.

.

Feb 17, 2019

ද ෆිනෑන්ස් සමාගම විනාශ කළ සැන්ට්‍රල් බැංකුව



ද ෆිනැන්ස් සමාගමේ සියළුම ගණුදෙනු තාවකාලිකව නවතා ඇති බවත්, උපරිම ලක්ෂ 6 දක්වා මුදල් ආපසු ලබා ගත හැකි බවත් සැන්ට්‍රල් බැංකුව ආඩම්බරයෙන් කියනවාය.

මේ කතාවලට පුකෙන් හිනා යන්නේ මාතලන්ද මේ කොම්පැණියේ හිටපු නිසාත්, වෙච්චි සැන්තෑසියේ සියල්ල දන්නා නිසාත්ය.

මහින්ද රාජපක්ෂ යුගයේ ගෝල්ඩන් කී හුටපටයට මුවාවී, ලලිත් කොතලාවගේ සෙලින්කෝ කොම්පැණි සියල්ලටම කෙලලා ඇරිය අතර, ඉන් බේරුනේ කොම්පැණි කීපයක් පමණය.

මේවාට මහින්ද හා කබ්‍රාල්ලා මෙන්ම, ආයතනයේ මුදල් කාබාසීනියා කළ කාවන් පෙරේරා හා සුනිල් ජයතිස්ස වාගේ උන්ද එක ලෙස වග කිව යුතුය.

සෙලින්කෝ සමාගම් සමූහයේම මුදුන් මුල වූ, අම්මට සිරි ලංකාවේ ප්‍රථම ෆිනෑන්ස් සමාගම වන, සීමාසහිත ද ෆිනෑන්ස් සමාගම සැන්ට්‍රල් බැංකුවේ පාලනය යටතට ගන්නේ මේ වෙලාවේය.

එහෙත්, එතෙක් කිසිදු අවුලකින් තොරව ගණුදෙනුකරුවන්ගේද, සේවකයින්ගේද, අනෙකුත් සමාගම්වලද සියලු පහසුකම් සැපයූ සමාගමේ විනාශය, ඉන් පසුව ආරම්බ විය.

රාජපක්ෂ ආන්ඩුවේ පිම්පියකු වූ ජනක රත්නායගෙන් පටන් ගෙන, අද ඉන්නා වසන්ත කුමාරසිංහ දක්වා, සැන්ට්‍රල් බැංකුවෙන් පත් කළ හැම ප්‍රධානියාම කළේ, සමාගමේ වත්කම් සියල්ලම කා දමනාතරේ,

ආන්ඩුවෙන් කොම්පැණිය ගොඩ දැමීමට ලබා දුන් මුදල් සියල්ලද, එන එන එකාගේ බඩු කෑලිවලට හා උන් සමග පැමිණ උන් සමගම චුත වෙන මහ උන් සෙට් එක විසින් හිතේ හැටියට උලා කා, තව කාළකන්නියකුට බාර දී ආතල් එකේ මාරු වෙලා යන එකය....

ඒ අනුව දැන් උද්ගතව ඇති තත්වයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ මහ බැංකුවේ පාලනාධිකාරියයි.

කිසිම අවුලක් නැතිව,
ඉතා ඉහළ පොළී අනුපාතයන් ගණුදෙනුකරුවන්ට ලබා දෙමින්,
සේවකයින්ට ඉතා ඉහළ වැටුප් දීමනා හා බෝනස් ලබා දෙමින්,
සෙලින්කෝ සමාගම් සමූහයටම මාතාව වෙමින්,
ලාබදායිව පවත්වාගෙන ගිය ආයතනයක්
අවම තරමින් ඒ තත්වයේම හෝ පවත්වාගෙන යාමට නොහැකිවූ පට්ට ෆේල් පාලනාධිකාරියකින්........?,

සමස්ත රටේම ආර්ථික ප්‍රගතියක් බලාපොරොත්තු වීම කුමන විකාරයක්ද....?

