.

.

Apr 4, 2018

පඹයා කුඹුරෙන් ඉවත් කිරීමේ කාළය පැමිණ ඇත. - No Confident Motion turns in to a Loose Motion




රනිල් වික්‍රමසිංහ මුලින්ම කළ යුත්තේ, මේ සති අන්තයේ දි කරනවා යැයි කියා තම පාක්ෂිකයින්ට පොරොන්දු වූ සියළුම ප්‍රතිසංස්කරණයන් සිඳු කිරීමය. එහෙත් මහා ළොකු හඬක් නැගූ, පාලිත රංගන බන්ඩාර හා වසන්ත සේනානායකද, ඩීල් රාජපක්ෂද, හීන් නූල් කාරයකු වන සජිත් ප්‍රේමදාසද, රනිල්ට පක්ෂව, විශ්වාසභංගයට විරුද්ධව මනාපය දුන්නේ, විමල් කීවාක් මෙන් මොණර කොල වලට නම්, විමල් කියනා පරිදි අනෙක් උන්ද කෝටී ගනන් වලට වෙන්දේසී වූවා නම්, වෙනස් කම් ඕනා කරන්නේද නැතිය. එසේ විකුණුනාද නැද්දයි කියා අද හෙටම අපට බලා ගන්නටත් පුළුවන්ය.


කෙසේ වෙතත්, මේ විශ්වාශභංගයෙන් මතු වූ කරුණු ගනනාවක් අතරේ, ප්‍රධාන පෙල කරුණු කීපයක් මෙසේ ගෙන හැර දැක් විය හැකිය..


  • රට විනාශ කළ මාධ්‍ය මාෆියාවට කෙල වීම
  • විශ්වාසයක් නැත්තේ රනිල් කෙරේ නොව, ගුණමකුවා කෙරෙහි බව නැවතත් සනාථ වීම
  • සුළු ජාතින්ට ඇති එකම රැකවරණය එජාපය බව තහවුරු වීම
  • සිරි ලංකා නිදහස් පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ බව  තහවුරු වීම
  • ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන ගේම් නොහැකි බව සනාත වීම
  • චීනයට වඩා ඇමරිකාව හා ඉන්දියාව ලංකාවේදී වඩාත් බලවත් වීම 
රට විනාශ කළ මාධ්‍ය මාෆියාවට කෙල වීම

රනිල් වික්‍රමසිංහ දැන් කළ යුත්තේ සියල්ල පසෙක තබා, "ජනක් ප්‍රේමලාල්" නාට්‍ය නිර්මාණ "රාජකපුරු" නාට්ටිය නොමිළේ අම්මට සිරි ලංකාව පුරා ප්‍රදර්ශනය කිරීමය. ඇත්තටම එය අපූරූ නාට්ටියකි. රජෙක් නැති රටට අළුත් රජෙක් සොයා ගැන්මට නම් නක්ෂස්ත්‍රකාරයන් කියන්නේ, මඟුල් ඇතා පිටත් කොට, ඇතා දන නමා වඳිනා මොකා හෝ ගෙනවුත්, සිංහාසනයේ තැබිය යුතුය කියලාය. කරුමයක මහත කියන්නේ කොහේදෝ රටක වූවා වාගේ, මඟුල් ඇතා ගොස් දන ගහන්නේ කුඹුරේ ඉන්න පඹයා ළඟය. කේවට්ටයෝ කරන්නේ පඹයා ගෙනත් සිංහාසනයේ තබා, උන් රට පාලනය කරනා එකය. රජ ගෙදර ඉන්නා කවිකාරයා නොහොත් ප්‍රශති ගී කාරයාගේ දක්ෂතාවය කෙසේදැයි කියනවා නම්, ඒවා අසා පඹයාද බ්‍රේක් ඩාන්ස් දාන්නට පටන් ගන්නාතර. පඹයාගේ එකම ආතල් එක වන්නේ එයම පමණමය. 

