.

.

Apr 18, 2020

බොත්තම් එබීම හා ඇට දෙක නැතිවීම




මම හිතන්නේ ලංකාවේ යාං හෑලී වැඩියෙන්ම හැදුනේ රණසිංහ ප්‍රේමදාසට.... ඒ කියන්නේ ඔය සජිත් ප්‍රේමදාසගේ තාත්තට.....

උන්නැහෙත් ඒ කාළේ ඔය වගේම ගොන් කතා කියන්න රුසියා...

ඔය සජියගෙ... බොත්තමක් එබුවම ඇටෙන්ඩන් එන කතාවයි..... සනීපාරක්ෂ තුවා හෙවත්.... පෑඩ්ස් හෙවත්.... පැණි අමුඩ නොමිළේ දීමේ කතාවත්.... කිව්වාම හොද යාං හෑල්ලක් මතක් උනත් ඒක ලියන්න වෙලාවක් තිබ්බේ නෑ..... අනික ... හරියට මතකයක් තිබුනෙත් නෑ...

පස්සෙ ඉස්සර බ්ලොග් ලියපු... දැන් මගේ බුකි මිතුරු ඉන්දික උපසාන්තගෙනුත් අහපු විදියට මේකයි කතන්දරේ.....

ඔය ප්‍රේමේ ජනාධිපති උන වෙලාවේ...සිරාට වගේම ලෝකේ හෙන පිලිගැනීමක් තිබ්බා... හේතුව ... සමාජයේ පහළම තැන ඉඳලා රටේ ඉහළම තනතුරට පත්වීමේ හේතුවෙන්....

කොටින්ම ජෝඩුවට ... චාල්ස් ඩයනා මගුලට පවා ආරාධනා ලැබුනා.... එතකොට පොර අගමැති....

ඉතින් ජනාධිපති උනාම ඇමරිකාවේ ජනාධිපති රේගන් මහත්තයාගෙන් ආරාධනාවක් ආවා ධවල මන්දිරේ ඩිනරෙකකට....

කවදා කාපූ ටකරන්ද කියලා නොදන්න අපේ මෑන්..... තිබුන ජාති හැම එකම කෙලලා ඇරියා ඉස්මුරුත්තාවට එනකම්.....

ටික වෙලාවකින් බඩ නිකං කරකවලා වගේ එනකොට..... බැරිම තැන ලොක්කා රේගන්ගෙන් ඇහුවා.... කොයිබෙයි ටොයිලට් එක කියලා.....

රේගන් අඟිල්ල දික්කරපු ගමන් ලොක්කා කඩාගෙන ගිහින් දොර ඇරියා...

හප්පට බොල වහපු කොමඩ්ඩෙකක් තියෙනවා.... අනේ දෙයියෝ බැලුවා වගේ ළඟට ගියා විතරයි පියන ඉස්සුනා.....

ලෝකේ තියෙන ලොකුම බර සැහැල්ලු කර ගත්ත ලොක්කට තරු පෙනුනේ......

 පුක හෝදගන්න බිඩේත් නෑ... බිඩේ ෂවරුත් නෑ... ටොයිලට් පේපරුත් නෑ... හිටගෙන හරි හෝදගන්න ටැප්පෙකක් සින්ක් එකක්කත් නෑ කියලා දැක්කම....

ඒත් සයිඩ්ඩෙකක තියෙනවා ස්විච් බෝඩ් එකක් වගේ එකක්... ඒකේ බොත්තම් හෝ ගාලා.... ඒක හෙමීට බැලුවාම වතුර මලක් වගේ බොත්තම එබුවා...

අම්මට හුටු දාපුවා ෆ්ලෂ් වෙලා... වතුර පාරක් විද්දා පුකට කෙලින්ම උන්ඩුක පුච්ඡ්‍යටම යන්න.... පොරට මාර ජොලි....

ඒකේ දෙපෑත්තේ තියෙනවා එකතු කිරීමේ ළකුණ තියෙන එකකුයි.... අඩු කිරීමේ ළකුණ තියෙන එකකුයි... ඒ දෙකත් ඔබලා ආතල් එකක් ගත්තා...

තේ කෝප්පේ වගේ එක එබුවාම උණ වතුර පාරක් ඇවිත් පුකත් පොඩ්ඩක් පිච්චුනා... ඒ පාර අයිස් කැට තිබුන බටන් එක ඔබලා යාන්තන් ෂේප් උනා....

ඒ පාර ටවල් එක තියෙන බටන් එක එබුවාම.... ටිෂූ එක එක්ක හැන්ඩ්ල් එකක් ඇවිත් පුක පිහදාගෙන ගියා... ඒකේ කිචියට ආයේ දෙපාරක් විතර ඔබද්දි පොර කල්පනා කරා යනකොට මෙයින් එකක් ලංකාවට ගෙනිහින් ජංගම විදියට හදාගන්නෝන කියලා....

ඔක්කෝම කරලා නැගිටින්න කලින්.... මිස් වෙච්චි බටන් එකකුත් තියෙනවා නේ යකෝ කියලා පොර ඒක දිහාත් බැලුවා.... ස්පොන්ජ් කෑල්ලක් තමා ඇදලා තියෙන්නේ බටන් එකේ...

ඕන පුකක් ප්‍රීතී වෙසක් කියලා... ඒකත් එබුවා.... එක පාරට අතක් ඇවිත් මොකක්ද උනා වගේ දැණුනම පොර අත දාලා බැලුවා...

හුටා ඇට දෙකම නෑ....

මේකට ගේම අදින්න ඕන කියලා එලියට ඇවිත් සරම හදන ගමන්.... ආයේ නිකමට දොර දිහා බැලුවා....

බැලින්නම් මේ යකා කලබලේ රිංගලා තියෙන්නේ ලේඩීස් ටොයිලට්ටෙකට....

අර බොත්තම සැනටරි පෑඩ් එක ගලවන බොත්තම....


2 comments:

  1. මට මතක් වුනේ යාලුවෙකුගේ කටේ තියෙන වාදමක්. 'ජලා හුටා - හුකා පරියා!'

    ReplyDelete
  2. This was happened to Sir John Kotalawala at Buckingham palace.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න