ඔබේ ඉතිරිකිරීම් ගැන සැලකිලිමත් වන්න.
මන්ද සැන්ට්‍රල් බැංකුවේ පාලනයේ තිබූ දෙයට අත්වන ඉරණම මෙය නම්,

අනෙක් ඒවා ගැන කුමණ කතාද..?

16 comments:

  1. සම්පත් බැංකුව කඩා වැටෙමින් පවතින අතර, එහි තැන්පතුකරුවන් සිය මුදල් ඉවත්කරගෙන යන බවට පලවන පුවත් ගැනද අවධානය යොමු කිරීම වටිනේ.

    ReplyDelete
  2. Hi Machang, nice to see you again.

    If TFC is managed by CB, they are responsible for problems. IF CB is unable to manage a pvt company, it should have been handed over to TFC. If CB ruined TFC heads must roll (will this happen in SL?)

    ReplyDelete
  3. හම්මටසිරි මාතලන් බොස්. එහෙනං "ද ෆිනැන්ස්" එකටත් ජය සිරි මංගලම් උනා එහෙනං. ETI සීන් එකටනං මට කිසිම දුකක් නැහැ. මොකද අපේ හරක් ඇවිල්ල සක්විති ලා ළඟ ඉන්වෙස්ට් කල එකේ උන්ට පොඩි ප්‍රසන්ටේජ් එකක් වැඩිපුර දුන්නොත් වකුගඩුවක් හරි විකුණල ඕවයෙ ඉන්වෙස්ට් කොරයි. රටක් හරියට කරගන්න බැරි ඇවුන්, මහ බැංකුව විකුනපු එකේ ආයේ ද ෆිනැන්ස් කියන්නෙ නිකං උන්ට පැටිස් කට්ලට් වගේ. හයියෝ අප්පටසිරි ලංකාව... 😥

    ReplyDelete
  4. ද ෆිනෑන්ස් සමාගම සතු ඉඩම් ප්‍රමානය විශාලයි. ඉඩමක් කියන්නේ සෑම සෑම මොහොතකම මිල යන වත්කමක් .

    ඉතින් ද ෆිනෑන්ස් සමාගමට මේ උන ඉරණම ගැන කණගාටුයි !

    ReplyDelete
  5. රාජපක්ෂ ආන්ඩුවේ පිම්පියකු වූ ජනක රත්නායගෙන් පටන් ගෙන.....

    ReplyDelete
  6. තිබ්බ එකම විශ්වාසය සම්පත් බැංකුව ඒකටත් කෙලවෙනවද?

    ReplyDelete
  7. රාජපක්ෂ ආන්ඩුවේ පිම්පියකු වූ ජනක රත්නායගෙන් පටන් ගෙන......
    ha , ha , haaa

    ReplyDelete
  8. මාතලන්,

    ලලිත් කොතලාවගේ සෙලින්කෝ කොම්පැණි සියල්ලටම කෙලලා ඇරියේ ISIS එක.

    මහින්ද රාජපක්ෂ ISIS එකට සම්බන්ධ විය යුතුයි
    කෙසේ වෙතත් මෙතන හොඳ පැත්තකුත් තියෙනවා. ISIS එක ඉස්ලාම් ආගම කියන්නේ මොකක්ද කියලා ලෝකෙටම පෙන්නලා දෙනවා.

    කිසිම මුස්ලිම් පඬිවරයෙක්ට ISIS එක කරන වැඩ කුරානයට විරුද්ධ බව පෙන්නලා දෙන්න බැරිවෙලා තියෙනවා.

    ReplyDelete
  9. Moody's Investors Service has downgraded the long-term local currency deposit and foreign currency issuer ratings of Bank of Ceylon (BOC), Hatton National Bank Ltd. (HNB) and Sampath Bank PLC (Sampath) to B2 from B1.

    https://economynext.com/Three_Sri_Lanka_banks_downgraded_by_Moody_s_on_political_crisis,_weak_economy-3-12683.html