මෙවන් වන්දිභඨ්ඨයෝ මහින්ද රාජපක්ෂද මැදමුලනේ ජනෙල් ගැට්ටේ එල්ලු වෙය.. අද පල්ලෙවත්තේ ගමරාලද කාබාසීනියා කර දැම්මෙය. සිරිසේන නොදැන උන් කාරනය නම්, රජෙක් බල්ලෙක් වෙන්න යන්නේ ඉතා සුළු මොහොතක් බවය. සිරස මාධ්‍ය ජාලය හා උන්ගේ මුදලට විකුණුන සිරිසේන වල පල්ලට කැඳවාගෙන යන කේවට්ටයන් කිහිප දෙනා සහ කාළකන්නි චීවරධාරියා කුඩු පට්ටම් වීම අහිංසක කාළකන්නි සතුටක් ගෙන දෙන කාරණයක්මය. 

මෙවන් තිරිසන් මාධ්‍යකරණයක් ලක් ඉතිහාසයේ තිබුනේ නැතිය එමෙන්ම බිමල් රත්නායක ඉතා පැහැදිලව කියූ ආකාරයට, මෙවන් මහා පාවාදෙන්නෙක් ලෝක ඉතිහාසයේවත් උන්නේ නැති බව සහතිකය. ජනවාරි 8 වනදා ජනතා ජයග්‍රහණයට පයින් ගසා, විරුද්ධ පාර්ෂවය හා එකට ඉඳගන්නා ගුණමකුවකු හා තව දුරටත් එකට ඉඳගන්නවාද යන්න මානුෂික ප්‍රශ්ණයක් වනාතර, රන්ජන් රාමනායකට පොරොන්දු වූ පරිදි මින් පසු සරම ගලවා පැත්තකින් තබා නිර්වස්තරයෙන් එජාපයේ උන් හා මීටින් වලට එන්නේ නම් ඉතා වැදගත් බවත් කිව යුතුමය. 

විශ්වාසයක් නැත්තේ රනිල් කෙරේ නොව ගුණමකුවා කෙරෙහි බව නැවතත් සනාථ වීම

මීට පෙර මහින්ද ළඟ උන්නේ 50 ස් ගණනකි, එය ඊයේ 76 දක්වා වර්ධනය කර ගැනීමට පොහොට්ටු පාර්ෂවයට හැකි විය. ගමයාගේ ගිලෙන නැවෙන් පැන්න ප්‍රමාණය බොහෝය. ඇබ්සන්ට් උන් සියල්ලමද, එක්කෝ රනිල් සමඟය, නැතිනම් මහින්ද සමඟය. ඡන්දයකදි 4% ගත් ප්‍රතිපත්තියක් නොමැති සත පහකට විශ්වාස කළ නොහැකි අමු ගුණමකුවකු හා උන්නොත්, තමන්ටත් කවදා හෝ අත්වෙන ඉරණම වටහා ගත් සියල්ලෝ, පඹයාගේ ගිලෙනා නැවෙන් පැන අවසානය. දැන් ඉන්නේ ශිරාල් මලිත් හා කිලී මහරාජා පමණය. උන්ටත් කරන්න පුළුවන් ලබ්බක් නැති බව ඊයේ ඔප්පු කර අවසානය. 


සුළු ජාතින්ට ඇති එකම රැකවරණය එජාපය බව තහවුරු වීම

සාමාන්‍යයෙන් තම්බි පක්ෂ, දෙමළ පක්ෂ හා හා විශේසයෙන් වතු දෙමළ පක්ෂ ජේ ආර් ගේ සිස්ටම් එක තුල කවදත් උන්නේ සජ්ජුරුවෝ එක්කය. මෑත ඉතිහාසයේ මෙන්ම ඈත ඉතිහාසය දෙස බැලුවද, ඇත්ත කතාව ඒකය. එහෙත් යහපාලනයක් සහජීවනයක් සංහිදියාවක් ගැන උදේ හවා පාරම් බානා මේ ගුණමකුවාගේ ඒ පොරොන්දු සියල්ල අමු බයිලා බවද, මෙ පඹයා නටන්නේ පන්සලේ ඝංඨාරේ ටියුන් එකට බවද අද ක්‍රියාවෙන්ම ඔප්පු කොට අවසානය. 

