.

.

Feb 18, 2019

බස් අනතුර , D S ගුණසේකර හා මග මරුවෝ



කොළඹ ට්‍රැෆික් පොලිස් කාරයෝ ඉසේ කෙස් ගානට හන්දියක් හන්දියක් ගානේ ඉන්නවාය.

ඒත් කොට කොටා යන බස් රථවත්, රේස් යන බස්කාරයෝවත්, හයිපයි වාහනවත් සම්මජ්ජාතියේදී අල්ලන්නේ නැතිය.

උන් අල්ලන්නේ අහිංසක් ත්‍රී වීලර් කාරයෝ මෝටර් සයිකල්කාරයෝ හා පොඩි වාහන ඉතරය.

ඒත් හයි ඉස්පීඩ් වලට නොවේ.

රටේ ජනමතය වන්නේ D S ගුණසේකර බස් දුවන්නේ පොලිසියට ජරාව දීලා කියලාය. ඒ බස් වල යන උන් කියන්නෙ ඒවා යනවා නොව පිඹිනවාය කියලාය.

මාතලන් නම් හැමදාම කියන්නේ මේ රට හදන්න නම්, මේ රටේ විනය හදන්න නම්, අති දරුණු නීතී හා දඩුවම් ඕනෑමයි කියලාය.

ඒ නිසා කොළඹ කාක්කන්ටත් වැඩියෙන් ඉන්නා ටැපික් පොලිස් කාරයෝ පිඹගෙන යන පාරවල් වලට දිවා රාත්‍රියේ දමා,

හයි ඉස්පීඩ් දඩ මුදල වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 25000 ක් කොට, ලයිසම මාස තුනකට තහනම් කොර දමනවා නම්,

රිය අනතුරුවලින් සිදුවන රටේ වටිනා ජීවිත අහිමි වීම අවම තරමින් 90% කින් අඩුවන බවට මෙන්න කැට..

5 comments:

  1. පිස්සු නම් කෙලින්න යෝජනා කරන්න එපා මහත්තයෝ.. රෑ නවය දහය වෙනකං වැඩ කල්ල ගෙදෙට්ට දුවන ටිකට ඉද්ද ගැහුවා වගේ හොල්මනක්වත් නැතුව තියෙන පාර දිගේ පණහට යන්න කියලද කියන්නේ.. සුපියල් විසි පන්දාහක්.. දෙයියනේ.. ෆිනෑන්ස් දාල වාහනයක් අරං පදිනවා කියන්නේ ඒ හැටි අපරාදයක් ද?

    ReplyDelete
  2. මේ බ්ලොගේ තවම ලියනානේ බොලේ. හැබැයි ඕක කරන්න ගිහින් බැනුම් ඇහුව නේද

    ReplyDelete
  3. අපෙ මිනිස්සුම තමයි ඩීඇස් ෆොර්ම් කරේ...ඒ බස් වල ඩැයිවර්ලා කොනදලා හිටාගෙන ඉන්නේ උන් ඇවිත් ඉන්නේ අලිපුකෙන් කියලා...

    ReplyDelete
  4. මහාචාර්‍ය මාතලන්න්,

    රිය අනතුරු වලින් ජීවිත අහිමි වීම සිදුවන ලංකාවේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා වල අනාගතය පිලිබඳ ගැටළුකාරී තත්වයක් පැනනැගී ඇති බව වාර්තා වේ. මෙයට ප්‍රධානම හේතුව වන්නේ අඩු වියදමක් යටතේ වේගවත් හා ගුණාත්මක බවකින් යුත් අන්තර්ජාල සම්බන්ධතා පවත්වාගැනීම සඳහා විදුලි සංදේශන නියාමන කොමිසම විසින් පිහිටවූ NBI (National Broadband Initiative) නම් ඒකකය අත්හිටුවීමට විදුලි සංදේශන නියාමන කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත්ව ඇති XXX විසින් තීරණය කිරීමය.

    විදුලි සංදේශන NBI ඒකකය පිහිටවනු ලැබුවේ 2010 දී එවක ජනාධිපති ලේකම් මෙන්ම විදුලි සංදේශන නියාමන කොමිසමේ සභාපති වූ ලලිත් වීරතුංග විසිනි. 2010 න් පසු වේගවත් අන්තර්ජාල සබඳතා සාධාරණ මිලකට ලබාදීම සඳහා එම ඒකකය විසින් විශාල වැඩකොටසක් සිදුකරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 2012 වසරේදී ලෝකයේම අඩු වියදමක් සහිත අනත්රජාල සබඳතා ලබාදෙන රට ලෙස ජාත්‍යන්තර විදුලි සංදේශන එකමුතුව විසින් ශ්‍රී ලංකාව නම්කොට තිබේ.

    අමෙරිකාවේදී 2014 මෙයට අමතරව අමෙරිකාවේ Akamai Technologies විසින් පැවැත්වූ සමීක්ෂණයකින් අධිවේගී අන්තර්ජාල ලබාදෙන (4 mbps වලට වඩා ඉහල වේගයක් සහිතව) හොඳම රටවල් 50 ට ශ්‍රී ලංකාව ඇතුලත්ව තිබුනේ 47 වන ස්ථානය හිමිකරගනිමිනි. එම ලැයිස්තුවේ 50 වන ස්ථානය ඔස්ට්‍රේලියාවට හිමිවී තිබූ අතර මැලේසියාව 72 වන ස්ථානයත්, චීනය 87 වන ස්ථානයත් ඉන්දියාව 99 වන ස්ථානයත් හිමිකරගෙන තිබුණි.

    බිලියන ගණන් වැයවෙන ව්‍යාපෘති විශේෂඥ දැනුම මගින් රටට ඉතිරි කර දීමට සමත්ව තිබුණ NBI ඒකකය විසින් ලබාගත් මෙම ජයග්‍රහණ පිටුපස සිටියේ එහි ප්‍රධානියාව සිටි සනත් සිරිවර්ධනයි.

    නමුත් විදුලි සංදේශන නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් XXX දෙසැම්බර් 31 වනදා සිට එම ධූරයෙන් සනත් සිරිවර්ධනව ඉවත් කිරීමට කටයුතුකොට තිබේ. ඔහුව එම තනතුරෙන් ඉවත්කොට විදුලි සංදේශන නියාමන ආයතනයේ වෙනත් පිරිස් යොදවා අධිවේගී අන්තර්ජාලය පිළිබඳව වෙනත් කමිටුවක් පිහිටුවීමට සූදානමක් පවතින බවද වාර්තා වේ.

    Summary: ආණ්ඩුව internet වලටත් කෙලින්න වගේ හදන්නේ !

    ReplyDelete
  5. If you cancel the license, then they will find a new driver. The route permit should be deactivated for like 3-months.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න