.

.

Dec 4, 2016

"තැලෙයි... පරෙස්සමින්" (23+) + Pinch-point & The Serpents Daughter




"Pinchpoint "කියන්නේ, 2007 තරම් ඈත කාලාක ඉඳන් බ්ලොග් ලියන එකෙක්. ඒයා උසද කොටද, සුදුද කළුද, මහතද කෙට්ටුද තියා කාන්තවක්ද පුරුෂයෙක්ද කියලවත් මාතලන් නම් දන්නේ නෑ. හැබයි, පැහැදිලිව දන්න එක දෙයක් නම් තියෙනවා. ඒ තමයි ඔහුට/ඇයට භාෂාවන් දෙක ගැනම මනා පරිචයක් තියෙනවය කියන එක. ඒ කියන්නේ ඉන්ගිරිස් හා හින්ගල. 

මාතලන් බ්ලොග් ලියන්න ආපු කාළේ ඉඳලා කැමති, කලටි පොල් හෙවත් පොලිටිකල් බහුබූත ලියවෙන බ්ලොග් වලට. මොකෝ ලෝකය පව්තින්නේ ඔය සබ්ජෙක්ට් එක මතය කියන එක තමයි මගේ එකම විශ්වාසය. ඒ අතරිනුත් මම කැමතිම දේශපාලන ප්‍රහසන කරු තමයි Pinchpoint ලියන JP.

ඔහුගේ/ඇයගේ ළිපි වල විශේෂත්වය තමයි, ඒවා බොහෝම කෙටි ඒවා වීම. අනෙක තමයි කිසිම අපහාසයක් හෝ පෞදගලික ප්‍රහාරයන් නොමැති වීම. එහි තියෙන්නේ උත්ප්‍රාසය පමණමයි. ඒ දේ නොතේරෙන කෙනෙකුට, ඔහුගේ බ්ලොග් එක තේරුම ගන්න අපහසු වීම පුදුමයකුත් නෙමෙයි. 

ඔය කලටි පොල් වලට පස්සේ, මාතලන් කැමතිම දේ තමයි කයිය. මොන හේතුවක් මතද කියන්න දන්නේ නෑ, බහ තෝරන කාලේ ඉඳන් මාතලන් කයියට බොහෝම කැමතියි. ඒ වගේම මොන දාන් ගැටයක් හරි දාලා කයියක් පද බැඳ ගන්නත් පුළුවන්. ඉතින් Pinchpoint කියන්නේ වල්ලා පට්ට කවියෙක්. භාෂා දෙකෙන්ම ලියන කවි අති ඉස්තරන්. ඒවල ළොකු කතාවක් තියෙනවා. හැබයි ඉතින් උගේ කවි අගය කරන්න අර සින්දුවක තියෙනවා වගේ "ඔබෙ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදී වගේ.." කේස් එකක් මෙන්ම සිතුවිලි පෙලගැස්වීමේ අසරණ බවකුත් තියෙනවා..

ඌ/ඒකී මේ මෑතකම ලියනවා කවියක්, ගෙදර යාමට පරක්කු වූ එළවුළු මල්ල සහ මේසය මත ලතැවෙන දොඩම් ගෙඩි දෙක (කවිද මන්දා ) කියලා කවියක්. මේ කතන්දරේ අපි ඕන තරම් අහලා තියෙනවා, කවිය තුලම. ඒ ඇරෙන්න වෙනත් මාධ්‍යයන් තුලත්. නමුත් මේ කවිය, ඒ යකා/යක්ෂනී මෙතෙක් ලියපු ඒවට වඩා ගොඩක් වෙනස්.

ඒ දේ කවිය ලියපු එකාට/එකීට ත් හොඳට දැනිලා තියෙනවා. ඒ බව මම දාපු කොමෙන්ට් එකට දෙන උත්තරෙ තුලත් බොහොම පැහැදිලිව තියෙනවා. ඌ/ඈ කියන්නේ මෙන්න මෙහම

//ඒත් මට මොකක්දෝ වරදකාරී හැඟීමක් එනවා මේ වගේ දේවල් ලියුවහම . හරියට නිකන් පිට ඉඳන් නිරීක්ෂණය කරනවා වගේ හැඟීමක් . අනෙක් අතට දුක විඳ විඳ ඒ ගැන ලියන කොට , ඒකෙත් නිකන් කෘතීම බවක් , දුක මාකට් කරන ගතියක් තියෙනවා කියලා සමහරු කියනවා .