දෙමළු ඉල්ලු අනෙක් සිද්ධීන් පසෙක තිබියේවා, කප්පම් ගැනීම සඳහා උස්සගෙන ගොස් කප්පම්ද ලබා ගැනීමෙන් පසු අතුරුදහන් කර දැමු දරුවන්ගේ මිනීමරුවන් අතටම අසු වී තිබියදි, උන් බෙරා ගැනීම සඳහා හාන්දුරුවන්ගෙ කිමට ක්‍රියා කරන්නෙ වෙන කිසිවකු නොව, රටේ මහ එකාම බව දන්නා කිසිම දෙමළෙක් මේ හොර රජා කෙරේ විශ්වාසයක් තබයිද? නුවර ගැටුම් පිටිපස්සේ උන් එකා ජපානේ වඩම්මාගෙන යන අමු ජාතිවාදියෙකුට එක තම්බියෙක් ආයේ ඡන්දයක් දෙයිද? සියළුම වර්ගයන්ට අයත් සුළු ජාතින් මොහු මහා බොරුකාරයකු හා අමු වංචාකාරයකු බව වටහාහෙන අවසන් අතර, සුළු ජාතිකයකු වන මහාරාජාගේ පදයට නටනා පඹයකු බවත් වටහා ගෙන අවසානය. 

සිරි ලංකා නිදහස් පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ බව  තහවුරු වීම

තමන් බලයට පත් කිරීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කල චන්ද්‍රිකාට සැලකුවේ මහින්ද සැලකුවාටත් වඩා තුඡ්ච සහගත ලෙසය. එයට චන්ද්‍රිකා ෆෝබීයාවෙන් පෙලෙන ශිරාල් ලක්තිලක කෙලින්ම බලපාන්නට ඇතිය. මහින්දටත් කළ නොහැකිව තිබු, චන්ද්‍රිකාලාගේ අත්තනගල්ල හා හොරගොල්ල වලව්ව මහ පොලොවට සමතලා කර දැමීමේ කාරිය නම් ලෙසටම කොලේය. ඒවා කරලා උපරියමෙන්ම දැඟලුවේ සිරි ලංකා නිදහස් පක්ෂයේ ලොක්කා වෙන්නටය.

ගොන්කම කෙසේදැයි කියනවා නම්, එහෙම පක්ෂයේ නායකයා වෙන්න ගියේ, පක්ෂයේ උන් පුකට පයින් ගහලා එලවා දැමූ කාලකන්නින් ඇමති වරු කරලාය. පක්ෂයේ සොලිඩ් බඩු ටික උන්නේ මහින්දගේ ගෙදරය. සමූපාකාර ඡන්ද වලින් ගේම ඇරඹු මහින්ද, අන්තීමේදී පලාත් පාලන ඡන්දය එන කොට නැවතත් රටේ නායකයාත් වෙලා අහවරය. රනිල් විපක්ෂ නායකයා උනේය. ගුණමකුවාට 62 නොව ඇට 2 ත් නැති වී කෙල උනේය. 

මොහු රටේ නායකයා ලෙස පිලිගන්නේ 4% පමණ වන අමු ගොන් තකතීරුවෝ පිරිසක් පමණි. සිරිසේනගේ ඇට දෙකටත් කෙල වෙන බව දන්නා වැට උඩ උන් පිං ගොන්නු සියල්ලෝම වාගේ, ඊයේ මහින්දට එකතු වූ අතර. නොපැමිනි සියළු දෙනාද අලි පාටියට හෝ රාජපක්ෂවරුන් තුරුලට යන බවත් ඉර හඳ මෙන් විශ්වාසී අතර,  උන්ටද මොහු කෙරේ තිබු අවිශ්වාසය වැඩි වී  ඊයේ නැති වී පොඩි හෝ විශ්වාශයක් තිබුනේ වී නම් එයත් නැති භංගස්තාන වෙලාම ගියේය. 

ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන ගේම් නොහැකි බව සනාත වීම

ජනතා විමුක්ති පෙරමුණ ලද දෙයින් සතුටු වන පක්ෂයක් බව තව දුරටත් තහවුරු වී අවසානය. උන්ට ඔනෑ විමුක්තියක්කත් විප්ලවයක්කත් නැති අතර. ඊයේ ගත් ගොන් තකතීරූ තීන්දුව මගින් සනාත කරන ලද්දේ, ඔවුන්ට කිසිඳු දැක්මක් හෝ ටාගට් එකක් නැති අපතයෝ පිරිසක් බවත් කොහේ හෝ එන සල්ලි ටිකකින් පක්ෂයේ කොම්‍රඩ් වරුන්ගේ බඩ වියත රැකගෙන තා දුරටත් බයිස්කෝප් වීරයෙකු පමණක් බවට පත්වීමය. 

