said

      Delete
    3. එයාලා කිසිම දීමනාවක් පඩියක් වාහන අරවා මේවා මක්කත් නතිවම වෙන්ටෑ මාර සේවයක් කොරන්නේ...

      Delete
  2. ඉස්ලාම් බක්තිකයන් ගේ අයිතියක් වන කුඩා දැරියන් සමග සන්වාසේ යෙදීමට විරුද්දව ජාතිවාදය අවුස්සන බ්ලොග් පලකිරීමේ චෝදනාව මත මාතලන් ලොක්කා හිරබාරයට පැමිනවීමට නිර්දේස කොරමි!!

    සහජීවනේ බන් සහජීවනේ.... ඉවසගෙන් හිටපන් අරිනකම් ම!

    ReplyDelete
    Replies
    1. රෙද්දේ සහජීවනේ... මම අර කවියකින්ම කිව්වේ...

      Delete
  3. චන්දෙ කාලේ මේ පිස්සු වාහේ අර 'යුගයේ ප්‍රාඥ්ඥයා' කියල උඩ බලාගෙන ඉන්න (බලන්න ලජ්ජා හිතෙන) අමන පෝස්ටරය දකිනකොටම හිතුන අමන චන්ද දායකයෝ මේ ගෝතයව පාර්ලිමේන්තුවට එව්වොත් හත්පොලේ ගාගෙනෙ වටපිටාවෙත් ගායි කියල.

    'ENEWS ' එකේ සඳරුවන් අධිකරණය ගැන මෙතෙක් ලිවූ සියල්ල සාදක සහිතව ඔප්පුවී ඇති අතර ඒ සිඳුවීම් වලට අදාළ පාර්ශවයන් විසින් ඒවා පිලිගෙන ඇති හෝ ඒවාට අභියෝග නොකරන පසුබිමක, මේ ගොන් මෝලා තප්පුලන්නේ, මුත් ඕවාට සම්බන්ද ඩීල් කාරයෙක් නිසා වෙන්න ඇති.

    මු මේ පෙන්වන්නේ මේ කුජීත ආණ්ඩුවේ අමන ප්‍රතිරූපය නේද?

    ReplyDelete
    Replies
    1. එක මකුනෙක් කෑවා කියලා ඔක්කොම උන් මරණ එක පව් නේ...

      Delete
  4. කුලියට බ්ලොග් පෝස්ට් දාන එක නං සදාචාරාත්මකයි.

    ReplyDelete
    Replies
    1. සම හරක් අනුන් මනින්නේ තමන්ගේ තරමිනි...

      Delete
  5. සොරි මචෝ. දිගට කොමෙන්ට් කොරන්ට ඕනි ලිපියක්. ඒත් තව දවස් 3කට බීසී. 👊🏽

    ReplyDelete
    Replies
    1. නෝ ප්‍රශ්... කියෙව්වා නම් ඒ ඇති...

      Delete
  6. මාතා ,

    දැනට වසර ගණනාවකට පෙර පාසලේදී මුස්ලිම් මිතුරන් බොහෝ දෙනෙක් සමග අදහස් හුවමාරු කරගෙන ඇති නිසා මම දන්නා දෙයක් කියන්නම්.
    ඔවුන් බොහොසාමකාමි හික්මුන මිනුසින් ලෙස ජිවත් වූ යයි නමුත් මේ සියලු දෙනා තුල තිබුන මුලිකම දෙය නම් මුස්ලිම් පල්ලිය සමග ඇති බිදිය නොහැකි සම්බන්දය, මුස්ලිම් පල්ලිය තුල තිබුන දෙයක් නම් ඔවුන් සාම විටම සමාජයේ බලයෙන් අඩු සුළු ජන කොටසක් ව සිටින විට බොහෝ විට සහෝදරත්වය වැනි කරුණු වලට වැඩි අවදානයක් යොමුකරන අතර ගැටුම් ඇතිකර ගැනීමට හැකි සෑම විටම ප්‍රතික්ෂේප කිරීමයි.