මම හිත හදා ගෙන ඉන්නේ මේවා පිංච් පොයින්ට් කියන තැනෙන් නවතින්න//

මේ කවියේ මගේ හිතට වදින තැන් බොහෝමයි.. ඒයින් කොටසක් තමයි බ්ලොග් පෝස්ට් එකේ හෙඩිමටත් යෙදුවේ..  ඕක ලොකු කේස් එකක්. ඒක මෙතන ලියන්න බෑ.. ඒ නිසා මම ඉල්ලීමක් කලා, අද පරම්පරාවේ විචාරිකාවක් වන මාතලන් විසින් බලෙන් බ්ලොග් ලියන්න ඇදගෙන ආපු "සර්පයාගේ දෝනියැන්දට" මේ ගැන පොඩි විචාරයක් දෙන්න බැරිද කියලා. 

ඒකී කිසි ලෝබ කමක්, අලි ඔලුවක් නැතිව විචාරයක් ලියා දුන්නා. ඒක කයියට හපන්.
ඒක මෙතන දාන්න ගියොත්, මේ බ්ලොග් පෝස්ට් එක සේද මාවතටත් වඩා දිගු වෙන නිසා, පෝස්ට් එකට ලින්ක් එකක් විතරක් දාන්නම් 

එයා වගේම තවත් අළුතෙන් බ්ලොග් ලියන එකෙක් තමයි, අපි කවුරුත් දන්න "ලන්ඩන් අරූ" ගේ මල්ලි. ඌගේ බ්ලොග් එකේ නම "මට හිතෙන හැටි.." අරූට දෙවනි නෑ මූ. වෙලාවක් තියේ නම් එතනටත් ගොඩ වෙන්න. 

මේ Pinchpoint ගේ කවිය

ගෙදර යාමට පරක්කු වූ එළවුළු මල්ල සහ මේසය මත ලතැවෙන දොඩම් ගෙඩි දෙක (කවිද මන්දා )

පෙර කියවීම :මෙය ගෙදර යාමට පරක්කු වූ එළවුළු මල්ලක් සහ මේසයක් මත ලතැවෙන දොඩම් ගෙඩි දෙකක් පිලිබඳ කතාවකි 

ට්ක්රාස් ගා ගෙන 
වීල් එක ඉගිලුනේ
 දුම් දා ගෙන 
මුඩුක්කු අයිනෙන් 
ගලයිද මොන ගංගා 
කුණු ඇලක් මිස 
ගොර ගොර ගා 
මොන සාරි ගප්පිද 
ඉස්ගෙඩි මිස 
කකුල් එනකං ලතැවෙන 

දොර පියන ඇරෙන්නේ 
ක්රීස් ගාගෙන 
ඇතුළට 
වොට් හතළිහේ බලුබ් එකක් 
විරිතන්නේ
එල්ලී වයර් එකක  
කළුවරට 
ලෑම්ප් ශේඩ් මොකටෑ 
මේ වගේ තැන් වලට 

ඇඳි  සළු උනන්නේ 
ඈ 
පිටිපස්ස හැරිලා 
හරියට 
ලැජ්ජාව රකින්නැහේ 
ඩිංගිත්තකට 

ආපු එකා 
සිලි මල්ල තියන්නේ 
ඇඳ ලඟම 
කරල් දෙකෙයි මුරුංගා 
තක්කාලි ගෙඩියෙයි 
වැටකොළු දෙසිය පනහෙයි 
වැඩි පරිස්සමට 

මේසේ  උඩ 
දිලිසෙන්නේ 
දොඩම් ගෙඩි දෙකක් 
 ගෙඩියක් 
පැපොල්
බලෙන් වගේ  ඉදවුණු 
අත ගාන්නේ ආසාවට 
පොඩි එකීත් 
කන්න ආසයි 
දොඩම් නම් 

"තැලෙයි .. පරිස්සමෙන් "  
ගත්තේ  
ඉස්පිරිතාලේට ගෙනියන්න හෙට
ටිකක් අමාරුයි එයාට 
 යන්න නම් උදේ 
ලෙඩ්ඩු  බලන වෙලාවට 
අල්ලන්න ඕනේ 
පහමාරේ බස් එක 

ඉක්මන් කරමු ද 
ඉතින් 

මේ කවිය ගැන සරපයාගේ දියණිය හෙවත් උපෙක්ෂා නුවන්ශ්‍රිනීගේ <<විචාරය මෙතනින් කියවන්න..>>

38 comments:

  1. දෙකම කියෝලා තිබුනේ...JP නං නියමයි...අරූගේ මල්ලී තාම හරි ට්‍රැක් එකට ඇවිත් නැතිඋනාට එළකිරි ලියවිල්ලක් ඒක... සර්පයාගේ දියනියගේ විචාරය මරේ මරු..කිව්වත් වගේ දිගයිනේ....!