එහෙත් මෙය සිරිසේනගේ ගේමක් බව ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කිරීම සහ සියල්ල්නගේම රෙදි ගලාවා දැමීම, අප අගය කළ යුතුය. කෙසේ වෙතත් බඩ වියත රැක ගැනීමට පොලිටික්ස් කරනා එදා වෙල ටුවර් සෙට් එකක් වූවද, ජෙප්පෝ යනු ගවගාලේ සිටිය යුතුම ගව විශේෂයක් බවද ඊයේ දිනයේද තහවුරු කළෙය. 

චීනයට වඩා ඇමරිකාව හා ඉන්දියාව, ලංකාවේදී වඩාත් බලවත් වීම 

පසුගිය පලාත් පාලන ඡන්දයේ සිට එජාපයේ කෑලී හැලෙන්නට ගමරාල ගැහුවේ වෙන කිසිඳු හේතුවකටත් වඩා, ඝෝඨාභය හරහා චීනය සමඟ සෙට් වීම නිසා බව ඉතා හොඳින් පැහැදිලිය. විශ්වාශභංගය ගෙනාවේ චීනය හරහාය, සියලු කුමන්ත්‍රණ සිඳු වූයේ එහි සිටය. එහෙත් රනිල් ඇමරිකාව හා ඉන්දියාවේ සහයෝගයට අමතරව, අවසානයේදී චීනයේ සහායත් ලබා ගත් බවත් ඉතා පැහැදිදිලිය. 2020 පත් වන මොකා හෝ කළ යුත්තේ, චීනයේ උන්ගේ පදයට නටනා රූකඩ නැට්ටුවන් පිරිසක් බවට පත් නොවී, උන්ගේ ආතල් මෙගේ ගැනීමට සියයට සියයක් ඉඩ නොදි, උන්ගේද සහාය ඇතිව, ඉන්දියාව හා එක්ව රට දියුණු කිරීම බවත් ලියා තබා, විශ්වාසභංගක් ගෙනත් අමුඩෙත් රී ගත් මහ සජ්ජුරුවන්ටත්ම අබ සරණම වේවා කියමින්, මාතලන්ගේ මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය. 

විශේෂ - දොෂාභියෝගයත් ගෙන ආ යුත්තේ, එයින් පසු ඇතිවන දේශපාලන තත්වය්න් පිලිබඳව ඇග්‍රීමන්ට් එකක් ගසා බවත් සියළුම පක්ෂ සිහියේ තබා ගත යුතුය. 

48 comments:

  1. රනිල් යනු නොම්මර එකේ පට්ට ගේම් කාරයෙක් කියල අද පෙන්නුවා. හැබැයි රටට හා පක්ෂයට ඔහු පට්ට වදයක්..!!!!

    පොහොට්ටු හොරු විසින් UNP හොරු රැකගත් තවත් අවස්ථාවක්. 2020 දී අකුලොලම යන්න දෙනවා. බලමු

    ReplyDelete
    Replies
    1. රනිල් ගේම් කාරයෙක් බව නෙමේ, පාර්ලිමේන්තුවේ ඉන්නා වුන් තම තමන්ගේ තනතුරු රැක ගැනීමටත් තම තමන්ගේ ස්වයන් ආතල් පවත්වාගැනීමටත් මී ගව ජන රැල පිනවීමටත් ගත් සිම්පල් තීරණයක් බැරෑරුම් ලෙස මාධ්‍යය මාෆියාව මගින් පෙන්විමයි.

      Delete
    2. 2020 වෙන කොට මේ රට තිබුනොත් ළොකු දෙයක්...

      Delete
  2. UNP දෙවැනි පෙළ සජිත්, හර්ෂ, හරින්, අජිත්, එරාන් ඔය වගේ ගොඩක් ඉන්නවා. නමුත් ඔය කියපු කට්ටිය එකෙක්ට අවුරුදු විස්සක් හිටිය දුර්වල නායකයෙක් වෙච්චි රනිල්ව එලවගන්න බැහැ. මූල්‍ය විනය එහෙම හදන හටි පෙනුන ෆුට් නෝට් දාද්දි.

