යහපාලනය රටේ
ජනතාවට ඉතරක් නොව එය ගෙනා උන්ටද අප්පිරිය වී ඇති බව බොරුවක් නම් නෙමේය. යහපාලනයෙන්
පත් කර ගත් නායකයා රනිල් නොව මෛත්‍රිපාල සිරිසේන නම් පොදු අපේක්ෂකයාය. මේ පොදු
අපේක්ෂකයා හොටු පෙරාගෙන හඬ හඬා ජනතාවට දුන් පොරොන්දු සියල්ලම අද බයිලා බවට පත් වී
අවසානය. ජනපති ක්‍රමය අවසන් කරනා බවටද, යලිත් ජනපති කමට ඉල්ලන්නේ නැති බවටද නිදහස් මන්දිරයේ
බෝල්පොයින්ට් පෑනකින් අස්සන් කර පොරොන්දු වූ සරළ ජනපතිවරයා, අද ක්‍රියාක්‍රන්නේ ඊට හාත්පසින්ම වෙනස්
ආකාරයට බව ඕනෑම ගොනෙක්ට තේරෙනවාය.
ජනතාව මහින්ද
මහත්තයා ගෙදර යැව්වේ ඥාතී සංග්‍රහය නිසාවත්, හොරා කෑ නිසාවත්, රට චීනාට දෙනවාටවත් නොවේය. මිනිසුන්ගේ බඩට කෙලිය නිසාමය.
ජනතාව නිතර පරිභෝජනය කරනා අත්‍යාවශ්‍ය බඩු කීපයේ බදු ඉවත් කොට ජනතාවඩ අඩු මුදලට ඒ
ආහාර ටික ලබා දුන්නා නම් අදටත් මහ රජ්ජුරුවන් වහන්සේ මහින්ද රාජපක්ෂයන්මය. අපි ඒ
කාළේ මේ කතාව කීප සැරයක්ම කිව්ව මුත් උන්නැහේ හිතුවේ එයා දෙන ඕනම පරිප්පුවක් ජනතාව
කෑ යුතුය කියාය. එහෙත් සිඳු වූයේ ජහ මනයාට චෑන්ස් එක ආපු ගමන් මහ රජ්ජුරුවෝ බල්ලා
මාක් කොරනා එකය.
මේ ආන්ඩුවටද
කෙළවන්නේ ඔය හේතුව නිසාමය. අද ඔක්කෝම හාල් වල මිළ එක ගනනක්ය. රටින් ගෙනත් දෙනවා
කිව්වාට ඒවා තාමත් ඇවිත් නැතිය. අනෙක් ආහාර වල මිළද අහස උසය. ණය බර නිසා පරිප්පු
කන්න වෙලා තියෙන්නේ ජනතාවටය. ණය අරගෙන පිස්සු කෙලිය උන් දැන් ඊටත් වඩා තදින්
පිස්සු කෙලිනවාය. ජනපතිත් කියන්නේ ඊළඟ මැතිවරණය එනකන්, මහින්දව පිස්සෙක් වගේ…. පිස්සෙක් වගේ… මහපාරේ ඇවිද්දවනවා කියාය. ජනතාව ඉල්ලුවේ
නැති උනත්, පෙරලියට නායකත්වය දීපූ උන්ට මේ කේස් එකත් මහ
විශාල ප්‍රශ්ණයක වෙලා තිබුනේය. ඒ කියන්නේ හොරුන්ට දඬුවම් දීමය. එහෙම දෙනවා කියා හැම
එකාම හැම තැනම කීවේය.
ඒ ඇර සිවිල්
පොරවල් තවත් ප්‍රධානම දෙයක් බලාපොරොත්තු උනේය. ඒ සංහිදියාවයි. ඒ කියන්නේ එයාලා
කියනාකාරයට දෙමළාට ඇති ප්‍රශ්ණයට උත්තරයක් ලබා දීමයි. ඒ ඇර ලසන්ත, තජුඩීන්,
එක්නැළිගොඩ, රවිරාජ් වැනි ඝාතනවලට වගකිව යුතු උන්ට දඬුවම් ලබා දීමයි.
මේ සියල්ලම රණවිරු ලේබලය යටතේ සිඳුවූ අමානුෂික නින්දිත මිනීමැරුම් බව සියල්ලෝම
පිලිගන්නවාය. එහෙත් තම බලය ජීවත් වෙන තුරා පවත්වාගෙන යාමට සිහිණ මවනා ජනපති, ඒ සියල්ලටම කුණු කූඩයට දමා කරමින් සිටින්නේ
කුමක්ද..?