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මූල්‍ය සමාගම් බුන්වත් වීම සහ පොලු ඉතිහාසය
    ඉතිහාසය හැදෑරීමේදී පැහැදිලිවම පෙනී යන්නේ බැංකු සුද්දය වනචර දශකයේ තවත් එක් දායාදයක් බවයි. වනචර දශකයට පෙර යුගයේ බෑන්ක් රොබරි ගැන ලියැවුනු කතා අල්පය. ලංකාවේ ප්‍රථම මහා පරිමාන බැංකු පොලු කාරයා ලෙස ඉතිහාස ගතව ඇත්තේ බඩී වෙත්තසිංහය’. මහජන මුදල් කෝටි ගණනින් ගසා කා රට පැන්න ප්‍රථමයා මොහුය. බඩී වෙත්තසිංහ යනු ලටෙක් බස් කර්මාන්තශාලාව කොල්ල කෑ ‘රවි වෙත්තසිංහගේ’ පියාය.

    මෑත භාගයේ මූල්‍ය ආයතන කඩා වැටීම ආරම්භ වූයේ ප්‍රමුඛ බැංකුවෙනි . 2002 වසරේදී ප්‍රමුඛ බැංකුව බුන්වත් වූයේය. ප්‍රමුඛ බැංකුවට රොබරිය දුන්නේ එහි ප්‍රධාන විධායක නිලධාරියා වූ රෝහාන් පෙරේරාය. රාජපක්ෂලාගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් විසිකිරීමේ අනුහසින් රෝහාන් පෙරේරා නීතියේ ‍රැහැනින් පලා ගියේය. නමුත් රොහාන් පෙරේරා ගොඩ ගැසූ මුදල් ඔහු අත ‍රැඳුනේ නැත. එංගලන්තයේ සිටි ඔහුගේ දියණිය හෙරොයින් වලට ඇබ්බැහි වූවා ය. රොහාන් සොරකම් කළ මුදල් ඇය කාබාසිනීයා කළේ පොලියත් සමගය.බැසිල් - කොතලාවල විරසකය සහ ඵල විපාක
    2005 මැතිවරණ කටයුතු සඳහා ලලිත් කොතලාවල ගෙඩි පිටින් ලක්ෂ 50 ක් බැසිල්ට දුන්නේය. නමුත් රාජපක්ෂලා බලයට පත්වීමත් සමගම කොතලාවලගේ ව්‍යාපාර ගරිල්ලා ප්‍රහාරයන්ට ලක් වූයේය. මේ පිලිබඳව සාකච්ඡා කිරීමට ඔහු බැසිල් හමුවූයේය. කෙලින් කථාකරන කොතලාවල එහිදී අමුතු කථාවක් කියුවේය. තමා පැමිණියේ මැතිවරණයට දුන් මුදල් මතක් කිරීමට නොව නිදහසේ ව්‍යාපාර කරගෙන යාමේ තම අයිතිය ඉල්ලීමට යයි කොතලාවල කීවේය.

    '' ඔව්, මට ලක්ෂ 50 රනිල්ට ලක්ෂ 100 යි, හිතුවද මම මේව දන්නේ නෑ කියලා'' යි පිළිතුරු දුන් බැසිල්, කොතලාවලගේ ව්‍යාපාරික නිදහස රනිල්ගෙන් ඉල්ලා ගන්නා ලෙස දැන්වූයේය.

    මේ අතර ගෝල්ඩන් කී ආයතනයේ ප්‍රධානියා වූ කාවන් පෙරේරාට මුදල් අව භාවිතා කිරීම පිලිබඳව චෝදනාවක් එල්ල විය. එය සැලවූ ලලිත් කොතලාවල කාවන් පෙරේරාට එරෙහිව පොලීසියට පැමිණිලි කළේය. නමුත් සිදුවූයේ අනෙකකි. රාජපක්ෂලා කොතලාවල අත් අඩංගුවට ගෙන කාවන් පෙරේරා සමග ඩීල් දැමුවේය.