    ඇත්තටම රනිල් මුන්ට වඩා හොඳයි. රනිල් ගියා නම් මුන් කොච්චර චාටර් ද කියල පෙනෙයි මහින්ද ගියාම රනිල් චාටර් කියල පෙනුන වගේ.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එක එකකට එකක් පරස්පරයි

      Delete
  3. රනිල් කියන්නේ පට්ට මොලයක් නෙමෙයි, නමුත් ඔහු බටහිර වෙනුවෙන් කරන ඒජන්ත කම නිසා පැවැත්ම හදාගෙන තියනවා, මිට අමතරව රටේ පරිපාලනය ගැන දැනුවත් ජෙෂ්ට නායකයෙක් වන ඔහුට අබියෝග කිරීමට කිසිවෙක් එම ඉහල නායකත්වය තුල නෑ.

    මිට අමතරව ඒකාබද්ද විපක්ෂයට කිසිම වැඩපිළිවලක් නෑ වගේ පෙනුනට ඔවුන්ට වැඩපිළිවලක් තියනවා, ඒ තමයි තම බලය පෙන්වා තමන්ට විරුද්ධ චෝදනා යටපත් කරගැනීම.

    මෙය සරලයි එච්චර සංකීර්ණ නෑ.

    මෙහි සංකීර්ණ පැත්ත ඕක නෙමෙයි ශ්‍රී ලංකාවේ පිහිටීම පදනම් කරගෙන ලෝකේ බලවතුන් ගහන ගේම නම් තරමක් සංකීර්ණයි, ඔවුන් තමයි මුළු පාර්ලිමේන්තුවේම රුකොඩ නැටවීම කරන්නේ

    ReplyDelete
    Replies
    1. Lanka Sithuwili

      රනිල්ට පක්ෂව දුන්න සියලුදෙනාම මහබැංකු හොරකමට වගකියන්න ඕනේ.

      Delete
    2. Lanka Sithuwili

      එකගයි. ලෝක බලවතුන් ගහන ගේම සෑහෙන්න සංකීර්ණයි, ගේම හරියට කියවන අය විරලයි

      Delete
    3. අයිශේ Lanka Sithuwili , රනිල් බටහිර ඒජන්ත කම නොකර නැගෙනහිර තිරිකුනාමලේට වැඩ කොරන්නද?
      මිනිහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී. අයිශේ කොළඹ තියෙන්නේ ලංකාවේ බටහිර. දන්නැත්තන් ඉගෙනගන්නවා.

      Delete
    4. @ Lanka Site

      අදාල නොවේ

      Delete
    5. ලෝකයම එකම ගම්මානයක් කියලා නොදන්න ගමයෙක් ඇවිත් පිස්සු හොඳ එකෙන්ම කෙලිනවා...

      Delete
  4. රට විනාශ කළ මාධ්‍ය මාෆියාවට කෙල වීම
    විශ්වාසයක් නැත්තේ රනිල් කෙරේ නොව, ගුණමකුවා කෙරෙහි බව නැවතත් සනාථ වීම
    සුළු ජාතින්ට ඇති එකම රැකවරණය එජාපය බව තහවුරු වීම
    සිරි ලංකා නිදහස් පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ බව තහවුරු වීම
    ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන ගේම් නොහැකි බව සනාත වීම
    චීනයට වඩා ඇමරිකාව හා ඉන්දියාව ලංකාවේදී වඩාත් බලවත් වීම

    ...අපට " අදාළ නැත " සතුටුයි නේ මාතලන් රනිල් තාමත් අගමැති පිටකොටුවෙ බැස්ටියන් රෝඩ් එකේ අතබලා සාත්තර කියාපන් දැන් හා!!!

    ReplyDelete
  5. තිත්ත බාසාවෙන් ඇත්ත ලියලා තියනවා, විසේසෙන්ම ගමරාල ගැන. මේ ජරා දේසපාලුවෝ ගැන වෙන මොන වචන වලින් ලියන්නද ? මාතලන්ගේ මේ බොලොග් එකත් ළඟදීම බොලොක් කොරලා දායිද LEN එකට කෙලියා වගේ...? අන්බොලොකර් එකක් දැන්මම සූජානං කොරගත්තොත් හොඳ නැද්ද හිටං?

