.

.

Mar 2, 2019

රථ ගාය II - Mad Max II



රථ ගාය - Mad Max

"කොළුවට රථ ගාය" කියා අපේ ආච්චී ඒ කාළේ කිව්වේ, මාතලන්ටත් පොඩි කාළේ රථ ගාය තදටම තිබුන නිසාය. තාත්තාගේ ඇන්ජිම නැති පුස්සගන් එක තාප්පයට ඇන හොඳටම බැනුම් අසා ගත්තේය. මලයාගේ රථ ගායට, රතු පාට ලී කෑල්ලක් දෙහි ඇඹුලෙන් ඌරච්චි කර ගෑ බවත් මතක ඇත. ඒවා ගෑ විට තවත් රතුවේ. ඒත් දෙසරයක් තුන් සැරයක් ගාන විට අර රථ ගාය නැතිවේ.


මදන විසෙත් එක්කම තවත් රථ ගායක් ආවේය. ඒ බයික් ගායයි. අස්වයා වගේ කකුල බිම තියාගන්නත් බැරි ට්‍රේල් බයික් පිස්සුව තදින්ම තිබුනේය. හැම්ලට් උවමනා නැත. ගමටම ඇහෙන්න සද්දේ දාගෙන යන කොට බඩු වැටෙනවාය. ඊළගට බඩුවත් දාගෙන පදිනවාය. හරි ජොලිය. බඩුව ඇඟටම එනවාය. ඒ බයිසිකොල් වල හැටිය. හදපු එකාට පින් අයිති වෙනවාය. වැටුනු බඩුවත් එක්කම, දෙන්නම වැටෙනවාය. එතකොට හොන්ඩා වාට්ටුවට දමනවාය. ඒ කියන්නේ ඇක්සිඩොන්ට් වෝඩ් එකය. ඒ තරමට පුටුං බුංම් හැප්පිලාය.

හොන්ඩා, යමහාට අමතර කෑව හැකි ද වැහි වැහැලා තිබුනේය. මොකක්ද වර්ගේ කියලා ඇහුවාම නොසන්ඩාල එවුන් කියන්නේ හොන්ඩා ජුලෝලා කියාය. අනිත් පැත්තට හැරෙව්වාම කුණුහබ්බයක්ය. බෙල්ල අනික් පැත්තට හරවපු කතාවක්ද ඇත. දන්නෙ නැති උන්ට පස්සේ කියන්නේය. ඊට පස්සේ රෝද හතරේ ගාය ආවෙය. දැන් නම් රථ ගාය නැත. එළවන එකත් මළ වදයක්ය. ඒත් අපට තිබුනු ගාය තියෙන් එවුන් තවමත් පාරේ යන්නේය. හොඳම රියදුරු සම්මානය ත්‍රී වීල් මල්ලිලාටය. පට්ට රියදුරන්ය. හිතෙන තැන යූ ටර්න් ගහනවාය. මල්ලි පමනක් නොව සියල්ලන්ම නිවන් යනවාය.
 
අනෙක් කෂ්ඨිය බයිසිකල් මල්ලිලාය, ලීස් දමා ගන්නවාය. ලූස් වගේ මැද්දෙන්ම යනවාය. අනෙක් රථ අයින් කරන් යනවාය. මහාචාර්ය පදවිය බස් රථාචාර්යටය. කන ගෑවෙන්න වංගු ගත්තේ නැත්නම් හිතට මදි වගේය. උපරිම වේගය හැටය. වංගුව ගන්නේ අසූවටය. ඉස්සරහ බේරූනත් පුක මූනේ වදිනවාමය. හැමෝටම රථ ගායය. ලීසීන් පහසුවෙන් දෙනවාය. ඇප කරුවන් අනවශ්‍යය. ඇල්ටෝවක් ගන්නවාය. බරභාගේ වගේ කොට කොටා යනවාය. අත් දෙකෙන්ම ස්ටියරින් එක බදා ගත්ත ගමන්ය. සීට් කවරත් කඩා නැත. නම පෙරුම් පුරාය.