    ගෝල්ඩන් කී ආයතනය ආරම්භයේ දී ඒ තුල රු බිලියන ගණනක කළු මුදල් තැන්පතු විය . ගෝල්ඩන් කී ආයතනයේ තැන්පතු පිලිබඳ විස්තර රටට හෙලි වූයේ නම් එය ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වීමට ඉඩ තිබුනි. අහිංසකයන්ගේ මුදල් වලට වඩා එහි තිබුනේ දේශපාලකයන්, ආගමික නායකයන්, ආරක්ෂක ප්‍රධානීන් හොරකම් කළ මුදල්ය. රාජපක්ෂලා මුලින්ම කළේ මෙම ලැයිස්තුව තම අතට ගැනීම ය. ඉන්පසුව කළු සල්ලි හිමිකරුවන් බ්ලැක් මේල් කළේ ය.

    තැන්පතුකරුවන් කළු සල්ලි සහ බ්ලැක් මේල් කලාව
    ගෝල්ඩන් කී හි මුදල් පියවන්නේ කාගේද, ගල් කරන්නේ කාගේද යන්න තීරණය කළේ රාජපක්ෂලාය. වැන්දඹු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට රාජපක්ෂලාගේ අනුකම්පාව හිමි වීම නිසා තැන්පත් කළ මුදල් ආපසු ලැබුනි. ගාන පොඩි නැත. ගෙඩි පිටින් ලක්ෂ 3000කි. එම ලක්ෂ 3000 උපයා ගත් ආකාරය සුදර්ශනීගෙන් විමසා සිටියේ නැත. නමුත් සුදර්ශනීට ලද අනුකම්පාව අනෙක් තැන්පත් කරුවන්ට හිමි නොවිනි. දෙමළ ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 4100 ක තැන්පතුව කොටි මුදල් යයි චෝදනා කළේය. මුදල් කෙසේ වෙතත් ඔහු ජීවිතය බේරාගත්තේ ද අනූ නවයෙනි. රාජපක්ෂලාගේ ක්‍රමය දන්නා ලක්ෂ 1200 ක තැන්පත් හිමි රේගු නිලධාරියෙකු වාසය කළේ ‘මුදල් මගේ නෙවේ’ ලීලාවෙනි. මිනිසුන් බ්ලැක් මේල් කොට රඳවාගත් මුදල් යලි මහ බැංකුව වෙත ගියේ නැත. ඒවා ගියේ රාජපක්ෂලාගේ එකවුන්ට් වලට ය. නැති බැරි අංහිසකයින්ට ඉතුරු වූයේ වස බෝතලය පමණි.

    ReplyDelete
  12. මූල්‍ය ආයතන මං කොල්ල කෑම සදහා පත් කල කල්ලිය සහ සක්විතිට දුන් සුද්දය
    මුලදී සක්විතිගේ මූල්‍ය ආයතනයට රාජපක්ෂලාගෙන් රාජ්‍ය සම්මාන හිමි විය. ජේ. ආර්.පී සූරියප්පෙරුම , එඩ්වින් ආරියදාස වැනි රාජපක්ෂ බත් ගොට්ටන් එහි අධ්‍යක්ෂකයන් වූහ. නමුත් සක්විති ව්‍යාපාරයේ මූල්‍ය අර්බුදයක සේයාව මතුවන විට රාජපක්ෂලා සුපුරුදු වෘත්තියට බැස්සාහ. රාජපක්ෂලා කළේ අර්බුදයෙන් ගොඩ ඒමට අත දීම නොව කඩා වැටීම ඉක්මන් කෙරෙන තැනට කටයුතු යෙදීමය. මක්නිසාදයත් මූල්‍ය ආයතනයට සුද්දය දිය හැක්කේ එය හොඳින් පවත්නා විට නොව ඈවර කරන විටය . අජිත් කබ්‍රාල් සහ මොහාන් පීරිස් ගෙන් සමන්විත කල්ලියක් මූල්‍ය ආයතන මංකොල්ල කෑම සඳහාම පත් කොට තිබුනි. සක්විති ආයතනය ද්‍රවශීලතා අර්බුදයට ලක්වූ මූලික අවදියේදී මේ කල්ලිය ඔහු බ්ලැක් මේල් කොට කෝටි 400 කට වැඩි මුදලක් කඩා ගත්තේය. සක්විති ආයතනය නියත කඩාවැටීමකට ලක් ලක් වූයේ ඉන් අනතුරුව ය.