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ මේ බොලොග් එකත් ළඟදීම බොලොක් කොරලා දායිද LEN එකට කෙලියා වගේ...?
      දවල් හීනද .? රැ හීනද .? පාන්දර හීනද .? නැතිනම් මන්ඥන් ද මාතලන්ට වගේ ?

      Delete
    2. මන්නන් වෙන්නේ මන්නොක්කා කෑවහමද ?

      Delete
    3. බ්ලොක් කරනකන් ඇත්ත ලියනවා

      ඇත්ත බෙහෙත් වලටත් වඩා තිත්තයි

      Delete
  6. "අදාල නොවේ"

    ReplyDelete
  7. 2020. 2025. 2030. 2035. 2040. 2045 දීත් අපේ ජනපති Hon. His Excellency Dr අගමැති රනිල් Sir, our Lord.

    We do anything you say & we worship you we suck your dick you can fuck all our holes dear Sir !

    We pray for you our dearest Lord Ranil Sir !

    Your obedient, your ass licking UNP slaves !

    ReplyDelete
  8. පඹයා කුඹුරෙන් ඉවත් කිරීමේ කාළය පැමිණ ඇත නොව කුඹුර පඹයා ට භාර දී යන්නට කාලය එලබ ඇත .

    ReplyDelete
    Replies
    1. @ Katana,

      අදාල නොවේ

      Delete
    2. දැනුමක් ලබා ගත්තා මාතලන්

      Delete
    3. අනෙක් කෑල්ල ඊට වඩා රසවත්

      Delete
    4. ඔව්. මටත් එහෙම හිතුනා .

      Delete
  9. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිවිරහිත භාවයත්, වැනෙන සුළු බවත්, චපලත්වයත් තව වරක් ප්‍රදර්ශණය කල දේශපාලන විකාරයකි.


    තහවුරුවන තවත් කරුණක් නම්..
    රජුන් තනන්නේත්, රකින්නේත් ජාතිවාදී සුළු පක්ෂ බවයි. සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 10% වත් නැති මේ වලිග පක්ෂ විසින් බල්ලා නැටවීම, ලොකුම දේශපාලන ඛේදවාචකයයි.

    ReplyDelete
    Replies
    1. @ Asange Man

      අදාල නොවේ

      Delete
    2. සහතික කරනා ලද තිත්ත ඇත්ත..

      Delete
  10. අනෙ මන්දා මලකොලන් පයින් යනවා..

    ReplyDelete
  11. කොහේ හෝ එන සල්ලි ටිකකින් පක්ෂයේ කොම්‍රඩ් වරුන්ගේ බඩ වියත රැකගෙන ////////// wow ela talk

    ReplyDelete

  12. ඇතැම් ඇනෝලාගේ කොමෙන්ටු කියවනවිට මට සිතෙන්නේ මේ බියගුල්ලන් ගොන්ම ගොන් බයියන් බවය. සැබෑ නමින් පෙනී සිටින්නට ශක්තියක් නොමැති එකාට මාතලන් තේරෙන සිංහලෙන් කියන සැබෑ තත්වය පිළිබඳ නිවැරදි නිරීක්ෂණ තේරුම් නොයාම පුදුමයට කරුණකුත් නොවේ. විශ්වාස බංගය දිනුවාට රනිල්ගේ ප්‍රශ්ණ අවසන් වන්නේ නැත. ඈතින් නායකත්වය ගැනීමට බලා ඉන්නා උදාගම් කාරයාය. මෑතින් රනිල්ගේ කකුලින් අදින්නට ඕනෑම නිහීන ක්‍රියාවක් කරන්නට සැදී පැහැදී සිටින නූතන ජුදාස් හෙවත් පඹයාධිපතිය. දැන් ඉතින් හොරු නලවමින් සර්පයන්ට කිරි පොවමින් අවුරුදු තුනක් අපතේ යැවූ රනිල්ට තවදුරටත් ඒ සෙල්ලම කරන්නට නොහැකිය. මේ රටට යමක් කරන්නට,වැසියනට ප්‍රයෝජනවත් දෙයක් දෙන්නට ඔහුට තව ඇත්තේ අවුරුදු දෙකක පමණ කෙටි කාලයකි. රාජපක්ෂ දුෂිතයන් පලවා හැර, ද්‍රවිඩ, මුස්ලිම් සහ ජේවීපී පක්ෂ හා එකතුවී සුපිරි කැබිනට් මණ්ඩලයක් පිහිටුවා රට හදන්නට කටයුතු කරනවා හැරෙන්නට රනිල්ට වෙන විකල්පයක් ඇත්තේ නැත. ජේවීපී නායකයන් තේරුම් ගත යුතු තිත්ත ඇත්ත නම් ඔවුන් දැන් කරනවාට වඩා සේවයක් රනිල් හා එකතුව රට වෙනුවෙන් කළ හැකි බවය. ද්‍රවිඩ සහ මුස්ලිම් පක්ෂ වල ඉන්නා ප්‍රවීණ බුද්ධිමතුන් කිහිප දෙනෙක් සිටිය යුත්තේ විපක්ෂයේ නොව අමාත්‍ය මණ්ඩලයේය. තමනුත් හැදී, රට හදනවාද යන්න ගැන තීරණය කලහැක්කේ රනිල්ට පමණි. සිරිසේන ගොයියා සමග එක්වී මේ ගමන යන්නට නොහැකි බව මුළු රටටම තේරී අවසන්ය.