    නමුත් ඔවුන් බලවත් වන විට ඔවුන් තමන්ගේ ආගමික සැලසුම් ක්‍රියාත්මක කරමින් බලය පතුරවාහරිනවා ඔවුන්ට බලය ඇතිවිට මෙසේ කිරීමට ඔවුන් පසුබට වන්නේ නෑ, මෙය සිදුවෙන්නේ ඔවුන්ගේ ආගමික පුජක වරුන්ගේ පෙළබිම නිසයි.

    මුස්ලිම් ජනතාව හරියට රිමෝට් කොන්ට්‍රෝල් එකකින් පාලනය කළහැකි ජනතාවක් බවට මේ පල්ලියට හැකියි.

    ප්‍රශ්නය මේ සිදුවීම සමාජයේ පෙන්වාදෙන්නේ මුස්ලිම් ආක්‍රමණයක් ලෙසයි නමුත් ප්‍රශ්නය ඇත්තේ මුස්ලිම් පල්ලියේ ආගමික නායකයන් තුල බව කිසිවෙක් පෙන්වා දෙන්නේ නෑ.

    කුඩාකල සිට අල්ලා දෙවියන් ගැන අනෙක වාරයක් මොලය සේදීමෙන් සකස්කරන ලද මනසක් ඇති මේ ජනතාව ගැන බාහිර ජනතාවකට තේරුම් ගනීම ඉතා අපහසුයි https://www.youtube.com/watch?v=KoC-saTQDOs

    මෙය තේරුම් ගැනීමට මේ මහාචර්ය කියන බුරුවන්ට බැරිවීම ගැන කණගාටු දායකයි.

    ReplyDelete
    Replies
    1. මේ ගොන් වහන්සේලා නීති සම්පාදනය උන්ට පවරනවා..

      බුද්ධාහම නානසාරට දුන්නා නම් හරි..

      Delete
  7. විජේදාස උන්නැහේ කයිය නොගහා කොරලා පෙන්වීම තමයි වැදගත්.

    ReplyDelete
    Replies
    1. විසිල් ඉතරයි... බල්ටි නෑ.. ඉස්සර ෆිල්ම් හෝල් ළඟත් උන්නා මේ වගේ පොරවල්..

      මෙයා මෙහේ බයිලා ගහනවා.. අරෙහේ නුවර නානේ බුල් කෙලිනවා යමරෙට..

      Delete
  8. //පුත්තලම පැත්තේ බූරූ උලමාවරුන් පිරිසක්, කාන්තාවකට පොල් පිති පාර 100 ක් දීලා තිබුනේ මේ ඊයේ පෙරේදාය. // මචන් මේ කතාව ඇත්තනම් උන් ටික ගෙනල්ල පොල්පිති පාර සියක් දෙන්න වෙනවා. මේවා මෙතනින් නැවත්වුවේ නැත්නම් මුන් තව නීති ගෙනෙයි. පොඩ්ඩක් විස්තර හෙව්වා නම් හරි. ලිපිය නම් කියල වැඩක් නැහැ. ලංකා ඊනිව්ස් මම කංඅථිඅ දවියක් නෙමේ. ඒකෙ බොරු දාන වෙලාවල් සහ නිකරුනේ මිනිසුන්ට බනින ඒවත් තියනවා. නමුත් විජේ මල්ලිට එහෙම තර්ජනය කරන්න බැහැ. අපි හැම වෙබ් අඩවියකම ස්වධිනවත්වය ආරක්ෂා කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. තව මොනවා හොයන්නද.. අපි මේවා කියන්නේ 2012-13 ඉඳන්..

      වෙන මොකුත් ඕන නෑ ඔය තලේබාන් ඇඳුම්වත් තහනම් කරපන් පුළුවන්නම්..