    දඬුවම් මුදලාලිගේ මූල්‍ය අධිරාජ්‍ය
    දකුණු පලාත කේන්ද්‍ර කොට ගනිමින් බිහිවූ ද‍ඬුවම් මුදලාලීගේ මූල්‍ය අධිරාජ්‍ය වනචර දශකයේ කොල්ල කෑ තවත් නිල නොවන මූල්‍ය ආයතනයකි. දඬුවම් මුදලාලි කරළියට පිවිසියේ රාජපක්ෂලා ලෝකල් රොබරි දෙන අවදියේදී ය. දඬුවම් මුදලාලි මුල් කාලයේ මාළු දැල් වලට අඬුවම් දැමූ අයෙකි. (ඉරුණු තැන් පිරියම් කිරීම හෙවත් අණ්ඩ දැමීම) අඬුවම් මුදලාලි පසුව දඬුවම් මුදලාලි වූයේය. මුදල් ණයට දීමෙන් මුදල් වෙළඳ පොලට පිවිසි ඔහු කෙටි කාලයක් තුලදී දකුණ, සබරගමුව, ඌව සහ බස්නාහිර ප්‍රදේශ තුල සිය අනසක පැතිරවූයේය. දඬුවම් මුදලාලීගේ ව්‍යාපාරයේ මූල්‍ය වත්කම සක්විතිගේ ව්‍යාපාරයේ මූල්‍ය වත්කම මෙන් දස ගුණයකටත් වඩා වැඩිය. දඬුවම් මුදලාලීගේ ව්‍යාපාරයේ දිග පලල සහ නියම වත්කම් වසන් කළේ රාජපක්ෂලා ය. මක් නිසාදයත් ඒවා කොල්ල කෑවේ ඔවුන් නිසාය.

    දඬුවම් මුදලාලිට කැසිනෝ පුරුදු කළ කපටි ආරක්ෂකයා
    දඬුවම් මුදලාලිගේ මූල්‍ය අධිරාජ්‍යය ගැන කණ වැකුනු නාමල් ඔහු සොයා පැමිනියේය. ඔහු හා මිත්‍ර වූ නාමල් දඬුවම් මුදලාලිට කොළඹ සිරි පෙන්වූයේය. දඬුවම් මුදලාලිට කැසිනෝ පුරුදු කළේ නාමල් විසිනි. දඬුවම් මුදලාලි කැසිනෝවලට ඇබ්බැහි වීමත් සමගම ඔහු මූල්‍ය අර්බුදයකට ලක් වූයේය. එවිට දඬුවම් මුදලාලිගේ කපටි ආරක්ෂකයා වූයේ නාමල්ය. නාමල් දඬුවම් මුදලාලි සහ ඔහුගේ දියණියන් රටින් පිට කළේ ය. නාමල් දඬුවම් මුදලාලිට පිහිට වූයේ ආදරයට නොව වත්ත පුරා වළලා තිබූ වස්තුව කොල්ල කෑමටය. රන් ආභරණ පමනක් නොව නිධන් වලින් ගොඩගත් දඹරන් කිලෝ ගණනක් එහි විය . දඬුවම් මුදලාලී මුදල් තැන්පත් කළේද බැංකු වල නොව වත්තේ පොළොව යටය.