ගෙදර ගිය
මහින්ද වෙනුවට සාටකය හා උඩු රැවුල් නොමැති මහින්ද රාජපක්ෂයන් කෙනෙක් වීමට වලිකන
විකාරයක් නොවේද? ඔහු තමන් පත් කළ බලවේගයන්ට සරම උස්සා පුක
පෙන්වා බොහෝ කල්ය. සංහිදියාව ඇති කිරීම කෙසේ වෙතත් දැන් උන්දෑ සිටින්නේ මිනීමරු
රණවිරුවන් ආරක්ෂා කොරනා පැත්තේය. ජනතාවගේ වාසනාවකට මහින්ද ඔහු පයිසෙකට මායිම්
නොකරනවා විනා. ආන්ඩුව උනත් මහින්දට දී, තම බලය රැක ගැනීම ඔහුගේ එකම පරමාර්ථය වී ඇත්තේය. තමන්
ළඟ ඉන්නා සිරි ලංකා එකේ කම්බා හොරුන් හා එකාබද්දේ කම්බා හොරුන් අතර ඩීල් ගහන්නට
වලි කන්නේ ආයෙත් හවුලේ කන්න මිස වෙන අටමගලයකට නෙමේය.
එක්නැලිගොඩ
ඝාත්නයට සම්බන්ධ සියල්ලන්ම නිදහස් කළා පමණක් නොව, ඒ සියළු දෙනාම යළි සේවයේ පිහිටවනු ලැබුවේය. රවිරාජ්
ඝාතනය වීමක් සිඳු වී නොමැති අතර, සිඳුව ඇත්තේ
රවිරාජ් විසින් තම ආරක්ෂකයාද ඝාතනය කොට තමන්ටද වෙඩි තබා ගැනීමක්ය. පෙර වාසනාවකට
එසේ වූවා මිස, යම් කිසි ලෙසකින්
රවිරාජ් බේරුනේ නම් තම ආරක්ෂකයා ඝාත්නය කිරීම වෙනුවෙන් රවිරාජ් ජීවිතාන්තය දක්වා
හිරේ දමන්නේ මහින්ද රාජපක්ෂ නොව,
සංහිදියාවේ ප්‍රතිමූර්තිය
වන සිරිසේන උන්නැහේය.
දැන් කරමින්
සිටින්නේ කුමක්ද? කොළඹ සිටි දෙමළ ව්‍යාපාරික ප්‍රජාව සුදු
වෑන් වලින් පැහරගෙන ගොස් කප්පම්ද ලබාගෙන ඉන් පසු කුරිරු ලෙස ඝාතනය කළ ඝාතනය කළ උන්
බෙල්ල ළඟටම මාට්ටු වී සිටියදි උන් බේරා ගැනීමේ ක්‍රියාදාමයක්ය. කැප්ටන් හැඩොක්
කරන්නාගොඩ එක්ක ජනපති හම්බ වෙන්න යන්නේ බූරුවා ගහන්නවත් ඇට බෝල ගහන්නවත් නෙමේය. චෝදනා එල්ලවූ නාවික හමුදාවේ මිනීමරුවන්
බේරාගන්නටය. සංහිදියාව කියන්නේ මෙයටද? මෙවන් අයෙක්
අනාගතයේ කළ හැකි දෑ ඊටත් වඩා භයානක ක්‍රියාකාරකම් නොවිය හැකි යැයි කිව හැක්කේ කාටද? මෙයින් බලාපොරිත්තු වන්නේ මහින්දගේ බලවේගයන් වන හින්ගල
උපාසක උපාසිකාවන් හා බෞද්ධ පූජකයන් අතරේ ජාතික වීරයෙක් වී මහා කළු සිංහලයෙක්
වන්නටද?
මෙවන් ක්‍රියා
තුලින් දෙමළ ප්‍රජාව දිනාගැන්මට හැකිද? එදා සිට මේ රට
විනාශ කරනවා පමණක් නොව තම හිතුමතයට කටයුතු නොකරනා රජවරුන් කුමන්ත්‍රණ මගින් ඝාත්නය
කළ කහ කඩ පානකඩයන්ගේ හුරතෙලෙකු බවට පත් වෙමින් මේ කරමින් සිටින්නේ තමන් විසින්
තමන්වම විනාශ කර ගැනීම නොවේද?