    ReplyDelete
    Replies
    1. හරි ට්‍රැක් එකට ඇවිත් නෑ කියන්නේ ඇයි

      Delete
    2. දිග උනාට එක හුස්මට කියවන්න පුළුවන්...

      Delete
  2. ස්තූතියි මාතේ.

    ජයවේවා!!!

    ReplyDelete
  3. උබ ඉතින් හැමදාමත් හිතේ කහටක් නැතුව අනිත් එවුන්ව උස්සලා තිබ්බා

    ReplyDelete
    Replies
    1. මුන්ව නම් උස්සන්න දෙයක් නෑ... කොහොමත් අපිට වඩා සෑහෙන උසස්..

      Delete
  4. සර්පයාගේ දියනිය මාතලං වාගේ උනේ නැත්තං හොදයි කාලයක් යනකොට ...හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. මාතලන් වගේ වෙන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද...?

      Delete
  5. අගෙය් කවදත් වගෙම + ජයවේවා!!!

    ReplyDelete
  6. මාතා ...
    ඔය JP කියන්නෙ එකෙක් ...
    මං දන්න තරමට උඹ ගියපු ඉස්කෝලෙටම ගිය එකෙක් ....

    ReplyDelete
    Replies
    1. මාත් දන්නේ උඹ කියපු ටිකයි තිස්සයා කියපු ඒවයි විතරයි...

      Delete
  7. මාතෙ. මහින්දගෙ කාලෙ කියන්ට තිබ්බ පගා ගැහිලි සුදු වෑන් අරව මෙව්ව හැටක්.

    ඒත් මේ ඇවිල්ල ඉන්න (අර මොකක්ද විප්ලවයක්ද මගුලක්ද කොරල ආවයි කියන) සෙබඩයි මොනරයි කළේ ලංකාවේ දේශපාලනය ජනතාවට අප්‍රියම මාතෘකාව කරපු එක.

    දොස්තරයටයි කොන්දොස්තරයටයි (ජාති ආගම් එක්ක මට කිසිම ගනුදෙනුවක් ආරවුලක් නැත) දෙමලටයි මුසල්මානුවටයි බෞද්ද ගණයටයි ඕන ඕන විදිහට රට කොරවන්න යන්නෙ මුන්දෙන්න හිතං ඉන්නවද දන්නේ කවදාහරි මේ දෙන්නගෙන් එකෙකුට "නෝබේල්" ප්‍රයිස් එක හම්බවෙයි කියල.

    මයිත්‍රී ගැන එදා ඉඳල මටනං කිසිම පොසිටිව් හැඟීමක් තිබ්බෙම නෑ. ඒත් මහින්දව ගෙදර යවන්ට රනිල් ඇතුළු නඩයට තනියම බැරි නිසා මයිත්‍රී ඔට්ටුවට තැබීම පිණිස පමණමයි බලාපොරොත්තු තිබ්බෙ.

    ඒත් රනිල් ගෙන් නම් ආර්ථිකයට වෙනසක් කොරයි කියල හිතං හිටිය. ඒත් අන්තිමට රනිල් ට උනේත් හිඟන්නෙක් දවස් ගානක් නොකා ඉඳල 5 ස්ටාර් හොටෙල් එකකට ගිහිං බඩ පැලෙන්න කාල දිරවගන්න බැරුව දවස් ගානක් බොග ද දා ඉන්නව වගේ වැඩක්.

    උබ හිතනවද මාතෙ මහින්දය චීනෙට ගියේ කහනවට කියල? හෙහ් ඕක අනිවාර්යයෙන්ට චීනෙන් ලංකාවට එවන ආදාර නවත්තනව.

    ආයෙත් ලංකාව බිංදුවටම බැස්සුවහම උන්ට බලය ගන්නත් ආයෙ මුල ඉඳල අප්පච්චි පුතාල සහෝදර සමාගමට වගේම නරි රංචුවටත් ඉහගෙන කන්ට පුළුවන්.