      Delete
  9. මමත් කියව්වා ...
    පොඩි ළමයි එක්ක සංසර්ගයේ යෙදෙන්න නීතිමය අවසර ඉල්ලනවට වඩා හොදයි ටොපා ගහලා බිම දිගේ ඇදගෙන ගියානම්

    ReplyDelete
    Replies
    1. උඹත් අයිසිස් පොරක්ද කොහෙද මට පේන්නේ... :)

      Delete
  10. මේ ඇමතිතුමාට ඇත්තේ දීර්ඝකාලීන දේශපාලන සැලැස්මක් බවයි මගේ පොඩි දේශපාලන දැනුමට දැනේනේ. බොහෝ විට මෙතුමා ලබන ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය නොඉල්ලාවි. රටේ ඉහළ තැනකට යන්න අවශ්‍ය පසුබිම තමයි මේ හදාගෙන යන්නේ.

    මුස්ලිම් අන්තවාදය ගැන කියපු දේවල්වලට නම් මමත් එකඟයි. මේක තවත් යුද්ධයක් වෙන්න කලින් නවත්ත ගන්න අපේ රටේ දේශපාලුවන්ට මොලයක් තියෙයිද කියලා නම් සැකයි. අඩුම තරමේ මුන්ගේ ඡන්ද ලක්ෂ දෙක තුන ගැන හිතන්නේ නැති කොන්ද කෙලින් තියෙන කෙනෙක් රටේ නායකයා වේවා යන්න මගේ පැතුමයි. එහෙම කෙනෙකුට පේන්න ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ විතරයි.

    ReplyDelete
    Replies
    1. මේ වගේ ප්‍රතිපත්තියක් නැති හාල්පාරුවන්ට අනාගතයක් නෑ බං...

      Delete
  11. //දැන් ලංකාවේ මුස්ලිම් කුඩා දරුවන්,ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දරුවන්ට ලබා දෙන විශය මාලා හදාරන්නේ නැත, ඒ වෙනුවට අමුතුම ආකරයේ ජඨාවන් බැඳි, අමුතුම ආකරයේ පාසල් වගයක් බිහි වී ඇත. මේවායේ උගන්වන්නේ මක්කාද යන්න සොයා බැලීම බොහෝ අගනේය.//

    බණ්ඩාරවෙල, වැලිමඩ සහ ඒ අවට ඉතා ඈත ගම් වල පවා මෙවැනි පාසල් බිහිව ඇත.

    //එසේ නම් බෞද්ධයන්ට අදාල නීතී රීති හාන්දුරුවරුන්ටත්, කතෝලිකයන්ගේ නීතී රීති පාස්ටර්වරුන්ටත්, දෙමළාගේ නීතී රීති පූසාරිවරුන්ටත් පවරා, නඩු බැලවීම ආගමික ස්ථානයේ කොර ගන්න දුන්නාම, ඇමති කමත් ඕනා නැතිය. //
    +++++++

    ReplyDelete
    Replies
    1. මම නම් අපේ ගෙවල් ළඟ ඕක පටන් ගත්ත සෙට් එක එලවලා දැම්මා.. උන් මාව පොලීසියටත් රිපෝට් කලා...

      Delete
  12. සිනාසෙන මිලෙජ්චයා

    ReplyDelete
  13. එකඟයි මාතෙ, සහජීවනය කියන්නෙ එකක්, අන්තවාදය කියන්නෙ එකක්. සහජීවනය සඳහා බටහිර මෙන් සමාන අයිතීන් පණතක් ඇතිවිය යුතුයි. අන්තවාදය තිබෙන නීති රාමු තුල පරාජය කල යුතුයි. සමානාත්වතා පණතක අවශ්‍යතාවය පිලිබඳ මගේ පරණ ලිපියක්

    ReplyDelete
    Replies
    1. මෙයාලා ඔක්කෝම පටලවගෙන ඉන්නේ... අද ඒකාබද්දේ එකෙක් නියම කතාවක් කිව්වා.. මේ ආන්ඩුවට ඉදිරි දින 3 ගැනවත් විෂන් එකක් නෑ කියලා.. සහතික ඇත්ත

      Delete
  14. ඈ බං මාතෙ. රටේ ජනාදිපති හිතං ඉන්නවනං අශෝක අදිරාජ්ජය වගේ ධර්මෙන් රට පාලනය කරන්ට, එහෙනං ඉතින් රටටත් අපිටත් බඩුම තමයි. ඔය මනුස්සය පර්සනලිටිය හදානොගත්තොත් ඒකෙ කරුමේත් අපිටම තමයි.