අද මුළු ළෝකයටම
අප්පිරිය වී සිටිනා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පිහිටෙන් ජීනීවා යෝජනා යට ගසන්නට තැත්
කරන්නේ සංහිදියාව ඇති කර්න්නද?
මාතලන්ට කිව
යුතුව ඇත්තේ වසර දෙකක් ගතවීත් තමන් යන්නේ කොහේදැයි කියා නිසි ඉලක්කයක් ජනපති තුමාට
ඇත්තේ නැතෙයි කියාය. නැතිනම් තවමත් විධායක ජනපති වී එක එකාගේ ගුලි කා අභයාරාමයට
යන්නත් මහ ඇමතිවරුන් මහින්ද ගාවටත් යවා සවුත්තු වන්නට උවමනා නැතිය. තමන්ට පක්ෂයේ
බලය අවශ්‍ය නම් එක එකාට ඒවා බාර නොදි අඩුම ගනනේ එම කාර්යය සඳහා කෙලින්ම චතුරිකා
ගෙන ඒම මෙහෙම නාගන්නවට වඩා ඉදිරිගාමි ක්‍රියාවක් වන්නේය.
වගකීම්
බාරදුන් උන්ට ඒවා නිසි ලෙස කිරීමට නොහැකි නම් වඩා විශ්වාසවන්ත කෙනෙක් ළඟට ගැනීම
කිසිම කෙනෙක් හෙලා දකින්නේ නැතිය. මන්ද, අමරවීරටවත්, දුමින්දටවත්
විරුද්ධවාදින් එක් කර ගැනීම කෙසේ වෙතත් ඇතුලේ ඉන්නා උන් ටික වත් කොන්ට්‍රෝල් කර
ගැනීමට නොහැකි බව හොඳටම ඔප්පු වී තිබෙනා නිසාය. එසේ නොමැති නම් වඩා ජේෂ්ඨයින් වන
නිමල් සිරිපාල හා ජෝන් බාස් වැන්නන්ට බල ත්ල ලබා දීමත් සලකා බැලිය හැකිය. මේ
සියාලම කළද විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණ වන්නේ, දුමින්ද හැර අන් සියල්ලන්ම නොම්මර එකේ අන්විස්වාසබල්
මහින්ද වහළුන් බවය.
මහින්ද
රාජපක්ෂට හා චන්ද්‍රිකාට පක්ෂය ගැන පොර ටෝක් දෙන්නට ඉඩ තැබීමෙන් සිඳුවන්නේ, තම අභිමානය නැති කර ගන්නවා පමණක් නොව, කිසිඳු දෙයක් කළමණාකාරිත්වයක් නැති පුද්ගලයකු බවට පත් වෙනවා පමණය. ඇත්ත වශයෙන්ම නැවත් චන්දයක් පැවත් වුවහොත සිරි ලංකා
නිදහස් පක්ෂයේ සහය කිසි ලෙසකින්වත් නොලැබෙනවා පමණක් නොව, පොදු අපේක්ෂකයෙක් ලෙස පැමිනියහොත් එජාපයේ
උන්ගේ මෙන්ම පාවෙන ඡන්දහිමි උන්ගේවත් මනාපය කිසි ලෙසකිවත් ලැබෙන්නේ නැතිය. ඇත්තටම
ඔබ ටීම් එකක් නැති නායකයෙක් වී අවසානය. ඔබ වටකරගෙන සිටින්නේ, ඔබ විනාශ කරනා පිස්සන් රැලක්මය. උන් එලොවටත් නැති මෙලොවටත් නැති එක එකාගේ එරියස් කවර් කිරිමේ ඇජෙන්ඩා සඳහා පැමිණි දෙපිටකාට්ටුවන් පිරිසක්මය.
එපමණක් නොව අද
යහපාලනය වෙනුවෙන් පෙනී සිටී මාධ්‍යවේදීන් එක්නැලිගොඩට සාධාරණය ඉටු කර ගැනීමට
ජිනීවා වල පිහිට පැතීමට යන්නේය. රවිරාජ් පවුලේ අයත්, පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට ලක්වූ අයගේ නෑ හිතවතුනුත්
හෙට දින ජිනීවා වෙත ගියහොත් නැවත් අපකිරීතියට පත් වන්නේ කව්ද? මුළු ළෝකයේම විශ්වාශය දිණු නායකයෙක් නොවේද?