    හය්යෝ සල්ලි..!!

    ස්තුතියි බං 👊🏽

    ReplyDelete
    Replies
    1. මෙහෙම පාන්ඩුවක් අපි දන්න කිසිම කාලෙක මේ රටේ නම් තිබුනේ නෑ.. නම්බර් වන් හාල්පාරුවෝ...

      Delete
  8. උපේක්ෂා ගේ ලියවිලි වලට මම හරිම ප්‍රියයි. ඇගේ වචන හැසිරවීම ව්‍යක්තයි.
    පින්ච්පොයින්ට් ව මමත් කාලෙක ඉඳන් කියවනවා...බ්ලොගේ නෙවෙයි ලියන එකාව හෝ එකීව

    ReplyDelete
  9. මාතලන්
    බොහොම ස්තුතියි අගය කිරීමට. මා ලියන දේ අයෙක් කියවීම ඊට ප්‍රතිචාර දැක්වීම මට සතුටක්. ආයේ මොකටද මැනර්ස් ඉතිරි කරන්නේ.

    උපේක්ශාටත් බොහොම ස්තුතියි අර්ථකතනයට. අර්ථකතනය හොඳ වැඩිද මන්දා කියලත් හිතුනා :)

    අර කැඩපත් දෙකක් අතර හිටගත්ත මිනිසෙකුට වෙච්ච දේ ...එක පාරට අනන්තයක් දුරට ඌට උගේම මුහුන, පිටුපස පේන්න ගන්නවා. පෙරහරක් වගේ.ඒ මමමද කියලා ඌට හිතෙන්න ගන්නවා.



    ReplyDelete
    Replies
    1. මම කොහොමත්, කවදත් උඹේ හොඳම රසිකයෙක්..

      ඇත්තටම ... "අපි කවුරුද..." කියන දේ මටත් බොහෝ වෙලාවට හිතෙන දෙයක්...

      Delete
  10. මාතලන්, ලියන අයව (හොඳ හෝ නරක ) මේ වගේ වෙනම අරගෙන කතා කරලා තැනක් හදලා දෙන එක ඔබේ අගය කල යුතු ලකුණක්...බ්ලොග් ලෝකේ පැවැත්මටත් හොඳ දෙයක්...

    ReplyDelete
    Replies
    1. අනිවා... එහෙම නැතිව ලියන උන් හෑල්ලු කරන එකවත් කින්ඩිය දාන එකවත් මගේ ප්‍රතිපත්තිය නෙමෙයි...

      Delete
  11. මාතේ. උබ අවුරුදු ගානක් තිස්සෙ මේ අනිත් බ්ලොගවල් ඉන්ට්‍රඩියුස් කරන වැඩේනම් බ්ලොග් සම්මානවල් වලටත් වඩා වටිනවා. ඒකෙන්ම පේනව පපුව හොඳ කිසිම කුහක කමක් නැති එකෙක් කියල උබ. අපි නොලිව්වට කියවනවා. එකෙන් ගොඩක් බ්ලොග් උබ හදුන්වල දුන්න එව්ව. සුභ පැතුම් ලොක්කා 👊🏽

    ReplyDelete
    Replies
    1. කියවන්න උන් නත්නම් අහවල් එකටෙයි බන් ලියන්නේ.. ඒකනේ අර මීටරෙත් උඩින් දාලා තියෙන්නේ... වේලෙන උන්ගේ පපු කඩාගෙන වැටෙන්න...

      Delete
  12. ජාලිය කියන්නෙ අපූරු රසවතෙක්...
    සිංහලෙන් හා ඉංගිරිසියෙන් එක හා ව්‍යක්ත ලෙස ලියන්න පුලුවන්
    නිසකලංකව කාලයක් තිස්සෙ ලියනවා
    ඒ විතරක් නෙවෙයි ඔහු දක්ෂ ඡායාරූප ශිල්පියෙක් - ලිවිල්ලට සමානව හෝ ඊටත් ඉහලින් තියන්න ඇහැකි ජාලියගෙ රූප කතා...
    ලංකාවෙ වටපිටාව අගය කරල පොත් පතුත් ලියා තියේ..
    https://www.amazon.com/Trincomalee-Sunday-Jaliya-Pilimatalawwe/dp/9555271208
    ලංකාවට එන වෙලාවක අල්ලගමු මාතෙ.....