    දඬුවම් මුදලාලි රටින් පන්නා රත්‍රන් වලට දුන් සුද්දය
    දඬුවම් මුදලාලී රටින් පිට කල නාමල් ඔහුගේ වත්ත පුරා වළලා තිබූ රත්‍රන් සහ මුදල් ගොඩ ඇද්දේය. ඒ සඳහා පොළොව යට රත්‍රන් හඳුනාගත හැකි ඉලෙක්ට්‍රොනික මෙවලම් නාමල් ගෙන්වා ගත්තේ ය. රත්‍රන් වළලා තිබුනේ හුංගම කහඳ ගෙවත්තේය . රාත්‍රීයේ වත්ත හාරනවා දු‍ටු ගමේ තරුණයින් දෙදෙනෙකු ඒ පිළිබඳව විමසිල්ලෙන් පසු වූයේය. වළලා තිබූ රත්‍රන් ඩිෆෙන්ඩර් දෙකකින් නාමල්ලා විසින් ‍රැගෙන ගියේය. ගමේ තරුණයින් දෙදෙනා මොටර් සයිකල් වලින් ඩිෆෙන්ඩර් රථ ලුහු බැන්දේය. අහෝ ඒ තරුණයින් නාමල්ගේ ටීම් එක අතින් මරණයට පත් විය. ඒ සමගම කුරුවිට ප්‍රදේශයේ වත්තක ඝාතනය කොට ගිනි තැබු සිරුරක් හමු වූයේය. එම ඝාතනය මෙහෙය වූයේ කැප්ටන් මූර්ති විසිනි. කුරුවිට වත්තේ පිළිස්සුන සිරුර දඬුවම් මුදලාලීගේ යයි ප්‍රකාශ විය. නමුත් සැබෑව වූයේ ඒ වන විටත් නාමල්ලා විසින් දඬුවම් රටින් පිට කර තිබීම ය. ඉන්පසුව දඬුවම්ගේ සල්ලි ඉබේම ගල් විය. දඬුවම් මුදලාලිට සුද්දය දීම වෙනුවෙන් පමණක් සිදු කළ ඝාතන ප්‍රමානය 11 කි.

    මූල්‍ය ආයතන කඩාවැටීමේ ඇත්ත කථාව
    මූල්‍ය ආයතන කඩාවැටීමේ ඇත්ත කථාව හිතනවාට වඩා භයානකය. ගිනී පොලී ගසමින් මහජනයාගේ මුදල් සමග සෙල්ලම් කරන මූල්‍ය ආයතන ප්‍රධානීන් ලක්ෂ ගණනින් වැ‍ටුප් ලබන්නේය. ඇතැම් මාස වල වැ‍ටුපට අමතරව ඉන්සෙන්ටිව් ලබන්නේය. ඇතැමෙක් ලැබීම් වල අතිරික්තයෙන් නයිට් ක්ල්බ් ගොස් කැසිනෝ ගසන්නේය. එය ඇබ්බැහියක් වූ පසු අහිංසක මිනිසුන්ගේ තැන්පතු ටිකද ‍රැගෙන ගොස් කැසිනෝ ගසන්නේය. ප්‍රමුඛ බැංකුවේ රෝහාන් පෙරේරා, සක්විති රණසිංහ , ගෝල්ඩන් කී කාවන් පෙරේරා, දඬුවම් මුදලාලි, ඊ.ටී.අයි එදිරිසිංහලා ඇතුළු සියල්ලන් කළේ ඔය ටිකය.

    කැසිනෝ ඇබ්බැහිය ආයතන වල ''එෆ්.ඩී'' ටිකටත් කෙලීම දක්වා දුර ගිය පසු මුල්‍ය ආයතනයට පොලිසි යාම හැර විකල්පයක් නැති වන්නේය. නමුත් මූල්‍ය ආයතනයක් පොලිසි යාම යනු ඇහැට කනට පෙණෙන ගෑනියෙක් පොලිසි ගියා හා සමානය. දූෂිත දේශපාලනඥයන්, විණිසොරුන්, පොලීසිය වැඩ අරඹන්නේ එතැන් සිටය. එය කෙළවරන්නේ මූල්‍ය ආයතනයට පිහිටක් ලැබීමෙන් නොව ආයතනය බංකොලොත් වීමෙනි. බංකොලොත් ආයතනයෙන් ලොකුම කුට්ටිය කඩා ගන්නේ දේශපාලනඥයන්ය. මෙම ත්‍රාඩ මංකොල්ලයේ වින්දියන් වන්නේ අංහිසක ජනතාව ය.

    ReplyDelete
  13. සම්පත් බැංකුවට මොකද වෙලා තිතියෙන්නේ .දන්නවා නම් කියන්න

    ReplyDelete
  14. අනේ මන්දා කාට කියන්නද? වැටත් නියරත් ගොයම කා නම් කාට කියමිද මේ අමාරුව.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න