කිව්වේ මේවාට මේ රටේදීම සාධාරණය ඉටු කර දෙන
බව නොවේද? එහෙත් කරන්නේ කුමක්ද?
ජිනීවා බල්ලාට දමා ලෝකයටම වහ කඳුරු වූ
ඩිනල්ඩ් ට්‍රිම්ප්ගේ පිහිටෙන් අපට ඇති යුධ අපරාධ වලින් බේරීමට දඟලනා එකය. මතක තබා ගත
යුතු කරුණ වන්නේ, මෙවන් පිස්සු
කෙලීම තුලින් කෙළවෙන්නේ තමන්ට පමණක්ම නොවනා බවත්, මුළු රටේම ජනතාව මේ පිස්සු කෙලීම නිසා පීඩා විඳිනා බවත්, අවසානයේ මේ මිනිමරුවන්ගේම ගොඳුරක් බවට පත්ව
තමන් පමණක් නොව තම පරම්පරාවම විනාශ කර ගන්නා බවත් පමණමය.
ලංකාව කියන්නේ
ලෝකය නෙමේය. ලංකාව යනු ලෝකයේ බොහෝ දෙනෙක් නොදන්නා, කිසිම බලයක් නැති, අරමුනක් නැති, නායකත්වයක් නැති, හාල්පාරු රටක් පමණය.
මෙයා කෙලවගත්තේ ශ්‍රීලංකා එකේ නායකත්වය ගත්ත එකෙන්.
ReplyDeleteඅපි බලාපොරොත්තු වුනේ ස්වාදීන වෙයි කියලනේ.
මහින්ද මහත්තයා දුන්නේ කොටි වලිගේ....
DeleteAssalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
Deletesedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau
වික්‍රමබාහු කරුණාරත්න කියන්නේ සමාජවාදය අතහැර ඒ වෙනුවට දෙමළ ජාතිකවාදය තෝරාගත් අයෙක්.
ReplyDeleteඔහු වතාවක් මනෝ ගනේශන්ගේ පක්ෂය සමඟ හවුලේ චන්ද ඉල්ලුවා. එතකොට කොළඹ දෙමළු, මනෝ ගනේශන්ට චන්දේ දුන්නා වික්‍රමබාහු හැලුවා.
එයට හේතුව ඔහු නාමිකව සිංහල වීම.
මෛත්‍රීපාලත් දෙමළුන්ට කොරන්න ගියොත් ඔහුට කන්න වෙන්නෙත් ඔය පරිප්පුවම තමයි.
හා මෙයා...
Deleteහය්යූ.. මම හිතාන උන්නේ මේ ජගත් පතිරන කියන්නෙ අරෙ පිංච් පොයින්ට් ලියන JP කියල ඕයි.
DeleteJP සමාවෙයන් මචං
අනේ ජපන් ඇනෝ මාව හිනස්සලා මරන්න එපා බං... උගේ අහලකින්වත් තියන්න පුළුවන්ද මෙයාව...
Deleteමෙයා ලියන්නේ “පිච්චං පොයින්ට්“
Delete
ReplyDelete//යහපාලනය රටේ ජනතාවට ඉතරක් නොව එය ගෙනා උන්ටද අප්පිරිය වී ඇති බව බොරුවක් නම් නෙමේය//
එහෙම වුණාට මොකාට රට බාර දෙන්නද...හොටු පෙර පෙර ඔහොමම තමයි යන්න වෙන්නෙ. හැබැයි ඡන්දෙ නොතියා.
රට දෙන්නෙ එකෙක් නෑ මුන් ඇර... මොකෝ ඉන්න අපතයන්ගෙන් අවම අපතයා එපයි තෝර ගන්න...
Deleteමොන අවමද...ජීවිත කාලෙටම මදැයි බැඳුම්කරේ...
Deleteඔයාලා දන්නේ එක බැඳුම්කරයයි නේ.. ඔහොම ඉන්නකෝ අනිත් ඒවත් එලියට එනකල්...
Deleteදේශපාලනයේ ගාමක බලවේගය බලකාමයයි. අන් සියල්ලම ඇත්තේ එයට පිටුපසින්.
ReplyDeleteදේශපාලඥයන්ගෙන් වැඩක් කරගැනීමට නම් අප සියල්ල එම තත්වය වටහාගෙන කටයුතුකල යුතුයි.