    ReplyDelete
    Replies
    1. ඌ උඹේ හිතවතෙක් නම්.. ආයේ ඉතින් කතා කරන්න දෙයක් නෑ...

      Delete
    2. මේ ලින්ක් එකෙන් jp ගේ අනන්‍යතාව හෙලිවෙනවට කැමති වෙයිද දන්නේ නෑ.. මගේ නම් fb එකේ ඉන්නව.. ඒත් බොහොම චාමෙට ලාවට.. අහ්.. jp ගේ සම්මානෙත් තාම මගේ ලඟද කොහෙද ..:)

      Delete
  13. පින්ච්පොයින්ට් මම කාලයක් තිස්සේ කියවන බ්ලොග් එකක්. ඔහු ලියන දේවල් හරියට කොළ තුනේ සූදුව වගේ. විමසිල්ලෙන් කියවන්න ඕන. පැති කීපයක් විවෘත වෙනවා. මාතා කියා තිබෙනවා වගේ අපහාසය, ක්‍රෝධය මතුනොවෙන ඒත්, හරි විවේචනාත්මක ලියවිලි. මම සූදුව අප්‍රිය කරන කෙනෙක් වුනත්, පින්ච්පොයින්ට් කියන බ්ලොග්කරුවාට ප්‍රිය කරමි.

    "මට හිතෙන හැටි" බ්ලොග් රචකයා මට හිතෙන හැටියට "නෝ නොන්සන්ස්" වර්ගයේ බ්ලොග් ලියන්නෙක්. මම ඔහුගේ රචනා විලාසයට ඉතාමත් කැමතියි. "මට හිතෙන හැටි" බ්ලොග්කරුවාට මම කැමතියි. බ්ලොග්කරුවාට විතරක් නෙමේ, මම ඒ මිනිහාටත් හරි ආදරෙයි. අපේ ආස්සරේ දැන් අවුරුදු හතලිහක් විතර ඇති. වඩාත් ආදරේ, අපි එකම දෙමව්පියන්ගේ දරුවෝ නිසා වෙන්නත් ඇති.

    මාතා.....මම උඹේ දකින හොඳ කොලිටියක් තමයි, රස දෙයක් අනිත් අයටත් බෙදාදීම. ෆුල් සැලියුට්!!!!

    ReplyDelete
    Replies
    1. පිදිය යුත්ත පුදන එක යුතුකමක්... ඒ කවිය අනික් ඒවට වඩා වැදුනා මචං...

      Delete
  14. පින්ච්පොයින්ට්ව මම මුණගැහුණා මං හිතන විදියට...
    කෙට්ටු හාදයෙක්....
    හොඳ කොල්ලෙක්....

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ උඹ කියන්නේ "ප්‍රා" ගැන...

      Delete
  15. Jp ගේ පින්තූර බ්ලොගේ බලපං.. පට්ට ආ.. උපෙක්ශාගෙයි අරූ අයියගෙ මල්ලිගේ බ්ලොගෙයි ලඟින් ෆලෝ කරන්න තාම බැරි උනා මේ ටිකේ පුකට පැස්ටෝල් ගහල නිසා.. සෙහ්..

    ReplyDelete
    Replies
    1. බලපන් කියන්නේ... ලින්ක් එකක් දාහන්කෝ....

      Delete
  16. ජේපී ගෙ බ්ලොග නොකියෙව්වෙ මේ මාස තුන විතරයි. හැමදාම කියවපු කියවලා පැලෙනකං හිනා වෙන්න තරං දේවල් තියෙන අපි ගැනම උනත් ලජ්ජ හිතෙන සේවලි හිතන්න තියෙන බ්ලොගක්.
    මට හිතෙන හැටි
    සර්පයාගේ දියණිය තාම කියෙව්වෙ නෑ. බලමු නේ..

    ReplyDelete
  17. Pinch Point නම් කාලයක් තිස්සේ බලනවා. හැමදාම අමුතු අපුරු දෙයක් තියෙන බ්ලොග් එකක්. සර්පයාගේ දියණිය ගැන දැන ගත්තේ මේකෙන්. කවිය ගැන විචාරය කියෙව්වා. JP ලියන සමහර ඒවා හරියට තේරෙන්නේ විචාරයක් කියෙව්වම තමයි හෙහ් හෙහ්..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න