පොස්ට් එක ලිව්වේ මේ බයිලා කියන්නට නොවේය. හොඳම රථ ගාය ගැන ලියන්නටය. ඒක අමුතුම එකක්ය. යුද්ධය සඳහා කැප වී සිටී බැවින් හා කැප කර සිටි බැවින් ඉවසාගෙන සිටියේය. මහා එකාත් නන්දිකඩාල්වලදි විමුක්තිය ලබාගත්තේය. එත් ගොන් ඇ.මැට්ටලා තවමත් කාටදෝ බයය. යන්නේ ආරක්ෂක රථ පිරිවරාගෙනය. යනවා නොවේය ඉගිලෙනවාය. ඇ.මැට්ටායි ආරක්ෂකයොයි සන් ග්ලාස් දමාගෙනය. ඒ නිසා දවල්ටත් පේන්නේ නැත. උන්ට කොහොමත් ජනතාව පේන්නේ නැත. ඒ නිසා පට්ට දවල්ටත් හෙඩ් ලයිට් දමාගෙනය.ඇ.මැට්ටා ඇතුලේය, ජනතාවට දැකීම අප්පිරියය. ඒ නිසා ආරක්ෂක කෂ්ඨිය අත වනනවාය. අපි නැමෙනවාය. මාරම ආතල්ය. හෝන් ගහනවාය. අත වනනවාය. අපි මැරෙනවාය.

ඊට පස්සේ පොලොවෙන් මතු වූ යහ පාල කෙනෙක් ආවේය. ආපූ ගමන් කහ ඉරෙත් නැවැත්තුවේය. පොර කහ ඉරේ නැවැත්තුවාට ගාඩ් එකේ සෙට්ටෙකක් ඩිෆෙන්ඩරේ ඉගිල්ලිලා යන්න යන් කියා ගිහින්, නිට්ටඹුව  කටුනායක පාරේදි නිවන් ගියේය.

උන්ට මාර්ග නීතී බලපාන්නේ නැතිය. උන්ගේ පුත්තුන්ටත් ලෙඩේ සහලවලාය, මහ උන්ගේ පවර් පොඩි  උන්ටත් අඩු නැතිවම පිහිටලය. එහෙම නැත්නම් උන් දේශපාලන පුත්තු නොවී හුත්තිගෙ පුත්තු වෙනවාය.

කැලෑ අස්සෙ පදුරු අස්සේ ලයිට් කණු පස්සේ ඉන්න ටැපික් කාරයෝ මුන් එනකොට හැංගි මුත්තා හැංගියෝ විදියටම ඉන්නවාය. බැරි වෙලා හරි ඇල්ලුවොත් ඉල්ලගෙනම කන්න වෙනවාය. කොමිසමේ කලසමත් බිමටම වැටෙනවාය.

ඊයේ පෙරේදාත් එකෙක් හැප්පුවේය. පොඩි පහේ එකෙක් නෙමේය, බොරැල්ල ටැපික් පොලිස් එකේ ලොක්කාය. ඒ ඇන්නෙත් එයිටත් වඩා ලොකු පොලිස් ලොක්කෙකුගේ පැටියෙක්‍ ය. ඒ අස්සේ මේවාට විරුද්ධව කතා  කොරන්න හිටපු එකෙකුත් ඇනගෙනය. තා එකෙකුත් ඇනගත්තත් වැඩේ ෂේප් කර ගත්තේ අගතියට පත් උනේ ලැයිට් කණුවක් නිසාය.

ඒ අස්සෙ උසම උස ඇමතියෙකුත් රාත්‍රී මුර සංචාරයේ යෙදී මාලිගාවට සැපත් වෙද්දි මෝටර් බයිසකල් කාරයකුට ඇන්නත්, බිලි බෝයි කෙනෙක් ඩැයිවර් සේ පෙන්නා පොර දිරාමාරු උනේය.

උන් විතරක් නොව බස් කාරයෝද යන්නේ ජම්බෝ ජෙට් වගේය. එකම වෙනස යන්නේ මහ පාරේ වීමය. ඊයේ පෙරේදාත් මාදම්පෙ පැත්තේදි ෆලයිට් එක ලැයිට් කණුවේ වැදි කස්ටියක්ම නිවන් යැව්වත් එයාලා තාමත් යන්නෙ හයි ඉස්පීඩ් එකේමය. ජරාවත් ඒ විදියටම අඩු නැතිවම එනවාය.

අර පොලොවෙන් මතු වෙච්චි හාදයාගේ තියෙන්නේ ටෝක්ස් විතරමය වැඩ නැතිය. ඒ නිසා දැන් හැම එකාම යන්නේ හයි ඉස්පීඩ් එකේමය. එයාලා යන්නේත් එහෙම්මමය. ඇති  වැඩකුත් නැත්තේය. කරපු බඩකඩුත්තුවකුත් නැත්තේය. කරන මළදානයකුත් නැත්තේය. නාන්න යනවා වෙන්නැතිය. ඒ වගත් මෙසේය.