මෙය නරඹන්න.
https://www.youtube.com/watch?v=sRQpoakCM6g
සිංහල බෞද්ධ අභිලාශයන් ඉටුකර ගැනීමටනම්
අදවනවිට සිංහල බෞද්ධ පුද්ගලයන් එක් දේශපාලන න්‍යෂ්ටියක් වටා ගොනුවී සිටිය යුතුයි. ප්‍රායෝගිකව එම න්‍යෂ්ටිය මහින්ද රාජපක්ෂයි.
එයින් අදහස්වන්නේ මහින්ද රාජපක්ෂ හොඳයි යන්න නොවෙයි.සිංහල බෞද්ධ පුද්ගලයන් එක් දේශපාලන න්‍යෂ්ටියක් වටා ගොනුවී සිටිය යුතුබව පමණයි.
සිංහල බෞද්ධයන්ගේ සතුරන්ට අවශ්‍ය සිංහල බෞද්ධයන් විසුරුවා හැරීමයි. අප එම උගුල්වලට හසු නොවිය යුතුයි.
මාර සීන් එක මහින්ද මලොත් හෙම මළ විනාශයක් නේ හිංගලයට වෙන්නේ
Deleteනාස්ටියක්?
Deleteඑහෙම තමයි අනේ. දැන් බලන්න ව්‍යාපාරයක් කලත් අවදානමක් දැරිය යුතුයි.
Deleteහිටං රට අනන්නේ හිටගෙනමය
ReplyDeleteහිටන් රට අනන්නෙ නම් නෑ.... ඒත් මිනියා හිටන් නානවා ඇති වෙන්න....
Deleteමහින්ද මහත්තය්ගේ කාලේ:
ReplyDeleteගොවියට වී කිලෝවට රුපියල් 30
ජනතාවට හාල් කිලෝව රුපියල් 55-60
හාල්පාරුවන් ට බාස්මතී රුපියල් 230 -260
සොරිසේන ගොවි - - පුතාගේ කාලේ:
ගොවියට වී කිලෝවට රුපියල් 20
ජනතාවට හාල් කිලෝව රුපියල් 85-105
හාල්පාරුවන් ට බාස්මතී රුපියල් 145
රනිල් තුමාට ජයවේවා!
මීට බාස්මතී කන හාල්පාරුවන් ගේ සන්ගමය!
හාල් ගනං කියා ලාබේට හාල් කන්න මහින්ද ගෙනත් පරිප්පු කන්නටද මිනිසුන්ට උවමනාවක් නැත. එයාගේ කාළේත් බඩු මිළ අහස උසට ගිය බවද, ඒ නිසාම ඉල්ලාගෙන කෑ බවද කාට අමතක වුවද අපට නම් අමතක නැත.
Deleteමචන් Sa rasa නිකන් කටට ආපු පලියට නොකියා prove කරන්න පුළුවන් document පෙන්නන්න
Deleteසිරිසේන අසාර්ථක, වැනෙන ජනාධිපතිවරයෙකු බව හැබෑය. අදාල නැති පක්ෂයක් කර ගසාගෙන ඇදගෙන නාන බවත් හැබෑය. කයිවාරු ගැහුවාට වැඩ බැරිබවත් හැබෑය.
ReplyDeleteහැබැයි රටේ අවුලට උද්ධඡ්ච් රනිලුත් වටේ ඉන්න එජාප හොරු රැලත් හරි හරියට වගකියන්න ඕනේ. රටේ වංචා දූෂණ ඉහල යන්නේ, ආර්ථිකේ වල පල්ලට යන්නේ එජාපේ කෙරුවාව නිසාය.
ආර්ථිකය ඔහොමවත් යන්නේ එජාපය නිසාය. ආර්ථිකය වර්ධනය කිරීමට ගෙනෙනා සියළු යෝජනා කුණු කූඩයට දමන්නේ රනිල් නොව සිරිසේනය. ඒය සිරිසේනට අදාලා රෝගයක් නොවේ. සිරි ලංකා නිදහස් පක්ෂයේ උපන් ගෙයි දෝෂයකි. කෙසෙ වෙත්ත කාබාසීනීයා කල රටක් වසර දෙකකින් ගොඩ ගැනීමට ෂින් ජෙන් පියාට තියා ලී ක්වාන් යූට තබා ජෝර්ජ් සෙරෝස්ටවත් කළ හැක්කක් නොවේ..