    ReplyDelete
    Replies
    1. Tissa Abeyratne කියන්නෙත් ඇනෝ කෙනෙකි. එසේ නොමැතිනම් ඔබගේ ජාතික හැඳුනුම්පතේ දෙපැත්ත/ පාස්පෝට් එකේ පොටෝ එක තිබෙන පිටුව හා උප්පැන්න සහතිකේ සහ තිබේනම් අර සිනුවර ගමරාලගේ වගේ IELTS සහතිකේ ඉදිරිපත් කර අනන්‍යතාවය තහවුරු කර පෙන්වන්න.

      Delete
    2. @ Tissa Abey rate

      අදාල නොවේ...!

      Delete
    3. ඒ උනාට ආයෙත් ගිහින් ගමරාළ එක්ක ඩිස්කසොන් එකක් දාලා තියෙන්නේ...

      Delete
    4. නව ව්‍යවස්ථාව 2/3න් සම්මත කරගන්නට ඒ පැත්තේ චන්ද ටිකත් ඕනෑ හින්දා පොඩි සුත්තරයක් දාලා බලනවා ඇති.

      Delete
  13. මාතලන්,
    මයිතූන පඹය (My3) යනු කපටි ආරක්ශකයෙකි, UNP හොරු ආරක්ශා කරන්න හීන් නූලේ වැඩේ දුන්නා, කොහෝමද මුතුහෙට්ටිගම බතල සෙවලයා? ඌ ඒකාබද්දේ පස්සෙන් ඇරියා. LOL මොනර කොල ගොනි කීපයක් ලැබුනු බව ගාල්ලේ පැත්තෙන් ආරන්චියි, UNP හොරු ආරක්ශා කලේ මයිතූන පඹයටත් බැන්කු හොරකමෙන් කොටසක් ඇතිබව හොඳට පැහැදිලි කරමින්, ලඟදී විඳවන්න වෙයි මයිතූනයෝ...

    ReplyDelete
    Replies
    1. පාර්ලිමන්ට් යනවා කියන්නේ ඉතින් මැණික් ඉල්ලමක් අහු උනා වගේ චෑන්ස් එකක් තමයි...

      Delete
  14. Replies
    1. @ Amit Dharma,

      අදාල නොවේ

      Delete
    2. අනිවා... මූ මෙතනින් නවතින්නේ නෑ...

      Delete
  15. ලංකාවට සුබ අනාගතයක් අවශ්‍ය නම් අපි සැවොම රටට හිතැති සම්බන්දන් මැතිතුමා වැනි සුඵජාතික ජනහිතකාමියෙකු 2020 දී ජනපති කල යුතුය

    ReplyDelete
  16. දුම් ගසාවත් එළවා ගත නොහැකි බහිරවයෙක් මෙන් අවුරුදු 25ක් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය බදාගෙන සිටින විශ්වාසභංගය දිනුවත්, ලංකාවේ පහල වූ තුච්ඡම ඒකාධිපතියා වන වික්‍රමසිංහ, තමන් විසින්ම ඉදිරිපත් කර කූට ලෙස සම්මත කරගත් 19 වන සංශෝධනය හරහා තමන්ටම තනා ගත් බලවත් අගමැති තනතුර දමා ඉවත් වේද? ඔහුට ඉවත් වීමට ඔහුගේ ස්වාමිවරුන් අවසර දේද ?