    ඔය ගණය වගේම මම දැක්ක තව වීඩියෝ ක්ලිප් එකක් සිංහල කොල්ලෝ සෙට් එකක් පිටකොටුව ස්ටේෂන් එක ඉස්සරහ ඉඳන් මුස්ලිම් ඇවුන්ගෙන් ගේම ඉල්ලනව. හරියට ජාතිය ආගම ගැන උන්ට පේටන්ට් බලපත්රේ හම්බෙලා වගේ. ඒවගෙන තමයි බුඩිස්ට් පන්ක් සෙට් එකත්.

    නීතියෙන් කරගන්ට පුළුවන් දේවල් කැලෑ නීතියෙන් කොරගන්ට ගියහම ආයෙ ප්‍රබා කරන් කෙනෙක් බිහිවෙන එක වයිමටවත් නවත්තන්ට බැහැ මචෝ.

    උබ කියල තියෙන හැම වචනයක් එක්කම එකගයි 👊🏽

    ReplyDelete
    Replies
    1. උඹ කියපු එකාටයි. ඌ ගේම ඉල්ලපු මුස්ලිම් එකාටයි, දෙන්නටම බඩු බනිස්..

      දෙන්නම් අල්ලලා ඇතුලට දැම්මා..

      Delete
  15. බැංකු පොලී,රක්ෂණ හරාම් වන මුසල්මානුවන්ගේ විපතකදී එකම පිහිට පල්ලිය පමණමය.පැය 24න් මිනියක් වලදාගැනීමේ සිට මහ පාරේ ට්‍රැෆික් පොලිස් ට තර්ජනය කිරීම දක්වා පල්ලියේ පිල්ලි දේශපාලකයින් අමුඩෙයි පුකයි තරමටම හිතවත්ව මහජන නීතිය අතට ගෙන ඇත.තමන් කැමති වුවත්,නැති වුවත් පල්ලියේ සද්දයට රැඟීමට සාමාන්‍ය මිනිසාට සිදුවී ඇති අතර ඔවුන් ඉතා උද්‍යෝගයෙන් ඒ 'රැඟීම' සිදුකරයි. ආයෙත් පිපිරීමක් සිදුවන තුරු ආණ්ඩුව කල් මරන අතර ඒ පිපිරීම් නැත්නම් ආණ්ඩුව කරගෙන යාමට බැරි තරමටම මුන් හැකියාවක් නැති මජරයන් බව ඔප්පුකරමින් පවතී.
    ආගම් සහ ජාතීන් වල නාමයෙන් පක්ශ ලියාපදිංචියට අවසර දුන් එකාගේ සිට සියලුදෙනා මේ අසහනකාරීත්වයට වගකීම භාරගත යුතුය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සිංහළ නායකයෝ හැම එකාම බන්න පෝස්ලා....

      Delete
  16. සගය මාතලන,

    "සර්පයාගේ දියණිය" වෙත මග කියූ ඔබට තුති! අගයකළ යුතු ලිපියක් නමුදු "ඇනෝ" කමෙන්ටු එහි වලකා ඇති බැවින් කිසිදු නොලීමි.

    "සියලු ඇනෝමස්හු _න්නයෝ නොවෙති."

    ඔබට නැවත තුති,

    -මයුරවිල මි

    ReplyDelete
    Replies
    1. බලමු. මම කියන්නම්

      Delete
    2. බ්ලොගර් ෆලෝවරය ගැනත් කියනු මැන

      Delete
    3. කොහේද ඒක තියෙන්නේ? මගෙනුත් ඇහුවා

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න