Deleteරටේ අවුලට උද්ධඡ්ච් රනිලුත් වටේ ඉන්න එජාප හොරු රැලත් හරි හරියට වගකියන්න ඕනේ. රටේ වංචා දූෂණ ඉහල යන්නේ, ආර්ථිකේ වල පල්ලට යන්නේ එජාපේ කෙරුවාව නිසාය.
ReplyDelete:D
මහින්දගේ වේදනාව හෙන්‍රිගෙන් පිට වේ...
Deleteමදැයි එකෙක් යවලා තව එකෙක්ව ගෙනත් කරගත්ත දේ..මට නම් පේන්නේ ඔළුවත් නැති වලිගෙත් නැති පාලනයක්.
ReplyDeleteමාතා...ජෝන් අමරතුංග කියන තැන ජෝන් සෙනෙවිරත්න කරපං. තිබුනත් මොකෝ මුන් ඔක්කොම ජෝංලා තමයි.
ඕන් කියාපු විදියටම හැදුවා....
Deleteජනාධිපති උත්තමයා හැසිරෙන්නේ දෙවියන්නේ හාල් කැවුනාක් මෙන්ය. මේ විදියට ආණ්ඩුව කරනවා නම් අයවැය ලේඛණ සම්මත කරන්නටවත්, පාර්ලිමේන්තුවේ විවාද තබා ව්‍යවස්ථා සම්පාදනය කරන්නටවත් අවශ්‍ය නැත. කොටින්ම සිවිල් උසාවි ක්‍රමයක්ද අවශ්‍ය නැත. මේ වගේ ඔළුව අබිලික් ගසා වෙනම සිංහාසනයකුත් හදවාගෙන රට කොරන්ඩ හැදු අයියෙක් කලකට පෙර අම්මට සිරි ලංකාවේ හිටියේය. නමුත් ප්‍රභාකරන් උන්නැහේ මැදිහත්වී අපිට ඒ ප්‍රශ්ණය ක්ෂණිකව විසඳා දුන්නේය. මෙහි තිබෙන කොමෙන්ටු දකින විට මට හිතෙන්නේ මාතලන් සහ අනිකුත් බ්ලොග්ගන් කොපමණ වෙර දරුවත් වහලුන්ගේ මන්දබුද්ධිකත්වය කවදාවත්ම නැති කොරන්නට බැරි බවය. මුන්ට සාටකයාට වඩා කෙලි කාරයෙක් නැත. දෙමළුන් හා මරක්කලයන් පෙනෙන්නට බැරිය. වහලුන් හිතා ඉන්නේ අම්මට සිරි ලංකාව උන්ගේ බුදලයක් කියාය. වෙන එකෙකුටවත් ඒ රටේ ජීවත්වෙන්ඩ අයිතියක් නැත.
ReplyDeleteආන් ඒකට ඉන්න තිබ්බේ ජේ ආර් පප්පා. එහෙනම් වෙලහකට ප්‍රජා අයිතිය අහෝසි කරලා... මෙතරම් හොරා කාපු ඒකාධිපතියෙක් ඒ රටේම ඉඳගෙන ආයෙත් බලයට එන්න දඟලන මුල්ම රට මේකම වෙන්න ඕන.. අවුලක් නෑ ඉතින් අර දීපාල් සිල්වා කියනවා වගේ මේකේ ඉන්නේ ඔළුව තදින් නරක් වෙච්චි පිස්සු හිටන් හුටන්ලා නේ...
Deleteලොක්කට රණවිරුවොයි මරණවිරුවොයි ටැපලිලා හිටං.
ReplyDeleteයන්නේ කොහෙද ඇහුවම මල්ලෙ පොල් හිටන් කියන නායකයෙක්...
Deleteපෝස්ට් එක කියවගන යනකොට නිකන්ම සෙට් උනේ 'විමසුම' ටෝන් එක.. හෙහ් පට්ට ආතල්.සමහර තැන් දෙපාරක්ම කියවලා බැලුවා නියමෙටම සෙට් වෙනවා.
ReplyDeleteඒත් නැත්තං අතර මැදට සහෝදරයා සහෝදරිය,අම්මේ තාත්තේ, අපේ හාන්දුරුනේ,මෙව්ව එක මෙව්ව කරනවා,කල්පනා කර්ල බලන්න වගේ වචන දැම්ම නං පොලිටික්කෙකුටත් සෑහෙන ලකුණු ටිකක් ගන්න තිබ්බා.
ජයවේවා..!!
හිකිස් ඔය කතාව තව කීප දෙනෙක්ම කිව්වා හිටන්....
Delete