    බුරාගෙන පැනීමේ පුහුණුව සහිතව ජුන්ටාධිපති වික්‍රමසිංහගේ කීකරු සුනඛ තනතුර දරමින් සිටින අනුර කුමාර, බහිරවයෙක් මෙන් හතරවරක් අහමැතිකමේ බදාගෙන සිටින ඒකාධිපති වික්‍රමසිංහ දිහා බැලූවාම අපේ රටේ දේශපාලනයේ කැත මජරකම හොඳටම පෙන්නුම් කරනවා.

    ReplyDelete
  17. බැඳුම්කරයක් කියන්නේ මොකක්ද කියාවත් නොදන්න ඊනියා බැංකු මංකොල්ලයක් ගැන කියවන අයටයි, ඇලෝසියස්ගෙ සමාගම 2008 ඉඳන් වගේ බැඳුම්කර ගත්තා. ඒ කාලේ බැඳුම්කර නිකුත්කරේ වෙන්දේසි නොදා කෙලින්ම අරයට දෙන්න මෙයාට දෙන්න හෙවත් සෘජු ක්‍රමයට. එතකොට ඒවා හොඳයි. අනික විගණකාධිපති කියන විදිහට රජයට වාසි වෙන විදිහට බැඳුම්කර ගන්න ප්‍රාථමික අලෙවිකරුවන්ට තියෙන අමාරුව මොකක්ද?

    ReplyDelete
    Replies
    1. Before baking like such brainless stupid moron, could you please read the Report of the Presidential Commission of Inquiry has held on this Central Bank bond Scam?

      The former Governor of Sri Lanka’s Central Bank Arjuna Mahendran responsible for causing a loss of which is not less than LKR 11,145 million to public institutions according the reports. This is the least amount & some claim even more. This is the largest ever recorded corruption case in the history of Sri Lanka. Rajapakse gang also said to be extremely corrupted but total amount of their probable amount of loss done to public funds might be much less than this according to the independent experts.

      The commission had also noted that Prime Minister Ranil Wickremesinghe, who hand-picked Mr. Mahendran for the role, had supported him for wrongdoing.

      Further, it recommended legal action against former Foreign Minister Ravi Karunanayake for corruption and providing false evidence in front of the commision.

      In August 2017, Mr. Karunanayake, a prominent figure in Mr. Wickremesinghe’s United National Party (UNP), resigned amid opposition and excessive civil society pressure.

      He is accused of financial links with bond dealer and son-in-law of Mr. Mahendran, Arjun Aloysius, whose firm Perpetual Treasuries bought over 50% of the controversial bond auction in 2015. The commission has recommended legal action against Mr. Aloysius too, among others.

      The Central Bank bond scam was the first major blow to the government and the economy of SL, especially after war ended in 2009. Earlier, in October 2016, a parliamentary Committee on Public Enterprises ruled that Mr. Mahendran was “directly responsible” for the irregularities in the bond sale.

      In January 2017, Mr. Sirisena appointed a Commission of Inquiry to probe the matter further, a move that some in political circles saw as a reflection of the growing tension between his Sri Lanka Freedom Party (SLFP) and Mr. Wickremesinghe’s UNP, coalition partners in the government.

      Delete
    2. Then you moron, how can you deliberately depend upon so called report as the universal truth (or Koran or something) to calculate a so called loss like you mentioned here? Do you know that there is not a globally accepted method to calculate the profit/loss of a bond issue? First of all you moron, you must understand the substance over the form of these transactions. The state cannot exist without raising funds (loans) and even the Auditor Generals Dpt is using that money. No one will buy bonds /TBs for the benefit of gov. Do you know (you stupid) that when PTs had been registered, there was also such a conflict of interest between the parties. Then why this president is not into that matters? Also, when the inquired auction was happened, the said Aloysius was not a director of that company. YOU ARE JUST A ____ WHO PASTE YOUR WASTES ON DIFFERENT POSTS.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න