ඔබ සැමට සුබ අනාගතයක්ය...!!!

21 comments:

  1. රතගායට දෙහි ඇඹුලෙන් ගාන්නෙ නැත. රතකල්කය බොන්නට දෙනවාය

    ReplyDelete
  2. රත් හඳුන් දෙහි ඇඹුලෙන් ගාන්නේ පත්තෑ විස බහින්නට නේද?

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙ විසර ගෙඩි හැදිච්චමනං ඔහොම ගානව මතකයි.

      Delete
    2. සෙම්ගෙඩි වලටත් රත් හඳුන් දෙහි ඇඹුලෙන් උරච්චි කරලා බෙල්ල දෙපැත්තේ ගානවා.

      Delete
  3. 'බෙල්ල අනික් පැත්ත හරවපු කතාව' කියන්නේ ඉස්සර කාලේ "චන්දර මාමාගේ සිනා අන්දරය" කොළමේ තිබුන එකද??

    ReplyDelete
  4. බෙල්ල අනික් පැත්ත හරවපු කතාව mh ekakinwath evanna

    ReplyDelete
    Replies
    1. කෙටියෙන් ලියන්නම් මචෝ..

      අපේ උන් හෙල්මට් ඇන්දට බකල් එක දාන්නේ නෑ..

      ලේසියට ජැකට් එක අදින්නේ සිප් එක පස්ස පැත්තට හිටින්න. ඉස්සරහා කවර්... සිප් එක දාන්න ඕන නෑ..

      ඔය වගේ එකෙක් පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා පාරේ වැටෙනවා... ලොකු ඩැමෙජ් එකක් නෑ..

      පොර නැගිටින කොටම ඩෝප් කාරයෙක් එනවා.. අම්මට හුඩු මුගේ මූණ සම්පූර්ණයෙන් අනිත් පැත්ත කැරකිලා.. මොකෝ ජැකට් එකේ සිප් එක තියෙන්නේ පිට පැත්තේ නේ..

      මූ අරු එපා එපා කියද්දි බෙල්ල කරකනවා සිප් එක පැත්තට මූණ එන්න...

      Delete
  5. Onna ohoma manawahari liyapan, diga niwadu ganne nathuwa

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මාතලන් මහත්තයෝ.. 2017 දවසක් මම වැඩ ඉවර වෙලා south Kensington Station එකෙන් උදේ 7 කියන්නෙ busy ම වේලාවෙන් කෝච්චියට තේරපිල නගිනකොට අපිට තිබුනෙ එක seat එකයි. මම ඒත් මට කලින් නැග්ග එකාට ආසනය පුජා කලත් එයා මට ආසනය පරිත්‍යාග කළා කියහන්කො. මම ටික වෙලාවක් ෆෝන් එකේ හොම්බ එබාගෙන ඉඳල ඔලුව උස්සල බලද්දි කාල වරෙන්කො... මට ඒ අවස්තාව උදා කරල මැසෙන්ජර් බැග් එක කකුල් දෙක අස්සෙ හිරකරන් හිටගෙන ඉන්නෙ වෙන කිසිම කෙනෙක් නෙමෙයි "sadiq khan" කියන Mayor of London.

    ReplyDelete
    Replies
    1. එංගලන්තේ... එංගලන්තේ

      Delete
  8. ජහමනගහණය හොඳටම වැඩිය. මේ අන්නැචුරල් කොන්ට්‍රෝල් ක්‍රමයකි

    ReplyDelete
    Replies
    1. ප්‍රා ජේ - අම්මප ඔහේ අමුතුම විදිහට හිතන මනුස්පයෙක්. ඔහෙගෙ කමෙන්ට් වලට මම පට්ට ලයික් හොඳේ..

      Delete
  9. තව වැඩි දොහක් යන්න කලින්ම ජහමනයා මහජනයා වෙළා නීතිය සහමුලින්ම අතට ගනීවී මේ යන විදියට නම්!

    ReplyDelete
  10. අනේ මන්දා අපේම ගොන්කම් දැන් වත් අපිට තේරෙන්න පටන් අරගෙනද????

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න